2010/04/07

මගේ පළමු රාජකාරී ලියුම | මාලනී ටීචර් කියල දුන්නු විදිහටම

රාජකාරි ලියුම් ලිවිල්ල ලේසි වැඩක් කියලද ඕගොල්ල හිතන්නෙ! එහෙනං මේ කතාව කියෝල බලන්නකො.

මේකත් උනේ අර කදිර පෝතක කතා වස්තුව ට මං මූණ දුන්නු දවස් වලමයි. ඒ කියන්නෙ ශිෂත්වයට සූදානම් වීමේ කාලයේ.

අපි 4 වසරේ දී, ඒ කියන්නෙ, ඊලග අවුරුද්දෙ ශිෂ්‍යත්වයට මූණ දෙන්න ඉන්න කාලේ අපේ පංති භාර ටීචර් උනේ මාලනී මිස්.

ඔය ​දෛවෝපගත සිද්දියට මට මූණ දෙන්න උනේ ශිෂ්‍යත්වයට පෙරහුරුවක් වශයෙන් අපි ලව්වා රජකාරී ලියුමක් ලියවන්න අපේ මාලනී මිස්ට හිතුන දවසකයි.

''හරි කාටද දැං මතක එදා මං කියලා දුන්නු විදිහට රාජකාරි ලියුමක් ලියන්න..........'' මාලනී මිස් වැඩේට මුල්ගල් තිබ්බා.

ඔහොම අහද්දි එක්කෙනෙක් දෙන්නෙක් අත ඉස්සුවත් මට මතක නැති තැන මං මගේ මතක මල්ල අවුස්සන්න ගත්තා.

ආරෝහන, අවරෝහන, ප්‍රෙහෙලිකා, ආරාධනා පත්‍ර, උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය, ගණිත රටාව හදුනාගැනීම්, සාමාන්‍ය දැනීම, එක්ක ඔන්න රාජකාරි ලියුමක් ලියන හැටිත් හැංගිලා තිබුනා. මං ඔය මතක කෑල්ල, මතක මල්ලෙන් තෝරල බේරලා එලියට ගද්දි අපේ මාලනී මිස් රාජකාරි ලියුම ලියන්න ඕන මාතෘකාව ලියලා තිබුනා කලු ලෑල්ලෙ මෙන්න් මෙහෙම,

''විල්ලු අටේ ග්‍රාමයට පිවිසෙන ප්‍රධාන පාර අබලන් වී ඈති බව දන්වා වගකිය යුතු නිළධාරින්ට ගමේ ග්‍රාම සේවක මහතා විසින් ලියන රාජකාරී ලිපියක් ලියන්න.''

මං මගේ මතක මල්ලේ හිරවෙලා, යට වෙලා තිබිලා ඈදල ගත්තු රාජකාරි ලියුම මතක් කරලා ලියන්න ඕන පිළිවෙල හිතුවා.

''රාජකාරි ලියුම නිකං මේ නෑදෑයන්ට ලියන ලියුමක් වගේ නෙමේ. වැඩි විස්තර ලියන්නෙ නෑ. කියන්න ඕනි කාරණාව කෙලින්ම අදාල පුද්ලයට වැදගත් විදිහට කෙටියෙන් කියන්න ඕනි.''
ඒදා ටීවර් කියලා දෙද්දි මං ඒක මතක හිටින විදිහට මගේ මතක මල්ලෙ තැන්පත් කරගෙන තිබුනෙ ඔන්න ඔය විදිහටයි.

මම විල්ලු අටේ ග්‍රාම සේවක වෙලා බලධාරියාට ලියුම ලියලා ඔලුව උස්සලා බලද්දි, එකා දෙන්නා පොත් පෙන්න්න පොලීමට යනවා.

මමත් දඩිබිඩියේ,

පාවාදීම්, කොනිති ගැහිලි, අබිරහස් තල්ලු, හිටිවන කොපි කෙරිලි, හිටිවන එඩිටිං, වලින් ගහන පොලිමට එකතු ​වෙලා මගේ වාරෙ එනකං ඉදලා මිස්ට පොත දීලා ඒක බලනකං එකොලහ ගහගෙන හිටියා,

ටික වෙලාවක් පොත දිහා බලං හිටපු මාලනී මිස්,

''හිකිස්'' ගැවා.

නොහිතපු වෙලාවෙ ලැබුනු මිස්ගෙ හිනාවට මාව ටිකක් ගැස්සුනා.

මගේ රාජකාරී ලියුමේ හිනාවෙන්න කිසිම දෙයක් ලියලා තිබුනේ නැනේ!

මිස් තව ටික වෙලාවක් පොත දිහා බලං ඉදලා, ආයෙත් ''හිකිස්'' ගාලා හිනා කෑල්ලක් එලියට පනින්න කලිං පොත දිහා බලාගෙනම අතපත ගාලා ලේන්සුව හොයාගන්න ට්‍රයි කලා. බැරි උන තැන හිනාව එලියට පනින නොදී අතින්ම කට වහගත්තා. ඔය තියෙන්නෙ ඒ කැල්ල අර මගේ හිතවත් විදේශීය චිත්‍ර ශීල්පියා දැක්ක විදිහයි.




මිස් හිනාව තද කරගෙන පොත බලල ඉවර වෙලා,
''මං ආයේ කට්ටියටම ලියුම ලියන හැටි කියලා දෙනවා. හරි දැං ගිහිල්ල වාඩිවෙන්ඩකෝ.......'' කිව්ව.

මං මගේ තැනේ ඉදගන්න ගමන් හිං සිරුවේ මිස්ගේ දිහා බැලුවා.

බොලේ හැබෑට මගේ පොත බලපු මිස්ට මක් උනාද? මිස් තාමත් කාටත් හොරා බිත්තිය පැත්ත බලං ''හිකිස්, හිකිස්''.

මං බොහොම කල්පනාවෙන් ආයෙත් ලියුම කියෝල බැලුවා. ''මිස්ට හිකිස් හිකිස් ''වෙන්න මේකෙ මොනාද තිබුනෙ බලන්න.

මට තේරෙන හැටියට නං කිසි වැරද්දක් නෑ,

''
වැඩි විස්තර ලියලත් නෑ!. කියන්න ඕනි කාරණාව කෙලින්ම අදාල පුද්ලයට වැදගත් විදිහට කෙටියනේ කියලත් තියෙනවා!!ඈඩ්රස් එක, අවසානේ, එහෙම තිතටම තියෙනවා!!! ''.

ඒත් අපේ මාලනී ටීචර් මේක කියොලා හිකිස් හිකිස් උනේ ඈයි කියලා, එදා මට මාර ගැටලුවක් උනා.

හිනාවට හේතුව මගේ හොදම යාලුවා ''මේස් වලිං හොදම මේස් - රමේස්'' ටවත් කියාගන්න බැරි උනා.

පොඩ්ඩක් බලන්ඩ කියෝල මේක කොතනක හරි හිනා වෙන්න දෙයක් තියෙනවද කියලා? මේ තියෙන්නෙ එදා මං ලියපු ලියුම,


මාර්ග සංවර්ධන අධිකාරීතුමා,
1995-05-18

ඈම්. ඒ රණවීර,
ග්‍රාම සේවක.

හිතවත් මාර්ග සංවර්ධන අධිකාරිතුමණි,

ගමේ පාර සාදා ගැනිම සම්බන්ධව

මා මේ ලියුම ලියන්නෙ අපේ ගමට එන විල්ලු අටේ පාර හදලා දෙන්න කියන්නයි. අපේ ගමට එන්න තියෙන විල්ලු අටේ පාර හොදටම කැඩිලාය. වතුර බහින කාණුවේ ඉලුක් ගසුයි, පොඩිසිඥ්ඥමරං ගසුයි වැවිලාය. පාර හැමතැනම වාගේ බොරලු ගැලවී වල්ය.

මේ හේතුවෙන් අප මහත් අමාරුවකට පත්ව ඈත්තෙමු.

එම නිසා ඔබ තුමාට පහසු වෙලාවක පැමිණ, කාණුවේ ඉලුක් ගස් විසිගසා දාමා, පොඩිසිඥ්ඥමරං ගස් උගුල්ලා, පාරේ වල් ඈති තැන්වලට බොරලු පුරවා යන මෙන් ඉල්ලා සිටිමි. ස්තුතියි!

මෙයට,
විල්ලුඅටේ ග්‍රාම සේවක,
(අත්සන)
ඈම්. ඒ. රණවීර.









77 ක් කියන්නේ !:

  1. ඔන්න උඹ අදනම් මාව හිනැස්සුවා..

    ReplyDelete
  2. :-) niyama kathaawa

    ReplyDelete
  3. මේක වැරදියිනෙ පුතා. ලියුමෙ වම් පැත්තෙ ඉහල ලියන්නෙ ලබන්නගෛ නම සහ තනතුර.

    හිකිස්..

    ReplyDelete
  4. හි හි ....
    [මට දුක මුට චිච හොදවායින් රියන් 8 ටොක්කක් ඇන්නේ නැති එකටයි]

    ReplyDelete
  5. ටෙස්ට් කමෙන්ට්

    ReplyDelete
  6. පට්ට පට්ට මරුම තමා බන්. ඈ බන් උඹ පොටෝශොප් වලින් මෙහෙම අදිනවානම් ඉලස්ට්‍රේටර් වලින් වගේ ඇන්දොත් කෝම අදීද? බලපන් බලපන් ට්‍රයිකරලා

    ReplyDelete
  7. හිකිස් හිකිස්. නියම කතාව මචන් උඹ නං හොදට මිස්ගේ උපදේශ පිළිපදිනවා. මමත් මේ කතාව කියෙව්ව ගමන් හිකිස් ගලා මොනිටරෙටත් කෙල විසික් වෙන්න තරම් හිනාවක් ගියා.
    ඒක නෙමේ මම කියන්නමයි හිටියේ. ජාතික රූපවාහිනයේන් තරගයක් තියෙනවා ඉ-සිත්රෑ කියලා පරිගණකයෙන් ඇදපු චිත්‍ර සදහා තරගයක්. මට ඒකේ මේල් ඇඩ්ස් එක නම් මතක නෑ.පොඩ්ඩක් හොයලා බලන්න. අනිවා උඹට පුළුවන් ඒකෙන් ජයගන්න. පොඩ්ඩක් හොයලා බලන්න.

    ReplyDelete
  8. අනෙ අම්මප, දැනුත් ඔහොමද ලියුං ලියන්නෙ? :D

    ReplyDelete
  9. අධිකාරි තුමාම ඇවිත් පාර හදල දෙයි ඕක යැවුවනම්. මිස්ට විතරක් නෙවෙයි මටත් "හිකිස්"

    කාලෙකින් මේ පැත්තේ ආවේ. එක හුස්මට සේරම කියෙව්වා. සිරා කතා ගොඩක් තිබුණා උඹ නම් රස සාගරයක් බං.

    ආ මේ චිත්‍ර ටිකත් මරු! හොදේ

    ReplyDelete
  10. මැක්සා කතාව :-D පලු යන්න හිනා උනා තාම මගේ බඩ රිදෙනවා..

    සිරාවටම චිත්‍ර නම් හෙන ලස්සනයි ! :D

    ReplyDelete
  11. මාර රාජකාරී ලිපි ලිවීමේ හැකියාවක් නේ තිබිල තියෙන්නේ... :D

    ReplyDelete
  12. Liume waradak penta nehe Buddhi.Malani teacher ta weradilada koheda.[.ǝʍou ʞɐʎɐןɐʞ ıʇǝɯ ɥʇ oɹq ǝdɐ ǝןoq-ǝןqısıʌuı]
    Kathawa shork digatama liyanna mal mal mal mal :D

    ReplyDelete
  13. හික් හික්.. මරු කතාව :D

    ReplyDelete
  14. මොනව කියන්නද ඉතිං...... අදත් No 1

    ReplyDelete
  15. මාලනී ටීචර්ට තිබුනේ අනිත් ළමයින්ට කියන්න, මේ ලිපියට මාර්ග සංවර්ධන අධිකාරීතුමාගේ පිළිතුරු ලිපිය ලියන්න කියලා...මාර ෆන් එකක් ගන්න තිබුණා... :-)

    මට මැවිලා පේනවා අධිකාරීතුමාගේ උත්තරේ... හා හා...

    ReplyDelete
  16. එල එල :)
    හැබැයි කිව්වත් වගේ යවන්නාගේ ලිපිනය එන්න ඔන දකුණු පැත්තෙ උඩින් නෙවිද?

    ReplyDelete
  17. සිස්.. ෂුවර් එකටම මට වැඩිය හොදට සිස්සත්තේ පාස්වෙන්න ඇති.. මරුවට වැඩේ කරලා..

    ටීචර්ට මෙකක් හරි අවුලක් වෙන්න ඇති.ඕකේ හිනා වෙන්න දෙයක් තියනවාද?
    (හැබැයි මටත් හිනා)

    -ළමයා-

    ReplyDelete
  18. වෙන වෙන අයට කියලා කරවන්නේ නැතුව කෙළින්ම අදාල පුද්ගලයට වැඩේ බාර දීලා නොවැ තියෙන්නේ... මටනම් ඒකෙ වැරැද්දක් පේන්නෙ නෑ හැබෑටම... හිකිස්.. හිකිස්.. :D

    රාජකාරි ලිපි ඔහොම ලිව්වානම් උඹ පෞද්ගලික ලිපි කොහොමට ලියන්න ඇද්ද....? :)

    ReplyDelete
  19. හෆොයි . . මට මැරෙන්න හිනා . . . උදේට කක්න ගමන් මේක කියෙව්වේ . . හිනාවෙලා කෑම හිරවෙලා තව පොඩ්ඩෙන් උඹේ රාජකාරී ලිපිය නිසා දුකා අවසන් ගමන් යනවා . .. . හික් හික් හික්

    ReplyDelete
  20. එල ...එල...උබනම් මාර කොල්ලෙක් මිස් කියපු විදියටම වැඩේ දිලා තියෙන්නේ...

    "වැඩි විස්තර ලියන්නෙ නෑ. කියන්න ඕනි කාරණාව කෙලින්ම අදාල පුද්ගලයට වැදගත් විදිහට කෙටියෙන් කියන්න ඕනි"

    ReplyDelete
  21. හික් හික් මේ ලොකු අයියේ.......... වෙන විදියක් තිබුනෙම නැද්ද ඕක ලියන්න.................මරු මරු

    ReplyDelete
  22. හිකිස් හිකිස් හිකිස්

    ReplyDelete
  23. පිස්සු හතයිනේ.
    දැනුත් ඔහොමද ?

    ReplyDelete
  24. සයිබර් යාය ඇඩ්මින්තුමා,
    2010/04/07

    ඉහත ඔබගේ 1995-05-18 දිනැති ලිපිය සම්බන්ධවයි.
    ඉහත ඔබගේ ලිපිය 2010/04/07 දින අවධානයට ලක් වු බව දැනුම දෙමි. මේ මාර්ගය තාර අතුරා ගුවන් යානා පවා ගොඩ බෑමට හැකි පරිදි මගේ නැගුම ව්‍යාපෘතිය යටතේ ආරම්භ වනු ඇත. එතෙක් ඔබගේ ගමන් බිමන් පාද යාත්‍රාවෙන් හෝ මව් යානාව භාවිතයෙන් සිදු කර ගන්නා ලෙස හද පිරි සොම්නසින් දැනුම් දෙමි. ඉතින් විල්ලු අටේ අලුත් තොරතුරු මොනවාද ? ඔබගේ ඊලඟ ලිපිය ලැබෙන තුරු පෙර මග බලා සිටිමි.

    මෙයට ඔබේ ආදර
    මාර්ග සංවර්ධන අදිකාරී මාමා

    ReplyDelete
  25. මාර්ග සංවර්ධන මාමාට දැං හුඟක් වයස ඇති නේද? අර ආතතිය එහෙම හැදෙන්නෙ නැද්ද?

    ReplyDelete
  26. මාමාට වයස ඇති පුතත් දැන් ලොකු ලමයෙක්නෙ.

    ReplyDelete
  27. හපොයි තේ එකත් ඉස්පොල්ලෙ ගියා....

    ReplyDelete
  28. oyage pudgalika letters gana baladdi me letter aka hodatama hodai. Nadeesha

    ReplyDelete
  29. සයිබර් යාය ඇඩ්මින්තුමා,
    2010/04/07

    මගේ මොනිටර් රාජයා ප්‍රවේසම් කරගැනීම සම්බන්ධව.

    ඉහත සඳහන් මගේ hp මොනිටර් රාජයා ඛේථ ප්‍රහාර වලින් ආරක්ෂා කර ගැනීමට සුදුසු ප්‍රතිකර්මයක් යෝජනා කරන්නේ නම් මැනවි. අතින් මුඛය ආවරණය කර ගැනීම දැනට පවත්නා චක්‍ර ලේඛ අනුව කල හැකි වුවත් එය ඒ තරම් යෝග්‍ය නොමැති බැව් පරිචය අනුව පෙනී ගොස් ඇත. මේ සම්බන්ධව හැකි ඉක්මනින් පිළිතුරක් ලබා දෙන්නේ නම් මැනවි.

    මෙයට
    ------------


    @ Nadeesha ‍මගෙ ලෙටර්ස් ගැන ඔයා හොදට දන්නවනෙ.
    එහෙනම් දිගු නිවාඩුවකින් පසු නැවත හමු වෙමු.

    ReplyDelete
  30. දැන් එතකොට මාලනී ටීචර් හිනා වෙච්ච හේතුව හරියටම කවුද කියලා දුන්නේ :)

    පට්ටම කතාව සහෝ. :)

    ReplyDelete
  31. මෙයට,
    විල්ලුඅටේ ග්‍රාම සේවක,
    (අත්සන)
    ඈම්. ඒ. D. රණවීර.

    ReplyDelete
  32. හිකිස් හිකිස් හිකිස්........ මගේ අම්මේ ඔන්න අද නම් මතු සම්බන්ධයි නොතියා අයිතිකාරයයි සමනලීයි හොදට හිනා උනා...... හරි ෂෝයි ලියුම නෙව.....

    ReplyDelete
  33. හැමදාම වගේ අදත් සුපිරි!!

    ReplyDelete
  34. කාංචන දිනූකApril 7, 2010 at 9:26 PM

    අනේ මන්දා මේ ලියමේ හිනා යන මෙලෝ දෙයක් නෑනේ. මාලනී ටීචර්ට මොකට හිනා ගියාද මන්දා??!!??!!??!!??

    ReplyDelete
  35. එළම කිරි.
    මටත් හදිස්සියකට ලියුමක් එහෙම ලියාගන්න බැරියැ

    ReplyDelete
  36. මාරයාට,
    කලකට පසු මේ පැත්තෙ ඈවිල්ල තියෙන්නෙ. සතුටු​යි! සතුටුයි!! අලුත්වෙලා වගේ අහස​ට යන ඉනිමග ගලෝල අලුත් පින්තූරයක් එහෙම දාලා තියෙන්නෙ.
    .....................................

    ඈනොනිමස්, Ansh, සකියා,
    ඉස්තුතියි. ප්‍රතිචාර වලට.
    ..................................

    නදිගෙ සිතුවිල්ලට,
    අපරාදෙ ඔයා මං 4 ඉද්දි අපේ පංති භාර ට්චර් වෙන්ඩයි තිබුනේ.
    ..................................

    වැප්,
    ඔයාගේ ඔක්කොම හොදයි ඔය වරහන් අස්සෙ අදහස් දාන කැත පුරුද්ද ඈරුනම.
    ..............................

    චතුට,
    photosop වල අදිද්දි කොලේ අදිනවා වගේ අදින්න පුලුවං. ප්‍රස්නෙ මවුස් එකනේ. illustrator වල අදින්න වෙනම කෙරේමයක් තියනවා​නෙ. ඉතිං වැඩ කරකර ඉලස්. වල සිත්තර අදින්න වෙලාවන් නැ. ඔය විවේක ලැබුනු වෙලාවක අදින බලි නොවැ.
    .......................................

    කස්සා,
    මොනව නැතත් උඹගෙ ඔය මොනිටර් රාජයා ආරස්සා කර ගන්ඩ වෙයි. නැත්තං ඔයාට෴ කස්සාගේ සයිබර් සටහන ෴ ලියන්ඩ වෙන්නෙ කලුවරේ. ඔය ඊ සිත් රු ගැන මං අහල තියෙනවා ඒත් වැඩි විස්තර දන්නෑ. බලමු. දැනුවත් කලාට ස්තුතියි!
    .......................................

    බුධා මහතා වෙත,

    ඹබගේ කමෙන්ටුව ලැබුනා. ඔබ ඈසු ප්‍රස්නයට පිළිතුරු මෙයයි. මීට වසර කිහිපයකට පෙර මා මැරියන්ට මාගේ පලමු පෙම් හසුන ලිවා. ඒදාද මෙවැනි අකරතැබ්බයකට මූණ දුන්නා. මැරියන්ගේ අවසරය ලැබුනොත් එය ගැන විස්තර දැන ගන්ට හැකි වේවි.
    .......................................

    ගයාන් තාරක,
    ඔව්, ඔව්, ඔයා කාලෙකට පස්සේ මේ පැත්තෙ ආවෙ නේද? වෙලාවක් ලැබුනම ඈවිල්ල යන්ට ආවාට ස්තුතියි!

    ReplyDelete
  37. බනියෝ,
    බඩ පැලෙන්න හිනාවෙන්නෙ බලාගෙන. ඔය අමාරුවෙන් හරි හම්බ කරගත්තු, අතේ තියෙන ලැප වැටෙයි. හිහී..............
    .....................................

    සමීරUSA,
    ඈයි ඔයා රාජකාරි ලිපි ලියන්නෙ ඔහොම නෙමෙයිද? හිහි......................
    ...............................

    Xiao_Shu ,
    බොලා දන්නවනේ මං ගැන.
    ......................................

    තිළිණ, සහන්,
    බොහොම ස්තුතියි !
    .......................................

    බීට්ල්,
    එහෙනං අදිකාරි තුමාගෙ ලියුමත් ලියමුද?
    ......................................

    කනිෂ්ක,
    ඈඩ්ඩස් එක ලියලා තියෙන්නෙ එදා මං ලියපු හැටියටනේ. ඒක නෙමෙ උඹගේ පොඩ්ඩගෙ ලෝකයත් කියවන්න ඹනා මුල ඉදලා බලමුකෝ
    ....................................

    ළමයා මොකද මේ ඈනොනිමස් වෙලා,
    උඹටත් අ​පේ මාලනී ටීචර්ට වගේ හිනා ගියාද? ඈයි බං අමාරුවෙන් ඉගෙන ගන්න අපි​ට හිනාවෙන්නෙ. ඒක නෙමේ මං සිස්සත්තෙ පාස්. සිස්සාදාර නෑ අපේ මහ දෙන්නා රජයේ සේවකයො හන්දා! කොහොමද වැඩේ. අවුරුදු දෙකක් පාඩං කොරලා කිසිම දෙයක් නෑ. මේ කතන්දර ටික ඈරුනම
    .......................................

    නිශාචර,
    ඒක තමා මම හරිය​ට ලියලත් මාලනී ගරුමැණියෝ බිත්තියට හිනා උන එකනෙ මට කාලා ඉන්ට බැරි උනේ.
    මීට වසර කිහිපයකට පෙර මං සාමාන්‍ය ලියුමක් ලියන්න ගිහිං චූච්චං ප්‍රස්නයකට මුණ දුන්නා. බලමු පුලුවං උනොත් කියන්නං.

    ReplyDelete
  38. දුකාට,
    අවසානය බලන්න
    .......................................

    සසික,
    අපි හොද කීකරු සිස්සයෝ. මාලනී ට්චර් කියන විදිහටම තමා වැඩ. හිහී............
    .......................................

    මයික්කරපෝනෙ,
    ඉතිං මං දන්න හොදම, වැදගත්ම විදිහට තමා ඔය ලියලා තියෙන්නෙ ටීචර්ට හිනා ගියාට.
    .......................................

    හසිත,
    හිකිස් හිකිස් හිකිස් , මම නෙමේ සමන් උඔට හිනා උනේ.
    .............................................

    මිස්සක,
    අවුරුදු ගානකට කලිං එකක් උනා. නිසි අවසරය ලැබුනොත් කියන්නං. දැන් නං කොල්ලා වගකිමෙන් වැඩ කරනවා.

    ......................................
    ගීතික,

    ගිතික මාර්ග සංවර්ධන අධිකාරිතුමා,
    පාර සාදා දෙන්න අවධානය යොමු කල බව දැන ගැනීම සතුටුයි.
    විසිගැසූ ඉලුක් ගොඩවල් සහ පොඩිසිඤ්ඤමරං ගස් නිකම්ම ගොඩ ගසා යන්න එපාය. බබුරු මමගේ ගේ ලග ඈති මහ සියඔලා ගහ යට සියල්ල ගොඩ ගසා ගිනි තබා යන්නය. ගිනි තබන විට පරිස්සමෙන් බබුරු මාමගේ කුකුල් කොටුව පැත්තට යයි බලාගෙන. ඔබගේ පහසුව සදහා අලි දෙන්නා මාක් ගිනිපෙට්ටිය සියඹලා ගසේ වම් පස දෙඹලේ තබා තිබේ.

    මිට, රණවිර

    .......................................
    ඈනොනිමස්ල දෙන්නට,
    සමහරවිට ඔය ලියුම යැව්වනං ආතතිය හැදෙන්න තිබුනා නේද? මං නං දං ලොකුයි තමා. හිහි...........

    .......................................
    තරිදු,
    අවසානය බලන්න

    .............................
    නදීත් බැලුවද අනාතය,
    ආ......මේ අපේ පුද්ගලික ලියුමත් දාමුද එහෙනං.

    .....................................
    ගීතිකට,
    අවසානය බලන්න

    .......................................
    රොයිලි සහෝ,

    මෙකෙ හිනාවෙච්ච හේතුව මගේ යාලුවෝ කාටවත් කියන්න බැරි උනා? මොකද මේ රාජකාරී ලියුමක් අපේ කස්ටිය ලිව්ව පළමු අවස්ථාවට හින්දා. ඒක නෙමේ මේක ඔයාගේ පලමු කමෙන්ට් රාජයා නේ සයිබර්යාය​ට දාපු. ස්තුතියි!

    .......................................
    කකා,
    ගෙ කමෙන්ට්ටුවත් මගේ රාජකාරි ලියුම වගේ. කොච්චර කල්පනා කලත් මේ ලියපු D අකුරේ තේරුම ඔලුවට එන්නෙ නැති හැටියක්.!

    .......................................
    පුංචි සමනලී, යන්තං මෙදා පාර ගොඩ නේ.

    ......................................
    සසීන්ද්‍ර,
    ඔන්න ඔයාගේ අන්තිම පෝස්ට් එකට මගේ නමත් දැම්මැකි. අසාධාරනේට එදා මං ලක් උනා නොවැ.

    .......................................
    කාංචන,
    ඒකමනෙ මටත් තියෙන ප්‍රස්නනේ.

    ....................................
    දුකා/ගීතික/ තරිදු,

    ඔබලාගේ ගැටලුවට මීට පෙරද කිපදෙනෙකු මුණ දී තිබේ. මේ පහල ඉන්නේ එයින් කෙනෙති. එම නිසා මෙම ගැටලුවටහැකි ඉක්මනින් එයට පිලිතුරක් සොයා ගමු.

    සඳරුවන් said...

    හපොයි.. කකා හිටපු බුලත් විට එක නහයෙන් අවා නොවැ. එල එල!!
    February 21, 2010 6:38 AM

    ReplyDelete
  39. " හසිත,
    හිකිස් හිකිස් හිකිස් , මම නෙමේ සමන් උඔට හිනා උනේ."

    ඒක නම් සිරා කතාව බුද්ධි අයියා........

    ReplyDelete
  40. උබ තමා දවසකටහරි‌මනුස්සයා.

    මේ, 'ණය පතේ' මගෙ නම හැමතිස්සෙම වැරදියට එන්නෙ. දැං අවුරුදු තුනක් විතර තිස්සෙ කියනවා. කියල සතියකින් විතර තව නමකින් එවනවා. ඒකත් වැරදී. මට පැමිනිල්ලක් දාන්න සපෝට් එකක් දීපංකො...

    ReplyDelete
  41. හසිත,
    -ඒක නම් සිරා කතාව බුද්ධි අයියා........-
    මම නෙමේ ඒක කිව්වෙ සමන්.

    ඈන්ත්‍රැක්ස්,
    ඔය පැමිණිල්ල කෙලින්ම අදාල පුද්ගලයමට ලියපං මේ මං වගේ. ඒකකොට හරි, හරි කිව්වෙ-කාඩ් එකට හරි උඔට හරි

    ReplyDelete
  42. මනුස්සයෝ අපිව හිනා ගස්සවල අපිට රට්‍ටු ලවුවා හිනස්සවන්න එපෝ.... හයියෝ... හා හක ගාල හිනා වෙලා පන ගියා.. නියමයි බුද්ධි..... මං ෆුල් දුක් මූඩ් එකක හිටියේ... දැන් මූඩ් ‍ෆික්ස්... තෑන්ක් යූ.....

    ReplyDelete
  43. ජීවිතේ මල් ඈයි දුකෙන් ඉන්නෙ,

    මං එදත් කිව්වෙ ''ජීවිතේ මල්, පරිප්පු වල ගල් කියලා.''
    ඔයා ඔහොම හිටියොත්, ''ජීවිතේ මල්, විහිං පල්'' තමා.

    ''නැව ගිලුනත් ගැට්ටෙ බජව්'' කියලා හොද සිහිකල්පනාවෙන් ගැටලු වලට මූණ දුන්නොත් හැමදාම ජීවිතේ මල් තමා නැද්ද?

    ReplyDelete
  44. හිතවත් රණවීර වෙත,
    ඔබ එවූ ලිපිය ලබුණා. ස්තූතියි.
    ඔබ වැනි පුර වැසියන් මාගේ කාර්ය බල ප්‍රදේශයේ සිටීම මට මහත් ආඩම්බරයකි.
    ඔබගේ ලිපිය ලද සැනින්, මා මගේ බල ඇනිය ක්‍රියාත්මක කළ අතර අවශ්‍ය සියලු දෑ කඩිනමින් සම්පාදනය වෙමින් පවතින බව දන්වා සිටින්නේ සතුටිනි.
    ආරංචිය ලද සැණින් කොට කලිසම සෝදා වැලේ වනන ලෙස බිරිඳට දැනුම් දුන් අතර විසි කැත්ත මුවහත් කිරීමට කම්මල බලා යන ලෙස ලොකු පුතාට දැනුම් දුනිමි.
    ඔහු නැවත එන ගමන් වැඩ කරන අතර කෑමට සීනි බනිස් රැගෙන එනු ඇති අතර පොඩි දුව කේතලය ලිප තබා ප්ලේන්ටි බෝතලයක් වක්කිරීමට සියල්ල සූදානම්ය.
    මා හැකි ඉක්මණින් විල්ලු අටට ළඟා වීමට බලාපොරොත්තු වන අතර කැප් එක පොඩි එකා සෙල්ලම් කිරීමට පළඳ ගොස් ඇති නිසා හැකිනම් කැප් එකක් හොයා තබන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
    ඉදිරියේ දී ද මා වෙත පැවරෙන සියළු රාජකාරි නොපිරිහෙලා ඉටු කිරීමට මම මග බලා සිටින බව දැනුම් දෙන්නේ හද පිරි සතුටිනි.
    ස්තූතියි!!!
    මෙයට සේවා ලැදි,

    මාර්ග සංවර්දන අදිකාරී තුමා.

    ReplyDelete
  45. මාර්ග සංවර්ධන අදිකාරි තුමනි,

    ඔබගේ පිලිතුරු ලිපියට මම ස්තුති වන්ත වෙමි.
    ඔබ පැමිණෙන විට තේ වතුර හා බනිස් ගෙන ඒම පිලිබද මහත් සතුටට පත්වීමී. ඒත් අපි නං තෑගි බෝග බලාපොරොත්තු උනේ නෑය.

    හන්දියේ සිය පැමිණීමට මා රත්නෙ කොලුවාට බයිසිකලක් දී දැනටමත් පිටත් කර හමාරය. පෝක් අත දිරා තිබුනද බය නැතිව එයට ගොඩවී එන්නය.

    ඔබගේ එකම ඉල්ලීම වන කැප් තොප්පිය නං මට සොයා ගන්ට බැරි විය. ඒවෙනුවට මහ පංසලේ ලොකු සාදු විසිකර දමා ඈති ලොකු කුඩයක් ඔබතුමා වැඩකරන තෙක් ඔබට අල්ලාගෙන සිටින්ට මම පොරොන්දු වෙමි.

    ස්තුතියි,
    මෙයට, රණවීර

    ReplyDelete
  46. තිර්ත යාත්‍රිකයාව, තාක්සනය විසින් හංගං ඉදල දැනුයි පෙන්නුං කොලේ. පිලිතුරු පරක්කු උනාට සමා...
    පුලුවං විදිහට ලියලා දෙන්නං හැබැයි වොරන්ටි නැ මලේ.

    ReplyDelete
  47. ඔන්න මාත් ආවෝ....
    හිහ් හිහ් හී...
    අදනම් හිනාවෙල පණ ගිහින් තියෙන්නෙ...
    මොකුත් කියාගන්නත් බෑ බෑ වගේ...
    හිහ් හිහ් හි...
    වැඩේ නම් පංකාදුයි ඈ..

    ReplyDelete
  48. sansarasiduට,
    ---අදනම් හිනාවෙල පණ ගිහින් තියෙන්නෙ...---

    ඉස්තුතියි මේ පැත්තෙ ආවට, බලාගෙන කියවන්න. ඔය පණ කෙන්ද පරිස්සමට​ තියාගන්ඩ එපැයි.

    ReplyDelete
  49. එහෙනං එහෙනං.. කොයි දේ කොරඤ්ඤත් පණ කෙන්ද රැක ගන්න එපායැ...
    හිහ් හිහ් හී...

    බුද්ධි අයියේ ඔයාගේ මේ පංකාදු පහේ කතාව කියවද්දි මට මතක් වුණා පුංචි කාලේ මට වෙච්චි අලකලංචියක්.. ඒක මෙතනම දාන්නත් හදල ආයි හිතුවා මගේ බ්ලොග් එකේම පළ කරන්න.. එහෙනම් ඒ පැත්තෙ ඇවිත් “සනා කොලුවගේ අසා ලිවීම“ ත් කියවලම යන්නකො...

    මට ඒ කතාව මතක් කරවපු ඔබට බොහොම ස්තූතියි...

    ReplyDelete
  50. sansarasiduට, ඔන්න ආවා.

    ReplyDelete
  51. හිනාවෙලා මැරෙන්න යනවා! බේරගනියෝ! :D
    ඔයාගෙ කතන්දර නම් නියමයි. චිත්‍ර නම් හරි ලස්සනයි අයියේ...

    ReplyDelete
  52. කකා කියලා තියෙන්නේ MAD ගැන.තේරුනානේ.ඔක්කොම එකට කියෙව්වම හරි.
    කතාව එළ.

    ReplyDelete
  53. msenarathට,
    මෙන්න අලුත් එක්කෙනෙක්. හොදා හොදා. හිනාවෙලා මැරෙන්න යනවා නම් බලාගෙන මුලින්ම පුල් ඔප්සන් හිනා රස්සනයක් දා ගෙන ඉන්ට වෙයි.ශීහී....

    මුචා,
    කාලෙකින් ඈවිල්ලා තියෙන්නෙ. එස්සැම් ඉවර නෑ මයේ හිතේ තාම. උඔට අර ගැරඩි බුවා කරපු අවලං වැඩේත් මට ආරංචියි!- ගැරඩියටත් බය හිතෙන්න ඈති සූප්පන්න තියෙන ටොපිය හපන්න යනකොට.

    ආ.. ඒක නේමේ...,කකාගේ කේස් එක තේරුං කොරලා දුන්නට ඉස්තුතියි.

    ReplyDelete
  54. බුද්ධි අයියා...
    ලැබුවා වූ නව වසර...
    ඔබටත්, මැරියන්ටත් මැරියන්ගේ මෑණියන්ටත් එකී මෙකී නොකී සැම දෙනාටත්..
    සාමය, සතුට සපිරි...
    සියළු පැතුම් ඉටුවන සුබ නව වසරක්ම වේවා !!!

    ReplyDelete
  55. ඔන්න පරක්කු වෙලා හරි ආවා අවුරුද්දට මේ පැත්තටත් හිනා වෙලා යන්න....... බුද්ධි අයියටත් පවුලේ සැමටත් සුබ අළුත් අවුරුද්දකට සුබ පතනවා...... තව තවත් අපිව හිනාගස්සන්නට කතා කියන්නට ලැබේවා........ :D

    ReplyDelete
  56. :D ගොඩ කාලෙකිං බ්ලොග් පෝස්ට් එකක් කියවලා ඇති තරම් හිනා උනා :D

    ReplyDelete
  57. බුද්ධි... බුද්ධි කියලා තිබුනට අදනෙ හම්බ වුනෙ.. මම මිට කලින් මෙ පැත්තෙ ඇවිල්ලා තියනවා.. අදනම් පොඩ්ඩක් හිනා වුනා මෙක කියවලා..

    ReplyDelete
  58. වෙනදා වගේම අදත් නියමයි. උඹ ඉතිං ටක් ගාලා ලැප අරගෙන නෙට් එකෙන් මොඩ්ල් ලෙටර් කියාලා සර්ච් පාරක් දැම්මා නම් ඕක හම්බ වෙනවානෙ. ඔය වගේ හිනාවට ලක් වෙනවායැ. මොළේ කල්පනා කරපං.

    ReplyDelete
  59. අප්පා.... මාර ඇම්බැට්ටයෙක්... හික් හික්....පොඩ්ඩක් පරක්කු වුනා එන්න... හත්ඉලව්වයි. අපේ ඉස්කොලෙ හිටියනම් මුලු පංතියටම ඇහෙන්න කියවනවා...හිනා කාලා මැරෙනවා...

    ReplyDelete
  60. අහ්... අමතක වුනා..... බුද්ධි ළමයටත් පවුලේ සැමටත් සුබ අළුත් අවුරුද්දකට සුබ පතනවා....

    ReplyDelete
  61. ඈ බොල බුද්ධි කොළුවො.. දවස් ගානක් තිස්සෙ කොහෙද බොල අන්තරස්දාන වෙලා තියෙන්නෙ?
    අද 18 යි.. අන්තිමට දැක්කෙ 7 වෙනිදා..

    ReplyDelete
  62. අවුරුදු නිවාඩුවට ගිහිල්ලා අදයි ගෙදර ආවේ වැඩට යන්නම බලාගන,
    ..................
    sansarasiduට,විශ්මිට සහ හිපෝට, ඔබටත් එසේම වේවා!.
    .....................
    කණියා,
    මොනවා ඔයා මම මහන්සියෙන් ලියපු එක බලල හිනාවුනාද?
    .....................
    රවා,
    ඔයාවත් මට හමබවෙලා තියෙනවා . වැඩියෙන්ම මම මාරයාගේ හොරාව කියවන්න ඒ පැත්තෙ ගිය දවස් වලට
    ........................
    ඉෂාරයෝ,
    ඒ කාලේ කොහෙද බොල ලැප්. ලැප් තියා ඒකාලේ ගෙදරක ටැලිෆෝන් වත් නැනේ බොල.

    සියලු දෙනාට සුබ අලුත් අවුරුද්දක්! - බුද්ධි

    ReplyDelete
  63. මේ ලිපිය මගඇරිලා තිබිලා දැනුයි දැක්කෙ.
    මේක කියවලා ප්‍රේමදාස ජනාධිපතිතුමා ගැන කතන්දර ටිකක් මතක් වුනා.

    එක දවසක් උදේ පාන්දර ජනාධිපති තුමා ජල සම්පාදන මණ්ඩලයේ සභාපති තුමාව ඇහැරවල අන්න අහවල් තැන පයිප්පයක් කැඩිලා තියෙනවා කිවුවලු. සභාපති තුමා නිදි මරාගාතෙ කිවුවලු "හොඳයි සර් මම හෙට උදේට කාව හරි යවල ඒක හරි ගස්සවන්නම් කියලා". දන්නවනෙ ඉතින් එහෙම කිවුවම වෙන දේ. අනේ අපොයි අර සභාපති තුමාටම යක්කු ගස් නගින උදේ පාන්දර ගිහින් කැඩිච්ච පයිප්පෙ හදන්න වුනාලු.

    ෂැහ්, ප්‍රේමදාස ජනාධිපති තුමාට ඉන්න තිබ්බෙ අපේ බුද්ධි වගේ ලේකම් කෙනෙක්.

    ReplyDelete
  64. මකරා, අදයි දැක්කෙ. ලොල්

    ReplyDelete
  65. මොනවා ! මාව දැකලා නෑ කිවුවා මීට කලින් ??

    ReplyDelete
  66. මඟුලක් කතා කරනවා මකරා........
    උඔව නෙමේ බොල උඔගෙ ඔය කමෙන්ට් එක

    ReplyDelete
  67. අද තමයි මේ බ්ලොග් එක කියවන්න ලැබුනෙ.මුල ඉඳන්ම කියවගෙන යනවා,මේක කියවලා නම් වහලෙ උළු ටිකත් උඩ යන්න හිනා ගියා. අපරාදෙනෙ මට මෙච්චර කල් මගඇරිල තියෙන්නෙ...

    ReplyDelete
  68. ස්තුතියි සුන්දරී හැමදාම එන්න. මගේ මීයා සිප් එකට අහුවෙච්ච කතාවක් ඇති ඒකනං කීයටවත් කියවන්න එපා ඔයා.....:D

    ReplyDelete
  69. එල ලමයෝ. කොමෙන්ට් දාන්න ඩෙයක් නෑ, ලෙසටම ලියල තියෙනවා. තවම උඹේ කතා ටික කියවනවා.

    ReplyDelete
  70. මරු ලියුමක් නේ උඹ ලියල තියෙන්නේ... සිරාවටම හිනා ගියා ලියුම දැක්කම.. මාර්ග සංවර්ධන අධිකාරි තුමා මේ ලියුම දැක්ක නම්.. එවෙලේම ඇවිත් පාර හදල දෙනවා... ෂුවර්...

    ReplyDelete
  71. හිකිස්ය... හොඳටම හිකිස්ය...

    අපොයි මට සැකයි මේක බොලා ඇත්තටම ලියපු එකක්ද කියලා..

    හිනා වෙලා පණ යනවා ඕයි...

    ReplyDelete
  72. අංජන, සවුම්‍යා,සෙන්නා,

    ඉස්ටූතියි.:D

    ReplyDelete
  73. හිතවත් ග්‍රාම සේවක තුමනි,
    මීට අවුරුදු දෙකකට පෙර ඔබ ලියු ලිපිය සම්බන්ධවයි.
    දැන්වත් ඒ පාර සාදා ඇත්දැයි මම දැනගැනීමට කැමැත්තෙමි.
    මීට,
    අහවලා.

    ReplyDelete
    Replies
    1. උඔ දැනගෙන මක් කරන්නද මහතාණෙනි! :D

      Delete

ඔබේ පංගුව...

Related Posts Plugin for WordPress, Blogger...