Showing posts with label Cartoons. Show all posts
Showing posts with label Cartoons. Show all posts

2016/04/27

අද කාටුන් 25 | බ්ලොග් වසන්තයේ සංවිධායකවරු ගැන අන්තර්ජාලයේ සංසරණය වන කාටුන් එක දුටුවාද?


2016 බ්ලොග් වසන්තය නිසා හුඟක් දෙනා නැවත බ්ලොග් ලියන්න අරගෙන.

මේ හේතුව නිසා කාලයක් හොඳටෝම ජනප්‍රිය වෙලා හිටපු විදෙස් සිත්තරාත් ආයෙමත් පින්සල අතට ගත්තා. ඔය තියෙන්නේ 2016 බ්ලොග් වසන්තයෙන් ඔකද වෙලා පොර ඇන්ද සිතුවම. කාලයක් තිස්සේ පින්සලක් අල්ලන්න බැරිවුනු නිසා ඉරි නම් පොඩ්ඩක් ඇදේ ගිහිල්ලා. හැබැයි මේ නිසා මීට අවුරුදු හතර පහක අතීතයට කාල යන්තරයක් නැතිව යන්න පුලුවන් වුනු එක නම් හරිම ජොලි වැඩක්.

මේ නිසා බ්ලොග් වසන්තයක් සයිබරයට ගෙන එන්නට මූලික වුනු දුමීටත් ඉන්දිකටත් හොඳම එකෙන් අපි ස්තූති කරන්න වටිනවා.

ඔය තියෙන්නේ 2016 බ්ලොග් වසන්තය ගැන පවත්වපු මූලික වටයේ සාකච්ඡාව පටන් ගන්න ටික වෙලාවකට කලින් සිදුවූ සිදුවීමක්. බලන්න නේද එයාලාගේ කැපවීම.

අවුරුදු ගාණකට කලින් හිටපු මනුස්සයෝමද දැන් ඉන්නේ කියලා හරියටම දන්නේ නැති නිසා සිත්තරය මේ දෙන්නාට පෙන්නලා කලින් අවසර අරගෙන තියෙන්නේ. ඒ අයත් ඒ අවස්ථාවේ මේ සිදුවීම ඇත්තක් කියලා තහවුරු කලා.

එහෙනම් සිතුවම රස විඳින්න පුලුවන් මට්ටමේ තියෙනවා නම් රස විඳින්න.

අපේ අලුත් බ්ලොගස්ලා ට අපේ කාලයේ බ්ලොගස්ලා ගැන දැනුවත් කරන්න කැමතිනම් මේක ශෙයා කරන්න.

තව පොඩි දේකට මොහොතක කාලයක් වැය කරන්න පුලුවන් නම්, අපේ බ්ලොග් වසන්තය ඡන්ද පොලට ගිහිල්ලා කැමතිම බ්ලොග් අඩවියට, හොඳම කොමෙන්ට්කරුට මනාපයක් ලබා දෙන්න.

බ්ලොග් වසන්තයට ජය වේවා!
........................
- විදෙස් සිත්තරා.

2014/12/01

ගමරාළගේ පිට්ටු කෑම...! | සිතුවම් බර ගාණකින් සමන්විත ඔන්ලයින් විරිඳුව...

ගමරාළ කෙනෙකුගේ පිට්ටු කෑමක් ගැන කියවෙන මේ විරිඳුව කතන්දර සීයා විසින් කෙහෙල්කොටුවේ චුටි මහත්තයා ට ඒ කාලේ කියා දුන් එකකි. සිතුවම් බර ගාණකින් සමන්විත මෙය රසවිඳ, ලබා ගත හැකි පාඩමක් වෙතොත් එය ලබා ගන්නා මෙන් කෙහෙල්කොටුවේ චූටි මහත්තයා ඔබට ආරාධනය කරයි.

මෙන්න එහෙනම් සයිබර් යාය ඔබවෙත ගෙන එන “ගමරාළ ගේ පිට්ටු කෑම“ විරිඳුව.....




ගමරාළ ගේ පිට්ටු කෑම අහවරයි. 

සයිබර් යායේ බුද්ධිමත් රසිකයෙක් හෝ රසිකාවියක් වන ඔබත් මෙවැනි සිදුවීමකට මූණ දී ඇති නම් හුදී ජනයාගේ පහන් සංවේගය උදෙසා ඒ පිළිබඳ සඳහන් කරන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

.................................
- කෙහෙල්කොටුවේ චූටි මහත්තයා.

2014/07/12

අද කාටුන් 24 - කතන්දරකාරයාගේ බ්ලොග් කට්ටෙහි අවසානය | End of an ERA !

කතන්දරකාරයා කියන්නේ අපි කව්රුත් දන්න අඳුනන පොරක්.

මිනිහා එයාගේ බ්ලොග් කට්ට අවසාන කරනවයි කියන නිළ නිවේදනය ඊයේ පෙරේදා දවසක කරලා තිබුනා. කතන්දරකාරයා ගැන එක එක්කෙනා එක එක දේවල් කියනවා. මම මේ කාටුන් එක ඇන්දේ මිනිහා බ්ලොග් ලෝකේ ගමන් කරද්දි හඳුනාගන්න ලැබුනු හොඳ යාලුවෙක්, හොඳ දිරිමත් කරන්නෙක්, හොඳ උපදේශකයෙක්, මුල් කාලෙදී වගේම විටින් විට මම ගැන කතන්දර බ්ලොග් එකේ ලිපිවල සඳහන් කරපු නිසා, මම ඇඳපු චිත්‍ර වලට වැඩියෙන් ම වස්තු විෂය වුනේ කතන්දරකාරයා නිසා, මගේ බ්ලොග් ලිපි කියවලා ප්‍රතිචාර දක්වපු නිසා හෝ මගේ බ්ලොග් එකට ඇදෙන රසිකයන්ගෙන් බොහෝ පිරිසක් කතන්දර බ්ලොග් එක හරහා එන හින්දා විතරක් නෙමෙයි!

අද කාටුන් එකෙන් මම ඇඳලා තියෙන්නේ කතන්දරගේ බ්ලොග් කට්ට අවසාන කිරීම ගැන මගේ අදහස සහ ප්‍රාර්ථනය!

කොහොම වුනත් කතන්දරකාරයා අපි කාටත් ලේසියෙන් කරන්න අමාරු දෙයක් කලා. ඒ වසර පහක් එක යුගයක් කරපු එක!!

සිතුවමක් තියෙද්දි වැඩි විස්තර කතා කරන්න ඕන නෑ. ඉතින් කතන්දරකාරයගේ ඉදිරි සැලසුම් සාර්ථක කරගන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා!


මීට,
කෙහෙල්කොටුවේ වූටි මහත්තයා, ටිකිරි, යුරෝ දෙකේ වීරයා සහ විදෙස් සිත්තරා.

2013/03/24

අද කාටුන් 23 - චතුෂ තුෂාර කුමාර හෙවත් මාරයාගේ විවාහ මංගල්‍යයය - ඔබ නොදුටු පින්තූරයක්

 මාරයාගේ විවාහය ගැන බ්ලොග් ලෝකයේ ගොඩක් දෙනෙක් කතා කරනවා. මාරයම කියන හැටියට “ආ..ඌට බැන්දට පස්සේ වැඩ වැඩි වෙලානේ...:D ඔහොම තමා බැන්දම... කලින් කුරුල්ලෝ වගේ නිදහසේ හිටිය උන්ගේ තටු කැපෙනවා.. දැන් ඇති පවුල් බරට කර ගහලා...“ කියලා ලු කසුකුසුව යන්නෙ.

මේ ගැන කෙහෙල්කොටුව කාටුන් අංශය කරපු විශේෂ විමර්ෂණයකින් පස්සෙ හෙලි වුනා මේ කතාවේ ඇත්ත යුත්ත.

මේ පහලින් විදෙස් සිත්තරා කෙටියෙන් දක්වලා තියෙන්නෙ ඒ සම්පූර්ණ විමර්ශණ වාර්තාවේ සිප් මෙව්වා එක.

ඒ අනුව මාරයාගේ මගුල කියන්නෙ තනිකර.........




ඔන්න ඕකලු ඇත්ත තත්වය. ඕගොල්ලන්ටත් තේරුනා ද?

නැවත දවසක හමුවෙමු.

..................................
-මීට විදෙස් සිත්තරා

ප/ලි-

මෙන්න කෙහෙල්කොටුව කාටුන් අංශයේ පරණ විමර්ශණ වාර්තා




2012/10/18

අද කාටුන් - 22 - කතන්දරගේ 1000 සහ ඇනෝලා !

දින කිහිපයකට පසුව ඔන්න නැවතත් කාටුන් එකක් පල කරන්න හිතුවා.

අද පලවෙන කාටුන් එක විදෙස් සිත්තරා ඇන්දේ කෙහෙල්කොටුවෙ ඉදලා නෙමේ. විදෙස් සිත්තරා මේ දවස් වල පැන්සල ඇල්ලීමේ නිවැරදි ක්‍රමය ගැන හදාරන්න විශේෂ පුහුණුවකට ගිහිල්ලා තියෙන්නෙ. මේ එහෙදි ඇඳලා, කෙහෙල්කොටුවට එවන ලද කාටුන් එකක්.

අද කාටුන් එකේ ඉන්න "පොර"ව අපි කව්රුත් දැන් හොඳට දන්නවා. ඒක නිසා වැඩි විස්තර කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ.

මෙන්න කාටුන් එක.

නිමිත්ත - kathandara.blogspot.com
ඔන්න ඔහොමලු උනේ. නැවත හමුවෙමු.

............................
-  මීට විදෙස් සිත්තරාගේ සිතුවම සමඟින් යුරෝ දෙකේ වීරයා.

2012/07/11

අද කාටුන් - 21 - කතන්දරකාරයාගේ තුන ඉවරයි | හුරේ...! අපි කලින්ම කිව්වා ඕක වෙයි කියලා.....

අද දවසේ වැදගත් කම මොකද්ද?

තල වැපිරුවොත් තල,  මුං වැපුරුවොත් මුං ලු! 

ඒක තමා අද වෙලා තියෙන්නෙ. මෙතුවක් කාලයක් බලාගෙන හිටියේ මේ දවස උදා වෙනකල්. මොකද, කව්රුහරි බ්ලොග් ලියන්නෙක් කතන්දරකාරයා වගේ වෙන්න දැඟලුවොත් ඒ ඕනම කෙනෙක් ට මුණ දෙන්න වෙන්නෙ මේ වගේ සිද්ධියකට තමයි.

අද කතන්දරකාරයාටත් ඒ සිද්ධියට මූණ දෙන්න වෙලා. එයා බ්ලොග් ලියන්න පටන් ගද්දි මේ වගේ දෙයක් වෙයි කියලා හීනෙන්වත් හිතන්න නැතුව ඇති. හරි සතුටුයි. අපිත් බලාගෙන හිටියෙ මේ වගේ අවස්ථාවල් එනකල් තමා. 

" තල වැපිරුවොත් තල,  මුං වැපුරුවොත් මුං " කිව්වට සමහර වෙලාවට පැණි දොඩම් පැලයක් හිටෙව්වාම ඒකෙ පලගන්නෙ ඇඹුල් දොඩම්. රන් තැඹිලි පැලයක් හිටවපු කාටද කියන්න පුලුවන් අවුරුදු ගාණකට පස්සෙ ඒක ගොන් තැඹිලි පීදෙන්නෙ නැහැමයි කියලා.



ඔන්න ඔහොමලු උනේ.

ඉතින් කතන්දරකාරයාගේ තුන අහවර වී කතන්දර බ්ලොගය සිව්වන වසරට පා තැබීමත්, ඕනමැන්ටල්ගේ උපන් දිනය එදිනට යෙදීමත් යන කරුණු කරණ කොටගෙන මගේ හිතේ බුර බුරා නැගුනු ආවේගය හන්දා ඇඳුනු සිත්තරෙයි ඔය තියෙන්නෙ. 

ඔතන තියෙන රුවන් වැකි ද, දෙබස් ද, අරව ද, මෙව්ව ද වලින් ගොඩක් දේවල් මීට හරියට අවුරුද්දකට කලින් ඒ ගොල්ලම කියපුවා හොදේ. ඕං අපි නං නෑ! 

බොරුනං මේ තියෙන්නෙ.
  • කතන්දරකාරයාගේ තුන ඉවරවීම ගැන වැඩිපුර තොරතුරු වලට මෙතැනින් යන්න.
  • ඕනමැන්ටල්ගේ උදාන වාක්‍ය සත්‍ය දැයි බලාගන්න මෙතැනින් යන්න.
  • මහා පඬි බීටල් බෙයිලියන්, රුවන් වැකිය ප්‍රකාශ කල ඒ ‍අසිරිමත් ‍මොහොත බලාගන්න මෙතැනින් යන්න.
  • වැදගත් - මෙම භාව ප්‍රකාශණය ගැන ඔබගේ වටිනා අදහස් පල කරන්න පහල ඇති කොටුවට යන්න. 

ඕං ඕකයි අද දවසේ වැදගත්කම.

නැවත හමුවෙමු!

................................................
-  විදෙස් සිත්තරා.

ප/ලි - 
ඊයේ රෑ හීනෙන් ග්‍රැෆික් අවහල් වලට අධිපති දේවතාවිය ඇවිල්ලා කිව්වා නියම කතාවක්. පහුගිය දවසක කතන්දරකාරයාගේ ගම් පැත්තට ආපු චණ්ඩ මාරුතයෙන් උන්දැගෙ කොන්ඩේ සේරම උඩු හුලඟට ගහගෙන ගියාලු. ඒක හින්දා තට්ටය හයිලයිට් වෙන්න අඳින එක නුවණට හුරුයිලු. ඕනමැන්ටල්ගෙ නම් නැත්තෙ තට්ටෙ විතරලු. ඔය දෙන්නව දැක්ක කව්රුහරි ඉන්නවනම් ඒ ගැනත් පොඩ්ඩක් කියලා යන්ඩකෝ.

2012/06/30

අද කාටුන් - 20 - ටෙන්ඩර් කැදවීමයි ! | බ්ලොග් ලියන ධනවතුන් හා ධනවතීලාට

01. priyantha June 28, 2012 4:41 PM
මේකේ සිත්තරේ නැද්දෝ...:(

03.අසේල June 28, 2012 1:04 PM
ඇයි චිත්‍රයක් නැත්තෙ.....

02.හසී June 27, 2012 9:48 PM
සිත්තරා නිවාඩු ගිහින් ද?

03.පරිකල්පන June 27, 2012 7:45 PM
කෝ සිත්තරේ...?

04.සෙන්නා June 27, 2012 3:32 PM
හැකියාවයි, උපකරනයි තියන එකේ, සිත්තරේකුත් දැම්මනම් නරකද.. ?

05.Beetle June 27, 2012 10:38 AM
මේකට සිත්තරයක් නැති එක නම් වස පාඩුවක්...

06. Sahan WeerasingheJune 27, 2012 9:34 AM
ඒකනේ දැං සිත්තර එන්න එන්නම අඩු වෙනවා,,, මටත් දැං එපාවීගෙන එන්නෙ...

07.වෙද ගෙදර මහ වෙදනාJune 27, 2012 9:12 AM
නරකද මේ ගැන ලස්සන රූපයක් ඇන්දොත්. විදෙස් සිත්තරා නම් කැමති ඇති.

මේ  පහුගිය දවසක පලවුනු වුනු සොත්ති සපත්තුව කතාවට ලැබුනු ප්‍රතිචාර කිහිපයක්.

කතාවලට සිත්තර නැති වුනු එක, සෙනසුරාදාට විතරක් සිත්තර පලවෙන එක ඉබේ සිද්ධ උනු දෙයක් නෙමේ. ඒ කාලෙ ඉදන් සයිබර් යායට ගොඩවෙලා මේකෙ වෙන දේවල් ගැන ඇහැගහගෙන ඉදලා සිත්තර ගැන මට උපදෙස් දුන්නු පොරක්ගෙ කියමනකට අනුවයි මේ දේවල් සිද්ද උනේ.

ඒ කාලේ මම එයාව එච්චර දන්නෑ. ඒත් දවසක් මට ලිඛිත මාර්ගයෙන් කතා කලා.

පොර - මසං... මම අහවල් බ්ලොග් එක ලියන අහවලා. මසං... මං පොඩි දෙයක් කියන්නං උඔ තරහ වෙනවද?
මම -  ඉතිං කියාපං.... මම මොකටද තරහා වෙන්නෙ......!
පොර -  මසං... උඔගේ ලියුම් වලට සිත්තර දැමිල්ල නැගලා යනවා නේද?
මම - නැතුව අපි වැඩක් කලොත් දන්නවනේ.......
පොර -  මසං... තව සිත්තර දෙක තුනක් දාලා ඕක නවත්තපන්....
මම -  වට් නොංසං... ආ යු මෑඩ්....!
පොර -  නෝ..මේට්! මේ අහපන්....එතකොට අගේ වැඩි වෙනවා. ඉදලා හිටලා එකක් දාපන්... ටික දවසක් යද්දි උඔගෙන් කට්ටිය "සිත්තර දාන්නෙ නැද්ද?, සිත්තර දාන්නෙ නැද්ද?" කියලා අහන්ඩ ගනියි. ඕක පොඩ්ඩක් ඩිමාන්ඩ් කරාපං.....!
මම - එහෙමද? ටැංකොයි!.... උඔලා වගේ අදහස් දක්වන අය ඉන්න එක මට ලොකු හයියක්. 


ඔය පොර ඔතනින් නැවතුනේ නෑ. ජාත්‍යන්තර මට්ටමේ කාටුන් වෙබ් අවඩි වල ලින්ක් එහෙමත් මහ ගොඩක් මට එව්වා. ඒවා බලලා ඉගෙන ගන්න කියලා.


ඉතින් මම මිනිහව විශ්වාස කලා. ඒ අනුව කතන්දර වලින් සිත්තර අයින් කරලා සෙනසුරාදාට විතරක් ඒවා දැම්මා. ඔන්න දැං මිනිහා කිව්ව විදිහට වැඩේ පත්තුවෙලා. සිත්තරේ නැතුව සමහරුන්ට කෑවත් නොකෑවා වගේලු. කිව්වට පිළිගන්ඩ මේල් සිය ගාණකින් මගේ ඉන්බොක්ස් එකත් පිරිලා මේ වගේ ඉල්ලීම් වලින්. (ඉන්බොක්ස් එක මට විතරයි නේද පේන්නෙ?)

වැදගත් ම දේ ඒ එක නෙමේ පින්වතුනි, මිනිහා ව මම මගේ සිත්තර උපදේශක තනතුරට පත්කර ගත්තා. අඩු වයසින් ම මිනිහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වෙන ලකුණු පෙන්නුම් කරනවා. එකක් තමා මට එක උපදේශක් දීලා ජනතාව ඉදිරියේ, සොරි! ඕගොල්ල ඉදිරියේ ඕගොල්ලන්ගේ පැත්තට කතා කරන එක. ඔය ඉහල සිත්තර ඕනෑ කියලා කමෙන්ට් කරපු කට්ටිය අතර එයත් කමෙන්ට් කරලා. බලන්ඩකෝ හැමදේම මිනිහා හරි ඉක්මනට අල්ලගන්න හැටි.

ඉතින් මේ විදිහට භාණ්ඩයක හරි සේවාවක හරි ඉල්ලුම වැඩි වෙද්දි මොකද වෙන්නෙ. ඒකේ අගය ඉහල යනවා. එතකොට මොකද කරන්නෙ. එක්කෝ හොඳ ගාණකට විකුණලා දානවා. නැත්තම් අනුග්‍රාහකයෝ ‍කට්ටියක් අල්ලාගෙන වැඩේ ලාබ පිට කරගෙන යනවා.

ඔය විදිහට කල්පනා කරලා බලලා අපි තීරණය කලා "සොත්ති සපත්තුව" කතාවේ සිත් ගත් අවස්ථා කිහිපයක් ඇතුලත් කාටුන් සිත්තර ටිකක් ඇඳලා දාන්න. හැබැයි ඒවා පලකරන්නෙ ඒ ඒ අවස්ථාවන් හා චරිත වලට අනුග්‍රහකයෝ ටිකක් හොයාගන්න පුලුවන් උනොත් විතරයි.

ඔය ගැන කියලා අපි කෙටි දැන්වීමක් දැම්මා කමෙන්ට් එකක් හැටියට. ඒ අවස්ථාවේදීම මේ වැඩසටහනේ වටිනාකම තේරුම් ගත්තු ධනපති බ්ලොග්කාරයෝ ටිකක් වහාම අනුග්‍රහය දෙන්න ඉදිරිපත් උනා. වැඩේ කියන්නෙ හැමදේම ඉක්මනට තේරුම් යන බ්ලොග් ලියන ධනවතීලට ඒක තේරුම් ගන්ඩ ටිකක් වෙලා ගිහිල්ලා.

මේ තියෙන්නෙ ඒකට උදාහරණ.

01. අනුග්‍රහය දක්වන්නේ මොකටද අනේ. ඒකත් විස්තර කරලා දෙන්ට. (කමෙන්ට් මාර්ගයෙන්)
02. මොකද්ද අනේ ඒ කේෂ් එක.... චිත්තෙකුත් අඳින්ඩ ඕනිද? (චැට් මාර්ගයෙන්)
03. ආ... මං හිතුවා අපි එක එක්කෙනා ඇඳලා එව්වම ඔයා ඒ සංඝටක ටික එකට සම්පින්ඩනය කරලා දානවයි කියලා... හිකිස්..... (දුරකතන මාර්ගයෙන්)

ඔය හේතුව හන්දා අපි තීරණය කලා සම්පුර්ණ පැහැදිලි කිරීමක් එක්ක නියමිත ටෙන්ඩර් පටිපාටිට අනුගමනය කරලා ප්‍රසිද්ධ ලියමනක් දාන්ඩ. ඒ අනුව ඊයේ දවසේ චරිත මිල දී ගත්තු අයගේ ගනුදෙනු අවලංගු වෙනවා. ඒකට සමාවත් භජනය කරනවා.

අනික මේ වැඩේ නියමිත ක්‍රියාපටිපාටියට කලේ නැත්තං ඕගොල්ල කියයි,  "මේං මෙච්චි විතර දැන්වීමක් දාලා තිබුනේ... ඒක අපි දැක්කෙත් නෑ. වගකිවයුතු ආයතනයක් හැටියට මෙහෙමද ඕගොල්ල වැඩ කරන්නෙ.... නඩුත් හාමුදුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගේ..... වෙනටද පිටුවක් පුරෝලා ඇඩ් දානවා. මේකට මෙච්චිම මෙච්චි කොමෙන්ට් කෑල්ලක් ඉතරයි..... අපිට මේ සිද්ධි දාමය ගැන සාධාරණ මෙව්වා එක්ක පහල වෙනවා..... වහාම මේ ටෙන්ඩර් එක අවලංගු කරලා නැවත තියන්න" වගේ කතා.


ඒක හින්දා ඉතාමත් පැහැදිලිව නිරවුල් ව පහත දක්වලා තියෙන විස්තර කියවලා ඕගොල්ලන්ටත් පුලුවනි අනුග්‍රාහකයෙක් වෙන්න.

කොන්දේසි -
01. ඔබ කල යුත්තෙ පහතින් අප දක්වා ඇති චරිත හා අවස්ථාවන්ගෙන් ඔබ කැමති චරිතයක් හෝ අවස්ථාවක් තෝරාගෙන අනුග්‍රහය දැක්වීමයි.
02. රුපියල පාවෙන නිසා සියලු ගණුදෙනු යුරෝ මගින් සිදු කෙරේ.
03. එක් පුද්ගලයෙකුට ලබාගත හැක්කෙ එක් අනුග්‍රාහකත්වයක් පමණි. ඔබ කැමති දේට දැනටමත් අනුග්‍රහය දක්වා ඇති නම් ඔබට සම අනුග්‍රහය හිමිවේ.


අනුග්‍රාහකත්වය ලබා ගත හැකි චරිත, අවස්ථා හා ඒවායේ මිල ගණන්.
‍‍01. පන්ති නායක. :- යුරෝ - 2,500
02. පද්මිණී ටීචර්.:- යුරෝ - 4,500
03. පොර කන අවස්ථාවේදී නැගෙන දුවිල්ල සහ එයින් පිටවෙන ළමයා. :- යුරෝ - 4,500
04. සිත්තරයේ උඩින්ම යොදන මාතෘකාව.:- යුරෝ - 9,500
05. රබර් බෝලය. :- යුරෝ - 6,800
06. කලු කොටුව :- යුරෝ - 6,900
07 .ඉඳි ආප්ප භාජනය (ටීචර්ලාගේ අතුත් සමඟ). :- යුරෝ - 22,000
08. නව සොයා ගැනීම කියවෙන වැකිය. :- යුරෝ - 45,000
09. නිරූපා ටීචර්.:- යුරෝ - 65,000
10. සපත්තුවේ සිට ඇඳි කඩ ඉරි පේලිය. :- යුරෝ - 76,000
11. අවසන් ජවනිකාවට පණ පොවන නලින්.:- යුරෝ - 90,000
12. සපත්තුව. :- යුරෝ - 96,000
13. කෙහෙල්කොටුව පාපන්දු කණ්ඩායම. :- යුරෝ - 10,000,000
14. කෙහෙල්කොටුවේ චුටි මහත්තයා.:- යුරෝ - 1,000,000,000,000,000,000


උදාහරණ - මෙහි දැක්වෙන රූප බලන්න. ඹයිට හපං අනිත් එව්වා.




අනුග්‍රහය ලබා ගන්නා ආකාරය.
01. මුලින්ම ඔබ කැමති චරිතය තෝරාගන්න.
02  එහි අංකය සහ නම සටහන් කරන්න.
03. එම චරිතයට ඔබ අනුග්‍රහය දක්වන්නෙ ඇයි දැයි සටහන් කරන්න.
04. ඔබගේ අනුග්‍රහය සමග යෙදිය යුතු වැකියක් ඇතොත් සටහන් කරන්න.


උදා- 
අපි හිතමු සෙන්නා මහතා චුටි මහත්තයා දැක්වෙන සිත්තරේට අනුග්‍රහය දක්වනවයි කියලා. එතකොට වෙන්නෙ මෙහෙමයි.

14.කෙහෙල්කොටුවේ චුටි මහත්තයා. - මම මේ චරිතයට අනුග්‍රහය දක්වන්න තීරණය කලේ ඔහු හැබෑ දක්ෂයෙක් නිසයි. අනික හරිම ක්‍යුට් අනේ. ලොකු වෙද්දි රටට වැඩදායි පුරවැසියෙක් වෙනවා නොඅනුමානයි.
අනුග්‍රාහක වැකිය - සෙන්නා - කුරුන්දට ආවොත් ඉතිං සොරිම තමා.....!


(සැලකිය යුතුයි - මේ කොටස් හතර අනිවාර්යෙන් සම්පූර්ණ කළ යුතු අතර අඩක් සම්පූර්ණ ඇති අනුග්‍රාහකයින් ඉවත් කෙරේ. ඔවුන් ගෙවා ඇති මුදල් මකර කටට බැර කෙරේ.)


ප්‍රචාරණය - 
මෙම අනුග්‍රාහක දැන්වීම් ඇතුලත් අලුත්ම ආකාරයේ කාටුනය ජූලි 06 වන සෙනසුරාදා උදේ 6.00 සිට විකාශය වේ.

වැඩි විස්තර - 
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න. cyberlipi@gmail.com
...............................
- යුරො දෙකේ වීරයා.

ප/ලි -
විශ්වාස කටයුතු ආරංචියක් ආවා කට්ටියක් සූදානම් වෙලා ඉන්නවලු “චුටි මහත්තයට“ අනුග්‍රහය නොදී අනික්වට විතරක් අනුග්‍රහය දීලා, චුටි මහත්තයගේ ජනප්‍රියත්වේ අන්තිමට බැහැලා කියලා බොරු ප්‍රචාරයක් යවන්න. ඕගොල්ල නං මේකට අහුවෙන්ඩ එපා හොදේ!

2012/06/23

අද කාටුන් - 19 - මහවෙදනා දැක්වෙන ඉපැරණි ලෙන් සිතුවමක් | අතීතයේ දී නවීන තාක්ෂණය භාවිතා කළ බවට මෙන්න සාක්ෂි.....!

පසුගිය දා නිධානයක් කැණීමට ගොස් සිටි පිරිසකට මෙහි පැවතුනා යැයි කියවෙන, බොහෝ පිරිසක් අදටත් මිත්‍යාවකැයි සැක කරන "ලංකාවේ ‍ආශ්චර්යමත් යුගය" පිළිබඳ ‍බොහෝ තොරතුරු ඇතුලත් වූ බිතු සිතුවම් අඳින ලද ලෙන් සමූහයක් හමු වී ඇත.

ඝන වනාන්තරයට හසු වී පුරාවිද්‍යාඥයින්ගෙන් හා ඉතිහාසඥයින්ගෙන් මෙතෙක් කල් සැගව තිබූ මෙම ලෙන් සමූහය පසුගිය දා හමු වීමත් සමග ම මෙහි පැවතුනා යැයි සැක කල ආශ්චර්යමත් යුගය ගැන වඩා වැදගත් තොරතුරු රාශියක් ආනාවරණය කරගැනීමට හැකි ව ඇත.

මෙම සිතුවම් අතරින් ඉතා විශිෂ්ඨතම සිතුවම වන්නේ පහතින් දක්වා ඇති සිතුවමයි. 

මෙයින් දැක්වෙන්නෙ ආශ්චර්මත් යුගයේ ලංකාවේ පිහිටි වෙද ගෙදරකි. වෙද මහතා හා එම මහත්මිය කතා බහ කරන ආකාරයක් සිතුවමින් දැක්වේ. සිතුවම ඉතා සුපරික්ෂාකාරීව විමර්ෂණය කර බලන්නෙකුට වර්තමානයටත් වඩා එකල නවීන පරිගණක තාක්ෂණය භාවිතයට ගන්නා ආකාරයත්,  ඒවා පණ ගැන්වීමට විදුලි බලය තිබු බවත් සිතිය හැකි සාධක සිතුවමෙන් දක්නට ලැබෙයි. ඊට අමතරව ඔවුන් දෙදෙනාගේ දෙබස් පරික්ෂාකාරී ලෙස විමර්ෂණය කිරීමේ දී එදිනෙදා ජීවිතයට නවීන තාක්ෂණය කෙතරම් දුරට සමීප වී ඇති ද යන්න මොනවට පැහැදිලි වේ.

නමුත් ඇතැම් විද්වතුන් පවසන්නෙ සිතුවම් ශිල්පියා විසින් කාටත් නෙපෙනෙන සේ සිතුවම හරහා නයෙන් ඇර ඇති බවයි.

කෙසේ වෙතත් "වෙදගෙදර මහවෙදනා බ්ලොග් ලිපියෙන් සෙන්චරිය ගැසූ වගයි" යනුවෙන් මෙම සිතුවම නම්කර තිබීමෙන් එකල ද බ්ලොග් ලිවීම ප්‍රචලිතව පැවතී ඇති බවත්, මේ වෙදනා නම් තැනැත්තා ද බ්ලොග් කරණයට අගනා ලිපි එක් කරමින් සිටි පුද්ගලයෙකු බවත්, මේ සිතුවම අතිදක්ෂ විදෙස් සිත්තරෙකු විසින් නවීන සිත්තර ඇඳීමේ උපකරණයක් භාවිත කර, මහ වෙදනාගේ සිය වැනි ලිපිය මුදා හැරීම සමරණු වස් ඇඳි එකක් බවත් සිතිය හැකි යැයි පුරාවිද්‍යාඥයෝ පවසති.

බැලු බැල්මට සිතුවම කුඩාවට පෙනුනද, සිතුවම වඩා හොදින් විශ්ලේෂණය කිරීමට සහ වෙදනාගේ හා හාමිනේ ගේ දෙබස් කියවීමට අවශ්‍ය පුද්ගලයින්ට, ඒ මත ඩබල් ක්ලික් කර සිතුවම විශාලනය කර වැඩිදුර තොරතුරු සොයාගත හැකි බව ඔවුන් වැඩි දුරටත් පවසා සිටීයි.

මේ සිතුවම ගැන ඔබගේ අදහස් දැක්වීමට ද දැන් අප අවස්ථාව සලසා ඇත.


මෙවැනි ම වු විමර්ශණයකින් නැවත හමුවෙමු
..............................................
- විදෙස් සිත්තරා.

සැලකිය යුතුයි - මෙහි ඇතැම් කරුණු නිරවද්‍ය වේ.

2012/06/16

අද කාටුන් - 18 - ලංකාප්‍රිය මහතාගේ කලිසම ඔලුවෙන් ගැලවීමෙ තැතක් හෙලිවේ.....!

බොහෝ ඇසු පිරූ තැන් ඇති, බ්ලොග් එක කියෙව්වම, දැකලා කතා කරන්න හිතෙන මහත්තයෙක් මූණ දුන්නු සිදුවීමක් ගැනයි අද කාටුන් එකෙන් කියවෙන්නෙ. ඒ හින්දයි මමත් මේ කණට ඇහෙන්නැති ගානට, වැදගත් තාලෙට, මහත්තයෙක් වගේ කතා කරන්නෙ.

මේ ගැන ඔත්තුව දුන්නෙ තවත් මහත්තයෙක්. ඒ වෙද මහත්තයා. බ්ලොග් එක අයිති මහත්තයා ඇවිල්ලා සරත් ලංකාප්‍රිය මහත්තයා. ඒ මහත්තයා ලියන්නෙ ලංකාප්‍රියගේ සිතිවිලි ගැන.

ඉතින් මේ තියෙන්නෙ ඒ මහත්තයා‍ට වෙච්ච අකරතැබ්බයක්.

සම්පූර්ණ කතාව කියවන්න කැමති මහත්තයලා, නෝනලා ගිහිල්ලා ඒක කියෝලම එන්න. එතකොට ඒ මහත්තයා අහන ප්‍රශ්ණෙකටත් උත්තර දෙන්න අවස්ථාව ලැබෙනවා.

කාටුන් එක ගැන අදහස් දක්වන්න කැමති මහත්තයලට, නෝනලාට පහල ලෑස්ති කරලා ඇති කොටුවක්. පනින්නැතුව පෝලිමේ ඇවිල්ලා ලියලා යන්න. ඒක මේ බ්ලොග් එකේ ඇඩ්මින් මහත්තයට හයියක් වෙයි.

එහෙනම් ඊලග දවසෙ හමුවෙමු.

ලබන සතියේ මේ මහත්තයලා, නෝනලා නොවරදවා ම එන්න. මොකද චූටි මහත්තයා බලාගෙන ඉන්නවා කතාවක් කියන්න.

නැවත හමුවෙමු.

...............................
- මීට විදෙස් සිත්තරා මහත්තයා.

2012/06/12

අද කාටුන් - 17 - රංග මහතා අනිත් දවසෙත් ‍ෆුඩ්සිටි යයි. | වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි !

ඕං නොකිව්වයි කියන්ඩ එපා, මේ කාටුන් එක වැඩිහිටියන්ටයි වඩාත් සුදුසු. මොකද මේකේ කතානායකයා නිර්වස්තරයක් ඇදගෙනයි කාටුන් එකට මූණ දීලා තියෙන්නෙ. අනිත් කාරණය කාටුන් එක පලවෙන්න තිබුනෙ ගිය සෙනසුරාදා. ඒත් නිසි අවසරය දෙන්න පරක්කු වුනු නිසා අදට කල් ගියා. නිසි අවසරය දෙන්න පරක්කු උනේ මෑන්ස් බිසි හින්දා වෙන්ඩැති. බාගදා දැන් එයාට හිතුමතේ තනි තීරණ ගන්නත් බෑ නොවැ!

කොහොමහරි පහුගිය දවසක අපේ කතා නායක තැන එයාගේ "මේ දවස් වල විස්තර" ගැන ලිපියක් දාලා තිබුනා. ඒ ගැනයි මේ. තේරෙන්නෙ නැත්තම් එයාගේ බ්ලොග් එකට ගිහිල්ලා ලිපිය බලලා ම එන්න.

ඕගොල්ලන්ට මොකද හිතෙන්නෙ?

මේ කාටුන් එකේ කියවෙන උගත් පාඩමට ඕගොල්ල එකඟද? නැත්තම් මේ කාටුන් එක බලද්දි ඕගොල්ලන්ගේ හිතෙත් මීටත් වඩා ලස්සන, සාරගර්භ ආවේගයක් බුර බුරා නැග්ගද? එහෙනම් ඒක කියලා යන්නත් අමතක කරන්න එපා හොදේ!

අනිත් දවසෙ නැවත හමුවෙමු. නන් අයුරින් සහය දුන් සැමට තුති.

.........................
- මීට විදෙස් සිත්තරා.

ප/ලි -
නන් අයුරින් කියන්නෙ උගත් පාඩම කොටසට ගැලපෙන වාක්‍ය ගොඩනැගීමට අදහස් සැපයීම. අපරාදේ කියන්ඩ බෑ උදව් ඉල්ලපු හැටියේ උන්දැ කෝල් කරලම කිව්වා “රැවුල ගැන කිව්වොත් තමා මේකට එළටම කැපෙන්නෙ“ කියලා. බලන්ඩ නේද උනන්දුව.

හැබැයි ස්තුති කරලා නම දාන්ඩද කියලා අහද්දි ඇඹරුනා. අදහස් දැක්වුවට උන්දැ අපේ කතානායකයට බය උනාද කව්ද දන්නේ. ඒක හින්දා දැම්මෙ නෑ.

2012/05/26

අද කාටුන් - 16 - එන්ඩලා....බ්ලොග්කාරයෝ දිරිමත් කරන්ඩ එන්ඩලා.....!

බ්ලොග් ලියන්නෙ ඇයි කියලා ඇහැව්වොත් උත්තර ගොඩයි.

මට මතක් වෙනවා මීට අවුරුදු දෙකකට විතර කලින් මම බ්ලොග් ලියන්න පටන්ගත්තු කාලේ. ඒ කාලේ මාව හෙනට දිරිමත් කලේ ඊට කලින් බ්ලොග් ලියලා නමක් දිනා ගත්තු අය. ඒ අය ඒක කලේ තමන්ගේ බ්ලොග් වලින් මගේ බ්ලොග් එකට ලින්ක් දීමෙන්, නිතර පැමිණ කමෙන්ට් කිරීමෙන් හා facebook එකේ බෙදාහැරීමෙන්.

අවුරුදු දෙකක් ගෙවිලා තියෙන මගේ බ්ලොග් එකෙනුත් ඒ වගේ වැඩක් කරන්නයි මම අද ලෑස්තිවෙන්නෙ.

මේ වගේ වැඩක තියෙන ආනිසංස මතක් කරද්දි මගේ හිතේ බුර බුරා* නැගුණු සංතෝශය හන්දයි, මගේ අතින් මේ වගේ දෙයක් ඇඳුනේ. ඇරත් මේක යුගයේ අවශ්‍යතාවය කියලයි මට හිතෙන්නෙ.


ඇත්තටම ඔය තරූගේ කටින් පිටවුනු බ්ලොග් වල, ඇඩ්මින්ලා ඇඩ්මිනියන්ලා විසින් මේ පෝස්ට් එක පබ්ලිෂ් උනාට පස්සෙ මට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා හිතනකොටත් මගේ සියොලඟ මෙව්වා වෙලා යනවා. ඒත් ඒ ඔක්කොමලාම මගේ යාලුවෝ හන්දා මං නං තඹ සතේකට බය නෑ.

අවසාන වශයෙන් මම ඔබට එක දෙයක් කියන්නම්. මේ බ්ලොග් ලිපි හුඟ දෙනෙක් නොදැක්කත්, දැක්ක පිරිස අතර අතිශය ජනප්‍රිය වෙලා තියෙනවා. ඒක නිසා එක හුස්මට හැම බ්ලොග් එකකම හැම ලිපියක් ම කියවන්න.

මෙන්න බ්ලොග් ටික


01. පොඩිකුමාරි හාමි - මොනරවිල බ්ලොග් අඩවිය.
වැඩිදෙයක් කියවන්න නෑ. ඒ වුනාට මාර රසවත් වගේම හෙන අර්ථාන්විතයි. මුලු පෝස්ට් එකටම අකුරු හතරයි. H-O-M-E !!!

02. තරු මහතා - තරුමල් යාය බ්ලොග් අඩවිය.
පට්ට බ්ලොග් අඩවියකි. 2011 දී බ්ලොග් එක පටන් අරගෙන තියෙන්නෙ. මේ වෙද්දි ලිපි 300 විතර පල කරලා තියෙනවා. අන්තිම පෝස්ට් එකේ එක අකුරක්වත් නැති උනත් මාර තේරුමක් තියෙන්නෙ.

03. තනිකඩයා -  තනිකඩ බ්ලොග් අඩවිය.
තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...

04. Praසන්ன- Praසන්னගේ ලටපට බ්ලොග් අඩවිය.
තරුගේ බ්ලොග් එක‍ට පට්ට බ්ලොග් අඩවියකි කිව්ව හන්දා මේකට කියන්න වචන නෑ. හිතාගන්ඩකෝ එක පෝස්ට් එකයි, ඒකට කමෙන්ට් 191 යි. හිතාගත්තැකි නේද තරම. ඔත්තුවක් දෙන්නම්. පළවෙනි කමෙන්ට් එකේ ඉදලා පහලට කියවගෙන යද්දි කමෙන්ට් කරුවන්ගේ බලාපොරොත්තු මෙව්වා වේගෙන වේගන යන හැටි බලන්න. මාර ලස්සනයි.

05. සුමින්ද වික්‍රමසිංහ -  අපි නොදන්න බ්ලොග්.
මෙයා හොඳ චිත්‍ර කාරයෙක්. පහුගිය දා තිබුනු පතිවත විත්‍ර ප්‍රදර්ශණයටත් මෙයා සිත්තරයක් ඇඳලා එවලා තිබුනා. එයාගේ බ්ලොග් ලේඛණ කලාව ගත්තොත් අර්ථයෙන්, භාවයෙන් රස ගැන්වීලා පාඨකයාගේ සැගවුනු රසඥතාවය කුලු ගැන්විලා, භාව කම්පනය වෙලා, හැගීම් ඇවිස්සිලා දොරේ ගලා යන්ඩ ලියන්ඩ මෙයාට පුලුවන්.

උදාහරණයක් කියනවනම් මේ තියෙන්නෙ එයාගේ බ්ලොග් එකේ පලවෙනි සංවත්සරේට දාපු ලිපිය. අර උඩ කියපු ඔක්කොම වෙනවා නේද මේක කියවද්දි.

උපුටා ගැනීම -


අවුරුද්දකට පසු, ආපසු හැරී බලමි.

මගේ බ්ලොග් ලිවිල්ලට අවුරුද්දකුත් වෙලා! හරියටම කිව්වොත්, අවුරුද්දකුත් මාසයක්! මේ අවුරුද්දක කාලය ඇතුලෙ, මම පළකරලා තියෙන ලිපි ගණන 0001 ක්!!!

මේ තමා මගේ බ්ලොග් කෙරුවාවෙ තරම!
Posts : 02
Comments : 00
Followers: 00
Page Views: 29 (මේ 29ත් මම ම තමා)

ඇත්තටම, මට හරි ම අහිංසක සතුටක් දැනෙනවා.  මේ ‍ව‍‍ගේ දීර්ග කාලයක් බ්ලොග් එකක් පවත්වගෙන යන එකත් ලේසි වැඩක් නෙවෙයි.

මගේ බ්ලොගයට ජයවේවා!

(අනේ කොමන්ට් එකක් දාලා යන්න ‍හො‍ඳේ!)

උපුටා ගැනීම අවසානයි.

කොහොමද වැඩේ. හැබැයි මේකෙ කමෙන්ට් කියවන්න ඕගොල්ල අදහස් කරගෙන ඉන්නවානම්, ඕගොල්ල ඉන්නෙ ඔෆිස් එකේ නම් ටිකක් පරිස්සමින්. ඒ තරමට සංවේදියි මෙකේ තියෙන කමෙන්ට්.

ඒ කාලේ මාව දිරිමත් කරපු හැටියටත් වඩා හොඳට ඔන්න අද මම මගේ යාලුවන් දිරිමත් කලා. ඕගොල්ලත් මේ බ්ලොග් වලට ගොඩවැදිලා ඒගොල්ලන්ව දිරිමත් කරන්ඩලා. 

එහෙනම් ඔහොමලු උනා කියන්නෙ.  නැවත හමුවෙමු!


............................
- මීට විදෙස් සිත්තරා.


ප/ලි - 


2012/05/19

අද කාටුන් - 15 - රෝස් නගා දැක සෙන්නා සලිත වෙයි.

සෙන්නා කියන්නෙ සිංහල බ්ලොග් කලාවට ආපු වෙනස් ලිපි ලියන කෙනෙක්. 

එයා බ්ලොග් එක ආරම්භ කරලා ගොඩක් කාලයක් ගිහිල්ලා නෑ. දවසක් මට වැරදිලා ඒ පැත්තෙ ගියා. ගිය එකේ නිකම්ම එන්ඩ හොඳ නැති හන්දා ලියුමක් දෙකක් කියෙව්වා. ඒ ලිපි කොච්චර රසවත් ද කියනවා නම් එදා උදේ වරුවේ මම සෑහෙන ලියුම් ටිකක් එක හුස්මට කියෙව්වා. ඕගොල්ලත් හුස්මක් අල්ලලා පුලුවන්න නම් මම එදා කියෝපු රුහුනේ කොල්ලා මුලු ලෝකෙම හොල්ලා, බළල් පණක් තිබූ පුජකයා, හිම කතරක අතරමං ව, ලොව මවිත කල පුංචි කොලුවා සහ මහත මිනිසා කියන ලිපි ටික කියෝලා බලන්න. ඕන ඔට්ටුවක් ඕගොල්ලන්ට බෑ!

එදා මට සෙන්නා ගැන යම්කිසි මෙව්වා එකක් ආවේ මේ ලිපි ලියන්න එයාගෙ තියෙන කැපවීම ගැන හිතුන හන්දා.

ඒත් දෙවියනේ කව්ද හිතුවෙ ගැල්ලමයෙක් හන්දා මේ වගේ මනුස්සයෙකුට මෙහෙම දෙයක් වෙයි කියලා. ඒ ගැන හිතද්දි මගේ හිතේ බුර බුරා නැගුනු ආවේගය හන්දා තමා මේ කාටුන් එක ඇඳුනේ!


මම එහෙමෙ කිව්ව පලියට ඕගොල්ල නං මේ ලින්ක් එකෙන් ගිහිල්ලා ඒක කියවන්න එපා. එහෙම උනොත් ඕගොල්ලන්ගෙ හදවතුත් ගිනි ගන්න ගනියි බුර බුරා...!

මේ වගේ වැරදිලා ගොඩවදින්න හොඳ බ්ලොග් ගැන ඔත්තුවක් ඕගොල්ලන්ට ලැබුනොත් මටත් කියන්න. 

එහෙනම් ලබන සෙනසුරාදා නැවත හමුවෙමු. අතරතුර කතන්දරත් වැටෙනවා.

...............................
- මීට විදෙස් සිත්තරා.

ප/ලි
මතකනෙ, දැනටමත් කෙහෙල් කොටුවේ චූටි මහත්තයගේ කතා Coming Soon තත්වයේ ගැට්ටෙ තියෙන්නෙ කියලා.



2012/05/14

අද කාටුන් - 14 - සියලුම අනාගත බ්ලොග්කරුවන්ට "ඔබා මාමා" අහිමිව ගිය වග...!

අපට වඩාත් සතුට ගෙනෙන්නො - අවසානයේ දුක ද ඒ තරම්ම ගෙනෙති !

ඔබා මාමා අප අතරින් වෙන් ව ගිය පුවත මා ඊයේ උදේ දැනගත් මොහොතේ සිට මේ දක්වා ගත කාලය ඉතාමත් අඳුරු මතකයක් ඉතිරි කර ඇත. ඊයේ දිනයේ නිවාඩු දිනයක් වුවද මට ආදරණීය ඔබා මාමා වෙනුවෙන් බ්ලොග් අවකාශයේ දී කල යුත්තෙ කුමක් දැයි තීරණය කර ගැනීම තබා සහෝදර බ්ලොග් කරුවන් ඒ පිළිබඳ දැක්වූ අදහස් වලටද ප්‍රතිචාර දැක්වීම ද ඉතා වෙහෙසකාරී එකක් විය.

එහෙත් මා වෙනුවෙන් හා අප කළ පොදු වැඩ වල දී ඔහු මට ශක්තියක් වූ බවත් ඒවා සියල්ල හෙලි නොකරන මෙන් එකල ඔහු ඉල්ලා සිටි බවත් මතක් කල යුතුයි.

ඔබා මාමා ඇසුරු කිරීමට අප වාසනාවන්ත වූවද, මෙතැන් සිට සිංහල බ්ලොග් අවකාශයට පැමිණෙන සියල්ලන්ට ඒ වාසනාව අහිමි වී ඇති බව මට පසක් විය. මේ ඒ පිළිබද මට දැනුනු දෙයි.

මේ සිතුවම ආදරණීය ඔබා මාමට උපහාරයක් වේවා!


............................
- මීට ඔබා මාමා කියන පරිදි කෙහෙල් කොටුවේ චූටි එකා

2012/04/17

අද කාටුන් - 13 - “පතිවත“ චිත්‍ර ප්‍රදර්ශණය දැන් ඇරඹුනා...! | ඇතුල්වීම සම්පූර්ණයෙන්ම නොමිලේ !!! >>>

හැමෝටම කවි ලියන්න, සින්දු කියන්න, සිත්තර අඳින්න බැහැයි කිව්වට ඒක බොරු කරන්න පුලුවන් වෙලාවලුත් එනවා. ඒ වගේ අවස්ථාවක් තමා මේ.

තමන්ගේ හදවතේ බුර බුරා යමක් ගැන ගින්නක් ඇවිලෙද්දි තමන්ට කරන්න බැරි දෙයක් උනත් කොහොමහරි කරන්න එයාට පුලුවන් වෙනවා.

පහුගිය දවසක යූරෝ දෙකේ වීරයාට පොලේ දී වුනු අකරතැබ්බය අලලා ලියැවුනු තනිවම පොලේ යෑමෙන් තරුණයන්ගෙ ‘පතිවත‘ කෙලෙසෙයිද? ලියමන කියවපු බොහෝමයක් අය ඒ ගැන කම්පා උනා. අන්න ඒ වෙලාවේ එයාලගේ හදවතේ බුර බුරා නැගුනු ආවේගය තමා අද ඕගොල්ලන් මේ සිත්තර විදිහට දකින්නෙ........!

හරි පුදුමයි නේද? කවදාවත් සිත්තරයක් අඳින්ඩ බැහැයි කියලා හිතපු අය මෙච්චර ලස්සනට සිත්තර ඇන්දා කිව්වම. දැන් අපට තියෙන්නෙ ඒවා බලන්නයි.

මේ සිතුවම් පෙල ගස්වලා තියෙන්නෙ කාටවත් විශේෂයක් කරන්නෙ නැතුවයි. ඒත් ගැල්ලමයිට මුල් තැන දීම පිරිමි ළමයි වන අප කාගේත් හොඳ පුරුද්දක් නිසා මුල්ම සිතුවම් පෙල ඒ ගොල්ලන්ට වෙන් වෙනවා. සිත්තර මත ක්ලික් කරලා ඒවා ලොකු කරලා ඔක්කොම එක පාර බලාගන්නත් පුලුවනි.

එහෙනම් අපි ප්‍රදර්ශණය ආරම්භ කරමු.

තනිවම පොලේ යෑමෙන් තරුණයන්ගෙ ‘පතිවත‘ කෙලෙසෙයිද?
හෙවත් 
පතිවත චිත්‍ර ප්‍රදර්ශණය 


01. හසිකා හෙට්ටිගේ

02. පොඩි කුමාරිහාමි මැණිකේ

03. නීතා දාස්
(ප්‍රොෆයිල් නොට් ඇවේලබල්, වලව්වේ හිත මිතුරි)

04. කාවින්ධ්‍යා රත්නායක

05. සමීර අබේසේකර

06. අභීත එදිරිසිංහ

07. ඉටලි ඩිලාන්

08. සෙන්නා

09. ඕනමැන්ටල්
(ඕනමැන්ටල් බ්ලොග් ඇන්ඩ් ඕනමැන්ටල් ආට්ස් අධිපති)

10. බිට්ල් බෙයිලි

11. මුහුදු කොල්ලකාරයා

12. ප්‍රියන්ත වෙනිවැල්පිටිය
(ලියන්නා, මුලු දිවයිනටම උපදේශක)

13. චතුෂ තුෂාර කුමාර
(මාරයාගේ හෝරාව)

14. නිශ්
(ප්‍රොෆයිල් නොට් ඇවේලබල්)

15. පොත් ගුල්ලා

16. මකර අධිරාජ්‍යයා

17. හරී

18. ගයාන් තාරක

19. ලකි සිරි
( ප්‍රොෆයිල් නොට් ඇවේලබල්)

20. පැතුම් හර්ෂණ
( ප්‍රොෆයිල් නොට් ඇවේලබල්)

21. සුමින්ද වික්‍රමසිංහ

22. හෙන්රි ඩූඩ්

කෙටි ඊ මේල් ආරාධනයකින් මේ ප්‍රදර්ශණය වර්ණවත් කරන්න, වටිනාකම වැඩි කරන්න, පුංචි අපිව දිරිමත් කරන්න අප හා එක් වූ අපේ සර්,
23. ඉන්ද්‍රනාත තේනුවර
(Photographer, Artist, Photoshop and Photography Tutor, writer, and Graphic Designer



..........................................................

හරි! ඔන්න ඔහොමලු උනේ......!

මොනවද ඕගොල්ලන්ට හිතෙන්නෙ. ලොව නන්දෙස විසිරී පැතිරී සිටින සයිබර් යාය හිත මිතුරන් යූරෝ දෙකේ වීරයාට වුනු අකරතැබ්බය මැනවින් අධ්‍යනය කරලා නේද?

මේ සිත්තර ගැන, මේ ප්‍රදර්ශණය ගැන ඕගොල්ලන්ටත් යමක් කියන්න තියෙනවා නම්, සිත්තර ශිල්පීන්ව, ශිලිපිනියන්ව දිරිමත් කරන්න හිතෙනවා නම්, මේ තියෙන්නෙ ඕගොල්ලන්ගේ වාරේ!

.............................
- මීට යුරෝ දෙකේ වීරයා සහ විදෙස් සිත්තරා.

2012/04/16

අද කාටුන් - 12 - ‘පතිවත‘ චිත්‍ර ප්‍රදර්ශණයට...

සිංහල බ්ලොග් කරුවන්ගේ දෑතින් නිමවුනු චිත්තාකර්ෂණීය සිත්තර රැගත් අති උත්කර්ෂවත් චිත්‍ර ප්‍රදර්ශණය සමගින් හෙට උදයේ 6 ට හමුවෙමු.

...............................
- විදෙස් සිත්තරා.

2012/04/14

අද කාටුන් - 11 - සැඟවුනු අමුත්තා සොයමු !

අලුත් අවුරුදු දවස් වල කරන්න වැඩ එමට තිබුනත්, කෙහෙල්කොටුව පැත්තෙ එන්න අමතක නොකරපු අයට මෙන්න පොඩි තරගයක්. සැඟවුනු අමුත්තා සොයමු.

එහෙනම් වසරේ දැවැන්තම කාටුන් ප්‍රදර්ශණය  “පතිවත“ කාටුන් ප්‍රදර්ශණය සමඟ නැවත සඳුදා උදේ 6 ට හමුවෙමු.

මේ වන විට කාටුන් ප්‍රදර්ශණය සඳහා එකකට එකක් නොදෙවෙනි වූ කාටුන් හෙනට ලැබී ඇත. ඒ අතර,
01. අභීත එදිරිසිංහ මහතා (ටිකක් හිනා වෙවී)
02. බීට්ල් බෙයිලි මහතා (සියලුම අකුරු වැඩ)
03. ඉටලි ඩිලාන් මහතා (ප්‍රවීණ සූපවේදී - වලව්වෙ නිත්‍ය කුක්)
04. ගයාන් තාරක මහතා (අයි ටී වැඩ සඳහා)
05. හරී මහතා (හීනලන්තයේ සිට)
06. හෙන්රි ඩූඩ් මහතා (ජේත්තුකාරයා)
07. මකරා මහතා (මකර අධිරාජ්‍යයේ සිට)
08. මාරයා මහතා (ජනතාවට වේලාව දක්වන්නෝ)
09. මුහුදු මංකොල්ලකාරයා මහතා (පයිරෙට්ස් ඔව් දී අන්දමන්)
10. ඕනමැන්ටල් මහතා (ඕනමැන්ටල් ආට්ස්)
12. පොඩිකුමාරි හාමි මැණිකේ (වලව්වෙ කාන්තා හඬ)
13. පොත්ගුල්ලා මහතා (සිතාගන්ට බෑය)
14. සෙන්නා මහතා (කුරුන්දේ ගවේශක තැන)
15. කාවින්ධ්‍යා නෝනා ( සුදු හංසිලු)
16. ප්‍රියන්ත වෙනිවැල්පිටිය (කාලයේ තාලයට උපදෙස් සපයන්නෝ)
17. සුමින්ද වික්‍රමසිංහ මහතා (විකී ආට්ස්) යන පිරිසගේ කාටුන් දැනටම ප්‍රදර්ශණය සඳහා සුදානම් කර ඇත.

ඔබත් නොපමාව ඔබගේ කාටුනය ඉරිදා සවස 6 ට පෙර යොමු කරන්න. වැඩි විස්තර මෙතැනින්.

...............................
- මීට විදෙස් සිත්තරා.

2012/04/06

අද කාටුන් - 10 - බුදුරජාණන් වහන්සේ....! | පෝය ඩේ ස්පැෂල්.

බුදුරජානන් වහන්සේ මේ ලොව පහල වු අති උත්තම පුරුෂ රත්නයය.

ලෝභ, ද්වේශ, මෝහ අකුශල ධර්මයෝ සපුරාම නැසුවා වූ නික්ලේශී උතුමන් අතර අග්‍රතමයාණෝය. සසර පුරා මනා කොට වඩනා ලද බුද්ධ කාරක පාරමී ධර්ම හේතුවෙන්, කලාගාරයක් බඳු වූ, දුටු දුටුවන් මන බඳනා පෞරුෂයෙන් යුත් රූ සිරින් හෙබි සිරුරක් දැරු මහා පින්වතාණෝය. සිංහයෙකුගේ බඳු ප්‍රෞඩ ගමන් ඇති, අනතුරු හමුවේ නොසැලෙන අභීතයාණෝය. බුද්ධත්වයට පත් වී හතලිස් පස්වසරක් පුරා තමන්ට කියා මොහොතක් වෙන් කර නොගනිමින්, නිදි සුව ලැබීම ද දෙපැයක් වන් සුලු කාලයකට සිමා කොට සියලු දෙව් මිනිසුන්ගේ අවුල් තැවුල් වලට අකාලික වූත්, ප්‍රායෝගික වුත්, සර්ව සාධාරණ වූත් දහම් විසඳුම් පෙන්වා දුන් උත්තමයාණෝය.

බ්‍රහ්ම ස්වරයෙන් ද, ඔපවත් වූ මනා වූ ස්වර ගලපා සඳහම් අමා වැසි වැස්ස වූ සුමධුරයාණෝය. මනු ලොවද, සදෙව් ලොවද ඇතිතාක් සුවඳ මනහර මලින් පුදන්න එකම සුදුස්සාණෝය. ලොව ඇති තාක් මිහිරි සුවඳ දුමින් පුජා කරන්නට සුදුස්සාණෝය. සක්වල ගබ පුරා මිණි පහන් දල්වා ආලෝක පූජා කරන්නට  සුදුස්සාණෝය. මධූර වු අග්‍රභෝජන පූජා කරන්නට සුදුසු උත්තම ප්‍රතිලාභියාණෝය.

“බුද්ධ“ යන වචනයෙන් පවා චිත්ත සංතානයක නිතර සිහි කරන්නට ශ්‍රේෂ්ඨ වූ මිහිරාණෝය. අප චිත්ත සන්තානයට නිතර වැඩමවා ගන්නට සුදුසුකම් ඇති අග්‍රතර නිකෙලෙස් පිවිතුරාණෝය. අග්‍ර වෙදැඳුරාණෝය.

කවරාකාර හෝ දුකක් ඇතොත් කියන්නට සුදුසු හිතෛෂිවන්තයාණෝය. ජීවිතයේ දුක් දොම්නස් දුරළන්නට සරු උපදෙස් දෙන කළණ මිතුරාණෝය. උත්පත්තියද අති උත්තම වූ පරිනිර්වාණයද අති උත්තම වූ පින්වන්තයාණෝය. දුන් දේ වෙනුවෙන් තුති පිදුම් ද ගැතිකම් ද යාදිනි ද ඉල්ලා නොසිටින මහත්මා බවින් පිරිපුන් අග්‍රස්ත මහතාණෝය.

බුදු රුව දෙස බලා සිත පහදවා ගත් පමණින් ද, සුමධුර වූ හඬ අසා සිත පහඳවා ගත් පමණින්ද දෙව් මිනිස් සැප අත්පත් කර දෙන පරම ජීවිතාරක්ෂකයාණෝය. දමනය කළ නොහැකි මිනිස්, දේව, යක්ෂ, නාග, බ්‍රහ්ම යනාදී නානා විධ මානයෙන් උඩගු වූවන් මනා කොට දමනය කළ බලවතාණෝය. හාස්කම් වසුරු පිඩක් සේ ඉවත ලූ, සුමධුර ධර්මයෙන් ම ජිවිතාවබෝධය ලබා දුන් පියාණෝය.

ස්වකිය විශිෂ්ඨ ඥාණයෙන් අවබෝධ කරගත් ධර්මයෙන් සහශ්‍රී ලෝක ධාතුවටත්, ඉන් ඔබ්බටත් දහම් අමා වැසි වැස්සවූ ශ්‍රීමතාණෝය. “බුද්ධ“ යන වචන මාත්‍රය සිහි කලත් සියලු ආරක්ෂා ගෙන දෙන්නා වූ අති උත්තම ආරක්ෂකයාණෝය. විශ්වයේ කිසිඳු ශාස්තෘවරයෙකුට නොමැති “යමාමහ පෙළහර“ පාන හැකියාව ඇති, රජුන් අතර මහෝත්තම රජූ වූ බුදු රජාණෝය.

මහා බල ඇති රහතන් වහන්සේලා සතර නමක් විසින් කල්පයක් පුරා කියන ලද ද, කල්පය අවසන් වුවත් අවසන් කළ නොහැකි ගුණයෙන් යුතු බුදුරජාණන් වහන්සේගේ රුව මම කෙසේ සිත්තම් කරන්නද?

බුදු රජාණන් වහන්සේගේ නව අරහාදී බුදු ගුණ මෙනෙහි කරමින් බුදුරුව සිතේ සිත්තම් කරගන්නවා මිස.....!


 .................................
- මීට විදෙස් සිත්තරා
(ඇසුර - චන්දන බණ්ඩාර මහතා - සදහම් දේශක, සදහම් ලේඛක)

2012/03/31

අද කාටුන් - 09 - මාතලන් මහතා ටෑන් පාටට නියමෙට කැපෙන පින්තූරයක් සොයයි....!

විශේෂ හැඳින්වීමක් කරන්න දෙයක් නෑ. පහුගිය දවසක මාතලන් ගොයියා ටෑන් පාට ගැන ලියමක් දාලා තිබුනා. ඒකට කැපෙන පොටෝ එකක් හොයන්න ගිය වෙලාවෙයි මේ තියෙන්නෙ.


මං කියන්නෙ බොරුනං ගිහිල්ලා බලන එකයි තියෙන්නෙ එතෙන්ටම.

ඔන්න ඔහොමලු උනේ. එහෙනම් ලබන සෙනසුරාදා නැවත හමුවෙමු. අතරතුර කතන්දරත් වැටෙනවා.

...............................
- මීට විදෙස් සිත්තරා.

2012/03/03

අද කාටුන් - 08 - ආදරය හොඳින් හඳුනන, උනුවන හදවල් ඇති, නියම පිරිමින්ට.......!

අද නං වැඩිපුර මුකුත් එක්ස්‍ප්ලෙන් කරන්න දෙයක් නෑ.

පින්තුරේ මෙන්න.....


ඉතිං අපිව හොඳ ළමයි කරන්න කොච්චරවත් කැපවෙන පොඩි කුමාරිහාමි නෝනට ඔන්න සයිබර් යායෙනුත් උණුසුම් සුබ පැතුම්!

ඔන්න ඔහොමලු උනේ. එහෙනම් ලබන සෙනසුරාදා නැවත හමුවෙමු. අතරතුර කතන්දරත් වැටෙනවා.

...............................
- මීට විදෙස් සිත්තරා.

2012/02/27

අද කාටූන් - 07 - උපශාන්ත මයා නිවාඩු අනුමත කරගෙන හැරෙන තැපෑලෙන් ගෙදර එයි !

සරළ, ප්‍රබුද්ධ, පීචං වෙනසක් නැතිව “රස“ රස විඳන, හිතට වැදුන දේ අගයන, විරුද්ධ දේට සෘජුවම එරෙහි වෙන, මහ පොලොව උඩ නිරුවත් දෙපයින් ඉන්න, දශක හතරකට ආසන්න ජීවිතේ අහපු, දැකපු, විඳපු කතා ලියන්නෙක් තමා අද කාටුන් එකට නිමිත්ත සපයලා තියෙන්නෙ.

විවාහයේ දහවෙනි සංවත්සරය පසුගිය දා සමරපු උන්නැහේ තමයි, සැහැල්ලුව බ්ලොග් එක ලියන ඉන්දික උපශාන්ත. මුල් කාලයේ ඉඳලම සයිබර් යායට පැමිණිලා “කෙහෙල්කොටුවේ චූටි මහත්තයා“ දිරිමත් කරපු ඉන්දික උපශාන්තට සයිබර් යායෙන් උණුසුම් සුබ පැතුම්!

මේ මොන කතා කිව්වත් මිනිහා හෙන වසයි ද කොහෙද? ප්‍රොෆයිල් පින්තූරෙටත් දාගෙන ඉන්නෙත් සිංහයෙක්ව. එයාගෙ සංවත්සරෙයි කියලා දැනගෙන මම තෑග්ගක් දෙන්ඩ යනකොට මිනිහා කිව්ව දෙයින් මාවත් නිකං මෙව්වා වෙලා ගියා. මේ තියෙන්නෙ ඒ ටික.

  1. බුද්ධි Feb 25, 2012 01:58 AM
  2. ඇනිසවරි කතාව ඇත්ත එහෙනං....? ඔන්න එහෙනං මගේ ගානෙ සවුදා උදේම තෑග්ගක් හෙහ්....හේ.........

  3. ඉන්දික උපශාන්ත Feb 25, 2012 02:11 AM
  4. උඹ කොටියගෙන් බේරුනාට මෙදා පාර පුතේ සිංහයගෙන් කනව!
ඔන්න බලන්ඩ යාලුවනේ සුබ පතලා තෑග්ගක් දෙන්ඩ ගියාම, ඒ ගොල්ලං අපිට කතා කරන විදිහ. එහෙම කතා කෙරුවයි කියලා අපි යැයි සැලෙන්නෙ. මේ තියෙන්නෙ ඒක.

උපශාන්ත දෙන්නා දෙමහල්ලො තමන්ගෙ කොල්ලො දෙන්නා ඉස්කෝලෙ ගියාට පස්සෙ නිවි හැනහිල්ලෙ විවාහ සංවත්සරය සමරන්න කතා කරගත්තලු. පහුවදා උදේම නිවාඩුවක් දාලා පොර හැරෙන තැපෑලෙන් ගෙදර ආවේ වෙලාව ටිකක් වැඩිපුර ඉතිරි කර ගන්නලු. මේ ඊට පස්සෙ ටික...


ඔන්න ඔහොමලු උනේ.
එහෙනම් ලබන සෙනසුරාදා නැවත හමුවෙමු.
අතරතුර කතන්දරත් වැටෙනවා.

...............................
- මීට විදෙස් සිත්තරා.

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...