2012/06/27

සොත්ති සපත්තුව! | ත්‍රාසය, භීතිය, කුතුහලය කැටිවුනු කෙහෙල්කොටුවේ චූටි මහත්තයගේ තවත් කතාවක්.

විවේක කාලයෙන් පස්සෙ තිබුනු අත්වැඩ පීරියඩ් දෙකම හිස් කියලා කනින් කොනින් ආපු ආරංචියට අපි කලබල උනා! අත්වැඩ උගන්වන අලගල්ල ටීචර්ට උණ ගැනිලා නිසා එයා නිවාඩු පිට ගෙදරලු.

අපි පංති නායකයට කතා කරලා කිව්වා නිරූපා ටීචර් හොයාගෙන ගිහින් පිට්ටනියට යන්න අවසර ඉල්ලන්න කියලා. හැබැයි ගොඩක් වෙලාවට අපිට අවසර ලැබෙන්නෙ පිට්ටනියට යන්න නෙමේ පංති කාමරේ ඉදලා දැනුම මිණුම තරග වලට මූණ දෙන්න.

ඉදලාමත් දවසක අපේ ඉල්ලීමටත් කන්දෙනවා. ඒ වගේ දවසක් තමා එදත්.

ඊලගට අපි පිට්ටනියේ!!!

ඔය වගේ වෙලාවට අපි වැඩිපුර කැමති රබර් බෝලෙන් ෆුට් බෝල් ගහන්න. මොකද තාම තාම අපේ කකුල් ලොකු බෝලෙට අනින්න තරම් හයිය වෙලා නෑ. ඒ බෝලෙට නිකම් පයින් ඇන්නත් දණිස්ස ගාවින් ගැලවෙන්න යනවා.

"මම හොඳට බලාගෙන ඉන්නෙ....... කව්රුත් රන්ඩු කරගන්නනෙ නෑ.... එහෙම උනොත් කෙලින්ම පන්තියට යවනවා හොඳද........................?" නිරූපා ටීචර් බොහොම බැරෑරුම් මූණක් හදාගෙන අපි දිහා බලාගෙන කිව්වා. පස්සෙ පොතක් දිග ඇරගත්තු නිරූපා ටීචර් ඇහැල ගහ යටට වෙලා ඒක කියවන්න ගත්තා.

ක්‍රීඩාවේ දී රන්ඩු සරුවල් වෙන එක සදාචාර සම්පන්න නෑ තමා. ඒත් පාපන්දු කියන්නෙ හරිම උද්වේගකර ක්‍රීඩාවක්නෙ. එක බෝලෙට රංචුවක් එක්කහු වෙලා පයින් ඇන ගන්න එක ලේසි වැඩක් කියලද හිතන්නෙ? අනික පොඩ්ඩකට නැති රබර් බෝලෙකට. සමහරුන්ගෙ කකුල් නිකං පිස්ටන් පොලු වගේ. බෝලේ කකුලෙ වදිනකල්ම එක දිගට "චටපට" ගාලා ඇනගෙන ඇනගෙන යනවා. සමහර වෙලාවට බෝලෙ පැත්තක තියෙද්දි එක්කෝ වෙන කෙනෙක්ගෙ කකුලට වදිනවා. නැත්තම් හොඳ බඩේ පාරක් වඳිනවා. අනික බෝලෙට පොරකන වෙලාවට එහෙන් මෙහෙන් අඳිද්දි කමිස කලිසම් වල උනත් මැහුං ගැලවෙන එක සාමාන්‍ය දෙයක්.

එදා අපි සෙල්ලම පටන් ගන්න යද්දිම වගේ ඉහල පන්තියෙ ළමයිනුත් ඒ ගොල්ලන්ගෙ පංති භාර ටීචර් එක්කලා අපි ඉන්න පැත්තට ආවා. ඒ ටීචර් නිරූපා ටීචර්ට මොනවදෝ කිව්වා. නිරූපා ටීචර් හිනා උනා. පස්සෙ එයා ඉදගෙන හිටපු පුටුවෙන් නැගිටලා පොත පුටුව උඩින් තියලා මෙහෙම කිව්වා.

"හරි ඔක්කොමලා අහගන්න...............ඕගොල්ල කැමති නැද්ද ෆුට් බෝල් තරගෙකට............ඕ ගොල්ලයි, මේ හය වසරේ අයියලයි.........එයාලටත් දැන් ෆ්‍රී පීරියඩ් එකක්ලු....."

"අපි කැමතී....................................." අපි කෑ ගැහුවා.

"හැබැයි රන්ඩුවෙන්න බෑ..... මමයි, පද්මිණි ටීචරුයි හොඳට ඕගොල්ල ගැන ඇහැගහගෙන ඉන්නෙ...... හොඳද?" අපේ නිරූපා ටීචර් තරවටු බැල්මකට මූණ හරෝගෙන කිව්වා.

අපි "හා" කියලා එකඟ වෙලා පිට්ටනියට යන්න හැරුනා. අපි යන දිහා බලාගෙන හිටපු හය වසර පන්ති භාර පද්මිණී ටීචර් එතෙන්ට උස්සගෙන ඇවිල්ලා තිබුනු එයාගේ ගමන් මල්ලෙන් කහපාට පෙට්ටියක් එලියට ගත්තා. හරිම රහසිගත විදිහට. ඒක දැකපු නිරූපා චීටර්ගේ මූණ එලිය වැටුනා. එතන මොකක් හරි රහසක් තිබුනා කියලා මට දැනුනා. ඉතින් මම පිට්ටනියට යන අතරවාරයේ එක ඇහැක් ඒ පැත්තට හරවාගෙන ඒ ගොල්ල මොනවද කරන්නෙ කියලා බැලුවා. පද්මිණී ටීචර් ඉඳිආප්ප වගයක් ගෙනල්ලා. බාගදා විවේක කාලෙදි කන්න ගෙනාපුවා වෙන්න ඇති. ඒ ගොල්ල අපිව පිට්ටනිය යවලා ඒක කන්නයි ලෑස්තිය.

ටික වෙලාවකින් තරගෙ පටන් ගත්තා.

අපි හරිම දක්ෂ විදිහට සෙල්ලම් කලා. සමහර වෙලාවට පිට්ටනියේ තණ කොල නැති තැන්වල බෝලෙට පොරකද්දි ටික වේලාවකින් ඒ පැත්තම දුවිල්ලෙන් වැහිලා ගියා. අපි කරන්නෙ දුවිලි වලාව වටේ ඉදගෙන නොයිවසිල්ලෙන් බලාගෙන ඉන්න එක. ටිකකින් ඇලඩින්ගෙ පහනෙන් එන බූතයා වගේ කව්රුහරි බෝලෙට පයින් ඇණගෙන එලියට පනිනනවා. 

අපේ පන්තියෙ ළමයි කොච්චර උනන්දුවෙන් ජයග්‍රහණය ලබා ගන්න ගියාද කියනවා නම් හැමෝම හැසිරුනේ කඩි කාලා වගේ පිස්සුවෙන්. 

අපි තරග ජයග්‍රහනයට උපයෝගි කරගත්තෙ අලුත්ම උපක්‍රමයක්. ඒක තමා බෝලේ අපේ පැත්තට එද්දි ආරක්ෂක ක්‍රීඩකයෝ හැටියට මුලු කණ්ඩායමම අපේ පැත්තට දුවගෙන ඇවිල්ලා පවුරක් හැදෙන එක. බෝලෙ අපහු යද්දි මැද පෙලට ගිහිල්ලා එතනින් එහා ගෝල් එක ආක්‍රමණය කරන්නත් අපි ඔක්කොමලා දුවනවා.

වැරදිලාවත් ඔලු වලට උඩින් බෝලෙ අපේ ගෝල් එක පැත්තට ගියොත් නේද, අපේ දැල් රකින්නා "අයියෝ..... මෙහෙට එන්ඩලා..... මෙහෙ කව්රුවත් නෑ..... දුවගෙන එන්ඩලා....." කියලා මරලතෝනි තිබ්බා.

කොහොමහරි අපි හොඳට සෙල්ලම් කලා. හැබැයි ඉහල පන්තියෙ අය අපිට වැඩිය හොඳට සෙල්ලම් කරලා. මොකද ඒ වෙනකොට පාපන්දු තරගෙ ලකුණු තත්වය, ඒ ගොල්ලන් ලකුණු 24 යි අපි 16 යි!!!

අපි තරගය ජයගන්න අලුත් ම උපක්‍රමයක් භාවිතා කරද්දිත් මොකද අපේ ලකුණු අඩුවුනේ? අපි හදිසියෙ කෙටි විවේකයක් අරගෙන රවුමක් හැදිලා කතා උනා. හරියට ටීවී එකේ යන තරගයක දී වගේ.

"අපි ඒ ගොල්ල බෝල අරගෙන එද්දි කකුල් මාට්ටු දාලා වට්ටමු"

"ඒ ගොල්ල, බෝලේ අපේ ගොල් එක ගාවට ගේද්දි එකපාරට අපි විවේකයක් ඉල්ලමු."

"බෝලේ අපේ පැත්තට ආ හැටියෙ අපි ඒක කැලේට ගහමු"

"පිස්සුද මනුස්සයෝ......."

"ඕවා එකක් වත් හරියන්නැ...... අපි ගහන පාරවල් ඈතට යන්නෙ නෑ. අපේ පන්තියෙ ළමයි හැමෝටම සපත්තු තිබුනානම් ඔන්න අපිට නිකම්ම දිනන්න තිබුනා." ඒ කතාවට අපි ඔක්කෝමලා නිහඬ උනා.

අපි කාටවත් ඒ අදහස ඔලුවට ආවේ නැති උනාට ඒක තමා ඇත්ත. මොකද ඒගොල්ල අපිට වඩා ලොකුයි. එයාලා ගහන පාරවල් සැරයි. බෝලේ වේගෙන් යනවා.  ඉතින් හරි විදිහට ඒ ගොල්ල එක්ක හැප්පෙන්න නම් අපිට සපත්තු තියෙන්න ඕනෙ. එහෙම උනනාම් බොලේ ගන්න පොර කද්දි උනත් ඒ ගොල්ල දෙපාරක් හිතයි, සපත්තු පාරක් කාගෙන ම බොලේ ගන්නවද නැද්ද කියලා.

"ඉතින් අපිට කොහෙද සපත්තු තියෙන්නෙ........?"

ඒකනේ.... ඒ වැඩේ හරියන්නැ......."

ඔන්න එතකොට තමා මගේ ඔලුවට මෙහෙම අදහසක් ආවේ. හරියට එදා වගේම. හැබැයි ඒක මීට කලින් කව්රුත් නොකරපු තාලේ අරුම පුදුම සැලැස්මක්. ටක්කෙට ක්‍රියාත්මක කලොත් අපිට උඩින්ම තරගෙ දිනන්න පුලුවන්.

"අපි මෙහෙම කරමු. සපත්තු තියෙන අය එක සපත්තුවක් ගලෝලා දෙනවා සපත්තු නැති අයට. එතකොට එයාලා ඒ සපත්තුව දාගන්නවා. අපි බෝලෙට ගහන්නෙ එක කකුලකින්නෙ..... එතකොට මේ ප්‍රස්සෙ බාගෙට බාගයක් විසඳිලා..... නැද්ද හොඳයි?"

ඒ අදහසට කව්රුත් පාහේ කැමති උනා. හැමෝම තරගෙ ජයග්‍රහණය වෙනුවෙන් තමන්ගෙ නුහුරු කකුලේ සපත්තුව යාලුවට පරිත්‍යාග කලා. මම දුන්නෙ කුමාරට. ටිකකින් අපේ පාපන්දු කණ්ඩායමේ සෑහෙන දෙනෙක්ගේ එක කකුලක් සපත්තුකින් සන්නද්ධ උනා. 

බැලු බැල්මට හැමදේම විහිලුවට පෙනුනට මේක අරුම පුදුම සැලැස්මක්. 

ආයි තරගෙ පටන් ගත්තා. ටිකකින් මේ වෙනස අපේ ටීචර්ලා දැක්කා. ඒ ගොල්ලන් කෑම කෑම පැත්තකින් තියලා හොඳටම හිනා වෙවී තරගෙ නවත්තලා අපිට එන්න කිව්වා. එයාලා ඇහැව්වා කව්ද මේ විදිහට කරන්න කිව්වෙ කියලා. මාව උඩ ගියා. ඒත් මම එක උරහිසක් ඇලකරගෙන බොහොම අහිංසක විදිහට ඉස්සරහට ගියා. බොරුවට! කව්ද දන්නෙ මේක මොන පැත්තට පෙරලෙයිද කියලා.

අන්තිමේ ඒ දෙන්නා මාව හොඳටම අගය කලා. මම ලොකු පන්තියේ ළමයිටත් ආදර්ශයක්ලු. හැමෝටම හිතට ගන්න කිව්වා මේ වගේ බෙදා හදාගෙන වැඩ කරන්න. ඊට අමතරව මේ වගේ අලුත් විදිහට හිතන්න හැමෝම පුරුදු වෙන්නත් කිව්වා. ඒ ඔක්කොම දේවල් කියන කල් මම බොහොම වැදගත් තාලෙට අත් දෙක පස්සට බැඳගෙන අහගෙන හිටියා.

ඊට පස්සෙ අපිට තරගෙ පටන් ගන්න අවසර දීලා ඒ ගොල්ල ඉඳආප්ප භාජනේට අවධානේ යොමු කලා.

අපි නේද පුදුම උද්යෝගකින් ඒ පාර තරග කලේ. ලොකු පන්තිය ඉස්සරහා මාව අගේ කල එකට පන්තියටම සතුටුයි. ඉතිං අපි අපේ මුලු ශක්තියම යොදවලා තරගෙ දිනන්න උත්සහ කලා.

හැබැයි තරගෙ කෙරීගෙන යන අතරතුර අපිට තේරුනා සැලැස්මේ පොඩි කොස්සක් තියෙනවා කියලා. ඇත්තටම කියනවානම් කොසු කිහිපයක්ම!

සමහරු කියන්ඩ ගත්තා එක කකුලකට සපත්තුවක් නැතුව අඩිය තියද්දි හරියට වලකට වැටෙනවා වගේ කියලා. එයාලගේ තුනටිය ඇමැට්ටි වෙන්ඩත් බලනවලු. ඔය හේතුව හින්දා ඒගොල්ලන්ට වේගෙන් ඉස්සරහට දුවගෙන යන එක පුරුදු වෙන්න තරමක කාලයක් ගත උනා. 

සමහරු හම්බවෙච්ච සපත්තුව දාගත්තට මොකද ඒක ඒගොල්ලන්ගෙත් නුහුරු කකුල! එයාලගේ බාසාවෙන් කිව්වොත් සොත්ති කකුල! ඉතින් බෝලෙ ඒ ගොල්ලන්ගෙ පැත්තට එද්දි, ඒ ගොල්ලන්ට මොලෙන් පණිවිඩේ එන්නෙ තමන්ට හුරු කකුලෙන් බෝලෙට ගහන්න කියලා. ඒ වුනාට සපත්තුව තියෙන්නෙ සොත්ති කකුලේ. ඉතින් මොලෙත් එක්ක මේ අලකලංචිය බේරගෙන බෝලෙට ගහන්න යද්දි පෙරහැර ගිහිල්ලා ඉවරයි. 

හැබැයි රොහාන්ලා, නලින්ලා වගේ ඇඟපත පොඩි අයට ඒ ප්‍රස්නෙ එච්චර බලපෑවේ නෑ. ඒ ගොල්ල තමන්ට හම්බවුනු සො‍ත්ති සපත්තුව හුරු කකුලට දාගත්තා. මොකද කකුල් පොඩි නිසා. ඒත් ප්‍රස්ණෙ උනේ ඒ ගොල්ල බොලෙට ගහන්න කකුල වේගෙන් වනද්දි සපත්තු කකුලෙන් ගැලවිලා ගුවන් ගත වෙච්ච එක. ඒක ගිහින් පතිත උනේ මේ ගැන හාංකවිසියක් වත් දන්නැතුව බෝලෙ දිහා බලාගෙන දුවන ප්‍රතිවාදී ක්‍රීඩකයෙක්ගෙ ඔලුවට නැත්තම් මූණට. එතකොට ඒ ගොල්ල අපිත් එක්කලා පැටලෙන්න ආවා, තරග නීති උල්ලංඝණය කරනවයි කියාගෙන.

ඔය මොනවා උනත් මේ සැලැස්මෙන් උපරීම ප්‍රයෝජනය ගත්තෙ ඥාණතිස්සලා, කුමාරලා වගේ ඕන දේකට ඔට්ටු අය. එයාලට මේක පනින රිලවුන්ට ඉණිමං බැන්දා වගේ උනා. ඒ ගොල්ල පිස්සුවෙන් ව‍ගේ පිට්ටනිය පුරා දුව දුව සොත්ති සපත්තුවෙන් බෝලේ වේගෙන් ගෝල් එක පැත්තට එල්ල කලා. 

ඒ වෙද්දි හැමදේම හොඳ අතට වෙමිනුයි තිබුනෙ. අපි වේගෙන් ලකුණු අතරට ආවා. හැමෝම එකා වගේ උත්සහ කලේ ජය කනුව පැත්තට යන්නයි.

ඊට මොහොතකට පස්සෙයි අපි නොහිතපු දෙයක් උනේ........!

ඒක උනේ මෙහෙමයි.

ඔන්න අපේ පැත්තට බෝලේ ආවා. මම ඒක ලේසියෙන් ම නතර කරලා එහා පැත්තට ගැහුවා. ඒක ගත්තෙ අපේ පැත්තෙ නලින්. එයා ප්‍රතිවාදී ක්‍රීඩකයින්ගේ කකුල් මාට්ටු වලින් බේරී බේරී ඒගොල්ලන්ගේ ගෝල් එක ලගටම බෝලේ අරගෙන ගියා. අපි කෙහොමහරි ගෝල් එක ඇතුලට ගහන්ඩ කියලා යටි උගුරෙන් බෙරිහන් දුන්නා. ඒ සද්දෙන් උද්දාම වෙච්ච නලින් තමන්ගේ ඇගේ තියෙන මුලු වීරියම කකුලට එකතු කරලා ගැහුවේ නැද්ද බෝලෙට "දේයි" ගාලා.

ඒ පාර කොච්චර සැරට වැදුනද කියනවා නම්, එයා දාගෙන හිටපු සපත්තුව ගැලවිලා අපි කාටවත් හිතලා විසි කරන්න බැරි තරම් උඩකට ගියා. සපත්තු පාරවල් කාලා හිටිය හැමෝම එකෙන් ගැලවෙන්න උඩ බැලුවා. වේගෙන් උඩු ගුවනට ගිය සපත්තුව ඊලග මොහොතේ විදගෙන පොලොව පැත්තට ආවා.

අපි හැමෝම උන්හිටි තැන් වලම නැවතුනා. මේක කාගේ ඔලුවට පාත් වෙයිද කියලා දැනගන්න අපි සපත්තුවෙ ඉදලා පොලොවට හිතෙන් කඩ ඉරි පේලියක් ගහලා බැලුවා. අපේ වේලාවේ හොඳ කමට ඒ ඉර ඉවර උනේ අ‍පේ ඔලු කෙලින් නම් නෙමේ. කොහෙවත් නැති ඉදිආප්ප භාජනයක් කෙලින්.

ඊට පස්සෙ තවත් දේවල් ගොඩක් උනා. ඒවා එච්චර වැදගත් නෑ. වැදගත් ම දේ තමයි අලුත් විදිහට හිතන පතන මං වගේ ආදර්ශමත් ළමයෙක් වෙන්න ඕගොල්ලත් හිතට ගන්න එක.  

...................................
- කෙහෙලේකොටුවේ චූටි මහත්තයා.

74 ක් කියන්නේ !:

  1. ආන්න දැක්කද, ආන්න දැක්කද.?? ඔය ළමයි හැ‍මෝම හිතාගන්න මේ චූටිමහත්තයා වගේ ආදර්ශවත් ළමේක් වෙන්න.. ඉතිං ඉතිං ඊටපස්සෙ වෙච්චි දේත් කියලම දැම්මානං චූටිමහත්තයො..

    ReplyDelete
  2. උදේ පාන්දරම චූටි මහත්තයාගේ මැච් එක බලලා, කකුලත් රිදෙනවා... ඒ මදිවට තනියම හිනාවෙනවා කවුරු හරි දැක්කොත් කියලා පොඩ්ඩක් වටපිටත් බලනවා.

    පොඩ්ඩිත් මේ ආදර්ශය අරගෙන ගෑනු ලමයි ටිකක් තෝරගෙන, ඔය විදියට සපත්තු මාරු කරගෙන, බෝල ගැහුවොත් කොහොම වෙයිද? අර අඩි උස සපත්තු පෙරලිලා ගෑනු ලමයි කීදෙනෙක් බිම වැටෙයිද? එයාලට මොන වගේ හානි සිදු වෙයිද කියලා කල්පනා කරමිනුයි මේ ඉන්නේ.

    චූටි මහත්තයට ඒ කාලෙත් හොඳ බුද්ධියක් තිබිලානේ. අම්මලාත් ගැලපෙනම නම පුතාට තියලා.:)

    ReplyDelete
  3. මම එක නෙවෙයි වෙන්න ඇති. :D

    සපත්තු බෙදා ගැනීම අර ටීචර්ලා කළා වගේම අගය කල යුතු දෙයක්.. ඉඳි ආප්ප ටිකට සපත්තුව වැටුනට පස්සෙත් ඒ ගොල්ලෝ ඒකට හරියාකාරව ප්‍රතිචාර දක්වන්න ඇති නේද ? :):)

    ReplyDelete
  4. හපොයි වෙච්චි දෙයක්..

    ReplyDelete
  5. ඇයි හත්වලාමේ ඔච්චර වෙලා ඔය අම්මන්ඩිල දෙන්න ඉඳි ආප්ප ටික කාල ඉවර කලේ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. එහෙම කොහෙද කතා බස් එකේ යද්දී. ඉඳි ආප්ප කන්නේ කට නිදහස් වුනාම නේ.

      Delete
  6. සැහ් කතාවෙ හොඳම හරිය නෑනෙ. අපිනං කලේ රබර් බෝලෙන් ටකර ගහපු එක. ඒක නෙමේ.. නිරූප ටීච කිවුවම හරි ලස්සන ටීචර් කෙනෙක්ව මැවෙනව. හිකිස්..

    ReplyDelete
  7. හෆොයි පවිකාරයො අර ටීචර්ලට ඉඳිආප්ප ටිකවත් කන්ඩ දීලා නෑ..
    හැබැයි කතාවෙ ආදර්ශය නම් මැක්සා..එහෙමනෙ කරන්ඩෝනි...

    ReplyDelete
  8. ඇත්තටම හොඳට හිතට ගත්තා උඹ වගේ හොඳ ළමයෙක් වෙන්න. හොඳ වෙලාවට ෆුට් බෝල් ගැහැව්වෙ. ක්‍රිකට් ගැහැව්වානම් බැට් එක දෙකට පලන්න වෙනවානෙ.

    ReplyDelete
  9. මේක බ්ලොග් නීතී උල්ලංඝනය කිරිමක්
    පාඨකයාට වැදගත්ම හරිය කප්පාදු කරලා

    ReplyDelete
  10. ඉදිආප්ප භාජනය සුනේ සුන් ඩ එතකොට :)

    ReplyDelete
  11. හික් හික් එළ කතාව....

    උඹට වගේම , මටත් ඔය ඉඳිආප්ප භාජන හරි අපළය් බන්..

    ReplyDelete
  12. එක මම ඈ ,., නියමයි,.,අමමත් අද ඉදල අලුත් විදියට හිතල ඉදි ආප්ප බාජන වලට ගහනවා ඈ

    ReplyDelete
  13. ඕක තමයි ඒ ඒ දේවල් වලට ඒ ඒ තැං කියන්නෙ.
    කොහෙද චූටි මහත්තයට මොලේ ‍තිබුණට ටීචර්ල දෙන්නට මොලේ නෑනෙ. නැත්තං පිට්ටනියකට වෙලා ඉඳියාප්ප කනවයැ.

    ඊට පස්සෙ ඉතිං කට්ටියම පංතියෙලු.

    ReplyDelete
  14. මදැයිකොලා,මේ කට මක්කටෙයිකියල ටිචර්ලට හිතෙන්නඇති..

    ReplyDelete
  15. ඉදිආප්ප භාජනේ ගැන කියත්දිම මට හිතුනා අවසානෙ වෙන්නෙ මෙහෙම තමා කියලා. කරන්න දෙයක් නැහැ. ඒ තමා තරග බිමේ හැටි. ඒත් එයිට වඩා දෙයක් වෙලා හැඩයි. නරකද මේ ගැන ලස්සන රූපයක් ඇන්දොත්. විදෙස් සිත්තරා නම් කැමති ඇති.

    ReplyDelete
  16. මඩ නාගෙන සපත්තු රාජයා ඉඳිආප්ප භාජනේ සතපිලා.
    පරිප්පු කලවම් වෙච්ච ඉඳිආප්ප වලින් ටීචල දෙන්න සරසිලා. ගුණ ගායනාවෙන් ළමයි මැද්දෙ චූටි මහත්තය සැනසිලා.
    පිට්ටනිය මැද්දෙ ඉන්නා හැටි මට පේනව මැවීලා.

    ReplyDelete
  17. ඒකනේ දැං සිත්තර එන්න එන්නම අඩු වෙනවා,,, මටත් දැං එපාවීගෙන එන්නෙ... එවුනට මටත් ලාවට වගේ හිතුනා ඉඳිආප්ප කතාවක් වැඩේට ඈඳනකොටම පොල් පැලේ පැත්තට හරවලාම තිබ්බා කියලා

    ReplyDelete
  18. අපරාදේ ඉදිආප්ප ...

    ReplyDelete
  19. ඔච්චර වෙලා ගිහිල්ලත් ඔය ඉදි ආප්ප භාජනේ ඉවර වෙලා තිබ්බෙ නැද්ද ?.. කොහොම උනත් ඊට පස්සෙ වෙච්චි හරිය හිතා ගන්න පුලුවන් ... ළමයි කට්ටියම පෙළ සැදී පන්තිවලට යන්න ඇති ...

    ReplyDelete
  20. පාපන්දු කිව්වට උබලා ගහලා තියෙන්නේ වොලිබෝලුයි ෆුට් බෝලුයි කලවම් මොකද්දෝ අමුතුම සෙල්ලමක් :)

    මේකට සිත්තරයක් නැති එක නම් වස පාඩුවක්...

    ReplyDelete
  21. පුදුම මොළයක්නෙවෙ තියෙන්නෙ

    බුද්දි අය්ය වෙලාවට මෙව්ව සිංහලෙන් ලියන්නේ... ජපනෙක් එහෙම දැක්කොත් උස්සගෙන යනවා..

    ReplyDelete
  22. චීචර්ලා දෙන්නගෙන් හම්බෙන්න ඇති හොඳවැයින් වීරයට.

    ReplyDelete
  23. ඒ ගොල්ලන් ලකුණු 24 යි අපි 16 යි!!!
    මාරයි නේ!

    ReplyDelete
  24. අප්පේ මෙහෙම පෝරිසාදයෝ ටිකක් .
    …ඊට පස්සෙ උන හරියත් දාන්නකෝ එහෙනම් .

    ReplyDelete
  25. හිනා වෙලාම හොදටම හති !!
    අද කතාවත් වෙනදා වගේම සුපිරි කතාවක් !!!
    ඇති වෙන්නම ලේ පිරිසුදු කර ගත්තා !

    ReplyDelete
  26. ඉඳි ආප්ප භාජනයක් ගැන කියල උඩින් යන සපත්තු ගැන කිව්වම මම ඒත් නිකමට හිතුව වැඩේ හරි කියල. ටීචර්ලට එළියට දාපු වචන ආයිත් ඇතුළට දාගන්න බැරිවෙන්න ඇති. :)

    ReplyDelete
  27. අඩේ මරු සීන් එක. මොනවා වුනත් අපරාදෙ ඉඳි ආප්ප ටික..

    ReplyDelete
  28. මම හිතුවා මොකක් හරි වෙයි කියලා... හොඳ වෙලාවට ඉඳි ආප්ප ඉවර වෙල තියෙන්ඩ ඇති...

    කෝ අර චින්තාමනීලට ගේම දෙඬ යන එකේ ඉතුරු ටික.. නැත්නම් සටන පාවා දීලා චිත්‍රයක් ඇඳලා දීලා බුකවගන හිටියද ?

    හැකියාවයි, උපකරනයි තියන එකේ, සිත්තරේකුත් දැම්මනම් නරකද.. ?

    ReplyDelete
  29. උබලා මොකද්ද කරපු ක්‍රීඩාව,,අච්චර ගෝල් ගානක් ගහන්න,,සමහරවිට උබලට ක්‍රීඩාව වැරදිලා

    ReplyDelete
  30. ෆුට්බෝල් තමා අයියේ....ඔය කණ්ඩායම් දෙකක් පහපු අඩුම ලකුණු. රබර් බෝලෙන් ගහනවා නම් අඩුම 40 පනිනවා......

    ReplyDelete
  31. ඔහොමෙයි ෆුට්බෝල් ගහන්නෙ? බෝලෙ අතට අරන් හයියෙන් අනික් පැත්තෙ ගෝල් එක ඇතුලට දුවන්නනෙ තිබ්බෙ! එහෙමයි ෆුට්බෝල් ගහන්නෙ!

    ReplyDelete
    Replies
    1. මේ එංගලන්තේ ෆුට්බෝල් ගහන විදියද? :D

      Delete
  32. බුද්ධි අයියගේ පිල අන්තිමේ ඉදි ආප්ප කුසලානය දිනා ගත් වගයි... :)

    ReplyDelete
  33. උගුරත් රිදෙනවා හිනා වෙලා. ඒත් අච්චර ඉඳිආප්ප ගොඩාක්. කොහොම කන්න ඇතිද ඒ දෙන්න.

    ReplyDelete
  34. :O ඊටපසේ අර ටීචර්ලා දෙන්නා ළමයි ටිකට මොකද කරේ?.

    ReplyDelete
  35. සිත්තරා නිවාඩු ගිහින් ද?

    ReplyDelete
  36. අයියෝ ටීචර්ලා නිස්කලන්කේ කන්න ගිය ඉඳි ආප්ප ටික :(

    ReplyDelete
  37. ඉතාම සිත් ඇදගන්නාසුලු, රසවත් භාෂා ශෛලියකින් ලියා, අන්තිමට අපිට හිතාගන්නත් යමක් ඉතිරි කරපු චූටි මහත්තයට මගේ පොර නාමය!
    henryblogwalker the Dude

    ReplyDelete
  38. අර සපත්තු කේස් එක ගැන කියවද්දි මගෙ කකුලත් නිකං බකල් වගෙ දැනෙන්නෙ.. ටයිප් කරද්දිත් මොකදෝ වගෙ..

    ReplyDelete
  39. බොහෝ දෙනාගේ ඉල්ලීම නිසා සයිබර් යාය කාර්යමණ්ඩලය මෙම කතාවේ සිතුවම් ඇතුලත් අලුත් තාලේ කාටුන් කතාවක් ඉදිරිපත් කිරීමට ඇති හැකියාව සොයා බලමින් පවතී.

    ඒ අනුව එම කතාවට ඇතුලත් වන චරිත සඳහා දැන් අනුග්‍රාහකයින් කැඳවනු ලැබේ.

    අනුග්‍රාහය දක්වන චරිත ඇතුලත් කර ඉදිරි දිනයක දී ඔබට මෙම කාටුන් කතාව දැක ගත හැකි ‍වේවී.

    අනුග්‍රහය දැක්විය හැකි චරිත.
    01.පන්ති නායක.
    02.නිරූපා ටීචර්
    03.පද්මිණී ටීචර්
    04.ඉඳආප්ප භාජනය.
    05.කෙහෙල්කොටුව පාපන්දු කණ්ඩායම.
    06.නව සොයා ගැනීම කියවෙන වැකිය.
    07.පොර කන අවස්ථාවේදී නැගෙන දුවිල්ල.
    08.සපත්තුව.
    09.සපත්තුවේ සිට ඇඳි කඩ ඉරි පේලිය.
    10.රබර් බෝලය.
    11අතිශයින් ජනප්‍රිය කෙහෙල්කොටුවේ චුටි මහත්තයා.

    ඉක්මන් කරන්න මේ අනගි අවස්ථාව පැහැර නොහරින්න...

    ReplyDelete
    Replies
    1. සපත්තුවට අනුග්‍රහය මම දෙනෝ........ :)

      Delete
    2. මං අංක 10 බාර ගන්නවා..

      Delete
    3. අනුග්‍රහය දක්වන්නේ මොකටද අනේ. ඒකත් විස්තර කරලා දෙන්ට. මගේ නම් කැමැත්ත තියෙන්නේ සපත්තුවට අනුග්‍රය දක්වන්ට.:)

      Delete
    4. අපෝ.... මෙන්න පොකූ මගේ අනුග්‍රාහකත්වය උදුරගන්න යනෝ....

      මේවා කුමන්ත්‍රණ.. :)

      Delete
    5. එකක් අමතක උනා.
      12. අන්තිම ජවනිකාවේ සිටින නලින්.

      Delete
    6. මම 11.. කීයක් ගෙවන්ඩ ඕනද අනුග්‍රහය දක්වන්ඩ..?

      Delete
    7. මම ඉදිආප්ප බාජනේ..කීයද ගෙවන්න ඕනෑ..

      Delete
    8. ඕන්න බලහං ඒකෙත් හැටි.. සපත්තුවට අනුග්‍රහය දක්වන්න කස්ටිය පොරකනවා.. ඒ වුනාට සූටි මහත්තයාට අනුග්‍රහය දක්වන්න ඉන්නෙ එකම එකයි.. අ‍නේ කාලේ වනේ වාසේ කිවුවලු.!!

      Delete
    9. මේකෙ ස්විච් බෝඩ් එකක් අඳින්න තැනක් නෑ නේ..
      කමක් නෑ මම 12 බාරගන්නවා..

      Delete
    10. බූරෝ, 11 ලාබම එක හින්දා තමා මාත් ඉල්ලුවෙ.. බලමු හම්බෙයිද කියලා.. :-)

      Delete
    11. මට 06 දීපං. වැකියකට එච්චර ගෙවන්න ඕන නැතිවෙයිනෙ.

      Delete
  40. මගේ කොමෙන්ටුවත් බකල චූටි මහත්තයාගේ වටිනා අදහස්වලින් බකල ගැසීමට පෙර ටයිප් කල යුතුව තිබේ..

    මෙවන් ආදර්ශමත් දරුවකු ගැන කියවීමට ලැබීමම වාසනාවකි..තවත් අලුත් දේවල් සිතීමට චූටි මහත්තයාට හැකියාව ලැබේවා..

    ReplyDelete
  41. අනේ ඇත්තමයි බුද්ධි ඔයා නම් දඟමල්ලක් වෙලා ඉන්න ඇති.දවසේ හොඳම විහිලුව දැකල තනියම හිනා යනවා. සෙල්ලම් කලා වගේ නෙවෙයි කවුරුත් කකුල් උලුක්කු කරගන්න නැතිව ඇති නේද? ටීචර්ගෙ ඉඳි ආප්ප ඉතුරුවෙලා තිබුණද :)))

    ReplyDelete
  42. ඉඳි ආප්ප භාජනයයට වෙනියා යෝජනා කරමි.

    henryblogwalker the Dude

    ReplyDelete
  43. ඇයි චිත්‍රයක් නැත්තෙ.....

    ReplyDelete
  44. කතාව කියවගන එද්දී අන්තිම ටිකේ මට මැවිලා පෙනුනා හරියට අර දෙමළ ෆිල්ම් වල පෙන්නන්නේ සීන් එක නවත්තලා 360 කැමරා ෂොට් එකක් එක්ක. අන්න ඒ වගේ.. සුපිරියි ඈ.....

    ReplyDelete
  45. හිනා වෙලා කැස්සත් ආවා....හයියෝ...හීීීීීීීීී

    ReplyDelete
  46. මේකේ සිත්තරේ නැද්දෝ...:(

    ReplyDelete
  47. ඔන්න මම අංක 2 බාර ගන්නවා. ඒ මහත්මියගේ කැම බීම ඉඳුම් හිටුම් ඇඳුම් පැලඳුම් සියල්ලටම මගෙ අනුග්‍රහය!!!

    ReplyDelete
  48. ඇඩ්වටයිසින් ප්‍රොග්‍රෑම් එක යන හින්දයි ඔගොල්ලන්ට උත්තර දෙන්න පරක්කු වෙලා තියෙන්නෙ......

    ඉවසලා ඉන්ඩලාකෝ!

    ReplyDelete
  49. ඉතිරි වෙලා තියනවනම් අර ඉඳිආප්ප භාජනය වත් මට දීපන්කො.

    ReplyDelete
  50. අදනේ මේක දැක්කේ ඔයාගේ අළුත් පෝස්ට් එක නිසා.... ෂා මරු අදහස් තියෙන කොල්ලෙක්නේ රටක් වටිනවා....

    ReplyDelete
  51. අයියෝ ඉඳිආප්ප..හොඳ ලමයගෙ කාඩ් කුඩු නේ

    ReplyDelete
  52. ටෙන්ඩර් කැඳවීම තාවකාලිකව අත්හිටෝලා තියෙන්නෙ.... කලබල වෙන්ඩ එපා... හැමෝටම අනුග්‍රාහකත්වයක් ලබා ගන්න අවස්ථාව දෙනවා.!

    ReplyDelete

ඔබේ පංගුව...

Related Posts Plugin for WordPress, Blogger...