"හරි... ඔක්කෝමලා නිශ්ශබ්ද වෙන්ඩලා................" නිරූපා ටීචර් වේවැලෙන් ගුරු මේසෙට තැලුවා.
"මේ පීරියඩ් එකේ ඕගොල්ලන්ට මොනවද තියෙන්නෙ............?"
"පරිසරය......" අපි එකා වගේ එක හඬින් කිව්වා.
"අද පරිසරය සර් ඇවිල්ලා නෑ............" ටීචර් අපි කලින් දැනගෙන උන්නු සුබ ආරංචිය කිව්වා.
"ඒ.....හින්දා ඕගොල්ලන්ට කැමති දෙයක් කලෑකී..... ඕගොල්ල මොනා කරන්ඩද කැමති............"
"අපි කැමතියි පිට්ටනිය ගිහිල්ලා යුද්ධ පයින්න......." ඒ ඥාණතිස්ස.
"නෑ..... අපිව විද්‍යාගාරෙට එක්කං ගිහිල්ලා බෝතල්වල දාලා ඉන්න සත්තු පෙන්නන්ඩ......" සත්තු පිස්සුව තියෙන ප්‍රදීප් කිව්වා.
"අපෝ බෑ..... අපි අත්වැඩ වල ඉතුරුවා කරනවා." කව්රුහරි වැඩකට නැති ගෑල්ලමයෙක් එහෙම කිව්වා. බාගදා ශ්‍රියාලතා වෙන්ඩ ඇති.
"විකාරද හලෝ..... ඒවා ගෙදර ගිහිල්ලා කරගන්න එකයි...." ඒ එක්කම වගේ අපි ශ්‍රියාලතා මූලික ගැල්ලමයි කාණ්ඩෙ එක්ක පැටලිල්ලක් හදාගත්තා. තවත් ටික වෙලාවකින් අපේ මතිමතාන්තර එකට වැදිලා මහා සද්දයක් පටන් ගත්තා. එතකොටම නිරූපා ටීචර් අයිමත් සැරයක් වේවැලෙන් ගුරු මේසෙට තලලා අපිව තාවකාලිකව නිහඬ කලා.
"ඒවා මොකවත් බෑ. ඇයි ඕගොල්ල කැමති නැද්ද දැනුම මිනුම තරගයක් තියන්න...."
අපි දන්නවා හැමදාම වෙන්නෙ මේ දේ තමයි කියලා. මොකද නිරූපා ටීචර් තමයි අපේ පංතිභාර ගුරුතුමී. ඒ නිසා ටීචර් ඉහල පන්තිවල ළමයින්ගෙ පොත් බලන්න යොදා ගන්නේ ඔය වෙලාව.
ඒත් දැනුම මිනුම තරග වලට අධිපති දේවතාවිය ඇවිල්ලා "ඕගොල්ලන්ට වරමක් ඕනෙද?" කියලා අහපුවාම අපි පුදුම වෙන්නෙ කොහොමද, අන්න ඒ වගේ හරි පුදුමෙන්, හරි සද්දෙන් අපි මෙහෙම කිව්වා.
"කෑමතී.........................." කියලා.
ඇත්තම කිව්වොත් හැමදාම වගේ මහා ගාලගෝට්ටියකින් පස්සෙ නිරූපා ටීචර්ට පුලුවන් උනා දැනුම මිනුම තරගෙ තියන්න කලින් අපිව මේච්චල් කරගන්න.
දැනුම මිනුම තරගෙ! ඒක පැවැත්වෙන්නෙ මෙහෙමයි.
මුලින්ම කැමති කෙනෙක් නැගිටලා කලු ලෑල්ල ගාවට යනවා. පස්සෙ මැදින් ඉරක් ගහලා පැත්තක "ගැහැණු", අනිත් පැත්තෙ "පිරිමි" කියලා කලු ලෑල්ල ලකුණු පුවරුවකට හරවනවා.
තරග කරන කණ්ඩායම් දෙක වෙන්නෙ අපියි, ගැල්ලමයිනුයි. මුලින්ම එක කණ්ඩායමක ළමයෙක් නැගිටලා විරුද්ධ පැත්තෙ තමන් කැමති ළමයෙක්ගෙ නමක් කියනවා. පස්සෙ ඒ ළමයගෙන් ප්‍රස්නෙ අහනවා. හරි උත්තරේට ලකුණු දහයයි. බැරි උනොත් ඒ පිලේම වෙන එක්කෙනෙක් උත්තරේ දීලා ලකුණු පහක් අරගන්නවා. ඔය විදිහට ළමයට ළමයා, ළමයට ළමයා ගියාම අන්තිමේ පිරිමි ළමයි ඉවර වෙනවා. මොකෝ අපේ පන්තියේ පිරිමි ළමයි ගහණය ටිකක් අඩුයි. ඒක හන්දා පිරිමි ළමයි ටික දෙනෙකුට දෙවෙනි වාරෙට උත්තර දෙන්න ලැබෙනවා. හැබැයි දෙවෙනි වටේ උත්තර කියන පිරිමි ළමයි කාණ්ඩෙ තෝරගන්නෙ අපිමයි.
මුලින් මුලින් ගැල්ලමයි ප්‍රශ්ණ අහන්නෙ අපේ පැත්තෙ පිටිපස්සෙම ඉන්න පිරිමි ළමයිගෙන්. ඒ ගොඩක් වෙලාවට එයාලා, අහන ප්‍රශ්ණ වලට වැරදි උත්තර දෙන නිසා. අපිත් එහෙමයි. ඒවා තමයි සංග්‍රාමික උපක්‍රම කියන්නෙ.
වැදගත් ම දේ තමයි, ඉගෙනගෙන තියෙන ඕනැම විෂයකින් අපි කැමති ප්‍රශ්ණයක් අහන්න තියෙන නිදහස.
කොහොමහරි අපි තරගෙ පටන් ගත්තා. ටික වෙලාවක් තරගෙ කෙරීගෙන ගියා. අවංකව කිව්වොත් හුඟක් වෙලාවට ගැල්ලමයි තරගෙ අතරතුර කපටිකමින් තරග නීති උල්ලංගණය කලා. ඒත් ඒවා අපිට නිකම්ම අහු උනා. අපි නම් එහෙම නෑ. එකම එක පාරක් උදේ කෑමක නමක් ඉංග්‍රිසියෙන් කියන්න කිව්වම අපේ අරුණ කිව්වා “ක්‍රොකඩයිල්“ කියලා. ලකුණුත් මදිව හිටපු හින්දා අපි තර්ක කලා මිනිහා එතනදී අදහස් කලේ කිඹුලෙක් ගැන නෙමේ කිඹුලා බනිස් ගැනයි කියලා. ඒත් වැඩේ හරි ගියේ නෑ.
ඔය අතරතුර චාන්දනී අපේ ඥාණතිස්සගෙන් ඇහැව්වා " මම බුදුන් සරණ යමි" කියන වාක්‍ය පාලියට හරවලා කියන්න කියලා. ඥාණතිස්ස නේද, ඒක අහපු හැටියෙ නිල් වෙලා ගියා. ඔන්න එතකොට මට තේරුනා එතන තරග නීතියක් උල්ලංඝණය කරල තියෙන්නෙ කියලා. මගේ ඉවසීමේ සීමාව පැන්නා. මොකද මේ වෙද්දි අපි ලකුණු විස්සක් පිටිපස්සෙන් හිටියෙ. මම වැදගත් විදිහට අත උස්සගෙනම නැගිටලා මගේ විරුද්ධත්වෙ පළ කලා.
"ඒ මොකද්ද හලෝ ඒ ඇහැව්වේ......?"
"ඇයි මොකෝ....."
"ඇයි කියන්නෙ.... කවද්ද අපිට එහෙම දෙයක් ඉගැන්නුවේ.....!"
"ඉගැන්නුවා.... ඇයි මතක නැද්ද........?"
"මතකයි මතකයි..... හැබැයි ඕක ඉගැන්නුවේ දහම් පාසලේ.......ඥාණතිස්ස දහම් පාසල් එන්නෙ නැති හින්දා......අම්මෝ...... මේ ගොල්ල වගේ......." මම උදව් ගන්න පිරිමි ළමයි දිහා බැලුවා.
"ආ...... එතකොට ඕගොල්ලං හොර වැඩ කලේ නෑ කියලද කියන්නෙ........"
"මොකද්ද කිව්වෙ.... හොර වැඩ....." අපි චාන්දනීලා ඉන්න පැත්තට පනිනවා එයාට ගහන්ඩ වගේ. පුටු පෙරලගෙන මහ සද්දයක් දාගෙන. බොරුවට! අපි ගැල්ලමයිට අත උස්සනවැයි කවදාවත්. ඒවා තමා සංග්‍රාමික උපක්‍රම කියන්නෙ.
ඉතින් ඔය විදිහට, ප්‍රශ්ණයක් කතා කරලා විසඳගන්න අපිට සෑහෙන කාලයක් ගත වෙනවා. ප්‍රශ්ණෙ ටිකක් දුරදිග ගියොත් අපේ නීරුපා ටීචර් වේ වැල අරගෙන අසරණ ගුරු මේසෙට තලලා නඩුව කෙටියෙන් විසඳනවා.
දැන් කොහොම කොහොම හරි පන්තියෙ හැම ළමයම වගේ උත්තර දීලාත් ඉවර උනා. හැබැයි ලකුණු පුවරුව අන්තිම නරක විදිහටයි තිබුනේ.
ගැණු ළමයි 70 යි. පිරිමි ළමයි 40 යි!
ඊට පස්සෙ දෙවෙනි වටේ පටන් ගත්තා. ඇයි අපේ පිරිමි ළමයි අඩුයිනෙ. ඒකට තේරුනේ මමයි තව කට්ටියකුයි. මම තරගෙ යන අතරතුර හිතින් ගැනු ළමයට පිරිමි ළමයා ගානේ කප කපා බැලුවා කව්රු වෙයිද මගෙන් ප්‍රස්ණ අහන ගෑණු ළමයා කියලා හොයාගන්න.
මොනවා?
"චින්තාමනී"
එයා දියසායම් පෙට්ටියක් වගේ මට කෙලින් එහා පැත්තෙ ඉඳගෙන ඉන්නවා. මට කලන්තෙ හැදෙන්ඩ ආවා.
චින්තාමනී කියන්නෙ පළවෙනි වාරේ මැද දී අපේ පන්තියට ආපු ගැල්ලමයෙක්. පංතියට ඇවිදින් ටික දවසකින් එයා ගුරුවරුන්ගෙයි අපෙයි කතා බහට ලක් උනා.
අපේ කතා බහට ලක්වුනේ එයා අපිට වඩා සුදු ඇඳුම් වලට වැඩිපුර නිල් දාන හින්දයි, ගවුම අඳින්නෙ හරිම දිගට හින්දයි, පාට පාට කොන්ඩා කූරු දුසිමක් විතර කොන්ඩෙට ගහන හින්දයි, කොන්ඩේ බැඳගෙන එන රිබන් පටිය තද රතු හින්දයි, මේස් ජෝඩුව දනිස්ස ලඟටම උස්සන හින්දයි.
දවසක් අපි යාලුවෝ කාණ්ඩයක් විවේක කාලෙදී අලුතෙන් ආපු මේ චින්තාමනීව දැන හඳුනාගන්ඩ ගියා. එතනදී අපිට දැන ගන්න ලැබුනා මෙයාගෙ උප්පපැන්නෙ තියෙන දේවල් අපේ ඒවට පොඩ්ඩක් වෙනස් විත්තිය. එයාගෙ ජාතිය හැටියට තිබුනෙ "ලංකා දෙමළ". එයා මෙහෙට පාත් වෙලා තියෙන්නෙ හිටපු දිහා එයාගෙ තාත්තට රස්සාව නැති වුනු හින්දා. දැන් ඒ ගොල්ලන් මෙහෙ ස්ථිර පංදිචියට තොරගෙන වගා කරන්ඩලු හිතාගෙන ඉන්නෙ.
ඒත් ගුරුවරු චින්තාමනීව අගය කලේ ඔය කාරණා හින්දා නෙමේ. එයාගේ පුදුම හැකියාව හන්දා! ඒකම තමා අපේ හෙනේ. එයාට පුලුවනි මනෝමෙන් ගණන් හදන්න. එයිට වඩා දක්ෂයි ඉංගිරිසි වලට. එයාට ඹ්නෙම වචනයක් අකුරු වරද්දන්නෙ නැතුව ලිව්වැහැකි. එලිෆන්‍ට් කියන වචනෙ පවා හරියට ලියනවා "h" අකුර නියම තැනට දාලා. මට කවම කවදාවත් හරියට ලියන්ඩ බැරි වෙන්ස්ඩේ කියන එක එයාට පුලුවනි එක පාරින් ලියන්න. ඔය හන්දා දැනුම මිනුම තරග වලදී එයා දෙවෙනි පාර උත්තර දීලා ලකුණු පහේ ඒවා සෑහෙන්න එකතු කරලා දුන්නා ඒ ගොල්ලන්ගෙ කණ්ඩායමට.
ඒ ඔක්කොම පැත්තකින් තියමු.
බරපතලම කාරණාව උනේ එයා අපෙන් අහන ප්‍රශ්ණයි. හුඟක් වෙලාවට එයා අපෙන් අහන්නෙ ගණිතය හරි ඉංග්‍රිසි හරි ප්‍රශ්ණ. ඔය වෙලාවට අපි හිරවෙනවා හිරවිල්ලක්!
ඉතින් මම ඒ වෙලාවෙම චින්තාමනී අහන්ඩ පුලුවන් කියලා හිතෙන ප්‍රස්ණ වලට වහාම ලෑස්ති උනා. එලිෆන්ට් කියද්දි "h" අකුර එන්නෙ කොතෙන්ටද කියලා මතක් කරගත්තා. වෙන්ස්ඩේ කියලා ලියන්න කිව්වොත් මම ලියනවා වෙඩ්-නස්-ඩේ කියලා. බාගදා එතකොට හරියට ලියවෙයි. ඔය ඔක්කොම දේවල් තියෙද්දි උන්දැ අහයි ද දන්නෑ පරිසරයෙන් ප්‍රශ්ණ. දිගම ගඟ මොකද්ද කියලා ඇහැව්වොත්! ලංකාවෙ නම් මහවැලි ගඟ, ලෝකෙන්ම නම් නයිල්. නැත්තම් රුධිර සංසරණ පද්ධතියේ පියා කව්ද කියලා උනත් අහන්ඩ ඉඩ තියෙනවා.
කොහොමහරි මම හිතාගත්තා චින්තාමනී අහන ඕනැම ප්‍රශ්ණෙකට හරි උත්තර දෙනවා කියලා. ඔහොම හිතාගෙනම මම ආයිමත් තරග බිමට ආවා. මේ වෙද්දි මට කලින් හිටපු රොහාන් වැරදි උත්තරයක් දීලා ඉඳගත්තා විතරයි.
දැන් ලකුණු පුවරුව,
ගෑණු ලමයි - 100 අපි 95 යි.
මගේ අවස්ථාව ආවා. මම හිටගත්තා. තමන්ගෙ සෙබලු අඩපන වෙලා ඉන්න වෙලාවක සංග්‍රාමික උපක්‍රමයක් හැටියට සතුරු නායකට ද්වන්ධ සටනකට ආරාධනා කරපු වීර සෙන්පතියෙක් ඉන්නෙ කොහොමද, ආන්න ඒ විදිහට පපුව ඉස්සරහට දාලා.
දැන් මම හරි විදිහට උත්තරේ දීලා ලකුණු දහයක් ගත්තොත් අපි දිනුම්. නැතිනම් අවාසනාවන්ත විදිහට අපි ලකුණු පහකින් පැරදෙනවා.
පැරදෙන එක වේදනාවට කාරණයක් නෙමේ. ඒත් ඊට පස්සෙ ගෑල්ලමයිගෙ ඔලොක්කු ඉවසන එකයි අමාරුම රාජකාරිය. මොකෝ අපි ඒ ගොල්ලන්ට අත උස්සන්න කියලා යෑ. වැරදිලා හරි ඒ ගොල්ල එක්ක රණ්ඩුවකට පැටලෙන්න ගියොත් ඒ ගොල්ල කෑ ගහයි, "මෙන්න මෙයා පැරදිලා මදිවට කෙල්ලන්ට ගහලා වීරයා වෙන්ඩ හදනවා" කියලා.
කොහොමහරි පිරිමි ළමයි බොහොම ඉවසිල්ලෙන් බලාගෙන හිටියා මම ඒගොල්ලන්ව මේ වලෙන් ගොඩට ගන්නතුරු. ඒ ගොල්ලන්ට මම හරි උත්තරේ දෙන වගට ඉර හද වගේ විශ්වාසයි. ගැල්ලමයි බලාගෙන හිටියෙ මම වැරදි උත්තරයක් කියලා ඒ ගොල්ලන්ට ඉදිමෙන්න අවස්ථාව දෙනකල්.
මම අන්තිම වතාවට ලකුණු පුවරුව දිහා බැලුවා. ඒ එක්කම චින්තාමනී මෙහෙම ඇහැව්වා මගෙන්.
"මමඉංග්‍රිසියෙන්අහනප්‍රජ්නෙට ඔයා.......... අරිඋත්තරය..... දෙන්න ඕනි. මේකයි ප්‍රජ්නය, වට් ඊස් යූවර් ඒජ් ?"
අන්න බලන්ඩකෝ ඉතින්! මම ලෑස්තිවෙලා හිටපු එක ප්‍රශ්ණයක්වත් අහන්නෙ නැතුව වෙනම ප්‍රශ්නයක් ඇහැව්වානෙ. ඒත් මම මේ ප්‍රශ්නෙට උත්තරේ සහ සුද්දෙන්ම දන්නවා.
අවංකව කතා කලොත් මමත් ටිකක් ව්‍යාකූල වෙලා හිටියේ චින්තාමනී මොනවා අහයි ද කියලා. ඉතින් ඒ ගතියත් නැතිවෙලා ගිහින් අපිව ජය කනුවට ගෙනියන උත්තරේ මම බොහොම සැහැල්ලුවෙන්, බොහොම සද්දෙන් කිව්වා මෙන්න මෙහෙම.
"මයි ඒජ් ඊස් ටෙන් අ ක්ලොක්."
ඒ එක්කම ගැල්ලමයිගේ කටවල් වල සද්දෙන් පන්තිය හෙල්ලෙන්න ගත්තා. පිරිමි ළමයිගේ මූණු මැලවිලා ගියා. මට කිසි දෙයක් හිතා ගන්න බැරි උනා. නිරූපා ටීචර් වේගෙන් ගුරු මේසෙට තලාගෙන තලාගෙන ගියා.
එතකොට දැනුම මිනුම තරගයේ ජයග්‍රහණය. එක්කෝ ඒ ගැන අපි කතා නොකර ඉමු.
..................................
- මීට කෙහෙල්කොටුවේ චූටි මහත්තයා.
වෙසක් සුබ පැතුම සමඟ ගැහැනු - පිරිමි වෙනස්කම්
28 minutes ago








ප්‍රශ්නෙත් නියමයි. උත්තරෙත් නියමයි. අපිත් දෙපැත්ත බෙදිලා 'දැනුම මිනුම ' තරඟයක් තියමුද?
ReplyDeleteමම අද එකද දන්නේ නෑනේද?:)
superb''
ReplyDeleteවැඩට යන්න කලින් බලන්න නියමයි...
මචං උබෙන් ඇහුවෙ වට්ස්ද ටයිම් මිස්ටර් වුල්ෆ් කියල නෙවේ නේද ?
ජය !
ඔව් නේ. ඔය සෙල්ලම තිබුණෙ 4 වසරෙ ඉංග්‍රීසි පොතේ. ඊට හුඟකාලෙකට පස්සෙත් අපි යාළුවොන්ගෙන් ඔහොම වෙලාව අහනව. ඇත්තටම ඒ කාලෙ හරිම සුන්දරයි.
Delete:D :D
ReplyDeleteඔය කතාවේ අන්තිම ටික වගේ එකක් අවුරුදු තිස් අටක විතර තඩි ලෙබනානියෙක් සුද්දියෙක් ඇවිත් හව් මච් ඉස් දිස් කියල බීන්ස් ටින් එකක් පෙන්නලා ඇහුවාම ඉට්ස් අබවුට් සික්ස් ඔ'ක්ලොක් කියල කියනවා මම ඇස් දෙකෙන්ම බලාගෙන.
ReplyDeleteපොකු නැන්දා,
Deleteදැනුම මිනුම තරගයක් තියමු. මම පළවෙනි ප්‍රස්නේ අහන්නම්. මේකට හරි උත්තරේ දෙන්න. ඉන්දියාවේ අගනුවර පිහිටි රට කුමක්ද?
..............................
සෑම් මාමා,
ස්තුතියි! කාලෙකට කලින් මම රාජකාරි ලියුමක් ලියපු හැටි ගැන කිව්ව කතාව කියොලා වැඩට යන්න හිටප දුකා මාමා තේ එක පිට පාරේ යවාගෙන තිබුනා. ඒක නිසා පරිස්සමින්.
............
ඩීඩීටී මාමා,
ඔව්... අපි වෙස් මූණක් හදාගෙන ගිහිල්ලා ඒක කලේ. පොතේ හැටියට ඉට්ස් ඩිනර් ටයිම් කියන පින්තූරේ ඇඳලා තිබුනේ වෙස් මූණ ගැලවෙන විදිහට. අපිත් කලේ ඒ විදිහට. අන්තිමේ වෙස්මූණ අයිතිකාරයා ඒක අපි බිම දාදා සෙල්ලම් කරනවා කියලා වලියටත් ආවා. ලෂ්ෂණයි නේන්නම් මතකේ....:)
........................
ඉඳුනිල් මාමා,
ස්තුතියි.
...........................
ක්සැන්ඩර් මාමා,
අන්න බලන්න. මම හොඳයිනේ. ලොකු නැන්දලා මාමාලත් වරද්දන එකේ. මගේ වැරැද්දට සමාවක් දෙන්න වටිනවා. නැද්ද?
ඒයි සිරාවටම දන්නැති හින්දයි අහන්නෙ, කවුද බං 'රුධිර සංසරණ පද්ධතියේ පියා'..!!??
ReplyDeleteපලි: මම වෙන මුකුත්නම් අහන්න යන්නෙ නෑ ඔන්න.. ;)
බූරා මාමේ,
Deleteරුධිර සංසරණ පද්ධතියේ පියා විලියම් හාවි නේද? මම හිතුවේ හාවි කියලා තියෙන හන්දා ගෑණු කෙනෙක් කියලා......!
ඒක තමා මාත් හිතුවෙ.. එහෙනං ඒ පියා වෙන්න බෑ, මව වෙන්නැති නේද..?? එතකොට ඛවුධ භොළේ පියා..!?
Deleteබූරා මාමේ,
Deleteපියා අඤ්ඤාතයි!
හැක්..හැක්... ටෙන් අ ක්ලොක්..
ReplyDeleteචූටි මහත්තය ඔරලෝසුවක් කියලද හිතාගෙන ඉන්නෙ.
ReplyDeleteකොහොම උනත් ඊට පස්සෙ වෙච්ච දේනං මැවි මැවී පේනව.
මොනවද ඉතින් චූටි මහත්තයා දිනන්න ඇති. මොනවා හරි ජංගරියක් දාලා. අපි නොදන්නවායැ තොගෙ හැටි
ReplyDeleteනියම කතාව. මටත් මෙහෙම දෙයක් වෙලා තියනව. මම හිතන්නේ 5 - 6 විතර වෙන්න ඇති. එක එක රැකියාවල් ඉංග්‍රීසියෙන් කියන්න කිව්වම මම බේකරියේ වැඩ කරන්නේ කරණවෑමියා කියලා කිව්ව. අදත් යාලුවො සෙට් වුන ගමන් මගෙන් අහනවා කොන්ඩෙ කපන්න බේකරියට ගියාද කියලා.
ReplyDeleteහපොයි!!
ReplyDeleteහරී මාමා,
Deleteහික් හික් හී..............
.................................
ප්‍රසා මාමා,
අන්න ඒකයි මම ඊලගට වෙච්චි දෙ ගැන කිව්වෙ නැත්තෙ...... අපි ඒ ගැන කතා නොකර ඉමු හොදේ.
.................
ඉෂාර මාමේ,
මොන ජංගිරිද මාමේ.... අපේ පංතියේ ගැල්ලමයි හෙන වසයි.
...............
වෙද මාමේ,
හඒක වෙන්න පුලුවන් කියලා මටත් හිතෙනවා. බේකරියේ කරණවෑමියා නං, සැලුන් එකේ ඉන්න ඕනේ බක්කරේ. හරිනේ සමහරු කොන්ඩ කපන්න ගියාම අනාගෙන එන්නෙ.... ඒ බක්කරේ මාමලා කොන්ඩෙ කැපුවම වෙන්න ඇති.
.................
සුලඟ මාමා,
කාලෙකට පස්සෙ. සුලඟ මාමා කෙනෙක් නේද?:D
@කෙ.කො.චූ මහත්තයා.
ReplyDeleteඋත්තරේ නම් පට්ට බන් හෙහ් හෙහ් හෙහ්...
ඔය වගේ උත්තර මගේ ලොකු කෙල්ලත් දෙනවා.
Que :-what is your weight?
Answer:- 25Kilo meters
"මයි ඒජ් ඊස් ටෙන් අ ක්ලොක්."
ReplyDeleteඑල එල! මං හිතුවෙවත් නැති උත්තරයක් දීල තියෙන්නෙ. ඕක මගෙන් ඇහුවනං ලැබෙන්නෙ "අයිම් පයින් තැන්කියු" කියල. :-)
:D
Deleteමට නං දැං තමයි වැටහුනේ,
Deletehttp://cyberyaya.blogspot.com/2012/05/01.html
මේ පෝස්ට් එකේ තේරුම මොකද්ද කියලා........... පරණ කථා මතක් කරන්න ගියහම මෙයාට ශ්‍රියාලතාගේ හරි චින්තාමනීගේ හරි ඇස් මතක් වෙලා........ ඈ බුද්ධි? එව්වා ඒ තරං දඟකරයි ද ඈ? :D
සුන්දර අතීතෙට එබිලා බැලුනා.
ReplyDeleteඑතකොට ඔයාගෙ දැන් ඒජ් එක මොකක්ද අප්පා...
ReplyDelete"වට්ස්ද ටයිම් මිස්ට වුල්ෆ්"
ReplyDelete"ඉට්ස් ඩිනර් ටයිම්....."
තරූ මාමා,
Deleteඅන්න ඒකනෙ කියන්නෙ. මාමගේ දූටත් මට වගේම පැහැබර අනාගතයක් සුවර්!
නංගියාට සුබ පැතුවයි කියන්න.
..................
රාජ් මාමේ,
මාමත් ඊට දෙවෙනි නෑ.
..............
රන්දිල්,
අනේ එව්වොන්ගේ ඇස්! එව්වොන්ගේ ඇස් බලාගෙන ඉන්නෙම අපේ ඇඳයක් හොයාගන්න. පස්සෙ ගිහිං ටීචර්ගෙ කනේ තියනවා.
....................
සරත් ලංකාප්‍රිය මාමේ,
ස්තුතියි චුටිමහත්තයා බලන්න ආවට.
..........
නිසූපා නැන්දේ,
අයිම් ඉස්ටිල් ටෙන් අ ක්ලොක්.
..............
පිණිබිඳු නැන්දේ,
යා......ඉට්ස් කෑම ටයිම්......!
අපේ එකෙක් ඉන්නව උගෙන් වයස ඇහුවොත් කියන්නේ. අයි ඇම් ටෙන් යර්ස් ඔල්ඩර් දෑන් යූ කියල.
ReplyDeleteඅෆොයි.. මටත් ඉස්කොලෙ යන කාලේ අයි ඩෝන්ට් නෝ මෙලොදෙයක්.. සිංහලනම් ඕඅන දෙයක් ............. දැනුත් ඉතින් එහෙම්මම තමා
ReplyDeleteමෙ ලමයට නමට ගැලපෙන බුද්ධියක් තිබිල තියන බව පේනවා :D
ReplyDeleteබලාගෙන යද්දී මම විතරක් නෙවේ ඉංගිරිසියට බයෙන් ඉඳලා තියෙන්නේ . !!
ReplyDelete@නිසුපා.
ReplyDelete**එතකොට ඔයාගෙ දැන් ඒජ් එක මොකක්ද අප්පා...**
තර්ටි ෆයිව් අ ක්ලොක්... හෙහ් හෙහ් හෙහ්
හික්කි හිකි හිකි.....පස්ට උත්තරේ :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අයියේ අයියේ, නව් වටි ඊස් යුවර් යේජ්?
ReplyDeleteමයි ඒජ් ඊස් ෆෝටි ෆයිව් අ ක්ලොක් ද ? :D
අමුතු ඉලන්දාරියා මාමා,
Deleteහේහ් හේ...........අන්න නියම පොරවල්.
......................
මී ගොඩයා මාමා,
ඒ කියන්නෙ ඔයා කැෆුවත් සිංහල නේද?
.................
ගිම්හානී නැන්දා,
ස්තුතියි නැන්දේ. නැන්දා ඉතරයි එහෙම කිව්වේ.
.................
සඳරු මාමා,
හෙහ් හේ....... අපි ඔක්කොලාම එහෙමද?
........
අඩවි රජ තුමනි,
ස්තුතියි!
ඔබටත් එසේම වේවා!
................
ප්‍රසන්න මාමේ,
විකාරද අනේ තාම ටෙන් අ ක්ලොක් තමා.
4 හරි 5 හරි ඉංග්‍රීසි අච්චු පොතක නේද තිබුණේ වෘකයෙක් එක්ක කරන සෙල්ලමක්. වට්ස් ද ටයිම් මිස්ටර් වුල්ෆ් ? කියලා.
ReplyDeleteඒකට උත්තර දෙන්නේ වෘකයා. ඉට්ස් ටෙන් අ ක්ලොක් කියලා. අන්තිමය වෘකයා කියනවා ඉට්ස් ඩිනර් ටයිම් කියල.....
චූටි මහත්තයා ඒ සෙල්ලම කරන්න ගිහින්නේ :D
ඉදලා හමාරයි.. ඔය සෙන්පතියා ගේමට බැහැලා කරගෙන තියෙන්නේ..
ReplyDeleteඑක පන්තියේ අවුරුදු දෙකක් හිටිය කියල, චින්තාමනී නක්කලේට ඇහුව වෙන්න බැරිද ?
ReplyDeleteතරගය පැරදුනත් සායම.......
කෙසෙල් කොටුවේ කතා නැවත ලැබීම ගැන මගේ ප්‍රණාමය !!!!
හසිත මාමේ,
Deleteචින්තාමනී ව දැක්කම ඔක්කොම ඇනෙනවා නේ.!
...................
දීනේෂ් මාමේ,
එහෙම තමා අපි.... ඔලුව ගියත් කඳ පයිට්...!
..................
කම්මල මාමේ,
සායම හේදිලා යනවා. ඒවා ඉතිං ඔයි කාලෙට හොඳට හුරුයි නෙවැ.
ස්තුතියි කෙහෙල්කොටුව පැත්තෙ ඇවිල්ලා යන එකට.
//එයා දියසායම් පෙට්ටියක් වගේ මට කෙලින් එහා පැත්තෙ ඉඳගෙන ඉන්නවා. //
ReplyDeleteකතාව කියෝලා බඩ අල්ලන් හිනා වුනාට මේ උපමාව දැක්ක ගමන් මම ටිකක් විතර හෙල්ලිලා ගියා..
“චූටි මහත්තයා කියන්න බලන්න මොකද්ද මේ උපමාව යොදා ගන්න වෙන අවස්ථාවක්?“
ඊයේ ඉදන් කල්පනා කලා අදහසක් එන්නෑ රූ නැන්දා, ඉතින් මොකද්ද කියලා කියන්ඩකෝ.....:D?
Deleteමේ උපමාව ඔය ළමයා පාවිච්චි කලාට දන්නැද්ද ඇයි පාවිච්චි කලේ කියලා..
Deleteචින්තාමනී දිය සායම් පෙට්ටියක් වගේ එක එක පාට තිවුන නිසාද? තේරුනේ නැති නිසයි එහෙම ඇහුවෙ ළමයෝ..
අයියෝ මෙහෙමත් චූටි මහත්තයෙක්!!
ප/ලි: නැන්දා..!!
මම නම් ගඟේ පනිනවා..ගිලිලා මැරෙනවා..හුස්ම ටිකක්...(එක්කො ඕන නෑ)
රූ නැන්දා,
Delete''යොදා ගන්න වෙන අවස්ථාවක්?“// මෙන්න මේ "වෙන" අවස්ථාවක් කියන තැන හින්දයි මට පැටලුනේ... මම හිතුවේ රූ නැන්දලා දියසායම් පෙට්ටිය කියලා වෙන මොකක් හරි දෙයක් උපමා කරලා ඇති දැනටම. ඒක අනුමාන කරලා කියන්ඩ කියලා මගෙන් ඇහැව්වා කියලා.
ඔව්! පැහැදිලිවම මම ඒ උපමාව භාවිතා කලේ එයා දියසායං පෙට්ටියක් වගේ පාට පාට දේවල් ඇඳගෙන ඉන්න හන්දා තමයි. හෙහ් හේ.....
ස්තුතියි! නැවත එන්න.
-චූටිමහතා
විශය උගන්වන ගුරුවරු ආපු නැති දවස්වලට රිලීෆ් දාන ගුරුවරයා එයාගෙ වැඩ කරගන්නකම් ලමයින්ට දෙන ලනුවක්නෙ ඔය දැනුම මිනුම තරග.4,5 පන්තිවල ඉද්දි තමා වැඩිපුරම ඕක වෙන්නෙ.
ReplyDeleteඅපේ පන්තියෙ ගෑනු ලමයෙක් උන්නා,ඒ ලමය හැමදාම දැනුම මිනුම තරගෙදි අහන ප්‍රශ්නෙ තමා අන්‍යෝන්‍ය වචනෙට අකුරු මොනාද කියල
මට මතක විදිහට කාටවත් ඕකට උත්තර දෙන්න බැරිඋනා කොච්චර ට්‍රයි කලත්. :D
වට්ස් ද ටයිම් මිස්ටර් වුල්ෆ්..???
ඉට්ස් ලන්ච් ටයිම්......
අනිත් පිරිමි ළමයිට වැඩිය වෙනස් නිසා චින්තාමනීට චූටි මහත්තයා ගැන පොඩි මෙව්වා එකක් තියෙන්න ඇති...
ReplyDeleteනැත්තන් තමන්ගේ ටීම් එකම පාවා දීලා ඔය වගේ ප්‍රශ්ණයක් අහන්න හිතහදාගන්නේ කොහොමද..?
ඒත් ඉතින් චූටි මහත්තයා පුවක් ගහකට නැග්ගොත් ඒකෙත් දෙබලක්... කොස් ගහකට නැග්ගොත් අල්ලගන්න ගැටයක්වත් නෑ.. :D
ඔය කොරං තියෙන්නේ වැඩක්.... වැඩිය බයිට් උනේ නැතුව ඇති මයෙ හිතේ...
ReplyDeleteඅපේ කියලත් 4/5දී වැඩි වෙනසක් තිබුනේ නැහැ ඉතින්......
ReplyDeleteහික් හික්.. මේ කතාව නන් සිරා.. :-D
ReplyDeleteAutumn අයියා,
Deleteඅන්‍යෝන්‍ය ඒ වඩනේ අහත්දිත් උණ ගැනෙන්න වගේ එනවා. ඇත්තටම ගෑල්ලමයිටඉ වෙන වැඩ නැද්ද මන්දා ඔය වගේ දෙවල්ම පාඩම් කරකර ඉන්න......
...........
බීටල් මාමා,
ඔව් ඔව් පොඩි මෙව්වා එකක් තියෙන්න ඇති තමා...ඒ ගැන නං මොකට කියවනද බීටල් මාමේ.
අනික පුවක් ගහේ දෙබල් තිබුනා කියමුකො. කොස් ගැන නං කතා කරන්න එපා. මම කවමකවදාවත් ගැටනං අල්ලන්නෙම නෑ. ඒක මගේ ප්‍රතිපත්තියක් මාමේ!:P
.................
වෙඩික්කාරයා මාමා,
එහෙම බයිට් වෙන්නෙ නෑ. ඇයි අපේ අනිත් පිරිමි ළමයි ඉන්නෙ අපිව බේරගන්ඩ....! හෙහ්හෙ...
..................
රොබින් මාමා,
කව්රුත් එකයි වගේ බලාගෙන යනකොට.
...............
පසන්,
ස්තුතියි මාමා. මාමව දැක්ක කල් අනේ!
ඔය තියෙන්නේ එලම උත්තරේ මේකට චිත්තරයක් අඳින්න එකෙක් නැද්දෝ... බුද්ධි අයියා හොල්මං වෙලා ඉන්න හැටි මැවිලා පේනවා...එදායින් පස්සේ කොහොමෙයි පන්තියේ හිටියේ...
ReplyDeleteඅපෙත් ඔය දැනුම මිනුම කේස් එක ඔහොම්ම තිබුනා.. මම හැමවෙලේම බලාගෙන හිටියේ අනික් අය නොදන්න සාමාන්‍ය දැනීම ප්‍රශ්න දාලා කෙල්ලන්ව අමාරුවේ දාන්න ඒ උත්සහය නිසාමද මන්දා හැමදාම අපි දිනුම්.. ඔය කෙල්ලන්ට කවදාවත් කියවන පොතක කර්තෘ මතක හිටින්නේ නෑ ඒක ෂුවර් ඇන්ඩ් ෂොට්...
එක පාරක් අපේ සමාජ අධ්‍යයනය සර් නියම ක්‍රමේක දැනුම මිනුම තරඟයක් තිබ්බ. තරෙඟටම ඇහැව්වෙ ප්‍රශ්ණ දෙකයි
ReplyDeleteගෑණු ළමයින්ගෙ පැත්තෙන් එක ප්‍රශ්ණයයි,
("ලංකාවට ආවේනික පළතුරක නමක් කියන්න")
පිරිමි ළමයින්ගෙ පැත්තෙන්නුත් එක ප්‍රශ්ණයයි,
("ලංකාවට ආවේනික එලවළුවක නමක් කියන්න")
එක ළමයෙක් දෙන උත්තරේ වෙන කෙනෙක්ට දෙන්න බෑ.
ඊට පස්සෙ පන්තියෙ ඉස්සරහින් පටංගෙන උත්තර දන්නෙ නැති හැමෝටම ගුටි පූජාවක් දුන්න. අන්තිම පේළි වල හිටිය ළමයි ගුටිකෑවෙ උත්තර නොදැන නෙවෙයි. ලංකාවට ආවේනික එලෝළුයි පළතුරුයි එච්චර තිබ්බෙ නැති නිසා.
මම හිතුව ප්‍රවීන ජෝතිෂ්‍ය වේදිනී චින්තාමනී...... කියලා....
ReplyDeleteහ්යියෝ සල්ලි.....
අපූරු පන්තියක් නේ.
ReplyDeleteමම හිතන්නෙ බුද්ධිට දැන් “වෙන්ස්ඩේ“ කියල ලියන්න පුළුවන් ඇති.
පරිවර්ථනය මොකෙන්ද?
ReplyDeleteසුදාර,
DeleteThe adventure of Chutimahaththya.
වහාම ඩුඩ් ගෙ පංතියට ඇතුල් වෙන්නැයි නිර්දේශ කර සිටිමි
ReplyDeleteහැබෑට ... අපේ ඉංග්‍රීසි ගුරුතුමා තාම මෙතනට සැපත්වෙල නෑනේ.
Deleteඔය අපූරුවට ගැලපෙන්න් හරිම උත්තරේ දීල තියෙන්නෙ... :P
ReplyDeleteඔය අපූරුවට ගැලපෙන්න් හරිම උත්තරේ දීල තියෙන්නෙ... :P
ReplyDeleteගැමියා අයියා,
Deleteෂක්....ඔය ඔත්තුව එදා දීලා තිබුනානම් අපි උඩින්නෙ දිනන්නෙ....
..................
පරිකල්පන අයියා,
ඔය වගේ වැඩක් අපට උනා. අපි ගීතයෙන් ගීතය කලා. ස යන්නෙන් පටන් ගන්න සිංදු විතරයි කියන්න පුලුවන්. මම හිතන්නෙ සිංහල සිංදු වැඩිපුරම පටන් ගන්නෙ සයන්නෙන් ද මන්දා. එච්චරට සිංදු. අන්තිමේ සින්දු ඉවර උනා. පස්සෙ අපි නදීකාට මතක නැද්ද අපේ පුංචි කාලේ කියන එක සයන්නනෙන් පටන් ගන්න ගෑල්ලමයිගේ නම් දාලා කිව්වා . අන්තිමේ මේක කොච්චර නැගලා ගියාද කියනවනම් අපි තව ටිකෙන් නවතින්නෙ ඉස්පිරිතාලේ.
............
අසේල,
ඇයි චින්තාමනී මහත්මිය එච්චරට සල්ලි ගන්නවද?
.............
ඩීඩීටී අයියා,
වෙන්ස්ඩේ කියලා ලියන්න ඕන උනාම මම ලියන්නෙ වෙඩ් - නස් - ඩේ කියලා. ඒකත හරියට හරියනවා. ඔන්න බලන්න. wed-nes-day. හෙහ් හෙ..
.............
ඊමේල් කවිකාරී නැන්දා, ඩීඩීටී අයියා,
අපේ ඩූඩ් මහත්තැන්ට ඇත්තට මක්කා වෙලාද? හොයා බලන්න ඕනේ....
...........
නීතා නැන්දා,
දන්නවනේ නැන්දේ. නෙක්ටෝ වගේ තමා. ඇත්තට නැන්දලා වගේ උනානනම් ඔක්කොලාම කොච්චර හොඳද? කමෙන්ට් දෙක ගානේ දාන අය දැන් හරි අඩුයි. හෙහ්...හේ.....
අයියෝ හොදට හිනා උනා...
ReplyDeleteඉතින් ඒ ප්‍රශ්නෙට ලකුණු පහක් අරන් සෙපෝරු කරන්නවත් බැරි වුණාද කාටවත්ම ?
ReplyDeleteගැල්ලමයි තමයි හැම එකෙන්ම පලවෙනි..ඔයි කොක උනත්...
ReplyDeleteහිනා වෙලා පන යනවනේ හලෝ ..හය්යෝ . කාඩ් සේරම කුඩු නේද . අපි ආසයි මේ කතා අහන්න
ReplyDelete"වට් ඉස් යුවර් නේම්" කියලා ඇහුවානම් මෙයා මොනා කියයිද මන්දා....
ReplyDeleteඅපි දන්නවා උඹ උත්තරේ නොදැන නෙවෙයි එහෙම කිවුවේ. කාන්තාවන්ට ගරු කිරීමක් විදියට. නැත්නම් උඹට බුද්ධි කියල නම දාන්නේ නැහැ නේ.
ReplyDeleteකාව්‍යා අක්කා,
Deleteහිනාවෙන්න හිනාවෙන්න එතකොට තර වෙයිනේ........
..................
මකරා මාමා,
සෙපෝරු කරන්නත් මට වැඩිය දන්න කෙනෙක් ඉන්ඩෙපැයි අනේ...හෙහ්...හේ.....!
...........
නිම්ෂා නැන්දා,
එහෙම තමා අපේ පංතියේ ගෑල්ලමයිනුත් හිතාගෙන හිටියේ...
............
බිංදුමතී නැන්දා,
අපිලට හිනාවෙන්න තිබුනොත් එයිට වඩා දෙයක් නෑ නේද නැන්දට....! හරි හරි එු වුනාට කමන්නෑ දිගමට එන්ඩකො..
...................
හසී නැන්දා,
එහෙනං මම කියනවා මයි ඒජ් ඊස් චුටිමහත්තයා කියලා.
...............
අසරණ මාමා,
අන්න ඇත්ත කතාව දන්න මාමා කෙනෙක්! අපි නිතර දෙවේලේ ගැල්ලමයිට ගරු කරනවා නෙව...
ඒ දවස් වල චුටි මහත්තයගෙ වයස ටෙන් ඔ ක්ලොක් ද?
ReplyDeleteමම හිතුව ටුවෙල්ව් ඔ ක්ලොක් විතර වෙන්නැති කියල.
මගේ නිව් ඒක් එක නයින් අ ක්ලොක්...වරහන් ඇතුලෙ පී..එම්
ReplyDeleteහපොයි වෙච්ච දෙයක් !
ReplyDeleteඒ ගෑනු ළමයි හරි නරකයි නේ, හරි උත්තරේ දීලත් ඇයි හිනා වුනේ????
ReplyDeleteපට්ටයි බුද්ධි අයියේ හොඳේ. සිරා!
අර කතා නොකර ඉමු කිව එක ගැනත් කියන්නකෝ බුද්ධි අයියා,,, මාසයක් ඊට පස්සේ ගියේ නැද්ද පන්තියට...
ReplyDeleteමයි ඒජ් ඉස් .... ඒක මොකටද ඔයාට
මේකත් හරියට අර අරාබි කාරයෙක් CV එකේ SEX:
ReplyDeleteNAME : ABHDULLAH ......
SEX : 05 times per week
මුහුදු මාමා,
Deleteහෙහ් හේ....ටුවෙල් ඔ ක්ලොක් වෙද්දි දුන්නු උත්තර මීට වඩා හෙන වෙනස් මූදූ මාමේ.....
...................
කෝඩුකාරයා අයියා,
මක් කිව්වා. මට තේරුනේ නෑ.
.........
කසුන් අයියා, මධුරංග අයියා,
ස්තුතියි ඈ....මගේ උත්තරේ අගය කිරීම ගැන.
............
දේවා අයියා,
මේ මොනවද ඊලග දවසෙත් දැනුම මිනුම තරග තිබ්බා.
...............
සුදු මූවා අයියා,
අරාබි අය ඔහොම්මයි නේද? පොට වරද්දා ගන්නවා. හෙහ් හේ....
ඒ අතින් අපි හොඳයිනේ.....
යකෝ මට තාමත් බැහැනේ ඔය වෙන්ස්ඩේ එක ලියා ගන්න..තාමත් කැලැන්ඩරේ දිහා බලලා අකුරු අමුණන්නේ.. ඇත්තටම බං එලිෆන්‍ට් කියන්න ඇච් ඇකුරක් තියේද..? මේ ඉංගිරිසි හැදුව සුද්දටනං හොඳක් වෙන්න හොඳ නැහැ..සික්...
ReplyDeleteකාලෙකින් ආයේ පරණ කෙහෙල් කොට්ටව දැක්කා...
මාරයා මාමා,
Deleteවෙන්ස්ඩේ කියලා මේ ලෝකේ කාටවත් හරියට ලියන්ඩ බැරුව ඇති. මමත් ලියන්නෙ වෙඩ්-නස්-ඩේ කියලා හෙහ් හෙ....
"එලිෆන්‍ට් කියන වචනෙ පවා හරියට ලියනවා "h" අකුර නියම තැනට දාලා"
ReplyDeleteහික් හික්
තත්පරවලින් වයස කිවුව වගේනේ..
ගයාන් අයියා,
Deleteඔව්........ඉතින් වයස කියන්ඩ ඕනා කාලයෙන්නෙ නේද? හික්.....
//"මයි ඒජ් ඊස් ටෙන් අ ක්ලොක්."//
ReplyDeleteඅපොයි, තෝව කොටියම කාපිය !!!
මදැයි කොල්ලන්ගෙ නම්බුව රැක්ක හැටි !
චතුරංග අයියේ,
Deleteඅපි එහෙමයි! කොටයි වෙලාවෙත් අපේ නම්බුව ආරක්ෂා කරන්ඩමයි වැඩ කරන්නෙ... කොහෙද මේ ගැල්ලමයි එක්ක හරි අමාරුනේ ඒක.
කියන්න දෙයක් නෑ... මට මතක් වෙන්නෙම ටොම් සෝයර් කොලුවව.
ReplyDeleteමේකා උගේ මල්ලි කෙනෙක්ද කොහෙද ?
මුල ටිකත් කියවන්ඩ ඕනා. කොහේ හරි පිළිවෙලකට තිබේද ? මුල සිට සරළව !
ජයම පතමි !!!
සෙන්නා,
Deleteමුල සිට සරළව මෙන්න මෙතන....
http://www.cyberyaya.blogspot.com/search/label/%E0%B6%A0%E0%B7%96%E0%B6%A7%E0%B7%92%E0%B6%B8%E0%B7%84%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A%20%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F
මුල් කතාවල භාෂා ගෛලිය පොඩ්ඩක් වෙනස්. දන්නවනේ කල් යද්දි ටිකක් මෙව්වා වෙලා දැන් එක විදිහකට ලිව්වැකි වගේ....
නියම කතාව ..පාසල් කාලය මතක් උනා ...
ReplyDeleteස්තුතියි චාමි!
Deleteහිහී..හරිම රසවත් කතාව...
ReplyDeleteඩූඩ් ගැන චූටිමහත්තයගෙ බ්ලොග් එකේ අහලා තියෙනවා කියලා මගෙ පෙම්බරිය චැට් කරනකොට කිව්වා. සමාවෙයල්ලා. අපිට ලොකු කරදරක් වුනානෙ. මගෙ අම්මා නැතිවුනා. පරිපාලනයෙ හොඳකමට මට අවසානකටයුතු වලට එන්නෙ ප්‍රමාද වුනා. අද තමයි දානෙ දුන්නෙ.
ReplyDeleteහොයලා බැලුවට ස්තුතියි හැමෝටම.
henryblogwalker the Dude
හෆොයි මෙහෙමත් නෑමක් කෙල්ලො ඉස්සරහ..ඒ කාලෙත් එහෙමයි එහෙනම්...
ReplyDeleteමමත් ඔහොම නෑමක් නෑවා.. ඉංග්‍රීසි සර් ඇහුව වට් ඊස් යුවර් විලේජ් කියල.. මම පොර සේ උත්තරේ දුන්නා.. මයි කොලේජ් ඉස් බියගම ප්‍රයිමරි කොලේජ් කියල.. සර් යන්නෙ කොහෙද මල්ලේ පොල් කියන්නේ ඔන්න ඕවට තමයි කියල හෙන කින්ඩියක් දැම්මා.. 6 වසරෙදි ද කොහෙද.. හික්..
ReplyDeleteදම්මි නැන්දා,
Deleteස්තුතියි.
.........
ඩූඩ් මාමා,
මාමාගේ අම්මගේ වියෝව ගැන කණගාටුයි. නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වෙද්දි ඩූඩ් මාමා එවපු නොම්බරේ දෙවෙනි පාරටත් මකාගෙන ආය ඉල්ලන්න බැරි කමට බලාගෙන ඉන්නවා.
............
වෙනී මාමා,
ඒ කාලේ මේ කාලේ කියා වෙනසක් නෑ මාමා.! අපි හැමදාම එකයි.:P
පැතුම් අයියා,
ආ මේ ඉන්නේ මං වගේම හරි විදිහට උත්තර දුන්නු අයියා කෙනෙක්
කොයි බොල මම අද උදේ පාන්දර කමෙන්ට් දාපු උඹෙ අලුත් පෝස්ට් එක..!!?? බහිරවයා ගිල්ලද නැත්තං ගූගලයා ගිල්ලද..??
ReplyDeleteපොතට ඉංග්‍රීසියෙන් බුක්.. පොත් දෙකට දෙබුක්
ReplyDeleteබූරා මාමා,
Deleteඅනේ ඒකට විච්චි දේ කියන්ඩ මට වචන නෑ ඕං
..............
පොඩි මෑන් අයියා,
හෙහ් හෙ....බකවරක් චක්කරේ වගේ
මෙව්වට කොහොමෙයි හිතක් හදාගෙන කොමෙන්ට් කරන්නෙ. රිප්ලයි එකේදි මූ මාමා කියලන් අපිට කියන්නෙ. [මේකට එහෙම රිප්ලයි දෙනව නෙමෙයි.] ගෝරිල්ලෙක් සයිස් එකෙක් මේ පතුර වගේ ඉන්න මට මාමා කියනකොට නිකං බඩ කුරු කුරු ගානව බොල !!
ReplyDeleteනවම් මාමා,
ReplyDeleteමාමාට මාමා කියන්නැතුව වෙන මොකක් කියන්නද? දන්නෙ නැද්ද? කෙහෙල්කොටුවේ චුටිමහත්තයාගේ කතා ලියන චුටි මහත්තයගේ වයස ඇවිල්ලා තාමත් ටෙන් අ ක්ලොක් විත්තිය....! ආ එකට ගැන සතුටුයි.
දැන් තුවාල හොඳ වී ඇතැයි සිතමි. මට නිකමට හිතුනා හොද වෙලාවට මැණිකා නැන්දා වගේ එක්කෙනෙක් බැඳ ගන්තේ කියලා. නැන්නං තුවාල කර ගන්න හැටියට, ගෙවල් දොරවල් උගස් තියන්ඩ වෙනවා බේත් දා ගන්ඩ..
ඔය වගේ වැඩක් මගේ යාළුවෙක්ටත් වුනා. අර සිරසෙ දහසක් මල් වලින් උපන්දිනේ තියෙන අයව රවටලා විෂ් කරන්නෙ. අන්න ඒකට එයාලා ඉස්සර වැඩ කරපු ඉස්කෝලෙ ගෑනු ළමයෙක් එයාගේ නම්බරේ දීලා. සිරසේ අය එයාව රවටලා අන්තිමේ අපි අහවල්ලු කියලා හැබි බර්ත් ඩේ ......... කියද්දි මගේ යාළුවා සේම්ටු යූ කියලා. රටටම ඇහෙන්න.
ReplyDeleteරන්දිල් නැන්දා, ඔය වගේ වැඩක් මගේ යාලුවෙක්ටත් උනා. නැන්දගේ වෙලාව කියන්නෙ ඒ යාලුවා කියපු කතාව තිබුනු ඊ මේල් එක මගේ අතින් මැකුනා.
Deleteවෙලාවට........ :D
Deleteපිස්සු කොර... නියම කතාව..
ReplyDeleteවී පොකුර අයියා, ඉෂ්තුතියි!
Deleteඅනේ චූටි මහත්තයා මටත් ඔය වගෙ වැඩක් උනා 6 වසරෙදි.. මම ඉස්කොලේ හොස්ටල් එකට ගියපුම දවසෙ තමා මේක උනේ.. ඒ දවස් වල මගෙ ඉංග්‍රීසි දැනුම හරිම දුර්වලයි.. රෑ නිදා ගන්ට ලං වෙලා පරණ ලමයෙක් මගෙන් ඇහුවා " ඔයා plate එක තිබ්බද " කියලා. කෑම කන්න plate එක කෑම මේසෙ තියන්ට ඔනි.. මම එක පාරටම ඇඳේ රෙද්ද පෙන්නල කීවා " ඔව් ඔව් මේ තියෙන්නෙ" කියලා... මට කන් අඩි පැලෙන සද්දෙන් හිනාවක් අහුනා මතකයි... අසරණ මට "plate" කියන එකයි "coverlet" කියන එකයි මාරු වෙලා තමා එහෙම කීවෙ
ReplyDeleteඅනේ චූටි මහත්තයා මටත් ඔය වගෙ වැඩක් උනා 6 වසරෙදි.. මම ඉස්කොලේ හොස්ටල් එකට ගියපුම දවසෙ තමා මේක උනේ.. ඒ දවස් වල මගෙ ඉංග්‍රීසි දැනුම හරිම දුර්වලයි.. රෑ නිදා ගන්ට ලං වෙලා පරණ ලමයෙක් මගෙන් ඇහුවා " ඔයා plate එක තිබ්බද " කියලා. කෑම කන්න plate එක කෑම මේසෙ තියන්ට ඔනි කෑම බෙදන්ට කලින්.. මම එක පාරටම ඇඳේ රෙද්ද පෙන්නල කීවා " ඔව් ඔව් මේ තියෙන්නෙ" කියලා... මට කන් අඩි පැලෙන සද්දෙන් හිනාවක් අහුනා මතකයි... අසරණ මට "plate" කියන එකයි "coverlet" කියන එකයි මාරු වෙලා තමා එහෙම කීවෙ
ReplyDeleteදඟ මල්ල අයියා, මම නම් හොස්ටල් වල ඉදලා නෑ. හැබැයි ඔය වගේ වැඩ වෙලා තියෙනවා. නොදන්න වචනයක් කිව්වම අනුමාන කරලා උත්තර දීලා... හෙහ් හේ..... ගණන් ගන්ඩ එපා ඔව්වා ඔහොම තමා.
Deleteඇත්තට කියනවනම් දඟ මල්ල අක්කා හිතන්ඩ එපා මට වැරදිලා අයියා කියවුනා කියලා. මට වැරදුනෙත් නෑ. රන්දිල් නැන්දා මට ප්‍රොෆයිල් පින්තූරේ බලලාවත් උත්තර දෙන්ඩ බැරිද කියලා මට තරවටු කලෙත් නෑ ඔන්න... හොඳද?
Deleteමට තේරුනා චූටි මහත්තයට වැරදිලා නෑ කියලා.......
Deleteදැන් අලුත් කතාවක් කිව්වා නම් හොඳයි නේද ???
ReplyDeleteඑහෙනං එහෙනං
Deleteඒ වෙලාවේ පොඩි උදැල්ලක්වත් අහල පහල තිබ්බනම් හොඳයි කියල චුටි මහත්තයට හිතුනේ නැද්ද...
ReplyDeleteඑහෙනම් කාටවත් පේන්නේ නැතුව පොළවේ වලක් හාරගෙන හැංගෙන්න තිබ්බා නේද...:)))
ටෙන් ඔ'ක්ලොක්. ඒ කියන්නේ චූටි මහත්තයා ඒ කාලෙත් හරි බුද්ධිමත් ළමයෙක්.හැදෙනගහ දෙපෙත්තේදී දැනෙයි කියල කියන්න ඇත්තේ කෙහෙල කොරටුවේ මුර මාමා වෙන්න ඇති මයෙ හිතේ.
ReplyDeleteපිටවාන, මුර මාමගේ නම විල්බොට්.
ReplyDeleteකියවලා බලන්න "බොරලු රොකට්ටුව"
meka maru. niyameta liyala.
ReplyDeleteස්තුතියි චින්තක අයියා
ReplyDelete