2010/03/07

ටොපි කොල හතලි​හේ කතා වස්තුව | පොඩි කාලේ මගේ මොලේ හිරවුනු තව තැනක්

හමුදාවේ ඉන්න කාලේ මට වෙච්ච කතා ලියන අතරතුරෙදී මට හිතුනා මං පොඩ් එකා කාලේ වෙචිච සිද්ධි ටිකකතුත් කියලා දාන්න ඕනි කියලා.

බොහොම ඉස්සර කාලේ මගේ පූංචිම කාලේ මගේ ලොකෙ පිරිලා තිබුනෙ තනිකර ප්‍රශ්ණ වලින්. මොන දේ කෙරුවත් මොන දේ බැලුවත් හැමදාම මට ගනන් කර ගන්න බැරි තරම් ප්‍රශ්ණ ගොඩාක් විසදගන්න බැරුව ඉතිරි වෙනවා! එහෙම විසදගන්න බැරිඋනු ප්‍රශ්ණයක් ගැන මම පහුගිය දවසක කිව්වා. ඒක කියොල නැත්තං මෙතනිං ඒක කියවන්න පුලුවං.

මේ සිද්දිය උනේ මං ඉස්කෝලෙ තුන වසරෙ ඉන්න කාලේ.

කතාව කියන්ඩ කලිං අත උස්සන්ඩ බලන්ඩ පොඩි කාලේ ටෝපි කන්ඩ අකමැති වෙලා හිටපු අය ?

මම නං පොඩි කාලේ ටොපි කන්න මාර ආසයි. ඔය ටොපී නිසා මට පොඩි කාලේ සෑහෙන අකරතැබ්බ ගොඩකට මූණ දෙන්න වෙලා තියෙනවා. මේ තියෙන්නනෙ ඒවලින් එකක්.

මම තුන වසරෙ ඉන්න කාලේ මගේ ටෝපි ලොකේ රජ කරගෙන හිටියෙ ''යමී'' කියලා ටොපී ජාතියක්.

ඔය ටොපී කම්පැණියෙන් ඒ දවස් වල තරගයක් තිබ්බා. යමී ටොපි කොල හතලිහක් එවලා තෑගී දිනා ගන්න කියලා.
ඔන්න බොලේ මම කාපු ටොපී කොල වලටත් වටිකනමක් ඈවිත්. මම තාත්තට මම කාපු ටොපි වල කොල දීලා තරගෙට දැම්මා.

කාලේ ගෙවිලා ගියා. මට තරගෙ අමතක උනා.

හැබැයි, එක දවසක් උදේ ඉස්කෝලෙ ගිය වෙලාවෙ මගේ පන්තියේ යාලුවො දෙන්නෙක් ඈවිත් '' අන්න ඔයාට ලොකු මහත්තයා එන්න කිව්වා. (ඒ කාලේ අපි ප්‍රින්සිපල් සර්ට කිව්වෙ ලොකු මහත්තයා කියලා). උන් දෙන්නා හොදටම බය වෙලා. ​ලොකු මහත්තයා එන්ඩ කියන්නේ ඉතිං මොකක් හරි නඩුවක් විසදන්නනේ. මමත් හොදටෝම බය උනා. ඈයි බොලේ මටවත් මතක නැති මං කරපු වැරැද්ද මොකද්ද කිලා හිත හිතා මම ඔපිස් එකට ගියා.

මොනවා............ වෙනදට යකා වගේ ඉන්න අපේ ලොකු මහත්තයා කටේ ඉතුරුවෙලා තියෙන දත් ඔක්කොම මට පෙන්න හිනා වෙලා ඉන්නවා.

මම ගිහිං සර්ගෙ මේසෙ ගාව හිටගත්තා,

''පුතා..... මොකක් හරි ටොපි තරගෙකට ටොපි කොල යැව්වද?''

අනාතයි. අපේ ලොකු මහත්තයා කියාලා තියෙන්නේ ටොපී කනවා දැක්කොත් පස්ස පැත්තෙ හම වේ වැලට එනකං වේ වැල් පාර දෙනවා කියලා. එහෙම තියෙද්දි මං ''ඔව්'' කියන්න යෑ. මම ලොකු මහත්තයා දිහා බලන්නැතුව එයාගෙ මෙසෙ උඩ තියෙන ලෝක බෝලේ තියෙන රටවල් හෙව්වා.

''පුතාට ඒකෙන් සැනසිලි තෑග්ගක් ඈදිලා තියෙනවා. මේ මහත්තයා ඈවිල්ල ඉන්නෙ ඒක පුතාට දිලා යන්න.''

මහත්තයත් එයාගේ තියෙන දත් ඔක්කොම එලියට දාං මං දිහා බලං ඉන්නවා. මට එයාගේ දත් වලින් වැඩන් නැති හින්දා මගේ තෑගී දිහා බැලුවා. ශා........... සීල් කරපු ඉටි බෑග් එකක දාපූ කහම කහ පාට ටී ෂර්ට් එකයි නිල්ම නිල් පාට කැප් එකයි. මාරයි මේ ඔක්කොම මටද කොහෙද?

''අනේ පව් මේ මහත්තයා කොළඹ ඉදං ඈවිල්ල ඉන්නෙ මට තෑග්ග දීල යන්නමද කොහෙද?''
මම ඉක්මනට මහත්තයා ගාවට ගියා.

''පුතා දැං යන්න. අපි තෑග්ග, ඉස්කෝලේ පටන්ගද්දි තියෙන රැස්වීම වෙලාවට දෙන්නං'' ලොකු මහත්තයා කියපි.

එතන ඉදං රැස්වීම පටන් ගන්නකං මට හිතන්න ගොඩක් දේවල් තිබුනා.

එක ටොපියක්වත් කන්ඩ එපා කියලා තියෙද්දි ටොපි හතලිහක් කෑවා කියලා ලොකු මහත්තයා දැන ගත්තොත් මගේ හම රැස්වීම වෙලාවෙදීම වෙවැලට ගන්නවා ශුවර්. ඒත් ඉතිං ටොපී කෑවෙ නෑ කිව්වොත් අර මහත්තයා මගේ තෑගි ටිකත් අරං යන්ඩ යයි. මගේ මොලේ ආයෙත් හිරඋනා.

රැස්විම පටන් ගත්තා.

ලොකු මහත්තයායි අර ටොපී මහත්තයයි දෙන්නා අපේ ඉස්කොලේ අනිත් සර්ල මිස්ල අතරිං ඈවිත් අපිට ඉස්සරහිං තියෙන රතු තීන්ත ගාපූ සිමෙන්ති ස්ටේජ් එකට නැග්ගා.

අදනං මුලු ඉස්කොලේම ඉස්සරහා මගේ සායම විතරක් නෙමේ හමත් ගැලවෙන වැඩක් වෙන්නයි යන්නේ. මේ ටොපී මහත්තයත් මෙ මගුල උස්සං ඉස්​කෝලෙට ආවෙ මොකද මන්දා. මම තරගෙට දැම්මෙ ගෙදර ඉදලනේ!

'' අද අපේ ඉස්කොලෙට විසේස දවසක්........ කියලා අපේලොකු මහත්තයා කතාව පටං ගත්තා. ඊට පස්සේ එයා මොන මොනවද ගොඩාක් කියනවා මම දැක්කත් මම හිටියේ,
''ටොපී කෑවා කියලා තෑගි අරං හම නැතුව ගෙදර යනවද? නැත්තං ටොපී කෑවෙ නෑ'' කියනවද කියන දෙගිඩියාවෙන්.

''අන්න ඔයාට කතා කරනවා'' කොල්ලෙක් මාව තල්ලු කරපි.

මම ඉස්සරහට ගියා. කකුල් හරිම බරවෙලා නොවැ. එක කකුලක් උස්සලා අනික තියන්න හරිම අමාරුයි. ඒත් කොහොම හරි නැග්ග ස්ටේජ් එකට. නැගල ළමයි ඉන්න පැත්තට හැරුනා. බුදු අම්මෝ අපේ ඉස්කෝලෙ ඉන්න ළමයි ගොඩ. අපේ පන්තියේ ළමයි විතරක් නෙමෙ මුලු ඉස්කෝලෙම ළමයිනුයි, සර්ල මිස්ලයි, ඔක්කොම මා දිහා බලං ඉන්නවා. මගේ මොලේ ආයෙත් හිරවෙන ගතියක් ආවා.

ටොපී මහත්තයා, ලොකු මහත්තයා දිහා බලල '' අරක අහන්ඩ'' කියන බැල්මක් දැම්මා.

ලොකු මහත්තයා,
''පුතා කියන්ඩ බලන්ඩ මේ ටොපි කොල හොයා ගත්තෙ කොහෙන්ද කියලා?''

මට තෑග්ගත් ඕනෙ මගේ හමත් ඕනෙ,
'' අපේ තාත්තා විට්ටර් අංකල්ගෙන් ටොපි කොල වගයක් ඉල්ලං ඈවිල්ල තරගෙට දැම්ම'' මම ටිකිරි බොරුවක් කිව්ව.

මගේ කතාවෙන්, උදේ ඉදං ටොපී මහත්තයාගෙ කට පුරා තිබිබ හිනාව එක පාරටම අඩු උනාද කොහෙද?

ටොපී මහත්තයා ආයෙත් ලොකු මහත්තයා දිහා බැලුවා.

ලොකු මහත්තයා ''එතකොට ඉතුරු කොල ටික හොයාගන්න ටොපී කෑවා නේද පුතා'' කියලා ආදරෙන් මගේ පැත්තට බර වෙලා ඈහැව්වා.

වැඩිහිටියන්ට බොරු කියන එක නරක පුරුද්දක් නිසා මම ''ඔව්'' කියන්න ගියත්, ඒ වෙන කොටත්, '' නෑ ලොකු මහත්තයා. මං ඒවා විට්ටර් අංකල්ගේ කඩේ මිදුලෙන් අහුලගත්තා'' කියලා මටත් වඩා තෑගි වලට ආසාවෙන් හිටපු මගේ කට කියලා තිබුණා.

එක පාරට මුලු ඉස්කෝලෙම දෙදරන්න, ළමයිනුයි, මීස්ල සර්ලයි, ලොකු මහත්තයයයි හිනා වෙන්න ගත්ත. මමත් ​හරිහමං හේතුවක් නොදැන ඔහේ හිනා උනා. ඒ හිනාවට මගේ මොලේ හිරවෙච්ච ගතියත් අඩුවෙලා ගියාද කොහෙද?

ඒ එක්කම මම ටොපී මහත්තා දිහා බැලුවා. එයා ජයසිරි අයියා ලග ඉන්න කොමොන් පරෙයියෙක් වගේ, තෑගිත් අතේ තියාගෙන, දත් ටිකත් එලියෙ දාගෙන ලොකු මහත්තයා දිහායි සර්ලා මිස්ලා දිහායි ඔලුව හරෝ හරෝ බල බලා ඉන්නවා මං දැක්ක.

මම හිතන්නෙ ඔයාලටත් මේ වගේ මොලේ හිරවෙන කේස් ඕන තරං වෙලා ඈති. එහෙම එකක් මතක් උනොත් ඔය පහලිං ලියන්ඩ මටත් කියවන්න. :)
















36 ක් කියන්නේ !:

  1. හපොයි උඹ වගේ එකෙක්.............:D :D :D

    ReplyDelete
  2. දැන් අත පාත දාන්නද ? :D

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. athi wennama hina wenna puluwan katha oya liyanne. mata okkoma mawilama penuna.

    ReplyDelete
  5. uba maara kollekne . . . dan vitarak nemei ea kaleth uba ela buwek neda?? hik hik

    ReplyDelete
  6. කියලා වැඩක් නෑ. නියම කතාව. පොඩිකාලේ කරමු ඇම්බැට්ට වැඩ මතක් වෙලා දැං නං හිනා තමා. ඒත් ඒ වෙලාවටනං දතකට පූට්ටු වෙලා නේ ඉන්නේ...

    ReplyDelete
  7. "Ee thoppiya mage athin nethi unada koheda" bro ge mole hirawena tharamata apita hinawuneki... BUHA....

    ReplyDelete
  8. ඉතින් තෑග්ග හම්බ උනාද නැත්තං ඒක ආපහු අරං ගියාද ?

    ReplyDelete
  9. හෙහෙහෙ..මරු සීන් එක. ටොපි මහත්තයට හිතුනද දන්නෙ නෑ තෑග්ග දෙන්න ආවෙ අපරාදෙ කියල.

    ReplyDelete
  10. මුනම් ඇම්බැට්ටයෙක්ද කොහෙද? නැත්නම් අර මිනිහගේ මාකටිං පාරට කෙලවන්න මුට කොහින්ද හයියක් ...
    [යන්තම් නම වෙනියා]

    ReplyDelete
  11. හෙහේ.. මාර කේස් එක. සිරාවට තෑග්ගට මොකද උනේ? "ලොකු මහත්තයා"පස්සෙ මොනවත් කීවෙ නැද්ද?

    ***

    මචෝ,

    උඹ මගේ බ්ලොග් එකකට ලින්ක් එකක් දාල තියනව "බුද්ධජීවගේ සිංහල අඩවියට" කියලා. හැබැයි ඒක ලින්ක් කරලා තියෙන්නේ දැන් මම පාවිච්චි කරන්නෙ නැති පරණ බ්ලොග් එකකට. මගේ දැන් පාවිච්චි කරන බ්ලොග් එකේ එඩ්‍රස් එක http://blog.budhajeewa.com . තව මේ මගේ නම "බුද්ධජීව" නෙවේ හොඳේ, "බුධාජීව".

    ReplyDelete
  12. මදැයි ටොපි කොල වලින් තෑගි දිනන්න ගිහින් වෙච්චි දෙයක්.....
    සමනලීත් පොඩි කාලේ ටොපි කන්න හරි ආසයි... ටොපි සම්බන්ධයෙන් සමනලීටත් උනා පොඩි පහේ අකරතැබ්බයක්.. සමනලී 2 වසරේ ඉද්දි දතක් නරක් වෙලා පුරවන්න කියලා ඩෙන්ටල් එක්කන් ගියා අම්මා.. ඕවට සමනලී පණ බයයි! අඩලා දොඩලා මරහඩ දීලා එහෙම අමාරුවෙන් දත පිරෙව්වා. දැන් වැඩේ ඉවර උනාටත් පස්සේ සමනලී ඔරවාගෙන ඉන්නේ දත පුරෝපු ඇන්ටිට. එයත් ඉතින් සමනලීව යාලු කරගන්නයි සමනලීට අවවාදයක් දෙන්නයි හිතාගෙන කිව්වා "දත් නරක් වෙන්නේ පැණිරස කෑවම.. මගේ හොද දුව එහෙම පැණිරස කන්නේ නෑනේ නේද?" මේ මොන විකාරයක්ද? කාටද ටොපි නොකා ඉන්න පුලුවන්?? "මම ටොපි කනවා" සමනලී කේන්තියටත් එක්ක කීවා. යාලු කරගන්න ගිහින් තවත් තද උනාද මන්දා කියලා හිතලා වෙන්නැති ඒ පාර ඇන්ටි ඇහුවා "අනේ ඇත්තද? ඉතින් කවුද දුවට ටොපි ගෙනැත් දෙන්නේ?" අන්න එහෙම එන්නෙපැයි ඇන්ටි..
    "අම්මා" කියලා සමනලී කීවේ පොඩ්ඩක් හිනාවෙලා. "ඒකනේ අම්මා තමයි දත් නරක් වෙන ජාති ගෙනත් දීලා මෙහෙම උනේ, ඒ නිසානේ ඇන්ටිට දූට රිද්දන්න උනේ..." කියලා ඇන්ටි ෂේප් උනා සමනලී එක්ක. හැබැයි ආපහු ගෙදර එන ගමන් සමනලී අම්මාගෙන් අහගත්තා මදි නොකියන්න. නිකම් නෙවෙයි තර්ජනයක් එක්කම... "ආයේ ටොපි එහෙම ඉල්ලුවොත් බලාගෙනයි අම්මාගෙන්...!!!!"

    ReplyDelete
  13. හිඃ හිඃ... මට නම් තාමත් හිනා. ටිකිරි මොලේ නම් මරු. මට කථාව මැවිලා පෙනුනා. පොඩි කාලේ හරි සුන්දරයි. මමත්නම් ටොපි රැජිනක් පොඩි කාලේ. මරු කථාව..

    ReplyDelete
  14. ඔය ටී ෂර්ට් එකක් දෙන්න ඔච්චර දුර එන්ණ ඕනැද? අනික ඉස්කෝලෙට? යමී ටොෆිකාරයින්ගේ වෙඃඳ උපායට අහුවුනු ලොකු මහත්තයා මුළු ඉස්කෝලෙම ළමයින් ව අමාරුවෙ දාන්නයි ගියේ.
    අනික ලොකු මහත්තය ගෙ කතාවෙන් පේනෙ පොරත් සේල්ස් රෙප් කෙනෙක් වගෙයි.
    බුද්ධිගේ - බොරු කිව්වා වුනත් - බුද්ධිය නිසා සෑහෙන පිරිසක් බේරුණා.
    උඹට පව් නෑ බොරු කිව්වට!

    කතන්දරකාරයා

    ReplyDelete
  15. හික් එල....තැග්ග දෙන්න ආපු එකාට එපා වෙන්නැති මොකටද උබට තැග්ගක් දෙන්නේ කියලා...මැන් බලන් නැත්තේ පොඩි එකාට කියලා මාකටින් පාරක් දාගන්න.අනේ මිනිහට වෙච්ච දෙයක්....
    ඒ වගේම මතකද ඔය යමි ටොපි කොල අඩියක් දිගට ඇදලා දුන්නොත් තැගි දෙන කථාවත් ගියා.ඒ දවස් වල අපි ටොපි කනවට වඩා කොල අදිනවා.
    උබ මරු බන් අපි ආයිමත් පොඩි කාලේට අරන් ගියා.

    ReplyDelete
  16. චතුරංගයෝ, කාලෙකට පස්සෙ ආයෙ ඈවිල්ල තියෙන්නෙ!.
    .........................................
    තර්ඩ්මෑන්,පාත දාපං! පාත දාපං. උඹ උස්සං හිටියේ මොන අතද? කී බෝඩ් අතද? මවුස් අතද?
    .......................................
    චේජනා, ඔයා සයිබර් යායට අලුත් නේ? මං පෙබරවාරියෙ ලියපුව වගේකුත් ඈති. ඒවත් කියවන්න.
    දිගටම එන්ඩ.
    ....................
    දුකා, පොඩිකාලේ ඉදං මට කේස්මයි බං. ඒත් එහෙම උනු එක හොදයි කියලා දැං හිතෙනවා. ඒවා එක එක මතක් කරලා දැං ලියන්ඩ පුලුවන්නේ.
    ......................
    යෝගියො,ඔයත් සයිබර් යායට අලුත් මගේ මතකෙ හැටියට. උඔ කියන්නා වගේ දැං හිනා උනාට ඒ කාලේ නං පූට්ටුම තමා.
    ................
    Xiao_Shuයො, නැති කෙරැවා නේන්නං අපි දෙන්නා තාත්තාත් එක්ක බයික් එකේ එද්දිනේ ඕක නැති උනේ.
    ...........................
    තරිදු මල්ලි, මිනිහා අන්තිමට එයාගෙ අතින්ම තෑග්ග දීලයි ගියේ.
    ...........................
    Ravenට, අනිවා, මගේ ටෝක් එක හන්ද මිනිහා අනාත වෙලානෙ හිටියේ!
    ...............................
    වාප්, යන්තම් නම වෙනියාට හරි සයිබර්යායට ආපු එකට මගේ ප්‍රණාමය! මේ දවස් වල උඔට නින්දක් එහෙමත් නෑ කියලා උඔගෙ බ්ලොගේ තිබුනා මම දැක්කා!
    .........................
    බුධාජීව, ලොකුසර් පස්සෙ මට හොදයි කිව්වා. මිනිහත් ඒ වෙලාවේ ටොපියගේ මාකටිං පාරට හිර වෙලා ඉන්න ඈත්තෙ.
    ****
    හරි, බුද්ධජීව හො.. හෝ .. වැරදුනා, බුධාජීවනේ! මං උබේ එබ්ලොග් එකට අලුත් පාර කපන්නං.
    .............................
    සමනලී, කෝ ඔයා ටොපි කන කෙනක් නං. මම මුලිං කියපු වෙලාවෙ අත උස්සං ඉන්ඩ එපැයි?
    ......................
    හිපෝ, ෆිට් තමා, ඔයා දැම්මෙ නැද්ද ''යමී ටොපී තෑගි තරගෙට''?
    ...................
    කතන්දරකාරයෝ, සමහරවිට ''ලොකූත්'' ටෝපී මහත්තයගේ බාසාවට ඈඔරුනාද දන්නෙ නෑ නේද?
    මටත් හිතුන පස්සෙ ඔය කේස් එකට නං මට පව් ෆයිල් වෙන එකක් නැති වෙයි කියලා.
    ........................
    සසිකයෝ, මං උඔ එනකං තමා හිටියේ, ඒක පස්සේ.
    මමත් ටොපී කොල ඈදලා තියෙනවා ඈති වෙන්ඩ. ඒත් එකක්වත් අඩියක් ඈදුනේ නෑ මට මතක හැටියට.
    ඒක නෙමෙ මෙතෙන්ට ගිහිං බලපං උඔ ඉන්නවද කියලා
    http://cyberyaya.blogspot.com/2010/03/blog-post.html

    ReplyDelete
  17. තෑග්ග හම්බ උනාද?
    නියම කතාව.
    :D

    ReplyDelete
  18. දැං ඉතිං තෑග්ග හම්බුනාද, අතට හෝ තට්ටම් හරහා?

    ReplyDelete
  19. Ansh Lucky Sri Jay ටයි änthräX, මිනිහා අන්තිමට එයාගෙ අතින්ම තෑග්ග දීලයි ගියේ. ටී එක ජරාවක්. හැබැයි කැප් එක නං පට්ට. ඒක අපේ නංගි නැතිකරනකං අලුත් පාටට තිබුනා.

    ReplyDelete
  20. එල කතාව. කොහොමද ටිකිරි මොලේ..

    ඉස්සර අපිටත් තිබුනා ටොපි කොල පිස්සුවක්. බන්ටි ටොපි කොලේ අඩියක් දිගට ඇද්දොත් තෑග්ගක් දෙනව කියල කතාවක් තිබුනා. ඒක ඇත්තද බොරුද දන්නෙ නෑ. ඒත් අපි ටොප් කකා පණ දාගෙන ඇද්දා. ඒත් කවදාවත් අඩියක් දුරට අදින්න බැරි උනා.

    ReplyDelete
  21. shik kethai hode.......
    toffi kanna witharamada issara idala pereta.
    mata hitennenam thamuse mahama maha perethayek kiyala.

    ReplyDelete
  22. බන්ටි කොලේ අදිද්දි ඒක අඩිය කිට්ටුවටම ගිහිං ''හුටස්'' ගාලා කැඩිල යනවා අපේ බලාපොරොත්තු සුන් කරගෙන නේද බං!
    ..................
    සකියා, ස්තුතියි මාව අගය කලාට. දිගටම මේ පැත්තට එක්ඩකො.

    ReplyDelete
  23. ඔය බන්ටි කොලේ සීන් එක මමත් පොඩි කාලේ කොරලා තියනවා.. අඩියක් තියා අගලක්වත් ඇදගන්න නම් බැරිවුණා..

    මොනවා වුනත් බුද්ධි සහෝදරයා මාර පිස්සුනේ කෙලලා තියෙන්නේ.... හික් හික් (ලොල්)

    ReplyDelete
  24. ළමයෝ, බලද්දි ටොපී මාමල අපි ඔක්කොමලව දන්දලාද කොහෙද අපි පොඩිකාලේ? නේද...

    ReplyDelete
  25. ඔන්න මම නං අත ඉස්සුවෙ නෑ.........
    මොකද මම පොඩි කාලෙ ඉඳලම ටොපි කන්න කැමති නෑ
    හේතුව මොකක්දනං දන්නෑ (ඒත් දැන්නං මරුඒවතත් එක්ක මරු ටොපි හම්බෙනවා :D )
    ආ තව දෙයක් මමත් පොඩි කාලෙ ඉඳලම ඔය වගේ තරඟ වලට එහෙම කොච්චර දැම්මත් කව දාකවත් ඒවගෙන් කිසි දෙයක් ලැබිල නෑ අද තව වෙනකල්.....
    මට ඔය ලැබෙනව කියල කියන දේ වලින් මේ දක්වා ලැබිල තියෙන්නෙ උබුන්ටුCD විතරමයි.....

    ReplyDelete
  26. සහන් උබුන්ටු සිඩි කියන්නෙත් වින්ඩෝස් කාරයන්ට දුන්නු හොද ටොපියක් තමා. නැද්ද?

    ReplyDelete
  27. aiyo adath apita mukuth nedda. life eka boring
    apppa somiyata mona hari dennako.....

    ReplyDelete
  28. "කතාව කියන්ඩ කලිං අත උස්සන්ඩ බලන්ඩ පොඩි කාලේ ටෝපි කන්ඩ අකමැති වෙලා හිටපු අය ?"

    මම අත ඉස්සුවේ ටොපි කන්න කැමතිනැති නිසා. :P

    ReplyDelete
  29. හික්ස්.
    මමනම් පළා යනව ඔහොම වුනොත්.

    මම නම් චූටි කාලෙ ඉදන් තාමත් ටොපි කනව. මේ comment එක දාන්නෙත් center shock එකක් හපන ගමන් :D . මමත් 5 වසරෙ කාලෙ එහෙම ටොපි කනව මදි නොකියන්න. කොයි වෙලාවෙ බෑලුවත් සාක්කුවේ ටොපි 5 කට වඩා තියනව . :) පොඩි කාලෙ ඉදන් එකටු කරපු හෑක්ස් ටොපි කොල අලි බෝතලයක් පුරවල තාම තියනව. මම හිතන්නෙ ටොපි කොල 500 කට වඩා ඈති.
    ඒ කාලෙ හිටපු යාලුවො එහෙම තාම meet වුනහම අහන්නෙ "උඹ තාම ටොපි කනවද" කියල

    හෙහ් හෙහ් හෙහ් :D

    ReplyDelete
  30. ශාන් සදරුවන්, අදනේ දැක්කෙ උඔගෙ වැඩ. මගෙම ජාතිය හෙ:D

    ReplyDelete
  31. මින්දුල, ස්තුතියි ආවට

    ReplyDelete
  32. හික්ස්. :)
    නියම ටොපි කතාව.

    ReplyDelete
  33. හිකිස්ය.. ටොපි මහත්තයට බඩ පලා ගන්ඩ හිතෙන්ඩ ඇති.. තෑග්ග හම්බුනෙයි ?

    ReplyDelete
    Replies
    1. තෑග්ග හමුඋනාදදත් අහනවා. ගෙඩිය පිටින් දිලා ගියේ.... ටී එක නංගිට දුන්නා. කැප් එක නං කාලයක් පාවිච්චි කලා. හොඳ රෙද්ද. ඒතක් දවසක නංගි නැති කලා.!

      සෙන්නා දන්නවද නිවැරදිව රාජකාරිලියුමක් ලියන්නෙ කොහොමද කියලා. ඒතක් ඔහොම යද්දි ඉගෙන ගන්න පුලුවන් වෙයි. ස්තුතියි.

      Delete

ඔබේ පංගුව...

Related Posts Plugin for WordPress, Blogger...