2013/02/27

සුවර පෙට්ටි වාදකයා !

එක්තරා හිමිදිරි උදෑසනක මම ඉතාමත් ඉවසිලිවන්තව, ඉතා සැලසුම් සහගත ලෙස කාමරයේ ඔබ මොබ සක්මන් කරමින් මගේ නිවාඩු දවස සැලසුම් කරමින් සිටියෙමි. හිමිදිරියේ හිරු කිර‍‍ණ කාමරයේ ජනේල පොලු අතරින් පැමිණ හරි හැටි ආලෝකය උරාගැනීමට පොර අල්ලමින් සිටි ඇසේ බබා මතට පතිත වී ඊට උඩින් වූ ඇහිබැම හකුලුවමින් තිබිනි. උදෑසන කූරුලු නාද හා අම්මා තේ සාදන හඬ යටපත් කරමින්, බණ්ඩක්කා නොකෑම නිසා අවම කාටිලේජ ප්‍රමා‍ණයකින් දුවන මගේ අස්ථි පංඤරය, තබන තබන අඩියක් පාසා චිටිස් යනුවෙන් නින්නාද දෙමින් උදෑසන වඩාත් ජීවමාන සහ නැවුම් දෙයක් බවට හරවන්නට වෙර දැරීය.

එක් වරම නැන්දලාගේ ගෙවල් දෙසින් පැමිණි විලාපයක් බඳු සංගීත රාවයක් මගේ කාමරයේ ජනේල් පොලු අතරින් රිංගා විත්, මම ඉතා ඕනෑකමින් ඔප මට්ටම් කරමින් සිටි නිවාඩු දිනය නම් වීදුරු පලගානට පොලු පාරක් දී එය කාමරයේ සීසී කඩ විසුරුවා හැරියේය. කෝපයෙන් සිත බිරුසන් දෙන අතරතුර ඒ කුමක් විය හැකිදැයි බැලීමට අවුල් වූ හිසකෙස් අතරට, මගේ ඇගිලි පහ පනාවක් මෙන් යවා මෙච්චල් කරගෙන, අතරවාරයේ ගෙයින් එලියට පැන්නෙ, අම්මාට තේ එක සාදා අවසාන වීමට පෙර නැවත මුලුතැන්ගෙට වාර්තා කරන බව ස්ථිර කිරීමෙන්  අනතුරුවයි.

නැන්දලාගේ ගෙදරට යාර කිහිපයක් තියෙද්දී ම වාගේ මට සියල්ල අවබෝධ විය. තවත් දින කිහිපයකින් නැන්දලාගේ ලොකු දුව වන වාසනා කෙල්ලගේ අක්කා හෙවත් මට නිතර දෙවේලේ වුවමනා වෙන පාට මාරු කරන පෑනෙහි හිමිකාරිය සංගීත විභාගයක ප්‍රායෝගික පරීක්ෂණයට මුහුන දීමට සැරසෙයි. උදෑසන සිට මගේ සෞන්දර්යාත්මක මනස කුපිත කොට මගේ පලගාන බිද දමා ඇත්තෙ ඇගේ මේ පුහුණු වීමේ හඬයි. උදෑසන ම අවදි වී ස්වර මෙච්චල් කිරීම මගින් ඇය ඇයගේ අඬ වඩාත් තියුණු ලෙස මුවහත් කරමින් සිටි අතර ඇගේ මුවහතට හසු වූ සියලු ස්වර ඉතා වේගවත් ලෙස කෑපි කෑපී අවට විසිරි ගියෝය.  ඇයගේ නංගී ඒ අසල මේසය මත හිදගෙන පෙට්ටියක් බඳු උපකරණයකට යමක් කරමින් දත කෑ අතර එයින් නිරන්තරයෙන් සංගිතය උගත් කුපිත වූ නාගයෙක් පිඹින්නා මෙන් හඬක් නියමිත තාලයට කලින් නික්මවීය.

අක්කා තම හඬ මුවහත් කරනා අතරතුර නංගිගේ මෙම ක්‍රියාව නිරන්තරයෙන් නිවැරදි කරමින් ඈ දෙස වරින් වර රවා බලයි. මේ අරුම පුදුම භා‍ණ්ඩය සංගීතය ඉගෙන ගන්නා අයට උපකාර වෙන යමක් බවත් මුග්ධ බවේ ප්‍රතිමූර්තියක් වන් වාසනා කෙල්ල මෙය හරි හැටි හසුරුවන්නේ නැති බවත් මේ වන විට මට හොඳින් වැටහෙමින් තිබිනි. මේ මොහොතේ මිනිස් පහසක් නොලැබු වැසි වනාන්තරයක නිකැලැල් දිය කඩිත්තක පතුල මෙන් පිවිතුරු කරනු ලැබූ, සියවරක් පෙලු කපු පුලුන් කැටියක් මෙන් සැහැල්ලු කරනු ලැබූ මගේ උදෑසන මනස නැමැති හිතෛෂිවන්තයා වහාම යම්කිසි සැලැස්මක් සකස් කිරීමට පටන් ගත්තේය. බොහෝ විට මෙහි අවසාන ප්‍රතිඵලය වන්නෙ වාසනා කෙල්ල සතුව ඇති අර අරුම පුදුම භාණ්ඩයේ අයිතිය කිසිම ලේ වැගිරීමකින් තොරව මා හට හිමි කර ගැනීමයයි මට ඉවෙන් මෙන් වැටහිනි. ඒ සඳහා කල යුත්තෙ නිසි බළධාරීන්ට පවතින තත්වය අවබොධ කර දීම පමණක් බව ස්ථානෝචිත ප්‍රඥාව විසින් මා දැනුවත් කර තිබිනි.

ඉතින් එහි ප්‍රථිපලය වූයේ ඒ රමණීය උදෑසන, දෙමලිච්චන්, කපුටන් ආදී කුරුල්ලන්ගේ කූංඡනය පරයා නැගි සිටි පුපුරා යන ගල්කොරියක කැට කැබිලිති මෙන් වූ වාසනා කෙල්ලගේ වාග් ප්‍රහාර හමුවේ ශාන්තිනායක තවුසා මෙන් මුනිවත රැකගෙන අවශ්‍ය දේ වෙනුවෙන් ඉතා පරිස්සමින් වචන හැසිර වූ මට අර භාණ්ඩය - එය වාදනය කිරිමේ අයිතිය ද සමඟ හිමිවීමයි.

මේ භාණ්ඩය ගැන වචනයක් පවසනවා නම්, මෙය වනාහි නමින් ස්වර පෙට්ටිය යැයිද, මෙහි ඇති සිදුරු වැසීම හා ඇරීම මගින් නියමිත ස්වරයට හිමි ශබ්ද ධ්වනිය පිටතට ගලා ඒමට සැලැස්විය හැකි බවද, මෙය අපේ ඉස්කෝලේ සංගීත ගුරුතුමී වන නිර්මලා ගුරු මෑණියන් විසින් තාවකාලිකව අක්කාට ස්වර මුවහත් කිරීමේ කාර්ය උදෙසා “ගෙදර ගෙනයාමට“ ලබා දුන් එකක් බවද ඇය පැහැදිලි කලාය.

ඉතින් මා ඉන් පසු ඇගේ නිත්‍ය ස්වර පෙට්ටි වාදකයා වීමි. එය ඉතා පහසු කාර්යක් යැයි ඔබ සිතන්නෙ නම් එය සහමුලින් ම වැරදි අදහසකි.

උදෑසනම අවදි වන අක්කා පුහුණුවට පෙර වතාවත් රාශියක් කරයි. උදෑසනම ළිඳට ගොස් නා කියා ගනියි. ඉන් පසු දුම් අල්ලා බුදු පහණ තබන ඈ දෙවනුව සරස්වතී මැණියන් උදෙසා පහන් දල්වා ආශිර්වාද ලබා ගනී. ඉන් පසු සාලයේ සුදුසු තැනක පැදුරක් එලා සංගීත පොත් හා ස්වර පෙට්ටිය රැගෙන හඬ මුවහත් කිරීමට සැරසෙයි. ඒ වන විට යටත් පිරිසෙයින් මූණවත් හොඳාගෙන පිරිසිදු ඇදුමෙන් සැරසි අක්කා ඉදිරියේ මා පෙනී සිටිය යුතුය. ඉන්පසු අක්කා “පටන් ගමුද චූටි මහත්තයා...“ යැයි පවසත්ම මම ද ඔලුව වනා අයියනායක දෙවියන් වහන්සේ උදෙසා කෙටි කන්නලව්වක් කරමි. කන්නලව්වේ දී මා අයියනායක උන්නාන්සේගෙන් ඉල්ලා සිටින්නේ අක්කාගේ මුවහත් කිරීමේ වැඩ කටයුතු අවසන් වන තෙක් ස්වර නිවැරදි තාලයට වාදනය කල හැකි වන සේ මගේ මැණික් කටුවේ, උර බාහුවේ හෝ කොන්දේ වේදනාවක් මතු වී හෝ වෙනත් යම්කිසි ආපදාවක් සිදු නොවන සේ මා ආරක්ෂා කරන ලෙස යි. සියල්ල ඉතා ශාන්ත, ප්‍රනීත හා සැහැල්ලු ලෙස ආරම්භ වෙයි. මම ද නියමිත ස්වරය එලියට පැමිනෙන සිදුර විවෘත කොට නොකඩවා ස්වර පෙට්ටියට තුලට හුළං ගැසීමේ ඒ භාරදූර කාර්යය ආරම්භ කරමි.

දෙවෙනි කොටස ට...


............................................
- මීට කෙහෙල්කොටුවේ චූටි මහත්තයා.

46 ක් කියන්නේ !:

  1. චූටි මහත්තයාගේ භාෂා විලාශය නම් නියමයි චූටි මහත්තයෝ...කෝපි එක බීගත්තේ හරිම අමාරුවෙන්.

    ඇඟ කිලිපොලායන, (උදෑසන අර කවුලුවෙන් එන හීතල හුලඟ හින්දා හොඳේ ) ඊලඟ කොටස කියවීමේ දැඩි ආසාවෙන් (අර දතට වූයේ කුමක්දැයි දැනගැනීම සඳහා ) බලා ඉන්නවා....:D:D:D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කුමාරිහාමි! ඊලගට වෙන දේ ඊලගට දාලා ඇති. :D

      Delete
  2. කොහොම හරි අක්කා දත අඳුන නොගෙන ගිය නිසා වැඩේ හරි ගියාද ?.. පොඩි නෑනා එක්ක වලි ඇද ගැනීම නම් පිලිගන්න බැරි තරමෙ සිදුවීමක්..

    ReplyDelete
    Replies
    1. සරත්,

      නෑනා එක්ක වලි නොදාගත්තු දවසක් නම් නැති තරම්! දැනුම් තේරුම් එන කාලේ වෙනකල් ම ගහමරා ගත්ත එක තමා වඩේ

      Delete
  3. උපමා උපමේය නම් උත්කුරුස්ටයි....

    ReplyDelete
    Replies
    1. තිසර, ස්තුතියි තිසර. ඒ වගේම මේ වගේ ලියන්නත් පුලුවන් කියලා කියලා දුන්නු විදෙස් පොත් ලියන්නන්ට.....

      Delete
  4. ඔය පෙට්ටියට කියන්නෙ ශෘති පෙට්ටිය කියල නේද ? අපි කැම්පස් ඉන්න කාලෙ හිටි පලවෙනි බෝඩිමෙ ඇන්ටිගෙ දුවත් ඔය අසනීපෙන් පෙලුණා. අපිට පාඩම් කරන්න බැරි තරමට සංගීත ඇදිල්ල දරුණු උනාම අපිත් නරි වගෙ හූ කියන්න ගන්නවා. එතකොට ටිකකට නැවතිලා ආයිත් ආ..ආ... කියල පටන් ගන්නව. එයා ඒ කාලෙ හිදිත් ඉගෙන ගත්තා හයියෙන් කියවලා භාත් කන්ඩෙ යන්න අපිත් දන්න හින්දි වලින් සපෝට් දුන්න. තුමාරා නාම් කියා හෙ ? කියල බාල්දිය අරන් ලිඳට ගියා. මෙරා නාම් කරේ ගා කියල අනිත් එකාත් එනවා. ඒ කාලෙ ඕකෙ වරදක් අපිට පෙනුනෙ නැතත් දැන් නම් හිතෙනවා අපි කල අවලං වැඩ ගැන කණගා‍ටුවක්..

    ReplyDelete
    Replies
    1. සරත් අයියා,
      නරි හම හෙවත් හරි නම සෘති පෙට්ටිය තමා, මම කියන්නෙ සුවර පෙට්ටිය කියලා......

      ඔය අක්කට සරත් අයියලා කරපු වැඩේට සමානයිනේ අපි උදේම ප්‍රැක්ටිස් පටන් ගත්තම.... නිදාගෙන ඉන්න මිනිස්සු මදුරුවන්ට වගේ අපිට බණින්නෙ....

      Delete
  5. එල එල . . . හොඳ වෙලාවට තාත්තා දත් ඇන්දක් දන්නේ නැතුව දතක් විතරක් දැම්මේ !

    ReplyDelete
    Replies
    1. බන්දුල, අනේද කියන්නේ සීලගේ ආච්චිලාගේ කෝප්පයක් උනානම්....

      Delete
  6. අප්පට සිරි , කෙල්ල විභාගේ පාස් උනාද ඉතින්

    ReplyDelete
    Replies
    1. අටම්,
      විභාගේ පාස් වුනා විතරක් නෙමේ පස්සෙ කාලෙක රජරට සේවේ සිංදුත් කිව්වා හරිද!!

      Delete
  7. සික්! ඇයි අප්පා අපේ චූටි මහත්තයාටම මේ වගේ වැඩ වෙන්නෙ..!?

    ReplyDelete
    Replies
    1. බූරා, අනාගතේ ලියන්න වෙන්නැති

      Delete
    2. ඔන්න බලපන් "දි" යන්න මිස් වෙලා තේරුම එහෙම් පිටින්ම කනපිට ගහලනෙ.

      Delete
  8. ~~~බණ්ඩක්කා නොකෑම නිසා අවම කාටිලේජ ප්‍රමා‍ණයකින් දුවන මගේ අස්ථි පංඤරය, තබන තබන අඩියක් පාසා චිටිස් යනුවෙන් නින්නාද දෙමින්~~
    මේක නම් වෙන්නෙ ඔය හේතුව නිසා නම් නෙමේ. මේකෙ ගෑල්ලමයි නැත්නම් මම කියනවා උඹට, බලහන් අල්ලේ රේඛා තියෙනවද කියලා.

    දත තමයි දත, අපේ එකෙක් එක දවසක් වමනෙ දාලා, පැයකට විතර පස්සෙ ආයේ වමනෙ ගොඩ අස්සෙන් මොකක්ද එකක් අරන් කටේ දාගත්තා.පස්සෙ දන්නෙ ඒකත් ඔය වගේ දතක් කියලා. :-)

    ReplyDelete
    Replies
    1. තරු,

      ඔය තියෙන්නෙ දත් ගැන නියම කතාවක්. කොහෙද ලියනවා කියලැ යැයි

      Delete
  9. ඒ අර ගායනේ නම් මරු... ඉතුරු පද ටික නැද්ද ඒකේ? :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අඩවි රජ,
      මට මතක ඔච්චරයි! සමහර විට ජනුලා වගේ අය දන්නවා ඇති සංගිතේ කරපු හංදා

      Delete
  10. අනේ අප්පේ..නැගී ගෙන එන ගීත කොකිලාවියකට උඹලා ඔහොමද අත දෙන්නේ!!!!

    ReplyDelete
    Replies
    1. නාඩියා,
      අත නෙමේ අපි දුන්නෙ වතුර

      Delete
  11. පුලුවන්නම් තව ටිකක් දිගට ලියපන්. මොකෝ අපිට වෙන වැඩක් නෑනේ.. බලාගෙන ගියාම කෝට්ටේ යුගේ විතරක් නෙමේනේ උපහැරණ කාරයෝ ඉඳලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. මාතලන්, රස වැඩිකරන්න පහේ ටිකක් දැම්මා...... දිග වැඩි වුනේ ප්‍රමාද දෝසෙකින් අයිබෝවන්

      Delete
  12. වෙනස්ම විදිහකට අද චූටි මහත්තයා කතා කරලා තියෙන්නෙ.. වෙනස හොඳයි.. උපමා උපමේය විශිෂ්ඨයි.. භාෂාව හැසිරවීම උත්කෘෂ්ඨයි..

    මමත් ඔය උලව්වක් වාදනයා කළා සාපෙට සංගීතය කොරන්ඩ ගිහින්.. කොච්චර හොඳට වාදනයා කළාද කිව්වොත් අන්තිමට ලයිට් කණුවක් තෑගි හම්බුනා ඒ හැකියාව අගය කරණු වස්..

    ඉතිරියත් ඉක්මනටම ලියමු එහෙනම්...

    ReplyDelete
    Replies
    1. සෙන්නා,
      ස්තුතියි අලුත් අත්හදා බැලිම ගැන වචනයක් කිව්වට.

      අර කිව්වත් වගේ මොකට සංගිතේ කරන්න ගියාද? අපි වගේ සිත්තරයක් ඇදගෙන ඉන්නෙ නැතුව.... සෙන්නට සිත්තර අදින්න බැරි එකක් යැයි අර සිත්තර තරගෙටත් එකක් එවලා තිබු‍නා නේද, කාගෙද මරණ තර්ජනයක් ඇවිල්ලා

      Delete
    2. කවදා කාපු ටකරන්ද !! සිත්තර බැරි නිසා සංගීතය කොරන්ඩ ගියා.. ඕන් වෙච්චි දේ...

      මරණ බයක් දැනුනම් මිනිස්සු ඕන දෙයක් කොරනවනෙ අප්පා..:DD

      Delete
  13. කොටස් වශයෙන් කියවීමට අදහස් කරමි!

    ReplyDelete
    Replies
    1. අනේ කකා තාම කියෝලා ඉවර නැද්ද? :D

      Delete
    2. මේ එක් කොටස කුඩා කොටස් දෙකකට කියවා අවසාන කළෙමි.

      අර මුල් දවසේ තිබුණු හරිය නම් දින හතරකට වුව සෑහේ!

      රුසියන් කෙටිකතාකරුවෙකුගේ නිර්මාණයක දැඩිගම රුද්‍රිගෝ පරිවර්තනයක් මෙන් අලංකාර කැටයමින් යුතුව නිමවා ඇත.

      දැන් ඊලඟ කොටසට යමි!

      Delete
  14. අර පලිගැනීමේ අදහස ප්‍රකාශ කරන අවස්ථාව තමයි නියම.

    අයියෝ චූටි මහත්තය මෙච්චරකල් අර පෙට්ටියට හුළං ගහපු එකේ වෑයම අසාර්ථක උනාද?

    ReplyDelete
    Replies
    1. ප්‍රසා, පිස්සුද ප්‍රසා අක්කා උඩින්ම පාස්..... එසා සිද්දියේ ඇත්ත නැත්ත හෙලි වුනේ කාලෙකට පස්සෙනේ

      Delete
  15. ශ්‍රැති පෙට්ටියට හුලං ගහද්දි පරිස්සමෙන් කොලුවො. මේක අමතක වෙන්න කලින් ඊලඟ එක දාමු එහෙනම් ඈ.....

    ReplyDelete
    Replies
    1. උකුස්සා,

      ස්තුතියි උපදේසෙට....අන්න අනිත් කොටසත් දැම්මා

      Delete
  16. උත්ප්‍රාසාත්මක උපමා භාවිතයෙදි බුද්ධි තරම් සාර්ථක කෙනෙක් මං මේ අවකාශෙ දැකලම නෑ.
    ඔයා එක හිත් හිතාගෙන එච්චර දවසක් එච්චර වෙලාවක් සෘති පෙට්ටිය ගහන්ඩ වාඩි වෙලා හිටියෙ කොහොමද අනේ??

    ඔයාගෙ අක්ක වගේම එක කාලෙක උදේ රෑ නැතුව රාග, තාල, පුහුණු වෙච්ච මටවත් තිබුණෙ නෑ එච්චර ඉවසීමක්!!

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි ජනූ, තාර බර ඇරලා ගන්න ඕනා.. :-)

      Delete
    2. ඒකත් හරි තමා සෙන්නො.. ඒ වුනාට වැඩේ කියන්නෙ ලිව්ව කියල හැමෝටම එහෙම අපූරුවට උපමා මතක් වෙන්නෙ නෑනෙ..
      පස්සෙ කාලෙක බුද්ධිගෙන් උපමා වගේ නමක් තියෙන පොතක් එහෙම එලි දැක්වුණොත් ඔන්න පුදුම වෙන්ඩ එහෙම දෙයක් නෑ අපිට

      Delete
    3. නෑ නෑ මම කිව්වෙ උපමා ගැන නෙමේ.. මේ උපමා දැමිල්ලට දෙන්න උපමාවක් මා ළඟ නෑ.. ඒ තරම් සුපිරියි..

      මම කිව්වෙ අර උදේ ඉඳන් අර පෙට්ටියට හුළං ගැහුවා කියයපු එකේ තාර බර ඇරල ගනන් ඕනා කියලා.. තාර බැර ඇරලා විතරක් මැදි.. 0.5 වැඩි කරන්නත් ඕනා.. :D

      Delete
    4. ජනූ,
      මුලින්ම මාව වැනිම ගැන මගේ බලවත් ප්‍රණාමය පිලිගන්න. දෙක ඔයා සංගිත කරපු එකේ අර බයිරවී රාගේ කියලා කියවෙන සිංදුව මතක නැද්ද? අක්කා ඒක කියන්නෙ සමවැදිලා දෙපැත්තට ඔලුව වනා වනා..... මම හෙනට බය වෙනවා ඒ වෙලාවට
      ........................
      සෙන්නා,
      තාර බර ඇරලයි අපි කෙ‍හෙල් කිරන්න තරාදිය හදලා තියෙන්නෙ
      ..............
      ජනු,
      පොතක් නං ගහන්ඩ බැරියැ..... හැබැයි පොතට කලින් සල්ලි ටිකක් ගහගෙන ඉන්ඩ වෙනවා.... හෙහ් හේ
      ..............
      සෙන්නා,
      හුලං ගැහැව්වෙ පාන්දර ඉදලා උදේ වෙනකල්... දවසම හුලං ගැහුව නං කොල්ලගේ අත ගැලවිලා වැටෙනවා

      Delete
    5. බුද්ධියො.. භෛරවී රාගෙ නෙවෙයි ඒක භෛරව රාගෙ. භය ගති දනවන භෛරව රාගේ - උදයම හිරුදෙවි පුදනට සෑහේ...
      ඉතුරු ටික නං දැං මතක නෑ අනේ... අපේ අම්මගෙන් අහල කියන්නං තව අන්තරා කොටසෙ මෙහෙමත් තිබුණ.. ස්වර දෙක ධ සහ රී කෝමල වේ කියල...

      සෙන්න කියන කතාවත් ඇත්තට හැබෑව.. ඔය සුවර පෙට්ටි වාදක තෙමේ ඕක ඔය හැටිම කැපවීමෙං කොළා කියල අපි ඉතිං දන්නෙ උන්දැම කියන හන්ද නෙ...

      Delete
  17. ඇයි බන් මේකේ ඔක්කොම ටික උදේ තිබ්බ නේ.... දැන් තියෙන්නේ භාගයයි නේ මොකා උනේ ... නැත්තන් මට පේන හැටිද ?
    අර දතේ කොටස කෝ ....

    ReplyDelete
    Replies
    1. සමීර,

      ඒක නේන්නම් දත වැටිලා වගේ....:D

      Delete
  18. මටනං හිතෙන්නේ අක්කට කම්මලේ බල්ලට වගේ ඇහෙන්නේ නැතිව ඇති. නැත්නම් බුද්ධි ගහපු ස්වර වලට සිංදු කිව්වනම් අක්කට පුරුදු වෙන්න වෙන්නේ රැප් ඒවා තමයි.

    ReplyDelete
    Replies
    1. සුදීක, අපි වගේ මල්ලිලා ලබන්න ඒ ගොල්ල වාසනා කරන්න ඕනෑ හෙහ් හේ....

      Delete
  19. මුග්ධ වාසනා කෙල්ලව මට අමතක වෙලා තිබුණේ... :)

    ReplyDelete
    Replies
    1. බීටල්,

      ඔව් මම කලිනුත් ඔය වාසනා කෙල්ල ගැන කියලා තියෙනවනේ නේද?

      Delete
  20. මේ පාරනං අක්ෂර වින්‍යාස දෝෂ සහ ව්‍යාකරණ දෝෂ බර ගානක් අහු උනා..

    ReplyDelete

ඔබේ පංගුව...

Related Posts Plugin for WordPress, Blogger...