"හරි... ඔක්කෝමලා නිශ්ශබ්ද වෙන්ඩලා................" නිරූපා ටීචර් වේවැලෙන් ගුරු මේසෙට තැලුවා.
"මේ පීරියඩ් එකේ ඕගොල්ලන්ට මොනවද තියෙන්නෙ............?"
"පරිසරය......" අපි එකා වගේ එක හඬින් කිව්වා.
"අද පරිසරය සර් ඇවිල්ලා නෑ............" ටීචර් අපි කලින් දැනගෙන උන්නු සුබ ආරංචිය කිව්වා.
"ඒ.....හින්දා ඕගොල්ලන්ට කැමති දෙයක් කලෑකී..... ඕගොල්ල මොනා කරන්ඩද කැමති............"
"අපි කැමතියි පිට්ටනිය ගිහිල්ලා යුද්ධ පයින්න......." ඒ ඥාණතිස්ස.
"නෑ..... අපිව විද්‍යාගාරෙට එක්කං ගිහිල්ලා බෝතල්වල දාලා ඉන්න සත්තු පෙන්නන්ඩ......" සත්තු පිස්සුව තියෙන ප්‍රදීප් කිව්වා.
"අපෝ බෑ..... අපි අත්වැඩ වල ඉතුරුවා කරනවා." කව්රුහරි වැඩකට නැති ගෑල්ලමයෙක් එහෙම කිව්වා. බාගදා ශ්‍රියාලතා වෙන්ඩ ඇති.
"විකාරද හලෝ..... ඒවා ගෙදර ගිහිල්ලා කරගන්න එකයි...." ඒ එක්කම වගේ අපි ශ්‍රියාලතා මූලික ගැල්ලමයි කාණ්ඩෙ එක්ක පැටලිල්ලක් හදාගත්තා. තවත් ටික වෙලාවකින් අපේ මතිමතාන්තර එකට වැදිලා මහා සද්දයක් පටන් ගත්තා. එතකොටම නිරූපා ටීචර් අයිමත් සැරයක් වේවැලෙන් ගුරු මේසෙට තලලා අපිව තාවකාලිකව නිහඬ කලා.
"ඒවා මොකවත් බෑ. ඇයි ඕගොල්ල කැමති නැද්ද දැනුම මිනුම තරගයක් තියන්න...."
අපි දන්නවා හැමදාම වෙන්නෙ මේ දේ තමයි කියලා. මොකද නිරූපා ටීචර් තමයි අපේ පංතිභාර ගුරුතුමී. ඒ නිසා ටීචර් ඉහල පන්තිවල ළමයින්ගෙ පොත් බලන්න යොදා ගන්නේ ඔය වෙලාව.
ඒත් දැනුම මිනුම තරග වලට අධිපති දේවතාවිය ඇවිල්ලා "ඕගොල්ලන්ට වරමක් ඕනෙද?" කියලා අහපුවාම අපි පුදුම වෙන්නෙ කොහොමද, අන්න ඒ වගේ හරි පුදුමෙන්, හරි සද්දෙන් අපි මෙහෙම කිව්වා.
"කෑමතී.........................." කියලා.
ඇත්තම කිව්වොත් හැමදාම වගේ මහා ගාලගෝට්ටියකින් පස්සෙ නිරූපා ටීචර්ට පුලුවන් උනා දැනුම මිනුම තරගෙ තියන්න කලින් අපිව මේච්චල් කරගන්න.
දැනුම මිනුම තරගෙ! ඒක පැවැත්වෙන්නෙ මෙහෙමයි.
මුලින්ම කැමති කෙනෙක් නැගිටලා කලු ලෑල්ල ගාවට යනවා. පස්සෙ මැදින් ඉරක් ගහලා පැත්තක "ගැහැණු", අනිත් පැත්තෙ "පිරිමි" කියලා කලු ලෑල්ල ලකුණු පුවරුවකට හරවනවා.
තරග කරන කණ්ඩායම් දෙක වෙන්නෙ අපියි, ගැල්ලමයිනුයි. මුලින්ම එක කණ්ඩායමක ළමයෙක් නැගිටලා විරුද්ධ පැත්තෙ තමන් කැමති ළමයෙක්ගෙ නමක් කියනවා. පස්සෙ ඒ ළමයගෙන් ප්‍රස්නෙ අහනවා. හරි උත්තරේට ලකුණු දහයයි. බැරි උනොත් ඒ පිලේම වෙන එක්කෙනෙක් උත්තරේ දීලා ලකුණු පහක් අරගන්නවා. ඔය විදිහට ළමයට ළමයා, ළමයට ළමයා ගියාම අන්තිමේ පිරිමි ළමයි ඉවර වෙනවා. මොකෝ අපේ පන්තියේ පිරිමි ළමයි ගහණය ටිකක් අඩුයි. ඒක හන්දා පිරිමි ළමයි ටික දෙනෙකුට දෙවෙනි වාරෙට උත්තර දෙන්න ලැබෙනවා. හැබැයි දෙවෙනි වටේ උත්තර කියන පිරිමි ළමයි කාණ්ඩෙ තෝරගන්නෙ අපිමයි.
මුලින් මුලින් ගැල්ලමයි ප්‍රශ්ණ අහන්නෙ අපේ පැත්තෙ පිටිපස්සෙම ඉන්න පිරිමි ළමයිගෙන්. ඒ ගොඩක් වෙලාවට එයාලා, අහන ප්‍රශ්ණ වලට වැරදි උත්තර දෙන නිසා. අපිත් එහෙමයි. ඒවා තමයි සංග්‍රාමික උපක්‍රම කියන්නෙ.
වැදගත් ම දේ තමයි, ඉගෙනගෙන තියෙන ඕනැම විෂයකින් අපි කැමති ප්‍රශ්ණයක් අහන්න තියෙන නිදහස.
කොහොමහරි අපි තරගෙ පටන් ගත්තා. ටික වෙලාවක් තරගෙ කෙරීගෙන ගියා. අවංකව කිව්වොත් හුඟක් වෙලාවට ගැල්ලමයි තරගෙ අතරතුර කපටිකමින් තරග නීති උල්ලංගණය කලා. ඒත් ඒවා අපිට නිකම්ම අහු උනා. අපි නම් එහෙම නෑ. එකම එක පාරක් උදේ කෑමක නමක් ඉංග්‍රිසියෙන් කියන්න කිව්වම අපේ අරුණ කිව්වා “ක්‍රොකඩයිල්“ කියලා. ලකුණුත් මදිව හිටපු හින්දා අපි තර්ක කලා මිනිහා එතනදී අදහස් කලේ කිඹුලෙක් ගැන නෙමේ කිඹුලා බනිස් ගැනයි කියලා. ඒත් වැඩේ හරි ගියේ නෑ.
ඔය අතරතුර චාන්දනී අපේ ඥාණතිස්සගෙන් ඇහැව්වා " මම බුදුන් සරණ යමි" කියන වාක්‍ය පාලියට හරවලා කියන්න කියලා. ඥාණතිස්ස නේද, ඒක අහපු හැටියෙ නිල් වෙලා ගියා. ඔන්න එතකොට මට තේරුනා එතන තරග නීතියක් උල්ලංඝණය කරල තියෙන්නෙ කියලා. මගේ ඉවසීමේ සීමාව පැන්නා. මොකද මේ වෙද්දි අපි ලකුණු විස්සක් පිටිපස්සෙන් හිටියෙ. මම වැදගත් විදිහට අත උස්සගෙනම නැගිටලා මගේ විරුද්ධත්වෙ පළ කලා.
"ඒ මොකද්ද හලෝ ඒ ඇහැව්වේ......?"
"ඇයි මොකෝ....."
"ඇයි කියන්නෙ.... කවද්ද අපිට එහෙම දෙයක් ඉගැන්නුවේ.....!"
"ඉගැන්නුවා.... ඇයි මතක නැද්ද........?"
"මතකයි මතකයි..... හැබැයි ඕක ඉගැන්නුවේ දහම් පාසලේ.......ඥාණතිස්ස දහම් පාසල් එන්නෙ නැති හින්දා......අම්මෝ...... මේ ගොල්ල වගේ......." මම උදව් ගන්න පිරිමි ළමයි දිහා බැලුවා.
"ආ...... එතකොට ඕගොල්ලං හොර වැඩ කලේ නෑ කියලද කියන්නෙ........"
"මොකද්ද කිව්වෙ.... හොර වැඩ....." අපි චාන්දනීලා ඉන්න පැත්තට පනිනවා එයාට ගහන්ඩ වගේ. පුටු පෙරලගෙන මහ සද්දයක් දාගෙන. බොරුවට! අපි ගැල්ලමයිට අත උස්සනවැයි කවදාවත්. ඒවා තමා සංග්‍රාමික උපක්‍රම කියන්නෙ.
ඉතින් ඔය විදිහට, ප්‍රශ්ණයක් කතා කරලා විසඳගන්න අපිට සෑහෙන කාලයක් ගත වෙනවා. ප්‍රශ්ණෙ ටිකක් දුරදිග ගියොත් අපේ නීරුපා ටීචර් වේ වැල අරගෙන අසරණ ගුරු මේසෙට තලලා නඩුව කෙටියෙන් විසඳනවා.
දැන් කොහොම කොහොම හරි පන්තියෙ හැම ළමයම වගේ උත්තර දීලාත් ඉවර උනා. හැබැයි ලකුණු පුවරුව අන්තිම නරක විදිහටයි තිබුනේ.
ගැණු ළමයි 70 යි. පිරිමි ළමයි 40 යි!
ඊට පස්සෙ දෙවෙනි වටේ පටන් ගත්තා. ඇයි අපේ පිරිමි ළමයි අඩුයිනෙ. ඒකට තේරුනේ මමයි තව කට්ටියකුයි. මම තරගෙ යන අතරතුර හිතින් ගැනු ළමයට පිරිමි ළමයා ගානේ කප කපා බැලුවා කව්රු වෙයිද මගෙන් ප්‍රස්ණ අහන ගෑණු ළමයා කියලා හොයාගන්න.
මොනවා?
"චින්තාමනී"
එයා දියසායම් පෙට්ටියක් වගේ මට කෙලින් එහා පැත්තෙ ඉඳගෙන ඉන්නවා. මට කලන්තෙ හැදෙන්ඩ ආවා.
චින්තාමනී කියන්නෙ පළවෙනි වාරේ මැද දී අපේ පන්තියට ආපු ගැල්ලමයෙක්. පංතියට ඇවිදින් ටික දවසකින් එයා ගුරුවරුන්ගෙයි අපෙයි කතා බහට ලක් උනා.
අපේ කතා බහට ලක්වුනේ එයා අපිට වඩා සුදු ඇඳුම් වලට වැඩිපුර නිල් දාන හින්දයි, ගවුම අඳින්නෙ හරිම දිගට හින්දයි, පාට පාට කොන්ඩා කූරු දුසිමක් විතර කොන්ඩෙට ගහන හින්දයි, කොන්ඩේ බැඳගෙන එන රිබන් පටිය තද රතු හින්දයි, මේස් ජෝඩුව දනිස්ස ලඟටම උස්සන හින්දයි.
දවසක් අපි යාලුවෝ කාණ්ඩයක් විවේක කාලෙදී අලුතෙන් ආපු මේ චින්තාමනීව දැන හඳුනාගන්ඩ ගියා. එතනදී අපිට දැන ගන්න ලැබුනා මෙයාගෙ උප්පපැන්නෙ තියෙන දේවල් අපේ ඒවට පොඩ්ඩක් වෙනස් විත්තිය. එයාගෙ ජාතිය හැටියට තිබුනෙ "ලංකා දෙමළ". එයා මෙහෙට පාත් වෙලා තියෙන්නෙ හිටපු දිහා එයාගෙ තාත්තට රස්සාව නැති වුනු හින්දා. දැන් ඒ ගොල්ලන් මෙහෙ ස්ථිර පංදිචියට තොරගෙන වගා කරන්ඩලු හිතාගෙන ඉන්නෙ.
ඒත් ගුරුවරු චින්තාමනීව අගය කලේ ඔය කාරණා හින්දා නෙමේ. එයාගේ පුදුම හැකියාව හන්දා! ඒකම තමා අපේ හෙනේ. එයාට පුලුවනි මනෝමෙන් ගණන් හදන්න. එයිට වඩා දක්ෂයි ඉංගිරිසි වලට. එයාට ඹ්නෙම වචනයක් අකුරු වරද්දන්නෙ නැතුව ලිව්වැහැකි. එලිෆන්‍ට් කියන වචනෙ පවා හරියට ලියනවා "h" අකුර නියම තැනට දාලා. මට කවම කවදාවත් හරියට ලියන්ඩ බැරි වෙන්ස්ඩේ කියන එක එයාට පුලුවනි එක පාරින් ලියන්න. ඔය හන්දා දැනුම මිනුම තරග වලදී එයා දෙවෙනි පාර උත්තර දීලා ලකුණු පහේ ඒවා සෑහෙන්න එකතු කරලා දුන්නා ඒ ගොල්ලන්ගෙ කණ්ඩායමට.
ඒ ඔක්කොම පැත්තකින් තියමු.
බරපතලම කාරණාව උනේ එයා අපෙන් අහන ප්‍රශ්ණයි. හුඟක් වෙලාවට එයා අපෙන් අහන්නෙ ගණිතය හරි ඉංග්‍රිසි හරි ප්‍රශ්ණ. ඔය වෙලාවට අපි හිරවෙනවා හිරවිල්ලක්!
ඉතින් මම ඒ වෙලාවෙම චින්තාමනී අහන්ඩ පුලුවන් කියලා හිතෙන ප්‍රස්ණ වලට වහාම ලෑස්ති උනා. එලිෆන්ට් කියද්දි "h" අකුර එන්නෙ කොතෙන්ටද කියලා මතක් කරගත්තා. වෙන්ස්ඩේ කියලා ලියන්න කිව්වොත් මම ලියනවා වෙඩ්-නස්-ඩේ කියලා. බාගදා එතකොට හරියට ලියවෙයි. ඔය ඔක්කොම දේවල් තියෙද්දි උන්දැ අහයි ද දන්නෑ පරිසරයෙන් ප්‍රශ්ණ. දිගම ගඟ මොකද්ද කියලා ඇහැව්වොත්! ලංකාවෙ නම් මහවැලි ගඟ, ලෝකෙන්ම නම් නයිල්. නැත්තම් රුධිර සංසරණ පද්ධතියේ පියා කව්ද කියලා උනත් අහන්ඩ ඉඩ තියෙනවා.
කොහොමහරි මම හිතාගත්තා චින්තාමනී අහන ඕනැම ප්‍රශ්ණෙකට හරි උත්තර දෙනවා කියලා. ඔහොම හිතාගෙනම මම ආයිමත් තරග බිමට ආවා. මේ වෙද්දි මට කලින් හිටපු රොහාන් වැරදි උත්තරයක් දීලා ඉඳගත්තා විතරයි.
දැන් ලකුණු පුවරුව,
ගෑණු ලමයි - 100 අපි 95 යි.
මගේ අවස්ථාව ආවා. මම හිටගත්තා. තමන්ගෙ සෙබලු අඩපන වෙලා ඉන්න වෙලාවක සංග්‍රාමික උපක්‍රමයක් හැටියට සතුරු නායකට ද්වන්ධ සටනකට ආරාධනා කරපු වීර සෙන්පතියෙක් ඉන්නෙ කොහොමද, ආන්න ඒ විදිහට පපුව ඉස්සරහට දාලා.
දැන් මම හරි විදිහට උත්තරේ දීලා ලකුණු දහයක් ගත්තොත් අපි දිනුම්. නැතිනම් අවාසනාවන්ත විදිහට අපි ලකුණු පහකින් පැරදෙනවා.
පැරදෙන එක වේදනාවට කාරණයක් නෙමේ. ඒත් ඊට පස්සෙ ගෑල්ලමයිගෙ ඔලොක්කු ඉවසන එකයි අමාරුම රාජකාරිය. මොකෝ අපි ඒ ගොල්ලන්ට අත උස්සන්න කියලා යෑ. වැරදිලා හරි ඒ ගොල්ල එක්ක රණ්ඩුවකට පැටලෙන්න ගියොත් ඒ ගොල්ල කෑ ගහයි, "මෙන්න මෙයා පැරදිලා මදිවට කෙල්ලන්ට ගහලා වීරයා වෙන්ඩ හදනවා" කියලා.
කොහොමහරි පිරිමි ළමයි බොහොම ඉවසිල්ලෙන් බලාගෙන හිටියා මම ඒගොල්ලන්ව මේ වලෙන් ගොඩට ගන්නතුරු. ඒ ගොල්ලන්ට මම හරි උත්තරේ දෙන වගට ඉර හද වගේ විශ්වාසයි. ගැල්ලමයි බලාගෙන හිටියෙ මම වැරදි උත්තරයක් කියලා ඒ ගොල්ලන්ට ඉදිමෙන්න අවස්ථාව දෙනකල්.
මම අන්තිම වතාවට ලකුණු පුවරුව දිහා බැලුවා. ඒ එක්කම චින්තාමනී මෙහෙම ඇහැව්වා මගෙන්.
"මමඉංග්‍රිසියෙන්අහනප්‍රජ්නෙට ඔයා.......... අරිඋත්තරය..... දෙන්න ඕනි. මේකයි ප්‍රජ්නය, වට් ඊස් යූවර් ඒජ් ?"
අන්න බලන්ඩකෝ ඉතින්! මම ලෑස්තිවෙලා හිටපු එක ප්‍රශ්ණයක්වත් අහන්නෙ නැතුව වෙනම ප්‍රශ්නයක් ඇහැව්වානෙ. ඒත් මම මේ ප්‍රශ්නෙට උත්තරේ සහ සුද්දෙන්ම දන්නවා.
අවංකව කතා කලොත් මමත් ටිකක් ව්‍යාකූල වෙලා හිටියේ චින්තාමනී මොනවා අහයි ද කියලා. ඉතින් ඒ ගතියත් නැතිවෙලා ගිහින් අපිව ජය කනුවට ගෙනියන උත්තරේ මම බොහොම සැහැල්ලුවෙන්, බොහොම සද්දෙන් කිව්වා මෙන්න මෙහෙම.
"මයි ඒජ් ඊස් ටෙන් අ ක්ලොක්."
ඒ එක්කම ගැල්ලමයිගේ කටවල් වල සද්දෙන් පන්තිය හෙල්ලෙන්න ගත්තා. පිරිමි ළමයිගේ මූණු මැලවිලා ගියා. මට කිසි දෙයක් හිතා ගන්න බැරි උනා. නිරූපා ටීචර් වේගෙන් ගුරු මේසෙට තලාගෙන තලාගෙන ගියා.
එතකොට දැනුම මිනුම තරගයේ ජයග්‍රහණය. එක්කෝ ඒ ගැන අපි කතා නොකර ඉමු.
..................................
- මීට කෙහෙල්කොටුවේ චූටි මහත්තයා.