ගිය සතියෙම කිසිම ලියමනක් දාන්න බැරිව ගියා. ඒකට හේතුව තමා මේ ලියමනේ තියෙන්නෙ.
ඒකට හේතුව විතරක් නෙමේ. වැඩක් කරන්න ගියාම එන බාධක, ඒවා පයිසෙකවටත් මායිම් කොරන්නැතුව උත්සහය, උනන්දුව, කැපවීම එක්ක වැඩේ කරලා අන්තිමේ තමන්ගෙ අරමුණට යන වීරයෙක් ගැනත් මේ කතාවේ කියවෙනවා. කැමතිනම් ඕගොල්ලත් කියෝලා බලන්ඩ.
මේ පුංචි කතාව කියෝපුවාම වීරයෙක් ගොඩනැගෙන්නෙ හරි පුදුම විදිහට නේද කියලා ඕගොල්ලන්ටත් හිතෙන්න පුලුවන්?
ඔන්න එකෝමත් එක රටක, එකෝමත් එක කාලෙක අපේ අයියලා රට ගියා. හරියටම කියනවනම් ගිය සතියෙ අඟහරුවාදා රෑ. පොඩි උන් දෙන්නවත් ඉස්කෝලා වලින් අස්කරගෙන ඒ ගොල්ල ගියෙ පදිංචියටමයි. ලොකුම හේතුව අයියයි අක්කයි දෙපැත්තෙ ඉන්න එක.
“කොච්චර හම්බු කළත් මොකටද හලෝ අපි දෙන්නා දෙපැත්තෙ නම්......” ඇයි යන්නෙ අහපුවා ම අයියා කිව්වා.
“එහෙ සංස්කෘතිය පොඩි උන්ට හරි යයිද?” මං හෙන ගොං ප්‍රශ්ණයක් ඇහැව්වා.
පස්සෙ අයියා දේසනාවක් දුන්නා. එහෙ දේසපාලෙනේ, එහෙ අපේ කලු හමට සලකන හැටි, වැඩිහිටියන්ට සළකන හැටි, බබාලා හම්බවෙන්න ඉන්න අම්මලාට සලකන හැටි, පාරවල් වල පිරිසිදු කොම, තව මොන මොනවද හෙන ගොඩක්. කොහොම හරි කිව්ව කාරණා සලකලා බලද්දි එහෙ හොඳයි වගේ.
“එතකොට ඕගොල්ල ෆxන් ඉන්ඩියන් ගණයට වැටෙන්නැද්ද!”
“පිස්සුද අපේ උන් එහෙ නම හදාගෙන තියෙන්නෙ දැං.....”
“එහෙනං මාවත් ගන්ඩකො මොනා හරි කරලා” මම තවත් ගොං ප්‍රශ්ණයක් ඇහැව්වා.
“බලමු! බලමු!!” මතක හැටියට මිනිහා ඉස්සෙල්ලාම බලමු කිව්වෙ මට වයස අවුරුදු 21 දී.
අයියලා යන්න ගත්තු තීරණෙ හදිස්සි එකක්.
ඒ හින්දා අයියලාට නෑදැ කට්ටියගෙ උදව් ඕනා උනා මෙහෙ වැඩ ටික සෙට්ල් කරන්න. සමහරු ඇවිල්ලා ගෙවල් වල බඩු අස්කරලා පැක් කලා. කොළඔ රාජකාරී වලට වෙනම මාමා කෙනෙක්. පොඩි උන්ව ඉස්කෝල වලින් අස් කෙරිලි, උන්ට එහෙ ගිහිං කියවන්න පොත් පත් රෙකමන්ඩ් කෙරිලියි බාර වෙලා තිබුනෙ අපේ අම්මට.
ඔය ඔක්කොම අස්සෙ මට බාර වෙලා තිබුනෙ පොඩි බිසිනස් වැඩක්!
ඒ තේක්ක අඩි දෙසිය ගානක් විකුණලා දෙන්ඩ. ඒ ගොල්ල ගෙදර උඩ තට්ටුවෙ දොර ජනේල් දාන්න පුත්තලමෙන් වයිරන් තේක්ක ගෙනල්ලා තිබුනා. දැං ඒ වැඩ නතර වෙලා හින්දා අඩුගානට හරි විකුණලා දෙන්න කියලයි වැඩේ මට බාර දුන්නෙ.
වැඩේ බාර දීලා දවස් දෙකකට විතර පස්සෙ අයියා කතා කරලා ඇහැව්වා “වැඩේ කොහොමද?” කියලා.
මං ඇහැව්වා “මොන වැඩේද?” කියලා. කොහොමහරි වැඩේ මගෙ අතින් අල වෙයි කියලා අයියම ඒ වැඩේට බැහැලා තිබ්බා.
හරි! ඔන්න දැන් තමා නියම කතාව පටන් ගන්න යන්නෙ. මෙච්චර වෙලා මම කිව්වෙ පෙරවදන.
මේ කතාවෙන් තමා අර මම කිව්ව කොලු ගැටයෙක් තුල තියෙන උත්සහය, උනන්දුව, කැපවීම අප්‍රතිහෘත ධෛර්යය (හරිනං තව වචන මෙතෙන්ට එකතු වෙන්ඩ ඕනැ. කතාව දිග්ගැස්සෙන හින්දා ඒවා කපලා දැම්මා.) වගේ දෙවල් මොනවට විදහා දැක්වෙන්නෙ. හරියට ඒ කාලේ ඔෂින් බැලුවා වගේ තමා මේක කියෝලා ඉවර වෙද්දි.
මේ තියෙන්නෙ ඒ කතාව.
දැං අයියලා යන දවසත් ආවානේ. ඔන්න උදේ එකොලහට විතර මට අක්කා කෝල් කලා.
“මල්ලි පුලුවන්නම් මට යූරෝ දෙකෙ කාසියක් හොයලා දෙනවද?” තේක්ක වැඩේ අල උනත් අක්කට තාම මාව ෂුවර්.
“අපෝ හොයලා දෙන්නං..... කීය වෙද්දිද ඕනැ.......” දන්නවනෙ ඒ හඬ කාගෙද කියලා.
“අද රෑ එයාපෝට් යන ගමන් ඔයාලගෙ ගෙදර එනවනෙ. එතකොට දුන්නම ඇති.”
“ආ හරි හරි...... එතකොට දැං යුරෝ දෙකක් ගන්න රුපියල් කීයක් යයිද?”
“එච්චර යන්නැ ඕන්නං රුපියල් තුන්සිය පනහක් විතර යයි”
“ආ...... එහෙමද! වැඩේ කෙරුනයි කියලා හිතාගන්ඩ........” ඒ මම.
ඔහොම කිව්වට මොකද මගේ තියෙන වැඩ රාජකාරී අස්සෙ මට ඕක ගැන මතකයත් අර මතකය වගේම මෙව්වා උනා. ඒත් මට තේරුනා මගේ ඔලුවෙ මොකද්දො බරක් තියෙනවා කියලා. ඔන්න හවස පහ විතර වෙද්දි තමා මට බර මොකද්ද කියලා තේරුනේ. ඒත් මං කල්පනා කලා සල්ලි එළකිරි ටිකට එයාපෝට් එකෙන් මාරුකරගන්ට පුලුවන් කම තියෙද්දි මේ යුරෝ දෙකක් හදිස්සියෙ ඉල්ලන්නෙ මොකද කියලා. මම හිතුවා බාරෙකට වෙන්ඩැති කියලා. සාමාන්‍යයෙන් ඒ ගොල්ල රට යද්දි බාර හාර වෙලානෙ යන්නෙ.
කොහොමහරි මම වැඩේට බහිද්දි හොඳටෝම පරක්කු වෙලා. සල්ලි මාරුකරන තැනුත් වහලා ඒ වෙලාව වෙද්දි. කරගන්න දෙයක් නැතිම තැන මම ගත්තා මැරියන්ට කෝල් එකක්. මැරියන් දුන්නැද්ද හැමදාම වගේ ඉටිකිරිස් අයිඩියා එකක්.
අපේ පුංචි ඉස්කොලේ ගාව (Star Kids English Academy - ගෙදර වගේ ලේසි විදිහට, කැමති විදිහට ඉංග්‍රිසි ඉගෙන ගන්න ඔබත් එන්න ස්ටාර් කිඩ්ස් ඉංග්ලිෂ් ඇකඩමියට :D) ඉන්න අක්කලාගෙ කට්ටියක් ඉන්නෙ රට. මැරියන් කිව්වා එයාගෙන් අහලා බලන්න කියලා. දෙපාරක් කල්පනා කලේ නෑ මම ගත්තා එහෙට.
“ඇයි මල්ලි.....”
“හෙලෝ අක්කෙ මට යුරෝ දෙකේ කාසියක් ඕනැ.....”
“මොකක්....!”
“යුරෝ දෙකක්?”
“යුරෝ දෙකක්!”
“යුරො දෙකක්..... ඕව් ඔව් ......කොල බෑ කාසියක් ඕනැ ඉක්මනට........”
“ඒ මොකටද.......?”
“මේ කෝලං කතා කර කර ඉන්ඩ වෙලාවක් නෑ......... පොඩි බාරයක් ගැට ගහන්ඩ.........තියෙයිද?”
“බාරෙකට........”
“ඔව් ඔව්...... තියෙනවද....?”
“ගෙදර ඇදලා බැලුවොත් හොයා ගන්ඩ පුලුවං වෙයි.... බාරෙකට යුරෝ......... මං ඇහැව්වමයි....”
“ඉතිං පොඩ්ඩක් බලන්ඩකො.......”
“මං පුතා ගේන්ඩ යන්නෙ දැං! ඇවිල්ලා බලන්ඩද මල්ලි.........”
“මල හත්ඉලව්වයි...... කීයටද කොල්ලා අරං එන්නෙ....”
“ හත විතර වෙයි.............”
“ෂුවර් එකට වැඩේ ගොඩ දා ගන්ඩ පුලුවන් වෙයි නේද............?”
“හරි හරි මට මතකයි දෙකේ කාසි තිබුනා වගේ...........”
දැං හතට කොල්ලා අරං ඇවිල්ලා අක්කා කිව්වොත්, “මල්ලි මාර වැඩේනෙ සල්ලියක් හොයා ගන්න බැරි උනානනෙ” කියලා. ඉවරයිනෙ! ඉතිං මං කෝකටත් හත වෙනකං වෙන ක්‍රමයක් කල්පනා කලා. ඔන්න මට තව අදහසක් ආවා.
මම ටක් ගාලා ගත්තා ගත්තා මගේ යාලුවෙක්ට කෝල් එකක්, පොර වැඩ කරන්නෙ මෙහෙ බැංකුවක. ඔන්න ඕගොල්ලත් ඉගෙන ගන්ඩලා. සුදානං සරීරෙ කියන්නෙ ඕකටයි! අරක නැත්තං මේක.
“මේ මචං මට පොඩි උදව්වක් කරහං, යුරෝ ටිකක් හොයා ගන්න පොරක් සෙට් කරපන්කො......”
“ මොකද බං මේ හදිස්‍සියෙ යුරෝ......”
“අපේ අක්කලා අද යනවා මචං”
“ආ...... පොඩ්ඩක් හිටපන්......කස්ටෙක් හිටියා ඔය එක්ස්චේන්ජ් එකක් කරන..... හිටපං මං ඌව සෙට් කරන්නං....”
“එළකිරි මචං තැංකු ආ.........”
ඔන්න මගේ ඇඟට ලේ ටිකක් ඉනුවෙ එතකොට තමා. ටිකකින් බැංකු පොර කතා කලා.
“අන්න මම අරුට කිව්වා දැං පොර උඔට කතා කරයි.........”
කියලා විනාඩියක් ගියෙ නෑ ඔන්න මං නොදන්න නම්බර් එකකින් කෝල් එකක් ආවා.
“හලෝ මේ අහවල් එක්කෙනාද?”
“ආ...... ඔව් අයියා.....” මට නිකංම් පොරට අයියා කියවුනෙ ෆෝන් එකෙන් ආපු කටහඩේ ගොරෝසු කම හින්දමයි.
“දැං මල්ලි මෙහෙමයි.... ඔයාට යුරෝ කීයක්ද ඕනෙ........යුරෝ දාහක් ගන්නවනම් මම අහවල් ගාන දාලා දෙන්නම්. එතකොට වෙන්නෙ එකයි හැටක් විතර..........”
“ඒ කිව්වෙ...”
“ඒ කියන්නෙ එක්ලක්ෂ හැටදාහක් වගේ...... යුරෝ දාහටම හොදේ......”
“............................!!!!” මේ මම මම. චචනත් නෑ කියන්ඩ. මට දෙකයි ඕනැ මිනිහා දාස්ගණන් වලින් කතාව.
“පන්සීයෙ කොල ගන්නවනම් වැඩියි....... පොඩි කොල කමන්නැද්ද මල්ලිට.......” මිනිහා එහෙනං විස්තරේ දෙනවා ඕසෙට.
“මෙහෙමයි අයියා........... මට එච්චර ඕන්නැ..... පොඩි ගානයි ඕන කරන්නෙ.........”
“යුරෝ පන්සීයට අඩුනම් මලේ අහවල් ගාන තමා.... මං කිව්වෙ අඩු වෙද්දි ගාන නගිනවා..... හරි මල්ලිට දැං කීයක් විතරද ඕන කරන්නෙ.......?”
“මේකයි අයියා.... මට යුරෝ දෙකේ කාසියක් තිබ්බනං හොඳමට ඇති..............” මං ෆෝන් කෝකටත් කනෙන් ටිකක් ඇත් කරලා කිව්වා.
“ආ..... එහෙමද මල්ලි! එහෙනං ඔය රට ගිය කෙනෙක් ඉන්න ගෙදරකින් අහලා බලන්ඩ හොයාගන්ඩ බැරි වෙන එකක් නෑ. හරි එහෙනං මං තියන්නං මල්ලි ගුඩ් නයිට් හොඳේ....!”
කොහොමහරි ඒ වැඩේ ඒ විදිහට අල උනා. පස්සෙ මම ආය අර අක්කට කෝල් එකක් ගත්තා. බලන්ඩකො කොල්ලගෙ කැපවිම නේද!
“අක්කෙ වැඩේ මොකද?”
“මල්ලි යුරෝ නං නෑ..... ලීරා හරියන්නැද්ද? ලීරා වලින් හදමු යුරො දෙකක්........”
“ඕකනෙ කියන්නෙ අක්කෙ.... දැං පණ්ඩිතතකමට කිව්වෙ තියෙනවා කියලා.......සල්ලි අහුරු අහුරු තියලා කොහෙද අනේ බාර බඳින්නෙ....... ඒ කියන්නෙ දැං නැද්ද!”
“තිබුනා තිබුනා........හදිස්සියෙ හොයාගන්ඩ බෑ... එක්කො කලින් කියන්ඩපැයි.....!
“............?” මම මම.
“පොඩ්ඩක් ඉන්ඩ මං තව ටිකක් බලන්නං......”
ඔන්න බලන්න පින්වතුනි මෙච්චර විදේශ විනිමය තියන රටේ ඕනැ වෙලාවට යුරෝ දෙකක් නෑ හොයාගන්ඩ.
ඉතිං මං සියලු දෙවි දෙවතාවුන් සිහිකරලා උන්නාන්සෙලාට කිව්වෙ මේ අක්කගෙ ඇස් දෙකට යුරෝ දෙකක් පෙන්නුම් කොරන්ඩ කියලා. ඔන්න ටිකකින් කෝල් එකක් ආවා.
“මල්ලි වැඩේ මොකද කරගත්තෙ.......?”
“මොනා වෙන්ඩද ගෙදර යන්ඩ බැරිකමට හංදියෙ ඉදං “දෙකේවඩේ” කනවා. ඇයි අහන්නෙ.........?”
“ එහෙනං කනවා..... කාලා පුලුවන් උනොත් ගෙවල් පැත්තෙ ඇවිල්ලා මේක අරං යනවා..........”
“ඒ කිව්වෙ හම්බුනාද අක්කෙ..........”
“හම්බුනාද? ......................මීක් මීක්.”
අන්න බලන්ඩ පින්වතුනි උත්සහවන්තයා ජයගත්තු හැටි. “ට්‍රයි ඇන්ඩ් ට්‍රයි වන්ඩේ යූ කැන් ෆ්ලයි” කියලා රාවණා රජ්ජුරුවො ගැන දන්නැති සුද්දොත් කියලා තියෙනවා කියලා ඕගොල්ල අහලා තියෙනවනේ නේ!
කොහොමහරි අක්කලා අපෙන් සමුගන්න ජාමේ එකට විතර ගෙදර ආවා. මම යුරෝ දෙක දීලා ඒ ගොල්ලන්ට “හෑව් අ සේෆ් ෆලයිට්!” කිව්වා.
අන්තිමේ දී හැමදේම හොඳ අතට හැරුනා. උත්සහය, උනන්දුව, කැපවීම අප්‍රතිහෘත ධෛර්යයෙන් වැඩකරලා යුරෝ දෙකක් හොයාගත්තු හින්දා මමත් වීරයෙක් උනා!
නිමි.
ප/ලි
මේ තියෙන්නෙ එදා සිදුවෙච්ච, ඔය කතාවට කෙලින්ම අදාල නැති දේවල්. ඒවා වැදගත් නැති හින්දා මම කපලා දැම්මා.
01. අපේ අක්කා ඇවිල්ලා යුරෝ දෙක ගද්දි “මල්ලි කීයක් ගියාද?” කියලා ඇහැව්වා. මම අක්කට හොඳවයින් දෙකක් කතා කරලා “අපිව නිකං දෙකේ කොලේට නොදා මේක ගන්ඩ......” කියලා ලොකු ටෝක් එකක් දුන්නා. ඒත් අක්කා රුපියල් තුන්සිය පනහක් ඇදලා ඒ සල්ලි ටික මේසෙ උඩ තිබ්බ, මගේ පර්ස් එක යටින් තිබ්බා. මම ඒක දැක්කෙ නෑ වගේ හිටියා. ඒ ටික මම කපලා දැම්මා. මොකද ඒ කොටසින් මගේ චරිතෙට මෙව්ව එකක් වෙන්ඩ ඉඩකඩ වැඩි නිසා.
02. අන්තිමට මම ඇහැව්වා “ කොහෙටද මේ යුරෝ දෙක ගැටගහලා බාර වෙන්ඩ යන්නෙ” කියලා. අක්කා කිව්වා “මොන බාරද මල්ලි, මේක අරං යන්නෙ එහෙං බැස්සම ට්‍රොලියක් ගන්න. එහෙං ට්‍රොලි ගන්න යුරෝ දෙකක් හොයාගන්න තියෙන අමාරුව දන්නෙ ගිය කෙනෙක් විතරයි” කියලා. අන්න ඒ වෙලාවෙ මට අක්කලාගෙ වීසා එම තැන කැන්සල් කරලා දාන්ඩ හිතුනා. ට්‍රොලි හුචක්කුවක් හින්දා මට දුන්නු වදේට. ඉතිං මං සම්පුර්ණ විස්තරේ කිය කියා හොඳට දෙහි කැපුවා. ඇයි ඕන්නං ඒ ගොල්ලන්ට තිබ්බනෙ මාව රස්තියාදු නොකර යුරො දෙක මෙහෙ එයාපෝට් එකෙන් හොයාගන්ඩ. ඒත් ඒ ඔක්කොම අහගෙන ඉදලා “හරි හරි ඔයා ඉතිං වීරයානෙ. එකනෙ අපි ඔය වගේ අමාරු වැඩක් ඔයාටම දුන්නෙ.....” කියලා කට්ටියම මහ හයියෙන් හිනා උනා. ඉතිං ඒ ටිකත් මම කපලා දාලා ඒ වෙනුවට මම “හෑව් අ සේෆ් ෆලයිට්!” කියලා සුබ පැතුවයි කියලා දැම්මා. පස්සෙ “උත්සහය, උනන්දුව, කැපවීම අප්‍රතිහෘත ධෛර්යයෙන් වැඩකරලා යුරෝ දෙකක් හොයාගත්තු හින්දා මමත් වීරයෙක් උනා!” කියන කෑල්ල මම අතින් දාලා කතාව ලස්සනට ඉවර කලා. ඇරත් මගේම කතාවෙ මොකටද මට ලැජ්ජා හිතෙන දේවල් දාන්නෙ.
03. අර මම කෝකටත් කියලා බැංකු යාලුවට කතා කරලා හෙන මෝරෙක් එක්ක කතා කලා මතකද? පොර කොල් එකෙන් ලොකු ටෝක් දෙද්දි මම කිව්වනේ “මට ඕනැ යුරෝ දෙකයි” කියලා. එතකොට පොර කිව්වා කියලා මම කිව්වෙ, “ආ..... එහෙමද මල්ලි! එහෙනං ඔය රට ගිය කෙනෙක් ඉන්න ගෙදරකින් අහලා බලන්ඩ හොයාගන්ඩ බැරි වෙන එකක් නෑ. හරි එහෙනං මං තියන්නං මල්ලි ගුඩ් නයිට් හොදේ....!” කියලා. ඇත්තට එතන උනේ ඕක නෙමෙයි.
මේකයි,
මම කිව්වා, “මේකයි අයියා.... මට යුරෝ දෙකේ කාසියක් තිබ්බනං හොඳමට ඇති..............” කියලා.
ඒක කිව්ව ගමන් ඒ පැත්තෙ කිසිම සද්දයක් නැතුව තත්පර ඕන්නං තුනක් තියෙන්න ඇති.
“එහෙම ද මල්ලි.... අපෝ කලින් කියන්ඩ එපැ... මල්ලි මගේ කාලෙත් කාලා ඔයාගේ කාලෙත් කා ගත්තා. දෙකේ කාසියක් ඕන්නං ඔය රට ගිය ගෙදරකින් අහලා බලන්ඩකෝ... ඒ ගෙවල් වල පොඩි උන් බට්ට පනින්නෙත් දෙකේ කාසි වලින්....... මීක්.....මීක්........”
ඔන්න විනාඩියක් යන්න කලින් ආය කෝල් කලා බැංකු යාලුවා.
“මොකද්ද බං කර කලේ..........”
“ඇයි......”
“තෝ මාවත් එක්ක කෑවා”
“ඉතිං උඔ මොකටද බං ඔච්චර තඩි මෝරෙක් සෙට් කලේ................ මට යුරෝ දෙකයි ඕනැ... හික් හික්.......”
“දෙකක් නං මට කතා කලේ කාලකණ්නියො.....”
“උඔට කතා කලේ මාරු කරගන්ඩ යන්ඩ වෙන හින්දා...... මං හිතාගෙන හිටියෙ උඔ ගෙදර යද්දි උඔ ලව්වා දෙකේ කාසියක් ගෙන්නගෙන උඔට සල්ලි දෙන්ඩ.......”
“උඔ හිතුවද අපේ බැංකුවෙ හවසට තෝස විකුණනවා කියලා.... මම රෑ වෙනකං වැඩකරන්ඩ........”
“හරි හරි බං... මට ඕක හිතුනෙ හවසනෙ.......කොහෙද තෝ යුරෝ කිව්ව ගමන් එලෝ මෙලෝ නැති වෙලානෙ ෆෝන් එක කට් කලේ..............උඹත් හොඳ කොමිස් කුට්ටියක් කපා ගන්ඩ ඉන්ඩැති නේද.......... හික් හික්......”
“කොමිස්....... තෝ ආය මොකක් හරි උදව්වක් ඉල්ලපන්කො බලන්ඩ මූසලයා....”
ඔය ඔක්කොම මම කපලා දැම්මා. ඒ ටිකෙන්ම මට මෙව්වා එකක් වෙනවා ඇරෙන්ඩ කතාවෙ හරයට කිසිම මෙව්වා එකක් වෙන්නැති හින්දා. අනික තෝ, කාලකණ්නියා, මූසලයා, කොමිස් වගේ වචන වීරයෙක් ගැන කියවෙන කතාවට කොහොමත් ගැලපෙන්නැනේ.
04. ඕගොල්ලන්ට මතකනෙ අර යුරෝ දෙක හොයලා දුන්නු අක්කා. එයාගෙන් මම ඒක ඉල්ල ගන්න ගිය වෙලාවේ මමත් ඇහැව්වා, “අක්කෙ ගාන කීයද කියලා?” අක්කා මට හොඳවයින් දෙකක් කතා කරලා “දැං එහෙමයි වැඩේ යන්නෙ නේ.... ගාන කීයද නේ...මෙතන මහන්සියෙන් හොයලා දුන්නා මදිවට ගානත් අහනවා.....දෙනවා මෙහෙට ඔය කාසිය... ගිහිං හොයාගන්නවා සල්ලි දීලා ගන්ඩ පුලුවන් තැනකිං” කිව්වා. ඒ ටිකත් මං කැපුවා. මොකෝ නැත්තං මුලු කතාව පුරාම තියෙන්නෙ මං බැනුම් අහපුවා විතරනෙ. වීරයො කවදද බැනුම් ඇහැව්වෙ.
ප/ප/ලි-
සමහර කෑලි කපල, සමහර කෑලි අතින් දැම්මම කතාව ලස්සනට ආවා. ඉතිං මම තමයි නියම වීරයා. නැද්ද මං අහන්නෙ?
වීරයා තව පොඩ්ඩෙන් දෙකේ කොලේට වැටෙනව නෙව!! :D
ReplyDeleteඊට පස්සෙ හොයලා බැලුවද, ඒ යුරෝ දෙකෙන්මද කට්ටිය එහෙදි ට්‍රොලියක් සෙට් කර ගත්තෙ කියලා..? :-o
ReplyDeleteනියම වීරයෙක් තමා.දුමී කියනවා වගේ අමතක වීමේ රෝගය ඔයාටත් තියෙනවාද?
ReplyDelete'ඒ ගෙවල් වල පොඩි උන් බට්ට පනින්නෙත් දෙකේ කාසි වලින්' ඒකනං නියම කෑල්ල.
ReplyDeleteදැන් අක්ක ඔය දෙකේ කාසිය අරන් ගියේ එහේ බට්ට පනින්නද?
ශාහ්... එල කතාව.. අපිට උනත් ඕන්න ෆොරිං කාසි ටිකක් ඕනි උනොත් හොයා ගන්න ලේසි ක්‍රමේ..
ReplyDeleteඅම්මෝ පුදුම අමාරුවක් විදලා බැනුම් ගොඩක් අහලා කෝමහරි යූරෝ දෙක හොයාගත්ත නිසා බුද්ධිත් වීරයෙක් තමා. හික් හික් :)
ReplyDeleteඑල එල... අයිය තමයි වීරය ;)
ReplyDeleteකථාව එලම එල--පසු කතාව ඊටත් වඩා එල...යුරෝ දකට මෙව්ව උනා නම් 10 ට විත එව්වයි මෙව්වයි දෙකම වෙන්න තිවබ්බ නේද
ReplyDeleteඅනිවා ඔයවගේ වීරයෝ වෙන කොහෙද ඉන්නේ
ReplyDeleteහැබෑ වීරයෙක් නේන්නම් බලාගන ගියාම. කතාව මැදක් යනකොට මට හිතුනේ 'යුරෝ' වගේ වෙන වචනයක් තමයි කියන්ට ඇත්තේ, හැබැයි ඇහෙන්ට ඇත්තේ 'යුරෝ' කියලා.
ReplyDeleteඔය ට්‍රොලිවලට කාසි හොයන එක හරි අමාරු වැඩක් නම් තමයි. ඒත් අක්කට කියන්ට තිබුනේ අය්යා ලංකාවට එන්ට කලින් සල්ලි ටිකක් මාරු කරගෙනම එන්ට කියලා.
මැරියන්ගේ අයිඩියාසුත් නරකම නෑනේද?
දැන් ඉතින් හැබෑ වීරයෙක් වගේ අර ගෙවල්වලට ඇවිත් ගත්තයි කීව පින්තූරු ටික පබ්ලිෂ් කරන්ටකෝ....
මචං ඇයි මේකට උඹ අදින ලස්සන පින්තූරයක් දෙකක් නොදැම්මේ. ඒවත් දැම්මනම් කොච්චර ලස්සනක් තියේවිද?
ReplyDeleteගානක් නෑ අර කෑලි කැපුවට කතාව හොඳට ඇවිත් තියෙනවා, මෙහෙත් ඔය සමහර කඩ සාප්පු වල දිරාම් එකේ කාසියක් නැතුව ට්‍රොලියක් ගන්න බෑ. ඉතින් කඩ ඇතුලෙදි කවුරුවත් ට්‍රොලිය අත හරින්නෙත් නෑ වැරදිලාවත්. අක්ක දීපු සල්ලි වලින් වඩේ කන්න ඇති නේද දුකටත් එක්ක??
ReplyDeleteමදෑ මූට මං වැඩක් බාර දෙන්න හිටියා...
ReplyDeleteයුරෝ දෙකේ කතා වස්තුව.....
ReplyDeleteඔව් ඔව් ඔයා විරයා.. ඔයා සුපර්ස්ටාර්.. :P
ReplyDeleteහප්පේ පොඩි එකෝ උඹටත් වෙන වැඩ. ඔය වගේ ඒවා වෙන එවුන්ටත් වෙනවා නං ඇති ඕනෙ තරං, ඒ වුනාට මේ විධියට වැඩ කිඩ දාල ලියවෙන්නෙ උඹ වගේ එකෙකුට උනාම තමා. ඒ නිසා මගේ එකම පැතුම බොට දිනපතා මෙවැනි අල කලංචි සිද්ධ වේවා.....!!! කියල.
ReplyDeleteයකෝ මූ මටත් වඩා දත් දොස්තර වෙලාද? අර මැදින් දාලා තිබ්බ ඇඩ් එක කාටවත් ඇහැ ගැහිලා නැති හැටි....
ReplyDeleteඇත්තටම බුද්ධියෝ යුරෝ 2ක් හොයන්න පුදුම අමාරුවක් තමා තියෙන්නේ,,පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා ඔය ට්‍රොලියක් හොයන්න,,,මෙහෙම දෙයක් තියනවා ඔය යුරෝ දෙක දාන්නේ මිනිස්සු හැමතැනම ට්‍රොලි දාලා යන එක නවත්තන්න,,,මොකද යුරෝ 2 ආයේ ගන්න පුලුවන්,ට්‍රොලිය නියම තැනින් තියලා,,,
ReplyDeleteඅක්කට කියපන් යුරෝ 2 ආයේ එවන්න කියලා,,ඕවා සිහිවටන
එලකිරි..මචාං......
ReplyDeleteඉන්දරේගේ බුද්ධියට ගෝචර වෙන ලියමනක් වගේ මෙදා පාර මම ලියලා තියෙන්නෙ. කාලෙකට පස්සෙ කමෙන්ට් කරලා තියෙන්නෙ. හොහ් හොහ් හෝ....
ReplyDelete..................
ඩී,
මං හිතන්නෙ එක අරං තියාගන්ඩැති මාව මතක්වෙන්ඩ. මොකෝ ඒක එසේ මෙසේ යුරෝ දෙකක් යෑ.
..............
නිසුපා,
අනේ මේ මොනවා කියනවද. දුමියගේ පෝස්ට් එක කියෝලා කමෙන්ට් කරන්න හිටියට මට ඒක අමතක උනානේ. පස්සෙන්දා තමා කමෙන්ට් කලේ .
............
ප්‍රසන්න,
සමහර විය අක්කා පනින එකක් නෑ. පොඩ්ඩො පනියි.
..............
Weni,
ෆොරින් කාසි හොයලා දෙන්නං. වෙලාසන කියන්ඩ වෙයි.නැත්තම් මෙතන මට තව කතාවක් ලියන්ඩ වෙයි. හිකිස්
................
මධුරංග,
වීරයෙක් වෙන්ඩත් ලේසි නෑ නේද?
..............
ශාථණ්,
ස්තුතියි වීරයා කිව්වට
.............
මයියා,
අනිවාර්යෙන්. අපේ පැත්තෙ ඉන්නවා යුරෝ හොයන්ඩ ගොහිල්ලා එව්වයි, මෙව්වයි දෙකම වෙච්ච කට්ටිය.
.................
මහිම,
අනේ ස්තුතියි වීරයා කිව්වට. එහෙම නේද කියලා තියෙන්නෙ.
................
පොඩ්ඩි,
මොකද්ද යුරෝ වගේ අනිත් වදන......ශිථාඝණ්ඨ භෑ....
ඔව් ඉතිං මේ කතාවෙන්ම තේරෙනවනෙ ට්‍රොලිවලට කාසි හෙවිල්ලෙ තරම.
මැරියන්ගෙ අයිඩියාස් ගැන මොන කතාද? මැරියන් නැත්තං මම දැං ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ ගහ යටත් නෑ ගහ උඩත් නෑ.ඕං කිව්වා
ගෙවල් වලට ඇවිත් ගත්තු පින්තුර තාම ඔයා දැක්කෙ නැද්ද? මොන අපරාදයක් ද මේ....
.......................
සත්සමුදුර අයියා :D,
මොන සිත්තර ඇඳිල්ලක්ද අනේ.... මවුස් එක නැතිවෙලා හොයනවා තාම. අනික කොම්පියුටරේ පාටත් හිදිලා වගේ.......
කැපුවා කිව්ව ටික් එහෙම පිටින්ම දාලානෙ. ආසවෙ බෑ..
ReplyDeleteපිණි පලස,
ReplyDeleteසික් මගේ බල්ලවත් කන්නැ ඒ සල්ලි වලින් වඩේ..... මම ඒක කැෆේ එකක් කරගෙන යන මගේ දුප්පත් යාලුවෙක්ට දුන්නා. මං කිව්වා මේක මතක් වෙන්ඩ මගේ නම්බර් එකට රීලෝඩ් එකක් දාහං කියලා.
දිරාම් කියද්දියි මතක් උනේ...... මං හිතුවෙ මෙහෙ විතරයි මාරු කාසි හිග කියලා. බලද්දි ඔක්කොම ග්ලොබලයිසේසන් වෙලානෙ.
දෙවි හාමුදුරුවනේ ලබන සතියෙ මට තියෙනවා චීන යුඈන් වගයක් රුපියල් කරන්ඩ... ඒකත් මේ වගේ කතාවක් වෙයිද දන්නැ......
..............
මාරයා,
උඔ බයනොවි වැඩේ බාර දීහන්කො....... මොන සක්කර වට්ටං දාලා හරි මම වෙලාවට දෙනවා ආය හොදන්ඩ දෙයක් නෑ. දැක්කනේ මේ වැඩේ උනත්
..................
uwiniran,
අනේද කියන්නෙ... අමතක නොවෙන කතා වස්තුව.
..............
බනියා,
මෙන්න කාලෙකට පස්සෙ හාවෙක් පැනලා කෙහෙල්කොටුවට....... හික් හික්.....
.................
ඔබා මාම,
ඔන්න ඔබා මාමත් බ්ලොග් එකක් කරගෙන යන හින්දා මටත් පැතුවැකි "අනේ ඔබටත් එසේම වේවා" කියලා....... හිකිස් හිකිස්
..............
අභීත,
දැක්කනේ. දැං ඉතිං මක් කරලවත් ඒක හදන්ඩ බෑ. ඔක්කොමලාම ඒ ඇඩ් එක ජීරණය කොරගෙන හමාරයි. හරිනං මුලින්ම කතාවෙන් කපලා දාන්ඩ ඕනැ ඒ කැල්ල. මම හිතලම ඒ කැල්ල අමතක කරලා දැම්මා... හික් හික්...
.....................
ඩිලාන්,
ආ... මේ ඉන්නෙ යුරෝ දෙකේ නියම වටිනාකම දන්න තව කෙනෙක්. අක්කට එහෙනං කියන්ඩ ඕනැ යුරෝ දෙක අරං යන්ඩ එන්ඩ මට වීසා එකක් හදන්ට කියලා.
රාජ්,
ස්තුතියි.... මෙ පැත්තෙ ඇවිල්ලා යුරෝ දෙක ගැන හොයා බැලුවට..
බුද්ධියට ගෝචර නෙමේ, දැන් ඉස්සරවගේ වැඩිය බ්ලොග් කියවෙන්නෙ නෑ නෙව, මම ඒ නිසා ඊයෙ පෙරේදා මම කැමැත්තෙන් කියවන බ්ලොග් රාසියක් ගූග්ල් රීඩරේට දාගත්තා. ඒ පිහිටෙන් තමා මේක දාපු සැනින් එසැනින් එන්න පුලුවන් උනේ ;-)
ReplyDeleteයුරෝ දෙකේ වීරයා කිව්වාම මතක් වෙන්නේ පැන්ස දෙකේ හංසයාව! :D
පැන්ස දෙකේ හන්සයා වගේ!
ReplyDeleteනචියා,
ReplyDeleteහුගක් නැන්වලත් වෙන්නෙ ඒකමනෙ. එක්කෙනෙක් කපද්දි අන්න කපපු ටික වෙන එක්කෙනෙක් දාලා. ඒ හින්දා ඔන්න ඔහෙ මං කපපු ටික මංම දැම්මා. වෙන කව්ද අපේ ඒවා දන්ඩ ඉන්නෙ.....
අම්මපා ලොරියක් යුලෝ දේකට ගන්න පුළුවන්ද හැබැට?
ReplyDeleteඅනේ බුද්ධියෝ! බැංකුවල කොයින්ද රට මාරු කාසි?
ReplyDeleteමං නං දන්න තරමින් මොන බැංකුවක්වත් පිටරට කාසි මාරු කරන්නෙ නැහැ, නෝට්ටු කොළ මිසක්. අනේ අර අහිංසක අක්ක යුරෝ දෙකක් හොයල දෙන්ඩ කිව්වේ ඕක වත් දන්නේ නැති එකෙකුටනෙ.
ඒ මොක උනත් කතාව නම් මරු.
හිකිස් වීරයා තමා ඔයා.... :)
ReplyDeleteකවදත් වගේ හොඳටම හිනා වුනා බුද්ධිගේ කතාවට . සැබෑ වීරයෙක්ම තමා. කට්ටියක් රට යනවා කියන්නේ පොඩි පහේ නාඩගමක් තමයි. අපෝ ඔය යුරෝපේ හරි කරදර නේ . ඒකට ආසියාව . ට්‍රොලියක් බැරිනම් දහයක් ගත්තක් කවුරුවත් හොයන් නැහැ .
ReplyDeleteඔන්න බලන්න කපපු ටිකත් දාපු නිසා ආයේ ප්‍රශ්න අහන්න දෙයක් නැහැ .
චූටි මහත්තයා පොරොන්දුවක් වුනොත් ඉතින් ආයෙ කතා දෙකක් නැහැනෙ..අපි දන්නවනෙ ඉතින්...
ReplyDeleteඅඩේ,...මැතිවරණෙ.( සිත්තරවරණෙ ) සාර්ථක කර ගන්න දුන්න පොරොන්දු දැන් මතක නැද්ද...ඊ ළඟ ඡන්දෙදි අපි බලා ගමු..කොකාට වාරයක් ආවොත් කෙකීටත් වාරයක් එනවනෙ...
ඒයි..බුද්ධි මාර කේස් එක...
ReplyDeleteමේක බලපු පොඩි එකෙක් මගෙන් මෙහෙම අහනවා
"අන්කල්,එතකොට වීරයෝ කියන්නෙ කාට හරි වැඩේ බාරදීලා වැඩේ කෙරෙනකම් හන්දියට වෙලා වඩේ කාපු එවුන්ටද ?....ෂික්...
මල් මාල දාල පිළිගන්න ඕන වීරයට සැළකුව මදියි කියලයි මට හිතෙන්නේ.....!!
ReplyDeleteඒ කාලෙ සිද්ද වෙච්ච කතාවක්......
ReplyDeleteනියම වීරයෙක් ගැනයි කියන්නේ......
රොබින් හුඩ් වගේ එයා විදියි.....
එයාට කවුරුත් කිව්වේ පොඩි මහත්තයයි
සුට්ටි මහත්තයා යූරෝ දෙකටම වැටුනා එහෙනම් ඈ. හොඳ වැඩේ චිත්තර තරඟෙට ඉදිරිපත් වෙච්ච අයගේ චිත්තර ඇඳල දෙනව කියල පොලු තිබ්බට
ReplyDeleteකොහොමහරි අයියා වීරයනේ... අපි දන්නවා...
ReplyDeleteඅම්මප මුගේ අනිත් එව්වත් මෙහෙමද දන්නේ නෑ....
විශේෂ නිවේදනයයි -
ReplyDeleteකාටහරි යුරෝ දෙකේ කාසි සොයා ගැනීමට අවෂ්‍ය නම් වහාම වීරයා අමතන්න .............:D :D :D
බලං යද්දි ඔය කොයි වීරය හදල තියෙන්නෙත් ඔය ඕන්නැති කෑලි කපල දාල තමයි...
ReplyDeleteලොකු කථාවක් නේද මේ කියන්නේ...?
ReplyDelete"මචං" චිත්‍රපටියේ හෑන්ඩ් බෝල් සෙල්ලම කථාව යා කරන හුය වාගේ මෙතැන ඇස්පනා පිට ඇත්තේ යුරෝ දෙක විතරයි කියලා මට හිතුණා...
ඒත් ඒ කොන් ඇල්ලීම අර චිත්‍රසිල්පියා අත, බුරුසු පිහදාපු රෙදි කඩමාල්ල අරන් "ඔබේ ප්‍රතිභාව විචිත්‍රවත් ලෙස එළිදැක්වුණු කෘතියක් මේ..." කියලා කියාපු විචාරකයා කල වැඩේ කිරීමක්දෝ කියාත් සිතුණි...
ඉන්දරේ,
ReplyDeleteඅනි....අම්මෝ මෙයා කියන පච... බුද්ධි ගෝචර කිව්වම ලැජ්ජා හිතිලා...... කමන්නැ අපිත් දැං රීඩරේ ඉන්න එකත් මදැ.
අනික හොදවෙලාවට පැන්ස දෙකේ හංසයව මතක් උනේ... බැරිවෙලාවත් තුට්ටු දෙකේ ගොබ්බයා වගේ එකක් මතක්උනනාම් ඉවරයිනෙ.
............
ඉන්දික,
ඔයයි ඉන්දරෙයි අසල්වැසියොද? දෙන්නටම එකපාර හංසයව මතක් වෙලා.... දැං වලව්ව පැත්තෙ එහෙම යනවද පැණි කන්ට:D (ඔන්න සිත්තර තරගෙන් හරිගිය මිනිස්සු)
.............
කතන්දර,
ඇයි බැරි! වයින් කරලා යවන එව්වා......
..........
පොත් ගුල්ලා,
අහලා නැද්ද, එල්ලෙන්ඩ ගහක් නැතිඋනාම පිදුරු ගහෙත් එල්ලෙනවා කියලා. මොනා උනත් අක්කට මාව සුවර් :D
...............
හසී,
අන්න ඒකනෙ. කපලා කොටලා ගත්තම වීරයෙක් වෙන එක එච්චර අමාරු නෑ.
...............
බින්දි,
දැං කාටවත් ප්‍රශ්ණ නෑ. කපපු ටිකත් දාලා හින්දා.
මෙහෙ ට්‍රොලියක් ගැන නෙමේ හුගක් දේවල් ගැනකියි ගාණක් නෑනේ නේද?
.................
ලකී,
කිසිදේකට බය වෙන්ඩ එපා. පොරොන්දු උනොත් උනාම තමා. වේලාව ආපු ගමන් ඒවා දාලා ඇති.
පොඩි එකාට කියලා දීපන් වඩේ කකා ඉන්න එව්වන්වත් වීරයො කරන්ට පුලුවන් ක්‍රම දැං තියෙනවා කියලා. වීරයෝ ද්‍රෝහියො කරන්නත්, ද්‍රොහියෝ වීරයො කරන්නත් යන්නෙ හරිම පොඩි වෙලාවක් කියපන්.....
ඒක නෙමේ පොඩි උන් උඔට අන්කල් ද කියන්නෙ..... සික්... හරි අපරාදයක්නෙ......,
.....................
පිසාචයා,
අන්න ඒකනෙ කියන්නෙ.... ඒවා ගැන කතා කරලා වැඩක් නෑ.
අසාධාරනේ මෙයාට පෙන්නන්ඩ බෑ.......
ReplyDeleteඒ උනාට මෙයා ගති පෙම්වතෙක්........
පුරු පුරුලා සුදුපූසිලා දන්නවද ඔයා...හික්
(මොකක් දන්නැ...........කිව්වා.......)
එහෙනං අන්න තැන බ්ලොග් ගඩොල්.......
...............................
ගිනි මකරා,
දෙකේ කොලේට වැටුනෙ කපපු කැලි දැම්ම හින්දනේ හිකිස්....
බය වෙන්ඩ එපා.... සිත්තර ටික දානවා.... මකර අධිරාජ්‍යයා තමන්ගේ රාජකීය උද්‍යානයේ සිත්තමේ යෙදෙන හැටි බලන්ඩ කව්ද අකමැති?
........................
ප්‍රසන්න,
වීරයා වීරයා දැන් උඔලා හැමෝම මට වීරයා කියයි. අනේ අම්මපල්ලා.
අනිත් එව්වයි කිව්වෙ මොනාද කොලුවො...
................
ලයන්,
විශේෂ නිවේදනයයි -
කාටහරි යුරෝ දෙකේ කාසි සොයා ගැනීමට අවෂ්‍ය නම් වහාම වීරයා අමතන්න .............:D :D :D
සැ.යු-
මදක් කල් ඇතිව අමතා අනවශ්‍ය කතා හදා ගැනීමට ඇති ඉඩ අවම කර ගැනීමට කාරුණික වන්න:D
................................
චාමී,
ඒකත් ඇත්ත වෙන්ඩ පුලුවන් තමා. කොයි වීරයත් කියන වචනෙ ද බොහෝ වීරයො කියන වචනෙ ද ඔතෙන්ට නියමෙට යන්නෙ....?
.......................
තිස්ස අයියගේ,
ඡේද දෙකෙ විචාරය මගේ හිත් ගත්තා.
අදාල නැති උනත් මේකත් කියන්නම්. "මචං" ඇවිල්ලා මං බලපු සිත්තරපටි වලින් වැඩිම වාරයක් බලපු එක. තාමත් බලනවා. කවදාවත් ඇති වෙන්නැ.
කුදු රම්බෝ...
ReplyDeleteයුරෝ දෙකකට කාපු කට්ටක්... ඇමරිකන් ඩොලර් 2 ඒවත් ගොඩක් හිඟයි නේද?
මේ ඒක නෙමෙයි...අර පින්තූර ටික දාන්නෙ කවදද?
තරු,
ReplyDeleteදැං ඔයා කියන්නෙ මට ඩොලර් 2කෙ ඒවත් හොයා දෙන්ඩ කියලද? නැනේද? :D
පින්තුර කතාව මෙහෙමයි! ඒවා දානවා. ඒත් වෙලාව හොඳ වෙන්ට එපැයි....... අනික කාගේ ඒවාද මුලින් එන්නෙ වගේ ප්‍රශ්ණත් ආවනේ විදෙස් සිත්තරාගෙ ඉන්ටවීව් එක දවසෙ.... දැං ඒ ගැන සාකඡ්චාවක් යනවා. තීරනේ ළගදීම එයි
හහ් හහ් හහ් හහ් ලොල්.......
ReplyDeleteඔය කතාවෙ කින්ඩර බිත්තරෙ කොහෙන්වත් ගෙවිලා නෙත්තෙ ඇයි?
තෙක්ක load 1 එක තාමත් ඇවෙලිබල්
.....Bro U r a Real ARTIST....
ROBOCOPE !
අර පාල මාම කිව්ව add එකනම් මගෙත් ඇහැ ගැටුනා.තේක්ක අඩියක් කීයද?
ReplyDeleteඇඩි එක ඉතින් වෙන මොකවත් නෙමේ,, හාමිනේගෙ ඉංග්‍රීසි පන්තියනෙ
ReplyDeleteහක හක හක හක..... :D
ReplyDeleteතහනම් මාත්‍රාව,
ReplyDeleteතේක්ක වැඩේ ඔබතුමාටත් දුන්නද? නියමෙට වැඩේ කරන්නඩ ඇති නේද?
.............
සිහිනට සහ කෝල් කර කර තේක්ට අඩි ගැන විමසූ පාඨකයන්ට,
තේක්ක වැඩේ අයියා අතිනුත් අල වී ඇති බව තහනම් මාත්‍රාවගෙ කමෙන්ට් එකෙන් දැනමටත් පැහැදිලි ඇතිනෙ. අයියත් මට හොරෙන් පොරටත් තේක්ක වැඩේ බාරදීලා. පොරත් මගේ මල්ලි කෙනෙක් වෙන බැවින් පොරටත් ඒක මෙව්වා වෙලා යන එක අහන්ඩ දෙයක් නෙමේ. ඒ අනුව තේක්ක අඩි හේම්පිටින් ආරක්ෂිතව තියෙනවා. නමුත් දැනට භාරකරු කව්රුද යන්න ප්‍රශ්ණයක්. මේ දිනවල ඒ බව හොයාගෙන යන අතර හැකි ඉක්මනින් ගණන් කියන්නයි හිතාගෙන ඉන්නෙ.
................
හරී අක්කා,
හරිනං මුලින්ම කපන්න ඕනැ ඒ කෑල්ල. කොහෙද වෙලාවටම මට ඒක අමතක වෙලානේ.
.............
සොරෝ, ස්තුතියි හක හක හතරට...;D
මචං . . . . උඹ වෙනුවෙං පිලිගැනීමක් ලෑස්තිකරල තියනව අපේ ගමේ . . . . උඹට එන්න පුලුවං ලේසිම සහ ලඟම දවස කියපං ඉක්මනට.
ReplyDeleteමචං ඔය වගේ සිද්ධි වීරයින්ට වෙනවා. ඔය ඕන තරම් හින්දි ෆිල්ම් වල මුල හරියේ අම්බානක නෝන්ඩි වෙලා පස්සේ ඉටි කිරිස් එකට දිලිසි දිලිසි වීරයෙක් වෙන්නෙ. අර කථාවේ පස්සේ ලියලා තියෙන ටික කථාවට දැම්මෙ නැති එක හොඳා. මොකද අපි ඒ ටික දන්නෙ නෑනෙ. එතකොට කථාව හරිම රසවත්. තව දෙයක් මේ කථාවට නිකම් “යුරෝ හීරෝ“ හරි “හීරෝ යුරෝ“ වගේ නමක් ගැලපෙන්නෙ නැද්ද? මම කිතමට අහන්නෙ.
ReplyDeleteඕනයා,
ReplyDeleteදින දුන්නට මොකද ඒකත් අමතක වෙයිද දන්නැ.
............
ඉෂාර,
අන්න ඒකනෙ, ඕන්නැති ඒවා කපපු හින්ද තමා මම අද වීරයෙක් වෙලා ඉන්නෙ. ඕගොල්ලත් හිතට ගන්ඩ එවා.
අනික තමා යුරෝ හීරෝ වගේ එකක් දාපුවාම දිව මඤ්ඤං වෙන ගතිය වැඩියි කියලා හිතෙනවා.
හරියට, "සුදුරටකජුරතුරටකජු" වගේ, නැත්තං "චුටිචිටර්ගෙචුටිටෝච්එක" වගේ, නැත්නං "බිල්ක්ලින්ටන්හිලරික්ලින්ටන්" වගේ එහෙමන් නැත්තං, "සමරෙගෙසරමෙසමර" වගේ. නැද්ද මං කියන්නෙ....
අද ලිපිය භාගයක් යද්දි මේක මුණගැහුන නිසා ඒක කියවිල්ල පැත්තකින් තියලා මේක බැලුවා.
ReplyDeleteහපොයි යූරෝ දෙකේ වීරයා.........!!!!!
ටීචර් අක්කගේ ඉංගිරීසි කැලෑසියට අපිවත් ගනීද අයියේ???? :D
ඕකට මෙහෙම වචන ටිකකුත් එන්න ඕන හරිනං.... අවංක අකලංක නිහතමානී පරහිතකාමී..... (ඔන්න ඔය වගේ... ඇයි හත් ඉලව්වේ ගාගත්ත එව්වා ඔක්කොම කැටගරි කරලම යටින් දැම්මනෙ කැත නැතුව)
ReplyDeleteහා පැටික්කි, ත් කොහොම හරි එනවා නේද මේ පැත්තෙ.
ReplyDeleteහා පැටික්කිව ගත්තැකි පනින්ට උගන්නන චීච කෙනෙක් හැටියට එනවද?
.............
සහන්,
මේ මොනව කියවද, දැං ඉතිං කාටත් කතා කරන්ඩ බෑ
ඉඳල ඉඳල කියෙව්වේ පට්ට ඩයල් එකක් ලියන බ්ලොග් එකක්නෙව...
ReplyDeleteහොහ් හොහ්..
දැන් එතකොට බුද්දි අයියා රට යන අක්කගෙන් සල්ලි අරන් තියෙන්නෙ කාසිය හොයල දීපු අක්කට සල්ලි නොදී නේ ?....කැචයි හොඳේ :P
ReplyDeleteගිනි, දොඩන් ස්තුතියි ආවට... අදයි දැක්කෙ හෙහ්....
Deleteමටත් පතන්ඩ තියෙන්නෙ ඔබා මාමා පතපු දේම තමා. බොට වැඩි වැඩියෙන් මේ වගේ අලකලංචිම වේවා !!
ReplyDeleteසෙන්නා, මේ තමයි යුරෝ දෙකේ වීරයාගේ ආගමනය
ReplyDelete