ඒකෙන් වැඩිපුර පාඩුවෙන්නෙ සල්ලි බාගේ වැඩිපුර නැති කට්ටියට. තියෙන අයනම් නත්තල් සීයා මොකවත් දෙන්න ආවේ නැතත්, තමන්ගේ මුදලින් දරුවනුත් එක්ක නත්තල සමරයි. ඒ හින්දා අපි හිතුවා ඒ අඩුව යන්තමින් හරි පිරිමහන්න නත්තල් දන්සැලක් දෙන්න.
හැබැයි අර කතාවල තියෙන විදිහට රෑපානෙ ගෙවල් ගානේ ගිහිං දුම් කව්ලුවෙන් තෑගි දෙනවට වඩා මේක වෙනස් තමා. ඒත් "දන්සැල්" කියන්නෙ අපි දන්න දේනේ.
අනික දානයක් දෙන්න, නත්තල්ද, අවුරුද්දද, වෙසක් ද කියලා බල බලා ඉන්න පුලුවන් කාලයක් යැයි මේක. මොකද ජීවිතේ කියන්නෙ තණ අඟ තියෙන පිණි බින්දුවක් වගේලු. කොයි වෙලේ වාෂ්ප වෙලා යයිද දන්නැනේ.
කොහොම හරි මේ "නත්තල් දන්සැල" දුන්නෙ අපේ යාලුවො ටිකක් එකතු වෙලා.
අපි දුන්නා,
1. සම්බා හාල්
2. සුදු කැකුලු
3. සීනී
4. පරිප්පු
5. තේ කොල
6. සෝයා මීට්
7. කිරි පිටි
8. සබන්
9. සමපෝෂ
10. මිරිස් කුඩු
11. පොඩි අය ඉන්නවනම් පොත් දෙක තුනක්, තියෙන බඩු මල්ලක්.
ආපු අයට ඒවා ඉල්ලගෙන ආවා කියලා නොදැනෙන්න උදේම කිරිබත් කෑල්ලක් දුන්නා ලුණු මිරිස් එක්කලා.
විශේෂ ම දේ තමා මේකට අපේ ගමේ යාලුවො දෙතුන් දෙනා ඇරුණම බ්ලොග් ලියන යාලුවො දෙන්නෙකුත් එකතු වෙච්ච එක. හැබැයි ඒ ගොල්ල කිව්වා "අපේ නම් ගම් එහෙම උඹගේ බ්ලොග් එකේ දාලා තිබුනොත් බලාගන්නං" කියලා. ඒක හින්දා ඒගොල්ලන්ගෙ නම්ගම් මේකෙ දාන්නැ.
මේ තියෙන්නෙ ඒ වැඩේ ගිය හැටි.

"කිරිබත් කෑල්ලක් කාලම ඉමු"

පටන් ගන්න කලින් ඒ ගොල්න්ටත් දානයේ අනුසස් පැහැදිලි කරලා දුන්නා.

පස්සෙ දානේ පටන් ගත්තා.

"ඇතුලේ මොනවා තියෙනවද දන්නැ... කෝ බලමු..!"

දුන්නු අයයි ගත්තු අයයි දෙගොල්ලම.

මේ ලියමන කියවද්දි ඕගොල්ලන්ටත් හිතුනානම් "අනේ මෙහෙම දෙයක් අපිටත් කරන්න තිබුනානම් කියලා හරි, අනේ මටත් මේකට සම්බන්ධ වෙන්න තිබුනානම්...." කියලා හරි, කණගාටුවෙන්න එපා. මේ පින්තුර බලලා ඕගොල්ලත් පහන් සංවේගය උපදවා ගන්න.
ඉතින් මේ පින්කමට සහභාගී වූ මිතුරන් සැම දෙනාටම වගේම මේ පින්තුර දැකබලාගෙන පහන් සංවේගය උපදවාගත් ඔබ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා.
මේ පින් බලෙන් පතනා බොධියකින් නිවනම වේවා....!
ඉතින් මේ පින්කමට සහභාගී වූ මිතුරන් සැම දෙනාටම වගේම මේ පින්තුර දැකබලාගෙන පහන් සංවේගය උපදවාගත් ඔබ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා.
මේ පින් බලෙන් පතනා බොධියකින් නිවනම වේවා....!
.....................
-මීට යුරෝ දෙකේ වීරයා.
ප/ලි -
නත්තල් දන්සැල දීලා ඉවර වෙලා අපි ගියා, කෙහෙල් කොටුවේ චුටි මහත්තයා ඒ කාලේ ජීවත් උන ගම බලන්න.
ඒ ගමනෙදි පරණ තැපැල් කන්තෝරුව, වැව වගේ චුටි මහත්තයගේ සදානුස්මරණීය තැන් කීහිපයක පොටෝ ගන්නත්, ඒ ගම්මාන වල ඉන්න චුටි මහත්තයගේ කතා වලට පණ පෙව්ව හෑබෑ චරිත හමුවෙලා වචනයක් දෙකක් කතා එයා අමතක කලේ නෑ. සමහර තැන් වලට චුටි මහත්තයා ගියේ අවුරුදු විස්සකට විතර පස්සෙ. සමහර දේවල් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තිබුනත්, සමහර දේවල් ඒ අවුරුදු ගානටම පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ.
චුටි මහත්තයගේ කතා කියොපු ගොඩ දෙනෙක් ඒවා දැකගන්නත් ආසාවෙන් ඇතිනෙ. අනික ගිය පාර ලියපු ලියමනේ බීටලුත් අහලා තිබුනා ඒ ගැන.
ඉතිං ලබන පාර ලියමනෙන් ඒ දේවල් දැන ගන්නත් එක්ක මේ පැත්තෙ ගොඩවෙන්න කියන ගමන් අදට මම නවතිනවා.

මේ හැමදේම කරන්ඩනං, වැදගත්ම දේ, සැරින් සැරේ ගිහිං පතහට බැහැලා කළගෙඩි පුරවන්ඩ වගේ හරි සෝක් රස්සසාවක් කරන්ඩ නං, කරන්ඩ තියෙන එකම දේ ඉතිං මේ පැත්තෙන් ඉඩම් කෑල්ලක් අරං හේනක් කරන එක තමා.
පස්සෙ අපේ බබා අයියා, මටයි එයාටයි ඉඳගන්ඩ පොල් බිඩංග දෙකක් කඩාගෙන ආවා.
"ඉතිං මරුනේ...... ඇයි ඉතිං ඒවා ලේසි වැඩනෙ......මම සීයා එක්කලත් පොල් පටොගෙන කරත්තෙ යනවා. ඒක නං ශෝක් වැඩක්නෙ...."