2010/07/01

ජයසිරි අය්යාට වෙච්ච එකේ අනික! තරගෙ අතරතුර

ජයසිරි අය්යා රේස් පඳින්න ගිහිං කරගත්තු අලකලංචිය ගැන හිතල මතලා උත්තර දීලා, වටිනා තෑග්ගක් දිනා ගන්න අවස්ථාවක් ගිය සතියෙ සයිබර් යායට එන යාවජීව සාමාජිකයින්ට උදා උනා.

ඔය සිද්දිය මම කිව්වෙ විසේසම හේතුවක් හින්දයි. ඒ ගැන ඔහොම්ම තියෙද්දි මේක කියොල බලන්නකෝ!

මේකත් සයිකල් අලංකලංචියක්. ජයසිරි අය්යාට වෙච්ච එකේ අනික!

මේ කතාව හරියට සම්පූර්ණ යොදය සහිත කිරිපිටි වගේ. තනිකර පියෝ. ඈත්තම ඈත්ත. අතීතයේ එක්තරා දවසක මේ ධරණීතලයේ වෙච්ච එක්තරා සිද්දියක්.

අද කතාවෙන් කියන්නෙ අපි එයාපෝස් යන්න කලින් පොලීසියට, පොලිස් රිපෝට් එක ගන්න ගිහිං වෙච්ච කේස් එක.

අපි ගුවන් හමුදාවේ පළවෙනි ඉන්ටවිව් එකට යනකං හිතං හිටියේ මේ ලෝකේ ඉන්න වසම කෙනා අපේ ඉස්කොලේ ප්‍රින්සිපල් ''සංඛභානු'' කියලා. සංඛභානු එද්දි අපි කලේ කවුරුත් කරනවා වගේ හේතුවක් නැතුව දුවන එක. එක්කෝ පුස්තකාලෙට. එක්කෝ සංගීත කාමරේට. නැත්තං පීටී සර් හම්බුවෙන්න.

එයාපෝස් පළවෙනි ඉන්ටවිව් එකෙන්ම තේරුණා අපේ සංඛභානු කොච්චර හොදද කියලා. මේ තියෙන්නෙ ඒකට එක හේතුවක්.

ඉන්ටවිව් එකට ගියේ මමයි, මගේ යාලුවා ඉඳුනියයි!

ඉන්ටවිව් එකත් ඉවරඋනා කියමුකො. ඒක ඉවරවෙලා ගුවන් හමුදාවේ ලොක්කෙක් කිව්වා, ඊලග දවසේ අපිව බඳවගන්න හින්දා පොලිස් රිපෝට් එකක් ගෙන්න කියලා.

දැං පොලිස් රිපොට් එක ගන්න යන්නෙ කව්ද?

මම ජීවිතේකට පොලිසියත් එක්ක ගනුදෙනු කරල තියෙන එකක්යැ! ඉඳුනියනං රාලහාමි කෙනෙකුට ''හූ'' කියලා බස් හොල්ට් එකේ වහලෙ ඉදං පැය බාගයක් විතර වදුරෙක්වගේ කෑ ගගහ ඉඳල පොලිසියත් එක්ක පොඩි ගණුදෙනුවක් කරල තිබුනා. මම එහෙමවත් නෑ. ඒක හින්දා මිනිහා එක්ක යන එක ගැනත් දෙපාරක් හිතන්න ඕන.

කොහොම හරි යන්න තියෙන දිනේ ලං උනා. මම ඉඳුනියත් එක්ක යන්න තීරණය කලා. හවස ප්‍රැක්ටිස් කරන්න ඉස්කෝලේ ග්‍රව්න්ඩ් එකට ආපු ගමන් ඉස්කොලේ වැඩ කරන රාමන්ගේ රෝස කරත්තෙ අරං ඒ බිහිසුනු ගමන යන්න පිටත් උනා.

රාමන්ගේ රෝස කරත්තෙ තමා ඒ කාලේ අපිට පිහිටට තිබුනෙ. මිනිහා එයාගේ බයිසිකලේ මොඩිෆයි කරලා තිබුනේ හැඬල් එකට කූඩයක් හයි කරලා කූඩෙට රෝස මල් පොකුරු ගොන්නක් ගහලා. ඒක හින්දා අපි ඒකට රෝස කරත්තෙ කිව්වෙ. මිනිහා මල් ගහලා තිබ්බෙ එක විසේස හේතුවක් හින්දා. මල් ගොඩක් ගහල හින්දා වැඩිය කව්රුත් මිනිහගෙන් සයිකලේ ඉල්ලන්නැලු. ඒකෙ යද්දි ''නෝන්ඩියි'' කියලා.

ඈත්තම කියනවනං මම හිතුවේ අපි පොලිසියට ගිහිල්ලා,

'' රාලහාමි අපි ආවේ පොලිස් රිපොට් එකක් ගන්න කියලා'' කිව්වම,

ආ... ඉන්න මහත්තයා මම ටක් ගාලා ගෙනල්ලා දෙන්නං'' කියලා පොලිස් මාම කෙනෙක් අපිට ඒක ගෙනල්ල දෙයි කියලා.

මමයි, ඉඳුනියයි රාමන්ගේ සයිකලේ පාරට දාලා පෑගුවා. ටිකක් දුර යද්දි රාමා කෑ ගහලා මොනවදෝ කියනවා වගේ මම දැක්කා. රාමා මඟුලක් කතා කරනවා.

''පොඩ්ඩක් හිටපාං. අපි ටක් ගාලා එනවා'' කියලා මම මිනිහට, සයිකලේ ඉස්සරහ ඉදං යන ගමන් අතපය විසි කරල ගොලු බාසාවෙන් කිව්වා. අපි පාගලා ගියා. පොලිස් රීපොට් එක අරං ඈවිල්ල හවස ප්‍රැක්ටිස් කරන්නත් එපැයි!

ඉස්කොලේ ග්‍රවුන්ඩ් එක ගාව ඉදලා පොලිසියට කිලෝමීටරයක් ඈති ඔන්නං. ඉඳුනියා මාවත් තියං පාගනවා රුපියලටම!

පොලීසිය ඔහොම මෙහෙම තියලා ඉඳුනියා ස්ලො කරන්න හිතං බ්රේක් ඈල්ලුවා. අප්පට සිරි මොන බ්රේක්ද, මේකේ බේතකටවත් බ්රේක් පලුවක් නැද්ද කොහොද? බ්රෙක් අල්ලන්න අල්ලන්න ඉස්පීඩ් වැඩිවෙනවා වගේ.

''රාමා කෑ ගහල කියන්න ඈත්තෙ ඒක වෙන්ඩැති ඉඳුව, මට නිකං යාන්තමට වගේ ඈහුනා බ්රෙක් කියනවා වගේ'' මම ඉඳුනියට කිව්වා.

''ඉතිං කියන්ඩපැයි බල්ලෝ... තෝ සද්ද නැතුව හිටියේ'' ඉඳුව එල්ලෙන්න පිදුරු හොයන අස්සෙ මට කෑ ගහනවා.

මට ඊට වඩා කිසිම දෙයක් කියන්න හම්බුන්නැ. මෙන්න මේ යකා පොලිසියේ බාගෙට උස්සලා තිබ්බ රතුයි සුදුයි තීන්ත ගාපු ගේට්ටු ලීයෙන් ඔලුව නමාගෙමන දැම්මා පොලිසිය අස්සට.

දැං ඉඳුනියා පොලිසිය අස්සෙ හැඩල් එක ඒමේ අතේ හරෝනවා.

රාමාගේ බයිසිකලේ, අපි දෙන්නවත් අරං පොලිසීයේ දොරකො​ඩ තියෙන සඳකඩපහණ උඩින් ගිහිල්ලා, ක්‍රෝටන් තාප්පෙ දෙබෑ කරං ගිහිල්ලා, හොර අරක්කු එක්ක අල්ලපු ගෝඩා බැරල් ගොඩක වැදුනා ''දඩෝරියං'' ගාලා.

මේක ඈහිච්ච පොලිස් රාළහාමිලා, පොලිස් බල්ලෝ, පැමිණිලි දාන්න ආපු අය ඔක්කෝමලා තක්බීර් වෙලා බලං ඉන්නවා. සාම සාකච්ඡා අස්සෙ මොකද්ද මේ පිපුරුව බෝම්බෙ කියලා හිතාගන්න බැරුව.

මේ සිද්දිය නාට්ටියක් වගේ බලං හිටපු ගාඩ්රූම් එකේ හිටපු පොලිස් රාලහාමි ගෝඩා බැරල් ගාවට දුවං ආවා.

''කොහෙද යකෝ තොපි දෙන්න මේ යන්නෙ? රාලහාමි දත්මිටි කනවා.

'මේ...... රාලහාමි අපි පොලිස් රිපොට් එකක් ගන්න කියලා'' මම ගෝඩා බැරල්ගොඩේ වැදිලා හොම්බ රිවෙට් වෙච්ච ඉඳුනියව පෙන්නන ගමං බිම ඉඳගෙනම කිව්වා.

''පොලිස් රිපොට්''

''ඔව්.... රාලහාමි, අපි එයාපෝස් යන්න, එහෙං කිව්වා පොලිස් රිපෝට් එක අරං එන්න කියලා''

''ආ..ඈත්තද, තොපි එයාපෝස් යන්ඩද යන්නෙ! යන්ඩ කලිං මෙහෙම එනවනං, ගිහාම යකො තොපි අපේ කරෙත් යයිනෙ, තොපි දෙන්නා මෙතෙන්ට සයිකලේ අල්ලපු වෙලේ අල්ලන්ම අපැයි ලොකු මහත්තයගෙ කාමරේටම! දැම්ම උඔලට එයාපෝස් යන්න තිබුනා!'' පොලිස් රාලහාමි බල්ලෙක් වගේ කෑ ගහනවා. බල්ලො පොලිස් රාලහාමිගෙ සද්දෙට, අපි වගේ බයේ කුඩුවෙ ඉදං බලං ඉන්නවා.

''දණගහපියව් බල්ලො දෙන්නා. නැගිටින්නැ මම එනංකං'' කියලා මිනිහා ඉඳුනියගේ කනෙං අල්ලා දණගස්සෝලා යන්න ගියා. මම වටපිට බැලුවා. හප්පා, රාමගේ රෝස කරත්තෙ රෝස මල් හැම තැනම විසිරිලා. ඒ අස්සේ ඈප දෙන්න ආපු එව්වොයි, පැමිණිලි කාරයොයි, විත්තිකාරයොයි මේ ලෝකෙ ඉන්න එකම වැරදිකාරයෝ දෙන්නා අපි කියලා හිතලා හොරාට එබි එබි බලනවා.

අපේ පටි වල නං ගන්න දෙයක් නැතිවෙලා, පටි හොදටම රෝල් වෙලා, ක්‍රීඩාවෙන් සමස්ත ලංකා දිනපු ජයග්‍රාහී ක්‍රීඩකයා මෙන්න පොලිසීයේ දණගහගෙන, මීටර් හාරසීයෙ පාසල් වාර්තාව තියන එකත් ලගම තියාගෙන. ඉතිං කාට කියන්නද ඒ වෙලාවෙ මේ අවනඩුව.

හැබැයි ඕනැම අඳුරු වලාවක රිදී රේඛාවක් දකින ඉඳුනියා මට කියනවා,

'' උඹ ගණන් ගන්න එපා බං ඔව්වා. මූන්ට නෝන්ඩියටත් එක්කයි මම මේක ඈතුලට දැම්මෙ, අරූ යන්න ඈත්තෙ අපිට පොලිස් රිපෝට් එක ගේන්න වෙන්න ඈති!. උඔ දැක්කෙ නැද්ද ඌ ලොකු ටෝක් දුන්නට ''එයාපෝස්'' කිව්වම ඩිම්වෙලා ගිය හැටි!''

''බම්බුව. දැං මෙතනින් යන්නෙ කොහොමද කියලා හිතහං.'' මම ඉඳුනියට කියන්න හදලා, මිනිහගෙ හැටි දන්න හින්දා නිකං හිටියා.

ඔන්න ඔහොමයි අපි පොලිස් රිපෝට් ගන්න පොලිසියට ගියෙ.

ඔය පහල තියෙන්නෙ ඒ දුක්බර අවස්ථාව, මගේ විදෙස් ප්‍රෙන්තො ඈඳලා දුන්නු විදිහ.


ඔයාලටත් ජීවිතේ කවදා හරි මේ වගේ බ්රේක් පලු අරියාදු කරපු රෝස කරත්ත එහෙම හම්බවෙලා තියෙනවද? තියේනං ලියන්නකෝ ඔය පහලින්.

• ඒක නෙමේ, මේං මෙතන කොටලා, ජයසිරි අය්යට ඒදා මොකද උනේ කියලා තෑගි දිනන්න තාම අවස්ථාව තියෙනවා හරිද?
















26 ක් කියන්නේ !:

  1. හපොයි පොලිස් රිපෝට් එක ඔන් ද ස්පොට් හම්බ වෙන්න ඇති.රෝස කරත්තෙ රක්ෂණය කරල නෙවෙයිද තිබ්බේ ?

    ReplyDelete
  2. බොලත් කරගන්න දේවල් අනේ හැබෑටම.. හිකිස්, මට නිකං මැවිලා පේනවා පේනවා වගේ.. ඉතිං පොලිස් රිපෝර්ට් එක ලැබුනද..?? ඒකෙ මොනවද ලියලා තිබුනෙ..??

    ReplyDelete
  3. බ්‍රේක් නැති බයිසිකල් කටුවක ඇවිත් පොලිසියේ බඩු මුට්ටු පෙරළුවාට පස්සේ ඔහොම තමා වෙන්නේ ඕනේ. හොඳ වෙලාවට බයිසිකලේ පොලිසිය ඇතුළට ගියේ නැත්තේ. පොලිසිය ඇතුලට ගියා නම් කූඩුවේ තමා ඉන්න වෙන්නේ.

    ඉතින් අයියා පොලිස් රිපෝට් එකේ මොකුත් අවුලක් ලියලා තිබ්බේ නැහැ නේද ?

    ReplyDelete
  4. "දණගහපියව් බල්ලො දෙන්නා" කිව්වාහාම කුඩුවේ හිටිය බල්ලෝ දණ ගැහැව්වද ඉතින් ?

    [ හිකිස් ....]

    ReplyDelete
  5. එහෙනම් හොදට රිපෝට් එක හම්බවෙන්න ඇති නේද? ඒක නෙවේ අර ඉස්සැල්ලා පෝසට් එකේ උත්තරෙ දුන් නෑනේ.

    ReplyDelete
  6. කොහොමද පොලිස් රිපෝර්ට් එක දවසින් ගන්නෙ. ඒක දවස් කීපයක් යන වැඩක්නෙ. ඉස්සෙල්ලම දන ගස්සවන්න ඕනෙ හරිනං අර කුරුළු බුවාව.

    ReplyDelete
  7. ඔන්න බුද්ධි මම සල්ලි සල්ලි කියලා බැලුවේ නැහැ. දුන්නා පබ්ලිසිටි පාරක් මගේ බස් එකේ. පස්සේ තියෙන වෙලාවක දෙන්නොකෝ මගේ වියදම. :D

    ReplyDelete
  8. ඉතින් හම්බුනාද රිපොරිට් එකක්... හික් හික්. ඇයි බන් ඔයින් ගියා ඇති. අපේ පොලිසියට එහෙම ගියා නම් ඇතුලෙ කේලින්ම හික් හික්. ලංකාවෙ පොලිස් අයියල හිතන්නේ ලෝකෙන් උතුම් එයාල කියලනේ.

    කො බන් ඉතුරු ටික ඒ උනාට කතාවෙ

    ReplyDelete
  9. මං හිතන්නේ රිපෝර්ට් එක එනිවිලොප් එකකම දාල අතටම දෙන්න ඇති. මොකට අහිංසක කොල්ලො දෙන්නා ආයෙමත් බයිසිකලේ නැගල මහන්සියෙන් එන්න හොඳ නෑනේ කියල. ඉතිං ගමන් මහන්සියට පොලිසියෙන් තේකක් හෙම දුන්නේ නැතෙයි. මොනව වුනත් පට්ට කතාව. ජයසිරි අයියගේ කතාවේ ඉතුරු ටික කවද්ද දෙන්නේ?

    ReplyDelete
  10. ඔයින් ගියා ඇති. රිපෝට් එක අතටම ගෙන්හැල්ලා දෙන්ටැති මයෙ හිතේ..
    :D

    ReplyDelete
  11. අපොයි සංසාරෙ මගෙ ලමයිනුත් බලං ඉද්දි මේක කියවල මම හක හක ගාල කැකිරි පලන්න ගත්ත නොවැ.. අනේ බුද්දි මහත්තයෝ...මෙහ්ච්චර කොමික් කොරල ලියල අපිව හිනා කාල මරන්න එපෝ....

    ReplyDelete
  12. මකරා,
    රෝස කරත්තෙ රක්ෂණයක් ගැන කතා කරනවා. මේ සිද්දියෙන් පස්සෙ වෙච්ච දේවල් නං උඔට කිව්වොත් කොහොමත් විස්වාස කරන්නරති වෙයි!
    ...........................

    Buratheno,
    මම දැන් එයාපෝස් එකෙන් අයින් වෙලත් එක්ක. තාම දැක්කෙ නෑ පොලිස් රිපෝට් එක. ඒක වෙම ස්ටෝරි එකක්. වෙලාවක් තිබුනොත් ඒකත් කියන්නංකෝ.............
    .....................

    හසියා,
    මොනවා ලියලා තිබ්බද කව්ද දන්නෙ. ඒක මම තාම දැක්කෙ නෑ. හැබැයි ඒක ගන්න දවස් ගානක් කට්ට කෑවා. ඔය ඒවයින් එකක්.
    ...............

    හේමාලයා,
    මැනි තෑන්ක්ස්. මෙයත් දැං දිගටම සයිබර් යායට ඒනවා නේ. තැන්කූ තැන්කූ!
    ......................

    වැප්,
    උන් දණගැහැව්වෙ නෑ. ඒ වෙනුවට අපි දණගැහැව්වම මදෑ. ඈයි වැප් උඔට මේක මගේ පට්ටපල් පචයක් කියලා හිතුන්නැද්ද මම මේ ඔයා ඒක වරහන් කරලා දානකං බලාන හිටියේ.
    ....................................

    කස්සා,
    ඉස්සෙල්ලා ඒකේ උත්තරේ ඊලගට.
    .............................

    සසී,
    බුහහා..........................
    ජයසිරි පාට් ටූ සසීන්ද්‍ර මලයලට වැදගත්. උණ හොඳ වෙලා කාරීය ඉන්නකෝ.
    ..................................

    ඉන්දික උපශාන්ත,
    පොලිස් රිපෝට් එක ගන්න එක දවස් ගානක් යන වැඩක් නේන්නං. තාම නෑ ඒක.
    ...................................

    රන්දිල් කොහොමද,
    බස් එකේ දුන්නු පබිලිස් එකට මෙනි තෑන්ක්ස්. මොකද්ද බස් එක ඒසී ද නෝමල්ද ගූගල්ද?
    ...............................

    පිස්සො,
    කතාවෙ තියෙන්නෙ ඉතුරු ටිකක් නෙමේ. ඉතුරු ගොඩක්. ඒකයි නතරකොලේ. හිහි... පස්සෙ වෙච්චා උඔලට කිව්වට උඔලා ජීවිතේට විස්වාස කරන්නැ අම්මපා.
    ....................................

    ප්‍රියන්ත,
    ජයසිරි අය්යගෙ කතාව අහන්ට ඉන්නෙ හරි උත්තරෙත් දෙන්නකෝ. මටත් යාලුවෙක් කාටුන් කරන්න තියෙන චෑන්ස් එකනේ. උත්තරේ අර උඔගේ ටෙක් එකේ සහෝගෙ යාලුව දුන්න උත්තරේ වගේ එකක් තමා. හිහි
    ....................................

    සිරී,
    රිපෝට් එක දෙන්න ඈති.! අපිටනං දුන්න ඈති රිපෝට් එකක් නෑ සිරි. මුලින්ම වැඩේ දෙල් උනා නොවැ!
    ................................

    ජීවිතේ මල්,
    පරිස්සමට හරී........ හිනා හිරවෙලා ආයේ තව එකක්. මේ........ ඔයාගෙ පැටැව්ට පෙන්නන්ඩ එපැයි කෙහෙල් කොටුවෙ චූටි මහත්තයාව. හිහිහි...................

    ReplyDelete
  13. ලියල තියනව රුපියලටම!

    ReplyDelete
  14. කාලෙකට පස්සෙ රුපියලටම. බුද්ධි

    ReplyDelete
  15. හි හි . .. මටත් මැවිලා පේනවා දෙන්නත් එකක් පොලීසියේ දන ගහගෙන ඉන්න හැටි පොලිස් රිපෝට් එක රාළහාමි ගෙනත් දෙනකම් . . .

    මෙ මචෝ සිරාවට අපේ රටේ මිනිස්සුන්ට පොලිසියේ අයගේ බලයේ තරමයි උන්ට අපිට බලය පෙන්න ඇහැකි තරමයි අනිසි විදිහට බලය පෙන්නන්න ආවහම මහජනයට ඊට එරෙහිවීමේ නීති රීතියි තේරුම් ගන්න පුලුවන් වෙන විදිහට ලිපියක් ලියන්න බැරිද . . ?

    මේ වගේ ජෝක් ලිපියක් නෙමෙයි සිරා ලිපියක් ???

    උඹේ බ්ලොග් එකේ මාර පාඨකයෝ පිරිසක් ඉන්න නිසාත් උඹ එයාෆෝර්ස් එකේ හිටපු නිසාත් පුලුවන් වෙයි කරුනු හොයා ගන්න . . මොකෝ කියන්නේ

    ReplyDelete
  16. මොකෝ කියන්නෙ! ඕවා කරන්න කොහොමද දුකා! අර ස්වේත රථය තියෙනකං. බලමුකෝ මගෙ ඔයිට සමාන ලිපියක් ලියන්න හිතේ තිබ්බා. හැබැයී මීට හාත්පසින් වෙනස් මාතෘකාවක් ගැන.
    ඒක නෙමේ බොලා කියන්නනෙ මං නිකංම නිකං ජෝක් කතා කියන ජෝකර් කෙනෙක් කියලද? උත්තර දීහං. මම ලියන්නෙ ඈත්තටම මට වෙච්ච සිද්ධිනේ. ගොතාපු ජෝක්ස් නෙමේ හරිද දුකා. උඔ අහුවෙයංකෝ......

    ReplyDelete
  17. අනේ මන්දා චූටි මහත්තයටම ඕව වෙන්නෙ මොකද කියලා

    ReplyDelete
  18. කියල වැඩක් නෑ පිස්සු හැදෙනවා... හෙහේ අයිය මාරයි නේ අයියේ.... ඊට පස්සෙ ඒ පොලීසිය පැත්තෙ ගියෙ නැද්ද? ගිහිල්ල රාලහාමිත් එක්ක පොඩි චැට් එකක් දාන්න තිබුනේ...
    කාලෙකින් ආවේ... කැම්පස් එකේ වැඩ බරටම... හික් හික්

    ReplyDelete
  19. මට නම් බ්රේක් පලු අරියාදු කරලා පොලීසි යන්න වුනේ නෑ.. හැබැයි දෙතුම් පාරක්ම ඉස්පිරිතාලෙටම ගියා..

    එක පාරක් බ්රේක් පලු මට අරියාදු කරලා‍ බොහොම ලොකු දුකක් විදලා මගේ අනාගත පරපුර බේරගත්තා..හික්ස්..

    හැමදාමත් වගේ ඉතින් ෆට්ට ෂිනා.. ‍හිහ් හිහ්

    ReplyDelete
  20. හහ් හහ් හා.. පෙන්නුවනම් හොඳට තියෙයි! හී හී...
    මේ ඔයාගේ චිත්තර වල නීතිමය අයිතිය හොරකම් කෙරුවොත් නම් ප්‍රස්නයක් තමයි අයියන්ඩි. ඒත් අර copyrights කියල ලියල , එතකොට අර වෙන වෙන text pieces ටිකක් ඇඩ් කරල චිත්තරෙ පොඩ්ඩක් disturb වෙලාද මන්ද ... අනේ සූටි අයිඩියා එකක් විතරයි හොඳේ...

    ReplyDelete
  21. කාංචන, ඒකනේ මචං.
    ..............
    සන්දීප, මේ දවස් වල වැඩ වැඩි ඈතිනේද? මයික්රපෝනේ සද්දෙ කාලෙකින්නෙ ඈහුනේ.
    ...............
    ළමයා, අර වෙලාවේ තරුත් දැක්කද ඔයා? හිහි...
    .............
    ජීවිතේ මල්, සයිබර් යාය කියලා ඉමේජ් සර්ච් කලාම මගේ ඉමේජ් මුලටම එනවා. ඒකෙන් උඬගු වෙලා තමා මම රපි කොයිට් දැම්මේ හිහි.....

    ReplyDelete
  22. ජයසිරි අයිය නම් බයිසිකලේ කරේ තියං හරි ආවනේ. චූටි මහත්තය රෝසකරත්තේ කොහොමද දන්නෑ අරන් ආවේ. අනික අයිතිකාරයගෙන් රිටන් හම්බුඋනාද?

    ReplyDelete
  23. ගයා,රිටන් එක හම්බුනා දෙන්නටම.

    ReplyDelete
  24. මේ ක්‍රමෙත් නරක නෑ පොලිස් රිපොර්ට් ගන්ඩ යන්න.

    ReplyDelete

ඔබේ පංගුව...

Related Posts Plugin for WordPress, Blogger...