2010/12/10

ඇට දෙකේ අන්දරය | තාත්තා එන තුරු...

එදා පොඩි ඕනැකමකට මම කුස්සියට ගිය වෙලාවෙයි මේ සිද්ධියට මට මුණ දෙන්න උනේ.

අපේ ආච්චි “මයේ පුතේ……..මොකද්ද ඒ සද්දේ?” කියාගෙන දුවගෙන එද්දි මම හිටියේ කුස්සියෙයි.

අපේ තාත්තා “ සතුටු කදුලු” කියලා ටෙලි නාට්‍ටියක වැඩ කරන්න කියලා එදා කොළඹ ගියාට පස්සේ තමා මේ ඔක්කොම කරදර පටන් ගත්තෙ.

තාත්තා දවස් ගානක් ගෙදරින් පිට ඉන්න එකටනං මම කොහොමත් කැමති උනේ නෑ.

ඒක හින්දම තාත්තා, එයා එන දවස වෙනකං තියෙන දවස් කපන්න කියලා මට ගෙයි පිලිකන්න පැත්තෙ බිත්තියෙ ඉරි වාගයක් ගහලා දුන්නා. මට තියෙන්නෙ ඒවා එක දවසට එක ගානේ එකින් එක කපන්නයි. අන්තිම ඉර කපපු දා රෑට තාත්තා එනවා. ඒ මට මොකක් ම හරි අලුත් සෙල්ලං බඩුවකුත් අරං කියලා පොරොන්දු වෙලයි තාත්තා යන්න පිටත් උනේ. බාගදා මෙදා පාර තාත්තා එද්දි දොරවල් අරින්න පුලුවන් කාර් එකක් ගේන්න ඉඩ තියෙනවා කියලා මට නිකමට වගේ හිතිලයි තිබුනෙ.

කොහොම හරි මමත් කැමැත්තෙන් ඉරි කපන වැඩේ බාර ගත්තා. මොකද ඉරි කපලා ඉවර වෙන දාට තාත්ත සෙල්ලං බඩුත් අරං ගෙදර එන හින්දා.

ඒ උනාට මොකද, තාත්තා ගිය දා ඉදලා ඔරලෝසුවේ කටු ඔක්කොම කැරකුනේ හරිම හෙමීට!

දවස ගෙවෙන්නේ ඊටත් හෙමීට!

මට වෙලාව බලලම ඇති වෙලයි තිබුනේ. අනික මට කල්පාන්තරයක් විතර බලං ඉන්න උනා පලවෙනි ඉර කපලා දාන්න!

තාත්තා වැඩ කරන කන්තෝරුව දිහා බලන්නවත් මට හිතක් නෑ. ඒක හරියට කාලෙකට ඉස්සරින් අතඇරලා දමාපු ගොඩනැගිල්ලක් වගෙයි මට පෙනුනේ. රණවීර මාමලා, සුදත් අයියලා වැඩකරද්දි කරන විහිලු මට ඇහුනේ හරි ඈතකින් ඇහෙන “එක එක සද්ද” ගොඩක් වගේ.

මම එදා හවස කෙහෙල්කොටුවට පැනලා යාලුවොත් එක්ක සෙල්ලං කලාට මොකද ගෙදර එන්න යද්දියි මට ආයෙත් පාලු දැනුනෙ. ඇරත් ගෙදර ආපු හැටියේයි දැන ගත්තෙ අම්මත් සමිතියට ගිහිල්ලා කියලා. ඒ මදිවට කතන්දර සීයත් හරකා ගේන්න ගිහිං. ආච්චි විතරක් හවස් වරුවෙ පින්නට අහුවෙන්න නොදී මිරිස් වාගෙකුයි, කොප්පරා වාගෙකුයි ගෙට දානවා මම බලාගෙන.

මම වැලිගොඩ උඩට වෙලා කකුල් වලට වැලි වක්කරන ගමන් ඔහේ පාර දිහායි, තැපැල් කන්තෝරුව දිහායි සැරින් සැරෙ බලා හිටියා.

මට ලොකු බඩිගින්නකුත් ඇවිල්ලයි තිබුනේ. ඒ මදිවට මට බඩගිනිද කියලා අහන්නවත් කවුරුත් ඉන්න එකක් යැ!

ඔන්න එක පාරටම මට දුක හිතුනා. මගේ පපුවේ මොකද්දෝ හිර වෙනවා වගේ දැනුනා. මගේ ඇස් වලට කදුලු එනවා වගේ තේරුනා. ඒ හින්දා මම හිමිට එතනින් නැගිටලා ගැටුවේ ආච්චි දැක්කොත් මට උත්තර දීලා කෙරෝලක් දකින්න බැරි හින්දයි.

අනික මම දැන් බබෙක්යැ අන්න!

“කොහෙද මගේ පුතේ ඔය යන්නෙ..... දැං නේද ගෙදර ආවේ.......?” ආචිචි මාව දැක්කා.

මෙච්චර වෙලා ඉදලා ආච්චි අහපු දේට මට හොටම කේන්ති ගියා. අනික මට හොඳටම දුක හිතිලත්නෙ තිබුනේ.

“කොහෙවක්කත් නැ...’’ මම අඔ ගහ පැත්තට ගියා.

අඔ ගහේ නිතර දෙවෙලේ ඉන්න දෙබලක් බලාල, මේ තියෙන දුකයි, කේන්තියයි ඔක්කොම යන්නත් එක්කලා කාටත් ඇහෙන්න මම මහ හයියෙන් සින්දුවක් කියන්න ගත්තා.

මෙන්න මෙහෙම,

පුංචි මමයි කේතලේ - මහාතයි මිටියි

මේක මගේ අත - මේක මගේ කට

වතුර නටන කොටඅඅඅඅඅඅ - හඩක් ඇසෙයි මටටටටටටටටට

මාව ගන්නකෝකෝකෝ - වක්කරන්නකෝකෝකෝකෝ

මාව ගන්නකෝකෝකෝ - වක්කරන්නකෝකෝකෝකෝ‍

මාව ගන්නකෝකෝකෝ - වක්කරන්නකෝකෝකෝකෝකෝකෝකෝකෝකෝකෝ

හැබැයි ඔය අන්තිම පේලිය සින්දුවෙ නැ!

ඒත් මම වැඩිපුරත් එක්ක ඒ පෙලිය දාලා, වේගෙත් වැඩිකරලා, සද්දෙත් වැඩිකරලා, යටිගිරියෙන් බෙරිහන් දීලා ඒ කොටස කිව්වෙ මගේ තරහ වටේ පිටේ අයට පෙන්නන්නත් එක්කලා.

සින්දු කිවිල්ල කොහොමද කියන්නෙ මගේ උගුර දැවිල්ල අරගෙනයි ඒක නතර උනේ.

සින්දුව කිව්වට පස්සෙ මට පොඩි සැහැල්ලුවක් දැනුනට මොකද උගුර නං වස විදිහට දැවිල්ල ගත්තා. මට පුදුම තිබහක් දැනුනා. මම ගහෙං බැහැලා තනියම කුස්සිය පැත්තට ගියේ තේ එකක් වත් හදාගෙන බොන්න කියලා.

මමත් ඉතින් කුමාර වගේ තමා! ඕනැ වැඩක් බලාගෙන ඉදලා කරන්න පුලුවන්.

කවදාවත් තේ හදාගෙන බීලා නැති උනාට, මම තේ හදනවා බලං ඉදලා තියෙනවා ඇති වෙනකං!

මුලින්ම මම කලේ තේ මේසෙ ලග‍ට මගේ බංකු පොඩිය ගෙනාපු එක.

ඊලගට බංකුවට නැගලා තේ මේසෙට දණිස්ස තියලා උඩ රාක්කෙන් සීනි බෝතලේ ගත්තා. ඒ වැඩේ නං මට එච්චර අමාරු නැ.

කව්රුවත් නැති වෙලාවට ඉදලා හිටලා මම සීනි “ඇබින්දක්” කන්න ඕනැ උනාම ඔය විදිහටයි මම සීනි බෝතලේ ගන්නෙ. අනික කැස්ස හැදුනම දෙන රතු පාට පැණිය මුඩියට දාලා බොන්නයි, සීනි ඇබින්දක් කන එකයි දෙකම කරන්න ඔය විදිහට රාක්ක දිගේ බඩගාලා මට පුරුදුයිනේ!

ඊට පස්සෙ උණුවතුර බෝතලෙන් මගේ බෙලෙක් කෝප්පෙට තේ වක්කරගත්තා.

ඊලගට සීනී!

සීනි බෝතලේ අඩියට වෙන්න සීනි පිරිලා තියෙනවා දැකලා මට එක පාරට “බකස්” ගාලා හිනාවක් ගියා. මොකද අපේ අම්මා කවදාවත් මේ සීනි බෝතලේ පිරෙන්න සීනී දාන්නැ. ඒ මට හැන්ද දලා සීනි ගන්න එක අමාරු කරන්න හින්දා.

ඉතිං මම කොහොම හරි අත දාලා සීනි ටිකක් අරං, කෝකටත් කියලා තේ එකට දාන්න කලින් ඇබින්දක් කටේ හලාගෙන බැලුවා! කව්ද දන්නේ මේවා සීනි වගේ පෙනුනට සීනිමද කියලා.

ඒ සීනි තමා!!!

සිනි ටික කටේම දිය වෙලා උගුර තෙමාගෙන යද්දි, ඔන්න මෙච්චර වෙලා කෑගැහිල්ලෙන් දැවිල්ල අල්ලලා තිබුනු මගේ උගුරට සීතලක් දැනුනා. ඉතිං මං වැඩි පරිස්සමටත් එක්කලා හැන්ද පුරෝලා අරං තව සීනි “හින්නිකිත්තරයක්” කටේ හලාගත්තා. ඒක දිවෙන් උඩුතල්ලට තදකරලා දියවෙන්න අරින ගමන් මම තේ එකට සිනි හැදි දෙකක් දැම්මා.

මම බලා ඉදලා තියෙන හැටියට අම්මත් දානේනේ සිනි හැදි දෙකයි. පස්සෙ ඒක හොදට දිය කරලා හැන්දට තේ චුට්ටක් අරං රහද බැලුවා.

මොන රහක්ද? මෙලෝ රහක් නැ! පල්ම පල් රහයි!

ඉතිං මම තව සීනි හැදි දෙකක් දැම්මා. ඒක දිය කරනකං මට වැඩකුත් එපැයි. ඒක හින්දා මම සීනි ඩිංගක් කටේ හලාගෙන කන ගමන් තේ එක කාල් ගැවා.

ඊට පස්සෙ මම ආයෙත් රහ බැලුවා. පුදුමෙ කියන්නෙ ඒත් මෙලෝ රහක් නෑ!

පස්සෙ, මම සීනි බෝතලෙන් සැහෙන්න පංගුවක් තේ එකට දැම්මා.

ඒත් කිසිම වෙනසක් උනේ නැ!

මේ තේ එක මම රහට හදන එකත් හදනවාමයි කියලා, මටම පොරොන්දු වෙලා අන්තිම සීනි බින්දුවත් සුරලා මම තේ එකට හැලුවා.

පස්සෙ මම හැන්ද තේ එකට දාලා දියකරන්න ගියාට මොකද හැන්ද මඩේ ඇනපු ඉන්නක් වගේ සීනි පිරිච්ච තේ එකේ එරුනා. ඒත් මම උත්සාහය නං ඇත් ඇරියේ නැ! කොහොම හරි එක අතකින් කෝප්පෙ අල්ලං අනිත් අතින් අමාරුවෙන් හැන්ද තේ එකේ හෙලෙව්වා.

පුදුමෙ කියන්නෙ ඒත් කිසිම වෙනසක් නොවෙච්ච එකයි! අර පල් රහ වැඩිවෙනවා ඇරුනම.

ඊට පස්සෙ නං මට කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ කියලා මම දැන ගත්තා. සීනි බෝතලේ සීනිත් ඔක්කොම ඉවරයි.

ඒත් මම සිනි බෝතලේ දිහාවෙ බලද්දි මම දකින්නැතුව අඩියෙම ඉතුරු වෙලා තිබුනු තව සීනි ඇට දෙකක් සීනි බෝතලේ ඇතුලෙ ඉදගෙන, “අනේ අපිවත් එලියට ගන්නකෝ. අපිවත් එලියට ගන්නකෝ” කිය කියා කැ ගහනවා මම දැක්කා.

ඉතිං මම ඒ සීනි ඇට දෙකවත් දාලා තේ එක රහ වෙයිද කියලා බලන්න සීනි බෝතලේට හැන්ද දැම්මා.‍

එතකොටම හරි පුදුම වැඩක් උනා.

එකපාරටම තේ මෙසේ, මගේ තේ එකයි, සීනි බෝතලෙයි, අනිත් ලට්ට ලොට්ටයි ඔක්කොම අරං අහසට පැන්න. මම සීනි බෝතලේ අන්තිම බින්දුව ගන්න යද්දිමයි මෙසේ මගේ ඇස් දෙක ගාවින් උඩට ගියේ. ඒ යනවත් එක්කම වගේ මහා ගාන්ඨාර සද්දයක් මගේ කන්දෙක ගාවින් ඇහුනේ මගේ එක වැලමිටක් හිරිවට්ටගෙනමයි.

ඒ සද්දෙට තමා අපේ ආච්චි “මයේ පුතේ……..මොකද්ද ඒ සද්දේ?” කියාගෙන කුස්සියට දුවගෙන ආවා.

මම මුලින් හිතුවේ පියාඹන පීරිසියක් ඇවිල්ලා අපේ ගෙදර තේ මේසෙයි, බෝතල් රාක්කෙයි ඒ ගොල්ලන්ගේ අගුටුමිටි ලෝකෙට අරං යන්න ඇති කියලයි.

ඒත් සිද්ද වෙලා තිබුනේ වෙන දෙයක්.

මම දන්නෙ ම නැතුව මගේ බංකු පොඩිය අයිනට ඇවිල්ලා මාව බිමට වැටිලා. මගේ වැලමිටේ හාල් හෝදන කොරහ වැදිලා තියෙනවා. අන්න ඒකයි මගේ වැලමිට හිරිවැටිලා තියෙන්නෙ.

කොරහ ගිහිං ඇලුමිනියම් කලගෙඩියෙ වැදිච්ච පාරටයි ගාන්ඨාර සද්දක් ඇහුනේ කියලා මම තේරුං ගද්දියි, ආච්චි කම්බුල‍‍ට අත තියාගෙන ඉන්නවා මම දැක්කෙ.

“දෙවියනේ.................................................... අතක් පයක් කඩාගන්න ද ළමයෝ යන්නෙ.....? ඔය මක් කරන්න ගියාද?” ආච්චි කම්මුලට අත තියාගෙන හුල්ලන්න පටන් ගත්තා.

“මට තේ තිබහයි..... මම තේ එකක් හදාගන්නයි ගියේ......ඇයි අප්පා බඩගිනියි ඉන්ඩ බෑ මෙතන......තේ එකක් හදලා දෙන්ඩවත් කවුරුවක්කත් නැනේ...” මම බිම ඉදගෙනම ආච්චිට මගේ තරහා පෙන්නුව.

“තේ එකක්..... දෙඑ...වියනේ.......”කියාගෙන ආච්චි මාව නැගිට්ටෝලා, ‍අර මම යස අගේට හද හදා හිටපු තේ එක අරගත්තා.

“හතරවරං දෙ.......වියනේ........ මේකට සීනි හැදි කියක් දැම්මද...... ළමයෝ........?” ආච්චිගේ ඇස් දෙක බිත්තර දෙකක් වගේ ලොකු වෙලා, සුදු වෙලා.

“කීයද්දෝ මන්දා දැම්මා ඉතිං....... මට ඒක මතකත් නෑ දැං.........” මම වැලමිට වැටිලද කියලා බලන ගමන් කට උල් කරලා කිව්වා.

“කීයද්දෝ මන්දා දැම්මා.........?! මෙකේ තේ වලට වඩා සීනී නේද තියෙන්නෙ..... දෙවිය.......නේ? මෙහෙමත් කොල්ලෙක් අම්මපල්....................ලා........! ඉතිං වැටුනේ මක් කරන්නද ගිහිල්ලද ළමයෝ.........?” ආච්චි දෙවියන්ට මං ගැන කේලං කියන්න ගත්තා.

“වැටුනේ අන්න අර අන්තිම ඇට දෙකත් දාන්න ගිය හින්දනේ......... කොච්චර සීනි දැම්මත් තේ එතේ රහ ආවෙ නෑනෙ ඒකනේ.........?

“රහ..... රහ තමයි කටේ සීනි පුරොවං කොච්චර රහ බැලුවත් රහ තේරෙනවද චුටි මහත්තයා......?!”

“නැත්තෙ මොකෝ.......” කියන්නත් මට ඔන්න ගෙජ්ජි සද්දක් ඇහෙන්න ගත්තා.

අලි මදිවට හරක් කියන්නැහේ සීයත් හරකා අරං ඇවිල්ල ද කොහෙද?

දැං ඉතිං සියට‍ ආච්චි මේ කතාව කියයි. මගේ තේ එකත් පෙන්නයි. තව වැල් වටාරං ගොඩාක් කියයි. ඒ ඔක්කොම කියන කං මට මෙතන බලං ඉන්න වෙයි.

ඉතිං ඒ ගොල්ලං‍ට මම ගැන දුක හිතෙන විදිහට හරි, අනුකම්පා හිතෙන හැටියට හරි, මගේ මුණ සැරින් සැරේ වෙනස් කර කර ඒ මුලු වෙලාවෙම මට මෙතන කල් මරන්න වෙයි. ‍

අන්තිමට කතන්දර සීයා, “ඇට දෙකක් දාන්න ගිහිල්ලා අපේ චුටි මහත්තයට වෙච්ච වැඩක්” කියලා විහිලු කරන්න තියා ගනියි.

ඉතිං මට මෙතනින් ගැලවිලා යන්න ඕනැ උනා. මම දහ අතේ කල්පනා කලේ, සියා මේ පැත්තට එන්න කලින් මෙතනින් ගැලවෙන්න ක්‍රමයක් තියෙනවද කියලා.

අන්තිමේ මට හොම විසඳුම මතක් උනා!

ඒ මෙතනින් පැනලා දුවන එක.

ඉතිං මම ආච්චි ගාවට හිමින් හිමින් ඇවිල්ලා එතනින් පඩියට පැනලා ඔහොම්ම මිදුලට පැනලා දිව්වා.

මේ ඔක්කොම කරදර උනේ තාත්තා ගෙදර හිටපු නැති හින්දා නේද කියලා මට කල්පනා උනා. තාත්තා එනකං මට තව කොච්චර අකරතැබ්බ වලට මුණ දෙන්න වෙයිද කියලා හිතෙන කොටත් මට කේන්ති එනවා. තාත්තා ඉක්මන‍ට ගෙදර ආවානං මේ ඔක්කොම කරදර ඉවර වෙනවා නේද කියලා මම කල්පනා කලා.

ඒක හින්දා මම අර තාත්තා ඇදලා දුන්නු ඉරි කෑලි ගාවට ගිහිල්ලා එකම එක ඉරක් කපලා දැම්මා!

පස්සෙ ඕනැ දෙයක් වෙද්දෙන් කියලා තව එකක් කැපුවා!!

ඊට පස්සෙ තවත් එකක්!!!

ඔන්න ඊලග එකත් කැපුවට පස්සේ තාත්තා ගෙදර එන්න තිබ්බෙ තව එක දවසයි!!!!

............................................

-කෙහෙල්කොටුවේ චූටි මහත්තයා

2010/09/12

කාක්කාපාදයේ කතාව​ | ඔන්න ආයෙත් කතාවක්

අද මට නං විසේස දවසක්. ජීවිතේ පළමු වතාවට පිට පිට දෙවෙනි දවසෙත් පෝස්ට් එකක් දාන පළමු අවස්ථාව.
ඊයේ අම්බානක බැණුම් අහන්න උනේ කතන්දරයක් නැති හින්දනේ, මෙන්න අදනං ගෙඩිපිටින්ම කතාවක්.
මම ඊයේ දාපු පෝස්ට් එකේ කතාවක් නැතත් ඒකේ වැදගත් කතන්දරයක් තිබ්බා සරීර සවුක්ය ගැන.

අද කතාව දිගහැරෙන්නෙ අපි කුරුලු හමුදාවේ දී මූණ දුන්නු අතිභයානක සිදුවීමක් ගැන.

ඒකාලේ අපි කව්රුත් බලං ඉන්නෙ කොයි වෙලාවෙද නිවාඩුවක් හම්බ වෙන්නෙ කියලා!
සයිබර් යායට මුද ඉදලා ආපු අයට නං මතක ඇති අපි නිවාඩු ගන්න ගිගිං පැණි කුරුල්ලෝ අල්ලපු හැටි.

මොකද මේ ඒ ලෙවල් කරලා ආපු කොල්ලෝ සැට් එකක් හමුදා කෑම්ප් එකක් අස්සේ කොහොම හිරවෙලා ඉන්නද?

ඒ හින්දා මොන දහං ගැටයක් හරි දාලා සාජන්ලට, ඔෆිසස්ලාට කෙප්ප ගහලා ගහලා කොහොම හරි එලියට පැන ගන්නයි නිවාඩුවක් කිට්ටු වෙද්දි අපි නිතරම කල්පනා කරන්නෙ.

අපේ මැරතන් දුවන පොරක් හිටියා. මිනිහට නං ලේසියයෙන්ම ඒ කාලේ ගෙදර යන්න පුලුවං උනා!

මිනිහට ගෙදර යන්න ඕනා වෙද්දි මිනිහා කරන්නෙ, මැරතන් දුවන සෝටයි, ස්කිනර් එකයි, සපත්තුයි දාගෙන අපේ බිලට් (නිවස්නයේ) එකේ ඉදලා කේලින්ම ගාඩ්රූම් එක හරහා පාරට දුවන එක. චැක් කිරිලි මුකුත් නෑ. පොත්වල ලිවිලි නෑ. ඇයි ගාඩ් රූම් එකේ ඉන්න අය හිතන්නෙ මේ යකා එදාට නියමිත ''ට්‍රෙනින් සෙසන් එක'' ෆලෝ කරනවා කියලා.

මෙයා කරන්නෙ කෙලින්ම පාරට දුවලා මග කඩේක තියලා ඈවිල්ලා තියෙන කිට් එක දාගෙන ගෙදර යනවා. ආයෙ එන දවසට ඇඳුම කඩේ කියලා කෙලින්ම මැරතන් කිට් එකෙන් බිලට් එකට.

එක දවසක් ගාඩ්රූම් එකේ පොලිස්මන් කෙනෙක් මෙකා දුවගෙන යද්දි ඇහැව්වලු,
''එපා වෙනවා නේද මචං මේ ගිනි මද්දහනේ දුවද්දි'' කියලා.

''මොනා කරන්නද අනේ, මේක ඉතිං අපේ ජොබ් එකනේ'' කියාගෙන මිනිහා නොනැවතීම ගියාලු.

එයා එහෙම ගියාට අපිට පුලුවනැ පාරෙ දුවන්න. අපි ඇගවල් පුම්බං ඉන්න හැටියට මැරතන් කාරයෝ වගේ දුවන්න ගියොත් අනිවා ගාඩ්රූම් එකට මාට්ටු වෙලා අඩුම දවස් හතක්වත් පනිස්මන්ට් කන්න වෙනවා සුවර්.

ඒකට ඉතිං අපි කරන්නේ,

''අනේ සර්, අ​පේ ගෙදරට හොරු පැනලලු මේ අම්මා කතා කරලා කිව්වෙ, සර් අපේ ගෙවල් වලට උඩින් තියන කන්ද නාය යන්න වගේලු, සර් අම්මට අසනීප වෙලා හදිස්සියේ, සර් මල්ලිට කව්දෝ ක්ලාස් ගිහිල්ලා එද්දි ගහලාලු'' වගේ අහස පොලොව නුහුලන පට්ට පල් කෙප්ප ලොට් එකක් ඇද බාලා සර්ලාව නම්මගන්න එක.

ඒ ගොල්ලංව තම්බන එකත් ලේසි නෑ ඉතිං! එයාලත් අපිට කලිං මේ කුරුලු හමුදාවේ හිටපු අය්යලානේ!

කොහොම හරි එක දවසක් අපිට එලියට යන්න ඕනෑ උනා.

මමයි මගේ හොදම යාලුවයි කතා වෙලා හිටියා පහුවදා යෙදෙන පෝය දවසෙ, උදේම කෑම්ප් එකෙන් ගිහිල්ලා මැරියන්ලත් එක්ක ගංගාරාමෙත් වැඳලා, අවිස්සාවෙල්ල පැත්තෙකෝච්චියෙන් පොඩි රවුමක් දාලා හවස් අතේ ආයෙ කෑම්ප් එකට සැපත් වෙන්න.

ඔක්කොම ප්ලෑන් කරලා අපි සර් ලගට ගියා කියමුකෝ!

දැං සර් අපෙන් ප්‍රශ්න අහනවා.

අපි සීරුවෙන් හිටගෙන සර් අහන ප්‍රශ්ණ වලට නොබියව, එඩිතරව උත්තර දීලා, සර්ව නමාගත්තොත් හෙට ඉතිං ගොඩ.

සර්,

''දැං උඔලා දෙන්න මොකටද හෙට බුකවුට් (Bookout එකක් කියන්නෙ උදේ 6ට එලියට ගිහිල්ලා රෑ 10 ට කලින් ඇතුලට එන්න දෙන අවසරක්.) ඉල්ලන්නෙ මගෙන්''

ඔන්න දැං අපේ චෑන්ස් එක. අපි වේලාසන හදාගත්තු කෙප්ප ලොට් එකෙන් එකක් සිරුවට දැම්මා එලියට,

'' සර්, හෙට පෝයනෙ, අපිට බාරයක් ඔප්පු කරන්න තියෙනවා ගංගාරාමේ!'' අපි මොන්ට්සෝරි බබාලා දෙන්නෙක් වගේ අහිංසකව කිව්වා.

''ඇයි උඔලා දෙන්නම එකට ද බාරහාර වෙන්නෙ!'' සර් අපිව අල්ලලා කෙලියා තාප්පෙටම.

''​මේ... ඔව් සර්, මීට් එක දිනෝල දෙන්න කියලා අපිදෙන්නා එකට බාර උනේ, සර්''

''බොරු කියන්න එපා!............... තොපි යන්නෙ කෙල්ලො බලන්ඩ නේද! ඇත්ත කියපල්ලා! මේ පාර මේ යකා බෙල්ලෙ මුලටම හිර කලා.

දැං ඉතිං වෙන මොනවා කරන්නද,

මම ''ඔව්, සර්'' කිව්වා.

'' ඒකනේ, එකනේ... උඔලා කොහෙද බං මාව තම්බන්නේ, හාහා ගිහිල්ලා වරෙල්ලා.'' කියලා සර් කියපි. නීතී රීති කොහොම උනත් සරුත් මනුස්සයෙක්නෙ. මිනිහත් දන්නවා අපේ තත්වෙ. අනික අපි ක්‍රීඩකයෝ නොවැ. අපිට අපේ මානසික මට්ටමත් හොදට තියාගත්ත කාගෙත් උදව් ඕනැනෙ......!!!

දැං ඉතිං කේස් එකෙන් සියට අනූපහක් ම ගොඩ! දැං තියෙන්නෙ අවසර පත්තරේ ලස්සනට ලියාගෙන ආයෙ සර් ගාවට ගිහිං අවසර දෙන අස්සන ගන්න එක විතරයි. ඒක නං මහ කජ්ජක් නෙමේනේ.

අපි අවසර පත්තරේ ලියන්න ඕන පිලිවෙලට ලිව්වා,

054552 වූටිමහත්යා සී.එල්, අපි දෙන්නගේ සීනියර් මෑන් හැටියට මම ලිව්වා. පස්සෙ පොඩි ඉඩක් තියලා යාලුවගේ නම, 051584 කුමාර කේ. එල්. කියලා ලියලා, අවසර ඉල්ලා යටින් ලියන කොටසත් ලියලා සර්ගෙන් අස්සන් ගත්තා.

අත්සන් අරන් ඇවිල්ලා කුල් එකේ කොලේ ෆයිල් එකේම තියලා අපේ වැඩ කලා. රෑ ලස්සන හීන දැක දැක නිදාගෙන උදේ නාලා, කාලා, කලිංම හොදලා වේලපු ඩැක්ෂුෂ් දාලා, දහපාරත් විතර මැදපු ටී එකයි, ඩෙනිමයි දාලා, සුවද වතුර, ජෙල් කුට්ටි කාරිය අවශ්‍ය ප්‍රමාණෙට ගාලා ලෑස්ති වෙලා කොලේ බලද්දි මෙන්න අපි දෙන්නගෙ නම් දෙකට මැදින් ''054528 අංජන කුමාර සී.ඩී'' කියලා අපේ එකෙක්, අපේ නම් දෙක මැද්දට උගෙ නමක් ඔබලා.

එබුවත් කමක් නෑ කියමුකො, මේ යකා නම දාලා තියෙන්නෙ තඩි කාක්කාපාදයක් දාලා ඒකට උඩින්.

''මොකද්ද යකෝ තෝ ​මේ කරලා තියෙන්නා'' කුමාරයා දත්මිටිකාගෙන කොලේ පෙන්නා පෙන්නා මැරෙන්න හදනවා. කුමාරයට විතරක් නෙමේ මටත් ඕකව කෑවෑකි අම්මපල්ලා ඒ වෙලාවේ තිබ්බ තරහට.

'' ගනං ගන්ඩ එපා බං. මමත් සේප් එකේ එන්නං උඔලත් එක්ක. සඅරුත් අස්සං කරලා හින්දා කේස් එකක් වෙන්නැ සුවර් මචං, හා ඉතිං යමල්ලකෝ දැං තරහ ගන්නැතුව, මේ සුබ ගමන!''

දැං මේ යකාත් ජැන්ඩි පහට ඇඳගෙන අපිදෙන්නගේ පස්සෙන් එනවා.

ඔන්න දැං අපි තුන්දෙනා ගාඩ්රුම් එකට ගිහිල්ලා ''ගුඩ් මොනිං'' ආදී එතන වතාවත් කරලා දුන්නා කියමුකො අර කොලේ.

''ලියුම ගන්තු ගමන් උදේ පිපුණු මලක් වගේ තිබුනු අපේ විනයාරස්සක සෙබලාගේ මුණ නික අත වැදිච්ච නිදිකුම්බා කොලේ වගේ ඇකිලිලා ගියා.

මට නං නිකමට හිතුනා උදේම කාක්කාපාදෙ දකින කොටම ට්‍රිප් එක යන්න වෙන්නෙ මෙතෙන්ට විතරයි කියලා.

''දැං කව්ද මේ 054552 ''

''මම'' හිනාව දාගෙන ඉස්සරහ​ට ගියා.

''එතකොට කුමාර'' අරුත් ආවා.

'' එතකොට අංජන උඔ. '' අංජනයා මැක්කා වහපු ගොනා වගේ ඔලුව වනාපි.

දැං පොලිස් මන්ටත් හෙන කේස් එකක් මේ අපබ්බ්‍රන්ස අවසර පත්තරේ දැකලා. ඇයි ඉතිං සර් අත්සන් කරලත්නෙ තියෙන්නෙ.

මෙ යකා ටිකක් වෙලා කොලේ දිහා බලං ඉදලා,

''හිටපල්ලකෝ'' කියලා ගත්තෙ නැද්ද අපිට එලියට යන්න අවසර දුන්නු සර්ට කෝල් එකක්.

මිනිහා සර්ට විශ් කරලා කාරිය කෙරොලක ඉදං ''කාක්කාපාද පට්ටන්දරේ'' දිග ඇරියෙ නැද්ද උදේ පාන්දරම.

පොලිස්මන් ටිකක් වෙලා ''හා සර්, හා සර්'' කියලා,

''කව්ද උඔලගෙ සීනියර් මෑන්'' කියල ෆෝන් එක අපේ පැත්තට දික්කලා.

මට නිකං හෙනයක් ගැහැව්ව වගේ උනා.

මම පෝන් එක අරං ''ගුඩ් මෝනින් සර්'' කිව්වා විතරමයි අප්පා. බොරලු ලොරියක් ටිපර් කරන්නැහේ එහෙං ඉෂු එක දුන්නැද්ද කං පිරෙන්නම.

''ඊයේ තොපි දෙන්නා විතරයි නේද යනවා කිව්වෙ''.

''ඔව් සර්''

'' එතකොට මොකද්ද අර කාක්කාපාදේ දාගත්තු එකා''

මම මුවින් නොබැන අංජනයා දිහා බැලුවා, මේ යකා ඌව පාවලා දෙනකං මහා අසරණ ලුක් එකකින් බලං ඉන්නවා.

''උඔලා මට බොරු කෙරුවද නැත්තං වෙන එකෙක් කාක්කාපාදක් දාගෙන නම දාගත්තද?''

මම, ''ඔව් සර්, අංජන පස්සෙ නම දාගෙන සර්!'' කියලා අරූව පාවලා දෙන්නයෑ.

මම බිල්ලා වගේ එහෙං එනව ඉෂු එක ටිකක් අඩු කරගන්න ෆෝන් එක ටිකක් කනෙන් ඇත් කරං අහං හිටියා.

කාක්කාපාදෙ තියා සැළලිහිනි පාදේ දැම්මත් අංජනයත් අපේ එකානේ! ඌව පාවලා දෙන්නයැ. අපි ඉතිං එක බුලට් එක හරි අටකට කපාගෙන කන්න පොරාන්දු වෙලා ආපු කස්ටියනේ.

''දීපං පොලිස් මන්ට ෆෝන් එක'' ඒ අස්සෙ මට ඇහුනා. කියන පරක්කුවට මම ෆෝන් එක දුන්නා.

මිනිහා ආයෙත්,''හා සර්... හා සර්'' කියලා ෆෝන් එක තියලා මෙන්න මෙහෙම කිව්වෙ නැතෑ!

''උඔලගේ ගමන කැන්සල්, වරෙල්ලා උඔලා අද දවසෙම පොලු ඩියුටි''

දැං ඉතිං මොනවා කරන්නද? පොලු ඩියුටි කියන්නෙ කෑම්ප් එකේ ලස්සනට වවලා කියෙන මල් පාත්ති වලට එන බල්ලොන්ට පොල්ලක් පෙන්නලා බය කරන ඩියුටි එක.

මොනා කරන්නද අපි ඒ පුන් පොහෝ දින පොලු තියාගෙන බලු ඩියුටිය කලා. අර කාලකණ්නි කාක්කාපාදයත් එක්කම.

මෙතන ලොකුම ප්‍රශ්නෙ උනේ අපේ මැරියන්ලට. අපි නං මොන පනිස්මන්ට් කෑවත් කෑම්ප් එක අස්සෙනෙ. දකින්නෙ අපි අපිමයි.

ඒත් මැරියන්ට හෙන කේස් එකක් වෙනවා කියලා මම දැනං හිටියා. මම ටක් ගාලා මැරියන්ට කොල් කරලා කේස් එක සෝඩ් ඈන්ඩ් ස්වීට් විදිහට කිව්වා. මලා එකතොට කේස් එක පත්තුවෙලා. ඒකාලේ මැරියන්ලගේ ගෙදර අපේ කේස් එක දන්නැ. මැරියන් ගෙදරට කියලා තියෙන්නෙ ඈස්රා ක්ලාස් එකක් කියලා. දැං ගෙදර ඉන්නත් බෑ. යන්න දිහාවකුත් නෑ. ඕක අහපුවාම මටත් ඔලුව ගිනි ගත්තා.

මම ෆෝන් එක කට් කරලා බලු පොල්ලත් අතේ තියං දහ අතේ මේක සෝටවුට් කරන්න ක්‍රමයක් හොයද්දි අර කාක්කාපාද අංජනයා,

''මේ මචං, ම​ටත් ඔය පෝන් එක චුට්ටකට දියංකො. රේණුට එන්න වෙන්නැ කියන්න!''

''​​රේණු, ඇයි කාලකණ්නියෝ තොගෙ පෝන් එක කෝ! ගමනත් කාලා තෝ තව පෝනුත් ඉල්ලන්න එනවද බල්ලා!'' මම මගේ උපරිම ආවේගය ලැබුනු එකම අවස්ථාවෙන් පිටකලා.

ඒකා,
''ඇයි බං මං ඊයෙ කිව්වෙ. ඒක කට්කරලා බං. මං බිලත් ගෙවාගෙනම එන්න හිතං තමා ඕකට නම දැම්මෙ!'' කියාපි.

මේක ඇහිච්ච, මෙච්චර වෙලා කටවහගෙන පුපුර පුපුර හිටිය කුමාරයා,

''නෙද්දකිං මූව මරලත් හිත්වදින්නැනේ යකෝ මටනං'' කියලා පොල්ල තියං බල්ලෙක් එනකං බලං ඉන්නවා මං බලාගෙන.

ඔන්න ඔහොමයි අපේ ආදරේට කාක්කාපාදේ කරදර කලේ! ආදරේට කොහෙද කාක්කාපාද නැත්තෙ නේද?



2010/09/11

ඇඟ​ටත් ගුණදායක අන්තර්ජාලයෙන් මුදල් හොයන ලේසිම ක්‍රමය

අර උඩ තියෙන මාතෘකාවට අනුව අද මම කියන්නෙ කෙහෙල්කොටුවේ ටූටි මහත්තයා කරපු වික්‍රමයක්වත් මිනිහට වුනු අකරතැබ්බයක්වත් නොවෙයි කියලා දැන ගත්තම සයිබර් යායේ යාලුවෝ ටිකක් අප්සැට් යයිද දන්නෑ?

කොහොම උනත් බුද්ධි ඝෝෂ කතා වස්තුව, බොරලු රොකට්ටුව ගැන කතාව විතරක් නෙමේ, අරුම පුදුම රාජකාරි ලියුම ගැන කියෝපු කාටත් මේ පෝස්ට් එක එයාපෝස් එකට ආපු ඍෂිවරයා කිව්ව කතාව වගේ එකක් වෙනවාට සැක නෑ.

අද මම කියන්න යන්නෙ මේ දවස් වල කවුරුත් පාහේ උනන්දුවක් දක්වන ''අන්තර්ජාලයෙන් මුදල් හොයන'' ඉතා ලේසි ක්‍රමයක් ගැන කියලා දෙන්නයි. මේක මට කියලා දුන්නෙ මගේ මුල්ම පරිගණක ගුරුවරයෙක් වන ''රවී'' කියලා සර් කෙනෙක්. ඈත්තම කියනවනං ඒ දවස් වල මට උනත් එච්චර උනන්දුවක් තිබ්බෙ නෑ මේ ගැන.

හැබැයි පුතෝ එකක්.

සල්ලි කොච්චර තිබ්බත් ඒවයෙන් නියම පල ප්‍රයෝජනේ ගන්න නං ''හොඳ සරීර සවුක්යක් තියෙන්න ඕන''

ටිකිරිය එදා ලස්සනට පහදලා දුන්නු විදිහට, සරීර සෞඛ්‍යය කියන්නෙ මේ ලෝකේ ජීවත් වෙන කාටත් වැදගත් දෙයක් කියලා ආයේ අමුතුවෙන් මම පැහැදිලි කරන්න ඕන්නැනේ. මොකද ඒ පෝස්ට් එකට ලැබිලා තියෙන ප්‍රතිචාර වලට අනුව ඒක හොදටම පැහැදිලි වෙනවා. කොටින්ම ප්‍රතිචාර වල තරම කියන්නෙ අන්තිමට ප්‍රතිචාර නවත්තා ගත්තෙ කොමෙන්ට් මොඩරේසනුත් දාලා. :D

කොහොමද වැඩේ.!!!!!

හරි...

කාට උනත් කමක් නෑ ඒ​ පෝස්ට් එක කියෝල තමන්ගේ සරීරි සවුක්කය මට්ටම ඉහල නංවගන්න ඕනෙය කියලා සිතිවිල්ලක් පහල උනානං මෙන්න ඒකට කදිම අවස්ථාව!

ටාර් ගාලා මේල් පරෙය්යෙක් ලෑස්ති කරලා, සබ්ජෙක්ට් එකට CYHP (ඒ කියන්නෙ සයිබර් යාය හෙල්ත් ප්‍රොග්‍රෑම් කියන එක) කියලා ටයිප් කරලා cyberlipi@gmail.com කියන සයිබර් යායේ පරෙයි කූඩුවට එවන්න. මේල් පරෙය්යො එවන සයිබර් යායේ සාමාජිකයෝ කාටත් හැරෙන තැපෑලෙන් සයිබර් යාය ප්‍රෙස් එකේ ගහපු කුලුදුල් සරීර සවුක්ය මැගසීනය වන kickoff මැගසීනය ගෙදරටම ලැබ්වි.

ආ............ බොරු කියලද හිතන්නෙ. මේ තියෙන්නෙ ඒකේ මුල් පිටුව!



මේක තනිකර මෙහෙයවන්නෙ සයිබර් යායේ ''ප්‍රජාසත්කාරක අංශයේ'' මූලිකයා වෙලා වැඩකරන කාලයක් එයාපෝස් ක්‍රීඩා සංචිතේ හිටපු ''පට්ට පොරක්'' :ඩී.

හැබැයි ලොක්කා ඈවිල්ලා, ටිකක් ටයිප් කරද්දිම ඈඟිලි බිත්තරේ රිදෙන අපේ ටිකිරියා.

ඒක එතනිං ඉවරයි කියමුකෝ!

දැං උදාවෙන්නෙ කව්රුත් ආසාවෙන් බලං හිටපු මොහොත. ඒක තමා ''ලේසියෙන්ම අන්තර්ජාලෙන් මුදල් හොයන විදිහ'' දැන ගැනීමෙ මහගු අවස්ථාව.

මේක එච්චරම අමාරු දෙයක් නෙමේ ගොඩක් අය නොදැන හිටියට.

ඊට කලින් තව එකම එක දෙයක් තියෙනවා කියන්න.

ඒකත් කියලම ඉන්නං! මොකද වටින කියන දෙයක් එකපාරම කිව්වම අගේකුත් නැ කියලා පැරණි ඍෂිවරු පවා කියලා තියෙනවලු.

මේක ඇවිල්ලා ලබන සතියේ දාන පෝස්ට් එක ගැන. ලබන සතියේ කියන්න හිතාගෙන ඉන්නෙ කෙහෙල්කොටුවෙ චූටි මහත්තයා මුලින්ම බස් එකකට ගොඩවෙලා කරගත්තු පොඩි පහේ අලකලංචි කෑල්ලක් ගැන. මේ තියෙන්නේ ඒ කතාවෙ එන එක්තරා සිද්ධියක් විදෙස් සිත්තර ශිල්පියා බගෙට ඈඳලා තියෙන ආකාරය.


මෙකත් සම්පුරණ කරං ඊලග පෝස්ට් එක ඉක්මනටම දානවා සුවර්.

හරි දැං ඒකත් ඉවරයි.

අටුවා මීකා ටිප්පනී ඕන්නැ, මේ තියෙන්නෙ ''අන්තර්ජාලයෙන් පහසුවෙන්ම මුදල් හොයන ක්‍රමය''.

හරි ලේසියි. මම කියලා දෙන්න දෙයක් නෑ. ඔයාලම ගිහිල්ලා දැනගන්න. යාලුවොන්ටත් කියන්න. දන්න දෙයක් කියලා දෙන එක හොඳ පුරුද්දක් කියාලා ආයෙ අමුතුවෙන් කියන්න ඕන් නැනේ නේ.

එහෙනං අදට ඉවරයි! කතන්දරයක් නැති එකම පෝස්ට එක.....

ඊලග පෝස්ට් එක කියවන්න එන්න . සරීර සවුක්ය ගැන උනන්දු අය මේල් පරෙය්යෙකුත් එවන්න! ඈත්තම කියවනනං මට අද කියන්න ඕන වෙලා තිබ්බෙ අන්තර්ජාලයෙන් පහසුවෙන්ම මුදල් හොයන ක්‍රමය ගැන කියනවටත් වඩා තමන්ගේ සරීර සවුක්ය ගැන උනන්දු වෙන අයට අර මැගසීන් එක ගන්න කියන පණිවිඩේ දෙන්නයි.

එහෙනං ජය වේවා!! මෙන්න ලින්ක් එක. ඔබත් සොයන්න අන්තර්ජාලයෙන් මුදල්. මේ තියෙන්නෙ මම හොයාගත්තුවගෙ විස්තර.

How to find money in internet

මාර ලේසියි නේ! දැං හිතෙනවා නේද ''අන්තර්ජාලයෙන් මුදල් හෙවීමත් මහලොකු කජ්ජක් නෙමේ'' නේද කියලා!



2010/09/04

ඌරන්​ට මොන ​සවුක්යද? | මගේ FB සොවුක්ය පාඨමාලාව

කතන්දර කියවන්න ආපු සේරමලාව ආදරයෙන් පිළිගනිමි. අද ඉදං ටික දිනයක් යනකල් බුද්ධි අය්යා කාගෙදෝ වෙඩිමක පොටෝ ඈල්ලීමට රට ගොස්ය. රට කියන්නෙ උඩරට පැත්තේය. ඒක නිසා මේ දවස් ටිකේ පෝස්ට් දැමීම මට බාර කර ඈත. මං ඈවිල්ලා ඒයාගේ මල්ලි කෙනෙක් වේ.

මම ඈවිල්ලා බුද්දි අය්යා කියන දේ අකුරට පිළිපදින මල්ලි කෙනෙකි.

ඒකට හොඳම උදාහරණයක් මේ පහලින් දක්වා ඈත.

එක දවසක් මම අපේ නේබර් කෙනෙක් වන ''සංජුවා'' සමඟ වැට අයිනෙ ''එරොප්ලෙන්'' ටෙනිස් බෝලයක් අරභයා කොක්කක් දමාගෙන සිටියෙමි.

සංජුවා මට බනියි! මම සංජුවාට බනියි!!

මෙසේ ගේම නැගලා මට අවාසි අතට වලිය පෙරලීගෙන එද්දි බුද්ධි අය්යා එතැන්ට ආවේය. ඒ වෙලාවෙ හැටියට මිනිහා මට දෙයියෙක් වගේය. මම බුද්ධි අය්යා දෙස අසරණ ලුක් එකක් දැම්මෙමි.

බුද්ධි අය්යා,
'' අරින්ඩ එපා මල්ලි එකට එක කියන්ඩ. එකට එක කියන්ඩ කිවේය. මිනිහා කී දෙයක් කරොත් අනිවා ගොඩ යන නිසා මම අය්යා කී ලෙසම කලෙමි.

මම සංජුවා බල්ලෙක් වගේ බුරනං සිට,

''එකට එක! එකට එක!! එකට එක !!!''කීවෙමි.

එවිට බුද්ධි අය්යා මගේ එදිරිවාදියා සංජුවත් සමඟ එකතු වී කොක්හඬ ලා මට සිනා විය.

ඊට පස්සෙ වෙච්ච දේවල් කියන්න අම්මපා මට වචන නැතිය. ඒක නිසා නිකං ඉඳිමි.

ආ... කතාවෙන් කතාවෙන් බුද්ධි අය්යා මට පැවරූ රාජකාරීය අමතක වී යාමට ගියේය.

බුද්දි අය්යා යන විට පොඩි රාජකාරියක් පවරා ගියේය. එය වනාහී බුද්ධි අය්යගේ ඊලග කතන්දරේට පෙරවදනක් ලිවීමය.

ඊට පෙර සියලු දෙනා විනාඩියක නිස්සබ්දතාවක් දැක්විය යුතුය. ''අද මම මේ කතන්දරේ කියෙව්වායින් පසු අලුත්ම අලුත් පුද්ගලයෙක් වෙමි'' ඒ නිස්සබ්දතාවයේ දී සිතන්න කියා මම යෝජනා කරමි.

හරි ඔන්න දැන් නිස්සබ්දතාවය පටන් ගත්තේය. ......................................................... දැන් ඉවරය (පසුබිමින් පුටු සද්ද ඈසේ)

විසේසයෙන් මේ කතන්දරේ, ඔපිස් පුටුවෙම ඉඳලා අලියෙක්ගෙ වගේ බඩ දාලා බඩ ඔඩොක්කුවෙ තියං ඉන්න කට්ටියටයි, පුටුව මේසේට ලං කලාම බඩ මේසෙට හිර වෙන කට්ටියට, ඔපිස් එකට ගොඩවෙද්දි, කලිංම බඩ ඔපිස් යන කට්ටියටයි, නැත්තං උදේට වැඩට එන්න කලිසම ඈන්දම සර්ට් එක අඳින්නත් කලින් බඩ බැගී වෙලා එල්ලෙන කට්ටියටයි, නැත්තං අවුරුද්දෙං අවුරුද්ද ඉණ ලොකු වෙලා මේ අවුරුද්දෙ ඈන්ද කලිසම ඊලග අවුරුද්දෙ බලු රාලට දොය්යන්න දාන්න වෙන කට්ටියටයි, එහෙමත් නැත්තං කාලෙකින් දැක්ක යාලුවාගෙන් ''ඕයි තමුසෙ නිකං දැං බත් බරියෙක් වගේ වෙලා'' කියලා කෝචෝක් ටෝක් අහන්න වෙන කට්ටියටයි, හෙමත් නැත්තං ඔපිසියෙ ලිෆ්ට් එකට පිටුපාලා පඩිපෙලෙන් නැග්ගම ''මාරයා'' බෙල්ල මිරිකං ඉන්නවා වගේ හුස්ම හිරවෙනවා වගේ දැනෙන අය්යාලා මාමලා ඈරුණම,

මොන රෙද්ද ගැලපෙනවද කියලා බලන්න කොයි ඈඳුම ෆිටෝන් කලත් ඈගට සෙට් වෙන්නැති අයටයි, එහෙමත් නැත්තං පාටියකට යන්න පාටිෆොරොක් එකක් ඈන්දම නිකං මූදු වෙරලෙ වගේ ඈගේ රැලි මතුවෙන කට්ටියටයි, ඒමත් නැත්තං අර අය්යලා, මාමලා වගේ ටිකෙන් ටික මිටෙන් මිට ඈගපත පත පිම්බෙන, අක්කලායි නැන්දලායි ඈරුණම,

ඈග බස්සගන්න ටීවී එකේ පෙන්නන එක්සයිස් මැසින් අරං ඈඟ අඩු නොවෙච්ච පාර, ඒ මැසිම පූසලාට නිදා ගන්න හරි, වැස්ස දවස්වලට රෙදි වෙලෙන්න උපකරණයක් කරගෙන හරි ඉන්න අයටයි ඈග නිකං අවුල යාගෙන එනවා වගේ හිතෙන කට්ටියට විසේසයෙන් වැදගත් වෙයි. (කුදු ​රම්බෝ වාක්‍ය ඉවර කර ගන්න වින්ද දුක බොල. තාම අලුත්නෙ ඒකයි!)

ඕන්න දැං මම පෙරවදන ලියමි.

බුද්ධි අය්යා ලියන්න යන ඊලග කතන්දරේට මාර්තුකාව ''ඌරන්ට මොන සවුක්යද'' යනුවෙන් දැමීමට මම අදහස් කරමි. මේ ලියුම ලියන්න මීට වඩා ගැලෙපෙන මාර්තුකාවක් සොයාගන්ට අමාරු විය. මේ මාර්තුකාවෙන් කියන්නෙ ඌරලාට සවුක්කයක් ඕනේ නැ කියලාය. ඒ කියන්නේ මිනිස්සු වන අපිට සවුක්ය ඕනෑය. තරහ වෙන්න එපාය. මං නං කියන්නෙ ''තමන්ගෙ සරීර සවුක්ය ගැන නොහිතන අය්යලා, අක්කලා, නැන්දලා, මාමලා ඈඳුං ඈඳං පාරේ යන ඌරලා කියලාය. මොකද සරීර සොවුක්ය පිරුහුණ තැන මානසික සොවුක්යත් පිරිහෙයි. මානසික සොවුක්ය පිරිහුනු තැන ඔක්කොම සුම්මාය. ඒ කියන්නෙ ලෙඩ හැදෙනවාය. හම්බුකොරන සේසත දොස්තර මහත්තයලට දෙන්න මදිය. වයසට යන්නත් කලින්ම අවුරුදු 35 දී විතරම සරීරය අබලන් 1210 ලොරියක් ගානට වැටෙනවාය. ඒ හෙතුවෙන් මිනිස්සු වන අපි කව්රුත් හොඳ සරීර සොවුක්යකින් සිටීම වැදගත්ය.

ඈගපත ලස්සන විට ඈදුමක් ඈන්දත් හැඩනේද?

මූණත් තහඩුවයි කොන්ඩෙයි ලස්සන නැන්දලා, අක්කලාගේ විතරක් නෙමේ, කොන්ඩෙ ජෙල් ඔලින් උස්සලා ටයි දාන අය්යාලා, මාමලාගේ සමහරකගෙයි ඈගවල් ගන්න දෙයක් නැති බව මම දැක ඈත්තෙමි.

මම හිතන්නෙ මේ කතන්දරේ මෙ අබුද්දස්ස කාලේ මෙ මිහිපිට ජීවත් වන කාටත් වැදගත්ය. මෙයා කොම්පියුටර් කාරයාය, මෙයා පොටෝකාරයාය, මෙයා කතන්දරකාරයාය, මෙයා මාලු කාරයාය, මෙයා සැලුන් කාරයාය, මෙයා ඩයිවර් කාරයාය කියා කාටත් සමාවත් නැත. ඈඟ ගැන හිතුවෙ නැත්තං කාටත් එක දේය.

ඒක හින්දද කොහෙද ලෝක සවුක්ය සංවිධානෙන් සවුක්ය කියන්නෙ මොකද්දැයි පැහැදිලි කර ඈත. මේ තියෙන්නෙ ඒකය.

''සෞඛ්‍යය යනු හුදෙක් ලෙඩ රෝගවලින් හා දුබලතාවන්ගෙන් තොරවීම පමණක් නොව කායික මානසික සමාජීයය හා අධාත්මික යහ පැවැත්මේ පූර්ණත්වයයි''

කොමද සෙල්ලම! ලේසි නැනේද?


තමන්ගේ සරීර සොවුක්ය දැනටමත් අබිලික්දැයි බලා ගැනීමට බුද්ධි අය්යගේ කා​මරේ බිත්තියේන් උස්සපු මේ චාට් එක වැදගත් වෙයි කියා සිතමි.


මේකේ හැටියට උසට බර සැට් වෙන්නැති අයගේ සවුක්ය දැනටමත් අබිලික් වී තිබෙන්නට පුලුවන්ය.



හැබැයි බය වෙන්න එපාය.

බුද්දි අය්යා ආපු හැටියෙ කට්ටියටම හරියට කෑමබීම ගන්න හැටි, වැඩි ඈඟවල් අඩුකරන, අඩු ඈගවල් වැඩි කරන මන්තරේ කියලා දෙයි! උප්පතියෙන්ම දෙය්යෝ දුන්නු ලස්සන ඈග වසාගෙන තියෙන තෙල් තට්ටුව ඉවත් කරලා ආයෙත් ඉස්කෝලෙ ගිය කාලේ තිබ්බ ලස්සන සරීර කුඩුව මතුකරගන්න හැටි කියලා දෙන ක්‍රම සහ විධි අය්යා ලඟ ඈත.

හැබැයි පුතෝ කැප වෙන්න ඕනැය. කැපවීමක් නොමැති පුද්ලයා වෙත වාසනාවක්වත්, දෙය්යන්ගේ ආසිරිවාදයත් එන්නෙ නැති බව ටිකිරි මං අමුතුවෙන් කියන්න ඕනා යැයි නොසිතමි.

පැය 24න් පුංචි විනාඩි ගානක්වත් තමන්ගෙ ඈග ගැන නොහිතන එකා තමන් ගැන ලැජ්ජා විය යුතු යැයි පුරාණ පඬිවරු පවා කියා ඈත. අනික තමන්ගෙ ඈඟ ගැන තමන් බලාගන් නැතුව සක්කරයාගේ පුතා වයිමා බලන්ඩයැ?

එහෙම පුංචි කැපකිරීමක් කරන්න පුලුවං අයට ''රෙඩි වෙලා ඉන්න'' කියලා කියන්න කියලා, බුද්ධි අය්යා මට කියා ගියේය.

බුද්ධි අය්යා කියන්නෙ ඒයාගේ සයිබර් යාලුවො ඔක්කොලාම, කෙල්ලො කොල්ලො වගේ යහපත් සවුක්යකින් ඉන්නවා දැකීම ඒයාගෙ එකම අරමුණ කියලයි!

තව එකක්ය.

යහපත් සොවුක්යකින් ඉන්න රස කෑම බීම ඔක්කොම අයින් අරලා ජිම්නේසියම් වල වරු ගණං හිර වෙලා දුක් විදින්න ඕන්නැය. එහෙම ඈගවල් අඩු කරගන්න ඕන්නං කාට හරි පීහියෙං ඈනලා හිරේ ගියාම ඉවරය. එතකොට ඉබේම කෙට්ටු වේ.

දැං පෙරවදන ඉවර කරමි. ඈග අඩුකරන FB මෙහෙයුමට කට්ටියම ලෑස්ති වී සිටින්නය. FB යනු ෆැට් බර්නින් යන්නයි!

ඒ කියන්නෙ යහපත් අනාගතයන් උදෙසා අද සිටම තෙල් පුච්චමු යන්නයි!


මේ තියෙන්නේ අය්යා එයාගේ කතන්දරේ දාන්න හදාපු පොමෝශන් බැනර් කෑල්ලකි.


අය්යා කියන අන්දමට අය්යාගේ මේ පෝස්ට් එකට කවදාවත් නොවූ වීරු ප්‍රමාණයේ කොමෙන්ට් ගාණක් ලැබෙන්න නියමිතය. ඒ මොකද මේ කතන්දරේ මොන කතන්දරේටත් වඩා තමන්ගේ සරීර සොවුක්යට ගුණ හින්දාය. අය්යා කියන්නෙ කව්රුත් පාහේ කොමෙන්ට් කර අය්යා උද්යෝගිමත් කර තම තමන්ගේ සරීර සොවුක්ය ගැන ඉගෙන ගනීවී කියලාය.

මං නං ඒයාට කිව්වෙ මේක තියෙන කොමෙන්ට් ටිකත් නැති වෙන මගුලක් කියාය.

දැං දැං මේ ලියුම ටයිප් කරීම නිසා මගේ වැලමිට සන්ධියේ සිට ඈඟිලි බිත්තරේ දක්වා කැක්කුම් කරයි. ඒක නිසා ඉවර කරමි. ඹ්න්නං ඊලග කොටසත් බුද්දි අය්යාගෙන් අවසර ගෙන මම්ම ලියන්නංය. මං හොඳ නං ඔය කොමෙන්ට් දාන අස්සෙ ඒ ඉල්ලිමත් බුද්ධි අය්යගෙන් ඉල්ලන්නය.

තවත් රසබර සොවුක්ය කතන්රයක් සහ FB මෙහෙයුමත් සමඟ අනිත් දවසේ හමුවෙමු.

මීට,
බුද්ධි අය්යගේ මල්ලි,
ටිකිරි
ආ...මේ ඉන්නෙ මංය.









2010/08/20

බුද්ධිඝෝෂ කතා වස්තුව

වද එක්තරා පසල් දනව්වෙක දරදඩු සිත් ඈති කුමාර වයසේ කොල්ලෙකු අරභයා සිය පියා විසින් මෙම කතාව දේශනා කළහ.

මෙම කුමරා වනාහි දෙමාපියන් විෂයෙහි කීකරු නොවීය. අක්ෂර ශිල්පය වහ කඳුරු මෙන් විය. දෙමාපියන් විසින් යම් කිසි වූ අවවාදයක් දෙන කල,
''තොපගේ අවවාදයෙන් මට පළක් නැත. මට රිසි දෙ මම කරමි''යි වසසි බස් දොඩයි. එතකිනුක් නොනැවතී ''සත්දිනක් නිරාහාරව සිට මියෙමි''යි කියා හොර රහසේ ක්‍රීම් මැදිකල ලෙමන් බිස්කට් කා, දෙමාපියන් වීර්ය කොට ආහාර අනුභව කරවනා තෙක් දිවිරැක ගන්නා පවිටු කොල්ලෙකි.

මේ පුතු තෙමේ කීකරු කර ගත නොහී පියාණෝ කියන්නේ,
''පින්වත් පුතනුවණි, ජීවිතය නම් තන අග පිණි බිදු වන්නේය. දැහැමෙන් සෙමෙන් ජීවිතය ගෙවා දැමීමට නම් මෙය හොඳ දේය මෙය නරක දේය ලෙස වෙන් කොට හඳුනා ගැනීමට පලමු කොට අක්ෂරයෙහි කෙල පැමිණිය යුතුය. තොප වැනි දණ්ඩණයෙන් පවා මෙල්ල කළ නොහැකි එක්තරා කොල්ලෙක්, තමගේ අකීකරු කම කරණ කොට මහත් වූ දණ්ඩනයක් ලැබුවා නෝවේදැ''යි ඉකුත් වත් දක්වාලුයේය.

ටගිය දවස බරණැස් නුවර ​ගාන්ධිමාතා නම් රැජනක දැහැමෙන් සෙමෙන් රාජ්‍ය කරන සමයෙහි, අසල ලංකාදීපයෙහි ''අශ්ඨවාපී'' නම් පසල් දනව්වෙක පින්වත් පුත් කුමරෙක් උපන්නේ, උපන් මොහොතේ තාරුකා රූපීන්ගේ පිහිටීම ​බලා දෛවඥයන් විසින් එම පුත් කුමරාට ''බුද්ධිඝොෂ'' නම් නම් තැබීය.

මේ පින්වත් පුත් කුමරා නිසි විය එලැබි කල දෙමාපියන් විසින් පසල්දනව්වෙ පිහිටි එක්තරා තක්සලාවකට භාර කොට, ප්‍රධාන ආචාරීන් බණවා මෙසේ කියන්නාහු,

''පින්වත් දිසාපාමොක් ඈඳුරුතුමෙනි, මේ අපගේ එකම පුත්කුමරා වන්නේය. මොහු වූ කලී ඈසිල්ලක් තරම් කාලයක් හෝ එක්තරා තැනෙක තබා ගත නොහැකි කොල්ලෙක් වන්නේය. එපමනකුදු නොවන්නේය, මේ පෝතක තෙම් ස්ථානොචිත ප්‍රඥාවෙන් මුහුකුරා ගොස් ඈත්තෙත් සේ කුමක් හෝ දණ්ඩනයක් නියම කළ කල්හී අප බණවා,
''මේ ඌ කාරණාවක් නිසා මෙසේ කලෙමි. එසේ නොකලේ වී නම් මාගේ අවසානය වන්නේය, අහවලා නිසාවෙන් මෙබන්ඳක් වීදොහො''යි හේතු කාරණා පල කොට දණ්ඩනය මග හරින්නේය. එසේ හෙයින් ඈඳුරුතුමනි, දණ්ඩෙන් පහර දී හෝ කිනම් හෝ දණ්ඩනයක් පමුණුවා මුන් හික්මුවාලුව මැනවයි'' පෝතක කුමරු දෙස බල බලා ඒ දෙමාපියෝ ප්‍රකාශයෙන් සඳහන් කලෝය.

එකල්හී ප්‍රධාන ආචාරීන්,
'' පින්වත් දෙමාපියනි, සිත්තැවුල් ඈතිකර ගැනීමට කාරණා නොවන්නේය, මේබදු වූ පෝතකයින් මෙල්ල කිරීම අප ගුරුන්ටහ ''ගින්නෙන් දවා සකස් කරන ලද කජු කන්නා වැනි පහසු කටයුත්තකි''යි පවසා දෙමාපියන් සනසා පිටත් කර හැරපීය.

යට කී කුමරා එසේ මෙසේ එකෙක් නොවන්නේය. උන් තක්සලාවෙන් ශිල්ප උගෙන නිවසට එන්නෙ, නිවසේ තිබූ දෙයක් කෑවායින්, නොකෑවායින් ''වාලී'' නම් වූ සිටුතුමාගේ රඹ වනයට වන්නේය. උන් හා උගේ සහචරයින් එකක් වූ රඹ වනය දෙකක් කරන්නේ කසේ ද යත්, ඔවුනොවුන් රජුන් හා රුපුන් ලෙස පිල් දෙකකට බෙදී රඹ කදන් හා සටන් වදින්නෝය. කැකුලු රඹ කැන් මත එල්ලීගෙන, පැද්දී ගොස් අනෙකුන්ගේ කරට පැන උන් මඩවාලුය. වියලී ගොස් ඈති රඹ පත්‍ර ගෙන සතුරන් සේ වෙස් ගත්තවුන් රඹ කඳන් වල පිටිතල හයා බැඳලන්නාහුය. ඔවුන්ගේ ඉණ රැදි ''කැටපෝලය නම් උපරණයක් ගෙන සශ්‍රීක රඹ පත්‍රයන්ට එල්ල කොට ''ටැකැ'' යන නාද අනුනාද පැණ නැගී රඹ පත්‍රයන් සිදුරු විසිදුරු වන සේ කැට මුගුරින් ගැහැට කරන්නෝය. මෙසේ මුලු සවස් යාමයම කෙලි සෙල්ලම් කෙරෙමින්, සකල රඔ වනයේ සම තැන් විසම කෙරෙමින් මහත්වු කෝලාහල කරෙමින් විනාශයට​ පමණුවන්නෝය.

කාලයාගෙන් ඈවෑමෙන් මෙම කොල්ලන්ගේ පැමීණීම නොවන්නේය. මේ වූකලී චාලි සිටුතුමන්ට මහත් වූ අස්වැසිල්ක් මෙන්ම ප්‍රෙහෙලිකාවක්ද විය. ''මේ කොල්ලන් සූකරයන් බඳනා ලෙස කොටුවේ බැඳ ලන්නෙමි''යි බිය වද්දා හො නතර කර ගත නොහැයි වු දරඳඩු කොල්ලන් වී නමුදු, මේ කුමන වූ කාරණාවක් නිසා රඹ වනයට පැමිණීම නොවන්නේදැ යි සිත සිතා සවස් කාලයේ දී මතුමහල් තලයේ සිටින්නේ,

''පාන්'' නැමති ගෙඩි වර්ගයක් ගෙන ඒමට යන්නා වු ගම්මානයේ එක්තරා මානවකයෙක් දැක නවතා,
''පින්වත් මානවකය, නිරන්තරයෙන් මාගේ සකල රඹවනයම එක දෙක කෙරමින් කොලාහල කරන ගම්මානයේ කුමාර වයස් ඈති මානවකයින් කුමන හේතුවක් කිසා නොපැමිනෙන්නේදැ''යි විචාලේය.

එවිට මානවකයා,
''පින්වත් සිටුතුමනි, කොල්ලන් එක්තරා වූ උමතුවකින් පෙලෙන්නේය. උමතුව සෑදුනු කල කොල්ලන් පැතලි දන්ඩක් කපාගගෙන වුත්, තවද වනයෙන් එක සමාන උස වූ, එක සමාන පළල් වූ, වක් නොවූ දඩු කැබලි තුනන් සිටුවා ඒ ඉදිරියේ සිට අනෙක් කොල්ලෙකුන් දිව විත් දමන පන්දුවට පහර එල්ල කිරීම් කරන්නොයැ'' යි විචාලේය.

''මේ වූකලී උමතුවක් කෙසේ නම් වැළදිනි දැ''යි අසන කළ,

''පින්වත් සිටුතුමනී, උන්ගේ නිවෙස් වල රූප පෙට්ටිවලත් මෙවැනි උමතු රෝගින් මේ ආකාරයේ ක්‍රියාකාරකම් වල නිරත වෙත්, ඉදින් ඒ දෙස බලා සිටින කොල්ලන් හටත් මේ උමතුව වැළදෙන්නේ නොවේදැ''යි පිළිවදන් දුන්හ.

''මානවකය, ඒ උමතුවට කියන්නා වූ නාමයක් තිබේදැ''යි විචාරන කල්හි,

''පින්වත් සිටුතුමනි, එසේය, ඒ වූ කලී ක්‍රිකට් නම් උමතුවකි''යි ප්‍රකාශයෙන් සටහන් කර පිටත්ව ගියේය.

චාලි නම් සිටුතුමන් ''මේ නම් සෑබැ වෙනසකි. ඉඳින් මින් මතුයෙන් මාගේ රඹ වනය ඒ කොල්ලන්ගෙන් රැකෙන්නේයැ''යි සැනසුම් සුසුම් හෙලීය.

ක්‍රිකට් උමතුව සෑදුනු කොල්ලන් රඹවනය හැරපියා, ගම්මානයෙන් එක්තරා කෙලවරකෙව වූ මුඩු බිමක් සොයා ක්‍රිකට් නම් කෙලියෙහි මුලු සවස් යාමයම ගෙවූහ.

එක්තරා සන්ධ්‍යා භාගයක එම කොල්ලන්ගෙන් එකෙක් නැගී සිට,

''මා මිත්‍ර යහලුව, අප ක්‍රිකට් කෙලියෙහි යෙදෙන්නා වු පිරිසෙහි නාමයන් ඈතුලත් කොට පුස්ථයක් සෑදුවොත්, මේ පන්දු කෙලියෙහි සමර්ථයාය, මේ පන්දුවට පහර දීමට සමර්ථයාය, යනුවෙන් නිශ්චයෙන් වර්ග කොට දක්වා ගැනීමට හැකි වන්නේය. එවිට ඔවුනොවුන්ගේ සමර්ථකම් පුස්ථකයෙහි සටහන් කොට තබාලා යම්කිසි දවසක අවශ්‍ය වූ විට ප්‍රයෝජනයට ගත හැකි නොවේදැ''යි අසන කල්හී,

''එය නම් කදිම අදහසකි''යි අනෙකුන් එය අනුමත කොට, ආකාශයේ බබලන්නාවු ස්වර්ණමය තාරුකා නම් අර්ථය ඈති ''රන්තරු'' නම් නාමය යෝජනා කොට,

'' පුස්තකය සෑදීම හෙට සිට ආරම්භ කලේ වී නම් යහපති''යි යෝජනා සම්මතයෙන් නිවෙස් බලා පිටත් ව ගියෝය.

පසුදින තක්සලාවට පැමිණි යටකී කොල්ලන් සිස් කාල පරිඡ්ඡේදයන් සොය සොයා පුස්ථකය සෑදීම කලෝය.

එකලිහී, පුස්ථකය සාදන්නේ කෙසේ ද යත්, අක්ෂරයන් නියම කොට හැඩ ඈතිව ලියා ගත නොහී කොල්ලන් රූල නම් උපකරණක් තබා ඉරි ගසා දෙන්නෝය. නියම පරිද්දෙන් ඉරි ගසා නොහැකි උන් අකුරු කර සහයෝගය දෙන්නෝ පුස්තකයේ වැඩ නිමවාලුය.

ඉක්බිත්තෙන් රන්තරු කොල්ලන් බුද්ධිඝෝෂයෝ අමතා,
'' පින්වත් යහලුව, රන්තරු පොතෙහි ඉරි ඈද ඒ අතරට අප එක් එක් යහලුවන්ගේ නම් අන්තර්ගතකොට නිමාකාරයෙන් මෙම පුස්ථකය නිමවා ලුය. ඉදින් අපහට මේ පුස්තකයෙහි මුල් පිටුව මනරම්ව කල නොහැක්කේය. කලේ වී නමුත් එය බලිකුරුට්ටක් සේ පෙනී පුස්ථකය සෑදීමේ සියලු කාර්යන් ගඟට කපන ලද හිනි මෙන් නිෂ්ප්‍රයෝජන වන්නේ නොවේදැ''යි පැවසීය.

එකල්හි මිතුරුතොමෝ බණවා බුද්ධිඝෝෂයෝ කියන්නෙ '' ඉරි ගැසීම අකුරු ලිවීම තොපට භාර වන්නේය. මුල් පිටුව සිත්තමින් අලංකාර කිරීම මට භාර කරව. මම් වූ කලී සිත්තමට සමර්ථයෙක් බව නොකිව මනා නොවේදැ''යි වහසි බස් දොඩා පුස්ථකය භාර ගන්නේ මෙසේද කීය,

''මට වූ කලී බුද්ධ ධර්මය නම් ඉතා ලෙහෙසි වූ විෂයක් වන්නේය. දහම් අසපුවේදී ද, අද ඉගෙනීමට නියමිත ''මට්ඨකුණ්ඩලී කතා වස්තුව'' උගන්තෙමි. එසේ හෙයින් අද දින බුද්ධ ධර්මය උගැන්මට ලින්ටන් ආචාරීන් පැමිණි කල, රන්තරු පුස්ථකයේ පුධාන පිටුව සිත්තමින් අලකාර කරන්නෙමි''යි මහත් වූ උදාර ලීලාවෙන් පැවසීය.

නියමිත කාලය එළඹි කල බුද්ධ ධර්මය ඉගැන්වීමෙහි සමර්ථ වූ ලින්ටන් ආචාරීන් පැමිණ ශිල්ප පෙන්වන්නට ගත්තේය.

ලින්ටන් ඈදුරු තෙමේ ඉතා සැර පරුෂය. බුද්ධිඝොෂ කුමරුගේ මව්දෙමව්පියන් උදෙසාද ශිල්ප දුන් මුහුකුරා ගිය ආචාරියෙකි. ගැටලුවක් විචාරා පිළිවදන් දීගත නොහී කල මහත් වූ නින්දා කොට දණ්ඩෙන් පහර දෙන්නේය. මොහු ඌ කලී විෂයෙහි දක්ෂ ශිෂ්‍යායය, මොහු වූ කලී දුර්වල එකෙකැයි පිල් නොබෙදා, ඹහු හිස හැරී ගියේ කිනම් සිසුවා දෙසට ද උගෙන් ප්‍රශ්ණ විචාරන ගුරුවරයෙකි.

බුද්ධිඝොෂයා මෙ පවත් ''සක් සුදක් සේ ''දන්නේ වී නමුදු පුස්ථකය සාදා නිමවාලීමේ ඒකායන අරමුණින් ඔද වැඩී ගියෙන් තම යහලු අරුණාලෝක ද සමග සිත්තමේ යෙදෙත්.

දැං දැන් ලින්ටන් ගුරු පියාණන් ගැටපද විවරණ කරෙමින්, මට්ඨකුණ්ඩලී කතා වස්තු උගන්වනු ලබයි.

මේ දුඨිට කොල්ලන් දෙදෙන
මට්ඨකුණ්ඩලී කතා වස්තුයහපත් කොට අසා සිටින නියාව ගුරුන්ට හවමින් සිත්තමින් පුස්ථකය අලංකාර කරති.

එකල්හී අරුණාලෝකයෝ උපදෙස් දෙන්නේය. බුද්ධිඝොෂයෝ පුස්තකයේ මුල්පිටුවේ විශාල අක්ෂරයෙන් ''රන්තරු'' නම් අකුරු සිත්තම් කරයි.

අරුණාලෝකයෝ,
''පින්වත් මිතුර, රන්තරු යන අක්ෂරයන්ගේ පසුපසට ආලෝක කදම්භයක් කරණ කොට ගෙන පැණ නගින්නා වූ සෙවනැල්ලක් සිත්තම් කළ හැක්කේ වී නම් මහත් අලංකාරයක් එක්වන්නේ නොවේදැ''යි ඈසූ කළ

බුද්ධිඝෝෂයෝ,
''එම්බල අරුණාලෝකය, කුමක් නම් බණුයේද? සෙවනැල්ලක් සිත්තම් කීරීම මා හට ගින්නෙන් දවා මනාකොට සකසා ඈති කජු කන්නා වැනි ලෙහෙසි කටයුත්තකි''යි පවසා සෙවැනැල්ලක් අදියි.

එකල ඒ දෙස බලා සිටින අරුණාලෝකයා, ''එළය , එළය, තව හැඩකරව, තව අදුරු කරව''යි බුද්ධිඝොෂයා උද්දාම කලෝය.

එයින් උද්දාමයට පත් මේ බුද්ධිඝෝෂයෝ, තව තවත් හැඩ වැඩ කරමින් සෙවනැල්ල ඈදපීය.

නියමිත ආකාරයෙන් සෙවනැල්ල ඈඳීගිය කළ අරුණාලෝකයා,''පින්වත් යහලුව, තොප නම් පට්ට බුවෙකි. සෙවනැල්ල එළටම ආවේ නොවේදැ''යි විචාරා මුව ඉවත් කර ගන්නට ගත්තා එපමණකි. මහත් විනාසයක් අභිමුඛව පැමියේයය.

ඒ කෙසේ ද යත්,

''කුමක්දැ?''යි තමන් අසලින්ම ලින්ටන් දිසාපාමොක්ගේ මහත් වූ ඒක ගර්ජනා හඩ රැව් පිළි රුව් දුන්නේය.

අරුණාලෝකයා හා බුද්ධිඝොෂ කොල්ලන් දෙදෙනා '' ජලයෙන් පහර කෑ උමතු සුනඛයන් මෙන්'' ගැහි ගැහී දික් වූ උණ දණ්ඩක් මෙන් නැගී සිටියේ, ආරුණාලෝක තෙමේ ''රන්තරු'' පුස්ථකය මස්ථකයේ අනෙක් පුස්තකයක් හොවා ආචාරීන්ගේ නේත්‍ර මානයට හසුනොවන සේ අන්තර්ධාන කලේය.

එකල්හී ලින්ටන් දිසාපාමොක්'' කිමෙක්දැ?''යි නැවතත් මේඝ ගර්ජනා කලේය.

එකල බුද්ධිඝොෂයෝ,
''නියමිත ආකාරයෙන් ප්‍රශ්ණයක් විචාල වී නම් පිලිවදන් දීම මට කාරියක් නොවන්නේ යැ. ''කිමෙක්දැ?'' යි පමණක් ඈසු නියායෙන් මම් කුමන වූ පිලිවදනක් දෙන්නේ වීදැයි'' මුවින් නොබැන සිතීය.

එකල ලින්ටන් දිසාපාමොක්,
''මේ නන්දි විසාලයාට ඈසෙන්නේ කෙසේ වීද, එසේ වූ ශබ්ධකින් මා විචාල ප්‍රශ්ණය නැවත කියව''යි පංතියෙහි අනෙක් සිසුන් අරභයා මහත් වූ කෝපයෙන් පැවසීය.

අවශේෂ ශිෂ්‍යයෝ '' මට්ඨකුණ්ඩලී කුමරු අරභයා වැලදුණු රොගය නම් කිම?'' යනුවෙන් මහත් ශබ්ද නගා කීය.

එකල බුද්ධිඝෝෂයා​ගේ හිසින් ''තාරුකා පැන නැගී, එතකින්ද නොනැවතී කොම්බු සහ පැණි කුරුල්ලන් අහසට පැණ නැන්ගේය. යහලු ආරුණාලෝකයාට ද එසේම වියැ.

එසේ වී නමුත් බුද්ධිඝොෂ වනාහී උපායෙහි දක්ෂයෙකි. කුඩා කළ සිටන් පුරුදු පුහුණු කළ ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුත්තේය.

කුමරා ''පින්වත් ලින්ටන් ගුරුපියානනි, පිළිවදන් ප්‍රමාද වුයේ අනෙකක් නිසා නොව ක්ෂණයකින් ඔබතුමා මා ඉදිරියේ ප්‍රදූර්භූත වු නිසාය'' යනුවෙන් මුවින් බැණ බැණා නියමාකාර පිළිවදන දීමට යන්නේ, මහත් ඌ අභාග්‍යයකට මුහුණ දුන්නේය.

ඒ කිමෙන්දැයි යත්, සොලොස්මහා වාපීන් එක හිරු කිරණින් සිදීගිය නියාවෙන් තම මනැසේ තිබූ මට්ඨකුණ්ඩලී නම් කතා වස්තුව පිළිබද මතකය මේ සිදුවුනා වූ වික්ෂිප්තයෙන් එක් ඈසිල්ලකින් මැකී ගියේය.

බුද්ධිඝොෂයෝ කපා දමන ලද පණුවෙකු වෙන් ඈඔරී ඈඔරී සිටිනා නියාව දැක, ලින්ටන් දිසාපාමොක්,
''එම්බල කැණහිල්ල, තොප වූ කලී මා නොමග යැවීමට සිතනා නියාව මා නොදන්නේ වී දැ''යි අපහාසයෙන් බැණ,

'' පිළිවදන් නොදන්නේ වී නම්, තොපට මා අමතක නොවන පාඩමක් උගන්වන්නෙමි''යි කීය.

උපායෙහි සමත් බුද්ධිඝෝෂයෝ ''නිවැරදි පිළිතුර මාගේ චිත්ත සන්තානයෙන් අන්තර්ධාන වි ගිය නමුදු තර්කයෙන් පිළිතුරක් ගොඩනගමි''යි සිතා,

''පිළිවදන් මතක් වීය ගුරුපියානනි, මට්ඨකුණ්ඩලී අරභයා වැළඳුනු රෝගය වනාහී අනෙකක් නොව කුණ්ඩලාභරණ රෝගයයි'' නියමිත පිළිවදන වන ''පාණ්ඩු රෝගය'' පසෙක තබාලා අනෙක් පිළිවදනක් දුන්නේය.

එවදන් ඈසු ලින්ටානෝ දණ්ඩෙන් පහර කෑ නාගයෙකු සේ කීපී,

''එම්බල, අනුවණ ඌ දුෂ්ඨ කොල්ල, මට්ඨකුණ්ඩලී අරභයා වැළදුනු රෝගය කුණ්ඩලාභරණ රෝගය නම් පාන්ඩුව සෑදී සිට මියගියේ තොපදැ''යි, මහත් වු ආක්‍රෝෂයෙන් පරිභව කොට එතකිනුත් නොනැවතී, ''සිස්''යන නාද නැගෙන සේ දන්ඩෙන් පහර තුනක්ද දී එතකිනුත් නොනැවනී, මා කියනා තාක් කල් තොප මේ පුස්ථක තබනා බංකුව මස්ථකයේ නැගී සිටුවයි'' ආඥා දැක්වීය.

මේ දෙස බලා සිටි පංතියෙ අවශේෂ කෙල්ලන්ගෙන් සමහරෙක් ''හිකිස්'' යන අනුනාදයෙන් සිනහවේ පිහිටියේය. සමහරෙක් තම අත වූ ''ලෙහෙන්සුව'' නම් රෙදිකඩින් මුව වසා සිනහ වලක්වාගත්තෝය. අවශේෂ කොල්ලන් බුද්ධිඝොෂ කුමරාට පක්ෂපාතීත්වය හඟවනු වස් මුවින් නොබැන වික්ෂිප්තව බලා හුන්හ.

එකල්හී, උගැන්ම පසෙක තබා අනෙකක් කරන්නට ගොස් බුද්ධිඝෝසයෝ මහත් වූ දණ්ඩනයක​ට පැමිණීය.

සිය පියාණන් විසින් ප්‍රකාශයෙන් සටහන් කරන ලද මෙම කතා වස්තුව ශ්‍රවණය කල ඒ පුත් කුමරාගේ නොහික්මුණු කම් එම ඈසිල්ලෙම උනුව ගිය වෙඩරු පිඩක් සේ අන්තර්ධාව ගියේය.

පින්වත් පුතණුවණි, නුඹද නියමාකාරයෙන් ශිල්ප හැදෑරීම නොකරන්නේ වීද යම් මතු දිනෙක නුඹටද අවමානයකට ලක් වීම වැලැක්විය නොහැකි වන්නේයැ''යි පවසන කල,

''අවමානය පසෙකය, උන්ගේ ස්ථානෝචිත ප්‍රඥාවෙන් දුන් පිළිවදනට මාගේ සිත ඈදී ගියේ ය. එහෙයින් පින්වත් පියාණනි තවත් එවැනි කතාවක් කියවයි'' පියාණන්හට ඈවිටිල්ලෙන් ප්‍රකාශ කලේය.

පින්වත් පුත, බුද්ධිඝොෂ අරභයා ඈති කතා වස්තු නම් එමටය. සත්දිනක් වුව නොනවත්වා කීමට ​කතා වස්තු පවත් වන්නේය. එහෙත් පළමු කොට අක්ෂරයේ කෙළ පැමිණ, දෙවනුව සයිබර් අවකාශයට ගොස් මත්හෙහි ඈති ''සයිබර්යායට'' ගොඩවැදී තොපට රිසි වන්නේ කෙතෙක්ද, එතෙක් කතා කියවුව මැනවැ''යි පිළිවඳන් දුන්නේය.

පුත්‍ර තෙමේත් '' යහපති, පියානණි අද සිට මා ඈල්මෙන් අකුරු උගනිමි. අක්ෂරෙයෙන් කෙල පැමිණ බුද්ධිඝොෂ කුමරුන්ගේ කතා වස්තු කියවමි'' පියාණන් හට ගිවිසුම් දී අක්ෂර උගැන්මට පිටවීය.

පියාණෝ ද තිස්තුන් කෝටියක් වූ දෙවිදේවතාවුන් ආමන්ත්‍රණය කොට, තම පුතණුවන් කරණ කොට ඔවුන් හට අනේක වාරයන් පින් දී මහත් වූ සාධු කාර පැවැත්වීය.

බුද්ධිඝොෂ කතාව නිමි.
.........................................

මෙහි දැක්වෙන්නේ මෑතක මහනුවර ප්‍රදේශයේ කරන ලද කෑනීම් වලදී ඉපැරණි ලෙනක තිබී හමුවූ මහනුවර යුගයට අයත් සිත්තමකි. මෙම සිත්තමින් එකල ​බුද්ධිඝොෂ කුමරුන් කරණ කොට ලින්ටන් ආචාරීන් ප්‍රශ්ණ විචාරණ අවස්ථාව නිරූපනය වේයැ යි සිතිය හැකි බවත්, පසෙක දැක්වෙන ක්‍රිකට් කෙලියෙහි දී යොදා ගන්නා උපකරණ වලට සමාන උපකරණ ඈඳ ඈති හෙයින් මෙම සිතුවම බුද්ධිඝොෂ කතා වස්තුව නිරුපනය කරන සිතුවම ම බව ප්‍රත්‍යක්ෂ වන බවත් විචාරකයින් පවසති. මේ දිනවල ඔවුන් සිතුවම මත ඩබල් ක්ලික් කර එය විශාලනය කර තව තවත් තොරතුරු විශ්ගේෂනය කරමින් සිටින බව තතු දත් ආරංචි මාර්ග පවසයි.












2010/07/16

හෙලෝ ෆ්ලයිට් !

සිත්තර ඇඳිලි, පොටෝ ගැහිලි අස්සෙ අලුතෙන් පටන්ගත්තු මේ බ්ලොග් කෙරුවාවටත් දැන් මාස හය හතක් වෙනවා. ඒ හින්ද මොනිටරේ දිහා බලාගෙන ඉන්න කාලේ තවත් වැඩි උනා. ඇස් වලට අපල කාලයක්ද කොහෙද?

උදේම නැගිටලා ගෙදර මැසිමෙන් මේල් චෙක් කරනවා. පස්සෙ කෙලින්ම කතන්දරගෙ ගෙවල් පැත්තෙ. එතනිත් මගේ සයිබර් යායට නිකමට හරි පාර වැරදිලා ගොඩවැදිච්ච කෙනෙක් ලියපු මොකක් හරි පොස්ට් එකකට කමෙන්ට් එකක් දාලාද බලනවා.

ඊට පස්සෙ රස්සාව කරන තැන උදේ 9 හවස 6 වෙනකං මැසිම ගාව.

ආයේ ගෙදර ඈවිල්ලා 7.30 විතර මැසිම ගාව 10.30 විතර වෙනකං.

තත්වය මෙසේ තිබුනත් බ්ලොග් කෙරුවාව කොහොම නවත්තන්නද? මෙ බ්ලොග් කෙරුවාව හින්දා මට අලුතෙන් හම්බවෙච්ච දේවල් එහෙමත් ගොඩක් තියෙනවානේ!

ඒක හින්දා මගේ යාවජීව සාමාජිකයොයි, එහෙම නොවෙන සාමාජිකයොයි, එහෙම නොවෙන සාමාජිකයොයි හැරුනම තවත් සාමාජිකයින් සිටීනම් ඒ අයටයි, කියවන්න අදත් කතාවක් දාන්නයි යන්නෙ.

පොඩි කතන්දරයක් කිව්වට පොඩිමත් නෑ ඉතිං දන්නවනේ මගේ කතා!

හමුදාවෙ ඉන්න කාලේ අපිව හදුන්වාදෙන්නෙ අපේ නිල අංකයෙන්. මුලින්ම අංකේ. ඊට පස්සෙ නිලය, ඊට පස්සෙ නමේ අන්තිම කෑල්ල. ඊට පස්සෙ වාසගමේ අකුරු ටික.

උදාහරණයක් විදිහට අපි කෑම්ප් එකේදි කෝල් එකකට ආන්සර් කරන්න ෆෝන් එක ගත්තා කියමුකෝ. එතකොට අපි ෆෝන් එක අරං,

''ගුඩ් මෝනින් සර්, 0102458, එල්. ඒ.සී. රංජිත් ඒ.සී, '' කියනවා.

ඕවා නැතුව නිකම්ම,

''හලෝ'' කියලා දැම්මොත්,

''ඈයි උඔලට ඉස්සරහට පස්සට මුකුත් නැද්ද?'' කියලා එහා පැත්තෙන් දෙනවා අම්බානක.

මේක මගේ යාලුවෙක් කිව්ව කතාවක්. මේක හොඳයි, මගේ කතාවෙ පෙරවදනට, ​මේකෙන් තෙරුම්ගන්ට පුලුවන් වෙයි කොහොමද හරිහමන් විදිහට කොල් එකකට ආන්සර් කරන්නෙ කියලා.

පෙරවදන මෙහෙමයි, අපේ යාලුවාගේ ගැණු දරුවත් වැඩකලේ හමුදාවෙමයි. එක දවසක් ඒ ගැනුදරුවගේ බිලට් (නිවස්නයට) එකට කොල් එකක් ආවලු. ගැණු දරුවා ෆෝන් එක අරං,

'' හෙලෝ, ආකාසෙ තාරුකා එල්ලේ'' කිව්වලු.

ඔතන ආකාසෙ කියන්නෙ ආධුනික කාන්තා සෙබළ කියන එකයි. තාරුකා කියන්නෙ නම. එල්. ඒ. කියන්නෙ වාසගම. දැන් තේරෙනවා නේ සහසුද්දෙන්ම හමුදාවෙ කොල් ගන්න හැටි.

පෙරවදන ඉවරයි.

මෙන්න හොඳ හරිය. මේක මමයි මගේ යාලුවොයි හමුදාවේ දි ෆෝන් එකෙන් කොල් එකක් ගත්තු හැටි කියෙවෙන ​​ෛඑතිහාසික කතාවක්.

සයිබර් යායේ මුල ඉදල හිටපු අය දන්නවා ඇතිනෙ මම ගුවන් හමුදාවෙ සේවය කොලා කියලා. මම ගියේ ක්‍රීඩා කරන්ඩ. විනය හොඳ කම නිසා අපිට කෝස් එකකතුත් කරන්ට උනා. එහෙදි මී සෙවන්ටීන් එක ඔලුවට කඩා වැටිච්ච හැටිත් දන්නවනෙ. ඇයි නිවාඩු යන්න ගිහිං විනය කාර්යාලේ පැණි කුරුල්ලො අල්ලපු හැටි. හොඳම සිද්දිය තමා ගුවන් හමුදා නිවස්නයට ආපු සෘෂිවරයා කියපු කතාව.

අද කියන්නෙ අපි අර කරපු කෝස් එක ගැන, අපේ ඉහල නිළයක් දරණ ''ෆ්ලයිට් සාජන්'' කෙනෙක්ගෙන් ෆෝන් කෝල් එකක් අරං විස්තර අහපු හැටියි.

හමුදාවේ කෝස් එකක් කරද්දි, ඒක සිද්දවෙන්නෙ හරිම පිළිවෙලක් ඇතුව. පිටින් බලන්නෙකුට ඒකම කොලු රෑනක් වගේ පෙනුනට, මේ මුලු කෝස් එක කරන ඔක්කොමලාවම කොටස් කරනවා. ඒ එක කොටසක් හදුන්වන්නෙ ''ෆ්ලයිට්'' එකක් කියලා.

අනිත් කාරනේ තමයි, එයාපෝස් නිල තල. මුලින්ම එල්ඒසී, ඊට පස්සෙ කොප්රල්, ඊලගට සාජන්, ඊට පස්සෙ ෆ්ලයිට් සාජන්, ඔය ෆ්ලයිට් සාජන්ට අපි වගේම හැමොන කියන්නෙ ලේසියට ''ෆ්ලයිට් '' කියලා. සෙසු නිළයන්ගෙ අන්තිම රෑන්ක් එක වොරන්ට් ඔ​ෆිස.

අපි හොයා ගත්තු ඔත්තුවලට අනුව අපේ කෝස් එකෙ, අපි ඉන්න ෆ්ලයිට් එක බාරව ඉන්නෙ යකෙක්වගේ වසම වස ​''ෆ්ලයිට් සාජන් කුලතුංග'' කියලා පොරක්ලු. අපි මේක දැනගත්තු දවසෙ ඉදං හිටියෙ ලබුගම ජලාසෙ අපේ ඇඟ හරහාට දැම්මා වගේ. තනිකර ලේ ධාතුව එච්ටූඹ් වෙලා.

අපි කට්ටිය කතා වෙලා එක දවසක් ප්‍රැක්ටිස් එහෙමත් ඉවර වෙලා ඇවිල්ලා, කාලා, නාලා, කාරිය හවස දෙකට විතර කෝල් එකක් ගන්න සෙට් උනා, මේ සිද්දියේ ඇත්ත නැත්ත මිනිහගෙන්ම අහලා සැක ඇරලා දැන ගන්න.

දැං කව්ද කොල් එක ගන්නෙ. පූසගෙ කරේ සීනුව එල්ලන කේස් එක වගේ කතාකරන්න එකෙක් හොයා ගන්න බෑ.

පස්සෙ සෑහෙන සාකච්ඡාවකින් පස්සෙ ''සූරි'' කියලා අපේ කොල්ලෙක් ඉදිරිපත් උනා කියමුකෝ අර යකත් එක්ක ගනුදෙනුවට.

නැකත බලල එ​හෙම මිනිහා ෆෝන් එක උස්සලා කනේ තියා ගන්තා. අපි එහා පැත්තෙ අනිත් ෆෝන් එක උස්සලා කනේ තියාගත්තා, බැකප් දාගන්න හිතාගෙන.

මම '' සූරියා, විෂ් කරලා ගනින්. දන්නවනේ'' කියලා ලාස්ට් වෝනිං එකත් දුන්නා.

මිනිහා ''ෆිට් තමා'' කියලා මාපට ඈඟිල්ලත් උරුක් කරලා වැඩේට බැස්සා.

එහා පැත්තෙන් ෆෝන් එක ඉස්සුවා.

'' හලො, ෆ්ලයිට් සා... කුලතුංග'' කියලා මහා භයානක සද්දයක් ආවා.

අපිත් නිකං දාලා ගියා වගේ උනා.

''අම්මෝ මිනිහගේ කටේ සද්දෙ බොල'' මට හිතුනා. මම සුරියා දිහා බැලුවා.

මිනිහා ''කිරි කාපු රිලව'' වගේ වචන ලොක් කරගෙන තටමනවා.

''අහපං යකෝ'' අපි අතිං සංඥාවක් දුන්නා.

සුරියා තටමල තමටලා එක පාරටම, නමේ ඉස්සරහට පස්සට තියෙන කෑලි ඔක්කොම අමතක කරලා, කොටිම්ම නමත් අමතක කරලා, අහපි මෙන්න මෙහෙම,

''හෙලෝ ප්ලයිට්, ප්ලයිට් ද ප්ලයිට් අපේ ප්ලයිට් එකේ ප්ලයිට්
,
ප්ලයිට්!''

ඒ පැත්තෙන් දැඩි නිහඩ බවක් පැතුරුනා.

''මොකක්...'' ඊලගට ඇහුනේ බොහොම සන්සුන් ස්වර කිහිපයක්.

''මේ....හෙලෝ ප්ලයිට්, ප්ලයිට් ද ප්ලයිට් අපේ ප්ලයිට් එකේ ප්ලයිට් ප්ලයිට්!'' මෙන්න සූරියා ආයිමත් ඒකම කියලා දැම්මා. මිනිහට පිස්සු වැහිලද මන්දා.

''මේ..... මට කරුණා..............කරලා කියපං, ඔය කතාකරන්නෙ, මයිනෙක්ද, නැත්තං මන්තරකාරයෙක්ද?'' කිසිදෙයක් එක පාරට තේරුම් ගන්න බැරුව ගිය කුලතුංග මහත්තයා කන් පැලෙන්න එහෙං ඉෂූ එක දෙනවා. ස්දදෙට අපි ඔක්කොමල ගල් උනා. මම සුරියා දිහා බැලුවා.

සූරියා රිසිවරේ තියලා ඔලුව බදාගෙන එහෙම්ම බිම ඇණ තියා ගත්තා.

අන්න ඒ විදිහටයි අපේ අමතක නොවන දුරකතන සංවාදය අවසන් උනේ.

ඔය පහල තියෙන්නෙ ඒ ​​ෛඑතිහාසික සිද්දිය විදෙස් සිත්තරා දැක්ක විදිහයි!



ගැටපද විවරණය -
කාටහරි කතාව ටියුබ් ලයිට් උනානනං මේ ටිකත් කියවන්න. හිතන්ඩකො කව්රු හරි කෙනෙකුට අපේ කතන්දරට කතා කරලා කතන්දර බ්ලොග් එක ලියන්නෙ එයාද කියලා කන්ෆෝම් කරගන්න ඕන උනා කියලා.

එතකොට ඒ කෙනා කතන්දරට කතා කරල,
''හෙලෝ කතන්දර, කතන්දරද කතන්දර, කතන්දර ලියන කතන්දර, කතන්දර'' කියලානෙ අහන්න ඕන. අන්න ඒවගේ හතර බිරි කතාවක් තමා ''සුරිය'' කුලතුංගයගෙන් ඈහැව්වෙ.

දැං ඔය ගැට පද විවරණයෙන් කතාව තේරුං ගත්තු අයට ලකුණු 50යි. අනිත් අයට 100යි.

එතකොට අදට කතාව ඉවරයි!.




2010/06/24

ජයසිරි අය්යාගේ සයිකල් රේස් ප්‍රැක්ටිස් එක සහ තවත් කතා | සිත්තරේ සහ වටිනා තෑගිත් එක්කම

අද කෙහෙල් කොටුවේ චූටි මහත්තයා කතා මාලාවේ තවත් කතාවක් කාලෙකට පස්සෙ!

මේ ඉන්නෙ ජයසිරි අය්යා !


අද මමකියන්න යන්නෙ චුටි මහත්තයගෙ ගෙවල් ගාව හිටිය චාලි මුදලාලිගේ වත්තෙ වැඩකරපු ජයසිරි අය්යා ගැන පොඩ් කතන්දරයක්!

ජයසිරි අය්යා ගැන කතා කරනවනං කියන්න දේ බොහෝමයි

ජයසිරි අය්යා
විල්බට් මාමගේ පුතා. ඔව්! ඔව්!!.... විල්බට් මාමා එයා තමා. අර බොරලු රොකට්ටුව ලැන්ඩ් කලේ එයාගේ ඹලුවටනෙ.

ජයසිරි අය්යගේ පාසල් ගමන හරිම අපූරුයි! මිනිහා ඉස්කොලේ ගියේ මට ඉස්කොලේ යන්න පරක්කු වෙච්ච දවසට විතරයි, ඒත් ඉතිං මිනිහා ගේට්ටුව ගාවින් මාව බස්සලා ආයේ පස්ස නොබලා හැරිලා එනවා.

ජයසිරි අය්යගේ විනෝදාංශත් මහ අපබ්‍රන්ස ඒවා. මිනිහගේ විනෝදාශ අතර පරෙය්යන් ඈති කිරීම, චාලි මුදලාලිගේ හරක් උදේට කොටුවෙන් දැක්කීම, හවසට ගෙන ඒම තමා මූලිකම සහ අනිවාර්ය විනොදාංශ! මිනිහා කියන්නෙ ''හරක් එයාට දරුවො වගේ''ලු. එක ප්‍රස්නෙකට තියෙන්නෙ මිනිහා අපි​ටත් දරුවන්ට වගේ සලකන එකනේ!

අනිවාර්ය විනෝදාංශ ඈරුනම මිනිහ කැමතිම විනෝදාංශය තමා ''හයිස්පීඩ් බයියිකල් රයිඩිං''.

අද කතන්දරේ දිගහැරෙන්නෙ මිනිහා බයිසිකල් තරගෙකට පුරුදුවෙන්න ගිහිං වෙච්ච අලකලංචියක් ගැන කියන්න. දැං කස්ටියට සුවර්නේ මේකට චූටිමහත්තයගේ කිසිම සම්බන්ධයක් තියෙන්න බැරි විත්තිය. ඒත් සම්බන්ධයක් නැත්තං මොකටද මේ සයිබර් යායේ මේක පල කොරන්නෙ කියලා කාට හරි විචිකිච්චාවක් එහෙම ඈතිවෙනවනං ඔන්න ඔය පහල තියෙන ටිකත් කියෝලම බලන්ඩ!

ඔය රේස් පදින්න ගිය විල්බට් මාමගේ පුතා වෙච්ච ජයසිරි අය්යා කියන්නෙ තනිකර ගැටයක්.

ඒ කියන්නේ මම කෙහෙල් කොටුවෙ චූටි මහත්තයා කාලේ මටවත් අපේ රොබින් හුඩ් සනුහරේටවත් ලිහාගන්න බැරි ගැටයක්, මොකද මිනිහා ඉස්කෝලේ නොගියත් නොදන්න දේකුත් නෑ. දන්න දේකුත් නැද්ද කොහෙද!, මොනවා ඈහැව්වත් උත්තර නං දෙනවා. හැබැයි කිසිදෙයක් තේරෙන්නේ නං නැ.

ඒ ලිහාගන්න බැරි ගැටය ඈරුනම බැලු බැල්මට මිනිහා සතුව ගැට හයත් තිබුනා මට අද වගේ මතකයි. දැන් හින් සීරුවෙ ඔය මවුස් එකේ රෝදෙ කරකෝගෙන උඩට ගිහිල්ල බලන්ඩ ඔය ගැට හය හොයා ගන්ඩ පුලුවන්ද කියලා. ඔය විදෙස් සිත්තරා මිනිහාගෙ ගැට සෙට් එක ලස්සනට ඉන්ක්ලුඩ් කරල ඈදපු සිත්තරේ තමා ඒ තියෙන්නෙ.

හොයාගන්න බැරි උන අයට මෙන්න ගැට ටික,

1. ඔලුවෙ තියන රතුපාට සුම්​බරේ තියෙන ගැටය - ඕක මිනිහා බඳින්න ගත්තෙ ජීවන් කුමාරතුංග මාමා රගපු චිත්රපටියක් බලන්න ගිය දවසෙ ඉදං. ජීවන් මාම, තමන් පොඩි කාලේ දි තමන්ගෙ දෙමව්පියො මරා දාලා තමන්ගේ සහොදරයව පැහැරගත්තු මැරයො හොයන්න අදිස්ටාන කරගෙන ඔය වගේ පටියක් ඔලුවෙ බැදලලු ''ට්‍රේලට'' නැග්ගෙ.
2. නළලෙ තියෙන ගැටය - ඒක එයාගේ උපන් ගැටයලු. අපිට උපන් ලප තිබ්බට මිහිහට තියෙන්නෙ උපන් ගැටලු!
3. බෙල්ලෙ තිබුනු ගැටය - මිනිහා කතා කරද්දි ඔය ගැටේට නං නිවනක් නෑ. කොච්චරවත් ඒක උඩ පහල යනවා.
4. සර්ට් ගැටේ-ජයසිරි අය්යා අදින ඔක්කොම සර්ට්, ටී සර්ට් නිකං සායවල් වගේ ඒවා. ඒක නිසා ඈන්ද ගමන් මිනිහා සර්ට් එකේ කොන් දෙකෙන් ඈදලා ගැටයක් දා ගන්නවා.
5. කලිසමේ ගැටය - මිනිහා අදින කිසිම කලිසමක අපි අදින කලිසං වල වගේ බොත්තං නැද්ද කොහෙද! ඒයා කලිසමේ දෙකොන අල්ලා එකට ගැටයක් දානව . මිනිහා මොන වැඩේ කරන්න ගියත් සර්ට් ගැටෙයි, කලිසං ගැටෙයි හරිද කියලා කන්ෆෝම් කරල තමා වැඩේට බහින්නෙ.
6.අන්තිම ගැටය - මහ අරුම පුදුම ගැටේ! මිනිහා තමන්ගෙම කකුලෙ හමට යටින් තියෙන නහර සෙට් එකක් එකතු කරලා ගැටයක් දාලා තිබුනා! ඒකනං මාරයි. මම අම්මගෙන් ඈහැව්ව මගේ කකුලෙත් එහෙම ගැටයක් දාලා දෙන්න බැරිද කියලා. අම්මා කිව්වෙ ඒ ජයසිරි අය්යා හිතාමතා දාගත්තු ගැටයක් නෙමෙයි කියලා. ඒ එයාගේ නහර ඉබේ ගැටගැහිලලු. (එහෙනං ඉතිං අපෙත් ඔය එමට නහර තියෙන්නෙ ගැට ගැහෙන්න එපැයි!)

ඉතිං ඔය සයිකල් ​රේස් එකට පුරුදුවෙන්න ගිහිං ජයසිරි අය්යා අපුරු වැඩක් කරගත්තා. ඒ වැඩේ හින්දා ජයසිරි අය්යාගේ ගැට හය ගැට එකසිය හැට හයක් උනා.

මිනිහගේ සරීර කූඩුව නිකං
''වෙසක් මාසේ පැනලත් එල්ල තියෙන වෙසක් කූඩුවක් වගේ වෙලා.'' හැම තැනම ඉරිලා!

මිනිහා නිකං ''වෙඩි වැදිච්ච රම්බෝ වගේ'' අර මිනිහගේ සයිකල් රාජයා කරේ තියං ආවේ කේස් එකට මූණ දීලා.

හරි මෙන්න එහෙනං කතාව.

හෝ..... හො.... කාට හරි හිතලා කියන්න පුලුවන්ද? ජයසිරි අය්යට මේ අලකලංචිය උනේ කොහොමද කියලා!

එහෙනං ඔන්න චාන්ස් එකක්.

අද මම කතාව නොකිය ඉන්නං.

මේ තියෙන්නෙ එදා ජයසිරි අය්යා වෙච්ච අලකලංචිය විදෙස් සිත්තර සිල්පියා දැක්ක විදිහ. මේකත් බලල කියන්නකො කේස් එක මොන වගේ එකක් වෙන්න ඈද්ද කියලා ! හැබැයි හොදම හරිය බ්ලර් කරලා තියෙන්නෙ. නැත්තං ලේසි වැඩියිනේ!



ඔය ඔපිස් වල ඉදං හොරෙන් බ්ලොග් කියෝන අය පේලි දෙක තුනක් ලිව්වත් අනිත් අය විස්තර ඈතුව ලිව්වොත් පාඩු වෙන්නෙ ​නෑ. වටිනා තෑගි එහෙමත් දිනා ගන්න පුලුවං වෙනවා!

හරි උත්තරේ දෙන අයට වටිනා තෑගි මේං!!!!!

හරි උත්තරේ දෙන අයට තමන්ගෙ ඈත්තම ඡායාරූපෙ මගේ සහෝදර විදෙස් සිත්තර සිල්පියාට කියලා කාටුන් කර ගන්න නොමිලේ අවස්ථාවක් හිමි වෙනවා!

හැබැයි එක කොන්දේසියකුත් දැම්මා ඒකා, තමන්ව පොටෝ ගත්තම කොහොමත් පේන්නෙ කටුන් එකක් වගේ නං ඒ කට්ටියට මේ තරගෙට ඈතුලත් වෙන්න බැහැලු. මොකද කාටුන් එකක් දිහා බලාගෙන ඒකම ඈඳල වැඩක් නැහැ කියලයි මිනිහා කියන්නෙ!!

එහෙනං හැමෝටම සුබ පැතුම් ඈ..... !!

කතාවේ ඈත්ත සිද්දියයි ජයග්‍රහකයොයි එක්ක අනිත් දවසේ හම්බවෙමු එහෙනං.

2010/05/26

සයිබර් යායේ රී-ලොන්ච් එකට | කටුනායක අහසේ දී මිසයිල ප්‍රහාරයට ලක් වූ MI 17 හෙලිකොප්ටරයේ කතාව

මාසෙකට විතර පස්සෙ අලුත් බ්ලොග් පෝස්ට් එකක් දාන්න හිත හදා ගත්තෙ බොහොම අමාරුවෙන්!

ගිය රටයි, ඉන්න රටයි, සංසන්දනය කරපුවාම අහසට පොලොව වගේ! මීටත් වඩා සමෘදිමත් රටකට ගියා නං මට පිස්සු හැදෙයි! එහේ ගියාම අපේ මහජනතාව ගැනයි, අපේ රටේ ඉන්න හොද මීටර්ල, ගැනයි මතක් වෙද්දි මහා කළකිරීමක් ඈතිවෙනවා? ඒවා ගැන හිතද්දි බ්ලොග් ලිවීම විතරක් නෙමේ සමහර වේලාවට ඔක්කොම දේවල් ඒපා වෙනවා !

ඒත් ''එක රටක සමෘද්ධිය, මගේ බ්ලොග් ලිවිල්ල නතර කරන්න තරං හේතුවක් වෙන්න ඕන නැහැ'' කියලා තර්කයක් ගොඩනගාගන්නත් වෙලාවකට හිතෙනවා! ඊටත් වඩා මම බ්ලොග් පෝස්ට් එකක් නොදාපු කාලය තුලත් මා ගැන සොයා බැලූ සයිබර් යායේ බොහෝ මිතුරන් සහ මගේ පරණ පෝස්ට් වලට කමෙන්ට් කරපු පිරිස බලද්දි නික්ම්ම මේක අතඈරලා දාන්න හිතන්නත් අමාරුයි!

පසුගිය කාලයේ ඔබේ නොදුටු සයිබර් මිතුරා ගැන සොයා බැලූ සියල්ලන්ටම බොහොම ස්තුතියි!

......................................................

දැං ඔක්කොම හරි, මෙන්න කතාව.

කෙහෙල් කො​ටුවේ චුටී මහත්තයා කතා මාලාව තාම ඉවර නැතත් ඒක තාවකාලිකව නතර කරල දාන්න ඕන කියලා හිතුනා.​

තව මට කියන්න, බ්ලොග් එක පටන් ගද්දිම දැම්ම කුරුලු හමුදා කතා මාලාවත් ඉතුරුයි! තාම කියන්න පටන් නොගත්තු රජිත ප්‍රනීත් කතා මාලාව, දිගාගේ තාත්තගේ කතා එහෙම් පිටින්ම ඉතුරුයි. ඒ ඔක්කොම තියෙද්දි තව මැ​ලේසියා කතා මාලාවකුත් එකතු උනානෙ!

මේ කුරුලු හමුදා කතාව මට මතක් උනේ, සාම්පූර් වලට පස්සේ - ඉරාකෙට බෝම්බ ගහපු හැටි කියන අපේ කතන්දරගේ පෝස්ට් එක කියොපු වෙලාවේ. මේ පෝස්ට් එකත් ඒ සීරිස් එකටම දාන්න පුලුවන්ද කියලා කකාගෙන් අහන්න ඕන!

මේ කතාවෙන් කියැවෙන්නෙ අපි ගුවන් හමුදාවේ පුහුණුවල යෙදී සිටින අතරතුර, ගුවන් හමුදාවේ MI 17 (මී සෙවන්ටීන්) කිරිටොයියා හෙලිකොප්ටර් එකකට කටුනායක අහසේදී හතුරු ප්‍රහාරයක් එල්ල වෙච්ච කතාවක් ගැන. හැබැයි මේ පුවත ලංකාවාසී ජනතාව දැන ගන්නෙ අදමයි! ඒ සිදුවීම ඒ දවස් වල කිසිම ජනමාධ්‍යකින් ප්‍රචාරය උනේ නෑ!

මීට අවුරුදු ගානකට කලින් මම කුරුලු හමුදාවේ පුහුණුවක ඉන්න කාලෙයි මේ සිදුවීමට මූණ දුන්නෙ.

පුහුණුනං අන්න පුහුණු!!

උදේ හතරට පටන්ගන්න පුහුණුව නිල වසයෙන් අවසන් වෙන්නෙ රෑ දහයට. ඔය අතරතුර පනිස්පන්ට් එකක් හැටියට ෆොවඩ්රෝල් සීයක් දෙසීයක් ගැසීම, ඉදල හිටලා කිඹා පොෂිසන් එකේ පැයක් දෙකක් හිටීම, උදේ ඉදං දවල් වෙනකං කකුල් කොටවෙනකං ඒවා පොලොවෙ ගැසීම, නිතර නිතර ලේ වතුර වෙන එක ඒ කාලය අතරතුර සාමාන්‍ය දෙයක්! රෑ දහයෙන් පස්සෙ ලයිට් නිවන්න ඕන. දවස පුරා මග ඈරැණු රාජකාරි පොත් පාඩං කිරිලි සපත්තු පොලිෂ් කෙරිලි, රැ දහයෙන් පස්සෙ ඉටි පන්දං එලියෙන්!

එක දවසක් අපි පුහුණු වීම් වලට එද්දි, අපි පුහුණු වෙන පිට්ටනියට එහායින් තියෙන ප්‍රධාන ක්‍රීඩාංගණයේ හරි අපූරු සිදුවීමක් සිද්දවෙමින් තිබුනා!

ඒ අලුතෙන් පුහුණු උන පැරිෂුට් භටයන්ගේ ''පුහුණු පෑනීම් වාර'' එදා යොදා ගෙන තිබුණු හින්දා. පුහුණුවෙන පැරිෂු​ට් භටයොයි, පුහුණු කරවන සාජන්ල දෙන්නයි පැරිෂු​ට් මලු පිටෙ එල්ලං ඉන්නවා. එයාලාව ගුවනට අරං යන්න ලෑස්ති වෙලා ඉන්න ''මී සෙවන්ටීන් (MI17) කිරිටොයියා හෙලිකොප්ටරේ'' මහ තේජසකින් එයාගේ අවර පෙති රිලැක්ස් එකේ කරවමින් භටයෝ ගොඩ වෙනකං බලං ඉන්නවා!



මේ දර්සනේ බලං ඉන්න ආස උනත්, සාජන් කෑ ගහල, '' උන් උන්ගේ රාජකාරිය කරන්නෙ. උඔලා උඔලගේ රාජකාරි කරපල්ලා, දැං පෝලිං වෙයල්ලා'' කියලා කෑ ගහල '' ලලෆ් රයිට්'' කිය කියා අපිව දක්කන්න ගත්තා!.

ඔය අස්සෙ මම නං සේප් එකේ ඈහෙ පොට යන්න ඔන්න මෙන්න තරමට හරෝල පැරිෂුට් ගමනෙ අප්ඩේට් එක ඔලුවට දා ගත්තා. පස්සෙ දවසක කියන්න හරි බැරියැ කියලා!

ජීවිතේ​ට එච්චර ලගට එච්චර ලොකුවට මී සෙවන්ටීන් යානාවත් දැකලා නැතිව හිටපු අපිට ඒ වෙලාවේ වැඩ ගොඩයි! පේලි කෙලින් ගෙනියන්න, ''ලලෆ්'' කියල මැරෙන්න බෙරිහන් දෙද්දි වම තියන්න, ඒ අස්සේ පැරිෂුට් අප්ඩේට් බලන්න වගේ දෙවල්!

ඔන්න ඊට පසුව එළඹුනේ ​දෛවෝපගත අවස්ථවේ.
අර සෙබලු සෙට් එකත් අරං මී සෙවන්ටීන් යානාව ඔන්න ගුවන් ගත වෙන්න ලෑස්තියි!.

මම පුරුදු පරිදි සේප් එකේ යානාවේ ගමන් මාර්ගය නිරීන්ෂණය කරගෙනම මාච් එකේ ඉදිරියට ගියා!

යානාව උඩ යන්න හදන කොට තියෙන තේජස බොල!

අහල පහල ඉන්න අපි කාටත් පේන්න මහ ආඩම්බර ලීලාවෙන් පොලොවෙන් ටිකක් උඩට ඉස්සුනු ''මී සෙවන්ටීන්'' වටේ ඉන්න ගස්වැල්, මැලේසියන් තණ කොල උදුරුවා තූතූ කරන්ට උත්සහ කරමින්, වටපිට දූලී අවුස්සමින් රවුම් බාගයක් එතනම කැරකීලා සං ගාලා උඩ​ට පියෑඹුවා!

'' දෙයියනේ මේකේ තියන තේජස. මේවට වෙඩිතියන, මිසයිල ගහන උන්ට වැහි නැති හෙන පාත් වෙන්ට එපැයි!'' කියලා හිතල අහවර කරන්ට උන්නැ,
කෙලියා නේද ''ඩෝං, ඩෝං'' ගාලා මිසයිල දෙකක්ම '' මී සෙවන්ටීන්ගේ'' කෑලි ගැලවෙන්ඩම.

හපෝයි මෙහෙමත් අහස පොලව නුහුලන අපරාදයක්! දැං ඉතිං මොකද කරන්නෙ? මගේ මුලු දර්ශන පථයම බොද වෙලා ගියා!

ඒ විතරක් නෙමේ මිසයිල ප්‍රහාර දෙකකට ලක් වෙච්ච මී සෙවන්ටීන්ගේ කෑලී මගේ මූණටත් වැදිල! මගේ මුලු ඔලුවම වේදනා දෙනවා!

මම ක්ෂනිකව ආපසු හැරිලා බැලුවා මගේ සගයෝ දිහා! මගෙ විතරක් නෙමේ මගේ ලග හිටිය වීර හමුදා භටයෝ තුන් හතර දෙනෙක්ම මෙ ප්‍රහාරට ලක් වෙලා ඹලු බදාගෙන ඉන්නවා!

මම ආයෙත් ක්ෂනිකව උඩ බැලුවෙ මී සෙවන්ටීන්ගෙ ඉතුරු කෑලි ටිකත් මගේ ඔලුවට ලම්භකව තියෙනවද කියලා බලන්න! වාසනාවට කෑලී නැති උනත්, මී සෙවන්ටීන්ගෙ දෝංකාරයි, ඡයාවයි හීන ලෝකෙන් වගේ මට පේන්න ගත්තා !

මට කිසිම දෙයක් තේරෙන්නෑ. හරිය​ට ''අගහරු ලෝක සිතියමේ කදු පන්තියක් පෙන්නලා, පෙන්නපිය මේක ලෝකාන්තේ?'' කිව්වම ඈතිවෙන හැගීම වගේ!!!

ඒ අස්සෙ මගේ අනිත් පැත්තෙ ඉදං සාජන් මං දිහා බලං ඉන්නවා!

මම '' සාජන්'' කිව්වා.

'' කොහෙද යකෝ තොපි හතරදෙනා පේලි කඩාගෙන උඩබලාගෙන තනියම යන්නෙ! හද අල්ලන්ඩද? බලපිය අරුං ඉන්න දිහා! අනිත් කම්බුලටත් ඈගිලි පහ හිටින්න දෙන්න කලිං ගිහිං පොලිං වෙයව්'' සාජන් කිව්වා.

අන්න ඒ විදිහටයි එදා ප්‍රහාරය සිද්ධ උනේ!

ඒ සිද්ධියෙන් බොහෝ කාලයකට පස්සෙ මම නිවී හැනහිල්ලෙ ඉන්න වෙලාවක ඔය සිද්ධියේ පූර්වාපර සංධි ගලපලා බැලුවා!

බැලින්නං ''හමුදා පුහුණුවේ යෙදී සිටි ඒ කොලුගැටයා, එකල බොරලු රොකට්ටුවක් සෑදූ මංම වේදැ'' යි අමාරුවෙන් පූර්වාපර සංධිය ගලපා ගත්තා.












2010/04/30

සයිබර් යාය වසා දැමේ | සතුටින් සමුගන්නෙමි!

ඔන්න අදත් මම සුපුරුදු පරිදි ආවා. ඒත් අද කතන්දර නෑ. අර උඩින් තියෙන හෙඩිමට අනුව ''සයිබර් යාය වසා දැමේ!'' කියලා කණගාටුවෙන් උනත් කියන්න වෙනවා.

ඒකට හේතු ගොඩයි.

මගේ සයිබර් යාලුවෝ කීප දෙනෙක් දන්න පරිදි මට දැන් කරන රස්සාවට අමතරව සංස්ථාවක් හිමිවූනා. ලැබුනු සංස්ථාව ගැන අපේ සයිබර් යාලුවෝ සමහරක් නං දැනමටත්දන්නවා. දැන් ඉතිං ඉදිරියේ දී ඒ සංස්ථාවේ වැඩ කටයුතුත් මට කරන්න වෙනවා.

ඔය සංස්ථාවේ ඉදිරි වැඩකටයුතු සාර්ථකව කරගෙන යන්න මැයි මාසේ 1වෙනිදා ඉදලා මාසයක විතර කාලයක් ''මැලේසියාවේ'' සංචාරය කරන්න අවස්ථාවක් මට ලැබුනා. ඒක හින්ද හෙට ''අර්ලි ඉන් ද මෝනිං'' මම කටුනායකින් මැලේසියාව බලා පිටත්වෙනවා.

අන්න ඒ හේතුව හින්දා මට ''සයිබර් යාය'' වහලා ​දාන්න වෙනවා.

ඔන්න එහෙනං නිල වශයෙන් මම ''සයිබර් යාය'' වහල දැම්මා!

පසුව ලියමි.

ඔය පහල තියෙන්නෙ මම ලියපු කතාවලින් තෝරලා ගත්තු, මමත් ආයේ කියවන්න කැමති කතා ටිකක්!

සයිබර් යාය වහල දැම්මත්, මම ලියපු, ඔබ කියෝපු, මේ පහල තියෙන කතන්දර වල මම හැමදාම ඔයාලත් එක්ක ඉදීවී.......,

01. ටොපි කොල හතලි​හේ කතා වස්තුව | පොඩි කාලේ මගේ මොලේ හිරවුනු තව තැනක්
02.
කදිර පෝතක කතා වස්තුව | පොඩි කාලේ මගේ මොලේ හිරවුණු තවත් තැනක්
03.
බොරලු රොකට්ටුව | හිහ්....හී... මගේ පළමු නව නිර්මාණය චිත්‍රත් එක්කම
04.
ෂර්වුඩයේ රොබින් හෙවත් කෙහෙල්කොටුවේ චූටිමහත්තයා | සිත්තරෙත් එක්කම
05.
මගේ පළමු රාජකාරී ලියුම | මාලනී ටීචර් කියල දුන්නු විදිහටම
06. බබුරු ආච්චිට ආපු ටෙලිග්‍රැම් එකේ තිබූ පෑගුන අකුරු | වැඩිහිටියන්ට සැලකීමට ගියෙමි.

තවත් දෙයක්,

මම ''සයිබර් යාය'' වසා දැම්මත් ඔබට මමත් එක්ක මූණුපොතෙන් හමුවෙන්න පුලුවන්. කැමති කට්ටිය බ්​ලොග් එකේ මුදුනෙ දතුණු පැත්තෙ ඔය උඩින් තියෙන ''එන්න යන්න Facebook'' කියල තියෙන බටන් එක ක්ලික් කරලා එකතු වෙන්න. මේ තියෙන්නෙ මං එතන ඉන්න විදිහ,



මම හිතං ඉන්නෙ මගේ සයිබර් යාලුවන්ට බලන්ට මැලේසියාවේ දී මම යන එන තැංවල පින්තුර ටිකක් මූණුපොතේ දාන්න කියලා. ! එහෙනං මම ගියා.

ආ..... තව දෙයක්,

මම අර සයිබර් යාය වසා දැමේ කිව්වට ඒක වහන්නෙ මම මැලේසියාවේ ඉන්නකං විතරයි හොදේ.... ආපු හැටියේ ආයේත්
''චූටිමහත්තයා'' කතන්දර කියයි. වරද්දන්නැතුව එන්ට ඕන හොදේ. එහෙනං මම ගිහිං එඥ්ඤං!

හෆෝයි තව ටිකෙන් වැදගත්ම කොටහ අමතක වෙනවා නොවැ,

ඔය මැලේසියාව පැත්තෙ ගිහිල්ල තියෙන කට්ටිය කියන්කො එහේ බලල හදල එන්න තියෙන ලස්සන තැං මොනාද කියලා.

ආ...හා... පොරකන්නෙ කව්ද ඔය ඕක කියන්න! ඒක ඔය පහල තියෙන කොටුවේ හීන් සිරුවේ ලියලා යන්නකෝ!!

ආ..... කෝ මේ 27 පාරක් මැලේසියා ගිහිල්ලා තියෙන තරිදුවා.

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...