2013/07/11

අහසින් පැමිණි අමුත්තා | අහසින් අමුත්තා පැමිණෙයි !

අන්න එතකොටයි මම දැක්කෙ උදේ පාන්දර පැහැදිලි නිල් ආකාසේ පාවෙවී තිබුනු අහස් යානය! එයා නිල් ආකාසේ රිදී පාටින් දිලිසුනා. ගුවන් යානාව හුරුබුහුටි කුඩා එකක්. ඒක නියමුවන් පුහුණු කරන ගුවන් යානයක්!  බැලූ බැල්මට යානයෙන් සද්දයක් පිට නොවුනත් හොඳට කන් යොමාගෙන අවට සද්ද බද්ද හිතින් අයින් කරලා බැලුවොත් මී මැස්සන්ගෙ වගේ ගුමු ගුමුවක් ගුවන් යානයෙන් පිටවුනා. මම ටිකක් වෙලා ඒ දිහා බලාගෙන හිටියා. අහස් යානය එක දිගට එයාගේ ඉලක්කෙට යනවා වෙනුවට ඔලුව හැරිච්ච අතේ නිදහසේ පා වෙවී උන්නා. හැම දේම පටන් ගත්තේ ඊට පස්සේ.
අම්මලා උදේම නැගිටලා කෑම පිලියෙල කරන විත්තිය හාත්පස සුවඳින් මම දැනගත්තා. අම්මයි, නන්දාවතී නැන්දයි හිනාමුසු මූනෙන් මාව කුස්සියට පිළි අරගෙන තේ එකක් හදලා දුන්නා. තේ බොන අතරතුර මම ඒගොල්ල එක්ක කතාවට වැටුනා. මේ වෙද්දි රත්නෙ මාමා හරක් දිගේලි කරන්න අසල්වැසියෝ එක්ක මුකලාණට ගිහිල්ල. තාත්තත් ඒ පස්සෙ ගැටුවා කියලා අම්මා කිව්වා. චාරුකලා එයාපෝට් කැලේට අල්ලපු වැටේ තියෙන අටේ කෑල්ලෙ කිරි වැවට ගිහිල්ලා තිබුනා නාගෙන එන්න. වැවයි කියලා කිව්වට මේක මින්නේරිය වැව වගේ හරි, පරාක්‍රම සමුද්‍රය වගේ හරි වැවක් කියලා හිතන්න එපා. ඒ වැව් එක්ක බලද්දි මේක පොඩි වතුර කඩිත්තක් කිව්වැකි. කිරි වැවට යන්නෙ, ගෙවල් ගාවින් වැටෙන බවුම දිගෙ ගිහිල්ලා, සිමෙන්ති කම්හලට හුණුගල් අදින රේල් පාර දිගේ. එයාලට ලිඳවල් වලින් නාන්න තරම් වතුර නැති හන්දා නාන්නෙ කරන්නෙ වැවෙන්.

අපි උදේට කන්නෙ රොටී, ලුණු මිරිසුත් එක්කලා !

රොටියට දමාපු පොල් කෑලියි පාන් පිටියි කබල උඩ “සුරු සුරු“ ගාලා පිච්චෙන සුවඳ නිසා මම බඩගින්නෙන් හොඳටම හෙම්බත් වුනා. බඩගින්න හැදියාවත් එක්කලා පොර අල්ලමින් ඉන්න කොට - ඔන්න ගෙයින් දොට්ට බැස්ස අය තම තමන්ගේ රාජකාරී ඉවරවෙලා ගෙදරට ගොඩ වුනා. ඒ කියන්නෙ මේ උදේ කෑම වෙලාව. අපි කුස්සියෙම තැන් තැන් වල ඉදගෙන කෑම ගත්තා. ඒක හරිම රසවත් කට දැවිල්ල උදෑසනක්. කතාවක් බහක් නැතිව ඔහොම රොටි කමින් හිටපු අපිට ටික වේලාවකින් අමුතු මී මැසි ගුමුගුමුවක් ඇහෙන්න ගත්තා. ඔයගොල්ල හිතුවා හරි. ඒ අර අහස් යානයෙන්!

"ඇහුනද ඒ සද්දෙ.......?"

"ප්ලේන් එකක් වගේ...."

"ඔව්..... ඒක මම දැක්කෙ අද උදේ නැගිට්ට වෙලාවෙ........"

"අපිත් දැක්කා වැවේ දී......"

"දැන් කොහොමද ඒකමයි කියන්නෙ......"

"ඒ සද්දෙම තමා ආවේ......... බොරුනං ගිහිං බලමුද.....?"

"හා....." අපි රොටිය මැද්දට ලුණු මිරිස් ටිකක් හලාගෙන මිදුලට පැන්නා.

“ඒකමයි.....“ අපි කෑ ගැහුවා. සද්දෙට තාත්තලත් සාලය තරණය කරගෙන කුස්සියෙන් එලියට වැටුනා. අපිත් උඩ බුරන නරි වගේ අහස් යානය දිහා බලාගෙන දිව්වා. අහස් යානය අපේ සීමාවේ රවුමක් ගහලා වැව පැත්තට අතුරුදහන් වුනා. මෙන්න ඒක එකපාර සිමෙන්ති කම්හල පැත්තෙන් මතුවුනා. දැන් එයා ටිකක් පහලින් ආවේ. එයාගේ ගමන හරිම හැඩකාර කඩවසම් ගතියක් තිබුනත්, මෙතන මොකක් හරි වැරැද්දක් සිද්ද වේගෙන යනවා කියලා මට හිතුනා. කොහොම වුනත් මේ වගේ අරුම පුදුම, පිස්සු හැදිච්ච, ලස්සනම ලස්සන අහස් යානයක් මම මීට කලින් නං කවදාවත් ම දැකලා තිබුනේ ම නෑ.

"අන්න ඒක ගුවන් තොටුපල පැත්තට යනවා................" චාරුක බෙරිහන් දුන්නා.

"අපි ඒ පැත්තට දුවමු......." අපි ගස් අතරින් මතුවෙන ගුවන් යානය ඉලක්ක කරගෙන ඉලුක් ගාල හරහා ගුවන්තොටුපල පැත්තට දිව්වා. පුදුමේ කියන්නේ තාත්තලත් අපේ පස්සෙන් පැන්නුවා!

අපිට කලින් ගුවන්තොටුපලට ඇවිල්ලා හිටපු අහස් යානය දැන් කලින් පෙනුනට වඩා ලොකුයි. එයා නැතිවෙච්ච දෙයක් හොයනවා වගේ ගුවන්තොටුපල පුරා පියෑඹුවා. තවත් සුලු මොහොතක් ගත වෙද්දි එයා තවත් ටිකක් පහලට ආවා. දැන් තත්වය හොඳටම බරපතලයි. හොඳටම පැහැදිලියි. මෙයා ගොඩබහින්නයි යන්නෙ. මේක හදිසි ගොඩබෑමක් වෙන්නැති. එහෙමත් නැත්තම් යානාව ඉබේම පහලට එනවා ඇති. නියමුවා පාලක මැදිරියේ උපදෙස් වලට උඩින් ගිහිල්ලා මොකක් හරි කෝලමක් කරන්න ඇති. නියම විදිහට ගොඩබහිනවා නම් මෙහෙම රවුම් ගහන්ඩ ඕනියැයි. ඇරත් අත්ඇරලා දාපු ගුවන්තොටුපලක් එක්ක තියෙන ගනුදෙනුව මොකද්ද මේ වගේ හුරුබුහුටි ගුවන් යානෙකට.

"ඒයි...........අන්න බලන්ඩ ඒක සිමෙන්ති පැක්ටේරිය පැත්තට යනවා......." හැමෝටම මෙච්චර ලොකුවට, මෙච්චර පැහැදිලිවට පේන දේ ගැන චාරුක විස්තර කරන්න ගත්තා. ඇත්තටම ඒක කමකට නැති බෙරිහන් දීමක්.

අහස් යානය කුඩාම දේටත් වඩා කූඩා වෙනකල් සිමෙන්ති කම්හලෙන් ඔබ්බට පියාඹලා මෙන්න ආපහු හැරුනා. එයා වෙරිවුනු උකුස්සෙක් වගේ. ඒ මොකද සැරේකට එයා දකුණට ඇල වුනා. සැරේකට වමට. සැරේකට මාරියාවට අහුවුනු බෝට්ටුවක් වගේ පැද්දුනා. අහස් යානයේ ගුමු ගුමුව දැන් නැත්තටම නැතිවෙලා. දැන් එයා අපායේ හාල්මෝලෙන් නික්මෙන සද්දේට සමාන සද්දයක් පිටකරලා අපේ හදවත් හිරිවැට්ටුවා. ඒ සද්දෙට මගේ කන් බෙරේ නළාවක් වගේ “කී.....“ ගාන්න ගත්තා.

ඕනෙම නරක දෙයක හොඳ දෙයකුත් තියෙනවා. අන්න ඒ කතාව මේ මොහොතට ගැලපුනා. එන්න එන්න පහලට ආපු ගුවන් යානය නිසා අපි කවදාවත් දැනගෙන නොහිටපු ගුවන් යානා ගැන අරුම පුදුම විස්තර ටිකක් දැක ගන්න පුලුවන් වුනා. ගුවන් යානයක බඳ නිමකරලා තියෙන්නෙ තහඩු වලින් කියලා මම දැනගත්තා. ඒ මත්තෙ තීන්න ගාලා අකුරු ලියලා ලස්සන කරලා තිබුනා. වෙන එකක් තියා ඒ තහඩු එකට වද්දලා තිබුනු රිවට් ඇණ පවා මට පෙනුනා. මහ රෑට කණාමැදිරියො වගේ පේන පුංචි එලි, පොල් ගෙඩි වගේ ලයිට් වලින් නික්මෙන ඒවා කියලා මම දැක්කා. ඒ හැම දේකටම වඩා පුදුම සහගත දේ මේකයි.  මම දැක්කා අහස් යානයේ නියමුවාව. එයා අහස් යානයේ ඉදිරියේ වීදුරු වලින් හදාපු කුටියක් ඇතුලේ හිටියා. එයා දක්ෂ රොබෝ කෙනෙක් හරි, පිටසක්වල ජීවියෙක් හරි වුනානම් කියලා මට හිතුනා. මෙච්චර හරියක් වෙද්දිත් එයා චිත්‍රයක් වගේ කලබලයක් නැතිව උන්නා. ඇත්තට එයාගේ ඇඳුම පංකාදු පහයි. ඒක වීරයෙකුට ඔබින නියම ඇඳුම! එයා හිටපු වීදුරු කුටිය උදේ ඉර එලියෙන් දිලිසිලා නැති වෙලා ගියා. වීරයා ගුවන් යානාව වනාන්තරේ පැත්තට අරගෙන ගියා. ගුවන් නියමුවා දැක්ක හැටියේ මට එක දෙයක් පැහැදිලි වුනා. එයා අහස් යානයට පුංචි සීරීමක් වත් නැතුව හොඳම විදිහට පොලොවට ගන්නවා සිකුරුයි.

මම එහෙම හිතුවත් වුනේ වෙන දෙයක්.

කාලයේ වැලි තලාවට අහුවෙලා හැමදේම මැකිලා යනවා කිව්වට, ඒ විදිහට මකන්න බැරි දේවලුත් තියෙනවා. මේ කතාවත් අන්න එහෙම එකක්!

ඒ ගැන දැනගන්න සෙනසුරාදා උදේම නිවාඩු පාඩුව එන්න. මතක ඇතුව කැමරාවක් හරි කැමරා ෆෝන් එකක් හරි අරගෙන එන්න. ඒ නැතත් ඔයගොල්ලන්ගේ හිතේ පුංචි ඉඩක් හිස් කරලා තියාගන්න. ඒ මොකටද කියලාත් මම එදාටම කියන්නම්.

අන්තිම කොටසට...

.........................................
-කෙහෙල්කොටුවේ චූටි මහත්තයා.

22 ක් කියන්නේ !:

  1. අඩෝ මේ වගේ මේ කතාව නවත්තල බ්ලොග් එකයි උඹවයි දෙන්නවම කාලයේ වැලි තලාවෙන් නෙමෙයි වලක් කපල පස් දාල වහගන්න ඕනද.

    ඇත්තටම බුද්ධියො අපායේ හාල්මෝලෙන් එන සද්දෙ මොන වගේද?

    ReplyDelete
  2. හරි ඔන්න සෙනසුරදා උදේම එනවා

    ReplyDelete
    Replies
    1. සංජීව,

      සෙනසුරාද උදේ කොහෙ යන්ඩද ??? පිස්සු කෙලින්ඩනම් ලෑස්ති වෙන්න එපා, කට්ටියටම ගිලිච්ච සබ්මැරින් එකක් ගොඩ ගන්න යන්න තියනවා සෙනසුරාදා උදේට.. මතකයිනෙ..කඹ එහෙම අරගෙන එන්ඩ..

      Delete
    2. සෙන්නා, මම ඒක ගැන ඇහුවේ වත් නැත්තේ උඹ ගෙදර ආපු නිසා. දැන් හෝ ගාලා වැඩද මේ දවස් වල සබ් එක ගොඩ ගන්න?

      Delete
  3. ෂික් ඉතරක් ! මේ සූටි කතාව මූ මහ පතරංග ජාතකේ වගේ කොටස්කරල. ඕක කියාපංකො අගේ නොකර.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා කෙහෙල්කොටුවට එව එවුන් නම්....... එකෙක් කියනවා කොටට දාපන් කියලා, එකෙක් කියනවා සේරම දාපන් කියලා..... අඥේ මඤ්ඤා

      Delete
  4. මොන මගුලක්ද !!! ආයෙත් නැවැත්තුවනෙ..

    මේ උපමා, උපමේයනම් අපූරුයි ආ.. ඒවා කලවම් කරලා ලියලා තියන විදිහ නිකන් රොටියි ලුණු මිරිසුයි වගේමයි.. ගානට කට දනවා.. ආපයෙ හාල් මෝල දැකලා තියනවද ??

    ( රහසින් : උබ උදේට නැගිටලා දත් මැදලා මුහුණ හෝදන්නෙ එහෙම නැද්ද ආ ? අනිත් උන් ඔක්කොම නාලා එද්දි මෙයා ඇදලා අරිනවා කුණු කෙළ කටින්.. )

    ReplyDelete
    Replies
    1. පිස්සුනේ.. උදේට නැගිටිනකොට රොටි සුවඳක් ආවොත් මොකාටද පුළුවන් දත් මැදලා මූණ හෝදලා ඔලුව පීරගෙන එනකම් ඉන්න.. කට්ට සම්බෝලෙත් රොටිය මැද්දට දාගෙන කෙලලා අරිනවා මිසක්.. අනේ අපි නොදන්න මැනර්ස්... හි හි

      Delete
    2. හිරූ, ඔයානම් කෑමට අදාල මැනර්ස් විතරක් නෙමේ අනිත් මැනර්සුත් දන්නෑ වගේ.. රහස්වලට කන්දෙන්න හොඳ නෑ කියලා කවුරුවත් කියලා දුන්නෙම නැද්ද ඈ.. :D

      Delete
    3. රහස් අනිත් එවට වඩා හොඳට ඇහෙනවා සෙන්නා.... හි හි....

      Delete
  5. දන්නෙ නැති නිසයි අහන්නෙ. ඇත්තටම ඔය ප්ලේන් යන්නෙ තටුවලින්ද? තෙල්වලින්ද?

    ReplyDelete
  6. ලියන තියෙන භාෂා ශෛලිය නම් හරිම අගෙයි

    ReplyDelete
  7. මේක නම් අන්තිම අසාධාරනයි චූටි මහත්තයා හරිද. අපි මෙතන උඩු බුරන නරි වගේ බලන් හිටියෙ ඔයා ඊලඟ කොටස දානකල්. බලන්ඩ දැන් ඔයා තව කොටසකට කඩලනෙ මේක. ඒකත් අන්තිම කොටස නොවී තව එපිසෝඩ් එකකට යන්න හිතේ තියාගෙන ඉන්නව නම් ගුටි කන්න බලාගෙන ඉන්ඩ ඈ...

    ReplyDelete
  8. තොට ##$^$&^$&*(%&*)^$%^#&^......

    ReplyDelete
  9. බොහොම රසයි බුද්ධි..රොටිත් එක්ක ලුණුමිරිස් වගේම තමයි.. හැබැයි මේ පාර රොටිය හොඳටම මදි..කට ඇවිස්සුවා කිවුවොත් හරි.. ආයිත් එකක් කන්න බලං ඉන්නවා.

    ReplyDelete
  10. අද තමා කොටස් දෙකම කියෙව්වේ. අනිත් කොටස කියවන්න ඉතිං සෙනසුරාද වෙනකන් ඉන්න එපැයි...

    ReplyDelete
  11. උඹ නම් අපිව තියාගෙන නටවනවා වගේ කෙහෙල් කොරොට්ටෝ. ඇයි බොල අපිට මෙහෙම කරන්නේ.

    ReplyDelete
  12. හා.. බස්සපන්කෝ ප්ලේන් එක ඉක්මනට!

    ReplyDelete
  13. ආණ්ඩුවේ කන්තෝරුවක් වගේ.... එදා ආවහම කිව්ව තව දවස් දෙකකින් එන්ඩ කියලා, දැන් කියනවා සෙනසුරාදට එන්ඩ කියලා.. හැහ් :)...

    කතාවේ ආරම්භයෙන්ම වෙන්නේ මොකද්ද කියලා කියලනෙ තියෙන්නේ... ඒත් ඉතින් නෑවිත් කොහොමද, වැඩේ කරගන්නත් එපැයි... එඤ්ඤංකෝ හෙනහුරාදටත්..

    ReplyDelete
  14. එයාට කියන්න බැරිනම් මම කියන්නම්.

    ඔන්න එයා වේගය බාලා කරලා, හෙමින් හෙමින් ඇවිත් නතර වුණා. එකේ ඉස්සරහ තියෙන හුලං පෙත්තත් හෙමින් හෙමින් කැරකිලා එක පාරක් අනිත් පැත්තටත් කැරකෙන්න හදලා වගේ සී සෝ වැඩක් දාලා නතර වුණා. මම ඉන්න තැනට හොඳටම පෙනුණා අර වීරයා එයාගේ සන්ග්ලාස් එක වේගෙන් ගලවලා පැත්තකට දානවා. ඊට පස්සේ එයාව ගටහලා තිබුණා වගේ තියෙන බැඳ පටියත් වේගයෙන් ගලවනවා.

    "එයා මොකක්ද කරන්න හදන්නේ ?" චාරුක පුරුදු විදියටම කියවන්න ගත්තා.

    මට දැන් මේක අල්ලලා බලන්න ආසයි. මම ඉස්සරහට යන්න හදනකොට තාත්තා මගේ අතින් තද කරලා අල්ල ගත්තා. මමත් යන්න හැදුවට හිතේ පොඩි බයකුත් තිබ්බ නිසා නිකං හිටියා. දැන් එකෙන් පිට වෙච්ච දුම් නම් පෙන්නේ නැති ගානටම ආකාසේට එකතු වෙලා තිබුණා. එක පාරටම පැත්තේ තියෙන දොර අරගෙන අර වීරයා පැන්නා. පැනලා බොහොම වෙගයනේ කැලේට දිවවා බඩත් අල්ලගෙනම. එයාගේ අනිත් පැත්තේ හිටිය කෙනත් එලියට ඇවිල්ලා, යානයෙන් මීටර් 10ක් ඉව්තර ඈතින් ඉඳගෙන සිගරට් එකක් පත්තු කර ගත්තා. එයාගේ සන්ග්ලාස් එක දාගෙනම හිටිය හින්දා හරි ලස්සනට පෙනුණා. එයාලා ඇඳගෙන හිටිය ඇඳුමට එයාලාව හරි ලස්සනට පෙනුණා.

    එක පාරටම කැලේට දුවගෙන ගිය වීරයා ආපහු ආවා. ආපු පිම්මටම එයා ඇතුලට පැන්නා. බඳ පටියයි සන්ග්ලාස් එකයි දා ගන්නකොටම අනිත් එක්කෙනා එයාගේ වම් පැත්තෙන් ගොඩ වුණා. එයත් වීරයා වගේම සීට් බෙල්ට් දා ගත්තා. එක පාරටම මහ හඬක් නංවමින් එන්ජිම පණ ගන්වන හඬ මගේ කන් දෙක පුපුරණ ගාණට දැනුණා. ඒත් ටික වෙලාවකින් සද්දේ අඩු වුණා. අර ඉස්සරහා ඇලුමිනියම් ගෙඩියට හයි කරලා තියෙන හුලං පෙත්ත පෙන්නේ නැති තරම් වේගෙන් කැරකෙන්න ගත්තා. මේ වගේ එකක් තිබ්බ නම් අපිට දාඩිය පොඩ්ඩක් වත් දන්නේ නැතිව ඉන්න තිබුණා. හෙමින් හෙමින් පැරණි ගුවන් තොටුපල දිගේ ගමන් ගත්ත යානය වේගය වැඩි කරා. මෙයා අපේ පැත්තට කඩාගෙන එයි කියලා හිතුනට ගානට හරවලා ගත්ත්ටේ හරියට කොළඹ ලේක් හවුස් එක ගාව තියෙන වටරවුම වටේ යන වාහනයක් වගේ.

    දැන් එයා අපිට පිටු පාලා වේගෙන් යනවා. මුලින්ම ලොකුවට හිටිය එයා දැන් ටික ටික පොඩි වෙනවා. ඔන්න එයාගේ ඉස්සරහා කොටස පොඩ්ඩක් ඉස්සුනා. තව පොඩ්ඩකින් අනිත් කොටසත් ඉස්සිලා සිමෙන්ති කම්හලේ දුම් බටයේ භාගයක් විතර උසට ඇවිත් දිගටම ඉහලට ගියා. එහෙම ගිහින් ආයෙත් පොඩි රවුමක් ගහලා නොපෙනී ගියා. මී මැස්සන්ගේ ගුමු ගුමුව තවත් ටික වෙලාවක් ඇහුණා.

    ReplyDelete
    Replies
    1. එහෙනං ප්ලේන් එක බස්සල තියෙන්නෙ පයිලට්ට බොගග් සෙට් විච්ච හින්ද නේද. අපොයි හොඳ වෙලාවට ඔය ප්ලේස් එක ති‍බ්බෙ නැත්තං ප්ලේන් එක හෝදන්න වෙනව.

      දැං උඹේ කතාව වැඩක් නෑ බුද්ධියො. :D

      Delete
  15. මේ මොන හු යන්නක්ද බොල..? මදෑ වරුවක් නිවාඩු දාලා ආවා මේක බලන්න... සුපියල් පහ කේවා මේ කෙහෙල් කොරොට්ටා...

    ReplyDelete

ඔබේ පංගුව...

Related Posts Plugin for WordPress, Blogger...