සරළ, ප්‍රබුද්ධ, පීචං වෙනසක් නැතිව “රස“ රස විඳන, හිතට වැදුන දේ අගයන, විරුද්ධ දේට සෘජුවම එරෙහි වෙන, මහ පොලොව උඩ නිරුවත් දෙපයින් ඉන්න, දශක හතරකට ආසන්න ජීවිතේ අහපු, දැකපු, විඳපු කතා ලියන්නෙක් තමා අද කාටුන් එකට නිමිත්ත සපයලා තියෙන්නෙ.
විවාහයේ දහවෙනි සංවත්සරය පසුගිය දා සමරපු උන්නැහේ තමයි, සැහැල්ලුව බ්ලොග් එක ලියන ඉන්දික උපශාන්ත. මුල් කාලයේ ඉඳලම සයිබර් යායට පැමිණිලා “කෙහෙල්කොටුවේ චූටි මහත්තයා“ දිරිමත් කරපු ඉන්දික උපශාන්තට සයිබර් යායෙන් උණුසුම් සුබ පැතුම්!
මේ මොන කතා කිව්වත් මිනිහා හෙන වසයි ද කොහෙද? ප්‍රොෆයිල් පින්තූරෙටත් දාගෙන ඉන්නෙත් සිංහයෙක්ව. එයාගෙ සංවත්සරෙයි කියලා දැනගෙන මම තෑග්ගක් දෙන්ඩ යනකොට මිනිහා කිව්ව දෙයින් මාවත් නිකං මෙව්වා වෙලා ගියා. මේ තියෙන්නෙ ඒ ටික.
උපශාන්ත දෙන්නා දෙමහල්ලො තමන්ගෙ කොල්ලො දෙන්නා ඉස්කෝලෙ ගියාට පස්සෙ නිවි හැනහිල්ලෙ විවාහ සංවත්සරය සමරන්න කතා කරගත්තලු. පහුවදා උදේම නිවාඩුවක් දාලා පොර හැරෙන තැපෑලෙන් ගෙදර ආවේ වෙලාව ටිකක් වැඩිපුර ඉතිරි කර ගන්නලු. මේ ඊට පස්සෙ ටික...
ඔන්න ඔහොමලු උනේ.
එහෙනම් ලබන සෙනසුරාදා නැවත හමුවෙමු.
අතරතුර කතන්දරත් වැටෙනවා.
...............................
- මීට විදෙස් සිත්තරා.
කෝ අර නෝන මහත්තයා පින්තූරෙට වැටිලා නැත්තේ මොකෝ? ලැජ්ජාවේ හැංගිලාද? එයා සිංහයෙක් උනාට මාර හැන්ඩියෙක්නේ.:))
ReplyDeleteඅපිත් සිංහයෝ හන්දා අපි ඉතින් කොහොමටත් සිංහයන්ට බය නෑනේ...:D
කුමාරිහාමි තමයි මේ විනාසෙට වග කියන්න ඕන! වැඩේ සාටර් කොල්ල තව මෙතන "හැන්ඩිය" කියල බටර් ගාන්නත් එනව. ඔහෙලගෙ මේ කතා ඇහුනොත් එහෙම උන්දැට, ඊළඟ සංවත්සරෙත් හබක්!
Deleteඔය දීලා තියෙන්නේ තෑග්ගක් ..
ReplyDeleteමුං දුන්නොත් ඉතින් මෙහෙම එකක්ම තමා...!
Deleteමං හිතුව... :D
ReplyDeleteනෑ මූ හිඃඋව
Deleteඅනේ බොස්. ඔය හි යන්න්නයි තිත් දෙකයි ගහන හැටි කියනවද සිංග්‍රීසි යුනිකෝඩ් එකෙන්. මේ සිරාවටමයි අහන්නෙ.
Deletehenryblogwalker the Dude
නොකිව්වට මොකද මම දන්නෙත් නෑ....
Delete@DUDE,
Deleteඔයා යූස් කරන්නෙ විජේසේකර කීබෝඩ් එක නං හිඃ - හි යන්න පුරුදු විදියට ගහල ඃ එක ගන්න දකුනු පැත්තෙ alt එක ඔබාගෙන x ඔබන්න.
ඔයා යූස් කරන්නෙ සිංග්‍රීසි කන්වර්ටරේනං ඒකෙ ඩබල් බින්දු ගහන්න බෑ
ඔයා පාවිච්චි කරන්නෙ මේකනං, බින්දු දෙකට \h ගහන්න එක බින්දුවට \n
Deleteඅනෙ පවු දතකට මැදගෙන අවුරුද්දක් බලාන උන්නා.
ReplyDeleteදතට වඩා මැදපුව තිබ්බ, ඒකයි හිතට අමාරු..!
Deleteචීයා අනේ.... මේ උත්තරේ මට ඩිලීට් කරන්ඩයි තිබ්බෙ....
Deleteහොඳ වැඩේ සිංහයාට.... දැන් සමරපන්කෝ ලමයි ඉස්සරහා ඇනිවසරිය.....
ReplyDeleteඅනේ පල පල යන්න...උඹ මේ නම වස් වැදිලා ගෙදර උන්දැට බයේ ඇඳ යට හැංගෙන එකා...
Deleteකෝ බුද්ධියො මෙතන උපශාන්ත මහත්තයගෙ නෝන දාල නෑනෙ. කාගෙන් බේරුනත් කොල්ලො දෙන්නනං අමාරු කාරයෝ වගෙයි.
ReplyDelete"කෝ බුද්ධියො මෙතන උපශාන්ත මහත්තයගෙ නෝන දාල නෑනෙ." මොකාටද මෙයා මේ එන්න හදන්නෙ?
Deleteඔරිමජිනල් එකේ නෝනා ඉන්නවා. ඒත් මේ මනුස්සය “හිතා“ ගන්න කෑලි වලට නෝනා පලි නැති හංදා මං එයා අයින් කොලා....
Delete.
ReplyDeleteඅදහස් දෙන්න කිසි විට නැත බිය වන්නේ
මොහුනම් සිංහයෙකි එය මා හොඳ හැටි දන්නේ
පැතුමක් මෙලෙස කවියෙන් මා ගෙන එන්නේ
දරුවන් නැතිව මොනවද අනේ සමරන්නේ
දරුවා නැතුව සමරල නේනනං ඔය දෙන්නෙක්ම ඉන්නෙ දැං
Deleteඅපෝ බං ඕනයෝ... කැත කතා කියන්ඩෙපා...
Deleteගිම්හානියො වෙලාවටයි නෝනා මගෙ මෙහි නො එන්නෙ
Deleteආවෝතින් අහන දේට මොනවද බං මම කියන්නෙ
ඔහෙගෙ සිංහ සෙය්යා දැං කොහොමැයි මේකලත් දන්නෙ
කිව්වෝතින් කීමට කවියකුත් කියා දියහන්නේ
ඕනෙ,
Deleteදෙක තුන කොරගන්න බැරුව මදෑ....
විදුරංග,
කොරන්ට හොඳයි බොලා හැමෝටම..
""දරුවා නැතුව සමරල නේනනං ඔය දෙන්නෙක්ම ඉන්නෙ දැං"
Deleteඕනය අයිය දැම්මොත් යෝකර් එකක්මනේ...:D
පෙනේද කොල්ලො දෙන්නගෙ තියෙන කයිරාටික මැර පෙනුම!! ඕක තමයි තීන්ත වේලෙන්නත් දවස් දෙකක් ගියේ. හැබෑට කෝ මේ සිංහ ධේනුව?
ReplyDeletehenryblogwalker the Dude
දැං පවුල් පුරස්න ඇතිවෙන තැනට වැඩේ සිද්ධවෙලා තීන්නෙ බලං යනකොට. හැම එකාම කියන්නෙ මං මාර හැන්ඩි ඩයල් උනාට පොඩි උං දෙන්න කෛරාටික මැරෑටි ඩයල් දෙකක් කියලනෙ බං!
Delete"ඉන්දික උපශාන්ත" වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සහෘදයෙකි..!!!
ReplyDeleteදිනක මුණගැසීමට ආසාවෙන් සිටිමි..
[අම්මප මහත්තයෙකුටවත් ඉන්ඩ දෙන්නැති කාටූං කාරයො..!!!]
තිසා,
Deleteඑවන් ඇගයීමක් ඔබවන් අයෙකුගෙන් ලබන්නට මා කොතරම් වාසනාවන්තද!
අනිවාර්යයෙන්ම අපි "ඒ පුංචී...රටේ" "දවසක හමුවෙමු" ස්තූතියි මෙතනත්, එතනත් කල සුභ පැතුම්වලට.
( ඵල ඇති රුකටනෙ ගල් ගහන්නෙ :D )
//ඵල ඇති රුකටනෙ//
Deleteඕකටම නේද පලං ඇති රුකටම . . . කියලත් කියන්නෙ ??
ඔය කරලා තියෙන්නෙ වැඩේ. හැබැයි ඉතින් පවු ඒ මහත්තයාගේ අවුරුද්දක ප්‍රාර්ථනා වතුරේ. කොල්ලො දෙන්නා නම් නසරානි බව පේනවා. තාත්තා වගේ නැතෑ.
ReplyDeleteඇත්තටම බුද්ධි උඹ වගේ කාටූන් මාධ්‍යෙව්දියෙකුට තවම මරණ තර්ජන නැද්ද? නැත්තං කියපන්.
බයවෙන්න එපා මචං...මම සුදු වන් ටීම් එකට ගානක් දීල තීන්නෙ. ලබන අඟහරුවාද මූ නාල මැරියන් බලන්න යනකල් කීව්ව ඉන්නෙ.
Deleteහයියෝ සිංබාහුලාගේ තරම තමා. සිංහයා කැලේ.
ReplyDeleteසිංහය කෑලේ ගුහාවෙ දාල සුප්පයි, සීවලීයි උස්සං පැනපු පරම්පරාවෙනෙ, ඒකයි.
Deleteමුලින්ම සිංහයාට සුභ පැතුම්..
ReplyDeleteඊළගට සිත්තරේ නම් ටොපේ ටොප්...
තුන්වෙනුව ආදර්ශය......
මෙවැනි විශේෂ දවස් වලට පොඩි එවුන් ඉස්කෝලෙ යැවීමට පෙර "ඇන්දවීම" දෙමව්පියන්ගෙ වගකීමකි.
ඔය දීල තියෙන්නේ අගේ ඇති තෑග්ගක්... හික් හික්
ReplyDeleteහැක් හැක් තමයි!
Deleteඉන්දික අයියට මගෙනුත් සුභ පැතුම්.. අපරාදේ අද ඇනිවසරි එක සමරන්න ගත්ත නිවාඩුව..
ReplyDeleteකාටුන් එක නියමයි බුද්ධි අයියේ..
ස්තූතියි මලේ! මේ මන්ද බුද්ධිය මගෙං හරි ආදරෙන් විස්තර අරං මේ ගෙම දුන්නෙ. ඒකයි මට කනගාටු...
Deleteහයියෝ ඇනිවසරිය.....
ReplyDeleteහය්යෝ...මේකගෙ කාටූනෙ!
Deleteකඩල ගොට්ටක් ගෙනල්ල ඉස්තෝප්පුවෙ හැලුව නං හරිනෙ
ReplyDeleteඔය තියෙන්නෙ මනරම් අදහසක්.
Deleteඅම්ම කඩල ඇට දෙක දෙක අහුලල කියයි නේද ???
Deleteඔබා මාම ඒ කාලෙ දාපු සෙල්ලං දැං බෑ. මුං දෙන්න බිම වැටිච්ච කන්නෙ නෑනෙ!
Delete//කාටුන් පින්තූරයක් පළ කිරීම නිසා දක්ෂ සිත්තරෙකු සිංහයකුගේ ප්‍රහාරයකට ලක්වී ඇත. සිත්තරාගේ තත්වය අසාධ්‍ය බව රෝහල් ආරංචි මාර්ග පවසයි. සිංහයන්ගේ ගුහා ඇතුලට මින් පස් කිසි දිනෙක නොයන බව සිත්තරා අප ආරංචිකරු සමඟ පවසා ඇත.//
ReplyDeleteඔන්න ඔහොමලු ප/ලි කෑල්ල.
කූඩුව අස්සෙ ගියානං තව කොහෙද! මේක මේ කූඩුවෙ ජනේලෙං එබිලනොවැ මෙච්චර හරියක් කොලේ!
Deleteබුදු අම්මේ මං දැක්ක හොදම කාටුන් එක මේක.
ReplyDeleteබොලාටත් ඉතිං මේ වගේ මඩ තමයි අගේ කොරන්න පුළුහං..!
Deleteහං හං හා... මේක නං ලොකුම ලොකු මඩක්... විදෙස් සිත්තරා තාම යහතින් ඉන්නව නේද???
ReplyDeleteපත්තරේක මඩ කොලමක් කළොත් නරකද?? සෑහෙන්න ජනප්‍රිය වෙන්න පුළුවන් වේවි..
ඔව් ඔව් ඉන්නව. ,මොකද මේකට වෙඩි වදින්නෙත් නෑ, ඇඟේ තීන කුණු වල වැදිල ස්ලිප් වෙනව. ඒකනෙ කොටින්ටත් මූ මරාගන්න බැරිඋනේ.
Deleteහි හි සුපිරියි අයියේ සඳරු අයිය කාපු සීන් එක ඇන්ඳට පස්සේ අයියා ඇඳපු හොඳම උපහාසාත්මක සිත්තරේ තමමා මේ....
ReplyDeleteපොඩි එවුන් දෙන්නට පාරට වෙලා පාරේ යන මිනිස්සු ගනන් කරන්න කිව්වනම් වැඩේ ලේසියෙන්ම ගොඩදාගන්න තිබුනා කියලා හිතෙනවා...
එල එල අයියේ කවදහරි අපිටත් මේ කතාව ආදර්ශයක් වෙන්නේ නැතැයි....ඔය වගේ දවසකට පොඩි එව්වොන්ව හොඳ ට්‍රිප් එකක් යවන්න ඕනේ හි හි
//පොඩි එවුන් දෙන්නට පාරට වෙලා පාරේ යන මිනිස්සු ගනන් කරන්න කිව්වනම් වැඩේ ලේසියෙන්ම ගොඩදාගන්න තිබුනා කියලා හිතෙනවා...//
Deleteතාත්තෙ තාත්තෙ . . අදනං උඹට එකයි පනහට **** වෙන්නෙ නෑ . . අන්න පෙරහැරක් එනව . . !
උංව ගෙදර තියල මිං පස්සෙ අපි ට්‍රිප් යනව. නැත්තං ඕනය කිව්ව වගේ බර ගානකට තමා කෙලවෙන්නෙ.
Deleteඇඬෙනවා මල කෙලියයි ඕනයා අයියා ඇන්ඩම තමා
Deleteඑලම කාටුන් පාර .. දැං ඉතින් සමරන්නයි තියෙන්නේ .
ReplyDeleteසම අයින් කොල්ල තමයි ඉතින් දැං සමරන්න වෙලා තීන්නෙ!
Deleteසිංහයා පොඩ්ඩන්ට ටොපියක්වත් දීලා ශේප් වෙන්න තිබුනා නේ,,,මේ සැරේ සිත්තරේ බලන්න පරක්කු උනා
ReplyDeleteඅපේ උං ඉල්ලන්නෙ අර මැදට බ්‍රැන්ඩි දාපු ජාතියෙ එව්වනෙ මලේ. එව්ව කොහෙද මේ අරාබියෙ!
Deleteපොඩි එවුං නං නියමම නසරාණි ඩුවල් දෙකක් වගේ.. ඉතිං මුං දෙන්නම ඉදිද්දි ඇනවසරිය සැමරුවනං අහවරයි නෙ.. අනාගතේටත් වැදගත් වෙයි මයෙ හිතේ... :D
ReplyDeleteබුද්ධියෝ.. සිත්තරේ නං පට්ට පට පට ඈ... මරු.. ඇම්බැට්ටයො දෙන්නගෙ ලුක් එක නං සිරා..
දැං එතකොට උං දෙන්න එහෙනං මං වගේ සිරා අහිංසක ඩයල් දෙකක් නෙමෙයි එහෙනං ඈ!
Deleteගේ වටේට කටු කම්බි ඇදපං මචං . . .
Deleteඒ විදිහට සමරන්න මූ අවුරුද්දක් බලන් ඉඳලද? හුටා
ReplyDeleteපටා!
Deleteසර් ජෝන් කොතලාවලගෙ කාර්ටූන් එකක් ඇඳල පත්තරේට දැම්මට ගුණදාස ලියනගේටයි, ඇඳපු චිත්‍ර ශිල්පියටයි කඳවල වලව්වට ගෙනල්ල බිත්තර ආප්ප කන්න දුන්නලු ඒ කාලෙ. රෙජීමෙ කාටුන් ඇඳපු ප්‍රගීත් එක්නැලිගොඩ මිසින් උනාලු මේ කාලෙ.
ReplyDeleteමොනා උනත් කාර්ටුන් එකක් අඳින්නෙ ලොකු ලොකු නායකයො, නළු නිළියො වගේ ප්‍රසිද්ධ පොරවල් වල නිසා මාත් එහෙනං දැං එහෙම පොරක් ගානට අප්ග්‍රෙඩ් කොරාපු එකටත්, මගේ, සොරි සොරි අපේ විවාහ සංවත්සරේට මුළු ජීවිත කාලෙටම අමතක නොවෙන තෑග්ගක් දීපු බුද්ධි මලයටත්, එය වඩා රසවත් සහ සුන්දර කරන්න කමෙන්ට් දාපු හැමෝටමත් බොහොම ස්තූතියි. මේ පෝස්ට් එක ගැලවෙනකල් වැටෙන ඔක්කොම කමෙන්ට් එක්කම අරන් ප්‍රින්ට් කරල ෆ්‍රේම් කරල තියාගන්න අදහස් කරන් ඉන්නව, මොකද කෙනෙකුට මේ වගේ අවස්ථාවක් ආයි කවදාවත් නොලැබෙන්න පුළුවන් හින්ද.
මාත් මගේ හාමිනෙත්, චුට්ටොත් අපේ මේ කාටූනෙ ඉතාම ආසවෙන් රසවින්ද බවත් මතක්කරනව.
ඔබ සැමට ස්තූතියි, මගේ ස්තූතියි කතාව නිමි. ( බොලාගෙ කොමෙන්ට් ඒ උනාට නිමන්න එපාල ප්ලීස්...)
ඔන්න සුභම සුභ ඇනිවසරියක් වේවා.. සියලු සිතුම් පැතුම් ඉටු වේවා..
Deleteකෝ මේ උප-සාන්ත..!!??
ReplyDeleteදැන් කොහොමද දන් වලඳන්නේ !
ReplyDeleteඔය දීල තියෙන්නේ තෑග්ගක්......!
ReplyDeleteගනන් ගන්න එපා ඉන්දික අයියේ. බෙටර් ලක් නෙක්ස්ට් ටයිම්. තව අවුරුද්දයි නේ, ඉවසලා ඉන්න.
කියන්න ඕනෙ කැත කතා ටික උඩහිං කීවනෙ . . . ඉන්දික මචෝ . . . සංවස්සරේට සුභ පැතුම් ඈ . . .
ReplyDeleteඈ බන් සි0හයො, උඹ ඔය විදියට සමරන්න ගියොත් නම් 15 වෙනි එකට කාටුන් අඳින්න බුද්ධියාට ටිකක අමාරු වෙය්. මොකෝ කොල්ලො 4දෙනෙක් වත් අඳින්න වෙය්නෙ හෙහ් හෙහ් හෙහ්....
ReplyDeleteහැබැය් කාටුන් එක නම් එළකිරි, බුද්ධියා රජ බඩුවක්.
ඔක් තමයි පවුල් ජීවිතේ ඇත්ත !! හෆොයි කීපාරක් මට වෙලා තියේද ? සති ගානක් කොහේ හරි ගිහින් ඉඳලා ගෙදර ආ දාට පොඩ්ඩයි පොඩ්ඩියි " අද මන් තාත්තී ළඟ නිදාගන්නේ.. " නා ඔයා නෙවෙයි මම.. තාත්තී ළඟ නිදාගන්නේ. " අන්තිමට දෙන්න දෙපැත්තෙන් මම මැද අම්ම වෙන දිහාක. "තාත්තී කතන්දරයක්... හයියෝ .. මුන් දෙන්නම නිදාගන්නේ කීයටද ? හෑවූ ..ආනුමුත් යනවා.. හාමිනේ දොයි.. අන්තිමට අපි ඔක්කොම දොයි..
ReplyDeleteහෙහ් හෙහ් සුභපැතුම් සිංහයෝ..
ReplyDeleteමං කිව්වෙ ඇනිවසරියට මිසක් වෙච්ච විනැම්බෑසියට නෙමෙයි හරිය..
අහෝ දුකකි ඉරකි තිතකි...
ReplyDeleteසිංහයාට සහ දේනුවට හැපි අනිවසරි කිව්වා !!
හැපි ඇනිවසරියක් වේවා මචං.... ඔය අත්‍යාවශ්‍ය රාජකාරි විශේෂ දවස් වලට තියගන්න නරකයි... මොනවා හරි තොවිලයක් කඩා පාත් වෙලා ඒවා චා වීමේ ලොකු සම්භාවිතාවක් තියනවා... දා ගනින් නිකං ඇනිවසරියට දවස් දෙකකට කලින් දවස වගේ දවසක් ඕවට...
ReplyDeleteතෑන්ක්ස් මචෝ.. හෙහ් හෙහ් ඒ කතාවනං හරියට හරි :)
Delete