2013/07/09

අහසින් පැමිණි අමුත්තා !

කාලයේ වැලි තලාවට අහුවෙලා හැමදේම මැකිලා යනවා කිව්වට, ඒ විදිහට මකන්න බැරි දේවලුත් තියෙනවා. මේ කතාවත් අන්න එහෙම එකක්!

එදා අපි ඔක්කෝමලාගේ ඇස් විස්මයට පත් කරලා රත්නෙ මාමා මතු වුනා. ඒ ‍අහස් යානයේ හිටපු නියමුවාව දෑතට ඔසවගෙන. කාකී පාට තනි ඇඳුමක් ඇදගෙන හිටපු නියමුවා ව, කලන්තෙ හැදිච්ච දරුවෙක් ව වඩාගෙන ඉන්න තාත්තා කෙනෙක් වගේ රත්නෙ මාමා අත් දෙකෙන් ඔසවාගෙන හිටියා. එයා මොහොතකට අහස් යානයේ ඉදලා අපි ඉන්න ඉසව්ව දිහා බැලුවා. හරියට වික්‍රමයක් කරපු වීරයෙක් වගේ. ඇත්තටම රත්නෙ මාමා වීරයෙක්!

ඊලග මො‍හොතෙ දී රත්නෙ මාමා නියමුවත් ඔසවාගෙනම අහස් යානයෙන් බිමට පනින්නයි උත්සහ කලේ.

චිත්‍රපටියක දී හරි ටීවී එකේ යන කතාවක දී හරි නම් මේ විදිහෙ තැනක දී කතාව ඉවර වෙනවා. ඒත් ඇත්ත ජීවිතේ දී එහෙම වෙන්නෙ කලාතුරකින්. ඕනම සිද්ධියක සතුටුම කොටසට පස්සෙ හරි, දුකම කොටසට පස්සෙ හරි, තවත් දේවල් වෙන්න පුලුවන්. ජිවිතේ කවදාකවත් අමතක වෙන්නෙ නැති විදිහෙ. 

හරියට මම දැන් කියන්න යන කතාව වගේ...!

දවසක අපි ගියා තාත්තගේ යාලුවෙක්ගේ දිහා නිවාඩුවක් ගත කරන්න. එයාගේ නම රත්නපාල. අපි කිව්වේ රත්නේ මාමා කියලා. හැම වෙලාවෙම හිනා වෙලා ඉන්නවා වගේ පෙනෙන විදිහටයි එයාගේ මුණ හැදිලා තිබුනේ. හැබැයි රත්නෙ මාමාලා ජීවත් වෙන ශුෂ්ක පලාත, එයාගේ ඇඟ හොඳටම ශක්තිමත්, වේලිච්ච පෙනුමකට හරවලයි තිබුනේ. රත්නේ මාමගේ නෝනාගේ නම නන්දාවතී. කටහඩ බාබර් කෙනෙක් ගාව තියෙන දැලි පිහියක් තරම් තියුණුයි. නැන්දා කොයිතරම් ආදරබර විදිහට මට කතා කලත් ඒ හැම වෙලාවක ම මගේ කන්බෙරේ කොඩියක් වගේ ලෙළ දුන්නා. බාග දා පලා ගිරවෙකුට හරි සැළලිහිනියෙකුට හරි ඒ කටහඬ තිබුනා නම් එයාලා හැබෑ ආඩම්බරකාරයො වෙනවා. රත්නේ මාමටයි නන්දාවතී නැන්දාටයි හිටියා පුත්තුරු දෙන්නෙක්. එක්කෙනෙක් ප්‍රදීප්. අනිත් කෙනා චාරුක. ප්‍රදීප් මට වඩා අවුරුදු දෙකක් වැඩිමල්. චාරුක මගේ වයස. ඒ ගොල්ල ගැන විස්තරේ ඔය ඇති.

රත්නේ මාමා තාත්තගේ හැම යාලුවෙක් ම අතරින් විශේෂ වෙන්නේ එයාලගේ පදිංචිය ගැන සලකලා බලද්දි. මොකද රත්නේ මාමා එයාලගේ ගේ හදලා තියෙන්නේ ගුවන් තොටුපලක. ඔව්! ඕගොල්ලන්ට ඇහුනා හරි. රත්නේ මාමලාගේ පදිංචිය ගුවන් තොටුපලක.

පුත්තලම පැත්තේ තිබුනු මේ ගුවන් තොටුපල හදලා තියෙන්නේ සුද්දෝ. එයාලා ලෝක යුද්දෙට පැටලිච්ච වෙලාවේ. සුද්දෝ රටින් යද්දි කාටත් ගුවන් තොටුපල අමතක වුනා. කාලයක් ගිහිල්ලා ගුවන් තොටුපලට එන ප්‍රධාන පාරට විරුද්ධ පැත්තේ කැලෑව සුද්ද කරලා අපේ කට්ටිය පුත්තලමේ සිමෙන්ති කම්හල හදලා තියෙනවා. අවාසනාවක මහත කියන්නේ සිමෙන්ති කම්හලේ ප්‍රධාන දුම්බටේ හිටියේ ගුවන් තොටුපලේ ප්‍රධාන ගුවන් ධාවන පථයට හරි කෙලින්. මං කියන්නේ බොරු කියලා හිතෙනවා නම් ඔයගොල්ලන්ටම පුලුවන් Puttalam Airport, B348, Puttalam, North Western Province කියලා ගූගල් සිතියමෙන් හොයලා, ඒක පොඩ්ඩක් පොඩි කරලා දකුණු අත පැත්තේ උඩින් තියෙන සිමෙන්ති කම්හලත් හොයාගෙන සැක හැර ගන්න. ඉතින් සිමෙන්ති කම්හලේ වැඩකට නැති දුම් බටයක් හන්දා ගුවන් තොටුපලෙන් ගුවන් යානා ගුවන් ගත කිරීම අන්තිම අවධානම් දෙයක් වුනා. අපේ කට්ටියට ඕක දැනෙද්දි කෝච්චිය ගිහිල්ලා ඉවරයි. ඉතින් කාලය අයිතිකරගත්තු ගුවන්තොටුපලට හිමින් සීරුවේ රූස්ස ගස් එක්කහු වුනා. කාලයයි, රූස්ස ගසුයි එකට එක්කහු වුනු තැනක තියෙන ඕන දෙයක් ලෝකයෙන් හැංගිලා යන්න එච්චර කාලයක් ගත වෙනවා කියලා මම අමුතුවෙන් ඕගොල්ලන්ට කියන්න ඕන නෑනේ! ඔන්න තවත් කාලයක් ගත වුනාට පස්සෙයි රත්නෙ මාමලායි එයාලගේ යාලුවොයි මේ පැත්ත හොයාගෙන තියෙන්නේ. ඉතින් රත්නේ මාමලාට ම කියලා ඉඩම් කඩමක් නොතිබුනු හන්දා මේ රූස්ස කැලේ, නැත්තම් රත්නේ මාමලා කියන හැටියට “එයාපෝට් කැලේ“ ඒ ගොල්ලන් අයිතිකරගෙන කැලෑ මැද්දෑවේ තමන්ට හොඳයි කියලා හිතෙන තැන් එලිපෙහෙලි කරලා ගෙවල් හදාගෙන තියෙනවා.


රත්නේ මාමලාගේ ගෙදර ආපු දවසේ හවස් වරුවේ, මද්දහනේ අන්තිම හරියෙ තියෙන උණුසුම් සැපදායක වටපිටාවට කිමිදුනු අපි අඩුම කුඩුම සේරමත් එක්කලා දෙවැටෙන් එලියට බැස්සා ඔය කියන ගුවන් තොටුපල බලන්න යන්න. මම මේ නිවාඩුවට වැඩියෙන් ම කැමති වුනෙත් “ගුවන්තොටුපලකට ගිහිල්ලා කකුල්වල සෙරෙප්පු නැතුව ගුවන් ධාවන පථයක ඇවිදින්න පුලුවන් වෙනවා කියන ඒ පුදුම සහගත සිතුවිල්ල හන්දා ද?“ කියලා කව්රු හරි ඇහැව්වොත් මට ඒකට එකඟ වෙන්න වෙනවා. කොහොමහරි ටිකක් දුර යද්දි අම්මලාගෙ කටහඬවල් මැකිලා ගියා. අපි මහ ඉලුක් යායකට මැදි වුනා. ඉලුක් යාය තරණය කරපු හැටියේ අපි අඩිය තියන්නෙ ගුවන් තොටුපොලේ ගුවන් යානා නතර කරලා තිබුනු බිමට. ඉලුක් යාය තරණය කිරිල්ල එහෙම ලේසියට කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. එක ඉලුක් ගහක් හරියට බැලුවොත් මගේ ඉණටත් වඩා උසයි. මුලින්ම රත්නෙ මාමා දිගටි දණ්ඩකින් ඉලුක් යායේ යාන්තමට මතුවෙලා තියෙන පාර පාදමින් ගියා. ඊට පස්සෙ අපි තුන්දෙනා වැවක පීනන දියබරි තුන්දෙනෙක් වගේ ඉලුක් යායේ පීනගෙන ඉදිරියට ඇදුනා. අන්තිමේට තාත්තා ආවා.

ඉලුක් යායෙන් එලියට මතුවුනු හැටියේ මට හුස්ම හිරවුනා. මේකද ගුවන් තොටුපල. කාලෙකට කලින් හරිම සද්දෙට, හරිම ගාම්භීර තාලෙට තිබුනු. අවට අහස ගුවන් යානා වලින් පිරිලා තිබුනු! මම දැකලා තියෙන ලොකු ම දේටත් වැඩිය ලොකු තැනිතලාවක් මේක. මම දැන් කූඹියෙක් වගේ පුංචි වෙලා කියලා හිතුනා. ගුවන් තොටුපල රූස්ස ගස්වලින් හැදුනු මහ වනාන්තරයකින් වටවෙලා. වෙලාවකට අපි ඇවිල්ලා ඉන්නෙ ලොකුම ලොකු කෝප්පයක් ඇතුලට ද කියලත් හිතුනා. ගුවන් තොටුපලේ තිබුනු හැමදේම නටබුන්. ඒවා මොනවා හරි විස්තර ගොඩක් හංගාගෙන හිටියා. නැත්තම් එයාලා අපිට දෙයක් කියන්න බලාපොරොත්තුවෙන් හිටියා. නමුත් එයාලට කතා කරන්න බෑ. ඈතට වෙන්ඩ ගරාවැටුනු ‍‍තට්ටු ගොඩනැගිලි දෙක තුනක් තිබුනා. ප්‍රදීප් කියපු හැටියට එයින් එකක්ලු පාලක මැදිරිය. ඒ ගොල්ලන්ගෙ තාත්තලා කතා උනාලු, මෙහෙ පදිංචියට එද්දිත් ඒ ගොඩනැගිලි වල උගුල්ලගෙන නොගිය සමහර උපරකරණ තිබුනායි කියලා. දැන් නම් ඒ උපකරණ විතරක් නෙමේ ගොඩනැගිලිවල උලුවහු දොර ජනේල් සේරම කව්රු හරි ගලවගෙන ගිහිල්ලා. හැබැයි පඩිපෙලී තවමත් තිබුනා. ඒ ගොඩනැගිලි දකිද්දි මගේ පපුව හිරවුනා. කාලෙකට කලින් බොහොම විරාජමානව, බරසාර විදිහට හිටපු එයාලා දැන් යුද්ධෙකට මැදිවුනු අසරණයෝ පිරිසක් වගේ අබ්බගාත වෙලා. ගුවන් තොටුපලට නැගෙනහිර පැත්තෙන් පටන් ගත්තු හුළඟ නොනවත්වාම බටහිර පැත්තට හැමුවා. බාග දා මගේ ඉනට ලණු පොටක් බැඳලා පස්සට ඇද්දනම් මාවත් සරුංගලයක් වගේ උඩ යන්න තිබුනා.


"එන්ඩකෝ.... අපි අර පැත්තට යං... දුවමූ............“

චාරුකයි ප්‍රදිපුයි අතිනුත් සන් කරගෙන ඒ පැත්තට දුවන්න ගත්තා. මමත් පස්සෙන් පැන්නුවා. ඒ පැත්ත ම වැහිලා තිබුනේ සරුංගල් අරින ළමයින්ගෙන්. සමහර සරුංගල් ඉර ගාවට ම ලංවෙලා.  අපි දුවගෙන ගියේ දැවැන්ත කොන්ක්‍රීට් පාරක. ඒ පාර නොපෙනෙන තැනකින් පටන් අරගෙන, කෙලින් ඇඳපු ඉරක් වගේ ඇදිලා ගිහිල්ලා අනිත් පැත්තෙන් අතුරුදන් උනා. ළමයි සරුංගල් යවමින් හිටියෙ ලොකුම ලොකු සමතලා බිමක. ඒ බිම තාර දාලා නියම විදිහට සමතලාවට හදලා තිබුනා. සමහර ළමයි ඒ මත්තේ දිගෑදිලා සරුංගල් දිහා බලාගෙන උන්නා. තාර බිමේ සුදු පාට ඉරි වලින්  මොනවද දේවල් සලකුණු කරලා තිබුනා. ඒ ‍ඉරි මොනවද, ඒවයේ ප්‍රයෝජන මොනවද කියලා අපි කව්රුත් දැන ගෙන හිටියෙ නෑ. ප්‍රධාන කොන්ක්‍රීට් පාරෙන් වම් පැත්තට ගියාම තියෙන්නෙ තවත් හිස් බිමක්. ඒ බිමේ ළමයි ක්‍රිකට් සෙල්ලම් කරනවා. ඒ ගොල්ල තණතිල්ල හැටියට පාවිච්චි කරන්නෙ ඒ කාලේ හදිස්සියකට හෙලිකොප්ටරයක්, දෙකක් ආවොත් බස්සන්න වෙන්කරපු කොන්ක්‍රීට් තහඩුව. ප්‍රධාන කොන්ක්‍රීට් පාරට දකුණු පැත්තේ ඊට සමාන්තරව තවත් දිග පාරක් අතුරු පාරවල් වලින් සම්බන්ධ කරලා තිබුනා. ඒක වාහන යන මහ පාරවල් දෙක තුනක් තරම් පලලට, නියම  විදිහට සමතලා කරලා, සුදු ඉරි ගහලා හදපු ජාති පාරක්. අවුරුදු ගාණක් ගිහිල්ලා වුනත් තාමත් ඒ පාර අලුත් වගේ පෙනුනා. හැබැයි තැනින් තැන පැලිලා ඒ අතරින් ගස් නම් මතුවෙලා. මීට අමතරව ගුවන් තොටුපල පුරාම කුඩා පාරවල් හැම තැනම දිව්වේ තවත් විස්තර කරන්න බැරි තරම් විස්මිත දේවල් අතරින් රිංගන ගමනුයි. බයිසිකල් තියෙන සමහර ළමයි මේ පාරවල් එයාලටම අයිතිකරගෙන ඒවා පදින ගමන් වැඩ දැම්මා.


"ඔයා දන්නවද....? මේක තමා ප්ලෙන් නග්ගන පාර.... මෙහෙ එන්ඩකො.... බලන්ඩ මෙතෙන ඉදලා හරියටම කෙලින් අර ඈත පෙන්නෙ සිමෙන්ති පැක්ටේරියෙ දුම් බටේ......" ප්‍රදීප් කිව්වා.

"එතකොට මේකද ප්‍රධාන ප්ලෙන් පාර...."

"ඕ..."

"ආ.....මං මෙච්චර වෙලා හිතාගෙන හිටියෙ අරක කියලා..."

"ඒකත් ප්‍රධාන එකක් තමා. ඒ උනාට ලොකුම ප්‍රධාන එක මේක... නේද මල්ලී...."

"ඕ..."

"දැං බලන්ඩකෝ....අර... සිමෙන්ති පැක්ටේරියේ ප්‍රධාන දුම් බටේ හරියට තියෙන්නෙ මීට කෙලින්...." ප්‍රදීප් එක ඇහැක් වහලා ඔලුව ඇල කරලා ලෝකේ මුදුනට වෙන්න තියෙන දුම් බටේට ඉලක්කෙ ඇල්ලුවා.

"ඔව්ම නේන්නං.... අපරාදේ නේද ඒක එතන හැදුවේ... මං නං කියන්නෙ ඒක එතනිනං අයින් කරන්ඩ තියෙන්නෙ....... ඒක අයින් කරලා ආයි මෙතෙන්ට ප්ලෙන් බස්සයිද දන්නැ නේද?"

"අනේ මන්දා ඒකනං.... තාත්තත් කිව්වා ආයි මේකෙ ප්ලෙන් බස්සන්න ගත්තොත් අපිව මෙහෙන් යවයි කියලා..... එහෙම උනොත් අපිට ඉන්න තැනැක් තමා නැති වෙන්නෙ.....“ ප්‍රදීප්ගේ මූණ අදුරු වෙලා ගියා.

“අල්ලලා දාන්ඩ....... අර කට්ටිය මොකද කරන්නෙ......“ මම කතාව වෙන පැත්තකට හැරෙව්වා.

ඒ කොහුබත් යායක්. කොහුබත් යාය පිහිටලා තිබුනේ අපි මේ ඉන්න ධාවන පථයේ කෙලවරේමයි. එතනින් හමාගෙන ආපු කොහුකුඩු මගේ හුස්ම හිරකලා! ඒ පැත්තම වෙන්වෙලා තිබුනෙ කොහුබත් වේලන්න. කොහුබත් අයිතිකාර පවුල් වල අය තෙත කොහුබත් වලින් වේලුනු කොහු වෙන් කරමින් හිටියා. ඈත නිසා ඒ‍ ගොල්ල මට පෙනුනෙ කෝම්පිට්ටු හදන පොඩි ළමයි වගේ. කොහුබත් වේලන පැත්තට වැඩිය හුලඟ හැමුවෙ නෑ. මොකද කොහුබත් වෙලුවෙ ගුවන් තොටුපලේ කෙරෝලකට වෙන්න නිසා. ගුවන් තොටුපල මායිම ඉවර වෙනවත් එක්කලාම පලු ගස්, මාර ගස් වලින් හැදුනු විශාල වනාන්තරය පටන් ගත්තා. ඇස් අදහාගන්ඩ බැරි මේ දේවල් දකිද්දි මට මෙහෙම හිතුනා. මේ නටබුන් වෙලා තියෙන ගුවන් තොටුපොලට අහසෙ ඉඳලා අමුත්තෙක් ආවොත් කොහොමට තියෙයි ද? එහෙම වෙන්ඩ බැරි කමකුත් නෑ. සමහර විට චිත්‍රපටිවල වෙන දේවල් වලටත් වඩා අරුම පුදුම දේවල් හැබෑ ලෝකෙ වෙන්ඩ පුලුවන්...!

වනාන්තරය ඇතුලේ හිරවෙලා තිබුනු කලුවර මේ වෙද්දි වේගයෙන් ගුවන්තොටුපලට කාන්දු වුනා. ඒ කියන්නේ ආපිට යන්න වෙලාව හරි. ආයුබෝවන් ගුවන්යානා පාර, ආයුබෝවන් ප්‍රධාන පාලක මැදිරිය අපි දැන් යන්නයි යන්නේ. මම හිතෙන් ඒගොල්ලන්ට සමුදුන්නා. දැන් බටහිර පැත්තෙන් පහලට ඇදෙන රතුපාට ඉරත්, ඉර පිළිගන්න බලාගෙන ඉන්න පොල් රුප්පාවත්, ඒ හමුවීම බලන්න හනිකට පියාඹන කුරුල්ලොත් මගේ හිතේ තිබුනු සිතුවිල්ලක් තවත් තහවුරු කරලා. ඒක තමා අපිට වඩා රත්නේ මාමලා හැබෑම ලක්කාරයෝ කියන එක. ඕගොල්ල දැනටමත් දන්නවනේ, අපට සෙල්ලම් කරන්න තියෙන්නේ නිකම්ම නිකම් කෙහෙල්කොටුවක්. මේ ගොල්ලන්ට එහෙමද?  

ආපිට එන ගමනෙ දී මම කල්පනා කලේ අපේ පංතියේ බක පණ්ඩිතයෝ ගැන. ඒගොල්ලන්ට නම් මේ වගේ අරුම පුදුම ගුවන් තොටක් කවදා දකින්න වෙවී ද දන්නේ නෑ. ඇරත් මම හිතන්නෙත් නෑ මේ දැක්ක දේවල් එයාලට පැහැදිලි කරලා දෙන්න පුලුවන් වෙයි කියලා. නිවාඩුවෙන් පස්සේ මම ඉස්කෝලේ යනවා. ගිහින් මෙහෙම කිව්වොත්,
  •     රත්නෙ මාමාලා ජීවත් වෙන්නෙ ගුවන් තොටුපලක!
  •     රත්නෙ මාමලාගෙ ළමයි සෙල්ලම් කරන්නෙ ගුවන් තොටුපලක!
  •     ඒක ගුවන් තොටුපලක්. හැබැයි ගුවන් යානා එන්නෙ නැති!
  •     ගුවන් තොටුපලේ ගුවන් පථයේ සෙරෙප්පු නැතුව මම ඇවිද්දා!
  •     ගුවන් තොටුපලේ ප්‍රධාන පාලක මැදිරියට අපි ගොඩවුනා!
  •     ඒ පැත්තෙ ළමයි සරුංගල් අරින්නෙ, බයිසිකල් පදින්නෙ ගුවන් තොටුපලේ!
  •     ගුවන් තොටුපල අත ඇරලා දාලා තියෙන්නෙ දුම් බටයක් හන්දා!
  •     ඒක සුද්දො හදාපු එකක්!

ඔය කොතනින් පටන් ගත්තත් ඒ ගොල්ල මට කියන එකත් කියයි, “නිකං පච නොගහා යනවා හලෝ වැඩැක් බලාගෙන...........“ කියලා.

අපි ගෙදර යද්දි අම්මත්, නන්දාවතී නැන්දලත් මඟ බලාගෙන ඉඳලා ඉලුක් ගාලෙන් අපි මතුවෙද්දිම අත වැනුවා. ගුවන් තොටුපලේ කියන්ඩ තරම් හොඳ එලියක් තිබුනට මොකද, මේ වෙද්දි ගෙවල් අඳුරේ ගිලිලා.

මම ඇඟපත හෝඳගෙන ආවා. කෑම කෑවා. අන්තිමේ ගෙදර සාලෙ කෑල්ලෙ බිම වාඩිවෙලා බිත්තියට හේත්තුවක් දාගෙන කල්පනාවට වැටුනා. මම ඉන්න තැනට පැහැදිලි ව සිමෙන්ති කම්හලේ දුම් බටේ පෙනුනා. ඒක මුදුනේ රතුපාට එලියක් නිවී නවී පත්තු උනා. ඒ එලිය තියෙන්නෙ මෙතන උස කුලුණක් තියෙනවා කියලා, අවටින් යන ගුවන්යානා වලට අනතුරු අඟවන්නලු. ඇත්තටම ඒක නම් මහ විහිලුවක්. ඔය බටේ හින්දා මෙච්චර අපූරු ගුවන් තොටුපලක් වහලා දාලා. එහෙව් එකේ ගුවන් යානා දන්නෙ නැතුවද ඔතන සිමෙන්ති කම්හලක, වැඩකට නැති දුම් බටයක් තියෙනවයි කියලා. මම සැලසුම් සීයකට වඩා හැදුවා. ගුවන් තොටුපල නැවත උණුසුම්, කාර්යබහුල තැනක් කරන්න පුලුවන් විදිහේ. ඒත් ඒ හැම සැලැස්මක්ම අර නිවී නිවී පත්තුවෙන එලිය ගාවදී පැරදුනා. එක පාරම මගේ හිතට මහන්සි ගතියක් ඇවිල්ලා හැමදේම කැරකෙන්න පටන්ගත්තා.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

පහුවදා මම ඇස් ඇරියේ නීල් ආම්ස්ට්‍රෝං හඳට යන්න ලෑස්ති වුනු දවසේ උදේ වගේ. හරිම උද්යෝගයෙන්! හරිම සැලසුම් සහගත විදිහට. මම නිදි පැදුරෙම තවත් සැළසුම් සීයක් විතර හදාගෙන එලියට ගෑටුවා. උදේ ඉර එලිය යාන්තමට ගස් අස්සෙන් මිදුලට කාන්දු උනා. මගේ ඇස් තාමත් ඉර එළියට හුරු වෙලා නැති කමට මම ගියේ ඇස් දෙකම අකුළගෙන. කොහොමහරි මම පිලිකන්නෙ මැස්ස උඩ තිබුනු පොඩි කළ ගෙඩිය ගාවට ගියා. එතනින් වතුර එකක් පොල්කට්ටට නමා ගත්තු මම ඒක කටට හලා ගත්තා. පස්සේ උගුරට වතුර ටිකක් කාන්දු කරලා "ගර්....." ගාලා සිංහ නාද කරන්න උඩ බැලුවා.

අන්න එතකොටයි මම දැක්කෙ උදේ පාන්දර පැහැදිලි නිල් ආකාසේ පාවෙවී තිබුනු අහස් යානය! එයා නිල් ආකාසේ රිදී පාටින් දිලිසුනා. ගුවන් යානාව හුරුබුහුටි කුඩා එකක්. ඒක නියමුවන් පුහුණු කරන ගුවන් යානයක්!  බැලූ බැල්මට යානයෙන් සද්දයක් පිට නොවුනත් හොඳට කන් යොමාගෙන අවට සද්ද බද්ද හිතින් අයින් කරලා බැලුවොත් මී මැස්සන්ගෙ වගේ ගුමු ගුමුවක් ගුවන් යානයෙන් පිටවුනා. මම ටිකක් වෙලා ඒ දිහා බලාගෙන හිටියා. අහස් යානය එක දිගට එයාගේ ඉලක්කෙට යනවා වෙනුවට ඔලුව හැරිච්ච අතේ නිදහසේ පා වෙවී උන්නා. හැමදේම පටන් ගත්තේ ඊට පස්සේ.

කාලයේ වැලි තලාවට අහුවෙලා හැමදේම මැකිලා යනවා කිව්වට, ඒ විදිහට මකන්න බැරි දේවලුත් තියෙනවා. මේ කතාවත් අන්න එහෙම එකක්!

මම කියන්නේ බොරුද කියලා බලන්න ඔයගොල්ල හැමෝම අනිද්දා උදේම එන්න.

දෙවෙනි කොටසට...

........................................
- කෙහෙල්කොටුවේ චුටි මහත්තයා.

47 ක් කියන්නේ !:

  1. ඉදචලා ඉදලා උඹත් දාන්නේ මාර එව්වා

    ReplyDelete
    Replies
    1. තාම දැන්මේ නෑ... බලාගෙන ඉදපන්කෝ...

      Delete
  2. දැං චූටිමහත්තය හදන්නෙ එතනට ප්ලේන් බස්සන්නද? අර ඩිස්කවරි එකේ යන සෙකන්ඩ්ස් ෆ්‍රොම් ඩිසාස්ටර් වගේ තියෙයි වැඩේ.

    අර මත්තල පැත්තෙත් ඔය වගේ ‍ගුවන තොටුපලක් තියෙනවලු.

    ReplyDelete
    Replies
    1. ඉරණමඩු හදලා ඉවරවුනු ගමන් කට්ටියව බස්සන්න යන්නේ පුත්තලටම....

      Delete
  3. ඇත්ත නේන්නං! එහෙම එකක් තියෙනව තමයි.

    පුත්තලමෙයි, හම්බන්තොටයි සමානකම් ගොඩක් තිබුන. වැස්ස අඩු නිසා ශුෂ්කයි. ලුණු වලට ප්‍රසිද්දයි. වෙනස තමයි හම්බන්තොටින් පත්වුනු ජනාධිපති කෙනෙක් ඉන්නව. හැබැයි පුත්තලමට නෑ. බැරිවෙලාවත් හිටියනම් එහෙම පුත්තලමටත් අධිවේගී මාර්ග, ගුවන් තොටුපල, වරායවල් ලැබේවි. ඔන්න ගුවන්තොටුපල සක්‍රීය කරන්න හොඳ සැලසුමක්.
    පත්කරමු පුත්තලමෙන් ජනාධිපති කෙනෙක්! බැරිද දන්නෑ චාරුකට හරි ප්‍රදීප්ට හරි. (සහෝදරයො ගොඩක් ඉන්න පවුලකින් නම් වඩා හොඳයි)
    චූටි මහත්තයාගේ සිහිනය සැබෑ කිරීම වෙනුවෙන් මගෙනුත් ඡන්දයක්!

    ReplyDelete
    Replies
    1. කලිකාල, ඔක්කොම හරි. හැබැයි හම්බන්තොට නැති පුත්තලමේ තියෙන තව දෙකක් තියෙනවා. ඒ තමයි බුරුවෝ....... හම්බන්තොට නෑ නේද? :D

      Delete
    2. බූරුවෝ කොහෙත් සිටිති! :D

      Delete
  4. හප්පේ බොහොම කාලෙකින්... මේ වැඩේ මෙහෙම කරන්න බෑ චූටි මහත්තයො.. ඔයා මේක ලියනවනම් අර සෙන්නාව ආදර්ශෙට අරගෙන ආන්න ඒ වගේ ලියාගෙන, ලියාගෙන යන්න ඕනා හරිද ? බලන්න මිනිහා බ්ලොග් කියවන්නන්ගේ පහන් සංවේගය උදෙසා මාසෙකට පෝස්ට් කීයක්නම් කියලා දානවද කියලා.. ( :D :D ) නැත්නම් අර මොකක්ද වැලිතලාවෙන් මේකත් වැහිලා යනවා..

    මමනම් මෙහෙම එයර්පොර්ට් එකක් ගැන අහලම තිබුන්නෑ.. බලමු ඉෂාරට මොකක්ද මේ ගැන කියන්ඩ තියෙන්නෙ කියලා..

    මොක වුනත් අපූරු කතාවක් කියලනම් හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. සෙන්නා,

      කාලයක ට පස්සේ ඇවිල්ලා කාලයක් කියවන්න ලියලා තියෙන්නේ.... මාරයා නං කියවන්නේ නිවාඩුත් දාලා ඇවිදින් නේ...

      ඉෂාර ගොයියා මම මේ කතාව ලියන්න යනවයි කිව්ව හැටියේ හෙනට තොරතුරු හොයලා දුන්නා. ඒ මිට අවුරුද්දකටත් කලින්..... හිතන්ඩකෝ පොඩිකාලේ වෙච්ච සිද්ධියක් ගැන හොයලා බලද්දි මේ කොහෙවත් යන බ්ලොග් කාරයෙක් (:D)ඒ ගැන නිල වශයෙන් තොරතුරු දන්නවා කිව්වම කොහොමට තියෙයිද? අනික මේ කතාව මම ඇරුණම දන්න එකම බ්ලොග් කාරයත් ඉෂාර මාමා විතරයි. ඒක නිසා කතාව ඉවර වෙනකල් මිනිහව පුටුවක බැඳලා තියන්නයි හිතාගෙන ඉන්නේ..... :D

      Delete
  5. පොඩ්ඩක් හිටහං ෂෝට් ලිව් එකක් දාලා එනකල්...

    ReplyDelete
    Replies
    1. උඹයි බුද්ධියි දෙන්නම එයාෆෝස් කෑම්ප් එකක වැඩකරපු හින්ද මොකක්හරි කරන්න පුලුවං වෙයි.

      Delete
    2. මාරයා, ස්තුතියි දක්වන අනුග්‍රහයට :D

      ප්‍රසා, අඩෝ අපි එයාපෝස් කෑම්ප් එකේ වැඩ කලේ නෑ හරිද? අපි තමා එයාපෝස් කොල්ලෝ... (කෑම්ප් එකේ වැඩ කරන්න වෙනම සිවිල් සේවකයෝ ඉන්නවා - අන්න ඒක දැනගනින්. :D)

      Delete
  6. // අපට සෙල්ලම් කරන්න තියෙන්නේ නිකම්ම නිකම් කෙහෙල්කොටුවක්. මේ ගොල්ලන්ට එහෙමද? //

    මොකක්ද කෙහෙල්කොටුව කියන්නෙ...!!??

    ReplyDelete
    Replies
    1. //මොකක්ද කෙහෙල්කොටුව කියන්නෙ...!!??//

      ඔව් ඉතින් කෙහෙල්කොටුව පටන් ගත්තු කාලේ ඉදලා ඉන්න උඔලාටත් මේක අමතක වුනා කියන්නේ - හාල්ගොනිය ගැන කුමක කතා ද? :D

      Delete
  7. මෙන්න මූ ඇවිත්... තන්තෝසයි!! තන්තෝසයි!!

    ReplyDelete
    Replies
    1. මැදින් එකතු වුනු පාඨකයාට ස්තුතියි!

      Delete
  8. කෙහෙල්මල් දුම් බටයක් හින්දා වෙලා තියෙන වැඩක්....

    මාත් හරි ආසයි ඔහොම හීන බලන්න ඉස්සර.... ඒත් ඒවා අන්තිම වෙනකම් නම් ඉන්න වෙන් නෑ.. මට නින්ද යනවා... හි හි

    ReplyDelete
    Replies
    1. හිරු,

      හැමෝ ම එකයි පොඩි කාලෙදී....

      Delete
  9. අඩේ මත්තල මෙතන හැදුවනං හරි.වියදමත් ඉතුරුයි සෑහෙන්න

    ReplyDelete
    Replies
    1. රාජ්,

      //අඩේ මත්තල මෙතන හැදුවනං හරි// ඉස්සර මමත් හිතාගෙන හිටියේ “එයාපෝට්“ කියන නමේ සිංහල තේරුම “කටුනායක“ කියලා. හරියට රාජ් මත්තල කිව්වා වගේ :D

      Delete
    2. උඹලගේ ඔලුවට උඩින් මැස්සෙක් වත් යනවට කැමති නෑ නේද ?

      Delete
  10. මගේ ප්ලේන් එකත් එවන්නද ඔය පැත්තට....?

    ReplyDelete
    Replies
    1. නාඩියා, එවන්ඩ... හැබැයි අර දුම් බටේ ගාවදි පරිස්සමින්

      Delete
  11. මම හිතන්නේ මම මහේ ආපු පලෙවනී වතාව

    ReplyDelete
    Replies
    1. සංජීව මෙන්ඩිස් මහත්තයාව සාදරයෙන් පිළිගන්නවා, මුලින්ම ආවනං කරන්න වැඩගොඩක් තියෙනවා. මුලින්ම හිට් වෙච්ච කතා වලින් එකක් දෙකක් කියෝලා බලන්න. හොදයි වගේනං වෙලාවක් තියෙන වෙලාවට ඇවිල්ලා අනික්වත් කියෝලා බලන්න... :D ස්තුතියි!

      Delete
    2. සංජීව ඔක්කොම කියවන්න.

      Delete
    3. බුද්දී,සුදීක අය්යා හිට් උන ලිපි ටිකක් කියව්වා ලයික් එකකුත් දැම්මා..ඉඩ තියන වේලාවට අනිත් ටිකත් කියවන්න බලාපොරොත්තු වෙනවා

      Delete
    4. කියන්න අමතක උනා ඇවිද්ද පය බ්ලොග් රෝල හරහා තමයි මෙහාට ගොඩ උනේ ටැංකුයි සුදික අය්යා

      Delete
    5. කියන්න අමතක උනා ඇවිද්ද පය බ්ලොග් රෝල හරහා තමයි මෙහාට ගොඩ උනේ ටැංකුයි සුදික අය්යා

      Delete
  12. බලාපං ඉතිං. මේ කෙහෙල් කෙරොට්ටා හොඳම තැනට ඇවිත් නවත්තල. දැන් අර උඩ කැරකිච්ච එක කාර්මික දෝෂයකටවත් ලක් වෙලාද? මාමා ඒකෙ නියමුවාද දෑතින් උස්සගෙන පැන්නෙ. නැත්නම් උඹ දවල් හීන දකිනවද. පාඨකයා අඳුරේ අතරමංකර පලායාම පිළිබඳ මාගේ බලවත් මෙව්ව එක.

    අනිද්දාට බාලගිරි දෝෂෙ හැදෙනකන් නෑනේ.

    ReplyDelete
    Replies
    1. ඩීඩීටී,

      හෙට උදේම ඇවිල්ලා බලන්න - එතකොට ඔය හිතේ කියෙන බලවත් මෙව්වා හරියට වතුර දැම්මා වගේ නිවිලා යයි.

      Delete
  13. මේක මම අහපු අමුතුම කතාවක් බං. ඇත්තටම මේ ගොඩනැගිලි හෙමත් අඳුනා ගන්න හැකි තත්වයේ තියෙනවනේ. එතකොට ඔය ඉඩම් සිවිල් ගුවන් සේවා අධිකාරි අහවල් එකට අයිති ඒවා වෙන්නැති. ඒඔ කියන්නේ රිසවේෂන් ඉඩම්.

    උඹ කිව්ව කතාව ඇත්ත. කතාවේ ක්ලයිමැක්ස් එකට පස්සෙත් දේවල් සිද්ධ වෙනවා තමයි. අපි ඒවා වුනේ නෑ වගේ ඉන්නවා අවසානය අප්සෙට් වෙන නිසා.

    ReplyDelete
    Replies
    1. හෙන්රි මහත්තයා,

      //කතාවේ ක්ලයිමැක්ස් එකට පස්සෙත් දේවල් සිද්ධ වෙනවා තමයි. අපි ඒවා වුනේ නෑ වගේ ඉන්නවා අවසානය අප්සෙට් වෙන නිසා.// අන්න තමුන්නැහේ නියම කතාවක් කිව්වා. අන්තිම කොටස බලන්න ඉස්සරහම සීට් පේලියෙන් එකක් දැන්ම වෙන්කරලා දෙන්නං, එන්නම ඕනේ හොඳද?

      තමුන්නැහෙත් කතා ලියන හන්දා දන්නවා ඇතිනේ කතාව අහවර කරන්න ඕනෑ නියම තැන.

      මේ කතාව මම ලිව්වේ අවුරුද්දකට කලින් - තමුන්නැහේගේ මාරක පියසැරියයි මෙච්චර කල් ඩ්‍රාෆ්ට් එකේ තිබුනු මේ කතාව ඉහලට ඇදලා ගන්න උත්තේජනය මෙව්වා කරලා දුන්නේ. ස්තුතියි.

      Delete
  14. කමෙන්ට්ස් මොඩරේශන් අයින් කරන්න සලකාබලන්න බැරිද ? මේක හරිම වාතයක්... ඔය කෙහෙම්මල නැත්නම් උඹ නැතත් අපි මෙතනට වට වෙලා, කයියක් දාගෙන මේ ගැන වැඩි දුරටත් සාකච්ඡා කරනවනෙ..

    ReplyDelete
    Replies
    1. සෙන්නා, සලකා බලමින් ඉන්නේ..... ප්‍රසන්ට් කොන්ටිනුවස් ටෙන්ස්නෙ... ing වලින් හන්දා කවදා බැලිල්ල ඉවර වෙයිද දන්නේ නෑ.

      Delete
  15. ආ එල එල.... මම පස්සේ කියවලා comment එකක් දාන්නම්කෝ..

    ReplyDelete
  16. මේක පාට පාට හීනයක් වගේ :)

    ReplyDelete
    Replies
    1. ගිම්හානී,

      හෙහ් හේ.... දෙවෙනි එකත් කියෝල ම බලන්න. :D

      Delete
  17. ලඟකදි උඹ මෙතෙන්ට ගියාද....?

    ReplyDelete
    Replies
    1. ලඟක දී ගියෙ නෑ නිශ්.... මතකයෙන් ලිව්වේ.....! අන්තිමට පුත්තලමට ගියෙත් මීට අවුරුදු 3 කට විතර කලින්....

      Delete
  18. තොරතුරු ඔක්කොම මට නම් අලුත්.. ගූගල් ගිහින් මාත් බලන්නම් .. ඒත් ඊට කලිං කියන්න ඕනෙ.. මං අගට යනකල් රස වින්දෙ කතාවක් හැටියටයි.. බුද්ධිගෙ අපූරු ලියවිල්ලක්.. ආයිත් මුල ඉඳන් කියවන්න ඕනෙ ගූගල් අර්ත් ගිහිං ඇවිත්..

    ReplyDelete
    Replies
    1. සරත් අයියා, ස්තුතියි.... මේච්චර දිගට කතාව ලියද්දි මං හිතුවා හුඟ දෙනෙක් කියවන්නෙ නැති වෙයි කියලා..... ඒත් කරන්න දෙයක් නැති කමට ලිව්වා....

      ගූගල් අර්ති ගිහිල්ලා ඇවිල්ලා කියවන්න.... දෙවෙනි කොටස හෙට එනවා හැබැයි...!

      Delete
  19. කෝ රනවේ එක දෙපැත්තෙම තියෙන්නෙ කැලෑවනෙ ? දුම් බටයක්වත්, සිමෙන්ති කම්හලක්වත් මටනම් පේන්නෑ.. හෙලි පෑඩ් එකනම් දැක්කා.. තව මොකක්ද කුළුනක්නම් පෙනුනා..

    ReplyDelete
    Replies
    1. සෙන්නා,

      //Puttalam Airport, B348, Puttalam, North Western Province කියලා ගූගල් සිතියමෙන් හොයලා, ඒක පොඩ්ඩක් පොඩි කරලා දකුණු අත පැත්තේ උඩින් තියෙන සිමෙන්ති කම්හලත් හොයාගෙන සැක හැර ගන්න.// මෙන්න මෙහෙමයි බලන්න ඕනැ... කෝ දැන් පොඩ්ඩක් පොඩි කරලා බලන්න ආයිමත් සැරයක්....! හොල්සිම් සිමෙන්ති කම්හල කියලා ඇති.

      Delete
  20. //"ඒකත් ප්‍රධාන එකක් තමා. ඒ උනාට ලොකුම ප්‍රධාන එක මේක... නේද මල්ලී...."//

    හෙක් හෙක් හෙක්

    ඇති යාන්තම් චූටි මහත්තයාට ලියන්න හිතුණා. ප්‍රමාද නොකර දෙවෙනි කොටස දැම්මනම්.

    ReplyDelete
  21. දුම් බ...

    කමෙන්ට් එකේ ඉතුරු ටික අනිත් පෝස්ට් එකේ දාන්නං...

    ReplyDelete

ඔබේ පංගුව...

Related Posts Plugin for WordPress, Blogger...