ඔබ සැම සාදරයෙන් පිළිගනී !

මෙතැන් පටන් ඕගොල්ල ඔක්කෝට ම නොමිලේ කෙහෙල් කෑමට ලැබේ. හැබැයි දිරවා ගැනීම ඕගොල්ලන් සතුය.

කෙහෙල්කොටුවේ චූටි මහත්තයාගේ කතා !

අතීතයේ එක්තරා වකවානුවක විසු යහපත්, ගුණ ගරුක, කාටත් කරදරයක් නැති දරුවෙක් ගැන කියවන්න.

විදෙස් සිත්තරාගේ කාටුන් නරඹන්න !

ඔබ සිංහල බ්ලොග් කරුවෙක්ද? විදෙස් සිත්තරාගේ මීලඟ ගොදුර ඔබ විය හැකියි.

යුරෝ දෙකේ වීරයා !

මහා ප්‍රඥා සම්පන්න යුරෝ දෙකේ වීරයාගේ නුවණ දැනගතිමි. (පාඨක ප්‍රතිචාරයකි.)

2012/01/28

අද කාටූන් - 03 - සඳරු හා මිතුරු මලිත් පිටගම්කාරයින්ට හොඳවයින් පාඩමක් උගන්වයි !

අපිට මේ විරෝදාර තරුණයන් දෙන්නා ගැන දැන ගන්න ලැබුනෙ මේ සතිය මුලදීම වගේ. ගමකට පිටින් ආපු කව්රුත් ගමේ කොල්ලන්ට හයිරං පෙන්නනවා කියලා අපි අහලා නෑ. එහෙම පෙන්නුවොත් ගමේ තරුණයොත් නිකං ඉඳීවියැ. අපේ සඳරුලත් එදා කරල තියෙන්නෙ ඒ වගේ වැඩක්. ඕගොල්ලත් ත්‍රාසය, භීතිය, කුතුහලය පිරිච්ච ඒ කතාව කියෙව්වද? මේ තියෙන්නෙ ඊට අදාල රූප රාමු.


තමන්ගෙ ගම තමන් රැක ගන්නැතුව වෙන කව්රු රැක ගන්නද? ඕගොල්ලත් අදම හිතට ගන්ඩලා සඳරු පුතා වගේ ගමට ආදරේ කරන දරුවො වෙන්ඩ!


ඔන්න ඔහොමලු උනේ! එහෙනම් අදට කතාව ඉවරයි. තවත් කාටුන් එකකින් හමුවෙමු.

.....................
-මීට විදෙස් සිත්තරා.

ප/ලි -
මේ සිතුවම නිකමට අප්ලෝඩ් කරලා ටැස් කිරීමකට ලක් කරද්දි, පොඩ්ඩක් ඇදිලා වගේ පෙනෙන්ඩ ගත්තා. ඒක දැං නෑ මගෙ හිතේ. කාටහරි මේ සිතුවම අසාමාන්‍ය විදිහට ඇඳිලා වගේ පේනවානම් මට පොඩ්ඩක් කියන්ඩ හොඳේ.

2012/01/26

අද කාටූන් - 02 - (බ්‍රේකිං කාටුන්) අපිට දැනුම දෙන්නො !

මේක බ්‍රේකිං කාටුන් එකක්. හරියට බ්‍රේකිං නිව්ස් වගේ. අර මං කිව්වෙ හිතුන හැටියෙ වෙලා තිබුනොත් දානවා කියලා. ඒ කිව්වෙ මේ වගේ ඒකක් ගැන.


මේ දවස් වල සයිබර් අවකාශයේ සිංහල බ්ලොගර්ස්ලා අතර නැගලා යන මාතෘකාවක් තියෙනවා. ඒ මාතෘකාව කොච්චර වැදගත් උනත් සමහරු කතා කරන්නෙ නෑ. සමහරු කතා කරන්න දන්නෙ නෑ. ඒත් ඒ ගැන කතා කරපු කට්ටියක් තමා මේ ඉන්නෙ. ඔක්කොමලා නෙමේ හතර දෙනයි.

ඕගොල්ලන්ට තියෙන්නෙ මේ අය කවුද කියලා හඳුන ගන්න එක.

මේ අය පිළිවෙලින් නම් කරලා ඕගොල්ලන්ට වටිනා තෑගි දිනාගන්න පුලුවන්. හරි උත්තරෙ දෙන කට්ටියට ලබන සෙනසුරාදා පබ්ලිෂ් වෙන කාටුන් පෝස්ට් එක නොමිලේ බලන්න ටිකට් ලැබෙනවා. හැබැයි බැල්කනි විතරයි. බොක්ස් නෑ!

ලබන සෙනසුරාදා උදේ හයට කාටුන් පෝස්ට් එකෙන් නැවත හමුවෙමු.

........................
- මීට විදෙස් සිත්තරා

2012/01/24

මචං, උඔල ආවේ පෝස්ට් එකක් කියවන්නද බං? - මචං, ඒව මුකුත් අද නං නෑ අනේ සොරි මචං......!

මචං, උඔල ආවේ පෝස්ට් එකක් කියවන්නද බං
මචං, සිත්තරයක් බලලා යන්ඩ එහෙම නේ මචං
මචං, ඒව මුකුත් අද නං නෑ අනේ සොරි මචං
මචං, අවනඩුවක් කියන්නෙ අද අහගල්ලා බං!

මචං, අක්කලා, අයියාලා, නංගිලා, මල්ලිලා මදිනං
මචං, දරුවො එක්ක පවුලෙ සැමට පේලියට සිටං
මචං, කියවන්නට ආ සැම මේ ලෙස පිළිගනිමිං
මචං, ආපු සැමට "ගුඩ්මෝනිං" ඔක්කොටම කලිං!

මචං, මෙහෙම දෙයක් මේ ලෝකේ තියෙනවාලු බං
මචං, සිංදු කියන්නට, නළුකම, සිත්තර බැරිනං
මචං, කඳු නගින්න, කාර් රේස් වලට වගේ බං
මචං, පෙර පිං අනුවලු ඒවා පිහිටන්නෙ බං


මචං, එහෙම බලනකොට මේ මොන කෙංගෙඩියද බං
මචං, සිංදු සිත්තරේ බැරිනං බ්ලොග් පෝස්ට් වලිං
මචං, නළුකම බෑ කිව්වට ඔය තැං තැං ඔල නං
මචං, රඟපාලා ජාමේ උනත් බේරගත්තා මං

මචං, කිව්වට අහපං මං මේ කියන්නෙ "ට්රූ" බං
මචං, පාරේ පොලෝසියෙන් නැතුව වාහන අඩුනං
මචං, නෝමල් පාරෙ දෙසීය කිට්ටු කරලා දැං
මචං, වාහනයත් ගෙනියනවා ගේමක් නෑ බං

මචං, ඒ කාලේ ඉස්කෝලෙ එළ කොල්ලෙකි මං
මචං, ඉදලා හිටලා ඉස්කෝලෙ කට් කෙරුවටනං
මචං, චිත්‍ර, පරිසරේ, විද්‍යා, සංගීතෙ ගණං
මචං, ඉගෙන ගත්තා ඒ වගේම ලකුණුත් හොඳනං!

මචං, පොර ටෝකක් නෙමේ මචං මේක සිරා බං
මචං, ඒ කාලේ මං එළකිරි ක්‍රීඩකයෙකි බං
මචං, ඕල් අයිලන්ඩ් කප් ගැහුවේ එක පිට එක මං
මචං, මතක් වෙද්දි මයිල් ටිකත් කෙලින් වෙනවා දැං

මචං, හිතන්ඩෙපා නයෙක් කියලා මේ සත්තයි බං
මචං, මුතුඇටයේ හමුදාවේ හිටිය එකෙක් මං
මචං, රට වෙනුවෙන් ඕනදෙයක් වුනදෙන් සිතමිං
මචං, ඉදිරියට ගියේ වෙඩිල්ල පයිසෙට සිතමිං

මචං, ඒ කාලේ හොඳට වේට්ස් කරපු එකා මං
මචං, මේ කාලෙත් යමක් කමක් කර ගත්තැකි බං
මචං, මොනා කලත් එකම දෙයක් මක්කරලත් බං
මචං, කරන්න බෑ කියපල්ලකො ඒ ඇයි මට බං?

මචං, කවි පංතියකට දවසක් කමෙන්ට් කලේ මං
මචං, ඒ ගද්‍යයෙන් තමා ඉතිං පද්‍ය බැහැනෙ බං
මචං, අනිත් එව්වො කමෙන්ට් කලේ පදවැල් හතරෙං
මචං, කවි බ්ලොග් වල කමෙන්ට් කරලා ලැජ්ජා උනා මං

මචං, සිත්තරයක් පෝස්ට් එකක් දාන එකා මං
මචං, ඉදලා හිටලා පොටෝවකුත් ඇල්ලියැහැකි බං
මචං, ඒවා මොනා කලත් මචං ඉටිකිරිස් ලෙසිං
මචං, ලියන්න බෑ රස කවි වැල් මක්කරලත් නං!

මචං, හතර පදේ ගලපන්නට හෙන ගේමක් මං
මචං, දෙන හැටි දැක්කොත් උඔලා එකත් එකට නං
මචං, "බුද්ධියා පව් අර බලපං" කියලා සිතමිං
මචං, උඔලා දුක්වෙනව ශුවර් බොරුනං බලපං

මචං, බ්ලොග්කාරියො කවි ලියනව අම්බානක දැං
මචං, කොල්ලොත් දැං එකා දෙන්නා කවියට බරනං
මචං, මමත් යමක් කරන්නෙපැයි මේක කොරන කං
මචං, ඒකයි මට මෙව්වා උනේ අම්මපල්ලා බං

මචං, ගඟක් ගලා යනවා වගේ අදහස් එනකං
මචං, පල්ලමේදී බයික් එකත් ඔටෝ යනවනං
මචං, වැල මදුලක් බහින ලෙසින් උගුරෙන් පල්ලං
මචං, කවියට අදහස් එන්නෑ ඒ මක්කෙයි බං?

මචං, උඔලා ඇවිල්ලා මාගේ මිත්තරයොනෙ බං
මචං, කෙල්ලො කොල්ලො කියලා ඒකේ වෙනසක් නැත්තං
මචං, යන්න එපා අද ලිස්සල නොදැක්ක විලසිං
මචං, උත්තරයක් දීලා යමං පිං දෙන්නං මං!!!

...............
- මීට
ඔබට ලැදි හිතවතා
ඔන්ලයින් යාලුවා
පැන්ස දෙකේ හංසයා
යුරො දෙකේ වීරයා

2012/01/21

අද කාටුන් - 01- ලබ්බට තියපු අත පුහුලට නොතියද්ද?

එදා කිව්ව අලුත් වැඩේ ඔන්න කිව්ව විදිහටම අද පටන් ගත්තා.

මේ අනුව අද ඉඳලා හැම සෙනසුරාදාම අපේ සහෝදර බ්ලොග් කරුවෙක් අතින් ලියැවුනු ලිපියකට පොඩි පහේ කාටුන් එකක් යනවා මේ විදිහට.

වැඩි විස්තර එදා මම කිව්ව හින්දා ආයෙත් මෙතෙන්ට ඒවා ඕනේ නැ.

ඇත්තටම මේවා කාටුන්ද කියලා සමහරෙක්ට හිතෙන්න පුලුවන්. කාටුන් කියන්නෙ වෙනස්ම කලාවක් නොවැ. මටත් එහෙන් මෙහෙන් බලි කුරුට්ටක් ඇඳ ගන්ඩ පුලුවන් උනාට, ලොව පතල කාටුන් ශිල්පියො එක්ක ගද්දි අපි ලොවෙත් නෑ.

ඒක සලකලා කාටුන් කලාව ගැන හුඟක් දේවල් දන්න, ඒකට ආසා කරන කෙනෙක්ව මම මගේ උපදේශකයා කරගෙන තියෙන්නෙ. (පොරට නං තාම නිල වශයෙන් කිව්වෙත් නෑ) ඒ හින්දා බය නැතිව දිගටම එන්ඩ.

තව එකක්. ඕගොල්ල බ්ලොග් කියවගෙන යද්දි සිත්තරේකට හොඳයි කියලා හිතුනු රසවත් ලියමනක් තිබුනොත් ඒ ගැන මට ඔත්තුවක් දෙන්ඩත් අමතක කරන්න එපා.

අද කාටුන් එක

හාහා පුරා කියලා නමෝවිත්තියෙන් අද කාටුන් එක වෙන් වන්නෙ නවම් මාවතට. පහුගිය දවසක එතන තිබුනා රසබර කවි පංතියක්. මේ තියෙන්නෙ ඒක කියවද්දි මට හිතුන දේ.....!


ලොකු කරලා බලන්ඩ පින්තුරේ උඩ ක්ලික් කරන්ඩලා.

අනිත් දවස් වලට මේ වගේ විස්තර නෑ. කෙලින්ම කාටුන් එක විතරයි.

අදට කතාව ඉවරයි. දැං ඕගොල්ල කතා කරන වේලාව.

.....................................
-මීට විදෙස් සිත්තරා

2012/01/19

අපි ගැණු ළමයිට ආදරය කරන්නන් වෙමු  | කොල්ලනේ, අපිට බනින කෙල්ලෝ කවරහුද?

එදිනෙදා කෙරීගෙන යන විදිහ වෙනස් කරලා, යුගයේ අවශ්‍යතාවයක් කියලා සලකලා අද පෝස්ට් එක ආදරේට වෙන් කරනවා. එක එක ප්‍රශ්ණ, එක එක කාලෙට, එක එක කට්ටියට එනවා. ඒවා විසඳන්න එක එක යුග පුරුෂයොත් එනවා.

ආදරේදී එකිනෙකා ගැන වැඩිපුර හොයා බලන්නෙ ගැණු ළමයි ද?, පිරිමි ළමයි ද? ඔන්න මේ කාලෙ තියෙන දැවෙන ප්‍රශ්ණය.

මේ දවස් වල අවංක ආදරේ ගැන, පිරිමි ළමයිගෙ ගති ගුණ ගැන, ගැල්ලමයිගෙ ගති ගුණ ගැන, එක එක තැන් වල එක එක කතා. සමහර ගැල්ලමයි කියන්නෙ පිරිමි ළමයි ආදරය කරන්න පටන් ගත්තු කාලේ හිටියට වඩා කල් යද්දි වෙනස් වෙනවා කියලා. ඒක ඇත්තද?

ඹ්නම මතයක් සමාජයට ගෙනියන්න ක්‍රම කිහිපයක් තියෙනවා. අලුත්ම ක්‍රමය තමා සමීක්ෂණ වාර්තා. සමීක්ෂණ වලින් පුලුවන්ලුනෙ සමාජ මතය දැන ගන්න. හැබැයි ඕනෙම නං අපේ මතය සමාජ මතය කියලා පෙන්නන එකත් ඒ හැටි කජ්ජක් නෙමේ සමීක්ෂණ හරහා.

කොහොමහරි මමත් අද වැඩ අල්ලන්නේ සමීක්ෂණයකින්. මුලින්ම ඒකට භාජනේ කොරන්නෙ පිරිමි ළමයෙක්.

මම - "මල්ලි මොකද්ද ඔයාගෙ නම කිව්වෙ?"

මල්ලි - "මම නම කිව්වෙ නෑනෙ අයියා තාම."

මම - "ආ... ඔව්නෙ....මල්ලිගෙ නම ‍මොකද්ද?"

මල්ලි - "මම අහවලා."

මම - "ආ... ඔව්....අහවල් මල්ලි කියන්ඩ බලන්ඩ ආදරේදී එකිනෙකා ගැන වැඩිපුර හොයා බලන්නෙ ගැණු ළමයි ද?, පිරිමි ළමයි ද?"

අහවල් මල්ලි - "අයියා කොටින්ම කියනවනං අයියා...... ගැණු ළමයි ඇවිල්ලා මල් වගේ තමා. අපි ගල්. හැබැයි මෙහෙමයි, ඒ ගොල්ල උදේට පිපිලා සුවඳ දිලා හවසට පරවෙලා යනවා. ඊට පස්සෙ දුක. අපි එහෙමද? අපි ගල් වාගේ. අයියා ගලේ කෙටු අකුරුක් කවදාවත් මැකෙන්නැ අයියා...... ගල කැඩුවත් අයියා ඒ ගල් කෑලි වල හරි කොටපු අකුර බලාගත්තැකි....නැද්ද, ඉතිං එහෙව් හදවතක් තියෙන අපේ හොයාබැලිලි ගැන තව මොන කතාද අයියා?" (මිනිහා ඒ ටික කියපු හැඟීම් බර විලාශය මට අල්ලගන්ඩ ඒ වෙලාවේ විඩියෝ කැමරාවක් තිබ්බෙ නෑ.)

ඉතිං මං පොඩි අදහසක් ගැල්ලමයි ගැන එතනින් ගත්තා.

සාධාරණ සමීක්ෂණයක් කරනව නං දෙපාර්ශවයෙන්ම අදහස් ගන්ඩ ඕනැ. මේ විපක්ෂයේ අදහස්.

මම - "නංගි මොකද්ද ඔයාගෙ නම කිව්වෙ?"

නංගි - "මම නම කිව්වෙ නෑනෙ අයියා තාම."

මම - "ආ... ඔව්නෙ....නංගිගෙ නම ‍මොකද්ද එතකොට?"

නංගි - "මම අහවලී....."

මම - "ආ... ඔව්....අහවල් නංගි කියන්ඩ බලන්ඩ ආදරේදී එකිනෙකා ගැන වැඩිපුර හොයා බලන්නෙ ගැණු ළමයි ද?, පිරිමි ළමයි ද?"

අහවල් නංගි - "ම්...මෙහෙමයි අයියා.... මම ඒක කෙලින්ම කියනවට වඩා පොඩි උදාහරණෙකින් කියන්නං."

මම - "ඒ කියන්නෙ නංගි වහෙං ඔරෝද?"

අහවල් නංගි - "කැමති නමක් අයියා. දැං බලන්ඩ ගැණු ළමයි හරියට රෑට පායන හඳ වගේ. කොල්ලො ඉර වගේ."

මම - “ඒ කිව්වෙ නංගි මට පැහැදිලි නෑ?“

අහවල් නංගි - "ඔව් අයියා ඕගොල්ලන්ට පැහැදිලි වෙන්ඩ ටිකක් වෙලා යනවා තමා. ඒ හැටි! ඒ හින්දා මම්ම කියන්නං. මෙහෙමයි අයියා, කලුවර රෑකට හඳ පැව්වම කොච්චර ලස්සනද? හඳ එලිය කොච්චර සෞම්‍යද? හඳ ගැන කියන්ඩ ගියොත් අයියා මේ කතාව ඉවර කරන්ඩ වෙන්නැ. "

මම - "ඒක නං ඇත්ත. ඔයා ඔප්පු කරලා කියන්ඩ යන්නෙ ගැණු ළමයිනුත් හඳ වගේ, අගේ කියලා නිම කරන්ඩ බෑ, ඒහෙම බැලුවම ගැල්ලමයි කියන්නෙ පිරිමි ළමයිට, රෑක‍‍ට හඳවගේ කියලනෙ....."

අහවල් නංගි - "අන්න හරි අයියා. පරක්කු වෙලා හරි අයියට තේරුනා. මම කියන්නෙ ගැණු ළමයි හඳ ව‍ගේ කියලා. අයියා කියන්නා වගේ කලුවර රෑකට පායපු. පිරිමි ඉතිං ඉර වගේ... වැඩකට නෑ...."

මම - "මක් කිව්වා නංගි. ඉර වැඩකට නෑ කියන්නෙ කොහොමද?"

අහවල් නංගි - "මේකනෙ අයියා. අපි රෑ කලුවරට එලිය හරි වෙනවා. ඉර ඉතිං එහෙම දෙයක්වත් කරනවැයි... ඉර පායන්නෙ දවල්ට. දවල්ට ඉතිං කොහොමත් එලියයිනෙ......"

මම - "හැබැයි මොනා නැතත් ඒක නං නල්ලම‍ලේ පැහැදිලි කිරීමක් නංගි. ස්තුතියි නංගි."

අහවල් නංගි - "වෙල්කම් අයියා!"

දැක්කනේ සාධාරණ සමීක්ෂණ වල හැටි. ඒ ගොල්ලන්ගෙන් ඇහැව්වොත් එහෙම කියනවා. මේ ගොල්ලන්ගෙන් ඇහැව්වොත් මෙහෙම කියනවා. හැබැයි හැමෝම එහෙම නෑ.

අනික රාමලා සීතලා, රාධලා කිෂ්ණලා, සාලිය මාලලා ආදර ලොකේ වීරයෝ තමා. හැබැයි ඒ ගොල්ලන්ගේ කිල්ලෝට වලත් හුණු තිබ්බයි කියන එක අපිට අමතක වෙලා තියෙන්නෙ. අනික ඕන කැලි දාලා, ඕන්නැති කැලි කැපුවම වීරයා නිකම්ම හැදිලා. ආදර ලෝකයෙ වීරයොත් හැදිලා තියෙන්නෙ එහෙම නෙමේද?

ඒ හින්දා ගැල්ලමයිටයි මේ කියන්නෙ,
"ඒ කාලෙ හිටපු රාමා නං එහෙම නෑ, ඕගොල්ල තමයි එහෙම" කිය කියා අපිට ඇඟිල්ල දික් කරන්ඩ එපා. අපි ඕගොල්ලන්ට හැමදාම ආදරේයි. ඕගොල්ලන්ට ආදරේ කරන්නැතුව අපි කාට ආදරේ කරන්ඩැයි. අනික අපි ගැන එහෙම හිතන්ඩ එපා, පව්!

එහෙනං ඉඳල හිටලා හරි ඕගොල්ලන්ට අපි ගැන වැරදි මෙව්වා එකක් ආවොත් මොකද කරන්නෙ. මං කියන්නම් ඒකට නියම බේත. මේ තියෙන්නෙ ඒක. කිසි කතාවක් නෑ අහන්ඩ මේ සින්දුව. එතකොට ඕගොල්ලන්ට තේරෙයි, ඕගොල්ල නැති උනාම අපිට දැනෙන පාලුව කොහොමද කියලා. අපි තනිපංගලමෙ ඉද්දි කොච්චරවත් හිතන්නෙ ඕගොල්ල ගැන නේද කියලා. බැරි වෙලා හරි ඕගොල්ල අපිට නැති උනොත්....හපොයි හිතන්ඩත් බයයි.

දැං ඔක්කොම අමතක කරලා මේ සින්දුව අහලා බලන්ඩ. හැබැයි අහද්දි, “අනේ මං කොච්චර වැරදියට ද එයා ගැන හිතලා තියෙන්නෙ“ කියලා ඇහැට කඳුලු ආවොත් කාරිය පිහදගන්ඩ ලේන්සුවක් ලං කරගන්න එක නුවණට හුරුයි.

ඔබ නමටයි මා පාරමී පුරණා....

Pipunu Malaka by යූරෝ දෙකේ වීරයා :D

ලස්සනයි නේද? හරියට පිරිමි ළමයිගෙ හිත් වගෙ. ඉතිං ඔයත් මේ සිංදුව ඔයාගෙ අයි පෝඩ් එකේ, ෆෝන් එකේ, නැත්තං කට පාඩමේ හරි තියාගෙන ඉඳලා අවස්ථාව ආවම රස විඳින්න. අහවල් හැඟිම වතුර දැම්මා වගේ නිවිලා යයි. රාමලා, කිෂ්ණලා, සාලියලා වගේ අය අදත් ඉන්නවා නේද කියලා හිතෙන්ඩ ගනියි!

අදට කතාව ඉවරයි. මතකනේ පණිවිඩේ. එහෙනං ආයි දවසක හමුවෙමු.

.......................
- මීට ආදරණීය යුරො දෙකේ වීරයා.

ප/ලි -

අවවාදයයි
මේ ටික කොල්ලන්ට පමණයි.
මම ඒ ගොල්ලන්ට සමීක්ෂණ වාර්තාව ගැන කියන්න ගියේ නෑ. දැං හොඳවයින් වාර්තාවක් තව ටිකකින් බලාගන්ඩ පුලුවන් වෙයි. ඇරත් "අවවාදයයි - කොල්ලන්ට පමණයි" කිව්ව ගමන් ඒ කොටස වැඩිපුරම කියවන්නෙ කෙල්ලො! හරියට මේ දැං වෙනවා වගේ, නේද කෙල්ලෙනේ...... (ආ............. දැං මොනිටරේට පනාව දැම්මට වැඩක් නෑ. අපි දන්නවා බොලාලා මේ ටිකත් කියෝපු වග!)

ඉතිං සමීක්ෂණයෙ ප්‍රථිපල ආයි අමුතුවෙන් කියන්ඩ ඕනැද?

______________________

ප/ප/ලි-

මේ සිංදුව ගැන විස්තර
ගේය පද - විපුල ධර්මප්‍රිය ජයසේකර.
සංගීතය හා ගායනය - ශාලිත අබේවික්‍රම.

2012/01/14

සිංහල බ්ලොග් කරුවෙක්ද? මීලඟ ගොදුර ඔබ විය හැකියි.

කෙටියෙන් කිව්වොත්, ඉදිරියෙදී වෙන්න යන වැඩක මුල් හෙලිදරව්වයි මේ.

වැඩේ තමයි මගේ හිතමිතුරු බ්ලොග් කරුවෝ දාන පෝස්ට් එකක හිත් ගත්ත තැනක් සැනින් එසැනින් කාටුන් බවට පත් කරලා උණු උණුවේ මේ පිටුවේ පලකරන එක. උණු බවේ අඩු වැඩිය තීරණය වෙන්නෙ, මට වැඩ අඩු වැඩි වෙන හැටියට. වැඩ වැඩි උනොත් සිත්තරේ ප්‍රවෘත්තිමය වටිනාකම අඩුවෙන්ඩ කලින් ඒ සතියෙ සෙනසුරාදා දාන්ඩයි කල්පනාව. නැත්තං එම තැන මෙතන වැටෙනවා.

“ඇයි ඔයා මේක දැම්මෙ මට කියන්නැතුව?“ කියලා කව්රුහරි ඇහැව්වොත් කතා කරලා ගොඩින් බේරගන්ඩ පුලුවන්, මමත් එක්ක වැලිකෙලියෙ ඉදලා බ්ලොග් කරපු කට්ටියගෙන් නම් මම අහ අහ ඉන්නැ. සුටුස් ගාලා දානවා මිසක්කා. අනිත් අයගෙන් නම් අනිවාර්යෙන් අවසර අරං දාන්ඩ තමා හිතාගෙන ඉන්නෙ.

පොඩි අදහසක් ගන්ඩත් එක්කලා මීට කලින් මගේ අතින් කාටුන් වෙච්ච අයගේ පින්තුර ටිකක් ඔන්න තියෙනවා.

මේ ඉන්නෙ මාරයා. එයා ඒ කාලෙ හිටපු ගෙදර ඉඳං, ඩිජිටල් ක්‍රමයට වෙලාපත්කඩයක් බලන හැටියි මේ. මම මේ ගෙදර බඩු මුට්ටු තියෙලා තියෙන හැටි විතරක් නෙමේ මාරයා ඉන්න ඈංගල් එකත් හරියටම ඇඳලලු. ඒක කොහොමද ඇන්දේ කියලා මාරයට තාම රහසක්.


මේ ඉන්නෙ දෙව්ලොවින් පැමිණි ළමයා. පොරට ඒ දවස් වල මුණුපොතේ අයිතිකාර මාක් අයියගේ වෝල් එකේ කුරුටු ගාන්න මාර ආසාවක් ඇවිල්ලා තිබුනා. හැබැයි මිනිහට ඒක කරගන්ඩ බැරි උනා. මේ ඊට පස්සෙ වෙච්ච දේ.


මේ ගැන නං අපි කව්රුත් දන්නවා. ඒ කාලේ අපි කව්රුත් එකතු වෙලා කරන්න ගියෙ මේකනෙ.

මේ මනුස්සය ගැන මම කියන්ඩ ඕන්නැ. තට්ටෙ පැදීලා තියෙන්නෙ ඇයි කියලා හිතාගත්තැකිනෙ.


මේ පොර තරුණ කාලේ හිරේ විලංගුවෙ වැටිච්ච වෙලාව.

මේ තියෙන්නෙ මං ඇඳපු සිත්තර වලින් මෝස්ට්ම කලර්ෆුල් සිත්තරේ. මොකක් ගැනද කින්ද මන්ද ඔක්කොම ඒකේ තියෙනවා.


ඔන්න ඊට පස්සෙ නියම වැඩක් වෙනවා. කොල්ලා මවුස් එකෙන් ඇඳලා ඇඳලා කොල්ලගෙ එක අතක් අවුල් වෙනවා. ඒක අතට අහුවෙන්නැති යාලුවෙක්ට කිව්වම පොර කියපි නං, “තන්තු“ වලද මොනාදෝ වල කේස් එකක්ය වහාම දොස්තර කෙනෙක් හම්බෙන්නය කියලා. කොල්ලත් හෙන බයේ ගියා දොස්තර කෙනෙක් හම්බුවෙන්න.

දොස්තර රබර් මිටියක් අරං අතේ තැං තැං වලට ගගහ ඇහැව්වා හිරි වැටෙනවද කියලා. මිටියෙං තලද්දි කාටද හිරි වැටෙන්නෙ නැතුව තියෙන්නෙ. මං ඔව් කිව්වා. පස්සෙ දොස්තර මහත්තයා කිව්වා, “බයවෙන්ඩ එපා පුතා, ඔයා දකුණු අත පාවිච්චි කරලා වැඩි වෙලයි මේක වෙලා තියෙන්නෙ. පොඩ්ඩක් අතට රෙස්ට් එකක් දෙන්ඩ“ කියලා.

ඔය අස්සෙ තමා කොල්ලට හිටි අඩියේ ග්‍රැෆික් අහවල් එකක් කඩා පාත්වෙන්නෙ.

මේ තියෙන්නෙ ඒකෙන් කරාපුවා. ඒක හින්දා තමා මට මේ අදහස ආවෙත්. ඉතිං එහෙම බලද්දි ග්‍රැෆික් අහවල් එක දෙයියො දුන්නා වගේ.

ඒක දුන්නු දෙයියා වගේ අයියට මගේ ප්‍රණාමය!!!


දෙයියනේ කියලා ඒකෙන් කාටුන් වෙච්ච කෙනා තමා මේ. මෙයාගෙන් නිසි අවසරේ අරගෙන නැති හින්ද මම කව්ද කියලා කියන්න යන්නැ. ඒත් බලන්ඩකො අඳුරගන්ඩ පුලුවන් වෙයි. එකක් කියන්නං. ඔය අතේ එල්ලං ඉන්නෙ කා... එකේ යතුර. බනියට නං පෙනුනෙ ඒක දැති කියතක් වගේලු.


මේක ගැන කියලා වැඩක් නෑනේ. පොර කියන්නෙ කොහොමද? මම අහවල් කෑම හදනවය, හරිම ලේසිය, ඕගොල්ලත් කරලා බලන්ඩය කියලා. ඒ උනාට රියැලිටි තත්තෙ තමා මේ තියෙන්නෙ.

අන්තිම එකනං මං කලේ සමාජ සේවයක් හැටියට. කතන්දරගෙ හෙළිදරව්වෙන් පස්සෙ. නැත්තං අපි පොඩි කාලෙ ඉඳලා බොහොම ආරස්සාවට රැකගත්තු අපේ පරම්පරා කුට්ටමට හෙන ගැහිලා යනවනේ....


දැං තේරෙනවනේ වැඩේ යන හැටි. ඕගොල්ල කැමති නම් කාටුන් කරන්න පුලුවන් රසවත් ලියුම් කියුම් වල ලින්ක් මට එවන්න. මමත් අරින්නැ කියෝනවා.

ඊට කලින් මම මේ පටන්ගත්තු සමාජ සද්කාරයට ඔබත් කැමති නම් පහල කොටුවේ අදහස ලියලා, ඕන්නං හිස් තැනකුත් තියලා පබ්ලිස් බටන් එක ක්ලික් කරලා යන්ඩත් අමතක කරන්ඩ එපා!

ඊ ලඟ දවසෙ හමුවෙමු.

බලාගෙන, මීලඟ ගොදුර ඔබ විය හැකියි!

......................
- මීට හිතවත් විදෙස් සිත්තරා.

2012/01/09

චියරින් ගැල්ලමයි (සිත්තර ඇතුලේ) | සපා - මගේ යාලුවෝ - 04

කාලෙකට කලින් මම යාලුවො ගැන කියන්න අරං මගින් නැවැත්තුවා.

මට දැං යාලුවො දෙකොට්ටාසයක් ඉන්නවා. කට්ටියටක් අතට අහුවෙන අය. අනිත් අය අතට අහුවෙන්නැති ඔන්ලයින් අය. දැන් වෙද්දි නං අතට අහුවෙන්නැති අයගෙන් සමහරක්, කාලයක් තිස්සෙ අතට අහුවෙලා හිටපු අය තරම්ම ෆිට් වෙලා.

කොහොමහරි යාලුවො කියන්නෙ අපිට නැතිවම බැරි අය. ඒ ගොල්ල අපිට උදව්වක් ඕනෙම වෙලාවට අපේ පිහිටට එනවා. අපිත් එහෙම තමා. බලුහොම්බා ජෙට්ලිට උදව්කරන්න ගියෙත්, අපේ ශැවොලියා තනේ අත ගෑවෙත් යාලුවන්ට උදව් කරන්ඩ තියෙන උවමනාව හින්දා.

සමහර යාලුවොන්ට උදව් කරගන්න බැරි උනාම මේල් එවනවා, “අනේ මම තාමත් ඔයාගේ හොඳම යාලුවෙක්, ඒ වේලාවෙ ඔයාට උදව් කරන්න බැරි උනාට“ කියලා. වැඩි හොඳට වරහන් අස්සෙ I am still your friend....:D කියලත් ලියලා. මතකනේ කලින් දවසක සයිබර් යාය හැක්වෙලා වෙච්ච කෝලම.

හැබැයි මම අද කියන්න යන්නෙ කුරුලු හමුදාවේ අපිත් එක්ක එකම කල්දේරම් බත කාපු යාලුවෙක් වෙන සපාට උදව් කරන්න ගිය කතාව. යාලුවෝ ගැන කියනවා කිව්වම මුලින්ම සපා ගැන කියන්න කියලා කිව්වෙ අපේ ගෝල්ඩ් ෆිශ්. ඒ ඒගොල්ලන්ව හදුන්වලා දුන්නු දවසෙ. ඒත් ඔන්න අදයි ඒකට වේලාව ලැබුනෙ.

සපා ගැන කියන්න කලින් බලන්න, මේ මැද අත්දෙක උස්සගෙන ඉන්නෙ පොර තමා.

එක අවුරුද්දක ජාතික මහා ක්‍රිඩා උළෙල තිබුනා බදුල්ලෙ “වින්සන්ට් ඩයස්" ක්‍රීඩාංගණයේ.

ඒ තරගෙට අනුග්‍රහය දීලා තිබුනේ ලංකාවේ කෑම හදන ලොකු සමාගමක්. සමාගම ගානේ දාලා තිබුනා හෙන චියරින් පාටියක්. පාටියේ ඔක්කොම ගැල්ලමයි. කොට සායවලුයි, කොට හැට්ටයි ඇඳගෙන. කොට සායවල් කිව්වට කොටම නෑ. වියතකට වඩා තිබුනා. අපි මැනලා බැලුවා. හැබැයි හිතිං! කොහොමහරි ඒ ගොල්ල අත් දෙකෙන් රිබන් වලින් හදපු ලොකු බෝල අරගෙන. කොච්චරවත් කලේ ක්‍රීඩකයො දිරිමත් කරපු එක. එක එක තාලෙට එක එක නැටුම් කැලී දදා, පස්සෙ කමෝන් කියලා කෑ ගගහ, අර රිබන් බෝල වන වනා ෂා......බලන්ඩ එපැයි ඒවයේ රඟ.

කොහොම උනත් පිට පලාතක තරග තියෙන එකෙන් ක්‍රීඩකයන්ට පොඩි අවාසියකුත් වෙනවා. හේතුව මේකයි. කොළඔ සුගතදාස ස්ටේඩියම් එක තනිකර කාපට්. පිට පලාත් වල ග්‍රවුන්ඩ් වල තියෙන්නෙ තණකොල. අනික සුගතදාසෙ පැවිලියන් උසට තියෙන හින්දා හුළඟ සැරට එන්නෙත් නෑ. ඉතිං පිටපලාත් වල තරග තියෙද්දි, හැම ක්‍රීඩකයම ඒ ක්‍රීඩාංගණෙ පුහුණුවීම් කරලා තරග දවස වෙද්දි ඒ ගොල්ලන්ගෙ සපත්තු වල තියෙන ඇණ වලට තණකොල ගැලවිලා තැනින් තැන පස් මතුවෙලා වලවල් හැරීලා තියෙන්නෙ. අනික පැවිලියන් නැති හින්දා හුලඟ හෝ ගාලා. හැම තරගයක්ම පවත්වද්දි හුලං මාපකයක් ගෙනල්ලා හුළගෙ වේගය බලනවා. හුළගෙ වේගය වැඩි නම්, ඒ කියන්නෙ ඒකෙන් තරග කරුවට වාසියක් වෙනව නම් තරග වාර්තාව උනත් කැන්සල් කරනවා.

සපා කියන්නෙ ඒ කාලේ තුම්පිම්ම පැනීම, නැත්තං ට්‍රිපල් ජම්ප් කියන ඉසව්වෙ ලංකාවේ එක දෙක අතර හිටපු ක්‍රීඩකයෙක්. පොර විදෙස් සංචාර දෙක තුනකුත් ගිහිල්ලා එහෙම හිටියෙ. සුගතදාසෙ ප්‍රැක්ටිස් කරද්දි පොර පැනලා තිබ්බා රෙකෝඩ් එක ආසන්නෙටම වගේ. ඉතිං මිනිහා හෙන බලාපොරොත්තු තියාගෙන ගියේ රෙකෝඩ් එකක් තියලා කුරුලු හමුදාවේ ලොකු මහත්තුරුන්ගෙ අවධානේ දිනාගන්න.

කොහොමහරි එදා පොරගෙ තරගෙ තියෙන වේලාව ආවා. මිනිහා වොම්අප් කරලා එහෙම පිච් එක ලඟට ආවම සංසාරෙ එපා වෙලා. තුම් පිම්ම පනින අර ලෑල්ල ගාවට යනකල් තණකොල බේතකටවත් නැති වෙලා. තැන් තැන් වල ඌරො නටලා වගේ පොඩි පොඩි ගැට ඇවිල්ලා. ඇණ සපත්තු හින්දා පොඩි අඩි පාරකුත් හැදිලා.

දැං පොරට තනි අවුල. කරකියා ගන්න දෙයක් නෑ. මොකද පනින ලෑල්ල ගාවට දුවගෙන යද්දි කකුල හරියට එන්නෙ නෑ. ඇයි වලවල් බේර බේරනෙ යන්න වෙලා තියෙන්නෙ. ඒ හින්දා පළවෙනි ජම්ප් එක ෆවුල් උනා. දැං දෙකට ලැස්තිය. සාමාන්‍යයෙන් දුර පනින කොටස තියෙන්නෙ ග්‍රවුන්ඩ් එකක කෙරොලෙ. ඉතිං අපි ග්‍රවුන්ඩ් එකයි පැවිලියන් එකයි වෙන්වෙන වැටගාවට ආවා පොරව දිරිමත් කරන්න.

අපි "සා...පා....,සා.....පා....." කිය කිය තාලෙට අප්පුඩි ගගහ කෑ ගැහුවා මෙහා පැත්තෙ පඩිපේලි උඩට වෙලා. මොන! දෙවෙනි ජම්ප් එකත් ලොස් උනා. දැං රෙකෝඩ් එක නෙමේ, ෆස්ට් සෙකඩුත් නෙමේ අඩුම ගානේ අන්තිම අට දෙනා අතරට එන එකත් හෙන අමාරුයි. ඒ මදිවට හුලං මැසිම කැරකෙනවා ජිල් කොම්පැනිය වගේ. සපා බිංදුවටම වැටිලා. ඊලඟ ජම්ප් එක ෆවුල් කියන්නෙ අවුරුද්දක පුහුණුවීම් වතුරෙ. ඔක්කොම අකුලගෙන ගෙදර යන්ඩයි තියෙන්නෙ. අනික පැරදිලා කොහොම කොළඔ යන්ඩද? වස ලැජ්ජාවනේ. පැරදුනත් කමන්නැ හේතු අහද්දිනෙ එපා වෙන්නෙ. මීට් එකක් ඉවර වෙලා ගිය ගමන් අනිත් සෙක්ෂන් වල උන් අහන්නෙ මොකෝ උනේ කියලා. පැරදුනා කියද්දිම උන් යනවා යන්ඩ. ඒවට හේතු අහන්ඩ එකෙක්වත් නෑ.

ඉතිං අපි කට්ටිය එකතු වෙලා මේකට දෙයක් කල්පනා කලා. විශේෂයෙන්ම මමයි අපේ දෙයියයි. මොනා උනත් මූ අපේ එකා. එකාව වැටෙන්ඩ දෙන්ඩ බෑ. මතකනේ දෙයිය‍ ඔය වගේ වැඩ වලට දෙයියා. මගේ වැඩේ ගොඩ දා ගන්නත් පොරනේ උදව් කලේ. ඉතිං අපි මොකක් හරි ක්‍රමයක් මේකට හොයද්දි, අපි දැක්කා අර කෑම කොම්පැනියේ ගැල්ලමයි ටික. මම දෙයියා දිහා බැලුවා. අපි දෙන්නටම දැනුනා ඊලඟට මොකද්ද කරන්ඩ ඕනෙ කියලා. මායි දෙයියයි දිව්වා ඒ පැත්තට, හරියට අයිස්කිරිං වෑන් එක අල්ලන්ඩ දුවන ගැටයො දෙන්නෙක් වගේ. ගිහිං ඒ ගොල්ලන්ගේ නායිකාව කියලා හිතන්ඩ පුලුවන් එක්කෙනෙක්ට අපි ටිකක් මෙහාට කතා කලා. ඒත් එයා ආවේ තව එක්කෙනෙකුත් අතින් අල්ලගෙන.

"මේ...එස්කියුස්මී නංගී ඕගොල්ලන්ගෙන් පොඩි මෙව්වා එකක් බලාපොරොත්තුවෙන් අපි ආවේ"

"මොකද්ද අයියා..... පුලුවන් දෙයක් නං අපි කරලා දෙන්නම්....." ඒ ගොල්ලත් හෙන කටකාරයි.

"අපේ යාලුවෙක් අන්න අතන ට්‍රිපල් ජම්ප් එක කරනවා.......ඌට .... සොරි....එයාට පොඩි චියර් එකක් දෙන්න පුලුවන් වෙයිද?"

"ම්.......මේකයි අයියා....අපිට මේ වෙලේ මේ හරියෙනෙ අපේ බොස් ඉන්ඩයි කිව්වේ....." ඒ ගොල්ල ඇත්ත තත්වේ පැහැදිලි කලා.

"අනේ බොස් මොනවත් කියන්නැ...අනික නංගි අපි අහවල්ලු...... ඕගොල්ලන්ට තේරෙනවනේ...."

අහවල්ලු කිව්වම ඒ ගොල්ල වැඩේට කැමති උනා. අපි අහවල්ලු හින්දා ඒ ගොල්ල ලොකු විස්වාසෙකින් අපිත් එක්කලා ආවේ. ඇරත් අපේ මූණුත් හෙන නිවිච්ච පාටයිනෙ. එතෙන්ට යන ටිකට මම ඒ ගොල්ලන්ට කිව්වා, "අපේ යාලුවා සපාය, පොර හරියට අසරණ වෙලාය, බලන්ඩ මේ ග්‍රවුන්ඩ් වල හැටිය, ඊලග ජම්ප් එකට පොර ලෑස්ති වෙන්න යද්දිම වගේ ඕගොල්ලන්ගෙ චියර් එක පටන් ගන්නය“ කියලා.

කොහොමහරි අපි ගැල්ලමයි කට්ටියත් එක්ක එතෙන්ට ගියේ පැරදීගෙන එන හමුදාවක උදව්වට ලස්කිරිඤ්ඤා බටයො හොයාගෙන ආපු සූර ජෙනරාල්ලා දෙන්නෙක් වගේ. දැං අපිට තියෙන්නෙ චියර් එක පටන් ගන්ඩ ඕන වෙලාවට අතින් පොඩි මෙව්වා එකක් පෙන්න එකයි අර ගැල්ලමයිට. මම ඒකට ලැස්ති පිටමයි හිටියෙ.

ඔන්න සපාට කලින් කෙනා ජම්ප් එක දැම්මා. දැං තියෙන්නෙ සපාගෙ වාරේ.

මම අර ගොල්ල දිහා බලලා සංඥාව නිකුත් කරන්න ගියා විතරයි, දෙයියා මට කලින් පැනලා ඒක කලා. ඒ එක්කම අර ගැල්ලමයි "සා......පා.......සා.....පා..."කියලා කෑගහන්ඩ ගත්තා. ඒ විතරක් නෙමේ. අතරින් පතර "කමෝන් සපා අයියා...." කියලා එකියක් කෑ ගහනවා. ඒ අතරතුර ඒගොල්ල නැටුමකුත් පටන් ගත්තා.

ඒක ජාති නැටුම!

මුලින්ම ගැල්ලමයි කකුල් ලඟටයි, ඈතටයි තිය තිය උඩ පනින්න ගත්තා. පස්සේ ඒ තාලෙටම අත් දෙක කෙලිනුයි, උඩටයි ඉස්සුවා. ඊටත් පස්සෙ අත්දෙක ඉස්සරහට අරං අර රිබන් බෝල දෙක එක ලඟට වෙන්ඩ අල්ලලා හයියෙන් හෙලෙව්වා. ඒ එක්කම ටිකක් ඉස්සරට නැමිලා වේගෙන් අඩි තිය තිය රිවස් එකට ගියා. පස්සෙ හරිම සැහැල්ලුවෙන් ආයෙත් දෙපැත්තට වැනි වැනී අර රිබන් බෝල හොලෝගෙන ඉස්සරහට ආවා. ඒ අතරතුර තමා ඒ ගොල්ල අපේ යාලුවගේ නම කියලා කෑ ගැහුවේ. මේ වගේ කට්ටියකගෙන් නම කියලා චියර් කරවගන්ඩ චාන්ස් ලැබෙන්නෙ එහෙමත් කෙනෙකුට. දැං සපා පනියි පැනිල්ලක් වාර්තා කුඩු පට්ටං වෙලා යන්ඩ. මොකද මොහොතකට හිතේ ඇතිවෙන මානසික මෙව්වා එකට පුලුවනි ඔය බාධක ඔක්කොම පරද්දලා දිනුම් කණුව කොහෙද කියලා හොයාගන්න.

ඉතිං මේක බලාගෙන ඉද්දි මට හෙන ගතියක් ආවා. මම දෙයියා දිහා බැලුවා. මිනිහා ඉන්නෙ හරියට නැටුම් කණ්ඩායමේ අයිතිකාරයා එයා වගේ. ඒ වෙලාවේ මට හිතුනා මේගොල්ලං කැන්දගෙන එන වැඩේ මම තනියම කලානං ඉවරයි නේද කියලා.

මේක කොච්චර හොඳට නැගලා ගියාද කියනවනං වට පිටේ හිටපු කට්ටියත් හිමීට හිමීට අපි ඉන්න පැත්තට ඇදිලා මේ ගොල්ලගේ නැටුම රස වින්දා. මේ වෙද්දි අපේ අනිත් උන් ටිකත් ටික ටික ලං උනා. ඒ පාටියකදී හොඳ නැටුමක් නටන්න ඒගොල්ලන්ගෙන් අලුත් අඩියක් දෙකක් ඉගෙන ගන්න පුලුවන් වෙයි කියලා හිතලා වෙන්ඩැති. ඒ හින්දා උන් කලේ ගැල්ලමයිගේ කකුල් වැඩකරන විදිහ බලාගෙන හිටපු එකයි ඇස් පිල්ලං ගැහිල්ල පැත්තක තියලා. ගෑල්ලමයිනුත් නමන්ඩ පුලුවන් හැම තැනම නවලා, දිග අරින්ඩ පුලුවන් හැමතැනම දිගඇරලා අන්තිම කැපවීමේන් නටලා අපිට සහයෝගෙ දුන්නා. කොහොමහරි චියරින් ළමයි හින්දා මේ වටපිටේ පරිසරයයි, ඉන්න අයයි, ඔක්කොම සතුටු සාගරේ කිමිදිලා.

මමත් ඕකේ ටික වෙලාවක් පීන පීන හිටියා. ඔන්න මට එකපාරටම මතක් උනා අපේ සපා දැං පනින්න නේද යන්නෙ කියලා. මිනිහත් හොඳ කික් එකේ ඇති. දැං මිනිහා හොඳ ජම්ප් එකක් ඇල්ලුවාම ඔක්කොම හරි. එයාගේ හොඳම යාලුවො හැටියට ඔන්න අපේ යුතුකම් අපි ඉටුකලා.

ඉතිං මම සපා දිහා බැලුවා. වැඩේ කියන්නෙ මෙච්චර හරියක් කරලා තියෙද්දිත් අපේ සපාගේ මූණ ගන්ඩ දෙයක් නැති වෙලා. මම දෙයියටත් සිග්නල් එකක් දීගෙන වැට අයිනට ගියා මිනිහාට කතා කරන්න.

“සපා..... බලපං අපි ගෙනාපු සෙට් එක. මේ නංගිලා උඔට ෆුල් චියර් එක දෙයි.....කොල්ලොත් ෆෝම් එකේ ඉන්නෙ.....උඔ හොද ජම්ප් එකක් අල්ලහං සපා කොහොමද දන්නවද......“ කියලා මම හොද ගැම්මෙන් සපාගෙ පිටට තට්ටුවක් දැම්මා.

ඒක අහලා මිනිහා අපිට මොනවද දන්නවද කිව්වෙ,

“ජම්ප් එකක්.....මම පැනලත් ඉවරයි යකො....තොපිට දැන්ද මාව මතක් උනේ....“ කියලා.

....................
- මීට යුරෝ දෙකේ වීරයා

Related Posts Plugin for WordPress, Blogger...