කාලෙකට පස්සෙ හරවත් ලිපියක් ලියන්න හිතුනෙ සරත් මහත්මයගේ අන්තිම ලිපිය දැකලා. සරත් මහත්මයා අන්තිම ලිපියෙන් ලියලා තිබුනේ කලබලය ගැන. මම තේරුම් ගත්තෙ එහෙමයි!
කලබලේ නිසා මට උනු අකරතැබ්බ වලින් වඩාත් සංවේදීම සිද්ධිය වුනේ පොඩි කාලේ. ඒ අලුත් අවුරුදු දවස් කිට්ටුව. අපි නැන්දලාගේ ගෙදර ගිහිල්ලා හිටියෙ. ඒ ගෙදරට නෑදෑයෝ ගොඩක් ඇවිල්ලා හිටපු හන්දා පොඩි උන් සෙට් එකක්ම බැහැලා හිටියා. එදා අපිට උදේට කන්න බෙදලා දුන්නෙ කැකුලු හාලේ බතට, සම්බෝලයි මාලු ඇඹුල් තියල් වෑංජනෙයි. අපට බත් පිඟන් බෙදලා දීලා ඉඳගෙන කන්න කිව්වා. ඒත් කලබලේට පුටුවක් අල්ල ගන්න යද්දි බත් පිඟාන දේයි ගාලා බිම පත බෑ වුනා.
"මේ ළමයගේ තියෙන කලබලේ" හැමෝම මට දොස් කිව්වා.
කලබලේ කියන වචනයට කොච්චර අර්ථ දැක්වීම් තියෙනව ද? මේ ටික කියවලා බලන්න.
"මේ ළමයගේ තියෙන කලබලේ" හැමෝම මට දොස් කිව්වා.
කලබලේ කියන වචනයට කොච්චර අර්ථ දැක්වීම් තියෙනව ද? මේ ටික කියවලා බලන්න.
- ජුලි කලබලය සිදු වූයේ කුමන මාසයේ ද?
- අතන පොඩි කලබලයක් වගේ.
- කලබලේට මට මොනවා අමතක වුනාද දන්නැ අනේ?
ඒ අපි ඉස්කෝලෙ යන කාලේ.
දවසක් අපියි, අපිට වඩා අවුරුද්දක් වැඩිමල් හත වසරේ අයියලයි මහා ගෝරියකට පැටලුනා. ඔය කලබලේ පටන් ගත්තෙ මොනවටද කියලා අපි කව්රුත් දැනගෙන හිටියෙ නෑ. ඒත් අපි හොඳටම ගහගත්තා. එදා අපි වැඩියෙන් කෑවේ ගුටි. ඒ නිසා අපි හැමෝම ලෑස්ති වෙලා හිටියේ ඊලග දවසේ විවේක කාලෙදී ඒගොලන්ගෙන් එක්කෙනෙක්ගෙ ඇගේ හැප්පිලා කලබලේ රිනිව් කරලා එදා වාඩුව ගන්න.
විවේක කාලේ උදා වුනා. කලබලේ පටන් ගත්තා. ඒත් අපි හිතපු හැටියට ඒගොල්ලන්ට බැටේ දෙන්න බැරි වුනා. ඒ ගොල්ල අපිට ආයෙත් හොඳටම ගහන්න පටන් ගත්තා. ඔය අතරතුර අපේ සගයෙක්ට ගහලා දුවන "හතේ අයියා කෙනෙක්" මම දැක්කා. මම අපේ ජයරත්නට කිව්වා, "අන්න අරූට අර ගල් බාගෙන්වත් නෙලාපාං....." කියලා. ඒ අවසරයෙන් ජයරත්න මම පෙන්නපු ගඩොල් බාගෙන් දමලා ඇරිලා. ඒ එක්කම "හතේ කොල්ලා" බුදු අම්මෝ කියාගෙන ඇඳගෙන වැටුනා.
කොල්ලා මර ලතෝනි තියනවා. කලබලේ එතනින් ඉවර වුනා. අපි හැමෝම ලඟට ගිහින් බැලුවා. කොල්ලා වම් කකුලේ විළුඹ අල්ලගෙන පිට්ටනියෙ පස් කනවා. ගඩොල් බාගේ වැදිලා තියෙන්නෙ එයාගෙ බල නහරෙට. මුලු කකුලම පණ නැති වෙලාලු.
කොහොමහරි කව්දෝ ගිහින් කේලම කියලා තිබුනා අපේ පංතිභාර ටීචර්ට. එයා ක්ෂණිකව එතෙන්ට ප්‍රාදූර්භූත වුනා.
කොහොමහරි කව්දෝ ගිහින් කේලම කියලා තිබුනා අපේ පංතිභාර ටීචර්ට. එයා ක්ෂණිකව එතෙන්ට ප්‍රාදූර්භූත වුනා.
අපේ ඉස්කෝලෙ පොඩි එකක්. ඒක හන්දා මේ වගේ නඩු කෙලින්ම යන්නෙ ඉහල උසාවියට. එතකොට කෙලින්ම තීරණයත් එක්ක දඬුවම නොමිලේ ලැබෙනවා. පංතිභාර ටීචර්ලගේ දෑතුත් පිරිසිඳුයි. ඉතින් ටීචර් අපි සේරමලාවම ලොකු සර්ගේ ඔපිස් එක ගාව පෝලිම් කලා.
ඉස්කෝලෙ පොඩි හන්දා තවත් විශේෂයක් තිබුනා. ඒ ලෝක බෝලේ, ලංකා සිතියම, මාලිමාව, විරාම ඝටිකාව වගේ වටිනා කියන දේවල් විතරක් නෙමේ ප්‍රථමාධාර පෙට්ටියත් තියෙන්නෙ ලොකු සර්ගේ ඔපිස් එකේම වීම. ඒක නිසා කලබලයක් වුනු හැටියේ ටීචර්ලා කරන්නෙ කෙලින්ම ළමයිව මෙතෙන්ට ගාල් කරන එක. මොකද නඩුව අවසාන වෙලා, දඬුවම් දිලා විතරක් නෙමේ අගතියට පත්වුනු පාර්ශවයට ප්‍රථමාධාරත් මෙතනින් ම දුන්නැකිනෙ.
කොහොමහරි අපි පෝලිම් ගැහිලා ඉද්දි ලොකු සර් ආවා. එයා බඩගිනි වුනු යකෙක් වගේ. හොඳටම කේන්ති ගිහිල්ලා. ඒත් එයා මුලින්ම කලේ අගතියට පත්වෙච්ච පාර්ශවයට ප්‍රථමාධාර දීලා පිටත් කරන්න හිතපු එක. එහෙම හිතලා ලොකු සර් ප්ලාස්ටර් එකකින් ලොක් කරලා තිබුනු ප්‍රථමාධාර පෙට්ටියෙ පියන ඇරියා. අපේ වෙලාවට ඒකේ තිබුනේ ගම් බෝතලේකුයි, හූනු බිත්තර වගේකුයි, මී බෙටි වගේකුයි විතරයි. ලොකු සර්ට තවත් තද වුනා. "කෝ මෙව්වල බේත්...... කව්ද මේක බාරව ඉන්නෙ....?" කලබලේට ලොකු සර් එහෙම ඇහැව්වෙ පෙට්ටියෙන්. පෙට්ටිය නෙමේ වචනයක් කතා කලේ.
අන්තිමේ ස්ටාෆ් රූම් එකට ළමයෙක් යවලා පී.ටී. සර්ගෙන් තැලුම් ක්‍රීම් එකක් ගෙන්නගෙන අර ළමයගේ කකුලේ ගෑවා. පස්සෙ දෙන්නෙක් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වෙලා මිනිහව පංතියට වත්තම් කරගෙන ගියා. අපිවයි ඉතුරු වුනු හතේ අයියලාවයි ලොකු සර් තියාගත්තා වැඩි දුර ප්‍රස්ණ කිරීම් වලට.
ඊට පස්සෙ නඩුව පටන් ගත්තා. ඔහොම ප්‍රස්ණ සීයක් විතර ඇහැව්වා. ඒ අහන හැම ප්‍රස්නෙකට ම නිවැරදි උත්තර අපි දෙගොල්ලම කිව්වා. වැරදිකාරයෙක් හොයාගන්න බැරුව ලොකු සර්ට තවත් තද වුනා. අන්තිමේ ලොකු සර් නඩුව අවසන් කරන අදහසින් ජයරත්නගෙන් මෙහෙම ඇහැව්වා,
කොහොමහරි අපි පෝලිම් ගැහිලා ඉද්දි ලොකු සර් ආවා. එයා බඩගිනි වුනු යකෙක් වගේ. හොඳටම කේන්ති ගිහිල්ලා. ඒත් එයා මුලින්ම කලේ අගතියට පත්වෙච්ච පාර්ශවයට ප්‍රථමාධාර දීලා පිටත් කරන්න හිතපු එක. එහෙම හිතලා ලොකු සර් ප්ලාස්ටර් එකකින් ලොක් කරලා තිබුනු ප්‍රථමාධාර පෙට්ටියෙ පියන ඇරියා. අපේ වෙලාවට ඒකේ තිබුනේ ගම් බෝතලේකුයි, හූනු බිත්තර වගේකුයි, මී බෙටි වගේකුයි විතරයි. ලොකු සර්ට තවත් තද වුනා. "කෝ මෙව්වල බේත්...... කව්ද මේක බාරව ඉන්නෙ....?" කලබලේට ලොකු සර් එහෙම ඇහැව්වෙ පෙට්ටියෙන්. පෙට්ටිය නෙමේ වචනයක් කතා කලේ.
අන්තිමේ ස්ටාෆ් රූම් එකට ළමයෙක් යවලා පී.ටී. සර්ගෙන් තැලුම් ක්‍රීම් එකක් ගෙන්නගෙන අර ළමයගේ කකුලේ ගෑවා. පස්සෙ දෙන්නෙක් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වෙලා මිනිහව පංතියට වත්තම් කරගෙන ගියා. අපිවයි ඉතුරු වුනු හතේ අයියලාවයි ලොකු සර් තියාගත්තා වැඩි දුර ප්‍රස්ණ කිරීම් වලට.
ඊට පස්සෙ නඩුව පටන් ගත්තා. ඔහොම ප්‍රස්ණ සීයක් විතර ඇහැව්වා. ඒ අහන හැම ප්‍රස්නෙකට ම නිවැරදි උත්තර අපි දෙගොල්ලම කිව්වා. වැරදිකාරයෙක් හොයාගන්න බැරුව ලොකු සර්ට තවත් තද වුනා. අන්තිමේ ලොකු සර් නඩුව අවසන් කරන අදහසින් ජයරත්නගෙන් මෙහෙම ඇහැව්වා,
"ආ මනුස්සයෝ, ඔහොම මිනිස්සුන්ට ගල් වලින් ගහනවද.........? වැරදි තැනකට එහෙම වැදුනනං මොකද කරන්නෙ, දැං කරපු වැරැද්දේ බරපතල කම තේරෙනවද?" කියලා.
ආය බළ නහරෙටම ගහලා තියෙද්දි තව අහවල් වැරදි තැනක් ද, ලොකු සර් ඒ හැදුවේ ජයරත්න නිරුත්තර කරලා දෙකක් වනලා කඩේ වහලා යන්න.
ඔය ජයරත්න කියන්නෙ එදා ළමා දිනේ දවසේ ඉස්කෝලෙට බීඩි කොටයක් ගෙනාපු ජයසිරිගෙ අයියා. එයා අපිට වඩා අවුරුදු දෙකක් වැඩිමල්. ඉතින් එයාට පුලුවන් අපි අහන ඕනෙ ම ප්‍රස්නෙකට මොකක් හරි උත්තරයක් දෙන්න. එදා එයා ලොකු සර් එක්ක කතාවේදීත් ඔය අද්දැකීම ප්‍රයෝජනයට අරගෙන නියම උත්රයක් දුන්නා මෙන්න මෙහෙම,
ඔය ජයරත්න කියන්නෙ එදා ළමා දිනේ දවසේ ඉස්කෝලෙට බීඩි කොටයක් ගෙනාපු ජයසිරිගෙ අයියා. එයා අපිට වඩා අවුරුදු දෙකක් වැඩිමල්. ඉතින් එයාට පුලුවන් අපි අහන ඕනෙ ම ප්‍රස්නෙකට මොකක් හරි උත්තරයක් දෙන්න. එදා එයා ලොකු සර් එක්ක කතාවේදීත් ඔය අද්දැකීම ප්‍රයෝජනයට අරගෙන නියම උත්රයක් දුන්නා මෙන්න මෙහෙම,
"සර් මම එහෙම හිතලා ගැහැව්වෙ නෑ....."
"එහෙම හිතලා ගැහැව්වෙ නෑ.... එහෙනං කොහොම හිතල ද ගැහැව්වෙ.......?"
"සර් කලබලේට මම හිතුවේ ගල්බාගේ පොල්ලෙල්ලක් කියලා........!"
දැන් තේරුනාද කලබලයෙන් අපේ ජයරත්ත වැඩැක් ගත්තු හැටි.
...........................................
- යුරෝ දෙකේ වීරයා.
ප/ලි-
අද ජයසිරි වැඩ කරන්නේ පොලිසියේ. ජයරත්ත ප්‍රාදේශීය සභා මන්ත්‍රී.
ප/ප/ලි -
කෙහෙල්කොටුවේ චූටි මහත්තයා හිටියනම් තව ආලවට්ටං දාලා මේ කතාව කියන්නත් තිබුනා. ඒත් මිනිහා මේ දවස් වල නිවාඩු. විදෙස් සිත්තරත් එහෙමයි.
ප/ප/ප/ලි -
සරත් මහත්මයගේ ලිපිය කියෝපු නැති කව්රුත් මෙතන ඉන්නවද?
"එහෙම හිතලා ගැහැව්වෙ නෑ.... එහෙනං කොහොම හිතල ද ගැහැව්වෙ.......?"
"සර් කලබලේට මම හිතුවේ ගල්බාගේ පොල්ලෙල්ලක් කියලා........!"
දැන් තේරුනාද කලබලයෙන් අපේ ජයරත්ත වැඩැක් ගත්තු හැටි.
...........................................
- යුරෝ දෙකේ වීරයා.
ප/ලි-
අද ජයසිරි වැඩ කරන්නේ පොලිසියේ. ජයරත්ත ප්‍රාදේශීය සභා මන්ත්‍රී.
ප/ප/ලි -
කෙහෙල්කොටුවේ චූටි මහත්තයා හිටියනම් තව ආලවට්ටං දාලා මේ කතාව කියන්නත් තිබුනා. ඒත් මිනිහා මේ දවස් වල නිවාඩු. විදෙස් සිත්තරත් එහෙමයි.
ප/ප/ප/ලි -
සරත් මහත්මයගේ ලිපිය කියෝපු නැති කව්රුත් මෙතන ඉන්නවද?








ReplyDeleteකියෙව්වේ කලබලෙන්....කලබලේ ගැන විස්තර කරලා තියෙන විදියෙන් පේන්නේ නම් කලබලයයි, කලබැගෑනියයි එකට වෙලා වගේ. කලබලෙන් ලීවද මන්දා...:)
කලබලය කියන්නේ හදිස්සිය, නොසන්සුන්කම, ඉක්මන, කඩිමුඩිය...
කලබැගෑනිය කියන්නේ කාලගෝට්ටිය, කෝලාහලය, අලකලංචිය....හී හී...හොයාගත්තේ සිරි ලියනගේ මහත්තයගේ සිංහල ශබ්ද කෝෂයෙන්.
//ප/ලි-
අද ජයසිරි වැඩ කරන්නේ පොලිසියේ. ජයරත්ත ප්‍රාදේශීය සභා මන්ත්‍රී.//
අපරාදේ කියන්ට බෑ...දෙන්නාටම නියම රැකියාවල් ලැබිලා.:)
මේ මෝනාද කියන්නෙ. :D:D:D
Delete...අසූ තුනේ ජූලි කලබගෑනිය... :D:D:D
ජයරත්න පොඩි කාලෙම වෘත්තීය කුසලතා දක්වලා තියෙන්නේ
ReplyDeleteඔබේ කතා ශෛලිය හරි අපූරුයි.
ReplyDeleteඋදේම වැඩට යනගමන් කලබලෙන් වගේ කියෙව්වෙ.. කලබලේට කොමෙන්ට් එකක් දාන්න පුලුවන් එකකුත් නෙවෙයිනෙ.. කලබල අඩු වුනාම ඇවිත් කොමෙන්ට් කරලා කලබලයක් කරන්නං.
ReplyDeleteප.ලි.
මේක පබ්ලිෂ් නොකලොත් මෙතන කලබල වැඩිවෙයි.. හරිය...
ස්තුතියි,
Deleteපොඩ්ඩි කලබලෙන් ලිව්වෙ.
අර වචන වල තේරුම දාද්දි මම හිතුවේ මධුර එකෙන් කියලා
.....................
අංජන,
ඇයි 88/89 කලබල
.....................
මිස්ට හයිඩ්,
හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ.....මේ කාලේ නං දෙපැත්තෙන් දැනේ!
.........................
කලාමැදිරියා,
ස්තුතියි කලා. දිගටම එන්න. අඩුපාඩුත් කියන්න:)
.........................
ලකීසිරි,
කියන්නෙ කලබලකාරයෙක් නොවෙයි කියලයි මූණ දැක්කම පේන්නෙ........ ඒත් ශිණාවෙන් හෝ ඛථාවෙන් බැහැ මනින්නට මිණිෂා කියලා සිංදුවකුත් තියෙනවනේ නේද?
ඔන්න ඒක හංදා මම කමෙන්ටුව දැම්මා. නැත්තම් අර කලබලේ දාලා මම අයින් කරපු කමෙන්ට් දෙසිය ගානෙන් එකක් තමා මේකත්...:P
දැං ජයරත්න ඔහොම වැඩක් කළොත් කියනව ඇත්තෙ 'මට මතක නෑ' කියල වෙන්න ඇති.
ReplyDeleteවිදෙස් සිත්තරාත් නැත්නම්, චූටියාත් නැත්නම් මේක ලිව්වේ මොකාද? අර දෙනාගෙන් එක්කෙනෙක්ගේ මනෝකායද? ඒකත් කොහොම හරි වුනා කියමුකො...... මොන කලබලයක්ද අපි නම් ඇල්වතුරත් නිවලා තමයි ඉතිං......
ReplyDeleteඔන්න ජයරත්නගේ අතින් ඈඳපු රූපයක් අද පත්තරවල තිබ්බා ;-)
ReplyDeleteබුද්ධි මල්ලී නේද ඒක ඇන්දේ??
හදිස්සියෙන් ආවේ, පස්සෙ ඇවිත් කියවල කොමෙන්ට් එකක් දාන්නම්.
ReplyDeleteප්‍රසන්න,
Deleteදැං මතක නෑ කියන අය ඒකාලේ කියන්ඩ ඇත්තෙ, මම හිතුවේ නෑ කියලා වෙන්නැති නේද?
..........
වෙදනාගේ අවධානය පිණිස.
කෙහෙල්කොටුවේ කතෘ මඩුල්ල මෙහෙමයි.
>> කෙහෙල්කොටුවේ චූටි මහත්තයා - 80 දශකයේ සිය ළමා කාලය ගෙවු හැටි විස්තර කියයි.
>> ටිකිරි - සහශ්‍රයේ කොලු ගැටයෙකි. දැන් විදේශ ගතව සිටියි.
>> විදෙස් සිත්තරා - සිතුවමින් කෙහෙල්කොටුවට දායකත්වය සපයයි.
>> යුරෝ දෙකේ වීරයා - වීරයෙකි. වීර කතා ඔබට කියයි.
>> බුද්ධි - කුරුලු හමුදාවේ සිටි කොලුගැටයෙකි.
ආන්න දැක්කද වෙනස.
අනිත් කාරණාව ඇල්වතුර නිවලා බොනවා කියන්නෙ කූල් වතුර බොනවා කියන එකද? නිවද්දි වෙන්නෙ උශ්ණත්වය අඩු වෙන එකනෙ!:)
.....................
තිස්ස අයියා,
හෙහ් හේ..... ඒ සිත්තරයෙයි අර සිත්තරෙයි දෙන්නාම එක වගේ මට නං. දෙන්නම ටයිටර් වුඩ්ස් වගේ. මට පේන්නෙ පොරගෙන් කටඋත්තරයක් ගත්තා නම් හරි මුලින්ම.
.....................
කම්මල,
ඇයි යකඩෙ රත්වෙන්න දාලාද ආවේ?
Mewwata comment karanna KALABALA welaa bae... :-)
ReplyDeleteWeni Aiya,
DeleteKalabalayak Na!
ඔයි වගේ කලබල නම් කොච්චර තියෙනවාද?..ඒත් උදේ පාන්දරම මේක කියවලා තිවුන කලබලෙත් නැතිව ගියා..
ReplyDeleteඔහොම පන්ති පන්ති ගහගන්න එක ගැන කියවද්දි මතක් වෙන්නෙ අපිත් හතර වසරෙ ඉද්දි එහා පන්තියෙ ළමයි එක්ක කෑම වලින් ගහගෙන ප්‍රින්සිපල් සර් ගාවට ගිහින් අත් උස්සගෙන වැඳගෙන හිටපු හැටි තමයි..
කොහොම වුනත් ආයෙත් මේ දෙගොල්ල එකට හිටියොත් රණ්ඩු කරගන්න නිසා අපි අගතියට පත් පාර්ශවය වුනත් ලස්සන පන්ති කාමරයකින් එළවලා ගබඩා කාමරේ වගේ හුස්ම ගන්න අමාරු කාමරේකට යන්න වුනේ අපේ අවාසනාවටද කොහෙද..
ඒ මදිවට ඒ ගබඩා කාමරේට එහා පැත්තෙ ලස්සන පන්ති කාමරේ හිටිය දෙකේ පන්තියේ නසරානි පොඩි එවුන්ගෙ හිනාවට ලක්වෙන්න වුන එක තමා එපා කරපුම වැඩේ වුනේ..!!
රූ,
Deleteකතාවක් කිව්වට ස්තුතියි.
අත්උස්සගෙන වැදගෙන ඉන්න හැටි නං හිතාගත්තැකි. සමහරු හොරෙන් හොරෙන් වටපිට බලලා අත් පල්ලෙහා දාන හැටිත් පේනවා.
ඒත් විශ්වාස කරන්න බැරි බනිසක් ගත්තත් කූඩුත් ඉතුරු වෙන්නැතිව වටවෙලා කන කාලේ කෑම වලින් ගහගත්තා කිව්වම.... ඒකට අත් උස්සගෙන වැඳගෙන ඉදලා විතරක් මදි කියලා මම යෝජනා කරනවා.
අගතියට පත්වෙච්ච පාර්ශවයට නැවත අසාධාරණ වෙනවා මමත් දැකලා තියෙනවා. අපේ නඩුව අපිට වටිනවා උනාට ගුරුවරුන්ට මේවා උදසීන මාතෘකා හන්දා කොයි පැත්තට හරි තීන්දුව දීලා නඩුව අහවර කරනවා.... හෙහ් හේ... මතක් වෙද්දිත් හිනා.
මමත් මේ හරි කලබලෙන් කමෙන්ට් එක දාන්නෙ.
ReplyDeleteගහපු එවුන් ගැන නම් දැනගත්තා, එතකොට ගුටි කාපු හතේ අයියා දැන් මොනවත් දන්නෑ කරන්නෙ. :)
ඩීඩීටී,
Delete//මමත් මේ හරි කලබලෙන් කමෙන්ට් එක දාන්නෙ. //
මේ රට හදන්න බැරි ඕකනේ. වැදගත් මහත්තයෙක් යමක් එපා කිව්වොත් උඔලා කරන්නෙ ම ඒක.
ගුටිකාපු අය ගහපු අය ගැන සවිස්තර වාර්ථාවක් වර්ෂ අවසානයේ බලාපෙරොත්තුවන්. පරණ ගම්පලාත් වලට ගිහිල්ලා එන්නයි ඉන්නෙ....
me comment eka gena kalabala nounata kaari ne.
ReplyDeleteMata thiyana ekama getaluwa, gadol bagayak penna thiyanawa nam. Ekek duwanawath penawa nam. Uta eken gahanna adaharakuth thiyanawa nam, e wede thamanma karanna kalabala novi wena ekek issarahata damma obath rajapaksha paramparaweda kiyana eka. :)
දේශ්....
Deleteහෙහ් හේ..... මම ඒක එකේ මගේ ස්වාධීන අදහසක... එකේ සියලුම අයිතිය මට.... ජයරත්නත් මමත් දෙන්නම ඒ වෙලාවේ ක්‍රියා කලේ අපේ පොදු සතුරා වෙනුවෙන්......
හරි අපූරු ගැන් එකක්නෙ ඉඳල තියෙන්නෙ...!
ReplyDeleteසුදුස්සන්ට සුදුසු තැන ලැබිල.!
ප/ල-
ReplyDeleteඅද ජයස වඩ කරනන පලසය. ජයරතත පදශය සභ මනත.
හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියන්නෙ ඕකට තමයි
ප/ල-
ReplyDeleteඅද ජයස වඩ කරනන පලසය. ජයරතත පදශය සභ මනත.
හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියන්නෙ ඕකට තමයි
වීපොකුර,
Deleteසුදුස්සන්ට සුදුසු තැන ලැබිල.!// ඒ වුනාට අපිනං තවමත් සංසාරේ....
.........
පුබුදු,
යන යකා කොරහත් බිඳගෙන ගියා කියන්නෙත් ඔය වගේම එකක් නේද?
මොකක් කිව්ව...පොලිසියෙ.....(කට භාගෙට ඇරී )
ReplyDeleteමෙන්න මූ කියවලා නැතුව බොරු කමෙන්ට් දානවෝ !
Deleteපිසාචයා,
Deleteපොලිසියේ සිටියේ අයියාද මල්ලීද?:)
මම හිතුවා " මම ගැහුවෙ නෑ සර්, මෙන්න මේ යකා තමයි මට ගහපිය, ගහපිය කිව්වෙ " කියලා කියයි කියලා..
ReplyDeleteමම දන්න කාලෙ ඉඳලා ඔය කෙ.කො.චු.ම යි, විදෙස් සිත්තරයි නිවාඩු. කිසිම කලබලයක් නෑ. මම හිතන්නෙ අරූට දැන් සිත්තර අඳින විදිහ අමතක වෙලත් ඇති..
මටත් කලබලෙද මන්දා දාන්න කමෙන්ට් එකක්වත්නැ කලබලෙට කලබලෙ ගැන හරියට තෙරුනෙත්නැ
ReplyDeleteබොලාට ලැජ්ජ නැද්ද 'අපි කෑව, අපි කෑව' කියල ලියන්න??
ReplyDelete'අපි' එහෙම කවදාකවත් පරදින්නෙ නෑනෙ. 'අපි' පැරදුනත් දිනල!! බොරු නං ඔය ජයරත්න ගෙං අහල බලන්ඩ!
සෙන්නා,
Deleteසමහර විට හතේ අයියගෙන් ඇහැව්වනං කියන්ඩත් තිබ්බා, "සර් මට ගැහුවේ කව්ද කියලා මම දැක්කෙ නෑ" කියලා. එච්චර වසයි අපි ඒ දවස් වල.
අරගොල්ල කෙහෙල්කොටුව චූටි මහත්තයා සීසන් 3 එකට ලෑස්ති වෙනවා. අලුත් ම මුණුහොරකින් ඉදිරිපත් කරන්නලු ඉන්නෙ. මම කිව්වා කියලා කාටක්කත් කියන්ඩ එපා. මේවා ටොප් සීක්‍රට් ෆයිල් වලින් උස්සපු තොරතුරු හොදද?
.....................
ජිංජි බිරිස්,
අන්න කියන දේ අහන ළමයි. කලබලේ කමෙන්ට් දාන්න එපා කිව්වා. ඒක නිසා හිස් අතින්ම ගිහින්.
.................
මුහුදු,
ඒ කාලේ කාලා පුරුදු උනේ ඒකට තමා. වැඩේ කියන්නෙ අපි ෂල්ලි විදයං කරගෙන තාම කනවා. ජයේ අයියලා ෂල්ලි නැතුව කාගෙන යනවා... දෙකේම තියෙන්නෙ කෑමනේ...හෙහ් හේ.
යකෝ සීසන් 3 පටන් ගන්ඩ සීසන් 2 ඉවර කරලා ඉන්ඩ එපෑයෑ...ඕවා ඕ'ම කලබලේට කරලා හරියන්නෑ...
Deleteමේ කොමෙන්ටුව වහාම ක්‍රියාත්මකවන පරිදි ඉවත් කරන්න.
ReplyDeleteඅතිශය කලබයකින් දැමූවකි :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
කලබලේනම් හරිම වාතයක්. උදේ පාන්දර නැඟිටගෙන කලබලේට එහෙට මෙහෙට යද්දී කකුල් අතපය වද්දා ගන්න තරමක්. ඔෆීසියේ කලබලේට ඇවිදිද්දී මේසා පුටුවල වදින හැටියට කස්ටිය කෑ ගහනවා " මේකාගෙ තියෙන කලබලේ " කියලා. අර කතාවටත් කියන්නෙ කලබලෙට කොරොස් කටෙත් අත දා ගන්න බැරුලු කියලා " හි කිව්ව හරිද මන්දා කලබලේට...ඕනා එකක් හි හී)
ReplyDeleteජයරත්නට ගැලපෙනම ජොබ් එක ලැබිල..:)
ReplyDeleteඅර කියන්නා වගේ ජයරත්න මුල ඉඳලම වෘත්තීය කුසලතා පෙන්නුම් කරලා තියනවා.. හරිම රස්සාව තොරගනත් තියෙන්නේ..
ReplyDeleteඅඩවි රජ,
Deleteපිෂ්ෂුද මහරජ, රජෙක්ගේ කමෙන්ට් එකක් අයින් කලා කියලා කොහෙදි හරි අහලා තියෙනවද? අපි දන්නා හදිස්සියේ කිව්වට මේවා හොඳට ප්ලැන් කරලා දාන කමෙන්ට් කියලා...... රජෙක්නෙ....!
.........
ලිහිණි,
කලබලේ වේගයට හරවාගත්තනම් එහේ මෙහේ හැප්පෙන ගතිය නැතිවෙලා යනවා.
හැබැයි වේගෙන් වැඩ කරනවා කියලා කලබලවෙලා වැඩ කරන්න එපා හොඳද?
........
චන්දන,
ලැබිලා නෙමේ මිනිහා මාර කට්ටක් කෑවේ ඔය තැනට එන්න. හික් හික්.... පුලුවන් නොත් දවසක ඒ විස්තරත් කියන්නම්. හැබැයි පොරගෙන අහලා.
..............
ක්සැන්ඩර්,
කට කට කව්ද ඕක රස්සාවක් කියලා කිව්වෙ. ඕක සේවයක්!
අද තමයි දැන ගත්තේ මේ බ්ලොග් ඒක "ඒක ගෙයි කෑමක් කියල" :)
ReplyDeleteසුදීක,
Deleteඑකගෙයි සෙට් එක.
කෙහෙල්කොටුවේ චූටි මහත්තයා - 80 ගණන්වල හිටපු පොඩි එකෙක්ගේ විස්තර ගෙන එයි.
ටිකිරි - සහශ්‍රයේ පොඩි එකෙක්.
යුරෝ දෙකේ වීරයා - වීර කතා:)
බුද්ධි - කුරුලු හමුදාවේ සිටි කොලුගැටයෙකි.
විදෙස් සිත්තරා - සිතුවමින් කෙහෙල්කොටුවට සහය දක්වයි.
මේ ගැන තව දුරට දැනගන්න බ්ලොගයේ දකුණු පස උඩින් ම ඇති ලේබල් වෙත ඔබගේ අවධානය යොමු කරන්න.:)
මේක පැහැදිලි කරපු එක හොදයි බං , සමහරක් වේලාවට කලබලේට මාත් ඕක පලවා ගන්නවා
Deleteඑතකොට අර බණ කතා ලියන එකා මොකාද ?
Deleteඅටං,
Deleteමම හිතාගෙන ඉන්නෙ මේක සවිස්තර කියලා දාන්න අලුතෙන් ආපු අයට දැනගන්නත් එක්කලා. එතකොට තව පෝස්ට් එකක් හරි.:)
...............
සෙන්නා,
ඒ බුද්ධි නොවැ. වෙන කව්දැ!
අටමෝ, උඹනම් හොඳටම කලබලයි.. බලපන් දැනුත් ඉතින් පලෝගෙනනෙ.. :-)
Delete@ බුද්ධි,
ඒත් බුද්ධිමද ? මටත් ඕක අවුල් ජාලයක් වෙලා තිබුනෙ.. වෙලාවකට මුගෙ ඇත්ත නම මොකක්ද කියලත් හිතිලා තියනවා.. :-)
අද තමා වීරකතා කියන්නෙ මොනවද කියලා හරියටම වැටහුනෙ..:D :D
Deleteලකී,
Deleteඔව් ඉතින් උඔලට හැමදේම තේරෙන්නෙ පරක්කු වෙලානේ! :P
පාං කරවෙන්නෙත් පරක්කුව හින්දලු! තව මොකද්දත් වෙනවලු පරක්කුව හින්දා... ඒත් ඒක මට මතක නෑ:P
අපිත් එකොලහ වසරෙදි විතර පංති 2ක් පොඩි කලබලයක් කරගෙන දවස් දෙකක් විතර රාජකාරී නිවාඩු පිට හිටියා! :)
ReplyDeleteහයියෝ මෙතන තියෙන කලබලයක්... ;)
ReplyDeleteප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙක්ගේ ලක්ෂණ තමා පොඩි කාලේදී පෙන්වලා තියෙන්නේ :)
ReplyDeleteසාබිත්,
Deleteඒකාලේ අපි ගිය ඉස්කෝලේ පොඩි එකක් හංදා නිවාඩු නෑ. එක්කෝ වරුවක් විතර මඥ්ඤොක්කා ගාල සුද්ද කරන්න යවයි, නැත්තං කාණු සුද්ද කරන්න.. එතනින් වැඩේ ඉවරයි. රාජකාරි නිවාඩු දෙනවා කියලා මම දැනගත්තෙ ඔය ඉස්කොලන් අස්වෙලා ලොකුඉස්කෝලෙට ආවයින් පස්සෙ....
..............
හසීත් කාලෙකට පස්සෙ කලබලෙන් ඔලුව දාලා යන්න ඇවිල්ලා.
...............
නිශාන්,
හැදෙන ගහ දෙපෙත්තෙන් දැනෙ කිව්වලු.
මරු බං. මම ආසම අර ප්‍රථමාධාර පෙට්ටියේ කෑල්ලට. :D
ReplyDeleteමේකමේ කලබලේකින් දාන එකක් නෙවෙයි හන්දා නිවාඩු පාඩුව අනුමත කරහංකො.
උඹ දන්නවද නයෙක් කියලා කෝටු කෑල්ලකට බය වෙච්ච පොරක් කලබොල වෙච්ච පාර ඌට ගහන්න කියල ඇදලා ගත්ත කෝටුව බැලින්නම් නයෙක් වෙච්ච කතාව?
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
හෙහ් ඒක මාර කතාවක්නෙ ඩූඩ් තුමෝ.. අදමයි ඇහුවෙ.. බැරිද ලුණු ඇඹුල් ටිකක් දාලා ඩෙනිම් ගත කරන්ඩ..
Deleteනෑ මං කල්පනා කලේ සෙන්නා මේකයි.
Deleteඅංගුලිමාල ලොකු වෙලා මිනිමරණ බව දැනගෙන ඒ වගේම ඉපදුනු දා ආයුධ එහෙම දිලිසුන හින්දා එයාට අහිංසක කියලා නම දැම්මලු.
හැබැයි මටත් දාලා තියෙන්නෙ බුද්ධි කියලා තමා. එහෙම බලද්දි ඩූඩ් කියලා නම දාගෙන ඉන්න එක පොරගෙ පැත්තෙන් බැලුවම සාධාරණයි නේද?:):):)
//හැබැයි මටත් දාලා තියෙන්නෙ බුද්ධි කියලා තමා//
Deleteඋඹේ අලුත්ම ස්ට්‍රැටජි මෙව්වා එක අනිත් උන්ට මඩ ගහන්න කලින් තමන්ම තමන්ගෙ ඇඟේ මඩ තවරගෙන ඉන්න එක නේහ්? :D
සෙන්නා, ඒක ඩෙනිම් ගත කරන්න බෑ බං. ඒක මම හදපු කතාවක් නෙවෙයි, මම අහපු එකක්.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
හෙහ් හෙහ්... බුද්ධිගෙ කේන්දරේ බලලා පොඩි කාලේ මොනවද දන්නෑ කිව්වෙ නේද !!
Deleteඅර ඩූඩ් ගැන කියපු එකට නම් මගෙ ස්ටාටරේ තාම ගැහෙනවා... :-)
@ ඩූඩ්,
Deleteඇයි බන් උඹ කලිනුත් අහපු එකක් ලස්සනට දුන්නෙ කට ඇරගනම.. මතක නැද්ද ? ඉතින් මොකෝ මේක බැරි...
ඩූඩ්,
Deleteමමත් කැමති ඒ කෑල්ලට තමා. උඔ කියන කතාව මම අහලා නෑ. නමුත් කෝටුවක් නයෙක් වුනානම්, පොල්ලෙල්ලකට ගලක් වෙන එක ඒ හැටි අමාරු දෙයක් නෙමෙයි නේද? හික් හික්..
..........................
උඹේ අලුත්ම ස්ට්‍රැටජි මෙව්වා එක අනිත් උන්ට මඩ ගහන්න කලින් තමන්ම තමන්ගෙ ඇඟේ මඩ තවරගෙන ඉන්න එක නේහ්? :D// හෙහ් හේ..... නෑ. මම ඕකෙන් කියන්න ගියේ මඩ ගහන අයගෙත් මඩ තියෙනවා කියලා....
.........
සෙන්නා,
බුද්ධිගෙ කේන්දරේ බලලා පොඩි කාලේ මොනවද දන්නෑ කිව්වෙ නේද !! // බලපු පොර මුලදී අඩලා පස්සෙ හිනාවුනාලු.
අර ඩූඩ් ගැන කියපු එකට නම් මගෙ ස්ටාටරේ තාම ගැහෙනවා... :-)// වැඩිය ගස්ස ගන්න එපා පිච්චෙයි. උඔගේ සාමාන්‍ය දැනුම නම් අනිතිමයි. ජේත්තුකාරයා කියන එකේ සිංහල තේරුම තමා ඩූඩ් කියන්නෙ..... දැන් තේරුනාද?
අඩේ උඹ ගත්තෙ ඒ තේරුමද? මම නම් අදහස් කලේ, ඒක සර්වකාලීන, ඕනැම කෙනෙකුට වයස, තරාතිරම ඕනෙ එකක් වෙද්දෙන් කියලා යොදාගන්න පුලුවං මචං, පොර, බුවා, අඩෝ, මේ මෙයා, අය්යා, මල්ලී, අංකල්, සීය, පොඩි එකා, ලොක්කා, වගෙඕනේ අදහසකින් යොදාගත හැකි යුනිවර්සල් පුද්ගල නාමයක්! :D
Deleteමාත් කළඹලෙන් වෙඩි තිබ්බා. මම සිංගප්පුරු ආවා. දැන් මට මතක නැහැ.
ReplyDeleteසෑම්,
Deleteඔබටමතකනෑමටඅමතකනෑ
කෙහෙල්කොටුවේ චුටි මහත්තයා මට මහත්තයා කියලා කීමට විරෝධය මෙසේ සටහන් කරමි !! ප්‍රා සබාවේ ඉඳලා මහා සබාව දක්වා ගිහින් ඉන්නේ වැඩි හරියක්ම ගල් බාගෙයි පොල් ලෙලි බාගෙයි වෙනස නොදන්නා අය බව නම් ඇත්තම තමයි..
ReplyDeleteසරත් මහත්මයා,
Deleteමම පිලිගන්නෙ නෑ ඒ විරෝධය! මම කොතනකවත් මහත්තයා කියලා නෑ. හරියට බලන්න, ඉතිරිවට උත්තර පස්සෙ...!
සයිබර් යාය - මහත්තයා මහත්මයෙක් කරයි!:)
මං හිතන්නෙ ගල් බාගේ ගැන දන්නවා.
Deleteමේකත කබලලෙන් දන කමොනටුවක..
ReplyDeleteතරියා, එහෙමද... මෙන්න ඒකත් අයින් කලා... දැන් අයින් කරපුවා 201 යි..:)
Deleteමේ වගේ දේකට කලබලෙන් කමෙන්ට් දාන්න බෑ මම ලබන මාසෙ වගෙ හෙමිහිට සන්සුන්ව ඇවිත් කමෙන්ට් එකක් දාන්නම්.
ReplyDeleteකලබොල වුනොත් අර මෙවූවා එකට මෙවුවා එක දාන්නත් බැහැ කියනවනෙ.
කලබලයක් නැති නිසා නිවාඩුවක් ලැබෙනකම් හිටියා පෝස්ට් එක බලන්න :D
ReplyDeleteතරු,
Deleteකලබොල වුනොත් අර මෙවූවා එකට මෙවුවා එක දාන්නත් බැහැ කියනවනෙ./// කලබොලේ ගැන උඔට හොඳ අද්දැකීම් තියෙන පාටයි.
...............
ගිම්,
කලබලයක් නෑ... හිමීට බලන්න!
අනේ මන්දා හදිසියේ දැමූ කමෙන්ට් 200 විතර අයින් කරලත් තවත් 40 ක් විතර පබ්ලිෂ් කරන්ඩ උනා. මේවට උත්තර හැන්දෑකොරේ සපයන්න බලාපොරොත්තු වෙමි.
ReplyDeleteඒක හොඳයි. මම මේ අඛන්ඩ උපවාසයක් කරන්ට හැදුවේ...:D
Deleteමෙදා පාර තමා පොඩි මැණිකේ මේ යුරෝ දෙකේ වීරයා කව්ද කියලා දැනගන්නෙ... ආය කිව්වොත් කිව්වා අපේ ප්‍රස්ණ වලට උත්තර නොදී ඇරියොත් අපි අඛණ්ඩ උපවාසයේ...
Deleteමං යාලුවන්ටත් කිව්වා "ඒඩීබි එකේ ගැල්ලමයෙක්ව මම අඳුරනවා ඕන වැඩක් කරගත්තැකි එයාට කියලා" කියලා. ලැජ්ජාවෙ බැ දැං!
අපේ ගමේ හිටියා පොරක්...පොර දවසක් අවුරුදු උත්සවේ දවසේ සිගරැට් එකෙන් රතිඥ්ඥා පත්තුකර කර හිටියා...
ReplyDeleteකලබලේ කොච්චර බයානකද කියලා තේරුනේ එකෙක් ග්‍රීස් ගහේ කොඩිය ගන්නකොටම මෙයා රතිඥ්ඥයක් දාන්න ගිහින් කලබලේට රතිඥ්ඥේ කටේ තියාගෙන සිගරැට් එක විසිකරපු වෙලාවෙයි...
බීටල්,
Deleteපස්සෙ මිනිහා දත්නැතුව වෙන්ඩැති උත්සවේ ඉතිරිටික බලන්ඩ ඇත්තෙ...
අපෙත් හිටියා ඔය වගේ පොරක්. පොර තේ එක බීලා මන්ඩි ටික ජනේලෙන් විසි කරනවා කියලා හිතලා, කෝප්පෙ පුටුව උඩින් තියලා පොර ජනේලෙන් එලියට පැනලා.... :P
පහු ගිය දවස්වල තිබිච්ච කලබල නිසා කෙහෙල් කොටුව පැත්තෙ ගොඩ වෙන්නත් බැරිව ගියා. කොහොම හරි කලබලෙන් කලබලෙන් කියවගෙන කියවගෙන යනකොට මගේ ඉස්කෝලේ ගැනත් ඔය වගේ සිද්ධි දෙක තුනකුත්, ප්‍රින්සිපල්ගෙන් කම්මුල් දෙක රත් වෙන්න ගුටි කාපු සිද්ධියකුත් තව බරපතල කලබලයක් ගැනත් මතක් උනා.
ReplyDeleteකොහොමෙන් කොහොම හරි කලබලෙන් කියෙව්වට මෙන්න මේ කෑල්ල,
"කෝ මෙව්වල බේත්...... කව්ද මේක බාරව ඉන්නෙ....?" කලබලේට ලොකු සර් එහෙම ඇහැව්වෙ පෙට්ටියෙන්. පෙට්ටිය නෙමේ වචනයක් කතා කලේ.
තුන් පාරක් විතර කියෙව්වා මොකද පලවෙනි පාරෙන්ම හිනා ඉස්පොල්ලෙ ගිය නිසා සහ ඒ සිද්ධිය මැවි මැවී පෙනිච්ච නිසාත්.
දුමි,
Deleteඉතිං කලබල නොවී කියාපං අපට කවද්ද ඔය මතක් වෙච්චි කතා ටික ලියලා පල කරන්නෙ කියලා...... නෑ කලබලයක් නෑ. ලියද්දි කතා ලියනවනේ ගෙදර ගෙනියන්ඩත් එක්කලා.... ඒ වුනාට දෙක අතර පරතරය තමා වැඩි. :P
ප්‍රථමාධාර සීන් එක නම් මගේ හිතේ අඳිච්චි හැටියට ලිව්වෙ... හැබැයි මම දැකපු බොහෝ තැන් වලත් ප්‍රථමාධාර පෙට්ටිවල තත්වය ඕකයි. මොකක් හරි වෙලා ප්‍රථමාධාර පෙට්ටිය ඇරියම කලින්ම මැරෙන්නෙ අනතුර වෙච්ච එකා. පෙට්ටිය දැකලා හිනා වෙලාම.
සියලු ප්‍රස්ණ වලට පිලිතුරු සපයා අවසානයි. දැන් තියෙන්නෙ පිළිතුරු පත්‍ර අධීක්ෂණය.
ReplyDeleteමන් පරක්කුයි වගේ . ළමයි ගොඩක් ඇවිත් අපේ දිහාත් කලබල දවසම . ජයරත්න ගැලපෙන රස්සාවම තෝරාගෙන .
ReplyDeleteකෙහෙල් කොටුවට කාලෙකට පස්සෙ ඔලුව දැම්මෙ... පාසල් කාලෙ 6 වසරෙදි අපේ පන්තිය සහ අල්ලපු පන්තිය අතර දරුණු සටනක් අවිලුනා... අපේ පන්තියෙ හිටපු සුට්ටං කොල්ලන්ට එහා පන්තියෙ හිටපු කරදඩු උස උන් වටකරගෙන නෙලනකොට අපේ පන්තියෙ හිටිය ඇගපතෙන් පොඩි කොල්ලෙක්...
ReplyDeleteඅඩෝව් එකා එකා වරෙන් ඩෝ.... මම තනියෙන් තොපි ඔක්කොටම ගහනවා කියලා පාරම් බෑවට පස්සෙ වලිය නතරවුනා.... එදායින් පස්සෙ ඒකා අපේ පන්තියෙ වීරයෙක් වුනා....
ඔන්න ඔය සිදුවීම තමා මට මතක් වුනේ...නිතරම කෙහෙල්කොටුවෙ කෙහෙල්කැන් පැහිලද කියලා ඔලුව දාන්න ඕනෙ නිසා මගේ බ්ලොග් රෝලට ඔන්න අද ඈදා ගත්තා.... ජය !
සිරාගේ කාමරේ.. ස්තුතියි කලබලනැති කමෙන්ටුවට... රොලට දාගත්තු එකට අනේක වාරයක් තුති
ReplyDelete