2013/02/02

ආවා....ආවා.... ආවා..... කෙහෙල් කොටුවේ අලුත් ම කතාව ඕන්න ආවා | වීරයා !

මුලින් ම අපේ ගෙදරට ඒ අරුම පුදුම භාණ්ඩය ආවේ තාත්තාගේ තැපැල් නයින්ටියේ ලැගිජ් එකේ. ඒ කදිමට හදලා තිබුනු කාඩ්බෝඩ් පෙට්ටියක් ඇතුලේ. පෙට්ටිය පතුල‍ට දාපු කොට්ටෙයි, වටේට දාලා තිබුනු කුෂන් කෑලි, රෙදි කෑලියි පාරේ තිබුනු වලවල් වල ගැස්සිලි නැති කරලා තිබුනු නිසා එයා පෙට්ටිය ඇතුලේ සැපට ආවා. එයත් එක්ක එයාගේ අඹ යාලුවා තැපැල් නයින්ටියේ තටු දෙක අතර කුඩා ලැගිජ් එකේ හිටියා. මේ අරුම පුදුම භාණ්ඩයට කියන්නෙ ටීවී එක කියලා. එයාගේ අඹ යාලුවගේ නම බැටරිය. මේ ටීවී එක ලෝකේ තියෙන ඕනෑම ටීවී එකකටත් වඩා වෙනස් වෙන්න හේතුවක් තිබුනා. ඒ ගොඩක් බ්ලොග් කාරයින් මීට කලින් කියලා තියෙන විදිහට,  එයාලගේ සීයලා වගේ අපේ සීයාවත් ටීවී එකක් මුලින්ම ගමට ගෙනාපු වීරයින්ගේ ගොඩට දාන්න මේ අරුම පුදුම භාණ්ඩය සමර්ථ වුනු හන්දා.

අපේ ගෙදරට ටීවී එක ආපු දවසේ අලුත් කතන්දරයක් පටන් ගත්තා. ඒ කතාවේ චරිත තුනයි. එකක් අපේ ටිවී එක. ඊට අමතරව කතාවේ වීරයෙක් ඉන්නවා තවත් සෙසු චරිතයකුත් එක්කලා. ඒ චරිත දෙක රඟ දක්වන්නෙ මමයි තාත්තයි. තත්වය මෙහෙම වුනත් මේ කතාවෙන් කියවෙන්නෙ ටීවි එක ගැනද, තාත්තා ගැනද, මම ගැනද කියලා පැහැදිලි අදහසක් මට නෑ. මෙතන ඉදලා මම කතාව කියන්නයි ලැස්තිය. ඕගොල්ලන්ට තියෙන්නෙ හිමින් සීරුවේ කියවගෙන යන්න. මොකද මම අන්තිමට පොඩි ප්‍රශ්ණයක් අහන්නයි හිතාගෙන ඉන්නෙ !

එදා තාත්තා ටීවී එක ගෙනාවා. ඒ තාත්තගේ තාත්තගේ ගෙදරින්. ඒ කියන්නෙ අපේ සුදු සීයාගෙ ගෙදරින්. සීයා කලින් ම තමන්ගේ දේපොල දරුවන්ට බෙදන්න තීරණය කරපු වෙලාවේ තාත්තට ටිවී එක ලැබිලා තියෙනවා. මේ ටීවී එක ලෝකේ තියෙන හොඳම ටීවී වලින් එකක්ලු. නම පිලිප්ස්! සීයා ඒ දවස් වල සුද්දන්ට කැලෑ සත්තු පෙන්වන ඩ්‍රයිවර් රාළහාමි කෙනෙක් නිසා යහමින් සල්ලි තිබිලා තියෙනවා. ඔන්න ඒ හේතුව හින්දා ගමේ කාටත් ටීවි බලන්න ලැබිලා තියෙනවා. සීයා ගමට ටිවී එක ගෙනාවේ සීයගේ කාර් එකේ පටවාගෙනලු. හැබැයි ඒවයේ ඇත්ත නැත්ත නම් මම දන්නෙ නෑ.  මොකද ඒ කාලේ මම ඉපදිලා නෑ.

ටීවී එක ගෙනාවා කියන ආරංචිය අහල ගං හතකට පැතිරෙද්දි ගම්මුන්ගෙන් හවස් ජාමේ සීයලාගේ මිදුල පිරුනේ අහල පහල ගෙවල් පාලු අම්බලම් කරගෙනලු. බිං කලුවර වැටෙද්දි ම සීයගේ මහගෙදර මිදුලට රැස් වෙන සෙනඟ කිව්වෙ "ටීවී තිරේ සැලලිහිණියා වැටෙනකල්, හිස් ටීවි පෙට්ටිය දිහා බලාගෙන උන්නත් බඩ පිරෙනවා" කියලලු. ඔය අතරතුර, වෙලාව දිහා ඇහැගහගෙන දවසේ වැඩ කරන අපේ තාත්තා නියම වෙලාව ආපුවාම කැලේ සත්තු අතරට වදින සිංහයෙක් වගේ ගේ ඇතුලෙන් මතු වෙනවලු. පස්සෙ ටීවී එකේ වයර් වලින් ගැටගහලා තියෙන රතුපාටයි, නිල්පාටයි බල්ලෝ දෙන්නා බැටරියේ කනු දෙකට ගහලා ඒ අරුම පුදුම භාණ්ඩෙට පණ දෙනවලු. මේ ඔක්කොම දේවල් කරන කල් ගම්මු ඉහලට ගත්තු හුස්ම පහලට දාන්නෙ නැතුව බලාගෙන හිටියේ, හරියට හුස්ම පොදකින් වුනත් මේ භාරදුර කාර්යයේ කොතනක හරි වැරැද්දක් වෙන්න පුලුවන් කියලා හිතලලු. ඒත් තාත්තා ටක්කෙටම වැඩේ කරලා ටීවී එකට පණ දෙනවලු.

මිනිස්සු තාත්තා දිහා බැලුවේ වීරයෙක් දිහා බලන විදිහටලු!

පිලිප්ස් ටීවී එක! සීයගේ දේපල බෙදිල්ලෙන් පස්සෙ ඒක තාත්තා අපේ ගෙදරට ගේද්දි මම මොන්ටිසෝරි යන ගජ ඉලන්දාරියා. ඒක නිසා ටීවි එකේ කාර්මික අංශය මට "ටික් ටික්" ගාලා අල්ල ගන්න පුලුවන් වුනා. ඒකේ පාලක පුවරුව තියෙන්නෙ දකුණු පැත්තෙ. උඩින්ම චැනල් කඩන බටන් පේලිය. ඒවායින් දහයක් තියෙනවා. ඒවා හදලා තිබුනේ කැසට් රෙකෝඩරයක බටන් වගේ පහලට ඔබන්න පුලුවන් විදිහට. වෙනසකට තිබුනේ ඉදිරියට නෙරපු අල්ලුවක් තිබුනා චැනල් කඩන්න ලේසි කරන්න. චැනල් ටියුන් කරන්න තිබුනේ රතුපාට රෝද දෙකක්. ඒ රෝද ටීවී එකේ නොපෙනෙන දොරකින් වහලා තිබුනා. ඒකාලේ තිබුනේ ටීවී චැනල් එකක් හන්දා ඒ දොර නිතර දෙවේලේ අරින්න ඕන වුනේ නෑ. ඒත් චැනල් එක බොඳ කරලා නැවත මතුකරන සෙල්ලම කරන්න ඕන වුනාම විතරක් මම ඒ දොරේ එක මුල්ලකට ඇගිල්ලෙන් අනිනවා. ආන්න එතකොට මාව පුදුමයට පත්කරමින් මෙච්චරවෙලා නොපෙනුනු දොරක් මතුවෙලා ඒක ඇරෙනවා. ඇත්තම කියනවා නම් මගේ තුන් හිතකවත් නෑ චැනල් එක බොද කරලා සෙල්ලම ඉවර කරන්න. ඒත් හැම වෙලාවක ම සෙල්ලම ඉවර වෙද්දි යසට පෙනුන චැනල් එක සෝ සද්දයක් එක්ක විලාප තියමින් මගේ හිත අවුල් කලා. ඒ වෙලාවට මම අසිහියෙන් වගේ අතට අහුවෙන බොත්තම් ඔබලා බලනවා මොකක් හරි මැජික් බලෙකින් චැනල් එක මතුවෙයි කියලා. ඒත් කවදාවත් එහෙම වුනේ නෑ. හැමදාම වුනේ "මේ චුටි මහත්තයා එක්ක නම් මේ වැඩේ කරන්න බෑ" කියාගෙන තාත්තා ඇවිල්ලා මට මක් කරලත් මතු කරගන්න බැරි වුනු චැනල් එක මොහොතකින් තීරේට ගන්න එක. මම එදයි දැන ගත්තෙ තාත්තගේ තරම. තාත්තට ඕනම අංශයක ඕනම වැඩක් පුලුවන් දක්ෂයෙක්. එවගේ තාත්තලා තමා අපි වගේ පුතාලගෙ නියම වීරයෝ !

දවසක් මගෙයි, තාත්තගෙයි, සහසම්බන්ධය වැඩි වෙන විදිහෙ වැඩක් වුනා. ඒ මම දිග ඇරලා තිබුනු ඒරියල් එක අකුලන්න යද්දි. මම කලේ හරිම සාමාන්‍ය විදිහට ඒක කෙලවරෙන් ඇතුලට තද කරපු එක. ඒත් මාව පුදුම කරවමින්, ඇත්තම කියනවනම් මගේ තුණටිය පණ නැති කරමින් ඒක චටස් ගාලා කැඩිලා ගියා. ඒ සිදුවීමේ අතුරු ප්‍රතිපල ගොඩක් තිබුනත් හොදම දේ මේකයි. තාත්තා බයිසිකල් රිම් එකක් ගෙනල්ලා ඒකේ එක තැනකින් කපලා වෙන් කරපු කොන් දෙකට, කලින් ගෙනාපු ඇන්ටෙනා වයර් එකේ කොන් දෙක පූට්ටු කරලා ජාති ඇන්ටෙනාවක් හැදුවා. ඒක හැදුවට පස්සෙ ටීවී එකේ පින්තූර හරියට පත්තරයක් බලනවා වගේ පැහැදිලිවට පේන්න ගත්තා. ඔන්න එදත් මට හිතුනා අපේ තාත්තා වීරයෙක් කියලා. බලාගෙන යද්දි තාත්තට කරන්න බැරි දෙයක් නෑ!!

කාලයක් ගත වුනා. හැමදේම වගේ පිලිප්ස් ටීවී එකත් එයාගේ අන්තිම කාලේ බොහොම නරක විදිහට ලෙඩ ගන්න වුනා. අන්තිමේ තාත්තා තීරණය කලා ටීවී එක තාත්තගේ ටීවී හදන යාලුවෙක්ට දීලා දාන්න. එයා ටීවී එකේ හොඳ කෑලි ටික උගුල්ලලා වෙනත් ටීවී වලට පාස්සලා තවත් සෑහෙන කාලයක් ගියාම පොත්ත කොහාට හරි විසිකරලා දායි. ටික කාලෙකින් තාත්තා තවත් ටීවී එකක් ගෙනාවා. ඒ ටිවී එකට නම් මම පොඩ්ඩක් වත් කැමති නෑ. හැබැයි ඒකට හේතුව නම් මට කියන්න වෙන්නෙ නිදහස් දවසේ උදේ 6.00 ට තමා....!

මතක ඇතුව එදාට ඇවිල්ලා නමක් නැති අපේ වීර කතාව කියවලා යන්න. කෙහෙල්කොටුව කතා පටන් ගත්තා කියලා යාලුවන්ටත් කියන්න. කතාවට කැමති නම් ලයික් කරලා, ෂෙයා කරලා වටේට ම බෙදලා කෙහෙල්කොටුවට සහයෝගය දක්වන්න.

එහෙනම් මේ කතාවේ හොඳම කොටස නිදහස් දවසේ උදේ ජාතික කොඩිය එල්ලලා ඇවිදින් උදේම කියවන්න.

දෙවෙනි කොටසට....
...........................................
- මීට යුරෝ දෙකේ වීරයා.

87 ක් කියන්නේ !:

  1. මේක පරණ එකක්ද ? අලුත් එකක්ද?

    මේක කෙහෙල් කොටුවද?

    -මඤ්ඤං වී

    ReplyDelete
    Replies
    1. මේක කෙ‍හෙල්කොටුව දැන් අලුත් වෙලා...... :D

      Delete
  2. මේ ඇවිත් තියෙන්නේ...කෙහෙල් කොටුවත් අලුත් වෙලා.:)

    දැන් ඉතින් අපි නිදහස් දිනේ එනකල් බලා ඉන්ට ඕනිද කතාවේ හොඳම හරිය කියවන්ට.

    මම මේ කල්පනා කලේ ජාතික කොඩිය කීවම මෙහේ ඉඳන් මොන ජාතික කොඩිය එල්ලන්ටද, ඕක කොහේ එල්ලනවද කියලා.:D

    ආයෙත් ආව එකට නම් හරිම සතුටුයි චූටි මහත්තයෝ...

    ReplyDelete
    Replies
    1. ඔන්න කිව්ව විදිහට නිදහස් සවසේ දැම්මා.....

      කොඩිය ගැන කියන්න තියෙන්නෙ නම් තමන්ගේ කැමැත්ත අනුව එල්ලන එක තමා වඩා වටින්නෙ කියලා........

      ස්තුතියි පිලිගැනීමට..... :D

      Delete
  3. මාර වීර චරිතයක් නොවැ..

    ඉතිරිය නිදහස් දවසේ කියන නිසා මෙතන රහසක් ඇති වගේ !

    ReplyDelete
    Replies
    1. ඔන්න සෑම් ඉතිරියත් කිව්වා රහසක් නැතුවම.....

      Delete
  4. අලුත් වෙලා ..





    …මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
  5. පින්තුරෙකුත් තිබ්බනම් මරු . අපේගෙදරට ටැලිවිසොන් එකක් ගෙනාපු දවසේ අපේ ආතම්මා එකට කියුවෙ අල පෙට්ටිය කියලා ඇයි කියලානම් මට තෙරුනේ නෑ .

    ReplyDelete
    Replies
    1. ලොකූ, ආත්තම්මට අනාගතේ පේන නුවණක් ඒ කාලේ තියෙන්න ඇති ‍එහෙනම්.....!

      Delete
  6. අනේ අය්යෙ ඔයාගෙ කතා දැන් මෙලෝ රහක් නෑ. ඔයා ඕක නවත්තලාම හිටියනම් එකක්. නැත්තම් සනත් වගේ කිච වෙලාම අයින් වෙලාම යයි. මොකද චුට්ටි කාලෙ වීරකතා එකතුව ඉවරද? මේ කතාව වගෙ කම්මැලි කතාවක් මම මේ බ්ලොග් එකේ කියෙව්වමයි.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඉවසලා හිටියනම්...

      Delete
    2. මල්ලි,
      ඒ කතා තවත් ඉතුරු වෙලා තියෙනවා. හැබැයි මේ වගේ කතා ඉදිරියේ දීත් ඒවි. කියවන්න කියලා ආරාධනා කරනවා. කිච වෙලා යයිද නැත්ද කියලා බලාගන්න වෙන්නෙ ඉදිරි කාලයෙ දී තමා...... රේකෝඩ් පිට රෙකෝඩ් තිබ්බ අයත් කිච වෙලා යන කාලේ අපි කව්ද.... හෙහ් හේ......

      Delete
  7. අප්‍රමාණ සන්තෝසයි... සැනසිල්ලේ කියවන්න ඕනා...

    ReplyDelete
    Replies
    1. සෙන්නා , දැන් කියවලා ඇති එහෙනම්

      Delete
  8. යන්තම් ඇති වීරයා ආපහු ඇවිත්. රූප පෙට්ටියක් අපිට හම්බවෙනකොට ලංකාවේ විකාශනාගාරයක් තිබුනෙ නෑ. අය්යයි මමයි ෂෝ .....ගාල යන තිත් ටික දිහා බලාන ඉන්නව මාළුවො කියල. පලවෙනියෙම් විකාශනය පටන් ගත්ත දවසෙ මාළු නැතිවෙලා රූප පේද්දී මම හිතුවෙ සායම් ටික ඉක්මනට ඉවරවෙලා මාළු බැලිල්ලත් නැතිවෙලා යයි කියල

    ReplyDelete
    Replies
    1. කම්මල,
      ෂෝ.... ගාල යන තිත් ටික දිහා බලාන ඉන්නව මාළුවො කියල.// හෙහ්හේ හිනා වෙලා පණ යනවා........ ඒ කාලේ අපි අර කලර් හදා ගන්න දාන එකට කිව්වෙ ගේට්ටුව තාම දාලා තියෙන්නෙ කියලා..

      Delete
  9. කෝ බන් අහනවයි කියපු පුරස්නෙ ?

    අපේ ගෙදරටනම් ඉස්සෙල්ලම ගෙනාවෙ නැෂනල් ටීවී එකක්..මතක විදිහට 1982 දි.. ඊට පස්සෙ වෙච්ච අලකලන්චි ටික ඔක්කොම කතාවෙ තියනවා.. අපේ තාත්තා වීරයා වුනේ ටීවී එකට යතුරක් හයි කරලා.. ඉස්සර අපි පාඩම් නොකර ටීවී බලනවනම් ලොක් කරලා යතුර ගන්නවා.. ආයෙ ඉතින් මලාට බලන්න බෑ.. ඔය කතාව ඉස්සම මම ගිහින් ඉස්කෝලෙ යාළුවන්ට කිව්වම උන්ටත් හරි පුදුමයි.. ඇයි කාගෙවත් ටීවී වල යතුරු තිබුනෙ නෑ...

    ReplyDelete
    Replies
    1. සෙන්නා, ප්‍රස්නේ අහන්න කතාවේ අන්තිමටනේ... ඒක නමේ උඔලාගේ තාත්තා හැබෑම වීරයෙක් නේන්නං.... මමත් මෙච්චර කල් හිතාගෙන හිටියේ ලොක් කරන්න පුලුවන් ෆ්‍රිජ් විතරයි කියලා......!!!

      Delete
  10. වෙල්කම් බැක්!!!

    එකපාරටම ඔබ මාව මගේ පෙර යොවුන් වියට ගෙන ගියා. ඒ 1980 ගනන්වල මුල, රූපවාහිණී ලංකාවට ආ අලුත තිබ්බෙත් එකම එක චැනල් එකයි. අයි. ටී. ඇන්. අපේ වයසේ තිබ්බ ජනප්‍රියම කතාව "ඩොක්ටර් හූ" කිසි දෙයක් තේරෙන් නැහැ. ඒත් කට ඇරන් බලන් හිටියා. ඒ එක්කම වගේ පටන් ගත්තා "වන් මිලියන් ඩොලර් මෑන්" තව "සෙසමි ස්ට්‍රීට්" එතකොට "ස්ටාට්‍රැක්" ඒකට දැන් රූපවාහිණිය. අපේ ගෙදර එහෙම එකක් නැහැනෙ. එකත් බලන්නෙ අවශ්‍යම දෙයක් ඔන් ලයින්.

    ReplyDelete
    Replies
    1. වන් මිලියන් නෙමේ වෙද මහත්තයො සික්ස් මිලියන්.. අපිත් ඕක කට ඇරන් තේරුනා වගේ බැලුවා මතකයි ඒ දවස්වල..

      Delete
    2. වෙද මහත්තය ඩිස්කවුන් එකක් දීල

      Delete
    3. ද එටීම්, බක්රෝජෙර්ස්,ටයිම් ටනල්,මංකි

      Delete
    4. ඒ කාලේ අයි ටී එන් නෙවෙයි ටී වී ලංකා. දක්තාරි, ලැසී , බයිනික් වුමන්, නයිට් රයිඩර්, ටූ ෆොර්ටි රොබර්ට්ස් තමයි ඊට අමතරව මතකෙට එන්නේ. එස්. ඩබ්. ඒ. ටී., ඒ ටීම්.

      Delete
    5. වෙද මහත්තයා,
      ස්තුතියි. වෙද මහත්තයා අයිටී එන් බැලුවට මොකද අපි මුලින්ම බැලුවේ සැළලිහිනි සේවය.... ඒකෙන් පේනවා ඇති කාල පරතරය..... කොහොම උනත් මම ටීවී බලන කාලේ ඒක එක විදිහක් වෙලා.


      Delete
  11. බොලාට හොඳ වෙලාවට රෝද කරකවන එකක් හම්බ උනේ. දැං වගේ ඩිජිටල ටියුනිං තියෙන එකක ඔය සෙල්ලං දැම්මනං මලාට ආයෙ චැනල් එක හොයාගන්න බෑ.

    මට මතකයි කාලෙකට උඩදි බුද්ධි කියල එකෙකුත් මේ කෙහෙල් කොටුව කියල එකක් ලිවුව.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... ප්‍රසා... උඔලා නැති කෙහෙල්කොටුවක් තියෙනවා යැයි! ඒ කාලේ රෝද නිසා ලේසියි තමා.... පෑනෙන් මාක් කරලා තියලා දාලා අල්ලපු හැටියේ වැනල් ටියුන් වෙනවා.

      Delete
  12. අන්තර්ජාල සම්බන්ධතාවය පිළිබද දැඩි ගැටලුවකට මුණ දීලා තියෙන නිසා උත්තර දීම වගේම මම කැමති බ්ලොග් අඩවි කියවීමත් ටිකක් එහේ මෙහේ වෙලා තියෙන්නෙ... ඒක නිසා ඕගොල්ලන්ට ටිකක් ඉවසීම මෙව්වා කරගන්න වෙනවා මේ දවස් වල... :D

    ReplyDelete
    Replies
    1. උඹටත් ඩයලොග් කේස් එකද?

      Delete
    2. ප්‍රසා, ඩයලොග් කේස් නෙමේ. ඩොංගල් එක ගහන්න කොම්පිටරයක් නැති වුනා.

      Delete
  13. මෙන්න මෙයා ඇවිත්.... :)

    ඈ... බොල මොන්ටිසෝරි යන එවුන්ටත් ඉලන්දාරියා කියනවද? දන්නේ නැති නිසා ඇහුවේ....

    ReplyDelete
    Replies
    1. සමනලී, නියම ඉලන්ධාරී මොන්ටි සෝරි යන ළමයි නේන්නං.... :D

      Delete
  14. වීරයා මැරිලා නැහැ එහෙනම් ...දැන් ආතර් කියල බෝඩ් එකක් වදිනවනේ ඔයා කමෙන්ට් කලහම ...

    වෙල්කම් වෙල්කම් ..

    ReplyDelete
    Replies
    1. ඉතින් මේ බ්ලොග් එකේ ආතර් මම නෙවැ!

      Delete
  15. අස්පටසිරි කෙහෙල් කොරොට්ටට බ්ලොගක් තිබුන කියල මතක් වෙල. හෙහ් හෙහ් හෙහ් .... මොකද අර පවර් ඇඩප්ටරෙයි චාජරෙයි ප්‍රශ්නෙ විසඳුනාද.

    කෝ බං අහනවය කියපු ප්‍රශ්නෙ. ඒක ඊළඟ කොටසදිද.

    අපේ ගෙදරටත් ඉස්සරලම ගෙනාවෙ කළු සුදු ඩේට්රොන් ටීවී එකක්. මගේ හිතේ 85 වගේ වෙන්න ඇති. පොඩි කාලෙ ඔය ටීවී එක එක්ක බැඳුනු අපූරු මතකයන් ගොඩක් මටත් තියෙනව.


    ReplyDelete
    Replies
    1. ඩීඩීටී, ලැපේ ප්‍රස්ණ එහෙම්මයි.... ඒ කෑලි දෙක දාන්න හෙන වියදමක් යන හැඩැයි.

      ප්‍රස්නේ අහවයි කිව්වෙ කතාවේ අන්තිමට නේ.....:D

      ටීවී ගැන මතකයක් ඇත්නම් කියන එකයි තියෙන්නෙ අපිටත් කියවන්න.....:D

      Delete
  16. Replies
    1. පේන හැටියට බුද්ධිෂ මහත්තයා කාලෙක ඉදලා මෙහෙ පැත්තෙ ගොඩවෙන හැඩැයි. හැබැයි මම දැක්කෙ අද!!!

      Delete
  17. ඔයේ... මෙන්න කෙහෙල් කොටුව ආයෙමත්

    ReplyDelete
    Replies
    1. මාලන්, ස්තුතියි......ස්තුතියි!!!

      Delete
  18. හුටා කෙහෙල් කොටුවට වෙලා තියන හරියක්... මරේ මාරු

    ReplyDelete
    Replies
    1. සුදු මහත්තයා, වෙනසේ මොකක් හරි අවුලක් තියෙනකම් කියන්න..... අපේ බූරාට නම් අවුලක් තියෙන හැඩැයි!

      Delete
  19. මාස ගානක් දුම්මල ගහලා ගහලා යන්තම් යකා එලියට ගත්තා. ලිවුවා නම් හොඳයි කලේ මොනවද කියල මෙච්චර කල් නොලියා.

    ReplyDelete
    Replies
    1. ජයියා මහත්තයා,
      හෙහ් හේ..... තමුන්නැහේලා කාණ්ඩයක් එක්කහු වෙලා මට මරණ වරෙන්තු නොදෙන්න මම තාමත් කෙහෙල්කොටුව මෙව්වා වෙන්න ඇරලා බලාගෙන ඉන්නවා...... මොන දේ වෙන්නෙත් හොඳටයි කියලා, එදා තමුන්නැහේගේ දොර ගැලවිලා අතට ආවේ මගේ හොඳ වෙලාවට‍!

      Delete
    2. දෙවෙනි වාක්කිය මරු. තේරුම් දෙකක් එනවා.

      Delete
  20. මෙන්න බොලේ මෙයා ආයෙත් ඇවිල්ලා...

    ReplyDelete
    Replies
    1. සංජය සිතුවිලි,
      මෙන්න බොලේ මෙයා ආයෙත් ඇවිල්ලා// කියන්නෙත් වෙල්කම් බැක් කියන එකනම් ඔන්න මගේ උණුසුම් ස්තුතිය. :D

      Delete
  21. කතාවට මමත් ලයික්. 4 වෙනිදා හම්බවෙමු..

    ReplyDelete
    Replies
    1. අසරණයා, 4 වෙනිදා ආවද?

      Delete
  22. වල්කම් බැක් කිව්වා ඕන්! අපේ සීයලහ තිබ්බා පරන ටීවී එක අපි පස්සෙ කාලෙක උස්සන් ආවා අර ටීවී ගේම් ද මොකක්ද කියන එක ගහන්න! :)

    ReplyDelete
    Replies
    1. සබිත්,

      ටීවී ගේම් වලින් මම කැමතිම රෝඩ් ෆයිටර්..... හෙහ් හේ......

      Delete
  23. වෙල්කම් බැක් බුද්ධි!
    අපේ ගෙදරත් තිබ්බා අවුරුදු බර ගානක් පරණ සෝනි ටීවී එකක්.ඒක දැන් ඇන්ටික් වලට අරන් ගිහින්.නිදහස් දවසේ එන්නම්කෝ බලන්න ඉතුරු හරිය.

    ReplyDelete
    Replies
    1. නිසාන්, නිදහස් දවසේ ආවද? සොනි කියන්නෙ ඒ කාලේ නිධානයක් වගේ නමක් තියෙන භාණ්ඩයක් නේ..... දැන් වගේ මේ ප්ලාස්ටික් කෑලියෑ.....

      Delete
  24. ඔන්‍න‍ මාත් ආව සයිබර් අවකාශයේ වීරයා ගේ අඩවියට ,මෙයිට කලින් ඇවිත්
    තියනවා හොරෙන් ,අද අලුතින් පටන් ගන්න හින්දා නිළ වශයෙන් ගොඩවැදුන
    ආයුබෝවන්ඩ,එහෙනම් චිරාත් කාලයක් වැජබෙන්න සුබ පැතුම් !!..

    ReplyDelete
    Replies
    1. රුවන්, ස්තුතියි ස්තුතියි... මෙන්න නිල වශයෙන් ස්තුතිය... පැමිණියාට මහ ෆලෝ කරන්න ගත්තට.

      Delete
  25. උඹ ආපසු පැමිණීම ගැන බලවත් සතුට. (අර උඩ තියෙන ටැබ් ඔක්කොම වැඩද?)

    දැන් උඹලෑ ගෙදරට ඔය ටීවී එක ගෙනාවෙ ලංකාවේ ටීවී විකාශ පටන් ගත්ත අලුතම නං, සීයාට ටීවී එක හම්බවෙලා තියෙන්නෙ ටීවී විකාශ පටන් ගන්න ඉස්සරද?

    ReplyDelete
    Replies
    1. ඩූඩ්, දැම්ම ඔය හැම ටැබ් එකටම කොටලා වැඩ වරද්ද ගන්න එපා.... ඔයින් ගොඩක් තාම ඉඳුල් කරලා නෑ.... ටෙම්ප්ලෙට් එක හදාපු අයගේ ලින්ක් තියෙන්නෙ....... හිමීට හදනවා.

      අනිත් අතට උඔට කියන්න තියෙන්නෙත් සරත් ගොයියට කියපු දේ... උඩට ගිහින් බලන්න කම්මැලි නං මෙන්න කොපිය (හෙහ් හේ..... තමුන්නැහේලා කාණ්ඩයක් එක්කහු වෙලා මට මරණ වරෙන්තු නොදෙන්න මම තාමත් කෙහෙල්කොටුව මෙව්වා වෙන්න ඇරලා බලාගෙන ඉන්නවා...... )

      දැන් ප්‍රස්නෙට උත්තරේ,
      නෑ. සීයලා ටිවී එක ගේද්දි විකාශය පටන් ගන්නකල් සැළලිහිනියානේ වැටිලා තියෙන්නෙ... ඒ කියන්නෙ අයිටීඑන් පටන් අරන් කාලෙකට පස්සෙ ජාතික එකත් ආවට පස්සෙ... මම හිතන්නෙ අසුව දශකයේ මැද වගේ වෙන්න ඇති.

      Delete
  26. නවත්තපු දවසේ මට හිතුනා ආපහු එයි කියලා. බොරුවට නේද බය වුනේ ?

    ReplyDelete
    Replies
    1. නවත්තපු දවසේ සූදිකගේ කමෙන්ටුව මට මතකයි. බය වුනේ වගකීම වැඩි වුනු නිසා. ඇත්තටම තාම එක එහෙම්මයි. ඒත් බ්ලොග් එක වහලා ඉන්න හරිම අමාරුයි. අර කියන්නා වගේ හැමදේම අතඇරින්න ඕන කියලා තීරණය කරපු කෙනෙක් වුනත්, පොර බ්ලොග් ලියන්නෙක් නම්, ඒක අතඅරින්න හෙන ගේමක් දෙන්න වෙයි.

      Delete
  27. ගියාට වාඩි වේගයෙන් ආවාට ස්තුතියි

    ReplyDelete
    Replies
    1. අඩුම කාලයක් තුල කෙහෙල්කොටුවට ෆිට් වුනු අටම්ට ස්තුතියි. උඔටත් කියන්න තියෙන්නෙ ජයියා මහත්තයට කිව්ව දේමයි. මේති යෙන්නෙ ඒක
      .......................
      හෙහ් හේ..... තමුන්නැහේලා කාණ්ඩයක් එක්කහු වෙලා මට මරණ වරෙන්තු නොදෙන්න මම තාමත් කෙහෙල්කොටුව මෙව්වා වෙන්න ඇරලා බලාගෙන ඉන්නවා......
      .......................

      Delete
  28. හ්ම් මාත් පොඩිකාලේ තමයි TV එක ටියුන් කරන්න ඉගනගත්තේ... අපේ තිබුනේ cosmo කියලා එකක්.

    මේ අල්ලපු ගැම්මට දිගටම ලියන්න....!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහන්....

      කොස්මෝ ටීවී ගැන ටිවී දැන්වීම් පවා ගියානේ ඒ කාලේ....

      Delete
  29. ආයෙත් දකින්න(කියවන්න) ලැබීම ගැන හරිම සන්‍තෝසයි....!

    ReplyDelete
    Replies
    1. මින්,

      ස්තුතියි මින්!

      Delete
  30. xxx xxxx
    4:25 AM (23 hours ago)

    to me
    අපේ කමෙන්ට්වලට උත්තර නොලීවොත් බලාගමු ආතර්...හහ්...
    දැනටමත් දුනු ඊතල ලෑස්ති කරන ගමන්....

    Mara Tharjana Hamuwee nosalee Pilithuru Sapayamai. Ethek Iwasimeemen Katauthu karamu. :D

    ReplyDelete
    Replies
    1. මදෑ... මුන්දැට තියන නම් මදිවට "ආතර්" කියලා අළුත් නමකුත් වැටිලා.. :-) ඔය කියපු එකාට මාත ෆුල් සපොර්ට්...

      Delete
    2. සෙන්නා, එකා එකා ගාන්න එපා අනේ..... මේ චන්ඩි පාට් දාලා තියෙන්නෙ ගැල්ලමයෙක්! :D

      Delete
  31. මේක කියෙව්වෙ දාපු දවසෙමයි. ඒත් අද තමයි කමෙන්ට් එකක් දාන්න වෙලාව ලැබුනෙ. ආයිත් මේක පටන් ගත්ත එක හොඳයි.....මම මේ බැලුවේ මම ලියන්නෙ නෑ කියලා කියපු එකා මොකද මේ සද්ද නැත්තෙ කියලා. ඊළඟ එක මොන අවුරුද්දේද පළ කරන්නෙ.
    මේ ටෙම්ප්ලේට් එක නම් හොඳයි.........
    දිගටම ලියපන් බන්.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉෂාර,

      ලියන්න නම් අපිත් ආශයි....! කාලයයි, හිතේ මෙව්වා එකයි අඩු වුනාම නේ ප්‍රස්නෙ....

      Delete
  32. චූටි මහත්තයාගේ පුනරාගමනය වෙනුවෙන් මගේ හද පතුලෙන් බුර බුරා නැගෙන මෙවුවා එක මෙන්න..

    ReplyDelete
    Replies
    1. බූරා, තමුන්නැහේලා ඉතින් එදා කාලේ පටන් හිටිය සීනියර් මැම්බර්ලා නිසා මගේ හිතේත් මාර විදිහට බුරා බුරා නැගෙන මෙව්වා එකත් පිලිගන්න ම වෙනවා!

      Delete
  33. Uba kiyana jathiye tv ekak thamai bolan ape gedarath thibbe..phillips.. Hondata balapal L dekak thibuna..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒ වගේ ටීවී එකක් මම ආය කවදාවත් දැක්කෙ නෑ ටික්කා. මේ කතාවෙන් පෙන්නෙ අපේ රටේ ඒ ජාතියේ ඒවා තව සෑහෙන්න තිබිලා තියෙන පාට නේද? (අන්තිම වාක්‍ය පැහැදිලි නෑ.)

      Delete
  34. සියල්ලන්ටම පිලිතුරු සපයා ඇති බව හැගී යයි. කාට හරි උත්තර ලැබු‍නේ නැත්තම් අත උස්සන්න බලන්න.

    ReplyDelete
  35. චූටී මහත්තයා මේ සද්ද නොකර හිටපු කාලේවත් ටිකක් කාල බීල ලොකු මහත්තයෙක් වුණේ නැද්ද? පරණ ටී.වී මතකය.. හි හි.. ඒ කාලේ ටී.වී එකක් තිබ්බ හැම ගෙදරම එකම සිස්ටම් එක තමා තිබිල තියෙන්නේ නේද?

    ReplyDelete
  36. චූටී මහත්තයා මේ සද්ද නොකර හිටපු කාලේවත් ටිකක් කාල බීල ලොකු මහත්තයෙක් වුණේ නැද්ද? පරණ ටී.වී මතකය.. හි හි.. ඒ කාලේ ටී.වී එකක් තිබ්බ හැම ගෙදරම එකම සිස්ටම් එක තමා තිබිල තියෙන්නේ නේද?

    ReplyDelete
  37. හොඳ වැඩේ තොට , අනුන්ගෙ වතුවල කමෙන්ට් දදා ඉඳලා ඇතිවෙලා මෙන්නෙ ආයෙත් පරණ කොටුවටම ඇවිත්.
    ඔක්කොමත් හරි ඒ කාලෙ ටී වී වල කරන්ට් අඩුව වුනාම ඉරි යන එක තමයි මාර අප්සෙට් එක.
    ඒ දවස්වල සුමනා නෙල්ලම්පිටිය එහෙම ඇඹරෙනවා නියමෙට.

    ReplyDelete
  38. සයිබර් යාය වහල ඉන්ඩ බැරි බව මං නං දන්නව බුද්ධි නවත්තන්ඩ යනකොටම...

    මට මතක් වුණේ අපේ සිංගරි ටීවී එක.... ඒක සිංගර්ල ටීවී හදන්ඩ ගත්ත දවස්වලම හදපු එකක් වෙන්ඩ ඇති. උලුවස්සක් විතරම පළලයි...ලීවලින් හදපු වට රාමුවක් තිබුණ,පිම්බිච්ච තිරයක් එක්ක කරකවන බටන් තිබුණු කලුසුදු ටීවි එකේ පෙනුනෙ ජාතික එකයි ස්වාදීනෙයි විතරයි නෙ ඒ කාලෙ...
    ඉස්සර ඕකෙ අපි ගලිවර් බලන්නෙ... දොස්තර හොඳ හිත බලන්නෙ, රොබින් හුඩ් බලන්නෙ පුදුම ආසාවෙන්....අර කියන්නහෙ අපි දෙන්නත් අම්මගෙන් බැනුං අහ අහ ටීවී එක ඔන් කරන්නෙ අර සූ ගාන වෙලාවට... ඊට පස්සෙ ටිකකින් හූ කියන්නෙ... ඒ වෙලාවට එන හිතේ සතුට කියල නිස කරන්ඩ බෑ...
    අනේ එයා අවුරුදු ගානක් යකෙක් වගේ වැඩ කළා... අන්තිම කාලෙ ඔන් වෙන්ඩ නං අර ලී පෙට්ටියට මහ හයියෙන් තඩි බාන්ඩ වුණා.. තව කාලයක් ඔන් බට්න් එක ලඟට ඉරටු කෑල්ලක් ගහලත් වැඩ කළා... බැරිම තැන හදන්ඩ අරන් ගියාම සිංගර් එකෙන් ඒක ඉල්ලුව... ඒ ජාතියෙ එකක් අවුරුදු ගාණක් සිංගර් ටී වී විකුණපු එයාලත් එහෙම එකක් දැක්කමයි කියල... කෞතුක භාණ්ඩයක් විදියට ඒක තියාන අලුත් වර්ණ එකක් දෙන්නං කියල...( අලුත් එක දෙන්නෙත් සල්ලිවලට තමා ඒ වුණාට)
    අපි සැලුණෙ නෑ... ගත් කටටම බෑ කිව්ව...ඔය ටී වී හදන මාම කෙනෙක්ට දීල ආයෙමත් හදවගෙන ගෙදර ගෙනාව.... පවුලෙ කෙනෙක් වගෙ වෙච්ච එයාව කොහොමද කෞතුක භාණ්ඩයක් විදියට විකුණන්නෙ..? පස්සෙ එයාව අපේ කුඹුර අඳේට කරපු මාමට දුන්න අපි... ඊට පස්සෙ සෑහෙන කාලයක් අපේ ගෙදර ටීවී තිබුණෙ නෑ... බොහොම මෑතක අම්ම ටීවී එකක් ගත්තට දැන් ගෙදර ගියාම අපි ටීවී බලන්නෙ නෑ... හනේ වෙච්ච දෙයක්!!

    ReplyDelete
  39. ටීවී කියන්නෙ අර රෙස්ලිං බලන්න පුලුවන් ගැජට් එක ද...??
    මොකද දැං ඔය ඉලව්වෙ යන එව්වයිං මායි කොල්ලයි දෙන්න සැට් වෙලා බලන්නෙ ඒ ගුස්ති අල්ලන එක විතරයි..ඒකත් හරි ලේසි අපේ කොල්ලා පූර්ව විස්තර ප්‍රචාරයකුත් දෙන නිසා...!!!

    ReplyDelete
    Replies
    1. නියම අර්ථ දැක්වීමක්නේ..

      Delete
    2. මේ රොබින් හුඩ් එකේ ආතර් කියල එකෙක් හිටියද කියල මට මතක නෑ..

      ටක්කෙටම ටියුන් කරන් මාර ගේමක් දෙන්න ඕන පෑන් ඉර නැත්තං.

      Delete

ඔබේ පංගුව...

Related Posts Plugin for WordPress, Blogger...