එදිනෙදා කෙරීගෙන යන විදිහ වෙනස් කරලා, යුගයේ අවශ්‍යතාවයක් කියලා සලකලා අද පෝස්ට් එක ආදරේට වෙන් කරනවා. එක එක ප්‍රශ්ණ, එක එක කාලෙට, එක එක කට්ටියට එනවා. ඒවා විසඳන්න එක එක යුග පුරුෂයොත් එනවා.
ආදරේදී එකිනෙකා ගැන වැඩිපුර හොයා බලන්නෙ ගැණු ළමයි ද?, පිරිමි ළමයි ද? ඔන්න මේ කාලෙ තියෙන දැවෙන ප්‍රශ්ණය.
මේ දවස් වල අවංක ආදරේ ගැන, පිරිමි ළමයිගෙ ගති ගුණ ගැන, ගැල්ලමයිගෙ ගති ගුණ ගැන, එක එක තැන් වල එක එක කතා. සමහර ගැල්ලමයි කියන්නෙ පිරිමි ළමයි ආදරය කරන්න පටන් ගත්තු කාලේ හිටියට වඩා කල් යද්දි වෙනස් වෙනවා කියලා. ඒක ඇත්තද?
ඹ්නම මතයක් සමාජයට ගෙනියන්න ක්‍රම කිහිපයක් තියෙනවා. අලුත්ම ක්‍රමය තමා සමීක්ෂණ වාර්තා. සමීක්ෂණ වලින් පුලුවන්ලුනෙ සමාජ මතය දැන ගන්න. හැබැයි ඕනෙම නං අපේ මතය සමාජ මතය කියලා පෙන්නන එකත් ඒ හැටි කජ්ජක් නෙමේ සමීක්ෂණ හරහා.
කොහොමහරි මමත් අද වැඩ අල්ලන්නේ සමීක්ෂණයකින්. මුලින්ම ඒකට භාජනේ කොරන්නෙ පිරිමි ළමයෙක්.
මම - "මල්ලි මොකද්ද ඔයාගෙ නම කිව්වෙ?"
මල්ලි - "මම නම කිව්වෙ නෑනෙ අයියා තාම."
මම - "ආ... ඔව්නෙ....මල්ලිගෙ නම මොකද්ද?"
මල්ලි - "මම අහවලා."
මම - "ආ... ඔව්....අහවල් මල්ලි කියන්ඩ බලන්ඩ ආදරේදී එකිනෙකා ගැන වැඩිපුර හොයා බලන්නෙ ගැණු ළමයි ද?, පිරිමි ළමයි ද?"
අහවල් මල්ලි - "අයියා කොටින්ම කියනවනං අයියා...... ගැණු ළමයි ඇවිල්ලා මල් වගේ තමා. අපි ගල්. හැබැයි මෙහෙමයි, ඒ ගොල්ල උදේට පිපිලා සුවඳ දිලා හවසට පරවෙලා යනවා. ඊට පස්සෙ දුක. අපි එහෙමද? අපි ගල් වාගේ. අයියා ගලේ කෙටු අකුරුක් කවදාවත් මැකෙන්නැ අයියා...... ගල කැඩුවත් අයියා ඒ ගල් කෑලි වල හරි කොටපු අකුර බලාගත්තැකි....නැද්ද, ඉතිං එහෙව් හදවතක් තියෙන අපේ හොයාබැලිලි ගැන තව මොන කතාද අයියා?" (මිනිහා ඒ ටික කියපු හැඟීම් බර විලාශය මට අල්ලගන්ඩ ඒ වෙලාවේ විඩියෝ කැමරාවක් තිබ්බෙ නෑ.)
ඉතිං මං පොඩි අදහසක් ගැල්ලමයි ගැන එතනින් ගත්තා.
සාධාරණ සමීක්ෂණයක් කරනව නං දෙපාර්ශවයෙන්ම අදහස් ගන්ඩ ඕනැ. මේ විපක්ෂයේ අදහස්.
මම - "නංගි මොකද්ද ඔයාගෙ නම කිව්වෙ?"
නංගි - "මම නම කිව්වෙ නෑනෙ අයියා තාම."
මම - "ආ... ඔව්නෙ....නංගිගෙ නම මොකද්ද එතකොට?"
නංගි - "මම අහවලී....."
මම - "ආ... ඔව්....අහවල් නංගි කියන්ඩ බලන්ඩ ආදරේදී එකිනෙකා ගැන වැඩිපුර හොයා බලන්නෙ ගැණු ළමයි ද?, පිරිමි ළමයි ද?"
අහවල් නංගි - "ම්...මෙහෙමයි අයියා.... මම ඒක කෙලින්ම කියනවට වඩා පොඩි උදාහරණෙකින් කියන්නං."
මම - "ඒ කියන්නෙ නංගි වහෙං ඔරෝද?"
අහවල් නංගි - "කැමති නමක් අයියා. දැං බලන්ඩ ගැණු ළමයි හරියට රෑට පායන හඳ වගේ. කොල්ලො ඉර වගේ."
මම - “ඒ කිව්වෙ නංගි මට පැහැදිලි නෑ?“
අහවල් නංගි - "ඔව් අයියා ඕගොල්ලන්ට පැහැදිලි වෙන්ඩ ටිකක් වෙලා යනවා තමා. ඒ හැටි! ඒ හින්දා මම්ම කියන්නං. මෙහෙමයි අයියා, කලුවර රෑකට හඳ පැව්වම කොච්චර ලස්සනද? හඳ එලිය කොච්චර සෞම්‍යද? හඳ ගැන කියන්ඩ ගියොත් අයියා මේ කතාව ඉවර කරන්ඩ වෙන්නැ. "
මම - "ඒක නං ඇත්ත. ඔයා ඔප්පු කරලා කියන්ඩ යන්නෙ ගැණු ළමයිනුත් හඳ වගේ, අගේ කියලා නිම කරන්ඩ බෑ, ඒහෙම බැලුවම ගැල්ලමයි කියන්නෙ පිරිමි ළමයිට, රෑකට හඳවගේ කියලනෙ....."
අහවල් නංගි - "අන්න හරි අයියා. පරක්කු වෙලා හරි අයියට තේරුනා. මම කියන්නෙ ගැණු ළමයි හඳ වගේ කියලා. අයියා කියන්නා වගේ කලුවර රෑකට පායපු. පිරිමි ඉතිං ඉර වගේ... වැඩකට නෑ...."
මම - "මක් කිව්වා නංගි. ඉර වැඩකට නෑ කියන්නෙ කොහොමද?"
අහවල් නංගි - "මේකනෙ අයියා. අපි රෑ කලුවරට එලිය හරි වෙනවා. ඉර ඉතිං එහෙම දෙයක්වත් කරනවැයි... ඉර පායන්නෙ දවල්ට. දවල්ට ඉතිං කොහොමත් එලියයිනෙ......"
මම - "හැබැයි මොනා නැතත් ඒක නං නල්ලමලේ පැහැදිලි කිරීමක් නංගි. ස්තුතියි නංගි."
අහවල් නංගි - "වෙල්කම් අයියා!"
දැක්කනේ සාධාරණ සමීක්ෂණ වල හැටි. ඒ ගොල්ලන්ගෙන් ඇහැව්වොත් එහෙම කියනවා. මේ ගොල්ලන්ගෙන් ඇහැව්වොත් මෙහෙම කියනවා. හැබැයි හැමෝම එහෙම නෑ.
අනික රාමලා සීතලා, රාධලා කිෂ්ණලා, සාලිය මාලලා ආදර ලොකේ වීරයෝ තමා. හැබැයි ඒ ගොල්ලන්ගේ කිල්ලෝට වලත් හුණු තිබ්බයි කියන එක අපිට අමතක වෙලා තියෙන්නෙ. අනික ඕන කැලි දාලා, ඕන්නැති කැලි කැපුවම වීරයා නිකම්ම හැදිලා. ආදර ලෝකයෙ වීරයොත් හැදිලා තියෙන්නෙ එහෙම නෙමේද?
ඒ හින්දා ගැල්ලමයිටයි මේ කියන්නෙ,
"ඒ කාලෙ හිටපු රාමා නං එහෙම නෑ, ඕගොල්ල තමයි එහෙම" කිය කියා අපිට ඇඟිල්ල දික් කරන්ඩ එපා. අපි ඕගොල්ලන්ට හැමදාම ආදරේයි. ඕගොල්ලන්ට ආදරේ කරන්නැතුව අපි කාට ආදරේ කරන්ඩැයි. අනික අපි ගැන එහෙම හිතන්ඩ එපා, පව්!
එහෙනං ඉඳල හිටලා හරි ඕගොල්ලන්ට අපි ගැන වැරදි මෙව්වා එකක් ආවොත් මොකද කරන්නෙ. මං කියන්නම් ඒකට නියම බේත. මේ තියෙන්නෙ ඒක. කිසි කතාවක් නෑ අහන්ඩ මේ සින්දුව. එතකොට ඕගොල්ලන්ට තේරෙයි, ඕගොල්ල නැති උනාම අපිට දැනෙන පාලුව කොහොමද කියලා. අපි තනිපංගලමෙ ඉද්දි කොච්චරවත් හිතන්නෙ ඕගොල්ල ගැන නේද කියලා. බැරි වෙලා හරි ඕගොල්ල අපිට නැති උනොත්....හපොයි හිතන්ඩත් බයයි.
දැං ඔක්කොම අමතක කරලා මේ සින්දුව අහලා බලන්ඩ. හැබැයි අහද්දි, “අනේ මං කොච්චර වැරදියට ද එයා ගැන හිතලා තියෙන්නෙ“ කියලා ඇහැට කඳුලු ආවොත් කාරිය පිහදගන්ඩ ලේන්සුවක් ලං කරගන්න එක නුවණට හුරුයි.
ඔබ නමටයි මා පාරමී පුරණා....
Pipunu Malaka by යූරෝ දෙකේ වීරයා :D
දැං ඔක්කොම අමතක කරලා මේ සින්දුව අහලා බලන්ඩ. හැබැයි අහද්දි, “අනේ මං කොච්චර වැරදියට ද එයා ගැන හිතලා තියෙන්නෙ“ කියලා ඇහැට කඳුලු ආවොත් කාරිය පිහදගන්ඩ ලේන්සුවක් ලං කරගන්න එක නුවණට හුරුයි.
ඔබ නමටයි මා පාරමී පුරණා....
Pipunu Malaka by යූරෝ දෙකේ වීරයා :D
ලස්සනයි නේද? හරියට පිරිමි ළමයිගෙ හිත් වගෙ. ඉතිං ඔයත් මේ සිංදුව ඔයාගෙ අයි පෝඩ් එකේ, ෆෝන් එකේ, නැත්තං කට පාඩමේ හරි තියාගෙන ඉඳලා අවස්ථාව ආවම රස විඳින්න. අහවල් හැඟිම වතුර දැම්මා වගේ නිවිලා යයි. රාමලා, කිෂ්ණලා, සාලියලා වගේ අය අදත් ඉන්නවා නේද කියලා හිතෙන්ඩ ගනියි!
අදට කතාව ඉවරයි. මතකනේ පණිවිඩේ. එහෙනං ආයි දවසක හමුවෙමු.
.......................
- මීට ආදරණීය යුරො දෙකේ වීරයා.
ප/ලි -
අවවාදයයි
මේ ටික කොල්ලන්ට පමණයි.
මම ඒ ගොල්ලන්ට සමීක්ෂණ වාර්තාව ගැන කියන්න ගියේ නෑ. දැං හොඳවයින් වාර්තාවක් තව ටිකකින් බලාගන්ඩ පුලුවන් වෙයි. ඇරත් "අවවාදයයි - කොල්ලන්ට පමණයි" කිව්ව ගමන් ඒ කොටස වැඩිපුරම කියවන්නෙ කෙල්ලො! හරියට මේ දැං වෙනවා වගේ, නේද කෙල්ලෙනේ...... (ආ............. දැං මොනිටරේට පනාව දැම්මට වැඩක් නෑ. අපි දන්නවා බොලාලා මේ ටිකත් කියෝපු වග!)
ඉතිං සමීක්ෂණයෙ ප්‍රථිපල ආයි අමුතුවෙන් කියන්ඩ ඕනැද?
ප/ප/ලි-
මේ සිංදුව ගැන විස්තර
ගේය පද - විපුල ධර්මප්‍රිය ජයසේකර.
සංගීතය හා ගායනය - ශාලිත අබේවික්‍රම.
______________________
ප/ප/ලි-
මේ සිංදුව ගැන විස්තර
ගේය පද - විපුල ධර්මප්‍රිය ජයසේකර.
සංගීතය හා ගායනය - ශාලිත අබේවික්‍රම.
සෑහෙන කාලෙකට පස්සෙ අහපු සින්දුවක් තමයි මේ .. ඇත්ත තමයි මේ ගෑල්ලමයි අපි ගැන වැරදියටමයි හිතා ඉන්නෙ.. පුරා විද්‍යා සමීක්ශණයක් කරමුද මේ රාමා, සාලිය, ජාලිය, රෝමියෝ ලාගේ කිල්ලෝට වල තිබ්බ හුණු හොයන්න.. පිරිමි සංහතියටම ප්‍රයෝජනවත් ඒක නම් !!!
ReplyDeleteකරනවනං වෙනී අන්න වැඩ. මටනං ශුවර් රාමා ලඟයි, සාලිය ලඟයිනං හුණු තියෙන්ඩම ඇති.මොකෝ දෙන්නම ආසියාතිකයොනෙ. හැබැයි රෝමියෝ බුලත් කෑවා කියලා ඉතිහාස පොතෙ තිබුනාද කියලා මට මතක නෑ. ඇත්තට රෝමියොගේ කිල්ලෝටෙ හුණු තිබ්බෙ නැද්ද දන්නැ නේද?
Deleteහුණු තියෙන්න ඌට සේරටම කලින් කිල්ලෝටයක් තියෙන්න එපැයි. ඊටත් කිල්ලෝටයක් මොටෝ බුලත්පයියක් නැතුව
Deleteනවම්,
Deleteබුලත්පයියක් නැති උනාට පොරට හොඳවයින් චුයිංගම්පයියක් නං තියෙන්ඩ ඇති. හැබැයි පොර රජ ඩයල් එකක් නේද, ඔය දෙකම නැතත් සුවර් එකට බර කූරපයියක් නං තියෙන්ඩම ඇති, ඕවා හොයන්ඩ දැං කල් පැනලා වැඩී...... නේද නවම්!
කෙල්ල කීව කතාවෙත් වරදක් නෑනේද ? ඉර වැඩක් නැ..
ReplyDeleteබලන්න ඉරට යානයක්වත් යවතැහැකිද පරීක්ශණ කරන්න ? බැනේ.. ඉතිං ඉරෙන් වැඩක් නැ.. අන්න ඒකට හඳ ?
ඔනි ඔනි තරම් පරීක්ශණ, කැණීම් ජාති කරතැහැකි.. වලවල් හිටියත් අවුලක් නැ ඔනි තරම් ආවාට තියෙන නිසා :D
බනී,
Deleteඔය ඔක්කොම කියලා හඳගෙ අඩුපාඩු කිව්වත් ඒ ගොල්ලල කියයි,
ආවාට තිබුනත් නිසසල සඳ මත එය හරි ප්‍රියංකරයි කියලා... එතකොට මොකො කරන්නෙ?
මාර සමීක්ෂනයක්නේ පවත්වලා තියෙන්නේ. හී හී....තව කීපදෙනෙක් තෝරා ගත්තානම්, තව හොඳ, දේවල් ටිකක් අහගන්ට තිබුනානේ. අපරාදේ...
ReplyDeleteකමෙන්ට් එක ලියන්නේ ලස්සන සිංදුවට සවන් දෙනගමින්, ටිෂූ පෙට්ටියක්ම ඉවර උනා කඳුලු පිහලා...
හරි පිළිගත්තා පිරිමි ලමයි, ගෑනු ළමයින්ට හරිම ආදරේ. අපිත් එයාලට හරිම ආදරේ.
නියම පෝස්ට් එක...:D
පොකු,
Deleteඑහෙනං එච්චරයි. ටිෂු පෙට්ටියක් අපතේ ගිහිං හරි අන්තිමේ කාරණාකාරණා තේරුම් ගත්ත එකම මදැයි.
දැං මං කිව්ව විදිහට සිංදුව මොකේට හරි කවා ගත්තද, ඕන වෙලාවට ප්‍රයෝජනයට ගන්ඩ.
ඔය සමීක්ෂනේදි අහවල් මල්ලි ගෑල්ලමයි ගැන විස්තර කරන ආකාරය පින්තූරෙකින් දැම්මනං නරක් වෙලා තියෙය්.
ReplyDeleteඒක තමයි මාත් බැලුවෙ....
Deleteඅද නිකන් පාලුයි වගේ.....
බොලා දෙන්නට සිත්තර බලන්ඩ ඕන්නං සෙනසුරාදා උදේ එන එකයි මේ පැත්තෙ.... එදාටනෙ අර කිව්ව වැඩේ වෙන්නෙ..
Deleteඇත්ත තමයි බන් ගැල්ලමයි හද වගේමලු. හදේ ආවාට කියල ජාතියක් තිනවාලු. ඉරේ එහෙම ඒවා නැලු.
ReplyDeleteඔක්කොම කතා ඇත්තලු. මේක කිව්වම එගොල්ල කියයිලු, ආවාට තිබුනත් නිසසල සඳ මත එය හරි ප්‍රියංකරයි කියලා.... එහෙම කිව්වම මක්කැයි කියන්නෙ කියයලු අහන්නෙ...
Deleteලිපිය කියැව්වා........ සිංදුව අහලා එන්නම්කෝ ආයේ කථා කරන්න.
ReplyDeleteබොලේ සිංදුව මෙච්චර දිගද?
Deleteඅපිත් ගැල්ලමයින්ට අලී ආදලෙයි....
ReplyDeleteඒ බව නං කියන ස්වරෙම්ම තේරෙනවා.... පැණි බේබේබේරෙනවා වචන වල ජීව්ගෙ....
Deleteඅර නංගි හදගැන කියන හැටි චිත්තරයක් දැම්මනං නරක්වෙලා තියේ.
ReplyDeleteබොටත් කියන්ඩ තියෙන්නෙ අර ටිකමයි. සිත්තර බලන්ඩ ඕන්නං සෙනසුරාදා උදේම එනඑකයි කෙහෙල් කොටුවට. මේ සෙනසුරාදානෙ අර වැඩේ පටන් ගන්නෙ....
Deleteමේ සමීක්ෂණය ඉතාම සමබරයි. ඒක සමාජයේ නිවැරදි පැතිකඩක් නිරූපණය කරනවා. අර බනිය කියපු දේත් හරි. හඳ ගැන විතරයි පරීක්ෂනයක් හරි කරන්න පුළුවන්.
ReplyDeleteඇත්තටම දවල්ට ඉර පායන එක මහ බොරු වැඩක් කියලා මටත් සෑහෙන කාලයක ඉඳන් තේරිලා තියෙන්නෙ. මේක නවත්වන්න ක්‍රමයක් නැද්ද බන්. අපරාදේ සම්පත් නාස්සතිය. (මට හිතුණා අර හදවතක් එහෙම දාගෙන දවසක් නටන කොට මොකාට හරි එන්න හදන්නෙ කියලා)
ඇත්තටම ඉෂාර මහත්තය වගේ අය රටට සම්පතක්. ඉතිං ඒ අයගෙන් අපි වගේ අයට ලැබෙන අගය කිරීම අපිට කොහොම දැනෙනවද කියලා අමුතුවෙන් කියන්න ඕන්නැ. ඇත්තටම මම හිතාගත්තා මීට පස්සෙ කරන හැම වැඩේම සමීක්ෂණ මට්ටමෙන් කරන්න.
Deleteඇත්තටම දවල්ට ඉර පායන එකේ වැරද්දක් තියෙනවා තමා. ඒ ගැනත් මම ඉදිරියේදී සමීක්ෂණයක් කරනවා. ඒ ගැන කහටක් තියාගන්න එපා.
අයි බං මට මේක කියොපුවාම උඹ ගෑල්ලමයින්ට කනට ගැහැවුවා වගේ හැගීමක් දැනෙන්නේ..? අනේ මංදා මටනං නිකං මෙව්වයි මෙව්වයි වගේ..දැන්නවනේ ඉතිං මංනං ඔය ගෑල්ලමයින්ට මල්වලට වගේ සලකන්නේ කියලා...
ReplyDeleteසින්දුව ගැනනං කියන්න වදන් නැහැ..කොහොමත් මං ආසම ගායකයෙක් ශාලිත කියන්නේ...
මාරයා, දැනෙන දේ විශ්වාස කරපං....ඔය ගැන මට මෙතන කියන්ඩ බෑනේ :D:D:D:D:D
Deleteඕ අපි හැමෝම ගැල්ලමයිට සලකන්ඩ ඕන මල් වලට වගේ තමා. ගල් වලට වගේ සැලකුවොත් තැලෙන්ඩ තියෙන ඉඩකඩ වැඩිනෙ.
සිංදුව ගැන නං කවර කතාද!
ගල් වලට උනත් ගානට සලකපුවාම තැලෙන්නෙ නෑ
Deleteම්ම්ම්... ලස්සන සින්දුවක් වගේ ම ඇත්ත කතාවක්! ඵල ඵල !
ReplyDeleteස්තුතියි යාලුවේ.... ඇත්ත කියන්ඩයි බිම ඉඳගන්ඩයි මොකටද බය වෙන්නෙ නේද? (හැබැයි බිම ඉඳගත්දි හොඳට බලලා ඉඳගන්ඩෝන. නැත්තං කූඹි කනවා)
Deleteතව මේ වගේ කීපදෙනෙක් හිටිය නම් මේ සමීක්ෂනේ ඔය ලොකු ලොකු තැං වලට යවලා ජනමතයක් ඇති කරන්න පුළුවන් වෙයි. සින්දුව නම් හරිම ලස්සනයි...
ReplyDeleteරූ,
Deleteමේවා ඉතිං එහෙම ආවට ගියාට කරන්ඩ පුලුවන් වැඩ නෙමේ. ඉහලට ගෙනියන එක හරි සිරුමාරුවට කරන්ඩෝන... අර ඕගොල්ලන්ගෙ නංගිගෙ චක්කර පාඩම වගේ තමා. ගැස්සුනොත් වියරයි.
හපොයි බුද්ධිට පොඩ්ඩක් ටැපලිලා වගේ..ඒ මම නෙවි..මියුරුගෙ නංගි තමයි මීටරේ දාලා චක්කරේ කටපාඩම් කලේ..හික්ස්..
Deleteඑක්කො කමක් නෑ..මේ පෝස්ටුවත් බලන්නකෝ..
http://ru-sirini.blogspot.com/2011/11/blog-post.html
ලස්සන සිංදුව. ඇත්තමයිනේ, දවල්ට ඉරපායලා අහවල් දේකටද දවල්ට කොහොමත් එලියනේ. හිනාවෙලා පනගියා. හෙක්... හෙක්...
ReplyDeleteඒකනෙ වෙද මහත්තයො, මේවට උත්තර හොයන්ඩ නං හොඳවයින් ගෝක්ෂුර ගුලියක් දෙකක් ගහලා ඉන්ට වෙයි මයෙ හිතේ
Deleteබුද්ධියා මෙදා පාර ලොවෙත් නැති කෑමක් කන්න යන්නෙ ගෑල්ලමයින්ගෙන්..?? මැරියන්ටවත් බේරගන්න පුළුවන් වෙයිද මන්දා..!! :)
ReplyDeleteසික් විතරක්! බොලාලා ගැන විස්වාසෙ තියලා වැඩක් පටන් ගත්තට අපිට ගහලා මදි.....
Deleteඋඹ මේ බණ කතා කොරනවා.. ඇයි යකෝ මම පණ බේරගෙන ඉන්ට එපායැ සේරටම කලින්..!!
Deleteසමික්ශනේ කෙසේ වෙතත් සින්දුව ට නම් ගොඩා ආ ආ ක් ආසයි... :D
ReplyDeleteඒ කියන්නෙ සමීක්ෂණේ හොඳ නැද්ද අයියෝ...!
Deleteඅපි දන්නෙ නෑ ඕව.. ඊළඟ පෝස්ට් එකේ යූරෝ දෙකේ වීරය යූරෝ වීරය වෙලා ඉඳියිද දන්නෙ නෑ...
ReplyDeleteහැබෑටම ඇයි මේකෙ චිත්‍ර කෑල්ලක් නැත්තෙ?..
ඒ කියන්නෙ සමීක්ෂනෙන් පස්සෙ දෙක හැලෙයි ද? හපොයි.
Deleteසිත්තර දාන්නෙ සෙනසුරාදා. සිත්තර බලන්ඩ ඕන්නං එදා උදේම එකඑකයි ඇත්තෙ කෙහෙල්කොටුව පැත්තට
ඉරෙන් මොකද්ද ඇති වැඩේ. හඳනෙ ලස්සන. හෙහ් හෙහ්
ReplyDeleteඒකනෙ කියන්නෙ. ඉරත් පැව්වනං ඉවරයි රෑටම. ඇත්තට රෑට ඉර පෙනෙයිද තියෙන කලුවරට
Deleteඔව් ඔව් ගෑල්ලමයින්නම් හඳ වගේම තමයි. මොකද සෑම මාසයකටම වරක් චක්‍රයක් නිමා කරනවලුනේ. :D
ReplyDeleteඉර ඒ අතින් හොඳයි නේද මසං. නිශ්චලව ඉන්නවනේ මොනා නැතත්
Deleteloweth na =))
ReplyDeleteLowi gaheth Na = ))
Deleteහික්ස්
ReplyDeleteරමා සීතා බ්ලා බ්ලා...........................
අපොයි මුන් ටික කවුරු හොය ගත්තද මන්දා...:D:D:D:D
සිංදුව නම් මම කැමතිම සිංදු සැට් එකෙන් එකක්
සැට් එක පරිස්සමට.... සිරෙන්ඩ ඉඩ තියෙ...එහෙම උනොත් සිංදු කැඩි කැඩි ඇහෙන්ඩ ගනී :p
Deleteඅනේ දන්නවනම් මේ සමීක්ෂණයට මාත් එනවනේ . පිරිමි ලමයිගෙ හොඳ කියල තියනව මදි වගේ .
ReplyDeleteඒකනෙ ගිම්හානී,
Deleteඔයාට තිබුනේ අපේ අගේ කියලා හතර පදයක් ගැටගහන්ඩ අපරාදේ....
අපොයි ඔය ගිම්හානි අක්ක නම් හොඳකට නෙමෙයි ලෙස්ති වෙන්නේ.
Deleteඅර ගෑල්ළමය කියල තියෙන්නේ සහතික ඇත්ත නේන්නම්...
ReplyDeleteගැණු ළමයි කියන දේවල් ඔක්කොම සහතික ඇත්ත තමා. හැබැයි සහතික හොදේ.
Deleteමේ වගේ වැදගත් පරීක්ශන කරලා මේවා එලියට දෙන්න ඕනාමයි,,බලන්න කොච්චට වැදගත්ද කියලා
ReplyDeleteඒකනෙ. වැදගත් මිනිස්සුන්ට විතරයි, වැදගත් දේවල් පේන්නෙ
Deleteඇත්තටම ගැල්ලමයි අපිගැන හිතන් යින්නෙ එහෙමද???
ReplyDeleteඅද මම දෙකෙන් එකක් බේරගන්නම්කො උන්දැ එක්ක....
අසේල... හොව් හෝව්, කලබලවෙන්ඩ එපා. එහෙම හිතනවනං උන්දැ ඉස්සරහා සිංදුව කියන්ඩ... ඔක්කොම දෝස නිවාරණයි.
Deleteඅඩේ මාවත් නිකන් මෙව්වා වෙලා ගියා ..... කොල්ලො ගල් වගේ තමා හැබැයි ඔය ගල් අතරෙ කලු ගල් වගේම දියමන්තිත් තියනවා කියලා ගැල්ලමයි මතක තියා ගත්තොත් හොදයි ............ ඇයි වැලි ගල් එව්වා යි නං නම කොටන්ඩ යන්ඩ එපා මකලා ආයේ ලීව හැකි...........
ReplyDeleteමට කියන්ඩ දෙයක් ඉතුරු කරලා නෑ. සමීර ඔය කියලා තියෙන්නෙ නිල් කැටේටම
Deleteදැන් බලන්න පිරිමි ළමයි කොච්චර නම් ගෑල්ළමයිගෙන් ආදරය ඉල්ලනවද....? ඒත් ඒ ගොල්ලෝ බෑ කියනවනේ....! ඒකෙන්ම තේරෙන්නෙ නැද්ද ගෑල්ළමයිද පිරිමි ළමයිද වැඩිය ආදරේ කියලා...!
ReplyDeleteපිපුණු මලක - මගේ ප්‍රියතම සින්දුවක්. ඒකෙ තියෙන ළයාන්විත බව හරිම සුවිශේෂියි. විශේශයෙන්ම බූට් එකක් කාල ඉන්න වෙලාවක මේක ඇහුවොත් සොරි තමයි...!
(මේ තියෙන්නෙ මේකෙ දෙවනි රෙකෝඩින් එක. මේකෙ පළැවෙනි රෙකෝඩින් එක මීට වඩා ලස්සනයි. )
ඔය තියෙන්නෙ දුමියා උදාහරණ. ගැල්ලමයි මේවා දැක්කනං ඒ ගොල්ලන්ට ඇඩෙයි. අපි ගැන හිතිලා.
Deleteපිපුණු මලක විතරක් නෙමේ ශාලිත මහත්තයගේ සිංදු ඔක්කොම කොර! මේක තමා මා ළඟ තියෙන්නෙ. ඇරත් වෙනසකට එක්ක මේ දවස් වල මම අහන්නෙ අලුත් එක :D
දුමියා දන්නවනං කියහංකො බං ශාලිතගෙ ඔරිමජිනල් රෙකෝර්ඩින් ටික හොයාගන්න තැනක්.. මා ගාවත් තියෙන්නෙ ඔක්කොම අර ඔක්ටපෑඩ් නාවපු වර්ශන්ස් ටික..
Deleteබුරා, ඔක්ටපෑඩ් කියද්දි මතක් උනේ උඔ දන්නවද කටින් ඔක්ටපෑඩ් ගහන්ඩ.....
Deleteකටින් විසිල් ගහන්න විතරයි බං දන්නෙ.. ආ ඩ්‍රම් ගහන්නත් පුළුවන්..
Deleteඇත්තටම කියනවනම් මට ඇල්ලුවෙ සිංදුව
ReplyDeleteශික්....අපරාදේ මම ටයිප් කරපු ටික
Delete:D
Deleteකතාවනම් සම්පූර්ණ ඇත්ත.. කොච්චර හොද කලත් වැඩක් නෑ..
ReplyDeleteඒ උනාට අතඅරින්ඩ එපා..... ට්‍රයි ඇන්ඩ් ට්‍රයි වන්ඩේ යූ කැන් ෆ්ලයි.... මේ සිංදුව දීලවත් ට්‍රයි එකක් දීලා බලන්ඩකො.. දිනේශ්
Deleteමල්ලි බබාලයි නංගි බබාලයි දෙගොල්ලොම ශෝයි
ReplyDeleteචානක පුතා, නියම උත්තරේ දුන්නා.... කෝ ගමන්ඩ මෙයාට අප්පුඩියක් හැමෝ...ම එකතු වෙලා........
Deleteසහතික ඇත්ත මම නම් දකින්නේ ගැහැණු ලමයි තමයි ආත්මාර්ථකාමිත්වයේ උල්පත....සමීක්ෂණයට ජයවේවා අයියේ
ReplyDeleteගැමියා, එහෙම අයත් ඉන්නවා තමා. මම නැයි කියන්නෑ. හැබැයි කාලෙකදී ආත්මාර්ථකාමිත්වයේ උල්පත ම ආදරයේ උල්පත වෙනවා. ඒකට ඉතිං අපිව ඕනෙම වෙනවා... නැද්ද මං අහන්නෙ.
Deleteඕක මෙහෙමයි එක එක පුද්ගලයන් එක්ක බැලුවම විවිධාකාරයි නානාප්‍රකාරයි විපිරියාසයි. ඒ ගැන හරියටම කියනවනම්...!!
ReplyDeleteසහන් උඔගේ ඔලුවටත් හරි පුදුම අදහස්නෙ එන්නෙ නේද? මොනා නැතත් උත්තරෙනං පංකාදු පහයි.
Deleteවැඩක් නැහැ බං, මුංට කොච්චර ආදරෙයි කිව්වත් පිලිගන්නෙ නැහැනේ...
ReplyDeleteඇඬෙනවා....
අනේ පව්!!! :D
Deleteපව් තමයි....
Deleteමේක කොල්ලන්ට කෙල්ලන්ට ලියපු එකක්නෙ, ඒ වුනාට කියවල නං බැලුව. කියන්ඩ දෙයක් තාම හිතට ආවෙ නැහැ.
ReplyDeleteඔන්න ඕකනෙ ඔබා මාමේ කියන්නෙ, ඕගොල්ලං පොඩ්ඩ ඇත්නං මානසිකව ඇඳවැටිලා කකුල් කඩා ගන්නවා කියලා. ඔයා ඇවිල්ලා සදාකාලික තරුණයා නෙව. ඉතිං ඔයා ඇවිදිං කියෝලා හැරිලා බලලා යන්නැතුව පොඩි ආශ්වාදජනක කමෙන්ට් එකක් දාලා යන්ඩෙපැයි.
ReplyDeleteඅම්මපල්ලා ආයි මේ වගේ කතාවක් කිව්වොත් මම මේ පෝස්ට් එකම ඩිලීට් කරලා දානවා. ඔබාගෙ හිත රිද්දලා ලියන බ්ලොග් මොකටද?
කෝ මේ Subscribe by email උඩ ක්ලික් කරලා ගිය තරුණ, තරුණියො.... ඔබාට කියන්ඩකො එයා තාම තරුණයි කියලා, මේ වගේ පෝස්ට් දැකලා මානසිකව මෙව්වා වෙන්ඩ එපායි කියලා...
поддак намила хитија нан поди аатхал екак дена тхибба хе.... ..хе ..
Deleteඔබා අයියා ඒ පාර රුසියන් බාසාවෙනුත් කතා කරනවා.. ආන්න බලාන්ට පිංවතුනි ප්‍රතිභාව.. :)
Deleteගෑල් ළමයා කියලා තියෙන්නේ ඇත්ත. ඇයි හත්දෙයියනේ හඳ උනත් බැබලි බැබලි ඉන්නේ ඉරෙන් එන එළියෙන්නේ..
ReplyDeleteඅන්න ඒකනෙ කියන්නෙ... මේ ගොල්ල ඉන්නෙ යථාර්ථයෙ නෙමෙයි. මායාවක. නැද්ද මං අහන්නෙ :D
Deleteමොනාද මේ කතා පුතා.. ඔබා අයියා ඉතිං වයස 70වේ තරුණයා නේ.. බලාන්ටකෝ පර්ෆෝමන්සස් එහෙම, ගන්නෙම සිල්ඩෙනෆිල්, අහන්නෙම ලොකු කරලා දෙන්ට.. දැන් ඉතිං ඔය ළමායි කියනව නෙවෙයි 'ඔබා අයියගෙ නාකි විසේ' කියලා එහෙම.. :)
ReplyDeleteගෑල්ලමයි කපටියි නරිච්චියෝ වගේ, පිරිමි ළමයි අහිංසකයි මුව පොව්වෝ වගේ!
ReplyDelete(ඉහත අදහස සමස්‍ථය ගැන නොවේ බහුතරය ගැනයි :D)
වරහන් අස්සෙ තියෙන වඩන වල බර බොල....
Deleteමේ ප්‍රතිචාරය මම එක පාරකුත් දාලා බහිරවයා ගිලපු එකක්.
ReplyDeleteමෙන්න තව ඉන්ටව්යු එකක්.
කාලය: බැඳපු අලුත.
අවස්ථාව: එක්කෙනෙකුට උණ:
දෙබස හෝ එක්බස: "දැන් ඔයාට කොහොමද රත්තරං. (විනාඩි දෙකෙන් දෙකට පිටි අල්ලෙන් උෂ්ණත්වය පරීක්ෂා කර බලයි) අපි යමු ඩොක්ට ලඟට. නැගිටින්නකො. අනේ නැගිටින්නකො. මම අයියටත් කෝල් එකක් දුන්නා."
කාලය: ටික කලකට පසු.
අවස්ථාව: එක්කෙනෙකුට උණ:
දෙබස හෝ එක්බස: "මනුස්සයො උණ නං ගිහිල්ල බේත් ටිකක් ගන්නවකො . නිදා ඉඳලා හරියනවයැ. මට බය අර පොඩි එකාට කොහොම හරි ජර්ම් එක දුන්නොත් පන්තිත් පාඩු වෙනවා මේ විභාගෙ කට ලඟ තියෙද්දි."
ප.ලි. මේක මේ පාරත් බහිරවයා ගිල්ලොත් ඒ බහිරවයා යුරෝ දෙකේ වීරයා බව සිතා ගනිමි.
henryblogwalker the Dude
අපොයි ඇත්තටම එහෙම වෙයිද ඩුඩියො.... හිතත්දිත් කෑගහලා අඩන්ඩයි හිතෙන්නෙ
Deleteඔන්න චූටි මහත්තය මෙදා පාර නං කන්නයි යන්නේ... කෝ මේ ගෑනු ළමයි...
ReplyDeleteලස්සන සින්දුව හැබැයි... මාත් ආසම සිංදුවක්...
ඒක ඇත්ත. කන්න නං ඉතිං ගැල්ලමයෙක් ඉන්නම එපැයි.....
Deleteසිංදුව - ඒකනෙ කියන්නෙ ඕකට ඕගොල්ල කැමති නැත්තං ඉතිං වැඩක් නෑ.. කෝමද මගෙ තේරීම !
අපෝ මේකට කමෙන්ට් කරන්න බෑ...
ReplyDeleteකමෙන්ට් නොකලට කමන්නැ... ඔය ගත්තු සිංදුව ඇහෙන්ට දාහං.... ඒ ඇති
Deleteඕවා මේ කෙල්ලන්ට පැහැදිලි කොරන්න යනවට වැඩිය හොඳයි බං කට ගලක උලා ගන්නව.. අපි මේ මල් වගේ පිරිමි ළමයි.ඔය පූස් තඩියත් කියල තියෙන්නේ
ReplyDeleteඑක පාරක් හරි කියලා බලන්ඩෙපැයි... නැත්තං මේ ගොල්ල එන්නෙම මෙව්වා එකටනෙ.... බැරිම උනොත් කලු ගලක් හොයා ගමු :D
Deleteඅනේ මේ මොනවා කියනවද පිරිමි ළමයි තමයි ''ගැණු ළමයින්ට'' වැඩිය ආදරේ . එක ගෑනු ළමයෙක්ට කියලම නැහැ සේරම ගෑනු ළමයින්ට ආදරේ වෙන්න තරම් එයාලගේ හදවත ලොකුයි මෙයා ....ද
ReplyDeleteසින්දුව නම් සුපිරි . අපේ පුහුණු ආයතනයේ බැචෙක් ආව දා ඉඳල ඔය සින්දුව කියල කියල ලස්සන කෙල්ලෙක් යාලු කර ගත්තා . අපි කිව්වේ කෙල්ල කැමති වුනේ මේ කොල්ල සින්දු කියන එක නවත්වන්න ඕන හන්ද කියලයි පස්සේ කතාව ගියේ
එහෙම කමා අපි. ඹ්ගොල්ල වගේ නෙමේ. හැමෝන්ටම සලකන්නෙ එකම විදිහට. ඒකට කියන්නෙ මානව දයාව හරිද!
Deleteඅනික සිංදුව - ඕන්න ඔයාගෙ කතාවෙන්ම තේරෙනවා බින්දි අක්කා මගේ තේරිම කොහොමද කියලා. එක පාරක් කිව්වොත් සියලු රෝග නිවාරණයි
දැන් නම් කෙල්ලෝ තේරුම ගනීවි සහෝ. බොහොම පැහැදිලිව කියලා තියනවා නේ. කෝකටත් පොඩ්ඩක් පරෙස්සමින් මේ දවස් වල.:)
ReplyDeleteමේ මොනා කියනවද කස්සා. මගේ නෑනේ ඔය ඇද කේස්. කියන්ඩ තියෙන දේ කිව්වා. දැං ඉතිං මම තමුන්ගෙ ආරස්සාව තමුන්ම හොයා ගන්න ම්ටටමේ ඉන්නෙ.....:P
Deleteපොඩ්ඩක් හිතන්න වෙනවා කමෙන්ට් කරන්න කලින්.
ReplyDeleteකව්රුත් මෙයාට ඩිස්ටොබ් කරනවා එහෙම නෙමේ :D
Deleteගෑනු ළමයි පැත්තකටම දාමුකෝ . . . පට්ට සිංදුව මචෝ
ReplyDeleteපැත්තකට දාන්ඩ බෑනේ... ඔය සිංදුව අහද්දි ගැල්ලමය ඔඩොක්කුවට එනවා :D
Deleteගෑනු ළමයි මල් වගේ කිව්වම මට මතක් උනේ වෙන මල් ජාතියක්!!!
ReplyDeleteචුටි මහත්තයො, සයිබර් ලිපි වැඩ කොරන්නෙ නැතෙයි?
වෙන මල් කිව්වෙ - හිරිමල් ද :D
Deleteඅපිට එයාල නැතිව බෑ. එයාලට අපිව නැතිව බෑ.....
ReplyDeleteබොරු කියන්නේ මොකටද, මට නම් එහෙමයි. සිංදුව නම් එල.....
මට තියෙනව බොහොම චූටි පුරස්නයක් මේ බුද්ධි මහතතයගෙන් අහන්න... මෙම් සමීක්ෂණය කලේ සසම්භාවිවද? නියැඳිය තෝරගෙන ඇත්තේ සරල සසම්භාවි ක්‍රම වේදයකින්ද? නියැඳියට අඩංගු වී ඇත්තේ දෙදෙනෙක් බවද පෙනී යයි... මෙකී නොකී සියලු කරුණු සලකා බැලීමේදී මතු කියවෙන සමීක්ෂණයේ නිගමන පිළිගත නොහැකි මට්ටමක පවතින බව පෙනී යයි... වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම නිගමන අහෝසි කරන මෙන් දැනුම් දෙමි!! රිදුණු සිත් ඇත්තෝ වෙත් නම් සමාව ඉල්ලීමද යෙහෙකි!
ReplyDeleteදැන්නෙ කියෙව්වෙ.. මෙක .. සමික්ෂනය ඉතාම සර්ථකයි.
ReplyDeleteඅපි ගැහැනු ලමයින්ටත් ආදරෙයි.. එගොල්ලගෙ යහලුවන්ටත් ආදරෙයි... එක මෙ ගැහැණු ලමයින්ට තෙරුම්ගන්න තරම් ශක්තියක් නැහැ බුද්ධි අයියා.. අපි කොල්ලො කොහොමත් එල පොරවල්...
හික්ස්..මරු කතාව.....
ReplyDeleteගැල්ලමයින්ගේ හිත් ගැන නම් කතා කොරල වැඩක් නෑ අප්පා...
Habatama galulamayinge mokadda 'handa' wage?
ReplyDeleteඕව්වා ගැන හොයන්න ගන්නවා කියන්නේ කොටි වල්ගේ අල්ල ගත්ත වගේ තමා...රවුමට රවුම කිව්වම නෑ මේ කොටුවක් කියලා කියන ජාතියක් නේ ගෑනු කියන්නේ..එයාලට ඔන දේ විතරයි එයාල පිලිගන්නේ!කොච්චර ඇත්ත උනත්..කොච්චර බොරු උනත්!
ReplyDeleteගැල්ලමයි ගැන ගවේශනය පරිස්සමින් කරන්ඩ ඕනා කියලා උඹම නේද කිව්වෙ. මම නම් ඒක අකුරටම පිළිපදිනවා.. :-)
ReplyDeleteඅරෝ මේව මොකටද අයිය. කෙල්ලෙක් උනත් ඇත්ත පිළිගන්න එපාය. කතන්දරේනම් ඇත්ත. අර කෙල්ලනම් මර කතාවනේ කියල තියෙන්නෙ. ඉර පැව්වේ නැත්නම් කොයින්ද එළියක්. නේද? රට හදට එලිය දෙන්නෙත් ඉරනේ. ඒ හන්ද අපි ගැන හොයල අපිව ආදරෙන් බලාගන්න ආදරවන්තය ගැන මීට වඩා සදාරනව හිතන්න ඕනෙ.එතකොට තමි අපිට උනත් එයාලගෙ හුගක් හම්බෙන්නෙ................
ReplyDeleteඅරෝ මේව මොකටද අයිය. කෙල්ලෙක් උනත් ඇත්ත පිළිගන්න එපාය. කතන්දරේනම් ඇත්ත. අර කෙල්ලනම් මර කතාවනේ කියල තියෙන්නෙ. ඉර පැව්වේ නැත්නම් කොයින්ද එළියක්. නේද? රට හදට එලිය දෙන්නෙත් ඉරනේ. ඒ හන්ද අපි ගැන හොයල අපිව ආදරෙන් බලාගන්න ආදරවන්තය ගැන මීට වඩා සදාරනව හිතන්න ඕනෙ.එතකොට තමි අපිට උනත් එයාලගෙ හුගක් හම්බෙන්නෙ................
ReplyDeleteප්‍රතිචාර දරන්වු සියල්ලන්ට තුති!
ReplyDelete