අද කියන්න යන්නෙ කතන්දරකාරයෙක් ගැන. මේ කතන්දර කාරයාට අපි කිව්වෙ සීයා කියලා.
කතන්දර සීය කියන්නෙ චූටිමහත්තයගේ අම්මගේ තාත්තට.
කතන්දර සීය ගාව මම මුලින්ම කිව්වා වගේ පුදුම ලස්සන කතා ගොඩාරියක් තිබුනා. සුරංගනා කතා, ඉන්දියාවේ ඉදලා ආපු සීයගේ යාලුවෝ කියලා දුන්නු ඉන්දියාවේ රජ කතා, දේශීය ආරකට කියැවෙන ගමරාලල යක්කුන්ව රවට්ටගෙන උන්ගෙන් කුඹුරු වැඩ ගත්තු විහිලු කතා, මෝඩයන්ගෙ ගැන කියවෙන උපහාස කතා, කවි කතා, මේ වගේ කතා ගෝඩාරියක්.
ඉස්සර අපි ඉස්කෝලේ ගිහිල්ලා දොලහයි හතලිස් පහට ගෙදර ආපු ගමන් අම්මා කරන්නෙ ඈගපත හෝදෝලා බලෙන්ම බත් ගිල්ලෝන එක.
ඊට පස්සේ දවසෙ වැදගත්ම රාජකාරි කොටස.
ඒ වෙලාවේ තමා බොරලු රොකට් හදලා උඩයවන්නෙ. නැත්තං චාලි මුදලාලිගේ කෙහෙල් කොටුව දෙක කරන්නෙ. නැත්තං ඉතිං චාලි මුදලාලිගේ මහ ගේට්ටුවේ ''ගේට්ටු බෝට්ටු'' පදිනවා.
සවස් වරුවම සෙල්ලං කෙරුවත්, ඒ කාලේ බඩගින්නක් නං එන්නෙම නෑ! මොනවා උයලා තිබුනාත් කන්නං බැ අප්පා.
ඔන්න ඔය වෙලාවට තමා අපේ කතන්දර සීයගේ කතන්දර වල වටිනාකම එන්නෙ.
''හා මයේ චූටිමහත්තයා බත් එක බෙදං එන්ඩ.... පුතා කනකං මං ලස්සන කතන්දරයක් කියන්නං''
සීයගේ කතන්දරයක් අහන ගමන් බත් ටික කන එක නං හරිම ලේසියි. කතන්දරේ කියන රසවත්කමට කෑම ඒකේ රහ දෙගුණ තෙගුණ වෙලා දන්නෙම නැතුව බත් ටික කැවෙනවා.
සීය කතන්රේ කියන කොට මම ''හූ මිටි'' තියනවට අමතරව ''ගැටපද විවරණයත්'' කරගෙනමයි බත්ටික කන්නෙ.
ඒ කාලේ අපිට ලයිට් නෑ. රෑට තියෙන හොදම එලිය තමා ලන්තෑරුම. වාහන සද්දක් ඈහෙන්න නෑ. බස්සෙක්, රැහැයියෙක් කෑගහනවා ඈරැණම මට ඈහෙන්නෙ සීයගේ කටහඩ විතරමයි! වැස්ස දවස් වලට නං ගෙම්බොත් මගේ නම කිය කියා කෑ ගහනවා මට නින්ද යනකම්ම!
මම සීයගේ කතන්දරේ ඔස්සෙ නිකංම සුරංගනා ලෝකෙට යනවා. නැත්තං යක්කුංව ගොනාට අන්දලා සීයත් එක්ක උන්ගෙන් වැඩ ගන්නවා හිත හිතා බත් කනවා.
මේ තියෙන්නෙ මට පුලුවං හැටියට ඒ අවස්ථාව සිතුවමට නැගුව විදිහ. අදත් , මේ මොහොතෙත් මට මේ කතාවේ කියන කොටත් ඒ අවස්ථාව මැවිලා පේනවා. මේ සිත්තරෙන් ඒ අවස්ථාව කොච්චර දුරට ඔයාලට දැනෙයිද දන්නැ හැබැයි!
බලන්නකෝ සිත්තරේ දිහා හොඳට.....
සීයා ඉන්නෙ අපි ඒ කාලේ පදිංචි වෙලා හිටපු මහ ගෙදර ස්තෝප්පුවේ. නිදාගන්නෙත් එතන. මමත් කතන්දර අහන්න එන්නෙ එතෙන්ට. එතන මටම කියලා ඉඳගන්න ''පකිස්'' පෙට්ටියක් තියලා තිබුනා.
ඔය තියෙන්නෙ සීයා රඟ පාන ගමන් මට කතාවක් කියලා දෙනවා, මමත් බත් එකත් එක අතකින් අල්ලං ගැටපදයක් විවරණය කරගන්නවා, මම කිව්වෙ ඒ කාලේ තිබුනු හොඳම එලිය ලන්තෑරුම් එලිය කියලා, ඔය තියෙන්නෙ ඒ එලියයි, ඒ එලියෙන් වැටිච්ච හෙවනැල්ලයි. මම කතන්දරේට වගේම සීයගේ හෙවනැල්ලෙන් මැවෙන රූපෙටත් ගොඩක් කැමතියි.
සීයගේ වම් අත පැත්තෙ බිත්තියෙ තියෙන්නෙ සීයගේ ''වෑර්ලස්'' එක! සීයගේ වටිනම වස්තුව. බුදුපිළිමෙට විතරක් පහල තැනක රාක්කක් හදලා රේඩියේව ඒතන තියලා තිබුනේ. දැං කාලේ වගේ චැනල් ගොඩක් නැති හින්දා ඒකට ලගා වෙන්න අමාරු උනාට කිසි ගැටලුවක් නෑ. දවසටම එක පාරනේ දාන්න ඕන. සීයගේ ඇදට මෙට්ටයත් තිබුනෙ නෑ. ලණුවලින් ගොතලා පැදුරක් දාලා තිබුනේ. ඒකත් ඔය ඈඳලා ඈති බලන්ඩකෝ....
මම හිතන්නෙ ඒ කාලේ වගේ ලස්සන කාලයක් මේ විශ්වයේ ආයෙ කවම කවදාවත් එන්නැ කියලයි!
කොහොම හරි එක දවසක් සීයගේ කවි කනත්දරයක් හින්දා මට හරි වැඩක් උනා.
මේ තියෙන්නේ ඒ කතාව,
මම හතර වසරේ විතර ඉන්න කාලේ අපේ කණිෂ්ට සමිතිය වෙලාවකයි මේක උනේ. එදා සමිතියෙ තිබුනෙ ඒ ඒ පන්ති භාර චීටර් ලා කියලා දුන්නු කවි කතන්දර සමිතියේ දී ඉදිරිපත් කරන්න.
සමහරු ''රෝස මලේ'' කිව්වා සමහරු ''වත්තට යන්නං'' කිව්වා. සමහරු ''මගේ පොඩි හාවා'' කිව්වා. මට හොඳට මතකයි. ඔහොම කියලා ඒදාට නියමිත ඉදිරිපත් කිරීම් අවසන් උනත් තව වෙලාව ඉතිරි උනා.
ඔන්න එතකොට සභාපති තුමා නැගිටලා ''අතුරු කතා වාරය'' යෝජනා කලා.
ඔය ඔක්කොම කවි කතා ඉවරයි අපේ සීයගේ එක කතාවකට මට හිතුනා.
"කියන්ඩ ඕන සීය කියලා දුන්නු කවියක්!"
මම පුටුවෙන් නැගිටලා ගිහිල්ලා, සභාවෙන් අවසර අරගෙන කවිය කිව්වා.
ඒ කවියෙන් කියැවුනේ එකොමත් එක රටක, එකෝමත් එක කාලක හිටිය ගොවි රාල කෙනෙක් කරපු ''ගොං'' වැඩක් ගැන. ඒක කියද්දි ළමයි හිකි හිකි ගගායි අහගෙන හිටියෙ.
මේ තියෙන්නෙ ඒ කවිය.
එක දවසක් එක ගමයෙක් - උදැල්ලකුත් කරගහගෙන
හේනෙ තිබුනු පැල රකින්න පැලට රිංග ගත්තා...
උදේ හිටන් පැල් රැකලා - හවස ගෙදර එන්න ගියා
අනේ අපොයි ඒ වෙලාවේ වැස්ස පටන් ගත්තා...
(මෙතෙන්ට එන්න ඕන පේලි දෙක මතක නෑ දැං. මෙතනින් කියවෙන්නෙ ගමරාලට බඩගිනි වෙලා කන්න දෙයක් හොයන්න හදන විදිහ ගැන)
වටපිට බලමින් මුල්ලක - තිබුනු කුරක්කන් පිටිටික
මුට්ටියකුත් පැලෙන් සොයා ඒක අනා ගත්තා...
මුට්ටියෙ කට බැද ගන්නට - රෙදි කැල්ලක් නැති හින්දා
ටිකක් වෙලා කැරකි කැරකි හිස කහ කහ උන්නා....
මතක්ව තම අඹුඩ කෙටිය - ඉස්සරහින් එල්ලෙන පොට
දණ දෙක අර ගල උඩ ඈන මුට්ටියෙ කට බැන්දා...
දොං තරැකිට නදිං වතුර - නටමින්නේ පිට්ටු හැලිය
හොඳ තරමට තැම්බීගෙන සුවඳ දෙමින් ආවා...
හරියටමත් එවෙලාවට - ඌරන් පැන්නේ හේනට
ගමරාලට එළවලු පැල ටික කන බව දැනුනා...
ගමරාලට යකා වැහුනි - (මේ ටිකත් මතක නෑ. මෙතන තියෙන්නෙ ගම රාල ඌරෝ එලවන්න කෑ ගහගෙන නැගිට්ටා කියලයි)
මුට්ටිය පෙරලුණි අහකට - ඈවිලුනි අඹුඩෙට ගින්දර
දෙවියො ඔහුට පෙනුනා...
දුරදිග නොබලා හනිකට - (මේ ටිකත් අමතකයි! මෙතන තමා කතාවෙන් කියන්න යන ආදර්ශය දෙන්න පටන් ගන්න තැන.)
යස අපූරු පාඩමකිය - ''ගමරාලගෙ පිට්ටු කෑම''
මෙවැනි මෝඩ තක තිරුකම් නොකරනු කිසි කලෙකා.....
ඔන්න ඔය කවිය කියෝලා මම,
'' සභාවෙන් අවසරයි, මගේ කවිය මෙයින් අවසානයි, අසාසිටි ඔබ සැමට ස්තුතියි!''කිව්වා විතරයි,
බිල්ලො වගේ මං දිහා බලං හිටපු සර්ලා මිස්ලයි, ළමයිනුයි ඔක්කොම ''හෙන'' හයියෙන් අප්පුඩි ගහන්න ගත්තා. මේ බලාපොරොත්තු නොවුන මේ ප්‍රතිචාරය හින්දා මට උන් හිටි තැන් අමතක උනා. මගේ මොලේත් එක්ක හිර උනා. මම එහෙම්ම හිටං හිටියා. කව්ද සර් කෙනනක් ඈවිල්ලා මගේ පිටට අත තියලා ටිකක් ඉස්සරට තල්ලු කරං ගිහිං පඩිපෙල පෙන්නුවා මට බැහැලා යන්න.
මම පඩි පෙලෙන් බැහැලා ළමයි අස්සෙ මං හිටපු තැන හොයාගන්න අයාලෙ යනකොට මගේ පන්තියෙ යාලුවො ටික මාව ඈදලා නොගන්ට මම තාම මම ඉඳං හිටපු තැන හොයනවා.
මම එදා ගෙදර ගියේ, ගිය ගමන් සීයට කියලා එයාගේ ළකුණු පංගුව දෙන්න හිතං. මම සීයට ඒක කිව්වම
සීයා,
'' හ්ම් හ්ම්.... මයේ චූටි මහත්තයා දස්සයා'' කියලා මගෙ ඔලුව අත ගැවනේ. හරිනං වෙන්ඩ ඕන මම සීයට ස්තුති කරන එක. ඒත් සීය ලකුණු දා ගන්නවා වෙනුවට මටම ලකුණු ටික දුන්නා.
ඔය අපේ සීයා මට කරපු උදව් වලින් එක දෙයක් විතරයි!
ඔය සිද්දිය මට මතක් උනේ මෙන්න මේ පින්තූරෙ හින්දා, මෙ තියෙන්නෙ මීට අවුරුදු තුනකට
කලින් ගත්තු පින්තූරයක්.
මේ සීයලාගේ මහගෙවල්, නැත්තං මම චූටිමහත්තයා කාලේ හිටපු ගමට ''අලුත් අවුරුදු නිවාඩුවට'' ගිය වෙලාවෙ ගත්ත එකක්. අපේ අනිත් නෑදෑ සහෝදර සහෝදරියෝ කොටසක් එක්ක.
සීයා ඉපදිලා තිබුනෙ 1933නේ! දැං සීයගේ වයස අවුරුදු 77ක්.
හැබැයි සීය දැං කතන්දර කියන්නෙ නෑ. අපියි, සීයයි හිටපු මහ ගේ දැං එකම පස් ගොඩක්. ඉස්සතරම්ම දැවයෙන් හදපු දොරවල් උලුවහු ඔක්කොම ලොකුනැන්දලා අලුත් ගේ හදන්න ගලෝල, මහගෙදර අත් ඈරලා දැම්මා. මගේ ලස්සන මතකයන් හැංගිලා තිබුනු මහගේ දැං කඩා වැටිලත් අවුරුදු දෙකකට වැඩියි.
හැබයි සීයගේ වැර්ලස් එකයි, පෙට්ටගමයි තාම ලොකු නැන්දලා ගෙදර පරිස්සමට තියෙනවා.
මම මේ කතන්දරේ කිව්වෙ, අපි අද අවස ආයෙත් සීය බලන්න යන්න ලෑස්තිවෙන හින්දා.
මේදා පාර ගියාම සියත් එක්ක ගොඩාක් වෙලා කතාකර කර ඉන්න ඕන. සීයා දැං ලොකු නැන්දලාගේ ගෙදර නොහිටියත්, මම හවස් අතේ සීයා බලන්න ඒයා ඉන්න තැනට යනවා.
මම එතෙන්ට ගිහිල්ලා පොලොවේ තියෙන පස් තට්ටුව විනිවිදගෙන සීතල පොලොව අස්සෙ සීය සැතපිලා ඉන්නවා දකිනවා, හරියට මීට අවුරුදු දෙකකට කලින් සියා මෙතෙන්ට ආපු වෙලාවෙ දැක්ක වගේම!
සීයත් එක්ක වචනයෙන් කතා නොකලත් අතීත සිදුවීම් මතක් කරලා මට සීයත් එක්ක කතා කරන්න පුලුවනි. මම හැමදාම කලෙත් ඒක.
මෙදා පාර දානෙ දීලා ඉවර වෙලා, සීයා බලන්න ගියාම සීයට කියන්න ඕන,
'' සීයා කියලා දුන්නු කවි, කතන්දර ගොඩාරියකින් එකක් මට මතක හැටියට මගේ සයිබර් යාලුවන්ටත් කිව්වා'' කියලා.
අපේ සීයා දැං ගෙදර ජීවත් නොවුනත්, මගේ හිතේ නං හැමදාම ජීවත් වෙනවා. ඒකයි මම කිව්වෙ දැං සීයගේ වයස 77ක් කියලා.
දැං නං මට හරි සැහැල්ලුවක් දැනෙනවා මෙක සයිබර් යාලුවන්ට කිව්ව හින්දා, අද හවහ මට සීයා බලන්න ගමට යන ගමන සැහැල්ලුවෙන් යන්ඩ පුලුවං වෙයි වගේ!