සාමාන්‍යයෙන් මම ඉරිදට පෝස්ට් දාන්නෙ නෑ. විශේෂයෙන් තාක්ෂණික ලිපි කොහොමත් මම දාන්නෙ නෑ. මොකද මම ඒ ගැන දන්නෙ නැති හින්දා.
ඒත් සිංහලෙන් බ්ලොග් ලියන අයට විශේෂ වැදගත් කමක් තියෙන දෙයක් ගැන කියන්න හින්දයි මම මේ ලිපිය දාන්නෙ.
මේ කියන්න යන්නෙ බ්ලොග් කරුවන්ට සුබ ආරංචියක්!!!
මෙච්චර කල් ඕගොල්ල ඇඟිලි ගෙවෙනකල් සිංහලෙන් ටයිප් කරපු කාලේ අදින් ඉවරයි. මේ කියන්නෙ ඒ ගැන විස්තරේ.
මීට අවුරුදු දෙකකට විතර කලින් අපේ මලයා කෙනෙක් ගියා Malaysian Institute of Information Technology එකට වැඩිදුර ඉගෙන ගන්න. මිනිහට ලැබුනේ ශිෂ්‍යත්වයක්. පොඩිම කාලේ කෙහෙල්කොටුවේ ගමේ ඉපදිලා, මූලික අධ්‍යාපනය කෙහෙල්කොටුවේ ඉස්කෝලෙන් ලබාගෙන පොර පහේ ශිෂ්‍යත්වේ පාස් උනා. ඒ නිසා අපිට පුලුවන් උනා පොරව අපි ගිය ඉස්කෝලෙට ඇතුලත් කරලා වැඩිදුර උගන්වන්න අපේ ගෙදර නවත්වගෙන.
මෙන්න ඩයල් එක |
පොරගේ තාත්තත් ගැජමැටික් පැත්තට බර කෙනෙක් හින්දා පොරටත් ඒ අංශෙට බර මදර් බෝඩ් එකක් පිහිටලා තිබුනා. කොල්ලා මුලින්ම හැදුවේ මායා බන්ධන කතාවේ එන අශ්කගෙ බල ඇඳුම. ඒකෙන් ගිනි බෝල විදින්ඩ බැරි උනාට අත් දෙක එකට ලං කලාම ගිනි පුලිගු පැන්නා. දවසක් ගිනිපෙට්ටියෙන් නව නිර්මාණයක් කරන්ඩ ගිහිං කොල්ලා එයාගෙ තාත්තාගේ බැටරි කඩේට ගිනි තිබ්බා. ඒ ගැන පස්සෙ කතා කරමුකෝ. කොහොම හරි පොඩිම කාලේට ඒ මදෑ!
ඊලගට පොර හැදුවේ අකුණක් කොහොමද ඇති වෙන්නෙ කියන එක පෙන්නුම් කරන අටමගලයක්. ලෑලි කෑල්ලක් උඩ ස්පෝක් කම්බි දෙකක් හිටෝලා මොකද්ද මන්දා කරද්දි එක පාර මෙහා කණුවෙන් එහා කණුවට "චිටිස්" ගාලා අකුණක් වදිනවා. පොර කණු දෙක මැදින් තේ හදන හැන්ද මට අල්ලගන්ඩ කියලා අකුණක් ගැස්සුවා මගේ අතටත්. මගේ අතම හිරි වැටිලා ගියා. ඒවා කලෙත් පොර හයේ දි හරි හතේ දි හරි.
දවසක් තිබුනා අපේ ඉස්කෝලෙ පොලක්. පොර ඒකට හදාගෙන ගියා ඇන්කර් පෙට්ටියෙන් රේඩියෝ එකක්. ජාති ජාති වයර් අස්සට දාලා සතියක් විතර ඔට්ටු වෙලා. මිනිහා ඒක පෙන්නලා හොඳ ගානක් කපා ගත්තා. එතකොට මම ඒ ලේවල්. කොල්ලා මහන්සි නොබලා මටත් හදලා දුන්නා නියම ජිල්මාට් එකක්. ඒකට රුපියල් 5/- ක් මෙහෙන් දාපුවාම එහෙන් හැක්ස් ටොපියක් වැටෙනවා. ඒක මම ප්‍රාතමික අංශෙ පැත්තෙ ගිහිං අටවාගත්තා. එදා පොඩි උන් පොරකෑවා සල්ලි මෙහෙන් දාලා එහෙන් ටොපිය ගන්ඩ. උන්ට වටිනාකම අවුලක් නෑ. ටොපිය වැටුන නම් ඇති.
කොහොමහරි මිනිහා එහෙ ගියාට පස්සෙ කෘතගුණ සැළකීමක් හැටියට මගෙන් ඇහැව්වා මොනාද කෙරෙන්න ඕනෙ කියලා. අන්න ඒ අවස්ථාවෙදී තමා පින්වතුනි මම මං ගැන විතරක් හිතන්නෙ නැතුව සියලු සිංහල බ්ලොග් කරුවො ගැන ම හිතලා මිනිහට මේ විදිහේ යෝජනවාක් ගෙනාවේ.
"මේකයි මල්ලී, මට පුලුවන්නම් හදලා දෙන්නකෝ සිංහලෙන් කියවද්දි, ඒක ටයිප් වෙන ගැජට් එකක්".
ඕක කිව්වම මිනිහා ඔලුවේ අත ගහගත්තා. ඉංග්‍රිසි බාසාව වෙනුවෙන් නම් ඕන තරම් ඔය වගේ දේවල් තිබුනට මම දන්න තරමින් ඔය වගේ සිංහල ටයිප් වෙන ගැජමැටික් එකක් තාම නෑ.
ඒ උනාට මිනිහට පුලුවන් යැයි මගේ කීමක් අහක දාන්ඩ. මම ඇවිල්ලා පොරව ඇහේ මූණෙ තියාගෙන අදාගත්තු අයියණ්ඩි වෙච්චි!
අන්න ඔහොමයි සිංහලෙන් කියවද්දි, සිංහල යුනිකෝඩ් අකුරු ටයිප් වෙන මෘදුකාංගයේ ඉතිහාස කතාව.
කොහොම හරි මිනිහා හැදුව සොෆ්ට්වෙයා එකට නම දාලා තියෙන්නෙ Big Mad Pill කියලා. නම නම් ටිකක් අවුල් තමයි. නම වැටෙන්නෙ ඉතිං හදන මිනිහගේ කැමැත්තටනේ.
දැං අපි බලමු Big Mad Pill මෘදුකාංගයේ පහසුකම් මොනවද කියලා.
Big Mad Pill ගේ මූලිකම හැකියාව තමා අපි මයික්‍රෆෝනයක් ආධාරයෙක් යමක් සිංහලෙන් කියද්දි ඒක සැනින් එසැණින් සිංහල යුනිකෝඩ් අකුරු වලට පෙරලන එක. මේකෙ තියෙන තවත් සුවිශේෂි හැකියාවක් තමයි අපේ ශබ්ධ ද්වනිය තේරුම් අරගෙන වාක්‍යයේ අවසානයට එන්න ඕන විරාම ලක්ෂණය ස්වයංක්‍රීවය යෙදීම. තවත් පහසුකමක් වෙන්නෙ Delete හරි Backspace හරි කියලා Shift යතුර ඔබාගෙන සිටින තාක් ආපස්සට හරි ඉස්සරහට හරි ලියපු දේවල් මැකීගෙන යන එක.
Big mad pill මෘදුකාංගයේ ස්ක්‍රීන් ෂොට් එකක් |
ඔය ඔක්කොම දේවල් පැත්තකින් තියමුකො.
Big Mad Pill අද කාලෙට ගැලපෙන ප්‍රධානම හේතුව ඒක නෙමේ. මෙය ක්‍රියාත්මක කරන්න ස්ටූඩියෝවක් ඇතුලේ වගේ නිහඬ බවක්වත්, හොඳ තත්වයේ මයික්‍රෆෝන හරි කම්පියුටර් හරි ඕන වෙන්නෙ නෑ.
අපි හිතමු ඕගොල්ලෝ වාහනයේ තනියෙම ගමනක් යමින් ඉන්නවා කියලා. නැත්තම් දුම්රියක තනියෙන් යනවා කියලා. අන්න එතකොට ඕගොල්ලන්ට පහලවෙනවා නේද බ්ලොග් ලියන්න සිතුවිලි. ගැල්ලමයිට තමයි මේක වැඩිපුර වෙන්නෙ. අන්න එතකොටම ඕගොල්ලන්ට කරන්න තියෙන්නෙ ඕගොල්ලන්ගෙ ජංගම දුරකතනයේ රෙකෝඩින් පහසුකම ක්‍රියාත්මක කරලා ඕගොල්ලන්ට හිතෙන දේ කියන්න. පස්සෙ ඒ ඔක්කොම mp3 හඬක් විදිහට සේව් කරලා Big Mad Pill හරහා නැවත වාදනය කරන්න. ඕගොල්ලන් පුදුම කරන ගමන් ඕගොල්ලන්ගෙ හඬ අකුරු බවට පෙරලෙයි බලාගෙන ඉද්දිම.
ඇත්තම කියනවනම් හොඳම දේ ඒක නෙමේ. මේකයි. මේ අලුත්ම අලුත් සොෆ්ට්වෙයා එක අපි ඕගොල්ලන්ට දෙන්නෙ සම්පූර්ණයෙන් නොමිලේ. එහෙම තමයි අපි!
හැබැයි අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමක් හැටියට මම මේක මුලින්ම දෙන්නෙ සයිබර් යායේ රසිකයන්ට විතරයි. ඔබත් සයිබර් යාය ලුහුබඳින්නෙක් හරි නිතර දෙවේලේ යන එන කෙනෙක් නම් ඔබට මෙය නොමිලේ හිමිවෙනවා. අද උනත් ඒකට පරක්කු නෑ.
අද දවසේ ඔබගේ වටිනා අදහස් සටහන් කර ගියායින් පසුව සඳුදා උදෑසන 8 වෙන කොට ඔබට මෙම මෘදුකාංගය බාගත කරගැනීමේ යොමුව ලැබෙයි. මතක ඇතුව Subscribe by Email උඩ ක්ලික් කරලා යන්ඩ.
සඳුදා සිට කීබෝඩ් වලට නිවාඩු දෙමු. Big Mad Pill රජ කරවමු!
................................
- මීට යූරෝ දෙකේ වීරයා.
ප/ලි - මේ තොරතුර දැනගත්තු වෙලාවෙ ඉඳලා හදවතේ බුර බුරා නැගුණු ආවේගය නිසයි අද ලියමන හදිස්සියෙ දැම්මෙ. ඒක හින්දා ඊයේ ඇඳපු මාතලන් ගොයියගේ සිත්තරේ යට යනවා. ඕන්නං ඒකත් බලලා යන එකයි තියෙන්නෙ. මේ තියෙන්නෙ ෆාර.
ප/ප/ලි -
අප්‍රියෙල 02 වෙනිදා උදේ 11.00 ට ඇතුලත් කරන ලදී.
මෙතනින් ගිහිල්ලා Download ලින්ක් එක ගන්න. >>>
ප/ප/ලි -
අප්‍රියෙල 02 වෙනිදා උදේ 11.00 ට ඇතුලත් කරන ලදී.
මෙතනින් ගිහිල්ලා Download ලින්ක් එක ගන්න. >>>
ෂා මරුනෙ... අද අප්‍රේල් පළවෙනිද හින්ද මට ඕක එපා චූටි මහත්තය...
ReplyDeleteහානේ...අද මම එක!!!! අඩේ අප්පා .. මේක මරු භාණ්ඩේ නේ!!! මට නම් කියාපු බඩුව.....!!! මටත් එකක් දෙනවා නේද චූටි මහත්තයෝ...????
ReplyDeleteනොමිලේ දෙන එක ගැන නම් කියලා ඉඅවර කරන්ඩත් බෑ....නැත්තම් දෙය්යනේ අර 7500 ඇතුලට කෝමද මේකත් දාගන්නේ...
අලුත් නිර්මාණෙට උණුසුම් සුභ පැතුම් මගෙන්!!!!
මෙයාගෙ බර්ත්ඩේ එකනෙ අද! :D
Deleteඅය්යෝ එක නෙවේ දෙක නේ...:((( මදැයි..කමක් නෑ.... දැන් ඉතිං චූටි මහත්තයට මේක හදන්ඩම වෙනවා කෝම හරි.... පේනවනේ ඉල්ලුම... අප්‍රියෙල් එකය කියල විහිලුවක් කලේ බොලව් කියල නම් හරි යන්නෑ ඔන්න...:පී දැන් ඉතිං ඔක්කොම වැඩ පැත්තක දාලා මේ වැඩේ කොරන්ඩ වෙයි.. මං මේ බාගන්න කියල බලාන ඉන්නේ...
Delete(මේ පොස්ට් එක විහිලුවට දැම්මත් මේ වගේ දෙයක් කරන්ඩ පුලුවන් ශෝක් නේද? මේහ් ප්‍රවීන් උන්නැහේ... නරකද මේ වගේ වැඩකට ට්‍රයි කොරල බැලුවොත්....බයි ද වේ අද නම් නෙවේ මගෙ බ්ර්ත්ඩේ එක...බාග විට ඔහේගේ වෙන්ඩැති...:පී)
ප්‍රවීන්ලගෙ ගෙවල් පැත්තෙම නේද ඔයත්. මම ඔයාගෙ පළවෙනි කමෙන්ට් එකෙන් ගෙස් කලේ
Deleteහරේ.. මම දෙක...
ReplyDeleteඅද අප්‍රියෙල් පලවෙනිදා නොවුනා නං මාත් ඕක ඩවුන්ලෝඩ් කරගන්නවා බං :D
ReplyDeleteboruwakda manada :D
ReplyDeleteසුබ උපන්දිනයක් වේවා :-)
ReplyDeleteමන් තුන :DD
ReplyDeleteහරි වටිනා කියන සොයා ගැනීමක්.. මේ වගේ අය වැඩි දුර අද්‍යාපනයට රට යවන්ඩ ඔනි.. ගිය පාර google එකෙනුත් මේ වගේ නීර්මාණයක් කලා..
ReplyDeleteපා:ලි
many happy returns of the day ;-)
මේ පාර් ගුගලා කෙලියා :) මූට අහුවුනේ නැතත් ගූගලාට අහු වුනා :D
Deleteමමත් !!!! :(
Deleteපට්ටයි නේ... මටත් ඕනේ....:)
ReplyDeleteඅද පළවෙනිදා හින්දා මටනම් ඕක ගන්න මොකක්ද වගේ අෆ්ෆා....
ReplyDeleteමෙච්චර වටින දෙයක් උඹේ උපන්දිනේටම දෙන්න හිටපු එකනෙ වැඩේ. අප්‍රේල් පළවෙනිදා කිසිම සුභ කටයුත්තකට හොඳ නෑලු. උඹත් කොච්චර බිසි වුනත් මේ වගෙ වැඩට උදෙන්ම නැගිටලා නිදි මරාගෙන වෙන කැපවීම නම් අගෙයි. කතාව ගොඩ නගලා තියෙන අපූරුව.
ReplyDeletehenryblogwalker the Dude
හැපි බර්ත් ඩේ බුද්ධි අයියා.... :D
ReplyDeleteවෙන දවසක නං ගන්නවා..අද එපා....
ReplyDeleteස්තූතියි. ඒත් මට නම් එපා. එහේ, මෙහේ යනකොට කතා කරන්ට කට්ටිය ගොඩයි.
ReplyDeleteඅනෙක අද අප්‍රේල් 1 දා. :D
මදෑ චූටි මහත්තයා අදම ඕක දෙන්න හිටියා...
ReplyDeleteගොඩක් කට්ටිය අප්‍රියෙල් 1 කියලා රැවටිලා බාගන්නෙ නෑ වගෙයි...
මේක බා නොගන්න වුන් තමයි අද මෝඩයො වෙන්නෙ...
අද නම් අහුවෙන්නේ නෑ..! හොද අදහසක්..!
ReplyDeleteමේ අපේ මල් කැකුලු අඩවියේ ඇඩ්මින් තුමා නේද? ප්‍රීති ප්‍රීති.... සයිබර් යාය පැත්තෙත් එනවා නේද ඔබ තුමා!
Deleteමටත් අද එපා අයියා...
ReplyDeleteවෙන දවසක බලමු :ඩී
ශා නියම උපන්දින තෑග්ගක්නෙ.
ReplyDeletehaffa marune :D
ReplyDelete:p
ReplyDeleteඅම්මපා උදේම නැගිටල මූනු පොතට ගියාම ගොඩක් කස්ටිය ඒව මේව දාල තිබුන අද පලවෙනිදා කියල.. ඒත් මේක කියවද්දී ඒක අමතක උනානේ.. හොඳ වෙලාවට අර සාතන් හාදයා ඒක පලවෙනි කොමෙන්ට් එකෙන්ම ආයෙ මතක් කරල තිබුනෙ, නැත්තම් මාත් හොඳ කොමෙන්ට් එකක් දාල යන්ඩ හිටියෙ..
ReplyDeleteමොනා උනත් එළ අයිඩියා එකක්..! :D
adamai awe mokaunath chinthanenan niyamai... athathk unoth onna matath one..
ReplyDeleteහිකිස්... අපි අහුවෙයි ඔව්වට!
ReplyDeleteමාර භාණ්ඩයක්නේ අයියා.. මේන්න මේවගේ සොෆ්ට්වෙයා එකක් තනයි මමත් හොයහොයා හිටියේ... හැබැයි මේවගේ සොෆ්ට වෙයා එකක් ඇත්තටම හදලානම් ගොඩේ ගෝඩ... (අද අපිව අන්දනවා නෙවෙයිනේ අයියා...)
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඅර කොලුවාගේ ෆොටෝ එකත් පබ්ලිෂ් කොරලානේ.
ReplyDeleteඅඩෝ චූටිමහත්තයා පචයා..... පුංචි එවුං රවට්ටන්නැතුව හිටිං
ReplyDeleteno thanks ...
ReplyDeleteමටත් බාගන්න විදිහ කියන්ඩෝ . .
ReplyDelete.
.
.
.
.
.
.
.
.
.
.
.
(මම ආසයි රැවටෙන්න . . .චූටි මහත්තය පවුනේ)
අනේ යකෝ චූටි මහත්තයෝ...... අරූගේ පොටෝ කෑල්ලකුත් දාලා....
ReplyDeleteමේ අවුරුද්දෙ අප්රේිල් 1 හොඳම බොරුව සම්මානය!
ReplyDeleteඅනේද කියන්නේ...... ඒ සම්මානෙනං ගන්නවා අනිවා
Deleteට්‍රැෆික් ඇනෝ සාදරයෙන් පිළිගනිමි!
Deleteස්ක්‍රීන් ශොට් එකනම් ඇත්ත වගේ තියෙනවා... මට රැවටෙන්නමයි හිතෙන්නේ...
ReplyDeleteඅර මැලේසියාවේ ඉන්න අයින්ස්ටයින් මලයගේ පොටෝ එකේ බිත්තියේ The Future Today කියලා ගහලා තියෙන එක තමයි දිරවන්නේ නැත්තේ... ඒකේ හෙන පුරුදු ගතියක් තියෙනවා... ඒ හින්දා මටත් සොෆ්ට්වෙයාර් එක එපා...
සුබ උපන් දිනයක් වේවා !!!
ReplyDeleteහැමෝම එපා කියන එකේ ඔන්න ඔහෙ මට දියන් බං. මම සඳුදා ඉඳන් ඕකෙන් වැඩ කරන කොට අනික් උන්ට තරු යයි.
ReplyDeleteඅනික මචං උඹ මේ කරන උදව් වලට හොඳ තැනක් බලල අරින්නම වෙනවා. නැත්තම් අපි කළ ගුණ නොසැලකුව වෙනවානෙ.
....අද අප්‍රියෙල් 01 නොවුනනම්....මෙන්න මේ පින්තූරේ මට ජංජාලෙන් හම්බවුනේ නැත්නම් http://static.rbytes.net/fullsize_screenshots/s/p/speech-chinese.jpg
ReplyDelete....ඇත්තටම මම මේ විටිනා කියන සොෆ්ට්වෙයාර් එක අනිවාර්යයෙන්ම බාගන්නවා..
..... කොහොම වුනත් උදේ පාන්දරම කට්ටියගේ දැනුම දියුනු කරන්න ගත්ත උත්සාහයනම් අගය කරන්න වටිනව...
අඩේ අපරාදෙ අද අප්‍රේල් 1 උනේ....
ReplyDeleteමට ඕනා යකෝ ඔය වගේ කොල්ලන්ව අපි අගය කරන්න ඕනා අප්‍රියෙල් 1 උනත්,,,හා හා යූරෝ 2 වීරයා ඕක මට දියන්
ReplyDeleteඅඩෝ ඇගේ ලේ වතුර වෙලා හිටියේ..අපරාදේ මෙහෙම එකක් ඇත්තටම තිබුණ නම් මරු
ReplyDeleteකාටවත් ඒපාලු........පලෙවනිද උනත් කමක් නෑ ඔය ලහුටම මට දීපන් ෙකෙහල් ෙකාටුෙව්.......
ReplyDeleteමොනව උනත් ඔය වගේ අදහස් එන මොලේ දාන්න ඕනෙ ඇලේ....!
ReplyDeleteසිංහල බ්ලොග් කෙරුවාවේ ආතල් එක තියෙන්නෙ මම නම් හිතන විදිහට ඇඟිලි උළුක් වෙනකන් ටයිප් කරන එකේ තමයි. ඒක නිසා ඔය පික්සු බෙහෙත් පෙත්ත මට නම් එපා....
හැබැයි මට ඕනෙ විදිහට ඕක කස්ටමයිෂ් පාරක් දාල දුන්නොත් ඉල්ලන ගාණක් දෙනවා.....
ඒක වෙන්න ඕනෙ මෙහෙමයි.....
1) සින්දුවක පද පෙල දැම්මහම ඒකට තනුව ඉබේ වැටෙන්න ඕනෙ
2) ඊට පස්සෙ සින්දුවක තාලෙ මයික් එකෙන් විසිල් පාරක් ගහපු ගමන් ඒකෙ පද පෙල වැටෙන්න ඕනෙ
3) හින්දි සින්දුවක් දැම්මහම එකේ සින්හල පද පෙළයි, තනුවයි වෙන වෙනම වැටෙන්න ඕනෙ....
මොකද කියන්නෙ.....?
ඔබතුමා මේ අංශයේ කෙස් පැහිලා තට්ටේ පෑදුණ කෙනෙක් හැටියට ඒවගේ ජිංජිබිරිස් එකක්වත් හැදුවනම් නේද හොඳ
Delete"හින්දි සින්දුවක් දැම්මහම එකේ සින්හල පද පෙළයි, තනුවයි වෙන වෙනම වැටෙන්න ඕනෙ...."
Deleteඒකනං නියමයි...... ජෝතිපාල කියපු සිංදුවක් දැම්මම ඒකෙ හින්දි සිංදුව හොයන්න ක්‍රමයක් තිබුනනං කියල මටක් හිතුන වාර අනන්තයි..
පිස්සු හැදෙයි.....!
ReplyDeleteඒ කොහොම වෙතත් හැපී උපන්දිනයක් වේවා හොඳේ......!
අර කෙහෙල් කොටුවේ චූටි මහත්තයගේ කතා ආයෙ දාන එකනම් මරු.... මම කියවන්න ආසම කතා ඒව තමයි.....
එහෙම වෙනවනයි රැවටෙන් උනත් අපි රෙඩී.....
එපා හොදේ! මේ දවස්වල කටින් පිටවෙන ඒවා මේකෙ දැම්මොත් මාව බ්ලොගර් එකෙන් එලවනවා. ඒ නිසා චූටි මහත්තයගේ පිල් එක එපා. අප්‍රේල් පළවෙනිදා වුනත් හොඳ වැඩක් මෙහෙම දෙන්න හිතපු එකත්.
ReplyDeleteහොද වෙලාවට උඩින් කමෙන්ට් කරපු කට්ටිය මේ අද දවසේ විශේෂ ලිපියක් කියලා මතක් කරලා තියෙන්නේ.. කොහොම උනත් එහෙම එකක් එනවනම් මරු..
ReplyDeleteසොෆ්ට්වෙයා එකනම් ඩවුන්ලෝඩ් කරගත්තා. ඒත් අර කලින් රෙකෝඩ් කරපු ඕඩියෝ එක ඉම්පෝර්ට් කරගන්න විදිහක් නෑ නේ.. එක්ස්පොර්ට් කියලා බටන් එකක් විතරයි තියෙන්නේ.. ඒක ක්ලික් කරාම එරර් එකක් එනවා
ReplyDeleteකමෙන්ට් ටික කියවනකම් මමත් නැට්ටේ ඉඳන් ගාගෙන හිටියේ. හපොයි. මං තියා ගත්ත බලාපොරොත්තු අහස උසට .
ReplyDeletethank you චූටි මහත්තයා . ඔන්න හෙට වැරදිලා චූටි මහත්තයත් එක්ක තරහාවෙලා එයාට බලියක් හෙම කරනවානම් මගෙ ලින්කුවෙන් ගිහින් කරන හැටි දැන්ම බලා ගන්න
ReplyDeleteබළියක් ලාබෙට ලේසියට කරන හැටි
අර මායාබන්ධන් ඇඳුම හදපු එකයි අකුණු පෙන්නපු කතාවයි ඔක්කොමත් බොරු ද නැත්නම් රටින් ආපු සොෆ්ට්වෙයාර් එක විතර ද බොරු? කොහොම උණත් මම නම් රැවටුණා මුල ටිකේ දී
ReplyDelete@දුමී ............මොකක්ද දුමී අපේ කොල්ලන්ගෙ රස්සාව නැති කරන යෝජනා ගේන්නෙ? ඔන්න මම නඩු දානවා නොකිව්වයි කියන්නෙපා ඕං
ReplyDeleteෂිඃ අද ඉරිද විතරක් නෙමේනෙ.. කෑවා ලණුව.. සිරාවටම රැවටුනු බව නොකිව්වොත් ඒක යුරෝ දෙකේ වීරයගෙ නිර්මාණාත්මක හැකියාවට කරන අගෞරවයක්.
ReplyDeleteකමක් නෑ මටත් එකක් එවන්ඩෝ...
බ්ලොග් රීඩර් එකේ මේ ලිපිය කියවල මාත් ආවෙ සොෆ්ට්වෙයාර් එක ගන්න..මටත් මෝඩයගෙ දවස කියල අමතක වුනානෙ..
Deleteසඳුද වෙනකල් කමෙන්ට්ස් ටික පබ්ලිශ් නොකර හිටියනම් කීප දෙනෙක්ම මේකට අහු වෙනවා..අපරාදෙ..මුල්ම වතාවට මම අද බ්ලොග් එකට ඇවිත් තියෙන්නෙ උපන්දිනේ සමරන්න වගේ..
Deleteසිරාවටම, කමෙන්ට්ස් පබ්ලිශ් කරේ අපරාදෙ. එහෙම උනානම් බලන්ඩ තිබුනා රැවටුන අයගෙ ඔරිජිනල් කමෙන්ට්ස්.. මමත් කමෙන්ට්ස් දැක්කම තමයි රැවටුනා කියලා දැනගත්තෙ..
Deleteලැජ්ජා හතයි...
ඇත්තටම කමෙන්ට්ස් පබ්ලිෂ් නොකර හිටියා නම් මරු. එහෙම නම් මමත් අහු වෙනවා.
Deleteහිකිස්
ReplyDeleteමිනිහා ඩයලොග් එකෙත් වැඩ කරල තියනව වගේ මැලේසියා වෙදිද දන්නේ නෑ.
ReplyDeleteකුණුහබ්බ කිව්වම ඒවා ලියවෙන්නේ නෑලූ... අනේ තොගේ...
ReplyDeleteකමෙන්ට් බැලුවේ නැතිනම් මම මේක බාගන්න බලා ඉන්නවා බොලේ
ReplyDeleteබොරුව පවර්ෆුල් මදි.
ReplyDeleteඔන්න මමත් අහු වුනා මම ඉතින් මෝඩයනේ
ReplyDeleteමටනම් පෙන්නේ අනිත් අයව අන්දන්න ගිහින් චූටි මහත්තයා නා ගත්තා වගේ
ReplyDeleteane matath
ReplyDeleteමිට කලින් ටිකක් දන්න කෙනෙක් හදපු එකක් තියෙනවා.ඒක හැබැයි ගොඩාක් ප්‍රසිද්ද නැහැ.පොඩි පොඩි වැරදි තියෙනවා ඒත් අලුත් එඩිට් එකේ එහෙම නැහැ.
ReplyDeleteane matath
ReplyDeleteහෙට ඉඳන් යුරෝ දෙකේ වීරයා පෝස්ට් දාන්නෙ ඔය ගැජමැටික් එකෙන්ද?
ReplyDeleteකොහොම වුනත් අපි ඊළඟ පොස්ටුවෙන්ම බලමුකෝ ගැජමැටික් එකේ වැඩ කිඩ..;)
සාතන් අයියෙ ඔයා නම් දෙයියෙක්.........
ReplyDeleteම්හ්... හරිගියේ නෑ නේද වැඩේ..... පුද්න කොටම කාපි යකා කියලා සාතන් වැඩේ කාලනේ.... :D
ReplyDeleteචූටිමහත්තයාගේ වර්ල්ඩ් ක්ලාස් අදහස් වලට සම්මාන දහයක් දෙන්න වටිනවා... චූටි මහත්තය හිතන්නෙත් නිකන් ගූගල් කස්ටිය හිතන විදියට :) ඒගොල්ලෝ අද ගෙනාවෙත් මීට සමාන දෙයක්
ReplyDeleteGoogle Tap
සාතන් ගොයියා කියන්නේ යකෙක්ම තමයි...
ReplyDeleteඌ නිසා කී දෙනෙක් ගොඩ ගියාද.... :)
මම දෙවනිදා වෙනකම්ම බලං හිටිය මේක කියවන්න එන්න
ReplyDeleteයකෝ ඕක කරන්න බැරි දෙයක් නෙමේ.. බලමු ඉස්සරහට.
ReplyDeleteඕය වගෙ දෙයක් ලංකාවෙ ගොලු තරුනයෙක් කලා කියල රූපවාහිනි නිව්ස් වලට ගියා කියල දවසක් මට කිවුව මගෙ යාලුවෙක්. ඊට පස්සෙ බ්ලොග් එකකත් මම දැක්ක වගේ මතකයි.
Deleteඅසාධාරණයි....
ReplyDeleteමම සෙනසුරාදා නිවාඩු නිසාත්....
ගෙදර කොම්පීතරය කැඩිලා නිසාත්...
මම මේක දැක්කෙ දැන්...
මම බොගක් නොලිවිවට....
අපිත් ආසයි අලුත් තාක්ෂනේ අත් විදින්න.....
මේ රටේ අපි වගේ දුප්පත් මිනිස්සුන්ට ඉපදුනු තැන ඉදලා අසාධාරණේ....
ඇයි මෙහෙම කරන්නෙ...?????
(බුද්ධි මහත්තයෝ මේ ඔබේ අවධානය පිණිසයි...)
ela..........bro
ReplyDeleteතව පොඩ්ඩෙන් කනවානේ ටොපිය..
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteහයියෝ සල්ලි මම දෙවෙනි පාරටත් රැවටුනානෙ....
ReplyDeleteඋඩින් දාපු කමෙන්ට් එකත් මැකුවා......
ele ele niyamai mekanam velavagodak ituru karaganna puluvan
ReplyDeleteඅනේ.... මූව දිවියාම කාපිය
ReplyDeleteසොෆ්ට්වෙයා එක ගැන දැන ගන්න ආ සියලු දෙනාට.
ReplyDelete________________________________
ඇත්තටම ඕගොල්ල ගැන හරිම සතුටුයි මට. අර සාතන් මාමා මුලින්ම වැඩේ මෙව්වා නොකරන්න ඕගොල්ලන්ගේ අවංක අදහස් තව තවත් මට බලාගන්න තිබුනා. කමක් නෑ...සාතන් මාමා අද හවස් ජාමේ එහා පෝස්ට් එකෙන් ඇනගෙන තියෙන්නෙ...
කොහොම නමුත් ආපු සියලු දෙනාට ස්තුතියි. ඕගොල්ලන්ගෙ මේ අදහස් තමයි අපිව දිරිමත් කරන්නෙ මේවගේ වැඩ තව ඉදිරියට කරන්න. දිගටම අපත් සමග රැදි ඉන්ඩලා... අද වෙන වෙනම උත්තර දාන්ඩ වෙන්නෙ නෑ.....අනිත් දවසෙ ඉදං පුද්ගලිකව ඕගොල්ලන්ගෙ ගැටලු සලකා බලනවා....!
- මිට යුරෝ දෙකේ විරයා
මේ පැත්තට ආවේ අදමයි.. සැහෙන්න ලොකු තෑග්ගක් ලැබුනා නේ.. දිගට ම එන්න උත්සහ කරනවා..
ReplyDeleteඔයා ඇත්තමනම් කියන්නේ මරෙ මරැ..
ReplyDeleteමම නම් මෙයාව දන්නවා වගේ...මේ පින්තුරෙ ඉන්න කෙනාව...
ReplyDeleteඅන්තිම තුන්දෙනා සොෆ්ට්වෙයා එක ගත්තද?
ReplyDeleteමේ වගේ දක්ෂ අය අපපේ රටට සම්පතන්
ReplyDeleteමට මෙල ලබාදෙනමෙන කාරැණිකව ඉල්ලා සිටිමි
gnamal56@gmail.com
334kb ka rar file ekkak download wenawa eka install karanna be please mata hellp karanna
Deleteane mata meka heta denawada
ReplyDeleteoyata godak pin
good software
ReplyDeleteවැඩේ මාරු. බ්ලොග් ලියන්ඩ වටිනා භාණ්ඩයක්! කොහොමද මේක ගන්නේ..? rar එකේ png image 1ක් නේ තියෙන්නේ. හෆොයි..
ReplyDeleteමට මෙය මේල් කල හැකිද?
janaka300@yahoo.com
niyamai koluwo
ReplyDeleteජනක / ගුණවර්ධන මහත්මයා, ස්තුතියි!!!!
ReplyDeleteධර්මදානය සඳහා මේ තොරතුරැ හිතවතුන් අතර බෙදා ගන්න ෴
ReplyDeleteයමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා නොගනීද... එවන් අයහට නොපමාව එම විපත දැන හඳුනා ඉන් මිදීමට උපකාරය පිණිස .......
http://dahamvila.blogspot.com/
මේක ඩවුන්ලෝඩ් වෙන්නෑනෙ
ReplyDeleteමේක ඩවුන්ලෝඩ් වෙන්නෑනෙ
ReplyDeleteෂා මාරයිනේ.......
ReplyDelete