2010/03/31

ෂර්වුඩයේ රොබින් හෙවත් කෙහෙල්කොටුවේ චූටිමහත්තයා අන්තිම කොටස​ට පෙර | එදා සිද්දිය.


ඔන්න සිත්තරේ, ඕක තමයි එදා මෙදා තුර මට අමතක නොවෙන සිත්තරේ.

මේ සංසාර ගමනේ වැඩිම ප්‍රතිචාර ගණනක් ලැබුණු පෝස්ට් එක තමා ෂර්වුඩයේ රොබින් හෙවත් කෙහෙල්කොටුවේ චූටිමහත්තයා පෝස්ට් එක.

මගේ රිප්ලයි එහෙම අයින් කලාම ඒකට ගෙඩිපිටින් කමෙන්ට් 44ක්.

වැඩේ කියන්නෙ මේ කමෙන්ට් වලින් බාගෙට බාගයක් තිබුනේ එදා හිනාවෙන්න බ්ලොග් එක පැත්තෙ ඈවිත් හිස් අතින්ම ගිය කට්ටිය ලුණු ඈඹුල් පදමට දාලා රසට ලියලා තිබුනු කොමෙන්ට් වලින්නෙ. බොරුනං මෙතනිං ගිහිල්ලා කමෙන්ට් ටික කියෝල එන්ඩකෝ.

ඒක නිසා මං කතාවෙ අන්තිම කොටසට කලින් එදා කතාව ඉවරකරගන්න බැරිඋන හේතුව ටිකක් කියන්න හිතුවා!

මම උපතින්ම කතන්දර කුට්ටි කරන්නෙක් නොවුනත් නොවැලැක්විය හැකි හේතුවක් නිසා මීට පෙර එක් දිනක් කලාක් මෙන් මට එදා කතාව කුටිටි කිරීමට සිදුඋනා.

ඒකට හේතුව කෙහෙල් කොටුවේ චූටි මහත්තයා හෙවත් ෂර්වුඩයේ රොබින්හුඩ් කරකාර බදින්න ඉන්න මැරියන්ගේ අම්මා ලංකාවට වසර හතරකට පමණ පසු ගොඩබැසීමයි.

මම ද ඒ අවස්ථාවට සහභාගි උවහොත් අමතර ලකුණු දෙක තුනක් අහුලා ගත හැකි බව මැරියන් තරයේ කියා සිටි නිසා මමත් රෑම කටුනායක පැත්තට ගියා.

ඔන්න ඔය කාරණාව කරණ කොට ගෙන මට කතාව සම්පූර්ණ කර ගන්ට බැරිඋනා.

හැබැයි කටුනායකට ගිය එකෙක් මට මැරියන්ගේ අම්මගේන් බඩකට පුරා ලකුණු ලැබුනා.
ඒ අවස්ථව චිත්‍රයට නගලා තිබුනොත් පොඩි සමා කෑල්ලන් දෙන්න පුලුවනං කියලා ඒදා කමෙන්ට් කරලා ගිය බුධාජීවයි, ගීතිකයි කියලා තිබුණ හින්දම විදේශීය චිත්‍ර ශිල්පියෙකු ලවා ඒ අවස්ථාව මම සිතුවමක​ට නැගුවා. ඔය තියෙන්නෙ ඒ සිතුවම!

කහයි කලුයි ටී එක දාලා ඩෙනිම ගහල ගානට ලකුණු එකින් එක දාගන්නෙ කවුද කියලා මං අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ.

මැරියන් තමා එයාගේ අම්මගේ අතේ එල්ලිලා ඉන්නෙ. මගේ ලකුනු රැස් කෙරිල්ල දිහා කොචෝක් බැල්මක් දාගෙන ඉන්නෙ මැරියන්ගෙ අක්කා.

එයාපෝට් එකේ වැඩ කටයුතු ටික ඉවර වෙලා ඒ පහන් සිතිවිල්ලෙන්ම ගෙදර ඈවිත් බ්ලොග් එකට නිකමට වගේ ඔලුව දැම්මා.

අම්මා.........................බ්ලොග් එක පිරෙන්ඩ කොමෙන්ට්නේ! කොමෙන්ට් පිරෙන්න ලුණු ඈඹුල්.

''හොද වෙලාවට නේ කොමෙන්ට් කරන කොටුවේ දාලා, වචන විතරක් එවන්න පුලුවං තාක්සනයක් තියෙන්නෙ.'' බ්ලොග් එක දැක්ක මට හිතුනා.

''කොහොමද අපේ පරිගණකය තාක්සනේ ගන වස්තුවක් උනත් එහෙම එහා මෙහා කරන්න පුලුවනං තරමට දියුණු වෙලා තිබුනනං.''
එහෙනං ශුවර් එකටම කට්ටිය ඔය කමෙන්ට් කොටුව අස්සෙන් අත දාලා මට කණ පැලෙන්න දෙනවා. කතාව මග නතර කරල ගියාට!

කොහොම හරි පහුවදා මම මැරියන්ලාගේ ගෙදර ගියා. දෙන දෙයියෝ පයින් ඈන ඈන දෙනවා කිව්වලු!
ගිය ගමන් මැරියන්ගේ අම්මා මට කිරිටොය්යා තෑග්ගක් දුන්නා. ඔය තියෙන්නෙ ඒක!

''අනේ ඉතිං අපේ මැරියන්ගේ අම්මා. බුදුන් දැක නිවන් දකින්ට ඕනි මේ කරගත්තු කුසල කර්මෙට'' ඉතිං තැගි බෝග අරං ඒක පාරටම ගෙදරින් එන්නත් බෑනේ. රට චොකෝ කෑල්ලක් කාලා, රට සුප් පාරක් දාලා, මේ කරගත්තා වූ කුසල කර්මෙට අනේක වාරයක් ඉස්තුති කරලා එහෙම එද්දි එදා දවසත් ඉවර උනා.

ඔන්න ඕකයි මට කතාවේ ඉතුරු ටික දාන්න පහුවදාත් බැරි උනේ!

දැන් ඉතිං ඒ කේස් ඔක්කොම ඉවරයි, ඉතුරු කතා කෑල්ලයි තවත් කතා ගොඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩකුයි ඉදිරියේදී ඉක්මනින්ම අනිවා දානවා.

කතාව කියෝල මං ගැන අමනාපයක් ඈති කර නොගත්තු ඔබ සැමට හා ඒදා කතාවෙන් පස්සේ මං කොහේ ගියාද කියලා වරින් වර හොයා බැලු ඔබ සියලු දෙනාට, කරන කියන රැකි රක්ෂා කටයුතු සාර්ථක වී සියලු බලාපොරොත්තු ඉටු වී මෙලවදීත් පරලොවදීත් යහපතක්ම වී, කෙලවර මෙතේ බුදුන් දැක නිවන් දකින්නට වරම් ලැ​​බේවාවාවාවාවාවාවාවාවාවා කියලා ප්‍රාර්ථනා කරනවා!















43 ක් කියන්නේ !:

  1. මැරියන්ගේ අම්මා මාර විදිහට සලකනවනේ රොබින් හුඩ් කොළුවට

    ReplyDelete
  2. මැරියන්ට නංගිලා නැද්ද

    ReplyDelete
  3. චතුරංග අහපු ප්‍රශ්නයට උත්තර දෙන්න ... නැත්නම් ඌ පව් ....

    ReplyDelete
  4. oyatanam pissu. Nadeesha.

    ReplyDelete
  5. එහෙනම් රොබින්ට අළුත් ජනෙල් 7 දුන්නක් හම්බ වෙලා වගේ ඉස්සරහට එකෙන්ද පෝස්ට් විදින්නේ? නියමයි ඉක්මනට ඉතුරු ටික දාන්න.
    ඒක නෙමේ පොඩි දෙයක් මේ බ්ලොග් එකට ස්කිප් ඉමෝෂන් දැම්මොත් මොකද නියමෙට තියෙයි.

    ReplyDelete
  6. ඔන්න ඉතින් අදත් ඇවිත් හිස් අතින්ම ආපහු යනවා...

    මවු මැරියන්ගෙන් ලැබුණු ලකුණු වලට සුබ පැතුම්...!!!!!!!!

    ReplyDelete
  7. ඉල්ලීම් ඉටු කල රොබින්හුඩ් මැතිතුමා ජය වේවා. ඔබට morax,solas,orias,albion,eligor,beleth and flauros අසිපත් වල පිහිටයි. හැබැයි අළුත් 7 ඔක්‍කොටම වඩා බලවත් ඇති.

    ReplyDelete
  8. ඉෂාර ගුණවර්ධනMarch 31, 2010 at 11:14 AM

    ලකුණු ලබා ගැනීම ගැන නම් සතුටුයි. මොකද අර කවුද කිව්වා වගේ ඔය ලකුණු තමයි චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙන්න තියෙන්නෙ. මොනවා උනත් තමන්ටම කියලා ලැපකුත් හම්බ උන නිසා දැන් ඉතිං මැක්සා පෝස්ට් ටිකකුත් ලියන්න පුළුවන්නෙ. ජය ජය.

    ReplyDelete
  9. MAMATH AWA 1 DAGANNA ADA HARI BUSY.

    ReplyDelete
  10. නැන්දම්මා වෙන්ඩ බෑණාට හරි ආදරේ පාටයි. රොබින් හුඩ්ව කොටස් කලාට, මේකත් ලස්සන කථාව.

    අර නැන්දම්මාට තෙල් බෙදන චිත්‍රයත් හරි ලස්සනයි. නයි කයිද රෝස් පාං කිව්වලු. මේ අපට බෙදනවා වගේම නැන්දම්මාටත් කොටස් කරලා බෙදන්න ඇති. පවුලේ වැඩ ඉවර වුනහම ලියන්න, අපි බලාගෙන ඉන්නවා.

    ReplyDelete
  11. කොල්ලා එහෙනම් ආය බ්ලොග් ලියන්නේ ජනේල 7න් ඔලුව දාලා... හිහ් හිහ් මරු මරු...

    මේ බ්ලොග් එක නැන්දම්මාත් කියෙවුවා නම් මචෝ අනිවා වැඩියෙනුත් එක්ක ලකුණු දෙනවා ෂුවර්....

    කථාව ලියමුකො එහෙනම් හෙමී‍ට.. නැන්දම්මා නිසා බේරුනා..

    ReplyDelete
  12. පට්ටම පට්ට. ඉතුරු ටික කියවනකං ඉවසුමක් නෑ. මම සයිබර් යාය මගේ blog රෝලටත් දැම්මා.

    ReplyDelete
  13. ඕක තමයි අයියේ මං කිව්වේ ලකුනු දාගන්න ඕන තැනේදි ලකුනු දාගත්තොත් වරදින්නේ නෑ කියල........ හික් හික්
    නියමයි නියමයි
    එහෙනම් අලුත් ලැප් එකට මයික්කරපෝනෙනුත් සුබ පැතුම්

    ReplyDelete
  14. නයා ඇරිය ඇති... කතාව කියපිය

    ReplyDelete
  15. ෂා..... අලුත්ම අලුත් තෑග්ග වෙනුවෙන් සමනලී සහ අයිතිකාරයා යන දෙදෙනාගෙන්ම සුභ පැතුම්!!!
    ඒත් ඉතින් ඔන්න බලන්නකෝ අදත් අයිතිකාරයා එක්කම සමනලීට හිනාවට මතු සම්බන්ධයි කියන්න උනානේ.... මේ වැඩේ නම් හරියන්නේ නෑ ඕං බුද්ධි අයියේ..... :D
    කෝ කෝ ඉක්මනට ඔය ඉතුරු කොටස ලියන්නකෝ ඉතින්.....

    ReplyDelete
  16. අනේ වාසනවන් ඔය වගේ නැන්දම්මලා හම්බවෙන්නත් පින් කරන්න ඔනේ.උබේ පිනද...?නැත්තන් අපිට වගේම නැන්දම්මටත් බොල බස්සලද ලැප ගත්තේ..කමක් නැහැ කමක් නැහැ.ඔන්න ඉතුරු ටික උබේ ඔය පවුලේ කටයුතු සිදුකරලම දාපන්කො..හැබැයි පුතො මේ දවස්වල ලියන්නේ උබේ අවසාන කථා ටික නෙමේනේ.මොකද මැරියන් නගාව කරකාර බන්දල දෙන්නද දන්නැහැනේ අම්මා ලංකාවට අවේ.අනේ ඉතින් එහෙම උනොත් බැදපු මුල්දවස් වල කියයි දැන් ඉතින් මැරියන්ව නලවනවා එ‍හින්දා කුට්ටි කරනාවා කියලා.ඊට පස්සේ කියයි මැරියන්ගේ බබවා නගවන නිසා කුට්ටි කරනවා කියලා.එහෙම උනොත් අපිට නිකම්ම නැලවෙන්නයි වෙන්නේ..එවා බැ හොදද මොනවා උනත් දිගටම ලියන්න වෙයි.නැත්තම් කම්පියුටරෙන් අකුරු විතරක් නෙමෙයි ඝන ද්‍රව්‍ය එවන ක්‍රමයකුත් හොයා ගනියි අපේ කට්ටිය ඔන් මම කිව්වා....

    ReplyDelete
  17. සං‍තෝශයි... වැඩි වැඩියෙන් marks ලැබී වැඩි වැඩියෙන් gadgets ලැබේවා...

    ReplyDelete
  18. බොලේ හැබෑට, දැං යන සිස්ටම් එකේ හැටියට හොඳ වයිපර් එකක් හොයනවට වඩා හොඳ මදර්බෝඩ් එකක් හෙවීමයි කරන්න තියෙන්නේ!

    මේ කොමෙන්ට් කිරීමේ පුණ්‍යානුභාවයෙන් අපි හැමෝටම හොඳම හොඳ නම්බර් වන් මදරින්ලෝස්ලා ලැබේවා! සාදු! සාදු! සාදු!!!

    ReplyDelete
  19. හසියට,
    ඕවා ඉතිං එක පාරටම ලැබිච්ච දේවල් නෙමේ හරිය ''උත්සහවන්තයා ණය ගනී කීව්වලු''.

    ..........................................
    චතුරංගට,
    මැරියන් තමා නංගි. හී......හී....... ඒක නෙමේ ඔයා මේ ආවේ කාලෙකට පස්සේ නේද? පහුගිය ටිකේ මං දැක්කෙ නෑනෙ?

    ..........................................
    වැප්,
    ඔන්න චතුවට උත්තරේ මං දුන්නා. මේක උඔට.
    ( ...................................................................................................................) හරි උඔ බයවෙන්ඩ එපා. වරහන් අස්සෙ ටික පේන්නෙ උඔට විතරයි. හීහ්....හීහ්.....හී.......................... (පරණ ෆන්)

    ................................................
    නදීශා,
    බලාගෙනයි! අම්මා බනියි!

    .................................................
    කස්සා​ට,
    දිගටම විදින්නෙ මගේ ඩෙස්ටොප් දුන්නෙං. අලුත් ජනේල් 7 විදින්න ඩොංග්ල දුන්නක් නෑනේ. අර ඉමෝශන් කේස් එක දාන්න බැලුවා. සාර්ථක උනේ නෑ නොවැ. පුලුවං නං හෙල්ප් එකක් දෙන්ඩකෝ අනේ!!!

    ...............................................
    සුලගට,
    දේදුනු පාලමෙන් ආපු සුලග ආපහු හිස් අතින්ම ගියා කිව්වම මටනං හරි දුකක් ආවා. ඔහොම ඉන්නකෝ තව චුට්ටක් ඉවසලා. සුබ පැතුමට ස්තුතිය!

    ..........................................
    (කොහෙන් එනවද කියලා දන්නැති) ගීතිකයට, ​
    දන්නවනේ ඉතිං. සිත්තරේ හොදයි ද? අලුත් 7 තාම ටැස් කලේ නැත. දිගටෝම මේ පැත්තෙ එනවට ඉස්තුතිය! අර අසිපත් වලින් හොද ඈල්බියන් විතරයි නේද? අනිත් එවා අයහපතට උනත් යූස් කරන්න පුලුවන්නෙ නේද?

    .......................................................
    ඉෂාරට,
    අනිවා, මැක්සා පෝස්​ට් ටිකක් නං දාන්න ඕනි. හැම දාම මං එක්ක හිටි​ය උඔලට මගේ ස්තුතිය.

    ...............................................
    සකියා,
    එල. එල! බිසි නං අවුලක් නෑ. 1 හොදටෝම ඈති.

    ....................................................
    සිරිබිරිස් මාමට,
    සිරිබිරිස් මාම මොකෝ පහුගිය ටිකේ මේ පැත්තෙ ආවෙ නැත්තෙ. මං බලාගෙන උන්නනෙ. මේං මෙතන්ට මාම ගියේ නෑ නේද?
    http://cyberyaya.blogspot.com/2010/03/blog-post_19.html

    ......................................................
    ළමයාට,
    හරි හොද ළමයා. ළමයා විතරයි හෙමීට ලියමු කිව්වෙ.

    ........................................
    අලුත් කාංචනට,
    ඔයා​ගෙ ''සැලමුතු සිතිවිලි'' වලට මුලින්ම මගේ සුබ පැතුම්! මගේ අනිත් පෝස්ට් ටිකත් කියෝල බලන්ඩ. හැබැයි මහංසියෙන් ලියපුවට හිනා වෙන්ඩ බෑ හරිද?

    ....................................................
    මයික්රපෝනෙට,
    ''ඕක තමයි අයියේ මං කිව්වේ ලකුනු දාගන්න ඕන තැනේදි ලකුනු දාගත්තොත් වරදින්නේ නෑ ''
    ඒ කියන්නෙ මේ ළමයා ඔය කතා කරන්නෙ තමන්ගෙම අද්දැකීමෙන්ද? හීහ්......හීහ්.............

    ...................................................
    තරිදුව​ට, නයි අරියේ කව්ද යකෝ? හිටපංකෝ හිටපංකෝ..............

    ..........................................
    අනුරාධට, අනන්තයටම සාදු සාදු සා..............................

    .........................................
    සමනලීට,
    සොරි හොදේ රස්තියාදු උනාට. දන්නවනේ මේවා ඉතිං හිතල මතල කරන ඒවා ​නෙමෙයි කියලා. තරහා අවසර!!!! දෙන්නගෙන්ම

    ReplyDelete
  20. සසිකයෝ,
    කිසිම බෝලයක් නෑ. කරකාර බැන්දා නෙමේ හදේ පදිංචියට ගියත් බ්ලොග් එක ලියනවා උඔලා කියෝනකං. ඒවා කොහොම උනත් ගන ද්‍රව්‍ය එවන තාක්සනේ ආපු දවසක උඔ ඔය කරේ දාං ඉන්න පිඹුරැ තඩියව නං එවන්ඩ එපා මේ පැත්තට හොදේ.......

    ...................................
    බීට්ල් මහත්තයත්,

    අන්තිමේට 1 දාලා තියෙන්නේ. සංතෝසයි..... සංතෝසයි

    ..........................................
    බුධාට,

    මේ කොමෙන්ට් කිරීමේ පුණ්‍යානුභාවයෙන් අපි හැමෝටම හොඳම හොඳ නම්බර් වන් මදරින්ලෝස්ලා ලැබේවා! සාදු! සාදු! සාදු!!!

    මෙකා බයවෙලා තියෙන තරම කියන්නෙ ''සාදු සාදු'' කෑල්ලත් ඌම කියලා දාලා. හීහ්..............හීහ්.............

    ReplyDelete
  21. ඔන්න අන්තිමේ මමත් ආවා වැඳගෙනම... මටත් ඔය පිං ටිකක් අනුමෝදන් කොලා නම්.......

    ReplyDelete
  22. Nishacharaya, නිශාචරයෝ ඔන තරං පිං ගනිං. මෙච්චරවත් ඉවසුවාට මගෙන් තුති!

    ReplyDelete
  23. @බුද්ධි:
    [said:බුද්ධි]
    මෙකා බයවෙලා තියෙන තරම කියන්නෙ ''සාදු සාදු'' කෑල්ලත් ඌම කියලා දාලා. හීහ්..............හීහ්.............
    [/said]
    ලොලේ ලොල්!

    මං මක්කටද බං බය වෙන්නේ.

    එහෙම නෙවේ, ගාථාවත් කියලා ඒක කියපු එකාම සාදු සාදු කියන එකයි දැං ට්‍රෙන්ඩ් එක. සැක නං සුමදුර දර්ම දේශනයක් අහල බලන්නකො. :D

    ReplyDelete
  24. හික් හික්
    අත්දැකීම් වලින් තමයි අයියේ හුඟක් දේවල් අපි ඉගෙන ගන්නේ....
    හොඳයි නැද්ද ???? :P :P

    ReplyDelete
  25. අම්මට සිරි. මරු තෑග්ගක්නේ බං උඹට සෙට් වෙලා තියෙන්නේ.

    ReplyDelete
  26. ඕං දැන් ඉතින් කතා කොටස් කරල දානව බොරු...
    අම්ම මැරියන්ට පින්සිද්ධ වෙන්න ජනේල 7 ත් අතේ තියාගෙන යන යන තැනක ඉඳන් කතාව ලියනව හොඳයි...
    සුබ ම සුබ පැතුම්, රොබින් ට...

    ReplyDelete
  27. budhajeewa, සාදු සාදු සා.....
    .................

    මයික්ට,
    මෙකත් මට අයියෙ අයියෙ කිව්වට කෝක් එකක් එක්ක රට කාපු එකෙද්ද කොහද!! හීහ්.හීහ්....

    .................
    wikka, මේක හින්දා ඊයේ නිදාගද්දි 1 ත් පහුඋනානෙ. තෑග්ග නං මරු වගේ තමයි. බලමුකො ඉතිං නේද? ඒක නෙමේ උඔ අලුත්නේද මේ පැත්තට?
    ............................
    sansarasiduට, එහෙමයි එහෙමයි, මේ විලම්බෑසිය මතක තියෙන කං ආයෙ නං කුට්ටි කරන්න අදහසක් නෑ.හීහ්.හීහ්....

    ReplyDelete
  28. "අර ඉමෝශන් කේස් එක දාන්න බැලුවා. සාර්ථක උනේ නෑ නොවැ. පුලුවං නං හෙල්ප් එකක් දෙන්ඩකෝ අනේ!!!"

    මේ ගෙන තිලිණ ලියලා තිබුනා පහල ලිනක් එකෙන් ගිහිල්ලා බලන්න.Blogger වලටත් Skype Emoticons

    හරිගියේ නැත්තම් මට මේල් එකක් දාන්න. එච්චර දෙයක් නෑ මටත් මුලිදි ඕක දෙතුන් පාරක් වැරදුනා.

    ReplyDelete
  29. මම ඔයාගෙ මූනු පොතේ ඉන්න ඇපල් ගෙඩිය. පුළුවන් නම් හොයාගන්න. :p

    ReplyDelete
  30. බුද්ධියෝ, මොබිටෙල් වල ඩොන්ගලේ එල.. උපහාරෙකට මාට්ටු කරලා ගන්න ක්‍රමයක් තියනවා. එතකොට 1500එම්බී දෙසිය ගානයි මාසෙට..අර ට්‍රැවලින් බෑග් එකට ඇල වෙලා හිටිය විදියට තව ටිකක් හිටියොත් ඒ පින් බලෙන් නැන්දම්මා ඩොන්ගල් දානයකුත් දෙනවා ෂුවර්...

    ReplyDelete
  31. කස්සා,
    හරි මං ඉමෝෂන් කේස් එක බලන්ඥං!. මට බය ඕවා දාන්න ගිහිං මහන්සියෙන් ලියපු ඔක්කොම අතුරුදහං වෙයි කියලා. මට ඉතිං එහෙම වෙලා තියෙනවානේ!
    ..................................

    ගීතිකයෝ,
    ආ...
    http://www.facebook.com/home.php#!/profile.php?ref=sgm&id=1614338589
    මේ ඉන්නෙ උඔ.
    ......................................

    පුරසදට,

    දැනට මං ADSL වලට මාසෙට 2400/- විතර ගෙවනවා. නැන්දම්මා ඩොංගල් දානයක් දුන්නා කියමුකෝ. ඒත් මාසෙට රු1500 ගානේ ගෙවන්නෙ කොහොමද. ඒකනේ කේස් එක!! දන්නැද්ද ලැපකට නෙට් ගන්ට පුලුවන් වෙන ජල්බරියක්!

    ReplyDelete
  32. දැං නියමෙට කතන්දර කලාව අහුවෙලා තියෙන බව පෙනේ!!!

    ReplyDelete
  33. කාකා,
    ඔබෙන් වචනයක් අහගන්න මම කොච්චර වෙලා නං බලං හිටියා කියලද?!?!

    ReplyDelete
  34. මැරියන්ගේ අම්මට පින් සිද්ද වෙන්න ඕන ජනෙල් දානයක් දුන්නට. අනේ වාසනාවන් එහෙමත් නැන්දම්මලා...

    මැරියන්ට නංගිලා නැද්ද කියල කවුද ඇහුවනේ....

    අර පින්තූරෙ ඉන්න මැරියන් ගේ අක්කන්ඩි වත් තනිකඩයි ද? :D

    ReplyDelete
  35. sameerausa,

    උඔ ප්‍රමාද වැඩියි අනේ! එයා ගැන කතා කරගන්න මේ ඉරිදා අයිතිකාරයා අම්මා හම්බවෙන්න එනවා. හීහ්..හීහ්...

    ReplyDelete
  36. මීට පස්සෙ ලියන කතා වල අන්තිමට "අත හිත නැන්දම්මාගෙනි!" කියල දැම්මොත් හොඳයි නේද?

    ReplyDelete
  37. Ha ha ha...kohoma kohoma hari kollata AMD Lapakuth set wela thiyenne...Patta...Umbata Jaya...!!!

    ReplyDelete
  38. දිනෙෂ්/නුවන්,
    තැන්කූ වෙවා. බලමුකො තාම ලැපට දැල් දාන්න ඩොංගල් කට්ට්ටක් හොයාගන්න බැරි උනා.

    ReplyDelete
  39. දෙවනි කොටසෙත් කථාව නෑනෙ... කෝ යකෝ ඒක...

    ReplyDelete
  40. සාතන් මේ කාලේ තමා මම නමක් හදා ගත්තෙ. ඒ හින්දා ටිකක් ඇද්දා

    ReplyDelete
  41. යකෝ මේකෙත් වංඥාවනෙ කරලා තියෙන්නෙ...

    යන්තම් 2010 මාර්තු ඉවර කරගත්තා..

    දැන් බුදියන වේලාව.. අනික්වා පස්සෙ කියවන්නම්..

    ReplyDelete

ඔබේ පංගුව...

Related Posts Plugin for WordPress, Blogger...