“එයයි මට ඉස්සෙල්ලම ගැහැව්වෙ” කුමාරයා කට උල් කරගෙන අපේ තාත්තට කියනවා.
“ඇත්තද චූටී මහත්තයා....?”
“නැ...” මම කකුල් වල වැලි පිහාගන්න ගමන් කිව්වා.
“ නැත්තෙ මොකෝ..... මෙයා මගේ කන් දෙකෙන් අල්ලලා වනලා වනලා විසික්කලා.......”
“මේ කියන්නෙ ඇත්තද චූටි මහත්තයා....?” තාත්තා තැපැල් කන්තෝරුවෙ වැඩ නවත්තලා අපේ නඩුව අහන්න ගත්තා. අපි හිටියේ කන්තෝරුව පිටිපස්සෙ. එතන තමා තැපැල් කන්තෝරුවෙ ලියුම් බෙදන රණවීර මාමාගේ සයිකලේ නවත්තන තැන. අපි එතෙන්ට මගේ චොපර් බයිසිකලෙත් ගෙනල්ලා තිබුනේ.
“ වනලා විසික්කලාට මම ගැහුවද මනුස්සයෝ.... එයයි මට ඉස්සෙල්ලාම ගැහැව්වෙ තාත්තෙ. දැං එනවා මෙතන බොරු කියාගෙන.....!” මම කියද්දි ඔන්න රණවීර මාමත් එදා බෙදන්න තියෙන ලියුම් මිටියත් අරන් ආවා නඩු අහනවා බලන්න.
රණවීර මාම දැක්කා විතරයි මමයි, කුමාරයයි දෙන්නම යකෙක් දැක්ක වගේ බය උනා. ගුටිකෙලියෙන් පස්සෙ අපේ ඇගවල් වල ඉතුරු වෙලා තිබ්බ අන්තිම පණ කෙන්දත් රණවීර මාම දැක්කා විතරයි නැති වෙලා ගියා වගේ.
මේ ඔක්කොම උනේ එදා අපි සයිකල් පදින්න කතා කරගෙන හිටිය හින්දා.
ඉතිං, එදා මමයි, ඔය මම ගුටි ඇන ගත්තු පොල්කඩන ජයසේන මාමගේ පුතා කුමාරයි දවසම සයිකල් පදින්නයි කතාකරගෙන හිටියෙ. සෙනසුරාදා ඉස්කෝලෙ නිවාඩුව ලැබුනම වෙන මොනව කරන්නද, මුලු මිදුලෙම රෝද පාරවල් හිටිනකං මගේ චොපර් බයිසිකලේ පදිනවා ඇරෙන්න.
සයිකල් පැදිල්ල නං මට කජු කන්නා වගේ හරිම ලේසී වැඩක්.
මට සයිකලේ කොච්චර පුරුදු කියනව නං, මට පුලුවන් උනා අත්දෙකම අත ඇරලා සයිකලේ පදින්න. පස්සෙ අත් දෙකයි කකුල් දෙකයි ඔක්කොම අතැරලා පල්ලමේ සීට් එකේ සමබරව යන්න පුලුවන් උනා. කාලයක් යද්දි සයිකලේ යන ගමන්ම සීට් එකෙන් බැහැල පොල්ලෙ වාඩිවෙලා යන්න පුලුවන් උනා. ඊට පස්සෙ හැඩල් එකේ ඉදගෙන පස්සට පදින්නත් පැදගෙන යන බයිසිකලෙ ඉදගෙනම පාර අයිනෙ තියෙන ගස් කොලං උගුල්ලං එන්නත් මට පුලුවන් උනා.
කොටින්ම මම සයිකලේට නැග්ගම සර්කස් කාරයෙක් වගේ. සර්කස් කාරයො කරන දේවල් වලින් මට තව කරන්න ඉතුරු වෙලා තිබුනෙ පොල්ලක් දිගේ බයිසිකලේ ගෙනියන්නයි, නිදාගෙන ඉන්න මනුස්සයෙක්ගෙ උඩින් සයිකලේ පන්නන්නත් විතරයි.
වෙලාව කියන්නෙ ඔය අත්හදා බැලීම කරන්න හිතං හිටියෙ හෙටයි කියලා තාත්තා මගේ සයිකලේ පිටිපස්සෙ හයිකරලා තිබුනු අමතර රෝද දෙක ගලෝල දැම්මනේ.
“දැං චූටි මහත්තයට ස්පෙයා වීල් ඔන්නැ.... රොදා දෙකෙන් බැලන්ස් තියං පැද්දකි නේද?” කියලා.
ඒත් මම වැඩේ අතඇරියේ නැ. මේ සිද්ධිය උනේ ස්පෙයා වීල් නැතුව සයිකලේ පදින්න පුලුවන් උනාට පස්සෙයි.
කොහොමහරි එදා උදේ සයිකලේ එලියට අරං බලද්දි ඉස්සරහ රෝදෙන් බාගෙකට වැඩිය හුලං ගිහිල්ලයි තිබුනේ. ඉතිං මම මොනවා කරන්නද කියලා කල්පනා කර කර ඉද්දි තමා කුමාර එයාගේ කාර් එකේ මහ සද්දක් දාගෙන ආවේ.
මිනිහා මගේ මුන දැක්ක ගමන් දැනගත්තා මෙතන ලොකු අවුලක් විත්තිය.
“මොකෝ”
“ඉස්සරා රෝදේ හුලං ගිහිං වගේ.......”
“පැව්චෙයද්ද?”
“දන්නැ......”
“කෝ බලමු......” මිනිහා රෝදෙ ලඟ ඉදගත්තා. දැං මිනිහා හන්දි වෙද මහත්තයෙක්, ඇටේ කැඩිච්ච තැන හොයනවා වගේ රොදේ සීරුවට අල්ල අල්ල ඔබනවා.
“ඔයා ඊයෙ හවස මේක පදිද්දි කැලෙට රෝදෙ ඇල්ලුව නේද?” මිනිහා බැරෑරුම් මුණක් හදාගත්තා.
“මතක හැටියට නෑ....”
“බොරු කියන්න එපා! ඇයි ඕගොල්ලංගෙ අම්මා, ඊයෙ හවස ළිදෙං වතුර අදිනකංම ඔයා පිස්සෙක් වගේ හැමතැනම සයිකල් පදිනවා මං බලාගෙන...”
“........ආ..... ඔයා දැක්කද! ඒත් මම කැලේට ඇල්ලුවේ නැනේ......”
“දැක්කා නේන්නං....අපි ඒ වෙලාවේ ගේට්ටු පැද පැද හිටියෙ......”
“කොහොමත් මම කැලේට ඇල්ලුවෙ නං නැ....”
“එහෙනං බයවෙන්ඩ දෙයක් නෑ......මේ නිකං හුලං බැහැල වෙන්ඩැති. පැච්චෙයක් නං හුලං ඔක්කොම බහින්න එපැයි. ඔයා ගිහිං පොම්පෙ ගේන්ඩකො.”
මටත් ඕනෙ ඉක්මනටම මේක හදාගෙන පද්දින්න හින්දා මම සද්ද නැතුව පොම්පෙ ගෙනාවා.
“ඔයා හුලං ගහන්න දන්නවද?” මම කෝකටත් කුමාරගෙන් ඇහැව්වා.
“මම බලා ඉදලා තියෙනවා. ලේසියි. බටේ තිබ්බා ගැහැව්වා. දැං ඔයා බටේ ඔතෙන්ට තියලා අල්ල ගන්න.” මිනිහා මට වෑල් කර පෙන්නලා කිව්වා.
මිනිහා කියන්නෙ ඇත්ත. කුමාරට ඕනැ දෙයක් බලාගෙන ඉදලා කරන්න පුලුවනි. එක දවසක් අත්වැඩ වලට තුත්තිරි ගහක් ඕනැ වෙලා මිනිහා කටින් ඇදලයි මට ඒක ගලෝල දුන්නෙ. සමහර විට මිනිහා ඒක කරන්න ඇත්තෙ හරක් ඉලුක් ගස් අදිනවා බලං ඉදලා වෙන්න ඇති.
කොහොමහරි මම හොඳට තද කරල වැල් කරට බටේ තියලා තද කලා. දැං බිම තියෙන පොම්පෙ පාගන කෑල්ල මම එක කකුලකින් පාගගෙන බිම ඇණ තියාගෙන බටේ වෑල් කරට තද කරගෙන ඉන්නවා. හරියට මෙන්න මේ වගේ.

ඊට පස්සෙ තමා හොදම හරිය. පොම්පෙ හරියට මිනිහගේ වැලමිට ගාවට උසයි. අර උඩ බාගේ උස්සපුවාම ඒක උරහිස කෙලින් එනවා. මේකෙන් හුලං ගහන්න නං මිනිහා ටිකක් උස යනකං අපිට මෙතන ටිකක් කල් මරන්න වෙයි වගේ.
“පොම්පෙ ලොකු වැඩියි වගේද?”
“හෙහ්... ගානක් නැ.... බලමුකො....”
කුමාරයා මුලු ඩම් එකම දාලා හුලං පොම්පෙ තද කරනවා. මිනිහගෙ ඉල ඇට සෙට් එක තදම තද ටී ෂර්ට් එකෙන් එලියට පනිනවා මම බලාගෙන. මගේ සයිකලේ පදින්න තියෙන ආසාව නිසානෙ මේ ඔක්කොම කරන්නෙ කියලා මට ඒ වෙලාවෙ හිතුනා. ඉතිං මම එවෙලෙම හිතා ගත්තා අද දවසෙ ඉස්සෙල්ලමෙ වටය පදින්න මිනිහට දෙනවා කියලා. මම ඒක කියන්න කුමාරයා දිහා බැලුවා. මෙන්න මිනිහා අහනවා,
“ඇයි වදිනවද...?”
“වෙනසක් නෑනෙ......”
“ඒක තමා පොම්පෙ හෙල්ලෙන්නෙවත් නැ.....”
මිනිහා හුලං ගැහිල්ල නතර කරලා ආය හන්දි වෙද මහත්තයා වගේ යටි තොල බරියං කරගෙන රෝදෙ දිහා බලාගෙන මෙහෙම කියනවා.
“මං හිතන්නෙ වෑල් කරේ රොඩු හිරවෙලා........ වැල් කර ගලෝල සුද්ද කරන්න වෙයි”
“එතකොට මේ තියෙන හුලං ටිකත් යනවනෙ. නැද්ද වෙන විදිහක්...”
“ම්හ්...... කොහොමත් වෑල් කර සුද්ද කලාම හුලං ගහන්න ලේසී...” කියාගෙන මිනිහා වෑල් කර ගලවන්න උනා. වෑල් කර ගලවද්දිම හෝස් ගාලා ඉතුරු වෙලා තිබ්බ හුලං ටික ගියා. හරියට මගේ පපුවෙ තිබ්බ හුස්ම ටික ගියා වගේ.
“මං කිව්වෙ....... පුදුම රොඩු ගොඩක්නෙ මේකෙ තියෙන්නෙ” මිනිහා කලිසමේන් හැට්ට කට්ටක් ගලෝල එකෙන් වැල්කර සුද්ද කර කර පිඹිනවා.
“මේකට ඩස්කැප් එකක් දාගන්ඩකෝ තාත්තට කියලා”
“ඒ කිව්වෙ”
“ඒ මේක වහන එකක්... දැං ආයෙ අල්ලන්ඩකො මං කියන්ඩ”
එහෙම කියලා මිනිහා ආයෙත් ඉල ඇට කූඩුව පුම්බ පුම්බ හුලං පොම්පෙත් එක්ක පොර බදනවා.
“වදිනවා නේ......”
“මොන වදිනවද.... ටිකක් පණ ඇතුව ගහන්ඩකෝ....."
“මේ පොම්පේ මාර තදයිනේ. හොල්ලන්වත් බැ.....” කුමාරයා පොම්පෙට බර වෙලා හති අරින්න ගත්තා.
“කෝ.... මෙහෙ ගන්ඩ ඕක...... ආ මේ බටේ අල්ලගන්න” මම පොම්පේ ඉල්ලං හුලං ගහන්නයි ගියේ. මොන ගැහිල්ලක්ද! පොම්පේ හුලං ගහල කෑල්ල උඩට උස්සන්න පුලුවං උනාට මොකද ඒක පහලට ගහනවා හිතා හිතන්නත් බැරි තරං තදයිනෙ.
“මේක මාර තදයි නේන්නං..............අපරාදෙ තිබ්බ හුලං ටිකත් නැ දැං....”
“ඕගොල්ලන්ගෙ තාත්තට කියමුද එහෙනං?”
“තාත්තා කන්තෝරුවෙනෙ.”
“සීයා?”
“පියසේන මාමලහෙ ගිහිං පොල් දෙන්න”
“හරි....බයවෙන්න නැතුව ඉන්ඩකෝ.... ලෙඩේ තියෙන්නෙ පොම්පේ වගේ....”
“ඇයි?”
“පොම්පේ මෙච්චර තද ඇතුලෙ ග්‍රීස් නැති හන්දා...... ඔයා දුවලා ගිහිං ග්‍රීස් ටිං එක ඇරං එන්ඩකෝ... මං එතකං මේක ගලවන්නං....”
“ඔයා ගලෝන හැටි දන්නවද?”
“ගලෝල නෑ..... බලං ඉදලා තියෙනවා... ලේසීයි.....”
මම කතන්දර සීයාගෙ ආයුධ පෙට්ටියෙන් ග්‍රීස් ටින් එක අදිද්දි අම්ම අහනවා.
“මොනාද ඔය ආයුධ පෙට්ටිය ඇදගෙන හොයන්නනෙ?”
“ඇ........”
“මොනාද ඔය අරං දුවන්නෙ?”
“මොකවත් නැ....අම්මේ.......”
මම එද්දි මිනිහා පොම්පෙ ගලවන්න පුලුවං කෑලි ඔක්කොම ගලෝල.
“මේක අල්ලගන්න.....”
“දැං කොහෙට්ටද ග්‍රීස් ගාන්නෙ”
“මේ වොෂර් කෑල්ලට. ගාපුවාම නිකංම්ම හුලං වදියි.. බලන්ඩකො බොරුනං”
ඔන්න ඊට ටික වෙලාවකට පස්සෙ මිනිහා පොම්පෙ හදලා ගත්තා. යාන්තං දැං හුලං ගහපු ගමන් ඉතිං දවල්ට කන්න කතා කරන කං සයිකල් පැද්දැකි.
“දැං ඕක අල්ලන්න වෑල් කරට....” මිනිහා අපේ අත්වැඩ සර් වගේ හෙනට හිතට අරං.
“මං හිතං ඉන්නෙ, තාත්තට කියලා බොරලු වලේ තියෙන ඩොසරේ රෝද වගේ ගල් ටයර් දෙකක් දම්ම ගන්න මේකටත්... එතකොට මේ කරදර නැනේ..... කැලේ උනත් පැද්දැකි..”
“හිහ්.... ඔයාට පිස්සුද? ගල් ටයර් දැම්මැකියැ චොපර් බයිසිකල්වල්ට...... ”
“ඇයි බැරි......හරි දැං ගහන්ඩ බලන්ඩ.....”
මිනිහා ආයෙත් පොම්පෙ එක්ක ඔට්ටු උනා.
“මාර වැඩේනෙ.....”
“ඇයි?”
“තාම තදයිනෙ ...... හොල්ලන්නවත් බෑ....”
“ඒකනේ.... මං හිතන්නෙ පොම්පෙං හුලං ගහන්න අපිට හයිය මදි ඇති.......”
“එහෙනං අද සයිකල් පදින්න වෙන්නැ වගේ නේ......අපරාදේ......” කුමාරගේ මුණ අදුරු වෙලා ගියා.
“ පොඩ්ඩක් ඉන්ඩ.......කල්පනා කරල බලමු මොකක් හරි විදිහක්......” ඉතිං අපි ඔහොම්ම වැලි ගොඩේ බිම වැටිලා කල්පනා කලා. මොකක්ම හරි ලේසි ක්‍රමයක් අපේ මේ සයිකලේට හුලං ගහන්න.
“හරිනේ.......”
මට, අපි වගේ පොඩි ළමයි දෙන්නෙක්ට රෝදෙකට හුලං ගහන්න පුලුවං ලේසිම ක්‍රමයක් මතක් උනා. මම හිතන්නේ මේ ලෝකේ පහල වුනු කිසිම ළමයෙක්ටවත්, කිසිම විද්‍යාඥයෙක්ටවත් මීට කලින් ඒ වගේ ලේසි ක්‍රමයක් මතක් වෙලා නෑ සිකුරුයි! මම දැං මේ කාරණේ නොකියන්න අනාගතේ පහල වෙන කෙනෙක්ටවත් මේ වගේ ලේසිම ලේසි, පුංචිම පුංචි අදහසක් එන්නැ කිව්වොත් නෑ මයි.
මේකට ඕනෙ පුංචි හුලං ටිකක් විතරයි!
“මොකද්ද?” කුමාරගේ මූණට ආයෙත් එලිය වැටිලා.
“මෙ පොම්පෙ බටෙ ගලවන්නකෝ........”
“මොකද්ද ඔයා දැං කරන්න යන්නෙ......”
“මෙහෙමයි, එකටම පොම්පෙ බටේ ගලෝනවා. ඊට පස්සෙ ඒක රණවීර මාමගේ සයිකලේ වැල් කරට තියෙනවා. අනික් කොන අපේ සයිකලේට තියෙනවා. ඊට පස්සෙ ඔයාට තියෙන්නෙ රණවීර මාමගේ සයිකලේ වැල්කර හීමීට බුරුල් කරන්න, බටේ තද කරගන්න ගමන්. මම ඒවෙන කොට චොපර් එකේ වෑල් කර බුරුල් කරලයි තියෙන්නෙ. එතකොට රණවීර මාමගේ සයිකලේ රෝදෙන් බටේදිගේ ගානට අපේ සයිකලේට හුලං පිරෙනවා. අපේ එකට හුලං පිරිලා ඉවර වෙද්දිම මම ‘හරි’ කියනවා. එතකොට ඔයා ‘ටස්’ ගාලා ඕකේ වැල් කර තද කරන්න. බලන්ඩකො කොච්චර ලේසිද කියලා......”
“එතකොට රණවීර මාමගේ සයිකලේ හුලං බහිනවනෙ.....එයා තව ටිහිකින් ලියුම් බෙදන්න යනවා නේද?”
“ඇයි මනුස්සයෝ තේරෙන්නැද්ද........... අපේ රෝදෙ පුංවිනෙ! හුලං ටිකයි ඕනැ කරන්නනෙ......”
“ආ...............ඔව්නෙ.....” කියන්නත් කුමාරයා පොම්පෙ හුලං බටේ ගැලෙව්වා.
මට මේ අදහස කොහොම හිතට ආවද මන්දා? මෙච්වර ලේසි ක්‍රමයක් තියෙද්දිනේ අපි පොම්පයක් එක්ක ඔට්ටු උනේ. මං මගේ කොන්ඩේ අද්දෙකෙන් අල්ලා පහලට ඇදෙගන හිටියෙ මේවගේ විස්ව කර්ම අදහසක් කොහොම මේ ඔලුගෙඩියට ආවද කියලා හිතාගන්න බැරි හින්දයි.
“හරි...... කෝකටත් මම කම්බි කෑල්ලකිනුත් බැන්දා ඔන්න.....”
“ඒක හොදයි... දැං ඉතිං රාස්සයෙකුටවත් මේක ගලවන්න බැරි වෙයි නේ......!?”
“ඒකනේ........”
“හරි දැං හිමීට ඕක බුරුල් කරන්නකෝ.......”
ඔන්න සැලැස්මේ හැටියට නං දැං වෙන්න ඕනැ ගානට බටේ දිගේ අපේ චොපර් බයිසිකලේට හුලං පිරෙන එකයි. ඒත් උනේ මම හීනෙවත් නොහිතපු දෙයක්නෙ.
ඒක උනේ මෙහෙමයි.
මං අපේ සයිකලේ වෑල් කරට, බටේ එක කොනක් තියලා තද කරගෙන කුමරයට හරි කිව්වා. මිනිහාත් හීන් සිරුවෙ රණවීර මාමගේ සයිකලේ රෝදෙට බටේ තියලා වෑල් කර බුරුල් කලත් හුලං බටේ දිගේ ආවේ නැ. ඉතිං මිනිහගේ පණ්ඩිතකමට මොකද්දෝ කෝලමක් කරන්ඩ ගිහිං බටේ එකපාරට ‘සිස්’ ගාලා ගැලවිලා පැත්තකට වැටුනා. ඒ එක්කම වැල්කරේ උඩ කෑල්ල වීසී වෙලා ගියා.
දැං රෝදෙන් හුලං “හෝ.....”ගාලා බහිනවා.
කුමාර පිස්සුවෙන් වගේ බටේ ආයෙත් වැල් කරට ගහන්න ගියත් හදිස්සියට මිනිහ වෙන තැං වලට බටේ අනිනවා. මමත් මගේ පැත්තෙ බටේ අත ඇරලා මිනිහත් එක්ක හරි හරියට ඔට්ටු වෙලා යාන්තං බටේ වැල් කරට තියා ගත්තා.
එතකොටම වගේ රෝදෙන් අන්තිම හුලං බින්දුවත් ගියා!
“මොකද්ද ඔයා ඒ කෙරුවෙ....” මට මිනිහට තලන්න හිතුනා. මගේ සැලැස්ම ඔක්කොම වතුරේ දැම්ම හින්දා.
“මං මුකුත් කලායැ... බටේ නිකංම්මනෙ ගැලවුනේ....”
“නිකම්ම කොහෙද මනුස්සයෝ...... අර මොකද්ද කෝලමක් කරේ... එතකොටයි බටේ ගැලවුනේ පණ්ඩිතයො”
“පන්ඩිතයා... කව්ද පණ්ඩිතයා?” මිනිහා බෙරිහන් දුන්නා.
“දැං ඔක්කොම ඉවරනේ......”
“ඉතිං මං මොනා කරන්නද!”
“මොනා කරන්නද..... වැඩේ දියාරු කරලා එනවා මෙතන...” කියලා මම මිනිහව කන් දෙකෙන් උස්සලා වනලා වනලා විසික්කලා. ඇයි මටත් ඉතිං සුලුපටු කේන්තියක්යැ ඒ වෙලාවෙ!
කුමාරයා නූල කැඩිච්ච සරුංගලේ වගේ පා වෙලා ගිහිං වැටුනා. ඒ එක්කම නැගිටලා දුවගෙන ඇවිල්ලා මගේ බඩට ඇන්නා. මට තරු විසිඋනා. මම උඩපැනලා ඔලුවට ගැහැව්වා. මිනිහා මිටමොලෝලා මගේ කණට ගැහැව්වා. මම ඉලඇට කූඩුවට ඇන්නා. මටත් එහෙම්ම මිනිහා ඇන්නා. මම උඩපැනලා විලුඹෙන් මිනිහලේ කකුලේ මාපොට ඇගිල්ල තැලුවා. මිනිහා මගේ අත අනිත් පැත්තට ඇඹරුවා. ඔහොම සැහෙන වෙලාවක් අපි ගහමරා ගත්තා.
අන්තිමේ දී මිනිහා උඩ පැනලා යටිපතුලෙන් මගේ නහයට ගැහැව්වා. ඒ වෙලාවෙ මට දැනුනෙ මුලු පොල් වත්තෙම පොල් එක පාර මගේ ඔලුවට වැටුනා වගේ. මාව දුන්නක් වගේ පිටපැත්තට නැමිලා විසිවෙලා ගිහිං චොපර් බයිසිකලේ උඩ වැටුනා. චොපර් බයිසිකලේ හුලං නැතුව අසරණ වෙලා ඉන්න රණවීර මාමගේ තැපැල් සයිකලේ උඩට වැටුනා, මහ සද්දෙකුත් එක්ක.
එතනින් මගේ හුලං මාරුකිරීමේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම ඉවර වෙලා ගියා.
අන්න ඒ වෙලාවෙයි තාත්තා “නවත්තන්ඩයි කිව්වෙ දෙන්නම ඕක” කියාගෙන එතෙන්ට දුවගෙන ආවේ!
ඉතිං තාත්තා අර මම මුලින්ම කිව්වා වගේ නඩු අහන්න ගත්තා. අපි මුල ඉදලා සේරම කිව්වා. තාත්තාගෙ මුණ හොද අතට වෙනස් උනත් තාත්තා හිනාව හංගගෙන අපිව බය කරන්න බොරු තරහක් අරං ඉන්නෙ කියලා මට ටිකක් වෙලා යද්දි හොඳටම තේරුනා.
රණවීර මාමනං ඒ මුලු වෙලාවෙම කලේ “හොහ් හොහ්” ගගා බුලත් විට එක කටේ තියං හිනාවෙච්ච එක විතරමයි.
“ඈ රණවීර අය්යෙ.... මොකද්ද මේ දෙන්නට දෙන දඬුවම?” නඩුව අහලා ඉවර වෙලා තාත්තා බැරෑරුම් මුණක් හදාගත්තා.
“හොහ් ...හොහ්හො...... තැෆැල් මහප්පයා යන්නකෝ...... මං බවා ගන්නං මේ දෙල්නව.... හොහ් හොහ් හොහ්......” රණවීර මාමගේ වචන බුලත්විටේ පැටලිලා අපිට ඇහුනෙ එහෙමයි.
“ඔන්න අමතක නොවෙන දඩුවමක් දෙන්න ඕනැ රණවීර අය්යෙ....එහෙනං ඔන්න මම යනවා....”
රණවීර මාම අපි දෙන්නට අමතක නොවෙන පාඩමක් ඉගැන්නුවා. ඒ අපේ බයිසිකලේට හුලං ගහලා දීලා.
හුලං ගහනකම්ම එයා කලේ අපෙන් වෙච්ච සිද්දිය හාර අවුස්ස, අවුස්ස “හොහ්...හොහ්” ගාපු එකයි. පස්සෙ රණවීර මාමත් එයාගෙ සයිකලේට හුලං ගහං ලියුම් බෙදන්න ගියා.
ඉතිං රෝදෙට හුලං වැදිච්ච හැටියෙ අපිට රන්ඩු උනාද කියලාවත් අමතක උනා.
මුලින්ම අපි හුලං පොම්පෙන් හුලං ගැහැව්වා. වැල් කර ගැලෙව්වා. පොම්පෙට ග්‍රීස් ගැවා. ගුටි ඇනගත්තා. අන්තිමට නඩුවකට මුණ දුන්නා! ඔන්න දැං කොහොම හරි සයිකල් පදින්න අවස්ථාව ලැබුනා.
"එකටම ඔයා රවුමක් පැදලා දෙන්න" මම හිතපු හැටියටම කුමාරට මුලින්ම වටේ පදින්න දුන්නා.
කුමාරට හරිම සතුටුයි ඒකට. මොකද ජයසේන මාමටනං කවදාවත් පොල් කඩලා මිනිහට හිතුමතේ සයිකල් පදින්න සයිකලයක් අරං දෙන්න බැරි බව එයා හොදාකාරව දන්න හින්දා. ඇරත් මිනිහා ඒවගේ දෙයක් ජයසේන මාමගෙන් ඉල්ලන එකක් යැ කවදාවත්.
"කමන්නැද්ද!" මිනිහා මගේ චොපර් එක අරං ඉගිල්ලිලා ගියා. මිනිහා කොච්චර වේගෙන් පැද්දද කියනවනං දෙපාරක් පාරෙන් පනින්නත් ගියා.
ඉතිං ඒ දිහා බලාගෙන හිටපු මට හරි සතුටු හිතුනා.
“ඒයි පණ්ඩිතයා..... මොකද කැලේ යන්නෙ..... හූ......” මම හිනාවෙවී බෙරිහං දුන්නා.
...........................................
-මීට කෙහෙල්කොටුවේ චූටි මහත්තයා.



හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ්
ReplyDeleteඔය හුලං ගහන ක්‍රමේට පේටන්ට් එකක් ගත්තනං තමයි හොද. නැත්තං ඕක කවුරුහරි කොපි කරයි.
ReplyDeleteකුමාරය කොහොමද උඩ පැනල නහයට ගැහැව්වෙ. මිනිහ කරාටි කාරයෙක්ද?
නියම කතාව.
අපූරුයි බුද්ධි...
ReplyDeleteහික් හික් හික්
ReplyDeleteහොඳට ගුටි කාලා දෙන්නාම...
ReplyDeleteඅවසානයේ.. චුටි මහත්තයා හා කුමාර සතුටින් විසිර ගියෝය.
අපරාදෙ ගුටි ඇනගන්න පටන් ගන්න කළියෙන් රණවීර මාමගෙ සයිකලේ අනිත් රෝදෙනුත් ට්‍රයි එකක් දෙන්න තිබුණෙ. බයිසිකළේට රෝද දෙකක් තියෙන්නෙ ඔය වගේ හදිසියකට ප්‍රොයෝජං ගන්න තමයි.
ReplyDeletespair wheel eka nisa goda!!
ReplyDeleteඒයි පණ්ඩිතයා මොකද කැළේ යන්නෙ හූ...............................................................................................................................................................................................................................................................
ReplyDeleteඅම්මේ චුටි මහත්තයත් පොඩි කාලේ රෙස්ලිං ගහගෙන නොවෑ ඈති වෙන්න ...
ReplyDeleteහිත ආයෙමත් ගොඩාක් ඉස්සර කාලෙකට ගියා. මල්ලිය් මමය් පොඩි කාලේ බය්සිකල් පැද්දේත් මෙහෙමය්. මල්ලි උදාහ ඉඳන් එනවා අට අඳින්න, මම පහල ඉඳන් යනවා, අන්තිමට මිදුල ඉඩ මදි දෙන්නටම අටේ ඉලක්කම් අඳින්න. අන්තර් ජාතික බලපෑමක් ඔනෙමය් අන්තිමට වැඩේ කෙරෙන්න නම්. ලස්සන කාලයක් ආයෙත් එන්නේ නෑ. කොච්චර ගහ බන ගත්තත් අපි හිටියේ හරිම සතුටින්.
ReplyDeleteතව මොන මොන මගෝඩි වැඩ කරල ඇද්ද මේ චූටි මහත්තයා,, ඒක නෙමෙයි මේ අර අපි දන්න අඳුරන සී.ටී.බී කුමාරද? :D :D
ReplyDeleteහපොයි.. හිනා වෙලා හිනා වෙලා මගේ ඇස් වල කඳුලුත් එක්ක :D
ReplyDeleteඅම්මට සිරි..චූටි මහත්තයට මාර creative අදහස්නේ තිබිලා තියෙන්නේ...
ReplyDeleteහොහ්...හොහ් . . හොහ්...හොහ් . . . .
ReplyDeleteනියමයි බන් . .වෙනද වගේම පට්ටයි . .
පාර හොඳට හෙලවෙන්න වැදිල තියේ වගේ...හොහ් හොහ්....පට්ට කතාව බං...
ReplyDeleteඅර හැමදාම කියන එක තමා කියන්න තියෙන්නෙ...ලියපිය පොතක්...කුමාරය දුන්න වගේ නෙවෙ කුංෆු පැන්ඩ දුන්නොත්...
හෙහ් හෙහ්..උඹ හුළං කිව්වමයි මට මතක් උනේ..
ReplyDeleteඉස්සර මටත් තිබුනනේ සරුංගල් පිස්සුව...
ඇම්ම කොයි තරංද කිව්වොත් නිවාඩු දවස්වලට උදේ හය හත වෙනකොට අපි වෙලේ සරුංගලේකුත් උස්සං..අපි කිව්වෙ මායි මලයයි තමයි.
එත් පුස්නේ හුළං නැහැ නෙව..
ආ බුද්ධියෝ දැන් මොකද කරන්නේ කියලා කියපන් බලන්න ..?
රණවීර මාමගෙ බයිසිකලේ එක රෝදෙක හුලං ගියාට හුලං පුරවපු තව රෝදයක් තියෙනවා කියල මතක් වුණේ නැද්ද හැබෑට
ReplyDeleteමෙන්න අයිඩියා පාර.. මගේ බයිසිකලෙත් හුලං බැහැලා.. පාරේ යන එකෙක්ගේ බයිසිකලයක්වත් අරන් අත්හදා බලන්න ඕනි... ටැන්කූ හොදේ....
ReplyDeleteඒයි...පණ්ඩිතයා.......
ReplyDeleteඔච්චර වැඩකාරයො තමයි රෝස කරත්තෙං ඇනගත්තෙ :D
කොහොමහරි අන්තිමට අපිට කියන්න තියෙන්නෙ "හූ" තමයි :P
හොහ් හොහ් හොහ් , මචන් උබල දෙන්නට තිබුනෙ රණවීර මාමගෙ සයිකලේ අනිත් රෝදෙනුත් ට්‍රයි එකක් දෙන්න.
ReplyDeleteඅපොයි අපොයි...බුද්ධි,මං හිතුවෙ අර වෑල් කර අප්සට් ගිය මිනිහෙක් කූඩැල්ලෙක්ව දෙපැත්ත කපල ගත්තලු නෙ, ඒ වගේ එකක් කියල.
ReplyDeleteබලපුවාම මේ රණවීර මාමව අමාරුවෙ දාලනෙ තියෙන්නෙ
අපරාදෙ ඩබලට තිබුණෙ මාරුවෙන් මාරුවට කටිං පිඹින්න බඩේ හුළං බහිනකං. නැත්තං ඉතිං වට පිටාවෙ තියෙන හුළං විදිනකං පදින්නයි තිබුණේ.
ReplyDeleteපුළුවන් තරම් ඉක්මනට මේ පෝස්ට් එක මකලා දාපන්.... නැත්නම් කවුරු හරි අළුගුත්තේරුවෙක් ඇමරිකාවට හරි චීනෙට හරි එහෙම පණිවිඩයක් යැව්වොත් උඹව අදම උස්සනවා.... ඔය දිව්‍යඥානයෙන් උන්ගේ රටවල් දියුණු කොර ගන්ඩ...
ReplyDeleteඅපරාදේ ඔය හරියේ ලොරියක්, බස් එකක් එහෙම තිබුනන්ම. ගමේ බයිසිකල් ඔක්කොම හුලං ගහන්න තිබුනා. චූටි මහත්තයාගේ සොයාගැනීම තමා සොයාගෑනීම.
ReplyDeleteපහුගිය දවස්වල මගේ බයික් එකෙත් හැමදාම හුලං මදි කලින් මේක කියල තිබුනේ නෑනේ. මම නම් කරන්නේ බයික් 4කින් විතර ටික ටික හුලං ගන්නවා. ඒක කාටවත් හොයන්නත් බෑනේ.
අප්පොච්චියේ පුදුම හුලං ගැහිල්ලක් නෙව... ඕං සමනලීත් "එක පයින්" ඈවිත් කතාව කියවලා ඈති වෙන්න හිනා උනා.... :D :D
ReplyDeleteමෙතරම් උසස් නිර්මාණයක් බ්ලොග් එකකට විතරක් හිර කරලා තියන්න එපා. අපි මුළු රටම එක්ක බෙදා ගනිමු.
ReplyDelete-Rasika Suriyaarachchi
හිනාකාලා පණ ගියාලු පෙරේදා....
ReplyDeleteපට්ටම පට්ට....ගුටි කාලා දෙන්නම නේද...සංතෝසයි...හික්ස්....
රසික සුරියආරච්චිගෙ කතාව බොහොම හරි. මේක මම දැකපු උඹේ විශිෂ්ටම නිර්මාණය කියන්න පුළුවන්. කියන්න දේවල් ගොඩයි. ඒව කිව්වයි කියලා හිතා ගනිං!
ReplyDeleteතව පොඩ්ඩෙන් මේකට හිනා වෙලා පණ යනව. කාටවත් ඔය හුලං පොඩ්ඩ කට තියල ගහන්න අදහසක් ආවෙ නැද්ද ? :P
ReplyDeleteඅපෝ අත් දෙකයි කකුල් දෙකයි අතෑරලා ගියේ සපෝර්ට් වීල් තියෙද්දිද...?
ReplyDeleteමචං මංගල පොත් දොරට වැඩුමක උඹගේ සිග්නේචර් එක දාගන්න පාඨකයෝ පෝලිමේ ඉන්නවා නුදුරු අනාගතේදිම TV එකේ හරි පත්තරේක හරි දකින්න මට වාසනාව ලැබේවා...
හික් හික් හොක් හොක්....
ReplyDeleteපූසා, චේජනා, වැප්,
ReplyDeleteස්තුතියි මෙහෙ ඇවිල්ලා දිරිමත් කලාට.
......................
ප්‍රසන්න,
මිනිහා කරාටි ද මරාටිද මන්දා දුන්නා දත් පාවෙන්න...... හැබැයි මමත් ඇරියේ නෑ! දන්නවනේ ප්‍රසන්නයා.
......................
හසී,
නැතුව නැතුව.
..................
උන්නැහේ,
කියනකං මට ඔය ගැන මතක් උනේ නෑ. අම්මපා එදා මගේ ඔලු ගෙඩියට ඔය අදහස ආවෙ නැනේ.....!
.................
සුලගට,
විතරයි වගේ ඒක තේරිලා තියෙන්නේ නේ......!
..................
පීපී,
උඔලට රට රාජ්ජෙ යන්න හොදයි අපි කැලේ යද්දි තමා හු කියන්නේ නේ......!
................
හිගන්නො,
මතකද “මම කැමති දේවල්” ගැන කතාවෙයි, “මම ගායකයෙක් වෙන්න යන කතාව” දියි මම කිව්වා “වලියකට ගිහාම කොහෙන් වදියිද කියලා කව්රුත් දන්නැ” කියලා ඒව මම කිව්වෙ තනිකර අද්දෑකිමෙන්.හිහ්....හිහ්
.................
samadhi,
ඇත්තම ඇත්ත. ආයෙ ඒ වගේ කාලයක් කවම දාවත් එන්නැ එන්නැමයි. ඒකනම් ඇත්ත තමා සමාධි......
.................
හරී,
සීටීබී කුමාරයා හිටියනම් තව මොන මගොඩි කරයි ද දන්නැ නේද, දෙන්නා එක්කහු වෙලා...
.....................
ස්වප්නා,
හිනාවෙන්න....හිනාවෙන්න........ කොච්චර කදුලු ආවත් මොකද හිනාවෙලානේ නේද?
.....................
නිර්මල,
දන්නවනේ.... මතකද මං හදපු බොරලු රොකට්ටුව.
දුකා,
ReplyDeleteස්තුතියි දුකා....කාලෙකට පස්සෙ. නිකං දෙය්යො දැක්කා වගේ....(දෙය්යා කිව්වා කියලා වැඩිය හිතට ගන්න එපා ඒ උනාට.)
.................
පැන්ඩා,
වැදුනා නේන්නං. හැබැයි මමත් දුන්නා හොදවයින් එකක් මහපොට ඇගිල්ලට. පොතක කතාවත් බලමුකෝ. නැත්තං කුමාරයගෙන් මදිවට පැන්ඩෙක්ගෙනුත් කන්ට වෙයි වගේ...
.................
මාරයා,
ඔන්න ඒ දවස් වල ඇහුවනං හොද විසදුමක් කියන්න තිබ්බා. දැං කියන්නෙම නැ...... මොකද කිව්වා කියලා සරුංගලයක් තියෙන එකක් යැ මේ දවස් වල.. හිකිස්!
...................
මකරා,
ඒකනෙ කියන්නෙ. ඒදා ඒක මතක් වෙන්නෙ කොහෙද? ප්‍රොජෙක්ට් එක අස්පට් ගියහැටියේ ගුටිකෙලිය පටන් ගත්තනෙ....
........................
ළමයා,
අත්හදා බැලුවට කමක්නෑ! නහය පරිස්සමට....
...........................
සසීන්ද්‍ර.,
ඉතිං හූ කියන්න ඇති තරං......හූහූහූහූහූහූ.............
................
L200,
මොන ට්‍රයිද. අනිත් රෝදෙ දකින්නත් කලින් ගුටිකෙලිය පටන් ගත්තනේ........ මටනං දැං උඔලා කියනකං හාංකවිසියක් මතක් උන්නැ මේ වෙනකං ඒ ගැන. දැං මේ සිද්දියට අවුරුදු 18කට වැඩිනේ......!
................
හංසකිංකිණි,
හැකස්... දන්නවනේ චූටි මහත්තයාගේ වැඩ. කාටවත් කරදර කරන්න නොහිතුවට මොකද ඉදලා හිටලා ප්‍රොජෙක්ට් අස්පට් යද්දි ඔය වගේ ඒවා වෙනවා.
අනික අපේ පැත්තෙ කූඩැල්ලො නෑ හදිස්සියට අපි කරන්නෙ වෙන දෙයක්. ඒක මතක් උනේ ඔයාගේ කමෙන්ට් එකෙන්. ඒකත් දාන්න ඕනැ පස්සෙ දවසක.
ඉෂාර,
ReplyDeleteහුලං පොම්පෙ තද කරන්න හයිය නැති උන් කොහොමද බොල ටයර් එකක් පිරෙන්න කටින් හුලං පිඹින්නේ...... හිකිස්! පදිද්දිනම් ඇති වෙනකං හුලං වැදුනා.......
...............................
Jeew,
ඔව් ඔව් ඉක්මනට මකලා දාන්න ඕනැ. සිංහල දන්න ඇමරිකන් කාරයෙක් හරි කොන්ඩෙ බැදපු චීනෙක් හරි හිටියොත් සුවර් මේක උන්ගෙ රටේ අත්හදා බලයි නේද?
.......................
ප්‍රියන්ත,
මගේ සොයා ගැනීමට අනුව උඔ පොඩ්ඩ පොඩ්ඩ හුලං ගත්තට කමක් නෑ උන්ගෙන් උඹගෙ නහය පරිස්සම් කරගනිං. නැත්තං කුමාරයා මට ගැහැව්වා වගේ උඔටත් දෙයි නහය පා වෙන්න...
......................
සමනලී,
හිනාවෙන්නෙ බලාගෙන කකුල පෑරෙයි.
......................
හසියා,
ගුටිකෑවා විතරක් නෙමේ ගැහුවත් එක්කලා..... ඇයි නඩු!
.........................
ගාමීන්ද,
කටින් සයිකල් වලට හුලං ගහන්න. එහෙනං සුවර් දිස්ටියක් අල්ලලා කියලා පංසලට ගිහිං දානවා දෙන්නව.
.........................
බීට්ල්,
අපෝ අත් දෙකයි කකුල් දෙකයි අතෑරලා ගියේ සපෝර්ට් වීල් තියෙද්දිද...?
.....
එහෙනං එහෙනං..... උඔ කියන්නෙ චූටි මහත්තයා රොද දෙකෙන් වැඩ දාලා හොම්බ රිවෙට් කරගන්න ජාතියේ කෙනෙක් කියලාද? කොහොම හරි උඹටයි සුලගටයි විතරයි ඒක තේරුනේ වෙලාවට. හිකිස්.....
Rasika Suriyaarachchi,
ReplyDelete“අපි මුළු රටම එක්ක බෙදා ගනිමු.”- කියලා ආරාධනා කරපු එකනම් හිතට හරි හයියක්. ඔබ වැනි
ප්‍රවීණයෙක්ගෙන් මෙහෙම වචනයක් අහපු එකම මදැයි!
කොහොමද රටම එක්ක බෙදා ගන්නෙ කියලා පසුව කියලා දෙන්න කියලත් මම ඉල්ලන්න කැමතියි!
..........................
උන්නැහේ,
විශිෂ්ට කොහොම වෙතත් උඔලා වගේ කට්ටියගේ උනන්දු කිරීම තමයි මෙච්චර හරි දුරකට බ්ලොග් ලියන්න මාව උනන්දු කලේ.ඒකටනං සයිබර් යායට එන කාටත් ස්තුතිවන්ත වෙන්නම ඕනැ!
බොරුනං බලපං දැන් වෙලාව මහ රෑ 11.45යි.
තව එකක්, ඇත්තටම, කිව්වයි කියලා හිතාගන්නෙ කොහොමද බං නොකියා!
................
බීට්ල්,
මචං මංගල පොත් දොරට වැඩුමක උඹගේ සිග්නේචර් එක දාගන්න පාඨකයෝ පෝලිමේ ඉන්නවා නුදුරු අනාගතේදිම TV එකේ හරි පත්තරේක හරි දකින්න මට වාසනාව ලැබේවා...
---------
ටීවී එකේ පත්තරේ විතරද ඇයි යූටියුබ් එකේත් බලන්න පුලුවනිනේ........ ස්තුතියි දිරිමත් කීරීම ගැන බීට්ල්!
හපෝයි මහ රෑ යක්කු ගස් නගින වෙලාවට හිනා කාල මගේ බඩත් රිදෙනවා බුද්ධි අයියේ....සිරා කතාව....තව කතාවක් එනකං මඟ බලාගෙන ඉන්නවා
ReplyDeleteහපොයි පොඩි කමට කොරන දේවල්. නියමයි...
ReplyDeleteපුදුම සැහැල්ලුයි පුදුම ගැඹුරුයි
ReplyDeleteවෙන නම් මොකුත් කියන්නේ නැහැ බුද්ධි.
(මේ ආයේ කියන්න ඉඩ තියන්න එපා...... !!!
ජයසිරි අයියාගේ කථාව වහාම ඕනෑ........)
onna mamath awa.....
ReplyDeleteහොහ් හොහ් හෝ... බුද්ධි උඹ තාමත් ඔය වගේම ක්‍රියේටිව් අයිඩියාස් ක්‍රියාත්මක කරනවද? නෑ මම දැනගන්න ඇහුවේ පොඩ්ඩක් ඈතින් ඉන්න.... පට්ට කතාව...
ReplyDeleteමටත් පොඩි අයිඩියා පාරක් ආවා.. අර අහිංසක මාමාගේ බයිසිකලේ හුලං අරින්නේ නැතිව ඔයාගේ බයිසිකලේම පස්ස රෝදෙන් හුලං ගන්න තිබ්බනේ..
ReplyDeleteකුම්භකර්ණ,
ReplyDeleteපුදුමයි කුම්භකරණයා මේ මහ රෑ නැගිටලා ඉන්න එක. ස්තුතියි සයිබර් යාය පැත්තෙ ආවාට!
............
prasanna86k,
එහෙම නැතුව කොහොමද ප්‍රසන්න සයිකල් පදින්නෙ අප්පා....
.......
රන්දිල්,
ස්තුතියි දිරිමත් කිරීම ගැන!
(ජයසිරි අය්යගේ ඉතුරු ටික අහන්න පොරකන සසීන්ද්‍ර අය්යා හා රන්දිල් නැන්දා වෙත-මේ දින වල ජයසිරි අය්යා ඒ කතාවේ කොපිරයිට්ස් ඉල්ලා ඈති බැවින් හොදවයින් දෙකක් දී ඒවා ලබා ගත් පසු නුදුරු දිනකදී පලකරමි.)
.............
ගීතික,
කාලෙකට පස්සෙ ඈවිල්ලා කැලේට සිග්නල් වැටිලා වගේ.....
හික් හික් ඔය ක්‍රරමෙට පේටන්ට් කුවිතාන්සියක් ගත්තොත් නරකට. ඊට ඕක වාණිජ වශයෙන් හදන්න පුළුවන්. හික් හික්
ReplyDeleteඅප්පට සිරි!! කියන්න වචන නෑ බුද්ධියෝ..... මේක නම් පට්ටම පට්ටම පට්ටම පට්ට.. (දවස් ගානකට පස්සේ ජාලගත වුනේ අද. ඒකයි පරක්කු. අපි ඉතිං යාවජීව කියල උඹ දන්නවනේ.)
ReplyDelete-කාංචන
පැතුම්,
ReplyDeleteහෙන කාලෙකට පස්සෙ නේද...?
දැන් නම් ඒ කාලේ කරපු ක්‍රියේටිව් අයිඩියාස් ලියන එක තමයි කරන්නේ. ඒක හින්දා උඔ බය නොවී හිටපන්.... හැබැයි මේ ලඟදි අයන් එකක් නං ගැලෙව්වා. ලෙඩේ හොයලා හයිකරන්න බලද්දි කෑලී වැඩියි. ඒක අන්න සොපින් බෑග් එකක දාලා මුල්ලක හැංගුවා.
...............
ළමයා,
ඔය මොලේ කොලොප්පංන් වෙලා තියෙද්දි කරපුවනේ. ප්ලෑන් එක එවෙලෙයි ගහන්නෙ. ඉතින් ඕක කල්පනා උනේ නෑ එදා.....!
................
කස්සා,
අනේ නිකාඉඳින් කස්සා. එකක් කරන්න ගිහිං මගේ නහය බෙරා ගත්තෙ බොහොම අමාරුවෙන්....
කාංචන,
ReplyDeleteස්තුතියි ස්තුතියි! කමෙන්ටුවට.
උඔ කොයි මොහෙත හරි කඩාපාත්වෙන බව මම දන්නවා.....
උඹලා දෙන්නාගේ පයිට් එක කියවපු මට මතක් වුනේ මේ ඊයේ පෙරේදා උඹේටියුබ් එකේ බලපු වීඩියෝවත්.... හික් හික්... ජය වේවා චූටි මහත්තයෝ.... ;)
ReplyDeleteකුෂාන්,
ReplyDeleteමං ඒත් බැලුවා උඔ කොහෙට උනාද කියලා... ඕන් දැනුයි ඈවිල්ලා තියෙන්නෙ.
හැබැයි ඒ දැක්ක වලිය වගේයැ මේක. අවුරුදු බර ගානක් පැරණ වලියක්නේ....
@කුෂාන් ඇස්. වන්නිආරච්චි
ReplyDeleteවීඩීයෝ එක බලලා නිකන් ඉන්න කැත. අපිටත් බලන්න ලිනක් එක දාන්නේ නැතුව :D
@කසුන්-- අනේ නෑ බොල. මමත් මේ වෙන එකෙක් ගේ එකකින් දැක්කේ... කොල්ලෝ දෙන්නෙක් අම්බානක කෙල ගන්න එකක්... :-)
ReplyDeleteපොඩ්ඩක් හිටු බලන්න...
අනේ නෑ බොල... මං මේ දැනුත් හෙව්වා...!!! :(
අපේ ඇඟේ ලේ පිරිසිදු කරනවට ඔයාට පින්•••
ReplyDeleteසන්ධ්‍යා,
ReplyDeleteමේ වගේ කමෙන්ට් එකක් දකින්න මමත් පිනක් කරලා තියෙන්න ඹ්නැ. ගොඩක් ස්තුතියි දිරිමත් කිරීම ගැන.
මේකේ මට අහුවුණු පට්ටම සීන් එක තමා අනිත් බයිසිකලේ ටයර් එකෙන් ඔයාගේ බයිසිකලේ ටයර් එකට හුළං පුරෝපු සීන් එක. :) :) :)
ReplyDeleteබුද්ධි අයියා මොකද වුණේ මුහුණු පොතේ ග්රූප් එකක් හදන වැඩේ ?
හසිත,
ReplyDeleteඑකම නේන්නං මේකෙ කතාවත් හසිතයා.
අර ගෲප් වැඩේ අල්ලා දැම්මා හසිතයා. කැමති කෙනෙක් ඈවිල්ලම බලන්නැතැ!
මාර අයිඩියාස් නේ... හික් එල එළ...
ReplyDelete“ගලෝල නෑ..... බලං ඉදලා තියෙනවා... ලේසීයි.....” යාළුවාත් එල පොරක්, මමත් ඔහොම වැඩ කරන්න ගිහින් ඇනගෙනත් තියනවා හොදට...
චූටි මහත්තයා එළම එළ...
ela machan, kohomada nanakota danena saneepe,
ReplyDeleteඅනේ බං උඹත් දාගන්න වලි.. රොබින්හුඩ් ගුටිකද්දි සපෝට් එකට එකෙක් වත් හිටියෙ නැද්ද බං..
ReplyDeleteහිනා වෙලා පණ යනවා.. පණ ගිහිපු කීදෙනෙක්ගෙ කොමෙන්ට් උඹට මිස් වෙන්න ඇද්ද බං අපරාදේ..
පොඩ්ඩ මල්ලී,
ReplyDeleteආ.... ඔය තියෙන්නෙ මේවට සාක්කි. උඔත් ඈණගෙන තියෙනවා නං අපේ ජාතියෙම කෙනෙක් වගේ.
.............
kasungm,
ස්තුතියි! මේ පැත්තෙ ආවට අලුත් කෙනෙක් වගේ මෙයා නම්!
.........
ගයාන්,
මොන සපොට්දැ! ඌ මට ගැහැව්වා තමා.. හැබැයි මමත් ඈරියේ නැ... දැක්කෙ නැද්ද මම උගේ මහපොට ඈගිල්ලත් තැලුවනේ.....
.............
......
සියලු දෙනාට,
ReplyDeleteඅපේ තාත්තා ඒ කාලේ ගත්තු පොටෝ එකක් හම්බඋනා. ඒකේ ඉන්නෙ මමයි අපේ රොබින් හුඩ් කාණ්ඩේ තවත් හතර දෙනෙකුයි. ඒකේ කුමාරයත් ඉන්නවා. මම ළගදීම පෙන්නනං කෝ......
නියමයි යාළු...හොහ් හොහ් හෝ
ReplyDeleteස්තුතියි තරිඳු
ReplyDeleteචුටි මහත්තයෝ,
ReplyDeleteමම මේ පොස්ට් එක දාපු දවස් වලම මේක බලලා ඇති වෙනකන් හිනා උනා උඹේ නව සොයා ගැනීම ගැන.
ඒ කාලේ මම බ්ලොග් බලනවා විතරයි.
ඉතින් සද්ද නැතුව බලල අසතුටු වෙලා යන්න ගියා.
එකක් දෙකක් නෙමෙයි බං, උඹගේ මුළු බ්ලොග් එකම මම කියෙව්වා.
දැන් ඉතින් මම කියවනවා විතරක් නෙමේ කමෙන්ට් එහෙමත් දාලනේ යන්නේ.