කෙහෙල්කොටුවේ චූටි මහත්තයගේ කතා Season 2 ඇරඹුනා...!

2010/09/25

මම මැරෙන්න ගිය දවස

පොඩි කාලේ දවසක මම මැරෙන්න ගියා. ඒ හරියටම පහ වසර ශිෂ්‍යත්වය විභාගයට පංති ගිහිං ආපහු එන වෙලාවක. ඒ සිද්දිය නං මට කවදාවත්ම අමතක වෙන්නැ!

කාලයක් තිබුනා අපි ඉස්කොලෙ ඇරිලා ඇවිල්ලා කෙලින්ම චාලි මුදලාලිගේ කෙහෙල් කොටුවට පනින කාලයක්.

කාලේකදී කෙහෙල් කොටුව අතඇරලා ගම්මානයේ එක් මුඩුබිමක් හොයාගෙන අපි කරපුවත් දන්නවා ඇති. ඒත් කවදාවත් මට මේ වගේ අද්දැකීමකටනං මූණ දෙන්න උනේ නෑ!

කොහොම හරි ඔය ඔක්කොම සෙල්ලං ඉවර උනේ ශිෂ්‍යත්වය හරි සිස්සත්තේ හරි කියන කූඥ්ඥය වැදිච්ච දවසේ ඉදලා!

ශිෂ්‍යත්වය ලං වෙනකොට හවස පන්ති, ගෙදර පන්ති මදිවට සුමග උසස් අධ්‍යාපන ආයතනයේ හැම සෙනසුරාදාම තියන සිස්සත්ත පන්තියටත් යන්න වූනා.

සුමගට යන ගමනත් එසේ මෙසේ ඇඩ්වැන්චර් එකක් නෙමේ. හැබැයි ගමන ජොලි!!

යන්නේ මමයි, අරුණයයි!!

මුලින්ම අපි ගෙදර ඉඳලා යන්න ඕනැ සයිකලෙන් හැතැප්ම පහක් විතර. ඒ ගමන තමා ජොලිම.

පාරේ වැටිලා තියෙන තේක්ක කොල උඩින් සයිකලේ ඉස්සර රෝදේ ''ව්රස්, ව්රස්'' ගගා අල්ලා අල්ලා බොරලු පාර පුරාම වැටිලා තියෙන වේලිච්ච කොල උඩින් වැඩියෙන්ම රෝදේ අල්ලන එක්කෙනා තමා එදා දවසේ පොර.

ඔහොම තරගෙට කොල යටකරගෙන එද්දි දන්නෙම නැතුව අපේ ගම්මානෙට හැරෙන මුව දොර හබ්බවෙනවා. ඒ හංදියට විනාඩි දෙකකට විතර මෙහායින් හම්බවෙනවා, ලොකු මිදුලක් තියෙන මැටි ගහහ පොල් අතු හෙවිල්පු ලොකු ගෙයක්. මිදුලේ තියෙනවා කරත්තකොලොම්බන් අඔ ගහක්. එතන්ට අපි ඇවිල්ලා, සයිකල් වලින් බැහැලා, දෙන්නගෙන් එක්කෙනෙක් අනිත් එක්කෙනාට,

''ඔයා අහන්න? '' කියනවා.

ඒක කිව්වෙ මගේ යාලුවා අරුණයනං,

''නැ.... අද ඔයාගේ දවසනේ.. ඔයා අහන්න?'' කියලා බොරුවට පුරුදු විදිහ​ට කියනවා.

''හරි අද මං අහන්නං..... ලබන සෙනසුරාදා ඔයා, අමතක කරන්ඩ බෑ, හරිනේ? කියලා.

ගිරිය පුප්පලා,
" බබුරු ආච්චී......... අපේ සයිකල් දෙක අඔ ගහ යට දාලා යන්නද?'' කියලා අහනවා.

එතකොට,
''හාහා.......කව්ද ඔය ..........ඔය ළමයි කව්ද...............?'' ගෙවල් පිටිපස්සෙන් ඔබුරු ආච්චිගෙ සද්දෙ ඇහෙනවා.

''මේ........ රතු බණ්ඩා මාමාගේ පුතයි, තැපැල් මහත්තයගේ පුතයි''

''හාහා... දාලා යන්ඩලා.''

ඔන්න ඔය විදිහට බයිසිකල් දෙක දාන්න අවසර අරං, සයිකල් දෙක අඔ ගහේ හේත්තු කරලා, සයිකල් දෙකම ලොක් කරලා, යතුරු සාක්කුවේ දා​ගෙන අර විනාඩි දෙකේ දුර පයින්ම ගිහිල්ලා, එතන ඉදං සුමග පංතිය තියෙන තැනට බස් එකේ යනවා.

බස් කිව්වට ඒ කාලේ කොහෙද බස්! බස් වලට දාන්න පුලුව තරං සෙනග දාන්න පුලුවං වෑන් ඒවා. යන්නේ පැත්තක් ඇලේට හැමදාම.

ඔය බස් වලට අපේ කිසිම වටිනාකමත් නෑ. ඇයි බාග ටිකට් නේ! ඒ හින්දා කොන්දොස්තර මාම ඈත ඉදලම අපිව දැක්කම ඔරොවගෙන ඇවිල්ලා දෙකට තුනට නමලා ඔය ඇතුලෙ ඉඩ තියෙන කොහාට හරි ඔබනවා. ඔහොම ඔබලා අඥ්ඤකොරොස් වෙලා ඉද්දි මිනිහා අපිට ඇගිල්ලෙන් ඇන ඇනා සල්ලි ඉල්ලනවා.

ඔන්න ඔය හේතුව හින්දා මම බාග ටිකට් වලට ඕන රුපියල් දෙකේ කාසිය දකුණු අත පැත්තේ සාක්කුවට දාලා බයිසිකල් යතුර වම්පැත්තෙ සාක්කුවට දාලා රෙඩි වෙලාමයි යන්නෙ. එද්දි බස් එකට දෙන්න ඕනැ රුපියල් දෙක කවකටුපෙට්ට්යේ.

එක දවසක් ඔහොම සිස්සත්ත පන්ති ගිහිං එනකොට අපි දෙන්නට මාර වැඩක් උනා. ඒදා තමා මාව මැරෙන්න ගියේ.

ඒක උනේ මෙහෙමයි!

එදා අපි පුරුදු විදිහට සිස්සත්ත පන්ති ගියා. දවසේ කිසිම අමුත්තක් තිබ්බෙ නෑ. වෙනදා වගේම තේක්ක කොල සද්දෙට දෙමලිච්චො බය උනා. ලා ඉරව්වයි, උදේ සීතලයි මැද්දෙං අපි අපේ පාඩුවේ සයිකල් පැදං ගියා.

මට මතක හැටියට එදා තිබුනු එකම වෙනස උනේ මගේ කොට කලිසමේ එක සාක්කුවක් ඉරිලා තිබ්බ එක විතරමයි! ඒක හින්දා මම සල්ලියි, යතුරුයි ගැන විසේස සැලකිල්ලකින් එදා හිටියේ!

එදත් අපි බබුරු ආච්චිලාගේ ගෙදර සයිකල් දාලා සිස්සත්ත පන්ති ගිහිං ආයෙ එන්න පිටත් උනේ අර බස්වගේ වෑන් එකට නැගලා !

දැං පුරුදු විදිහට අඥ්ඤකොරොස් වෙලා අපි එනවා.

ඒ මදිවට වෙන බස් එකක් ආවෙ නැද්ද අපේ බස් එකත් එක්ක රේස් එකට, බස් එකක් කිව්වට ඒක බස් එකක්ම නෙමේ දැන් දන්වනේ ආය ආය කියන්න ඕන්නැනේ නේ...

දැං බස් එක එලවන්නේ කොන්දොස්තර මාම!!! ඩැයිවර් මාම ඉස්සරහ ඉදං ඉස්ටීරියන් වීල් එක කරකෝනවා විතරයි. කොන්දොස්තර මාම,
'' රත්නයා ඉස්සරහ හෝල්ට් ස්ලෝ කලාම ඇති, ඉස්සරහින් වමට දාලා ගන්ඩ ඉඩ තියෙනවා කපාගන්න, ඔතන නවත්තදි පාරට අල්ලා නවත්තහං'' වගේ දෙවල් කිය කියා ඩැයිවර්ට මාමට ඔපීනියන් දෙනවා.

දැං බස් දෙකේ ගේම හොදොටෝම නැගල යනවා.

ඒ බස් එකයි, අපේ බස් එකයි ''මෙහෙම මෙහෙම, මෙහෙම මෙහෙම''

දැං අපි යන බස් එක මාරියාවය අහුවෙච්ච කට්ටමරං බෝට්ටුවක් වගේ දෙපැත්තට වැනෙනවා. ඇයි බස් එක එලවන්න ඩ්‍රයිවර්ලා දෙන්නෙක්ම ඉන්නවනේ...

එක්කෙනෙක් කියනවා, එක්කෙනෙක් කරනවා!

ඔන්න ඒ අව් අස්සෙ අපි බහින තැන ටික ටික ලං වෙනවා. මම අරුණයා දිහාවෙ බැලුවා! මිනිහටනං වගේ වගක් නෑ. මිනිහා කොහෙන්දෝ ඉඩකින් එලිය බලාගෙන මේ රේස් එකේ උපරිම කික් එක ගන්නවා.

මේ යන රේස් එකේ හැටියට මට ''ඉස්සරහා බහිනවා'' කියනවා තියා බහින දොර දිහා බලන්නත් බයයි!

ඒත් ඉතිං මොනවා කරන්නද කොහොම හරි බහින්න එපැයි!

මොකද ඔය බහින තැනෙං එහාට අඩියක්වත් ගියෝත් අපි දන්නවා ආයේ ගෙදර යාම් බොරු බව. මොකද ඒ කාලේ අපි වගේ පොඩි කොල්ලොංව අල්ලලා මන්නාරම් බොක්කේ කරෝල වාඩි වලට විකුණන සන්නාසියෝ හැම තැනම ඉන්නවා කියලා අපේ කොල්ලෝ කතා වෙනවා මම අහගෙන.

''ඉස්සරා හන්දියෙ බහිනවා.............''

“කෝ.........කව්ද බහින්නේ....කලින් කියන්නෙත් නෑ.... කෝ බහින දෙන්නා ඉක්මනට ඉස්සරහට එන්...”

මම අරුණයටත් හොදවයින් ටොක්කක් ඇනල දෙන්නත් එක්ක සෙන පීරගෙන ගියා කියමුකෝ ​දොර ලඟට.

දැං බස එක ස්ලෝ කරගෙන ගිහිං හන්දියෙ නතර කරා.

“බැහැගන්ඩකෝ ඉක්මන් කරලා.. මොනවද මල්ලිලා ඉස්මන් කරන්ඩකෝ... කෝ කෝ සල්ලි ගන්ඩ’’ කියන්ඩත් මම සාක්කුවෙන් සල්ලී අරං දීගෙනම බැස්සා.

ඒත් එලොව ඉදං මෙලොව අතගගා, වෙනම ලෝකෙක එල්ලිලා, ටොකු කාලා හිටපු අසරණ අරුණයට මේ වෙච්ච කලබලේ නිසා තමන්ගේ කලිසමේ තියෙන සාක්කු දෙකත් හොයාගන්න බැරිව ගියා.

කොන්දොස්තර මාමාට හොදටම තරහ ගිහිල්ලා වගේ.

මාමා එක අතකින් බස්වෑන් එකේ හුඩ් එකේ එල්ලිලා ඇදී ඇදී ඉස්සරහට යන ගමන් අරුණයගේ දිහාවට හින්නෙක් වගේ අත දික් කරං සල්ලි ඉල්ලනවා.

කලබල වෙච්ච අරුණය, සල්ලි අහුරක්ම උන්ඩි කරලා කොන්දා මාමාගේ අතේ තිබ්බා.

“ඕනැ මල උලව්වක්...සාක්කුවෙන් අහුවෙච්ච ගානක් දෙනවා’’ අරුණයා හිතන්න ඇති.

ඒත් දෙවියනේ අරුණයා කොන්දා මාමගේ අතේ තිබ්බෙ සල්ලි අහුරක් නෙමේ,

ඔව් සල්ලි නෙමේ!!

එයා දුන්නේ, එයාගේ සයිකලේ ලොක් කරපු යතුරයි, එකේ අමුනල තිබ්බ තව ලට්ටලොට්ට වගේකුයි!, මම සහසුද්දෙන්ම දැක්කා මේ මනුස්සයා බය වෙච්චර පාර සාක්කුවෙන් යතුරු කැරැල්ල අරං කොන්දා මාමගේ අතේ තියනවා!’’

අතට දුන්නේ යතුරු කැරැල්ලක් කියලා නොදන්න කොන්දා මාමා,

“හරේ......’’ කියන්ඩත් සල්ලි හරිද කියලා බලන්න අත දිගැරීයා.

ඒ වෙනකොටත් බස්වෑන් එක බුරාගෙන සෑහෙන දුරක් විදලා රේස් එකෙන් දිනන් හිතාගෙන,

කොන්දා මාමා සමහර විට ''සල්ලි යතුරු වෙලා'' කියලා මුලින් බය වෙන්නත් ඇති, ඒත් මිනිහා ඈත යන බස් එකෙන් ඔලුව දාලා,

“ ඒයි .... මේකත් උඔලම තියාගනිල්ලා, මං පස්සෙ වෙලාවක උඔලා දෙන්නා අල්ලගන්නං’’ කියාගෙන යතුරු කැරැල්ල ආපහු විසිකරා.

යතුරු කැරැල්ල, “රෑං රූං, රෑං රූං’’ කියා‍ගෙන ගිහිං දවල්ට සත්තු සරපයි ඉන්න, රෑට යක්කු ඉන්න අපිට යන්න තහනං කරල තියෙන ''මැල් වත්ත'' මහ මූකලානට වැටුනා.

ඔන්න ඔය වෙලාවෙ තමා මම මැරෙන්න ගියේ. ඒ වෙන මොකවත් හින්දා නෙමේ, අසරණ අරුණයට වෙච්ච මේ අලකලංචිය දැකලා හිනා වෙලා, හිනා වෙලා හුස්ම හිර වෙන්ඩ ගිහිං.

එදා මං අරුණයට හොදටම හිනා වුනා. දැං මිනිහට හැතැම්ම පහක් ගෙදර යන්න වෙන්නෙ පයින්. ගිහිං වෙන යතුරක් හොයං හැතැම්ම පහක් ආයෙ එන්න ඕනැ එයාගෙ සයිකලේ ලොක් එක අරින්න. ඉතිං හිනා නොවී ඉන්න පුලුවං කාටද?

අරුණයා ඇරලා යන බස් එක දිහා ටිකක් වෙලා බලං ඉදලා,

“ අපරාදේ ඔයත් සාක්කුව ඉරිලා කියලා යතුර මට දුන්නනේ, මම ඒකත් එල්ලා ගත්තේ මගේ යතුරු කැරැල්ලෙමයි, නැත්තං අපි දෙන්නට ඔයාගේ සයිකලේ හරි යන්න තිබ්බා ෂික්.....” කියලා කිව්වනේ.

අන්න ඒ වෙලාවේ නං හිනාව අස්සෙ මට තරුවගේතුක් පෙනුනා වගේ මතකයි මහ දවාලෙත්!

ඉතිං ඔන්න ඔහොමයි මං මැරෙන්න ගියේ!

ආ......, මේ තියෙන්නෙ මං මැ​රෙන්න ගිය අවස්ථාව ලස්සනට චිත්‍රයට නගල. අපේ විදේස් සිත්තර සිල්පියා...


41 ක් කියන්නේ !:

  1. හිනාවෙලා මැරෙන්න ගිය කෙනාට පස්සේ තරු පෙනුණු එක ගැන ඇහුවාම මටත් දැන් හිනායන්න එනවා වගේ. ඒත් මැරෙන කම් හිනා යයිද දන්නේ නැහැ :)

    ReplyDelete
  2. හාට් ඇටැක් නොහැදුනා ඇති.. :D

    ReplyDelete
  3. බුද්ධි, අමාරුවෙන් කියවගත්ත, සයිබර් යාය ලෝඩ් වෙන්නෙ හරි අමාරුවෙන් නෙ, මගෙ ඉන්ටනෙට් කනෙක්ශන් එකේ වරදක්ද මන්දා...

    (බස් එක කොන්දොස්තර එලවන හැටි නම් නියමයි)

    ReplyDelete
  4. අම්මප හොඳ වැඩේ උඹටත් උනේ... අනුන් කරදරේක වැටුනාම හිනාවෙනවට... හොඳ වැඩේ... හොඳ වැඩේ...

    ReplyDelete
  5. හිහ් හිහ් . . එළ කතාව.

    ReplyDelete
  6. සිරා කතාව... හොද වැඩේ උබට අනුන්ට හිනා වෙනවට

    ReplyDelete
  7. මොනවද බුද්ධි අයියේ..මම හිතුවේ full සිරා කතාවක් කියලා.හරි හරි කොහොම වුනත් ඔයාට අයෙ දුක් නොවෙන්න ලස්සන බාල කාලයක් තිබිලා වගේ...

    ReplyDelete
  8. මම හිතුවෙ හෙන කිරිමේල් කේස් එකක් වෙලා කියලා.බලමුකෝ ඉතින් එකෙත් හැටි.

    ReplyDelete
  9. කියල වැඩක් නෑ. තව පොඩ්ඩෙන් මාත් මැ‍රෙනවා හිනා වෙලා....

    ReplyDelete
  10. හපොයි දෙයියනේ,,,,, ( හිනා වෙලා පණ නැතෝ )

    "ඒ බස් එකයි, අපේ බස් එකයි ''මෙහෙම මෙහෙම, මෙහෙම මෙහෙම'' ",,,,,,චූටි මහත්තයා ලියන අපූරුව ඒ වෙලාවෙ අපිත් ඒ බස් එකේ ගියා වගේ,,, ඉතින් දෙන්නා පයින්මද ගියේ???

    ReplyDelete
  11. හිනාත් යනව.මරු මරු

    ReplyDelete
  12. හිහ් හිහ් මල් හතයි

    ReplyDelete
  13. හේ හේ......... මටත් මැ_රෙන්න හිනා...

    ReplyDelete
  14. හයියෝ ත්‍රාසජනක කථාවක් අහන්න හැදුවේ.. අන්තිමට හිනා වෙලාම පන නෑ...

    ReplyDelete
  15. පට්ට ලමා කාලයක් නෙ බං... මට ඊරිසියා හිතෙන තරං..මට ඔහොම ශිෂ්‍යත්ව පන්ති නොතිබ්බට ඔහොම ආතල් තිබ්බෙත් නැ..හැම තැනම ගියේ කාගෙ හරි වැඩි හිටියෙක් ගෙ අතේ එල්ලිල

    ReplyDelete
  16. මේ ච්ත්‍ර නං පංකාදුයි...මං ආරාධනා කරනව ඔය ළමා කාලේ කතා ඔය ච්ත්‍ර ශෛලෙයෙන්ම කාටුන් චිත්‍ර පටියක් හදන්න.බොහොම ජනප්‍රිය වෙයි.

    ReplyDelete
  17. බුද්ධි අය්යගේ කතාව අහලා මමත් මැරෙන්න ගියා......(හිනා වෙලාම)

    ReplyDelete
  18. රයිගමයයි ගම්පොලයයි වගේ. තේක්ක කොලයි බබුරු ආච්චි ගැනයි කියනකොටනං මට හිතුනේ ලස්සන කතා පොතක් කියොනවා කියලා. සුන්දර ළමාවියක්! මරුම තමයි

    ReplyDelete
  19. හික්ස්......මටත් මැරෙන්න හිනා. හොඳවැඩේ යාළුවන්ට හිනාවෙනවට..

    ReplyDelete
  20. හිහි මරු කතාව. මට මතක් උනා මම සිස්සත්ත පන්ති ගිහින් එද්දි බල්ලෙක් මාව එළවං ආවා.. මම හූ තියාගෙන පන කඩාගෙන ගිහින් ගෙදර නැවතුනේ.. ඒ වසවර්ති බල්ලාත් ආවා නේ ගෙදර පඩිපෙළ ගාවටම..

    ReplyDelete
  21. අම්මේ.....
    චූටි මහත්තයගේ මූණෙ නිකන් අච්චාරු වෙන්නැති නේ අර වචන ටික අහපුවම........

    ReplyDelete
  22. හ්ම්...මරු කථාව...
    ජයවේවා!!!

    ReplyDelete
  23. මොකක් නමුත් ඉල ඇදෙන වැඩක් සැට් කොල්ල ඇති කියල ඉවට දැනිච්ච හින්ද නිකමට වගේ මේ පැත්තෙ ගොඩ උනේ.

    මේක සෑව් කොල්ල තියා ගන්න ඕනෙ බං මැරෙන්න හිතිච්ච දාක කියවන්න. උඹට පවු සිද්ද වෙයිද දන්නෑ හැබෑට.

    ReplyDelete
  24. Hasitha,
    හසිත හිනා වෙලා මැරෙන්නත් ලේසි නැ නේද? කොු දැං උඔ මැරුණයැ!
    .................................
    සීනුවර හසුන,
    මරු ඩබල තමා ඉතිං බුල්ටෝ දෙකක් කකා පයින් ගෙදර ගියා...
    ...........................
    කාංචන,
    කාටද මටදැ? උඔටද!
    ...........................
    චේජනා,
    සයිබර් යායට මගේ පොටෝ එක දාලා හදපු හින්දද දන්නැ ලෝඩ් වෙන්න පරක්කු වෙන්නේ බලමු මම හොයා බලන්නං. ස්තුතියි කමෙන්ට් කලාට!
    .............................
    චමී,
    ඒක නං ඈත්ත තමා! එතන ඉතිං වෙන කව්රුත් හිටිය එකක් යැ. අනික ඉතිං අපිට ලේසියෙන් හිනාවෙන්න චාන්ස් ලැබෙන එකක් යැ!
    .............................
    දූමි,
    තැන්ක්ස්. මේ පැත්තේ ආවාට!
    ............................
    අහීතයා,
    අනේ යන්ට අභීතයා.... උඔලට කතා කියන්නත් ඹ්නැ. බැණුම් අහන්නත් ඕනැ.
    .....................................
    ප්‍රාර්ථනා,
    ඉතිං මේක සිරා කතාවක් නේන්නං.
    පොඩිකාලේ කතා එමට තියේ තව කියන්න. මුලිනුත් කියලා ඈති ඒවත් බලලම ඉන්නකෝ...
    ........................................
    sithuwilimandiya,
    හිකේ හිකිස්. උඹහැ රැවටුනාව්ත්දැ? සොරි වෙන්ට ඕනැ!!
    ...................................
    Praසන්ன,
    පරිස්සමට හිනා වෙන්ඩලා. හිනා හිරවෙයි! කෝකටත් හිනාවට බ්‍රෙක් ඔයිල් ටිකක්වත් දාගත්තොත් හොඳයි!
    ...........................
    හරී,
    තැන්ක්ස් වේවා!
    ඔයත් බස් වල මෙහෙම මෙහෙම ගිහිං තියේද? හිකොස් හිකිස්!
    ....................................

    ReplyDelete
  25. දුෂාන්,
    ස්තුතියි ආවට..... හිනාත් යනවා... ඒක නම් මරු කියමන.
    ..................................
    සිරී,
    මරු වෙච්ච වැඩේද ? කතාවද?
    ...........................
    ගීත්,
    මල් හත මට වෙච්ච වැඩේද? කතාවද?
    .................................
    සහන්,
    උඔත් බ්‍රෙක් ඔයිල් ටිකක් දාගත්තොත් මොකද හිනාවට? මොනාහරි උනොත් අනේ මගේ යාවජීව සයිබර් යාලුවා.
    ............................................
    හසී,
    හිනාවෙලා පණ ගියා කියමුකො ! ඈයි මේක ත්‍රාසජනක නැද්ද.... හිකොස්!!!
    ....................................
    පැන්ඩා,
    ඒක නම් කේස් එකක් තමා! හැබැයි මතක් කරොත් ඒ කාලේ වෙච්ච රසබර සිද්දි මතක් වෙන්නත් ඉඩ තියේ....
    .......................................
    පැන්ඩා,
    හැදුවා කියමුකො......ඉතිං කව්ද ඔය චිත්‍ර පටිය බලන්නෙ......
    ..............................
    නිර්මල,
    මම බයවුන තරමක්, හොඳ වෙලාවට හිනාවෙලා මැරෙන්න ගියේ, මිනිස්සු මැරෙයි කියලා හිනාව තදකරං හිටියට මොකද, හිනා වෙලා මැරිච්ච කෙනෙක් නැ නිර්මල බය නැතුව හිනා වෙන්න...
    ......................................
    නදී,
    මගේ පැරණි කතා කියෝලා බලන්න. ඒවල ඇති මගේ පොඩි කාලේ විස්තර ටිකක්.... මං හිතන්නේ ඉස්සරහටත් මම ඒවා තමයි වැඩිපුර ලියන්න ඉන්නේ.....
    .................................
    ප්‍රියන්තයා,
    යාලුවට හිනා උනේ නැ..... යතුරට අනේ හිනා උනේ... හිකිස්...
    ..................................
    ෆා,
    ඔන්න ඔයාගේ කකුල විකන්න ආපු බල්ලා මට තවත් කතාවක් මතක් කලා...
    ........................................
    හා පැටික්කි,
    මොනවා කියනවද අප්පා, අච්චාරු පරාදයි මගේ මුණ ඒ වෙලාවේ.........
    ........................................
    සම්පත්,
    ස්තුතියි! අගය කලාට අලුත් මූණක් වගේ......
    ...........................
    රාජ්,
    ස්තුතියි! මේ පැත්තෙ ආවාට!
    ....................................
    උන්නැහේ,
    මිනිස්සු මැරෙයි කියලා හිනානොවී හිටියට මොකද පුලුවං හැම වෙලවෙම මැරෙන්න හිනා වෙන එක තමා හොඳම වැඩේ! මම නං හිතන්නේ....
    උඔහැට මැරෙන්න හිතෙන ඹ්නැ වෙලාවක මේක කියවන්න, මැරෙන්න හිනා යයි! හැබැයි කවදාවත් මැරෙන්නෙ නැති වෙයි!! අම්මපා..

    ReplyDelete
  26. තාම හිනා යනවා බුද්ධි අයියා. තාම මැරුන් නැහැ :)

    ReplyDelete
  27. හූ බුද්ධියා හූ.... අයියෝ බං අයියේ.. මේ තරං අකරතැබ්බ වෙලා තියෙන පොරක් මම දැකලාම නෑ... හිහ් හී... මරු මරු...

    ReplyDelete
  28. හොඳ වැඩේ ‍උභට .....හිනවා වෙනවට :D

    ReplyDelete
  29. හසිතයා,
    හිනාවෙයං හිනාවෙයං හිනාවුනාට කවදාවත් මිනිස්සු මැරෙන්නැ බං!
    ...................
    ළමයා,
    අපෝ තව තියේ.... උඔලාගෙ හු කාගෙන හරි ඒවත් කියන එක කියනවා අම්මපල්ලා.
    ............
    වැප්,
    හිනා උනේ නෑ අප්පා! හිනා ගියා ඒකයි උනේ.....

    ReplyDelete
  30. හපොයි හිනා කාල මැරෙනවනෙ. උදේ පාන්දරම ලේ පිරිසිදු කරල දුන්නට බොහෝම පිං. කාලෙකිං බුද්ධි අයියගෙ තොටුපල පැත්තට ආවේ. මම පරණ පෝස්ට් කියල නෑ අළුත් ඒව වගේ බැළුවා.

    ReplyDelete
  31. කොහෙද කුම්භකරණයො මොච්චර කල් ගිහිං හිටියෙ.. අර කාලෙකට ඉහල කට්ටිගේ සිත්තරෙ දැම්මට පස්සෙ මේ ලගක් වෙනකං උඔ අන්තර්දාන වෙලානෙ හිටියෙ...

    ReplyDelete
  32. දන්නවද? මම ඊයෙ තමයි ඔයාගෙ මේ ලස්සන බ්ලොග් එක දැක්කෙ. මේ වැඩ ඇරිල ඇවිත් නිවී සැනසිල්ලෙ ඔයාගෙ රසවත් කතා කියව කියව හිනා වෙනවා :) ඇත්තටම හරිම ලස්සනයි.. සිත්තරත් අපූරුයි :)

    ReplyDelete
  33. ස්වප්නා, සංතෝසයි! දිගමට කියවන්න. හැබැයි ඔයා මේ බ්​ලොග් එකට නොආවට මට මීට කලින් ඔය නම හුරුයි වගේ මූණු පොතෙද දන්නැ......!

    ReplyDelete
  34. හීන කියන්නෙ හැමෝම දකින දෙයක්නෙ :) ඒ නිසා වෙන්න ඇති. මූණු පොතේ මම ඉන්නෙ මගෙ ඇත්ත නමින් ;) :)

    ReplyDelete
  35. යකෝ මේක දැක්කේ දැන්නෙ. එළ

    ReplyDelete
  36. පට්ට කතාව . මටත් හිනාවෙලා මැරෙන්න වගේ. බොහොම අමාරුවෙන් කට වහගත්තා නැත්තම් අළුත් වයිඩ් ස්කීන් මොනිටර් රාජයා කෙල වලින් නෑවෙනවා .

    ReplyDelete
  37. ඉෂාර/ඈඩ්මින්,
    ස්තුතියි! මොකෝ පරක්කු.....!

    ReplyDelete
  38. හිකිස්... :-) මරු ඈ :-)

    ReplyDelete

ඔබේ පංගුව මං වෙනුවෙං...

Related Posts with Thumbnails

බෙදා හදා ගන්නව නම්...