අපරාධ ස්ථානයකට හරි, පිටසක්වල යානාවක් ආපු තැනකට හරි ගිහිල්ලා එයා තමන්ව හදුන්වා දෙන හැටි බලන්න මං කට ඇරගෙන බලං ඉන්නෙ.
මං මේ කියන්නෙ, මොල්ඩර් කොන්ඩේ වැඩිපුර වවලා පස්සට පීරලා හිටපු කොල්ලා කාලෙ. ස්කලී කෙට්ටු කාලේ. මම චූටි මහත්තයා කාලේ.
“ආම් ෆක්ස්මෝල්ඩර්, එෆ්බීආයිස්පෙෂල් ඒජන්ට්” අන්න වැකිය!
මෝල්ඩර් ඒ කැල්ල නං දෙනවා ඉස්ම යන්ඩ! කොටින්ම මමත් ඔය කෑල්ල අහන්ඩ තමා වැඩියම කැමති.
මම ඔය කෑල්ල ඉස්සරහට හම්බෙන ඕනැ කෙනෙක්ට කියනවා. අන්න එහෙමයි මම ඒ කොටස මෝල්ඩර් වගේම කියන්න පුරුදු උනේ.
“ආම් ෆක්ස්මෝල්ඩර්, එෆ්බීආයිස්පෙෂල් ඒජන්ට්”
“ඇ.....මක් කිව්වා මයෙ පුතේ.....!” ඒ කතන්දර සීයා. ඒගොල්ලන්ට ඉතිං ඕවා තේරෙන එකක් යෑ. පව් ඒ අතින්!
ඉතිං සෙනසුරාදා රොබින්හුඩ් බලලා ඉරිදා දවසේ කෙහෙල්කොටුව දෙක කරනවා වගේ, බදාදා එක්ස් ෆයිල්ස් බලලා බ්‍රහස්පතින්දා අපේ මුලු හවස් ජාමෙම ඇරෙන්නෙ ඉන්වෙස්ටිගේෂන් වලට.
මම ඔය විදිහට කොච්චර කේස් ඉන්වෙස්ටිගේට් කොලාද?
හැබැයි මම වැඩිපුරම කැමති අපේ නංගියි, නංගිගෙ යාලුවා දෙශානියි, (දේශානි ඇවිල්ලා චාලි මුදලාලිගෙ මිණිබිරී) මීනු අක්කයි, (ටොපි කොල හතලිහේ කතා වස්තුවේ විට්ටර් මාමගේ දුව), යි එක්කහු වෙලා සෙල්ලම් ගෙවල් දාගෙන රාමෙට වැලි බත් උයද්දි, සෙල්ලම් ගෙදරට කඩා පැනලා ඒ ගොල්ලං හංගං ඉන්න සක්වල ජීවියා හොයා ගන්න එකට.
සක්වල ජීවියෙක් කියන්නෙ අපි මේ ලොකෙට එන්න කලියෙන් ඉදලා මේ විශ්වයෙ කරක්ගහපු කට්ටියක්. ඒ ගොල්ලං පරිණාමය වෙච්ච කාලෙත් එක්ක බලද්දි අපි තාම හෝඩියෙවත් නෑ. කොච්චර උනත් ඒ ගොල්ලං අපිත් එක්ක වැඩි බජනෙකට එන්නැ. ඒත් හොරෙං ඇවිල්ලා කාගෙහරි බෙල්ලෙ “ඔත්තුතහඩුවක්” හයිකරලා යනවා. ඒ අපි ඒගොල්ලං එක්ක හරි හරියට වැඩ කරන්න සුදුසු තත්වෙට දැන්වත් ඇවිල්ලද කියලා බලන්න වෙන්නැති.
වැඩේ කියන්නෙ අපි හදාගෙන තියෙන කුලමල බේද, ජාති බේද, ආගම් බේද, පක්ෂ බේද, දේසසීමා අමතක කරලා මේ ලෝකෙම තනි යායක් වෙනකං ඒ ගොල්ලං නං අපිත් එක්ක එක්කහු වෙන්නැති වෙයි කවදාවත්. මොකද ඒ ගොල්ලං එච්චරට මනස දියුණු කරපු අයනෙ.
අපේ ලොකේ කව්රු හරි හිතාගෙන ඉන්නවනම් යකඩ කන්දරාවකින් හදපු රොකට් එකකට, මුලු අරාබියෙම තියෙන තෙල් පුරොලා හරි, ලොකුම ලොකු ෆුට්බෝල් පිට්ටනි සීයක් තරම් ලොකු ඉර එලියෙන් බලය ගන්න සුර්යකොෂ හයිකරං හරි සක්වල ජීවියෙක් හොයාගෙන යන්න පුලුවන් කියලා, එයා හොද මොලේ අමාරු කාරයෙක් වෙන්ඩ ඕනැ. ඒකට ඕනැ ඔය දෙකම නෙමෙයි කියලා මෝල්ඩර් කොච්චර ලේසියෙන් පහදලා දීලා තියෙනවද!
ඒත් ඒවා ඉතිං අපේ නංගිලාට, මීනු අක්කලාට ලේසියෙන් තේරුම් කරන්ඩ පුලුවන් දේවල් කියලා ඕගොල්ල හිතනවද?
ඒ මොනා උනත් පිට සක්වලයෝ මෝල්ඩර්ට කරන්නෙ හරිම කැත වැඩක්. ඒ එයාගෙ නංගිව සක්වල යානෙක දාගෙන එහෙ අරං යන එක. වැඩේ කියන්නෙ මක් කරලවත් මෝල්ඩර්ටවත් තාම හොයා ගත්න බැරි උනානේ නංගිට වෙච්ච දේ. අඩුම ගානේ ගෙනිච්ච ද නැද්ද කියලවත්......!
ඒ කෝක උනත් මට ලැබිච්ච ආරංචියකට මම යනවා අපේ නංගිලා, ඒ ගොල්ලංගෙ සෙල්ලං ගෙදර හංගං ඉන්න සක්වල ජීවියා හොයා ගන්න. එහෙම උනොත් මොකක් හරි විස්තරයක් හොයා ගන්න බැරි වෙන එකක් නැ.
මම එක පාරට කාරෙකෙන් බැහැලා දොර ටිකක් සද්දෙට වහලා, සැහැල්ලු ගමනෙන්, බැරෑරැම් මුණක් හදාගෙන, පැත්තකට පොඩ්ඩක් බර වෙලා, හරියට මෝල්ඩර් වගේම තමා.......යනවා සෙල්ලං ගේ දොර ගාවට.
“හැබැයි අද නං අම්මට කියනවා” නංගි දොර හරස් කරනවා.
“ආම් ෆක්ස්මෝල්ඩර්, එෆ්බීආයිස්පෙෂල් ඒජන්ට්!!!” දන්නවනේ ඒ මම. ඒ ටිකනං දෙනවා ආය......
ඉතිං මම දොර හරස් කරගෙන ඉන්න නංගිව පයිසෙකට මායිං කොරන්නැතුව කාටත් පේන්න එෆ්බීඅයි එකෙන් දුන්න අයිඩී එක උරුක්කොරං මං ගෙට රිංගනවා.
“හැබැයි වලං පෙරලුවොත්නෙ.......” දේශානි ලිබ්බොක්කට පනිනවා. එයත් දන්නවා මගේ ඉන්වෙස්ටිගේට් එකේ තරම.
“ඕහෝ.....මෙතන ද ඕගොල්ලං පිටසක්වල ජීවියා හංගං ඉන්නෙ... අයින් වෙන්ඩ කරුණාකරලා...... අපිට මෙතන චෙක් කරන්ඩ තියෙනවා”. “ඔහෝ” කියලා සාමාන්‍යයෙන් කතා කරන්නැති උනාට ඒ කෑල්ලෙන් තමා අර ගතිය ගන්නෙ.
“මොකෙක්..... හංගං ඉන්නවා. යන්ඩ චූටිමහත්තයා අයියේ....හැබැයි නැන්දට කියනවා.....”
“අයින් වෙන්ඩෙපා දේශානි ඔයා..........” ඒ මීනු අක්කා. එයාට මං බය උනත් ඒ බව පෙන්නන්නැ.
“ඇයි නෝනා ඔයා පොලිසීයෙද.....?”
“ඔව් ඇයි?” මීනු අක්කා ගහන්ඩ වගේ යනවා.
“ඕහෝ...... ඒකයි එහෙනං මේ........මේ නෝනා අපිට මේ වැඩේ කරගන්ඩ දීලා කරුණාකරලා පැත්තකට වෙන්ඩ.”
ඔහොම කියලා මං සාක්කුවෙන් දඩ සයිස් ෆෝන් එකක් ඇදලා ගන්නවා. ඒවා ඔක්කොම මං වේලස්සන හදාගෙන තියෙන්නෙ. කොයි වෙලේ ඕවා ඕනැ වෙයිද කව්ද දන්නෙ. පස්සෙ ඒරියල් එක දික් කරලා ස්කලීට කෝල් එකක් අරං මම ඉන්න තැන කියනවා. වෙලාව කියන්නෙ හැමදාම වගේ ෆෝන් එකෙන් කියනවා ස්කලී කොහෙදෝ ගිහිල්ලා පණිවිඩේ තියන්න කියලා. මම කරන්නෙ ඒරියල් එක නිකටට තියලා අකුලන ගමං ඒ මේ අතේ පොඩ්ඩක් විපරං කරන එක.
එතකොට ඒගොල්ලං මා දිහා බලං ඉන්නෙ නිකං පිස්සෙක් දිහා බලනවා වගේ කටවල් ඇදකරාගෙන. මං නං සැලෙයි ඒවට.
“මේ චුටි මහත්තයා එක්ස්ෆයිල් බැරිනං ඕන නාඩගමක් කරගන්නවද මෙතනින් එලියට ගිහිල්ලා”
“නාඩගමක්......මේ නෝනා ඔයා පොලිසියේ උනාට අපිට වැඩක් නෑ. කරුණාකරලා අපිට “භාධා” කරන්න එපා...... අපි දැං මේ මුලු ගේම කණපිට ගහලා හරි ඕගොල්ලං හංගං ඉන්න සක්වල ජීවියා හොයාගන්න ඕනැ......” අපි අපි කිව්වට ඔය ඔක්කොටම ඉන්නෙ මං විතරයි. ඒ උනාට මං බය නෑ. මෝල්ඩර් වගේම තමා.
කොහොමත් ඇත්තටමත් පොලිසියයි, සීඅයිඒ එකයි, එෆ්බීඅයි එක එක්කලා පොඩ්ඩක් හිත හොද නෑනේ. ඒක හින්දා මමත් කොහොමත් පොලිසිය ගණන් ගන්නැ. ඔය ගණන් නොගැනීමට ප්‍රධාන හේතුව උනේ පොලිසියයි, සීඅයිඒ එකයි පාලනය වෙන්නෙ ආරක්ෂක අමාත්‍යංශයෙන් වෙච්ච එක. ඒත් අපේ එෆ්බීඅයි එක සම්පූර්ණයෙන් හැඩල් කරන්නෙ අධිකරණ අමාත්‍යංශයෙන්නෙ. ඉතිං මං මොකට බය වෙන්ඩද ඒගොල්ලන්ට!
නවීන පන්නෙට හැදෙන ළමයෙක් හැටියට ඕවා දැනගත්තට මොකද කවදාවත් මීනු අක්ක හොදින් ඉන්න වෙලාවටවත් මම ඒ ගැන කියන්ඩ ගියෙ නැ එයාට. ඕවා දැනගත්තම ඒයා තවත් ඔලුව ඉදුමෝගනියි. එතකොට තව කෝලමක්.
කොහොමහරි සක්වල ජීවියා හොයාගන්න නං මේ මුලු සෙල්ලං ගෙදරම කණපිට ගහන්න වෙනවා. මං කරන්නෙ අහුවෙච්ච අහුවෙච්ච දේවල් එහෙ මෙහෙ ඇදලා දාන ගමං මොකක් හරි හෝඩුවාවක් හොයාගන්න බලන එක.
දන්නවනේ!
මෝල්ඩර් නං බලුප් එකක් නෙමේ, පෑනක් විතර දෙයක් වත් අත අරින්නැ. ඔක්කොම කුඩු කරා කරා සාක්ෂි හොයනවානෙ. ඒ අතිං මම මේ ගොල්ලන්ට හොද වැඩියි.
“දඩිං බිඩිං, ජරාස් බරාස්, සට්රස්, පට්රස්, හුටස්......” ඔය වගේ සද්දි එන්නෙ මගේ ඉන්වෙස්ටිගේෂන් එකේ අන්තිම හරියෙදී.
වැදගත් දේකට තියෙන්නෙ ඔහොම කරද්දි, ඔන්න එක අවස්ථාවක් එනවා ඒ ගොල්ලන්ගේ ඉවසීමේ සීමාව පනින. අන්න ඒ අවස්ථාවට එන්ඩ කලින් මම සක්වල ජීවියා හොයාගන්ඩ ඕනැ. නැත්තං ඉවරයි!
අපේ නංගී “අම්මේ මේ අයියා....... කියාගෙනම” අත පස්සට අරං පණ නැති කරලා දීලා අදිනවා ආය තරු විසිවෙන්නෙ. අනිත් දෙන්නත් දීලා අදිනවා ඇති, මට ඒවා පේන්නැ ඒ වෙලාවට.
ඔය වගේ වේලාවක මෝල්ඩර් උනත් අත නළලට අරං නැමීගෙන දුවනවනේ. මමත් ඒකම කරනවා. බයකට නෙමේ. ඒක තමා උපක්‍රමශීලිව පසුබසිනවා කියන්නෙ.
අන්න එහෙම ලොකු කැපකිරීමක් කරලයි අපි ඉන්වෙස්ටිගේෂන් කලේ. පිට පුපුරු ගැහුවය, අතපය ඇඹරුනාය, ඉහලින් ඒවා නවත්තන්න කියලා ඕඩර් ආවාය කියලා අපි උත්සහය අත ඇරියෙ නෑ කවදාවත්.
ඒ හින්දා ඒවා කවදාවත් අපතෙ ගියෙත් නෑ!
මං එහෙම කියන්නෙ නිකං කටට ආවට කියලා හිතන්න එපා!
බොරුනං ඕගොල්ලත් මොල්ඩර් වගේ කැපවීමෙන් වැඩක් කරලා බලන්ඩකො. අරවගේ පොඩි පොඩි බාධක එනවා තමා. ඒ උනාට ඒවා පයිසෙකට මායිම් කරන්ඩ එපා.
මං නං හැමදාම හිතන්නෙත් ඇත්තටම හරි, සෙල්ලමට හරි ඔය එක එක ඉන්වෙස්ටිගේෂන් කරන හැමෝම වගේ මෝල්ඩර්ලා වගේ අය වෙනවනං කොච්චර හොදද කියලයි.
ඕගොල්ල මොකද කියන්නෙ?
..............................
-කෙහෙල්කොටුවේ චූටි මහත්තයා.





එක්ස් වයිල්ස් කියන්නෙ මගෙත් ප්‍රියතම නාට්‍යක් . හැබැයි රඟපාන්න නම් ගිහින් නැ . මෝල්ඩර් කියන්නේ මම කලා නිර්මානයක දැකපු කැමතිම චරිත වලින් (ලෝඩ් ඔෆ් දි රින්ග් වල ඇරගන් , මයි නේම් ඉස් කාන් වල "කාන්" , ත්‍රි ඉඩියට්ස් වල අමීර් ඛාන්ගෙ චරිතය , සහ රස් අවර් වල "ලී" ගේ චරිතය තමයි මේ කාණ්ඩෙට අයිති අනිකුත් චරිත )
ReplyDeleteමෝල්ඩර්ගෙ ඇක්සම්ට් එක ලස්සන උනාට තේරුම් ගන්න අමාරුයි , උපසිරැසි නැතිව බැලුවාම අනාථයි
ඔය විදිහට " මෝල්ඩර්" කෙල්ලංගෙන් ගුටිකන එක්ස් ෆයිල් සීරීස් ටික මට මිස් වෙලාද කොහෙද අප්පා.. අපරාදෙ.. ඉතින් චූටි මහත්තයා හැමදාමත් උපක්‍රමශීලීවම පහු බැහැපු නිසා සක්වල ජීවියා තාමත් එහේ ඇති.
ReplyDeleteමං නම් කැමති විදෙස් ශිල්පියා ගෑල්ලමයි ටිකත් එක්කම සිත්තරෙ ඇන්දනං තමා :)
අපරාදේ කියන්න බෑ චූටි මහත්තයගේ අයි. ඩී. එක නම් පංකාදු පහයි!! මටත් තිබ්බ පොඩි කාලේ ඔහොම එකක් ! හැබැයි එෆ් බී අයි නම් නෙමේ.. ඒක මංම හදා ගත්ත එකක්..සුපර් ගර්ල්ස් ද කොහෙද..... එක කාලේ උන්න නම් අපට ෆෝසස් ජොයින් කරලා ඔය ජීවියව අල්ලන්න තිබ්බනේ.. ඒත් චූටි මහත්තයාට දශක ගණනාවකට පස්සෙනේ අපි මෙලොවට සැපත් උනේ!!!! :ඩී
ReplyDeleteමමත් ආසම කතාවක් තමා ඕක... :)
ReplyDeleteබුවා,
ReplyDeleteඑක්ස්ෆයිල් බලද්දි අපිට හිතෙන්නෙ ඒ සිද්ධියෙ අපිත් ඉන්නවා කියලා. ඇත්තට වෙන සිද්දියක් බලාගෙන ඉන්නවා කියලා.
තේරුං ගන්න බැරි උනත් පොර ඇගට පතට නොදැනී පිටපතේ වචන එලියට දානවා ඇගේ හිරිගඩු පිපෙන්ඩ. නියමයි නේද?
අනේ අපේ කට්ටිය කවදා එහෙම එකක් කරයිද දන්නැ...
චුටිමහත්තයට සක්වල ජිවියා අල්ලගන්න පුළුවන් උනාද ආ ?? :D
ReplyDeleteඔය දුවන විදිහට, පිටසක්වලය දැක්ක නම් පන කඩාගෙන දුවාවිනෙ. මට නම් මුලින් එච්චරම අල්ලපු කතාවක් නෙමෙයි ඒක. නමුත් පස්සෙ පස්සෙ කැමති උනා. :)
ReplyDeleteහරී,
ReplyDeleteගැල්ලමයිවත් ඇන්දනං තමා හොද. කොහෙද තීන්ත ඉවර උනානේ. රොබින්හුඩ් කොල්ලන්ගෙන් සමහරක් එක්ස්ෆයිල්ස් බලන්ඩ කැමති වෙලා හිටියෙ නෑ ඒකාලේ....
.........................
මේනකා,
සමහර විට ෆෝසස් ජොයින් කොරන්න තිබ්බා. වැඩේ කියන්නෙ ඒකාලේ මම දැං වගේ නෙමේ. මට ගැල්ලමයි වහකදුරුවගේ. වෙන මොකවත් හින්දා නෙමේ අපේ කේලංමනේ ඒගොල්ලං හොයන්නෙ
....................
හසී,
ඒකියන්නෙ පිරිමි ළමෝ විතරක් නෙමේ ගැල්ලමයිනුත් එක්ස්ෆයිල්ස් වලට කැමතියි එහෙනං. එනේ මෝල්ඩර් වේනා දැනගත්තොත් මොනවා හිතයිද අප්පා....
හී හී හී හෆු
ReplyDeleteආම් ෆක්ස්මෝල්ඩර්....
හෑකිස්....
“ඒ හින්දා ඒවා කවදාවත් අපතෙ ගියෙත් නෑ!“
ReplyDeleteඇත්ත ඇත්ත ඇත්තම ඇත්ත....
අනේ ඇත්තට නඟාටයි අර යාළුවො දෙන්නටයි බැරි උනානෙ මොකෙක් හරි විෂ ජීවියෙක් අල්ලලා පොල් කට්ටක් අස්සෙ ඔබලා තියන්ට... :)
ඒක නෙමේ... මේක කියවගෙන යද්දි තමා මුණ ගැහුනෙ උප්පත්ති කථාව... මමත් මේ දවස්වල අන්තිමට ලිවුවෙ මයෙ ලොකු කෙලීගෙ උප්පත්තිය ගැනනෙ... නියම උපන් දින තෑග්ග... ඔයා අම්මට පෙන්නල එයාව සතුටු කෙරෙව්වට මට තාම ඒ පෝස්ටුව දුවට පෙන්නන්න බෑ... :(
හි හි එක්ස් ෆයිල්ස් එකේ මෝල්ඩර් කෙල්ලන්ගෙන් ගුටි කනවා කියලා ඇහුවාමයි
ReplyDeleteහිනාවෙලා පන යනවා.
ReplyDeleteඒ වුනාට නියම කතාව :-D
මාත් ෆොක්ස් මෝල්ඩර්ට මාර ආසයි.
ඉස්කලී එයා කියන දේවල් විස්වාස නොකරනකොටනම් මාර කේන්තියි දුකයි.
කාලෙකින් මේ පැත්තෙ අවේ.. මරු ඈ.. හෙහ් හෙහ්
ReplyDeleteජය..
අඩේ . . . මෝල්ඩරයා . . . . බොලා වැරදි තැන හොයා තියෙන්නෙ ඔය පිටසක්වල ජීවියාව . . . . . දැම්ම නැගපං බස්සෙකේ . . . පලයං කොට්ටාවෙ මාකුඹුරට . . . . හෝමාගම පැත්තට නාහෙ අල්ලල උඩු හුලඟ ඉවකරපං . . . . උඹට හොයාගන්න පුලුවං වෙයි ඔය කියන ජීවියාව . . . .
ReplyDeleteමෝල්ඩර් කෙල්ලංගෙන් ගුටිකන සීරීස් එක ඉස්සරහට එන්න තියෙන එකක් වෙන්න ඇති.
ReplyDeleteමගෙත් ආසම කතාවක් තමයි එක්ස් ෆයිල්ස්නං.
ආම් ෆක්ස්මෝල්ඩර්, ෆුහ්...
මං නං එච්චර මනාපයක් නැහැ ඔය ඇක්ස් ෆයිල්ස් බලන්න, බැලුවට පස්සේ රෑට නින්ද යන්නෙත් නැහැ අප්පා සමහර වෙලාවට,එක දවසක් බැලුවා එක මනුස්සයෙක් ඉන්නවා ඒ මනුස්සයා ලෙඩ තියෙන කෙනෙක්ව සම්පූර්ණයෙන් කාලා වමාරනවා, ඉයියෑක්කා.......... හරියට අර ඇනකොන්ඩා කාලා වැමෑරුව අය වගෙයි එතකොට.එතකොට ලෙඩේ අර මනුස්සයාට යනවා, ලෙඩා හොඳ වෙනවා. ඉතිං ඔය විදිහට කකා වමාරන කෙනා ලොවේ තියෙන අටානූවක් අටෝරාසියක් ලෙඩ හැදිලා ඉන්නේ. එයාට මැරෙන්න බැහැ. ඔය අතරේ මෝල්ඩර් මැරෙනවා. අර මනුස්සයා මෝල්ඩර්ව කාලා වමාරනවා. ඔන්න මෝල්ඩර්ට පණ එනවා. එදා අර මනුස්සයා මැරෙනවා. මොනවද මේ එලොවටත් නැති මෙලොවටත් නැති කථා. බඩ දඟලනවා, දවසක් දෙකක් කෑම පිඟාන දිහා බලන්නත් බැරිව හිටියා. ඒකාලේ මං අමාරුවෙන් වඩා ගත්ත ඇඟත් බැස්සා........ :D ඊට මීට වඩා හොඳයි මේ චූටි මහත්තයා මෝල්ඩර්ගේ කථා ටීවි එකේ ගියා නං........... හෙ හෙ..............
ReplyDeleteඔය ගෑල්ළමයෙක් ස්කලී කරලා ගත්තනම් ගුටිකන්න වෙන්නේ නෑනේ.
ReplyDeleteඕහෝ.. මමත් මාර ආසයි. ඒ කාලෙ හෙන බයයි ඒ උනාට ඕක බලන්න.
ReplyDeleteමගෙත් හරිම ආසා කතාවක් තමා ඕක. ඉස්කෝලෙ කාලෙනම් අපිත් X-files අයිඩී කාඩ්ස් දාගෙන උන්නෙ. ඒත් රෑ දහයට එකොලහට කතාව අහවර උනාම පණබයේ තමා චූ කරන දොරකඩ අඹ ගහ ලඟට යන්නෙත්. වෙලාවකට අඹ කොල අස්සෙත් ඒලියන්ස්ල... හප්පේ එහෙමත් කාලයක්.........
ReplyDeleteඩේවිඩ් ඩිකනෝව් ඉන්න කැලිෆෝනිකේෂන්ස් බලල එහෙම ඒක රඟපාන්න හිතුනෙ නැද්ද චූටිමහත්තයාට ?
බලං යනකොට චූටි මහත්තයා රඟ නොපාපු චරිතයක් නැහැනෙ.....
ReplyDeleteමේ දවස් වල අඳින්නෙ කාටද ?
හැබෑටම පිස්සු පූසාට ඇන්දෙ නැද්ද ?....
මමත් මෝල්ඩර් fan කෙනක් එක episods එකක්වත් අත ඇරියේ නෑ. මන් හිතන් හිටියෙත් ඒකාලේ මම ස්කලී කියලා. පස්සේ ඒ ලෙඩේ හොඳ වුනා.
ReplyDeletePost එක නම් නියමායි.
මමත් ආසම සීරීස් එකක් තමයි x-files...
ReplyDeleteෆක්ස්මෝල්ඩර් කියන්නේ ෆොක්ස්මෝල්ඩර්ගේ අයියද මල්ලිද? :D
ReplyDeleteමමත් හරි ආසයි ඔය ස්කලී ..මෝල්ඩර් ජෝඩුවට . එක්ස් ෆයිල්ස් බැලුවම ඉතින් තනියම ටොයිලට් ඒකට යන්නත් බයයි ඒකාලේ . පිට සක්වල ජිවියත් පැනල දිව්වද චුටි මහත්තයත් එක්ක . චික් ගෑනු ළමයි ටිකකින් ගුටි කෑවා නේද .
ReplyDeleteඔන්න ඕනය ඕනේ වෙච්ච වෙලාවකුත් ආව, ඕනයෝ මේකව දැන් නං එක්ක යන්න වෙනව උඹලගෙ ගෙවල් ගාව තියෙන තැනට. කලින්ම දැන ගත්ත හින්ද සනීප කොර ගන්න බැරි වෙන එකක් නැහැ මගෙ හිතේ....හෙක්...හෙක්..
ReplyDeleteමරු මරු!
ReplyDeleteහික්... වැඩිය මොටෝ ඕක බලලා මං චූ රෑ චු කරන්න ගිහිං අම්බානෙට බය වුනා...
ReplyDeleteඅර එක කොටසක් තියෙන්නේ ඒලියන් රගර් ප්ලේයර් කෙනෙක් ගැන. උගේ ඔලුවෙන් රතු පාටට ලේ අවාට බස් එකේ වීදුරුවෙන් පේන්නේ කොල පාට දිලිසෙන ලේ... අන්න ඒ සීන් එක තමා මට මතකම...
මම නම් ඒකාලේ හිතුවේ ස්කලියි මෝල්ඩරුයි කසාද බඳීමයි කියලයි.... පස්සෙ තමයි මෝල්ඩර් ස්කලීව නොබැඳපු හේතුව හොයා ගත්තේ.... ඒත් X-ෆයිල්ස් වල තියෙන ස්ලෝගන් එකකින්....."Trust no one......"
ReplyDeleteඔය එක්ස් ෆයිල්ස් උණ මටත් තවම තියෙනවා. ඇත්තටම අපි ලෝකෙ ගැන හිතන විධිය වෙනස් කරන්න ලොකුවටම බලපාපු සීරීස් එකක් තමයි ඕක. ඉස්සර බ්‍රහස්පත්න්දට පන්තියෙ කොල්ලන්ට ඕක ඇර වෙන එකක් නෑ. ඉංගිරිසි යන්තං දන්න උන් වටේ ඉඳන් අපි කතාවෙ තේරුම අහගන්නවා. මාර ගති අත්දැකීම් ටිකක් තියෙනව මොල්ඩර් අයියයි ස්කලී අක්කයි එක්ක.
ReplyDeleteඅපි නං ලොකු ළමයි කාලේ නේ එක්ස් ෆයිල්ස් බැලුවේ. මතක හැටියට 1994 විර රූපවාහිනීයේ.
ReplyDeleteමුලින් ගත යුත්තක් තිබුණා, පස්සේ වැඩේ වාත වෙලා ගියා.
මට මතකයි මං 1996 විතර මගේ විස්තර එක්ක හෝම් පේජ් එකක් හදලා ඒකේ බැක් ග්‍රවුනඩ් මියුසික් එකට දැම්මේ එක්ස් ෆයිල්ස් මියුසික් කෑල්ලයි.
හරි අපූරුයි...
ReplyDeleteසෝඩාගුණේ,
ReplyDeleteසක්වල ජීවියා කෙසේ වෙතත් හොදවයින් ඩෙනා ස්කලියෙක් නං හම්බුනා......!
......................
මාධව,
මමත් මුල්ම කාලේ බැලුවට නමවත් දන්නැ. තාත්තට එහෙම අඩගහන්නෙ අන්න අර කතාව යනවා කියලා.
.................
දිල්මෝනා ටීචර්,
කොහොමද ඇක්සන්ට් එක! මරු පහයි නේද?
................
තනෝජා අක්කා,
උප්පත්ති කතාව මෙච්චර කල් ලියපු පෝස්ට් වලින් 3 වැනියට හිට් වෙච්ච එක.
...........
ශානු,
කව්ද අනේ ගුටි කෑවේ. ඒකට තමා උපක්‍රමශිලිව පසුබසිනවා කියන්නෙ.
..............
මගේ ජීවිතේ,
ස්කලි පිලිගන්නැතුව ගියාම මෝල්ඩර් ස්කලිට දාන නොන්ඩිත් මරු නේද?
ගයාන්,
ReplyDeleteස්තුතියි කාලෙකින් මේ පැත්තෙ ආවට.
..............
ඕනයා,
මක් කියනවද මට තේරෙන්නැ අප්පා......
.................
ප්‍රසන්න,
දන්නවනේ...... කෙල්ලංගෙන් ගුටි කැවේ කව්ද අනේ. ඒකට තමා කියන්නෙ උපක්‍රමශීලිව පසුබසිනවාය කියන්නෙ.....
........................
රන්දිල්,
අපේ අම්මත් ඔය ජාතියෙමයි. ඒත් මම ඒ වලේ කෑල්ලක් යද්දි කෑ ගහලා අඩගහන්නෙ. අම්මා ඇවිල්ලා ‘තාත්තලා පුතාලා මොනවා බලනවද මන්දා කියාගෙන ආපහු හැරිලා දුවන්නෙ.
..................
සිතුවිලි මණ්ඩිය,
අනේ ඒ ගොල්ලං දන්න ස්කලී. උං දන්නෙ කඩේ ගිහිං බඩු ගෙනල්ලා පොල්කටු ටිකක් හොයං වැලි බත් උයන්ඩ.
..............
පිණිබිදු,
ඒක ඇත්ත. ඇගේ ලේ නැ තමා ඕන බලද්දි. ඒත් නිදි මරාගෙන කොහොමහරි බලලා තමා පස්ස බලන්නෙ
................
නවම්,
අනේද කියන්නෙ. මමත් එහෙම තමා. කෝකටත් අම්මා එක්ක එලියට බහින්නෙ. හපෝ අම්මා කියන කතාවලට එලියන් කෙනෙක්ට අහුවෙලා ඔත්තු තහඩුවක් බෙල්ලෙ දා ගත්තත් කමන්නැ කියලා හිතෙනවා ඒ කියන ඒවට. ඒ ටික මම කපලයි දාලා තියෙන්නෙ.
...................
ලකී,
පිස්සු පුසාට පැත්තක තියහංකො. උඔ රසාර බලල තියෙනවද!
බීට්ල් මෙහෙම කියනවා
ReplyDelete----------------
Beetle has left a new comment on your post
පළවෙනි පාර එක්ස්ෆයිල් යද්දි උපසිරැසි තිබුන්නෑනේ... ගොඩක් දෙවල් හරියටම තේරෙන්නේ නෑ... මම ඉස්කෝලේ යාළුවෙක්ගෙන් තමයි කතාව පැහැදිලි කරගන්නේ... දැන් තමයි තේරෙන්නේ මූ අතිනුත් දාලා තමයි කියලා තියෙන්නේ...
ඒ දවස්වල කතාව පටන්ගද්දි ගෙදර සේරම නිදි, අෆ්ෆා බය වෙවී තනියම ටීවී එක ඉස්සරහා වින්ද දුකක්...නවම් කියනවා වගේ චූ කරන්න තනියම එලියට යන්න බයටම මමනම් එදාට කලින්ම චූ කරලයි ඉන්නේ...අන්තිමට නිදාගන්න කලින් නැමිලා ඇඳ යට චෙක් කරලා තමයි ඇඳට නගින්නේ...
අලුතෙන් ඉංගිරිස් මිස් පන්තියට ආව දවසේ තම තමන් ගැන අඳුන්වලා දෙන්න කිව්වාම නැගිටලා හඳුන්වාදීම අවසානයේ " I believe in aliens" කියලා කිව්වේ බොක්කෙන්මයි... :D
හික්ස් මටත් ඕක වැඩිය තේරුනේ නෑ බැලුවට ඒක හින්දා අල්ලලා දැම්මා...පස්සේ ආයේ බැලුවා උප්සිරැසි එක්ක යද්දී
ReplyDeleteමම ඒ දවස් වල බදාදා එනකන් ඇඟිලි ගැන ගැන ඉන්නේ. එක්ස් ෆයිල්ස් යන්නේ රෑ 10 පහු වෙලානේ. ඉතින් තාත්ත ගෙන් හැමදාම බැනුම් අහනවා පහුවෙන්දා ඉස්කෝලේ යන්න නැගිටින්න තියෙද්දී එක්ස් ෆයිල්ස් බලනවා කියලා.
ReplyDeleteඒ උනාට මෝල්ඩර් වෙනුවෙන් ඕනෑම බාධකයක් ජයගන්න මට ඒ දවස්වල පුළුවන්! හික්ස්... මාත් ඔයා වගේ බදාදා එක්ස් ෆයිල්ස් බලල බ්‍රහස්පතින්දා ට ඉන්වෙස්ටිගේෂන්! ඉස්කෝලේ මිස්ල කියන කිසි දෙයක් ඔලුවේ නෑ. මිස් උගන්නන කොට මම ස්කලී වෙලා මෝල්ඩර් එක්ක පිටසක්වල ජීවියෝ හොයනවා. හැබැයි මම නම් ස්කලී වගේ මෝල්ඩර් ට නෝන්ඩි දාල එයා කියන දේවල් විශ්වාස නොකර ඉන්නේ නෑ... හික්ස් (කොහොමද ඒ මුණ බලාගෙන එහෙම කරන්නේ)
කොහොම වෙතත් එක්ස් ෆයිල්ස් මගේ ප්‍රියතම රුපවාහිනි වැඩසටහන. අදටත් එහෙමමයි. ඒ වගේම මෝල්ඩර් ස්කලී වගේ ගැලපෙන දෙන්නෙක් තාම ටෙලි නාට්‍යක දැකලත් නෑ.
කවදද චූටි මහත්තයො මෝල්ඩර් කෙල්ලන්ගෙන් ගුටි කෑවෙ...
ReplyDeleteඑල කිරිස් වගේ ලියල තියෙනව චූටිමහත්තය...
චන්දි,
ReplyDeleteමම මෙච්චර කල් හිතාගෙන හිටියෙ ගැල්ලමයි එක්ස්ෆයිල්ස් වලට කැමැති නැතුව ඇති කියලා. දැං බලද්දි ගැල්ලමයිගෙන් බාගෙට බාගයක් ඒකේ ෆෑන්ලනේ....
.........
චතුරංග,
එහෙනං අපේ ජාතියෙ පොරක්නෙ චතුරංගත්.
..........
පූසා,
ෆක්ස්මෝල්ඩර් කියන්නේ ෆොක්ස්මෝල්ඩර්ගේ අයියද මල්ලිද? :D
ඇක්සන්ට් එක අනේ, ඇක්සන්ට් එක.
.............
බින්දි,
අපි නං ගැල්ලමයිගෙන් ගුටි කයි. ඒදා උනේ මං උපක්‍රමශීලිව පසුබැස්ස එක විතරයි.
.................
ඔබ්සවර් මාමා,
මක් කියනවද මේ! ඕනයා විහිං ගිහිං වැටිච්ච වලේ හොදට ඉන්න මාවත් ගෙහුන් දාන් යන්නෙ.....
..................
විසිතුරු,
ස්තුතියි. කමෙන්ටුවට.
..............
ප්‍රසන්න,
ඒලියන් රගර් ප්ලෙයර් කෙනෙක් විතරක් යෑ. ඒලියන් බේස් බෝල් ප්ලෙයර් කෙනෙක්ත් හිටියා මතක නැද්ද......
.........
දූමී,
කතාවේ හැටියට ඒ ගොල්ලං ඔලුව අතගා ගත්තට අත්මිරික ගත්තට කවදාවත් "අයි ලව් යූ කියන්නැනේ" ඒ කියන්නනැති එකමලු කතාවේ තියෙන ලස්සන රැකගන්න උපකාරී උනේ........
...........
hare :-),
මම නං තාමත් ආසයි ඒක බලන්න. hareගේ කතාවත් එක්ක මම 100% එකගයි. ඒත් අන්තිමට ජාතික රූපවාහිණියෙ ඔය කතාව ගොඩක්වෙලාවට නොවැලැක්විය හැකි හේතුවක් කියලා කල් දානවා. ඒ වෙනුවට කාගෙ හරි ගොම්පාට් එකක් දානවා. මතකද?
.............
කතන්දර,
මටනං ඒක වාතවෙන්නැ කොච්චර බැලුවත්. කතන්දර අර කියන මියුසික් කෑල්ල නොකියා 3310 ෆෝන් එකේ රිගින් ටෝන් එක විදිහට මම කුරුලු හමුදාවේ ඉන්න කාලෙත් දාගෙන හිටියා. එක්ස්ෆයිල්ස් වල එන ඒ සද්දෙ කෙලින්ම වදින්නෙ කණටවත්, ඔලුවටවත් නෙමේ පපුවටමයි.
..............
පොත්ගුල්ලෝ,
ස්තුතියි කමෙන්ටුවට
බීට්ල්,
ReplyDeleteඅතින් දාන එකනං ඒකාලේ නියමෙට නැගලා ගියා. යාලුවෙක් කතාව බලල නෑ කියලා තේරුන ගමන් මොකක් හරි පචයක් කියලා අනිත් එකාගේන් නේද බං කියලා ඇහැව්වම ඌත් අන්න ඒකයි උනේ කියලා ඒක ස්තිර කරනවා.
උඔලා එක්ස් ෆයිල්ස් බලලා ඇදේ නිදාගත්තට මොකද අපි නිදාගත්තෙ බිම. ඒ හින්දා ඇද යට චෙක් කරේ නෑ. හැබැයි හුලං කවුලු වලින් කීපාරත් ඒලියන්ස්ලා, ඇග ඇතුලට කාගෙන යන කුරුමිණි ඇතුලට එන්න හැදුවද? ඇස් පිහිදලා පිහිදලා යන්තං උන්ව මකලා නිදාගන්නවා. වෙන මොනවා කරන්නද?
I believe in aliens කියලා මම නං දැනුත් අදහනවා. විස්වාස නොකරන කව්රු හරි ඉන්නවනං හරිහමං විදිහට බුද්ධධර්මය ඉගෙන ගන්න එකයි තියෙන්නෙ. ඒ ගැන නං පෝස්ට් එකෙත් කියලා තියෙන්නෙ.
දිර්ඝ කමෙන්ටුවට ස්තුතියි බීට්ල්.
...............
ඩිලාන්,
මටනං උපසිරසි නැතුව කතාව ගියාද කියලවත් මතක නැ. හැබැයි යන්ඩත් ඇති. මුල්ම කාලේ මම මේකෙ නම දන්නැ. තාත්තෙ අර කතාව පටන්ගත්තා කියල තමා කට්ටිය එක්රැස් කරගන්නෙ.
.......................
නිරෝෂනී,
---ඒ උනාට මෝල්ඩර් වෙනුවෙන් ඕනෑම බාධකයක් ජයගන්න මට ඒ දවස්වල පුළුවන්!
---අන්න ගැල්ලමයි නං ගැල්ලමයි. මෝල්ඩර්ගෙ මුණ බලාගෙන කොහොම අහක බලන් යන්නද නේද? ඔයා ඉස්කෝලේ යන කාලේ කිව්වැකි, මම කුරුලු හමුදාවේ ඉද්දිත් ඕක බලලා පහුවදා ගිහිං කොල්ලන්ට විස්තර කරනවා මේ සිද්ධි ගැන.
එක දවසක් ඒලියන්ලා ගැන විස්තර කරද්දි උන් එන්නෙ අහවල් තරුවේ ඉදලා ඒකට දුර ආලෝකවර්ෂ මෙච්චරයි ආලොක වර්ෂයක් හැදෙන්නෙ මෙහෙමයි, එතකොට අපි ගියොත් මෙච්චර කාලයක් යනවා වගේ දේවල් කියද්දි එක කොල්ලෙක් සද්ද නැතුව අහගෙන ඉදලා "අනේ මචං ඕක නතර කරපං මගේ මොලේ හිරවුනා' කිව්වා. පොරට එතනිං එහාට හිතන්න බැරි වෙලා. මොලේ ස්ටක් වේලා.
ස්තුතියි දිග කමෙන්ටුවකින් අතීත මතක බෙදාගත්තට.
....................
සාතන් මාමා,
කව්ද අනේ ගුටි කැවේ. ඒක තමා උපක්‍රමශීලිව පහුබහිනවා කියන්නෙ. ඇරත් මේ කමෙන්ට් වල බලන්ඩකෝ ගැල්ලමයිම කොච්චර කැමතිද මෝල්ඩර්ට කියලා.
................
මගෙත් ඉස්සර ප්‍රියතම ටිවී සීරීස් එක තමයි එක්ස් ෆයිල්ස්. හැමදාම ඒක පටන් ගන්නකං ඇඟිලි ගැන ගැන හිටියෙ
ReplyDeleteමමත් බැලුව නොවැ හති දාගෙන ඒ කාලේ....මරුම තමයි...සමහර් දේවල් තාමත් මතකයි එළකිරි ටිකට.....
ReplyDeleteඋඹේ ලියවිල්ලට හිනා ගොඩයි ඕං...
දවසක් මමයි යාලුවො කට්ටයකුයි ෆුට් බෝල් ප්‍රැක්ටිස් කර කර ඉද්දි හොඳටම වහින්න ගත්තා. ඉතිං අපි ඒ ස්කෝලෙ ග්‍රවුන්ඩ් එක ලඟ තිබ්බ බිල්ඩින් එකකට ගිහින් හිටියා. ඒ පැත්ත ටිකක් අඳුරුයිත් එක්ක. එක පාරටම කොල්ගෙක්ගෙ ෆෝන එකට කෝල් එකක් ආව, රින්ග් ටෝන් එක්ස් ෆයිල්ස්!
ReplyDeleteඑක කොල්ලෙක් කෑ ගහගෙන එළියට දිව්වා!! කට්ටියටම ටික වෙලාවක් යනකන් හිතාගන්න බෑ මොකද වුනා කියල, ෆුල් හොල්මන්.... සෙට් එකම බය වෙලා..
චූටි මහත්තයා POST එක එලට ලියල තියෙනවා;
ReplyDeleteX files වල හැමදාම පෙන්වන බොරුව ඇත්තක් කියල අපි විශ්වාස කරන තරමට අපේ හිතට ඒත්තු ගන්වන්න එහි එන සියලු චරිත සහ අධ්‍යක්ෂවරයාගේ (රචක) දක්ෂතාවය නම් එලම තමා.
බ්ලොග් ගඩොල්,
ReplyDeleteඅන්න තවත් මං වගේ එකෙක්!
..............
හීනියට,
අන්න තවත් මං වගේ එකෙක්!! මටත්සමහර ඒවා කට පාඩම්..... ලියපුවට හිනා ගියා කිව්වා.... අපොයි දෙවියනේ මගේ පෝස්ට් එක...
...............
තාරක,
අන්න බොක්කෙම එක්ස්ෆයිල්ස් බලපු කොල්ලො සෙට් එකක්. රිගින් ටෝන් එකටත් බයවෙලා... එි කලේ එහෙම තමා නේද?
..........
රඹා,
මේ මොනවා කියනවද?
හැබැයි සමහර ඒවල ඇත්ත තියෙනවා. සමහර ඒවල ඇත්තටම වෙච්ච ඒවාට කෑලි පුට්ටු කරලා.....
ගල්ෆ් යුධ සෙබලු ගැන ගිය කතා වල එහෙම ඇත්ත සෑහෙන්ට තිබ්බා නේද?
ඔන්න ඔයාගේ පොස්ට් එක කියෙව්වාම මටත් ලියන්න හිතුනා ඒ දවස්වල X-Files බලපු හැටි...
ReplyDeleteniroshini
ReplyDeleteදැං බලං යනකොට අපිටත් වඩා එක්ස්ෆයිල්ස් බලල තියෙන්නෙ ගැල්ලමයිනේ!
අනේ මටනං හරිම සතුටුයි.
මොකද දන්නවද? ඕගොල්ල ඕක්කොමලා මගේ නැණන්ඩිලා වෙන හින්දා.
මතකනේ මම ඒ පෝස්ට් එක පටන් ගද්දිම මෙන්න මෙහෙම කිව්වා.
‘‘එක්ස් ෆයිල්ස් කියන්නෙ මම කැමතිම කතා වලින් එකක්. කොටින්ම මම මෝල්ඩර්ට සලකන්නෙ අපේ අයියා කෙනෙක්ට වගේ.“
-කෙහෙල්කොටුවේ චූටි මහත්තයා
හැබෑටම මෝල් ඩර් කියන්නෙ උඹටම ගැලපෙන නම.
ReplyDeleteහැබැට උන්නැහේ මේ, උඹත් කොහෙ හරි ඉදලා කඩාපාත් වෙනවා වෙලාවටම නේද?
ReplyDeleteකතන්දර ගෙ මතකය හරියට හරි. 1994 තමයි මුලින්ම ටීවී එකේ පෙන්නුවෙ. මටත් ඕකෙ තීම් එක මාරෙට වැදිල තිබ්බ."The Truth is out there" පස්සෙ මන් ඔය සීරීස් එකෙ 1-9 ම ඩීවීඩී සෙට් එකම ගත්ත ..කොහොමද මගෙ පිස්සුව.
ReplyDeleteමම නම් ෆිල්ම වල බලන්න ආසම කෑල්ලක් ඕක.X-files කියලා විශේෂයක් නෑ. මොල්ඩර් විතරක් නෙමේ ඕන එකෙක් කිව්වට අව්ලක් නෑ. ඒක කිව්වම මාර ගටක් එනවා
ReplyDeleteෆොන් එක ගත්තු දවසෙ ඉඳන් මේ වෙනකම් තාමත් මගේ රින්ග් ටෝන් එක එක්ස් ෆයිල්ස් තීම් මියුසික් එක. ඒ තරම් ඒක මගේ ෆේවර්ට්.
ReplyDeleteවෙනී,
ReplyDelete94 යද්දි සිංහල උපසිරැසි නැද්ද කොහෙද? පස්සෙ බලද්දි සමහර කතා මම තේරුං අරංහිටියෙ වෙනම විදිහකට!
වැදගත්ම දේ ඒක නෙමේ ඔයා කොහෙන්ද ඩීවීඩී ටික ගත්තෙ කියන එකයි.....?
............
thishura,
ගට ගැන නං මොන කතාද නේද?
.............
දිල්මෝනා,
අන්න ගැල්ලමයි නං ගැල්ලමයි කැපුවත් එක්ස්ෆයිල්ස්!!!!!!!!!!
මම රිගින් ටෝන් එකට ඕක දාගත්තෙ 2005 දි විතර. මටම කියලා Nokia 3310 ක් ගත්තු වෙලේ.
පුදුම කැපවීමෙන් වැඩ කරන රහස් පරීක්ෂකයෙක් !!!!
ReplyDeleteමට ඔය ඇක්ස් පයිල් බලන්න බැරි උනානේ ඔය රෑ පානේ යන පස්නේ නිසා. හැබැයි අපේ පන්තියෙත් හිටියා මෝල්ඩර්ට පිස්සු වැටුනු ගෑල්ලමයි ගොඩාඩාඩාක්. අනේ ඉතින් ඔක්කොම හොඳයි ඊළඟ දවසේ උදේට මේ ජීවිතේට බලපු නැති කතාවක් අහන් ඉන්න ගියාම තමා එපා වෙන්නේ.
ReplyDeleteඔය අහන් හිටපුවයින් මට මතකම එකක් තමා හම අස්සෙන් කුරුමිණි වගේ සත්තු වගයක් යනවා කිව් කතාව. ඒ අතින් ඔයාලා ඔක්කොම ඇක්ස් පයිල් බලද්දි මං ඇහුවා කිව්වත් වැරදි නැ.
හා පැටික්කිලා කොහෙද ඒවා බලන්නෙ නේද? ඕගොල්ල හාහා හරි හාවා වගේ එකක් බලන්ඩ ඇති එහෙනං....
ReplyDeleteඇග ඇතුලෙන් කුරුමිණි එන කතා තමා ඒකේ බලන්ඩ තිබුනු ලේසිම කතා හික් හික්....
මාත් ආසම කරපු නලුවෙක් තමයි මොල්ඩෙර් ඒ කාලෙ.. හෑබෑයි
ReplyDeletehttp://www.imdb.com/title/tt0904208/
මෙක බලුවට පස්සෙ මොල්ඩෙර් එපා වුනා..
මම චූටි කාලෙ එකෝම එක පාරක් එක්ස්- ෆයිල්ස් බලලා මොකෙක්දෝ අමුතු සතෙකුට බොහොම බය වුණා. එදායින් පස්සෙ ආයෙ එක්ස් ෆයිල් බැලුවෙ ලොකු වුණාට පස්සෙ. නාකි වෙලා පෙන්ෂන් ගත්තට පස්සෙ මමත් ෆක්ස් මෝල්ඩර් සෙල්ලම කරන්න ඕනෙ. දැන් ඔය සෙල්ලම් වලට වෙලාවක් නෑ
ReplyDelete