බොහොම ඉස්සර කාලේ මගේ පූංචිම කාලේ මගේ ලොකෙ පිරිලා තිබුනෙ තනිකර ප්‍රශ්ණ වලින්. මොන දේ කෙරුවත් මොන දේ බැලුවත් හැමදාම මට ගනන් කර ගන්න බැරි තරම් ප්‍රශ්ණ ගොඩාක් විසදගන්න බැරුව ඉතිරි වෙනවා කියලා ඔය මං ලියපු කතන්දර කියෝපු අය දැං හොදාකාරවම දන්නවනේ.
ඒ කතා කියෝපු අයටයි මේ අලුත්ම සිද්දිය කියන්නෙ.
එදා මං කිව්ව කදිර පෝතක කතා වස්තුව කියෝපු සිරිබිරිස් (සිරිබිරිස්ගෙ Link එක හොයාගන්න බැරි විය.) නං බලං ඉන්නෙ මං අර පුදුම පේර ගහේ කතාවයි, වාලි මුදලාලිගේ පියන් දෙකේ ගේට්ටුව ගැනයි කියන්නෙ කවදද කියලලු! ඒ කතාව ලගදීම කියනවා.
මකර රජදහනේ මකර අධිරාජ්‍යයා චානක දාලා තිබුණු කමෙන්ට් එකක් හින්දා මට අමතක වෙලා තිබුණු තවත් කතන්දරයක් මතක් උනා. ඔන්න ඒ කමෙන්ට් එක නිසා මතක් වෙච්ච කතාවත් මම මගේ මතක ගබඩාවේ තැන්පත් කරගත්තා පස්සෙ දවසක කියන්න.
හරි ඔන්න අද කතාව.
මේකත් ඉතිං ඔය දෙයියො නිකං දුන්නු අතපය තොසන්ඩාල වැඩකට පාවිච්චි කරන්න ගිහිං වෙච්ච ඈබැද්දියක්.
ඔයාලට මතක ඈතිනේ චාලි මුදලාලි අපිටම කියලා හදපු පියන් දෙකේ ගේට්ටුව. ඔය පියන් දෙකේ ගේට්ටුවට අමතරව අරුම පුදුම දේවල් ගොඩක් චාලි මුදලාලිගේ වත්තෙ තිබුනා. ඈත්තමට ඒක වත්තක් නෙමේ අපිටම හදපු පාරාදීසයක්.
චාලි මුදලාලිගෙ වත්තෙ තිබුනු දේවල් වලින් විල්බට් මාමගේ ගෙදරත් විශේෂ තැනක් ගත්තා. විල්බට් මාමා තමා චාලි මුදලාලිගේ වත්ත බලාගන්නෙ. එයාලගේ ගේ ලගම තියෙනවා ජයසිරි අයියගේ පරෙවි කූඩු ටික. මතකනෙ ජයසිරි අය්යව. ජයසිරි අයියා විල්බට් මාමගේ පුතා. විල්බට් නැන්ද ජයසිරි අයියගෙ අම්මා. අර මං එදා කිව්ව නැග්ගහම ඉබේම හෙලවෙන පේර ගහ පිහිටලා තිබ්බෙ ඔය ඔක්කොටම ඉස්සරහින්.
ගුගල් කාරයෝ ගුගල් අර්ත් හදන්න හිතන්නත් කලිං මං චාලි මුදලාලිගේ අක්කර දහයේ පොල් වත්ත මගේ හිතේ සිතියම් ගත කරගෙන හිටියා. ඒක තමයි ඔය පහලිං තියෙන්නෙ.
හරියටම කියනවනං ඔන්න දැනුයි කතාව පටන් ගන්න යන්නෙ.
මම පුරුදු විදිහටම වාලි මුදලාලිගේ පාරාදිසෙ පැත්තෙ ගියේ, ඉස්කෝලෙදි කතා කරගත්තු විදිහට, වාලි මුදලාලි ආදරයෙන් හදා වඩා ගන්න කෙසෙල් කොරටුව අපේ සේවුඩ් වනාන්තරේ හැටියට පරිස්සමින් පාවිච්චි කරල, අන්තිමට බලපු රොබින් හුඩ් කතාව අයෙත් ඈට් කරන්න හිතාගෙන.
කෝ ඉතිං තාමත් සේවුඩ් වනාන්තරෙට යන්න මගේ අනිත් සගයො නැහැ නොවැ.
මම කොහේ ගියත් යන්නෙ මගේ ගුඩු පොල් වෙහිකල් එකෙන්. ඒ කියන්නෙ ගුඩු පොල් කරත්තෙන්. ඒක තාත්තා හදලා දුන්නෙ ගුඩු පොල් ගෙඩි දෙකකින්. ඒකේ මැද පොල්ලට විට්ටර් මාමගේ කඩෙන් ඉල්ල ගත්තු හිස් සුරුට්ටු පෙට්ටියකිං මම ඩිකියක් එහෙම දාලා වෙහිකල් එක පුල් ඔප්ශන් කරල තිබුනෙ. පස්සෙ ප්‍රයෝජනේට ගන්න ඕන වෙයි කියලා හිතෙන ඕනම දෙයක් මං ඔය ඩිකියේ දා ගන්නවා.
මගේ සගයෝ තාමත් නැති නිසා මම ඉතිං වැල කැඩිච්ච ටාසන් වගේ ඔහේ පා වෙවී හිටියා.
ඔන්න ඔහොම ඉන්නකොට විල්බට් මාම එනවා හරක්ට බොන්න වතුර ඈදලා ටැංකිය පුරවන්න.
ඔය විල්බට් මාම ඉදලා හිටලා චාලි මුදලාලිගෙන් ලකුණු දාගන්න,
'' අන්න මුදලාලි අර රිලව් ටික අදත් ඈවිල්ල ගේට්ටුව ගලවන්න හදනවා''
නැත්තං,
'' අන්න මුදලාලි අරුං ටික අදත් කෙසෙල් කොටුව දෙක කරනවා'' වගේ පොඩි පොඩි කේලං කිව්වට මිනිහා හරි හොද එකා.
ඔය විල්බට් මාම දැක්කහම කවදත් මට මතුවෙන ප්‍රශ්නෙ තමා එයාගේ නලලයි ඔලුවයි වෙන්වෙන්නෙ කොතනින්ද කියන එක. මොකද විල්බට් මාමට නලල වෙන් කරගන්නවා තියා බේතකට වත් ගන්න ඔලුවේ කෙස් ගහක් නැහැ.
'' ආ............... පුංචි මහත්තයට අපුරු වාහනයක් හම්බ වෙලා තියෙන්නෙ, කවුද හදලා දුන්නෙ?'' විල්බට් මාම සැදෑ හිරු කිරණට දිලිසෙන තට්ටෙ වන වනා ඈහැව්ව.
''තාත්තා විල්බට් මාමෙ'' මං දකුණු උරහිස පාත් කරලා බොරු ලැජ්ජාවක් අරගත්තා.
''මල් හතයි. ජිල් පහයි නොවැ. හ්ම් හ්ම් '' කියාගෙන විල්බට් මාම ලිද දිහාට ගියා.
ඔන්න ඔය වෙලාවේ තමයි දෛවෝපගත සිතිවිල්ල මගේ මෝලේ කැළඹුවෙ!
''කුරුම්බැට්ටි රොකට් එකක් වත් හදලා උඩ යවපං මෝඩයෝ නිකං කාලේ කන්නෑතුව?'' මගේ හිත කිව්ව.
මං හොද කුරුම්බැට්ටියක් හොයා ගත්තත් හොද අමු ඉරටුවක් නැතුව කොහොම රොකට් එකක් හදන්නද?
හොද අමු ඉරටුවකට ලොකු කුරුම්බැට්ටියක් ගහලා කරකෝල, කරකෝල, කරකෝල, කරකෝල උඩ යැව්වම ඒක යනවා තිතක් වෙනකං.
ඉරටුවක් නැති තැන, මං වෙහිකල් එකේ ඩිකිය ඈරලා ගත්ත ''සොපිං'' බෑග් එකක්. ඒකට කුරුම්බැට්ටිය දාලා එක පාරක් කරකෝල අතඈරලා බැලුවා.
''ශා..... නියමෙට වැඩ. ඉරටු මොකටද, ඔය බැග් එකේ දාපු කුරුම්බැට්ටියත් යස අගේට පියාඹන්නෙ, ඒත් උඩටම යවන්න නං තව බර වැඩි කරන්න වෙයි වගේ................''
මං වටපිට බැලුවා මොනව හරි හොයාගන්න.
ආ..........''උත්සහවන්තයා ණය ගනී කිව්වලු''.
''ඔය තියෙන්නෙ මේකට කියාපු දෙයක්.''
අපේ චාලි මුදලාලි කොප්පරා මැස්ස ඉස්සරහට දාන්න ගෙනාව බොරලු! බොරලු ගොඩේ ''බොරලු කැට'' ඕන තරං තියනවා රොකට්ටුවෙ බරට පුරවගන්න.
මං ගිහිං සොපිං බැග් එකට ගානට කිරල මැනල බොරලු කැට පුරෝගත්තා.
''බොලේ මේ බොරලු කැට නිකං පැන්සල් උල් කරන කටර් එකෙන් උල් කරලා වගෙනේ! මුදලාලිටම හරියන බොරලු'' මං හිතුවා.
දැං වැඩේ කොම්පීලීට්. අයිතිහාසික බොරලු රොකට්ටුව උඩ යවන්න ඔක්කොම ලෑස්තියි.
මං කරකෝල, කරකෝල, කරකෝල, කරකෝල, කරකෝල, කරකෝල මගේ මුලු හයියම දාලා බොරලු රොකට්ටුව ගුවං ගත කලා.
ශා......... ඔය යන්නෙ පිඔගෙන. ඉරටු රොකට් එක වගේ නෙමෙ මේක මාර ලස්සනයිනේ. බොරලුත් අරං උඩ යන රොකට් එක ''සිලිසිලි'' ගගා සද්දෙද් දාගෙන පිඔගෙන පොල් රුප්පාව තරණය කලා.
''තව මොහොතකිං ආයෙත් ඒක කොහෙන් හරි මතු වෙයි පොලොවට ගොඩ බහින්න'' කියලා හිතද්දිම මම දැක්කා රොකට්ටුව ආපහු එනවා.
අම්මා....... බොරලු රොකට්ටුව යකා වගේ පිඹගෙන කෙලගෙන එනවා පොලවට.......
මං නිකමට වගේ රොකට් එකේ ඉදං පොලොවට හිතෙං ඉරක් ගහලා බැලුවා. මේක කොහාටද ගොඩ බහින්න හදන්නෙ කියලා.
අප්පට සිරි........මල හත්ඉලව්වයි........ මලම මල හත්ඉලව්වයි!
ඉර හරියටම ඉවර වෙන්නෙ හරකුන්ට බොන්න වතුර පුරෝ පුරෝ ඉන්න විල්බට් මමගේ තට්ටෙ හරහා. ඒ කියන්නෙ අර උල්ම උල් කැතම කැත බොරලු කැට පුරෝපු රොකට් එක විල්බට් මාමගේ තට්ටෙට ගොඩබස්සන්නයි මේ හදන්නෙ!
මට කිසිම දෙයක් හිතාගන්න බැරි උනා. මගේ මොලේ හොදටෝම හිරවුනා.
මම ''බුදු විල්බට් මාමේමේමේමේ'' කියලා කෑ ගහන්න හදන කොටම රොකට් එක ''ව්රස්'' ගාලා ලෑන්ඩ් කලේ නැතෑ විල්බට් මාමගේ තට්ටටෙම.
හීනෙකිං වත් හිතපු නැති මේ ගුවන් ප්‍රහාරය වැදිච්ච විල්බට් මාමා ''ඈහ්ක්'' ගාගෙන ඔලුව අල්ලං එතනම ඉදගත්තා. මං හිතන්නෙ ඉද ගත්තා නෙමේ, ඉන්ද උනාද කොහෙද! මිනිහා විතරක් නෙමේ මිනිහගේ වතුර බාල්දියත් බයවෙච්ච පාර පැත්තකට පැන්නා.
ඕක දැකපු මගේ සරීර කුඩුවත් පොල් ගහක් පල්ලෙ ඈදගෙන වැටුනා විල්බට් මාම වගේම. විල්බට් මමගේ ඔලුවෙන් පිටවෙන්න ඕන තරුයි, කොම්බුයි, පැණි කුරුල්ලොයි ඔක්කොම මගේ ඔලුවෙන් පිට උනාද මන්ද? මට කැරකිල්ල වගේ ඈල්ලුව.
මේක ඉතිං එසේ මෙසේ ගුවන් ප්‍රහාරයක් යැයි, '' බර අවිත් එක්කම මුලු යානාවමනේ විල්බට් මාමගේ ඔලුවට කඩා වැටුනේ'' විල්බට් මාම ඔලුවේ අත තියාගෙනම උඩ බිම බලනවා මේ ප්‍රහාරෙ ගැන ඔත්තුවක් හොයාගන්න.
දැං ඉතිං මං ඉවරෙටම ඉවරයි. මේ හරියෙ විල්බට් මාමයි මමයි ඈරෙන්න බල්ලෙක්වත් නෑ. මම නිකම්ම මාට්ටු වෙයි වගේ.
''නැගිටලා දුවපං යකෝ'' මගේ හිත කිව්වා.
මොන දුවනවද, කකුල් දෙකත් මේ වෙලාවෙම මට වලංගු වෙන්නෙ නැහැ නොවැ. දණිස් දෙකත් අරියාදුවට වගේ දගලනවා.
මම පුලුවං දහිරිය දාලා නැගිට්ටා. නැගිටලා පුලුවං තරං හයියෙන් දිව්වා! මගේ වෙහිකල් එකත් දාල දිව්වා!! දුවන වේගෙ වැඩි කරන්න හිතාගෙන ඔලුව දෙපැත්තට වන වනා තව තවත් වේගෙන් දිව්වා!!!
වාලි මුදලාලිගේ පියන් දෙකේ ගේට්ටුවත් පහුකලාට පස්සෙ මම ආයෙත් හැරිලා බැලුවා විල්බට් මාම දිහා.
විල්බට් මාම මම දාලා ආපු මගේ වෙහිකල් එක දිහා, බයවෙලා වගේ බලං ඉන්නවා මං පොල් ගස් අතරින් චූටියට දැක්කා!
ඔන්න ඔහොමයි මගේ පළමු නව නිර්මාණය වෙච්ච බොරලු රොකට්ටුවේ අත්හදා බැලීමේ ව්‍යාපෟතිය අවසන් උනේ. මං හිතන්නෙ ඔයාලටත් මේ වගේ අද්දැකිම් ඈති නේද?
කොළඹ වරායේ මහ ගින්නක්
10 minutes ago








එළකිරි.....
ReplyDeletehik hik mata 1 ganna beri unata moko 2 wath
ReplyDeleteunane eath kamak nehe. kathawa nam maruma maru.
මේකනම් බොරැවක් ... හි හි විහිලුවක් කලේ ... නියමටම ලියලා තියනවා ... අද මුලුන්ම කලේ මේක කියවපු එක
ReplyDeleteඅලි ටොන් පචයක්
ReplyDeleteහි හි.... බොරුවක්ද ඇත්තක්ද දන්නේ නම් නෑ... හොදට හිනා වුනා...
ReplyDeleteහැමදාමත් වගේ ඉතින් එළකිරිම තමයි..
අපරාදෙ වෙහිකල් එක. ඒකට මොකද වුනේ. රාජසන්තක වුනාද ?
ReplyDeleteඅර අනිත් කතන්දර දෙකත් ඉක්මනට දාන්න. තව අදහසක් බ්ලොග් වලට දාන චිත්‍ර ටික picasa, flicker වගේ තැනක ඇල්බම් එකක් හදලා දාන්න. එතකොට පස්සෙ කාලෙක එකම වහලක් යටින් චිත්‍ර ටික බල බලා කතන්දර මතක් කරන්න පුලුවන්නෙ
වෙනදා වගේම අදත් එළ. දිගටම ලියපන්. චිත්‍ර දෙකත් එළ. උඹ එයාර් ෆෝස් එකට නම් ගැළපෙනවා නියමෙට. NASA එකෙන් දැනගත්තොත් උඹේ නාසා නැති වෙයි.
ReplyDeleteබඩ අල්ලගෙන හිනා උනා... එළම කිරි මචන්... :D
ReplyDeleteItha hondai. maru.
ReplyDeleteMan kemathiyi me katha liyana shailiyata.
විල්බට් මමගේ ඔලුවෙන් පිටවෙන්න ඕන තරුයි, කොම්බුයි, පැණි කුරුල්ලොයි ඔක්කොම මගේ ඔලුවෙන් පිට උනාද මන්ද?
ReplyDeleteඒ කොටස තමයි නියමම වාක්‍යය හික් හික් ................. මරු මරු
ම ට, එච්චරයි එහෙනං.
ReplyDelete..........
සකියාට, තැන්කූ වේවා! අනිත් දවසෙ 1 වෙන්ට බලන්ටකෝ.
..................
වැප්, අනේ පලයං බං යන්ඩ. මේක අතීතයේ එක්තරා දවසක මට ඈත්තටම වෙච්ච දෙයක් බං. මට කතා ගොතන්ඩ තේරෙන්නෑ. හැබැයි වෙච්ච දෙයක් රසවත් කරල ලියන්ඩ නං පුලුවං වගේ කියලා හිතෙනවා!
...............................
ToyotaEE100ට, අලි ටෙං ඈත්තක්.
........................
ළමයෝ, උඹත් කියන්නෙ මං බොරු කියනවා කියලද බං? මේවා ඈත්තම ඈත්ත කතා.
......................................
මකර අදිරාජ්‍යයෝ, කරත්තෙ රාජසන්තක උනේ නෑ. ඒක චාලී සන්තක උනා. උඔගෙ දෙවෙනි අදහස ගැනනං මමත් හිතුවා. උඔ ඒ ගැන මතක් කරාට ඉස්තුතියි හොදේ.
...................
ඉෂාර ගුණවර්ධන, උඔ එහෙම ඕවා කියන්ඩ යන්ඩ එපා නාසා එකට හොදේ.කියෝලා සද්ද නැතුව ඉදපං.
අම්මෝ හිනා වුන තරමක්,...
ReplyDeleteකොටින්ම Maxxaa
"මං නිකමට වගේ රොකට් එකේ ඉදං පොලොවට හිතෙං ඉරක් ගහලා බැලුවා. මේක කොහාටද ගොඩ බහින්න හදන්නෙ කියලා.
අප්පට සිරි........මල හත්ඉලව්වයි........ මලම මල හත්ඉලව්වයි!"
මේ ටික නම් පට්ට...
කිරල මැනල යවල තියෙන්නෙ...නේද?
පව් අර අහිoසකය
බුද්ධි, මට ඔයාට කියන්න තියෙන්නෙත් ඔයා මට කියන එකම තමයි, ඔයා නම් මාරයි
ReplyDeleteහප්පටසිලි, මලුම මලුම කතාව. ගල් පැකට් එකෙන් බඩු පැකට් උනේ නැද්ද?
ReplyDelete@බුද්ධි:
[said:බුද්ධි]
මකර අදිරාජ්‍යයෝ, කරත්තෙ රාජසන්තක උනේ නෑ. ඒක චාලී සන්තක උනා. උඔගෙ දෙවෙනි අදහස ගැනනං මමත් හිතුවා. උඔ ඒ ගැන මතක් කරාට ඉස්තුතියි හොදේ.
[/said]
දානව නං Picasa එකේ දාන්න. අපෙ Google දෙයියගෙ කොම්පැණියක් නෙව. අනික නොමිලෙ දෙන ඉඩ මදි වුනොත් සොච්චමක් දීල කන්දරාවක් වැඩිපුර ඉඩ ගන්න ඇහැකි.
ෂා.... ෂෝයි කතාව අයියේ..... අද දවසටම බුම්මන් ඉදලා මේක කියෙව්වාම හිනා ගියා නෙව...!!!
ReplyDeleteහා හා... දැන් ඇත්තම කියන්න බලන්න... අයියා රොකට් එක ගුවන් ගත කලේ මාමාගේ ඔලුව මතක් කරගෙන නේද? ;-)
පිස්සුද බුද්ධි සහෝ... මේක ගල් පැලෙන අමුම අමු ඇත්තක් කියලා මම දන්නවා........
ReplyDeleteහිනා වෙලාම බඩ පැලෙනවනේ.........
ReplyDeleteඊට පස්සෙ විල්බට් මාමගෙ තට්ටෙ දිලිසෙන්නෙ නැතුව ඇති.
හිහ්...:D නියමයිනේ
ReplyDeleteඅයියෝ මදැයි. පව් අර අහිංසක විල්බට් මාමා. අප්පා අදත් හොඳටොම හිනා වුනා. පුදුමයි මේ කොල්ලා තාම පණපිටින් ඉන්නවා. මගෙ බඩත් රිදෙනවා.
ReplyDeleteහි හි හි හි...... හොඳට හිනා වුනා අයියෙ...... නියමයි..... මට පොඩි කාලෙ කියවපු 'සිරිමල්ගෙ වික්‍රම' පොත මතක් වුනා....... :D
ReplyDelete"අප්පට සිරි........මල හත්ඉලව්වයි........ මලම මල හත්ඉලව්වයි!"
ReplyDeleteඔන්න මම මූණු පොතෙත් පොඩි පහේ ප්‍රසිද්ධියක් දුන්නා...
නිශාචරයා, ඈත්තමට ස්තුතියි! කවුරු මොනවා කිව්වත් උඔලගේ කමෙන්ට්ස් නැත්තං මටනං ලියන්න කිසි කික් එකක් එන්නෙ නැහැ.ආයෙත් තැන්කූ!!
ReplyDelete..............................
කසූට, ඔබ මගේ පෝස්ට් එක කියෝල ප්‍රතිචාරයක් දැක්වීමම මට මහත් උද්යෝගයක්.
..............................
හසිත, ඉස්තුතියි! ඉස්තුතියි!! දිගමට ඈවිත් කියවන්න. ඔයාල තමයි මගේ පෑනෙ තීන්ත.
..............................
සුලගට, ඈත්තටම ඔය ලියලා තියෙන්නෙ මට ඒ වෙලාවෙ ඈතිවෙච්ච හැගීම් වලට අයිති වචන ටික. ඔය වචන වලින් ඒ හැගීම ආයෙත් ඔබට දැනුනං මං දිනුං!
...................
වේජනාට, මාරයි!මාරයි!! අපි ඔක්කොමලා එක එක හැටියට මාරයි නේද? ඔයා එදත් කියලා තිබුනේ!
කොහොමත්
''දෙවෙන්දරා සං ජීවිතෙන් සමුගත්තට,
නොරිකො සං ජීවත් වෙන්න ඕන නෙ...''
ඒකත් මාරයි!!!
.......................
බුධාජීවයො, ඉතිං ඊට පස්සේ පුරුදු පරිදි බඩුම තමා.
*******
උඹේ එකෙක් වගේ හිතලා මගෙයි චානකයගෙයි කතාවට සම්බන්ධ වෙලා මාව දැනුවත් කලාට මට මාර කික් මවං. බලමු එහෙනං ඒකත් කරලා.
....................................
සමනලීට, ඈයි අද අම්මත් එක්ක හුරතල් වෙන්න ගියේ නැද්ද? දවසම බුම්මං හිටියේ. කොහොම හරි කමක් නෑ. අන්තිමේදි හිනා ගියානේ නේද?
......................
ළමයාට, අන්න එහෙම වරෙන් මවං.... හීහ්...හීහ්...හීහ්...හීහ් හී.....
...................
මාරයිනෙ.... අපරාදේ අර නව නිර්මාණය
ReplyDeleteඅඛ්ල, ඔයත් සයිබර් යායට අලුත් වගේ මට මතක හැටියට. හැමදාම එන්ඩකෝ. මගේ අතීතය කියෝල රස විදින්න පුලුවං වෙයි!
ReplyDelete***************
මිහිහගේ එක පැල්ලමක් ඈර අනිත් ඒවා මැකුනා. මිනිහා අපි ගමෙන් එනකං ඒක පෙන්න පෙන්න, ඒ කේස් එක මතක් කරා. පව් අප්පා. දැං මිනිහා කොහෙද දන්නෑ?
.......................................මිස්සක පොටෝ මහත්තයත් ඈවිල්ල තියෙන්නේනේනේනේ!! මේ ටිකේම ආවා නේද දිගටම එන්ඩ හොදේ!
..............
හිපෝ නැන්දා, දැං කොහොමද අසනීපේ හොදද මේ සයිබර් යාය පැත්තෙ ඈවිත් තියෙන්නෙ?
හීහ්... හීහ්...
.....................
විශ්මීට, තුරුලු වී උණුහුමට
නෙත් පියා ගෙන තුටින
නොතකමින් මුලු ලොවම
දැවටෙමින් නුඹ ළඟම
සෙනෙහසට ලොබ බඳින
විශ්මිත් ඈවිල්ලා හිනාවෙලා යන්න. හ්ම් හ්ම්!හොදයි හොදයි!!
......................
නිශාචරයා,
"අප්පට සිරි........මල හත්ඉලව්වයි........ මලම මල හත්ඉලව්වයි!"
මෙන්න බොලේ නිශාචරයා වටේටම බෙදනවා!
................................
පසුව ලියම් ඔක්කොටම..
මගේ කේස් තාම ඉවර නැත. මේ කමෙන්ට් පොදිය ලිව්වෙ දෙවෙනි පාරටයි. පළමු පාර ටයිප් කලා.
මගදි කරන්ට් ලියා. UPS එකට ප්ලග් කරලා තිබ්බෙ රවුටරෙයි CPU එකයි විතරයි. මොනිටරෙ ප්ලග් එක අතට ගෙන UPS එකේ හිලක් සෙව්වෙමි. හිල්නැති තැන ''කරන්ට් ඒවායි'' පතමින් සිටියෙමි. කරන්ට් ආවෙත් නැත. මැසිමද නිවී ගියේය. ''උත්සහවන්තයා ණය ගනී'' කියලා ආවෙත් කෙටුවෙමි. ඔන්න ඒ ටික.
තරිදුවො, අම්මෝ යන්තං ඈති උඔත් ඈවිල්ලා. උඔ එනකං තමයි මං දවස් ගාණක් බලං හිටියේ!
ReplyDeleteඔය නව නිර්මානේ පැත්තක තියපංකෝ!
පහුගිය දවසක ඉදලා උඔගේ බ්ලොගේට මට යන්න බැහැ නොවැ. සින්ඩියෙන් ගිහාම නිකං ලින්ක් ටිකක් විතරයි තියෙන්නෙ.ඊයේ ඉන්දරේගෙනුත් ඈහැව්ව ඒත් වැඩේ නං හරි ගියේ නැහැ. කොහෙද ඉතිං උඔ මගේ මූණු පොතෙත් නැහැනෙ හදිස්සියට කතා කරන්න!
දුවු වහාම අමතන්න cyberlipi@gmail.com
අපොයි විල්බට් මාමගෙ තට්ටෙ!
ReplyDeleteමටත් මතක් වුනා ඒ කාලෙ මගෙ වෙහිකල් ටික. රබර් සෙරෙප්පු වලින් හදාගත්ත රෝද දාපු වෙහිකල්වල ඉඳන්, රේසර් (බෙයාරිං) දාපුව දක්වා ගරාජ් එකක්ම තිබ්බනෙ. පස්සෙ කාලෙ ලාන්සර් ටයර්, අත් ට්‍රැක්ටර් ටයර් සහ ලොරි ටයර් දක්වා වැඩි දියුණු වුනා.
elama ela
ReplyDeletenadeesthoughtsට, අර ඔයාගේ පෝස්ට් ලියලා තියෙන වැරද්ද මමත් කලා මගෙ වෙහිකල් එකේ යනකොට! මමත් ඒ කාලේ ගුඩු පොල් වෙහිකල් එකේ යද්දි සීට් බෙල්ට් නං දැම්මෙ නෑ කවදාවත්. හීහී.....
ReplyDeleteAnonymousට, Thankx Machan
ReplyDeleteවෙනදා වගේම ගොඩක් ලස්සනයි බුද්ධි...
ReplyDeleteනියම කතාව... පංකාදු පහමාරයි... අයියගේ කතා කියෙව්වහම මටත් මගෙ පුංචි කාලේ දඟ වැඩ මතක් වෙනව... ඉඩ ලැබුනොත් ඒ කතාත් බෙදාහදා ගන්නම්කො... ඊළඟ කතාව ලියනකම් මාත් බලාගෙන ඉන්නෙ.. කටත් ඇරගෙන..හිහ් හිහ් :D :D
ReplyDeletePicasa නම් වැඩේ ලේසියි. මොකද හැම blogger Blog එකකටම Picasa Album එකක් Auto හැදෙන හින්දා. picasaweb.google.com/ ට ගිහින් ඒ ඇල්බම් එක හොයාගෙන ඒකට ලින්ක් එකක් පැත්තකින් දාන්න. චිත්‍ර බලන්න කැමති කට්ටියට පහසුවක් වෙයි ඒක.
ReplyDeleteබීට්ල්ට, තැනක්ස් බීට්ල්. ඒත් ඔයා කොහෙං එනවද කියලනෙ මට හොයා ගන්න බැරි.නමට කෙටුවම ඉන්න තැනකට යන එකක් යෑ!
ReplyDelete............................
sansarasiduට,
''නියම කතාව... පංකාදු පහමාරයි... '' තැන්කූ වෙවා! වැඩිපුරත් පංකාදු බාගයක් දීලා නොවැ. දිගටම එක්ඩකො මමත් බලා ඉන්නවා.
....................................
මකර පාලකට, picasaweb.google.com/ ගියා හැබැයි ඒකේ පිළිවෙලකට නෑ මම දාපුව. ඒකත් පිලිවෙලකට හදලා ලින්ක් කොරමු නේද! ඈත්තමට උඔලා මමත් එක්ක් දිගමට ඉන්න එක මාර කික් මචං!!!
හික් හික්....එල මචං එලම එල...පහුවෙලා දැක්කේ එකයි පරක්කු..
ReplyDeleteසසික අන්තිම මොහොතේ හරි ආවනේ. ඒ මදැයි
ReplyDeleteඕන් මම මේල් එකක් එව්ව. යකෝ කමෙන්ට් නොකලට මම ඔක්කොම කියෙව්ව.
ReplyDeleteතරිදුවෝ, එල, එල
ReplyDeleteadath sakiya nikamata wage goda una, mukuth
ReplyDeletenokiya yanna pau kiyala hituna. "all the best"
ealaga katawata.
මරු කතාව... අනිත් කතා ටිකත් ඉක්මනට ලියන්න... චිත්‍ර ටිකත් මැක්සා !!!
ReplyDeleteඊට පස්සේ මොකද උනේ. විල්බට් මාමා චෙංඩඇති හොදට මතක හිටින්ට නේද?:p
ReplyDeleteසකියා,sameerausa, කස්සා, ඊලග කොටසින් ආයෙත් හමුවෙමු! ලගදීම.....
ReplyDeleteNiyamai machan...eththatama umbe kathawa kiyawagena yaddi kathawa mewila penawa...chithra tikath ekata udawu wenawa...keep it up buddy...wish u all the BEST!!!
ReplyDeleteඑලමයි සිරා කතාව.ලියල තියන ශෛලිය මරේ මරු
ReplyDeleteමොකෑ මං නොගියෙ. උඹ නොදන්නවට කොලුවෝ, මං ඔය හැන්දැකොරේක ඒ පැත්තට ගොඩවෙලා, සුටුස් ගාලා මාරුවුනා, මගෙ තට්ටෙටත් බොරලු රොකට් එකක් පාත්වෙන්න කලියෙන්. උඹට කිව්වම මොකද, මේ ටික දොහේ හොම්බෙන් යන්න වැඩ. දැන් ඉතිං ඔය අලුත් මැසිමකුත් තියෙන එකේ, රොබිං හුඩ් ගොයියව කෙහෙල්කොටුව පැත්තෙ යැව්වොත් හොදා.
ReplyDeleteSiribiris මාමට, ඒක මිසක්.
ReplyDeleteනුවන් සහ තීර්ථ යාත්‍රිකයාට,
ReplyDeleteඅත කට පිරෙන්නම ඉස්තුතියි. දිගටම එන්ඩෝ්්්්්්
තව පොඩ්ඩෙන් කොළුවව ත්‍රස්තවාදියෙක් කියලා හිරේ දානවා. බුද්ධි ලස්සනට ලියලා තියෙනවා. ලේඛන කලාව කියන්නේ මේකට තමයි සහෝදරයා. කියවන්නාව ඇඳ බැඳ තබාගන්න විදියට ලියන එක. අපූරු ශෛලියක්... මම එක හුස්මට කියවාගෙන ගියේ.
ReplyDeleteපැතුම් ස්තුතියි මා ධෛර්මත්කලාට
ReplyDeleteරොබින් අය්යගෙ කතාවෙ ඉතුරු ටික කෝ
ReplyDeleteනික් ඩබල,
ReplyDeleteඉතුරු ටික එන්න කියවන්නකො දිගටම
හම්මෝ... ඇති වෙන්න හිනා උනා. සිනා සී තර වෙන්න.. ඔන්න මම කෙට්ටු එව්වෝ මේ පැත්තට එවනවා..
ReplyDeleteක්සැන්ඩර් දැනුයි දැක්කෙ...හෙහ් හේ.... ටැංකියු
Deleteකියලා වැඩක් නෑ උපරිමයි.. මේක ඇත්ත සිද්දෙයක්ද ? නැත්තම් ගොතපු කතාවක්ද ? මොක උනත් නියමයි..
ReplyDeleteඅදනම් හොඳටම හිනා වුනා.. ගෙදර උන් බලනවා මට නුගුණෙවත්දෝ කියලා. ඇයි තනියම හිනා වෙනකොට.
මේකට හොඳම වින්දනාත්මක බ්ලොග් අඩ්වි සම්මානෙ හම්ම්බුන එක අහන්ඩත් දෙයක්යෑ..
මේක පට්ටපල් ඇත්ත සිද්ධියක්......! චූටි මහත්තයගේ කතා සේරම වගේ ඇත්ත සිද්ධි තමා. ඒක නිසා පොතක් ගැහුවත් බය වෙන්න දෙයක් නෑ. ඒ සිද්ධිය මීට කලින් ලෝකෙ කොහෙවත් වෙලා නෑ කියලා මට සුවර්!
ReplyDeleteමං ලියපු රාජකාරි ලියුම කියෝපු දුකා එදා පරලොව යන්ඩ ගියා කෑම හිරවෙලා. ඒ අනිත් නුහුගුනේ හොඳයි! :D (වණාගන්ඩ පුලුවන් තැන වනා ගන්ඩ එපැයි හෙහ් හේ.)
ඔය වත්තත් අර යොදයාගේ පලතුරු වත්ත වගේ වෙන්න ඇති.. මට හරියට හිතාගන්න බැරි කොහොමද ඕක අර මනුස්සයාගේ දිලිසෙන තට්ටේටම පාත් උනේ කියල.. බැරිවෙලාවත් නරක තැනක වැදුනානම් රොබින්ගේ හුඩ් එක ගැලවෙනවා නේද ? මට පෙනෙන විදිහට අර තට්ටේට ඊරිසියාවේ ඇත්තටම ඉලක්ක කරලයි ඔය රොකට්ටුව ඇරලා තියෙන්නේ .
ReplyDeleteසරත් අයියා ඒකට කියන්නෙ රොබින් හුඩ් එක කියලද? ශා මාර වැදගත් නම.
Deleteඒක නෙමේ සරත් අයියට පේන්නෙ නැද්ද දැන් චුටි මහත්තයා ලියන කතාවලයි, මේ වගේ පැරණි කතා වලයි භාෂාවේ පොඩි වෙනස් කමක් වගේ පොඩි මෙව්වා එකක්......
මේ බ්ලොග් ලියන්න ආපුම කාලේ තියෙන කික් එකට ලියාපුවා. හිතට හන ඕනැ වචනයක් ලිව්වා ඒ කාලේ.
බුද්ධි අයියේ පට්ට කතාව .... ලේ පිරිසිදු කොරාන්ට කියපු සයිට් එක නොවැ ...:D
ReplyDeleteමල්ලියේ දිගමට එන්ඩය,
Deleteඔක්කොම කතා කියවන්ඩය...
හික් මට මතක් වුණේ මම තව එකෙක් එක්ක ටුවර් ඔෆ් ඩියුටි දාන්න ගිහින් හොඳ ගල්බාගෙකින් ඔලුව පලා ගත්ත සීන් එක.. බෝම්බ විදියට පාවිච්චි කලේ පස් කුට්ටි.. පස් කුට්ටි ඇතුලේ ගල් කැට තියෙනව කියල මතක් වුණේ ගල් පාර වැදුනට පස්සේ.. හික්.. නියමෙට ලියල තියෙනව.. උත්සාහවන්තයා ණය ගනී කියන කතාව නම් මසුරන්.. හික් පේටන්ට් අයිතිය ගන්න බලන්න..
ReplyDeleteපැතුම්,
ReplyDeleteමට මැවිලා පේනවා පස් කුට්ටි බෝම්බ වැදිලා ගිනිපුලිඟු වගේ පස් කුඩුවෙලා විසිරිලා යන එක.... ඇතුලේ ගල වදිද්දිනම් තරු විසිවෙන්න ඇති.....
උත්සහවන්තයා ණය ගනී කියන එකේ අයිතිය ඇත්තටම මගේ නෙමේ. යාලුවෙක්ගේ. දවසක් පොර ඉන්ටවීව් එකකට යන්න සහතික ටික ඇවිස්සුවා. උඩින් ම තිබ්බෙ නිවාස ණය සහතිකේ. පොර තමා කිව්වෙ ඔය කතාව.:)