මාසෙකට විතර පස්සෙ අලුත් බ්ලොග් පෝස්ට් එකක් දාන්න හිත හදා ගත්තෙ බොහොම අමාරුවෙන්!
ගිය රටයි, ඉන්න රටයි, සංසන්දනය කරපුවාම අහසට පොලොව වගේ! මීටත් වඩා සමෘදිමත් රටකට ගියා නං මට පිස්සු හැදෙයි! එහේ ගියාම අපේ මහජනතාව ගැනයි, අපේ රටේ ඉන්න හොද මීටර්ල, ගැනයි මතක් වෙද්දි මහා කළකිරීමක් ඈතිවෙනවා? ඒවා ගැන හිතද්දි බ්ලොග් ලිවීම විතරක් නෙමේ සමහර වේලාවට ඔක්කොම දේවල් ඒපා වෙනවා !
ඒත් ''එක රටක සමෘද්ධිය, මගේ බ්ලොග් ලිවිල්ල නතර කරන්න තරං හේතුවක් වෙන්න ඕන නැහැ'' කියලා තර්කයක් ගොඩනගාගන්නත් වෙලාවකට හිතෙනවා! ඊටත් වඩා මම බ්ලොග් පෝස්ට් එකක් නොදාපු කාලය තුලත් මා ගැන සොයා බැලූ සයිබර් යායේ බොහෝ මිතුරන් සහ මගේ පරණ පෝස්ට් වලට කමෙන්ට් කරපු පිරිස බලද්දි නික්ම්ම මේක අතඈරලා දාන්න හිතන්නත් අමාරුයි!
පසුගිය කාලයේ ඔබේ නොදුටු සයිබර් මිතුරා ගැන සොයා බැලූ සියල්ලන්ටම බොහොම ස්තුතියි!
......................................................
දැං ඔක්කොම හරි, මෙන්න කතාව.
කෙහෙල් කොටුවේ චුටී මහත්තයා කතා මාලාව තාම ඉවර නැතත් ඒක තාවකාලිකව නතර කරල දාන්න ඕන කියලා හිතුනා.
තව මට කියන්න, බ්ලොග් එක පටන් ගද්දිම දැම්ම කුරුලු හමුදා කතා මාලාවත් ඉතුරුයි! තාම කියන්න පටන් නොගත්තු රජිත ප්‍රනීත් කතා මාලාව, දිගාගේ තාත්තගේ කතා එහෙම් පිටින්ම ඉතුරුයි. ඒ ඔක්කොම තියෙද්දි තව මැලේසියා කතා මාලාවකුත් එකතු උනානෙ!
මේ කුරුලු හමුදා කතාව මට මතක් උනේ, සාම්පූර් වලට පස්සේ - ඉරාකෙට බෝම්බ ගහපු හැටි කියන අපේ කතන්දරගේ පෝස්ට් එක කියොපු වෙලාවේ. මේ පෝස්ට් එකත් ඒ සීරිස් එකටම දාන්න පුලුවන්ද කියලා කකාගෙන් අහන්න ඕන!
මේ කතාවෙන් කියැවෙන්නෙ අපි ගුවන් හමුදාවේ පුහුණුවල යෙදී සිටින අතරතුර, ගුවන් හමුදාවේ MI 17 (මී සෙවන්ටීන්) කිරිටොයියා හෙලිකොප්ටර් එකකට කටුනායක අහසේදී හතුරු ප්‍රහාරයක් එල්ල වෙච්ච කතාවක් ගැන. හැබැයි මේ පුවත ලංකාවාසී ජනතාව දැන ගන්නෙ අදමයි! ඒ සිදුවීම ඒ දවස් වල කිසිම ජනමාධ්‍යකින් ප්‍රචාරය උනේ නෑ!
මීට අවුරුදු ගානකට කලින් මම කුරුලු හමුදාවේ පුහුණුවක ඉන්න කාලෙයි මේ සිදුවීමට මූණ දුන්නෙ.
පුහුණුනං අන්න පුහුණු!!
උදේ හතරට පටන්ගන්න පුහුණුව නිල වසයෙන් අවසන් වෙන්නෙ රෑ දහයට. ඔය අතරතුර පනිස්පන්ට් එකක් හැටියට ෆොවඩ්රෝල් සීයක් දෙසීයක් ගැසීම, ඉදල හිටලා කිඹා පොෂිසන් එකේ පැයක් දෙකක් හිටීම, උදේ ඉදං දවල් වෙනකං කකුල් කොටවෙනකං ඒවා පොලොවෙ ගැසීම, නිතර නිතර ලේ වතුර වෙන එක ඒ කාලය අතරතුර සාමාන්‍ය දෙයක්! රෑ දහයෙන් පස්සෙ ලයිට් නිවන්න ඕන. දවස පුරා මග ඈරැණු රාජකාරි පොත් පාඩං කිරිලි සපත්තු පොලිෂ් කෙරිලි, රැ දහයෙන් පස්සෙ ඉටි පන්දං එලියෙන්!
එක දවසක් අපි පුහුණු වීම් වලට එද්දි, අපි පුහුණු වෙන පිට්ටනියට එහායින් තියෙන ප්‍රධාන ක්‍රීඩාංගණයේ හරි අපූරු සිදුවීමක් සිද්දවෙමින් තිබුනා!
ඒ අලුතෙන් පුහුණු උන පැරිෂුට් භටයන්ගේ ''පුහුණු පෑනීම් වාර'' එදා යොදා ගෙන තිබුණු හින්දා. පුහුණුවෙන පැරිෂුට් භටයොයි, පුහුණු කරවන සාජන්ල දෙන්නයි පැරිෂුට් මලු පිටෙ එල්ලං ඉන්නවා. එයාලාව ගුවනට අරං යන්න ලෑස්ති වෙලා ඉන්න ''මී සෙවන්ටීන් (MI17) කිරිටොයියා හෙලිකොප්ටරේ'' මහ තේජසකින් එයාගේ අවර පෙති රිලැක්ස් එකේ කරවමින් භටයෝ ගොඩ වෙනකං බලං ඉන්නවා!
මේ දර්සනේ බලං ඉන්න ආස උනත්, සාජන් කෑ ගහල, '' උන් උන්ගේ රාජකාරිය කරන්නෙ. උඔලා උඔලගේ රාජකාරි කරපල්ලා, දැං පෝලිං වෙයල්ලා'' කියලා කෑ ගහල '' ලලෆ් රයිට්'' කිය කියා අපිව දක්කන්න ගත්තා!.
ඔය අස්සෙ මම නං සේප් එකේ ඈහෙ පොට යන්න ඔන්න මෙන්න තරමට හරෝල පැරිෂුට් ගමනෙ අප්ඩේට් එක ඔලුවට දා ගත්තා. පස්සෙ දවසක කියන්න හරි බැරියැ කියලා!
ජීවිතේට එච්චර ලගට එච්චර ලොකුවට මී සෙවන්ටීන් යානාවත් දැකලා නැතිව හිටපු අපිට ඒ වෙලාවේ වැඩ ගොඩයි! පේලි කෙලින් ගෙනියන්න, ''ලලෆ්'' කියල මැරෙන්න බෙරිහන් දෙද්දි වම තියන්න, ඒ අස්සේ පැරිෂුට් අප්ඩේට් බලන්න වගේ දෙවල්!
ඔන්න ඊට පසුව එළඹුනේ දෛවෝපගත අවස්ථවේ.
අර සෙබලු සෙට් එකත් අරං මී සෙවන්ටීන් යානාව ඔන්න ගුවන් ගත වෙන්න ලෑස්තියි!.
මම පුරුදු පරිදි සේප් එකේ යානාවේ ගමන් මාර්ගය නිරීන්ෂණය කරගෙනම මාච් එකේ ඉදිරියට ගියා!
යානාව උඩ යන්න හදන කොට තියෙන තේජස බොල!
අහල පහල ඉන්න අපි කාටත් පේන්න මහ ආඩම්බර ලීලාවෙන් පොලොවෙන් ටිකක් උඩට ඉස්සුනු ''මී සෙවන්ටීන්'' වටේ ඉන්න ගස්වැල්, මැලේසියන් තණ කොල උදුරුවා තූතූ කරන්ට උත්සහ කරමින්, වටපිට දූලී අවුස්සමින් රවුම් බාගයක් එතනම කැරකීලා සං ගාලා උඩට පියෑඹුවා!
'' දෙයියනේ මේකේ තියන තේජස. මේවට වෙඩිතියන, මිසයිල ගහන උන්ට වැහි නැති හෙන පාත් වෙන්ට එපැයි!'' කියලා හිතල අහවර කරන්ට උන්නැ,
කෙලියා නේද ''ඩෝං, ඩෝං'' ගාලා මිසයිල දෙකක්ම '' මී සෙවන්ටීන්ගේ'' කෑලි ගැලවෙන්ඩම.
හපෝයි මෙහෙමත් අහස පොලව නුහුලන අපරාදයක්! දැං ඉතිං මොකද කරන්නෙ? මගේ මුලු දර්ශන පථයම බොද වෙලා ගියා!
ඒ විතරක් නෙමේ මිසයිල ප්‍රහාර දෙකකට ලක් වෙච්ච මී සෙවන්ටීන්ගේ කෑලී මගේ මූණටත් වැදිල! මගේ මුලු ඔලුවම වේදනා දෙනවා!
මම ක්ෂනිකව ආපසු හැරිලා බැලුවා මගේ සගයෝ දිහා! මගෙ විතරක් නෙමේ මගේ ලග හිටිය වීර හමුදා භටයෝ තුන් හතර දෙනෙක්ම මෙ ප්‍රහාරට ලක් වෙලා ඹලු බදාගෙන ඉන්නවා!
මම ආයෙත් ක්ෂනිකව උඩ බැලුවෙ මී සෙවන්ටීන්ගෙ ඉතුරු කෑලි ටිකත් මගේ ඔලුවට ලම්භකව තියෙනවද කියලා බලන්න! වාසනාවට කෑලී නැති උනත්, මී සෙවන්ටීන්ගෙ දෝංකාරයි, ඡයාවයි හීන ලෝකෙන් වගේ මට පේන්න ගත්තා !
මට කිසිම දෙයක් තේරෙන්නෑ. හරියට ''අගහරු ලෝක සිතියමේ කදු පන්තියක් පෙන්නලා, පෙන්නපිය මේක ලෝකාන්තේ?'' කිව්වම ඈතිවෙන හැගීම වගේ!!!
ඒ අස්සෙ මගේ අනිත් පැත්තෙ ඉදං සාජන් මං දිහා බලං ඉන්නවා!
මම '' සාජන්'' කිව්වා.
'' කොහෙද යකෝ තොපි හතරදෙනා පේලි කඩාගෙන උඩබලාගෙන තනියම යන්නෙ! හද අල්ලන්ඩද? බලපිය අරුං ඉන්න දිහා! අනිත් කම්බුලටත් ඈගිලි පහ හිටින්න දෙන්න කලිං ගිහිං පොලිං වෙයව්'' සාජන් කිව්වා.
අන්න ඒ විදිහටයි එදා ප්‍රහාරය සිද්ධ උනේ!
ඒ සිද්ධියෙන් බොහෝ කාලයකට පස්සෙ මම නිවී හැනහිල්ලෙ ඉන්න වෙලාවක ඔය සිද්ධියේ පූර්වාපර සංධි ගලපලා බැලුවා!
බැලින්නං ''හමුදා පුහුණුවේ යෙදී සිටි ඒ කොලුගැටයා, එකල බොරලු රොකට්ටුවක් සෑදූ මංම වේදැ'' යි අමාරුවෙන් පූර්වාපර සංධිය ගලපා ගත්තා.