2010/10/04

මගේ උත්පත්ති කතාව හා අම්මාගේ උපන් දින තෑග්ග !

ඒ කාලේ මම මොකක් හරි එක්ස්පෙරිමන්ට් එකක් කරන්න ගිහිං අතක, පයක කුඩු හම කාරිය ගලෝගෙන, පස් කාගෙන අන වෙලාවට, අර අපේ කතන්දර සීයා මට ඒක අමතක කරවන්න මගේ උප්පත්ති කතාව මට අනේක වාරයක් කියා දීලා ඇති!

සීයා ඒක කියන හැම වෙලාවකම මම, මගේ කතාව අහගෙන ඉන්නේ ඒ කතාව එදා පළමුවැනි පාරට අහන පොඩි එකෙක් වගේ. මට මතක හැටියට, ඒ කතන්දරේ සීයගෙන් අහපු හොදම කතා වලින් එකක්. හැම අලුත් අවුරුද්දකටම අපියි, අපේ නැදැයොයි සීයලාගෙ ගෙදරට එක්කහු උනාම උන්දැ කොහෙං හරි පොටක් පාදගෙන ඔය කතාව කියවනමයි අපි ඔක්කොටම ඇහෙන්න හැමදාමත්!

සීයා කියන හැටියට මම ඉපදිලා තියෙන්නේ සැහෙන කට්ටියටකට නඩු ගොඩක් දමාගෙන ලු! මටනං මතක නෑ ඉතිං ඕවා!

කෙටියෙන්ම කියනවනං කතාව මෙහෙමයි!

මාව හම්බවෙන්න අමාරුවෙලා අපේ අම්මව ඉස්පිරිතාලේ අරං යන කං අපේ කාටවත් කිසිම නඩුවක් වැටිලා තිබිලා නෑ!

ඒත් දොස්තර මහත්තුරු චැක් කරලා, මම මේ ලෝක ධාතුවට පය තියන්න ඕන වෙලාව කාරිය ගණනය කරලා, මම එකනං බලං ඉන්නවලු, ඉන්නවලු, ඉන්නවලු, මම නෑලූ!

ඉතිං ඔහොම දවස් දෙකක් දොස්තරලා බලං හිටියත් මම නෑලු! දැං අපේ අම්මට හොමට අමාරුයිලු.

ඒක හින්දා වහාම අපිව ඇම්බියුලන්ස් එකක දාගෙන මහ ඉස්පිරිතාලෙට අරං ගියාලු. ඔන්න එදා තමයි මම හා හා පුරා කියලා වාහනේක ගිහිං තියෙන්නේ. අම්මටත් මම හින්දා එදා ඇම්බියුලන්ස් එහෙක යන්න චාන්ස් එකක් වැදිලි තියෙනවා.

මහ ඉස්පිරිතාලේ වි..ජී. මහත්තයා මම ගැන හොයලා බලල කිව්වලු, "මේ යකා ඕනෑවටත් වැඩිය හැදිලා හින්දා එන්ඩ කල්පනාවක් නැතුව ඇති’’ කියලා.

දැං අපේ අම්මට හොදමට අමාරුලු. සිහියත් නෑලු!

අම්මා කියන හැටියට නං, අම්මා වින්ද ලොකුම වේදනාව ඒ දවස් දෙකේ වින්දලු. ඒක “මෙහෙමයි” කියලා වචනෙං විස්තර කරන්න බැරි එකක්ලු. “අම්මට හිතුනලු අම්මා මැරෙයිම කියලා, මැරෙන එක මීට වඩා ලේසියි කියලා හිතුනලු! ඒත් මාව දාලා අම්මා ගියොත් මම මේ ලෝකේ තනිවෙනවා නේද කියලා හිතලා අම්මා කොහොම හරි හිතට දහිරිය අරං හුස්ම අල්ලං හිටියලු මං වෙනුවෙන්!”.

මේ කතාව දොස්තර මහත්තයා තාත්තටත් කිව්වලු,

''අපි උපරිම උත්සහ කරන්නං දෙන්නවම බේරගන්න. මේ අම්මා මේච්චර කල් ඉවසන් ඉන්න පුදුම හයියක් ඇඟේ තියෙන්න ඕනැ'' කිව්වලු, ''බය වෙන්න එපා''ත් කිව්වලු.

ඒක නම් ඇත්ත බව තාත්තත් පිලිගත්ලු. මොකද අම්මා ඉස්කොලේ යන කාලේ නෙට්බෝල්, මළල ක්‍රීඩා එහෙම කරලා තිබුනා විතරක් නෙමේ, අපේ තාත්තත් එක්කලා යාලු උනාට පස්සේ, තාත්තගෙම කරාටේ පන්තියට අම්මවත් අරං, අම්මට කරාටේත් උගන්නලා තිබුනාලු. කොහොම හරි දෙන්නා කසාද බදිද්දි, කොල්ලත් බ්ලැක් බෙල්ට්ලු! කෙල්ලත් බ්ලැක් බෙල්ට්ලු!!

ඔය මොනවා උනත් තාම මම එන පාටක් නෑලු!

මම එන්නේ නැති හින්දා එදා අපිව බාරව හිටිය මිසි නෝනලාගේයි, නර්ස් නෝනලාගෙයි, නිවාඩු කැන්සල් උනාලු, මාව බාරගන්න හිටපු දොස්ර මහත්තයටත් ගෙදර යන්න නෑලු! ඉස්පිරිතාලේ මම හින්දා අඥඤ්කොරොස් වෙලාලු!

ඒත් මම තාම නැලු!

ඒ විතරක් නෙමේයිලු, තාත්තා මේක කාගේදෝ අතේ මහ ගෙදරට කියලා යැව්වලු! ඒක අහපු වෙලේ ඉදං ගෙවල් වල අයට පිස්සු වගේ ඇල්ලුවලු. කතන්දර ආච්චිලා, පුංචි ආච්චිලා පන්සල්, දේවාල, හොය හොයා දෙය්යන්ට මේ අවනඩුව භාර කරනවලු,ළමයවයි, අම්මවයි ගොඩ දාලා දෙන්න” කියලා. කතන්දර සීයා මේක අහලා අටුවේ ඉදං “හුටස්” ගාලා බිම පත බෑ උනාලු!

හොද වෙලාවට ඒ කාලේ කතන්දර සීයලාට, ආච්චිලාට “හාට් ඇටැක්” තිබ්බෙ නැලු. තිබ්බනං හොඳ,හොඳ සෙල්ලං බලාගන්නත් තිබ්බලු. දැං ගමේ සෙට් එකම කතන්දර සීයලාගේ ගෙදරට බැහැලලු. මේ ''කේස් එක ගොඩදාන කල්ලා සීයගේ ෆිට් එකට ඉන්ඩ ඕනැ'' කියලා.

ඒත් මම නැලු!

අන්තිමටම දොස්තර මහත්තයට මල පැනලා ''බඩ කපලා, මේකව එලියට ගමු” කියලා ඒකමතික තීරණේකට ආවලු!

සීයා කියන හැටිය, ඒත් මම එන්න ලැස්ති නැති කොට අර දොස්තර මහත්තයා අඬුවක් දාල මාව ඇදලා එලියට ගත්තලු! ඒත් මටනං මතක නෑ අඬුවක කේස් එකක්. හැබැයි මට මැවිලා පේනවා අඬුවක් දාලා මගේ කණෙං ඇදලා එලියට අරං මං දිහා නොන්ඩ් බැල්මක් දාන දොස්සර මහත්තයෙක්ව නං!

අන්න එහෙමලු මම මේ ලෝකේට ජනිත උනේ. මම මේ ලෝකෙට එන්න කොච්චර අම්මට වද දුන්නත් අම්මානං මා එක්ක පොඩ්ඩක්වත් තරහා උන්නැ!

මේ තියේනෙ ඒකට සාක්කි.

මේ මම උදේම නැගිටලා අම්මා ''තේ කුක්කු'' එක හදනකං, මගේ බංකුවට වෙලා මට පහුගිය ටිකේ පැනනැගිච්ච ප්‍රශ්ණයි, ඒවට මම හොයාගත්තු උත්තරයි අම්මත් එක්ක සමාලෝචනය කරන වෙලාව.

මේ තියෙන්නේ අම්මා මාව ලිඳ ලඟට ගෙනිහිල්ලා උදේම නාවන්න ටැංකියට වතුර පුරෝන අවස්ථාව. අම්මා වතුර පුරොනකං මම ඉතිං ගමටම ඈහෙන්න මගේ ගීත ගායනා කරනවා! අම්මා වතුර පුරොනකං මටත් කියලා වැඩක් තියෙන්න එපැයි!

මේ තියෙන්නෙ මගේ උදේ කෑම ගන්න වෙලාව. ප්‍රශ්ණ, ප්‍රශ්ණ, ප්‍රශ්ණ, මේ තවත් ප්‍රශ්ණ වගයක් ගැන අම්මයි මායි සමාලෝචනේක.

මේක ගැනනං අමුතුවෙන් කියන්න ඕන්නැනේ. කෙහෙල් කොටුවෙ චූටි මහත්තයා පෝස්ට් එක කියෝපු කාටත් මේක මතක ඈතිනේ.

මම අම්මට කොච්චර කරදර කලත් අම්මනං කවදාවත් මා එක්ක තරහ වුනේ නැ! ඔය පින්තුර වල තියෙනවා වගේ මට ආදරේ කලා මිසක්!

කොහොම හරි පස්සෙ දවසක කතන්දර ආච්චිලා බයට වෙච්ච බාරත් ඔප්පු කරලා, අම්මයි, තාත්තයි, මායි අර මාව අඬුවෙන් එලියට ගත්තු දොස්තර මහත්තයා හම්බ වෙන්න ගියා. එයාට ස්තුති කරන්න කියලා.

පොරට අපේ තාත්තා, මාව හඳුන්නලා දුන්නා විතරයි, ඒදා කේස් එකට අම්බානක දෙහි කැපුවා නේද මට!

පොර විතරක් නම් මදැයි, පොරගේ නෝනයි, දරුවොයි ඔක්කොමලා පොරගේ, පොර ටෝක් වලට මම දිහා බල බල හිනා උනා ඇති වෙන්න!

වැරැද්දත් මගේ වෙච්චි කොට මම කියලා මොනවා කරන්නද ඉතිං! මම කකුලේ මාපට ඇගිල්ලෙන් සිමෙන්තියේ එක එක චිත්‍ර ඇඳ ඇඳා දොස්තර මහත්තයා කියන එක අහගෙන හිටියා හිමිජ්ජා වගේ. සමහර වෙලාවට කට්ටියම මට හිනා වෙද්දි මමත් මෝඩයෙක් වගේ කඳුලු පයිනකං හිනා උනා කට්ටියත් එක්කම.

“මේ ඇහුනද ඉලන්දාරියා. අම්මා නොසෑහෙන්න දුක් වින්දා මේ ළමයා හින්දා, ඒක හොදට මතක තියාගෙන වැඩ කරන්ඩ ඕනැ, ලොකු වෙලා අම්මව හොඳට බලාගන්ඩ ඕනැ හොඳද!” කියලා පොරගෙ දෙහි කැපිල්ල ඉවරයක් කරලා මාත් එක්ක ශේප් වෙන්න හිතං මට කන්න කියලා යෝගට් එකක් දුන්නා.

ඔන්න ඔය විදිහට අපේ අම්මා මාර දුකක් වින්දාලු පොඩිකාලේ මං හින්දා. නිල වශයෙන් ම‍ට තේරෙන වයස එනකොට, ඔය පොඩි පොඩි ඉල්ලීම් දිනාගන්න ඇඬුවට, වැටවල් දි​ගේ ගිහිං ඇඳුං ඉරා ගත්තට, ගස් බඩගෑවට, මම හිතාමතා අම්මට කරදරයක් කලේ නෑ. පොඩි පොඩි ප්‍රශ්ණ උනත් උනේ ඉතිං මගේ එක්ස්පෙරිමන්ට් වැරදිච්ච වෙලාවට තමා. අනිත් අතට මොන කරදර ‍කෙරිල්ලක්ද තවත්, ජීවිත කාලෙම දෙන්න නැ කරදරේ මම මුලින්ම දිලා තියෙන කොට.

ඒ හින්දද මන්දන්නෑ අම්ගෙයි මගෙයි මාර බැදිමක් තිබුනෙ ඒදා ඉදං.

ඒ තියා මම ඉස්කොලේ යන්න අරං අවුරුදු තුනකින් අම්මත් ඉස්කෝලෙ යන්න ගත්තා. මම දැං ඉස්කෝලේ ගිහිං ඉවර උනත් අම්මනං තාම ඉස්කොලෙ යනවා!

දැනට උනත් මම හැරෙද්දි දන්නවා ''මෙයා මොනාටද එන්නෙ හදන්නේ'' කියලා. කොටින්ම කියනවනං මම මැරියන්ගෙන් අහන්නත් කලින් අම්මා දැන ගත්තලු ''වැඩේ හරි තමා'' කියලා. තවත් මොනාද කතා!

ඉතිං එහෙව් අම්මගේ උපන් දිනේ යෙදිලා තියෙන්න හෙට දවසට!

ඒක හින්දා මම මුලින්ම අපේ අම්මට සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කරනවා!!

වෙන කවරදාකටත් වැඩියෙන් අපේ අම්මට මේ උපන් දිනේ මතක හිටින්නත් එක්කලා මම විශේෂ තෑග්ගක් අම්මට පිළයෙල කලා. ඒක තමා මේ පෝස්ට් එක. මේක මම හෙට උදේම අම්මට පෙන්නන්න ඕනැ! මේක කියෝපුවාම අම්මා ගොඩක් සතුටු වෙයි මම හිතන්නේ...!

අන්තිමට කියන්න තව එක දෙයක් තියෙනවා.

ඒ මෙන්න මේකයි.

අපේ අම්මා දුක හිතිලා ඉන්න වෙලාවක් මට පුදුම විදිහට දුක හිතෙනවා. ඒ වෙලාවට නං ඔක්කොම එපා වෙනවා.

ඒත්,

සමහර වෙලාවට, මම කරන විහිලු වලට අම්මා හිනා වෙද්දිත්, මගේ හිතේ අම්මා ගැන ආදරයක්, භක්තියක් වගේ දෙයක් එක්ක මොකද්දෝ දුකක් ‍වගේ දෙයක් ඇති වෙනවා, ඒ හැඟීම හරියටම විස්තර කරන්න අමාරුයි!

මට හිතාගන්න බැරි එහෙම වෙන්නෙ ඇයි කියලයි!

මං හින්නේ,

මම ඉපදෙන්න ඉදිදි, අම්මා ඉස්පිරිතාලෙ ඇඳට වෙලා මාව බලාපොරොත්තුවෙන් වේදනාවෙන් හිතපු මෙන්න මේ සිතිවිල්ල මගේ හිතේ කොහේ හරි තැන්පත් වෙලා ඇති කියලා,

“අම්මට හිතුනලු අම්මා මැරෙයිම කියලා, මැරෙන එක මීට වඩා ලේසියි කියලා හිතුනලු. ඒත් මාව දාලා අම්මා ගියොත් මම මේ ලෝකේ තනිවෙනවා නේද කියලා, අම්මා කොහොම හරි හිතට දහිරිය අරං හුස්ම අල්ලං හිටියලු, මං වෙනුවෙන්!”.


62 ක් කියන්නේ !:

  1. බුද්ධි අයියගේ අම්මට සුභම සුභ උපන් දිනයක් වේවා. අයියගේ කතාවත් එල.

    ReplyDelete
  2. අම්මෙක් දරුවෙකුට දක්වන ආදරය මනින්න මේ ලොකේ කිසිම මිනුමකට බෑ. එකේ සිමා මායිම් විශ්වයටත් එහා. ඒ අම්මලාගේ තාත්තලාගේ යුතුකම් දැන් ඉවරයිග අපි දැන් අපේ වැඩක් තනියම කරලන්න පුළුවන් අය. එත් අපේ අම්මලි තාත්තලා තවමත් අප වෙනුවෙන් වෙහෙසෙනවා. එයට පිදෙන මේ බ්ලොග් සටහන ලාංකීය බ්ලොග් අවකාශයටම ආදර්ශයක් වේවි බුද්ධි. උදේම මේ වගේ එකක් කියවන්න ලැබීමත් වාසනාවක්. මගේ සිතට මේවගේ එවා කියවන එක මේ දවස්වල සහනයක්. ඔබට ගොඩක් ස්තුතියි මේ සටහනට.
    ඔබේ මෑනීයන්ට සුභම සුභ උපන් දිනකට මගෙනුත් ආසිරි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  3. මං හිතන්නේ බුද්ධි අයියගේ පෝස්ට් එකක තිබුණු වැඩිම චිත්‍ර ගාණත් අද පෝස්ට් එකේ තමයි. එච්චර කරදර කරපු අම්මා වෙනුවෙන් එහෙම කරන්න එපායැ නේද?

    ReplyDelete
  4. තව එකක් අමතක උනා. මැරියන් අක්ක ගැන මතක් කරපු එකේ එයාව හම්බ උනු හැටිත් කියන්නකෝ.

    ReplyDelete
  5. ඔන්න අම්මේ චූටි මහත්තයත් එක්ක උපන්දිනේට සුබ පතන්න මමත් එකතුවෙනවා...
    සුබම සුබ උපන් දිනයක් අම්මේ...!!!

    ReplyDelete
  6. ලස්සනට ලියල තියෙනවා.
    මාත් ඔ‍බේ මවට සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කරනවා!!

    ReplyDelete
  7. බුද්ධි අය්යගේ අම්මට සුභම සුභ උපන් දිනයක් වේවා!!!. සයිබර් යායේ අපිව හිනස්සන බුද්ධි අය්යාව එදා book fair එකේදී දැකගන්න ලැබීම ලොකු සතුටක් :D

    ReplyDelete
  8. බුද්දිගේ දයාබර අම්මාට සුභම සුභ උපන් දිනයක් වේවා කියා සුභ පතන්නෙමි.

    ReplyDelete
  9. බුද්ධි අයියාගේ ආදරණීය අම්මාට සුබම සුබ උපන් දිනයක් වේවා...

    ReplyDelete
  10. අදත් සංවේදී සටහනක්,
    අම්මේ....
    අම්මට මගෙනුත් සුබම සුබ උපන්දිනයකට ආසිරි!!! ඒවගේම ආයු බොහෝ වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා..
    ඒ වගේම බුද්ධි වගේ ගුණ යහපත් කොළුවෙක් මේ ලෝකෙට දායාද කරාට බොහොම පිං. බුද්ධි වෙනුවෙන් එදා දහිරිය අරන් හුස්ම අල්ලන් හිටපු එකේ වටිනකම එදාට වඩා අද අම්මට හොඳට දැනෙනව ඇති..
    -චූටි මහත්තයත් එක්ක අම්මට සුබ පතන මම කාංචන෴

    ReplyDelete
  11. ඔබේ අම්මට සුභම සුභ උපන් දිනයක් වේවා

    ReplyDelete
  12. බුද්ධි,
    අගෙයි. හොඳ පුතෙක්. කවදා හරි පියෙක් වුණ දවසට මේ දේ මීටත් වැඩිය හොඳට දැනෙනවා. අත්දැකීමෙන් කියන්නෙ.
    ඔයාගේ අම්මට මමත් සුභ උපන් දිනයක් ප්‍රාර්ථනා කරනවා.
    දැන් ලියවෙන පෝස්ට් ගාන නම් අඩුයි වගේ. ටිකක් කල්පනා කරලා බලන්න.

    ReplyDelete
  13. "මාතු පාදං නමාමි" අම්මේ සුබ උපන් දිනයක් වේවා!
    මව් පිය ගුන දම් දැනෙනා පුතෙකු හැදුවාට ඔබට පින්

    ReplyDelete
  14. චූටි මහත්තයා අයියගේ අම්මට සුභම සුභ උපන් දිනයක් කියලා හා පැටික්කිත් සුභ පතනවා.......!!!!

    මේ පුත්තර රත්නෙගෙ (රත්නෙ කිව්වට බුද්ධි) අම්මට නිදුක් නිරෝගී සුවය පිරි දිවියක් සැමදාම ලැබේවායි පතනවා...!!!!!

    ReplyDelete
  15. කවුරැ අපි අතැර ගියත් අන්තිමට අපිට ඉතිරි වෙන්නනේ "මාතු පාදං නමාමි කියන අකුරැ ටික පමණි" අම්මේ සුබ උපන් දිනයක් වේවා අම්මා කියලා මමත් සුබ පතනවා .

    ReplyDelete
  16. කදුළු නාවට ගොඩක් සංවේදි වුනා මේක කියවන යන ගමන. ඉතාමත්ව සාර්ථක ලියමනක් වගේම තෑග්ගක්. අපේ අම්මලා තාත්තලා අපිව උස්මහත් කරන්න කොච්චර වලි කනවද කෑවද කියලා මේ සීග්‍රගාමී ජීවිත ගමනේ මොහොතක් නැවතී සිතන්න සිත යොමු කරන්නාවු ලිපියක්.
    ඔයාගේ අම්මට මේ සුබ උපන් දිනේ නිරෝගී සැපයෙන් ආඩ්‍යය වේවා යැයි මා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  17. බුද්ධි..... අම්මට කියපන් මේක කියවන අපිත් දීර්ඝායු පැතුවා කියලා.....

    ReplyDelete
  18. අපරිමිතවූ සෙනෙහසින,
    දසමසක් කුස හොවාගෙන,
    රුහිරු කිරි කර පොවමින,
    දරුවන් වැදූ, හැදූ, වැඩූ,
    සියලු මව් වරුනට,

    උපහාර වේවා!!!!!

    නෙත් තෙත් වන ලියවිල්ලකට,
    හද පහන් වන සිතුවම් පෙලකට,
    බුද්ධි,
    ඔබට බොහෝ තුති,

    ReplyDelete
  19. බුද්ධි, අම්මට සුබම සුබ උපන් දිනයක් වේවා කියල මාත් ප්‍රාර්ථනා කරනව... මම කැමතිම ඔයාගෙ අම්මට ඔයා මේ සටහන පෙන්නන එක ගැන. මම දන්න තරමින් ගොඩක් අඩු දෙනෙක් තමයි ඒක කරන්නෙ. මමත් ඒක කරනව වගෙම එහෙම කරන තව කෙනෙක් දැනගත්තම සතුටුයි.

    ReplyDelete
  20. මාත් හිතන්නේ මේක නම් විශේෂම තෑග්ගක් වේවි...

    මගෙනුත් සුබපැතුම්..

    ReplyDelete
  21. i wish a very happy b'day to ur mother

    ReplyDelete
  22. මං හිතන්නේ මේ පෝස්ට් එක වෙයි කෙසෙල් කොටුවේ චූටි මහත්තයාගේ අම්මට ලැබෙන හොදම උපන්දින තෑග්ග......
    චූටි මහත්තයාගේ අම්මට අපෙනුත් උපන්දින සුභ පැතුම්!!!!!

    ReplyDelete
  23. sanwedee satahanak
    obee sadaadara meeniyanta mageeth upaharaya

    ReplyDelete
  24. ඔන්න මමත් එකතුවුනා ඇයට සුබ උපන්දිනයක් කියලා කියන්න...

    ReplyDelete
  25. පලමුවෙන්ම ... ඈට සුබම සුබ උපන්දිනක්...
    අයියෙ අවසාන හරිය කියවද්දි නම් හිත හෑඟීම්බර උනා...
    ලස්සන පෝස්ට් එකක් අයියෙ. අම්ම හෙට දෑක්කම හරිම සතුටු වෙයි ...

    ReplyDelete
  26. ඔබගේ මවට නිදුක් නිරෝගී අනාගතයකට හා සුභ ම සුභ උපන්දිනයකට ප්‍රාර්ථනා කරනවා!!!

    ReplyDelete
  27. කෙහෙල්කොටුවේ චූටි මහත්තයගෙ අම්මට දීර්ඝායු ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  28. චූටි මහත්තයාගේ දයාබර අම්මාට සුභ උපන්දිනකට ආසිරි පතමි,

    ReplyDelete
  29. සිංහල බ්ලොග් අවකාශයට වටිනා බ්ලොග්කරුවෙක් දායාද කරපු ඒ වීර මාතාවට සුභ උපන් දිනයකට ආසිරි මගෙනුත්...........

    ReplyDelete
  30. බුද්ධි අයියේ,
    හරිම හැඟීම්බර ලිපියක්..ඇස්වලට කඳුළු උනන තරම්...
    දුකටනම් නෙමේ...කදුළු උන්නනේ සතුටට දුකටම විතරක් නෙවේනේ....
    ඔයාගෙ අම්මට සුභ උපන්දිනයක් පතනවා....!

    ReplyDelete
  31. අනේ බං පරක්කු උනා...
    තරහා නොවී දැනටම මෙ පෝස්ට් එක අම්මට පෙන්නලා ඉවර වෙලානං ආයෙමත් අම්මව එක්කං ඇවිත් මෙ මාත් සුභපතලා ගියා කියලා පෙන්නපං.

    අම්මෙ මෙන්න මාරයාත් ආවා අම්මාට සුභ උපන් දිනක් වෙවා කියලා ප්‍රාර්ථනා කොරලා යන්ට...

    අඩෙ බුද්ධි මෙ අර මට ඇදලා දුන්න චිත්තරෙ නං පංකාදු පහයි බොල...ඒක නෙවෙයි උඹ මගේ නවාතැං පොළට ඇවිත් ගියාද..? ඒ තරං චිත්තරෙ ස්වාභාවිකයි බං...

    ReplyDelete
  32. අනේ මචෝ මම ගොඩ දවසකින් අදයි සින්ඩිය පැත්තෙ ආවෙ. කමක් නැහැ බලාගෙන යනකොට පරක්කු නැතිව ඇවිත් තියෙනවා.

    දයාබර අම්මාට සුභම සුභ උපන්දිනයක් වේවා !

    ReplyDelete
  33. දොස්තරගොල්ලන්ටත් තේරෙන්න ඇති වේට් ලිෆ්ටිං කාරයෙක් එනවාය කියලා.

    එලියට එන්න ගත්තු කාලෙ ගැණ බලන කොට, weight lifting ද නැත්තං wait lifting ද මන්දා?
    අම්මාට සුභ පැතුම්.

    ReplyDelete
  34. Sanjeewa Balasuriya October 5 at 3:09pm Report
    චුටි මහත්තයාගේ ආදරණීය අම්මාට, නිදුක් නිරෝගී සුව සපිරි සුභ උපන්දිනයක් වෙවා....

    මට සිංහල බ්ලොග් මෙව්ව එකක් නැති නිසා සයිබර් යායට කොමෙන්ටි කරද්දි මම කොමෙන්ට් ඈස් එකෙන් නේම්/ යූආරෙල් කියන ඔප්ශොන් එක සිලෙක්‍ටු කරල කොමෙන්ට් කලෙ... දැන් ඒක අන්තරස්දාන වෙලා... සෝ කොමෙන්ට් කරගන්න බැරුවා....

    -Beetle-

    ReplyDelete
  35. කොහොම හරි දවස ගෙවෙන්න කලින් මාත් ගොඩ උනා. උදේ ඉඳන් හිත හිතා හිටියාට හරි හමන් එකලාසයක් තිබුණෙ නෑ නෙව. උඹෑහැ වාගෙ දස්ස කොල්ලෙක් මෙලොවට බිහි කොරල ඌව පරිස්සං කොරගෙන ලොකුමහත් කොරාපු ඒ මෑණියන්ට තුණුරුවන් බෙලෙන් දීර්ඝායුශ පතන්නම්.

    ඒක නෙවෙයි උඹ හැබෑටම ඇතුලට වෙලා මොනවද බං කෙරුවෙ ඒ දවස් දෙකේ? කම්මැලි හිතුනෙ නැද්ද?

    ReplyDelete
  36. පොරොන්දු උන විදියට ඕං අද ගොඩවැදුනා සයිබර් යායට...

    සයිබර් යාය කියල බ්ලොගයක් ලියන්න මෙහෙම චූටි මහත්තයෙක් ලබාදීපු බුද්ධිගේ අම්මට සුභ උපන්දිනයක් වේවා!

    මතක ඇතුව කොමෙන්ටු ටිකත් එක්කම පෙන්නන්නකෝ.

    ReplyDelete
  37. ප්‍රමාද උනාට... මමත් සුබම සුබ උපන් දිනයක් පතනවා අම්මට...

    අම්ම ගෙ තාත්ත ගෙ ආදරෙ වචන වලින් කියා නිම කරන්නෙ කොහොමද... ඒක ලෝකෙ තියෙන උතුම්ම දෙයක්

    ReplyDelete
  38. අඩේ බුද්ධි සමාවෙයන් මචං..දැනුයි පොස්ට් එක දැක්කෙ...

    බුද්ධිගෙ මෑණියන්ට සුභම සුභ උපන්දිනයක් වේවා!!!!!

    ReplyDelete
  39. ඔව් අම්මලාගේ ආදරේ තේරුන් ගන්න බැරි තරං පුදුමාකාරයි
    මමත් ඔයාගෙ අම්මට සුබම සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කරනවා :)

    ReplyDelete
  40. ප්‍රතිචාර දැක්වූ සියලුම මිතුරු මිතුරියන් වෙත,
    අපේ අම්මාගේ උපන් දිනය වෙනුවෙන් සකසන ලද මෙම ලිපියට, ඉතාම කාර්යබහුල ජීවිතයක් ගෙවන ඔබ, ඔබගෙ වටිනා කාලය ගෙවමින් ප්‍රතිචාර දක්වා, මාත් සමග අම්මාගේ උපන් දිනයට සුබ පැතීමට එක්වීම ගැන ඔබ සියලු දෙනාට ගොඩක්ම ස්තුතියි!

    උදේම අම්මා ඉස්කොලේ යන නිසා බලාපොරොත්තු වූ පරිදි අම්මාට උපන්දිනය දා උදෑසන මෙය කියවීමට නොහැකි උනා. එහෙත් එදින රාත්‍රියේ “උපන්දින භෝජන සංග්‍රහයෙන්” පස්සෙ අම්මා මෙම ලිපිය කියවා ගොඩක් හැගීම් බර උනා!

    හැමදාම අම්මාගේ උපන් දිනයට සුබ පතන පිරිසට අමතරව කෙදිනකවත් “නොදුටු දූ දරුවන්” පිරිසක් සුබ පැතීම නිසා අම්මාට ඊයේ ගොඩක් සතුටු හිතිලා තිබුනා!

    කුම්භකර්ණයාගේ සිට පසන් දක්වා සුබ පැතූ සියල්ලන්ට අම්මා ස්තුතියි කිව්වා කියලා කියන්න කිව්වා!

    ReplyDelete
  41. ස්වප්නා,
    කොයි වෙලාවෙද ආවේ! පොඩ්ඩක් ඉන්ඩ මම මේ සුබ පැතුමත් අම්මට පෙන්නන කං.
    ________________

    ඔන්න හරි දැං! ස්වප්නාටත් අම්මා ස්තුතියි කිව්වා....ගොඩක්!!!!!

    ReplyDelete
  42. සුභ උපන්දිනයක් ඇන්ටී...

    ReplyDelete
  43. අම්මට සුබ උපන්දිනයක් වේවා

    ටිකක් විතර ප්‍රමාද උනා ............

    ReplyDelete
  44. හපොයි... අපි ආව බස් එක පරක්කු වෙලා.. කමක් නැහැ... බුද්ධිගේ ආදරණිය අම්මාට (බුද්ධිගෙ අම්මා වුණත් අම්මා කියන කෙනා අපෙත් අම්මා නේ..) සුබම සුබ උපන් දිනයක් පතනවා.

    ReplyDelete
  45. සමා වෙන්න ඕන ප්‍රමාදයට..

    ඔයාගෙ අම්ම්ට් සුභපන්දිනයක් වේවා කියල මමත් ප්‍රාර්තනා කරනවා...

    " මම දැං ඉස්කෝලේ ගිහිං ඉවර උනත් අම්මනං තාම ඉස්කොලෙ යනවා!"

    මේ වචන ටිකදක්කම මට මතක් උනා සුනිල් එදිරිසිංහ මහත්තය කියන "අපෙ ගුරුතුමා යයි තවමත් ඉස්කෝලේ" කියන සිංදුව..

    ReplyDelete
  46. චූටි මහත්තයා....ගේ.... අම්මාට....සුභම සුභ උපන්දිනයක්, ප්‍රාර්ථනා කරනවා (පොඩ්ඩක් පරක්කු උනා)

    ReplyDelete
  47. සසී,වැප්,සහන්,Jeew,සොරෝ,
    ස්තුතියි! ස්තුතියි! මේ එන හැම කමෙන්ට් එකක්ම අම්මාට පෙන්නලයි මම රිප්ලයි කරන්නෙ.
    පරක්කු උනාට කමක් නෑනෙ උඔලාව අම්මා හොඳට අදුරනවා. උඔලගෙ හැටි අම්මා දන්නවා.....

    සෝරෝ,
    මේ වචන ටිකදක්කම මට මතක් උනා සුනිල් එදිරිසිංහ මහත්තය කියන "අපෙ ගුරුතුමා යයි තවමත් ඉස්කෝලේ" කියන සිංදුව..

    මේක නං ඈත්තම ඈත්ත! අම්මගේ ගොලයෝ සමහරක් දැං රස්සාත් කරනවා. මමත් අම්මාගේ ගෝලයෙන් නොවැ.

    ReplyDelete
  48. සමහර විට මං පරක්කු ඈති.... ඒත් අයියේ මාත් අම්මට සුභම සුභ උපන්දිනයක් වේඅව කියල ප්‍රාර්ථනා කලා කියන්න හදවතින්ම

    ReplyDelete
  49. සන්දීප, පරක්කු නෑ! කමෙන්ට් එකට රිප්ලයි කරන්න පරක්කු උනාට මම මේක අම්මට පෙන්නුවා ඒදාම.... ස්තුතියි සන්දීප!

    ReplyDelete
  50. බුද්ධි අයියගේ අම්මට සුභම සුභ උපන් දිනයක් වේවා.

    ReplyDelete
  51. දැන්නම් සුභ උපන් දිනක් කියලා වැඩක් නෑ මොකද උපන් දිනය පහුවෙලා නිසා.නමුත් අය්යගේ අම්මට දිගාසිරි පතනවා

    ReplyDelete
  52. පොජ්ජේ, Shaan Project-X,
    ඔන්න දෙන්නගේ සුබ පැතුම් ගැන අම්මට එදාම කිව්වත් අදයි ඒ ගැන උඔලට කියන්න වෙලාවක් ලැබුනේ......

    ReplyDelete
  53. මම හරි ආසයි අර අම්ම කුක්කු තේ හදනකන් බංකුවක දපාගෙන කයිවාරු ගහන එකට .මාත් ඔහොම කොරනවා ඉඳහිට දැනුත් විවේක ලැබුණම .අම්ම කුස්සියේ උයනකන් පුටු බාගයක් උඩට වෙලා ඔෆිස් එකේ ආ ගිය කතා, සංචාර විස්තර අම්මට කියනවා.හැබැයි සමහර කතා කියන්නෙ සංස්කරණය කරලා .

    චූටි මහත්තයගේ උපත කියනකොට මට මතක්වුනේ මම ඉපදිලා තියෙන්නෙ ගෙදර .දොස්තර දින දීල තියෙන්නෙ 27 වෙනිදට . ඉතින් කිසි අමාරුවක් නැතුව අම්ම 25 වෙනිද උදෙන් නැගිටල ලිඳෙන් වතුර අරගෙන මූණත් හෝදලා ඉස්කෝලෙ යන්න ලෑස්තිවෙනකොට තමයි මට එන්න ඕනෙ වෙලා තියෙන්නෙ . තාත්ත ඉස්පිරිතාලෙ යන්න කාර් එකක් අරන් එනකොට මම එලියට ඇවිල්ල කියලයි අපේ ආච්චි කියන්නෙ.පස්සෙ ඉතින් අම්මට ප්‍රසූත නිවාඩු අනුමතකරගන්න වින්නඹු අම්මයි මාවයි එක්කගෙන එම් ඕ එච් ඔෆිස් එකටත් යන්න වුණාලු .ඔන්න ඉතින් මට තිවුණ හදිස්සියක් එලියට එන්න .ඔයිට සති දෙහෙකට විතර පස්සේ දවසක මම දන්නෙම නැතුව ඇඳෙක් බිමට ඩොක් ලු .අම්මට මහන්සියට ඩිංගක් ඇහැ පියවිලා . එදා අම්ම කියනවා ආච්චි එයාට හොඳ ගුටි පාරක් දීලා මාවත් වඩාගෙන ඉස්පිරිතාලෙ දිව්වලු . එක එක පරීක්ෂණ කොරල පැය දෙක තුනක් මාව ඉස්පිරිතාලෙ රාඳවගෙන අන්තිමට මේ දරුවට කිසි අසනීපයක් නෑ කියනකන් ආච්චිගේ දෝස්මුරේ ඉවර වුනේ නෑ කියල අම්ම කියන්නෙ .

    ReplyDelete
  54. සාතන් මේක කියවන වෙලාව වෙද්දි නම් සුභ උපන් දිනේ කෑලිත් නැතුව ඇති...

    චූටි මහත්තය චිත්‍ර අදින්න වගේම කරාටි වලටත් දස්ස ඇති මයෙ හිතේ... (දාල තියෙන චිත්‍ර උඹම ඇදපුව වෙන්ටෑති කියල හිතනෝ ඕන්..) අම්මයි තාත්තයි දෙන්නම බ්ලැක් බෙල්ට් කිව්වනෙ...

    ReplyDelete
  55. ටීජී ගෙ කතාව දැන්නෙ දැක්කෙ. අපි කව්රුත් ඒකියන්නෙ පොඩි කාලේ ගෙවලා තියෙන්නෙ එකම විදිහට වගේ නේද! අම්මා ඉස්කොලේ යන්න ලැස්ති උනා කිව්​වෙ අම්මා ටිචර් කෙනෙක්ද? අපේ අම්මත් ටීජි ගෙ වගේම තමා එහෙනං. මොකද අපේ අම්මත් තාමත් ඉස්කෝලෙ යනවා.

    හැබැයි අපි දෙන්නගෙ එකක් වෙනස්! මම එන්න පරක්කුයි, උඔ වේලස්සන ඇවිල්ලනෙ නේද!

    ReplyDelete
  56. සාතන්,
    දිගටම කියවන්න වගේ යන්නෙ. සිත්තර නං මගේ තමා. ඇයි මගේ කරාටි දස්සකං ගැන තියෙන එක තාම සාතන් කියෙව්වෙ නැත්තං මෙන්න කියෝල බලන්න. හැබැයි හිනාවෙන්ට බෑ හොදේ

    http://cyberyaya.blogspot.com/2010/11/blog-post_18.html

    ReplyDelete
  57. පහු වෙච්චි කතාවක් උනත් හරි පරිස්සමට අයියාගේ ආදරේ අකුරු කරලා තියෙනවා ලස්සනට..හරිම ලස්සනයි..

    අම්මාට නීරෝගි සුවය...සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා

    ReplyDelete
  58. නිම්ශා ස්තුතියි. පොස්ට් එක අගය කිරිම ගැනත් අම්මට සුබ පැතුව එක ගැනත්

    ReplyDelete
  59. සංවේදී ලිපියක්... කියවල ඉවර වෙද්දි කඳුලක් එකතු උනා නොදැනුවත්වම.අම්මා ළඟට දුවගෙන යන්න තිබුණ නම් කියල හිතුන. ඒත් ඉතිං මම ඉන්නෙ ගෙදරින් ඈත නෙ.

    ඔබේ අම්මාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි.

    ReplyDelete
  60. ස්තුතියි සුන්දරී

    ReplyDelete
  61. ලස්සන ස්ටෝරි එක... කියවන කොට ඇස් දෙකට කඳුළු ආවේ ඉබේටම..

    ReplyDelete
  62. කියන්න දෙයක් නෑ.. උපරිමයි.. මවු සෙනෙහස ඇතුලු අනිකුත් කී නොකී සියලුම සෙනෙහස් ජාති නිසි පදමට ඒකෙ කලවම් වෙල තියනවා..

    බුද්ධිගෙ අම්මාට දීර්ඝායුශ පතමි !!!

    අර පළවෙනි සිත්තරේ දැක්කම මට මතක් වුනේ අපේ පුතණ්ඩියව.. මිනිහත් ඔහොම අත කරකෝලා තමා බැරෑරුම් ප්‍රශ්ණ සාකච්ච කරන්නෙ.

    ReplyDelete

ඔබේ පංගුව...

Related Posts Plugin for WordPress, Blogger...