ඒකෙන් වැඩිපුර පාඩුවෙන්නෙ සල්ලි බාගේ වැඩිපුර නැති කට්ටියට. තියෙන අයනම් නත්තල් සීයා මොකවත් දෙන්න ආවේ නැතත්, තමන්ගේ මුදලින් දරුවනුත් එක්ක නත්තල සමරයි. ඒ හින්දා අපි හිතුවා ඒ අඩුව යන්තමින් හරි පිරිමහන්න නත්තල් දන්සැලක් දෙන්න.
හැබැයි අර කතාවල තියෙන විදිහට රෑපානෙ ගෙවල් ගානේ ගිහිං දුම් කව්ලුවෙන් තෑගි දෙනවට වඩා මේක වෙනස් තමා. ඒත් "දන්සැල්" කියන්නෙ අපි දන්න දේනේ.
අනික දානයක් දෙන්න, නත්තල්ද, අවුරුද්දද, වෙසක් ද කියලා බල බලා ඉන්න පුලුවන් කාලයක් යැයි මේක. මොකද ජීවිතේ කියන්නෙ තණ අඟ තියෙන පිණි බින්දුවක් වගේලු. කොයි වෙලේ වාෂ්ප වෙලා යයිද දන්නැනේ.
කොහොම හරි මේ "නත්තල් දන්සැල" දුන්නෙ අපේ යාලුවො ටිකක් එකතු වෙලා.
අපි දුන්නා,
1. සම්බා හාල්
2. සුදු කැකුලු
3. සීනී
4. පරිප්පු
5. තේ කොල
6. සෝයා මීට්
7. කිරි පිටි
8. සබන්
9. සමපෝෂ
10. මිරිස් කුඩු
11. පොඩි අය ඉන්නවනම් පොත් දෙක තුනක්, තියෙන බඩු මල්ලක්.
ආපු අයට ඒවා ඉල්ලගෙන ආවා කියලා නොදැනෙන්න උදේම කිරිබත් කෑල්ලක් දුන්නා ලුණු මිරිස් එක්කලා.
විශේෂ ම දේ තමා මේකට අපේ ගමේ යාලුවො දෙතුන් දෙනා ඇරුණම බ්ලොග් ලියන යාලුවො දෙන්නෙකුත් එකතු වෙච්ච එක. හැබැයි ඒ ගොල්ල කිව්වා "අපේ නම් ගම් එහෙම උඹගේ බ්ලොග් එකේ දාලා තිබුනොත් බලාගන්නං" කියලා. ඒක හින්දා ඒගොල්ලන්ගෙ නම්ගම් මේකෙ දාන්නැ.
මේ තියෙන්නෙ ඒ වැඩේ ගිය හැටි.









"කිරිබත් කෑල්ලක් කාලම ඉමු"


පටන් ගන්න කලින් ඒ ගොල්න්ටත් දානයේ අනුසස් පැහැදිලි කරලා දුන්නා.

පස්සෙ දානේ පටන් ගත්තා.

"ඇතුලේ මොනවා තියෙනවද දන්නැ... කෝ බලමු..!"

දුන්නු අයයි ගත්තු අයයි දෙගොල්ලම.

මේ ලියමන කියවද්දි ඕගොල්ලන්ටත් හිතුනානම් "අනේ මෙහෙම දෙයක් අපිටත් කරන්න තිබුනානම් කියලා හරි, අනේ මටත් මේකට සම්බන්ධ වෙන්න තිබුනානම්...." කියලා හරි, කණගාටුවෙන්න එපා. මේ පින්තුර බලලා ඕගොල්ලත් පහන් සංවේගය උපදවා ගන්න.
ඉතින් මේ පින්කමට සහභාගී වූ මිතුරන් සැම දෙනාටම වගේම මේ පින්තුර දැකබලාගෙන පහන් සංවේගය උපදවාගත් ඔබ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා.
මේ පින් බලෙන් පතනා බොධියකින් නිවනම වේවා....!
ඉතින් මේ පින්කමට සහභාගී වූ මිතුරන් සැම දෙනාටම වගේම මේ පින්තුර දැකබලාගෙන පහන් සංවේගය උපදවාගත් ඔබ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා.
මේ පින් බලෙන් පතනා බොධියකින් නිවනම වේවා....!
.....................
-මීට යුරෝ දෙකේ වීරයා.
ප/ලි -
නත්තල් දන්සැල දීලා ඉවර වෙලා අපි ගියා, කෙහෙල් කොටුවේ චුටි මහත්තයා ඒ කාලේ ජීවත් උන ගම බලන්න.
ඒ ගමනෙදි පරණ තැපැල් කන්තෝරුව, වැව වගේ චුටි මහත්තයගේ සදානුස්මරණීය තැන් කීහිපයක පොටෝ ගන්නත්, ඒ ගම්මාන වල ඉන්න චුටි මහත්තයගේ කතා වලට පණ පෙව්ව හෑබෑ චරිත හමුවෙලා වචනයක් දෙකක් කතා එයා අමතක කලේ නෑ. සමහර තැන් වලට චුටි මහත්තයා ගියේ අවුරුදු විස්සකට විතර පස්සෙ. සමහර දේවල් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තිබුනත්, සමහර දේවල් ඒ අවුරුදු ගානටම පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ.
චුටි මහත්තයගේ කතා කියොපු ගොඩ දෙනෙක් ඒවා දැකගන්නත් ආසාවෙන් ඇතිනෙ. අනික ගිය පාර ලියපු ලියමනේ බීටලුත් අහලා තිබුනා ඒ ගැන.
ඉතිං ලබන පාර ලියමනෙන් ඒ දේවල් දැන ගන්නත් එක්ක මේ පැත්තෙ ගොඩවෙන්න කියන ගමන් අදට මම නවතිනවා.
නත්තල් දන්සැල දීලා ඉවර වෙලා අපි ගියා, කෙහෙල් කොටුවේ චුටි මහත්තයා ඒ කාලේ ජීවත් උන ගම බලන්න.
ඒ ගමනෙදි පරණ තැපැල් කන්තෝරුව, වැව වගේ චුටි මහත්තයගේ සදානුස්මරණීය තැන් කීහිපයක පොටෝ ගන්නත්, ඒ ගම්මාන වල ඉන්න චුටි මහත්තයගේ කතා වලට පණ පෙව්ව හෑබෑ චරිත හමුවෙලා වචනයක් දෙකක් කතා එයා අමතක කලේ නෑ. සමහර තැන් වලට චුටි මහත්තයා ගියේ අවුරුදු විස්සකට විතර පස්සෙ. සමහර දේවල් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තිබුනත්, සමහර දේවල් ඒ අවුරුදු ගානටම පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ.
චුටි මහත්තයගේ කතා කියොපු ගොඩ දෙනෙක් ඒවා දැකගන්නත් ආසාවෙන් ඇතිනෙ. අනික ගිය පාර ලියපු ලියමනේ බීටලුත් අහලා තිබුනා ඒ ගැන.
ඉතිං ලබන පාර ලියමනෙන් ඒ දේවල් දැන ගන්නත් එක්ක මේ පැත්තෙ ගොඩවෙන්න කියන ගමන් අදට මම නවතිනවා.



අනේ හොඳ වැඩක් කරලා. සම්බන්ධවෙන්ට තිබුනා නම් හොඳයි කියලා හිතුනා පින්තූරු ටික දැක්කාම. ඊලඟට මොනා හරි කරනකොට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලත් කියලා දෙන්ට වැඩි විස්තර ඇතුව.
ReplyDeleteචූටි මහත්තයා හිටපු ගමටත් ගියාද? ආසයි එයා දඟ කරපු තැන් බලන්ට...අනිවාර්යයෙන් ඒ ගිය තැන් බලන්ට එනවා.
එල එල . . . ආන්න කරනව නං වැඩ . . . . ජය වේවා . . . .!!!!
ReplyDeleteබොහෝම වැදගත් වැඩක්..අර කිව්ව පින්තූරත් එක්ක දාහං බලන්න පෝස්ට් එකක්...
ReplyDeleteහරි සෝක්..
ReplyDeleteWell done mate....!!!
ReplyDeleteසෑහෙන්න පිං සිද්ධ වෙන වැඩක් අයියේ ඇත්තටම අපිටත් සම්බන්ධ වෙන්න තිබුනනම් කොච්චර හොදද කියලා හිතුනා.අනික මෙතන සෑහෙන්න වැදගත් දෙයක් මතක් කෙරෙව්වා දන්සැල් දෙන්න විතරක් නෙමෙයි ඕනැම පිං වැඩකට වෙලාව එනකන් ඉන්න ඕනේ නෑ....
ReplyDeleteජය වේවා....
සෑහෙන්න හොඳ දෙක්යක් බුද්ධි. ඒ අසරණ මිනිස්සුන්ගේ මූණු වල ඇඳෙන හිනාවම ඇති පහන් සංවේගයක් ඇති කරගන්න.
ReplyDeleteවැඩේ නම් බොහොම අගෙයි අයියා......
ReplyDeleteපොඩි පුරස්නයක් තියනවා අයියා මවපු අයගෙන් අපේ හිත් වල එක එක විදියට ඔය ගම මැවිලා තියෙන නිසා පින්තූරු දැම්මම නිකම් මොකක්ද මොකක්ද වගේ වෙයිද දන්නැ.... :D
චූටි මහත්තයා ඔය කරලා තියෙන්නෙ ඉඳලා ඉඳලා හොඳ වැඩක්. අනික් සැරේ කරන කොට අපිටත් කියන්න. යකෝ දානෙ ගන්න නෙමේ මොනවා හරි දීලා සහයෝගයක් දෙන්න. හා හා කථා ඇති සේරම එක්ක වැඳගත්තා නම්. ........
ReplyDeleteඔබලා කරලා තිබෙන‍්නේ ඉතාම හොද වැඩක් මිත්‍රයා.
ReplyDeleteදැකලා පුරුදු තැනක්,,, ලංකාවට ආවහම හොයාගෙන එන්නම්කෝ
ReplyDeleteඒවගේ වැඩක කරන්න හැමදාම ශක්තිය ලැබේවා. ඊලග සැරේ අපිටත් කියන්න
ReplyDeleteකොයි තරම් හොඳද පාටි දමලා කාලා බීලා විනෝද වෙන අතරේ මෙහෙම කරන එකත් !
ReplyDeleteඉතාමත් හොඳ වැඩක් කරල තියෙන්නෙ.
ReplyDeleteචූටි මහත්තයගෙ ගමේ විස්තරත් ඉක්මනින් දාන්න.
හොද වැඩක් නෙ අයියලා කරලා තියෙන්නෙ.සුදුස්සන් තේරුවේ කොහොමද??
ReplyDeleteනැත්නම් කොහොම දුන්නත් පිං කියලා දුන්නාද??
මේ වගේ වැඩ වලට සම්බන්ධ වෙන්න කැමැත්ත දුන්නු අයටත් අගය කළ සැමටත් ස්තුතියි.
ReplyDelete...............
පොඩි පොඩි ප්‍රස්න වගයක් අහලා තිබුනු අයට මෙන්න උත්තර.
හා පැටිස්,
පින්තුරු දැම්මම හිතේ මවාගෙන ඉන්න රූපෙට යම්කිසි හානියක් වෙන්නත් පුලුවන් තමා. ඒවාට අහුවෙන්නැති වෙන්න තමා දාන්න වෙන්නෙ. සැහෙන පින්තුරු ටිකක් හලන්න වෙනවා. බලමු හොඳ විදිහක්.
......
ඉෂාර,
අනික් සැරේ කරන කොට අපිටත් කියන්න// මෙතන "ත්" යන්න වැරදි තැනයි ලියවිලා තියෙන්නෙ.
.........
නිසුපා,
හොද වැඩක් නෙ අයියලා කරලා තියෙන්නෙ.සුදුස්සන් තේරුවේ කොහොමද??//
සුදුස්සන් තේරුවේ ඒ ඒ පැති වල ග්‍රාමසේවක මහත්තුරු. එයාලා තමා අපි දෙන චිට් එක දීලා ඒ ගොල්ල එවන්නෙ.... (අපිට තේරුන විදිහට හොඳම විදිහ ඒකයි....නැද්ද?)
බොහොම අගේ ඇති වැඩක් බුද්ධි. සන්තෝසෙන් පිරිච්ච හිතක් තියන මිනිස්සු හරිම සුන්දරයි.
ReplyDeleteමීට පස්සේ මෙහෙම දන්සැලක් දෙනකොට කට්ටියට පොඩියක් දැනුම් දීමක් කොරන්න.
ReplyDeleteබ්ලොග් එකෙන් දැනුම් දීමක් කලා උනත් කීප දෙනෙක්ට පුද්ගලිකවත් දැනුම් දෙන්ට. .
සමහර කාලවල් වලදී බ්ලොග් පෝස්ට් බලන්න වෙලාව නැති වෙනවනේ . . .
ලබන්නාවූ 2012 නව වසර ඔබ ඇතුළු පවුලේ සැමගේ සුභ සිහින ඉටුවන සුභම සුභ නව වසරක් වේවා - [නවම්-චූටිමැණිකේ-ලීනු]
ReplyDeleteහොඳ වැඩක් චුටි මහත්තයා....
ReplyDeleteඅර දානවයි කියපු පෝස්ට් එක කියවන්න ආසාවෙන් මග බලාගෙන ඉන්නවා
සන්තෝසයි... මේවා හොර රහසේ කරන එක තමයි ටිකක් විතර වැරදි... :)
ReplyDeleteමේක තිබුණෙත් උඹලගේ ඉක්කෝලේද? (Star Kids English Academy - ගෙදරදි වගේ කැමති විදිහට , ලේසි විදිහට ඉංග්‍රිසි ඉගෙන ගන්න, එන්න අපි ලඟට.)
සෝක් වැඩක් කරලා තියෙන්නේ.මාත් පහන් සංවේගය උපදවා ගත්තා.
ReplyDeleteමාත් හරි ආසයි චූටි මහත්තයා ඉන්න ගම් පලාත දැක බලා ගන්න. ඒකත් පෝස්ට් එකකින් කිව්වා නම් හරි.
දුකා,
ReplyDeleteඑහෙමයි දුකා අයියණ්ඩි
........
ලොකු පුතා,
දැන්නං කොටහක් දාලායි තියෙන්නෙ.
.........
බීටල්,
ආනන්ද සර්පයෙක්.... කියන කතාව හින්දා ටිකක් පස්ස ගහනවා දිගුදුර අයට දැනුම්දෙන්ඩ.... ඊලග පාර බලමු එහෙනං.
ආ....මේ වැඩේ තිබ්බෙ අපේ ඉස්කෝලෙ (Star Kids English Academy - ගෙදරදි වගේ කැමති විදිහට , ලේසි විදිහට ඉංග්‍රිසි ඉගෙන ගන්න, එන්න අපි ලඟට.)නෙමේ, යාලුවෙක්ගේ බිසිනොස් ප්ලෙස් එකක.
.......
මධුරංග,
එහෙනං එච්චරයි,
ආං කෑල්ලක් දැම්මා....
...........
නවං,
එසේම වේවා.... ඉදිරි පෝස්ටුව බලනු