"මතකයේ ප්‍රධාන ම ලක්ෂණය අමතක වීම"ලු!
අමතක වීම ගැන මගේ ඉතිහාසය පටන් ගන්නෙ කතන්දර සීයගේ සයිකලේ කඩේ ලඟ අමතක වීමෙන්. එතනින් පස්සෙ සෑහෙන බයිසිකල් ප්‍රමාණයක් මට තැන් තැන් වල අමතක උනා. ඒ සිද්ධි නම් දැන් හරියට මතකත් නෑ.
පහුගිය දවසක යූරෝ දෙකක කොන්ත්‍රාත්තුවක් මට අමතක උනා කියලා කාටත් මතක ඇතිනෙ.
කොහොමත් ඒ වගේ මුල්‍යමය වටිනාකමින් වැඩි දේවල් අමතක වෙන එකේ ලොකු පාඩුවක් වෙන්නෙ නෑ. මොකද ඒ ප්‍රශ්ණ විසඳගන්න වැඩිහිටියෝ මැදිහත් වෙන හන්දා.
ඒත් ඉස්කෝලෙ යන කාලෙ දී ගෙදර වැඩ අමතක වෙන එක, ඉරිදා රෑ වෙනකල් ඉස්කෝලෙ යුනිෆෝම් හෝදන්න අමතක වෙන එක, කෑම පෙට්ටිය හොදලා වේලෙන්න තියන්න අමතක වෙන එක අන්තිම භයානකයි.
ඉස්කෝලෙ දී දෙන ගෙදර වැඩ කරන්න අමතක වෙන එක මේ ලෝකෙ තියෙන අතිශ්‍යයින් ම සාමාන්‍ය සංසිද්ධියක්. ඒක හන්දා ඒ ගැන කතා කරන්න දෙයක් නෑ. හැබැයි ඉස්කෝලෙ අඳින යුනිෆෝම් හෝදන්න, කෑම පෙට්ටිය හෝදන්න අමතක වෙනවා නම් ඒ අපි වගේ විශේෂ අයට විතරයි.
දවසක් යුනිෆෝම් කියන්නෙ මොකද්ද, ඒවා අදින්නෙ කොහෙ යද්දි ද කියලත් අමතක වෙලා තිබුනු ඉරිදාවකට පස්සෙ එන සඳුදා උදේ දවසක් උදා වුනා. ඇඟ හොදගෙන තුවාය පිටින් කාමරේට ආපුවාමයි මතක් උනේ යුනිෆෝම් කියන්නෙ තුවාය කඩලා දාලා ඇඳගන්න තියෙන් ඇදුම් නේද කියලා. ඒවා ඇදගෙන තමා ඉස්කෝලෙත් යන්නෙ කියලා. පස්සෙ මතක් උනා ඊට කලින් දවසේ මම යුනිෆෝම් හේදුවෙත් නෑ, අම්මට හොදන්න කියලා යෝජනා කලේත් නෑ නේද කියලා. ඊට පස්සෙ මට තරු පෙනුනා.
තරු පෙනුනට පස්සෙ මම රෙදි වැල දිහා බැලුවා. අපේ අම්මා හරි හොඳයි! මහ රෑ අම්මා මගේ රෙදි හොඳලා දාලා. ඒත් ඒවා තෙතයි. ඒක නිසා අල්මාරිය ඇදලා කලිසමක් හොයා ගත්තත්, හරි හමන් සුදු ෂර්ට් එකක් තිබුනෙ නෑ වෙලාවටම.
විකල්පයක් කල්පනා කලත් මට මතකයට ආවේ නෑ. මම හොඳටම අසරණ වෙලා ඉන්නවා දැකලා, තාත්තා දෙයියෙක් වගේ ඇවිදිල්ලා විසදුමක් දෙන්න ඉදිරිපත් උනා.
ඉතින් මමයි තාත්තායි තෙත ෂර්ට් එකත් අරගෙන කුස්සියට ගිහිල්ලා අම්මගෙන් අවසර අරගෙන ලිප පත්තු කරලා ඒක උඩ පිට්ටු තම්බන ස්ටීමර් එක තිබ්බා. අම්මා අපි දෙන්නා දිහා පුදුමෙනුත් පුදුම වෙලා බලාගෙන හිටියා. ටිකකින් තාත්තා ෂර්ට් එක ගුලි කරලා ස්ටීමර් එකට දාලා උඩ පියන වැහුවා. මම මුකුත් කියන්න ගියෙ නෑ. මට ඕනෙ ඉස්කෝලෙ ඇඳගෙන යන්න ෂර්ට් එකක් විතරයි.
ටිකකින් තාත්තා ලිප නිවලා, මැජික් කාරයෙක් තොප්පිය හසුරවන විදිහට හරි උදාර ලීලාවෙන් ස්ටීමර් එක ලිපෙන් ගත්තා. පස්සෙ ඒක කෑමේ මෙසේ උඩ තියලා තාලෙට අත් දෙක පා කරලා ගෙනල්ලා ඒකේ උඩ පියන ඇරියා. පස්සෙ දුම්දාන ස්ටීමරෙන් ෂර්ට් එක ඇදලා මට දැම්මා.
හිතාගන්න බෑ. මොහොතකට කලින් තෙත බරිතව තිබුනු ෂර්ට් එක දැන් ගින්දර රස්නෙන් දුම් දානවා. මගේ ඇගිලි වලට දැනෙනවා ඒක හොඳටම වේලිලා කියලා. පොඩි කුරක්කන් පිට්ටු සුවඳක් ඒකෙන් වහනය උනත් ඇත්තටම මේක මැජික් එකක්. මම ඒක උණු පොලොස් කෑල්ලක් වගේ උඩ දදා කාමරේට අරගෙන ගියේ අයන් කරලා ඉස්කෝලෙට දුවන අදහසින්.
මම රෙඩ් හාට් අයන් එක හොඳට රත් කරලා ෂර්ට් එක අයන් බෝඩ් එක උඩ තියලා මදින්න ගත්තා. මොන මැදිල්ලක් ද? කොච්චර මැද්දත් ඒක මැදෙන්නෙ නෑ. අයන් එක ගත්තු හැටියෙ ඇකිලෙනවා. ඒකට හේතුව තේරුම් ගන්න මට එච්චර වෙලාවක් ගියේ නෑ. ශර්ට් එක ස්ටීමරේ අධික උෂ්ණත්වයට නිරාවරණය වුනු හින්දා ඒකේ නූල්, ස්ටීමර් එකට ඒක දාද්දි පොඩි කරපු විදහට හැඩ ගැහිලා. ඒක හින්දයි නැමුං පාරවල් කොච්චර අයන් කරත් අයන් උනේ නැත්තෙ. තවත් ටික වෙලාවකින් තේරුනා රෙඩ් හාට් අයන් එකකින් නෙමේ, රෙඩ් හාට් ගල්රෝලක් රත් කරලා ෂර්ට් එක උඩින් යැව්වත් ඒ නැමුං පාරවල් අරින්න බැහැයි කියලා. එතකොට පරක්කු වැඩියි.
ඉතින් මම හිරවෙච්ච පරණ කලිසමට, එපිට අවුරුද්දෙ කහ ගැහිච්ච ශර්ට් එකක් ඇඳගෙන ඉස්කෝලෙ ගියා.
අමතක වීම නිසා සිදුවුනු ඔය වගේ කතා ගොඩාක් තිබුනත් දැන් නං මට ඒවා අමතක වෙලා ගිහිල්ලා!
පහුගිය දවසක විශේෂ ඊ මේල් වගයක් ආවා. "කෙහෙල්කොටුව මොකද පාලුවට ඇරලා" හුගක් මේල් වල මාතෘකාව වෙලා තිබුනේ එහෙම. එතකොටයි මට මතක් උනේ මට ම කියලා බ්ලොග් එකක් තියෙනවා නේද කියලා, මට අමතක වෙලා කියලා. මතක තියා ගන්න දේවල් වැඩි වුනාම සමහර දේවල් දන්නෙම නැතිව අමතක වෙනවා. ඒ වෙලාවට ඒ වගේ දේවල් මතක් කරලා දෙන්න කට්ටියක් ඉන්නවා කියලා හිතෙද්දි, මාරයි!!!
කොහොමහරි ඒක නැවත මතක් කරලා බර යාලුවෝ සෙට් එකක් මට ඔය විදිහට කතා කරලා තිබුනා.
දැක්කනේ, අපි බ්ලොග් ලියලා හම්බකලේ සල්ලි නෙමේ යාලුවෝ හරිද! ඒ ඔක්කොමලට ස්තුතියි.
ඉදිරියේ දී නැවත සුපුරුදු විදිහට ලිපි ලියන්නයි බලාපොරොත්තුව. ඇරත් බය වෙන්න දේකුත් නෑ මතක් කරලා දෙන්න කට්ටියතුක් ඉන්න එකේ.
......................................
- බ්ලොග් ලියලා හම්බකරගත්තු යාලුවන්ගෙන් ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න සිටින මා, ඔබේ හිතවත් යුරෝ දෙකේ වීරයා.
ප/ලි -
අමතක උනානේ. අද මම කියන්න හිටියේ යුනිෆෝම් හෝදන්න අමතක වුනු කතාව නෙමේ, කෑම පෙට්ටිය හොඳන්න අමතක වුනු කතාව! දැන් කොහොමද ඒක කියන්නෙ?
ප/ලි -
අමතක උනානේ. අද මම කියන්න හිටියේ යුනිෆෝම් හෝදන්න අමතක වුනු කතාව නෙමේ, කෑම පෙට්ටිය හොඳන්න අමතක වුනු කතාව! දැන් කොහොමද ඒක කියන්නෙ?








ආයේ පෝස්ට් එකක් දාන්න පෙට්ටිය ගැන... මේ කෑම පෙට්ටිය ගැන...
ReplyDeleteප්‍රසන්න,
Deleteමොන කෑම පෙට්ටිය ගැනද?
උඹලයි තාත්තගෙ ඔය නව නිෂ්පාදනයට පේටන්ට් එකක් ගත්තෙ නැද්ද?
ReplyDeleteදැන් ඉතිං ඊගාව පෝස්ට් එකේ කෑම පෙට්ටිය කියල හිතාගෙන සපත්තු දෙක ගැන ලියයි.
ප්‍රසා,
Deleteඇයි මෙදා පාර මම කෑම පෙට්ටිය කියල හිතාගෙන සපත්තු දෙක ගැන ලියලද?
දැන් කෑම පෙට්ටිය හෝදපු කතාව කියන්නෙ කවදාද? විශෙෂයෙන් කියන්න ඕනෙ නෑනෙ.. අපිත් ඔයම ටයිප්..
ReplyDeleteදැන් කෑම පෙට්ටිය හෝදපු කතාව කියන්නෙ කවදාද? ඇයි එහෙම එකක් මම කියන්නම් කිව්වද? මට මතක නෑ.
Deleteඅපිත් ඔයම ටයිප්..// මේ එයිප් එකේ අය එදත් අදත් ලෝකෙ පුරාම ඉන්නවා. ඒක අපිට ආඩම්බරයක්... නැද්ද හොදයි?
පොඩ්ඩක් හිටපං. ඔය පිට්‍ටු තම්බන ගැජට් එක පෙට්ටියක හැඩේට හැදුවා නම්© අයන්කරලා නීට් එකට නවපු රෙදි බන්ඩල් එකක් දාලා ස්ටීම් කරලා ගන්න තිබ්බා ආයෙ කවදාවත් අයන් කරන්න නැති වෙන්න©®
ReplyDeleteබලාපං බුද්ධි අර බින්දිගෙ පෝස්ට් එකේදි මම රදි මදින්න කම්මැලි හොරු ගැන කිව්ව කතාව උඹට කොච්චර වැදිලද කිව්වොත්, උඹට හිතේ දුකට එතකොට පෝස්ට් ලියවෙනවා.
මට තව කියන්න දේ තියෙනවා. බ්ලොග් ලියලා හම්බකරපු දේ ගැනයි, අමතක වීම ගැනයි. දැන් රෙදි මදින්න තියෙනවා. පස්සෙ ආයෙ එන්නං.
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)
ඩූඩ්,
Deleteඑතකොට පිට්ටුව එන්නෙ කොටුවටනේ.... කෝකටත් ඔයින් එකක් හදලා නව නිපැයුම් කරුවන්ගේ සංගේට දාලා බලන්න... පොහො පිට පේටන්ට් හිමි වෙයි.
ඔව්! කෑම පෙට්ටියේ කතාව මතක් උනේත් බොලාගේ ඇනුම් පද නිසා තමයි. ඒ වුනාට අපි සැලුනද?
ඒක හොඳයි. සමහර දේවල් ගැන වැඩිය හිතද්දි, සමහර දේවල් අමතක වෙනවා. :)
බ්ලොග් ලියල හම්බ කරගත්ත දේවල් නං . . . . අම්මේ මොකට කියනවද
ReplyDeleteහෙහ් හේ..... කියන්ඩ එපා අපි දන්නවා....
Deleteමං හිතපු එක ඕනය කියලනෙ!
Deleteතව පෝස්ට් එකක් දාන්ඩ කෑම් පෙට්ටිය ගැන !!!
ReplyDeleteඑහමෙයි මධුරංග මහත්තයො, ඒක් කෑම පෙට්ටිය ගැන ලියන්නෙ මොකද්ද?
Deleteමොනවද බ්ලොග් කියන්නෙ ?
ReplyDeleteඔය මිනිස්සු හම්බ කරන එක හරි පරිස්සමින් කරන්න ඕනා.. ඒවා සල්ලි වගේ නෙමේ.. සල්ලිනම් දාහෙ කොලේ හැමදාම තියෙන්නෙ එකයි බින්දු තුනයි.. හැබැයි මිනිස්සුන්ගෙ ඔය බින්දු අඩු වැඩි වෙනවා.. හරිම භයානකයි !
මේ කතාවටනං පට්ටම පට්ට ලයික්ය..
Deleteසෙන්නා,
Deleteඒක නං සහතික ඇත්ත. හැබැයි සල්ලි වලත් බිංදු අඩු වැඩි වෙනවා. දැන් සීයේ කොළයක් ගත්තට ඒකේ සීයක් නෑනේ.... තියෙන්නෙ හැත්තෑ ගාණයි.... එහෙම බලද්දි මිනිස්සුයි සල්ලියි එක වගේ නේද? :)
ඒක නම් ඇත්ත තමා සල්ලි වලත් ඉතින් මූනෙන් පෙන්නන වටිනාකම නේමේනෙ තියෙන්නෙ අඩු වටිනා කමක්නෙ... මිනිස්සුන්ගෙත් එහෙම තමයි... මූණෙන් පෙන්නන කෙනා නෙමේ ඇත්ත කෙනා.. හැබැයි සල්ලි වල වගේ නෙමේ මිනිස්සුන්ගෙ ඔහොම වෙන එක වැරි ඩේන්ජරොස්..
Deleteඒක හින්දා ඔය මිනිස්සු හම්බ කොරන එක වහාම නවත්තපන්...
මේ උපදෙස් අමතක කිරීමෙන් භායානක ප්‍රතිපල අත්විය හැකිය.. එසේ වීමේ වගකීම අපි බාර නොගනී.. වැරදුනා බාර නොගනිමු.. ( තව පොඩ්ඩෙන්.. මල මගුලයි.. )
සෙන්නා,
Deleteඒක හින්දා ඔය මිනිස්සු හම්බ කොරන එක වහාම නවත්තපන්..//
එහෙනම් මෙහෙම කරමු. මුලින් සල්ලි හම්බකරලා, පස්සෙ සල්ලිවලට මිනිස්සු ගමු.
ඒ වැඩේ මේ දවස් වල නැගලා යනවා නේද?
...............
බාර නොගනිමු// මේ ළමයව හැමෝ ම ආදර්සෙට ගන්න ළමායි.... බලන්න එක පාරයි කියලා දුන්නෙ... දැන් ව්‍යාකරන සදොසක් බේතකටවත් හොයන්න නෑ.... ආඩම්බරයි පුතා ඔයා ගැන.
// ටිකකින් තාත්තා ලිප නිවලා, මැජික් කාරයෙක් තොප්පිය හසුරවන විදිහට හරි උදාර ලීලාවෙන් ස්ටීමර් එක ලිපෙන් ගත්තා. පස්සෙ ඒක කෑමේ මෙසේ උඩ තියලා තාලෙට අත් දෙක පා කරලා ගෙනල්ලා ඒකේ උඩ පියන ඇරියා. පස්සෙ දුම්දාන ස්ටීමරෙන් ෂර්ට් එක ඇදලා මට දැම්මා //
ReplyDeleteඅයියෝ සිත්තරයකුත් තිබ්බනම් තමයි මරු ....
අයියෝ සිත්තරයකුත් තිබ්බනම් තමයි මරු ....// ඒකනම් ඇත්ත. මට ඒක අමතක උනානේ.!
Deleteඑතකොට අමතකයේ ප්‍රධාන ම ලක්ෂණය මොකක් ද? පොල්කටු අඟුරු ඉස්තිරික්කෙන් මැද්දනම් හැබැයි රැළි ටික යවා ගන්න තිබ්බ්.
ReplyDeleteඑතකොට අමතකයේ ප්‍රධාන ම ලක්ෂණය මොකක් ද? පොල්කටු අඟුරු ඉස්තිරික්කෙන් මැද්දනම් හැබැයි රැළි ටික යවා ගන්න තිබ්බ්.
ReplyDeleteඑතකොට අමතකයේ ප්‍රධාන ම ලක්ෂණය මොකක් ද? // මම හිතන්නෙ ඉස්කෝලෙ කාලෙනම් "ටොක්කක්" වගේ එකක් නේද?
Delete....
පොල්කටු අගුරු ඉස්තිරික්ක කාරයොත් ඒ කාලේ පාන්දර එනවා අපේ රෙඩ් හාට් අයන් එක ඉල්ලං යන්න තෙත රෙදි මදින්න. මොනා කරන්න ගමේනෙ.. දෙන්න වෙනවා. ඒ අයන් ජාතියෙන් තෙත රෙදි දිගටම මැද්දම ෂෝට් වෙලා අයින් කරන්න වෙනවා. ඒත් ඒවා ගම්මුන්ට තේරෙනෙවැයි!
kema pettiya hodanna amathaka una dawasata nam gedara weda karannath amathaka wenawa aniwarayenma. Mokada e kiyanne poth bag 1 allalawath nehene.
ReplyDeleteMage redi nam amma hodala danne. Man hodala wedak ne kiyala. Man hodapu waara gaana hoyanna puluwan. Kamisa wala adu boththam gaana ganan karahama. E kaale nam maru thamai.
හසිත,
Deleteස්තුතියි පරණ මතක අලුත් කලාට. හැබැයි මට නම් කෑම පෙට්ටියයි, වතුර බෝතලෙයි ගෙනියන්න අම්මා වෙනම බෑග් එකක් මහලා දීලා තිබුනේ. හැබැයි ඒකේ වාසි අවාසි නං එමට....
මොකෝ මේ ඉංග්‍රිසියෙන් ටයිප් කරලා ඒක කියෝලා හක්කත් රිදෙනවා.....:)
අප්පොච්චියේ අමතක වෙන ඒව ගැනනම් කියල වැගක්නෑ...!
ReplyDeleteබ්ලොග් වලින් යාලුවො ලැබෙන එක තරම් සම්පතක් තවත් කොයින්ද...?
වී පොකුර,
Deleteයාලුවෝ අඳුනගන්න විදිහ ගැන තාම නියම ක්‍රමවේදයක් නෑ. හැබැයි යාලුවෝ වර්ග කරන ක්‍රම නම් තියෙනවා. :)
ඔය ඇඳුම් සේදීම අමතක කලේ මම නම් හිතාමතාමයි... ඉස්කෝලෙ යන්න තියෙන බයානක දවස් වලට(දෙමාපිය රැස්වීම්) ඔය වැඩේ කලින්ම ප්ලෑන් කරනවා...
ReplyDeleteඑල ඈ... කොහෝම හරි මතක් කරලා කතා සෙට් එකක් ලියන්න...
ජය වේවා
සිත්තරේ
ස්තුතියි ගැමියා. ඒත් ඇයි ඔයා ඇඳුම් හොඳන්නෙ නැත්තෙ.... මම නං කවදාවත් ඒ වගේ වැඩක් කලා කියලා මතක නෑ...:P
Deleteඅමතක වෙලා තිබිලා බ්ලොග් එකක් තියෙන බව මතක් වෙච්ච එක හොඳා අදවත්..
ReplyDeleteවෙනී,
Deleteමතක් වුනු හැටියෙයි කවදත්,
ලිපියක් දෙකක් දාන්නෙ කොහොමත්....
ඔබ තුමාට මගේ කමෙන්ට් එක ඇපෲව් කොරාන්ඩත් අමතක වෙලා..
ReplyDeleteබැරිද ඔය කෙහෙම්මල අයින් කොරලා දාන්ඩ..
සෙන්නා,
Deleteඅමතක වුනේ නෑ..... මතක නැති වෙලා.
හැබෑටම බැරිද ඔය මගුල අයින් කොරලා දාන්ඩ.. මට පේන්ඩ බෑ ඔය ඉලව් වචන ටික...මොකෝ ඇනෝ භීතිකාවක්වත් තියනවද ?
Deleteබ්ලොග් ලියන්න ගත්තු මුල්ම කාලේ තිබුනා. ඒ පුරුද්දට දැන් ඔහොමම තියෙන්න ඇරියා....
Deleteකොහේද බං මෙච්චර දවසක් ගිහින් හිටියෙ.
ReplyDeleteමටත් අමතක වෙන ලෙඩේ වෙන වෙන ඒවට සුට්ට සුට්ට තිබුණ. කෑම පෙට්ටි නම් 6-7 පන්තිවලින් පස්සෙ ගෙනිච්චෙ නෑ. ගෙනිහිපු කාලෙ අම්ම මතක ඇතුව හොයල බලල සෝදනව. රෙදි නම් හැබැයි මම පුරුද්දටම අනිවාර්යෙන් සෙනසුරාදට සෝදනව. නැතත් ප්‍රශ්නයක් නෑ. සුදු ෂූට් දෙක තුනක් තිබුණ. බුද්ධිට නම් ලෙඩේ හොඳටම උත්සන්න වෙලා. වෙන මොනවත් අමතක වෙන්නෙ නැහැ නෙව.
වෙන මොනවත් අමතක වෙන්නෙ නැහැ නෙව.// වෙන මොකවත් අමතක වෙලාද කියලා දැනගන්නෙ කොහොමද ඒවා අමතක වෙලා තියෙන කොට....! අනේ මම දන්නැ මොනවා අහනවද කියලා? හෙහ් හේ....
Deleteහපොයි අද මම හොඳටම පරක්කුවෙලා.
ReplyDeleteඔහොම අමතක වෙන්ට ගියොත් අර ෆික්ස් ඩිපොසිට් දාන්ට යන යාලුවෝ ටිකත් අමතක වෙයිනේ...:)
කෑම පෙට්ටියේ කතාව ආයම ලියලා දාන්ට අමතක වෙන්ට කලින්.
ඔහොම අමතක වෙන්ට ගියොත් අර ෆික්ස් ඩිපොසිට් දාන්ට යන යාලුවෝ ටිකත් අමතක වෙයිනේ...:)//
Deleteකිසිදෙයක් ස්ථිර නැති හින්දා එහෙම වෙන්ඩත් පුලුවනි.... මේ කාලේ ෆික්ස් ඩිපොසිට් වල වැඩිම පොලිය දෙන්නෙත් මාස 3 කට දාද්දි..... තේරෙනවා නෙව වර්තමාන කාලෙ බරපතලකම..
ඒක නැති කරන්න පුලුවන් වෙන්නෙත් යාලුවන්ට ම තමා..... හෙහ් හේ....
මගේ අම්මෝ අමතක වීම ගැන නම් කියන්න කොච්චර කතා තියනවද කිව්වොත් දැන් එකක්වත් මතන් වෙන්නෑ...
ReplyDeleteඊට කලියෙන් පොස්ටුව කියවද්දි හිතුනු දේ ලියලා දාන්ට ඕනෑ..
1. චූටි මහත්තයා මතක ඇතුව ලියන්න හිතාගෙන හිටිය කෑම පෙට්ටියේ කතන්දරේ ඉක්මනට ලියන්න නැත්තං ඒ කතාව අමතක වෙයි..
2. කාලෙකට කලින් ටෙන්ඩර් කැඳවලා අඳින්න හිතලා අමතක කරපු සිත්තරෙත් මතක් කලා ඔන්න...ආපහු අමතක වෙන්න කලින් ඒකත් අඳින්න..(මෙයාගෙ ටෙන්ඩර් හරියට කැපෙක්ස් නැතුව දාන රජයේ ටෙන්ඩර් වගේ..අපි බිඩ් කරනවා විතරයි අවෝඩ් වෙන්නෑ!!)
අයියෝ තව කියන්න දේවල් හිතාගෙන හිටියා දැන් මතක නෑනේ..!!
රූ,
Delete01. පලවෙනි යෝජනාව ඉස්තිරික්ක (ස්ථිර) කරමි.
02.දෙවෙනි යෝජනාව ගැන නං මට කිසිවක් මතක නෑ. මම ඕගොල්ල එක්ක ගණුදෙනුවක් කලාද මොකක් හරි.... මට මතක නෑනේ!
02.එතකොටම චූටි මහත්තයා බබා..!!
Deleteහදිසියේ මතක් වෙලා රිප්ලයි එක බලන්න ආපු ගමන දැක්කෙ..
සයිබර් යායා නිකම් බර්මියුඩා ත්‍රිකෝණෙ වගේනේ..එන අය හැමෝටම අමතක රෝගේ හැදෙනවනේ..
එතකොට ඉතින් සයිබර් යායේ පදිංචි වෙලා ඉන්න කට්ටිය ගැන කවර කතාද?!!
හප්පේ බ්ලොග් ලියල හම්බකරගත්තු ජාති එමටයිනෙව, හෙහ් හෙහ්.. කොච්චරද කියනවනං සමහර ඒව මතකත් නෑ බං.
ReplyDeleteඅර පොඩිවෙච්ච ෂර්ට් එකේ ස්ටීමර් පාරවල් යන්න යාන්තමට වතුර ටිකක් ඉහල ගත්ත නම් ආයෙ කාඩ්බෝඩ් වගේ කෙලින් තියෙන්න රෙදාට් එකෙන් මැදගන්න තිබුන. දැනටත් ඔය ලිනන් වගේ ඇඳුම් මදිනකොට ඒ ක්‍රමය මමත් පාවිච්චි කරනව. කලිසම් මදිනකොටනම් වතුරෙන් තෙමල මිරිකා ගනිපු කොට්න් රෙද්දක් පාවිච්චි කරනවනම් අයන් එකේ රස්නෙට මැහුම් දාර සුදුවෙන එක [දිලිසෙන්න පටන්ගන්න එක] මඟෑරගන්න පුළුවන්.
නවම්,
Deleteඉරි සහ දිලිසීම් නැති කර ගන්න නවම් කියන හැම ක්‍රමේම හරි!
ඒත් ස්ටීම් වෙච්ච රෙද්දකය ඒක හරියන්නෙ නෑ නෑමයි. අද්දැකීමෙන් කියන්නෙ, බොරුනං සර්ට් එකක් ස්ටීමරේට දාලා අරගෙන මැදලා බලන්න. ඒකේ නැමුම් පාරවල් ගල් වෙලා තියෙන්නෙ.
නවම් දැකලා තියෙනවද සැලුන් වල තියෙන ස්ටීම් අයන්. ඒකෙත් වෙන්නෙ මේකමයි කියලා මම පස්සෙ කාලෙක දැන ගත්තෙ. ස්ටීම් අයන් එකෙන් "කලිසමේ ඉරි" මැද්දම මක් කරලවත් ඒ ඉර අයින් කරන්න බෑ.
සැලුන් වල රෙදි මදිනවා කියලා මට අමතක වෙලා තිබුනෙ..
Deleteසොරි! අමතක උනා.... සැලුන් නෙමේ, ටේලර් ෂොප් වල!:)
Deleteඕන අමතකවීමකට ගැලවීමක් තියෙනවා කසාද බැඳගන්නකල්.. ඊට පස්සේ ඉතින් ඔවුවා හමාරයි.. තමුන්ගේ ගෙදර ඉස්සරහ දොර අමතක වෙලා අල්ලපු ගෙදරට පස්ස දොරෙන් එහෙම රිංගන්න එපා. (ඊට පස්සේ වයිෆයි එකට අතටම අහු උනාම අර අපේ යාලුවෙක් වගේ බොරු ඩෝප් පාට් එකක් දාල "මැණිකේ මන් මේ කොහෙද ඉන්නේ" කියල ඇහුවට වැඩක් නැහැ. වදින්නේ කනේ පාරක්..)
ReplyDeleteසරත් අයියා,
Deleteඕන අමතකවීමකට ගැලවීමක් තියෙනවා කසාද බැඳගන්නකල්..// මම නම් හිතන්නෙ කසාද බැන්දම තමා අමතක වීම කරදරයක් නොවෙන්නෙ කියලා. මොකද හැමදේම මතක් කරලා දෙන්න ඉන්නවනේ එක්කෙනෙක්. ඒ විතරක් ද වොෂින් මැසිම, රිමයින්ඩරය, පරිගණකය, විදුලි ඉස්තිරික්කය, දොස්තර, නර්ස් නෝනා ඔක්කොම ඉන් වන් නෙ. එතකොට අන්තිම සැහැල්ලුවෙන් ඉන්ට පුලුවනි... නැද්ද හා....?
mama ekale redi weluwe isthrikkenma thama.mokuth na eweleta saddeth ekka duma danawa ambanakata.
ReplyDeleteතෙත රෙදි මදිද්දි එන සද්දෙ හරිම වින්දනාත්මකයි. බට කැලේට ගිනි ගන්න සද්දෙ ඩිජිටල් සද්දෙ වගේ නේද?
Deleteසමහර ඉස්තිරික්ක තෙත රෙදි මදින්න ඔරොත්තු දෙන්නෙ නෑ. ටික කාලෙකින් ෂෝට් වෙලා අවසන් ගමන් යනවා.
අද්දැකීම් බෙදා ගත්තට තුති අවතාර්
නරකද දැන් ඔය හම්බවෙච්ච ෆෝන් රාජයා ගැන ලීවොත් පෝස්ට් එකක් ... :-).
ReplyDeleteමාව මතකද මන්දා?
මොන ෆෝන් රාජයද, එහෙම එකක් මට මතක නෑ!:)
Deleteමගේ යාලුවෙක් කියලා තියනවා, කොහේ හරි ගියාම රෙදි බාත්-රූම් එකේ එල්ලලා තියානවාලු. ඉතින් මෙහේ නෑමට පාවිච්චි කරන්නේ උණු වතුර හන්දා ඒකේ ස්ටීම් එකට ඇඳුම් මැද්දා වගේ හොඳට තියනවලු. ඇත්තද දන්නේ නෑ.
ReplyDeleteඇත්ත වෙන්ඩැති! මෙහෙත් තියෙනවා ස්ටීම් අයන් කියලා ජාතියක්. අයන් කරන්න ඕන සංසාර ගමනටම එක පාරයි!
Deleteඅහ් මෙහෙම බ්ලොග් එහෙකුත් තියනව නේ.....
ReplyDeleteමට අමතක වෙලා තිබ්බෙ.......
ඔයා කව්ද? කොහොමඋනත් කමෙන්ට් එකට ස්තුතියි...
Deleteඇල්ශයිමර් හැදිලද දැන්ම.
ReplyDeleteනිසුපා, ඔයා පළවෙනි වතාවට නේද සයිබර් යායට ආවේ. ඔයාව සාදරයෙන් පිලිගන්නවා.:)
Delete//මොන ෆෝන් රාජයද, එහෙම එකක් මට මතක නෑ!:)//
ReplyDeleteඅර විදෙස් සිත්තරාගෙ බම්බුවත් ඔය වගේ අමතක වුනානම් අපිට ගේමක් නැතුව ගල් කරන්න පුලුවන්..
ප.ලි :-බුද්ධියො විදෙස් සිත්තරා ගැන උඹ දැන් මතකය වෙහෙසන්න එපා ඒ මේ අපේ බුකියෙ යාලුවෙක්
තරු,
Deleteබුද්ධියො විදෙස් සිත්තරා ගැන උඹ දැන් මතකය වෙහෙසන්න එපා ඒ මේ අපේ බුකියෙ යාලුවෙක්/// මම හිතුවා මගේ බ්ලොග් එකේ සිත්තර අඳින බුවාය කියලා... හය්යෝ සල්ලි..
//ඇල්ශයිමර් හැදිලද දැන්ම.//
ReplyDelete"ඇල්සේශන් මතක බැරිමේනියා "
මට නම් අමතක වෙන්නේ කෑම පෙට්ටි හෝදන්නවත් ඇඳුම් හෝදගන්නවත් නෙමෙයි.
ReplyDeleteදත් මඳින්න
ඔළුව පීරන්න
වගේ දේවල්.
මේ ළඟදි දවසක යාළුවෙක් එක්ක චැට් කරපු පාර නාලා එහෙම ම වැඩට ගිහින් දත් මැදලා නෑ.
තව හිටි ගමන් ගෑස් එක ඕන් කරලා ටී වී බලනවා. කෑම අඟුරු වෙලා හට්ටිත් පිච්චිල ෆයර් එලාම් වඳිනකොටයි මතක් වෙන්නේ.
ඔලිම්පික් ගේම් බලන්න ගිහින් උනෙත් ඕකමයි.
උත්තර ලියන්න අමතක වෙලානේ....
Deleteමමත් චිත්‍ර තරගෙකට ගියා හලාවත ඉස්කෝලෙට මුණ හොඳන්නෙ නැතුව.... කොහොමහරි තරගෙට කලින් ගෙනාපු වතුර බෝතලෙන් සබන් නැතුවමුණ හොඳලා තිබහේ ඉදලා ජාමේ බාගයක් බේරාගත්තා.
මම හිතන්නෙ මම දන්නව ඔය කියපු යාලුවව
Deleteකවුද බං මේ බුද්ධි කියන්නෙ..?? මට යාළුවෙක් එවලා තිබුනු ලින්ක් එකකින් තමා මේ පැත්තෙ ආවෙ.. අදමද මන්දා මේ බ්ලොග් එක දැක්කෙ.. ;)
ReplyDeleteබූරතීනෝ,
Deleteඔයා බ්ලොග් එකක් ලියනවද? කොහොම උනත් සයිබර් යායට ඔබව සාදරෙන් පිළිගන්නවා. දිගටම අමතක නොකර සයිබර් යාය හා රැදී සිටින්න.
ආ... ඇයි අර කාටුන් එකක් අඳින්න ගිහින් තිබ්බ එක? හයවෙනි සෙනසුරාදා කිව්වට තවම හයවෙනි සෙනසුරාදා උනේ නෑ වෙන්න ඇති?
ReplyDeleteමොනවද එක්සැන්ඩර් මේ කියවන්නෙ, 6 වෙනි සෙනසුරාදා මම එහෙම කතාවක් කිව්වද? තව කීප දෙනෙක් ම ඔය කතාව අහලා තිබුනා.:P
Deleteදැන් ඔය එක්සෑන්ඩර් මහත්තයා නෙවැ ඕක පටලවං තියෙන්නෙ.. මාසෙකට තියෙන්නෙ සෙනසුරාදාවල් 4යි, වැඩිම වුනොත් 5යි.. බහුබුද්ධියා කියලා තියෙන්නෙ 6වෙනි සෙනසුරාදා කියලනේ.. ඉතිං සෙනසුරාදාවල් 6ක් එන මාසයක් ලබනකං ඔබතුමාලට ඉවසන් ඉන්න වෙනවා..
Deleteබුරාගෙ මේ කමෙන්ට් එක දැකලා කව්රුත් කියන්නෙ නෑ.... එයා පැනලා දෙනවා කියලා.
Deleteඕනැම මිනිහෙකුට දෙවියෙක් වෙන්න පුලුවන් කියලා කතාවක් අහලා තියෙනව ද? මේ ඒ වගේ අවස්ථාවක්.
මේ වගේ දේවල් වලට කියන්නෙ දෙයියෝ බේරගන්නවා කියලා......!
හරි.. තර්කයේ හැටියට හරියට හරි.. ඔන්න බ්ලොග් වලින් හම්බ කරන විදිය ප්‍රැක්ටිකල් එක්කම :) (ද ?)
Deleteදැනට එච්චරයි :)
Deleteඅනිවා
ReplyDeleteහා!
Deleteමට මතක තියෙන අතීතයක් ඔබට මතක නෑ!
ReplyDeleteඔබහරිනෑමමවැරදී!
Deleteඅපේ යුරෝ දෙකේ වීරයට චිත්ත වික්ෂේපය හැදිලා වගේ. ඒ ගැන පෝස්ට් එකක් දාන්න හිතුවා විතරයි. දැන් ඔන්න උදාහරණෙකුත් තියෙනවා. අපේ පැත්තේ ආවොත් ලෙඩේ පාලනය කරගන්න හැටි කියලා දෙන්නම්. ජය..!
ReplyDeleteප්‍රදීප් මහත්තයෝ,
Deleteඑහෙනම් අනිවාර්යෙන් එනවා. බේත් ඔලින් හොඳ කරන්න පුලුවන් ලෙඩක් ද මේක?
අර බේත් වලින් ඇග බස්සගන්න කරපු ප්‍රතිකාරේ වගේ එකක් ද?
මතක බැරි වෙන එක බේත් වලින් හොද කරන්නනම් ටිකක් අමාරුයි. මොකද තවම මතක පෙති විකුණන්න නෑනේ. අපි බලමුකෝ. එක එක ප්‍රතිකාර තියෙනවා.
Deleteබේත් ගන්න එන්න අමතක වෙයිදෝ මන්දා!
Deleteමේ පෝස්ට් එකේ තිබ්බ කිසිම දෙයක් මට මතක නැහැනේ
ReplyDeleteමට මේ කමෙන්ට් එකද රිප්ලයි දාන විදිහ මතක නෑ.
Deleteහානේ මම මොකටද මේ පැත්තේ ආවේ? මම මේ කොහෙද ඉන්නේ? ;)
ReplyDeleteහසී,
Deleteඔයත් අද නේද මුලින්ම සයිබර් යායට ආවේ. ඔන්න අපි සාදරයෙන් පිළිගන්නවා.. දිගටම එන්ඩ....
අම්බෝ.....මටත් සෑහෙන අමතක වීම තියනවා අප්ප..:/
ReplyDeleteකෝ දාපු කමෙන්ටුව? :(
ReplyDeleteහිරුහිමාවි,
Deleteට කමෙන්ට් මොඩරේට් කරලා තියෙන්නෙ කියලා අමතක වුනාද?
එල එල කෑමපෙට්ටියේ සීන් එකක් දාන්ඩෝ
ReplyDeleteපුබුදු, මොන කෑම පෙට්ටියේ සීන් එකද?
Deleteමට කමෙන්ට් එකක් දාන්නත් අමතක වෙනවා තව පොඩ්ඩෙන්...
ReplyDeleteකෙහෙල් කොටුවත් මතකයි,යූරෝ දෙකත් මතකයි ඔයාව මතක නෑ මට
ReplyDeleteසෑහෙන්න අමතක වෙලානේ.. මගේ හිතේ අර අයන් කරන සිද්දිය චිත්‍රෙකට අදින්නත් අමතක වෙලා වහේ...
ReplyDeleteහසිත,
Deleteමට නං ඔයාව කොටින් ම මතක නෑ.
........
ඩිලන්,
මට නම් ඔයාව හොදට මතකයි, ඔයා නේද එදා මගෙන් රු100/- ඉල්ලා ගත්තෙ, ෆුඩ් සිටිය ගාවදී
..............
දිනේෂ්,
නෑ ඒක අමතක වුනේ නෑ. අමකත වුනෙ ග්‍රැෆිට් ටැබ්ලට් එක අරං තියපු තැන.
මාවනම් හොදටම අමතක වෙලා ඇති .
ReplyDeleteබලන්න පොඩ්ඩක් මතක් කරලා :D
ගිම්හානි,
Deleteඅමතක වෙන්න මතක තියෙන්න එපැයි! :P
අද ඔක්කොටම අල්ෂයිමර්ද මන්දා .
ReplyDeleteබිංදු,
Deleteඅල්ෂයිමර් කියන්නෙ මොකද්ද?
ඒකනං මරු කතාව...ඊට පස්සෙ කට්ටියටම තේ හම්බ උනාද ?
ReplyDeleteලකී,
Deleteතේ ගැන කතාවක් මම කියලා තියෙනව? මට මතක නෑ. මේක වෙන බ්ලොග් එකකට දාන්න ටයිප් කරපු කමෙන්ට් එකක් නේද? අමතක වෙලා මගේ බ්ලොග් එකේ පේස්ට් කරලා.!
:P
Deleteරීඩර් එකේ අලුත් පෝස්ට් එකක් දාල කියල දැක්කට වෙන වැඩක් ගැන සිහියෙ හිටපු නිසා පස්සෙ බලන්නං කියල හිටිය. ඔන්න බොලේ ඒක අමතක වෙලා අද තමයි මතක් උනේ!!
ReplyDeleteඅමතක වීම හොඳ දෙයක් නෙමේ යාලුවා.....!:P
Deleteඅම්මෝ.. සිකුරාදා ගෙනියන කෑම පෙට්ටිය සඳුදා උදේ වෙනකන් හෝදන්නෙ නැති උනාම තියෙන සුවඳ...... අම්මා මගෙ කෑම පෙට්ටිය පොලවෙ ගහල ඇති අනන්තවත්.. ඇයි අප්පා සඳුදා උදේට ඒක ඇරියම ගෙදරම සුවඳ වෙනවනෙ...
ReplyDeleteඅපි එකම බෝට්ටුවෙ ළමයි!
Deleteඅනෙ අම්මෝ දැක්ක කල්... මේ අමතක වීම නං එච්චර ගුණදායක නෑ හොඳේ... චූටි මහත්තය වයසට යාගෙන එනවද මන්දා...
ReplyDeleteමේ... මේ චූටි මහත්තයගෙ කතන්දර සැබෑ සිදුවීම්ද??? අම්මට විසුමක් තියෙන්න නැතුව ඇති මේ ලමය පොඩි කාලෙ....
එනිවේ.. චූටි මහත්තය අර වෙන්දේසි දාපු ඉඳි ආප්ප පෙට්ටියයි සල්ලියි ඔක්කොම අරගෙන මාරු උනා නේද... ඒකට මක්කැයි උනේ???
අනෙ අම්මෝ දැක්ක කල්... මේ අමතක වීම නං එච්චර ගුණදායක නෑ හොඳේ... චූටි මහත්තය වයසට යාගෙන එනවද මන්දා...
ReplyDeleteමේ... මේ චූටි මහත්තයගෙ කතන්දර සැබෑ සිදුවීම්ද??? අම්මට විසුමක් තියෙන්න නැතුව ඇති මේ ලමය පොඩි කාලෙ....
එනිවේ.. චූටි මහත්තය අර වෙන්දේසි දාපු ඉඳි ආප්ප පෙට්ටියයි සල්ලියි ඔක්කොම අරගෙන මාරු උනා නේද... ඒකට මක්කැයි උනේ???
මගෙ කමෙන්ට් එක පෝස්ට් කලයින් පස්සෙයි අනිත් කමෙන්ට් කියෙව්වෙ... දැන්නෙ සීන් එක තේරුනේ... චූටි මහත්තයට මෙමරි ප්ලස් එකක් එවන්නන්කො අමතක වෙන රෝගෙ හොඳ වෙන්න...
ReplyDelete