"අනිත් දවසෙ එද්දි තමන් කැමති මාතෘකාවකින් චිත්‍රයක් ඇඳගෙන එන්න.............." ඉස්කෝලෙ ඇරෙන වෙලාව නිසා අපි හොඳටම කලබල වෙලා ඉද්දි නිරූපා ටීචර් කිව්වා.
ඉතින් මම එදා කෙලින්ම ගෙදර ආවා. ආපු හැටියේ මූණ කට හොඳගෙන අම්මගෙන් කෑම ඉල්ලුවා.
"මේ මොකද චූටි මහත්තයා මේ?" අම්මා පුදුම උනා.
"අද දැනුම මිනුම තරගයක් තිබ්බා. අදත් අපි පැරදුනානේ! ගැණු ළමයි අපට හොඳටම විහිලු කරනවා....." මම අම්මට ඇත්ත තත්වේ පැහැදිලි කලා.
"ඉතිං....."
"මම චිත්‍රයක් අඳින්න යන්නෙ. ටීචර් කිව්වා කැමති මෘතෘකාවක් යටතේ චිත්‍රයක් ඇඳගෙන එන්න කියලා. මම මේක ලස්සනට ඇඳගෙන යන්නයි හිතාගෙන ඉන්නෙ... එතකොට ටීචර් මේක බලලා මුලු පන්තියටම පෙන්නුවාම ගැණු ලමයිගේ කටවල් වැහිලා යයි...."
අම්මා බැරෑරුම් මූණක් හදාගෙන මා දිහා බලාගෙන හිටියා.
"ඉතිං....."
"මම චිත්‍රයක් අඳින්න යන්නෙ. ටීචර් කිව්වා කැමති මෘතෘකාවක් යටතේ චිත්‍රයක් ඇඳගෙන එන්න කියලා. මම මේක ලස්සනට ඇඳගෙන යන්නයි හිතාගෙන ඉන්නෙ... එතකොට ටීචර් මේක බලලා මුලු පන්තියටම පෙන්නුවාම ගැණු ලමයිගේ කටවල් වැහිලා යයි...."
අම්මා බැරෑරුම් මූණක් හදාගෙන මා දිහා බලාගෙන හිටියා.
"එතකොට අද සෙල්ලං කරන්න යන්ඩ ඕනැ නැද්ද?"
"අද මම යන්නෙ නෑ.... මේක ඉවරයක් කරලා මිසක් මම අද ගෙයින් එලියට බහින්නෑ....." අම්මා ටිකක් වෙලා පුදුමෙන් මා දිහා බලාගෙන ඉඳලා යන්ඩ හැරුනා.
ඇත්තටම විත්ර ඇඳීම කියන්නෙ මම කැමතිම දේවල් වලින් එකක්. මම වැඩිපුරම අඳින්න කැමති වී ගහක් හරි සබ්මැරීන් එකක් හරි. ඒක මම ඕගොල්ලන්ට මීට කලින් කියලත් ඇති. ඒ දෙකෙනුත් එකක් තොරගන්න කිව්වවොත් කතා දෙකක් නෑ සබ්මැරීන් එක දිනනවා. දැන් මට අගේට චිත්‍ර අඳින්න පුලුවන් උනාට මොකද පුංචි කාලේ දී චිත්‍ර බෑ. මම එකේ දී හරි දෙකේ දී හරි ටීචර්ට කාන්තාරේ යන ඔටුවෙක්ගෙ චිත්‍රයක් ඇඳලා පෙන්නුවාම ඒක පෙනිලා තිබුනෙ වතුර තිබහ හැදිච්ච වටුවෙක් වගේ.
කොහොමහරි මම චිත්‍රෙ අඳින්න ලක ලෑස්ති උනා.
මුලින්ම සාලේ අතු ගැවා. පස්සෙ චිත්‍ර පොතයි, පරණ පාට පෙට්ටියයි එතෙන්ට අතඇරියා. මගේ අලුත් පාට පෙට්ටිය පොත් මල්ලෙන් එලියට අරගෙන චිත්‍ර පොත ගාවට ලිස්සවලා යැව්වා. පැන්සල අරගෙන තුඩ පරික්ෂා කරලා බැලුවා. මීට කලින් චිත්‍ර දෙක තුනක් ඇන්ද නිසා තුඩ නම් හරි ගානට පදම් වෙලා. හැබැයි පැන්සල පිටිපස්සෙ තිබුනු මකනෙ කතාව නම් ටිකක් දුක්බරයි.
සාමාන්‍යයෙන් මට පැන්සලක් අරගෙන දුන්නම ඒකේ තියෙන මකනෙ මට නිකම්ම කැවෙනවා. බර කල්පනාවක වැටිලා ඉද්දි තමයි ඕක වැඩිපුරම වෙන්නෙ. මේ පැන්සලේ මකනෙත් ඔය විදිහට වේලාසනම මම කාලා තියෙනවා. පැන්සලට මකනෙ සවි කරලා තියෙන රත්තරන් පාට තහඩු කෑල්ලත් ගිය බදාදා අත්වැඩ වලට යන ගමන් දත් අස්සේ දාලා හපලා හපලා "තුක්" ගාලා විසිකලා. මට මතක හැටියට ඒ තුනේ පන්තිය ගාව තියෙන කුණු බක්කියට. ඒක නිසා ටවුමෙන් ගෙනාපු සුවඳ හමන මකනෙ අකමැත්තෙන් උනත් මට පාවිච්චියට ගන්න උනා. මම මකනෙ අරගෙන පොතට එල්ල කරලා අත ඇරියා. ඒක පැන පැන ගිහින් පාට පෙට්ටිය ගාව නැවතුනා.
සාමාන්‍යයෙන් මට පැන්සලක් අරගෙන දුන්නම ඒකේ තියෙන මකනෙ මට නිකම්ම කැවෙනවා. බර කල්පනාවක වැටිලා ඉද්දි තමයි ඕක වැඩිපුරම වෙන්නෙ. මේ පැන්සලේ මකනෙත් ඔය විදිහට වේලාසනම මම කාලා තියෙනවා. පැන්සලට මකනෙ සවි කරලා තියෙන රත්තරන් පාට තහඩු කෑල්ලත් ගිය බදාදා අත්වැඩ වලට යන ගමන් දත් අස්සේ දාලා හපලා හපලා "තුක්" ගාලා විසිකලා. මට මතක හැටියට ඒ තුනේ පන්තිය ගාව තියෙන කුණු බක්කියට. ඒක නිසා ටවුමෙන් ගෙනාපු සුවඳ හමන මකනෙ අකමැත්තෙන් උනත් මට පාවිච්චියට ගන්න උනා. මම මකනෙ අරගෙන පොතට එල්ල කරලා අත ඇරියා. ඒක පැන පැන ගිහින් පාට පෙට්ටිය ගාව නැවතුනා.
ඔක්කොම ලෑස්තියි. දැන් තියෙන්නෙ අඳින්න විතරයි!
ඇත්තටම අදත් මම අඳින්න යන්නෙ සබ්මෑරීන් එකක්. සබ්මැරීන් එකක් මම අඳින්න ගියාට මොකද ඔයින් ඇත්තම වාහනයක් මම ටීවී එකේවත් දැකලා නෑ. මම දැන් උනත් අඳින්නෙ තාත්ත මට විස්තර කරලා දුන්නු මතකෙට. සබ්මෑරීන් එකේ මූලික හැඩය ගත්තම තටු ගලෝපු ප්ලේන් එකක් වගේ. එකේ තියෙන හිත ඇඳගන්නම උපකරණය ඔත්තු බලන කණ්නාඩිය. ඒකෙන් තමා ජාති වැඩ කරන්නෙ. සබ්මැරින් එක මුහුද යටටම ගියත් ඔත්තු බලන කණ්නාඩියෙන් පුලුවනි මුහුද උඩ සිද්ද වෙන දේවල් දැක බලාගන්න.
ඕගොල්ලන්ට මතක ද මේ සිංදුව.
01 - මුහුද මගේ ගොඩබිමයි by දොස්තර හොඳහිත
ඕගොල්ලන්ට මතක ද මේ සිංදුව.
01 - මුහුද මගේ ගොඩබිමයි by දොස්තර හොඳහිත
සබ්මැරීන් ගැන මම වැඩි විස්තර දැනගත්තෙ ඔය සින්දුව තියෙන දොස්තර හොඳ හිත කාටුන් එකෙන්. දොස්තර හොඳ හිතට කොච්චරවත් අංචි අදින දියරකුස්ගේ වාහනෙත් ඔයින් කණ්නාඩියක් තියෙනවා. ඒකේ ඔත්තු බලන්නෙ එක ඇහැක් වහගෙන ඉන්න "චව්චව්". ඇත්තටම වාහනයක් කිව්වට ඒකත් එක්තරා විදිහක සබ්මැරීන් එකක් තමයි. හැබැයි මතුපිටට පේන්නෙ පොඩි පහේ දූපතක් හැටියට.
ඔය ඔක්කොම කල්පනා කරලා මම චිත්‍රෙ අඳින්න ගත්තා විතරයි, මෙන්න කුමාර එයාගේ කාර් එකේ නැගලා අපේ ගෙවල් පැත්තට ආවා. මිනිහා අපේ ගේ ඉස්සරහා බරසාර බ්‍රේරේක් පාරක් ගහලා, ලී කොටු කාරෙක බිත්තියට හේත්තු කලා.
"ඔයා මොකද කරන්ඩ යන්නෙ" මිනිහා එහෙම අහගෙනම සාලෙට ඇතුල් උනා.
"ඇයි! මම චිත්‍රෙ අඳින්න යන්නෙ...."
"එතකොට සෙල්ලං කරන්ඩ යන්නෙ නැද්ද?"
"අද යන්නැ... මම මේක අදම ඉවරයක් කරනවා......"
"ඕක පස්සෙ කරන්ඩ බැරියැ.. අපි යං දැං කෙහෙල්කොටුව පැත්තෙ... කට්ටිය ඇවිල්ලත් ඇති..."
"විකාරද මනුස්සයෝ! මතක නැද්ද අද වෙච්චි දේවල්"
"හ්ම්..... එහෙනං මාත් යන්නෑ...... මම ඔයා අඳින දිහා බලාගෙන ඉන්ඩද?"
"හා......"
"කෝ බලමු දැන් ඇන්ද ටික... ඔය මොකද්ද ඔයා අඳින්ඩ යන්නෙ....?"
"සබ්මැරීන් එකක්..... මේ තාම සැකිල්ල විතරයි...."
"එතකොට මේ කොටු කොටු තියෙන්නෙ...?'
"ඒ සබ්මැරීන් එකේ ජනේල..."
"සබ්මැරීන් වලට ජනේලත් තියෙනවද...? මං ඇහැව්වමයි......"
"නැත්තං.... ඒ ගොල්ල කොහොමද එලිය බලන්නෙ...!"
"ඒකත් ඇත්ත..... දැං ඔය මොකද්ද අඳින්ඩ යන්නෙ....."
"ඔත්තු බලන කන්නාඩිය.......!"
"ආ......"
"ඔයා දන්නවද.... ඒකෙන් මුහුද උඩ වෙන ඕනම දෙයක් බලාගන්න පුලුවන්ලු...... ඒක හදලා තියෙන්නෙ බටේකට කණ්නාඩි ඔබ්බවලලු..... කවදා හරි මමත් තාත්තට කියලා ඔත්තු බලන කණ්නාඩියක් හදාගන්ඩ ඉන්නෙ......."
"ඕව්මයි තමා.... ඔයාට නං තාත්තා එකක් හදලා දෙයි නේද?"
"ඇයි එහෙම කියන්නෙ?"
"ඇයි එදා අපි දොස්තර හොඳහිත බලලා ඇවිල්ලා චව්චව් අර ඔත්තු බලන්නෙ මොකකින්ද කියලා අහද්දිනෙ ඕගොල්ලංගෙ තාත්තා ඔය විස්තර අපිට කිව්වෙ..."
"ආ...... ඇත්තද මට මතකත් නෑ......"
ඔත්තු බලන කණ්නාඩිය ඇඳිමේ මූලික පියවර විදිහට මම මුලින්ම නියමු කුටිය ඇන්දා. නියමු කුටියෙ හරි මැදින් පුටුවක් ඇඳලා ඔත්තු බලන කණ්නාඩියේ එක කෙලවරක් පුටුවේ ඉඳගෙන ඉන්න නියමුවගේ ඇස් මට්ටමින් ඉවර කලා. අනිත් කෙළවර ඇංජින් කාමරේ හරහා සබ්මැරීන් එක මතුපිටින් ගෙනිහින් මුහුදු මට්ටමෙන් අගලක් දෙකක් උඩට හිටින්න ඇන්දා.
එතකොටම අම්මා අපිට තේ දෙකක් අරගෙන සාලේ ඇතුල් දොරෙන් මතුවුනා.
"මොකද්ද ඔය.....?"
"හා අම්මා කියන්ඩ බලන්ඩ....?"
අම්මා ඇස් කිට්ටු කරලා නළල රැලි කලා. සැකේට වගේ මූණ පැත්තට ඇල කරලා බලාගෙන උන්නා.
"ම්.........මී වදයක්ද?"
"මොකක්....“
“එහෙනං......කුකුල් කොටුවක් වෙන්ඩැති.... මේ දැල් දැල් වගේ තියෙන්නෙ...“
“මොනවා කියනවද මන්දා.... මේ සබ්මැරීන් එකක්...."
"ආ ඔව් නේද? බාගෙට ඇඳලා හින්දා මට එක පාරටම හොයාගන්න බැරි උනා...." අම්මා හිනාවෙලා යන්ඩ හැරුනා.
"ඉතුරු ටික ඇන්දම ඔහොම වෙන එකක් නෑ....." අම්මා යන දිහා පුදුමෙන් වගේ බලාගෙන හිටපු කුමාර මාව දිරිමත් කලේ එහෙමයි.
එතකොටම අම්මා අපිට තේ දෙකක් අරගෙන සාලේ ඇතුල් දොරෙන් මතුවුනා.
"මොකද්ද ඔය.....?"
"හා අම්මා කියන්ඩ බලන්ඩ....?"
අම්මා ඇස් කිට්ටු කරලා නළල රැලි කලා. සැකේට වගේ මූණ පැත්තට ඇල කරලා බලාගෙන උන්නා.
"ම්.........මී වදයක්ද?"
"මොකක්....“
“එහෙනං......කුකුල් කොටුවක් වෙන්ඩැති.... මේ දැල් දැල් වගේ තියෙන්නෙ...“
“මොනවා කියනවද මන්දා.... මේ සබ්මැරීන් එකක්...."
"ආ ඔව් නේද? බාගෙට ඇඳලා හින්දා මට එක පාරටම හොයාගන්න බැරි උනා...." අම්මා හිනාවෙලා යන්ඩ හැරුනා.
"ඉතුරු ටික ඇන්දම ඔහොම වෙන එකක් නෑ....." අම්මා යන දිහා පුදුමෙන් වගේ බලාගෙන හිටපු කුමාර මාව දිරිමත් කලේ එහෙමයි.
"දැන් ඕකට ලීවරයක් අඳින්ඩ?"
"ඒ කිව්වෙ..."
"නියමු කුටියෙ ඉඳලා ඒකෙන් තමා ඔත්තු බලන කණ්නාඩිය හසුරුවන්නෙ......"
"මට තේරුන්නෑ......"
ම්...... මෙහෙම අඳින්ඩකො.... ඒක හරියට හැඬල් එකක් වගේ.....ඔය බටේට හයි වෙලා තියෙන.... ඇයි එදා ඕගොල්ලන්ගෙ තාත්තා පැහැදිලි කරලා දුන්නෙ..."
"දැං හරිද... හැබැයි මේවා මෙච්චරට හීංවට ඇන්දා වගේ නෙමේ.... පාට කරන්න පැස්ටල් කූර රිංගවද්දි තමා පණ යන්නෙ...."
"ඔව් නේද..... ශා දැන් මරු......ලස්සනට ආවා නේ...!"
"හම්....... ඒත් මේකට තව ඔක්සිජන් ගබඩාවයි, ආයුධ කාමරෙයි අඳින්ඩ ඕනේ......"
"ඇයි... රූම් පෙති දෙක... ඒක නැතුව කොහොමද මේක ඉස්සරහට යන්නෙ..."
"ඔව්මයි හොඳ වෙලාවට මතක් කලේ......."
"දැං හරි නේ...."
"යන්තං වැඩේ ඉවරයි..... දැං තියෙන්නෙ පාට ගාන්ඩ"
"මේ....... අපි තව පොඩි වැඩක් කරමුද?"
"මොකද්ද?"
"ඔයාට පුලුවන්ද සබ්මැරීන් එක පස්සෙ මාලු රංචුවක් පන්නගෙන එනවා අඳින්ඩ....."
"ඒ මොකටද..... එහෙම ඇත්තටම වෙනවද කියලා අපි හරියටම දන්නෙ නෑනේ..."
"ඉතිං මොකද.. මේක චිත්‍රයක්නෙ... අපිට කැමති දෙයක් ඇන්දැකි....අනික චිත්‍රෙ ලස්සන උනාම ටීචර් වැඩිපුර හොඳ කියයි. ඉතින් කාටද ආඩම්බර...."
"එහෙනං අඳිමු! මොන මාලුද හොඳ, නිකං හුංගො ටිකක් වගේ...."
"හෙහ්...හෙහ්....පිස්සුද ඔයාට... මුහුදෙ කොහෙද හුංගො...... අඳින්ඩ කුම්බලාවෝ රෑනක් හරි මීවැටි ටිකක් හරි...."
"අපෝ...... උං ඇන්දම චිත්‍රෙත් එක්ක කැත වෙලා යයි......"
"එහෙනං මෙහෙම කරමු.... ඔයා අඳින්ඩ මුහුදු අස්සයෝ රෑනක්... අතරින් පතර මඩු මාලු දෙතුන් දෙනෙකුත් එක්කලා......"
"ඔයා නං කියයි. මුහුදු අස්සයෙක් අඳින එක ලේසි වැඩක් කියලද ඔයා හිතන්නෙ...."
"ගණං ගන්ඩ එපා.... වෙලාව තියෙනවනේ ඔයා හිමීට අදින්න....."
ඉතින් මම සබ්මැරීන් එක පස්සෙ පන්නන මුහුදු අස්සයෝ කාණ්ඩයක් අඳින්න ගත්තා. මුලදී දොලොස් දෙනෙක් අඳින්ඩ හිටියද මොකද මම පස්සේ තීරණය කලා ඒක තුන්දෙනෙකුට බස්සන්ඩ.
"අතත් රිදෙනවා.........දැන් කොහොමද.....?"
"ශා..... ඔය තියෙන්නෙ නියමෙට....අන්න ඒකනෙ මම කිව්වෙ.....ලස්සනට එයි කියලා."
ඉතින් මම හිතපු විදිහට හැමදේම හොඳට උනා. හෙට උදේම ටීචර්ට චිත්‍රෙ පෙන්නුවාම, ටීචර් ටිකක් වෙලා මේක දිහා බලාගෙන ඉදියි. පස්සෙ කෝටුව අරගෙන ගුරු මේසෙට දෙතුන් පාරක් තලයි. ඒ කොච්චරවත් කලබල වෙලා ඉන්න අපේ පන්තියේ අයගේ අවධානේ අපේ පැත්තට ගන්න.
ඉතින් මම හිතපු විදිහට හැමදේම හොඳට උනා. හෙට උදේම ටීචර්ට චිත්‍රෙ පෙන්නුවාම, ටීචර් ටිකක් වෙලා මේක දිහා බලාගෙන ඉදියි. පස්සෙ කෝටුව අරගෙන ගුරු මේසෙට දෙතුන් පාරක් තලයි. ඒ කොච්චරවත් කලබල වෙලා ඉන්න අපේ පන්තියේ අයගේ අවධානේ අපේ පැත්තට ගන්න.
"කෝ...... මෙහෙ බලන්න ළමා....යි..... ඕගොල්ලන්ට කියන්න පුලුවන්ද මේ චිත්‍රෙන් පෙන්නුම් කරන්නෙ මොකද්ද කියලා?"
ඔය විදිහට ටීචරුයි අපේ පන්තියෙ ළමයිනුයි චිත්‍රෙ ගැන බර කතාවක් පටන් ගනියි. හැබැයි ගෑණු ළමයි නම් කියයි මේක මහ කමකට නැති චිත්රයක්ය කියලා. එතකොට පිරිමි ළමයි ඒගොල්ල එක්ක පැටලෙයි. අන්තිමේ පන්තියම එක ගාලගෝට්ටියක් වෙන්න ඔහොම මෙහෙම තියෙද්දි, ටීචර් ආයිමක් සැරයක් කෝටුවෙන් ගුරු මේසෙට තලලා පන්තිය නිෂ්ශබ්ද කරයි. ඉතින් මේ මුලු වෙලාවෙම මට කරන්න තියෙන්නෙ කීකරු ළමයෙක් වගේ අත්දෙක පිටිපස්සට බැඳගෙන මේ සිද්ධ වෙන දේවල් බලාගෙන ඉන්න විතරයි. අන්තිමේ දී ටීචර් චිත්‍රෙ දිහා හොඳට බලලා, ඒකේ පාට වැදුනු නැති තැනක් හොයාගෙන මට "A" අකුරක් දීලා "ඉතා හොඳයි" කියලා රතු පෑනෙන් ලියලා පොත ආපහු දෙයි.
අන්තිමේ,
"දැක්කා නේද? අන්න ඒ විදිහට ඕගොල්ලත් උනන්දුවෙන් ලස්සනට චිත්‍ර අඳින්න හිතට ගන්න ඕනේ....හොඳද............................?" කියලා චීටර් පොඩි පහේ උපදේසයක් දෙයි. එතකොට නේද, චින්තාමනී ඇතුලු අර ගෑනු ළමයිගේ මූණවල් ඇඹුල් වෙලා යයි. අන්න එහෙමයි අපි ඒ ගොල්ලන්ගෙ කටවල් වහලා, ඒ ගොල්ලන්ට හොඳවයින් පාඩමක් උගන්වන්න යන්නෙ.
පහුවදා උදේම මම ඉස්කෝලෙ යන්න නැගිට්ටා. පොත් බෑග් එක දෙවෙනි වතාවටත් පරීක්ෂා කරලා බැලුවා. විශේෂයෙන්ම චිත්‍ර පොත තියෙනවද කියලා. පස්සෙ මම පාරට බැස්සෙ වීරයෙක් වගේ. මගදී කුමාරත් එකතු උනා. ඉස්කෝලෙ කිට්ටුවට යද්දි අපේ කාණ්ඩෙ හතර පස් දෙනෙක් එකතු වෙලා හිටියා. අපි ඔක්කොමලා කතා උනේ චින්තාමනී ප්රමුඛ ගෑණු ළමයිට හොඳවයින් පාඩමක් උගන්නන හැටි.
දැන් විතරක් නෙමේ. ඊයේ රෑත් මට හරියකට නින්දක් තිබුනෙත් නෑ. මහ රෑ වෙනකල් මම කල්පනා කලේ අපේ පන්තියේ ගැණු ළමයිට වෙන්න යන විපත්තිය ගැන. පව් අසරණ ගැණු ළමයි!
කොහොමහරි අපි පංති කාමරේට ඇතුල් වෙද්දි ම චින්තාමනීයි තවත් ගෑණු ළමයි හත් අටදෙනෙකුයි පංතියෙ. ඒ ගොල්ල අපිටත් කලින්ම ඇවිල්ලා වගේ. අපි ඒ ගොල්ලන්ට අරියාදුවට වගේ මේසේ උඩට පොත් මලු අතෑරියා. ඒ එක්කම ඒගොල්ල කුටු කුටු ගගා මොනවදෝ කතා උනා.
ඊලඟට උනේ අපි නොහිතපු දෙයක්. චින්තාමනී චිත්‍ර පොතත් උස්සගෙන අපි ඉන්න පැත්තට ආවා. අපි නෙමේ එයාව තඹ සතේකට මායිම් කලේ.
“මේ උයාට පුලුවන් ද මට පොඩි හෙල්ප් එකක් දෙන්ඩ...." චින්තාමනී මම ළගටම ඇවිල්ලා ඇහැව්වා.
"මොකද්ද?"
"මට මේ කඳු පන්තිය අදින්න දැයෙන්නෑ..... ඒක ටිකක් ඇදලා දෙන්න පුලුවන්ද?“ ඒ චින්තාමනී.
කව්රු හරි අසරණ වෙලා උදව්වක් ඉල්ලපුවාම මොන හිතකින් කර අරින්න ද? අනික කාට හරි උදව්වක් දෙන්න පුලුවන් නම් අපි මොකදට පස්ස ගහන්නෙ. අනික මේ අපේ පන්තියේ ගැණු ළමයෙක් නේ! ඒක හන්දා මම හැමදේම අමතක කරලා, දෙපාරක් නොහිතම වැඩේ බාර ගත්තා.
“අපෝ ඕක මොකද්ද......කෝ......දෙන්ඩ මං නියමෙට ඇඳලා දෙන්නං“
එතකොටම,
“පොඩ්ඩක් ඉන්ඩකෝ...... මේ ඇදලා තියෙන එක මකලා දාන්ඩ මං මගේ මක්කෙ අරං එනකල්....“ කියාගෙන කුමාරත් එයාගේ පොත් මල්ල දිහාට දිව්වා.
ඔය විදිහට ටීචරුයි අපේ පන්තියෙ ළමයිනුයි චිත්‍රෙ ගැන බර කතාවක් පටන් ගනියි. හැබැයි ගෑණු ළමයි නම් කියයි මේක මහ කමකට නැති චිත්රයක්ය කියලා. එතකොට පිරිමි ළමයි ඒගොල්ල එක්ක පැටලෙයි. අන්තිමේ පන්තියම එක ගාලගෝට්ටියක් වෙන්න ඔහොම මෙහෙම තියෙද්දි, ටීචර් ආයිමක් සැරයක් කෝටුවෙන් ගුරු මේසෙට තලලා පන්තිය නිෂ්ශබ්ද කරයි. ඉතින් මේ මුලු වෙලාවෙම මට කරන්න තියෙන්නෙ කීකරු ළමයෙක් වගේ අත්දෙක පිටිපස්සට බැඳගෙන මේ සිද්ධ වෙන දේවල් බලාගෙන ඉන්න විතරයි. අන්තිමේ දී ටීචර් චිත්‍රෙ දිහා හොඳට බලලා, ඒකේ පාට වැදුනු නැති තැනක් හොයාගෙන මට "A" අකුරක් දීලා "ඉතා හොඳයි" කියලා රතු පෑනෙන් ලියලා පොත ආපහු දෙයි.
අන්තිමේ,
"දැක්කා නේද? අන්න ඒ විදිහට ඕගොල්ලත් උනන්දුවෙන් ලස්සනට චිත්‍ර අඳින්න හිතට ගන්න ඕනේ....හොඳද............................?" කියලා චීටර් පොඩි පහේ උපදේසයක් දෙයි. එතකොට නේද, චින්තාමනී ඇතුලු අර ගෑනු ළමයිගේ මූණවල් ඇඹුල් වෙලා යයි. අන්න එහෙමයි අපි ඒ ගොල්ලන්ගෙ කටවල් වහලා, ඒ ගොල්ලන්ට හොඳවයින් පාඩමක් උගන්වන්න යන්නෙ.
පහුවදා උදේම මම ඉස්කෝලෙ යන්න නැගිට්ටා. පොත් බෑග් එක දෙවෙනි වතාවටත් පරීක්ෂා කරලා බැලුවා. විශේෂයෙන්ම චිත්‍ර පොත තියෙනවද කියලා. පස්සෙ මම පාරට බැස්සෙ වීරයෙක් වගේ. මගදී කුමාරත් එකතු උනා. ඉස්කෝලෙ කිට්ටුවට යද්දි අපේ කාණ්ඩෙ හතර පස් දෙනෙක් එකතු වෙලා හිටියා. අපි ඔක්කොමලා කතා උනේ චින්තාමනී ප්රමුඛ ගෑණු ළමයිට හොඳවයින් පාඩමක් උගන්නන හැටි.
දැන් විතරක් නෙමේ. ඊයේ රෑත් මට හරියකට නින්දක් තිබුනෙත් නෑ. මහ රෑ වෙනකල් මම කල්පනා කලේ අපේ පන්තියේ ගැණු ළමයිට වෙන්න යන විපත්තිය ගැන. පව් අසරණ ගැණු ළමයි!
කොහොමහරි අපි පංති කාමරේට ඇතුල් වෙද්දි ම චින්තාමනීයි තවත් ගෑණු ළමයි හත් අටදෙනෙකුයි පංතියෙ. ඒ ගොල්ල අපිටත් කලින්ම ඇවිල්ලා වගේ. අපි ඒ ගොල්ලන්ට අරියාදුවට වගේ මේසේ උඩට පොත් මලු අතෑරියා. ඒ එක්කම ඒගොල්ල කුටු කුටු ගගා මොනවදෝ කතා උනා.
ඊලඟට උනේ අපි නොහිතපු දෙයක්. චින්තාමනී චිත්‍ර පොතත් උස්සගෙන අපි ඉන්න පැත්තට ආවා. අපි නෙමේ එයාව තඹ සතේකට මායිම් කලේ.
“මේ උයාට පුලුවන් ද මට පොඩි හෙල්ප් එකක් දෙන්ඩ...." චින්තාමනී මම ළගටම ඇවිල්ලා ඇහැව්වා.
"මොකද්ද?"
"මට මේ කඳු පන්තිය අදින්න දැයෙන්නෑ..... ඒක ටිකක් ඇදලා දෙන්න පුලුවන්ද?“ ඒ චින්තාමනී.
කව්රු හරි අසරණ වෙලා උදව්වක් ඉල්ලපුවාම මොන හිතකින් කර අරින්න ද? අනික කාට හරි උදව්වක් දෙන්න පුලුවන් නම් අපි මොකදට පස්ස ගහන්නෙ. අනික මේ අපේ පන්තියේ ගැණු ළමයෙක් නේ! ඒක හන්දා මම හැමදේම අමතක කරලා, දෙපාරක් නොහිතම වැඩේ බාර ගත්තා.
“අපෝ ඕක මොකද්ද......කෝ......දෙන්ඩ මං නියමෙට ඇඳලා දෙන්නං“
එතකොටම,
“පොඩ්ඩක් ඉන්ඩකෝ...... මේ ඇදලා තියෙන එක මකලා දාන්ඩ මං මගේ මක්කෙ අරං එනකල්....“ කියාගෙන කුමාරත් එයාගේ පොත් මල්ල දිහාට දිව්වා.
.......................................
- කෙහෙල්කොටුවේ චූටි මහත්තයා.
ප/ලි -
දොස්තර හොඳහිත කාටුන් එකේ සිංදුව සොයා දුන් වැප්නි සාන්ත ලොකු මාමාටත්, හසී පොඩි නැන්දාටත් චුටි මහත්තයාගේ ස්තුතිය.








හැමදාමත් ඇවිත් කතා කියවල ගියත් කොමෙන්ට් දාන්නේ නැති තරම් ..ඒත් අද මේ ගිතයත් එක්ක එය නොකළොත් ලොකු අසාධාරණයක් කියල හිතුනා ...මොකද ඒ තරම්ම ආස කරන ගීතයක් ..ආයෙත් අසූ ගණන් වලට හිත අරගෙන ගියාට බොහොම පිං ....
ReplyDeleteස්තුතියි මහේෂ් අයියා. හැමදාම කියවලා යන එකම මදැයි. අපිත් එහෙම තමා කරන්නෙ අසපුව පැත්තෙ ආවාම.
Deleteචූටි මහත්තයා චිත්‍ර ඇන්ඳ හැටි කියන්වනකොට දුකේ බෑ. මැවිලා පේනවා. කොහොම උනත් චින්තාමනී ගැන නම් හොඳ කැමැත්තක් ඒ කාලේ තිබුනු විත්තියකුත් පේනවා.
ReplyDeleteදැන් මේ බලා ඉන්නේ, අර කුකුල් කොටුව නෑ නෑ වැරදුනා සබ්මැරීනය ටීචර් බලලා, පන්තියේ ලමයින්ට ඒ පිලිබඳ විස්තරයක් කරන හැටි සහ පන්තියේ ලමයි ඒ ගැන කියන කතා අහන්ට. :D
එක හුස්මට කියවාගෙන ගියා. ඒ එක්කම ලස්සන දෙයක් කියෙව්වාම හැම තිස්සෙම සිද්ධවෙනදේ උනා. ඒ කියන්නේ, හිතේ බුර, බුරා ප්‍රීතියක් නැගුනා.:)
පොඩ්ඩි නැන්දා,
Deleteඅගය කිරීම ගැන ස්තුතියි. බලාගෙන ඉන්ඩ පොත පෙන්නලා කිව්ව කතා ගැනත් දවසක මම කියන්නම්.
කතාව කියවලා බුර බුරා ප්‍රීති උන ගැන මතක් වෙද්දි හීනාත් යනවා. හයියෙන් බුර බුරා ප්‍රීති වෙන්න එපා... බූරා මාමා දොස් කියයි:D
ආර් ටූ ඩී ටූ.. කම්පියුටර් ස්පීකිං.. තඩි තල්මහෙක් ඩොක්ටගෙ නැව පැත්තට යනවා..
ReplyDeleteආර් ටූ ඩී ටූ.. කම්පියුටර් ස්පීකිං.. මට නිදිමතයි මම නිදාගන්නවා...!
Deleteයකෝ කතාව මගින් හිටලනෙ ! දැන් ඔය චිත්තාමනීට චිත්‍රයක් ඇඳලා දෙන්ඩද යන්නෙ ?
ReplyDeleteඅනේ මේ වගේ මෝඩ මු........ මී.............. ක් ( හැන්ඩ්සාඩ් වාර්තාවෙන් උපුටාගන්නා ලදී )
කතාව ලියන විදිහනම් පංකාදු පහයි ඈ..
සෙන්නා මාමේ,
Deleteස්තුතියි කතාව ලියන විදිහ ගැන අගේ කලාට.... අපි මෙහෙමයි. කව්රු හරි උදව්වක් ඉල්ලුවොත්, කාගෙ කව්ද කින්ද මන්දා කියලා හොයන්නෑ උදව්ව කරනවා මිසක්..හෙහ් හේ....
ඒ කියන්නේ චිත්‍ර දෙකක්....
ReplyDeleteඔව්! :D
Deleteකොල්ලෙක් උදවුවක් ඉල්ලුවානම් කියයි උඹට පිස්සුද ? මට ඕව අඳින්න තේරෙන්නේ නැහැනේ. කෙල්ලක් අඳින්න කීවාම චුටි මහත්තයාට මහමෙරු පරුවතේ හරි අඳින්න පුළුවන් වෙන්න ඇති.. හික්ස්..
ReplyDeleteකුමාරයා මොකද පැනලා මකනයක් ගේන්න ගියේ ??? මෙතන මොකක් හරි හොරයක් තියෙනවා :D
ReplyDeleteහි හි.. චූටි මාත්තයතත් ගෑනුගෙ මායං වලට අහු උනා නෙහ් ??
ReplyDeleteසරත් මාමා,
Deleteඅපි එහෙම නෑ. කව්රු උදව්වක් ඉල්ලුවත් අපි දෙනවා. හෙහ් හෙ....
...........
හසිත මාමා,
ඒකත් ඇත්ත තමා. හොයලා බලන්ඩ වටිනවා.
...............
සිහින මාමා,
අපි අවුවෙයි ඕවට..
අය්යෝ චූටි මහත්තයේ හොඳම තැනින් කතාව නවත්තලානෙ...!!
ReplyDeleteමටත් කුමාරට වගේ ළඟින් ඉඳන් සිත්තරේ අඳින හැටි ගැන අයිඩියාස් දෙන්න තිවුනනම් කියලා හිතුනා..එහෙම නම් මම දෙන්නෙ මේ වගේ එව්වා.
1. සබ්මැරීනෙ පිට පැත්තෙ රෝස පාට ගාන්න. ලස්සන නිල් පාට ඉරි දෙකක් දිගටම ගිහිල්ලා. කෙලවරේ කේ අකුරු දෙකක් පාට කරන්න. (කෙහෙල් කොටුව)
2. සබ්මැරීනෙ ඇතුලෙ කුමාරයි චූටි මහත්තයයි සුක්කානම අල්ලගන්න රණ්ඩු වෙනවා අඳින්න.
3. මුහුදු අස්සයන්ට අමතරව මුහුදේ ඉන්න පසැඟිල්ලො අඳින්න. (මම මුහුදේ ඉන්න ආසම සතා ඌ)
තව තියනවා..ඒවා ලියන්න ගියොත් ඔෆිසියෙන් මාව පන්නනවා..ඒක නිසා පස්සෙ කියන්නම්..
රූ නැන්දා,
Deleteඉතින් රූ නැන්දත් එන්න අනිත් දවසේ සිත්තර අඳිද්දි මට උපදෙස් දෙන්න.
01. ගැල්ලමයි වැඩි පුර කැමති රෝසපාටට නේද? ඒ ඇයි. අර කේකේ කියලා නම ගහන එක නම් මරු අදහස.
03.මේකත් වෙන්ඩ බැරි නැ තමා. අපි සයිකල් පදින්න ගියත් නිතර දෙවේලේ ඔයි අකරතැබ්බෙ වෙනවා නෙවැ.
03. පසැඟිල්ලලෝ කියන්නෙ ජෙලි ෆිෂ්ටද? මම හරියට ම දන්නේ නෑ.
මේ ටිකත් මදැ රූ නැන්දා. පස්සෙ දවසක ඉතුරු ටික ලියන්න. ස්තුතියි.
දැන් ඔය සබ්මැරීන් චිත්ත්රෙ මුහුද ඇන්දම පේන්නෙ අර ඔත්තු බලන කණ්නාඩියෙ මුහුදෙන් උඩට තියෙන කෑල්ල විතරයි නේද?
ReplyDeleteකොහෙම හරි චූටි මහත්තය චින්තාමනීගෙ චින්තනයට අහුවෙන්න වගේ යන්නෙ.
ප්‍රසන්න මාමා,
Deleteනැනැ අපි අදින්නෙ මුහුද යට දර්ශනේ නොවැ.
චින්තාමනීනේ චින්තනයට අපි අහුවෙයි. බලාගෙන ඉන්ඩකෝ
ඉතින් සිත්තරේ බලලා ටීචර් මොනාද කීවේ?
ReplyDeleteඅකීකරු නැන්දා,
Deleteඒවා පස්සෙ කියන්නම්
හතර වසරෙදි මටත් හිටිය ලස්සන චූටී යාළුවෙක් චිත්‍ර අඳින්න කැමති.. මමත් හෙන චන්ඩිය වගේ එයාට හැමදාම චිත්‍ර අඳින්න් උගන්නනවා... හික් අනිත් කොල්ලන්ට හෙන ඉරිසියාව..
ReplyDeleteපැතුම් මාමාත් කරන වැඩ. ඉතින් චිත්‍ර අඳින්න යද්දිම වගේ අනිත් යාලුවෝ පැනගෙන ගිහිල්ලා අර චූටි යාලුවා ගාව ඉඩක් අල්ල ගත්තෙ නැද්ද කවදාවත් ම....
Deleteඔයාගේ මේ කතාව කියවද්දී හිතෙන් මම අතීතයේ කරක් ගැහුවා. ඒ කාලේ අපි විඳපු සුන්දරත්වය අද ළමයින්ට නැති එක ගැන නම් ගොඩක් කණගාටුයි. මම රචනා ලියපු එකත් මේ වගේ අත්දැකීමක් ඒක මතක් වුනෙත් ඔයාගේ මේ රචනාවෙන්. පස්සේ ඒ ගැන ලියන්නම්.
ReplyDeleteසුදීක මාමා, ස්තුතියි එහෙනම් ඉක්මනටම ලියලා දාන්න ඒ කතා ටිකත්. පියලා ඉවර වෙලා අපිටත් කියන්න හොදේ.....:D
Deleteමමත් ආසම සින්දුවක්..... :-)
ReplyDeleteහයියෝ.....සූටි මහත්තයගේ පිනා චෑන්ස් එක වෙන එකෙක් උදුරගෙන වත්ද?
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
අඩවි රජ තුමනි,
Deleteඅනේ මන්දා බලමුකෝ ඉස්සරහට...
ඔබටත් එසේම වේවා!!!
චූටි මහත්තයල චින්තාමනීලට පාඩම උගන්නපු හැටි කියවන්න අපි බලාගෙන ඉන්නව. ඉක්මනට ලියන්න.
ReplyDeleteචිත්‍ර අඳින්න නම් මමත් පොඩි කාලෙ කැමතියි. මම හිතන්නෙ හැම ළමයෙක්ම කැමති වැඩක්. මට තුන වසරෙදි කූරු 24 පැස්ටල් පෙට්ටියක් තාත්ත අරගෙන දුන්න. ඒක ඒ දවස්වල මට රටක් රාජ්‍යයක් ලැබුණ වගේ තමා.
ඔන්න පාඩමක් උගන්නන්න චෑන්ස් එක
ReplyDeleteගත්ත මක්කේ..
මැකුව චිත්තේ..
ඩීඩීටි මාමා,
Deleteකූරු විසිහතරේ පාට පෙට්ටිය ඔයාට රටක් රාජ්‍යයක් උනාට මට ඒක හීනයක්..... අපේ අතින් පාට කූරු කැඩෙන හැටියට තාත්තලා බයයි නෙව ඒ ජාතියෙ වටිනකියන දේවල් අපේ අතට දෙන්න....... පාඩම උගන්නපු හැටිත් දවසක කියනවා. ඉන්ඩකෝ!
ගයාන් මාමා,
Deleteඑහෙම හිතාගෙන ඉන්නෙ..හෙහ්හේ...
කෝ ඉතිං සබ්මැරීන් එක විදෙස් සිත්තරාගෙ ඇසින් පෙන්නන්න එපැයි
ReplyDeleteසහන් මාමා,
Deleteඒවා පෙන්නන්නෙ නෑ... ඒවා ඕගොල්න්ට හිතා ගන්නයි තියෙන්නෙ....
අනේ මල්ලියේ උමටත් ඉතින් චීත්ත කෑල්ලක් දැක්කම උණු වෙනවා නේද?
ReplyDeleteඉෂාර මාමා,
Deleteචීත්තයක් යැයි එයා ඇඳගෙන උන්නෙ ගවුමක් නොවැ!
මචං ඊට පස්සේ මොකද වුනේ??
ReplyDelete//පැන්සලට මකනෙ සවි කරලා තියෙන රත්තරන් පාට තහඩු කෑල්ලත් ගිය බදාදා අත්වැඩ වලට යන ගමන් දත් අස්සේ දාලා හපලා හපලා "තුක්" ගාලා විසිකලා.//
උබ අපිව අපේ පොඩි කලෙට ගෙනිච්චා. මම හැබැයි මකනෙ කෑවෙ වත් තහඩුව ගැලෙව්වෙ වත් නැහැ. හැම එකාම එහෙම කරද්දි අපේ ටීචර් මට හොද කිව්වා. පැන්සල පිරිසිදුවට තියන් ඉන්නවා කියල. වෙන එවුන් දත් පූට්ටු කරගෙන ඕක කෑව.
පෝස්ට් එක ලියන තීරුව පොඩි නිසා කියවගෙන යද්දි සැරින් සැරේ පහලට ගන්න වෙන එක කරදරයි වගේ මචං. ටිකක් පලල් කලොත් හොදයි.
ජය !!
සෑම් මාමා,
Deleteමකනයක් කන්නැතුව කොහොම හිටියද කියලා මටනං හිතාගන්න බෑ. අවංකව කිව්වොත් මමත් මකනෙ කෑවේ නෑ. කැවුනා මිසක්කා.....
අර පලල් කරන විදිහ ගැන මම දැන් ඉගෙන ගනිමින් ඉන්නෙ....... එක්කෝ ටෙම්ප්ලේට් එක මාරු කරනවා. නැන්නං මේක ම පලල් කොරනවා. ස්තුතියි සෑම් මාමා අදහස් වලට...
හා හා...ශුවර් එකට චින්තාමනී ඒ පාරත් දිනන්න ඇති...:))
ReplyDeleteහොද වැඩේ...
නිසූපා නැන්දා,
Deleteඑහෙමද හිනාගෙන ඉන්නෙ.... බලන්ඩකෝ එහෙනම්
සෙල්ලම් කරන්නවත් නොගිහින් චින්තාමනීට පාඩමක් උගන්නන්න මැරීගෙන චිත්‍ර ඇඳලා ඉස්කෝලෙට ආපුවාම චින්තාමනීගේ ගැටේට අහුවෙලානේ මෙයා...
ReplyDeleteචින්තාමනී බුද්ධි අයියවම හොයාගෙන එන සේයාවක් තමා පේන්න තියෙන්නේ...බුද්ධි අයියත් දනිහ නමලා සප් එක දෙනවා වගේ පේනවා.... පොඩියි කියලා නෑනේ ගෑණු මායම් එහෙම්මයිනේ බොලේ...
මම මේක කියෝගෙන එද්දි හිතුවා දැන් සිත්තරයක් මතුවෙයි දැන් මතුවෙයි කියලා... කෝ අප්පා සිත්තරේ?? අඩුගානේ සබ්මැරීන් එක දැම්මනම් එල.පට්ට කතාව ඈ
ගැමියා අයියා,
Deleteසිත්තරයක් දැම්මේ නැත්තෙ මේක ඒගොල්ලන්ගේ හිතේ අඳින්න ඕන හන්දයි. දැන් නිදහසේ ඕගොල්ලන්ට සිත්තරේ ඇඳගත්තැකි නේද?
අගය කිරීම ගැන තුති!
ඔය පැනසලේ මක්කෙ කොයි වෙලාවෙ කැවෙනවද මන්දා. මගෙත් ඉස්සර පැන්සල් වල උඩ කෑල්ල හපයක් වෙලයි තියෙන්නෙ.
ReplyDeleteපිණිබිදු නැන්දේ, මේ මොනවා කතා කරනවද? මගේත් මක්කෙ තියෙන පැත්ත ටික දවසක් යද්දි පොල් මලක් වගේ වෙනවා....!
Deleteඋඹ සෑහෙන පොඩි වයසකදිනෙ ගෑණු ගැට වලට අහුවෙලා තියෙන්නෙ.
ReplyDeleteරාජ් මාමා,
Deleteමාමා හිතන්නෙ මම අහුවුනා කියලද? හෙහ් හේ... අපි අහුවෙයි ඕවට.....:D
පිස්සු පූසා, දොස්තර හොඳ හිත කියන්නේ කිසිදා අමතක නොවෙන්නම හිතේ තැන්පත් උනු සොඳූරු මතකයන්!
ReplyDeleteසබිත් මාමා,
Deleteඒ ගැන නම් කියලා වැඩැක් නැ නේද?
අනේ හැබෑටම අර සෑම් කියපු වැඩේ කරන්ටකෝ. :D
ReplyDeleteමොකද්ද සෑම් කියපු වැඩේ කිව්වෙ පලල් කරන්න කියපු එකද?
Deleteමම ඕකට උත්සහ කලේ සෑහෙන කල් ඉදලා. ඔක්කොම ගානට හදාගත්තැකි. හැබැයි මැද කෑල්ල, ඒ කියන්නෙ පෝස්ට් එක එන කෑල්ල පලල් කරගන්න තේරෙන්නෙ නෑ....හෙහ්හෙ.... බලමු කව්රුහරි පින්වතෙක් හිටියොත් ටෙම්ප්ලේට් එක දෙනවා හදලා දෙන්න කියලා. නැත්තං මම හදාගන්න බලනවා. ඕයාට කියන්න කුමාරිහාමි ඔයාගේ අර මොනරවිල බ්ලොග් එක වගේ මමත් ටෙස් බ්ලොග් එකක් තියාගෙන එක සීයක් විතර ටෙම්ප්ලේට් මාරු කරකර බැලුවා. ඒත් ඒ එකක් වත් සයිබර් යායට ගැලපෙන්නෑ කියලමයි මට හිතෙන්නෙ.......
ස්තුතියි!
ඇයි අනේ, ඕක අපේ වැප්නි සාන්ත මාමට කියන්ඩකො. මිනිහ දස්සයා. මෙහෙම කරනකොට වැඩේ කරල දෙයි. (ඔයාට බැරිනං කියන්න, මං අහන්නං. මිනිහ මගේ යාලුවා!)
Deleteඇයි අනේ, ඕක අපේ වැප්නි සාන්ත මාමට කියන්ඩකො. එයා මෙහෙම කරනකොට ඕක කරල දෙයි. (ඔයාට බැරිනං කියන්න, මං අහන්නං. මිනිහ මගේ යාලුවා!)
Deleteඔය එක එක්කෙනා කියන දේවල් කරන්න ගිහිල්ල මේකට කෙලෝගන්නව එහෙම නෙමෙයි ඕං.
Deleteහැක් හැක්....! සුමින්ද මාමා ඒකයි එහෙනං මේ පැනගෙන ඇවිදිං තියෙන්නෙ නේද? ස්තුතිය ප්‍රසන්න මාමේ...... බලන්ඩ තව පොඩ්ඩෙන් මම අහුවෙනවා නෙව
Deleteසුමින්ද මාම, සෑම් මාමා, පොඩ්ඩි නැන්දා, ප්‍රසන්න මාමා, මේ දැන් මම වැප් මාමාට ලියමනක් යැව්වා. වැඩේ කරලා දෙන්න පුලුවන්ද අහන්න බලමු මොනා කියයිද කියලා...
DeleteGo to Design --> edit HTML
DeleteSearch for :
Changing the value will increase or decrease post width.
පලල් කොරන හැටි අපෙන් දැන ගන්න..
Deleteසෑම් මාමා, මෙහෙම කොටසක් නෑ. කොන්ටෝල් එප් වලින් බැලුවේ.. මේදවස් වල වෙන ටෙම්ප්ලේට් එක්ක හොය හොයා ඉන්නවා ...ලගදීම මේක දෙකින් එකක් වෙයි. එක්කෝ බ්ලොග් එක ට හරි මෙව්වා වෙලා යයි හෙහ් හේ.......
Deleteඅනිත් අයට,
වැප් මාමා උත්තරයක් එව්වා. මම ඒක මෙතන කියන්නැ... අනේ මගේ කට
හලේ..හලේ ගෑල්ලමයෙක් ඇවිල්ල..ඉල්ලුවොත්...ඕන එකක්..දෙයි..නේද...
ReplyDeleteවී පොකුර අයියා,
Deleteහෙහ් හේ.... ගැල්ලමයෙක් නෙමේ... ඕන කෙනෙක් උදව්වක් ඉලුවොත් අපි අහක බලන්නනැ.... අපි හොද වීනිත ලමයි නොවැ
චුටි මහත්තයා ගෑණු මායම් වල අහු වෙලා නේ.. මෙයාගේ සබ්මැරීනෙට වැඩිය ශුවර් එකට ඒක හොදට අන්දලා දෙන්න ඇති..
ReplyDeleteවිශේෂයි : මීට පෝස්ට් දෙක තුනකට කලින් දාපු පුංචි කාලේ ආදරේ ගැන කියවෙන සිංදුවයි මේ ච්න්තාමනී අතරේ මොකක් හරි සම්බන්දයක් ඇතයි සිතේ... :)
පිස්සුද දිනේෂ් මාමේ. අපි රැවටෙයි ඕවට....!
Deleteසින්දුව ගැන නම් මල් මිටක්ම පුදමි. ඒ කාලේ මේක නොබැලුවම හරියට නින්ද යන්නෙත් නැහැ. චින්තාමණීලත් වලියට සැට් වුනේ ලේසි පාසු පුතයෙක් එක්ක නෙමේ වගේ.... බලමු තව ඉස්සරහට....
ReplyDeleteවෙද මාමා,
Deleteසිංදුව කියපු ලියපු සංගීනෙ දැම්ම අයටත්, මේ සිංදුව මට හොයා දුනනු අයටත් මමත් මල් මිටක් පුදමි. චින්තාමනීලා ගැන කියනවනම් එක්කෝ අපි ඒ ගැන පස්සෙ කතා කරමු!
බුද්ධි අයියා දැන් වගේමද කොහෙද පුංචි එකා සන්දියෙත්.
ReplyDeleteකාන්තා පරානයක් දැක්ක ගමන් මෙව්වා වෙනවා:P
නිශ් මාමා,
Deleteඉතින් කොච්චර හොඳද අනේ... මෙව්වා වෙන එක අපි කාටත් ලේසියක් නෙ... අනික අපිට තව කෙනෙකුට මේවවා වෙන්න පුලුවන් නං, ඒක කොච්චර හොඳද, හැමෝම අපි වගේ මෙව්වා වෙන්න ඉගෙන ගත්තා ම මුලු ලෝකෙම මේවවා වෙලා යයි නේද?
හානේ ඔයාලත් මකනෙට මක්කෙ කිව්වද?? අපිත් එහෙම කිව්ව.... ඒ විතරක් නෙවෙයි අපේ ඉස්කෝලෙ නං මකන කෑල්ල හඳුන්වන්ඩ රබ්බෙ, රබටෙ, රබට්ටෙ, ඕං ඔහොම නානාප්‍රකාර නං තිබ්බ
ReplyDeleteහංසකිංකිණි නැන්දා, අපි නං කිව්වෙ මක්කෙ කියලා විතරයි. රබර් කෑල්ල කියලා කිව්වා ලොකු අයියලා. මං හිතන්නෙ ඔය රබ්බෙ වගේ නං එන්න ඇත්තෙ රබර් කියන වඩනෙන් බිඳිලා වෙන්ඩැති නේද?
Deleteඅපිව අතීතයට අරන් ගියා නේද බුද්ධි, ඔය පැන්සලේ මකනෙ නම් මටත් කවදාවත් තියාගන්න බැරි උනා, පැන්සල තියෙන වෙලාවට රත්තරන් පාට කෑල්ල හප හපා ඉන්නවා, අනික් වෙලාවට පංචායුධය හප හපා ඉන්නව මං, අන්තිමේ පංචායුදේ අඩ සදක් වගේ උනාට පස්සෙ අම්මි ඒක ගලවල දැම්මා...
ReplyDeleteසම්මානී අක්කා,
Deleteඅපි ඔක්කෝමලා එක බෝට්ටුවෙ නේ බලාගෙන යද්දි. එහෙනං අපි "මක්කා කෑ අයගේ සංගමේ" කියලා සංගමයක් හදාගමු. ඒකෙන් බැරියැ මක්ක කන්න කැමති පොඩි අයට නොමිලේ මක්කා බෙදා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන්න.
පංචායුදේ නං මාත් කෑවා. හැපුවට හැපුවට හැපෙන්නෑ. එහෙව් පංචායුදේ අඩඳසක් වෙනකල් කෑවා කිව්වම මක්කා ගැන මොන කතාද?
ඔයා දන්නවද මං මෙච්චර ලස්සන වෙලා තියෙන්නෙ පංචායුදේ තිබ්බ රත්තරං පොඩිකාලෙදීම කැවිලා හින්දලු...හෙහ් හේ.....
හුහ් චින්තාමනීට චිත්‍ර ඇඳලා දෙන්න... තෝ වහ කෑවය් කියලා හිතාගන්.. චින්තාමනී මේ සැරේ ඌරා ගෙ මාලු ඌරා ගෙ ඇඟේ තියලම කපන්න යන්නෙ.
ReplyDeleteඅර චිත්‍රය අඳින්න බඩු එකතු කරන විදිය නම් එල කිරි, ඇත්තටම පොඩි කාලේ ඔහොම මය් බන්.
අපේ ඉස්කෝලේ තියෙන්නෙ 4දෙනෙක්ට වගේ වාඩිවෙන්න පුලුවන් පත ඩෙස්ක්. ඉතින් කට්ටිය කෑම පෙට්ටිය තල්ලු කරලා යවනව තමන්ගෙ තැන නතර වෙන්න..හික් හික්
එක දවසක් මම මගේ ඉඳි ආප්ප පෙට්ටිය ඔහොම යැවුවා, හය්යෝ පොඩ්ඩක් බ්රේක් අප්සට් වෙලා ඒක ජනේලෙන් එලියට වැටිලා එතනින් පල්ලෙහා තට්ටුවටම වැටිලා නතර වුනේ චුට්ටේ ගෙ ඔලුව උඩ... (ඇඬෙනවා)
ප.ලි:- චුට්ටේ යනු කවරෙක්ද යන්න බුරා දනී හික් හික්.
බොරු කියන්න එපා බන්...........:P
Deleteඒක තමා, බොරු කියන්න එපා.. මං නං දන්නෑ චුට්ටෙ කියන්නෙ කවුද කියලා.. ;)
Deleteතරු මාමා,
Deleteවහ කෑවා කියලා! අම්මො එච්චර භයාණක වෙයිද? අනේ මන්දා.
ඔය කෑම පෙට්ටි තියන්න අපිටනම් පන්තිය පිටිපස්සෙම ඩෙස්කා පෝලිමක් තිබ්බා.
ඇත්තම කියනවනම් ඔන්න තරු මාමා කිව්ව කෑම පෙට්ටි කතාන හන්දා මට තව කතාවක් මතක් උනා. ඒක ලියන්නම් ඉක්මනට.
වැදගත් කාරනේ ඒක නෙමේ. තරු මාමාගේ ඉස්කෝල යාලුවෝ මගේ යාලුවන්ට හපන් වගේ... බලන්ඩකො පහලින් දාලා තියෙන උත්තර වල හැටි!
එකත් එකටම ටීචර් චින්තාමනීගෙ චිත්‍රය හොදයි කියන්ට ඇති....
ReplyDeleteඋයාගෙ.... කතාව කියවලා මමත් අතීතෙට ගියා..
මම ඒ දවස් වල අදින්න ආසාම චිත්‍රය තේ වත්ත....
මට ටීචර්ගෙන් හෙන ලකුණු ඒකට...ඉතින් ඒකමයි ඇන්දේ...හිහි
දම්මි අක්කා,
Deleteඅම්මෝ තේවත්තක් අඳින්නද කැමතිම. මට නං හිතාගන්නත් බෑ. ඒක කොච්චර අමාරුද? තේගස් අඳින්නයි, තේ දලු නෙලන අය අඳින්නයි, අතරින් පතර ලොකු ගස් අඳින්නයි, ඈතින් පේන තේ පැට්ටේරිය අඳින්නයි. අමාරුම එක තමා කංකානමගේ උඩු රැවුල අඳින එක......
ඒ කියන්නෙ ඔයා මටත් වඩා ලස්සට සිත්තර අඳිනවා ඇති. ඇදලා පෙන්නන්ඩකෝ අපි ඔක්ලාටම බලන්ඩත් එක්කලා.
අනේ නෑ චූටි මහත්තයා මලේ..මම එච්චර දන්නෙ නෑ....
Deleteඅපෝ නෑ ඔයා අදින ඒවා තරම් ලස්සන නෑ...
මම අදින්න දන්නේ ගෑනු රූප විතරයි....කට්ටිය කියනවා ඒ රූප වල ඉන්න ගැහැනු අය මම වගේමලු..හිහි....
මම ඇන්ද තේ වත්තේ ගැහැනු කට්ටියයි, තේ ගසුයි, ඈතින් පේන කදුයි විතරමයි තිබුනේ..
ඔන්න ඔන්න චූටි මහත්තයා ආපහු පාරක් අමාරුවෙ වැටෙන්නයි යන්නේ.. :)
ReplyDeleteනීතා නැන්දා,
Deleteපිච්චුද නැන්දේ? අපි අහුවෙයි ඕවට......
@නිෂ්,
ReplyDelete$$$බොරු කියන්න එපා බන්...........:P$$$
හුහ් බොරුනම් අහපන් චුට්ටෙගෙන් හික් හික්... ඌට හොයාගන්න බැරිවුනා මොන තට්ටුවෙන්ද ඒක වැටුනෙ කියලා.ඒ නිසා එදා මම බේරුනා
මම කියන දේ වුනෙ පස් මහලේ හොඳේ ...
උඹ දන්නැද්ද, චුට්ටෙ මලා දැන් අවුරුදු කීපෙකට කලින්..
Deleteතරු මාමා බූරා මාමා,
Deleteමොකද අනේ ඕගොල්ලන් ලොකු අය වෙලත් කෑ කෝ ගහන්නෙ.....
ඕකනේ කොරන්ඩ බැරි... කොච්චර වලි දැම්මත් ඔය චින්තාමනී ලඟ තියෙන මොකක් හරි මැජික් අරිෂ්ටෙකින් පුළුවන් ඕනෙම කොල්ලෙක්ව දමනය කරලා දාන්න...!
ReplyDeleteචූටි මහත්තයා ඉතුරු ටික කිව්වෙ නෑනේ...! චූටි මහත්තයාම චින්තාමනීට ඇඳලා දුන්නු චිත්‍රෙට ටීචර්ගෙට් චූටි මහත්තාගේ චිත්‍රේට වඩා සැලකුම් ලැබිච්cඅ හැටි....!
ඒ කාලෙත් මේ කාලෙ වගේමයි... :-D
ReplyDeleteචිත්තාමනි දෙවෙනි පාරටත් ගේම දීලා වගේ... හොද වැඩේ ගෑනු මායම් වලට අහුවෙනවට..
ReplyDeleteදුමී මාමා,
Deleteඒ කියන්නෙ දුමී මාමාලාටත් හොද හොඳ චින්තාමනීලා හම්බුවෙලා තියෙන පාටයි. නැත්තං කෝමද දමනය වෙන හැටි දන්නෙ...
ඇත්තම කිව්වොත් මේ කතාවේ ඊලග කොටසක් නෑ. ඒක ඕගොල්ලං හිතා ගන්ඩ. ආයි මට වෙන සංගෙඩි මොකටද මමම ලියන්නෙ....
................
වෙනිවැල්ගැට මාමා,
එහෙනං එහෙනං, අතීතය ආයිම ආයිම සිද්ධවෙනවලුනේ...හෙහ් හෙ...
..........
චාමී අයියා,
චින්තාමනී එහෙම කරයිද? අනේ මන්දා.
සික් අපරාදේ චුටිමහත්තයාගේ එඩිතර හදවත වෙඬරු වගේ උණු වෙලානේ චින්තාමණි කතාකල ගමන් . අපුරුයි ලියවිල්ල නම් . පන්සල් මකනේ කන හැටි මැවිලා පෙනුන . රෝඩ් ඩාල් ලියපු එව්වා කියවල තියෙනවද . බුද්ධි තුලත් ඒවගේ නිර්මානකාරයෙක් ඉන්නවා . මෙව්වා වැඩි පිරිසකට කියවන්න ලැබෙනවා නම් කොපමණ හොඳද .
ReplyDeleteඅන්න Bindi මගෙත් ආසම ලේඛකයෙක්. Roald Dahl. මාත් අහම්බෙන් හොයාගත්තෙ.
Deleteචූටි මහත්තයාත් ලියන්නෙ ඒවගෙ තමයි.
චූටිමහත්තයා දන්නවද මේ ඩූඩ් මාමායි පවුලේ ඔක්කොමයි ඇත්තටම සබ්මැරීන් එකක ගිහින් තියෙනවා බං. ඔය මගේ ප්‍රොෆයිල් ෆෝටෝ එක දිහා හොඳට බැලුවොත් අර අංක 39 ගහලා තියෙන්නෙ ඒ සබ්මැරීන් එකේ බඳේ. ඔය ඉන්නෙ ඒකට නගින්න බලාගෙන.
henryblogwalker the Dude
ඩූඩ් මාමා, මේල් එකක් එව්වා දැන්ම බලන්ඩෝ!
Deleteබැලුවා පොඩි එකෝ. ඕං එව්වා ඒ මේල් එකටම රිප්ලයි එකක් හැටියට.
Deletehenryblogwalker the Dude
බිංදුමතී නැන්දා,
Deleteඅපේ හදවත් එහෙම තමා අනේ. පොඩ්ඩබැරි වෙද්දි උනුවෙලා යනවා. ඇත්තම කියනවනම් මම ඔය නැන්දලා කියන පොත් කියවලා නෑ. දැං අකුරුත් ගැටගහලා කියවන්න පුලුවන් එකේ මම කියෝලා බලන්නං. ස්තුතියි නැන්දෙ අගය කිරීමට.
ඇත්තටම වැඩි පිරිසකට කියවන්න පුලුවන් වෙන්නෙ පොතක් විදිහට අච්චු ගැහුවොත්. නැත්තං ඊට ලේසියි මේක ෂෙයා කරන එක හෙහ් හෙහ් හේ.....
ඩූඩ් මාමා,
Deleteසම්මැරීන් එකක ගියා කිව්වම හිතා ගන්නත් බෑ. ඒක මගේ හීනයක් නොවැ. කොහේදිද ගියේ සබ්මැරීන් එකක. කෝ අර මම ඇන්දා වගේ මුහුදු අස්සයෝ පස්සෙන් පන්නගෙන ආවේ නැද්ද?
මදැයි පාඩමක් උගන්නපු හැටි... බලමුකෝ ඊළඟ කොටසත් මොකෝ වෙන්නේ කියලා... :)
ReplyDeleteරසවත් කතාවක්, කුමාර තමය දවසකට හරි මනුස්සය ;ඩ්
ReplyDeleteචින්තාමණි මාස්ටර් ප්ලෑන් එකක්නේ ගහල තියෙන්නේ.. පන්තියේ සිත්තරාගෙන්ම චිත්රේ ඇඳගෙන ගේමට එන්ටර් වෙන්න යන්නේ?? එක දෙයක්.. මොකද අර කුමාරයා දිව්වේ?
ReplyDeleteඅප්පේ මාත් මකනේ කන්න ආසයි..එකෙන් එන්නේ බබල්ගම් සුවදක් වගේ සුවදක්නේ අප්පා..
ReplyDeleteබුද්ධි අයියා ලියන තාලේට එ ඔක්කොම මැවිලා පේනවා..හරිම අපුරුයි..මං හිතුවේ චිත්රේ කුත් තියෙයි කියලා..
නිම්ෂෘ අලි පචයක් ගහලා.. පැන්සල උඩ මක්කේ බබල් ගම් සුවද නැහැ. ඒවා එච්චර කොලිටි නැහැ.
Deleteඒත් වෙනම එන මක්ක කෑලි සුවදයි.
හසී නැන්දා,
Deleteඅපි එහෙමයි පාඩම් උගන්නන්නෙ.... ඊලග කොටසක් නෑ. ඉතුරු ටික හිතාගන්න එකයි ඇත්තෙ...... හෙහ් හේ...
.............
පුබුදු අයියා,
ස්තුතියි! කුමාර කරපු වැඩ ගැන කතා කරලා වැඩැක් නෑ. මේ තියෙන්නෙ තව එකක්.
http://cyberyaya.blogspot.com/2010/11/blog-post_18.html
..................
එක්සැන්ඩර් මාමා,
හෙහ් අපිනං අහුවෙයි ඒවට... ඇත්තට මං ගාවත් සුවඳ හමන මක්කයක් තියෙද්දි ඇයි කුමාරයා දිව්වෙ.....:D
..................
නිම්ෂා අක්කා සෑම් මාමා,
බබල් ගම් සුවද වගේම රබර් සුවඳ එන මක්කත් තියෙනවා. ඒත් සුවද කෝම උනත් මක්කයක් නම් ඒක කන එක අපේ යුතුකම.
ස්තුතියි නිම්ෂා අක්කා සහ සෑම් මාමා.
//සාමාන්‍යයෙන් මට පැන්සලක් අරගෙන දුන්නම ඒකේ තියෙන මකනෙ මට නිකම්ම කැවෙනවා.//
ReplyDelete//පැන්සලට මකනෙ සවි කරලා තියෙන රත්තරන් පාට තහඩු කෑල්ලත් ගිය බදාදා අත්වැඩ වලට යන ගමන් දත් අස්සේ දාලා හපලා හපලා "තුක්" ගාලා විසිකලා.//
මාව අවුරුදු 30 ආපස්සට ගියා හරිම සුන්දර මතකයක් අලුත් උනා
මට නම් මොන මක්කේ දුන්නත් බේරන්ඩ බෑ.කොහොමහරි කාලා දානවා.
ReplyDeleteපොඩි කාලේ ඉදම්ම ගෑල්ලමයින්ට අනුකම්පා කරලනේ :D
ReplyDeleteගීතයනම් ආයෙමත් පොඩි කාලෙට අරගෙන ගියා .
ආසම ගීතයක් .
@බුරා,
ReplyDelete***උඹ දන්නැද්ද, චුට්ටෙ මලා දැන් අවුරුදු කීපෙකට කලින්..***
නෑ ඇත්තද බන්,.. ඕකගෙන් කාපු රීප්ප පටි පාරවල් මතක් වෙනව තාමත් " හීනෙන් ගෑ මුදු සුවඳක් සේ." හික් හික්
අඩු වයසෙන්ම ගෙම්බා වෙලානේ
ReplyDeleteලොකු ජෝන් මාමා,
Deleteස්තුතියි ලොකු ජෝන් මාමා. ඒ කියන්නෙ ලොකු ජෝන් මාමා ඉස්කෝලෙ ගියෙ මීට අවුරුදු 30කට විතර කලින්ද... අම්මො...!
..................
මධුරංග අයියා,
අන්න චුමි මහත්තයා වගේ නියම පිරිමි ළමයෙක්.... මොන බාධකේ අවත් තමන්ගෙ වැඩේ හරියටම කරන.
.......................
ගිම්හානී නැන්දා,
ඔව්! අපි එහෙමයි.
.............
අටම්පහුර මාමා,
ගෙම්බෙක් වෙන එකත් ලේසි වැඩැක් යැයි නේද?
මට පේන විදිහට චුටි මහත්තයා චින්තාමණිට හොඳ පාඩමක් උගන්නන්න ඇති නේද.... ;)
ReplyDeleteචුටි මහත්තයාගේ කතා තමයි මම ආසම කතා පෙළ.
ආපහු ඒ කතා අහන්න ලැබිච්ච එක ලොකු දෙයක්.
කුමාරය මොකෝ මක්කෙ අරන් එන්න දිව්වෙ? අපේ එවුන් මයි අපිට කෙලින්නෙ කියන්නෙ ඕකනෙ!
ReplyDeleteහරි අපූරුයි චූටි මහත්තයො....
ReplyDeleteචින්තාමනී ඉදිරියෙ තවත් සැරයක් අසරණ වුනා නේද..මේ ඒක නෙවෙයි දැන් ඔය චින්තාමනී දන්නවද එයා තමයි මේ දවස් වල සයිබර් යායෙ තරුව කියලා (මැරියන් දන්නවද ?:D:D)
අනිත් එක තමයි ඔය චින්තාමනී ඒ කාලෙ ගැල්ලමයෙක්ද ගෑණු ලමයෙක්ද ?
ඒ කාලෙත් ඉතින්......... නේද...???
ReplyDeleteඒ කාලෙත් ඉතින්....... නේද.....
ReplyDeleteලොකු පුතා මාමා,
ReplyDeleteට ගොඩක් ස්තුතියි කෙහෙල්කොටුව පැත්තට ආවට. මගේ කතා කියවන්න වැඩි කැමැත්තක් දක්වන එක ගැනත් මට සතුටුයි. දැන් ලංකාවෙ ඉන්න හන්දා වැඩිපුර කතන්දර ලියන එකයි තියෙන්නෙ අපිට.් කියවන්න.
.....................
මුහුදු මාමා,
කුමාරයා මක්කෙ අරං එන්න දිව්වෙ මගේ මක්කෙන් මකද්දි චිත්‍රය කලු වෙයි කියලා හිතලද දන්නැනේද?
.........................
ලකී සිරි මාමා,
ස්තුතියි මාමා.
චින්තාමනී නං දන්නවද දන්නෑ මේ ගැන. ඒ පැත්තට සිග්නල් අඩුයිනෙ...හෙහ් හේ......
මම කියන්නෙ ගැණු ලමයිට ගැණු ළමයි කියලා. ගැල්ලමයි කියන්නෙ ලොකු අයනේ!
..............
අසේල,
ඒ කාලෙත් අපි දක්ෂයෝ තමා ...හෙහ් හේ...