2010/04/02

ෂර්වුඩයේ රොබින් අවසාන කොටස | හර්න්'ස් ඈටෑක්

ඔන්න කවුරුත් බලාගෙන හිටපු ෂර්වුඩයේ රොබින් හෙවත් කෙහෙල් කොටුවේ චූටි මහත්තයා අන්තිම කොටස.



පළමු කොටස අවසානයේ, දෙවන කොටසත් ඉක්මනින්ම පල කරනවා කියපු පොරොන්දුව ඉටු කරන්න බැරි උන හේතුව කවුරුත් දන්නව උනත් කෝකටත් මෙතනත් දැම්මා.

හරි ඕං කතාව,

එදා අන්තිමට කිව්වෙ මම රොබින්ට එරෙහි වෙලා අර හොර මුල වගේ රගපාන්න අම්මගේ කුස්සියෙන් උස්සපු බැග් එකකින් හදාගත්තු හෙල්මට් එකකුත් අරං ගියා කියලානේ. මතක නැති අය මෙතන කොටන්න.

කට්ටිය ආවට පස්සෙ අපි සෙල්ලම පටන් ගත්තා.

මම අර හෙල්මට් එකත් හෙන උජාරුවෙන් දාගෙන රොබින් ලා පස්සෙන් පැන්නුව. හෙල්මට් එකේ කපලා තියෙන කොටුවෙන් අර ටීවී එකේ පේනවා වගේ හරි ශෝක් එකට කෙහෙල් කොටුව පේනවා.

මෙන්න මේ වගේ.



කොහොම හරි ටිකක් වෙලා රගපාගෙන යද්දි මට මගේ හුස්ම හිරවෙන ගතියක් ආවා. කන් දෙකෙන් දුන් දාන බවක් දැනුනා. කොන්ඩෙන් ගින්දර පිටවෙන ගතියන් ආවා. මට ඉවසගන්න බැරුව ගිය තැන හෙල්මට් එක ගලෝන ගමන්ම සෙල්ලම පැත්තක දාලා කෙහෙල් ගහක් පල්ලෙ වැටුනා.

අම්මෝ මෙහෙම දැවිල්ලක්.

මගේ මුලු මූණ ම දනවා. මගේ ''චූච්චං'' තොල් දෙක නාකි කාපිරියෙකුගේ බරියං වෙච්ච තොල් දෙකක් තරං ලොකු වෙලා කියලා මට හිතුනා. මං නිකමට තොල අල්ලලා බැලුවා. අල්ලනවා තියා අත ගෑවෙද්දි දනවනේ. කං දෙක ඊටත් එහා. කන් දෙකෙන් දුන් දානවාද කොහොද එකසිය ගානට.

''දැං ඉතිං කරන්න දෙයක් නෑ ගෙදර වත් දුවනවෝ....... '' කියලා මං හිතුවා.

මොන දිවිල්ලක්ද,

'' ඈස් ගෙඩි වලට හෙන ගහලද සිහලුන්නේ කිව්වලු''
දැවිල්ල වැඩි කමට මුලින්ම වැහුනෙ මගේ ඈස් දෙක නොවැ.

ඒත් මං එක ඈහැක් බලෙන්ම ඈරලා යාන්තං, ක්සනිකව චාලි මුදලාලිගෙ වත්තෙ පොඩි කෑල්ලක් සිතියම් ගත කරගෙන වත්තෙ ඉතුරු ටික හිතෙං ඈදගෙන ටිකක් ඉස්සරහට දිව්වා. ආයෙ නැවතිලා සිතියම ඈදගෙන දිව්වා . ඔහොම චාලි මුදලාලිගෙ පියන් දෙකේ ගේට්ටුවෙන් එලියට පැනලා ගෙදරටම දිව්වා.

ගේ ලං වෙන කොටම මං,

''අම්මේ................................................'' කියලා බෙරිහං දුන්නා.

ඒතකොමට දෙයියො දැක්ක වගේ වැලේ දාලා තියෙන තුවා ටික දැක්ක මං, දුවං ආපු පිම්මෙන්ම වැල ගාවට වංගුව කපලා,

ලා....... කහ පාට රෙද්දෙ, තදම තද දුඹුරු පාට ඉරි දෙකක් ගිය තුවායෙන් මුලු ඔලුවමයි දැවිල්ල අල්ලපු හැම තැනක්මයි පිහදං පිහදං ගියා.

''ඈයි මොකද.............''අම්මා ආවා.

''අයියෝ අම්මේ................... මාව දනවෝ...... මොනවා හරි කරන්ඩො...........'' මං දැගලුවා.

''මොන​වා කරන්ඩ ගියාද...... ඈයි සතෙක්වත් වැදුනද? මොනා කරන්න ගිහින්ද දන්න ගත්තේ?''

'' දන්නැතෝ........ මේක දාගත්ත විතරයි දන්න ගත්තෝ..................'' මං මෙච්චර වෙලා ම​ගේ අතේ එල්ලි එල්ලි ආපු හෙල්මට් එක පෙන්නුවා.

''මේ මොක්දද.....'' අම්මා බෑග් එක පරික්සා කලා.

''මේ ළමයා මොනා කරගෙන ද මේ. මේ ඊයේ මිරිස් කොටලා ගෙනාපු බෑග් එක නේද? මං
කියල තියෙනවා නේද කුස්සියෙන් මොනා හරි ගන්නවනං මගෙන් අහන්න කියලා! අනේ අනේ....දැං ඔය වෙලා තියෙන්නෙ වැඩේ. බ්බ්ප්.. ''

කියලා තව මොන මොනවදෝ කිය කියා අම්මා ඈස් වහගෙන ඉන්න මාව කුස්සිය පිටිපස්සට ඈදගෙන ගිහිල්ල බාල්දියට වතුර පුරෝල නාවන්න ගත්තා.

ඔය තියෙන්නෙ ඊට අදාල සිත්තරේ,


නාවන කොටත් අම්මා මොන මොනවදෝ ගොඩාක් දෙවල් කිය කියා වතුර නෑව්වා. මං මට හිතෙන තැං වලදී
''හ්ම්'' කිය කියා උත්තර බැන්දා.

නාවලා ඉවර වෙලා ගෙට ඈදගනෙ ගිහිල්ල පවුඩර් මල අරං මාව සුදුම සුදු වෙලා, ''කැස්පර්'' වගේ වෙනකං පව්ඩර් නාවලා ගේ ඉස්සරහ ඉස්තොප්පුවේ හාන්සි පුටුවට දාලා,

''මෙනතිං හෙල්ලුනොත් මං බලාගන්නං '' කියලා අම්මා යන්න ගියා.

''අම්මෝ දැනෙන සනීපේ............ෆා..................... '' මං පොඩි හුස්මක් අරං හාන්සි පුටුවෙ ඈල උනා.

''මදැයි රොබින්ට විරුද්ද වෙන්න ගියා'' මට හිතුනා.

ඕන්නං ඔය සමාධි ගත වීමෙන් මං තත්පර තුන හතරක් ඉන්න ඈති. මං නිකමට වගේ ඉස්තෝප්පුවට එක එල්ලෙ පේන ළිද දිහා බැලුවා.

'' කරදර එද්දි එන්නෙ එක පිට එක කිව්වලු!!!!''

මෙන්න බොලේ හර්න් දෙයියන්නාන්සේ ළිද ලග ''ජෝ'' නානව!!!

අර මොකද්ද අර ලිං ගැට්ටෙ දාලා තියෙන්නෙ!,

ලා....... කහ පාට රෙද්දෙ, තදම තද දුඹුරු පාට ඉරි දෙකක් ගිය තුවාය නේද?!! අර මං දුවගෙන ඈවිල්ල මූණ පිහපු.

ඒක දැකපු, මගේ බෝ කොලේ හැ​ඩේට පපුව අස්සේ තිබ්බ හාර්​ට් එක ''චොකොස් '' ගාලා හාන්සිපුටුව පල්ලෙ බිම වැටුනා වගේ දැනුනා!

''අම්මේ.......... තාත්තා අද කන්තෝරු ගියේ නැද්ද?''

'' අද ඈයි කන්තෝරු යන්නෙ අද නිවාඩුනේ'' අම්මා කියපි.

''ඈත්ත නේන්නං. ''

ඔය තුවායෙන් මූණ පිහපු ගමන් ඉතිං ''හර්න් දෙයියන්නාන්සෙටත්'' වෙන්නෙ මට වෙච්ච සිද්දියේ දෙවෙනි කොටස.

ඔන්න මගේ ඔලුව ගල් ටික් වේගෙන එනවා!

මං හීන් සිරුවෙ හාන්සිපුටුවෙන් ගැලවිලා ළිද පැත්තට පාඋනා.

''මොකද මේ පවුඩර් නාලා. මොකක් හරි මගොඩි වැඩක් කෙරුව නේද අදත්! මට ඈහුනා අම්මා කෑ ගහන සද්දෙ.''
හර්න්, මං හොරාට ඈදලා රොබින්ට විරුද්ද උනා කියලා නොදැන ආදරේ පෑවා.

ඊට පස්සෙ බාල්දිය කනුවේ එල්ලලා,

'' යං මමත් නාලා ඉවරයි'' කියාගෙන තුවාය අතට ගත්තා.

එයා,
'' හිංදි තනුවකට සිංහල වචන ඔබලා, ජෝතිපාල අංකල් කියපු සින්දුවක් කිය කියා ආ..................තල් එකේ ඔලුව පිහදනවා.''

''ප්‍රස්නයක් නෑ ව​ගේ'' කන්න වගේ හර්න් දිහා බලං හිටපු මට තේරුනා.

ඔන්න බොලේ ඊට පස්සෙ මෙයා තුවාය අරං ටිකක් උඩට දාලා, අත් දෙකම ඊට යටින් දාලා මූණ පිහන්න ගත්තා. ඊටත් පස්සෙ ඈස්දෙක මුල තියෙන වතුර පිහන්න දඹර ඈගිල්ල අරං හොදට තද කරලා ඈස් පිහදැම්මා මං බලාගෙන ඉද්දිම.

ඕන්නං තත්පරයක් දෙකක් විතර පිහන්න ඈති.

හර්න් කිය කිය හිටපු, ජෝතිපාල අංකල්ගේ සින්දුව එකපාරටම නැවතුනා. තුවාය අහකට ගත්තු හර්න් වේගෙන් ඈස් ගගහ ඈස් පොඩිකරන්න ගත්තා. තුවායෙන් මූණ අහකටගත්තු එයා බයවෙලා වගේ තුවාය දිහා බලාගෙනම,

''කාන්තී...........................................'' කියලා බෙරිහං දුන්නා.

''ඈයි.......................!'' ඈතින් අපේ අම්මගෙ කටහඩ ඈහුනා.

ඒ එක්කම මගේ කකුල් පන නැතිව ගියා. මං ​පොල් ගහකට හේත්තු උනා.
..................................................................

හරි, ඔන්න කතාව ඉවරයි.

ඊට පස්සේ වෙච්ච සිද්දිය කිව්වොත් ඔයාලා ''බක බක'' ගාගා ගෙම්බෝ වගේ හිනාවෙයි! මම දන්නවා ඔයාලත් බලං ඉන්නෙ, මට නඩුවක් වැටෙනකංනෙ හිනා වෙන්න.

ඒත් මං නං කවදාවත් ඔයාලට ඒ ටික කියන්නෙ නෑ. ඒ මට ලැජ්ජා හිතෙන හින්දාම නෙමේ!

හැබැයි මං එකක් එකක් කියන්නං. කවදාවත්ම අපේ වීරයා රොබින් හුඩ්ට නං එරෙහි වෙන්න එපා. එහෙම උනොත් හර්න් දෙයියන්නාන්සෙ මොන වෙස් මාරුවකිං හරි ඈවිල්ල ඔයාලට දඩුවම් දෙයි.

හරියට අපේ තාත්තගෙ වෙස් අරං මේ මට දඩුවම් දුන්නා වගේ!

ඔයාලටත් ඒ කාලේ හර්න් දඩුවම් දීලා එහෙම තියෙනවද? ඇ.....?











58 ක් කියන්නේ !:

  1. හිකිස්... මරු කතාව...

    ඒ කාලේ හර්න් අපිට දඩුවම් කරේ නැත්නම්, අද මෙතන නෑ... කොහේ හරි කානුවක් පල්ලේ ඉඳීවි...

    ReplyDelete
  2. මොනවා වුනත් හර්න් හොද දඩුවමක් දෙන්න ඇති වගේ රොබින් කොල්ලාට විරුද්ධ වුනාට... හිහ් හිහ්

    ඊලග සිද්ධියත් කියහන්කෝ ෆිට්එක... අපි හිනා වෙන්නේ නැතුව ඉන්නම්.. ප්‍රොමිස්!!!!

    -ළමයා-

    ReplyDelete
  3. maxxa....
    ඇති යන්තම්... මේක දැම්මා...

    'ඒ මට ලැජ්ජා හිතෙන හින්දාම නෙමේ!'

    ඔන්න මම නම් ආයෙත් හිනා වෙන්නේ නෑ...
    හoගපු ටිකත් දාමු නේ?

    ReplyDelete
  4. හි හි එලකිරිස් කතාව .... දැන් ඊලඟ එපිසෝඩ් එක පටන් ගන්නේ කවදද? අර ඊට පස්සේ ටිකත් කියන්න මොකද උබට ලැජ්ජාවක් තියෙන්න බැහැ .... කරලා තියන වැඩ වල හැටියට

    [ හපෝ මේකද මේ මහ ලොකු කතාව ... මට පොඩ්ඩක්වත් හිනා ගියේ නැහැ ... අපරාදේ මං මේ පැත්තට අවේ ]

    ReplyDelete
  5. aiyo ituru tikane hodama tika ekath kiyala
    demmanam neda hoda. hik..hik... maru appa....

    ReplyDelete
  6. ඒක දැකපු, මගේ බෝ කොලේ හැ​ඩේට පපුව අස්සේ තිබ්බ හාර්​ට් එක ''චොකොස් '' ගාලා හාන්සිපුටුව පල්ලෙ බිම වැටුනා වගේ දැනුනා

    maru wordings

    ReplyDelete
  7. දේවදත්ත, කෝකාලික පල්ල හිනා වෙන්නෙ නෑ. හර්න් මොනාද කලේ කියල කියපන් මගෙ සූකිරි පැට්ටො...

    ReplyDelete
  8. අයියේ... කොල්ලෙක් නම් පොඩි කාලේ තාත්තා ගෙන් ගූටියක් කන්න ඕන. එහෙම ගුටියක් කාල නැත්නම් වෑඩක් නෑ හික් හික්....... බඩ කට පුරෝලා හම්බුවෙන්න ඇති නේ.. මරු මරු නියම කතාව :) :)

    ReplyDelete
  9. නියම කතාව, කියල වැඩක් නෑ. හංගපු ටිකත් කියන්න.

    ReplyDelete
  10. එල එල...හැබැයි බාගෙට බැහැ හරිද තාත්තා කරපු දේ කියපන් කෙල්ලෙක් වගේ ලැජ්ජ වෙන්නැතුව....උබට පොඩිකාලේ ඇට්ටර වැඩකරන්න පුළුවන් දැන් කාපු ගුටි කියන්න බැහැ...මොකද මැරියන්ගේ අම්මවත් බලනවද...?

    ReplyDelete
  11. එලම තමා.......
    හර්න් කරපු දේ හිතාගන්න පුලුවන්.
    (එහෙම කොරල මදි මෙච්චර දවස් අපිව චාටර් කලාට)

    ReplyDelete
  12. ඇත්ත තමයි..
    දවස් කීයක් අපිව චාටර් කලාද

    ReplyDelete
  13. අය්යො..ඉතුරු ටිකත් කියන්ඩකො... හරි ෂෝක් ඔයාගෙ ලිවිල්ල නම්...මට බක බක ගාල හිනා ගියා..ඔයාගෙ කතන්දර කලින් කියවල තිබ්බට අදමයි කමෙන්ට් කලේ.. එච්චරම හිනා ගිය නිසා... හිකිස්...

    ජය ජය.... තව ලියන්ටෝ... අපි දත මැදන් කියවන්ට බලා ඉන්නවෝ....

    ReplyDelete
  14. පිස්සු හැදෙයි. කතාව එල. අපිත් පොඩි කාලෙ රොබින් හුඩ් ඇට් කොලා, හැමැයි මම හැමදාම රිබින්ගෙ පැත්තෙ, සමහරදාට මම තමයි හර්න්. :D :D :D

    ReplyDelete
  15. නියමයි...ඔහොමයං.......එල....එල...

    කැම කකා බැලුවේ මට පිටෞගුරේ ගියා....හිකිස්........

    ReplyDelete
  16. රොබින්,
    මොකක්ද මචන් අර ලුහුඩු දැන්වීම?

    ReplyDelete
  17. හා හා... තදින් හිනා...!! නියමයි බුද්ධි...

    මටත් මේක කියෙව්වම මතක් වුනා පොඩිකාලේ රොබින් හුඩ් පිස්සුවෙන් ජීවත් වෙන කාලේ එක දවසක් රෑ කෑම මේසෙදි අම්මා සුප් හදලා තිබිලා මම සුප් කෝප්පේ උඩට උස්සලා "හ්ර්න් ප්‍රොටෙක්ට් අස්..." කියලා එකෙන් ටිකක් බීලා මල්ලිට පාස් කලාම ඌත් එහෙමම කරලා තාත්තාට පාස් කලාම එයාගේ මූනේ තිබුන අපබ්‍රංස බැල්ම...

    ReplyDelete
  18. http://www.myspace.com/sbuddhiApril 2, 2010 at 12:11 PM

    හර්න් mechchara dawasak gedarada hitiye :o Fikssu kora machan.maxxa ithuru tikath liyaha.loleeeee lol.THUMBS UP....

    ReplyDelete
  19. හර්න් mechchara dawasak gedarada hitiye :o Fikssu kora machan.maxxa ithuru tikath liyaha.loleeeee lol.THUMBS UP....

    ReplyDelete
  20. හර්න්ස් ඇටෑක් කියවල..
    මට හාර්ට් ඇටෑක් වගේ....

    හිහ් හී...
    හැමදාමත් වගේ පංකාදු පහමාරයි....

    ReplyDelete
  21. මොනවා වුණත් හර්න් කියන්නේ රොබින් හුඩ් ව ආරක්ෂා කරන දෙවියානේ. පොඩි කාලේ හර්න් හොඳට බලා ගත්තා නිසා තමා අද රොබින් හුඩ් ලා සෙල්ලම් දාන්නේ

    ReplyDelete
  22. අය්යෝ... අහු කොන් ඉතිරි කරන්නැතුව කියන්නකෝ... අපි කාගෙ කාගෙත් කිල්ලෝට වල හුණු තියනවා...

    මට නිකන් අර හදවත බිම වැටිච්ච සද්දෙ "චොකොස්" කියලා ඇහෙනවා වගේ..

    ReplyDelete
  23. මලමගුලයි! ආ...තල් නේ? :D

    ReplyDelete
  24. This comment has been removed by the author.

    ReplyDelete
  25. sameerausa,
    ඔයා කියන කතාව ඈත්ත. හැබැයි මට නං මොන දඩුවම දුන්නත් ඒ දුන්නෙ මොකටද කියලා මතක හිටින්නෙ නෑ. ආයේ ඒ වැරැද්දම කලාම වැඩිහිටියෙක් ඈවිල්ලා මතක් කරලා දෙන්න ඕනි '' ඒදා ඔයා මේ වැරැද්ද කලා ඒකට මේ දඩුවම දුන්නා කියලා''. එතකොට නං මං ටිකක් සලකලා බලනවා.

    ......................................
    ළමයාට,
    ඊලග කෑල්ලක් නෑ අනේ. ඒදා කෑලි ඔක්කොම ඉවර උනා හර්න් හින්දා. හීහ්.හිහ්..............

    ........................................
    සුලගට,
    ''ඔන්න මම නම් ආයෙත් හිනා වෙන්නේ නෑ...
    හoගපු ටිකත් දාමු නේ?''

    ඔහොම කිව්වට ඒක දාපු ගමන් ඊලගට කමෙන්ට් කරල තියෙයි. ''අනේ හරි ලස්සන කතාව, අපිනං හොදට හිනා උනා කියලා'' අනේ මම නොදන්න '' 2/3''. හීහ්.........හීහ්.......

    ..............................................
    වැප්,
    [ හපෝ මේකද මේ මහ ලොකු කතාව ... මට පොඩ්ඩක්වත් හිනා ගියේ නැහැ ... අපරාදේ මං මේ පැත්තට අවේ ]

    ඔය උඔ දාපු කමෙන්ට් එක කියවද්දි උඔ කොච්චර අවංක මනුස්සයෙද්ද කියලා තේරෙනවා. කතාව හොද නැත්තං බොරුවට හොදයි කියලා යනවට වඩා උඹේ මේ කමෙන්ට් එකට මම කැමතියි.

    (උඔ සොයා ගත් ඉන්විසිබල් ෆොන්​ට් එකෙත් උඔට විතරක් පෙනෙන පරිදි ලියමි) -

    අඩෝ වැප්, කියෝපු ඔක්කොමලා කතාව හොදයි කියලා තියෙදිදි උඔට උං හිටි තැං අමතක උනා නේ? වරහන් කරලම කතාව හොද නෑ කියලා දැම්මේ. මිනිහෙක් හැදෙනවට කැමති නැති ඉරිසියාකාරයා. තෝ ලග පාත හිටියනං මම උඔට අයිනවා හොද රියං ටොක්කක්.
    -හැබැයි මං උඹ වගේ නේමෙයි ඒකයි මං මේ කාටවත් නොපෙනෙන අර උඹගෙ අලුත් තාක්සනේට ටයිප් කරලා තියෙන්නෙ.-

    ...................................................
    සකියා,
    දාන්න ඉතුරු ටිකක් තියෙන්න එපැයි අනේ! එදා හර්න් ඔක්කොම කතාව ඉවර කරලා තමා පස්ස බැලුවේ. උපුටා දැක්වීමට මගේ ප්‍රණාමය. ඔය එදා ඈත්තමට වෙච්ච තමා.

    .....................................................
    තරිදුට,

    (දේවදත්ත, කෝකාලික පල්ල හිනා වෙන්නෙ නෑ. හර්න් මොනාද කලේ කියල කියපන් මගෙ සූකිරි පැට්ටො...)

    අනේ මේ ඔයාද මට ''සූකිරි පැට්ටා'' කියලා තියෙන්නෙ.
    ඒතකොට මේ යට තියෙන ඒවා කිව්වෙ ඔයාගේ ''යූසර් නේම්, පාස් වර්ඩ්'' හොරකම් කරපු හොරෙක්ද?අනේ,

    *අඩෝ බුද්ධි.... මන්ද බුද්ධි නොවී ඉතුරු ටික දාපන්...(March 25 ,2010 99.29 am)
    * නයා ඇරිය ඇති... කතාව කියපිය (March 31,2010 4.29 pm)
    හීහ්.............. හීහ්....................

    ReplyDelete
  26. සංදීප මලයා,
    නං එහෙනං තාත්තගෙන් අම්බානක තෑගි ගත්ත කෙනෙක් වගේ. ඔයා දැං මට අයියේ,අයියේ කියලා හරි නිවිච්ච කමට කතා කලාට, මට හිතෙනවා ඔයා හරි ඈම්ඩෙක් වෙන්න ඈති කියලා, ඒ කාලේ. මම හරිනේ. හීහ්.ශීහ්.............

    ..............................................
    ප්‍රසන්නට,
    හංගන්න දෙයක් ඉතුරු උනේ නෑ අනේ. එදා ඔක්කොම එලි උනානෙ තාත්තට. කොහොම හරි කමන්නෑ ඔයා දිගමට එන්නකෝ හිත වෙනස් උනොත් බලමු මොකක් හරි කරන්න.

    .............................................
    සසික,
    යකෝ කෙල්ලෙක් උනානං ලැජ්ජාව හින්දා කියන්නෑ හරි කියලා කෙලින්ම කියන්න තිබුනා. කොල්ලෙක් හින්දනෙ බොල මේක කියාගන්න බැරි.

    ...................................
    සහන්,

    සහන් said
    (හර්න් කරපු දේ හිතාගන්න පුලුවන්.)

    මේ සහන් උඹට දිවැස් තිබුනට කමක් නෑ වෙන උන්ට එහෙම කියන්න එපා මට එදා වෙච්ච වැඩේ හරිද!

    .................................................
    සසීන්ද්‍ර,
    ඔයාලව චාටර් කලේ නෑ අනේ. ඒ දවස් වල මැරියන්ලගේ අමිමලාගේ ගෙදර ලකුණු එකතු කරන ගනං පාඩමක් තිබුනා කියලා මං කිව්වෙ අනේ මතක නැද්ද?

    ................................................
    ඉසුරු,

    දිගටම ආවොත්, දිගමට :) , :).

    ...................................................
    ජීවිතේමල්,
    දිගමට කතා කියොන බව දැන ගැනීම මට මහත් කික් එකකි. පළමු වරට කොමෙන්ට් කිරීම නිසා කික් දෙකකි. බොහොම ඉස්තුතිය. නැවත එන්නය. ''ජීවිතේමල්ය, පරිප්පු වල ගල්ය, නැව ගිලුනත් ගැට්ටෙ බජව්ය.!'' . :)

    .......................................................
    මාධවයෝ,
    උඹලත් අපි වගේ රොබින් හුඩ් ඈට් කලා කියලා දැන ගැනීම මහත් සතුටකි. ඒත් ඔයා ගේ කමෙන්ට් එකේ
    ''රිබින්'' :D කියන කෙනා මං දන්නෙ​ නෑත.
    ඔයා හර්න් වෙන දවසට පාවිච්චි කරපු අං තට්ටුව එහෙම තියේනං ටික දවසකට රෙන්ට් එකට දෙන්න පුලුවන්ද. :D

    ...............................................
    ඉලන්දාරියා,
    එල....එල..... දිගමට වරෙන්කෝ. මතක ඈතිව කාලා ඉවර වෙලා එන්ඩ හොදේ

    ..............................................
    සුලග,
    උඔ විතරයි ඒක දැක්කෙ නේ. ඒ කියන්නෙ මං ඈදපු සිත්තර ටික වෙන්දේසි කරන්න යන්නෙ අනේ. බලං ඉන්ඩකෝ ළගදීම වෙන්දේසිය පටන් ගන්නවා.

    ..........................................
    බීට්ල්,
    අපි ඔක්කොම එකම වල්ලෙ පොල් බොල.
    උඔල වගේ තමා අපිත්. සෙල්ලං කරල මහන්සි වෙලා වතුර තිබහ වැඩි උනාම චාලි මුදලාලි හරක්ට වතුර දෙන්න කපපු ලිදේ කට්ට කදුරු කිවුල් වතුර "හ්ර්න් ප්‍රොටෙක්ට් අස්..." කියලා ගහලා දානවා. :)

    ............................................
    Xiao Shu
    ඔබ තුමිය ගැනත් පසුව ලියමි. එතෙන් ඉවසනු!

    .........................................................
    sansarasidu,
    පංකාදු ''කැල්ලක්'' වැඩියෙනුත් දීලා නොවැ. ඉස්තුතියි! ඉස්තුතියි!!
    ඒක නෙමේ ඔයාගේ නම සිංහලෙන් ලියන්නෙ කොහොමද අනේ...? සන්සරසිදුද?

    ..........................................
    හසිත,
    යගේ කතාවේ ජඹුර බොලේ. ​උඔගෙ කතාව සම්පූර්ණ ඈත්ත. අපේ හර්න්ලයි එයා​ලගේ නොනලයි බුදුන් දැක නිවන් දකීවා!

    .......................................
    පුරසද,
    කතාව ඉවරයි අනේ. අපේ තාත්තායි මායි ඒදා රගපෑවේ ලාස්​ට් එපිසොඩ් එකනේ.

    ....................................................
    බුධා​,
    අද මොකෝ පරක්කු. නිවාඩු දවසේ හොද මදර්බෝඩ් එකක්වත් හොයන්න ගියාද බුධාජීවයෝ.
    ''ආ.....................තල්'' නං එච්චරයි.

    ReplyDelete
  27. කාංචන දිනූකApril 2, 2010 at 3:16 PM

    හික් හික්. මම බැලුවා මගේ උණු උණු බ්ලොග් එකය කවුද රිංගුවේ කියලා. දන්නවනේ ඉතිං අපේ සැටලයිට් හොරා අහු උනා ඕං. ඒක තාම ඔපීසල් රිලීස් කොරේ නෑ. චූටි මහත්තයා ඉස්ඉස්සෙලම හොරෙන්ම බ්ලොග් එකට පැන්නා කියන්නේ අනාගතේ සුබම සුබයි. මට කතා ටික ඔක්කොම ටික කියවනකං විසුමක් තිබුනේ නෑ. හර්න් දෙයියො ආපු එක නං පට්ට.

    ReplyDelete
  28. ලොකු අයියේ මොනව වුනත් අන්තිමට කියවල බලල හරි හිනා වෙන්න අපිට ඉතුරු වෙන්නේ ඒව විතරයි නේ.... ගුටිය කනකොට කොච්චර අමාරු වුනත් පස්සෙ මතක් කරනකොට නම්............. කියල වඩක් නෑ නේද?

    ReplyDelete
  29. කාංචන,
    ''මම බැලුවා මගේ උණු උණු බ්ලොග් එකය කවුද රිංගුවේ කියලා.''

    ඔයා කියන දේ මට තේරෙන්නෙ නෑ​ති හැටියක්.
    ......................................
    සංදිපය, කතාව ඈත්තෝ. දැං මං කරන්නෙත් ඒකමනේ.

    ReplyDelete
  30. හර්න් තාම රොබින්ට නෙලනවා අම්මා ඇවිත් බේරගත්තෙ නැත්නම් නේ!

    අපිත් පොඩිකාලෙ රොබින්හුඩ් නාඩගම නැටුවා, ඒත් අපිට ඕනෙ හැටියට. TV එකේ ගිය කතාව ඇට් කරන්න තියෙ නෑ.

    ReplyDelete
  31. හොඳ වැඩේ.....හොඳ වැඩේ....හොඳම වැඩේ.....

    මේ ඒක නෙවෙයි. කව්ද අනේ ඔය රොබින් කියන්නේ. රොබින් ප්‍රනාන්දුද?

    ReplyDelete
  32. nadeesthoughtsට,
    අපිටත් ඔයාලා වගේ වෙනම කතාවක් කරන්නයි තිබුනේ.එහෙනං මට ඔය සංතෑසිය නොවෙන්න තිබුනා නැද්ද!හිහ්.........හිහ්........
    ...............................
    අනුරාධයෝ,රොබින් කියන්නෙ රොබින් ප්‍රනාන්දු නෙමේ, රොබින් තම්පෝ. හීහ්..හීහ්.....

    ReplyDelete
  33. @බුද්ධි:
    [said:බුද්ධි]
    අද මොකෝ පරක්කු. නිවාඩු දවසේ හොද මදර්බෝඩ් එකක්වත් හොයන්න ගියාද බුධාජීවයෝ.
    [/said]

    ලොල්... වයිපර් සෙට් වෙන්නෙ නැති මම දැං හොද මදර්බෝඩ් එකක් හොයාගන්න තමා ට්‍රයි එක දෙන්නේ! :P

    [said:බුද්ධි]
    ''ආ.....................තල්'' නං එච්චරයි.
    [/said]

    ආතල් කීවෙ කතාව ආතල් එකගැන නෙවේ බං. හර්න් ගෙ ඇටෑක් එකෙං පස්සෙ උඹට හරි "ආ..තල්" හිතෙන්න ඇති නෙවද? :D

    ReplyDelete
  34. This comment has been removed by the author.

    ReplyDelete
  35. බුධා,
    හී........හී........... උඔ මටද කිව්වෙ...
    මං හිතුවා මට පැමිණි ව්‍යාසනය ආරංචී වී උඹට ආතල් හිතුනා කියලා.

    ReplyDelete
  36. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  37. මරු කථාව... මල් හතයි. අවංකෙන්ම මට හිනා ගියා.බලාගෙන යනකොට අපි ඔක්කොම එක වල්ලේ පොල් නේ...

    ReplyDelete
  38. පැතුම්,
    ඔන්න අන්තිම කුටිටියත් දැම්මා. අපි ඔක්කකොම එකම වල්ලෙ කියලා මේ කමෙන්ට් වලින්ම තේරෙනවා නේද? හිහ්....හිහ්...........

    ReplyDelete
  39. නියම කතාව සමාවෙන්න කියවන්න පරක්කු වුනාට. තවත් කතා ලියන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕනේ.

    ReplyDelete
  40. කස්සා සහ Ansh Lucky Sri Jay ​​​ට, ස්තුතියි මේ පැත්තේ ආවාට.කස්සා පරක්කු වීම ගැටලුවක් නෙමේ කවුරුත් තම තමන්ට හැකි වෙලාවටනේ එන්ඩ ඕනි. නැද්ද?

    ReplyDelete
  41. This comment has been removed by the author.

    ReplyDelete
  42. තාත්තා දුන්න දඩුවම මොකක්ද?

    ReplyDelete
  43. ඔන්න මම නම් එක වල්ලෙ පොල් නෙවෙයි වෙන වල්ලක පොල් හරිද..............
    කතාව නම් පංකාදු පහයි.
    මට නිකම් මැවිල පේන්නෙ හර්න් දෙවියො කරපු ඉතුරු ටික.. අවුලක් නෑ කාන්ති දේවතාවිය පිහිට වෙන්න ඇති.
    සැරද බුද්ධි සඳ !
    සැරද බුද්ධි සඳ ?

    ReplyDelete
  44. කස්සා, :D.
    ...................
    ගීතික,
    කොයි වල්ලෙ හරි පොල්නේ, හීහී...
    හැමදාම වගේ දුකට සැපට දෙකටම කාන්ති දේවතාවිය තමා පිහිටට හිටියෙ!

    සැරද කියලා අහන්නත් දෙයක්ද? තාම අපිට වැස්​සෙ නැහැ ගිතිකයෝ. සැරද ගීතික සද මේ දවස් වල

    ReplyDelete
  45. හත්වලාමයි........ අනේ පව් රොබින්...... හි හි හි හි නියමයි අයියෙ මේ කතා ටික නම්....... හොඳට හිනා වුනා...... රසවත් විදියට ලියනවා......

    ReplyDelete
  46. විශ්මිත්,

    කාලෙකට පස්සෙ ඈවිල්ලා. හොදා හො​දා...

    ReplyDelete
  47. තව පොඩ්ඩක් පරක්කු උනානම් මට මේකෙත් අර්ධ ශතකය වාර්තා කරන්න තිබුනා... හික් හික්... කලින්ම ඇවිත් කියවලා ගියාට Comment එකක් දාන්න වෙලවක් තිබුනේ නැති නිසා ඔන්න ආයෙත් ආවා ෂර්වුඩ් පැත්තෙ කරක් ගහන්න.
    යකෝ, අනිත් දවසේවත් කතාවක් ලියද්දි කතාව ඉවරයක් වෙනකන්ම ලියපිය.. හැබැයි ඉතින් ලියපු ටිකනම් 'ගිනි ගින්දර' හරිය...

    ReplyDelete
  48. එලකිරි සහ ජලය. පහුගිය දවස් වල ෆුල් බිසී. මේ පැත්තෙ එන්න ලැබුනෙත් නෑනෙ.

    ඔන්න එහෙනම් මගෙ ගානෙ අර්ධ ශතකය..

    ReplyDelete
  49. නිශාචර,
    කතාව ඉවර වෙන්න තමා බොල ඔය ලියලා තියෙන්නෙ.
    උඔලත් බලන් ඉන්නෙ මටම හිනා වෙන්ඩ නේ. හීහී......
    -----------------------------------
    දසයා,
    ඒ කතමා මමත් බැලුවේ මොකද පහුගිය ටිකේ නාවෙ කියලා. අර්ධ ශතකෙට මගෙනුත් සුබ පැතුම්. හීහීහී

    ReplyDelete
  50. උඹේ කතා නම් මාරයි බන් . . . හිත පිරිසිදු කර ගන්න නම් එනන් ඕන උඹේ බ්ලොග් එක පැත්තේ . . . එච්චරටම සිරා බන් . . .

    ReplyDelete
  51. දුකා අද අන්තිමයා හීහී...

    ReplyDelete
  52. එළම එළ. කොහොම උනත් කොල්ලගේ හැදියාව බලපුවාම "හර්න් පොටෙක්ට් අස්" කිව්වට නරකක් වෙලා නැහැ වගේ. දිගටම ලියන්න. පරක්කු උනේ අවුරුද්දට "ජංගල්" ගිහින් අද තමයි ‍ගෙදර කොම්පීටරේට ආවෙ. සුබ අළුත් අවුරුද්දක් රොබින්ටයි හැමේටමයි.

    ReplyDelete
  53. ඉෂාර, මැනි තෑන්ක්ස්

    ReplyDelete
  54. මරු මරු.... හිතාගන්න පුළුවන් හර්න් ගෙන් හොඳට ලැබෙන්න ඇති කියල...

    අපේ සෙට් එකේ ගිස්බන්ල වගේ එකෙක් හිටියෙ නෑ නෙ.. ඔක්කොම රොබින්ගෙ සෙට් එකේ...

    ReplyDelete
  55. සාතන් ඔන්න කතාව ඉවර කලා

    ReplyDelete
  56. ඈහ් ඉවරද ? මම හිතුවෙ සීරිස් එකක්ම දිගටම යනවා කියලා.

    හොඳ වැඩේ රොබින්ට එරෙහි වෙන්ඩ ගියාට.

    ReplyDelete

ඔබේ පංගුව...

Related Posts Plugin for WordPress, Blogger...