අවුරුද්දක් ගෙවිලා අලුත් එකක් පටන් ගන්න යද්දි, හුඟක් අය හුඟක් දේවල් කියනවා. ටීවී වලත්, රේඩියෝ වලත්, මුනුපොතෙත්, බ්ලොග් වලත්, එස්එම්එස් වලිනුත්. ඒ හින්දා මමත් කියන්න යන්නෙ. හැබැයි ටිකක් කොටයි. දන්නවනේ......!
මතකද මේ සිතුවම. එදා ලියමන කියෝලා සිත්තර තරගෙට පැතුම් හර්ෂණ ඇඳලා එව්වෙ. එයා මේක ඇඳලා තියෙන්නෙ හරියට බලාගෙන හිටියා වගේ. මේ සිතුවමෙන් පැතුම් හර්ෂණ පෙන්නලා තියෙන්නෙ මමයි සද්ධාතිස්ස පොඩි හාමුදුරුවොයි, කටු ඉඹුල ගැන බර කතාවකට වැටිලා ඉන්න වෙලාව වෙන්ඩ ඕනැ.
ඉතිං, මේ සිද්දිය උනාට පස්සෙ, ඊයේ උදා උනා වගේ අලුත් අවුරුදු ගොඩාක් ගෙවිලා ගිහිල්ලා තිබුනා. එහෙම ගෙවිලා මේ වෙද්දි සද්ධාතිස්ස පොඩි හාමුදුරුවො, සද්ධාතිස්ස ලොකු හාමුදුරුවො වෙලා. මේ තියෙන්නෙ එදා සද්ධාතිස්ස පොඩි හාමුදුරුවන්ගෙයි, කෙහෙල්කොටුවේ චූටි මහත්තයගෙයි අද තත්වේ.
අවුරුදු ගානකට පස්සෙ, හරියටම කියනවනම් චුටි මහත්තයා ගමෙන් ආවට පස්සෙ සද්ධාතිස්ස හාමුදුරුවන්ව මේ හමුවුනේ දෙවෙනි වතාවට. මුල් වතාවේ කතන්දර ආච්චිගෙ අවමඟුල දා. එදා හරියකට කතා කරන්න ලැබුනෙත් නෑ.
චුටිම කාලේ ගමෙන් වෙන් වෙලා ගිය, පාවිච්චි කරපු දහම් පාසල් පොත් දුන්නා කියලා කේන්තියට ආවාස ගේ ළඟට ගිහිල්ලා කෝලහාල කරපු පොඩි කොලු රෑනෙන් එක්කෙනෙක්, ආයෙත් සද්ධාතිස්ස හාමුදුරුවො බලන්ඩ ගමට ඇවිල්ලා.
යටගිය අතීතයෙ චිත්‍රපටියක් වගේ ඇඳිලා තිබුනු තැන්, තැනින් තැන මතු කරලා, මම සද්ධාතිස්ස අපේ පොඩි හාමුදුරුවන්ට අතීතය මතක් කරද්දි, උන්නාන්සෙ මන්ද ස්මිතයක් මුහුණෙ රඳවගෙන ඈත බලාගෙන හිටියා වචනයක් වත් කතා නොකර. සමහර වෙලාවට “නේද අපේ හාමුදුරුවනේ?“, හරි “මතකද අපේ හාමුදුරුවනේ...?“ හරි කියලා අහද්දි විතරක් “එහෙනං, එහෙනං!“ කියලා අපි දිහා බැලුවා.
චුටිම කාලේ ගමෙන් වෙන් වෙලා ගිය, පාවිච්චි කරපු දහම් පාසල් පොත් දුන්නා කියලා කේන්තියට ආවාස ගේ ළඟට ගිහිල්ලා කෝලහාල කරපු පොඩි කොලු රෑනෙන් එක්කෙනෙක්, ආයෙත් සද්ධාතිස්ස හාමුදුරුවො බලන්ඩ ගමට ඇවිල්ලා.
යටගිය අතීතයෙ චිත්‍රපටියක් වගේ ඇඳිලා තිබුනු තැන්, තැනින් තැන මතු කරලා, මම සද්ධාතිස්ස අපේ පොඩි හාමුදුරුවන්ට අතීතය මතක් කරද්දි, උන්නාන්සෙ මන්ද ස්මිතයක් මුහුණෙ රඳවගෙන ඈත බලාගෙන හිටියා වචනයක් වත් කතා නොකර. සමහර වෙලාවට “නේද අපේ හාමුදුරුවනේ?“, හරි “මතකද අපේ හාමුදුරුවනේ...?“ හරි කියලා අහද්දි විතරක් “එහෙනං, එහෙනං!“ කියලා අපි දිහා බැලුවා.
වර්තමානයේ අපි ගෙවමින් ඉන්න කාර්යබහුල ජීවිතය සම්පූර්ණයෙන් අමතක කරලා ඒ ගත කරපු පැයකට අඩු කාලය මට ඉතිරිකලේ මකන්න බැරි මතකයක්.
සද්ධාතිස්ස හාමුදුරුවන්ගෙ ආගිය තොරතුරුත් දැනගෙන, අපේ වර්තමාන තොරතුරුත් කතා කරන ගමන් කල්පනාවකට වැටෙමින් නිසොල්මනෙත්, ආයෙත් නොනවත්වා කතා කරමිනුත් මම ගත කල ඒ මොහොත හරිම වෙනස් එකක්.
ඒ හැගීම් ඔබට විස්තර කරමින් සහ ඒ කාලයත් අද දවසත් ගැන ඔබට කියමින් මමත් උන්නාන්සෙ වගේම සතුටක් ලබනවා මේ බ්ලොග් එක නිසා.
මගේ අතීත සැමරුම් දැනගන්න පැමිණෙන ඔබ සියලු දෙනා නිසා වසර දෙකකට ආසන්න කාලයක් මටත් වෙනස් විදිහෙ අද්දැකීමක් ලැබුනා.
ඒ නිසා, මගේ මුල් ලිපියේ ඉඳලා අද දක්වා සිටින ඔබටත්, අතර මඟදී සයිබර් යායට ගොඩවූ සියලු දෙනාටම ස්තුති කරන්නත්, සුබ පතන්නත් මේක හොඳ වෙලාවක්.
ඉතිං, එදා හමුවීමේ දී සද්ධාතිස්ස අපේ පොඩි හාමුදුරුවන්ගෙන් දුටු මන්ද ස්මිතය, මගේ සියලු සයිබර් හිතමිතුරන්ටත් හිමිවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙම වෙන්න නම් සියල්ල මැදහත් සිතින් ඉවසන්න අපිට සිදු වේවී. සමහර විට ඒකට පුරුදු වෙන්ඩත් වේවි.
ඇතිවීම හා නැතීවීම කියන විශ්වයෙ සරළ නීතිය අතරතුර, පැවතීම නම් නිමේෂය අපි අවුරුදු කියලා වෙන්කරගෙන. දැං අලුත් කඩයිමක් 2012 කියලා. ඉතිං 2012 අවසානය තෙක් පැමිණෙන සියලු අද්දැකීම්, මැදහත් සිතින් ගෙවා දැමීමට ශක්තිය මගේ සියලු සයිබර් මිතුරන්ට ලැබේවා !!!
....................
-මීට යුරො දෙකේ වීරයා.
ප/ලි -
ඉදිරි දවසක දී සයිබර් යායෙන් "ආවාස ගේ අසල කෝලාහලය"ත් සිතුවම් එක්කලාම දැකගන්ට පුලුවන් වෙයි.









මැදිහත් සිතින් ..හැම දේම මැදුම් පිළිවෙතට..මේක බලන්න ඕනේ මේ අවුරුද්දේ ඉදලවත් කරන්න..ජය ...
ReplyDeleteඔබටත් ඔබ සමඟ සිටින සියල්ලන්ටත් 2012 සුභම සුභ නව වසරක් වේවා !
ReplyDeleteඅලුත් අවුරුද්ද සුභ වේවා!
ReplyDeleteකියලා වැඩක් නෑ බං.. මගේ පරණ සෙට් එකත් එක්ක එකතු වෙලා ඒ යටගියාව මතක් කර කර ඉන්න මාර ආසයි.. කොහෙද ඉතිං අපි හැමෝම බිසීවෙලා, ලෝකෙ පුරා විසිරිලා, කට්ටියටම එහෙම එකතු වෙන්න චාන්ස් එකක් එන්නෙ හාවා හඳ දකින්නා වගේ.. උඹ හරි වාසනාවන්තයි ඒ අතින්..
ReplyDeleteනව වසර සුබ වේවා..!!
මේක තමා කී වර්ඩ් එක - 'මැදහත් සිතින්'-
ReplyDeleteකෙ. කො. චූ. මහත්තයා කිරි ගහට ඇන්නැහැ කියා තිබේ
අවුරුද්ද මුල ඔලුවට දාගන්න කියාපු රිසොලූෂන් එකක් අම්මපා - කාරිය ලේසි නූනත්
'සන්තුෂ්ඨිය' අවුරුද්ද පුරාම ලඟින් සිටීවා
අර චිත්‍රෙ නං හොදටම මතකයි. කෙහෙල් කොරටුවේ චූටි මහත්තයට ජයවේවා.
ReplyDeleteහාමුදුරුවෝ හතලිස් ඇඳිරිය නිසා වෙන්න ඕනැ දැන් කණ්ණාඩි දාන්නේ. කොච්චර කලක් ගිහින්ද නේද?
ReplyDeleteගමෙන් වෙන්වෙලා ගිහිල්ල කාලයක් ඉඳල ගමට එන ඕනම කෙනෙකුට ඔය වගේ හැඟීමක් ඇතිවෙනව.
ReplyDeleteබුද්ධිටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා !
චූටි මහත්තයාගේ ලොකූ....:D:D:D
ReplyDeleteඅපි ඉතින් අර ඉතුරු පින්තූරත්, අඩුම ගනනේ මේ අවුරුද්දේදීවත් දැකගත හැකිය යන ප්‍රාර්ථනාවෙන් ඉන්නවා. හැමෝම වගේ 'ඔබේ ප්‍රාර්ථනා ඉටු වේවා' කියලා මේ දවස්වල කියන හන්දා, එය එලෙසින්ම සිදු වනබවටත් මම විශ්වාස කරනවා.:)))
අපේ අතීතය තමයි මේ ලියවෙන්නෙ. ඒක හරි සුන්දරයි. බුද්ධිටත්. මැරියන්ටත් අනෙක් සියළු දෙනාටමත් සුභ නව වසරක් වේවා.
ReplyDeleteඔව්..ඔව්.. මැදහත් පිළිවෙත හැම විටම හොඳයි.
ReplyDeleteඒකනෙ සුරාමේරය වුනත් 'මජ්ජ පමා'කියල තියෙන්නෙ.
පින්තුරෙ ගත්තෙ කව්ද? චායාරූප ශිල්පය පිළිබඳව හසළ දැනුමක් තියෙන කෙනෙක් කියල නං ෂුවර්. මොකද පොඩි එකාගෙ මූන පැහැදිලි නොවෙන්න අරං තියෙනව හරියටම.
කෝකටත් පින්තුරෙ සේව් කොරල තියාගත්ත, මත්තට පොරෝජනේ වෙන්න ඉඩ තියෙන හින්ද, කපල කොටල ෆොටෝ ෂොප් එකෙන් හදන්න බැරිය අපිට ඕනෙ විදියකට
අතීතය වඩාත් සුන්දර වෙන්නේ එය අපේ සිහියට නැගෙනවිට කියලයි මට හිතෙන්නේ
ReplyDeleteඒක නිසා වෙන්න ඇති මිනිස්සු ගොඩ දෙනෙක් අතීතයට ඇලුම් කරනවා ඇත්තේ
චුටි මහත්තයාටත් හිත මිතුරු නෑදෑ සැමටත් සුබ නව වසරක් වේවා...!
එල එල මචං අද තමයි ඉස්සෙල්ලම ආවේ.....සුභ නව වසරක් වේවා!!
ReplyDeleteඑල එල මචං අද තමා ඉස්සෙල්ලම ආවේ දිගටම ලියන්න.සුභ නව වසරක් වේවා!!!
ReplyDeleteසුන්දර අතීතයේ සුන්දර අත්දැකීම් ආවර්ජණය කරන එක තරම් වෙන ජොලියක් කොහෙද ....?
ReplyDeleteචූටි මහත්තයටත්, මැරියන් සහ පවුලේ හැම දෙනාටමත් ලැබුවාවූ නව වසර සියළු බලාපොරොත්තු ඉටුවන සුභදායි එකක් වේවා..!
බලහන් මේක පන්සලට ඇඳගෙන ගිහින් තීන ඇඳුමක හැටි :DD!
ReplyDeleteසුභ නව වසරක්!
සුපැතුම් ඉටුවෙන නව වසරක් වේවා!
ReplyDeleteවෙනස් වන ලෝකයේ නොවෙනස් වන එකම දේ වෙනස් වීමයි!
ReplyDeleteචුටි මහත්තයට සුභම සුභ නව වසරක් වේවා!:D
කෙහෙල් කොටුවේ චූටි මහත්ත්යට සුභ නව වස්‍රක් වේවා.... .!
ReplyDeleteචූටි මහත්තයාටත් සුභ නව වසරක් වේවා
ReplyDeleteබලාපොරොත්තු සපිරි වසරක් !
ReplyDelete@කෙ.කො.චු මහත්තයා,
ReplyDeleteමේක නම් එල නම, කුරුලු හමුදාවෙ ඉන්නකොට මේක පාවිච්චි කරන්න තිබුනෙ හෙහ් හෙහ් හෙහ්...
ඔබටත් , මැරියන්ටත් කෙහෙල් කොටුවෙන් එලියට ඇවිත් මේ අවුරුද්දේ පිලිවෙලක් වෙන්න ලැබේවායි පතනවා.
ඒක නෙමෙය් කෝ සන්ග්ලාස් දෙක....හෙහ් හෙහ් හෙහ්..
කමෙන්ට්ස් නම් මැදිහත් සිතින් බලන්න එච්චර මහන්සි වෙන්න ඕන නැහැනෙ.. මොකෝ හොඳ ඒවා Publish කරලා, අනිත් ඒවා උපේක්ෂාවෙන් delete.කරන එකනෙ කරන්නෙ හෙහ් හෙහ් හෙහ්..
මචන් ගෝර්ඩි....
ReplyDeleteමගේ රස්සාවත් එක්ක ලියන්න වෙලවක් නැහැ බන්...
මේ ඒක නෙමෙය්, ඔක්කොම හොඳය් අර "මාමා" කෑල්ල තමය් අප්සෙට්...
යකෝ මට තාම 40ක් වත් නැහැනෙ.
ඔබ නොදුටු ලොවක්,
ReplyDeleteඅන්න කරනවනං වැඩ.
.................
වෙනී, පූසා,
එසේම වේවා.
.............
බූරා,
පොඩි කාලේ හිටපු තැන් ආපහු ගිහිං බලද්දි ඇත්තටම අමුතුම හැගීමක් ආවේ.... උඔ කියන එක ඇත්ත.
//උඹ හරි වාසනාවන්තයි ඒ අතින්..//මේක නං ගැඹුරින් සාකඡ්චා කොරන්ඩ ඕනෙ දෙයක්... බලමුකො දවසක.
ඔබා මාමගේ ලියමනේ මම උඔට දුන්නු ලින්ක් එකට ගියාද?
පැමිණියාට තුති! එසේම වේවා....
............
තිස්ස අයියේ,
එහෙනං කරලා බලමු නේද......!
..............
රාජ්,
එසේම වේවා. ඕගොල්ලනං එක්කහු වෙන්ඩ නේද යන්නෙ ළඟදී
............
කතන්දර,
හතලිස් ඇඳිරිය නෙමේ විසි ඇඳිරිය. ඒක නෙමේ කතන්දර අර ඉංජිනේරු පීඨෙං අයින් උනා කිව්වෙ මොන අවුරුද්දෙද?
............
Praසන්ன,
අන්න කං කියපු දේ තේරුණ තව කෙනෙක්.
..............
කුමාරි හාමි,
මම අම්මා කුක්කු බීලා තියෙනවලු....තේ කුක්කු බොන කාලේ වෙනකල්...අවුරුදු 4 පයිනකල්.....ඒ හින්දද දන්නැ..ඔය ඇඳිලා ගිහිං තියෙන්නෙ.
ඉතුරුවත් දානවා...... හැබැයි පෙබරවාරී පහුවෙයිද දන්නැ...!
..........
ඉෂාර,
බුද්ධිත්, මැරියනුත්, අනෙක් සියලුදේනාත් ඇර තවත් අය සීටීද? ආ...ඔව් මේ ඉෂාර.....මහා දානපති ඉෂාර මහත්තයටත් එසෙම වේවා.
............
චූටි මහත්තයට සුභ නව වසරක් වේවා....!!!
ReplyDeleteචුටි මහත්තයා කිවුවට මූ හරි ලොකුයිනේ..
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා..
අර කටු ඉබුලේ කතාව ආයෙ මතක් වෙලා මොනිටරේ කෙල වලින් නෑවුනා.
ReplyDeleteචූටී මහත්තයාටත් සුබ අළුත් අවුරුද්දක් වේවා !!!
බුද්ධි මම මෙච්චර සභ්‍ය විනීත විධියට කමෙන්ට් එකක් දැම්මහම උඹ ඉතින් මගේ කට අවුස්සනවා. අනික මචං ඔය මහත්තයා කෑල්ල ලියන්නත් අමාරුයි. මචං, බං වගේ කෑලි ලේසියි. අනික මම ආසයි මචං බං වලට. උඹ මට සවුත්තතුව දානව වගේ කියලත් හිතෙනවා වෙලාවකට. ෂිහ්. මම ලිවුමක් එව්වා නේද? පාට පාට එකක්. තව සැරයක් කියවපන්. කෝල් කලේ නැත්තෙ මහ රෑ නිසා.
ReplyDeleteසුභ අළුත් අවුරුද්දක් වේවා!
ReplyDeleteඔබා,
ReplyDeleteමජ්ජ පමා--- මම කිව්වයි කියලා හිතා ගන්ට.
මූණ පැහැදිලිව ගත්තම ටැපික් අඩුවෙනවලුනේ.... ඒ හින්දා ඔහොම හොදා අනික තමා අපි දන්න තරුණ වයසෙ පිරිමිළමයෙකුටත් හරි කරදර උනා ඔය පොටෝවක් හින්දා . මේ තියෙන්නෙ ලින්ක් එක....
http://www.facebook.com/media/set/?set=a.189842527700973.45565.100000256806646&type=3
.................
ලොකු පුතා,
ත් ඒ ජාතියෙ කියලා මම දන්නවා.
..........
කල්ප,
ස්තුතියි. දිගටම මේ පැත්තෙ එන්න පුලුවන් වෙලාවල් වල.
.............
දූමී,
ඔය තියෙන්නෙ කියන දේ නියමෙට වැටහිලා. දුමීටයි, ගම හාමිනේටයි, පොඩි දූමීලටයිත් එසේම වේවා.
.............
ඉන්දික උපශාන්ත,
මේක පන්සලට විතරක් ගිය ගමනක් නෙමේයි බං. හෙන වටයක් ගහගන්න හිතාගෙන ගියේ.... හවස් වරුවට.
..................
චේජනා,
එසේම වේවා.... තාමත් එනවා නේද සයිබර් යාය පැත්තෙ...
..............
මුදුදු, සමීර, නිසූපා, ලොකු ජෝන්ලාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා.
තරු,
ReplyDeleteඅනේ නං හදන්නැතුව හිටිං.... ඒ කාලෙදි නං හිතට ඇල්ලුවෙ නැති නමක් දැම්මොත් දීලා අඳින්ට තිබුනා. දැං ඒකත් බෑනේ...., කොහොම හරි උඔලාටත් එසේම වේවා. දෙවෙනි කමෙන්ට් එක මොකද්ද කියලා මට තේරෙන්නැ.
..........
ආශී,
සේම් ටු යු වේවා...
...................
අසරණයා,
හරි ලොකුයි නේනනං..... උඩින් කියලා ඇති හේතුව....:D
...................
මධුරංගටත්, පැතුම්ටත් එසේම වේවා. මොනිටරේට මොකද දැං
...............
ඉෂාර,
ලියමන ෆයිල් කොල්ලා තියෙනවා. ඒකේ නීති රිති වලට පිටින් කිසිවක් ලියවිලා නෑ මෙතන. ඒක හින්දා වැඩිය සද්ද එපා... දන්නවනේ.....:D:D:D
අලුත් අවුරුද්ද සුභ වේවා!
ReplyDeletehttp://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/208505_10150139932015418_740955417_6653175_6251237_n.jpg
ReplyDeleteමාර වැඩේනෙ... මෙදාට වඩා තිරිහන් වෙලානෙ...
මේ අවුරුද්ද ජය වෙනවා කියලා දන්නවා.. සුභ පැතුම් පිළිගන්නකෝ...
ඔය මැදිහත් සිත හිටි ගමන් එක පැත්තක්ට බර වෙනවනේ බන් . . එතකොට සිද්ද වෙන දේවල් වලක්ව ගන්න අමාරුයි . .වලක්වා ගන්ට තිබ්බා කියලා හිතෙන්නේ සිද්ද වෙලා ඉවර උනාට පස්සෙනේ . . බලමු . . මේ අවුරුද්දේ වත් සම්පූර්නයෙන්ම මැදිහත් සිතින් ඉන්න ඇහැක් වෙයිද කියලා
ReplyDeleteසැරින් සැරේට ගමේ ගියාම තමා ගමේ අගේ තේරෙන්නේ...
ReplyDeleteබොහොම සංවේදී කතාවක්කේ බුද්ධි.
ReplyDeleteසුභ නව වසරක් වෙන්න ඕනා!!!
අනේ මචෝ . . . කෝ මේකට මම දාපු කොමෙන්ට් එක ?????
ReplyDeleteඋඹට සුභ නව වසරක් වේවා . . .. .!!!
ඉස්සර මතකයන් මතක් වෙන කොට කොච්චර නම් ආසද..
ReplyDeleteඔඹටත් සුභ නව වසරක් වේවා . . .. .!!!
මතකයන් තුළ හිටපු අයව කාලෙකට පස්සේ හම්බුණාම තියෙන සතුට ගැන කියන්න වචන නැහැ
ReplyDeleteසුබ නව වසරක් !!!
ReplyDeleteඅදයි බෝව හරියට දැක්කෙ. කියන හැම දේකටම එකඟයි.