2010/03/25

ෂර්වුඩයේ රොබින් හෙවත් කෙහෙල්කොටුවේ චූටිමහත්තයා | සිත්තරෙත් එක්කම

ඔන්න දවස් ගානකට පස්සෙ ආයෙත් මං ආවා.

අද මුලින්ම සිත්තරේ.

හැමදාම සිත්තරේ, පෝස්ට් එකේ මන්ඩි බේ​රෙන අඩියටම දාන මම, අද ඔය උඩින්ම දැම්මෙ විශේෂ හේතුවක් හින්දා?



බලන්ඩ පොඩ්ඩක් ඔය පෝස්ටරේ ඉන්න කොලු ගැටයාව අදුරනවද කියලා. ඔය පෝස්ටරේ අදුරගන්ට පුලුවන්නං කතාවෙ ගොඩක් දේවල් ඔයාලට ඔතනින්ම තේරුං ගන්ඩ පුලුවං වෙයි!

ඔය ටොපි කොල හතලිහේ කතාව, කදිර පෝතකයගෙ කතාව එමෙහත් නැත්තං බොරලු රොකට්ටුවෙන් විල්බට් මාමගේ තට්ටෙ කැටයම් කපපු කොල්ලම තමයි ඔය!

කොල්ලා ඔය ඈදලා ඉන්නෙ ෂර්වුඩ් වනාන්තරෙ හිටපු රොබින් විදිහටනේ. ඉන්න හැටියෙන්ම පේනවනේ ඔය කොල්ලට ඒ කාලේ කොච්චර නං උනක් තියෙන්න ඈත්ද කියලා රොබින් හුඩ්ගෙ වරිතේ ඈට් කරන්න.

කොල්ලා, කොල්ලා, කිව්වට එයාගේ ඈත්ත නම බුද්ධිනේ. ඒ කියන්නෙ මං කියලා දැං කවුරුත් දන්නව ඈතිනෙ!

එතකොට කෙහෙල් කොටුවෙ චූටිමහත්තයා කියන්නෙ කවුද?

ඒත් ඉතිං මංම තමයි! මට ගෙදරට කියන්නෙ චුටි මහත්තයා හින්දාත් අපි අපේ ෂර්වුඩ් වනාන්තරේ හැටියට පාවිච්චි කරන්නෙ චාලි මුදලාලිගේ කෙහෙල් කොටුව හින්දත් මට අපේ ගෙදර කට්ටිය විහිලුවට වගේ කතා කලේ ''කෙහෙල් කොටුවෙ චුටි මහත්තයා'' කියලා. ඔය සිත්තරේ දකුණු පැත්තෙ පොඩියට පේන්නෙ චාලි මුදලාලිගේ කෙහෙල් කොටුව නේ!

පොල්පිත්තෙන් හදපු ''ඈල්බියන්'' අසිපතේ බරට කලිසම පාත් වෙලා කියලාවත් නොදැන ඊතල මල්ලත් පිටේ එල්ලං ඔලුව වැහෙන්න ලෝගුව එහෙම දාලා, එක ඈහැක් වහලා, කිරිටොයියා දුන්නෙං ''ඔයාගෙ දකුණු උරහිස කොරවෙන්න'' විදින්න වගේ ඔය ටාගට් එක අරන් හිටියට එක දවසක් මට මාර කේස් එකක් උනානේ!

ඔන්න ඔය කේස් එක තමයි අද මං කියන්න යන්නේ!

මම රොබින් හුඩ් බලන්නෙ තාත්තගේ ඔඩොක්කුවෙ ඉදගෙන.

ඕක බලද්දි ටයි මාම දාන සිංහල තේරුමයි රොබින්ගේ වික්‍රමයි අතර මාව හිරවෙලා කතාව තේරු ගන්න බැරි වේගන එද්දි මං කරන්නෙ,

තාත්තෙ ඈයි තාත්තෙ අර රොබින් දුවන්නෙ.....''

අර මොනාද තාත්තෙ රොබින්ට හර්න් කියන්නෙ''

ඈයි තාත්තෙ අර රොබින්ට ජෝන් බනින්නෙ....''

ඊලගට මොකද තාත්තෙ වෙන්නෙ.... අනේ කියන්ඩනො අප්පා..''

කිය කියා තාත්තට ඈණයක් වෙනවා.

එතකොට තාත්තා,

'' හරි හරි ඔහොම දිගමට බලන්ඩකෝ එතකොට තේරෙයි'' කිය කියා ශේප් වෙනවා.

ඔන්න එක දවසක් හරි අපූරු කතාවක් ගියානේ. ඒක කතාව රග දක්වන්න ගිහිං තමයි මට දෙලෝ රත්වෙන වැඩක් උනේ.

ඒක හින්දම කතාවට කලිං මේ ඉප්සොයිඩ් එක මතක් කරල දෙන්න ඕනි කියලා මට හිතුනා! ඒ කතාවේ රූප රාමුවක් තමා ඔය පහල තියෙන්න. මතකද බලන්ඩ?


කතාව මතක නැති අය විතරක් මෙතන කොටලා කතාව මතක් වෙන්න පොඩි කොටසක් බලල එන්න. මතක කස්ටිය ඉතුරු ටිකත් කියවන්න.

දැං මතකනේ සිද්දිය.

කතාවේ ඔය කොටස බැලුවා විතරයි,
ඕකේ අර හොරු (රොබිනුයි එයාගේ සෙට් එකයි ඈර අනිත් ඔක්කොමලම මට නං හොරු) දාගෙන ඉන්නව වගේ හෙල්මට් එකක් දාගෙන,

''මමත් හොරෙක් වගේ රග පාන්න ඕනෙ'' කියන පාප සිතිවිල්ල ආවනේ මගේ හිතට!

වෙස් මූණට ආස වෙච්ච මං බොහොම අමාරුවෙන් තීරණයක් ගත්තා.

''එකම එක දවසක් මම රොබින්ට එරෙහි වෙලා හොරෙක් වෙනවා.'' කියලා.

පහු වෙනිදා, අපි ඉස්කෝලෙදි කතා කරගත්තු විදිහට චාලි මුදලාලිගේ වත්තට ​ආවා රොබින් හුඩ් ඈට් කරන්න හිතාගෙන.

මං මගේ වෙහිකල් එකෙන් චාලි මුදලාලිගේ වත්තට පිට උනේ අම්මාගෙ කුස්සියේ සේප්පුවෙන් උස්සපු, සිමෙන්ති කොලවලින් හදලා තිබුනු පොඩි බෑග් එකක් කපලා හදාගත්තු අර හොර මුලේ කස්ටිය දාගෙන ඉන්නවා වගේ කිරිටොය්යා හෙල්මට් එකත් අරං. ඔය පහල තියෙන්නෙ ඒ නව නිස්පාදනේ.


දැං කට්ටියට තේරෙනවනේ මං කරන්න යන කැරැට්ටර් එකට කොච්චර නං රෙඩි වෙලාද ඉන්නෙ කියලා.

දැං තමා දුක හිතෙන ම දේ ලියන්න වෙන්නෙ. ඔන්න ඒකත් ලිව්වා.

''අදත් මට කතාව කුට්ටි කරන්න වෙයි වගේ.''

ඒ උනත් කව්රුත් බලාපොරොත්තුවෙන් ඉන්න, මට දෙ​ලෝ රත්වෙච්ච සිද්දියෙ පැණි බේරෙන, රස වෑහෙන ඉප්සොයිඩ් එකත් අරං මං ඉක්මනින්ම එනවා!

ඒ ඉප්සොයිඩ් එකෙන් මට වෙච්ච අලකලංචිය කියෙව්වට පස්සෙ, ඔයාලා කවම කවදාවත්, එකම එක දවසක්වත් රොබින් හුඩ්ට නං එරෙහි වෙන්නෙ නැතිවෙයි!

කතාව කියෝලා ඊ ලග ඉප්සොයිඩ් එක කියවන්න කැමති කස්ටිය ඔය පහලිං තියෙන කොටුවෙ එක දාලා යන්න කියලා මං අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ නේද?




























59 ක් කියන්නේ !:

  1. onna mama tha ada oyge post aka mulinma baluwe. chuti robin mahathaya kathawa niyamai.oya liyana widiyata kathawa mawila penawa. nadeesha

    ReplyDelete
  2. ඔන්න මමත් 1 දැම්මා... හෙට වෙද්දි ඉතුරු ටික නොතිබුනොත් ෂෙරීෆ්ට ඔත්තුව දෙනවා හරිය...

    ReplyDelete
  3. කට්ටියම දැන් කතා කට්ටි කරනව... කමක් නෑ... ඉවසීමෙන් මොනවද ලැබෙනවනෙ... ඉක්මනටම ඉතුරු ටික දාන්න්න........

    ReplyDelete
  4. අයියෝ හොදම ටික නෑ නෙ...
    සයිබර් යාය කියල නම දැක්ක ගමන් බැලුවෙ උදේම ටිකක් හිනාවෙන්න කියල හිතාගෙන... අදනම් හරි ගියේ නෑ...

    ඉතිරි ටික ඉක්මනට දාන්නෝ....

    ReplyDelete
  5. මම නම් ඊලඟ කොටස බලන්නේ නැහැ ... මට වැඩ තියනවා ... කුට්ටියම එක පාර බලනවා ..

    ඒත් උබ ඊලඟ කැල්ල ඉක්මනට දාපන් .. සමහර විට වැරදිලා එන්න පුලුවන් මේ පැත්තේ ...

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. මචං රොබින්, ඉක්මනටම ඉතිරි ටික දැම්මේ නැත්නම් "මැරියන්" උස්සනවා!

    ReplyDelete
  8. පෝස්ටරේ නියමයි... ඉතුරු ටිකත් ඉක්මනට දාන්න..

    ReplyDelete
  9. පින්තූර ටික බැලුවත් ඇති මටනම්...
    ඊලඟ කොටසෙත් සිත්තර අඩු නෑ නේද?

    ReplyDelete
  10. නියමයි නියම කතාව. ඔයාට චිත්‍ර අදින්න නම් තියෙන්නේ මාර හැකියාවක්.ලගදිම ඇඩෝබී එකෙන් කතා කරයි :P

    මං මූණ පොතේ දැම්ම request එක confirm කරන්න

    ReplyDelete
  11. හෙට වෙනකොට කතාවෙ ඉතුරු ටික දැම්මේ නැත්නං "හොරු" රැලට රොබින් ඉන්න තැන කියන්න වෙනවා....

    ReplyDelete
  12. අඩෝ බුද්ධි.... මන්ද බුද්ධි නොවී ඉතුරු ටික දාපන්... මොන මගුලක්ද මුන් ඔක්කොම කතා කුට්ටි කරනවනෙ

    ReplyDelete
  13. මූත් නිකං කො‍ටුව ස්ටේසම ඉස්සරහා නයි පෙන්නන එකා වගේ තමයි... නයා පෙට්ටිය ඇතුළේ ඉන්නවා දැන් පෙන්නනවා කිව්වට කෝච්ච්ය එනකල්ම පෙන්නන පාටක් නෑ... :D

    හෙට එන්නම්..... :)

    ReplyDelete
  14. "මචං රොබින්, ඉක්මනටම ඉතිරි ටික දැම්මේ නැත්නම් "මැරියන්" උස්සනවා!"

    mama kiyanneth okamai . ..

    machan art eka nam supurudu paridi MAXA . . . !

    ReplyDelete
  15. මේ මල්ලි ඉක්මනට ඉතුරු හරිය දැම්මේ නැත්නම් ෂර්වුඩ් වනාන්තරේ ඉන්න නෙවෙයි හරිය...

    ReplyDelete
  16. ඔන්න ළමයාත් ප්රසන්ට් කිවුවා... ඉක්මනටම නෙක්ස්ට් ඉපිසෝඩ් එක දැම්මේ නැත්තම් බලාගමු....

    ReplyDelete
  17. මචෝ රොබින් ඉක්මනට ඉතුරු ටිකත් දාපන් මචන්.

    ReplyDelete
  18. Ikmanata eelanga kotasa liyanna mithraya...:D

    ReplyDelete
  19. නදිශා, නිශාචරයා, හා පැටික්කී, සුලග, වැප්, ඉෂාර, ගීතික, nadeesthoughts, කසුන්, sameerausa, තරිදු, Ansh Lucky Sri Jay, Beetle, දුකා, Pathum, ළමයා, Raven, RanDil, Anonymous, දසයා, වෙත සංවේගයෙන් ලියමි.

    ගොඩ දෙනෙක් හිනාවෙන්න මේ පැත්තෙ ඈවිත් හිස් අතින්ම ගිය බව සදහන් කර ඈත.

    සමහරු කතන්දරෙ කුටිටි කිරීම නිසා මගෙන් ගේම ඉල්ලා ඈත.
    බීට්ල්, මාව කොටුවෙ නයි නටවන්නෙක්ට සමාන කරලාය.
    ඉෂාරල දුකාලා මගේ මැරියන්ව උස්සවා කියලා මා බය ගන්වා ඈත.

    සියලු දෙනාට දැන ගැනීමට මම ඈත්ත කතාව කියමි.
    මම උපතින්ම කතන්දර කුටිටි කරන්නෙක් නොවෙමි.
    ඒත් නොවැලැක්විය හැකි හේතුවක් නිසා මීට පෙර එක් දිනක් කලාක් මෙන් මට ඊයේ කතාව කුටිටි කිරීමට සිදුවිය.

    හේතුව මැරියන්ගේ අම්මාය.
    මැරියන්ගේ අමිමා ඊයේ රාත්තිරියේ වසර හතරක් පමණ කාලයකින් ලංකාවට ගොඩබැස්සාය.
    මම ද ඒ අවස්ථාවට සහභාගි උවහොත් අමතර ලකුණු දෙක තුනක් අහුලා ගත හැකි බව මැරියන් තරයේ කියා සිටි නිසා මමත් රෑම කටුනායක පැත්තට ගියෙමි.

    ඔන්න ඔය කාරණාව කරන කොට ගෙන මට කතාව සම්පූර්ණ කර ගන්ට බැරිවිය.

    හැබැයි කටුනායකට ගිය එකෙක් මට බඩකට පුරා ලකුණු ලැබිලා කියලා දැනට නිල නොවන මට්ටමේ ආරංචි මාර්ග වලින් පැහැදිලි වේ.

    සත්‍ය තොරතුරු ලැබුණු විගස මා ලබා ගත්ලකුණු උඹලා හමුවේ පවසන්නම්. එතෙක් උඔලාට සුබ සැන්දෑවක්!

    ReplyDelete
  20. ආ ඒක මිසක් ... එහෙනම් කමක් නැහැ ... මතක ඇතුව ලකුණු ටික දාපන් ... කතාවේ ඉතුරු ටික නැතත් කමක් නැහැ ...

    [ටම වෙවලාක් නැහැ ඔය කුට්ටි කපුරවා කිවන්යන]

    ReplyDelete
  21. ඒ මැදින් මොනාද බං ඇඩ්වටීස්මන්ට්ද දාන්නෙ...
    කමක් නෑ මීට පස්සෙ නම් එක සැරේකට ලියපං..

    ReplyDelete
  22. මැරියන්ගේ අම්මා ආපු එක විදේශීය චිත්‍ර ශිල්පියෙකුගේ ඇසින් බලාගන්න තිබුණා නම් මරුය.

    ReplyDelete
  23. කරපු වැඩේ කැත උනත් චේතනාව හොඳ නිසා සමාව දිය හැකිය.

    ගීතික කිවූ දේද එළය.

    "මැරියන්ගේ අම්මා ආපු එක විදේශීය චිත්‍ර ශිල්පියෙකුගේ ඇසින් බලාගන්න තිබුණා නම් මරුය."

    ReplyDelete
  24. හරි හරි අදට සමාව! ගීතික කියපු දේ කළොත් තව සමාව තියෙයි. හරියටම ලකුණු ගාණත් එක්ක. නැත්තං "පොල්පිති ඇල්බියන්" පාර තමයි (හීහ්......)

    ReplyDelete
  25. මටත් කියන්න තීයෙන්නේ....
    Nothing's Forgotten Nothing is Ever Forgotten
    කියලා.........
    (මතක ඇතිනේ ;) )

    ReplyDelete
  26. අයියෝ.... කෝ කෝ ඉතිරි ටික ලියන්නකෝ....

    ReplyDelete
  27. වැප්,Outsider,ගීතික,budhajeewa,ඉෂාර,සහන්,වෙත,

    ඉෂාරගේ ඈල්බියන් පහරින් සහ සහන්ගේ කඩු පහරින් බේරීමටත්, වැප් සහ Outsiderගේ දැන ගැනීම පිණිසත්
    ගීතික, budhajeewaගෙන් සමාව ලබා ගැනීම උදෙසාත් මෙසේ සටහන් කරමි.

    "මැරියන්ගේ අම්මා ආපු එක විදේශීය චිත්‍ර ශිල්පියෙකුගේ ඇසින් බලාගන්න තිබුණා නම් මරුය."

    ලෙස ඔබ සටහන් කළ අදහස මා මගේ විදේශීය චිත්‍ර සිල්+පියාට යොමු කලෙමි. ඔහු පවසා සිටියේ එම අවස්ථාවේ ලබා ගත් ෆොටෝ එකක්වත් තිබුනොත් මොකක් හරි කළ හැකි බවයි. ඉතිං මං එකක් යැව්වෙමි. ළගදීම ඔහු චිත්තරේ එවනු ඈත. සැනින් එසැනින් එය පල කිරීමටත් ඉන් පසුව අද කතාවේ ඉතිරිය පල කිරීමටත් බලාපොරොත්තු වෙමි.

    මීට සයිබර්යාය ප්‍රධන හා එකම කර්තෟ බුද්ධි.

    ReplyDelete
  28. ලැබුන ලකුණු වල ප්‍රතිඵල ආවෙ නැද්ද තාම?

    ReplyDelete
  29. අපොයි.... අනේ ඉතින් සමනලී අයිතිකාරයත් එක්කම ආවා නොවැ සයිබර් යායේ කතාව බලලා ටිකක් හිනා වෙන්න.... ඒ බලද්දී මෙන්න මෙයා කතාවට මතු සම්බන්ධයි දාලා!!!! ඕකනේ ඉතින් බැරි......

    හා හා කමක් නෑ.... අර ගත්තු ලකුණු ටික ඇත්තටම වටිනවා නෙව.... ඒ ගැන හරිම සතුටුයි ඕං....

    ඉතුරු කොටසත් ඉක්මනටම දාන්න අයියේ.... සමනලී අයිතිකාරයා එක්කම මඟ බලන් ඉන්නවා....

    ReplyDelete
  30. හිපෝ නැන්දා, ළගදීම ඉතුරු ටික බලාපොරොත්තු වෙන්ඩ හොදේ!
    ....................
    sameerausaට,

    ලකුණු දැනට ලැබෙමින් පවතිනවා. නිළ නොලත් ආරංචි මාර්ග වලට අනුව මට ලැප් කට්ටකටයි, කැමරා කට්ටකටයි ලකුණු ලැබිලලු. ඔවා ඉතිං සෑහෙන කාලෙක ඉදං එකතු කරපු ලකුණු. දන්නවනේ ''උත්සහවන්තයා ණය ගනී කිව්වලු'' කියලා මං එදත් කිව්වනේ.
    .................
    පුදන කොයපු කාපි යකා කියලා අයිතිකාරයා ඉස්සර ලැජ්ජා උනාද මන්දා අපේ සමනලී. ඈයි ඔයාගේ සමණලයට මගේ පරණ පෝස්ට් ටික පෙන්නන්න එපැයි..
    කමක් නෑ.ඉතුරු ටික ඉක්මනටම දානවා. හැමදාම වගේ ගොඩවැදිල යන්න එන ඔයාට මෙන්න මගේ ප්‍රණාමය! අනිත් පාර එද්දි අයිතිකාරවත් එක්කං එන්න අමතක කරන්න එපා හොදේ!

    ReplyDelete
  31. ඉතුරැ ටික ඕනෙ තමයි. අහන්නත් දෙයක්ද?

    ReplyDelete
  32. පොටෝ මහත්තයෝ, ඉතුරු ටික ඉක්මනටම දානවා. ටිකක් ඉවසන්නකෝ

    ReplyDelete
  33. මේ ඒක නෙමේ අපිට අලුත් පෝස්ට් ගැන දැනගන්න...
    සබ්ක්‍රයිබ් වෙන්නhttps://www.google.com/accounts/ServiceLogin?service=feedburner&continue=http%3A%2F%2Ffeedburner.google.com%2Ffb%2Fa%2Fmyfeeds කෙරේමයකුත් බ්ලොගේට දැම්මනං හොඳ නැද්ද.

    ReplyDelete
  34. ඒක නෙමේ......
    අලුතෙන් දාන පෝස්ට් ගැන අපිට දැනගන්න කෙරේමයක් හැදුවොත් නරකද

    ReplyDelete
  35. නැතුව නැතුව..... සමනලී අයිතිකාරයාට වෙනදාට සයිබර් යායේ කතා ටික කන පිරෙන්න කියනවා.... අද ඉතින් අයිතිකාරයා ඒ කතා ටික කියවලා අර අපූරු චිත්‍ර ටිකත් බලලා.... ඕන්න ඇති වෙන්න හිනා උනා නෙව....!!

    දැන් අපි දෙන්න ඔන්න බලා ඉන්නේ කතාවේ ඊලඟ කොටස බලලා අද මතු සම්බන්ධයි කියලා නවත්වපු හිනාවේ ඉතිරි ටික හිනාවෙන්න...... :D :D

    ReplyDelete
  36. එහෙනම් අයියේ ඊලඟ කොටහත් දාන්නකෝ........... අනිවා අනිවා ලකුනු දාගන්න ඕන තැනේදි ලකුනු දාගත්තෙ නෑත්නම් ඉතින් වැඩක් නෑනේ නේ.... හික් හික්

    ReplyDelete
  37. සහන්,
    ඊමේල් එකක් මගින් දැණුම් දෙන්න පුලුවන් ද කියලා බලන්න ඕන. ඔබතුමා දන්න කෙරේමයක් තියනවා නං කියන්ඩකෝ මටත්.
    .......................................
    සමනලී, එළකිරිස්.....

    !! ''හිනාව මතු සම්බන්ධ කිරීම!'' මං ඈහැ​ව්වමයි :D

    ReplyDelete
  38. chikeee mehemath amdek ikkkkkkkmanata ithuru
    tikath kiyanna ekaparama hinawennam.
    well done massina....

    ReplyDelete
  39. බුද්ධි: එහෙනම් , උත්සාහවන්තයා ලැප් ගනී කියල වෙනස් කමක් කරගන්න පුළුවන්.

    ReplyDelete
  40. ඔන්න ෂවුඩයේ බුද්ධි මැරියන් නිසා බේරුනා..
    ඉක්මනටම කථාව කියන්න වෙයි..

    නැත්තන් මැරින්වයි එයාගේ අම්මාවයි දෙන්නාවම උස්සලා ෂවුඩයේ බුද්ධිගේ ගෙදරට ගෙනත් දානවා.

    ReplyDelete
  41. Sakiya enne kohenda, mukuth wisthara nahane. blog ekkak wath liyannada? Kohomath man Amdek nemaei. kekaru lamayek harida'
    ...............................
    ගීතික,
    ඕවා දන්නෙ අපි අපිමනේ. ඒක හින්දා ඔන්න ඔහේ ''උත්සහවන්තයා ණය ගනී'' කියලම කියමූ. නේද ගීතිකයො...
    ...............................
    ළමයාත් අනිතිමට ඈවිල්ල තියෙන්නෙ,

    ඔය අම්මත් ලංකාවට ගොඩ බැස්සෙ මැරියන්ව අපේ ගෙදර ගෙනත් දාන්න හිතාගෙන තමා. මොකකිං මොකක් වෙයිද දන්නෑ බං ළමයෝ!!

    ReplyDelete
  42. හසිත මලයව දැන්නෙ බොලේ දැක්කෙ, මේ අපේ මයික්රපෝනෙනෙ, උඔ කියන කතාව ඈත්ත මලේ. ඒ කෙරෙමෙ ප්‍රගුණ කොලොත් වරදින්නෙ අඩුවෙන් නේද?
    පරක්කු උනාට සමා හොදේ.....

    ReplyDelete
  43. sakiya hari busy blog liyanna havent time.
    oyala wage rasa kata liyanna danneth nehe.
    happacchiye thama mawa danne nethda sakiya agantukayek neme "handuna gattoth
    oba ma" try karanna lagama hitawatek.

    ReplyDelete
  44. ඔන්න පරක්කු වෙල හරි මාත් ආව...
    අමතක නොකර නමට ඉස්සරහින් එක දාන්න හොඳේ...
    (රොබින්ට රහසින්.. බේරෙන්න ඕන නම් කතාවේ ඉතුරු ටික ඉක්මනටම දාන්න වෙනවා... ෂෙරිෆ් ෂර්වුඩය වට කරලාලු)

    ReplyDelete
  45. අයියෝ ලොකු අයියේ කිසිම අව්ලක් නෑ ඕව නම් මොනවද? හික් හික්
    හරි තැනේදි ලකුනු දාගත්තොත් වරදින්නෙ අඩුවෙන් තමයි

    ReplyDelete
  46. ඕං දැං ඉතිං මට මල පනිනවා..........
    යකෝ ලියන්නැද්ද මේකෙ ඉතුරු ටික?

    ReplyDelete
  47. අඩෝ බුද්ධියා.. කෝ යකෝ කතාවෙ ඉතුරු ටික?
    කෝ මේ යකා ආ ගිය අතක් නෑනෙ, මූව හොයන්න ෂර්වුඩ් කැලේටම රිංගන්න වෙයිද දන්නෑ...
    යකෝ ඉන්න තැනකින් ඉක්මනට වරෙන් නැත්තන් උඹට මේ පැත්තෙ ලකුණු ඍන වලින් තමයි ගනන් කරන්න වෙන්නෙ.
    ඔන්න මම ජයග්‍රාහී අර්ධ ශතකය වාර්තා කොළා... :D

    ReplyDelete
  48. මම ආවෝ! වැඩි විස්තර ඉක්මනින්ම!

    ReplyDelete
  49. 'කෙහෙල් කොටුවේ චූටි මහත්තයා හෙවත් සයි බර යායේ ‍රොබින් හුඩ් සොයා දැවැන්ත ක්‍රියාන්විත මෙහෙයුමක් ආරම්භ වීමට සූදානමක් තිබූ බව නම හෙලි නොකල නිලධාරියෙක් අප සමග පැවසීය.....'' මේක උදේ ඉලු එකේ ගිය නිවුස් එකක්

    ReplyDelete
  50. ගීතික,
    බ්රේකිං නිව්ස්-

    දින කිහිපයක් අතුරුදහන්ව සිට, අද උදැසන නිවසට පැමිණි කෙහෙල් කොටුවේ චූටි මහත්තයාට මුහුණ දීමට සිදුවූ සියලු සිද්දීන් පිළිබද වැඩි දුර තොරතුරු දැන් අප වෙත ලැබී ඈත. තවමත් සංස්කරණ මැදිරියේ සංස්කරණය වෙමින් පවතින මෙම ප්‍රවෘත්තිය අප වෙත ලැබුණු විගස ඉදිරිපත් කිරීමට සුදානම්. එතෙක් කෙටි විරාමයක්.

    උපුටා ගැනීම - සං නිවුස්

    ReplyDelete
  51. අයියෝ මේකගෙ මේ "මගුල" නිසා අර "ගයි ඔෆ් ද ගිස්බන්" වගේ දවසකට සැරයක් ඇවිල්ලා හැරිලා යනවා. අපිටත් තද වෙනවානෙ. අනික ඔය විධියට ඉවසන්න ගියොත් ඉවසන තැන ගෙවිලා යයි. බොරුවක් හරි දාපං. නැත්තං "කිරිස්".

    ReplyDelete
  52. ඇයි වදේ... සති දෙකකට පස්සෙ සින්ඩියට ගොඩ වෙලා යාය පැත්තෙ රවුමක් ගැහුවා.. එතකොට දීපු පොරොන්දුවත් එක්ක බුද්ධ් තාම මග.... කමක් නැහැ මල්ලි.. ඔය ලකුනු සහිත රිපෝට් කාඩ් එක ජීවිතේ ඕනම ඉන්ටවීව් එකකට වටිනවා... එත් එක්කම්ම.. මැරියන් ෂර්වුඩ් ගත වෙච්චි දවසට... නැන්දම්මා ප්‍රමුක ඩිරෙක්ටර් බෝඩ් එකෙන් කරන ඕනම performance appraisal එකක දී ඔබව ඉදිරියට ගෙනියනවා..ඕවා ප්‍රමෝෂන් ඉන්ක්‍රිමන්ට් ආදියට බලපානවා... Good Luck!!

    ReplyDelete
  53. මේක තමා මට හම්බවෙච්ච හොඳම බ්ලොග් එක.

    ReplyDelete
  54. Srimal Ahangamage, ගොඩක්ම ස්තුතියි! මම මේ පරණ පෝස්ට් චැක් කරද්දි ඔයාගේ ෆලෝ කෙරිල්ල දැක්කෙ

    ReplyDelete
  55. දැන්නෙ තේරෙන්නෙ ගොනාට වගේ අයි මූට මේ චූටි මහත්තයා කියන්නෙ කියලා..

    මටත් තිබුනා ඔය වගේ දුන්නක්, පුවක් ලීයකින් හදපු. රොබින්ගෙ එක පරාදයි. ඊ තලත් පුවක් පටිම ගාලා, හීනි කොරලා පොලිශ් කරලා කොනට ඇනයකුත් හයි කොරලා තිබ්බෙ. වත්තෙ තිබ්බ කෙහෙල් පඳුරු ඔක්කොම ඉවර කලා ඕවයෙන් විදලම.

    අයීයෝ එහෙව් කාලයක්..

    ඒවා මේ තරම් ලස්සනට ලියන එකනම් හරිම පුදුම ජනකයි !

    ReplyDelete
  56. සෙන්නා ඉන්ඩ තිබ්බෙ අපේ ගැන්සියේ.... !

    ReplyDelete

ඔබේ පංගුව...

Related Posts Plugin for WordPress, Blogger...