2013/07/13

අහසින් පැමිණි අමුත්තා ! | අවසාන කොටස | වසර විසිහතරකට පසු සියල්ල හෙලි වෙයි.

හැම දේකටම වඩා පුදුම සහගත දේ මේකයි.  මම දැක්කා අහස් යානයේ නියමුවාව. එයා අහස් යානයේ ඉදිරියේ වීදුරු වලින් හදාපු කුටියක් ඇතුලේ හිටියා. එයා දක්ෂ රොබෝ කෙනෙක් හරි, පිටසක්වල ජීවියෙක් හරි වුනානම් කියලා මට හිතුනා. මෙච්චර හරියක් වෙද්දිත් එයා චිත්‍රයක් වගේ කලබලයක් නැතිව උන්නා. ඇත්තට එයාගේ ඇඳුම පංකාදු පහයි. ඒක වීරයෙකුට ඔබින නියම ඇඳුම! එයා හිටපු වීදුරු කුටිය උදේ ඉර එලියෙන් දිලිසිලා නැති වෙලා ගියා. වීරයා ගුවන් යානාව වනාන්තරේ පැත්තට අරගෙන ගියා. ගුවන් නියමුවා දැක්ක හැටියේ මට එක දෙයක් පැහැදිලි වුනා. එයා අහස් යානයට පුංචි සීරීමක් වත් නැතුව හොඳම විදිහට පොලොවට ගන්නවා සිකුරුයි.

මෙතෙන්ට එනකල් කතාව මම පහුගිය අඟහරුවාදයි, බ්‍රහස්පතින්දයි කිව්වා.  මේ තියෙන්නේ අන්තිම ටික....

මම එහෙම හිතුවත් වුනේ වෙන දෙයක්. ඔයගොල්ල වුනත් එකපාරට මේ කතාව විශ්වාස කරන එකක් නෑ. අපි හිටිය ඉසව්වෙන් වනාත්තරේට ඉහලින් නොපෙනී ගිය අහස් යානය, සුලු මොහොතකින් ටිකක් වමට වෙන්න මතුවුනා. හරියට ඩයිනසෝර උකුස්සෙක් වගේ. උදේ පාන්දර සෙල්ලම් බඩුවක් වගේ අහසේ පාවුනු යානය දැන් උදාහරණයකින් කියන්න බැරි තරම් ලොකු වෙලා අපිව බය කලා. ඊලගට තවත් එක රවුමක් ගිය අහස් යානය අර කොහුබත් වේලෙන ප්‍රධාන ධාවන පථයෙන් ඔබ්බෙන් තිබුනු ඉලුක් ගාල පහුකරගෙන ගියා. දැන් ඒක වනාන්තරය පිටිපස්සෙ.

" ඒක බාන්නයි යන්නෙ......" මට හිතුනා.

ඊලගට මොහොතක විරාමක් ගත්තු අහස් යානය දෙපැත්තට පැද්දෙන ගමන් කියන්න බැරි තරම් වේගයෙන් පොලොව පැත්තට ආවා. මම හිතෙන් ඉරක් ගහලා බැලුවා අහස් යානයේ ඉඳලා ගුවන් තොටුපලට. අවාසනාවක මහත. මම ගහපු ඉරේ මඟක් දුරින්, ඒ කියන්නේ අහස් යානයත් ධාවන පථයත් අතර මග තැනක දී වනන්තරේ උසම පලු ගස් දෙකකින් ඒ ඉර කැපුනා. ඒත් හිතපු නැති තරම් වේගයෙන් අහස් යානය පහලට ආවා. ඊලග මොහොතෙ දී දකුණු පැත්තෙ තටුව පලු ගහේ උසම අත්තෙ වැදුනා. ඒ මම එතෙක් අහපු භයානකම සද්දෙත් එක්කලා. ඒ එක්කම තටුවේ කෑලි වගයක් ගිනි පුලිගු විසිකරගෙන ඒ හරියේම බිමට වැටුනා. ඒ නිසා සමබරතාවය ගිලිහුනු අහස් යානයෙන් ගුවන් ධාවන පථය ගිලිහුනා. ඒක අපි ඉන්න පැත්තට හැරුනා.

වේගය පාලනය කරගන්න බැරිව පොලොවට කඩාගෙන වැටෙන අහස් යානයක් තමන්ගේ පැත්තට එද්දි කොහොමට තියෙයි ද? ඕගොල්ලත් මම කියනවට නිකමට හිතලා බලන්න. මොහොතකට කලින් උඩුගුවනේ තිබුනු අහස් යානය දැන් අපි පැත්තට වේගයෙන් එනවා. ඇසිල්ලකින් සිදුවුනු මේ වෙනස නිසා අපි ඒ තැන් වලම ගල් වුනා. ඊලග මොහොතෙ දී කව්රු හරි "දුවමු" කියලා කෑ මොර දුන්නා. මම අහස් යානය එන පැත්තෙන් දකුණට හැරිලා ඉලුක් ගාල පැත්තට දුවන්න ගත්තට මාව ගල්වෙලා. ඒ එක්කම වගේ මාව ඉහලට එසවුනා. ඒ තාත්තා! තාත්තා මාවත් උස්සගත්තා. අපි පස් දෙනා කියන්න බැරි තරම් වේගයකින් ඉලුක් ගාල තරණය කරලා, රූස්ස ගහක් පල්ලෙ බිම දිගා වුනා.

ඒ අතරතුර පාලනයක් නැති අහස් යානව නිදහසේ, ඒත් බය හිතෙන වේගෙන් පොලොව පැත්තට ආවා. පොලොවට සමාන්තරව තවත් ටික දුරක් ගිය අහස් යානය අපි කලින් හිටපු තැනත් පහු කරගෙන ඉස්සරහට ගියා. තටු අවට ගස් කොලන් වල වදින සද්දෙයි, අහස් යානය ගොදුරු වෙන අනිත් අනතුරුයි නිසා ඒ පැත්තම මහ භයානක සද්දවලින් පිරුනා. ඊලග මොහොතෙ දී පළවෙනි වතාවට අහස් යානයේ වම්පැත්තෙ රෝදේ පොලොවේ වැදුනා. ඒ එක්කම රෝදේ ඒක සවිකරලා තිබුනු ආධාරකයේ කොටසතුක් එක්ක කැඩිලා ගියා. ඒක ගිනි පුලිගු පිටකරගෙන අහස් යානයට සමාන්තර ව වේගයෙන් ඉදිරියට ඇදුනා. ඊලගට ආධාරකය පොලවට හිරවුනු නිසා නැවතුනා. ඒ එක්කම අහස් යානයේ අනිත් රොදෙත් කැඩිලා විසි වුනා. මුලු ලෝකෙම එකම තහඩු සද්දෙකින් වැහිලා ගියා. ඒ අතරතුර අහස් යානය තවත් තත්පර ගානක් පොලොව දිගේ ඉදිරියට ඇදුනා. කලින් දැනුම් දීමක් නැතුව ගුවන් තොටුපලට අමුත්තෙත් ගොඩ බහිනවා. ඉතින් මෙයාව පිළිගත්තේ ඊට හරි කෙලින් තිබුනු විශාල පලු ගහක කඳක්. ඉතාම භයානක, ඉතාම විස්මිත, කෙනෙකුට කවදාවත් ලේසියෙන් දකින්න බැරි ඒ හමුවීම ඔන්න ඔය විදිහට පුපුරන සද්දෙකුත් එක්ක තත්පර ගාණකින් අවසාන වුනා!

ඊලගට අහස් යානය ලොකු හුස්මක් පිට කරලා නිහඬ වුනා වගේ දැනුනා. ගුවන්තොටුපල වල ඉගිල්ලෙන්න බලාගෙන සාඩම්බර ලීලාවෙන් ඉන්න අහස් යානා පින්තූර වලින් අපි කොච්චරවත් දැකලා ඇති. ඒත් තමන්ගේ තටු කැඩිලා තැන තැන විසිරිලා ගිය, තමන්ගේ අතපය වගේ තියෙන රෝද ගැලවිලා අසරණ වුනු, පැත්තකට ඇලවිලා, පැත්තකට හැරවිලා තියෙන ගුවන් යානයක් තමන්ගෙ ම ඇස් ඉදිරිපිට තියෙද්දි කොහොමට තියෙයි ද?

ඔය විදිහට තවත් තත්පර ගාණක් කිසි හැලහොල්මනක් නැතිව ගෙවිලා ගියා. හරියට කිසිම දෙයක් නොවුනා වගේ!

අහස් යානයක් පොලොවට කඩාගෙන වැටුනම ඊලගට වෙන දේ අපි කව්රුත් දන්නවා. ඒ අහස් යානය මහ සද්දෙකුත්, ගිනි ජාලාවකුත් පිටකරගෙන පුපුරන එක. අපි චිත්‍රපටි වලිනුත්, ප්‍රවෘත්ති වලිනුත් ඒ ගැන හොඳටම අහලා තියෙනවා. ඒත් තමන්ගේ ඇස් ඉදිරිපිට ඒ වගේ දෙයක් සිද්ධ වෙයි කියලා කව්රුවත් හීනෙකින් වත් හිතන්නෙ නෑ.

මේ මොහෙතේ මගේ හිත තත්පර ගානක් ආ පස්සට ගියා. අහස් යානව අන්තිම වතාවට අ‍පේ ඔලුවලට ඉහලින් යද්දි ඒක ඇතුලෙ හිටපු ගුවන් නියමුවාව මගේ හිතේ ඇදිලා ඇසිල්ලකින් මැකිලා ගියා. ඔව්! අර ජාති ඇඳුමක් ඇඳගෙන වීරයෙක් වගේ උන්නේ. එයා අන්තිම තත්පරේ වෙනතුරු උත්සහ කරන්න ඇති එයාගේ යාලුව ව හොඳම විදිහට ගොඩබස්සවන්න. ඒත් දැන් ඔක්කොම වෙලා ඉවරයි. එයා තවමත් අහස් යානය ඇතුලේ ඉන්නවා ඇති. ඒත් ඒ කොයි විදිහට ද කියලා අපි කව්රුත් දන්නෙ නෑ. එයා වෙනුවෙන් මම යමක් කරන්න ඕන කියලා හිතුනත්, ඒ වෙනුවෙන් කතා කරනවා තියා, හිතන්නවත් මට බෑ. දැන් අපි ඇවිල්ලා ඉන්නෙ කතාවේ භයානකම කොටසට. ඔයගොල්ලත් හිතට අරගෙන මේ කතාව කියෙව්වනම් ඒ විදිහට හිතෙන එක වලක්වන්න  බෑ. අපි දන්න හැටියට තවත් සුලු මොහොතකින් අහස් යානය මහ සද්දෙකින් පුපුරලා ඒක ඇතුලෙ ඉන්න නියමුවත් එක්කලා විනාශ වෙලා යයි.

"අපි මොකද කරන්නෙ.........?" රත්නෙ මාමා ඇහැව්වා.

"ඔහොම්මම ඉන්න...... කව්රුත් නැගිටින්න එපා....“ එහෙම කියාගෙන තාත්තා මාව තව ටිකක් ළඟට කර ගත්තා.

"පයිලට් ඉන්නවද දන්නෑ......?" මම අමාරුවෙන් අකුරු එකතු කර ගත්තා.

“කව්රුත් නැගිටින්න එපා.....“ තාත්තා ආයිමත් අනතුරු හැගෙව්වා.

අපි හැමෝගෙම හිත් මේ වෙද්දි නොදන්න කෙනෙක් වෙනුවෙන් තැවෙනවා. ඒත් අපිට කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ. ඒක හරිම අවාසනාවක්. අපිට තිබුනේ වෙන දේ ගැන බලාගෙන ඉන්න විතරයි. ඉතින් අපි හැමෝම බලාගෙන හිටියා. තාත්තා, මම, චාරුක, ප්‍රදීප් අපි හැමෝම. ඒත් හැම වැදගත් වැඩක දී ම තාත්තට ලියුම් කඩදහියක් එවලා උපදෙස් ගන්න, තාත්තා කියන දේ බොහොම ගෞර‍වයෙන් පිලිගන්න රත්නේ මාමා මේ වතාවේ තාත්තට පිටින් ගියා. තවත් තත්පර ගාණක් අපි වගේ බිම දිගා වෙලා හිටපු රත්නෙ මාමා, ඇසිල්ලකින් නැගිටලා, සරම කැහැපොට ගහගන්න ගමන් ම ගුවන් යානය පැත්තට දිව්වා.

තාත්තාවත්, චාරුකවත්, ප්‍රදීප්වත් මමවත් එයා ව නවත්තන්න හැදුවේ නෑ. ඉලුක් ගාල තරණය කරපු රත්නෙ මාමා, කොන්ක්‍රීට් වලින් හදපු ධාවන පථය හරහා දිව්වා. ඊට පස්සෙ හමුවුනු තණකොල වැවුනු විවෘත බිමේ වේ‍ගයෙන් ඉදිරියට ඇඳුනා. ඊලගට සමතලා කොන්ක්‍රීට් තහඩුව පහුකලා. අන්තිමේ ගුවන් තොටුපල අවසන් වෙලා වනාන්තරය ආරම්භ වෙන පලුගස් යායෙන් එකක හිරවෙලා තිබුනු අහස් යානයට කිට්ටු වුනා. හැමදේටම වඩා ලොකුවට පෙනෙන අහස් යානය ලඟට ගිය රත්නෙ මාමව අපිට පෙනුනෙ බොහොම පුංචි මනුස්සයෙක් හැටියට. මුලින් අහස් යානයේ තටු කෑල්ලක් උඩට නැග්ග රත්නෙ මාමා, නියමු කුටියට ඇතුල් වෙන අගුල අරින්න උත්සහ කරන බවක් පෙනුනා. ඒ උත්සහාය හරි නොගිය තැන එයා එතනින් බිමට පැන්නා. ඊලගට කොට කෑල්ලක් අරගෙන නැවත නැගලා දොරට තඩිබාන සද්දෙ, හුළඟට මුසු වෙලා මොහතකට පස්සේ ඇහුනා. අන්තිමේ තහඩු සද්දෙත් එක්ක තවත් සද්ද ගොඩක් එකතු වෙලා දොර ඇරුනා. බාගදා දොර කැඩුනා. ඒ එක්කම රත්නෙ මාමා නොපෙනී ගියා.

තවත් තත්පර කිහිපයක් කිසිදෙයක් නොවී ගෙවිලා ගියා. ඒ වෙද්දි අහස් යානය පුපුරලා යන වෙලාව හොඳටම ලංවෙමිනුයි තිබුනේ.

ඊලග මොහෙතෙ දී අපි ඔක්කෝමලාගේ ම ඇස් විස්මයට පත් කරලා රත්නෙ මාමා මතුවුනා. ඒ ‍අහස් යානයේ හිටපු නියමුවාව දෑතට ඔසවගෙන. කාකී පාට තනි ඇඳුමක් ඇදගෙන හිටපු නියමුවා, බොහොම ආයාසයෙන් රත්නේ මාමා දිහා බැලුවා. හරියට පොඩි දරුවෙක් නින්දෙන් අවදි වෙලා බලනවා වගේ. රත්නේ මාමා කලන්තෙ හැදිච්ච දරුවෙක් ව ඔසවාගෙන ඉන්න තාත්තා කෙනෙක් වගේ නියමුවාව ඔසවාගෙන හිටියා. එයා මොහොතකට අහස් යානයේ ඉදලා අපි ඉන්න ඉසව්ව දිහා බැලුවා. හරියට වික්‍රමයක් කරපු වීරයෙක් වගේ. ඇත්තටම රත්නෙ මාමා වීරයෙක්!

ඊලග මො‍හොතෙ දී රත්නෙ මාමා නියමුවත් ඔසවාගෙනම අහස් යානයෙන් බිමට පනින්නයි උත්සහ කලේ.

මම මේ කතාවට මුල පුරද්දිම කිව්වා වගේ චිත්‍රපටියක දී හරි ටීවී එකේ යන කතාවක දී හරි නම් මේ විදිහෙ තැනක දී කතාව ඉවර වෙනවා. ඒත් ඇත්ත ජීවිතේ දී එහෙම වෙන්නෙ කලාතුරකින්. ඕනම සිද්ධියක සතුටුම කොටසට පස්සෙ හරි, දුකම කොටසට පස්සෙ හරි, තවත් දේවල් වෙන්න පුලුවන්. ජීවිතේ කවදාකවත් අමතක වෙන්නෙ නැති විදිහෙ. ඒත් ඒ හැමදේම කියන්න ඕනේ කියලා කිසිම නීති පොතක නෑ. අනුන් දන්නේ නැති ඕනම සිද්ධියක් තමන් කැමති තැනකින් නතර කරන්න පුලුවන් අසාධාරණ බලයක් කතාව කියන කෙනාට නිකම්ම ලැබෙනවා. ඒක නිසා මමත් දැන් කතාව ඉවර කරනවා. ඊලගට රත්නේ මාමාටයි, රත්නේ මාමගේ දෑත මත හිටපු ගුවන් නියමුවාටයි, අහස් යානයටයි වුනේ මොකද්ද කියලා මම කියන්නෙ නැත්තේ මෙච්චර දවසක් මේ කතාව අහපු ඔයගොල්ලන්ට අසාධාරණයක් කරන්න හිතාගෙන නම් නෙමෙයි. රත්නේ මාමා වීරයෙක් ද නැද්ද කියලා ඔයගොල්ලන්ට තීරණය කරන්න මේ සිදුවීම් ටික හොඳටම ප්‍රමාණවත් හන්දා.

මෙච්චර දිග කතාවක් මම ඔයගොල්ලන්ට කියන්න තීරණය කලේ රත්නේ මාමා වෙනුවෙන්. රත්නෙ මාමලා වගේ වීරයෝ අපේ රටේ ඕන තරම් තවත් ඇති. තමන්ගේ ජීවිතේ පරදුවට තියලා අනුන්ගේ ජීවිතේ ගැන හිතපු. සමහරුන්ට ඒක මහ මෝඩ වැඩැක් කියලා හිතෙන්නත් බැරි නැහැ. හැබැයි ඒ අයගේ වීරක්‍රියා වලට නියම ලංසුව තියලා, එයාලා වෙනුවෙන් ඉතිහාස පොතේ පිටුවක් වෙන් කරන්න කව්රුත් ඉදිරිපත් වෙන්නේ නෑ. ඉතින් මම දෙවෙනි කොටසෙ දී කිව්වා වගේ ඔයගොල්ලන්ට පුලුවන් වුනානම් තමන්ගේ හිතේ පුංචි කොටසක් හිස් කරලා තියාගන්න, රත්නේ මාමලා වගේ වීරයන්ගෙන් ඒ කොටස නැවත පුරවගන්න - හිත හදාගන්න මීටත් වඩා හොඳ වෙලාවක් එයි කියලා මම හිතන්නේ නෑ.

ඒකයි මම මුලින් ම කිව්වේ කාලයේ වැලි තලාවට අහුවෙලා හැමදේම මැකිලා යනවා කිව්වට එහෙම මකන්න බැරි දේවලුත් තියෙනවා කියලා. අපි හැමෝම එකතු වුනොත් මේ කතාවත් අන්න එහෙම එකක් කරන්න පුලුවන්. අවුරුදු විසිහතරකට පස්සේ හරි!

THE END !

............................................................
- මීට කෙහෙල්කොටුවේ චූටි මහත්තයා.

68 ක් කියන්නේ !:

  1. මේක ඇත්තම කතාවක්ද ? එහෙමනම් උඹටත් මාරම අත්දැකීම්නෙ තියෙන්නෙ. ඒත් මෙහෙම ප්ලේනෙ එකක් වැටිච්ච සිද්දියක් අපි කවදාවත් අහලා නෑනෙ.. කෝ මේ ඉෂාර..?? අනේ ඌව තාමත් අර පුටුවෙ ගැට ගහලද.. ඉක්මනට ලිහහන් අපිට මේකෙ ඇත්ත නැත්ත දැනගන්න..

    රත්නෙ මාමා මටත් වීරයෙක් ! නිකන් වීරයෙක් නෙමේ පට්ටම පට්ට වීරයෙක්. නොදන්නා කෙනෙක් වෙනුවෙන් තමන්ගෙ ජීවිතේ අනතුරේ දාගන්න එක සුළු පටු වැඩක් නෙමේ. මටනම් එහෙම බැරි වෙයි.

    වෙනදා වගේම ඉතින් කතාව සුපිරියටම ඉදිරිපත් කරළා තියනවා.. කල් ගන්නැතුව ආයෙ එකක් ලියමු..නැත්නම් ඉතින් චිත්‍රයක් හරි ඇඳලා දාමු.. සයිබර්යාය අප්ඩේට් වෙන්නැතුව ගියාම ඉතින් තොරණෙ උඩ ලයිට් එකක් පිච්චුනා වගේ..

    ReplyDelete
    Replies
    1. සෙන්නා,

      ඒත් මෙහෙම ප්ලේනෙ එකක් වැටිච්ච සිද්දියක් අපි කවදාවත් අහලා නෑනෙ..// ඔන්න ඔන්න ඉතින් උඔත් ඩීඩීටී වගේ බබා වෙන්න හදනවානේ.... :D

      නොදන්නා කෙනෙක් වෙනුවෙන් තමන්ගෙ ජීවිතේ අනතුරේ දාගන්න එක සුළු පටු වැඩක් නෙමේ. මටනම් එහෙම බැරි වෙයි.//ඔව් මටත් එහෙම බැරි වෙයි. අපි ඔක්කොටම කලින් පේන බලනවානේ..... මෙහෙම වුනොත් කොහොම වෙයිද වගේ.... සමහරු එහෙම නෑ. හිතුනද කලා. ඔය හිතුනද කලා කට්ටියගෙන් මම දන්න හුඟ දෙනෙක් එහෙම කරපුවාම ඒ වැඩේ හරියන අය.


      අනික් කාරණය මේකත් දැන් ලිව්ව එකක් නොවෙයි. අවුරුද්දකට විතර කලින් ලිව්ව එකක්. කට්ටියට කෙහෙල්කොටුව අමතක වෙයි කියලා බයට උඩට ඇදලා දැම්මා.

      Delete
    2. මෙහෙම ගියොත්නම් අමතක වෙයි රජෝ.. තව ප්ලෙන් වැටිච්චා එහෙම ඇතිනෙ..!

      Delete
  2. රත්නෙ මාම ප්ලේන් එකෙන් බිමට පනිද්දිම මහා ගිනි ජාලාවක් එක්ක ප්ලේන් එක පිපුරුව. එහෙම නැත්තං අර මනුස්සය රත්නෙ මාමගෙ ‍අතේම ඇස් පියාගත්ත. ඒ මොකක් උනත් ඇත්තටම රත්නෙ මාමා 'වීරයෙක්' කි‍යන එකට ඒකෙන් හානියක් වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      රත්නෙ මාම ප්ලේන් එකෙන් බිමට පනිද්දිම මහා ගිනි ජාලාවක් එක්ක ප්ලේන් එක පිපුරුව.// මේ අවසානේ නිකං හොලිවුඩ් ගතියක් තියෙනවා.

      අර මනුස්සය රත්නෙ මාමගෙ ‍අතේම ඇස් පියාගත්ත.// මේ ක්‍රමය නිකං පරන බොලිවුඩ් මෙව්වා එකක් වගේ.

      ස්තුතියි ප්‍රසා වීරයෙක් වෙන්න ඒ දෙනෙක්ම බලපැමක් වෙන්නේ නෑ කියලා හිතුවට

      Delete
  3. අපේ මහත්තයට මේක පෙන්නුවාම එයාට යාපනේ පැත්තේ යන්න ආසාවක් ඇවිල්ලා.. චූට් මහත්තයට පිංසිද්ද වෙන්න මට තව බයික් ට්‍රිප් එකක් යතෑකි වගේ... හි හි...

    ReplyDelete
    Replies
    1. දැන් ඔය අපේ මහත්තයා හිතන් ඉන්නෙ පුත්තලම තියෙන්නෙ යාපනේ කියලද ඈ.. ?

      Delete
    2. එහෙ නෙවයිදෙ සෙන්නා තියෙන්නේ... මළා... හි හි..

      අපි දෙන්නා පළවෙනි පාර අනුරාධපුරේ ගිහින් එද්දි වැරදිලා හරෝලා තිබ්බේ යාපනේ පාරට.. හොඳ වෙලාවට පාරෙ හිටපු කෙනෙක්ගෙන් ඇහුවම කිව්වා “ මේ පාරෙ ගියොත් නං යාපනේ තමයි යන්න වෙන්නේ ..” කියලා.. එදා කතා උනා අපි දෙන්නා යං කියලා යාපනේ... ඒක මතක් උනා මේක දැකලා.. ඒකයි එහෙම කිව්වේ..... හි හි

      Delete
    3. හිරු,
      අන්න සෙන්නා හරි උත්තරේ දීලා. යාපනේ යන්නත් පුලුවන් පුත්තලම හරහා. හැබැයි මහා රක්ෂිත වනාන්තරයක් හරහයි යන්න ඕනේ. දන්නවද මොකද්ද ඒ කියලා.

      Delete
    4. ඔය කියන පාරෙන් මම යාපනේ ඉඳන් කොළඹ ආවා. මාර ලස්සනයි ඒ දවස් වල. මට හිතුනේ මම කෙන්යාවේ පාරක යනවා කියලා. පාරේ සමහර කොටස් කොන්ක්‍රීට් කරලා තිබුණේ නෑ. සංගුපිටිය පාලම නම් හදලා තිබුණා.

      Delete
  4. sirawatama hithata wadinawa macho.. math kalayak flying training kala trincomalee airforce base eke... oya kiyapu dewal godak sameepay mata... umbe kathawath ekka matath e dewal mathak una.. good luck...

    ReplyDelete
    Replies
    1. රයන්,

      ස්තුතියි. අද්දැකීමක් තියෙන කෙනෙක් හමුවුනු එක ගැන සතුටුයි. රයන් කුරුලු හමුදාවෙද වැඩ. අපිත් හිටියානේ ඔය කුරුලු හමුදාවේ කාලයක්.

      Delete
    2. චූටි මහත්තයා කියෙව්වනෙ යූරි ගගාරින්ගෙ කතාව. මතකනෙ එයටත් පයිලට් කෙනෙක් වෙන්න හිතුනෙ කඩා වැටිච්ච ප්ලේන් එකක් දැකලා.. ඔයාටත් කුරුළු හමුදාවට යන්ඩ හිතුනෙ මේක දැකලද ? ( මේක අර මෝඩ පුරස්න ගොඩට එකතු කරගත්තත් කමක් නෑ :D )

      Delete
    3. ඔය ප්ලේන් එක වැටුනට පස්සේ වෙච්ච සිදුවීම්, ඒ කියන්නේ හෙලිකොප්පර එහෙම දෙක තුන ඇවිල්ලා පහල ආකාසේ කරකවලා, වැඩ දාලා දුවිලි අවුස්සලා, පණිවිඩ හුවමාරු මෙව්වා වලින් කතා කරලා දාපු වැඩ ටික දැක්කම මට එවෙලේ ගුවන් නියමුවෙක් වෙලා මගේ ප්ලෙන් එක වට්ටගන්න හිතුනා. මොකද අර ගොල්ලන්ගේ සැලකිලි දැකලා.

      Delete
  5. අනේ මන්දා ඔය කොලේ ! .....කතාවේ හොදම තැනින් නං නැවැත්තුවා තමා .එත් ඉතින් අතීතයේ වෙච්ච සිදුවීමක් වාර්තා කිරීම හරියට කරන එක සිදුවීම ඇසින් දුටු අයගේ වගකීමක් . විසේසයෙන්ම වීරයන්ට කරන ගරු කිරීමක් ... හා නැද්ද මන් අහන්නේ ? නැත්තන් ඒ වීරයන්ට කරන ලොකු අසාදාරනයක් ..

    ReplyDelete
    Replies
    1. හෙන්රියා - මෙන්න තව දෙන්නෙක් හොයා ගත්තා. සමීර මලයයි, මන්නා සෙලයයි.

      Delete
    2. ඉවසලා ඉන්න සමීර තව දවස් දෙක තුනක්.

      Delete
  6. හ්ම්! පෝස්ට් ටික කියෙව්වා සෙරම. ඒත් අවසාන වෙනකම් හිටියෙ කමෙන්ට් එකක් දාන්න.

    ReplyDelete
    Replies
    1. ඉෂාර,
      තමුන්නැහේ පොඩ්ඩක් ඔහොම්ම ඉමු තව ටික දවසක්.....

      Delete
  7. බොහොම ස්තුතියි මේ ලිපියට
    Samakaya Wate නලින්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලින් අයිය, නලින් අයියලානම් දන්නවා ඇති මේ ගැන තොරතුරු

      Delete
  8. අපි කවුරුත් අකමැතියි මෝඩ ප්‍රශ්ණ අහලා විහිළුවට ලක් වෙන්න. ඉතින් මම මේ ප්‍රශ්ණේ හැකි තරම් කල්දැම්මා බළල්ලු ලවා කොස් ඇට බාවන්න හිතාගෙන. ඒ කියන්නේ අනිත් උන් කියන දේට උඹ දෙන උත්තර මොනවද කියලා බලලා තේරුම් ගන්න එක. නමුත් උඹත් කපටියා. මේ වෙනකල් එකම කමෙන්ට් එකක්වත් උඹ එලියට දාලා නැත්තේ මම අහපු මෝඩ ප්‍රශ්ණෙම අනිත් උන් හැම එකාම වගෙත් අහලා තියෙන නිසා බව තේරුම් ගන්න තරම් මොළයක් මට තියෙනවා කියලා මම හිතනවා.

    හොඳයි, උඹම කියාපං බලන්න මේ මොහොතේ හැම එකාගෙම ඔලුවලට වද දෙන ජනප්‍රෛයම මෝඩ ප්‍රශ්නය මොකක්ද කියලා.

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      ජනප්‍රියම මෝඩ ප්‍රශ්ණ තුනක් තියෙන්න පුලුවන්.

      01. රත්නේ මාමට මොකද වුනේ?
      02. අහස් යානයටයි, නියමුවාටයි මොකද වුනේ?
      03. ඊට පස්සේ මොකද වුනේ?

      ඔය ප්‍රශ්ණ තුනම එන බව මම කලින් ම දැනගෙන උන්නා. අපි පස් දෙනා ඒ කියන්නේ රත්නේ මාමා, චාරුක, ප්‍රදීප්, අපේ තාත්තා, මම. දැනට අපි පස්දෙනාගෙන් මේ ගැන කතා කරන්න පුලුවන් එකෙකුට ඉන්නේ මම විතරයි. මීට අමතරව මේ ගැන දන්න තව එක “පොරක්“ ඉන්නවා. එයා තමා “අපේ අහස“ බ්ලොග් එක අටවාගෙන ඉන්න ඉෂාර මාමා. මිනිහා මේක මම ලියනවා කිව්ව හැටියේ විස්තර හොයාගෙන තිබ්බා. (එයා ප්ලේන් ගැන දන්නනැත්තං අපිද දන්නේ!) ඒත් එයාට කට උස්සන්න පුලුවන් වෙන්නේ මම කියන වෙලාවට විතරයි. දැනට අපි එයාව පුටුවක බැඳලා - කටේ බයින්ඩිං ටේප් ඔතලයි තියෙන්නේ.

      අනිත් අයගේ කමෙන්ට් දැනට සුරක්ෂිතව තියෙනවා. රයන් මහත්තයගේ කමෙන්ට් එක දැම්මේ එයා කෙහෙල්කොටුවට අද ම ගොඩබැස්ස නිසා සහ මේ ගැන හොඳ අද්දැකීම් තියෙන කෙනෙක් හන්දා.

      “ඉවසන දනා රුපු යුධයට මෙව්වා එක“

      Delete
    2. බුද්ධියෝ,

      ඇත්තෙන්ම මගේ පළවෙනි පළවෙනි ප්‍රධාන ප්‍රශ්ණේ වුනේ "මේ කතාව ඇත්තද බං?" කියන එකයි. උඹ ඒකට දෙන උත්තරේ ඔව්නම් තමයි උඹ ඔය කියන ප්‍රධාන දෙවන ප්‍රශ්න තුන අදාල වෙන්නේ.

      අනික ඇත්ත නම් ඇයි මම කවදාවත් ඔහොම කතාවක් අහලා නැත්තේ කියන එක මම මගෙන්ම අහන්න ඕනෙ එකක්. :D

      Delete
    3. හෙන්රියා,

      මේකට දෙන්න තියෙන සරළම උත්තරේ තමා ෆොන්ට් එක ලොකු කරලා බෝල්ඩ් කරලා ඔව් කියන එක. මේක වුනේ 1989. දැන් උඔගේ වයසත් එක්කලා කල්පනා කරලා බලපන්. අනික පුත්තලටම වැටුනේ එක ප්ලේන් එකක් විතරක් නෙමෙයි. පුත්තලම කලපුවටත් එකක් වැටුනා. වැටුන තැන හඳුන ගන්න ඒ කාලේ ලොකු බැලුමක් වගේ එකක් ඒ හරියේ දාලා තිබුනා. අපි එහේ ගිය වෙලාවේ ඒක බලලා හූල්ල හූල්ල ආවා ඔයිට හරි කෙලින් කලපුව පතුලේ කිරි කරි ප්ලේන් එකක් තියෙනවා නේද කියලා.

      ප්ලෙන් එකක් වැටුනු විස්තරේ කතාවක් හැටියට මම කිව්වට ඒක වාර්තාවක් හැටියට කියන්න පුලුවන් කෙනෙකුත් අපේ බ්ලොග් අවකාශාය් ඉන්නවානේ. ඉතින් ඒ ගැන හිතලා අපිට සතුටු වුනැකි. බාග වෙලාවට එයාට හිතුනොත් මේ ගැන නිළ තොරතුරු හොයලා ලියන්න ඕනෙයි කියලා, අපි කාටත් ඒක සතුටට කරුණක් වෙයි.

      Delete
    4. ඩූඩේ, ඔන්න එහෙනම් මම උඩින්ම අහලා තියනවා ඒ මෝඩ ප්‍රශ්නෙ.. උඹ තවටිකක් ඉවසලා හිටියනන් බලල්ලු ලවා බා ගන්න තිබුනා..

      බුද්ධි, අර කියපු කෙනාට එහෙම හිතක් පහල වෙයිද ?

      Delete
    5. හෆ්ෆටසිලි බුද්ධියො උඹ නාකි පොරක්නේ. :)

      1989 කාලෙ රටේ වෙච්ච දේවල් ගැන පස්සෙ කාලෙක කියවල දැනගත්තුව ඇරෙන්න මට නම් ඒ හැටි මතකයක් නෑ. බලං ගියාම මේක සිරාවටම උඹේ අත්දැකීමක්නේ.

      @ සෙන්නා,

      අනේ ඔවු බං, ඌට ඔහොම හිතක් පහළ උනොත් මටත් සීන් එක මුල ඉඳන් විස්තර ඇතුව දැනගන්න පුළුවන්. උඹත් ගිලිච්ච නැවුයි, දෙකට කැඩිච්චි සබ්මැරීනුයි ගැන ලිය ලිය ඉන්න එකේ පොඩ්ඩක් කියාපංකො ඌට. :)

      Delete
    6. DDT,

      මමත් කියලා බලන්නම්කො.. ඒ වුනාට ඌ මේදවස්වල A350 එක්ක හෙන බිසි බන්.. :D

      Delete
    7. @සෙන්නා. උඹ ඒ ප්‍රශ්ණෙ අහලා තිබ්බා කියලා මම දැනගෙන හිටියා නම් මට සෑහෙන ජොලියක් යන්න තිබ්බා. නමුත් කෙහෙල් කොරොට්ටා අපේ කමෙන්ට් හංගගෙන ටික ටිකනේ එලියට දාන්නේ. හැබැයි මට හිතුනා ඔය ප්‍රශ්ණෙ අහන එකම එකා මම වෙන්න බෑ. දැන් බලාගෙන යනකොට ඒක මෝඩ ප්‍රශ්නයක් නෙවෙයි.

      @DDT: එක අතකට 1989දි හුජ්ජ කොල්ලෝ වගේ හිටපු උඹලා එක අතකට වාසනාවන්තයි. ඒ කාලේ දැනුම් තේරුම් ඇතිව, ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ද වෙන්න පුලුවන් වයස් වල හිටපු අපි නොමැරි මැරුණා.

      @කෙහෙල් කොරොට්ටා: දැන් මට දැවිල්ල හැදිලා තියෙන්නේ මේක මොන රටට අයිති මොන ප්ලේන් එකක්ද කියලා දැනගන්න. මේක උඹ කියන විදියට සැහැල්ලු එයාෆෝස් ප්ලේන් එකක් වගේ. මට එහෙම හිතුනේ පයිලට් විතරක් ආව නිසාත් පොර කාකිපාට ඕවරෝල් එකක් වගේ යුනිෆෝම් එකක් ඇඳලා හිටියයි කියන නිසාත්, උඹ මේක නියමුවන් පුහුණුවෙන යානයක් වගේ කියලා කලින් කොටසක කිව්ව නිසාත්. අනික කොමර්ෂල් ජෙට් එකක් ඔතන බාලා ඔය තරමින් බේරෙන එකත් එච්චර ලේසි නෑ.
      උඹ මේ ගුමුගුමුවක් ගැන කිව්ව එක මට ටිකක් සැකයි. මේක එන්ජින් දෙකක්වත් තියෙන එකක්ද, මේකෙ තිබ්බේ ජෙට් එන්ජින් ද ප්‍රොපෙලර්ද කියලා දැන්ගන්න ඕනේ, අනික මේකෙ එන්ජින් නැවතිලාද තිබ්බේ, එතකොට වෙලා තිබ්බ අවුල මොකක්ද? මේකට ඉශාරව අල්ලගන්නම වෙනවා.

      එතකොට මේ අනතුර ගැන වාර්තා අනිවාර්යයෙන්ම තියෙන්න ඕනෙ. එතකොට උඹ අර කලපුවට කඩා වැ‍ටුනයි කියන එක ගොඩ ගත්තේ නෑයි කියලද උඹ කියන්නේ? වෙන්න බෑ. ඕවට වෙනම ඉන්වෙස්ටිගේෂන් යුනිට් තියෙනවානේ. මම දැනුවත්ව, අපේ එයාෆෝර්ස් එකේ ඒවා හැර කොමර්ෂල් ෆ්ලයිට් දෙකක් කඩාවැ‍ටුනා ලංකාවේ. එකක් සප්තකන්‍යා වල හැපුන DC8 එක. අනික ක‍ටුනායක කිඹුලාපිටියට වැ‍ටුන එක.

      Delete
    8. සෙන්නා,
      මිනිහාව පුටුවේ බැඳලා තියෙන නිසා අහන ඕන එකකට හා කියනවා. බලමු! අපි වගේ ආගිය අතේ කතා ලියන්න බෑහැනේ එයාට, මොකද ඒක එයාගේ ටයි පොල්ලට හොඳ මදිනේ.... හෙහ් හේ.....
      ..................

      ඩීඩීටී,

      හෆ්ෆටසිලි බුද්ධියො උඹ නාකි පොරක්නේ. :)// ඔව් බං. ඒ ලෙවර් අන්තිම පේපර් එක ඊයේ හවස ලිව්වා වගේ හිතිලා තිබුනට හරියට බලද්දි දැන් 2000 ඉපදිච්ච එවුනුත් ලබන අවුරුද්දේ ඕලෙවල් කන අබුද්ධස්ස කලායක් තමා මේක. ඔය අවුරුද්ද වෙද්දි මම එකේ හරි දෙකේ හරි. හරියටම කියන්නත් පුලුවන් ඕන්නං.
      ...............

      ඩූඩ්,

      දැන් මට දැවිල්ල හැදිලා තියෙන්නේ මේක මොන රටට අයිති මොන ප්ලේන් එකක්ද කියලා දැනගන්න. // මේ ගැන උත්තර දෙන්න සුදුසුම පුද්ගයලා තමා දැන් අපි පුටුවක බැඳලා දාලා තියෙන්නේ. හැබැයි එයා බ්ලොග් එකේ කමෙන්ට් කියවමින් ඉන්නේ..... ඊයේ රෑ කිව්ව හැටියට අපිට පොඩි මෙව්වා එකක් තියාගන්න පුලුවන්. උඔ ඔය වැටිච්චි අහස් යානය ගැන අහපු සුවහසක් ප්‍රශ්ණ මිනිහට කටපාඩම් කර ගනිවී - මොකද ඒවට උත්තර දෙනවා කියන්නේ මේ ගැන හොඳටම සාර්ථක ලිපියක් ලියන්න එයාට පුලුවන් වෙන හන්දා. ඒ වගේම පුත්තලම කලපුවට වැටුනු එක ගැන කියනවානම් - ඒකත් උඔ කිව්වට, මට මතක හැටියට ගොඩ ගත්තේ නෑ.

      Delete
  9. මලයෝ මේ කතාව බලත්දි අපේ පොඩ්ඩෝ දෙන්නත් පැන්න මැද්දට , මොකද කතාවේ මාතෘකාව ටිකක් අද්භූත දෙයක් නේ , හරිම ලස්සනයි , පරණ කතා ටිකත් ආයෙත් බලන්න වේවි වගේ දෙන්න එක්කම .

    ස්තුතියි ඔබට

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියණ්ඩි, කතාව මුල ඉදලා කියවගෙන යන්න.... දිග වැඩි නෑ නේද? හෙහ් හේ

      Delete
  10. රත්නේ මාමා වීරයෙක් තමා.... තමන් ගැනවත් නොසිතා වෙන කෙනෙක්ගේ ජිවිතයක් බේරා ගන්න ගියා කියන එකම මදැයි.... ඒත් අනේ අන්තිමට මොකද වුනේ කියල හිතා ගන්න බැරුව මගේ හිත මෙව්වා වෙලා..... :(

    ReplyDelete
    Replies
    1. මෙන්න හෙන්රියා තවත් එක්කෙනෙක්.....

      ඉතුරු අය තවම පරිස්සම්

      Delete
    2. සමනලී,

      ඔය මෙව්වා වෙච්ච හිත් හදා ගන්න තව ටික දවසකින් පුලුවන් වෙයි.

      Delete
  11. බලාපොරොත්තු නොවූ අවසානයක්. රත්නේ මාමා ගත්තේ අභීත තීරණයක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සූදීක, ප්ලෙන් එක අහසේ තියෙන වෙලාවේ ඉදලා වැටෙනකල් ම නොසැලී අපිත් එක්ක හිටපු එක ගැන.

      Delete
  12. ම් ........ තියෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්ට ඕන සද්ද නැතුව පණ්ඩිතය වගේ. මූම අන්තිමට එළියට දාන්නෙ නැතෑ මොකෑ උනේ කියල. මැදෑ, මුගේ පස්සෙන් එළෝගෙන ආවා දවස් තුනක් උනේ මොකක්ද බලාගන්න.

    ReplyDelete
    Replies
    1. ඩිඩීටී, ස්තුතියි. වෙන දෙයක් බලාගෙන ඉන්න එහෙනම්. හෙහ් හේ

      Delete
  13. පාඨකයාට මහ අසාධාරණක් මේ කරල තියෙන්නෙ . අර හංගන් ඉන්න එක්කෙනාගෙන් චාටුවක් දාල අහගන්න ඕනෙ :D

    ReplyDelete
    Replies
    1. එහෙම කියලා තිබ්බොත් එයා එයාලේ මහගෙවල් පැත්තේ යනවා බොරු!

      Delete
  14. උඹ වැඩිය සද්දේ දාන්න එපා..මට හිතුනොත් හෙට උදේම බයිසිමොටෝවේ නැගලා ඔය කියන තැනට ගිහිං හරි විස්තරේ අහං එනවා හරිය..? නිකං කුතුහලේ අවුස්සලා මාව නරක මිනිහා කරගන්න එපා...

    හැබැයි පුතෝ උඹ දැක්කේ ගුවන් අනතුරු එකයි... අවාසනාවකට මං මේ වෙද්දි දෙකක් දැකලා තියේ... මතකනේ ඒවා... බලං ගියාම බ්ලොග් ලියන කුරුළු හමුදා බත් කාපු උන් දෙන්නම ඉස්සරහා ප්ලේන් කඩා වැටීමේ සම්බාවිතාවක්ද මොකක්ද එකක් තියේ වගේ...

    ReplyDelete
    Replies
    1. ඔවු ඉතිං උඹල උඩ යන ප්ලේන් එකකකටවත් පාඩුවෙ යන්න දෙන්න එපා ඒක දිහා කටඇරං බලාහිටහං බිමට වැටෙනකල්. :D

      Delete
    2. හැබැයි අරවගේ කිරිටොයියෙක් මෙව්වා වෙනවා දකිනවා කියන එකත් ලේසි පාසු පුතයෙකුට ලැබෙන චාන්ස් එකක් නෙමෙයි තමා. කොච්චර අප්සෙට් කාර‍‍නයක් වුනත්. ඇංජිම සිටාට් කොරාපු වෙලාවේ ඉදලා අල්පෙනෙති බෝතලේ මේසේ උඩ දුවන තරම් මෙව්වා එකක් තියන එකක් ගින්දරෙන් වැහිලා යනවා කියනකොට නේද?

      ...................

      ප්‍රසා, ආ............ අපි නැත්තං කොරයි උඔලා! හෙහ් හේ...

      Delete
  15. මේකනං මාරම චෑන්ස් එකක්... උබ ගැන මට මාර ඉරිසියාවක් එන්නේ... මේක මහා පව්කාර සිතුවිල්ලක් කියලා මට දැන් තේරෙනවා... ඒත් පොඩිකාලේ මගේ හෙන ආසාවක් තිබ්බා ප්ලේන් එකක් කඩන් වැටෙද්දී එතන බිමඉන්න... ඒකාලේ අපි හිටියේ කටුනායකට ටිකක් ලඟ... ඒ හරියෙන් සමහරවිට ප්ලේන් පාතින් යනවා...හිටපු ගමන් ඒවායේ අමුතු සද්ද එද්දී මට හිතෙනවා අඩේ කඩන් වැටෙන්නවත්ද කියලා... ඒත් ඉතින් ටිකකින් ඒවා නොපෙනි යනවා... උඹ ඒ අතින් මාර වාසනාවන්තයි...

    ReplyDelete
    Replies
    1. ප්ලේන් එකේ යන මිනිස්සු ඇරුනම ගොඩක් මිනිස්සුන්ගේ යටි හිත් කැමතියි ප්ලේන් එකක් කඩා වැටෙනවා දකින්න..... ඒක පව්කාර සිතුවිල්ලක් වෙන්නේ ඒකේ යන මිනිස්සු ගැන හිතුවොත්.... යටි හිත හිතන්නේ අර දුර්ලභ අවස්ථාව ගැන විතරයි. මහාපාරේ අනතුරක්, කෝච්චි අනතුරක් දකින්න කොහෙත් ම අකමැති මිනිස්සු පවා ප්ලෙන් එකක් කඩාගෙන වැටෙනවා නං කැමති ඒ බොහොම දුර්ලභ අරුම පුදුම වස්තුව ලඟටම ගිහිල්ලා බලන්න ලැබෙන හංදා ද දන්නේ නෑ....!

      කොහොමත් ප්ලේන් එකක යද්දි පියාඔන්න බැරි අපි මේ යන්නේ අඩි දහස් ගාණක් උඩ දී කිසිම දෙයක වාරුවක් නැතුව හුලගේ පාවෙන තහඩු බටයක් අස්සේ නේද කියලා දැනෙද්දි බොක්ක සේරම කූල් වෙලා යනවා. එහෙව් අපි පොලොවට බැස්සම ඒකම වැටෙනල් බලාගෙන ඉන්නවා..... !

      Delete
  16. මං නෙවෙයි මොනවත් ලියන්නෙ., කාලයට ඉඩදී බලං ඉන්නවා. හොඳ වෙලාවට අනිත් කමෙන්ට් ටිකයි එවුවට දීපු උත්තරයි කියෙවුවෙ..

    ReplyDelete
    Replies
    1. සරත් අයියා, බලාගෙන ඔයාවත් අර වැලි තලාවෙන් වැහිලා යයි.. :D

      Delete
    2. සත්‍ය කවදා නමුත් හෙලි වෙනවා කියලා මම අන්තිමට ඇහැව්වේ එක අවුරුද්දක මැයි පළවෙනිදට කලින් දවසේ ඡන්ද රැස්වීමක දී (ටීවී එකේ)... අන්තිමේ හැම දේම හෙලිවුනා.....

      ඒ වගේ තමා මේකත්. නිළ තොරතුරු අපේ ප්ලේන් ඉෂාර මහත්තයා කවදක හරි එලියට දැම්මොත් - මේ කතාවේ ඉතුරු ටික කාටත් අනුමාන කරන්න පුලුවන් වෙනවා. එහෙම වුනාට පස්සේ මම නැවත ඉතුරු ටික කියනවා. ඉෂාර මහත්තයගේ ටයි එකට නිවාඩුවක් ලැබුනු හැටියේ සමහර විට මේ කතාව ගැන ලියන්නත් ඉඩ තියෙනවා. ලියන්න ලැබේවා කියලා තමා මගෙත් මෙව්වා එක.... එතකල් රත්නේ මාමාලා ඔයවිදිහටම උන්නාවේ.

      Delete
  17. ඔන්න කියවලා ඉවර කරා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අලුත් යාලුවේ!

      Delete
  18. මේක බොරුවක් නම් හොඳයි අප්පා . ඇත්ත බොරු කෙසේ වෙතත් රත්නේ මාමා වීරයෙක් .. ආයේ ඒකෙ දෙකක් නැහැ .

    අහසින් යන හැම වෙලාවකම හිතෙනවා ගුවන් යානයක් කියන්නේ කොච්චර පුදුම නිර්මාණයක්ද , පයිලට් කෙනෙක් කියන්නේ කොච්චර දක්ෂ කෙනෙක්ද කියල .

    මේ වගේ කතා බ්ලොග් එකක විතරක් හැංගෙන්න නොදී පොතක් වෙලා එලි දකිනවා නම් කොච්චර අගේද .

    ReplyDelete
    Replies
    1. අහසින් යන හැම වෙලාවකම හිතෙනවා ගුවන් යානයක් කියන්නේ කොච්චර පුදුම නිර්මාණයක්ද , පයිලට් කෙනෙක් කියන්නේ කොච්චර දක්ෂ කෙනෙක්ද කියල . // මට නංහිතෙන්නේම මේ තහඩු බටයක හිරවෙලා මෙච්චර උඩ ආවේ මොකටද තටු දෙකක් වත් නැතුව කියලා.....

      මේ වගේ කතා බ්ලොග් එකක විතරක් හැංගෙන්න නොදී පොතක් වෙලා එලි දකිනවා නම් කොච්චර අගේද . /// පොතක් ගහන්න කව්ද අකමැති... ඒක් ඒ කතාවේ ඇත්ත නැත්ත අරුනි අක්කගේ ලිපියෙන් කියෙව්වට පස්සේ ඒ ආසාව වතුර දැම්මා වගේ නිවිලා ගියා. කවදා හරි කෝටිපතියෙක් වුනාම ඒ ගැන සලකලා බලන්ඩ ඕනැ.... ස්තුතියි දිරිගැන්වීම වෙනුවෙන්

      Delete
  19. Indranatha Thenuwara

    ඔබේ පරිකල්පනය, සංකල්පය වගේම භාෂාව හැසිරවීමත්, අවසානය දක්වා ම රසිකයා ඊට ආසක්ත ව බඳවා ගැනීමත් අති විශිෂ්ටයි. නමුත් අවාසනාවකට ඔබේ බ්ලොගය මත ඊට වචනයක් ලියන්න බැහැ. මීට පෙර අවස්ථා ගණනාවක ම මා ලියූ දේ එහි නැහැ.

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එක මම ම කට් කරලා - මෙතන ඇලෙව්වා. මට ම බලලා සතුටු වෙන්න.

      Delete
  20. ඕකනේ නන්දා මාලිනී කිව්වේ පිළිම නෙලා නැති විරුවන් පිරිසක්, සැමරුම් දින නැති විරුවන් පිරිසක් ඉන්නවාය කියලා.

    දවස් තුනක් කියවලත්, "සියල්ල හෙලිවෙයි" කියලා මාතෘකාව දාලත්, තාම සියල්ල හෙලි කරලා නෑ... අම්මපා ආණ්ඩුවේ කන්තෝරුවක්මයි.... දැන් කියනවා තව ඉවසන්නලු.... මෙහෙම අපූරුවට ලියන්න හැකියාව තියන නිසා ඉවසනවා.. නැත්තං අපේ තාත්තා කියන්නා වගේ මුන්ට ගහන්න ඕනේ බූවල්ලට හුජ්ජ කරලා...

    ReplyDelete
    Replies
    1. තිසර,
      නන්දා මාලනී නෝනා කලින් ඉපදුනු හන්දා, නැත්තම් ඔය කතාව මුලින්ම කියන්න හිටියේ මමයි. ඔය බූවල්ලේ කතාව මම අහලා තියෙන්නේ ටෙලි නාට්‍යයකින්. මට මතක හැටියට පිටගම්කාරයෝද කොහෙද? දයා අල්විස් මහත්තයා කියන්නේ..... මට තේරුන හැටියට ඔහොම කරන්නේ පොරොන්දුවක් දීලා ඒක ඉටුකරලා දෙන්න බැරි වුනාම නේද? - දැන් මෙතන එහෙම එකක් වෙලා තියෙනවද ? :D

      Delete
  21. අයියා උබත් ඒ පාර සම්භාව්‍ය ෆිල්ම් ගහන්ඩ පටන් ගත්තද.

    (සම්භාව්‍ය යනු - කතාව ඉවර උනාම කුනුහබ්බ මතක් වෙන එවා)

    ReplyDelete
  22. මේ වගේ සිද්දියක් මට මතකයි, කාල වකවානුව සමානයි වගේ,ප්‍රදේශයත් සමානයි වගේ , හැබැයි තව එවැනිම ගුවන් යානයක් මේ හදිසි ගොඩබැසීම නිරීක්ෂණය කලා, එම යානයේ නියමුවා මෙම නියමුවාට යානයෙන් එලියට පනින ලෙස දැන්නුවත් ,ඔහුට යානය ආරක්ෂා කාරී ලෙස land කරන්ඩ ඕනෙවෙලා වැවු පිටියකට වගේ තැනකට land කලා. ඔය තමයි මම දන්න විස්තරේ. මේ එයනම් අර විස්තරේ ලියන්ඩ ඉන්න මල්ලිට තොරතුරු ටිකක් හොයල දෙන්න පුළුවන් වෙයි .
    පොඩි කාලෙ පොල් ගහකට බඩගාලා බැහැගන්න බැරුව ' තටු නැති මම මොකට මේකට නැග්ගද 'කියන සිතුවිල්ල තවම මටත් ගුවන් යානයක යනකොට ඇතිවෙනව

    ReplyDelete
  23. උපේන්ද්‍ර, සමහරක් සම්භාව්‍ය ෆිල්ම් ඉවර වෙන්නේ - ඉවරවෙන්න ඕනැ තැනට කලින්.

    .................

    කම්මල, මේ ඒක ද කියලා මම දන්නේ නෑ. හැබැයි එකක් කිව්වැකි. මේ යානයට වුනු දේ ගැන කව්රුත් පැය දෙක තුනක් යනතුරු දැනගත්තේ නෑ. ඒ ගැන යමක් කියන්න ම වෙනවා වගේ දැන්. එතකොට ඔය කම්මල අයියා කියන ප්ලේන් එකත් එක්ක ප්ලෙන් 3 ක් වැටිලා තියෙනවා වගේ..........

    ReplyDelete
  24. පැය දෙකතුනක් යනකම් දැනගත්තේ නැහැ ..මොකද මුද්ධියා ඇහැරෙන්න එපාය ඒගැන අනික් අය දැනගන්න නැද්ද ..හික්

    ReplyDelete
    Replies
    1. මොකද්ද මේ කියන්නේ මට තේරෙන්නේ නෑ.

      Delete
  25. //චිත්‍රපටියක දී හරි ටීවී එකේ යන කතාවක දී හරි නම් මේ විදිහෙ තැනක දී කතාව ඉවර වෙනවා. ඒත් ඇත්ත ජීවිතේ දී එහෙම වෙන්නෙ කලාතුරකින්. ඕනම සිද්ධියක සතුටුම කොටසට පස්සෙ හරි, දුකම කොටසට පස්සෙ හරි, තවත් දේවල් වෙන්න පුලුවන්. ජිවිතේ කවදාකවත් අමතක වෙන්නෙ නැති විදිහෙ. //

    මේක නම් සහතික ඇත්ත..විශේෂයෙන් බ්ලොග් පෝස්ටුවක් කියවන්න ඇවිත් කතාව බලලා තව සතියක පස්සෙත් ඒක මතක් කර කර ඊට පස්සේ ඒ කතාවට මොනවා වෙන්න ඇතිද කියලා හිතෙන එකත් අමතක වෙන්නැති වැඩක්..
    වෙල්කම් බැක් චූටි මහත්තයා..

    ප/ලි අර කැමරා පෝන් එකක් අරන් එන්න කීවේ මක්කටැයි?

    ReplyDelete
    Replies
    1. මේක නම් සහතික ඇත්ත..විශේෂයෙන් බ්ලොග් පෝස්ටුවක් කියවන්න ඇවිත් කතාව බලලා තව සතියක පස්සෙත් ඒක මතක් කර කර ඊට පස්සේ ඒ කතාවට මොනවා වෙන්න ඇතිද කියලා හිතෙන එකත් අමතක වෙන්නැති වැඩක්..//

      අල්ලා දාන්ඩ.... ඉතුරු ටික දවසක ඉෂාර මාමා කියයි.

      //වෙල්කම් බැක් චූටි මහත්තයා..// රූ වෙල්කම් බැක් නං දෙනවා ගෙදර ගෙනියන්නත් එක්කලා.... ඒ කියන්නේ මම එක කතාවක් දාලා අනික් කතාව දාන කාලය හරියට බ්ලොග් එක නවත්තලා පටන් ගන්න කාලෙට සමානයි වගේ නේද?


      කැමරා පෝන් එක අනතුරු වීඩියෝ කරගන්න පුලුවන් වෙන්න.....

      Delete
  26. ඒ කියන්නේ මේක හීනයක් නේ කියල ..නැද්ද

    ReplyDelete
    Replies
    1. හීනයක් නෙමෙයි. බොරුනං ඉෂාරගෙන් අහලා බලන්ඩ.....!

      Delete
  27. අද තමා කොටස් තුනම කියෙව්වේ. මොනවා වුනත් රත්නෙ මාමා නම් වීරයෙක්. Google Earth එකෙන් ගිහිල්ලා Airport එකත් ටිකක් බැලුවා. අර කිව්වත් වගේ දුම් බටේ නම් හරි කෙළින්මයි තියෙන්නේ.

    ඉතුරු ටිකත් කිව්වොත් නරකද?

    ReplyDelete
  28. රත්නේ මාමා වීරයෙක් තමා. තමන්ගේ ජීවිතේ අනතුරේ දාගෙන අනික් අය වෙනුවෙන් කැපවෙන එක වීරකමක් කියලා තමා මමත් හිතන්නේ.

    මේ කතාවේ මුල හරිය කියවද්දී මට හිතුණේ සිමෙන්ති කම්හලේ දුම් බටේ නිසා ගුවන් තොටුපොළ අවුල් වෙයි කියලා ඒ කාලේ එකෙක්ට වත් හිතිලා නැද්ද කියලා

    ReplyDelete

ඔබේ පංගුව...

Related Posts Plugin for WordPress, Blogger...