තවද එක්තරා පසල් දනව්වෙක දරදඩු සිත් ඈති කුමාර වයසේ කොල්ලෙකු අරභයා සිය පියා විසින් මෙම කතාව දේශනා කළහ.
මෙම කුමරා වනාහි දෙමාපියන් විෂයෙහි කීකරු නොවීය. අක්ෂර ශිල්පය වහ කඳුරු මෙන් විය. දෙමාපියන් විසින් යම් කිසි වූ අවවාදයක් දෙන කල,
''තොපගේ අවවාදයෙන් මට පළක් නැත. මට රිසි දෙ මම කරමි''යි වසසි බස් දොඩයි. එතකිනුක් නොනැවතී ''සත්දිනක් නිරාහාරව සිට මියෙමි''යි කියා හොර රහසේ ක්‍රීම් මැදිකල ලෙමන් බිස්කට් කා, දෙමාපියන් වීර්ය කොට ආහාර අනුභව කරවනා තෙක් දිවිරැක ගන්නා පවිටු කොල්ලෙකි.
මේ පුතු තෙමේ කීකරු කර ගත නොහී පියාණෝ කියන්නේ,
''පින්වත් පුතනුවණි, ජීවිතය නම් තන අග පිණි බිදු වන්නේය. දැහැමෙන් සෙමෙන් ජීවිතය ගෙවා දැමීමට නම් මෙය හොඳ දේය මෙය නරක දේය ලෙස වෙන් කොට හඳුනා ගැනීමට පලමු කොට අක්ෂරයෙහි කෙල පැමිණිය යුතුය. තොප වැනි දණ්ඩණයෙන් පවා මෙල්ල කළ නොහැකි එක්තරා කොල්ලෙක්, තමගේ අකීකරු කම කරණ කොට මහත් වූ දණ්ඩනයක් ලැබුවා නෝවේදැ''යි ඉකුත් වත් දක්වාලුයේය.
යටගිය දවස බරණැස් නුවර ගාන්ධිමාතා නම් රැජනක දැහැමෙන් සෙමෙන් රාජ්‍ය කරන සමයෙහි, අසල ලංකාදීපයෙහි ''අශ්ඨවාපී'' නම් පසල් දනව්වෙක පින්වත් පුත් කුමරෙක් උපන්නේ, උපන් මොහොතේ තාරුකා රූපීන්ගේ පිහිටීම බලා දෛවඥයන් විසින් එම පුත් කුමරාට ''බුද්ධිඝොෂ'' නම් නම් තැබීය.
මේ පින්වත් පුත් කුමරා නිසි විය එලැබි කල දෙමාපියන් විසින් පසල්දනව්වෙ පිහිටි එක්තරා තක්සලාවකට භාර කොට, ප්‍රධාන ආචාරීන් බණවා මෙසේ කියන්නාහු,
''පින්වත් දිසාපාමොක් ඈඳුරුතුමෙනි, මේ අපගේ එකම පුත්කුමරා වන්නේය. මොහු වූ කලී ඈසිල්ලක් තරම් කාලයක් හෝ එක්තරා තැනෙක තබා ගත නොහැකි කොල්ලෙක් වන්නේය. එපමනකුදු නොවන්නේය, මේ පෝතක තෙම් ස්ථානොචිත ප්‍රඥාවෙන් මුහුකුරා ගොස් ඈත්තෙත් සේ කුමක් හෝ දණ්ඩනයක් නියම කළ කල්හී අප බණවා,
''මේ ඌ කාරණාවක් නිසා මෙසේ කලෙමි. එසේ නොකලේ වී නම් මාගේ අවසානය වන්නේය, අහවලා නිසාවෙන් මෙබන්ඳක් වීදොහො''යි හේතු කාරණා පල කොට දණ්ඩනය මග හරින්නේය. එසේ හෙයින් ඈඳුරුතුමනි, දණ්ඩෙන් පහර දී හෝ කිනම් හෝ දණ්ඩනයක් පමුණුවා මුන් හික්මුවාලුව මැනවයි'' පෝතක කුමරු දෙස බල බලා ඒ දෙමාපියෝ ප්‍රකාශයෙන් සඳහන් කලෝය.
එකල්හී ප්‍රධාන ආචාරීන්,
'' පින්වත් දෙමාපියනි, සිත්තැවුල් ඈතිකර ගැනීමට කාරණා නොවන්නේය, මේබදු වූ පෝතකයින් මෙල්ල කිරීම අප ගුරුන්ටහ ''ගින්නෙන් දවා සකස් කරන ලද කජු කන්නා වැනි පහසු කටයුත්තකි''යි පවසා දෙමාපියන් සනසා පිටත් කර හැරපීය.
යට කී කුමරා එසේ මෙසේ එකෙක් නොවන්නේය. උන් තක්සලාවෙන් ශිල්ප උගෙන නිවසට එන්නෙ, නිවසේ තිබූ දෙයක් කෑවායින්, නොකෑවායින් ''වාලී'' නම් වූ සිටුතුමාගේ රඹ වනයට වන්නේය. උන් හා උගේ සහචරයින් එකක් වූ රඹ වනය දෙකක් කරන්නේ කසේ ද යත්, ඔවුනොවුන් රජුන් හා රුපුන් ලෙස පිල් දෙකකට බෙදී රඹ කදන් හා සටන් වදින්නෝය. කැකුලු රඹ කැන් මත එල්ලීගෙන, පැද්දී ගොස් අනෙකුන්ගේ කරට පැන උන් මඩවාලුය. වියලී ගොස් ඈති රඹ පත්‍ර ගෙන සතුරන් සේ වෙස් ගත්තවුන් රඹ කඳන් වල පිටිතල හයා බැඳලන්නාහුය. ඔවුන්ගේ ඉණ රැදි ''කැටපෝලය නම් උපරණයක් ගෙන සශ්‍රීක රඹ පත්‍රයන්ට එල්ල කොට ''ටැකැ'' යන නාද අනුනාද පැණ නැගී රඹ පත්‍රයන් සිදුරු විසිදුරු වන සේ කැට මුගුරින් ගැහැට කරන්නෝය. මෙසේ මුලු සවස් යාමයම කෙලි සෙල්ලම් කෙරෙමින්, සකල රඔ වනයේ සම තැන් විසම කෙරෙමින් මහත්වු කෝලාහල කරෙමින් විනාශයට පමණුවන්නෝය.
කාලයාගෙන් ඈවෑමෙන් මෙම කොල්ලන්ගේ පැමීණීම නොවන්නේය. මේ වූකලී චාලි සිටුතුමන්ට මහත් වූ අස්වැසිල්ක් මෙන්ම ප්‍රෙහෙලිකාවක්ද විය. ''මේ කොල්ලන් සූකරයන් බඳනා ලෙස කොටුවේ බැඳ ලන්නෙමි''යි බිය වද්දා හො නතර කර ගත නොහැයි වු දරඳඩු කොල්ලන් වී නමුදු, මේ කුමන වූ කාරණාවක් නිසා රඹ වනයට පැමිණීම නොවන්නේදැ යි සිත සිතා සවස් කාලයේ දී මතුමහල් තලයේ සිටින්නේ,
''පාන්'' නැමති ගෙඩි වර්ගයක් ගෙන ඒමට යන්නා වු ගම්මානයේ එක්තරා මානවකයෙක් දැක නවතා,
''පින්වත් මානවකය, නිරන්තරයෙන් මාගේ සකල රඹවනයම එක දෙක කෙරමින් කොලාහල කරන ගම්මානයේ කුමාර වයස් ඈති මානවකයින් කුමන හේතුවක් කිසා නොපැමිනෙන්නේදැ''යි විචාලේය.
එවිට මානවකයා,
''පින්වත් සිටුතුමනි, කොල්ලන් එක්තරා වූ උමතුවකින් පෙලෙන්නේය. උමතුව සෑදුනු කල කොල්ලන් පැතලි දන්ඩක් කපාගගෙන වුත්, තවද වනයෙන් එක සමාන උස වූ, එක සමාන පළල් වූ, වක් නොවූ දඩු කැබලි තුනන් සිටුවා ඒ ඉදිරියේ සිට අනෙක් කොල්ලෙකුන් දිව විත් දමන පන්දුවට පහර එල්ල කිරීම් කරන්නොයැ'' යි විචාලේය.
''මේ වූකලී උමතුවක් කෙසේ නම් වැළදිනි දැ''යි අසන කළ,
''පින්වත් සිටුතුමනී, උන්ගේ නිවෙස් වල රූප පෙට්ටිවලත් මෙවැනි උමතු රෝගින් මේ ආකාරයේ ක්‍රියාකාරකම් වල නිරත වෙත්, ඉදින් ඒ දෙස බලා සිටින කොල්ලන් හටත් මේ උමතුව වැළදෙන්නේ නොවේදැ''යි පිළිවදන් දුන්හ.
''මානවකය, ඒ උමතුවට කියන්නා වූ නාමයක් තිබේදැ''යි විචාරන කල්හි,
''පින්වත් සිටුතුමනි, එසේය, ඒ වූ කලී ක්‍රිකට් නම් උමතුවකි''යි ප්‍රකාශයෙන් සටහන් කර පිටත්ව ගියේය.
චාලි නම් සිටුතුමන් ''මේ නම් සෑබැ වෙනසකි. ඉඳින් මින් මතුයෙන් මාගේ රඹ වනය ඒ කොල්ලන්ගෙන් රැකෙන්නේයැ''යි සැනසුම් සුසුම් හෙලීය.
ක්‍රිකට් උමතුව සෑදුනු කොල්ලන් රඹවනය හැරපියා, ගම්මානයෙන් එක්තරා කෙලවරකෙව වූ මුඩු බිමක් සොයා ක්‍රිකට් නම් කෙලියෙහි මුලු සවස් යාමයම ගෙවූහ.
එක්තරා සන්ධ්‍යා භාගයක එම කොල්ලන්ගෙන් එකෙක් නැගී සිට,
''මා මිත්‍ර යහලුව, අප ක්‍රිකට් කෙලියෙහි යෙදෙන්නා වු පිරිසෙහි නාමයන් ඈතුලත් කොට පුස්ථයක් සෑදුවොත්, මේ පන්දු කෙලියෙහි සමර්ථයාය, මේ පන්දුවට පහර දීමට සමර්ථයාය, යනුවෙන් නිශ්චයෙන් වර්ග කොට දක්වා ගැනීමට හැකි වන්නේය. එවිට ඔවුනොවුන්ගේ සමර්ථකම් පුස්ථකයෙහි සටහන් කොට තබාලා යම්කිසි දවසක අවශ්‍ය වූ විට ප්‍රයෝජනයට ගත හැකි නොවේදැ''යි අසන කල්හී,
''එය නම් කදිම අදහසකි''යි අනෙකුන් එය අනුමත කොට, ආකාශයේ බබලන්නාවු ස්වර්ණමය තාරුකා නම් අර්ථය ඈති ''රන්තරු'' නම් නාමය යෝජනා කොට,
'' පුස්තකය සෑදීම හෙට සිට ආරම්භ කලේ වී නම් යහපති''යි යෝජනා සම්මතයෙන් නිවෙස් බලා පිටත් ව ගියෝය.
පසුදින තක්සලාවට පැමිණි යටකී කොල්ලන් සිස් කාල පරිඡ්ඡේදයන් සොය සොයා පුස්ථකය සෑදීම කලෝය.
එකලිහී, පුස්ථකය සාදන්නේ කෙසේ ද යත්, අක්ෂරයන් නියම කොට හැඩ ඈතිව ලියා ගත නොහී කොල්ලන් රූල නම් උපකරණක් තබා ඉරි ගසා දෙන්නෝය. නියම පරිද්දෙන් ඉරි ගසා නොහැකි උන් අකුරු කර සහයෝගය දෙන්නෝ පුස්තකයේ වැඩ නිමවාලුය.
ඉක්බිත්තෙන් රන්තරු කොල්ලන් බුද්ධිඝෝෂයෝ අමතා,
'' පින්වත් යහලුව, රන්තරු පොතෙහි ඉරි ඈද ඒ අතරට අප එක් එක් යහලුවන්ගේ නම් අන්තර්ගතකොට නිමාකාරයෙන් මෙම පුස්ථකය නිමවා ලුය. ඉදින් අපහට මේ පුස්තකයෙහි මුල් පිටුව මනරම්ව කල නොහැක්කේය. කලේ වී නමුත් එය බලිකුරුට්ටක් සේ පෙනී පුස්ථකය සෑදීමේ සියලු කාර්යන් ගඟට කපන ලද හිනි මෙන් නිෂ්ප්‍රයෝජන වන්නේ නොවේදැ''යි පැවසීය.
එකල්හි මිතුරුතොමෝ බණවා බුද්ධිඝෝෂයෝ කියන්නෙ '' ඉරි ගැසීම අකුරු ලිවීම තොපට භාර වන්නේය. මුල් පිටුව සිත්තමින් අලංකාර කිරීම මට භාර කරව. මම් වූ කලී සිත්තමට සමර්ථයෙක් බව නොකිව මනා නොවේදැ''යි වහසි බස් දොඩා පුස්ථකය භාර ගන්නේ මෙසේද කීය,
''මට වූ කලී බුද්ධ ධර්මය නම් ඉතා ලෙහෙසි වූ විෂයක් වන්නේය. දහම් අසපුවේදී ද, අද ඉගෙනීමට නියමිත ''මට්ඨකුණ්ඩලී කතා වස්තුව'' උගන්තෙමි. එසේ හෙයින් අද දින බුද්ධ ධර්මය උගැන්මට ලින්ටන් ආචාරීන් පැමිණි කල, රන්තරු පුස්ථකයේ පුධාන පිටුව සිත්තමින් අලකාර කරන්නෙමි''යි මහත් වූ උදාර ලීලාවෙන් පැවසීය.
නියමිත කාලය එළඹි කල බුද්ධ ධර්මය ඉගැන්වීමෙහි සමර්ථ වූ ලින්ටන් ආචාරීන් පැමිණ ශිල්ප පෙන්වන්නට ගත්තේය.
ලින්ටන් ඈදුරු තෙමේ ඉතා සැර පරුෂය. බුද්ධිඝොෂ කුමරුගේ මව්දෙමව්පියන් උදෙසාද ශිල්ප දුන් මුහුකුරා ගිය ආචාරියෙකි. ගැටලුවක් විචාරා පිළිවදන් දීගත නොහී කල මහත් වූ නින්දා කොට දණ්ඩෙන් පහර දෙන්නේය. මොහු ඌ කලී විෂයෙහි දක්ෂ ශිෂ්‍යායය, මොහු වූ කලී දුර්වල එකෙකැයි පිල් නොබෙදා, ඹහු හිස හැරී ගියේ කිනම් සිසුවා දෙසට ද උගෙන් ප්‍රශ්ණ විචාරන ගුරුවරයෙකි.
බුද්ධිඝොෂයා මෙ පවත් ''සක් සුදක් සේ ''දන්නේ වී නමුදු පුස්ථකය සාදා නිමවාලීමේ ඒකායන අරමුණින් ඔද වැඩී ගියෙන් තම යහලු අරුණාලෝක ද සමග සිත්තමේ යෙදෙත්.
දැං දැන් ලින්ටන් ගුරු පියාණන් ගැටපද විවරණ කරෙමින්, මට්ඨකුණ්ඩලී කතා වස්තුව උගන්වනු ලබයි.
මේ දුඨිට කොල්ලන් දෙදෙන මට්ඨකුණ්ඩලී කතා වස්තුව යහපත් කොට අසා සිටින නියාව ගුරුන්ට හඟවමින් සිත්තමින් පුස්ථකය අලංකාර කරති.
එකල්හී අරුණාලෝකයෝ උපදෙස් දෙන්නේය. බුද්ධිඝොෂයෝ පුස්තකයේ මුල්පිටුවේ විශාල අක්ෂරයෙන් ''රන්තරු'' නම් අකුරු සිත්තම් කරයි.
අරුණාලෝකයෝ,
''පින්වත් මිතුර, රන්තරු යන අක්ෂරයන්ගේ පසුපසට ආලෝක කදම්භයක් කරණ කොට ගෙන පැණ නගින්නා වූ සෙවනැල්ලක් සිත්තම් කළ හැක්කේ වී නම් මහත් අලංකාරයක් එක්වන්නේ නොවේදැ''යි ඈසූ කළ
බුද්ධිඝෝෂයෝ,
''එම්බල අරුණාලෝකය, කුමක් නම් බණුයේද? සෙවනැල්ලක් සිත්තම් කීරීම මා හට ගින්නෙන් දවා මනාකොට සකසා ඈති කජු කන්නා වැනි ලෙහෙසි කටයුත්තකි''යි පවසා සෙවැනැල්ලක් අදියි.
එකල ඒ දෙස බලා සිටින අරුණාලෝකයා, ''එළය , එළය, තව හැඩකරව, තව අදුරු කරව''යි බුද්ධිඝොෂයා උද්දාම කලෝය.
එයින් උද්දාමයට පත් මේ බුද්ධිඝෝෂයෝ, තව තවත් හැඩ වැඩ කරමින් සෙවනැල්ල ඈදපීය.
නියමිත ආකාරයෙන් සෙවනැල්ල ඈඳීගිය කළ අරුණාලෝකයා,''පින්වත් යහලුව, තොප නම් පට්ට බුවෙකි. සෙවනැල්ල එළටම ආවේ නොවේදැ''යි විචාරා මුව ඉවත් කර ගන්නට ගත්තා එපමණකි. මහත් විනාසයක් අභිමුඛව පැමියේයය.
ඒ කෙසේ ද යත්,
''කුමක්දැ?''යි තමන් අසලින්ම ලින්ටන් දිසාපාමොක්ගේ මහත් වූ ඒක ගර්ජනා හඩ රැව් පිළි රුව් දුන්නේය.
අරුණාලෝකයා හා බුද්ධිඝොෂ කොල්ලන් දෙදෙනා '' ජලයෙන් පහර කෑ උමතු සුනඛයන් මෙන්'' ගැහි ගැහී දික් වූ උණ දණ්ඩක් මෙන් නැගී සිටියේ, ආරුණාලෝක තෙමේ ''රන්තරු'' පුස්ථකය මස්ථකයේ අනෙක් පුස්තකයක් හොවා ආචාරීන්ගේ නේත්‍ර මානයට හසුනොවන සේ අන්තර්ධාන කලේය.
එකල්හී ලින්ටන් දිසාපාමොක්'' කිමෙක්දැ?''යි නැවතත් මේඝ ගර්ජනා කලේය.
එකල බුද්ධිඝොෂයෝ,
''නියමිත ආකාරයෙන් ප්‍රශ්ණයක් විචාල වී නම් පිලිවදන් දීම මට කාරියක් නොවන්නේ යැ. ''කිමෙක්දැ?'' යි පමණක් ඈසු නියායෙන් මම් කුමන වූ පිලිවදනක් දෙන්නේ වීදැයි'' මුවින් නොබැන සිතීය.
එකල ලින්ටන් දිසාපාමොක්,
''මේ නන්දි විසාලයාට ඈසෙන්නේ කෙසේ වීද, එසේ වූ ශබ්ධකින් මා විචාල ප්‍රශ්ණය නැවත කියව''යි පංතියෙහි අනෙක් සිසුන් අරභයා මහත් වූ කෝපයෙන් පැවසීය.
අවශේෂ ශිෂ්‍යයෝ '' මට්ඨකුණ්ඩලී කුමරු අරභයා වැලදුණු රොගය නම් කිම?'' යනුවෙන් මහත් ශබ්ද නගා කීය.
එකල බුද්ධිඝෝෂයාගේ හිසින් ''තාරුකා පැන නැගී, එතකින්ද නොනැවතී කොම්බු සහ පැණි කුරුල්ලන් අහසට පැණ නැන්ගේය. යහලු ආරුණාලෝකයාට ද එසේම වියැ.
එසේ වී නමුත් බුද්ධිඝොෂ වනාහී උපායෙහි දක්ෂයෙකි. කුඩා කළ සිටන් පුරුදු පුහුණු කළ ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුත්තේය.
කුමරා ''පින්වත් ලින්ටන් ගුරුපියානනි, පිළිවදන් ප්‍රමාද වුයේ අනෙකක් නිසා නොව ක්ෂණයකින් ඔබතුමා මා ඉදිරියේ ප්‍රදූර්භූත වු නිසාය'' යනුවෙන් මුවින් බැණ බැණා නියමාකාර පිළිවදන දීමට යන්නේ, මහත් ඌ අභාග්‍යයකට මුහුණ දුන්නේය.
ඒ කිමෙන්දැයි යත්, සොලොස්මහා වාපීන් එක හිරු කිරණින් සිදීගිය නියාවෙන් තම මනැසේ තිබූ මට්ඨකුණ්ඩලී නම් කතා වස්තුව පිළිබද මතකය මේ සිදුවුනා වූ වික්ෂිප්තයෙන් එක් ඈසිල්ලකින් මැකී ගියේය.
බුද්ධිඝොෂයෝ කපා දමන ලද පණුවෙකු වෙන් ඈඔරී ඈඔරී සිටිනා නියාව දැක, ලින්ටන් දිසාපාමොක්,
''එම්බල කැණහිල්ල, තොප වූ කලී මා නොමග යැවීමට සිතනා නියාව මා නොදන්නේ වී දැ''යි අපහාසයෙන් බැණ,
'' පිළිවදන් නොදන්නේ වී නම්, තොපට මා අමතක නොවන පාඩමක් උගන්වන්නෙමි''යි කීය.
උපායෙහි සමත් බුද්ධිඝෝෂයෝ ''නිවැරදි පිළිතුර මාගේ චිත්ත සන්තානයෙන් අන්තර්ධාන වි ගිය නමුදු තර්කයෙන් පිළිතුරක් ගොඩනගමි''යි සිතා,
''පිළිවදන් මතක් වීය ගුරුපියානනි, මට්ඨකුණ්ඩලී අරභයා වැළඳුනු රෝගය වනාහී අනෙකක් නොව කුණ්ඩලාභරණ රෝගයයි'' නියමිත පිළිවදන වන ''පාණ්ඩු රෝගය'' පසෙක තබාලා අනෙක් පිළිවදනක් දුන්නේය.
එවදන් ඈසු ලින්ටානෝ දණ්ඩෙන් පහර කෑ නාගයෙකු සේ කීපී,
''එම්බල, අනුවණ ඌ දුෂ්ඨ කොල්ල, මට්ඨකුණ්ඩලී අරභයා වැළදුනු රෝගය කුණ්ඩලාභරණ රෝගය නම් පාන්ඩුව සෑදී සිට මියගියේ තොපදැ''යි, මහත් වු ආක්‍රෝෂයෙන් පරිභව කොට එතකිනුත් නොනැවතී, ''සිස්''යන නාද නැගෙන සේ දන්ඩෙන් පහර තුනක්ද දී එතකිනුත් නොනැවනී, මා කියනා තාක් කල් තොප මේ පුස්ථක තබනා බංකුව මස්ථකයේ නැගී සිටුවයි'' ආඥා දැක්වීය.
මේ දෙස බලා සිටි පංතියෙ අවශේෂ කෙල්ලන්ගෙන් සමහරෙක් ''හිකිස්'' යන අනුනාදයෙන් සිනහවේ පිහිටියේය. සමහරෙක් තම අත වූ ''ලෙහෙන්සුව'' නම් රෙදිකඩින් මුව වසා සිනහ වලක්වාගත්තෝය. අවශේෂ කොල්ලන් බුද්ධිඝොෂ කුමරාට පක්ෂපාතීත්වය හඟවනු වස් මුවින් නොබැන වික්ෂිප්තව බලා හුන්හ.
එකල්හී, උගැන්ම පසෙක තබා අනෙකක් කරන්නට ගොස් බුද්ධිඝෝසයෝ මහත් වූ දණ්ඩනයකට පැමිණීය.
සිය පියාණන් විසින් ප්‍රකාශයෙන් සටහන් කරන ලද මෙම කතා වස්තුව ශ්‍රවණය කල ඒ පුත් කුමරාගේ නොහික්මුණු කම් එම ඈසිල්ලෙම උනුව ගිය වෙඩරු පිඩක් සේ අන්තර්ධාව ගියේය.
පින්වත් පුතණුවණි, නුඹද නියමාකාරයෙන් ශිල්ප හැදෑරීම නොකරන්නේ වීද යම් මතු දිනෙක නුඹටද අවමානයකට ලක් වීම වැලැක්විය නොහැකි වන්නේයැ''යි පවසන කල,
''අවමානය පසෙකය, උන්ගේ ස්ථානෝචිත ප්‍රඥාවෙන් දුන් පිළිවදනට මාගේ සිත ඈදී ගියේ ය. එහෙයින් පින්වත් පියාණනි තවත් එවැනි කතාවක් කියවයි'' පියාණන්හට ඈවිටිල්ලෙන් ප්‍රකාශ කලේය.
පින්වත් පුත, බුද්ධිඝොෂ අරභයා ඈති කතා වස්තු නම් එමටය. සත්දිනක් වුව නොනවත්වා කීමට කතා වස්තු පවත් වන්නේය. එහෙත් පළමු කොට අක්ෂරයේ කෙළ පැමිණ, දෙවනුව සයිබර් අවකාශයට ගොස් මත්හෙහි ඈති ''සයිබර්යායට'' ගොඩවැදී තොපට රිසි වන්නේ කෙතෙක්ද, එතෙක් කතා කියවුව මැනවැ''යි පිළිවඳන් දුන්නේය.
පුත්‍ර තෙමේත් '' යහපති, පියානණි අද සිට මා ඈල්මෙන් අකුරු උගනිමි. අක්ෂරෙයෙන් කෙල පැමිණ බුද්ධිඝොෂ කුමරුන්ගේ කතා වස්තු කියවමි'' පියාණන් හට ගිවිසුම් දී අක්ෂර උගැන්මට පිටවීය.
පියාණෝ ද තිස්තුන් කෝටියක් වූ දෙවිදේවතාවුන් ආමන්ත්‍රණය කොට, තම පුතණුවන් කරණ කොට ඔවුන් හට අනේක වාරයන් පින් දී මහත් වූ සාධු කාර පැවැත්වීය.
.........................................
ආමි....
ReplyDeleteඑම්බල බුද්ධිඝොෂ තා මේ සකස් කරන ලද වියුණුව ඉතා අගෙයි. ඉදිරියටත් මෙවන් වියුණු සකස් කර ප්‍රකාශ කරන්නේ නම් ප්‍රිතී වෙමි. එමෙන්ම තගේ මේ සිතුවමිද කහවුනු සේ වටී. එබැවින් පසුවටත් මෙවැනි දේ කල මැනවි.
ReplyDelete'පින්වත් යහලුව, තොප නම් පට්ට බුවෙකි. වියුණුව එලට සැපත්ව ඇත්තාහුය'
ReplyDeleteනියමෙට ලියලා තියෙනවා!
ReplyDeleteලින්ටන්කාරයා හොඳයි වගේ මගේ පන්තියට බුද්ධාගම උගන්නපු හාමුදුරුවන්ට වැඩිය!
කථා වස්තුවේ පූර්වාපර සන්ධි ගැලැපීම පසෙක ලූ මානවක තෙමේ "ආමි" යනුවෙන් වහසි බස් දොඩා ඉක්බිත් ශීර්ෂයෙහි සිට පාදාන්තය දක්වා වියුණුව පරිශීලනය කර පසුවැ සිය බුද්ධිය මෙහෙයවා මෙය සේය මෙය මෙසේය යනාදී වශයෙන් සන්ධි ගලපා මහත් සන්තුශ්ටියට පැමිණ මේ නම් සිත්තම් ශිල්පයෙහි මෙන්ම හස්‍යයෙහිද කෙල පැමිණි ඇඳුරෙකි යැයි සිතා මහත් චිත්තප්‍රීතියෙන් බුද්ධිඝොෂ අචාරින් වෙත සිය කෘතඥතාව පලකරන්නෙහිය..
ReplyDeleteමේක නම් පට්ටම පට්ට......නියමෙට ලියලා තියනවා...ජය වේවා....!!!
ReplyDeleteඅනර්ඝයැ. මෙවන් අපූරු හැකිකම් ඇති යොවුනන් සයිබරවකාශයෙන් දැක සිත් පහන් වීයැ.
ReplyDelete- Taboo
පට්ට....එම්බල බුද්ධිඝොශයනි...තොපගේ කතාව කැලි කීපයකට බිද දමා කොටස් වශයෙන් ලියුවා නම් යෙහෙකී..එහෙත් කථාවේ ලගන්නා සුලු බව පෝස්ටයේ දිග වැඩි බව අමතක කරවන සුලුය
ReplyDeleteNo Comments
ReplyDeletePaswaaan dahayakata kama kala menawi buddhigochcra pinwatha sinhala nemethi aksharayan maage yagadame ketiya nohekkeya.Nubanam ane mandaaaya keteemata comment nethi tharam ya.aganeeya aganeeya.... piksu nethnam shooork ya,kora ya,maxxa ya.Methekin nonewathi thava thavath shilpaye kela peminenu!
ReplyDeleteඅහා...! මෙම කතා වත්ථුවේ ඇති සොදුරු බවේ මහතැ!ඉදිරියටද මෙවැනි කතා ලියව!කෙසේමුත් තොප පුත්‍ර තෙමටද සතුවැ ඇත්තේ තොපගේ ගනයටම නතුවූ ඩී ඇන් ඒ නම් අණු පෙලක් බැවින් පුත්‍රයාගේ නොපනත්කම්ද වෙනස් වේවැයි සිතිය නොහේ!
ReplyDeleteඅච්චු පාෂාණ වන මාගේ සුභාශිංෂණද පිළිගනු මැන
එලයැ,එලයැ,තොප බිනීමෙහි,ඇදීමෙහි සමර්තයෙකු වග තෙල දන අභිමුවේ සිප් දක්වන්නාහ.හුදී ජන සිත් ආතල් පතා තව තව එ දක්වනුව.ජය ජය.
ReplyDeleteකියවීම පසුවට කල ලමි. පළමුව පිලිවදන් දෙමි. බුද්ධිඝෝෂය වෙයැ නම් අපූරුවෙක් මැයි.
ReplyDeleteකියවන්න දවසක් ඕනිවෙයි බුදු අම්මෝ කොහොමද මෙච්චර ලිවවේ.
එල එල බුද්ධිඝෝෂ කුමරුනි. තොප නම් එලම බුවෙකි. තොපගේ සිත්තමද අපූරුය...
ReplyDeleteබුද්ධිගොසය, තොප එල බුවෙක් වග මෙයින් ප්‍රාර්දූභූත වන්නාහය, කියැවීමෙන් මාගේ මනසිකාරය අඤ්ඤකොරොස් බාවයට පැමිණියාහුය, සිනාව පහලවීමෙන් මුව මඬල සවනේ ගොස් හැමිණින, මෙවක්හි ගලවාගැනීමට වෙහෙසෙමි...!
ReplyDeleteබුද්ධිඝෝෂයානෙනි, තොපගේ කතා වස්තුවනම් ඉස්තරම්ම වේ යැ. ඉඳින් මතුවටත් තොපගේ මෙවැන්නාවූ නොමනා ක්‍රියා වස්තු විශය කොටගත් කතා කියවීමට මා ප්‍රිය වීමි.
ReplyDeleteතෝ අඩක් ලියා අත්හල අනෙකුත් කතා වේද, මාගෙන් කුණුහරුප නාසා ඒවාද වහා ලිව. :D
කදිමයැ.. අනර්ඝයැ.. උත්කෘෂ්ඨයැ.. කියවීමෙන් අපසැම චිත්තප්‍රීතියට පැමිණුනාවම්හ.. බුද්ධිඝෝෂ කුමරු අරභයා වන තව තවත් මෙබදු බුද්ධිගෝචර කතාවස්තු අවකාශ ඇතිපරිද්දෙන් ගෙනහැර දැක්වීමට මතුත් ඉඩහසර ලැබේවායි උදක් පතම්හ..
ReplyDeleteවන්නාටයැ.. ඉදින් ඒ කොළුවා දරදඩු සිත් හැරපියා යහපත් කීකරු දරුවකු බවට පැමිණුනේවීදැ..??
මෙයැ ඔබේ කතන්දර සීයා විසින් තෙපලූවක්දැ? කදිමයැ !!!!
ReplyDeleteකථාවත්තුව එක් හුස්මෙන් කියවූ බීටල් මානවකයා 'බකස්' යන අනුනාදයෙන් සිනහවේ පිහිටියේයැ.....
ReplyDeleteඋඹ හැබෑ කෙනෙක්මද බන් ?
ReplyDeleteමම නම් සම්පූර්ණ නොකියුවෙමි.. 2007 වසරේ එක් දිනක පටන් මෙම බස් වහර මට ඇලජික්ය.. මීලග කතා වස්තුවත් මෙසේ නොවුවොත් කියවමි.. යැයි ළමයා වහසි බස් දෙඩීය...
ReplyDeleteබුද්ධි අයියණ්ඩිය තොපගේ කතා වස්තුව කියවීමෙන් මා සිත් පිනා ගොස් මුහුණෙන් සිනා පහළ වීයැ. යහපති යහපති අයියණ්ඩිය. බුද්ධිගෝෂ කතා වස්තුවේ දෙවැන්න බලාපොරොත්තුවෙන් ඇස් දල්වා, කට දල්වා බලා සිටින්නෙමි :)
ReplyDeleteඑම්බා බුද්ධිගෝෂය,
ReplyDeleteමෙය නම් පට්ටයැ, එළයැ, ගින්දරයැ, අනගියැ, නැවත නැවත අයිටරේටිව් වශයෙන් කියැවීමට සිත් පහළවීයැ. මේ ගැන කයිවාරු තෙපලන්නට ම සතු තවත් පොහොසත් වචන නැත්තේයැ. තොපගේ අක්ෂර වින්‍යාසට පෙරටු කොටගත් භාශා හැසිරවීමේ කෞෂල්‍යයද, කතාවේ විලාසිතාව විශය කෙරෙහිද මහත් වූ ඇල්මක් ඇතිවූ නියාවෙන්, සෑම තරුණ බහිරවයෙක්ම පාහේ සයිබර් අවකාශයේ ගැවසෙන තමන්ගේ අරකද මේකද යනදී වශයෙන් තොරතුරු ගොනු කරන අතනදී මෙතනදී ගත්තාවූ වශයෙන් රූපාරූප ගොනු කරන මුහුණුපොත නම් කාලකණ්නි සයිබර් පිටුවෙහි, මාගේ සියයකුත් එකක් සහචරයින් හට දැකගනු රිසි වන පරදී ෂෙයාර් කරන ලදුව, උන් ඒවා දැක පිනා යනු දැකීම මාගේ කැමැත්තේමැයි. එසේ වූ හෙයින් මේ දැන්ම උදෑසන නමය පසුවී මිනිත්තු තිස් හතක් ගියතැන එය ෂෙයාර් කරමි. තොපට ජය.
නියමයි අයියේ
ReplyDeleteඑම්බා පින්වත් බුද්ධිගෝෂයෙනි මුඹගේ කතාවස්තුව අනගිභවනීයය, උත්කෘෂ්ධඨය,පට්ටය,එළය.
ReplyDeleteතෝ නම් චිත්‍රකර්මයෙහි මෙන්ම මාධුර්ය විලාසයෙන් කතාවස්තු බිනීමේ සමතෙකැයි....තීර්ථයේ යාත්‍රාකරනා හෙයින් තීර්ථයාත්‍රිකයා යැයි විරුධ නාමය ගත් මමතුමාට සිතෙන්නේල.
වන්නාටය පෝස්ටය රිපීට්කරණයට ලක්වී ඇතිසෙයක් දිස්වෙන බැවින් මදක් විමසිලිවත්වෙව
ReplyDeleteබුද්ධිඝෝෂ කතා වස්තුව නම් සුපිරි.. හෆොයි මට මහන්සියි හිනා වෙලාම.. මමද ''හිකිස්'' ''හිකි හිකිස්'' යන අනුනාදයෙන් සිනහ වෙමී..
ReplyDeleteහෆෝයි මොකක්ද මේ විකාරේ.........
ReplyDeleteමෙ පිස්සු කෙලින්නැතුව අර පරන විදිහට ලියහං, මෙතන මයියං කෙලිනව.
බුද්ධිඝෝෂයෙනි,
ReplyDeleteඅනර්ඝයැ... උත්කෘෂ්ඨයැ.... අනගිභවනීයයැ...
සිත්තම ද එසේමයැ...
ඇත්තටම රසවත්.
ReplyDeleteකදිම නිර්මාණයක්.
අනුරාධ said...
ReplyDeleteමන් දැනගත්තා ජාතක කතා පොත කියවද්දි ඔහොම වෙයි කියලා.
August 21, 2010 5:13 PM
ජීවිතේමල් ( දිල්ශාරා ) said...
මේක කියෙවුවම මට එක දෙයක් හිතුනා.. බුද්ධිගෙ බාසාව නම් හරිම ඉහලයි... මාරම මාර රහයි අයියෙ... හරිම සෝක්..
හෑමදාම දෙන ඉල ඈදෙන දේ අද වෙනස් ආරකින් ඒත් ඉල ඈදෙන විදියටම... ශා.. හරිම සෝක්..!
August 21, 2010 7:17 PM
Hipo said...
හා හා... පට්ට...
August 22, 2010 9:38 AM
pipi said...
එල ය.එල ය. එලේ එල ය.
August 22, 2010 11:24 PM
තොප විසින් මාගේ පෝස්ටය අරභයා දක්වා ඈති පරිකථනයන් දැක මා චිත්තහ්ප්‍රීතියෙන් පිනා ගොස් ඈතැ. සවිස්තර ලෙස ඔබේ පරිකථනයට මාගේ පරිකථන අද පශ්චිම යාමයේ ලබා දෙන්නට ඉටා ගතිමි!
ReplyDeleteමීට බුද්ධිඝෝෂ
එම්බල කොල්ල, තෝ වනාහී එසේ මෙසේ එකෙකු නොවන්නේමය. පෙර රජ කලැ සිටි ගැදිපැදි වයියාකරණ සුධීමතුන්හට තොප සමාන කරමින් තොප මුරුන්ගා ශාකයේ රදවා අවීචි මහා නරකාදියෙහි වැටීමට අදහස් නොකරණ බැවින් එසේ නොකියමි. එහෙත් එකක් කියමි කොල්ල. තොපගේ නිර්මාණශීලී භාෂා පරිචය වනාහී ලෙහෙසියෙන් කෙනෙකුට ඇතිවන්නක් නොවේ. තොපේ රස කතා ඇසීමට අපේද ඇස් පුල පුලා බලා සිටින වග පමණක් අප මෙහිලා සදහන් කරමු.
ReplyDeleteමේ වගට,
ලංකා කලා දිනපොතේ Admin අයියන්ඩි වම්හ෴
කස්සා,
ReplyDeleteඑසේමැයි! තුති යැ!.
................................
වැප්,
එසේදැ! ඔබටත් තුතියැ!
...........................
කකා,
ලින්ටන් සර් කියන්නේ අපේ අම්මාලට තාත්තලාට පවා දණ්ඩෙන් පහර දීලා තියෙන ආචාරියෙක්! කතන්දර.
ඔයාගේ සාදුත් ඒ වගේ තමා කියලා මම සැහෙන දවසකට කලින් ඉදං දැනං හිටියා.
අගය කිරීම ගැන නං ස්තුතියි! බොක්කෙම්ම!
............................
ගීතික,
මුලින් ආමි යන වදනින් වික්ෂිප්තව සිටි බුද්ධිඝෝෂයෝ ඉක්බිත්තෙන් යෙදුනු පරිකතනයෙන් මහත් චිත්තප්‍රීතියට පැමිණියේ, පරිකතනය කියවා ගිතිත මානවකයන් අරභයා මහත් වූ පරිකල්පන හැකියාවෙන් යුක්ක බව තේරුම් ගෙන ''තොපත් බ්ලොගයක් ලියවයි'' ආඥා දැක්වීය.
......................
හේමාලයා,
මැනි තැන්ක්යූ! දැං දිගටම වගේ මේ පැත්තෙ එනවා නේද?
........................
තාබූ තුමනි,
පරිකථනයට මගේ තුති! සයිබර් යායේ පරිකතනයක් යෙදිමට ඔබගේ සිත් පහන් වීමම මගේ මහත් වූ සංතුෂ්ටියට කාරණා වන්නේය.
............................
මයියා,
අලුතෙන්ම මගේ පෝස්ට් වලට කමෙන්ට් දැමීමට පැමිණි මය්යාණෙනි, ඔබ කියනා ලෙස පෝස්ට් කුට්ටි වලට කඩා දමා මගේ සයිබර් මිතුරන්ගෙන් හොඳවයින් අසාගෙන සිටින නිසා එසේ නොකෙලෙමි. ඒ නිසා ඈගිලි ගෙවන තුරු ටයිප් කොර ඔක්කොම දැම්මෙමි.
කාංචන,
ReplyDeleteහැමදාමත් කොමෙන්ට් කරන කාංචනට මක් උනාදැ! කතාව හොඳ නැද්ද?
........................
Xiao_Shu,
මෙච්චා චීනෙන් ලිව්වා නම් මෙයිට වඩා හොඳයැ!
.................................
අච්චු පාෂාණය,
බුද්ධිඝොෂ කතාව සැබැ එකකි. නමුදු මා අරඹයා තවමත් කුමාර වයස් ඈති කොල්ලන් තැත්තේමය. ඒවාට තව කල් ඈත. කතාවේ සිටින්නේ වෙන පියෙක් හා පුතෙක්යැ.
..............................
sithuwilimandiya,
එලයැ! මෙනි තැන්ස්යැ! පොදු ජන ආතල් පතා ඉදිරියේදීත් බ්ලොග් දැමීමට අදහස් කරමි.
.....................................
priyantha.ඒබී ,
මෙනි තෑන්ස්ය!. ටිකෙන් ටින මිටෙන් මිට ලියා හේන දිග පෝස්ට් එකක් හැදුයෙමි. :D
................................
Anonymous
තැන්ක්ස් ! නෑන්ක්ස්! දිගමට එන්නැ!
..........................
වැම්පයර්,
මුව කමල ගලවා ගත්තෙහිද? මුව කමල සවනේ වැදි ඈත්තේ කෙසේදැ '' ඒ වදන හරිදැ'' අපේ පැත්තේ නම් එය හරුපක්ද කොහෙදැ!
.......................
සසී මලණ්ඩ,
ඔබගේ ජාතක කතා කියවීමේ රුචිය මෙ මගින් වැඩි වූ බව දැන ගත් මා මහත් වූ චිත්තප්‍රීතියට පත් උනෙමි. පැරණි කතා දාන්න කියන්නෙ ඈයි දැයි මම දනිමි. ඉවසව!
........................
Buratheno ,
ඔබ මා වනා ඈති වැනිල්ලට කැරකිල්ලට වාගේ ආවේය.
බුද්ධිඝෝෂ කොලුවා ද යහපත් කොලුවෙක් විය. උන් සිතා මතා කා අරභයා හෝ අවැඩක් සිදු නොකල බවද මෙහිලා සඳහන් කළ යුතුය!. සියලු අකරතැබ්බයන් කර්ම ශක්තිය අනුවමැ සිදු විය. :D
............................
හරී,
නැතැ.නැතැ. මෙය මා හට අතීතයේ එක්තරා දිනයෙක මුහුණ දීමට සිදු වු සිද්ධියක් වන්නේයැ! දැං ලින්ටන් ආචාරීන් ලෙඩ ගානේ ඈදේය.
.............................
බීට්ල්,
බීටල් මානවකයාගේ පරිකතනය කියවා මැරියන් ආර්යාව ''හිකිස්'' යන නාද අනුනාද නැගෙන සේ සිනහවේ පිහිටියේයැ.
ඈනොනිමස්,
ReplyDeleteහැමදාම මෙහෙම ලියන්නැ. බය වෙන්න එපා. දිගමට එන්න.
.............................
තරිඳු,
කිමෙක්දැ මේ කියන්නේ, මට නං නොතේරේ. විභාග භීතිකාවදැ?
.............................
ළමයා,
යාවජීව සාමාජිකයාගේ සිත්රීදි ඈත්තා සේය. මෙවැනි කතා ඒ කාලේ මටත් ඈලජික්ය. ඒත් මෙවා රසවිදින ආකාරය මට කියා දුන් ඉන්දුමතී ටීචර් වගේ කෙනෙක් උඹටත් සිටියා නම් කියලා මට සිතේ. දිගටම මේසේ නොලියමි! බිය නොවන්න.
.........................
හසිත,
යාවජීව සාමාජිකය! කොමැන්ටුවට තෑන්ක්ස්ය. ඈස් නිතරම දල්වා සිටීම බලශක්ති අර්බුධයකට මඟ පෑදීමකි. දින හතක් පසුවූ තැන නිකමට වාගේ දල්වා බලන්නේ නම් මැනවි!
........................
කුෂාන්,
මා වනා ඈති වැනිල්ලට මට නිකං කැරකිල්ල වාගේය. වාර්තාගත දිගම කොමෙන්ටුව දමා එතැනිනුත් නොනැවතී මූණුපුස්ථකයේ ද ලීක් කිරීම නිසා මා මහත් සේ උද්දායෙන්සිටිමි.
ප.ලි. මට තාම Aස් කියා ලියාගන්ට බැරිය. ලියන ලියන වාරයක් පාසා ඈස් කියා ලියවෙයි. ඈයන්නට එබිය යුතු බටනව කිම!
...........................
හසී,
තැන්ක් යූ නංගී!
.....................
තීර්ථයේ යාත්‍රා කරන්නාණෙනි,
මෙය මා මුලින්ම කිව යුතුය. තීර්ත යාත්‍රව වනාහි මගේ එකම සිහිනයක්යැ. අපට කවදානම් එපමණක් මනැස දියුණු කරගත හැකි වේදැයි මට සිතාගැනීමට පවා නොහැකිය.
වැනිල්ලට තුති!
.........................
ෆා,
මුල්ම වතාවට ෆාත් ඈවිල්ලාය. කොමෙන්ට්ටුවට ස්තුතිය. හාලියාගේ සයිලන්සරේට තාමත් පිච්චෙනවාදැ?
.............................
සහන්,
හිටු පොඩ්ඩක්. වෙන එකක් ලියනකං!
..................................
sansarasidu,
සුපුරුදු පරිදි ඈවිල්ලා වැනීම වෙනුවෙන් මාගේ ස්තුතිය!
.....................
charmi,
ස්තුතියි චාමි! අදයි දැක්කෙ දිගමට එන්නැ!
අනුරාධ,
ReplyDeleteසිරාවමට උඹට හිතුනද මම ජාතක කතාවක් ලියයි කියලා! හා එහෙනං කියහං බලන්ඩ මම ඊලගට මොකද්ද දාන්නෙ කියලා.
.................................
ජීවිතේ මල්,
ස්තුතියි කමෙන්ට්ටුවට. ආ................ ඉල ටික බලාගෙන.
.......................
හිපෝ,
මේ හිපෝ නැන්දා මෙච්චර කල් කොහෙද ගිහිං හිවියේ................ වන්නාටය. ස්තුතියි ආවාට.
..........................
දිග මේස් දාන පීපී,
ආවට තුති වේවා.....
ලංකා කලා දිනපොතේ Admin අයියන්ඩි,
ReplyDeleteඅය්යන්ඩිය තොපගේ පරිකතනය කියැවූ මා මහත් චිත්තප්‍රීතියට පත්වූයෙන් තව තවත් පෝස්ට් දැමීමට තිර අදිටන් කර ගතිමි.
සයිබර් යායේ ඈඩ්මින් මලණ්ඩ.
Ansh Lucky Sri Jay said...
ReplyDeleteමරු නෙව.
:)
සිරි තැන්ක්ස් කාලෙකට පස්සේ නේදැ!
ReplyDeletemaru liyawilla........ me chiththare thiyenne
ReplyDelete"Kundalakesi kumaru " kiyalane..... ehema ekkenek nam ahala na kundalakesi situ kumariya misak..
Anonymous,
ReplyDeleteMany Thanx Comment ekata ! Siththaraya mama dakka aya oka hadanna ba' Passema hadanawa.
eke aulak na saho , siththare ageine oya eka wachanekata wada.. ara pasu satahana nisai oka dakketh... satahanai siththarei dekama maru
ReplyDeletejaya wewaa .... cheers ;D
ඈනෝනිමස්, තෑන්ක්ස්. ඊලග පෝස්ට් එකට උත්තේජකය වෙන්නෙ කමෙන්ට් නේ!
ReplyDeleteතෙල කොල්ල.මින් පෙර පරිකතන නොලීවට නිරන්තරයෙන් තොප යායෙහි සැරි සරිමි.
ReplyDeleteබුද්ධිඝෝශය කියවිමි.
ප්‍රිති කොල්ල.අප්‍රමාණෙට ප්‍රිති!!
සුදු පුතා,
ReplyDeleteවන්නාටය. තොප යායෙහි නිරන්තරයෙන් සැරිසරන බව දැනගෙන අපමණ චිත්තහ්ප්‍රීතියට පැමිණියෙමි.
මෙවන් අනගි ග්‍රන්තකරණයක් කියවීමේ සන්තුෂ්ඨිය අපහට දායක කලාවූ ඕනයාට ණය ගැත්තෝ වම්හ.. ලියව සගය තොපගේ භාෂා විලාශය අතිශයින් මන බඳනේ වේමැයි.
ReplyDeleteලංකාප්‍රිය ඕන තෙමේට මාගේ ප්‍රනාමය පුද කරනු කැමතිය. තොපටදැ එසේමයැ
ReplyDeleteපට්ටයැ.. එලයැ.... ගිනියැ..... ජයම පතමි....
ReplyDeleteඅහී මානවකය,
ReplyDeleteඅප්‍රමාණ තුතියැ!
ඉතා අනර්ඝය.මනහරය. නුදුරේදී පැවැත්වීමට නියමිත විභාග පිළිබඳව ඇතිවන අනියත භ්‍රාන්තිය පසෙක තබා අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව බුද්ධිඝෝෂ කතා මාලාව දිගින් දිගටම රස විඳීමට ම සිත බෙහෙවින් ඇළුම් කරන්නේය.මහනුවර යුගයේ සිතුවමද අතිශයින්ම මන බඳිනා සුළුය.
ReplyDeleteසුන්දරී විභාගේත් පැත්තක තියලා කතා කියෝනවද? විභාගෙ හොඳට කරන්න මෙන්න අපේ සුබ පැතුම්!
ReplyDeleteබොහොම ස්තූතියි! :)
ReplyDeleteඉතා අනර්ඝ කතා වස්තුවක් බව නොපවසා යෑමට සිත් නොදුනි... නුවරින් මතුවූ සිත්තමද අගනේය...
ReplyDeleteපට්ට ඈ....
ReplyDeleteකුණ්ඩලකේසි ජාතකය නම් කවරේද???? බුද්ධිඝෝෂ කුමරා උගත්තේ මට්ටකුණ්ඩලී කතා වස්තුව නොවේද??? කතාවනම් එලමය..... :D
ReplyDeleteඑම්බා බුද්දිඝෝෂය, තා වනාහී බොහො වූ සමත්කම් ඇත්තා වූ මානවකයෙක් වම්හ. අප්‍රමාදීව ඒ සමත්කම් ක්‍රියාවෙහි යොදවා පල ප්‍රොයෝජන ලබනු යෙහෙකි.
ReplyDeleteමේ සියලු කතා වස්තූන් එකතු කොට පුස්තකයක් මුද්‍රණද්වාරයෙන් බිහි කිරීමට උත්සුක වන්නේනම් මැනවී.
මෙය මට මිස් නම් මෙව්ව එක වී ඇත. කෙසේ වෙතත් සිත්තරය නම් උපරිමය. කොම්බු පැණිකුරුල්ලන් පැන නැගි ආකාරය දැක්වූවානම් තවත් අගනේය.
ReplyDelete