මම මුලින්ම දන්සැල් කැවේ ඉස්කෝලෙන්. ඒ අපේ පන්තියෙ තිබ්බ ආදර්ශ දන්සැලෙන්. ඒ මං චූටි මහත්තයා කාලේ.
ඒ දන්සැල සංවිධානය කලේ අපේ පංති භාර ටීචර්ල.
අපිට තිබුනෙ ගෙදරින් එද්දි දන්සැලට කෑම අරං එන්න. පස්සෙ අපි ගෙනාපුවා අපිම කනවා. ලේසියට අපි කාටත් ගේන්න කිව්වෙ බිස්කටුයි බීමයි.
මම ගෙනිච්චෙ ලෙමන් පෆ් පැකට් එකයි, ස්ප්‍රයිට් බෝතලේකුයි.
ඕක ඉස්කෝලෙට ගෙනියනං මට හිතුනේ, "මේක ගෙදර තියාගෙන ලෙමන්පෆ් එක්ක කකා, බීම වීදුරුවක් බොන්න තිබ්බනං කොච්චර ශෝක් ද!" කියලා.
කොහොමහරි අනිත් ළමයිනුත් බීමයි, බිස්කටුයි ගෙනල්ලා තිබුනා. මං හිතන්නෙ ඒ ගොල්ලන්ටත් මට හිතිච්ච දේම හිතෙන්න ඇති.
අන්තිමේ ටීචර්ලා ඇවිල්ලා ඩෙස්ටික මැදට අරං, පුටු වටේට තියලා දන්සැල සංවිධානය කරලා, දන් දීමේ විපාක කියලා දුන්නා. දානය දුන්නම පින් සිද්ද වෙනව ලු. ඉස්සර රජ ගොල්ලො හැමදාම දන්සැල් දුන්නලු නැති බැරි අයට.
ඊට පස්සෙ අපිට විනීතව කෑම බීම ගන්න හැටි කියලා දුන්නා. අපිට තියෙන්නෙ අපි කැමති බිස්කට් ජාති කන එක. අපි කැමති ජාති අපි ලඟ නැත්තං ඒ ලඟ ඉන්න යාලුවෙක්ගෙන් වැදගත් විදිහට ඉල්ලා ගන්න පුලුවන්.
දැං තියෙන්නෙ දන්සැල පටං ගන්න. අපිව ටීචර් මේසෙ වටේට තිබ්බා.
ඊට පස්සෙ ටීචර් මෙහෙම කිව්වා,
"හරි දැං කන්න පටන් ගන්න!" ඒ කිව්වට කව්රුත් මුලින් අත දාලා බිස්කට් එක්ක ගත්තෙ නැ. කොතනක හරි වැරැද්දක් වෙයි කියලා. ඇයි ගැල්ලමයිනුත් හිටියෙ අපේ වැරදි හොයන්නමනේ.
කොහොමහරි මුලින්ම ඥානෙ හරි, රොහාන් හරි අත දාලා ඇඹරි ඇඹරි බිස්කට් එකක් ගත්තා. ඒ එක්කම මෙච්චර වෙලා නොතිබිච්ච තවත් අත් ගොඩක් ආවා.
වැඩේ වැරදීගෙන එන බව දැක්ක මමත් අත දැම්මා. එතකොට පරක්කු වැඩියි.
අපේ ළමයි බල්ලො වගේ පොර කකා බිස්කට් අහුරු අහුරු අරං පොරෙ තියන තැනිං එලියට පනිනවා. මට තේරුනා අනිත් ළමයි පොරකාලා ගත්තු බිස්කට් කුඩුවෙලා මගේ ඔලුවෙයි කරෙයි විසිරෙනවා.
මමත් දනිපනි ගාලා අත දාලා යන්තං බිස්කට් දෙක තුනක් අරගත්තා.
මට ගන්න පුලුවන් උනේ ලෙමන්පෆ් බිස්කට් දෙකයි, චොකලට් බිස්කට් තුනයි, මාරි තුනකුයි, නයිස් බිස්කට් කැඩිච්ච කැලී තුන හතරකුයි විතරයි. අනිත් අතේ ජෙම් බිස්කට් අහුරක් තිබ්බ හින්දා ඒ අතට වෙන මොකවත් ගන්න බැරි උනා.
ඔන්න ඔහොමයි මගේ මුල්ම දන්සැල් අද්දැකීම.
..............................
ප/ලි
මට ඔය සිද්දිය මතක් උනෙ ගිය වෙසක් පෝයට අපි දෙන්නයි, කඩේ අයියලයි, උඩ ගෙදර අක්කයි එකතු වෙලා දුන්නු දන්සැලේ වෙච්ච සිද්දියක් හින්දා.
එක පොරක් මම කෑම බෙදුව ගමන් ඔතාගෙන යන්න හැදුවා. මං ඇයි ඇහැව්වම මිනිහා කිව්වා ඉස්පිරිතාලෙ ඉන්න දුවටලු. මිනිහා ගැහුවෙ පච! ඒත් මම කිව්වා ඔයා ඕක කන්න. දුවට වෙනම එකක් දෙන්නං ඔතං යන්න කියලා.
එදා මගේ සිද්දියයි, මේකයි බැලු බැල්මට වෙනස් උනාට දෙකේම සමානකම් තියෙනවා කියලා මට හිතුනා.
.......................
ප/ප/ලි
ඹන්න මමත් ප/ලි කෑල්ලක් දාලා බ්ලොග් එකක් ලිව්වා.
......................
ප/ප/ප/ලි
බ්ලොග් කලාවට පලිය හඳුන්වාදුන් කාලෙක ඉඳලා බ්ලොග් එකක් කරගෙන යන ඒ තට්ටයාට මෙය උපහාරයක්ම වේවා.



අපරාදේ අතට අහුවෙලා තියෙන්නේ පොඩ්ඩයිනේ :D
ReplyDeleteප.ලි : තට්ටයියාට එසේම වේවා!
ටීචර්ගෙත් ගම තුම්පනේද? අහල තීනව නේද වැලිවිට සංඝරාජ හාමුදුරුවො බලු දානෙ දුන්න හැටි. මේ කතාව අහල් මට ඒක මතක් උනා.
ReplyDeleteකාටද බං ඔය තට්ටයා කියන්නේ.... තට්ටෙන් සොමිය දීම ලෝකෙටම හඳුන්වලා දුන්නේ එතුමානේ......
ReplyDeleteහත්දෙයියනේ අර තට්ටෙන් සොමිය දෙන මනුස්සයා නේද මේ. හික්ස් මරු ඈ..
ReplyDeleteඅපි ලොකු කාලේත් ඔය වගේ දන්සැල් ඉස්කෝලේ හැමදාම තිබ්බා ඉන්ටවල් එකට... 10ක් විතර සෙට් වෙන්වා බත් කන්න.. එක බත් පාර්සලයක්ට දාන්න පුලුවන් එක අතයි... එතකොට බත් එක එවරයි... ඒ අතට චිකන් මාලු වගේ දෙයක් හරි බිත්තරයක් හරි අහු උනොත් ඉතින් ගොඩ.. නැත්නම් සමහර වෙලාවට කංකුන් මිටියක් අතේ... ඉතින් බත් එකේ අයිතිකාරයා මාලු කෑල්ල උගේ පැත්තට හිටින්න හරවලා තමයි බත් පාර්සලේ ලිහන්නේ..
ReplyDeleteඔය විදියට බත් පාර්සල් 10ක් විතර අපි සෙට් එකම කන නිසා අන්තිමෙදී සම්පූර්ණ ආහාර වේලක් ලැබිලා..!
පලි දාන්න පුළුවන් උන එකට මගේ සුබ පැතුම්... පෝස්ට් එකක් ලියලා යනින් ගමන කකාටත් ටොක්කක් ඇන්නා නේද?
චූටි මහත්තයාටත් පුදුම අත්දැකීම් නේ තියෙන්නේ.නියම අත්දැකීමක්. එකපාරක් අපේ ඉස්කෝලේ යාලුවෙක් ගේ උපන්දිනයකට ගෙනාපු කේක් එකත් බෙදාගන්න ගිහින් කුඩු කරගෙන බත් වගේ කෑවා.
ReplyDeleteපස්සේ දවසක ඌම කියලා තිබ්බා අනිත්පාර කේක් ගේද්දි ගෙදරදිම කුඩු කරන් එන්නන් කියලා.
අපරාදේ කියන්න බෑ ටීචර් කිව්ව විදිහටම හරිම විනීත විදිහටම කස්ටිය බිස්කට් අරගෙන තියෙනවා . . හෙ හෙ හේ
ReplyDeleteප/ප/ප/ප/ලි
ReplyDeleteඉතිං ඊට පස්සෙ බුද්ධි දංසැල් කෑවෙ නැතෙයි.
එතකොට ගැල්ලමයිත් පොර කෑවද ?
ReplyDeleteප.ලි.
බ්ලොග් කලාවට පලිය හඳුන්වා දුන්නා කිව්වෙ, මම හිතන්නෙ නැහැ තට්ටයා ඔය ඉඳලා හිටලා මඩක් ගැහුවට ඔය වගේ පලි ගන්න වැඩ කරනවා කියලා
පොඩියි ..ලොකුයි කියලා නෑ නේද...කස්ටිය දන්සලක් දැක්කම...දොහොත් මුදුන් දිලා වැදලමයි එන්නේ.
ReplyDeleteජෙම් බිස්කට් කියන්නේ අර උඩ පාට පාට අයිසිං ගුලියක් තියෙන චූටි බිස්කට් වලට නේද...?
ReplyDeleteඒවෑයින් අහුරක් කෑවම තව කන්න ඉඩ තියෙනවද අයියේ...?
අනික ඔයාව FB ඇඩ් කරගන්න කිව්වනම් අපි නොකර ඉන්නවැයි...? හක හක හක....
සාදු, සාදු, සාදු!!!
ReplyDeleteප/ලි
කව්ද ඩෝ තට්ටයා? වලි තමයි, හරිය?
ඈ චූටි මහත්තයෝ ඒ කාලෙත් අත හබරළ කොලයක් විතර ලොකුයිද ඈ, නැත්නං අච්චර ගොඩක් කොහොමෙයි අතට ගත්තෙ ඈ ? කවුද හැබෑටම ඈ තට්ටයා ...... ;)
ReplyDeleteහරිම ලස්සනයි ...එක හුස්මට කියවතැති ....වෙලාවක් තියෙනවනම් එන්න මගේ සොදුරු සුව අසපුවටත්
ReplyDeletewww.sonduru.tk
හෆොයි, කැලෑසියේ අනිත් එවුන් එතකොට කෑවෙ හුළං විස්කෝතුද ?
ReplyDeleteකොහොමත් කොහෙ හරි දංසැලක් දැම්මොතින් අහල පහල ගෑණු ගොඩ දෙනෙක් බඩිං වෙනවා....
ඔය තත්තයා නිසා පලි විතරක් නෙමෙයි, තව කොච්චර දේවල් බෝ උනාද ? තව කොච්චර දේවල් බෝ වෙන්න තියෙනවද ?
තට්ටය ගැන එහෙන් මෙහෙන් නැතුව කෙලින්ම කියවන්න මෙන්න පාර:
ReplyDelete1. එදා මහණකම සහ අද දවසේ පල විපාක
http://kathandara.blogspot.com/2010/03/blog-post_15.html
2. තට්ටෙන් සොමිය දීම
http://kathandara.blogspot.com/2010/07/blog-post.html
පූසා,
ReplyDeleteඅන්න ඒකනේ. වැදගත් විදිහට ඉන්න ගියාම ගන්න අමාරු වෙනවා.
තට්ටයටත් එසේම වේවා නොකියා වෙන මක් කියන්නද!
................
ඉන්දික,
බලු දානේ ගැන නං සිරසෙත් ගියා පහුගිය පෝය දවසක. ඈත්තට මේක කියවද්දි අපි බල්ලො වගේද බං පෙනුනෙ.
අභියා,
ReplyDeleteපොර ගැන කව්රුත් දන්නවනෙ.
පොර තට්ටෙං විතරක්යැ, චූ කතා, කක්ක කතා විතරක් නෙමේ පඩ වලිනුයි පුක ගැන කියලයි අපිට සොමිය දුන්නා උඔට මතක නැද්ද!
.............
පිණිබිඳු,
ඔක්කොමලාටම මතක තට්ටෙන් සොමිය දුන්නු එක විතරයි ද! අර උඩ උත්තරෙත් කියවන්න.
සමීර,
ReplyDeleteකාලෙකට පස්සෙ ආයෙ කමෙන්ට් එකක් දාලා. ඔය කතාව කියද්දි අපේ කුරුලු හමුදාවෙ කතාවකුත් මතක් උනා.
...............
මධුරංග,
සමීරට මතක් උනා කිව්වෙත් ඔය වගේ කේක් කතාවක්
දුකා,
ReplyDeleteදැං වගේමයි. ඒකාලෙත් අපි හරි විනිතයි.
...............
ප්‍රසන්න,
ඇත්තටම එලියෙ දංසැල් කෑම කාලයක් නතර කලා. දැං ආයෙ හොඳ සෙට් එකක් ඉන්න හින්දා හෙටත් යනවා වැඩ ඉවර වෙලා.
ලකී,
ReplyDeleteඅපි පොර කෑවා විතරයි. ඔයා හිතං ඉන්නෙ ගැල්ලමයි නිකං ඉන්න ඇති කියලද? ඒ ගොල්ල පොර කෑවට අමතරව කොනිත්තත් ගත්තා.
............
නිල් අහස,
අනේද කියන්නෙ! මොනා නැතත් ඒකට ඇවිල්ලා ඇති.
................
ෆිෂ්,
ජෙම් බිස්කට් අහුරක් කෑවම මත්වෙලා හිටින්නෙ. උඔක් දන්නවා නේද
බුදු අම්මේ.... එක අතකට අරන් තියන තරම මදැයි හී හී හී
ReplyDeleteකතන්දර,
ReplyDeleteසාදු, සාදු, සාදු!!!
ප/ලි
තට්ටයා කව්ද කියලා තමා මාත් අහන්නෙ. පේන්නැද්ද ඇස්ගෙඩි ලොකු කරං පොන්ටිං කට් කපාං ඉන්න හැටි. පොරව මං දැක්කෙ ඔය විදිහටයි. පුලුවන්නං හොයා ගන්ඩ
.............
නවං,
අන්දරේ කිරි කාපු කතාව දන්නවද!
තට්ටයෝ නං ඕන තරං! ඔය ඉන්නෙ එයින් කෙනෙක්. පොරගෙන් ඇහැව්වොත් කියයි මොන තට්ටයොද සෙක්සියෝ කියලා
බුද්ධි අයියා කර කට්ටකම. මේකට අළුත් සිත්තරයක් විදෙස් සිත්තරාට කියලා අන්දවගන්නැතුව පලි කොටසින්ම ගොඩ ගියා.
ReplyDeleteඔය දන්සල හැම වාරෙකම නැතත් අවුරුද්දකම අන්තිම දවසට තියනවනේ.
අනික පොඩි අතට අහු උන බිස්කට් තොගේ..... පොඩි නෑ..........
ඔය අතට මුලින් අහු වෙච්ච ඒවා සාක්කුවට පැන්නේ නෑද,,,අතේ ඉතුරු උනු ගානට අමතරව...
ReplyDeleteයකෝ තොගෙ අතක්ද තිබුනේ නැත්තං කොළපතක්ද..?
ReplyDeleteගැල්ලමයි බඩගින්නේද . ඇත්ත තමයි ලෙමන් පෆ් එක ගෙදරදී ම කල දැම්ම නම් නම් ඉවරයි
ReplyDeleteතව බිස්කට් කන්න හම්බුනේ නැතෙයි?
ReplyDeleteඅද පොසොන් එකට දන්සැල් බලන්න යන්නේ නැද්ද?.
ReplyDeleteහැබැයි ටීචර් කියලදීල තියන නිසා විනීතව කයි නේද?
ප/ලි
ඔය තට්ටයා ඊළඟට මොන කතා සීරිස් එකක් ලියයිද කියල කවුද දන්නේ.
මහේෂ්,
ReplyDeleteස්තුතියි කමෙන්ට්ටුවට. ඔයාගෙ බ්ලොග් එක අලුත් එකක් වගේ මට පේන්නෙ
..............
දූමී, මං තමා අඩුවෙන්ම ගත්තෙ අනේ.
අර දෙවෙනියට කිව්ව "බඩිං වෙනවා' කිව්ව එක දැනුයි තේරුනේ.
තට්ටයා කරපු දේවල් ගැන කං කතාකරලා වැඩක් නෑ තමා
හා පැටික්කි,
ReplyDeleteඒක ඇත්ත. හැම අවුරුද්දක්ම ඉවර වෙද්දි ඕක වෙනවා තමා.
සිත්තරේ ගැන කියනවනං දැං තීන්ත ඉවරවේගෙන එන්නෙ. පරිස්සමටයි අඳින්නෙ.... නැත්තං දන්නවනෙ මං
...............
ඩිලාන්, සාක්කුවට ඔබාගන්නවත් වෙලාවක් තිබුන එකක් යැ
මටත් හිතාගන්න බැරි මේකාගේ අතේ තරම, අනේ අර ඉන්දික උපශාන්ත අයියගෙ උපහැරනෙ දැක්කම දුකේ බෑ. :D
ReplyDeleteචූටි මහත්තයා පවූ.....
සික් විතරක් . . . මූ පැටිය කාලෙ ඉඳලම බඩජාරියෙක් නෙව . . . .
ReplyDeleteප.ලි.
ඔය තට්ටයගෙ රැවුල් කට් එකට අපි නං කියන්නෙ සබං පෙට්ටි කට් එක කියල
ප.ප.ලි.
ඔය තට්ටය නේද රතුපාට කොරොල්ල එකකින් ඇවිල්ල කොල්ලන්ට ලවු කරන්න උගන්නන්නෙ ?????
යකඩෝ ඒ අරං ගිලපු විස්කෝතු ටික මදෑ කාලෙකට.....
ReplyDeleteඋඹැහෙට ජය කිව්ව ඕං...
චූටි මහත්තයගෙ අතට බිස්කට් පොඩ්ඩයිනෙ හම්බුවෙලා තියෙන්නෙ...
ReplyDeleteසුන්දර ළමාවියේ කරපු ගොන්කමුත් සුන්දරයි නොවැ...
ReplyDeleteමාරයා,
ReplyDeleteපැණිරසවලට විතරක් දිගඈරෙන කොළපතක් වගේ සුටි අතක්.
..........
Bindi,
ගැල්ලමයිනුත් ටිකක් පොරකාලා ටිකක් කොනිත්තලා කෑම අරගත්තා. අපි පොරකන හින්දා බීම බෙදන රාජකාරිය දුන්නෙ ඒ ගොල්ලන්ට
හසී,
ReplyDeleteවෙන කොහෙද නයිස් වලිනුත් කෑලි විතරයි! අපරාදේ...
.............
ප්‍රියන්ත,
මේ වෙද්දි පොසොන් පහුවෙලා.
ඒ හින්දා විස්තරෙ කිව්වැකි. උදේ ඒ වැඩකටයුතු ඉවරකරලා කුලියාපිටිය පහුවෙනකං ගිහිං ආවා. හරිම වීනීත විදිහට බත්, බිස්කට්, අයිස්කිරිං, සරුවත් දන්සැල් බලලා ආවා.
හරී,
ReplyDeleteඅපෝ ඒ කාලෙ අත මේ තරං වත් නැ..... මෙච්චරක් විතර ඇති.....
...............
ඕනේ,
මම තමා අඩුවෙන්ම ගත්තෙ. බඩජාරිකමට නෙමේ. විනීත කමට.
තට්ටයගේ ඔය කට්එක මුලින්ම පේමස් උනේ පොන්ටිං කාරයා ඒහෙම කපං මෙහෙ ආපුවෙලාවෙ නේද? අපි ඒකට කියන්නෙ පොන්ටිං කට් කියලා
හීනියට,
ReplyDeleteඕන තරං බිස්කට් කැවැකි. ජෙම් බිස්කට් අහුරක් කෑවමනං කැරකිල්ල අල්ලනවා පැණි රස වැඩි කමට.
...........
සාතන්,
අත පොඩිනෙ ඒකයි.
.........
චතුර,
ගොං කං නං ගොඩක් ඇති. මුල ඒවා කියෝල බලන්න.
පව් ගෑනු ලමය් චූටි එකාගෙ කොහෙ, කොහෙ, කෙනිත්තුවද දන්නැහැ. නඩුව පරාද නොවී බේරුනා නං ඒ ඇති.
ReplyDeleteචූටි එකෝ, අර යාළුවො සෙට් එකේ කතා ටිකත් ඔය ගමන්ම ලියන්න ගත්තනං. දුමිය ඕනය එහෙමත් මේ දවස් වල සය්ලන්ට්. දුමිය නං දුකා දාපු ලෙඩක් හින්ද මේ දවස් වල සමාදාන වැඩ වලට බැහැල ඇති, ඕනයත් ඉතින් ෆුල් ශේප් එකේ ඉන්නව ඇත්තෙ (දරු සුරතල් බල බල)
අල්ලපු ගෙදර වෙඩිම ඉවරද?
පොඩි එකෝ උඹ තට්ටයට වැඩිය කපටියෙක් වගේ 11 වෙනිද කොමෙන්ට් එකට 14 වෙනිද උත්තර දෙනවා කෝලං නැතුව අලුත් පෝස්ට් ඒක බලන්ඩ කියල, අලුත් ඒක දාල තියෙන්නෙත් 14 වෙනිද. තට්ටය තරහ වෙලාද දන්නැහැ, 14 පෝස්ට් ඒක පොරගෙ පෝස්ට් වල පෙන්නල තිබුන් නැහැ කියලය් මගෙ හිතේ, හැබැය් වයසක මනුස්සය හින්ද මං නොදැක්කද දන්නෙත් නැහැ.
ReplyDeleteමසං. උඹ සෙනග මැදෙදෙන් අත දාලා එක පාරටම ඇදලා ගන්නකොට කවුරුත් "ඌයි" කිව්වේ නැද්ද මසං? ;-)
ReplyDeleteඔබා අයියා,
ReplyDeleteඅපි කතා කරපු නඩුවක් කවද්ද පැරදුනේ.
අනිත් එක මම මේ යාලුවන්ගෙ පෝස්ට් එකක් ලබන සතියෙ දාන්නයි හිතාගෙන ඉන්නෙ.
දුමියට නං හොඳවයින් දෙකක් කතාකරලා ආවා මම. බොරුනං අන්තිම පෝස්ට් එකේ අන්තිම කමෙන්ට් එක බලන්නකො. ඕනයා නං චා වෙලාවෙන්ඩැ.! ඕනයා කියන්නෙ ඕනතැනක මැන්ටල් කියන එකලුනේද?
තට්ටයා තරහ වෙලා නැ මයෙ හිතේ. මිනිහා කැත නැතුව මිනිහගේ පෝස්ට් දෙකකටම ලින්ක් දාලා ගිහිං තියෙන්නෙ.
ReplyDeleteඇරත් තට්ටයට තට්ටයා නොකියා වෙන අහවල් එකක් කියන්ඩැයි.... නේද ඔබා අයියා....
වන්නි,
ReplyDeleteකෝලං කියනවා මෙතන. ඒ ඈද්ද ඈදිල්ලට ඌයි කියලා බේරෙන්න පුලුවං උන් හිටිය කියලද උඔ හිතන්නෙ. ඈරත් ඌන්ටත් ඌයි කියන්න තරං ඉස්පාසුවක් තිබුනා කියලා මං හිතන්නැ.