2012/05/11

අවුරුදු 22 ක් නොකානොබී සිටි මිනිසෙක් හමුවේ | ඡායාරූප සහිතයි.

සාමාන්‍යයෙන් මම ලියුමක් දාලා කාලයක් අන්තරස්ධාන වෙලා හිටිය නම් ඊ ලග ලියමන වෙන් වෙන්නෙ ඒකට හේතු කියන්න. අච්චර ලස්සනට ‍අන්තිම පෝස්ට් එක හිට් වෙලා තියෙද්දි, මට ඒ එක්ක ලියුම් දෙකක් තුනක් දාගන්න බැරි උනේ තියෙන කම්මැලි කමට නෙමේ.

මම පහුගිය දවසක ගියා අප්‍රිකානු මහද්වීපයේ මාලි රටේ සංචාරෙකට. ඒ මගේ මිත්‍රයෙක් වන සංඛ එදිරිමාන්නයි තව කට්ටියකුයි එක්ක. කාලෙකට කලින් මම පොරට උදව්වක් කලා කවදාවත් අමතක වෙන්නෙ නැති ජාතියේ. එකෙන් ලැබෙන ආනිසංස ‍ගොනා පිටි පස්සෙ බැඳපු කරත්තෙ වගේ එන්නෙ කාලෙක ඉඳලා. මේ විදේශ සංචාරෙත් එයින් එකක්.

සංඛයලා එහේ ගියේ මාලි ‍රටේ සිද්ධ වෙන සීග්‍ර සංවර්ධනය ගැන වාර්තාමය චිත්‍රපටියක් කරන්න. මම ගියේ ඒගොල්ල වාර්තා චිත්‍රපටිය හදන හැටි පොටෝ අරගන්න ඡායාරූප ශිල්පියා හැටියට.

කවදා කාපු ටකරන්ද!

එතකොට මේ කව්ද?


මේ තියෙන්නෙ මාලි රටේදී අපිට හමුවුනු අරුම පුදුම පුද්ගලයෙක්ගෙ ඡායාරූපයක්.

මිනිහා අවුරුදු විසිදෙකක් නොකා නොබී ඉදලා තියෙනවා. අදටත් මිනිහා ජීවත් වෙන්නෙ නොකානොබී!!!

ගහෙන් ගෙඩි එන්නා වගේ මෙහෙම කිව්වම කව්රුත් උඩ විසි වෙනවා තමා. 2500/- කින් නොමැරි ඉන්ඩ පුලුවන් පුලුවන් කියලා කියද්දි  බෑ බෑ කියන මේ වගේ කාලෙක මේ ප්‍රවෘත්තිය ඇහුවම අනිවාර්යෙන් සෑහෙන දෙනෙක් උඩ විසි වෙනවා. ඒක නිසා මේ කතාව පටන් ගන්න කලින්ම මම ඕගොල්ලන්ට අවවාද කරනවා පුටුව අල්ලගන්න උඩ විසිවෙන්න කලින් කියලා.

දවසක් මට සංඛයා කෝල් කලා මෙහෙම කිව්වා.

"මේ සුබ ආරංචියක් තියෙනවා......මම තෝව ටුවර් එකක් එක්කන් යන්නයි යන්නෙ"

"අනේ...පලයං...."

"පලයං නෙමේ.....අපේ සර් කිව්වෙ.....උඔ දන්නවද? කොහෙද මන්දා රටක සංවර්ධනේ ගැන ඩොකියුමෙන්ට්‍රියක් කරන්න අපිව ඔපිස් එකෙන් යවන්න ඉන්නෙ... සර්ට වෙන වැඩක් හන්දා මාව ඒකට තොරගත්තා. ස්නැප්ස් ටිකක් ගන්න ඕනනං තෝවත් පටවං ගියැකි, එනවද?"

"කොහෙද දැං යන්නෙ......."

"උඔ‍ට ඒකෙන් වැඩක් නැ‍නේ........ කොහෙද අප්‍රිකන් ර‍ටකට.... උඹ මට කරලා තියෙන උදව්වලට රිටන් එකකුයි මේ දෙන්ඩ යන්නෙ.... උඔ කැමතිනං කියහන්...... නැතුව පොටෝ ගන්ඩ මිනිස්සු නැතුව නෙමේ අපේ කොම්පැනියේ........."

"අපෝ බං අප්‍රිකාවේද......මම හිතුවේ උඔල‍ත් එක්කලා ගිහිල්ලා එහෙදි පනින්ඩ....අපරාදේ..... ?"

ඔය වගේ වියත් සංවාද කිහිපයකට පස්සෙ ඒ ගොල්ලන්ට කරන උදව්වක් හැටියට ගමනට සහභාගී වෙන්න මම කැමැත්ත දුන්නා. මේ ගමනට අපිත් එක්ක වීඩියෝකරණ ශිල්පී සමීර අතපත්තු කියලා බුවෙකුයි, ප්‍රොඩියුසර් මහත්තැන් හැටියට කොම්පැනියෙම තව පොරකුයි එකතු උනා. සංඛයා තමා අපේ නල්ලමලේ ඉන්ටර්ප්‍රිටර්.

කටුනායකට ඇවිදින් අපි පොල් රුප්පාවෙන් අහසට නැගලා කාන්තාර වැල්ලෙනුයි, ලඳු කැලැ වලිනුයි වටවෙච්ච ගොඩනැගිලි තියෙන බිමකට පාත් උනා පැය ගාණකට පස්සෙ. මේ අවස්ථාවෙ දී අපේ බාසා පරිවර්තක තැන! අපේ සංඛ ඒ ගැන විස්තරයක් කියන්න ගත්තා.

"මේ තමා මචං....... මාලි.... දැං අපි ඉන්නෙ අප්‍රිකාවේ උඩහ පැත්තෙ ටිකක් වෙස්ට්කෝස්ට් එකට බරව..."

"අනේ මේ.... කට වහගෙන ඉඳින් සංඛ. මම හොඳටම පෙඩප් වෙලා ඉන්නෙ.... ඉස්සෙල්ලා කන්ඩ තියෙන තැනකට එක්කන් පලයං, කෝ දැං උඔ කිව්ව හෝටල් බුවාලා........."

තවත් ටික වේලාවකින් අපි ඉන්න තැනට හැඩි දැඩි ඒත් මිත්‍රශීලි හිනාවක් තියෙන කලු ජාතික මහත්තුරු වගයක් ඇවිල්ලා අපිට නොසෑහෙන්ඩ ගරු බුහුමන් දැක්වූවා. ෂික්.... ගෙවල් වල මිනිස්සුයි මේවා දකින්ඩ තිබ්බෙ.

"අල්ලූකූයි බොල්ලුකූහැන්!" අර කල්ලොන්ගෙන් එක්කෙනෙන් දත් බේත් හිනාවක් දාගෙන මගේ අත්දෙකෙන් අල්ලලා ඇහැව්වා.

"මොනාලු.....?!" මම ඒ මහත්තයට හිනාවෙලා සංඛයා පැත්තට හැරුනා.

"උන් මචං අපිට ආචාර කරනවා. සාදරයෙන් පිළිගන්නවලු...."

පස්සෙ අපි හතර දෙනාම ඒ ගොල්ලන් අතින් "අල්ලුකූයි බොල්ලූකූහැන්" උනාට පස්සෙ, අපිව එලියට කැන්දන් ගිහින් ඩිෆෙන්ඩර් එකක පටෝගෙන එයාපෝට් බිමෙන් එලියට ඇවිදින් පාරේ දූවිලි අවුස්සගෙන ඈතට ඈත‍ට ඈතට ම ගිහිල්ලා එහෙ තිබුනු හෝටලේකට වැදුනා.

හෝ‍ටලේ කාමර වෙන් කරගෙන, නිවී හැනහිල්ලෙ ඉන්ඩ එලියට ආපුවාම ඔන්න ආයි අර අපිව බාරව ඉන්න කලු මහත්තුරු දත්‍ බේත් හිනාව දාගෙන ආවා හෝටලේ වේටර් ගැල්ලමයත් එක්කලා. ඒ ළමයා අපිට දුන්නා හරිම රස බීමක් මහන්සි නිවෙන්ඩ බොන්ඩ කියලා.

අපිට දුන්නූ බීම ජාතිය මීට කලින් කවදාවත් මම බීලා නෑ. ඒක පැණි රහයි. නෙක්ටෝ රහද මන්දා? ඒක හරියට තද දුඹුරු පාට එකක්. ඒක සීත කරලා තියන්නෙ......! මේ කාස්ටක අව්වෙ තැම්බී තැම්බී ඉඳලා ඒකෙන් උගුරක් බිව්ව හැටියෙ එකපාරම කන් දෙකෙන් මීදුමක් පිටවෙනවා.

"මේ සංඛයා...අහපං මුගෙන් මේ බීම ජාතිය මොකද්ද කියලා......" මම සංඛයට කිව්වා. පොරට බෑ කියන්ඩ බෑ. ඇයි එයා ඇවිල්ලා අපේ ඉන්ටප්‍රිටර් නොවැ.

"මචං මේක ඔටුවන්ටත් දෙන ජාතියෙ බීමක්ලු....!"

"මොකක්.......චීයා බං! අහපං ඌට අපිව පේන්නෙ ඔටුවො වගේද කියලා...."

"හෙහ්...... නෑ... උන්ට ඉන්න වටිනාම සතා ඔටුවලු... ඉතිං උන් හිතන්නෙ රටට එන අමුත්තෝ ඔටුවො කියලලු...."

"නෑ......ඒ කියන්නෙ අපි ඔටුවෝ......!"

පස්සෙ අපේ සංඛයා ඇහැව්වා ඒ මහත්තුරුන්ගෙන් වාර්තා චිත්‍රපටිය හදන්න පටන්ගන්න අපිට සහයෝගය දෙන්නෙ කවදද කියලා. ඒගොල්ල කුටු කුටු ගාලා මොනවද කතා කරලා අපිට කිව්වා "මෙහෙට එන සංචාරකයින්ට රට තොට බලලා මහන්සි වෙන්න දෙයක් නෑ, අපි මුලු රටේ ම සංවර්ධන ගැන වීඩියෝ එකක් හදලා තියෙන්නෙ ඒක බලන්න" කියලා. ඕන්නම් මෙහෙ ඉන්න දවස් ගානෙම මේ හෝටලේම ඉඳලා කැමතිනම් එලියට පහලියට බැහැලා "පොඩි ෆන්" එකකුත් ගන්ඩ කියලා. ඒ මදිවට ඒ ගොල්ල කියනවා යද්දි අපිට බලන්න දෙන වීඩියෝ එකේ කොපියක් දෙන්නම්ලු, අපි බොරුවට කැමරා උස්සන් කට්ට කන්න ඕනි නැහැලු.

ඉතිං අපි මූනෙන් මූණ බලාගත්තා.

පහුවදා උදේ ඒගොල්ල අපිව පොඩි පහේ චිත්‍රපටි ශාලාවකට අරගෙන ගිහිල්ලා අර විඩියෝ එක දිගඇරියා. ඒ අතරතුර කලු පොර මැදින් පැනලා විස්තර කරනවා. මහ වදේ. හරියට ගෙදර සාලේ ටීවී බලනවා වගේ.

හරියටම කිව්වොත් ඒක වෙන්නෙ මෙහෙමයි.

මුලින්ම තිරේ ඒ ගොල්ලන්ගෙ මොකක් හරි සංවර්ධන ව්‍යාපෘතියක් ගැන විස්තරයක් යනවා. එතකොට පොර එලෝ මෙලෝ නැතුව ඒ ගොල්ලගේ බාසාවෙන් ඒක විස්තර කරනවා අපේ සංඛයට. පස්සෙ සංඛයා නේද අතිනුත් එක්ක දාලා ඒක අපිට විස්තර කරනවා. මොකෝ අපිට තේරෙන එකක් යෑ.

කොහොමහරි මෑන් කිව්ව විදිහට මේ රට වෙන්ඩ ඕන අප්‍රිකාවේ සංවර්ධිතම රට. ඇයි පොර කිව්වනේ මෙහෙ දළ දේශීය නිශ්පාදනෙ මෙච්චරයිලු, දළ දේශිය ආදායම මෙච්චරයිලු, ඒක පුද්ගල ආදායම මේන්න මෙච්චරයිලු, ඒ විතරක් නෙමෙයිලු, ගම්මාන වලට කාන්තාර වලින් එන වැලි කුණාටු වලක්කන්න චීනෙන් බඩු අරන් වේල්ලක් හැදුවලු, දැන් වැලි වේල්ල නිසා වැලි කුණාටු ගම්මාන වලට එන්නැලු. කෙලින්ම එක තැනකට එක්කහු උනාම මෙහෙම කරලා අරගෙන යනවලු, පස්සේ ඒ වැලි මිරිකලා වතුර ගන්නවලු. හැබැයි ඒ කර්මාන්ත ශාලාව නම් මේ දවස් වල ටිකක් අප්සට්ලු. මොකද ශක්‍යතා මෙව්වා එකේ අවුලක් ගිහිල්ලා ඒක හදලා තියෙන්නෙ ගලක් උඩලු. හැබැයි රටේ මිනිස්සුන්ගෙ ජීවන තත්වෙ අන්තිම හොඳලු. ගෙවල් මෙහෙමලු, ඉස්පිරිතාල මහෙමලු, රජයේ ආයතන වලට යන මිනිස්සුන්ට සලකන්නෙ මෙහෙමලු. වැරදි පැත්තෙ ඔටුවා පාක් කලොත් කාටත් දඩ කොල ලියනවලු සිවිල් බලේ බලන්නෙ නැතුව. හොඳම දේ ඒක නෙමේලු. රටේ නායකයින් කිසිම කෙනෙක් රටින් ගෙන්නන පොරින් ඔටුවෝ යූස් කරන්නෑලු, ගමන් බිමන් ඔක්කොම වගේ යන්නෙ සාමාන්‍ය ජනයාගේ කරපිටින්ලු, මේවා නිකං ආවට ගියාට කියන්නෑලු, මහ බැංකු වාර්තාවෙනුත් ඒක කියවෙනවලු, අරවලු මෙව්වලු.

වීඩියෝ එක ඉවර උනාම පොර අපේ දිහා බැලුවේ ලෝඩ් පකිර් වගේ හෙනට හිත‍ට අරගෙන. මට නේද හොඳටම කේන්ති ගියා.

"මේවා මොනාද? අපේ රටේ පාරවල් වල බත් දාගෙන කෑවැකි...... අනිත් දේවල් ගැන කියන්ඩ ඕනි නෑනේ....අනික මෙච්චර දියුණුවක් කොහොමද එකපාරට! අපි දන්න හැටියට මේ රට ‍ගෝත්‍ර මෙව්වා‍ එක ඔලුව උඩ තියාගෙන ඉන්න රටක්නෙ....."  මමත් ඇරියේ නෑ. සංඛයත් ඒක අරගොල්ලන්ගෙ බාසාවට මෙහෙම කරද්දි හරෝලා කිව්වා.

ඒකට තියුණු බැල්මක් දාපු කලු බුවා මගේ පිටට තට්ටුවක් දාලා නෝන්ඩි හිනාවකුත් එක්ක මෙහෙම කිව්වා,

"ලෝකෙන්ම අපේ ජාතිය ඉන්නෙ මෙහෙ විතරයි. අපි ගැන අපි බලාගන්න ඕනේ. අනිත් අයට වගේ අපි ගැන බලන්න වෙන කව්රුත් අපිට නෑ. මෙහෙන් අපිට යන්න උනොත් අපිට ඉන්න වෙන බිමක් නෑ. ඒක ගෝත්‍ර මෙව්වා එකද?" මිනිහා මගෙන් ඇහැව්වෙ එහෙමලු.

"අපි නෙමේ ඕවා කියන්නෙ.... ඕගොල්ලන්ගෙම අයනෙ.....?" මම වහාම නිවැරදිකාරයා උනා.

"මේ ගිලෙන නැවෙන් සශ්‍රීක නැවකට අතරමග දී ගොඩ වෙච්ච සමහරු ඔය වගේ කතා කියලා මේ නැවට පයින් අනිනවා තමා, ඒක අද විලාසිතවනේ...... " කලු බුවා කිව්ව දේ සංඛයා මට පැහැදිලි කලා.

ටිකකින් ආයිත් අර මුලින් බීපු බීම වඩියක් ආවා. ඒක බිබී ටිකක් වෙලා කතා කරකර හිටපු එයාලා හෙට හමුවෙන බලාපොරොත්තුවෙන් නික්ම ගියා.

පහුවදා වේවේකී දවස.

ඒත් අපි කල්පනා කලා මේක අස්සට වැදිලා ඉන්නෙ නැතුව රටතොට ඩිංගක් බලා කියාගෙන එන්න. කොහොමහරි හෝටලේ ඩිෆෙන්ඩර් එකක් කතා කරගෙන අපි ගියා මාලි රටේ, අපි හිටපු මොප්ටි නුවර සංචාරෙට. අපි යද්දි අර ඔටු බීම කේස් දෙක තුනක් ජීප්පුවට දාගෙන ගියා. මගදී අව්වට හෙම්බත් උනාම බොන්න.

ඔන්න දැනුයි හරි විදිහට කතාව පටන් ගන්න යන්නෙ. මෙච්චර වෙලා ඕගොල්ල කියෙව්වෙ පූර්විකාව.

ඉතින් ඔහොම යන අතරතුරදි නේ අර අරුම පුදුම මෑන්ස් අපිට හම්බ උනේ. අපි ඩිෆෙන්ඩර් එකේ ගම්මානෙට වැදිලා මෙහේ ඇත්ත තොරතුරු ටිකක් හොයාගන්න අපිට කැපෙන පුද්ගලයෙක් හොයමින් හිටියෙ. අන්න ඒ වෙලාවේ තමා ටිකක් වයසින් වැඩි ප්‍රියමනාප පුද්ගලයෙක් ඒගොල්ලන්ගේ ජාතියට හුරු දත්බේත් හිනාව දාගෙන අපි ඉන්න පැත්තට ආවේ. මේ ඉන්නෙ එයා.


ඉතින් මෑන්ස් එක්ක එකතු වෙලා අපි මුලු නගරෙම සංචාරය කරන්න  පටන් ගත්තා. දවල් වෙද්දි ඉරව්ව හන්දා අපේ ඇගේ ජලවාෂ්ප ප්‍රමාණය පහලට වැටිලා තිබහ ගතිය වැඩි වුනා. අපි අර ඔටු බීම එක අරගෙන බොන්න ගත්තා.


ඒ විතරක් යෑ. අපි අර මෑන්ස්ටත් එකක් දික් කලා. එතන දී තමා වැඩේ පත්තු උනේ.

බීම එක දික් කරද්දි මිනිහා සංඛයට මොනවදෝ කිව්වා.

"ඇයි පොර මොකෝ කියන්නෙ........"

"පොරට මේක එපාලු. පොර නොකානොබී ඉන්න පටන් අරගෙන දැනට අවුරුදු විසිදෙකක්ලු....."

"මොනවා...... නොකානොබී අවුරුදු විසිදෙකක්........." අපේ ප්‍රඩියුසර් උන්දෑ එහෙම්ම ජීප් එකට හේතතු උනා. එයා විතරක් නෙමේ මටත් එකපාරට මෙව්වා වෙලා ගියා.

බෑලු බැල්මට මිනිහගේ ලොකු දරිද්‍රතා ලුක් එකකුත් නෑ. මම ආය කන්ෆෝම් කරගන්න අදහසින් වැඩි විස්තර අහන්න කියලා සංඛයට අණකලා.

"මල්ලුකුං විල්ලුකුතරක් නෙල්ලුකුමෙයි. තල්ලුකුව ඉල්ලුකුන්නවා නොල්ලුකුකා නොල්ලුකුබී....."

"මොනාලු.....!"

"මූ විතරක් නෙමෙයිලු.... තව ඉන්නවලු නොකානොබී ඉන්න පටන් ගත්තු අය සෙට් එකක් ම... සමහරු අවුරුදු තිහක් විතර නොකානොබී ඉන්නවලු......."

"නෑ...................." ඒක ඇහැව්වා විතරයි මගේ ගලනාලේ හිරවෙලා, පිත්තාසේ ගල්වෙලා, අන්නසෝත්‍රය කූඩා වෙලා, අක්මාව හීං වෙලා, ප්ලීහාව අවනත වෙලා, මහබඩවැල සලිත වෙලා, උන්ඩුකපුඡ්චය පරළවෙලා හෝස් ගාලා හුස්මක් උඩට ඇදිලා කලන්තෙට වගේ ආවා. ඒත් මං ඒක කාටවත් පෙන්නුවෙ නෑ. රටේ ගෞරවේ වටිනවනේ ඔක්කොටම වඩා.

"ඈ...... බං... එතකොට අපේ එවුන්ට තමා දෙදාස් පන්සීයකිනුත් කාලා ඉන්ඩ බැරී.... "

"ඒක තමා..... පොඩ්ඩක් හිටපංකො මම තව විස්තර අහගන්ඩ............"

ඒ පාර අර මෑන්ස් අපේ සංඛයට හෙන දේසනාවක් පටන් ගත්තා. අර අපී බිබී හිටපු බෝතලේටත් ඇගිල්ල දික් කර කර. මට කිසි දෙයක් තේරුම් ගන්ඩ බැරි උනා. හැබැයි මම එවෙලෙම අපේ ප්‍රඩියුසර් බුවා ව කැමති කරගත්තා මේ විස්තර අපේ රටේ පතල කරලා අහුවෙන්ඩ එපා කියලා. මේක එහෙ ගිහිං කිව්වම දෙදාස් පන්සීයත් වැඩියි කියලා එක මඟුලක් කරයි.

පස්සෙ වැඩි විස්තර කතා කරගෙන අර මෑන්ස් ඒගොල්ලන්ගේ බාසාවෙන් හොඳටම හිනා උනා. අපේ සංඛයත් සිංහලෙන් විරිත්තුවා.

"මොකද බං.... අපිටත් කියකො........."

"මේකයි සීන්ස් එක. පොරට සීනි අමාරුවලු. කාලෙකට කලින් මෙහෙට වෙන රටකින් ආවලු බහුජාතික බීම ජාතියක්. ඒකේ හෙනට සීනි හන්දා සීනි අමාරු කාරයෝ ඒ බීම බොන එක නතර කලාලු. ඒ විදිහට මෙයත් ඒක බොන එක නතර කලාලු, තවත් කට්ටිය නතර කලාලු......."

"ඉතිං......"

"ඉතිං ඒ බීම ජාතිය තමයි ලු මේ. මේකෙ නම "නොකා"ලු. අපෙත් තියෙන්නෙ අරවයි මෙව්වයි කිය කිය වයිවාරන්න බීම ජාති........."

"ඉතිං....."

"ඉතිං පොර නොබී ඉඳලා තියෙන්නෙ මේ "නොකා" බං. එච්චරයි..... කෑම බීම වෙලාවට ගන්නවලු...... නැත්තං ගෑස් අමාරුව වැඩි වෙන හින්දා..... අනික පොරගෙ සීනි අමාරුව හන්දා පොරගෙ ඇග බලාගෙන ඉද්දි වැටුනලු. ඒකාලේ පොරට හෙන ඇගක් තිබුනලු. මේ තියෙන්නෙ පොරගෙ තරුණ කාලේ පින්තූරයක්ලු." ඔහොම කියලා සංඛයා අපිට පොටෝ එකක් පෙන්නුවා. ඔය මම උඩින් දැම්මේ ඒක.

ඔන්න ඔය හින්දයි මට දවස් ගානක් යනකල් බ්ලොග් ලියුමක් දාන්න බැරි උනේ. දැන් ඉතින් ආයිමත් සුපුරුදු වැඩසටහන් යයි. රැදී සිටින්න අප සමගම.....!

......................................
- මීට යුරෝ දෙකේ වීරයා.

ප/ලි -
අර අපිව බාරව හිටපු මෑන්ස් කිව්ව ආකාරයට සංවර්ධනයේ ගැට්ටෙ තියෙන මොප්ටි නුවර පින්තූරයි මේ තියෙන්නෙ. මේ ටික දැම්මෙ නැත්තම් සංඛයා මා එක්කලා තරහ වෙයි.


මොප්ටි තියෙන තැන.

සංවර්ධන නිසා රැකියා සුලභ වී ඇත.
වැලි මිරිකා වතුර ගන්න කර්මාන්තශාලාව ගලක් මත ඉදිකර ඇති නිසා තාවකාලිකව මෙසේ වතුර සොයා ගැනීමට ඔවුන්ට සිදු වී ඇත.

සුන්දර තාරුණ්‍යය
දිරිය වනිතාවන්
පැරණි තාක්ෂණයට ඉදිකල නවීන නිවසක අනාගත හිමිකරුවන්-  ඇතුලත ඒසී කර ඇත.
නිවසක් ඉදිකිරීමට සැලසුම් කර ඇත. බලන්න ඔවුන්ගේ බලාපොරොත්තුවේ දෑස් (සොරි!! දෑස් පේන්නෙ නෑ නේද?)
සැබෑ නිරුවත
‍කොල්ලගේ තරමට නෙමේ වැඩ -  ටොපියේ තරම දැක්කද?
කුක්කු බොන දිරිය දරුවෙක්
විනෝද සවාරියක් ඇවිදින් වගේ!
මොකද හිතෙන්නෙ ?

පසුව එක් කරන ලද මෙම පින්තූරු තරු මහතාගේ "ඔබගේ මනරම් පින්තූර අතර තිබූ සරුවට වැඩුනු ගස් ලබුගෙඩි ගැන තව පැහැදිලි කිරීම් අවශ්‍යයි'' යන කමෙන්ටුව හා යාවේ.

පිටත් වෙන්ඩ සැරසෙමින්...
පැරණි ක්‍රමයට වැලි මිරිකා වතුර ගන්නා ගැමි ලඳුන්.
ඈ.... කා එක්කද මේ අම්මා හිනාවෙන්නෙ! (තරු මහතාගේ අවධානය පිණිසයි)
නොපිට (තරු මහතාගේ අවධානය පිණිසයි)

ප.ප.ලි -
අප්‍රියෙල් 20 ට පස්සෙ දාන පළමු ලිපිය මේක. ඒක හන්දා කියන්ඩ දේවල් ගොඩයි. මේ ඒවා,
01. Facebook ගෘප් එකක් හැදුවා සයිබර් යායට. කැමති අය එකතු වෙන්ඩ. හැබැයි කොන්දේසි තියෙනවා. මේ වෙද්දි ඒකට ඇවිල්ලා තියෙන නසරානි කට්ටිය වගේ ඕගොල්ල නං දග වැඩ කරන්න එපා.
02.මේ යන්නෙ යූරෝ දෙකේ වීරයාගේ කතාවල අන්තිම ටික. දැන් Coming Soon තත්වයේ තියෙන්නෙ නව ආරකට ලියැවුනු "කෙහෙල්කොටුවේ චූටි මහත්තය"ගේ කතා.
03. එච්චරයි. ගිය සෙනසුරාදා පෝය නිසා දාන්න බැරි වුනු කාටුන් එක ඊලගට බලාපොරොත්තු වෙන්න.

67 ක් කියන්නේ !:

  1. ඒ රටේ පොඉ උන් වගේම බොලාත් හිටිට්යෙ හෙළුබැල්ලෙන් වෙන්න ඇති..ඒකනෙ ගිය එකෙක්ගෙවත් ෆොටෝ නැත්තෙ...අර ඉරිසියා මෙව්ව එකට එහෙම කීවට අප්පිරිකා හරි ගියානෙ..සතුටුයි...සතුටුයි...

    ReplyDelete
    Replies
    1. අද වෙනී අයියා එක. සික් අපේ බ්ලොග් වලට එකට කමෙන්ට් දාන්න කව්රුත් පොරකන්නෙ නැති හැටි :D

      Delete
    2. ආව් අෆ්ෆා... මන් එක නේද ???? බොලා රට ගියාට වඩා හැපී බොලේ...

      Delete
    3. අනිත් දවසෙත් මම කලින් කියන්නකෝ..... පොරකන්නත් කව්රුත් නැති එකේ....!හෙහ් හෙ

      Delete
  2. හෆ්ෆා මං ඒත් බැලුව මොකෝ පේන්න නැත්තේ කියලා

    ReplyDelete
  3. මේකව රවට්ටල සංඛය මේකව කරකෝල තියෙන්නෙ ලංකාව ඇතුලෙමයි {:-)

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නෙම ඔය හම්බන්තොට පැත්තෙවත් කරකවලාද කොහෙදෝ...

      Delete
  4. චූල්ලුකුටි මල්ලුකුහත්තයා, මේල්ලුකුක නල්ලුකුං නිල්ලුකුයම බාල්ලුකුසාවක් බල්ලුකුං

    ReplyDelete
  5. අල්ලුකූයි බොල්ලූකූහැන්

    එනකොට අර බීම ටිකක් ගෙනාවනං අපේ උන්ටත් නොකා නොබී ඉන්න පුරුදුකරන්න තිබ්බනේ

    ReplyDelete
  6. හප්පා... එතකොට අර වීඩියෝව කළේ නැද්ද?

    ReplyDelete
  7. මේක කියවද්දි මොකාක්ද මන්දා අමුත්තක් දැනුනා බුද්ධි අයියා වෙන මොකක්දෝ සිද්ධියක් තමා මේ කියන්න යන්නේ කියලා.... මේකේ අප්‍රිකන් භාෂාව කියෙව්වාම මට මතක් වුනේ අපි පොඩි කාලේ කතා කරපු "ටයි" භාෂාව...

    "මයිටං වියිටතරක් නෙයිටමෙයි තයිටව ගොයිටඩක් ඉයිටන්නවා නොයිටකා නොයිටොබී"

    අලේ මන්දා මට නොතේරෙන මොකාක්දෝ හින්ට් එකක් යටින් යනවා... ඒක නෙමේ මේ පොටෝවල ඉන්නේ කාපිරි කියලා අපි කියන ඈයොද??

    මචං ෆිල්ම් එකේ තැන්කූ කියනවා වගේ බුද්ධි අයියා මුකුත් කියලා ස්තූති කලේ එහෙම නැතෙයි??

    හිනා වෙවී කියෙව්වා ගතියටම ලියලා තියෙනවා.ළඟකදි ඉඳන් බුද්ධි අයියගේ ශෛලිය වෙනදටත් වඩා හාස්‍යයට බරයිනේ...

    ReplyDelete
    Replies
    1. මොකෑ බොල තොප්පිය ගලවන්න හදන්නෙ ?

      Delete
    2. බිකෝස් හී ට්‍රයි ට්‍ර අන්ඩ ඉස්ටෑන්ඩ් මයි පෝස්ට්. :P

      Delete
  8. කල් බලා ඉන්ට උනත්, හරිම රසබර ලිපියක්. මාර සංවර්ධිත රටක්නේ.:)

    රටේ බාසාවේ නම් මොකක්දෝ හොඳ පුරුදු ගතියක් දැනෙනවා. පින්තූරු ටිකත් අපූරුයි. විදෙස් සිත්තරාගේ ඇහැ ගිහින් තියන්නේ ගත යුතුම පින්තූරු දිහාට.:D

    ReplyDelete
  9. "නොකා" නොබී.....!!
    මරු ම තමා...!!

    ReplyDelete
  10. හයියෝ සංසාරේ. මේක කියවලා සෑහෙන වෙලාවක් යනකන් හිනාව නවත්ත ගන්න බැරු වුනා. මොක වුනත් සංවර්ධනය නම් අපිට වඩා හොදයි තමයි.

    ReplyDelete
  11. ඔබතුමා ඔය මාලි රටට ගිහින් යහතින් ආපහු ආවා නේද?

    ReplyDelete
  12. අර ඩොකුමෙන්ට්‍රිය කලේ ලංකාවේ සෙට් එකක්ද???
    මොකද පිට රටින් මේහේට එන උන්ටත් අපේ අය ඩොකුයිමෙන්ට්‍රි කරන්නේ ඔය ආකාරයට වෙනන ඇති...

    ReplyDelete
  13. මාත් දැන් ගොඩ කාලෙකින් කොකා නොබී හිටියේ! :D

    ReplyDelete
  14. රටේ ගෞරවය ගන සිතා ටිම්බක්ටුවේදී මෙව්වා නොවුනු euro2 වීරයාට අපේ ආචාරය!!

    ReplyDelete
  15. මේ අර Borat හිටිය රට පැත්තේ නෙමේ ඇලඩින් ඩික්ටේටර් ඉන්න පැත්තේ නේද?

    ReplyDelete
  16. නිල්ලුකුයම කල්ලුකුතාව... :) තව පොඩ්ඩක් පැට්ටිස් කලානං සංඛයව හලලා උඹලට තනියම ගේම අදින්න තිබ්බා...

    ඉතිං උඹලා අර කිව්ව විදියට එලියට පහලියට බැහැලා "පොඩි ෆන්" එකකුත් ගත්තද..? අප්‍රිකාවෙත් වෙච්චි එකේ එක්ස්‍රේ එකක්වත් අරන් බලපන් කෝකටත්...

    ReplyDelete
  17. ඔය කියන විදියට මේ මමත් නොකා නොබී අවුරුදු 30ක් හිටපු එකෙක් නේ !!!

    ReplyDelete
  18. හල්ලුකුනේ හල්ලුකුනේ මෙල්ලුකුයත් හොල්ලුකුයා ගල්ලුකුන්න වැල්ලු දෙල්ලුකූවල්!!!

    ReplyDelete
  19. ලොකු අල්ලකුයි බෙල්ලකුයි කොහෙන්?

    ReplyDelete
  20. ආපහු එන ගමනෙදි අර බීම බෝතලයක් 2ක් මෙහෙ අරන් ඇවිල්ල ඒ රෙසිපියට මෙහෙත් බීම හදන කොම්පැණියක් දාගත්තනම් හරි.. ටික කාලෙකින් අපිටත් නොකා නොබී ඉන්න තිබ්බා..

    ReplyDelete
  21. ආපහු එන ගමනෙදි අර බීම බෝතලයක් 2ක් මෙහෙ අරන් ඇවිල්ල ඒ රෙසිපියට මෙහෙත් බීම හදන කොම්පැණියක් දාගත්තනම් හරි.. ටික කාලෙකින් අපිටත් නොකා නොබී ඉන්න තිබ්බා..

    ReplyDelete
  22. @චු.කො.කෙ. මහත්තයා වෙතටය්,

    ඔබේ ලිපිය කියෙවුවා, අප්‍රිකාවේ ස0වර්ධනය ගැන අපව දැනුවත් කලාට ඔබට තුති,
    ඔබගේ මනරම් පින්තූර අතර තිබූ සරුවට වැඩුනු ගස් ලබු ගෙඩි ගැන තව පැහැදිලි කිරීම් අවශය්යය්... :-)

    ReplyDelete
    Replies
    1. තවත් සුලු මොහොතකින් තරු මහතාගේ ඉල්ලිම ඉටු කරනු ලැබේ...:)

      Delete
    2. සමාවන්න තරු මහතා විස්තර කිරීමට අවසර නැත. නමුත් ඔබගේ ඉල්ලිම ඉටු කරනු වස් තවත් පින්තුරු 4 ක් එක් කරමි. ගස්ලබු දකිනවාට වඩා තමන්ට ඕනැ ලෙස ඒවා උපකල්පනය කර ගැනීමට එහිදී ඔබට හැකිවනු ඇත.

      Delete
  23. ඔය බීම ජාතියට සිංහලෙන් කියන්නේ කොකා කොලා කියල නේව..අලුකුයි බොලොක්කුයි බිලි කොකුයි....අපො වැරදුනාවත්ද.....!@##$&!(@$#$@^

    ReplyDelete
    Replies
    1. ඔය බීම ජාතියට සිංහලෙන් කියන්නේ Margarita hikz

      Delete
  24. Praසන්ன has left a new comment on your post "අවුරුදු 22 ක් නොකානොබී සිටි මිනිසෙක් හමුවේ | ඡායාර...":

    යකෝ දැන් අප්‍රිකාවෙ ඉන්න එවුවොත් අයිබොං කියලද ආචාර කරන්නෙ.
    ඔය බොලාට දෙන්න ඇත්තෙ අර පතොක් වලිං හදන බීම එක වෙන්න ඇති.

    ReplyDelete
  25. කොහොම උනත් නොමිලේ සවාරියක් යන්න ලැබුන එක ලොකු දෙයක් .

    ReplyDelete
  26. මම ඕන ඔට්ටුවක් අල්ලනවා මේ යුරෝ දෙකේ වීරයා පහුගිය මාසෙ ඇතුලත ගුවන් යානයකට අඩියක්වත් තියලා නෑ කියලා..

    මොනවා උනත් හාස්‍යනම් උපරිමයි.. හොඳටම මෙව්වා වුනා මේක මෙව්වා කරලා..

    ජයම පතමි !!!

    ReplyDelete
  27. යකෝ ඔය වගේ ගස් ලබු තියනවනම්, නොකා නොබී ඉන්නම්කො අවුරුදු 50ක් වුනත් .හෙහ් හෙහ් හෙහ්..

    ප.ලි:- හැබැය් ගස් ලබු වල කඳත් එක්ක ගෙඩිත් දැම්මා නම් හරී අවබෝධයක් ගන්න ඇහැකි...
    කෙසේ වෙතත් ජනපති ජ0ගම සේවාවකටත් වඩා කඩිනම්ව මාගේ යටහත් ඉල්ලීම සලකා බැලූ ඔබට තුති.

    ReplyDelete
  28. හ්ම්..............අනේ මන්දා බං උඹ එහෙ නතර වුණානං හොඳයි වගේ. එහෙ ඉඳන් බැරියැ ඔය පෝස්ට් ටික අප්ලෝඩ් කරන්න.

    ReplyDelete
  29. සා සෝයි ට්‍රිප් එකක් වගේ. ෆොටෝ ටිකත් සෝයි...;)

    ReplyDelete
  30. අපරාදෙ "නොකා" මෙහෙ අරන් ආවෙ නැද්ද

    ReplyDelete
  31. මාල්ලුකුත් ඔල්ලුකුය බාල්ලුකුශාව දල්ලුකුන්නවා.
    එල්ලුකුල...... එල්ලුකුල....


    ජයවේවා......!

    ReplyDelete
  32. අපිටත් ඉතින් දැන් බුද්ධි අයියව පිළිගන්න වෙන්නේ "අල්ලූකූයි බොල්ලුකූහැන්!" කියලා තමයි.. දැක්කේ සෑහෙන කාලෙකින්නේ..

    අර සංවර්ධනය ගැන කතාව කොහේට හරි ගහපු හින්ට් එකක්ද මන්දා? කොහොම උනත් විස්තරේයි ෆොටොයි නියමයි.. ලංකාවේන් ගිය සෙට් එකේ ෆොටො තිබ්බනම් තවත් නියමයි..

    ප.ලි . අර නසරානි කට්ටිය කිවුවේ අපිට නෙමෙයි වෙන්න ඇති.. :)

    ReplyDelete
  33. මනරම්ය.. දැකුම්කළුය.. :D

    ps: මාත් නොකා නොබී ඉන්න තීරණය කරලා දැන් ගොඩක් කල්..

    ReplyDelete
  34. මේවා දැකලා මගේත් ගලනාලේ හිරවෙලා, පිත්තාසේ ගල්වෙලා, අන්නසෝත්‍රය කූඩා වෙලා, අක්මාව හීං වෙලා, ප්ලීහාව අවනත වෙලා, මහබඩවැල සලිත වෙලා, උන්ඩුකපුඡ්චය පරළවෙලා හෝස් ගාලා හුස්මක් උඩට ඇදිලා කලන්තෙට වගේ ආවා.

    ReplyDelete
  35. සන්තානං මෑණියනේ මොකද සත්තලනේ මෙහෙම බොරු කියන්නේ

    ReplyDelete
  36. හොඳට ම සුවර් ද මේ ලංකාවේ නෙවෙයි ය කියලා..? මට නම් පොටෝ ටික දැක්කම හිතුනේ මේ ලංකාව ම යි කියල..

    ReplyDelete
  37. සංවර්දනේ කෙසේ වෙතත් එහෙ ඉන්න මිනිස්සු මං ඉන්න රටේ ගොඩාක් ඉන්නවා හිගා කන්න විතරක්.

    ReplyDelete
  38. හිනා වෙන එක උපරිමෙන්ම වුනා, පස්සේ තමා කල්පනා වුනේ අපිටමද දන්නේ නෑ මේ හිනා වෙන්නේ කියලා. :)

    ReplyDelete
  39. "අල්ලූකූයි බොල්ලුකූහැන්!" කියන්නේ සාදරයෙන් පිලිගන්නවා නෙවෙයි බොලේ.. අර යාළුවා බොරු කියලා තියෙන්නේ ටිම්බක්ටුවේදී බාසාව අපේ කිරි අත්තා සුට්ටක් දන්නවා උදේම එයාගේ සොහොන ගාවට ගිහින් මම ඇහුවා...

    euro2 වීරයා එතනදි නම් නාලා

    "අල්ලූකූයි බොල්ලුකූහැන්!"
    “බෙල්ලෙන් අල්ලන් හොම්බට දෙන්න හිතෙනවා“ කියලාලු ඔය කියන්නේ......

    :D :D :D

    සෝයි කතාව හෑ!

    ReplyDelete
  40. කියන්න වචන නැහැ . මාරම රටක් . සික් ..ඉතියෝපියා යන්නේ නැතුව මාලි යනවා මේ වග කලින් දැනන් උන්නනම් .

    ReplyDelete
  41. මෙහේ පාර්ලිමේන්තුව දාන්න වටිනවනෙ අයියෙ අර කලු මහත්තුරු 2නා පට්ට කතාව......

    ReplyDelete
  42. කතාවට නම් හරිම හිනා යනවා.. ඒත් මට ඒ ෆොටෝ ටික දකිනකොට නම් හරිම දුක හිතුනා............

    ReplyDelete
  43. හික් හික් එල කතාව,,,,

    ReplyDelete
  44. මේ පෝස්ට් එකේ බුද්ධි අයියා කියන්න හැදුව එක මොකක්ද බලන්න ආයේ ආවා... ඒත් තාම විස්තරයක් නෑනේ.මේක කියවද්දි අපේ රටට ආදේශ කරලා ලියලා වගේ තමා ආයේ හිතුනේ.දේශපාලනේත් එහෙම්මයි.ඒත් වැඩියෙන්ම හිතට වැදුනේ මෙන්න මේ ටික

    // අපි දන්න හැටියට මේ රට ‍ගෝත්‍ර මෙව්වා‍ එක ඔලුව උඩ තියාගෙන ඉන්න රටක්නෙ.....//

    //"ලෝකෙන්ම අපේ ජාතිය ඉන්නෙ මෙහෙ විතරයි. අපි ගැන අපි බලාගන්න ඕනේ. අනිත් අයට වගේ අපි ගැන බලන්න වෙන කව්රුත් අපිට නෑ. මෙහෙන් අපිට යන්න උනොත් අපිට ඉන්න වෙන බිමක් නෑ. ඒක ගෝත්‍ර මෙව්වා එකද?"//

    මේ දවස්වල හැමෝම කතාවෙන දෙයක්නේ මේක.අනගාරික ධර්මපාලතුමා කියලා තිබුනු කතාවත් මතක්වුනා...

    මේ යන විදියට ගියොත් මූදට පනින්න වෙයිද අයියේ

    ReplyDelete
  45. මේකට උත්තර දීම අදනං මම මඟ අරිනවා.

    ඔබා මාමට උත්තර දෙන්නං නං ආයි කවදාවත් අවස්ථාවක් ලැබෙන්නෙ නෑ.

    පසුව හමුවෙමු!

    ReplyDelete
  46. මොකද්දො මන්ද වහෙන් ඔරොවෙන් කියලා තියෙන්නේ අපි ගැනමද මන්ද

    ReplyDelete
  47. ලංකාවෙ අපිත් නොකා නොබී තමා ඉන්නේ

    ReplyDelete
  48. කෙල්ලුකුහෙල් කොල්ලුටුවේ චුල්ලුකුටි එල්ලුකුකා හිල්ලුතං ඉල්ලුන්නේ අල්ලුපිත් ඔල්ලුටුවෝ කිල්ලුයලා වල්ලුකුගේ.......... :D

    යුල්ලුකුරෝ දෙල්ලුකුකේ වීල්ලුරයා ගිල්ලුහිං කිල්ලුහං බොල්ලුකුගේ මල්ලුකුහා එල්ලුකාට වැල්ලුකුඩේ මාල්ලුට්ටු කිල්ලුයලා.... :D :D :D

    ReplyDelete
  49. තුන් දෙනාටමැ තුති!

    ReplyDelete
  50. අල්ලුකුදයි කිල්ලුකුයවන්න ලැල්ලුකුබුනෙ. මල්ලුකුරු මල්ලුකුරු

    ReplyDelete
    Replies
    1. වලව්ව පැත්ත ඉඳලා එන්ටැති මයෙ හිතේ... ස්තුතියැ!

      Delete
  51. වෙන වෙන බ්ලොග් කියවද්දි මේකට යොමු වුනා.ලිපිය හරි ලස්සනයි. හිනාව නවත්තගන්න බැරුව ගියා. අර උල්ලුකුම් බාසාව පස්සෙ තමා තේරුනේ. ඒ වගේ ලිපි තව ලියන්න.සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බ්ලු ලෝටස්!

      Delete
  52. අඩේ අදමයි මට මේ බ්ලොගේ සෙට් උනේ. පට්ටයි බං කතාව උන්ගේ බාශාවත් අර සීනි බාශාව වගෙයි නේද?

    ReplyDelete
    Replies
    1. කෝරලේ මහත්තයා අපිව දන්නැති වුනාට මොකද අපි නං තමුන්නැහේව දැනගෙන සෑහෙන කල්.... ඔය මම යන එන බ්ලොග් වලම කොච්චර දැකලා ඇද්ද ආයිබෝං!!!!

      Delete
  53. වැලි මිරිකලා වතුර ගන්න එක හිතට වැදුනා

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...