අද සයිබර් යායෙන් ඉදිරිපත් කරන්නේ පුංචි චිත්‍ර කතන්දරයක්. පුංචි චිත්‍ර කතන්දරයක් කිව්වට මේක වැඩිහිටි අය බැලුවත් ඒකේ කිසි වරදක් නෑ කියලයි මේ ගැන කලින් අධ්‍යයනය කළ විද්වතුන් ප්‍රකාශ කලේ.
සයිබර් යායෙන් ඔබ හමුවට එන කෙහෙල් කොටුවේ චූටි මහත්තයා මීට දශක තුනකට විතර එපිටින් තමන්ගේ ළමා කාලය ගෙවා දාන්න පටන් ගත්තු දරුවෙක් කියලා ඕගොල්ල දන්නවා. හැබැයි අද පටන් ගන්න මේ චිත්‍ර කතන්දර වලින් කියවෙන්නේ වර්තමානයේ තමන්ගේ ළමා කාලය ගෙවමින් ඉන්න දරුවෙකුගේ අද්දැකීම්!
මේ චිත්‍ර කතන්දරය ඔයාලගේ දරුවන් ට පෙන්වන්න තරම් සුදුසුකම් සපුරලා කියලා හිතුනොත් දරුවන්ට පෙන්වලා ප්‍රතිචාර අපටත් කියන්න. තව අයටත් බලන්න, දන්න කියන තැන් වලට ෂෙයා කරන්න.
එහෙනම් මෙන්න චිත්‍ර කතන්දරේ - අපූරු බැලුම් බෝලය !
ප/ලි :
කාට හරි මේ කතන්දරේ මුද්‍රණය කරපු පොතක් ඕනේ ද?
අල්ලාඝෙන ඉන්න දේවල් අත හරින්න ඉගෙන ගැනීම තමයි අමාරුම දේ!
ReplyDeleteබ්ලොග් ලිවීම කියන්නේත් එහෙම දෙයක් තමයි,
ඔව්!
Deleteඅපූරුයි. දරුවන්ට ලොකු දේවල් කියලදෙන්න බොහොම හොඳ සරල ප්‍රවේශයන් අම්මා ලග තිබෙන බවයි පෙන්නේ.
ReplyDeleteඔව්! අම්මලා ගාව කොහොමත් තියෙන්නේ හොඳ දේවල් නේ...!
Deleteලස්සන කතාවක්, ඒ වගේම අපූරු චිත්‍ර ටිකක් සමග හොද පාඩමක්.
ReplyDeleteඒ තාත්තව කළුවට ,ලොකුවට ඇන්දනම් තමයි තවත් ලස්සන.
//ඒ තාත්තව කළුවට ,ලොකුවට ඇන්දනම් තමයි තවත් ලස්සන.//
Deleteකම්මල, මේ ඔයාගේ පුතා ගැන කතාවක් නෙමෙයි. එකොමත් එක රටක පුතෙක්ගේ කතාවක්...... :D
niyamai. puthata penwanna one.
ReplyDeleteහරී,
Deleteපුතාට පෙන්වලා ප්‍රතිචාර අපටත් කියන්න... :)
මරේ මරු... මට එකක් ඕන.. කොහොමද ගන්නේ
ReplyDeleteමේකෙ පිංතූර ටික කොපි කරගෙන ප්‍රින්ට් කරගනින්, සිම්පල්නෙ
Deleteබැලුං බෝලද? පලයං නාවින්නෙ ආපිකෝ එකට.
Deleteදේශකයා,
Deleteතාම මුද්‍රණය කරලා නෑ.... ඕඩර් ගනපූරණය වුනු හැටියේ මුද්‍රණය කරනවා....:D
කම්මල,
මේක ප්‍රින්ට් කලොත් මේ ප්‍රමාණෙටම තමයි කරන්න වෙන්නේ...
ප්‍රසා,
ඒ ළමයා ඉන්නේත් ඔය වගේ එකක් ගාව ද?
ඇත්තටම ප්‍රින්ට් කරනවද ? නියමයි ..මටත් එකක් ඕනෙ.
Delete//ඇත්තටම ප්‍රින්ට් කරනවද ? නියමයි ..මටත් එකක් ඕනෙ.//
DeleteX 2
Great story ban...
ReplyDeleteබොහොම ස්තූතියි ඩ්‍රැකී
Deleteමට ඕනේ !!!! ඇත්තටම දෙනවද?
ReplyDeleteකතාව නියමයි. චිත්‍ර නම් නියමම නියමයි
බොහෝම ස්තූතියි නුවර කුමාරි. මුද්‍රණය කළ හැටියේ එකක් දෙනවා....
Deleteනියම පාඩමක් බුද්ධියො ළමයට කියල දීල තියෙන්නෙ.
ReplyDeleteහැබැයි කොල්ල හැමදේම අතාරින්න ගියොත් නං උඹලට සොරි වෙනව. හැක්..
අනික 'උඹ නලයෙ' තියෙන හැම දෙයක්ම කරන්න බෑ කියල දැන්වත් චූටි මහත්තයට තේරෙන්න ඕන. හැක්..x2
ස්තුතියි ප්‍රසන්න,
Deleteඔව්. යු ටියුබ් වල තියෙන සමහර ඒවා කරන්න අමාරුයි..... විකුණන්න තියෙන ගෙදරට PHOTOSHOP වලින් සිවිලිම් ගැහැව්වා වගේ තමයි.....
අර ප්‍රශ්නෙට උත්තරේ 'ඔවු'
ReplyDeleteඅද 'උගත් පාඩම': තාත්තා මොනා කිවුවත් වැඩක් නැත, ගෙදර අන්තිම වචනය හිමි අම්මාටය...
බූරා,
Deleteඅර ප්‍රශ්නේ කිව්වේ මොකද්ද?
උගත් පාඩම දාන්නෙත් නැතුව හොයාගත්ත එක හොඳයි. ඒවා හොයා ගන්නත් අද්දෑකීමක් තියෙන්න ඕන.... මට පේන්නේ දැන් බූරා ටෙඩියෝ අරගෙන දෙන යුගය පහු කරලා අද්දෑකීම් ලබන යුගයට ඇවිල්ලා දෝ කොහෙදෝ :D
අර ප්‍රශ්නය කිවුවෙ බංස්, ප/ලි යෙන් අහපු ප්‍රශ්නය. මේ කතාව පොතක් විදියට මුද්‍රණය කරලා ඕනද කියලා අහපු එක. ඒකට උත්තරේ ඔවු.
Deleteහරියට හරි! අවම පොත් 1000ක් ගහන්න ඕනේ. දැන් ගමේ 100කුයි ඔන්ලයින් 3කුත් ඉන්නවා. ඒ කියන්නේ 103යි තව 897 ක්ගන්න කැමති වුනු හැටියේ පොත කිසි කිසි ගාලා මුද්‍රණය කරනවා. :D
Deleteඋඹ මරු තාත්තෙක් මචං...
ReplyDeleteඅපේ එකා තාම ප්‍රශ්න අහන්න පටන් අරගෙන නැහැ, ලොකු උනාම මේවා පෙන්නන්න ඕනේ එයාට...
ස්තූතියි ලොකු පුතා! ප්‍රස්ණ අහන්න ගත්තාම කෙළවරක් නෑ. මම නම් උත්සහ කරන්නේ පුලුවන් පළවෙනි අවස්ථාවේ ම හරිම උත්තරේ දෙන්න.
Deleteඅඩේ.. මේක මරු බං පොඩි උන්ට කතන්දර පොතක් වගේ ගහලා දෙන්න
ReplyDeleteනාඩියා,
Deleteගහලා දෙන්න ඕනේ.... බලමු කෝ!
මේක හරි ලස්සන කතාන්දරයක්නේ. විදෙස් සිත්තරාගේ සිත්තර ටිකත් පංකාදුයි. මටත් ඕනෙ පොතක් මගේ පැංචාට මේ කතාන්දරේ කියලා දෙන්න. කොහොමද ගන්නේ?
ReplyDeleteසිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත, බොහොම ස්තූතියි,
Deleteපොතක් මුද්‍රණය කළ හැටියේ මම දන්වන්නම්.... දැනට මෙහෙම කියලා දෙන්න.... :)
හොඳම පාඩම කියල දුන්නෙ අම්මා
ReplyDeleteAravinda G., ඉන්ඩකෝ අපිත් දවසක හොඳම පාඩමක් කියලා දෙන්නම්... :D
Deleteබොහොම අපූරු කතාවක්... පොඩ්ඩක් දුකත් හිතුණා අන්තිමේ...
ReplyDeleteඒ කියන්නේ කෙහෙල්කොටුවේ චූටි මහත්තයා පොතක් ගැහුවා? ෂා... උත්සවාකාරෙන් සමරන්න වැඩක් නේ.... තව තව පොත් බිහිවේවා එහෙනම්...
තිසර,
Deleteපොතක් ගැහැව්වා කිව්වට තාම නෑ.... ඕවා පොටෝශොප් වැඩනේ.... ඒත් ඉතින් හිතේ තියෙන දේවල් තමා ඔය...
බොහොම ස්තූතියි. නමුත් දුක හිතුනේ ඇයි?
ඔය පොත ගන්න ගෙවන්නෙ ඊසි කෑෂ් වලින් ද, ක්‍රෙඩිට් කාඩ් ඇක්සෙප්ට් කරන්නෙ නැද්ද?
ReplyDeleteඋඹගේ හැම කාඩ් එකම රිජෙක්ට් වෙලා තියෙද්දි මේ මක්ක අහනවද පනේ???
Deleteහෙහ් හේ.... අහගත්තා නේද? මේවා vpp මගින් ගෙන්වා ගත්තැකි.....
Deleteපොඩි එවුන්ට විතරක් නෙමේ මහ එවුන්ටත් ආදර්ශමත් කතා පිංචක්. උඹේ චිත්‍ර හැකියාව නම් ටොපේ ටොප්. සෙල්ලම් කර කර ඉන්න බැලුමක් පිපිරුනාම පොඩි එවුන්ගේ ඒ ක්ෂනික වෙනසට අපිට හිනාගියාම පොඩි එකා තවත් අඬනවා. තාත්තයි, දුවයි දෙන්නම බැණුම් අහලා තමයි ඉස්සර අපේ ගෙදර ඔය බැලුම් සෙල්ලම කෙලවර වෙන්නේ.
ReplyDeleteඅරුණ,
Deleteබැලුම් සෙල්ලම කිව්වාම මතක් වුනා. බැලුම් රොකට් එකක් හැදුවා අපිත්. ඒක ගමන් කරන්නේ නූලක් දිගේනේ... ඉතින් නූල කොල්ලගේ ප්‍රමාණයට බඳින්න ඕනේ.... අපි බැලුම් රොකට් යැව්වට ගෙදර අනිත් අයට වැඩ තියෙනවා.... ඉතින් ඒ අය යද්දි අර නූල යටින් රිංග රිංග තමයි ගෙදර ඇතුලෙත් එහේ මෙහේ යන්නේ.... ඉිතුරු හරිය මම කියන්න ඕන නෑනේ... අද්දැකීමෙන් හිතාගන්න...
හරිශෝක්... ජයවේවා!!
ReplyDeleteබොහෝම ස්තූතියි
Deleteමේක හරිම සුන්දර වැඩක්. චිත්‍ර හා කතාව ඉස්තරම්
ReplyDeleteතිලක සිත, බොහෝම ස්තුතියි. සුන්දර වැඩක් කිව්වේ - පුතා එක්කලා කාලේ ගත කරන එකද, චිත්‍ර අඳින එකද?
Deleteඇත්ටම අපූරුයි
ReplyDeleteබොහෝම ස්තූතියි
Deleteබොහොම හොඳ ආදර්ශමත් කතාවක්, තදින් හිතට ගත්තා.
ReplyDeleteඅතහැරීමෙන් ලැබෙන සැහැල්ලුව සුළු පටු නෑ.
///අතහැරීමෙන් ලැබෙන සැහැල්ලුව සුළු පටු නෑ.///
Delete++++++++++++++++=
සුමිත් මාමාගෙන් මේවැනි ප්‍රතිචාරයක් කිසිදිනෙක බලාපොරොත්තු නොවුනෙමි. ඒත් හරිම සතුටු දායකය... :)
Deleteමේකේ වටිනාකම් දෙකක් තියෙනවා. දරුවන්ට තේරෙන භාෂාවෙන් අනිත්‍ය ගැන කියන ගමන්, දෙමව්පියන්ටත් ඒ ගැන ගැඹුරින් තේරුම් කරනවා. තාත්තා බැලුම් බෝල දෙකක් අල්ලා ගන්න ගියා වත්ද කියලා මට අම්මා කියන කතාවෙන් නිකමට හිතුණා. අල්ලගත්තත් මොකද බැලුන් නේ. පුපුරනවා නේ. පුළුවන් වෙච්චි ගමන් පාවෙලා යනවනේ.
ReplyDeleteසුදීක,
Deleteගේ කමෙන්ට් එක කියවද්දි මට හිතුනේ “කතාවේ කිසිම තැනක ව්‍යංගාර්ථය භාවිතා කර නැත“ වගේ එකක් දැම්මොත් මොකද කියලා...:D
:D
ReplyDeleteඊයේ කියෙව්වා ,..මම අක්කට කිව්වා මෙන්න හොඳ කතාවක් තියෙනව නංගිට කියල දෙන්න ඕන කියල. බැලුව බැලිල්ලක් මං දිහා ආයේ ඕන නැහැ ඉතින්.ඇයි මට කියල දුන්න නම් මක් වෙනවද අහන්න වගේ. එයා එහෙමයි ,වචන වැඩිය පාවිච්චි නොකර කතා කරන්න දන්නවා.
ReplyDeleteඉතින් බුද්ධි මම ළඟ හිටිය නම් උම්මා එකක් දෙනවා පොඩ්ඩට . හරිම ලස්සණ කතාව චිත්‍ර ටික සුපිරි. මට මේ සිද්ධිය මතකයි. ඔයා ඒක ජිවිතයට ලොකු පාඩමක් එක්ක ලියල. අත ඇරියාම කොච්චර පහසුද. ඉවසීම ..කොච්චර දේවල් කියල දෙනවද. හරිම අපුරුයි ,,,,
බොහෝම ස්තූතියි!
Deleteමේ සිද්ධිය වුනේ බ්ලොග් අතඇරලා ෆේස්බුක් එකේ විතරක් ඉන්න කාලේනේ.... ඒක නිසා ඒවා සිදුවුනු සැණින් එසැනින් වාර්තා කලා. මේ ඉන්දිකලා, දුමීලා කරපු වැඩෙන් තමා මේ සේරම.
දෙයියනේ කියලා ඉදිරියටත් ලියන්න කතා දෙක තුනක් හැදෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මොකද මේ දවස් වල කොල්ලා ෆලෝ කරන්නේ වින් ටර්බයින් වල ක්‍රියාකාරීත්වය. යු ටියුබ් අරවා මේවා තිබුනේ නැත්තන් කෙහෙල්කොටුව ගමට යන්න වෙනවා විද්‍යාව සර් ව හම්බෙලා කලින් මම දැනුවත් වෙන්න.
මම මේ කල්පනා කලේ ලොකු දුවට ගැලපෙන කතාවක් තියෙයිද කියලා. සුරංගනා කතා හරියන්නෑ මම දන්න තාලෙට... දවසක් ඉර හැංගිලා කියලා කියන්න ගිහින් හොඳවයින් අහගත්තා වගේ මතකයක් තියෙනවා තියෙනවා වගේ....!
අපූරු පාඩමක් චූටි මහත්තයෝ..දැන් අපි මේ පුංචි පුතාට මොන නමෙන්ද කතා කරන්න ඕනෑ...මේ යන විදිහට චුට්ටාටත් වැදගත් දේවලා මේ බ්ලොගේට එකතු කරන්න පුළුවන් වේවි නේ...
ReplyDeleteරූ,
Deleteබොහොම ස්තූතියි අගය කිරීම ගැන. ඒ වගේම පුතාට බ්ලොග් අවකාශයට ගැලපෙන නමක් යෝජනා කරන්න. ඒකට කෙහෙල්කොටුව අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලැබුනොත් ඔයාට වටිනා ටයිටන් අත්ඔරලෝසුවක් තෑගි දෙනවා.... ඒකේ අතීත කතාවෙන් බාගයකුත් කියලා දීලා... ඔව් බාගයක්!! :D
අති සුපිරි මහ, පළවෙනි කතාවක්... බොහොම ආසාවෙන් බැලුවේ..
ReplyDeleteදෙන්නා ආපහු ගෙදර ඇවිත් දොර ගාව ඉන්න පින්තූරේ බොහොම ඉහලයි... ළමයගේ හිතේ තියන කණගාටුව මුහුණ නොපෙන්වාම ලස්සනට පෙන්වලා තියනවා.. බොහොම ඉස්තරම් !
වන් මෝ ප්ලීස්.................
සෙන්නා,
Deleteබොහොම ස්තූතියි සෙන්නා. ගෙදර ඉන්න මකන අතුරුදහන් කරන මැජික් කාරයට වෙලාවක් ලැබුනොත් පෙන්වන්න මේක.... :D
මම මේක බලපු පළවෙනි සැරේම හිතාගත්තා මෑන්ට මේක පෙන්නන්න ඕනා කියලා.. වැඩේ කියන්නේ මිනිහට එක තැනක ඉඳන් ඕක කියවන්න ඉස්පාසුවක් තියෙයිද කියලා මට බොහොම සැකයි...
Deleteබුද්ධිගෙ පුතා දැන් ලොකුයිනෙ...
ReplyDeleteසන්ධ්‍යා,
Deleteහ්ම්.... පුතා ලොකු වෙනවා අපි වයසට යනවා...! :D
බොහෝම විශිෂ්ඨ ඉදිරිපත් කිරීමක්, සුපිරියි.
ReplyDeleteගල්මල්,
Deleteබොහොම ස්තූතියි ගල්මල්!
අපි දේවල් වැඩියෙන් අල්ලන් ඉද්දී රිදෙන්නෙ අපිටමයි. පුතාට විතරක් නෙමෙයි ඕක අපිටත් හොද පාඩමක්.
ReplyDeleteචිත්‍ර ගැනනම් ආයේ මොනවා කියන්නද. වෙනද වගේම සුපිරියි.
දිනේෂ්,
Deleteඔබගේ අගය කිරීම සැබෑ දිරිමත් කිරීමක්. කතන්දර කිව්වා වගේ බ්ලොග් එකත් අතහැරිය යුතු ලැයිස්තුවේ ඉහලින්ම තියෙන දෙයක්. දැන් හොඳටම නිදි මත වැඩි වෙලා තියෙන්නේ මේ බ්ලොග් එක ආයෙමත් අල්ලගත්ත හන්දා :D
නියම කතාව බුද්ධි.චිත්‍රත් නියමයි.
ReplyDeleteමේ ඇත්තටම මටත් ආසයි ඔය විදියට බැලුම් බෝලවලට ගෑස් ගහලා උඩ යවන්න.බලන්න ඕනේ ට්‍රයි එකක් දීලා.
උඹෙ කතා ගැන තව මොන කතාද බුද්ධි.
ReplyDeleteබොහෝම ස්තූතියි මනෝජ්! බැලුම් පුම්බන විවිධ ක්‍රම නම් යු ටියුබ් එකේ ඕන තරම්!
ReplyDeleteකොමෙන්ට් එක පබ්ලිෂ් කරන්න එපායැයි ඉල්ලා සිටි එතුමියට,
ReplyDeleteබ්ලොග් අඩවියේ ඇය දකින ආකාරයට අනුව කළයුතු වෙනස් කම්, අගය කිරීම් සහ උපදෙස් ඉතා ඕනෑකමින් පිලිගන්නා බව සඳහන් කරමි.
ඉදිරියේදී ද සයිබර් යාය සමඟ රැදී සිටින්නටද ආරධනා කරමි.
ලස්සන කතාව ළමයින්ට කියල ලිව්වට වැඩිහිටියන්ටත් හොඳයි. :)
ReplyDeleteබොහෝම ස්තූතියි අජිත් මහත්මයා! ඒ වගේම සයිබර් යායට සාදරයෙන් පිලිගන්නවා!!
Delete