2014/08/25

කරාටි කාරයෝ !

කාලෙක ඉදලා මට නිවුනු මිනිහෙක් වෙන්න ඕන කමක් ඇවිල්ලා තිබුනා.

දවසක් මම ඒක කරන්නේ කොහොමද කියලා කල්පනා කරන්න ගත්තා. ඒ කල්පනාවේ අන්තිම ටික හැදුනේ මෙහෙමයි! මම නිවුනු මිනිහෙක් වෙන්නේ කොහොමද? ඔහොම කල්පනා කරගෙන යද්දි මට මතක් වුනේ තාත්තව. තාත්තත් නිවිලා. ඒ කොහොමද? අපේ තාත්තා කරාටි කලුපටි කාරයෙක්. ඔය වගේ ශිල්පයක් දන්න කවුරුත් හොඳටම නිවුනු අය. මොකද ඒ අය කැලේ ඉන්න සිංහයෝ වගේ. කාටවත් බය නෑ. කාටවත් කරදරේකුත් නෑ. කරදරයක් ආවොත් එයාලා දන්නවා ඒ මොහොතෙදි කරන්න ඕනේ හොඳම දේ! මටත් නිවුනු මනුස්සයෙක් වෙන්න ඕනෑ වුනේ ඔය කාරණාව හන්දම තමයි. ඒ කිව්වේ මටත් ඕනෑ කරාටි කලු පටි කාරයෙක් වෙන්න. මම දවසක් තාත්තට කිව්වා මාවත් තාත්තගේ කරාටි පංතියට ඇතුල් කරගන්න කියලා. තාත්තා කිව්වා ගෝරි වලට පැටලෙන්නෙ නැතුව නිවුනු මනුස්සයෙක් වගේ ඉවසීම ඇතුව හරියට මාසයක් හිටියොත් සලකලා බලන්නම් කියලා. මම මාසයක් කොහොම හරි නිවුනු මිනිහෙක් වගේ ඉන්න තිරණය කලා. ඒ මොකද මට ඕනෑ වුනේ කොහොමහරි තාත්තගේ කරාටි පංතියට ඇතුල් වෙලා හොඳ අඩියක් දෙකක් ඉගෙන ගන්න. ඊලඟට බැරියැයි ඉහල පංතිවලින් එන අරියාදු වල දි හරි කොහේවත් යන ගෝරි මගේ ඇඟට පාත් වෙද්දි හරි හොඳ අඩව්වක් අල්ලන්න.

එදා ඉදලා මමත් උත්සහ කලා කොහොම හරි නිවිලා ඉන්න. ඒත් අමාරුම රාජකාරියත් ඒකයි. ඒ මොකද කරදරයක් ආපු හැටියේ ඒ මොහොතෙදි කරන්න ඕනේ හොඳම දේ මට කල්පනා වෙන්නේ ටිකක් පහුවෙලා! එතකොට කෝච්චිය ගිහිල්ලා ඉවරයි. මට ඕනේ ඒ වැරැද්ද පුලුවන් ඉක්මනට හදා ගන්න. අපි නිකමට හිතමු, ඉස්කෝලේ පාපන්දු තරගයක් පැවැත්වුනත්, ළමා දිනයක දී වුනත්, අඩුම ගානේ පැහැදිලි කාරණාවක් දන්නෙම නැතුව වුනත් අපිට ගෝරි වලට පැටලෙන්න වෙනවා. ගෝරියකට පැටලුනාම කාට ඇන්නද, කාගෙන් ගුටි කෑවද කියලා කව්රුත් දන්නේ නෑ. උදාහරණයක් හැටියට අපේ යාලුවෙක් පණ එපා කියලා දුවගෙන ඇවිල්ලා කියනවා, “ආං.... පිට්ටනියේ ගොරියක්.... දුවමු....“ කියලා. ඒ වෙලාවට අපි එතෙන්ට දුවනවා. හෝදිසි කරලා බලද්දි එතන හොඳටම ගුටිකන පැත්තේ ඉන්නේ අපේ යාලුවෙක් වෙන්න පුලුවනි. නැත්තම් අපි කාලෙක ඉදලා වාඩුව ගන්නේ කොයි වෙලාවෙද කියලා හිත හිතා හිටපු ඉහල පංතියක ළමයෙක් වෙන්නත් පුලුවනි. ඔය කොයික වුනත් ඊලගට වෙන්නේ අපිත් ඒ ගෝරියට ම පැටලෙන එක. හරි ඔය කිසිම දෙයක් නොවුනා කියමු. ඒත් මොකක් හරි කල්පනාවක් දාගෙන ඉස්කෝලේ ඇවිදින වෙලාවක අපි දන්නෙම නැතුව තවත් ළමයෙක්ගේ ඇගේ වැදුනා. එතකොට ඒ ළමයා අහයි “ඇයි ගණන්ද, ඉලක්කන්ද ?‘‘ කියලා. අපි ‘‘ඉලක්කං‘‘ කිව්වොත් ඒකේ තේරුම අපි එයාගේ ඇගේ වැදුනට සමාව ඉල්ලලා සිංහයෙක් ඉස්සරහා බලු වුනු කැණහිලෙක් වගේ එතනින් අයින් වෙන්න ලෑස්තියි කියලා. අපි ‘ගණං‘ කිව්වොත් ඒකෙන් කියවෙන්නේ වරද කාගේ වුනත් හොඳ පණ යනකල් ගණන්කාරයෝ වගේ ගුටි ඇණගන්න ලෑස්තියි කිව්වා කියලා. කව්රුවත් නැති තැනක් නම් අපිට ‘‘ඉලක්කං‘‘ කියලා ජාමේ බේරාගත්තැකි. ඒත් අපේ යාලුවෝ හරි පංතියේ ගෑණු ළමයි හරි අහල පහල ඉන්න වෙලාවක මේ වගේ අලකලංචියක් වුනොත් අපි කොහොමද කටක් ඇරලා ‘ඉලක්කං‘ කියන්නේ. වීරයෙක් වගේ ‘‘ගණං හලෝ ඇයි මොකද?‘‘ කියලා පපුව ඉස්සරහට දානවා මිසක්.

මම නිවුනු මිනිහෙක් වගේ ඉන්න තිරණය කරපු එක ගැන යාලුවොත් පුදුම වුනා. මොකද ඒ අය දන්නේ නෑ මේ නිවිච්ච කම ඇතුලේ තියෙන්නේ මොන තරම් භයානක දෙයක් ද කියලා. කොහොමහරි මාසයක් ඉවර වෙන්න ඔහොම මෙහෙම තියෙද්දි හරි වැඩක් වුනා. ඒ ඉස්කෝලේ පටන්ගන්න සීනුව ගහපු වෙලාව. අපි රැස්වීමට යන්න පෝලිම හැදි හැදි හිටියේ. මම මුලින්ම ගිහිල්ලා පෝලිමේ හිටගත්තා. එතකොට මට කලින් ඉන්නේ පංති නායකයා විතරයි. ඒත් මෙන්න ඉහල පංතියේ ජයවීර ඇවිල්ලා මට ඉස්සරහින් හිටගත්තා. මම ඇහැව්වා ඒ මොකද්ද කලේ කියලා. මිනිහා කියනවා පරක්කු වෙලා පෝලිමට එන්න වුනු නිසා එයාලගේ පංතියේ අය එයා දාලා ගියාලු. අද තියෙන්නේ මහ රැස්වීම නිසා තනියෙම ගියොත් අහුවෙනවලු. ඒ හින්දා අපේ පංතියත් එක්ක ගිහිල්ලා එතනදි එයාලගේ එකට පනිනවලු. මම කිව්වා එව්වයින් වැඩැක් නෑ. මමයි අපේ පංතියේ පෝලිමේ නායකට පස්සේ ඉන්න පළවෙනියා. ඒක නිසා ඕනෙම නම් අපේ පංතියේ පෝලිමේ අන්තිමට යන්න කියලා. මෙන්න මිනිහා කියනවා ‘‘මම පස්සට යන්නේ නෑ....... පුලුවන් දෙයක් තියෙනවා නම් කරනවා‘‘ කියලා. මම කොහොමහරි සමාදානෙන් මේ ප්‍රශ්නෙ විසඳන්නයි හැදුවේ. කොහෙද ජයවීර ආවෙම ගොරියට. ඔන්න ඔය වෙලාවෙයි අපේ පංතියේ අනිත් සගයෝ ටික මට උදව්වට මගේ  වටේ රොක් වුනේ. ඒත් ජයවීර තනියම. ඒ අස්සේ ගෑණු ළමයි අපිට රවන්න වුනා. මොකද මේ වගේ ගොරි නිසා පංතියට වෙන අවනම්බුව හන්දා. ඒත් මම තව ඉවසුවා. ඒ මගේ නිවුනු කම නැතිවෙලා යන හන්දම නෙමෙයි. ජයවීර එක්ක ගෝරියට පැටලුනාම ඒවට ලැබෙන විපාක අපි කව්රුත් හොඳ හැටි දන්න නිසා.

ජයවීර කියන්නේ එයාගේ පංතියේ ඉන්න වැඩිමල් ම ළමයා. හරියට බැලුවොත් එයා අවුරුදු දෙකකට කිට්ටු වෙන්න අනිත් අයට වඩා වැඩිමල්.  ඒ එයා පංති අසමත් වෙලා හන්දා නෙමෙයි. ජයවීරගේ දෙමව්පියෝ එයාව ඉස්කෝලේට බාරදීලා තියෙන්නේ පරක්කු වෙලා හන්දා. අනික ජයවිරගේ අතපය යකඩ වගේ හයියයි. එකක් කෑවත් හොඳ ගණන්. ජයවීරලාගේ තාත්තා කරන්නේ පොල්කටු පුච්චන එක. සති අන්තයේ ජයවීරයි එයාගේ තාත්තයි කරත්තෙ බැඳගෙන යනවා පොල්කටු හොයන්න. පොල්කටු ගෙවතුවලින් හොයලා, ඒවා ගෝනි වල අහුරලා, ඒවා කරත්තයට පටෝලා, ගෙදර ඇවිල්ලා ඒවා කරත්තෙන් බාලා, ආයිමත් පොල්කටු පුච්චලා, ඒවා ගෝනි වලට දාලා දාලා ම ජයවීරගේ අතපය යකඩ වගේ හයිය වෙලා තිබුනා. ගෝරියට යන කව්රුත් ජයවීරට අත උස්සන්න කලින් ඒ ගැන දෙපාරක් හිතන්නේ ඒකයි. ඉතින් මම කියලා ඒකේ වෙනසක් නෑ.

ඔය දේවල් හිතන්න මට මොහොතයි ගියේ. ඒත් ජයවිර හිතුවේ වෙන දෙයක්. ඉතින් මිනිහා ‘‘මොකද මට රවන්නේ.....‘‘ කියාගෙන මගේ කොලර් එකෙන් අල්ලන්න ආවා. මගෙත් සීමාව පැන්නා. මම හිතුවා දෙකෙන් එකක් මෙතනදි ම බේරගන්නවා කියලා. ජයවීරටත් ඕනේ මට හොඳවයින් දෙකක් ඇනලා කෙරුමා වෙන්න. මට අකමැත්තෙන් හරි මගේ නම්බුව වෙනුවෙන් සටන් කරන්න සිද්ධ වුනා. මෙතන ඉන්ඩ තිබුනේ අපේ තාත්තා. එහෙනම් එයා හැබෑවටම දුක්වෙයි. ඒ මොකද තමුන් කලුපටි කාරයෙක්. ඒ වුනත් තමුන්ගේ පුතාගේ ඉල්ලිම තමුන් කල් දැම්මා. ඒ තීරණය හන්දා වන්දි ගෙවන්න වෙන්නේ තමුන්ගේ ම පුතාට. දැන් ගෙවල් ගානේ ගිහිල්ලා පොල්කටු අහුලන තාත්තා කෙනෙක්ගේ පුතෙක් කරාටි කාරයෙක්ගේ පුතෙකුට හොම්බෙන් යන්න දෙන්නයි යන්නේ.

හැමදේම වෙලා ඉවර වුනාට පස්සේ ඒ ගැන පසුතැවිලා වැඩැක් නෑ. ඉතින් මම ඊලගට කරන්න ඕන දේ ගැන කල්පනා කලා. සාමාන්‍යයෙන් අපි ගොරියක් පටන් ගන්න යද්දිම කරන්නේ සතුරා ව මානසිකව වට්ටන එක. එතකොට සතුරා කොච්චර හයිය හත්තිය තියෙන කෙනක් වුනත් ව්‍යාකූල වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. සැලසුම් කරලා ගෝරි දාගන්නවා නම් අපි සතුරව මානසිකව වට්ටන්න පටන් ගන්නේ සෑහෙන කාලෙකට කලින් ඉඳලා. බාග වෙලාවට ඉස්කෝලෙන් දෙන ගෙදර වැඩත් අමතක වෙනවා.

මේ වෙලාවේ මටත් ඉතිරි වෙලා තිබුනේ සතුරව මානසිකව වට්ටලා කරන දෙයක් කරන්න ගන්නයි. මම පැන්න ගමන් ජයවීර ව තල්ලු කලා ගෑණු ළමයි ඉන්න පැත්තට. මාසයක් තිස්සේ නිවි නිවී හිටපු මිනිහෙක් එක පාරට එහෙම කරයි කියලා කව්ද විශ්වාස කරන්නේ. ඉතින් මිනිහා මේස පුටු පෙරළගෙන මහ සද්දයක් දාගෙන ගිහින් පෙරලුනේ නැතැයි ගෑණු ළමයිගේ දෙපා මුල. ගෑණු ළමයි ඒ අයගේ ගවුම් කකුල් අස්සෙ ගහගෙනම පස්සට පැනපි. නිකනුත් නෙමෙයි, “මේ වරත්තු කොල්ලෝ.....“ කියාගෙන. ඇයි ඒ අයට කලින් ම තරහා ගිහිල්ලත්නෙ තිබුනෙ. ගෑණු ළමයින්ගේ දෙපාමුල හතරගාතේ දාලා වැටිලා ඉන්න එක තරම් ලැජ්ජාවට කාරණයක් මේ ලෝකේ තවත් තියෙනවද? මිනිහට පොළව පලාගෙන යන්න හිතෙන්න ඇති. මට මිනිස්සු දෙන්නෙක්ගේ හයියක් ආවා ඒක දැකලා. අපේ පංතියෙ ළමයි ‘‘ඉවරයක් කරලා දාන්ඩ ඔය පුස් චන්ඩියාව.....“ කියලා බෙරිහන් දුන්නා. මම දත් විලිස්සගෙන කෑ ගහගෙන පැන්නා මිනිහා පැත්තට. ඊලගට වැටිලා ඉන්න මිනිහගේ කඳ දෙපැත්තට කකුල් දාලා හොඳ පොල් අඩි පාරක් මුණටම දෙන්න හිතුවා. එතකොටම මට සිහිවුනේ තාත්තා කරාටි පංතියේ අයියලා අක්කලාට දීපු උපදේශයක්. ඒ ගෝරියක දී වැටිලා ඉන්න සතුරෙක් ගාවට යන්න කලින් දෙපාරක් හිතන්න කියන එක. ඒ මොකද බිම වැටුනට නියම සතුරෙකුට ඒ අවස්ථාව ඇති අපිට හිතාගන්න බැරි විදිහේ හානියක් කරන්න හොඳ සැලැස්මක් හදා ගන්න. මිනිහා බිම වැටිලා හිටියට එයා අපට වඩා ස්ථාවරයි. අපි මිනිහට ගහන්න කිට්ටු වෙද්දි අපේ සමබරතාවය බිදින්න කොහොමත් මිනිහට ලේසියි. මොහොතක් ඇතුලත මේ සිතුවිලි සේරම මැවිලා නැති වුනා. ඒ එක්කම තාත්තගෙ කතාව ඇත්ත කරලා බිම වැටුනු ජයවීර එයාගේ ලැජ්ජාවයි, තරහයි දෙකම එකතු කරලා දුන්නැද්ද මට දෙදරන්න. ඒ පාර වැදුනේ විලිස්සගෙන හිටපු මගේ දත් වහල්ලට. මට දැනුනා උඩු ඇන්දේ කෘන්තක දත් දෙකයි, රදනක දත් දෙකයි සද්දෙ වැඩි කරපු ස්පීකරයක් වගේ රැව් දෙනවා. මම හිතුවා දැනටමත් දත් වහල්ල සංගීත ප්‍රස්තාරයක් වගේ පාවෙලා ගිහිල්ලා බිත්තියේ තියෙන කාල සටහනේ වැදිලා බිම වැටිලත් ඇති කියලා. ඒත් එහෙම වුනේ නෑ. දත් ටික සේරම එක පාර හිරි වැටිලා හැමදේම දෙක ගානේ පේන්න වුනා විතරයි. ඒ එක්කම රැස්වීමට පිටත් වෙන සීනුව ගැහැව්වා. කව්දෝ කට්ටියක් අපිව දෙපැත්තට කලා. හොඳ වෙලාවට!


අපි ආපහු පේලි හැදිලා මහ රැස්වීමට ගියා. රැස්විම අතරතුර ළමයි අතර කසු කුසුවක් ගියා. මම නිකමට ජයවීර දිහා බැලුවා. මෙන්න ජයවීරගේ කකුල දිගේ ලේ වැක්කෙරනවා. මිනිහා මගේ දත් වහල්ලට ඇන්න වෙලාවේ දත් පාර වැදිලා මිනිහගේ මැද ඇඟිලි දෙකේ හම ඉරාගෙන ගිහිල්ලා. එතනින් ලේ ගලනවා. ලේ ගලන අත ජයවීර තමුන්ගේ සාක්කුවට දාගෙන හිටියා. ඒ මේ සිද්ධිය ගුරුවරුන්ගෙන් වසන් කරන්න. සාක්කුවෙන් බේරුනු ලේ කකුල දිගේ වැක්කෙරුනා. මට කලන්තේ හැදෙන්න ආවා. ඇයි මිනිහගේ ලේ හොලවලා තියෙන්නේ මමනේ.  අනික මිනිහා කැමති නෑ මේ වගේ සිද්දි ගුරුවරු ලඟ කිය කියා කාලේ නාස්ති කරන්න. ඒ වෙනුවට තමන්ට දෙයක් වුනානම් ඒකේ වාඩුව තමන් ම ගත්තා වෙලාවක් බලලා. ඕවා මතක් වෙද්දි මට උණ ගැනෙන්න වගේ ආවා.

ඊලඟට අපේ පංති දෙකට ම වැඩ අධික කාලයක් ආවා. ඒ මොකද ඉහල පංතියේ වීරයාට හොඳටම වැදිලා. ඒ හන්දා ඒ අය එයාලගේ නැතිවුනු අභිමානය වෙනුවෙන් ඕන දෙයක් කරන්න ලෑස්ති වෙනවා. අනිත් අතට අපේ පංතියේ අහිංසකයෝ ටික හොඳටම උඩ ගිහිල්ලා. මම අපට වඩා අවුරුදු තුනක් වැඩිමල් කොල්ලෙකුට ලේ දාන්න ගහලලු. ඒක ලේසිපාසු සෙල්ලමක් නෙමෙයිලු. කවදාවත් අමතක වෙන්නෙත් නෑ ලු. ඒකනේ මම අහිංසකයෝ කිව්වේ. එයාලා ඇත්ත දන්නවනම් සේරෝම කණපිට. මොකද ජයවීරගේ අතින් ලේ ආවේ මගේ සැලැස්මකට නෙමෙයි, මිනිහගේ පාර අහම්බෙන් මගේ දත්වහල්ලේ වැදුන හන්දා. ඒක කව්රුත් දන්නේ නෑ. තව පොඩ්ඩෙන් සේරම දත් ටික මගේ බඩේ! මේ හැමදෙනාටම වඩා කාර්යබහුල වුනේ ඔත්තුකාරයෝ. සමහරු ඉහල පංතිය අපිට විරුද්ධව කරන සේරම සැළසුම් අපේ කනේ තිබ්බා. වැඩේ නැගලා ගියෙ දෙපැත්ත කන අය හින්දා. ඒ අය ඇවිලෙන ගින්නට අගේට පිදුරු දැම්මා. අපි කොයි වෙලාවේ මූණට මූණ හමුවෙයි ද දන්නෙ නෑ කියලා පංති දෙකේ ම පිරිමි ළමයින්ට හිතවත් ගෑණු ළමයි බයවුනා. ඒ අය ‘‘සේරම දේවල් අමතක කරලා දාන්ඩලාකෝ. කොච්චර පොඩි දෙයක්ද ඔය දිග්ගැස්සිලා තියෙන්නේ....“ කියලා අපට උපදෙස් දුන්නා. එහෙම කියද්දි අපි තවත් ඉදිමුනා. අපි වීරයෝ කියලා හිතුනා. අපිට ඇත්ත කතාව අමතක වුනා.

හැබැයි තනිපංගලමේ මේ ගැන දිගින් දිගටම කල්පනා කරද්දි මගේ තුණටිය පණ නැතුව ගියා. මට මැවිලා පෙනුනා රැවුලයි කොණ්ඩෙයි වවාගෙන හිර කූඩුවක තමුන්ගේ අතීතය මතක් කරලා දුක්වෙන හිරකාරයෙක්. මේ දේවල් තාත්තට ආරංචි වුනු හැටියේ මගේ ලකුණු සේරෝම ටික කැපිලා යනවා. ඒ මොකද මට නිවිලා ඉන්න කියාපු කාල සීමාව ඇතුලෙ ම මේ වගේ අපරාධයක් කරපු එකට. ඉතින් මට කොයිපැත්තෙන් වත් ගැලවිල්ලක් නැති බව තේරුනා. ඒ වෙලාවට මගේ මූණෙ වෙනස දැකපු කුමාර, ‘‘ඔයා කිසි දේකට බයවෙන්නෙපා..... සේරම මම බලාගන්නං.....‘‘ කියලා මාව දිරිමත් කලා. එයා කොහෙද හැමදේම බලාගන්නේ, එයා මට වඩා හොඳටම කෙට්ටුයි. අනික මිනිහට තියෙන්නේ උපදෙස් දෙන්නයි හුරේ දාන්නයි. මම එපැයි සේරෝටම මූණ දෙන්න. ඒත් කල්‍යාන මිත්‍රයෙක් කියන්නේ එහෙම කෙනෙකුට තමයි. ඒ හන්දා මම කුමාරව පැත්තකට අඬගහලා මෙතන ඇත්තටම වෙන්න ඕන දේ මොකද්ද කියලා පැහැදිලි කරලා දුන්නා. මම කිව්වා මේ ගෝරිය ආයෙත් ඇදුනොත් අපේ ගෙවල් වලට ආරංචි වෙනවා. ඊලගට මගේ කරාටි පංතියට ඕන කරන නිවුනු කම මම නැති කරගත්තා කියලා ඔප්පු වෙනවා කියලා. මම කරාටි පංතියට ඇතුල් වෙන දවසෙම මිනිහවත් පංතියට ඇතුල් කර ගන්නවා කියලා පොරොන්දු වුනු නිසා මේ කතාවෙන් මිනිහා ගැස්සුනා. ඇයි මට කරාටි පංතිය නැතිවෙනවා කියන්නේ මිනිහටත් නැති වෙනවා කියන එකනේ! ඊලගට අපි දෙන්නම අපේ පංතියේ සේරෝටම හොරෙන් මේක ගොඩින් බේරගන්න සැලැස්මක් හැදුවා. අන්තිමේ මගේ හිතට ජාති අදහසක් ආවා.

මම හොඳට කල්පනා කරලා කුමාරගෙන් උදව්වක් ගන්න තීරණය කලා. කාරණාව කිව්වම කුමාරගේ මූණ දම්පාට වුනා. ඒත් මිනිහා ඒ ගැන හොඳට කල්පනා කරලා මගේ කියමන අනුමත කලා. හැබැයි මෙහෙමත් කිව්වා, ‘ඒ අදහස නං හොඳයි, හැබැයි ජයවීර ලෝකය....!‘. කොහොමවුනත් කල්‍යාන මිත්‍රයන්ගෙන් උදව්වක් ඉල්ලපු හැටියේ එයාලා උදව් කරන්නේ අතින් හැමදේම අමතක කරලා. ඒක නිසා මේ වෙලාවෙත් එයා එකඟ වුනා උදව් ව කරන්න. කුමාර විවේක කාලය ආපු හැටියේ වීරයෙක් වගේ ජයවීර හමුවෙන්න ගියා. ඊලගට ජයවීර ව කැන්දගෙන ආවා දං ගහ යටට. ඇත්තම කියනවානම් මම උත්සහ කලේ මේ සිද්දිය ගොඩින් බේරලා අහවර කරන්න. ඒක අපි කාටත් හොඳයි. කව්ද කැමති ‘මේ ළමයා කිසි වැදගැම්මකට නැති ළමයෙක්‘ කියලා ගුරුවරු අතරේ නමක් පටබැඳෙනවට. අපි හැමෝම උත්සහ කලේ කාටත් කීකරු, ඉස්කෝලේ වැඩ කෝකටත් දක්ෂ අපේ පංති පොතේ ඉන්න සිරිමත් වගේ යහපත් ළමයෙක් වෙන්න. වැදගත් ම දේ ජයවීර වගේ නාහට නාහන කෙනෙකුට යමක් පිළිපදින්න කැමත්තක් ඇති වෙන විදිහට දෙයක් තේරුම් කරලා දෙන එකයි. අනික ලෝක යුද්දෙකට වගේ පංති දෙකක් සූදානම් වෙන වෙලාවක. ජයවීරයි මමයි දං ගහ යට මූණට මුණ මුණගැහෙන වෙලාවෙත් ඕනෑම දේකට ලෑස්ති පිට පංති දෙකක් සීරුවෙන් උන්නා අපි දිහා බලාගෙන. ඔන්න ඔයවගේ හැමදේම පැටලිලා, හැමදේම උණුසුම් වෙලා තියෙන වෙලාවක ගන්න එක තිරණයකින් සේරෝම දේවල් හොඳ අතට ඇරෙන්න පුලුවන්. එහෙම නැතුව ඔය වගේ වෙලාවක ගන්න එක වැරදි තීරණයක් නිසා ලෝකයෙන් බාගයක් ගැලවිලා වැටෙන තරම් මහ ලොකු විනාශයක් වෙන්නත් පුලුවන්. ආන්න ඒකයි කරාටි කාරයෙක්ගේ තියෙන නියම වටිනාකම. මොකද ඒ අයට පුලුවන් ඒ මොහොතෙදි කරන්න ඕනේ හොඳම දේ මොකද්ද කියලා නිවැරදිව තීරණය කරන්න. ඉතින් මමත් ඒ වෙලාවේ ගන්න ඕන හොඳම තීරණය ගත්තා. මම එහෙම කියන්නේ බැලු බැල්මට කොයි පැත්තට පෙරලලා බැලුවත් මේ තීරණය ඇතුලේ තියෙන්නෙ එහෙම්පිටින් ම බුද්ධිමත් බව නිසා. ඊලගට මම හැම දේටම කලින් නිරාකරණය කරගන්න තියෙන දේ ගැන හිතලා ජයවීරගෙන් මෙහෙම ඇහැව්වා.

‘‘ඔයා ඔයාගේ අත කෑලි වෙලා ලේ ගලන්න ගත්තේ කොහොමද කියලා දන්නවද?‘‘

මම එහෙම ඇහැව්වේ හොඳට හිතලා බලලා. මේ වෙලාවේ වැඩිය වැදගත් වෙන්නේ මේකයි. මම ඒත්තු ගන්වන්න ඕනේ ජයවීරගේ ලේ හෙල්ලුනේ අහම්බයට නෙමෙයි, ඒක මම හිතා මතාම කළ එකක් කියලා. එහෙම නොවුනොත් සේරෝම වතුරේ.

‘‘නෑ.....“ ජයවීර කිව්වා. මිනිහා ටක්කෙටම හිතුවා ඒක මම හිතාමතා කළ දෙයක් කියලා. ඒකයි එහෙම කිව්වේ. කව්ද කැමති තමුන්ගේ දුර්වල කමක් හන්දා ප්‍රතිවාදියා තමන්ගේ ලේ හෙලෙව්වයි කියන්න. ඉතින් අපේ සැලැස්ම සාර්ථක කරගන්න එයාගේ පැත්තෙන් වෙන්න ඕන දේ හරි! දැන් මගේ පැත්ත. මම ඊලගට වීරයෙක් වගේ කතා කලා. මම මිනිහගේ අත දිහා බැලුවා. මිනිහා රෙදිපටි වගයක් හොයාගෙන තුවාලේ ඔතාගෙන.

‘‘ආං ඒකනේ කියන්නේ...... අයිමත් අපි දෙන්නා හැප්පුනොත් ඔයාට මොනවා වෙයි කියලද හිතන්නේ......? අපේ තාත්තා කරාටි කලු පටි කාරයෙක්. කලු පටිය බඳින්න හම්බවෙන්නේ කරාටි හොඳටම දැනගත්තට පස්සේ.......! මම තාත්තගේ පංති වලට එක දවසක් වත් ගිහිල්ලා නෑ. බලාගෙන ඉදලයි ඔයාට දුන්නේ ලේ දාන්න..... හැබැයි මම තව ටික දවසකින් තාත්තා දාන අලුත්ම පංතියට බැඳෙන්නයි හිතාගෙන ඉන්නේ..... ඔයා හෙට විවේක කාලෙදී සේරෝම ඉස්සරහා මට ගහන්න ආවොත් සමහර විට මම ගුටි කයි.... ඒ මොකද තාත්තා කියලා තියෙන්නේ මට ඉවසන්න කියලා..... ඉවසන්න පුලුවන් කෙනෙක් කියලා ඔප්පු වුනොත් තාත්තගේ කරාටි පංතියට ඉක්මනට බඳවා ගන්නවා කියලා...... එහෙම වුනොත් අද ඔයා දිනයි. හැබැයි මම කරාටි පංතියට ගිහිල්ලා හොඳවයින් අඩියක් දෙකක් ඉගෙන ගෙන ඔයා හම්බවෙන්න එනවා. ඒ කොතනදි ද, කොයි වෙලාවද කියලා මමවත් දන්නේ නෑ...... ඒ මොකද කරාටි කාරයෙකුට තැන නොතැන වැදගත් නෑ... කරාටි කියන්නෙ හිස් අතපයෙන් ගහගන්න සටන් කාරයොන්ට අයිති දෙයක්.... පොලු මුගුරු තියා අඩුම ගානේ දතකින්වත් එයාලා ගහන්නේ නෑ අතපය ඇරුනම..... එහෙම එක්කෙනෙක් එක්ක හැප්පුනාට පස්සේ ඔයාට වෙන දේ ඔයාම හිතලා බලන්න.... ඒකට ඔයාට විවේක කාලේ ඉවරවෙනකල් විතරයි වෙලාව තියෙන්නේ......“ ඕං ඔච්චරයි මම කිව්වේ. මිනිහා මා දිහා බලාගෙනම හිටියා. ඊලඟට ලොකු කල්පනාවකට වැටුනා. දං ගහේ මුලක් උඩ ඉඳගත්තා. ආයෙත් කල්පනාව! මේ දිහා බලාගෙන හිටපු අපේ පංතියේ සගයෝ කුමාරව එව්වා අපි ඉන්න තැනට. ඒ අලුත්ම විස්තරේ දැනගන්න. කුමාර මේ සේරෝම දන්නවානේ. ඇයි මිනිහයි මමයිනේ මේ අහස පොලොව නුහුලන සැලැස්ම හැදුවේ. මිනිහත් මම ළගට ඇවිල්ලා දං ගහ පල්ලේ මුලක් උඩ වාඩිවෙලා ඉන්න ජයවීර දිහා බලාගෙන උන්නා.

ටිකක් වෙලා කල්පනාවක් දාගෙන උන්නු ජයවීර අන්තිමේ නැගිට්ටා. අපි ලඟට ආවා. ඇවිල්ලා මෙහෙම කිව්වා.



‘‘හරි මම කැමතියි මේක මෙතනින් ඉවර කරන්න......“ ඒක ඇත්තටම ඇහුන දෙයක් ද නැත්තම් අපේ හිතලුවක්ද කියලා හරියටම දැනගන්න වගේ කුමාර මා දිහා බැලුවා. මමත් කුමාර දිහා බැලුවේ ඒකටමයි. හැම දෙයකින්ම මම නිදහස් වුනා වගේ මට දැනුනා. මාව පාවෙන්න ගත්තා. ඒ එක්කම මිනිහා ආයෙත් කට ඇරියා.

“හැබැයි තව එක දෙයක් කරන්න බැරිද......?“ මිනිහගේ හුළං බැහැලා වගේ. ඒ හන්දා ආමාරුවෙන් වචන එකතු කරලා කතා කලේ.

“ඒ මොකද්ද?“ මම ඇහැව්වා.

“ඔයගොල්ලන්ගේ තාත්තට කියලා මාවත් ඔයාලගේ කරාටි පංතියට ම ඇතුල් කරගන්නකෝ......“

‘‘මොකක්?‘‘ කියන බැල්මක් මූණේ හදාගෙන කුමාර මා දිහා බැලුවා. මිනිහගේ කට ඇරිලා. 
මම ඔලුව වනලා, ‘‘ඕක මොකද්ද?‘‘ කියලා ජයවීරට කිව්වා.

සේරෝම ඔය විදිහට හොඳ අතට ඉවර වුනා. මහ ලොකු විනාශයකින් කෙළවර වෙන්න ගිය සිදුවීමක් අපේ බුද්ධිමත්කම නිසා වැලකිලා ගියා. ඒක එහෙම වුනේ අපි ඒ මොහොතෙදි කරන්න ඕනේ හොඳම දේ කල නිසා.

ඊලඟට මම කුමාරට කිව්වා දැනටමත් කරාටි ඉගෙන ගන්න මම නියම සුදුස්සෙක් කියලා. කුමාර ඇහැව්වා ඒ මොකද කියලා. මම කිව්වා,

‘‘ඇයි මනුස්සයෝ අපි ඒ මොහොතෙදි කරන්න ඕනේ හොඳම දේ කලානේ !“ කියලා.

ඒ පාර කුමාර කල්පනා කරලා මෙහෙම කිව්වා,

‘‘ඔයාට ඓහෙම හිතෙනවද?, මටනං හිතෙන්නේ අන්තිම මොහොතේ දි හොඳම දේ කලේ ජයවීර කියලා...... මං කිව්වේ, මිනිහා ලෝකය!“ 

____________________________________
- කෙහෙල්කොටුවේ චූටි මහත්තයා.

105 ක් කියන්නේ !:

  1. චිත්‍ර සහ කතාව උපරිමයි...

    ReplyDelete
  2. අපි නං ඉතිං ඇල්වතුරත් නිවාලා බොන අය හින්දා තවත් නිවෙන්න දෙයක් නෑ. රත් වුනත් වලියට බරත් නෑ.

    මෙතනදී බුද්ධිත් බුද්ධිමත්ව වැඩකරලා තියෙන බව පේනවා.

    ජයවීරත් දිනුම්, කුමාරත් දිනුම්නිසා මේක වින්-වින්-වින් කේස් එකක්.

    ReplyDelete
  3. ස්තුතියි තිසර. යාව ජීව සාමාජිකයෙක් කලින්ම ඇවිල්ලා තියෙන්නෙ...

    ....................
    කකා,
    මේ දවස් වල නිවාඩු පාඩුව ඉන්නවා වගේ නේ. උදේම ඇවිල්ලා.

    හැබැයි වලියර බර පොරවල් සීරීස් එකේ ලින්ක් එකවත් දාපු නැති එක වැස වැරැද්ද.... අර කොල්ලෝ ටික බස් එකේදි කොටු කර ගත්තු හරිය වගේ කෑල්ලක්....:D

    ReplyDelete
  4. හම්මේ.... ගොඩ කාලෙකට පස්සේ.

    ReplyDelete
  5. මටත් දැන් නිවෙන්ට හිතිලා තියෙන්නේ. මමත් තීරණය කලා කරාටි පන්තියකට බැඳෙන්ට. :P

    ReplyDelete
    Replies
    1. ඔය එක එක පංති වලට යන්නේ බලාගෙනයි.... ඉවසලා ඉන්ඩ අපි පංතියක් පටන්ගන්නකල්!

      Delete
  6. කාලෙකින් රස කතාවක් එක හුස්මට කියවලා මේ දැන් අවසන් කළා.. දැන් ඉතින් මේවා එනකම් ඇඟිලි ගැන ගැන තමා අපිට ඉන්න වෙලා තියෙන්නෙ..

    බැරිද ඔහොම්ම ඊශ්‍රායෙල්, පලස්තීන් කේස් එකටත් පොඩ්ඩක් අතදාලා වැඩේ ගොඩින් බේරලා දෙන්න..

    ReplyDelete
    Replies
    1. සෙන්නා,

      ස්තුතියි අගය කිරීම ගැන.... ඒ වගේම සයිබර් යාය අමතක නොවීම ගැන කාලයක් ගියත්...

      අනිත් කේස් එකට නම් කියන්න තියෙන්නේ කපලා ගියත් බෙල්ල කරගෙන ඉන්න මෛත්‍රී කියලා තමයි :D

      Delete
  7. ඉතිං කළුපටි ගත්තද?

    ReplyDelete
    Replies
    1. රාජ්, මුලින් ම බැඳ ගත්තේ රෙදි පටිය.

      Delete
  8. බුද්ධි බුද්ධිමත්ව ගත්ත තීරණයක් හින්ද එහෙනං තෙවන ලෝක යුද්දෙ නැවතුනා.
    ඇත්තටම මොකක්ද ඔය නිවුන මිනිහෙක් කියන්නෙ. ආයෙ ඕක පත්තු කරගන්නෙ කොහොමද?

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,
      ප්‍රසන්න පත්තු කරන්න දෙයක් නෑ.... පත්තු වෙලාමයි තියෙන්නේ..... ඒක නිවන්න තමයි අමාරු හෙහ් හේ...

      Delete
  9. ෂුහ්! මෙන්න කතා. ෆයිට් පහයි සින්දු තුනයි. කොල්ලයි, කෙල්ලොයි, සපෝර්ටරුයි, දුෂ්ටයයි.

    හැබැයි අර කකා කිවුවා වගේ අන්තිමේදී දිනුවෙ කොල්ල ද නැත්තං දුෂ්ටයා ද නැත්තං සපෝටර් ද කියලා හරියටම පැහැදිලි මදි. මං හිතන්නෙ ඒක ඩිරෙක්ටර් බුවාගෙ දක්ෂතාව!

    අනිත් එක බලන්ට අර අන්තිම වාක්‍යයෙන් සම්පූර්ණ කතාවම නව මාවතකට ගෙනියනවනෙ. ෆිල්ම් එකේ පාර්ට් ටූ ගහන්ට පුළුවන් එතන ඉඳන්.

    අපගේ අවාසනාව මේ වගේ ෆිල්ම්ස් හැමදාම එන්නෙ නැති එක. අර අමීර් ඛාන් අවුරුද්දටම එක ෆිල්ම් එකක් ගහනවා වගේ මේවත් එන්නෙ අවුරුද්දටම එකයි!

    පලි: මේ ඒක නෙවෙයි. තිලකෙ ‍පොතක් එළිදැක්කුවා. රන්දිකාත්. අනිත් කොණ පොත් දෙකක්ම! දැන් උඹේ වාරෙ පුතේ. මොකද කියන්නෙ 'සයිබර් යාය' මුද්‍රණ ද්වාරයෙන් එළිදක්කමුද?

    ReplyDelete
    Replies
    1. බූරා,

      මේ අවුරුදු මිලියන ගාණටම දැම්ම දිගම කමෙන්ට් එක. ඒක නිසා මම හිතාගත්තා මේ කතාව බූරාගේ මොකක් හරි දෙයක් කම්පනය කරන්න සමත්වෙලයි කියලා. මගේ හද පිරි සන්තෝෂය!!

      පලි කෑල්ල ගැන වචනයක් කියනවානම් - අර කිව්වත් වගේ දැන් පාර හැදීගෙන යනවා. ඔහොම ගියදෙන්.... පාර හොයාගෙන යනවට වඩා මම කැමතියි සිතියමක් අතේ අරගෙන යන්න..... ඒ අය දැන් සිතියම ඇඳගෙනයි යන්නේ.... එයාලට ස්තුතියි!

      Delete
  10. මරු කතාව. ඒ වගේමයි චිත්‍රත්. හිස් අත් වලින් කරන සටන් ක්‍රමය කරාටි නම්, දත් වහල්ලෙන් මිට මොලවගෙන ඉන්න අතකට පහර දෙනවට මොකක්ද බං කියන්නේ.

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      ඔන්න මට කලින් බූරා උත්තරේ දීලා... අගය කිරීම ගැන නොවක් තුති!

      Delete
  11. බුද්ධිගේ ලිවීමේ රටාවට මම අන්තිම කැමතියි. චිත්‍ර වලටත් ඒ වගේමයි. අනේ දෙයියනේ ඇයි දිගටම ලියන්නේ නැත්තේ ? ඇත්තටම බුද්ධි ලියත්දී නම් හොඳටම සංවර වෙලා ලියලා තියෙන බව පැහැදිලියි.

    ReplyDelete
    Replies
    1. සුදීක,
      අගය කිරිම ගැන ස්තුතියි. දිගටම ලියන්නයි හිතාගෙන ඉන්නේ. දැන් වුනත් මේ දිගටම ලියන ලිපි මාලාවේ එකක් කියලා අපිට හිතන්න පුලුවනි. ලියද්දි සංවර වෙලා කියලා අහන්න ලැබීම සතුටුයි. මම එහෙම ලියන්න හිතාමතා උත්සහා කලා. ඒක හදාගන්න, මෙච්චර වැඩ තියෙද්දි මම පොත් කියෙව්වා. ඒකේ ප්‍රතිඵල යන්තම් හරි දැනුනු එක ගැන සතුටුයි.

      Delete
  12. චූටි මහත්තය ආයි ඇවිල්ලෝ! එන්ඩෝ!
    ඔය විදිහට දත් වලට කැපුනහම පැහැවනවලු
    ලේසියෙන් හොඳ වෙන්නේ නැහැලු
    චූ.ම.ගේ පොඩි බිල්ඩිං ලක්සන ඒ කාලෙත් තියෙන්න ඇති
    මට 'අපේ ගම' කතාවේ දඬු ළමයයි සැමීවයි මතක් වුණා

    ReplyDelete
    Replies
    1. ඒ විතරක්ද, ජලභීතිකාවත් හැදෙනවලු.

      Delete
    2. ඔය දත් පාරවල් වැදුනු තැන් වලට කරන්න පොඩි කෙමක් තියනවා. තිස්ස අයියාලා, ප්‍රසාලා දන්නවා නේද? දත් පාර කාපු එකා කෙම හරියට කලොත්, දත් අයිතිකාරයගේ දත් හැලෙනවලු. කොහොමද වැඩේ...!

      Delete
  13. පටි මුකුත් ලැබිල නැද්ද??

    ReplyDelete
    Replies
    1. මොකද නැත්තේ දේශකයා. මිනිහෙක්ගේ මුලු ජීවිතේම ගොඩ නැගෙන්නෙ පටි මතනේ....

      Delete
  14. @බූරා, මට ඕක කියන්න හිතුණා... ආයෙත් හිතුණා කට්ටියටම පොත් ලෙඩේ හැදුනොත් බ්ලොගක් ලියන්නවත් එකෙක් නැති වෙයිදෝ කියලා...

    ReplyDelete
    Replies
    1. ඒ වුනත් තිසර, කල්පනා කරලා බලහං මේ වගේ පොතක් ආවොත් කොච්චර ෂෝක්ද? අපි පොඩි කාලෙ ආසාවෙන් ටොම් සෝයර් කියෙවුවා වගේ දැන් ළමයින්ටත් ආසාවෙන් කියවන්ට පොතක් හම්බවෙනවා නේ. ඒ පිනම ඇති චූ.ම.ට 'නිවුනු කෙනෙක්' වෙන්ට!

      Delete
    2. @ B, "Tom Brown's Schooldays "

      Delete
    3. Pra,
      බුරා අදහස් කරන්න ඇත්තෙ ටොම් සෝයර් වෙන්න ඇති. ටොම් බ්‍රවුන් එක ඒකට සාපේක්ෂව මට නම් ටිකක් බෝරිං. (මට හිතෙනවා ඉලංගරත්න ගෙ 'විලම්බීත' පොතට ටොම් බ්‍රවුන් ටිකක් බලපෑවා කියල)

      Delete
    4. ඔව්. බුර් කිව්වෙ ටොම් සෝයර් තමයි. මම අදහස්කලේ මේ පොස්ට් එකේ ටොම් බ්‍රවුන්ට සමානකම් තියනව කියල

      Delete
    5. මෙතන හරවත් කතිකාවතක් ගොඩ නැඟූ සියලු දෙනාටම අනේක වාරයක් ස්තුතියි :D

      Delete
  15. පිස්සු හැදෙයි....

    ඇත්තටම අරූ ලෝකයා තමයි.... මට හිනා වෙලා කම්මුල් දෙකත් රිදෙනවා..

    ReplyDelete
    Replies
    1. අරූ, ඇත්තද බං මේ කියන්නෙ? ලෝකයා කියන්නෙ 'උඹ ලෝකයා' කියලා?

      Delete
    2. උපේක්ෂා,
      අරූ ලෝකයා තමයි. ඒ වගේ ඈයින්ට හරියන්නේ කුමාරලා වගේ ඈයෝ..... අපි ඉතින් නිවිලානේ.....

      ............

      බූරා,
      මම හිතාගෙන හිටියේ අරූ කියන්නෙ ගෑල්ලමයෙක් කියලා.

      Delete
  16. කාවහරි වේගෙන් තල්ලු කරාම අත්දෙක අරෙහෙම පිටි පස්සට යනවද ? එහෙම නැත්නම් තල්ලු කරන්න හිතනකොටම අරූ වැටිලා ඉවරද ? :D

    ReplyDelete
    Replies
    1. සෙන්නා,
      බැක්ෆයර් එක අනේ..... ඔයගොල්ල ඒකවත් දන්නෙ නෑ:D

      Delete
    2. මම ඔය කමෙන්ට් එක දාන්න කලින් එකෙක්ව හිතෙන් තල්ලු කරලා බැලුවා බන්.. එහෙම බැක් ෆයර් වුනේ නෑනෙ... :D

      Delete
    3. හිතෙන් කොරලා හරියන්නෑ. ඔපිස් එකේ එක්කෙනෙක්ව මේකට ගාව ගන්න. බලාපොරොත්තු නැති වෙලාවක හොම්බෙන් යන්න තල්ලු කරලා බලන්න...... තමුන්ගේ තල්ලුවේ තරමටයි බැක් ෆයර් එකේ මෙව්වා එක වැඩි!

      Delete
  17. ලස්සන කතාවක් බුද්ධි. මෙහෙම සංවර වෙලා ඉන්න කරාටි කාරයො මන් නම් දැකලා නැහැ. චිත්‍ර ටිකත් හරිම ලස්සනයි. ස්තූතියි! කතාවට.

    ReplyDelete
    Replies
    1. චන්දි,
      නියම කරාටි කාරයෝ එහෙමයි හැබැයි. ස්තුතියි කෙහෙල්කොටුවට ගොඩඋනාට!

      Delete
  18. ඒ වෙලාවට මගේ මූණෙ වෙනස දැකපු කුමාර, ‘‘ඔයා කිසි දේකට බයවෙන්නෙපා..... සේරම මම බලාගන්නං.....‘‘ කියලා මාව දිරිමත් කලා. එයා කොහෙද හැමදේම බලාගන්නේ, එයා මට වඩා හොඳටම කෙට්ටුයි.

    ඉතිං කුමාර කියන්න ඇත්තේ චූටිමහත්තයා ගුටිකන හැටි ඌ බලාගෙන ඉන්නම් කියලා :D

    අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ ඉතිං සයිබර් යායේ පෝස්ට් එකක් දාලා කියලා ආරංචිය යද්දී කර කර හිටිය වැඩෙත් දාලා දුවගෙන එන්නේ... ඒක චූටි මහත්තයාගේ ලේබලේ කියලා දැක්කාම තමයි ඒකේ... අසාම..!

    වස් දොස් යන්න වැරැද්දකුත් කියන්නම්..දෙවනි පිංතූරේ හැටියට එක්කෝ උඹ හෝ මම දෙන්නගෙන් එක්කෙනෙක් දං ගහක් කියලා මෙච්චරකල් හිතාගෙන ඉඳලා තියෙන්නේ වැරදි ගහකට එහෙම නැත්තම් උබේ ග්‍රැපික් ටැබ්ලට් එකේ පින්සල මහත වැඩියි ඒක උල් කරගනින්... :)

    ReplyDelete
    Replies
    1. ඇයි බන් ඔය වගේ මහත දන් ගස් දැකලා නැද්ද ?

      Delete
    2. සිරාවටමද නැත්තම් උඹ විහිළු කරනවාද..? :) දං ගහ කියද්දිම ටෙක්නිකලි ඉන්කරෙක්ට් නේ... හරිනම් දං පඳුර.... අටම් ලිව්වේ දං පඳුරු අස්සේ වහං වෙමු මයේ දෙයියෝ කියලා කතාවකුත්... ඒකෙත් වහං වෙන්නේ දං පඳුරක් අස්සේ...

      Delete
    3. යකෝ බීටලේ සිරාවටම උඹ විහිළු කරණවද ? අපි පොඩි කාලේ දං කැඩුවෙ අඩි තිහ හතලිහක් විතර උස දං ගස් වල නැගලා.. සමහර ගස් ඒ දවස් වල අපිට බදන්නත් බෑ.. ඔය බුද්ධියා ඇඳලා තියනවා වගේමයි... කුරුන්දෙ තාම තියනවා ඒ ගස් මම හිතන්නෙ.. උඹට අවිශ්වාසයි වගේනම් මම ෆොටෝ එකක් ගහලා එවන්නම්..

      ඇත්තටම මම ඔය කියන දං පඳුරු දැකලා නෑ බන්..

      Delete
    4. දං ගහ මහතයි. දං පඳුරු කියල කියන්න බෑ. මං හිතන්නෙ බීටලේ දං ගස් දැකල නෑ! ඇයි මේක අහල නැද්ද?

      යං නංගි දං කන්න
      දං ගහට පිට දෙන්න
      .......................
      .......................

      Delete
    5. Senna, Beetle , Raaj, මා දං කියන්නෙ විශාල ගහක්. සමහර ඒව පලු, කුඹුක් වගේ තරම් ලොකුයි. විල්පත්තුවල තියනව ඉතා විශාල මා දං ගස්.
      සෙන්නලගෙ පැත්තෙත් තියනව -http://en.lankafrontline.com/the-historic-maa-dan-tree-at-mahawewa/
      මා දං පොඩිකාලෙ පඳුරුවගේ සමහරවිට පේන්න පුලුවන්. ඒත් ඒව වැවෙනව

      බලු දං තියෙන්නෙ පඳුරු. බස්නාහිර පලාතෙ බඩවැටිවල , ඕවිටිවල , පාලුවට ගිය ඉඩම්වල දං පඳුරු වැවෙනව

      Delete
    6. ස්තූතියි PraJay එහෙනම් මම කියන්නේ බලු දං තමයි... මම බස්නාහිර පලාතේ කොල්ලෙක් :D

      සෙන්නා දාපන් බලන්න ෆොටෝ එකක් එහෙනම්... දං ගහයි, ගෙඩියි දෙකම :)

      Delete
    7. ආ ඒකයි මේ රහස.. "මා" සහ "බලු"... ප්‍රා හරි අපේ පැත්තෙ තියෙන්නෙ "මා දං".. විශාල ගස්..

      බීටලේ, පොඩ්ඩක් හිටහන් අඩුම ගානෙ සෙනසුරාදා වෙනකම්වත්.. මහ රෑ කැලේ බඩගාන්න ඕනා නැත්නම්.. උඹ විතරක් මොකෝ මමත් බස්නාහිර කොල්ලෙක් තමා.. හරිය..

      Delete
    8. http://herbalplantslanka.blogspot.com/2013/05/madansyzygium-cumini-skeels.html

      http://www.agri.ruh.ac.lk/medicinalplants/medicinal_plants/families/myrtaceae/plants/madan.html

      Delete
    9. එල එල.. තැන්කෝ උඹට...කරදර වෙන්න එපා... දැන් සිද්ධිය පැහැදිලියි... :)

      Delete
    10. ඒ වුනාට බන් බීටලේ මේකෙන් පස්සෙ මට පරණ දං ගහක් හම්බෙලා ටිකක් වෙලා කතා කර කර ඉන්න හිතුනා...:D

      Delete
    11. බීටා බලු දං ගස් ලොකු වෙන්නෙ නැත්තෙ,,ඒව පදුරු.,,මා දං විශාලයි

      Delete
    12. සියලු දෙනාම එක්කහු වෙලා අපේ බටහිර ළමයට දං ගැන උද්භිත විද්‍යා පාඩමක් කියලා දුන්නට ස්තුතියි. නැත්තම් මම එපැයි සේරෝම උගන්වන්න.

      ඒක නෙමෙයි. මේ දං කොල්ලෝ දන්නවා ඇති තව ටික දොහකින් එන්නේ දං කාලේ කියලා.... පහුගිය දවස් ටිකේ අපි හිටියේ කෙහෙල්කොටුවේ ගම්මානේ........ දැන්ම දං ගස් වල දං හැදිලා තියෙන්නේ..... මුලින් හැදිච්ච දං දැන් ඉදිලා.... හැබැයි හොඳම කාලේ එන්නේ ඉස්සරට..... ගිහිල්ලා දං ගෙඩියක් දෙකක් කාලා බලන්ඩ.... දං ගෙඩියේ පැණි රහයි, කහට රහයි එක්කලා කාල යන්තර නැතුවම අවුරුදු විස්සක් විසිපහක් අතීතෙට ගියැකි මෙහෙම කරන කොට.........

      Delete
  19. පට්ට රයිටිං සහ චිත්‍ර, ඈස් ඕල්වේස්.

    හාව හඳ දකින්නා වගේ වැටෙන බ්ලොග් පෝස්ට් එකකට මේව සීමා වෙලා තියෙනව කියන්නෙ අපෙත් කරුමයක්. අනෙක් අතට කොන්ටිටි දෙන්න ගිහින් කොලිටි නැති කරගන්නවට වඩා එක අතකින් හොඳයි.

    පොඩි උන්ට පොත් ලියන්න වගේ අදහසක් නැද්ද? ඒ සීන් එකට එන්ටර් වෙන මිනිස්සු දැක්කම එහෙමටම එන්ට්‍රන්ස් අමාරු ෆීල්ඩ් එකක් කියල පේන්නෙ නෑ. ලොකු පොඩි දෙගොල්ලටම ලෙවල් ගානක ආතල් දෙන්න ලියන්න පුලුවන් රචකයො ලංකාවෙ හිටියෙ එස් ඒ දිසානායක වගේ දෙතුන් දෙනෙක් විතරයි.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,
      මම ඇනෝ කමෙන්ට් නැති කරලා තියෙද්දිත් මේක වැටුනේ කොහොමද කියලා මම මුලින්ම බැලුවා. හරි! ඉංගිරිස් පේලි දෙකක් අමාරුවෙන් තේරුම් ගත්තුහැටියට ඇනෝ කෙහෙල්කොටුවට හොරෙන් පනින කෙනෙක් කියලා පැහැදිලියි. ඉතා හොඳයි. සංතෝශයි!

      පොතක් ගහන්න හිතෙද්දි මට මෙහෙමත් හිතෙනවා... “මේ තවම වස්සාන සමය.....“ කියලා.

      Delete
  20. මේ ලියන විදියට මම හරිම කැමතියි. හිනා යන වචනත් නෑ. ඒත් හොඳටම හිනා යනව.
    ඉතින් තාත්තා එයාවත් කරාටි පන්තියට ගත්තද?

    ReplyDelete
    Replies
    1. සිදු,
      ස්තුතිය අගය කිරීම ගැන.....

      //හිනා යන වචනත් නෑ. ඒත් හොඳටම හිනා යනව.// මේ වචන ටික සැබැම දිරිමත් කිරීමක්.....

      ඊලගට තාත්තා එයාව කරාටි පංතියට ගත්තද කියන එක? ඒක ඉදිරි දවසක බලමු නේද?

      Delete
  21. ඉංග්‍රීසියට හැරෙව්වා නම් නියමයිනේ...:D

    ReplyDelete
    Replies
    1. එහෙම කැමති අය දැම්ම තියා පුරුදු වෙන එකයි තියෙන්නේ....! :D

      Delete
  22. හිටපිය කළු පටියක් හොයාන එනකම්

    ReplyDelete
  23. අප්‍රමාණ සංතෝසයි නැවත ආගමනයට.. මේං අර මම කිව්ව චිත්ත රූප මැවෙන කතාවක්...

    උඹේ චිත්‍ර මට විජය පත්තරේ හිටිය (?) චිත්‍ර ශිල්පියෙක් මතක් කරනවා!.. ආනන්ද ද කොහෙදයි එයාගේ නම..

    දිගටම ලියපාාාාන් බං

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කුෂ් !

      විජය පත්තරේ අපිත් ගත්තා. ඒත් මම මුලින්ම කියෙව්වේ “සුරතලා“ පත්තරය.

      Delete
  24. අම්මේ ආයෙත් පෝස්ට් එකක් දාලා...චිත්‍ර දකිද්දි මතක් උනේ මේ පැත්තේ තිබ්බ චිත්‍ර තරගයි ඒවට ජන්ද දාපු හැටියි...
    දැන් උබලා 3 ම තාත්තා පන්තියට ගත්තද?

    ReplyDelete
    Replies
    1. ඩිලන්,
      විත්‍ර තරග තියපු කාලේ කාටද අමතක වෙන්නේ.... ෂිෂ් එහෙම කාලයක් ආයිමත් එනවානම්!

      //දැන් උබලා 3 ම තාත්තා පන්තියට ගත්තද?// ඒවා දැනගන්න පුලුවන් දිගටම මේ පැත්තේ ආවොතින්.

      Delete
  25. මේ අපි නම් හොදටෝම නිවිලා ඉන්නේ.. ඇත්තමයි.. දැන් බ්ලැක් බෙල්ට් එක හම්බුනෙයි එතකොට..

    පරණ පුරුදු චිත්‍රකාරයව ආයෙම දැක්ක එක ඇත්තටම සතුටක්..

    ReplyDelete
    Replies
    1. දිනේෂ් මහත්තයා චිත්‍ර ගැන අරවා මේවා ගැන මූණු පොතෙත් සටහන් කරලා තියෙනවා අපි දැක්කා. ඉතින් මේක දිනේෂ් මහත්තයගේ සතුටට ඇත්තටම හේතුවක් වෙන්න ඇති කියලා හිතන්න ඒ කාරණාව හොඳටෝම ඇති.

      එතකොට බෙල්ට් ඒකේ කතාව... ඒ ගැන දැනගන්න දිගටම අපත් සමඟ රැදිලා ඉන්න....!

      Delete
  26. කතාව ලස්සනයි...

    ඔය පංති පොතේ ඉන්න සිරිමත් වගේ වෙන්න මටත් ලොකු ඕනිකමක් තිබුණ. සිරිමත් ගැන කියවන හැම වෙලාවෙම මට හිතුණෙ මං කොච්චරනං වැදගැම්මකට නැති පුඟුලෙක්ද කියල. ඒත් මං මේ පයගහල ඉන්න ලෝකෙ ‘එහෙම්පිටින්ම‘ සිරිමත්ල නෑ කියල හොයා ගත්තෙ ගොඩ කාලෙකට පස්සෙ.

    ඉස්කෝලෙ වලි ගැන කියනවනං ගුටි කන්නවත් ගුටි දෙන්නවත් හයිය නොතිබ්බ මං හිටියෙ ‘ඉලක්කං‘ කියා ගත්ත ගමංමයි... :)

    ReplyDelete
    Replies
    1. පරිකල්පන,

      ඔයා ඉන්ඩ තිබුනේ අපේ පංතියේ..... එහෙනං අපි ඔයාව බුද්ධි අංශයට අනියුක්ත කරන්න තිබුනා. දැං නං ඉතින් අපේ ශරිර ප්‍රමාණ කොහොමතක් වැදගත් නෑනේ නේද?

      Delete
  27. අපිනම් ඉතින් කොහොමත් නිවිලනේ:D
    හරිම සජීවී කතාව බුද්ඪි.කොල්ලො ටික ගහගන්නවා මැවි මැවි පේනවා.ඉතින් දිගටම ලියමුකෝ.

    ReplyDelete
    Replies
    1. ගිම්හානි,
      ස්තුතියි අගය කිරිම ගැන.... මේ දිගටම ලියනවා තමා. කතා දෙකක් අතර පරතරයයි ටිකක් මෙව්වා වෙලා තියෙන්නේ

      Delete
  28. ''පොලු මුගුරු තියා අඩුම ගානේ දතකින්වත් එයාලා ගහන්නේ නෑ අතපය ඇරුනම.....''
    හැක් හැක් හැක් හැක් හැක්......බිම පෙරලෙමින් සිනා :D :D :D :D :D

    ReplyDelete
    Replies
    1. පිපී,

      ස්තුතියි.... හිනා වුනාට... අපි දෙයක් කිව්වම මිනිස්සුන්ට හිනා.....

      Delete
  29. ඉස්කෝලේ කාලේ කරපු ආනාදී වැඩ ටික මතක් උනා බං

    ReplyDelete
    Replies
    1. නාඩියා,

      ආන්න ඒකනේ... ඒවා අමතක කරලා දාලා කොහොමද?

      Delete
  30. නියම කතාවක්.. චිත්‍ර ටිකත් ඒවගේ ම මරු.. මට ජයවීර ගැන කියවද්දී මතක් වුනේ අපේ පන්තියේ හිටපු උදේනි කියල එකෙක්.. ඒ දවස් වල ඌ තමයි අපේ වයසේ උන්ගෙන් චන්ඩිය. චන්ඩිය උනේ මිනිහ අපිට වඩා අවුරුදු 2ක් විතර වැඩිමල් හින්ද.. හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. පැතුම් හේරත්,
      පොඩි පංතිවලදී ඉබේම චන්ඩි හැදෙනවා නේද? පංතියේ චන්ඩියා, පංති දෙකක් අතර සටනක දී වීරයා වෙනවා... දැක්කනේ ඒකෙත් වැඩේ......!

      Delete
  31. හ්ම්.. තාම මම කථාව කියෙව්වෙ නෑනෙ.. කමෙන්ට්ස් විතරයි කියෙව්වෙ.. බලාන යනකොට කාටදෝ තිබ්බ ඒ ලෙඩේ මටත් හැදිලනෙ...

    ReplyDelete
    Replies
    1. තනෝජා අක්කා,

      කතාව කියවලා ඉවර වුනාම ලෙඩේ හොද වෙයි සමහරවිට....

      Delete
  32. හැබැයි තාත්තා හිතුවට වඩා ඉස්සරහට ගිහින් තියෙනවා , තාත්තා ඕක දන්නවනම් එවෙලේම පන්තියට ගන්නවා

    ReplyDelete
    Replies
    1. ඉවාන් පව්ලූෂා,

      තාත්තා ගොඩක් දේවල් දන්න නිසානේ කලින් පරිවාසකාලයක් ප්‍රකාශයට පත් කලේ...... :D

      Delete
  33. ඇති යන්තන් මෙහෙම එකක් තියෙනව කියල මතක් වෙලා.

    ඉතින් තාත්තා ජයවීරට කලුපටි ඉගැන්නුවද?

    ReplyDelete
    Replies
    1. නිශ්,

      ඉතින් තාත්තා ජයවිරට කලුපටි ඉගැන්නුවාද නැද්ද කියලා දැනගන්න දිගටම අපත් සමග රැදී සිටින්න.

      Delete
  34. හි..හි.. නියම උපක්‍රමේ... චිත්‍ර ටිකත් අපූරුයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තුෂානි! :D

      Delete
  35. දැන් කරාටේ පන්තියේදි මොකද වුනේ කියලා අපිට කියන්නේ කවද්ද?
    හදිසියේ හරි චූටි මහත්තයාගේ තාත්තා මේ වගේ කරාටි ඉගෙන ගන්න ආසා සේනාව දැකලා කරාටේ පන්ති තියන එක පස්සට කල් දැම්මා නම් මේ කතාව ලියන්න අඳින්න චූටි මහත්තයාගේ අතපය හොඳට තියේවි කියලා හිතන්න අමාරුයි.

    ඒක නිසා කරාටි පන්තිය ගැනත් ලියන්න ඔන්න.
    පලි : මීට ප්‍රථම ඉල්ලීම ඉටු නොකිරීම ගැන මගේ බලවත් විරෝධය!!

    ReplyDelete
    Replies
    1. රූ,
      //දැන් කරාටේ පන්තියේදි මොකද වුනේ කියලා අපිට කියන්නේ කවද්ද? // ලඟදීම දවසක....

      //චූටි මහත්තයාගේ අතපය හොඳට තියේවි කියලා හිතන්න
      අමාරුයි.//

      ඔව් හොඳ පරිකල්පනයක්. ඇත්ත දැනගන්න දිගටම අපත් සමඟ රැදී සිටින්න....

      //මීට ප්‍රථම ඉල්ලීම ඉටු නොකිරීම ගැන// මේ කොටස මට තේරෙන්නේ නෑ... හරියට අර බස් කොන්දොස්තර බැහැ ගන්න බැහැ ගන්න කියලා කිව්වා වගේ.... මීට ප්‍රථම කියන්නේ කලින් ඉල්ලීමක් ගැනද, ඉල්ලපු ඉල්ලීම වෙලාසනින් ඉටු නොවුනා කියන එකද හෙහ් හේ.....

      Delete
  36. හෙහේ අපිට කළු පටි තියෙන්නේ ඉණේ බඳින පටියට විතරයි...:D
    ජයවීරයා හොල්මන් වෙන්න ඇති සිරාවටම චුටි මහත්තයාගේ දත් ටික ජයවීරගේ අතේ වැදුණු පාරට.ඇත්තටම දත් වල තියෙන්නේ මාර ශක්තියක් තමයි.එක දන්නේ හොඳට ඔය වගේ දත් පාරක් කාපු එකෙක්ම තමයි.ඇත්තෙන්ම චුටි මහත්තයා කලා නැතිද එහෙම දත් පාරක් කාගෙන්වත්.

    ReplyDelete
    Replies
    1. Manoj Fernando,

      ඇත්තටම මට හිතාගන්න බැරි මෙච්චර හයිය දත් එක අඬු පාරකින් කොහොමද දත් දොස්තරලා ගලවලා දාන්නේ කියලා..... කොහොමත් හයියෙන් දත් පාරක් වැදුනොත් දවසක් දෙකක් යනකල් දත් හිරි වැටිලා තියෙනවා..... අම්මෝ... ඉතින් දත් පාරවල් කෑම ගැන අමුතුවෙන් කියන්න ඕනැයි :D

      Delete
  37. බුද්ධිගෙ මේ ලියවිලි රටාවට මම කවදත් මනාපයි නෙව..!

    ReplyDelete
  38. බොහෝම ස්තුතියි සර්!

    ReplyDelete
  39. මරු කතාව​. ඊට පස්සෙ ජයවීරට මොකද උනේ?

    ReplyDelete
    Replies
    1. Digatama inna. Ethakota danaganna labeewi. Sthuthi pamineema gana!

      Delete
  40. බුද්ධිය මුහුකුරාගිය මොහොතක් ගැන කතාවක්.. අර විදිහේ නිවුන කරාටෙ කාරයින්ගේ යුගය අවසානයි. දැන් දකින්න ඉන්නේ ඉල්ලංකන අයගේ යුගය..

    ReplyDelete
    Replies
    1. Sarath ayiya,
      Thaaththath kiwwa. Oya gana. Ehema thamayi. Wenas nowana deyak lookayee nahanee needa?

      Delete
  41. සිරිමත් මගෙ සකි යහපත් ලමයෙකි
    නුවණත් ඇත්තෙකි වැඩටත් සමතෙකි
    උදයම පුබුදී මුහුණට දිය දී
    කුලදෙවි නමදී ගේ දොර හමදී

    මං සාමාන්‍යෙං රස ඉස්සො, බිත්තරේ කහ් මදේ වගේ ඒව කන්නෙ අන්තිමට තියාගෙන. ඒත් ඒක බ්ලොග් බැලිල්ලෙදි හෙන පාඩුයි. ඒකයි පරක්කු උනේ.

    උඹෙ කතාව ගැන ආයි මොනා කියන්නද මලේ. මෙලෝ රහක් නෑ කියල ඔය උඩ හැමෝම කියල තීන්නෙ. ඒ හින්ද අඩුපඩු හැදෙන්න දිගට ලියහන්. එතකොට තමයි මිනිස්සුන්ගෙ කතාවක් නාහ හොඳ රසට ලියන්න පුලුවන් වෙන්නෙ. මෙහෙම හාව හඳ දඉන්න වගේ ඇවිත් කතා ලිව්වම ඔහොම තමා. දොස්මයි ලැබෙන්නෙ.

    මටත් එක පාරක් ඔහොම සීන් එකක් උනා. අපී පැත්තෙ හිටපු මට වඩා විසාල චන්ඩියෙක් එක්ක ගේමක් ඉල්ලන්නම උනා ඌ අපේ මල්ලිට ගහපු නිසා. දෙන්න දැන් ඔළු පට්ලොගෙන දෙපැත්තට ය්නව අර හරක් ඇනගන්නව වගේ. ටිකකින් මම නිකං දනිස්ස උස්සල අරූගෙ බඩට ගහන්න කියල ඇදුව විතරයි ඌ සිහිය නැතුව වැටුන. මූ වැටුනෙ ගැහුවට නෙමෙයි, මම දනිස්ස ඉස්සුව ඩිංගට. පස්සෙ ඌ ඩොක්ටර් ගාවටත් ගෙනිච්ච. බලත්දි මගෙ උස්සපු දනිස්ස උගෙ සිවිල් පිට හිටපු බෝලෙකට වැදිල.

    අයිත් ඉතින්, එදා ඉඳං මම හෙන පුතය. අවුරුදු ගානක්ම ඉන් පස්සෙ ඒ පොළියෙන් රන් කරා.

    ReplyDelete
  42. මී කමෙන්ට් මොඩ්‍රේහන් අයින් කරල තියහන්. එතකොට මීට ව්ඩා සාකච්ඡා සම්මන්ට්‍රන වෙන්න පුලුවන්.මොඩරේෂන් මගුල පොස්ට් එකට අසාධාරනයක්.

    ReplyDelete
  43. මං සාමාන්‍යෙං රස ඉස්සො, බිත්තරේ කහ් මදේ වගේ ඒව කන්නෙ අන්තිමට තියාගෙන.// ඇයි උයපු කජු. ඒවත් කන්නෙ අන්තිමට. දවසක් අපේ අක්කා කෙනෙක් අයියෝ ඔයා කජු කන්නෙත් නැද්ද කියලා සෙරෝම කටේ දා ගත්තා. මට එපා කිටනවා තියා හිතන්න වත් වෙලාවක් නෑ.

    ReplyDelete
  44. අම්මෝ ඔන්න අදයි වෙලාවක් ආවෙ කියවන්න. එක හුස්මට.....
    මේ ඉතින් ඇත්තටම කරාටි ඉගෙන ගත්තද?

    ReplyDelete
  45. ස්තුතියි ඉෂාර මහත්මයා. හැකි සෑම වෙලාවකම කෙහෙල්කොටුවට පැත්තෙ ඇවිල්ලා යන එකට.

    කරාටි ඉගෙන ගත්තද කියලා දැන ගන්න දිගටම කෙහෙල් කොටුවට ඇහැ ගහගෙන ඉන්න වෙයි.

    ReplyDelete
  46. ලෝකයේ දුටු නුදුටු දේ දකින්න, ලෝකයේ සිමා මායිම් හබා යන්න, අලුත් විදියට ලෝකය දකින්න වෙර දරණ, ඔබ වෙනුවෙන්ම නිර්මාණය වූ ලංකාවේ හොදම තාක්ෂණික ෆෝරමය, ℯkathuwa.org. එන්න අප හා එක්වන්න දැනුමෙන් සන්නද්ද වන්න. ඔබ තවත් මේ ලෝකයේ මං මුලාවුවෙකු නොවේ!

    ReplyDelete
  47. චුටි මහත්තයා.
    කාලෙකින් මේ පැත්තට ගොඩ උනේ.

    ජයවීර ලෝකයා කියල කුමාර කිව්වට, උඹේ පොඩි වයසට බැලුවම උඹ ඊට වඩා ලෝකයෙක් කියලයි මට හිතෙන්නේ

    ReplyDelete
    Replies
    1. ලොකු පුතා මේපැත්තේ ආපු එක ගැන හරි සතුටුයි. ලොකු පුතා නැව් නැග්ගට පස්සේ ගිය ඉසව්ව හොයා ගන්න බැරුව ගියා. ලොකු පුතාගේ බ්ලොග් එක පැත්තේ ආවත් එක්ක හොයන්න!

      Delete

ඔබේ පංගුව...

Related Posts Plugin for WordPress, Blogger...