ඔබ සැම සාදරයෙන් පිළිගනී !

මෙතැන් පටන් ඕගොල්ල ඔක්කෝට ම නොමිලේ කෙහෙල් කෑමට ලැබේ. හැබැයි දිරවා ගැනීම ඕගොල්ලන් සතුය.

කෙහෙල්කොටුවේ චූටි මහත්තයාගේ කතා !

අතීතයේ එක්තරා වකවානුවක විසු යහපත්, ගුණ ගරුක, කාටත් කරදරයක් නැති දරුවෙක් ගැන කියවන්න.

විදෙස් සිත්තරාගේ කාටුන් නරඹන්න !

ඔබ සිංහල බ්ලොග් කරුවෙක්ද? විදෙස් සිත්තරාගේ මීලඟ ගොදුර ඔබ විය හැකියි.

යුරෝ දෙකේ වීරයා !

මහා ප්‍රඥා සම්පන්න යුරෝ දෙකේ වීරයාගේ නුවණ දැනගතිමි. (පාඨක ප්‍රතිචාරයකි.)

2011/11/14

නාඳුනන සෙබලා ! | සයිබර් යාය.

අපි උඩ ගොස් බිම වැටුනෙමු.

කළ යුත්තෙ කුමක්දැයි සිතා ගත නොහැකි වූ අපි ඇඳන් මතින් බිමට පැන්නෙමු. උදේ තේ වෙලාවද? නැත. තවමත් මැදියම ගෙවී හොරා කිහිපයක් පමණක් ගෙවී ගොස් ඇති බව මට හැඟිණි. මම ඔරලෝසුව බැලුවෙමි. දෙකයි තිස් අටයි.

පසුදින අප මාසික වේතනය ගෙන, දින හයක නිවාඩුවට නිවෙස් බලා යාමට සිටි නිසා පුහුණුකරු අපට අධික ලෙස ව්‍යායාම කරවා අප වෙහෙසට පත් කලේ, “දවස් හයක් තිස්සෙ උඔලා පුස් ඌරෝ වගේ කාලා එන්නෙ කියලා මම දන්නවනේ...“ යැයි පවසමිනි. නිවාඩුව නිසා සිත ප්‍රීතියෙන් ඉපිලෙමින් තිබුනද, ව්‍යායාම නිසා පෙර දින අප නින්දට ගියේ ඉතා තෙහෙට්ටුවෙනි.

මම ඇය‍ගෙත්, නංගීගෙත් ජංගම දුරකතන වල එල්ලිය හැකි හුරුබුහුටි කුඩා ටෙඩියන් දෙදෙනෙකු මිලට ගෙන සිටියෙමි. මෙය කදිම තෑග්ගකි. නිතර දෙවේලේ ජංගම දුරකතනය පේන මානයේ තබාගෙන සිටින ඔවුන්ට, මේවා දකින දකින වාරයක් පාසා මා මතක් වනු ඇත.

නමුත් සිදු නොවිය යුතු දෙයක් සිදු වෙමින් පවතින බව මට ඒත්තු යමින් තිබිනි. එක්ස්.ආර්. මෝටර් බයික් කිහිපයක් අපගේ නිවස්නය ඉදිරිපිට මොර දෙමින් තිබේ. එයින් බැසගත් අය යැයි කිව හැකි විශේෂ පුහුණුව ලත් සෙබලු කිහිප දෙනෙක් “උzයි ගන්” (Uzi gun) සහ “ටී‍ ෆිෆයිව් සික්ස්” අතැතිව අපගේ නිවස්නය වෙත පැමිණ කෑමොර දෙමින් සිටියහ.

“ඒයි තොපි බුදිද යකො.....අරහෙ අරුං ගහනවා..... තොපි නිදි... නැගිටපියව්........”

ඒ අතර තුර වරින් වර ඔවුන් අහසට වෙඩි තැබූහ. උzයි ගන් වලින් නැගෙන තියුණු “ටිකි ටිකි” හඬ අතරින්, ටී ෆයිව් සික්ස් වල ගොරොසු “ටිකි” හඬින් නික්මුනු උණ්ඩ අහස කරා ගියේ, අතර මැද දී හමුවු, අතුරන ලද ශිට් වහලය සිදුරු කරගෙනය. ආරක්ෂිත පියවරක් ලෙස විදුලිය විසන්ධි කර තිබූ නිසා හාත්පස කලුවරය. සයිරන් නලා අඬ අපගේ අවුල් වූ මනස ඒකාග්‍ර කර ගැනීමට ඉඩ නොදෙයි.

කෙමෙන් සියල්ල පැහැදිලි වෙමින් තිබිනි. අප කිසිදිනෙක බලාපොරොත්තු නොවු යම් කිසිදෙයක් සිදු වී ඇත. අපේ මහගෙදර හොරු පැන තිබේ. අධි ආරක්ෂිත කලාපයක ආරක්ෂිතව සිටි අපි අනාරක්ෂිත වී ඇත. දැන් කළ යුතුව ඇත්තෙ එක් දෙයකි. ඒ මීට පෙර පුහුණු කර තිබූ පරිදි අපි සියල්ලෝම නිළ ඇඳුම් ඇතිව හෝ නොමැතිව ආයුධ ගබඩාව වෙත දිවීමයි. මම “කොල්ලන්“ හොරකම් කරාවි යැයි බියෙන් කොට්ටය යට සඟවා තිබූ ටෙඩියන් දෙදෙනා සාක්කුවේ රුවාගෙන ආයුධ ගබඩාව දෙසට දිව්වෙමි.

එහිදී අපට ආයුධ ද, අණ දෙන්නෙක්ද ලැබිනි. යුධ කටයුතු මනාව මෙහෙයවා ඇති අණදෙන්නා අප සමඟ ගොස් අඩි හතරක් පමණ ගැඹුරු, කඳවුර පුරා දිව යන දිය අගල් ඔස්සේ අපව ඉදිරියට මෙහෙයවීය. ඔහු අතේ වූ පණිවිඩ හුවමාරු යන්ත්‍රයේ හඬ ඉතා අඩුකර තිබිණි. නමුත් එයින් දිගින් දිගමට විධාන ලැබෙමින් පැවතිනි.

“පුලුවන් තරම් ඉක්මනින් පාර ක්‍රොස් කරන තැනට යන්න. ඕවර්....”

සතුරන් අප කඳවුරු භූමිය ආක්‍රමණය කර ඇත.

නමුත් ඔවුන්ගේ ලේසර් හිසක් සහිත සැහැල්ලු තුවක්කු තවමත් වැඩි හරියක් නිහඬය. ඔවුන් තිදෙනෙක් තුන් පැත්තක සිට ලේසර් කිරණ ආධාරයෙන් එක එල්ලයක් ලබා ගනී. පසුව එක් තුවක්කුවකින් “ටක ටකස්” හඬින් වෙඩි කිහිපයක් තබා, නැවත නිහඬ වෙයි. මේ හේතුවෙන් කඳවුරට කෙතරම් සතුරන් ප්‍රමාණයක් පැමිණ ඇත්ද, ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය කුමක්දැයි අපට නිවැරදි තීරණයකට පැමිණිය නොහැකිව තිබිනි.

තවත් සුලු මොහොතකින් සියල්ල වෙනස් විය.

කඳවුරේ ආපන ශාලාව පෙදෙසින් අත් බෝම්බයක් පුපුරා ගිය අතර එදෙසට වෙඩි කිහිපයක් එල්ල කල බව කලුවර විනිවිදගෙන ගිය ගිණි පුලිඟු සාක්ෂි සැපයීය. ක්ෂණිකව ඊට ප්‍රතිවිරුද්ධ ගිනි පුලිඟු කිහිපයක්ද නික්මිණි. මේ අනුව උන් අපෙන් ප්‍රසිද්ධියේ “ගේම ඉල්ලීමට” පටන් ගෙන ඇති බව තහවුරු විය. නමුත් අප තවමත් ඊට මීටර් සීයයකට පමණ මෙපිටින් දිය අගලක් දිගේ ඉදිරියට ඇදෙමින් සිටියෙමු.

ක්ෂණිකව අප පසුකර ගිය ට්‍රක් රථයක් අත් බෝම්බය පුපුරාගිය පෙදෙස පසුකර ගොස් නැවැත්වීය. සැනින් එයින් පැනගත් අප සහෝදර සෙබලු “දිගට හරහට” වෙඩි තබන්නට විය. “එකවර අතිවිශාල වෙඩිබලයක් පෙන්වීම සතුරාගේ මානසික ඒකාග්‍රතාවය බිඳ හෙලීමේ එක් උපක්‍රමයකි“. මට පෙර දිනක ඉගැන්වූ පාඩමක් සිහිපත් විය. ඔවුන්ද ඊට ප්‍රතිචාර දැක්වීය.

සටන ඇරඹිනි.

අප කඳවුරු භූමියට පැමිණ, අපට වෙඩි තබන්න හැක්කෙ කාටද? අප ඔවුන් සොයා ඉදිරියට ඇදුනෙමු. කෑලී කැපිය හැකි කලුවරේ සහෝදර සෙබලු සමග ඔවුන් වෙඩි හුවමාරුක යෙදී සිටිති.

ඔවුන් අප කඳවුර මනා සේ අධ්‍යනය කර ඇත. ඔවුන්ගෙ ලේසර් පහරවල්, වරින් වර අප ගමන් කරන දිය අගල හා සමාන්තරව දිවෙන කඳවුර තුල ඇති ප්‍රධාන පාරට එල්ල වෙමින් පවතී.

“පාර ක්‍රොස් කරපල්ලා............” අපට විධාන ලැබුනි.

පාර හරහා ගමන් කිරීම යනු දැන දැන මරණයට ගමන් කිරීමකි. මක් නිසාද ඔවුන් දැනටම පාර වෙත ඔවුන්ගෙ අවධානය යොමු කර ඇත. යම් හෙයකින් අප පාරෙන් එපිටට පැන ගත හොත් ඔවුන්ට පැති දෙකකින් පහර එල්ලවනු ඇතැයි යන්න පැහැදිලි බැවින්, ඔවුන් සටන අතරතුර පාර ගැන විශේෂ අවධානයක් යොමු කරමින් සිටිති.

කෙසේ හෝ එක් සගයෙක් පාර හරහා පනිනු ලැබීය. මේ වන විට අඳුරට දෑස් හුරුවීම නිසා ලඟ සිටින්නා හඳුනාගත හැකි වුවද, අඳුරේ ඔහු එහා පැත්තට ගියා දැයි අපි නොදැක්කෙමු.

ඒ සමඟම වෙඩි වරුසාවක් පාර දෙසට එල්ල විය. ඔවුන් ඉතා පහලින් වෙඩි තැබුහ. සමහර උණ්ඩ තාර පාරේ වැදී පොලා පනිමින් ඉදිරියට ඇදෙමින් තිබේ. ගිනියම් වූ උණ්ඩ අපගේ ඉලක්කය ප්‍රමාද කරමින් ඇත. නමුත් නියෝගය අපට පිලිපැදීමට සිදුවී ඇත. අණදෙන්නා දෙවරක් සිතා නැවතත් පණිවිඩ හුවමාරු යන්ත්‍රයෙන් ප්‍රධානියා ඇමතීය.

“සර් උන් පාරට ෆයර් කරනවා.........ඕවර්”

“එකා පිට එකා වැටිලා හරි පාර ක්‍රොස් කරපල්ලා................” අවසන් නියෝගය ලැබිණි.

මට පෙර මගේ යහලුවන් කිහිප දෙනෙක් පාර හරහා පැනීමට සිටි අතර ඔවුන් නැවත වරක් අප දෙස හැරී බැලීය. ඔවුන්ගේ නෙත් සමඟ අපගේ නෙත් එකට ගැටෙද්දී හැමදාටම වඩා වෙනස් හැගීමක් ඒ අතර දෝලනය විය. ඊලඟ මොහොතේ ඔවුන් නොපෙනී ගියේ එපිටට ගියාදැයි සලකුණක් ඉතිරි නොකරමිනි.

පිපුරුම් වේගයෙන් තුවක්කුවෙන් නික්මෙන ගිනියම් වූ ලෝහ උල් කැරකෙමින් ඉදිරියට ඇදෙන බවත්, ඒවා එක තුවක්කුවකින් තත්පරයකට පහලොවක් පමණ පැමිනෙන බවත් අප මුලදී ඉගෙන ගෙන තිබිනි. මේ වන වි‍ට එවැනි ගිනියම් වූ ලෝහ උල්, වරුසාවක් මෙන් අපට සමාන්තරව ගමන් කරයි. ඔවුන් අපට පාර හරහා මාරු විය නොහැකි සේ ඉතා පහලින් පාරට වෙඩි තබමින් සිටියහ. නමුත් කෙසේ හෝ අප ඒ හරහා යා යුතුව ඇත. කාලය ගණනය කළහොත් අපට ඒ සඳහා අවම වශයෙන් තත්පර තුනකට වඩා කාලයක් ගතවනු ඇත.

වෙඩි වරුසාවකට, තත්පර තුනකට අධික කාලයක් නිරාවරණය වීම ගැන මම හොඳින් දනිමි. මේ පැමිණ ඇත්තෙ මගේ අවසන් මොහොතද?

අප කුමන අරමුණක් මුදුන් පත් කරගැනීමට මෙහි පැමිනියද, දැන් අප සටනකට මැදිව ඇත. මේ මොහොතේ තීරණ ගැනීම අපට අයිති දෙයක් නොවන අතර සියල්ල තීරණය වෙමින් පැවතිනි. සියල්ලෙහි ම අවසානය මෙය විය යුතුය.

මට මගේ අම්මා, තාත්තා සහ නංගී සිහි විය. නංගී කර දඬු උස්වූ කෙල්ලෙක් වුවද මා ගෙදර ගිය දිනවලට උදේ පාන්දර කොට්ටෙත් රැගෙන පොඩි කාලේ මෙන් මගේ කාමරයට පැමිණ මා සමඟ උදෑසන වෙන තුරු නිදාගන්නීය.

මා කුඩා කල සෙල්ලම් කල යහලුවන්, ගස් කොළන්, සතුන් සහ කඩමණ්ඩිය යන සියල්ල මා ඉදිරියේ මැවී අතුරුදන් වෙයි. මගේ පාසල පන්තිය හා හවස ක්‍රීඩා කල ආකාරය මට සිහි විය. “ඇය” මා වෙනුවෙන් බලා සිටිනු මට පෙනේ. තවත් වසරකින් අප විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටියෙමු.

එහෙත් සියල්ල නොසිතු ලෙස සහ ඉතා කෲර ලෙස මගෙන් උදුරා ගැනීමට පසුබිම සැකසෙමින් තිබිනි. මීට පැය කිහිපයකට පෙර සතුටින් ඉපිලෙමින් සිටි මගේ ඉරණම විසදීමට ඇත්තෙ තවත් මිනිත්තු කිහිපයකි. සිතන්නට නොහැකි, අත දරන්නාට නිරන්තරයෙන් කීකරු වන, හිතක් නොමැති තුවක්කුවක් තුල උණ්ඩ පොදියක් මගේ ඉරණම විසඳීමට දැනටමත් සැදී පැහැදී සිටින බව මට ඒත්තු යමින් තිබිනි. මේ වෙනුවෙන් මට කළ හැකි කිසිවක් නොවීය.

අඟල් දෙකකටත් අඩු ගිනියම් වූ යකඩ උලකට මගේ පවුලේ අයගෙත්, ඇයගෙත් සියලු බලාපොරොත්තු විසුනු කිරීමට ඉඩ දීම කෙතරම් අසාධාරණද?

මට පොඩි කාලෙයේ දී මෙන්, “අනේ අම්මේ...... බේරගන්ඩකෝ.....” යැයි අම්මාට ඇසෙන සේ මොර දීමට උවමනා විය.

නමුත් එයට කාලයක් ඉතිරි නොවීය. මගේ වාරය පැමිණ ඇත. මම මේ වන තුරුත් මගේ සාක්කුවේ රුවාගෙන සිටි හුරුබුහුටි ටෙඩියන් දෙදෙනා හැකි තරම් වෙර ගෙන ඈතට විසි කර, පාර ගිලගෙන ඇති අඳුර, විනිවිදිමින් යන උණඩ වරුසාවට පැන්නෙමි.

නිමි !.

2011/11/13

නිවාඩු දවසට බලන්ඩ මරු කතාවක් | නීතා, කතන්දර, මකරා, උන්නැහේ.....

මේක පරණ කතාවක්. ඒත් නිවාඩු දවසට බලන්ඩ මරු. ‍මොකෝ සිත්තර විතරනෙ තියෙන්නෙ.

ඕගොල්ලන්ට මතක ඇතිනෙ කාලෙකට කලින් තිබ්බා සිත්තර තරගයක්. ඒක ඉවර කරලා අපේ විදෙස් සිත්තරා පොරොන්දු උනා සිත්තර තරගෙට ඉරිදිපත් උන කට්ටිය, ඒ සිත්තර අඳින වේලාවේ ගත්තු පොටෝ බලාගෙන ඇඳපු සිත්තර සැරින් සැරේ මෙතන දානවැයි කියලා.

එහෙම පොරොන්දු වෙලා මුලින්ම දැම්මෙ නීතා නැන්දගේ සිත්තරේ. මේ තියෙන්නෙ එදා දාපු එක. ටිකක් ‍ලොකුවට බලන්ඩ නම් මේවා වෙනම ටැබ් එකක ඕපන් කරං බලන්ඩලා.



ඔන්න අපි ඊලගට ගියේ කතන්දර මාමලයි දිහැ. අපි යද්දි එයානං සිත්තරේ ඇඳලා ඉවරයි. ඒත් අර පොටෝ එකක් ගන්න ඕන හින්දා, ආය එයා ලස්සන කලාකාරයෙක් වගේ ඇඳුමකුත් ඇදගෙන ආවා. මේ ඒ ගොල්ලන් අලුතෙන් හදපු ගෙදර කාමරයක්. තාම බඩු දාලත් නෑ. ඔය ලස්සනට කලාත්මකව පින්සෙලෙන් අඳිනවා වගේ හිටියට මොකද, ඕක නිකං රඟපෑමක් විතරයි හොඳේ.



ඊලගට ඉන්නෙ කව්ද කියලා බැලු බැල්මෙන්ම හොයාගත්තැකි නේද? මේ තමා මහා මකර අධිරාජ්‍යයේ අධිපති මකරා මාමා. දැහැමෙන් සෙමෙන් රාජ්‍ය විචාරුවට මොකද සිත්තර අඳින පැත්ත පලාතෙ නං කටවත් එන්ඩ දීලා තිබුනෙ නෑ. හේතුව ඕගොල්ලන්ට හිතාගත්තැකිද?



අන්තිමට සිත්තර අඳින්ඩම උපන් හපං උන්නැහේ මාමා. කුඹුරු වැඩකාරිය එහෙම අහවර කරලා, ගහක් යටට වෙලා හීන්සීරුවේ සිත්තරේ අඳිනවා. ඕගොල්ල හිතනවා ඇති ඒ මාමා සිත්තරේ ඇන්දට ඒක ඊ මේල් එකකින් කොහොම එව්වද කියලා. මොකද මේ වගේ ගම් තුලානකට කොහෙද ත්‍රීජී සිග්නල් තියෙන්නෙ නේද? හොඳට සිත්තරේ දිහා බැලුවොත් ඒගැනත් හොයා ගන්න පුලුවන් වෙයි.


එහෙනං අදට එච්චරයි. අනිත් අයගේ ඒවා වෙන දවසක. වේලාවක් තිබුනොත් සිත්තර ටික හොඳට අධ්‍යනය කරලා ඒ ගැන විචාරයක් දීලා යන්න.

ලබන සඳුදා මතක ඇතුව ආය එන්න. එදාට ඕගොල්ලන්ට පුලුවන් වෙයි නාඳුනන සෙබලෙක් අඳුනගන්න.

...................
-යුරෝදෙකේ වීරයා.

2011/11/07

යූරො දෙකේ වීරයා වැස්සකට කොටු වෙයි !

“පව් නේද අර බබා.......”

“පොරගෙ සෙරෙප්පු කුට්ටමට හරි වගේ නේද......?”

“පව් අනේ.............”

“හ්ම්..........”

“ඔයාටනං ගානක් නෑ! තමන්ගෙ දෙයක් නැතිවෙච්ච කෙනෙක්ම තමා එකේ අමාරුව දන්නෙ...... ඔයාගෙ සෙරෙප්පු එහෙම නැති වෙලා නෑ නේද......?”

“අපෝ නෑ. මං පන්සල් ගියාම කෙලින්ම ඇතුලට සෙරෙප්පු කුට්ටම අරං ගිහිං අරලියා ගහේ දෙබලෙ හංගලයි යන්නෙ......... එතකොට නැතිවෙන්නැ.... ඇයි ඔයාගෙ සෙරෙප්පු නැතිවෙලා තියෙනවද, ඔච්චර අර පොඩි එකා ගැන මෙව්වා වෙන්නෙ.......”

“ඔව්..............”

පහුගිය දවසක අපි රැල්ල පාගන්න ගියා.

ටිකක් වෙලා ගල් පොත්තක් උඩ ඉඳගෙන කතා කරකර ඉද්දි ඊට ටිකකට එහායින් දෙමව්පියෝ එක්ක ඇවිල්ලා හිටපු පොඩි එකෙක් අම්මලාගෙන් මොනාදෝ ඉල්ල ඉල්ල ඒ පැත්තම දෙක කරනවා. බලද්දි පොඩි එකාගෙ සෙරෙප්පු කුට්ටම තිබ්බ තැන නෑ. එක්කෝ රැල්ලට ගිහිල්ලා. නැත්තං උස්සලා.

ඒ දිහා බලං හිටපු අපියි ඔහොම කතා උනේ.

“එහෙනං කියන්ඩකො.......මට අහගෙන ඉන්ඩත් එක්කලා.....” එහෙම කිව්වට මම හිතුවේ නෑ එයා කතාව පටන් ගනී කියලා. මෙන්න මෙයා එයාගේ ලස්සන මිරිවැඩි සඟල නැති වුනු කතාව කියන්න ගත්තා. ඒත් ආදරේ‍ට කොහෙද බාධා නැත්තෙ. කතාව පටන් ගද්දිම අහස එකපාරට කලු කරගෙන ආවා. අපි ඉක්මනින්ම අයිස්කිරිං වෑන් එක ගාව ගහලා තියෙන යාලත්ත ගාවට ගිහිං කවර් උනා. කෝකටත් කියලා අපි ලොකු කුඩේකුත් අරගෙන ආවේ. මොකද මේ දවස් වල නිතර දෙවෙලේ වැස්සත්නෙ.

වැඩේ කියන්නෙ මේ අව් අස්සෙ මට හරියට අයිස්කිරිං උම්මා එකකවත්, සමනල් හාදුවක්වත් දී ගන්ඩ බැරුව ගියා. අරුන්දැ අපිට එච්චර සහසුද්දෙන් පංති තියලා කියලා දීලත්. චුයිංගම් එකක් නං හක්කෙ තිබ්බා. ඒත් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න හැටිත් මට වේලාසනින් අහගන්ට බැරි වෙලානෙ තිබුනෙ. ඒයැයිට නං ඒවයෙ වගේ වගක් නෑ. මං ඇන්නා හොඳවයින් ටොක්කක්. හිතෙන්!

"එක අලුත් අවුරුද්දක‍්, එතකොට අපි පොඩියි, උඩවල‍වේ මාමලයි දිහා යන්ඩ ලැස්ති උනා. අපේ තාත්තයි, මමයි, අම්මයි, අක්කයි. තාත්තා හැම අවුරුද්දකම අපිට අලුත් ඇඳුං ගේනවා කොහෙ හරි යද්දි ඇඳගෙන යන්ඩ.....”

“ඉතිං......අපෙත් එහෙම තමයි. ඒ උනාට මතක් වෙද්දත් ඇඟ හිරිවැටිලා යනවා. කමන්නැ.... කියන්ඩකො, කියන්ඩකො.....”

“ඒ මොකො.....?”

“ඇයි මං ඔයාට කිව්වෙ නැද්ද? එක පාරක් අවුරුද්දට හඹරාදූවෙ නැන්දලාගෙ ගෙදර යන්ඩ අලුත් ඇඳුං අඳින කොටනෙ මගේ මීයා සිප් එකට අහු උනේ........”

“චීයා..............අනේ.... වටේ පිටේ මිනිස්සුන්ටත් ඇහෙයි..... මොනා කියනවද මම දන්නැ.....”

“අනේ උන්ට නං මොකද....? මටනෙ මෙව්වා උනේ..... හරි හරි කතාව කියන්ඩකො......”

ඔ‍හොම කිව්වට මොකද වැස්ස ටික ටික තද කලා. අපි හිටිය අයිස්කිරිං යාලත්ත ගාවත් දැං සෙනග. හුලං පාරක් කරකොලා ගහනවා කියන්නෙ......! හරියට කල්ප විනාසේ පටන්ගද්දි එනවයි කියන මුරුගසං වරුසාව එන්ඩ වගේ. මට නං හෙනට බය හිතුනා.

ඒ උනාට අපේ මැරියන් නොනා, එයාටනං ඒකෙ වගේ වගක් නෑ. එයා පටන් ගත්තු කතාව දිගටම කන්ටිනිව් කරගෙන යනවා. අන්න ගෑල්ලමයි, මොන බාදකේ ආවත් ගනං ගන්නෙ නෑ.

කොහොමහරි වෙරළෙ තිබ්බ පොල් ගස්වල වේලිච්ච අතු ඈතට පාවෙලා ගියා. ඒවා තාර පාර පැත්තට ගිහිං වැටෙන්ඩ ඇති. පොල් ගස් ටිකනං අපරාදේ! ඒවා ඇඔරි ඇඔරි හුළඟත් එක්ක පොර බැදුවට මොකද තව ටිහිකිං ගැලවිලා යනවයි කියලා මම දැන ගත්තා. එච්චරට තද හුළඟ. තාමත් හරිහමන් තැනකට රිංග ගන්ඩ බැරි උන අයගෙ කුඩ අනිත් පැත්ත ගැහුනා. සරම් ඇඳගෙන ඇවිල්ලා හිටපු මුදලාලි මාමලාටයි, සායවල් ඇඳගෙන ඇවිල්ලා හිටපු නැන්දලාටයි තමා මාර වැඩේ උනේ.

ඔන්න ඊලග මොහොතෙදි වැස්ස පටන් ගත්තා. මුලදි කැකුලු හාල් ඇට සයිස් වැහි බිංදු, ටිකකින් නාඩු සයිස් වුනා. තව ටිකකින් ඒවා දොඔ ගෙඩි සයිස් වෙලා, අන්තිමේ පොල්ගෙඩි සයිස් හෙන වැහි බිංදු වෙලා, හුළඟත් එක්ක එක්කහු වෙලා, ඒ මේ අතේ කැරකි කැරකි මහ වැස්සක් පටන්ගත්තා. කොහොම හරි,

වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා වැ ස් සා

අන්තිම වෙද්දි අපි හොඳටම තෙමිලා. වැස්ස එක පැයක් විතර අල්ලලා හිටියා. ඒත් ඒ වගේ “පුංචි” වැස්සකට පුලුවන් යැයි මගේ මැරියන්ගෙ කට වහන්ඩ! එයා තවත් පැය බාගයක් විතර එක දිගට කතා කලා. මේ වෙද්දි වැස්සත් ටිකෙන් ටික අඩු උනා. මුලු වෙරළම සීතලයි. ළමයි ක්‍රිකට් ගහපු, සෙල්ලම් කරපු තැන්වල හෑරිච්ච් වලවල් වල බැහැගෙන යන වතුරට යන්තං පොද වැටෙනවා විතරයි. රැල්ලට නං වගේ වගක් නෑ. එනවා, යනවා, එනවා, යනවා. හරියට මොන බාදකේ ආවත් නැවැත්තුවෙ නැති මැරියන්ගෙ කතාව වගේ.

ඔහොම හිතලා ඉවර වෙද්දිම වගේ මැරියන් නැතිවුනු සෙරෙප්පුවෙ කතාව මට කියලා ඉවර කලා. කොහොම හරි ඒ සේරම අහගෙන ඉඳලා මම කිව්වා “අපරාදේ ඒ කාලෙයි ඔයාට මාව හම්බවෙන්න තිබුනෙ. එහෙනං මං සුනිලට හොඳ පාඩමක් උගන්නනවා” කියලා.

ඒක අහගෙන ඉදලා මෙයා මගේ ඉහමොල හීතල වෙලා යන කතාවක් කිව්වා.

“මේ........ ගිය දේ ගියාවේ අනේ......, ඔයා හැමදාම ඔයාගෙ කතා ලියන එකේ ඔය සෙරෙප්පු දෙක නැතිවෙච්ච කතාවත් ලියලා දාන්ඩකො ඔයාගෙ බ්ලොග් එකේ.”

“මොකද්ද.......?“

“ඒවා ඇහෙන්නැ නේද......හ........“

“නෑ......මේ.......ඒක තමා මාත් බැලුවේ.....ලියන්ඩනං බැරිකමක් නෑ අනේ.... ඒත් පැයක්, දෙකක් එක දිගට කිව්ව කතාවක්, ටයිප් කරනවා කියලා හිතත්දිත් මට නිකං කැරකිල්ලට වගේ එනවා. අනික මගේ ඇඟිලි බිත්තර ටිකත් ගෙවිලා යයිනෙ.........”

“අපූ අප්පා........මං කියන ඒවා තමා මෙයාට ලියන්ඩ බැරි..........“

“හරි හරි..... අපි මෙහෙම කරමු. මේ කතාවේ හොඳම ටික අරං මම බ්ලොග් එකේ දාන්නං.....කමන්නැනේ....හා මං මේක දැම්මොත් ඔයා මට මොනාද දෙන්නෙ....“

“ඔයා කැමති දෙයක් කියන්ඩ......“

“එහෙනං ඊ ලඟ දවසෙ ඔයා හඹලපෙති වලින් අග්ගලා හදාගෙන එනවද? මං හෙන කැමතියි ඒවා කන්ඩ......“

“ අපෝ හා..... මං හදං එන්නං. හැබැයි එකක්. හොඳම ටික අරං බ්ලොග් එකේ දැම්ම‍ට කමන්නැ.... අර ඕගොල්ලන්ගෙ අක්කලාට යුරෝ හොයලා දුන්නු කතාවේ වගේ කෑලි අයින් කරලා, ඔයා කැමති කෑලි හේම අතින් දාලා ලියන්ඩ බෑ හො‍‍දේ......”

“අපෝ පිස්සුද? මම එහෙම කරනවැයි..........”

ඉතිං එදා පොරොන්දු වෙච්ච විදිහට මම දැන් ඕගොල්ලන්ට කියන්ඩ යන්නෙ ඒ කතාව. මුරුගසන් වරුසාව මැද්දෙ එයා එක දිගට පැයක් හමාරක් තිස්සෙ කිව්ව කතාවේ කිසිම වැදගත් කොටසක් මම අයින් කලේ නං නෑ.

නැතිවූ සෙරෙප්පු ජෝඩුවේ කතාව

මැරියන්ලා අලුත් අවුරුද්දට උඩවලවේ ඉන්න මාමලාගෙ ගෙදර ගිහිල්ලා සතියක් විතර එහේ ඉඳලා ඇවිල්ලා, හවස් අතේ ඒ ගොල්ලන්ට අරං දුන්නු අලුත්ම සෙරෙප්පු හෝදලා වේලෙන්ඩ දාලා නිදාගත්තලු. පහුවෙනිදා උදේ බලද්දි මැරියන්ගෙ සෙරෙප්පු ජෝඩුව නැති වෙලාලු. ගමේ හිටියලු ඔය සෙරෙප්පු, සබන් පෙට්ටි වගේ සිල්ලර බඩු හොරකම් කරන අහිංසක හොරෙක්. පස්සෙ තාත්තයි, මෙයයි කෙලින්ම හොරා හොයාගෙන ගිහිල්ලා “මේ සුනිල්, කරුණාකරලා මේ ළමයගේ සෙරෙප්පු ජෝඩුව ගත්තනං දෙන්ඩ.” කිව්වලු. සුනිල් කිව්වලු, “මේ මහත්තයා, මේ ඇඹිටිල්ලං මීයෙක් වගේ ඉන්න ළමයින්ගේ සෙරෙප්පු හොරකං කරන්ඩ මට පිස්සු නෑ. මට සෙරෙප්පු ඕන්නං මං පන්සල් වත්තෙන් හොයාගන්නවා” කියලා. පස්සේ තාත්තා, “ආ.... එහෙමද, ආයෙ අපේ වත්ත පැත්ත පලාතෙ පස් පෑගුවොත් බලාගත්තැකි“ කියලා මෙයාවත් එක්කගෙන ගෙදර ආවලු. අන්තිමේ මෙයාට සෙරෙප්පු ජොඩුවත් නෑලු, සුනිල් මාමා පස් පෑගුවෙත් නෑලු.

එච්චරයි.

.................

-යුරෝ දෙකේ වීරයා.

ප/ලි -

මම උදේම එස්එම්එස් එකකින් කිව්වා “අර කතාව මම දැම්මා කියලා!“ සමහර විට හඹලපෙති අග්ගලා ටික මට ළඟදීම ලැබෙයි.

2011/11/03

සයිබර් යාය දරුණු හැකර් ප්‍රහාරයකට ලක් වේ

ඊයේ මම දාපු පෝස්ට් එකක් හදිසියේ සින්ඩිවලින් අතුරුදහන් උනා. මොකද උනේ කියලා මම හොයා බලද්දි මගේ හිතවත් යාලුවො වගේකුත් මට කතා කරලා ඒ ගැන ඇහැව්වා.

අන්න නියම යාලුවො!

මම ඒ ලියමනෙන් කියන්න හැදුවේ අපිට ඉරිදියෙදි වෙන්න පුලුවන් උවදුරක් ගැන. ඒ ගැන මට ලියමනකින් දැනුම් දුන්නෙ සයිබර් යායට ලියුම් ලියලා, පහුගිය දා මට කියලා යුරෝ දෙකකුත් හොයාගෙන ඒ ගොල්ලංගෙ අම්මලා එක්ක ස්ථිර පදිංචියට විදේශ ගත වුනු ටිකිරි.

මේ ලියමන අතුරුදහන් උනාට මොකද, ඒ සිද්ධියෙන් මට තේරුනා මං ගැන හොයා බලන සයිබර් යාලුවො ටිකක් මටත් ඉන්නවා කියලා. මේ තියෙන්නෙ ඒගොල්ලගෙන් සමහරෙක් මාත් එක්කලා ඒ ගැන කතා කරපු විදිහ.

මේ ටික මම දාන්නෙ ඒ ගොල්ලංගෙන් අවසර අරන් නෙමේ. ඒ හින්දා “ඇයි මේක දැම්මේ?” කියලා ඇහැව්වොත් කතා බහ කරලා විසඳුමකට එන්න පුලුවන් කියලා හිතෙන කට්ටියකගෙ ඒවා විතරයි මෙතන තියෙන්නෙ. අනිත් අය අමනාප වෙන්ඩ එපා. මො‍කෝ ඒ ගොල්ලත් මගේ හොඳම යාලුවො තමා.

මුලින්ම කතා කලේ, රන්දිල් කන්ස්ට්‍රක්ෂන් හී සමඅයිතිකාරිය වෙන, නිදහස් සිතිවලි ලියන රන්දිල් නෝනා,

“හෙලෝ....”

“මොකෝ අර උයාගේ පෝස්ට් එකට උනේ.....?”

“ඒකනෙ....!”

“මම කමෙන්ට් එකකුත් දැම්මා.... ‍ඩීලිට් කලාද.......? පොඩ්ඩක් හොයලා බලන්ඩ කාගෙන් හරි ඕක හොයා ගන්ඩ බැරි වෙන එකක් නෑ?”

“ඒක තමා මම ටිකක් හොයලා බලන්නංකො......”

ඔය ටිකෙන් පස්සෙ මේ කතාව වෙන පැත්තකට ගිහිං වැස්ස, තිබ්බොටු වෑංජන, උම්බලකඩ වල මිල ගණං, බබා වඩාගෙන තනි අතින් තේ හැදීම වගේ මේකට කෙලින්ම සම්බන්ධ නැති දේවල් වලට හැරුනා. ඒ හින්දා මම ඒ ටික කපලා දැම්මා.
.................

දෙවෙනියට ඒ ගැන හොයා බැලුවේ ඕනවෙලාවක මැන්ටල් හෙවත් ඕනමැන්ටල් බ්ලොග් එකේ අධිපති තුමා ඕනේ මහත්තයා. එයා කතා කලේ ටැලිපෝන් එකෙන් නෙමේ. මේ කතාව තනිකර ගියේ ටයිප් සෙටිං මාර්ගයෙන්.

“මචෝ . .
පෝස්ට් එකක් දාල අයිං කොලාද ?”

“මාර වැඩේනෙ උනේ. මා ගාව කොපියක් වත් නෑ.”

ඔන්න ටිකකින් මිනිහා ලෝකු සීන් එකෙන් මට ආය මෙහෙම කියලා තිබ්බා. හැබැයි ඒ නිවුස් එක නං මට මාර සතුටක් ගෙනාවේ. මොකෝ සාක්ෂිත් එක්කලානෙ තිබුනෙ.

“කොමරිකාවට ගෑස් ප්‍රහාහාරයක් | තවත් ප්‍රහාර දෙකක තොරතුරු හෙලි වේ.
from සයිබර් යාය Cyber yaya by බුද්ධි

“අද උදෑසන සිදුවු ගෑස් ප්‍රහාරයක් නිසා කොව්යෝක් නගරය සම්පූර්ණයෙන්ම දුමෙන් වැසී ඇත. ‍සහන සේවා කණ්ඩායම් වලටත් ලඟා විය නොහැකි මට්ටමේ දරුණු ප්‍රහාරයක් නිසා හානිය අතිමහත් විය හැකිය. කොල්කයිඩා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව කොමරිකාව මුහුණ දුන් දරුණුම ප්‍රහාරය මෙය බව විචාරකයෝ පවසති.“

හූ හූ . . අපි කියෙවුවා . . . .
උඹ මැකුවට වැඩක් නෑ . . . මගෙ රීඩරේ බඩු හෑවු . . .
.....................


ඊලඟට ඒ ගැන හොයලා බැලුවේ රැවුලයි, තට්ටෙයි දෙකම වවාගෙන ඉන්න කේකේ මහත්තයා, එයා වැඩ රාජකාරී ගොඩක් අස්සෙ මේ ගැන හොයලා බලලා තිබුනා මෙහෙම,

Mokada une?
Ayin kara gaththada?
Prashnayak da?

Cheers,
Kathandara Kaarayaa
....................


මේ සිද්ධි ටික ඔහොම යද්දි අපේ හිත මිතුරු ඔබා මාමයි, මමයි මේකට ගන්න ඕන ඉරිදි පියවරවල් මොනාද කියලා ගැඹුරින් සාකච්ඡා කරකර හිටියේ. තව පොඩ්ඩෙං ඔබා මාමාව ගිලෙනවා සාකච්ඡාවේ ගැඹුර වැඩිකමට. මේ තියෙන්නෙ ඒ සම්පූර්ණ කතාව.

ඒකට කලින් කියන්න තව දෙයක් තියෙනවා. ඒ දැං තත්වේ ගැන.

දැං තත්වය -

මම ඕනයට නිල නිවේදනයක් නිකුත් කලා මගේ ලියමන පුලුවන්නම් ආය එවන්ඩ කියලා. තාම නෑ. මිනිහා තාම දකින්ඩ නැතුව ඇති. හැබැයි මේ වෙද්දි කතන්දර මේ පෝස්ට් එක ගෙඩි පිටින් මට එවලා තියෙනවා. නිවාඩු දවසේ පුලුවන් උනොත් පෝස්ට් එක දාන්නයි ඉන්නෙ.

සොයා බැලූ සියලු දෙනාට තුති!

මේ තියෙන්නෙ ඔබා මාමගෙයි මගෙයි ගැඹුරු සාකච්ඡාව

ඔබා මාමා -

බුද්ධි,
මේ පෝස්ට් එක කෝ? මං කොමෙන්ට් එහෙකුත් දැම්ම, දැන් එක අතුරුදහන්.
කොමරිකාවට ගෑස් ප්‍රහාරයක් | තවත්
ප්‍රහාර දෙකක තොරතුරු හෙලි වේ.

මම -

ඔබා අයියා, (කමෙන්ට් කරද්දි මාමා කියලා කිව්වට ඇත්තට කතා කරද්දි මම කියන්නෙ ඔබා අයියා කියලා. ඕගොල්ලත් පුරුදු වෙන්ඩ. වැඩිහිටියන්ට නියම විදිහට ගරු කරන විදිහ.)

මේ පෝස්ට් එක මම දෙපාරක් අප්ලොඩ් කලා. ඉන්ටනෙට් කනෙක්ෂන් ස්ලෝ මේ දවස්
වල. ඒ හින්දා ලාංකියේ එහෙම හරියට සින්ඩිකේට් වෙන්නැ. දෙවෙනි පාර ලේබල්
ගහලා අප්ලෝඩ් කරන්න යද්දි වැරදීමකින් ඩිලීට් උනා. අපරාදේ......! දැං කරන්ඩ දෙයක් නැ. සොයා බැලුවට තුති.

මීට බුද්ධි.

ඔබා මාමා -


පරාදේ, ලියපු තැන ( වර්ඩ්ස්, ඔෆිස්, වගේ ඒවගේ වත්) සේව් වෙලා නැද්ද? කලේ නැද්ද? යි යි යි යි යි යි.........!!!

මම-

ඔබා අයියා,
මමත් සාමාන්‍යයෙන් වර්ඩ් වල ටයිප් කරලා තමා දාන්නෙ. මේක මට ඊයේ නිකමට ඔලුවට ආපු විකාරයක්. මම එහෙම්ම පෝස්ට් එකක් විදිහට ටයිප් කලා. වැරදීමකින් ඩිලීට් උනාය කියලා තැවෙන්න ඕනෙ නැ. මේ දැං සුබ ආරංචියක් ආවා. අපේ පොදු සතුරා ඕනයගේ රීඩරේ බඩු තියෙනවලු. ස්තුතියි සොයා බලනවට.

ඔබා මාමා -

ඇති යන්තං, ඒ වුනාට තියෙන්නෙ ඕනය ගාවනේ, ඕකට ඔය ටිකම ඇති අවුරුද්දක් කයිය ගහන්න.... හිකිස්!

.................

යුරෝ දෙකේ වීරයා.

ප/ලි -
මොනා නැතත් පොඩි හරි කරදරයක් උනාම, ඒ ගැන හොයා බලන්න මෙහෙම කස්ටියක් ඉන්න එක ගැන මාර සන්තෝසයි අප්පා!

Related Posts Plugin for WordPress, Blogger...