ඒ, මගේ මීයා සිප් එකට අහුවෙච්ච දවස!
හැබැයි ඒ සිද්ධියෙන් පස්සෙ මම හොද පාඩමක් ඉගෙන ගත්තා. ඒ “මොන දේත් වෙන්නෙ හොඳට” කියලා හිතන්න පුරුදු වෙච්ච එක.
මේ සිද්ධිය, මම කැමති දේවල් ගැන කියපු කතාවයි, මම ගායකයෙක් වෙන්න ගිය කතාවයි වගේ හිනා යන කතාවක් වත්, දිග කතාවක්වත් නෙමේ. බොහොම පුංචි කතාවක්.
කොහොමත් තමන්ගේ මීයව සිප් එකට අහුවෙච්ච කතාව ගැන කියද්දි කව්රු හරි ඒක විහිලුවට බාර ගන්නවනං ඒයාට කොතනක හරි ලොකු වැරදීමක් වෙලා කියලයි මම හිතන්නෙ.
මගේ මීයා සිප් එකට අහුවෙච්ච වෙලාවෙ දැනුන වේදනාව මෙහෙමයි කියලා මට වචනෙන් විස්තර කරන්න පුලුවං වෙයි කියලා මම හිතන්නැ. මේ ලෝකෙ කාගෙ හරි මීයෙක් සිප් එකට අහු වෙලා තියෙනවනං එයා දන්නවා ඇති මේ මං කියන්න යන සිද්ධියෙ බරපතල කම. හැබැයි මේ ගැන වැඩිපුරම අද්දැකීම් තියෙන්නෙ මං වගේ අවුරුදු හයේ හතේ පිරිමි ළමයිට කියන එකත් මම පිළිගන්නවා.
කොටින්ම මේකයි එදා උනේ.
ඒ ඉස්කොලේ අප්‍රේල් නිවාඩු කාලේ හින්දා අපි ගාල්ලෙ, හඹරාදුවේ අපේ නැන්දලාගෙ ගෙදර යන්න ලෑස්තිවෙවි හිටියේ.
ඉතිං අපි තුන්දෙනා උදේම නැගිට්ටා. නෑවා. යන්න ලෑස්ති උනා. උදේ කෑම මගින් ගන්න හිතාගෙන.
තාත්තා පහුගිය දවසක කොළඹ ගිහිල්ලා අපිට ඇඳුනුයි, අලුත් අවුරුදු දා හඹරාදුවේ නැන්දලාගේ ළමයිට දෙන්න තෑගියි ගෙනත් තිබුනා.
ඉතිං ගමන යද්දි ඇඳගෙන යන්න මට ගෙනල්ලා තිබුනෙ ඩෙනිම් වගේ දුඹුරු පාට රෙද්දකින් මහපු දිග කලිසමක්. ඒකෙ දනිස් දෙකේ අඳුරු කහපාට රවුම් දෙකක් වෙනම මහලා තිබුනා. තාත්තා කිව්වෙ එහෙම මහල තියෙන්නෙ අපි වගේ ළමයි හැමතැනම බඩගාන, දඟලන හින්දා දණිස් වැඩිපුර ගෙවිලා හිල් වෙන්නැති වෙන්නලු.
මම ඇඳගෙන යන්න හිටියෙ ඔය කලිසමට, කහපාට රෙද්දෙ රෝස පාට හීන් ඉරි වැටිච්ච ටී ෂර්ට් එකක්. මම ටී ෂර්ට් එක යට කරලා ඇඳගෙන කොච්චියට නැග්ගට පස්සෙ ටී ෂර්ට් එක උඩින් දාලා හුලං පාරට අල්ලන්නයි අදහස් කරගෙන හිටියේ.
කොහොම හරි මම ලෑස්ති වෙවි හිටියෙ.
මම ටී ෂර්ට් එක කරේ දාගෙන කලිසම අතට ගත්තා ඇඳ ගන්න. මම අහගෙන ඒ වෙලාවෙ අපේ අම්ම එයාගේ හැන්ඩ් බෑග් එකට මගේ ලට්ට ලොට්ට වගයක් ඔබ ඔබා මෙන්න මෙහෙම කියනවා.
“මේකත් ඕනෙද චූටි මහත්තයා”
“ඕ”
“අනේ මේක මොකටද, මේව එහෙන් හොයා ගත්තැකිනෙ”
“අනේ ඕක නං ඕනෙමයි ඔන්න..........”
“මේකත් ඕනෙද..... මේ බඩු ඔක්කොම කොහොමද මේකෙ දාන්නෙ”
“ආ.......අම්මෙ මොනා නැතත් ඕක නං ඕනමයි....”
ඉතිං මම, අම්මා මගේ බඩු ඔක්කොම දාගන්නවද කියලා බල, බල කලිසම අඳිද්දි තමා අර මහා භයානක සිද්දිය උනේ.
ඒ කියන්නෙ මගේ මීයා සිප් එකට අහු උනේ!!!
ඒ වෙලාවේ මට තරු විසි උනා.
“අම්මේ.......” මං යටිගිරියෙන් බෙරිහන් දුන්නා.
“ඇයි.... චූටි මහත්තතයා ඇයි මොකො උනේ”
“පේන්නැද්ද මගේ මීයා සිප් එකට අහුවෙලා” මම කෑ ගැහැව්වා.
"කෝ......කෝ......" අම්මාත් බයවෙච්චි.
ඔය සද්දෙට, ඇඳුම් ඇදගෙන, ගෙදර බඩු රෙදි වලින් වහ, වහා හිටපු තාත්තත් “ඇයි.. ඇයි” කියාගෙන දුවගෙන ආවා.
දැං මම යටිගිරියෙන් කෑ ගගහ අඩනවා. මම එබිලා බැලුවා මීයා දිහා. මීයගේ ඔලුව හරිය සිප් එකට අහුවෙලා. අර කැතම කැත සිප් එකේ යකඩ දත් මීයගෙ හම කාගෙන ඉන්නවා.
ඒ දැකලා මම,
“ අය්යෝ මගේ මීයා.............” කියලා තවත් හයියෙන් කෑ ගැහැව්වා.
ඒ අස්සෙ,
“ බොරුවට අඩන්න එපා චූටි මහත්තතයා. පොඩ්ඩක් ඉන්න මං හිමීට ගන්නං” කියලා අම්මා සිප් එක අරින කෑල්ලෙන් අල්ලලා හිමීට ආපහු ඒක අරින්න හදනවා.
“අපෝ..........තුවාල වෙයි තුවාල වෙයි.....” මම ආයෙ බෙරිහන් දුන්නා.
ඒ පාර තාත්තා බොහොම බැරෑරුම් විදිහට මෙහෙම කියනවා.
“චූටි මහත්තතයා, සිප් එක ඇරලා මිසක් මේක කරන්න වෙන ක්‍රමයක් නෑ. අපිට සිප් එක අරින්නම වෙනවා. නැත්තං ඇදලා ගන්න වෙනවා”
“අය්යෝ.... ඇදලා ගන්න එපා...... මීයගෙ කෑලි කැඩෙයි.......” මම විලාප තිබ්බා.
“මේ වගේ දේකට ඔයාට මුණ දෙන්න බැරිනං ඔයා ලොකුවෙලා හමුදාවට යන අදහස අත්අරින්න වෙයි” ඒ අස්සෙ තාත්තා කියපි.
කොහොමත් ලොකුවෙලා ගායකයෙක් වෙන්න හිතං හිටපු මම, ඒ අදහස අතඇරලා දැම්මෙ හමුදවට යන්න හිතාගෙන. හමුදාවට යන්න නං දැම්ම තියා නිර්භීත ළමයෙක් වෙන්න එපැයි!
ඉතිං මම හිත හදා ගත්තා.
අම්මා ඔන්න හිමීට සිප් එක අරින්න යනවා.
මම කෝකටක් දත්මිටිකාගෙන ඇස් වහ ගත්තා.
"කෝ......හරිද"
"පොඩ්ඩක් ඉන්න ඉවසලා....."
"කෝ...... ඉතිං ඉක්මන් කරන්නකෝ අම්මෙ"
“හරිනේ..... ආ........ මෙන්න” අම්මා කියපි.
මම ඇස් ඇරලා බැලුවා. අම්මා මීයව සිප් එකෙන් ගලෝල කොහොමහරි!
හොඳ වෙලාවට මීයට තුවාල වෙලා නෑ. හැබැයි සිප් එකේ පාර ඒ විදිහටම හිටලා.
“යන්තං ඇති” මම හිතෙන් කියලා හොද හුස්මක් ඇරියා.
“ඕකනෙ චූටි මහත්තතයා මම කිව්වෙ. මේ බඩු ඔක්කොම ගෙනියන්න බෑ කියලා. මේ මීයව තියලා යං. මේ බැග් එකට බඩු වැඩියි නැත්තං......”
මම තාත්තා දිහා බැලුවා. තාත්තත් ඒක අනුමත කරන විදහට මා දිහා බලල ඔලුව වැනුවා.
ඉතිං මම කියලා මොනවා කරන්නද?
මම ගිහිං අපේ බාප්පා රට ඉදං ගෙනාපු සුදු පාට හුරතල් කොස්ඇට මීයව, ආපහු මගේ සෙල්ලම් බඩු පෙට්ටියෙන් දැම්මා.
පව්! ඌට දැං ගාලු යන්න වෙන්නෙත් නෑ. මට නැන්දලාගෙ ළමයිට ඌව පෙන්නන්න වෙන්නෙත් නෑ. ඒ මදිවට සිප් එකකටත් අහුවෙලා ඌට දුක් විඳින්න උනා.
හැබැයි ගාලු ගියාට පස්සෙයි මට හිතුනෙ, මීයා ගෙනාවෙ නැත්තෙ හොද වෙලාවට නේද කියලා!
නැන්දලාගෙ ගෙදර ඉන්නවා “මාස්ටර්” කියලා බල්ලෙක්. එයාගේ විනෝදාංශ තමයි බිම තියෙන සෙරෙප්පු, සෙල්ලම් බඩු වගේ දේවල් උස්සං ගිහිං පැත්තට වෙලා “හප” කරන එක.
ඉතිං මගේ මීයව මෙහෙ ගෙනාවනං එයාවත් මාස්ටර් හප කරයි.
මොකද මටත් වෙලාවකට ඔය සෙල්ලම් බඩු නියම තැන තියන්න අමතක වෙනවා. ඇයි ඉතිං එකක් යැ මගේ ඔලුවෙත්........!
කොහොම හරි එදා ඉදලා මම හිතන්න ගත්තා “මොන දේත් වෙන්නෙ හොඳට” නේද කියලා. මම හිතන්නෙ, කරන්නම දෙයක් නැත්තම් එහෙම හිතන එකත් හොද විසදුමක් කියලයි.
ඒ මොකද මම එදා මීයාව අරං ආවනං, මට කවදාවත් මීයෙක් නැති වෙන හින්දා!
ඉතිං මගේ මීයා සිප් එකට අහුවෙච්ච දවසෙ, ඔන්න ඔය පාඩමයි මම ඉගෙන ගත්තෙ.
ඔය ගොල්ලත් තමන්ගේ මීයල හින්ද පාඩම් ඉගෙන ගෙන තියෙනව නං, මට කියලා යන්නත් අමතක කරන්න එපා!
- මීට කෙහෙල්කොටුවේ චූටි මහත්තයා




උදේම ඇඟේ ලේ ටික නම් පිරිසිදු කරගත්තා හිනාවෙලාම.
ReplyDeleteසුභ දවසක් කිව්වා බුද්ධි!!!!!!!!
ඔය මීය බෑග් එකේ සිප් එකටද කලිසමේ සිප් එකටද අහුවුනේ..
ReplyDeleteයාලුවා..සිරා කතාව.
ReplyDeleteහී හී :)
ReplyDeleteෆට්ට ........ :D
ReplyDeletepriyantha.ඒබී සමග 100% ක් එකඟයි....අලුත් මාසයකට හොඳම ඇරඹුමක්.....Good one Buddhi....
ReplyDeletegrrrrrrrr ඊයේ අපිව අන්දපු ඇන්දිල්ලට උඹ ළඟ හිටියනම් බලන්න තිබ්බා උඹේ මීයා සිප් එකට අහුවෙන හැටි......
ReplyDeleteමොනව වුනත් පට්ටම පට්ටයි. මේකත් ඕනද කියල අහනකොටම මට නං හිතුනා මීය තමයි කියලා...
තාමත් ඒ මීය ඉන්නවද??
හික්, යකෝ මේක මරන්නනෙ වටින්නෙ උදේම , ඇත්ත මීයෙක් කියල මම හිතුවෙ !!
ReplyDeleteදැන් ඕකෙ හොඳම සිද්ධිය වුන කොල්ලො දන්නව ඒක කොච්චර වේදනාකරී හැගීමක් ද කියල...තාමත් නිකං මතක් වෙනකොට වේදනාවට ඇස් දෙක චුටි වෙල හිරි වැටෙන මූඩ් එකට එනව ...ඉතිං හිතන්නකො කොහොමද ඕක වෙච්චි දවසෙ කියල...
ReplyDeleteකට්ටියවම ලස්සනට ඈන්දුවා. එල එල
ReplyDeleteමේක මේ උඹට උන සිද්ධියක් නේද?
ReplyDeleteදැන් මේ බොරැවට කොහෙවත් නැති කොස්ඇට මීයෙක් පටලලා අපිට කිව්වට මේක නම් උඹට වෙලා තියෙන්ඩම ඕනේ..මිදි කාපු එකානේ මිදි වල රස දන්නේ :-D
මගෙත් අහු වෙලා තියෙනව. මම නම් එදා (3 වසරෙදි ) දත් මිටි කාගෙන ඇස් දෙකෙන් කඳුළු පනිද්දි මමම සිප් එක පහලට දාල මීය බේර ගත්ත. හැබැයි මම නම් උඹ වගේ මර ලතෝනි දුන්නෙ නැහැ.
ReplyDeleteහැක! හැක! හැක! හක් හක් හක් හූහ් හුහ් හූ........
ReplyDeleteහික්ස්.. මරු කථාව :D
ReplyDeleteඕකා වයින් මීයෙක්ද රිමෝට් එකෙන් යන මීයෙක්ද? හික්ස්
ReplyDeleteමොනව වුනත් එලම මීයෙක් බං. අර කිව්වත් වගේ තාම ඉන්නවද ඌ. දැන්නම් ඉතින් ලොකුත් ඇති :P
දැන් කෝ මීයා...ඌ නැද්ද????
ReplyDeleteමම හිතුවෙ මීයො අහුවෙන්නෙ පූසියන්ට විතරයි කියල.
ReplyDeleteඑහෙනං බුද්ධිටයත් හිටිය චූටි හුරතල් කොස් ඇට මීයෙක් ඈ...
ReplyDeleteඋඹේ කතා කීමේ විලාසය නං උපරිමයි බං!
ලොලේ ලොල්ස්......
ReplyDeleteපට්ට ඇන්දිල්ල....ගොනාටම ඇන්දුව අපිව....
එල එල තව අන්දමු ඔහොම්ම.....
එළාzzzzzzzzzzzzz :) හික් හික් හික්
ReplyDeleteඔය එකස්පීරියන්ස් එක තියෙන්නෙ ලෝකෙන්ම 50% විතරයි මගෙ හිතේ. වැඩේ ඇත්තටම උන වෙලාවට තමයි තරු යන්නෙ. පොඩි කාලෙ වෙන භයානක අනතුරු වලින් එකක් ඕක. ඒත් බුද්ධි උඹ අපිව ඇන්දුවනෙ. තොගෙ ඇත්තටම අහු වෙයං.
ReplyDeleteකථාව එළ. දවල්ට කන්න යන එකත් පරක්කු කරලා මේක බැලුවෙ.
හක් හක් හක්
ReplyDeleteනියම පාඩමක් තමයි අපිට ඉගැන්නුවේ ඔන්න
ලස්සනට ලියලා සහෝ එල
ඈ බං. උඹ ඔච්චර අපිව අන්දන එකේ මනාලියන් අන්දන්න පටන් ගනින්කෝ... මේ දවස්වල හොඳ බිස්නස්.
ReplyDelete(මනාලියන් ඇන්දුවට ඇන්දුවේ එක පාරයි නේ... :))
හපුච්චියේ බය වුනු තරමක්
ReplyDelete@taboo
ReplyDelete+1
LOL
චූටි මහත්තයාටත් වෙන වැඩ,, ඔන්න මීට පස්සෙ අම්මට කරදර නොකර තමන්ගෙ සෙල්ලම් බඩු තමන්ම අහුර ගත්තනම් තමයි හොඳ,,
ReplyDeleteහිහ් හිහ්... ඔය කිව්වාට.......... සෙල්ලම් මීයමද දන්නේ නෑ අහු වුනේ.. හික්
ReplyDeleteපට්ට අයියෝ.. හිනා තාම
අලුත් මාසේ නියම අයියෙක් නේ... පොඩ්ඩා මල්ලිටත් සැට් වුනේ...
ReplyDeleteහරි හරි, උඹේ කොස් ඇට මීයා බේරුනනේ. ඒ ඇති. ඕක නම් කොල්ලො හැම දෙනාම වගේ අත්දැකලා තියෙන සිද්දියක්නේ. තද වෙන්න යට කලිසමක් අඳින වයස එනකන් සිප් තියෙන කලිසන් අඳින එක අති භයංකාර අනතුරුදායක දෙයක්. ඒකනෙ පොඩි කාලේ කොල්ලන්ට ඉලාස්ටික් ජංගි අන්දන්නේ . . . !
ReplyDeleteඕක් මීයෝ අල්ලන උගුලක් විදිහටත් ගන්න පුලුවන් වෙයිනේද් බුද්ධි අයියේ?
ReplyDeleteමරු කතාව....මීයා පරිස්සමට තියාගන්න.!!!!!
උඹේ මීයා හින්ද හිනා ඉස්පොල්ලේ යනවා බොල... කී පාරක්නම් මටත් ඔය සංගෙඩිය වෙලා තියෙනවද... හපොයි...
ReplyDeleteඕක ලියලා තියෙන්නෙ Personal experience එකකින් වෙන්න ඕනේ,ලඟදිත් උනාද මේක අවුරුදු හයේ හතේ දී වුන වැඩේ මතක් වෙලා තියෙන්නෙ :D
ReplyDeleteමුස්ලිම් පල්ලිවලට යන්න පුළුවන්නෙ දැන් ගේමක් නැතිව :P
ලස්සනට ලියලා තියෙනවා සිද්ධිය නම්. =)
එල එල
ReplyDeleteමේ කොහෙවත් ඇවිද ඇවිද හිටපු මමත් ආවා මීයෙක් බලන්න . හි හි
නියම කතාව ...
ජයවේවා!!
මදැයි මීයා ඉතුරු කර ගත්තා.
ReplyDeleteදැන් ඒ මීයා නැතිද..
ReplyDeleteමම ඇහැව්වෙ අර සෙල්ලම් මීයා ගැන...
මැරියන් නගා තාමත් ළග පාත ඉන්නවද..?
උබ මේ සෙල්ලම් මීයෙක් අහුවෙලා ඔහොම බෙරිහන් දුන්නනම් සිරා මීයා අහුඋනා නම් කෝම කෑ ගහයිද? මගේ මීයා අහු උන දවසෙනම් මම හිතුවා අද තමයි මම මැරෙන දවස කියලා. මියා ගලවාගත්තේ මාර ගේමක් දීලා. කාටවත් කියන්න ලැජ්ජා නිසා තනියමම වැඩේ කරගෙන ඇති වෙනකම් ඇඩුවා අඹ ගහේ අට්ටාලෙට වෙලා
ReplyDeleteපට්ට කතාව
ReplyDeleteඔය මීයා අහුවෙච්ච නෑති එවුන් ඉන්නවද මන්දා
නියම කථාව....
ReplyDeleteඅනේ ඉතිං මං මොනා කියන්නද? ඔහොම අත්දැකීමක් මට නෑනෙ.... අඩු ගානෙ පිරිමි පුතෙක් වත් හිටියනම් ඒ වෙලාවට බේරගන්නවත් තිබ්බා.... :)
ReplyDelete@ නිශ් : හිකිz ඒකතාවනං ඇත්ත :D
ReplyDeleteප්‍රියන්ත සහ පොලා,
ReplyDeleteඅලුත් මාසෙකට අලුත් දවසකට හොද ඇරඹුමක් දෙන්න ලැබුනු බව දැන ගත්තම ඔක්කොමට වඩා සතුටක් හිතට ආවා. ස්තුතියි අගය කිරීමට.
...................
ප්‍රසන්න,
මම හිතන්නෙ මීයා අහුඋනේ ඔය දෙකෙන් හොදම සිප් එකට කියලා.
.......................
සිත්තරා, ස්වප්නා, වැප්,
ස්තුතියි හැමදාම මේ පැත්තෙ එන එකට. සිත්තරා නං අලුත් නේද?
..........................
කාංචන දිනූක,
හිකිස්! නැතුන නැතුව. එදා මම ඒ මීයාව ගාලු අරං නොගිය හින්දා තාමත් ඒ මීයා මා ලග ඉන්නවා. එදා මම ඌව අරං ගියානං මට මීයෙක් නැති වෙනවා හැමදාමට.
........................
සසීන්ද්‍ර,
අපොයි මාව මරන්නෙ මොකො. ඌ ඇවිල්ලා ඇත්තම මීයෙක් වගේ තමා. සෙල්ලං කරන එකෙක් උනාට!
............................
පැන්ඩා,
ඇත්තමට උඹේ මීයත් සිප් එකට අහුඋනාද? ඒ කියන්නෙ උඔට කව්ද මීයෙක් තෑගි දුන්නෙ.... හිකිස්.
ඒක නෙමේ මම හිතං හිටියෙ මීට ඉස්සර පෝස්ට් දෙකේදී කිව්වා වගේ උඔ අදත් මට පොතක් ලියන්න කිව්වනං ලියන එකත් ලියනවා කියලා. අය්යෝ ඒක උඔ කිව්වෙ නෑනේ.
......................
prasanna86k,
ඒ කියන්නෙ මෙයත් හැමෝම වගේ ඇදලා වගේ..... ස්තුතියි ස්තුතියි මේ පැත්තෙ ආවට.
............................
Lahiru Udayanga,
ඉතිං ලහිරුවා මේක මට වෙච්ච දෙයක් නේන්නං. මම පැහැදිලිව කියලා තියෙන්නෙ මගේ මීයට වෙච්ච දෙයක් කියලා. මිදි කාපු එකා නේන්නං මිදි වල රහ දන්නෙ.... හිකෝස්.
ගයාන්,
ReplyDeleteමගෙත් අහු වෙලා තියෙනවා කිව්වෙ....? උඔටත් මීයෙක් හිටියද 3 වසරෙදී. මම නං මට පුලුවං උපරිමෙන් කෑ ගැහැව්ව එදා. මොකද මොනා උනත් මගේ මීයනෙ..:D
.................
ෆා,
මොකද හැක! හැක! හැක! ගාන්නෙ? ෆාල ඒකාලේ සෙල්ලම් කරපු සෙල්ලම් බඩු වලට ඔය වගේ අකරතැබ්බ වෙලා නැද්ද?
.................................
හසි,
ස්තුතියි හසියා. හැමදාම ඇවිල්ලා මදිවට කමෙන්ට් එකකුත් දාලා යනවට.
........................
හුදකලා යාත්‍රිකයා සහ පසන්,
ඇත්තටම මේ මීයා තාම ඉන්නවා. මෙයා රිමෝට් මීයෙක් නෙමේ, මෙයා වයින් කරපුවාම වැඩ දාන මීයෙක්!
................................
taboosubjects,
ඇයි ටැබූ, මීයෝ පුසියන්ට විතරක් යැ උගුල්වලටත් අහුවෙන්නෙ!
කොහොමත් මීයන්ට කතා කරන්න පුලුවන් නම් කියයි පූසියන්ට අහු වෙනවට වඩා සිප් එකකට අහුවෙන එක හොදා කියලා, නේද?
.....................
උන්නැහේ,
ඔව් ඔව්, ඒ කොස්ඇට මීයා තාමත් මා ලග ඉන්නවා පරිස්සම් කරලා. ස්තුතියි මාව අගය කොලාට.
......................
හසියා,
ස්තුතියි! ස්තුතියි! මේ පැත්තෙ ආවාට. කෝ බුදු පහනෙන් පස්සෙ නැද්ද මුකුත් නව නිර්මාණ එහෙම...?
.......................
ජේ.ඩී.ය,
ස්තුතියි. කමෙන්ට් එකට, බස් එකෙත් මං දැක්කා උඔ මේ ගැන කියලා තියෙනවා. ඒකටත් ස්තුතියි ජේඩියා.
ඉෂාර,
ReplyDeleteලෝකෙන්ම 50% කට මේ අද්දැකීම තියෙනවා කියන්නෙ 50% මීයෝ ඉන්නවා කියන එකනේ නේද? ඇත්ත.
මොකද මම දන්න හැටියට ගැනු ළමයිට මීයෝ නැ. මොකද උන් මීයො වගේ සත්තුන්ට කොහොමත් කැමති නැ පොඩිකාලෙදි, ලොකු උනාම කොහොම උනත්!
ඉතිං ඉෂාරයා මම උඔව අන්දලා නැනේ. අනික දැනටමත් මගේ මීයා සිප් එකට අහුවෙලානෙ තියෙන්නෙ. ඉතිං ආයෙ ඇත්තමට අහුවෙන්න දෙකුත් නැ. හිකේ හිකිස්!
අනික කෑම වේල පරක්කු කරගෙන මේ පෝස්ට් එක කියෙව්ව කිව්වම මට හරි සතුටුයි! ස්තුතියි..ඉෂාරයා
............................
අහිංසකී,
විතරයි මම කිව්ව පාඩම හිතට අරං තියෙන්නෙ. අනිත් ඔක්කෝමලා මගේ මීයව අල්ලං ඔට්ටුවෙනවා!
...........................
කුෂානයා,
මම අන්දන්න දන්නැ බං. ඇත්තයි මේ කියලා තියෙන්නෙ. හික්. හික්. ඇත්තටම එදා මගේ මීයා සිප් එකට අහුඋනා!
.............................
හසිත,
උඔ බය වෙන්ට එපා මලේ.... මීයා යහතින් ඉන්නවා......!
.........................
හරී,
එහෙමයි ගුරුතුමියනි, මගේ ඇදුම් කැඩුං සෙල්ලම් බඩු මම්ම තමා අහුර ගන්නෙ. ඔය මගේ මීය ඒකට ඔබා ගන්න බැරිවෙච්ච ඇස්රා සෙල්ලං බඩුවක්නෙ!
........................
ළමයා,
පහුගිය ටිකේම අන්තරස්දාන වෙලා මෙන්න මගේ මීය බලන්න ඇවිල්ලා. සෙල්ලම් මීයමදත් අහනවා තවත්...! ඌම තමා..!
.......................
පොඩ්ඩා මල්ලි,
ඒක ඇත්ත වගේ! පොඩ්ඩ මල්ලි සයිබර් යායට අලුත් නේද?
...........
දුමීයා,
මගේ කොස්ඇට මීයනං බේරුනා තමා! ඒත් තද යට කලිසම් ඇදීමෙනුයි, ඉලාස්ටික් ජංගි අන්දීමෙනුයි කොහොමද තමන්ගේ මීයව සිප් වලින් ආරක්ෂා කර ගන්නෙ... ? මට තේරෙන්නැ.....හිකිස්.
.......................
නිර්මල,
අනිවාර්යෙන්ම මේක උගුලක් තමා. ඔයාම අද්දැකීමෙන් දන්නවා ඇති ඕනැම මීයෙක් සිප්එකට අහුඋන ගමන් සරැන්ඩර් වෙනවා කියලා. ඉතිං තව මොනාද? නැද්ද!
....................
පුතා,
ඒ කිව්වෙ පුතා... උඹේ මීයත් අනේක වාරයක් සිප් වලට අහු වෙලා තියෙනවද? හපොයි මගේ මීයා ඒ අතින් වාසනාවන්තයි. මොකෝ ඌ අහු උනේ එක පාරනෙ...! හිකිස්.
........................
nexius,
ඕක ලියලා තියෙන්නෙ Personal experience එකකින් වෙන්න ඕනේ
----------------
නැතුව ඉතිං nexius. පියෝ පර්සනල් එක්ස්පීරියන්ස් එකක්. ලගදීනම් මෙහෙම දෙයක් උනෙ නැ! මොකද මේ දවස් වල මගේ මීයත් එක්ක සෙල්ලං කරන්න තියා ඒ පැත්ත බලන්නවත් මට ඉස්පාසුවක් නැ අප්පා...!
හිස් අහස,
ReplyDeleteහිස් අහසත් අර කිව්ව වගේ අලුතෙන්ම ද මේ පැත්තට ආවේ. ස්තුතියි කමෙන්ට් එකට. දිගමට එන්නකෝ. මොකො අහස හිස් වෙලා කියන්නෙ තරුවලට මක් උනාද.
.....................
සිතිවිලිමණ්ඩිය,
ඒකනෙ අප්පා. මීයා නැති උනානං මාත් නැ තමා........
.........................
මාරයා,
අපෝ ඒ මීයා තාම ඉන්නවා. සිප් වලට අහුවෙලා දුක් වින්ද මීයව එහෙමත් අමතක කලැකිද? හිකිස්.
.........................
ගීත් සහෘදයා,
පව් යකෝ! මට මැවිලා පේනවා අඹ ගහ යට අට්ටාලෙට වෙලා ගීත අඩනවා.
ඉතිං මං කෑ ගහලා ඇඩුවෙ මගේ මීයා අහුවෙච්ච හින්දනේ. සිරා මීයෝ අහුවෙන්නෙ උගුල්වලටනෙ. නැත්තං අර ටැබූ කියන්නා වගේ පූසියන්ට. ඉතිං උඔ මොකටද අට්ටාලෙට වෙලා ඇඩුවෙ. හිකිස්.
.................
නිෂ්,
මමත් හිතන්නෙ! ඕනැම මීයෙක් එක්කෝ සිප් එකකට නැත්තං පූසෙකුට අහුවෙන එකත් අහුවෙනවාමයි මම දන්න හැටියට....!
..............
හරී,
ස්තුතියි හරී......! මේ උඩ හරීද, වෙන හරි කෙනෙක්ද?
................
තනෝජා අක්කා,
ට වෙලාවට පුතෙක් නොහිටියෙ! හික් හික්......
..................
සියලු දෙනාට,
මේ පෝස්ට් එක තමා මගේ පෝස්ට් වලින් වැඩිපුරම හිට්ස් ලබා ගත්තු එක. උදේ 8ට විතර මේක සින්ඩි ගත වෙච්ච වෙලාවෙ ඉදලා එදා දවස ඉවර වෙද්දි හිට්ස් 842යි. අලුත් විසිටස්ලා 367 යි. ඒ ඔක්කොමලා අතරින් 40 විතර වෙන ඔබ සියලු දෙනාට මගේ විශේෂ ස්තුතිය හිමිවන්නෙ කමෙන්ට් එකක් දාලා ගිය එකටයි!
හැබැයි කමෙන්ට් (60 ගානක්) වැඩිපුර ලැබුනෙ මේකට නෙමේ.
මතකද මගේ පළමු රාජකාරි ලියුම ගැන කියපු පෝස්ට් එක. (http://cyberyaya.blogspot.com/2010/04/blog-post_07.html)
කොල්ලො මම උඹට පොතක් ලියන්න කීවෙ බොක්කෙන්ම,,...නැතුව කියොපු හින්ද කමෙන්ට් එකක් දාන්න ඕනිවට ලියන්න දෙයක් නැතුව උඹවත් මුරුංග අත්තෙ තියල ආතල් ගන්න කීව නෙවෙ බං....
ReplyDeleteහරි හරි පැන්ඩා,
ReplyDeleteකවද හරි පොතක් ලිව්වොත් ස්තුති පිටුවෙ උඹගෙ නමත් දාන එක දානවමයි.......!
ඒදා කිව්වා වගේ උඹ මට අලුත් ඉලක්කයක් දුන්නානේ...... දැං ඉතිං ඒක පස්සෙත් පන්නපල්ලකො.
ස්තුතියි සහෝදරයා මා දිරිමත් කිරීම ගැන.
/මේ පෝස්ට් එක තමා මගේ පෝස්ට් වලින් වැඩිපුරම හිට්ස් ලබා ගත්තු එක./
ReplyDeleteහිට්ස් වැඩිය ගන්න ඕනැ නම් ඉතින් මේ වගේ taboo subjects තමයි ලියන්න ඕනැ.
- Taboo
taboo subject වගේම තව හිට් වෙන ජාතියක් දැනගන්න ඔනිද? adults only,, but it should be sound like erotic or porn..
ReplyDeleteඋදාහරන: http://pandaslif.blogspot.com/2010/10/18.html
හැබැයි වටින්නෙ නං ඉතින් උඹල ඒව අස්සෙ මෙහෙම ලියල හිට් වෙන මේ වගෙ සයිබර් යායෙ නිර්මාණ තමයි,
මටත් ඕක වෙලා තියෙනවා,
ReplyDeleteමෙච්චර කල් කියෙව්වට අද තමයි ඉස්සෙල්ලාම කොමෙන්ට් කරන්නෙ..
නියමෙට ලියනවා, දිගටම ලියන්න
බුද්ධි, ටැබූ සම්මානයට මාගේ සුභපැතුම් !!
ReplyDeleteනියම කතාව. දිගටම ලියමු.
ReplyDeleteඅඩේ ෆශ්ඨ කතන්දරේ... මෙව්වනේ කතන්දර කියන්නේ...
ReplyDeleteයකෝ අඩුගානේ පෝස්ට් එක දැම්ම කියල sms එකක් දාපිය, මට reload එකක් දාගෙන gprs වලින් හරි බලන්න තිබ්බනේ....
හැබැයි (කොස් ඇට මීයගෙ පිටින් ඇරියට) මේක ලයිව් වෙච්ච දෙයක් මටනං පේන විදිහට.
ටැබූ,
ReplyDeleteඒක නං ඈත්ත වගේ. මගේ මීයා ගැන කියවන්න බාගෙට බාගයක්ම වැඩිපුර ඈවිල්ලා තිබුනනෙ.....
......................
පැන්ඩා,
ඔකට මමත් ආවා. හැරෙන තැපෑලෙන් ආයෙ ආවා. උබේ රිසච් එක නම් සාර්ථකයි නේද!
..................
සමීර,
ඈත්තමට සතුටුයි දිග කාලයක් සයිබර් යායට එන එකට. කමෙන්ට් කලාට ඊටත් වඩා....!
...................
දුමී,
ස්තුතියි! ස්තුතියි!!
............
L200,
අද පරක්කු වෙලා නේද. ස්තුතියි කමෙන්ටුවට.
............
සහනා,
උඔ කිව්වෙ මැඩගස්කර් යනවා සිග්නල් නැ කියලා ඒකයි මම නිකා හිටියෙ.!
අනික මේක ඉතිං මට වෙච්ච දෙයක් තමා. ඔය පැහැදිලිව කියලා තියෙන්නෙ....!
හොද වෙලාවට රබර් මීයාව අහුවුනේ *%$#^^&4$ එහෙම අහුවුනා නම් අනාගතයම ඉවරයි හිකිස් හිකිස්
ReplyDelete- කසුන් නදීශන-
කස්සා,
ReplyDeleteඋඔට මීයෙක් ඉඳලා නැදද්? සිප් වලට අහුවෙන ජාතියේ සෙල්ලම් එකෙක්.
හම් මතක නෑ. සෙල්ලම් පූසෙක් නම් හිටියා මතකයි'
ReplyDelete- කසුන් නදීශන-
නෑ නෑ... මං කිව්වේ මේ වෙන මීයෙක් අහුවුනා වගේ කියලා තියෙන ලස්සන ගැන. උඹ වැරදියටයි තේරුම් ගෙන තියෙන්නේ. සිරාවටම දෙපාරක් කියවනකම් මට තේරුනේ නෑ කොයි මීයද අහුවුනේ කියලා... :)
ReplyDeleteකුෂානයා,
ReplyDeleteහෙක හෙක හෙ.....,
උඹත් වරද්දං!!! මම කිව්වෙ උඔ කියන මීයමයි.... හය්යෝ මට හිනා අනේ... හිකිස් හිකිස්...හිකේ හික්ස්....
හික් හික්... ඔය බලපංකෝ ඉතිං... :)
ReplyDeleteබුද්ධි මම මේ පෙරේද ඉදල ඔයාගෙ පෝස්ට් කියවන්නෙ. ටැබූ ගෙ සම්මාන උළෙලෙන් කමයි ඔයාව හොයා ගත්තෙ. මේක නම් මාරම කතාවක්. මගෙ අමමේ....තාමත් හිනාව නවත්තගන්න බෑ මට...
ReplyDeleteජනනි,
ReplyDeleteමදැ පෙරේදා ඉඳලවත් සයිබර් යාය හොයාගත්තා. ඔන්න වැස්සෙන් සයිබර් යායටනං වාසියක් වෙලා වගේ. යන්තං තවත් මෙම්බර් කෙනෙක් වැඩි උනානෙ නේ!
ඒක නෙවෙන්නං යාලුවෙ.... මං මේ දැං තමයි කියවල ඉවර කලේ ඕං.... දැං අපේ මලයටත් කියන්ඩ ඕනෙ කියවල හරාකිරි කරගන්ඩ කියල.
ReplyDeleteහත්වලාමේ සමනලී කකුලක් කැඩිලා එක කකුලෙන් ඉන්න ගමන් කාලෙකින් ආවේ... බුද්ධි අයියට සමනලී කියලා කෙනෙක් මතකද මන්දා?
ReplyDeleteජනනි,
ReplyDeleteඅන්න මරු මල්ලියාවත් එක්කහු කරගන්න.
.............
පුංචි සමනලි,
එහෙමත් අමතක වෙනවද සමනලිලවයි අයිතිකාරයවයි!
ඔයාලා සයිබර්යායට ආව පරණම සාමාජිකයොනෙ.
දැං මොකද කකුලට උනේ, පැවරුම් කාරිය පැත්තක තියලා බයිසිකල් පදින්නවත් පුරුදු උනාද?
අනේ නෑ අයියේ... සමනලී වැටුනා ෙනව බස් එකෙන් බහිද්දි!!!! කකුලේ අස්ථි පිපිරුමක් :(
ReplyDeleteඈවිත් බලන්නකෝ සමනලීගේ ඉසවිවට වෙච්ච ඈබැද්දිය මුල සිට දැනගන්න... http://punchisamanalee.wordpress.com/
සයිබර් යාය සමනලී වගේම අයිතිකාරයත් ආසාවෙන් ඈවිත් යන තැනක් :-)
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා අපි! හොඳ වෙලාවට සමනලි කෙනෙක් උනේ. සමනලුන්ට කකුල් 6යි නේද .....
ReplyDeleteහිකිස්.. හිකිස්... බුද්ධි අයියේ මේක කියවලා මං පණයනකන් හිනාඋනා.... මං ඔයාගෙ බ්ලොග් එක හොයගත්තෙ ඔය උඩ ඉන්න ජනනි අක්කා නිසා තමයි... ඔක්කෝම ටික කියවලා දැම්මා... එක හුස්මට...!!! ගොඩක්ම ආසා රාජකාරි ලියුමට තමයි... එකට නම් ඉල ඇටත් ඇදුනා....ලොල්.....
ReplyDeleteවිභාගෙත් පැත්තක තියල ඔක්කෝම කියෙව්වා....!!!!
ඇත්තම කිව්වොත් මටත් හිතුනා සිංහල බ්ලොගයක් ලියන්න ඕනි කියලා.....
ඔන්න වැඩේ දිගටම කරගෙන යන්න මගෙන් ඕල් ද බෙස්ට්!!!!
හපොයි! මටත් ඔය වැඩේ වෙලා තියනවා බං! හැබැයි මමම ඇදලා මීයව ගලවගත්තා.හික්ස්...
ReplyDeleteමේනකා,
ReplyDeleteහංසකිංකිණි හොඳ ප්‍රමෝෂන් කැම්පේන් එකක් කරලා පාටයි! ඔය රාජකාරී ලියුමට තමයි මෙතෙක් කල් වැඩිම ප්‍රතිචාර ලැබිලා තිබුනේ. හැබැයි දැන් මේකට.....
දිගමට එන්න මේ පැත්තෙ.
විභාගයට හොඳට කරන්න සුබ පැතුම්!
හංසකිංකිණිට ස්තුතිය.
ඔබටත් සියලු දේට ඕල් ද බෙස්ට්.....!
.....................
බ්ලොක් ගඩොල්,
ඈදලා ගලෝගත්තා. මීයා කෑලි කැඩුන්නැද්ද බං...අම්මෝ......
හැමදාම කියෙව්වාට අද තමා ලියන්නේ. මේක කියෙව්වහමනම් මුකුත් නොලිය ඉන්නම බැරිඋනා පට්ටයි... මටත් මතක් උනා මීය සිප් එක එක්ක දඟලපු හැටි..
ReplyDeleteආයිත් පාරක් කියවන්න හිතෙනවා..
yasith,
ReplyDeleteසන්තෝශයි! සංතෝශයි!! කමෙන්ට් නැතත් කියවලා යන්න මේ පැත්තෙ එන්න දිගටම!
පට්ටයි ඈ... සාතන්ගෙ මීයත් දෙපාරක්ම අඩේ තියල තියනව සිප් එකට...
ReplyDeleteසාතන්,
ReplyDeleteඒ කියන්නෙ සෙල්ලං මීයද? නැත්තං වෙන එකෙක්ද ඈ...!
මට පුන්චිකාලෙ උනා ඔය වගේ වැඩක්. හෙලුකුට්ටෙන් ඇවිදගෙන ගිහින් මහන මැෂිමේ රෝදෙට නුල දාන්න තියෙන ගැජට් එකට අහුවුණා... අපේ ගෙදර කෂ්ටියට ඕක තම අමතක කරන්න බැහැනේ.. මේ ළඟදී මගේ පොඩ්ඩ හෙලුකුට්ටෙන් ඇවිදිනකොට අය්යා කියනවා එයි තාත්තට ඔහොම ගිහින් උන වැඩේ දන්නවද කියල..
ReplyDeleteලක්ප්‍රිය, අපි කව්රුත් එකම බෝට්ටුවල වගෙ ගොහිල්ලා තියෙන්නෙ
ReplyDeleteඅහිංසක Fun එකක්..කතාව පොඩි උනත් Creative ..
ReplyDeleteඕං මටත් ඕක වෙලා තියෙනොවැ නොවැ තිනේ කැලෑසියේදි...හෆ්ෆේ දැයිච්චි වේදනාව!
ReplyDeleteරන්දික,ක්‍රියේටිව් නොවේ ඈත්තක් මේක.
ReplyDelete.............
ඉන්දික,
ඔය එන්නෙ හොරු එලියට.
අනේ හෆොයි මගෙ ලේ ටික..!
ReplyDeleteමේ මොනිටරේ මාර හිනා යන්තරයක් නේ..!
හකාස්...
ReplyDeleteමීයා...
පවු නේ මීයා !!!!!
ReplyDeleteaiye uba mage ila ata 3k kaduwa
ReplyDeleteමම අද අහම්‍ෙබන් වගේ මේ සයිටි එකට ආවේ.
ReplyDeleteකියවලා බැලුවම නොලිය ඉන්නම බැරි උනා !
අනේ අම්මෝ මට තාමත් මතකයි ඒ දවස. ඉස්කෝලේ නිවාඩු දවසක් නිසා මම හිටියේ ගෙදර !
පුංච්අම්මා තමයි මගේ පිහිටට එදා ආවේ !
බුදු පුංචි අම්මේ පින්සිදුවේවා ඔබට,
බේරගත් නිසාවෙන්ම එදා මම !
දැනුයි දැක්කෙ මේ ටික,
ReplyDeleteමහසෝණා,
මමත් මේ වගේ මොනිටරයක් දැකලා තමා මේ වගේ ලියන්න ගත්තෙ.
.........
බිඟු අයියා,
කාලෙකට පස්සෙ.
....
මධු,
අනේද කියන්නෙ...,
..........
ඩිඩි,
හික් හික්... පරිස්සමෙන් මලයා.
....
nishue,
ඔයාටත් හිටියද ඒ කියන්නෙ කොස්ඇට මීයෙක්
කී පාරක් කියෝපු බ්ලොග් පෝස්ට් එකක්ද . . .කෝ යකෝ මම මේකට කලින් කොමෙන්ටුවක් දාල නැද්ද?
ReplyDelete