2013/05/13

දෙමළ කෙස් ගහක් සත පනස් පහයි! (කෙහෙල්කොටුවේ චූටි මහත්තයාගේ කතාවක් )

“ඔය කොයි දේ ගැන වුනත් ටික ටික හරි දැනගෙන ඉන්න හොඳයි ............!“ දවසක් අම්මා කිව්වා. ඇත්තටම ලෝකේ තියෙන ඕනෙම දෙයක් ගැන තොරතුරු දැනගෙන ඉන්න එකේ ප්‍රයෝජනය මොකද්ද? මම දහ අතේ කල්පනා කලා. ඒකට නියම උත්තරේ දවසක් මට ලැබුනා.

එදා උදේම පැමිණීම ලකුණු කරලා ඉවර වුනු නිරූපා ටීචර් පොත වහලා මුලු පන්තිය දිහාම බෑරෑරුම් මූණක් හදාගෙන බැලුවා.

“හරි දැන් අත උස්සන්න බලන්න ඊයේ දුන්නු ගෙදර වැඩ කරගෙන ආපු අය........................ “

මාව උඩ ගියා. මම හිතාගෙන හිටියේ පරිසරය පාඩමට ගෙදර වැඩ දුන්නේ නැහැයි කියලා. මම ඊයේ ගෙදර ගිය හැටියේ සේරම ගෙදර වැඩ ටික මතක් කලා. මුලින්ම කලේ චිත්‍රෙ ඇඳපු එක. මම චිත්‍රෙට ඇන්දේ බයිසිකල් තරගයක අවස්ථාවක්. තරගකාරයෙකුට වතුර පනිට්ටුවක් විසිකරන උදව් කාරයෙකුත් එක්කලා. චිත්‍රෙ මම හිතපු හැටියට ම ආවා. බයිසිකල් රේස්කාරයා වතුර පාරේ සැරට මූණ අහකට හරවාගෙන ඉන්නවා. උදව් කාරයා ගලක් විසිකරද්දි වගේ එක කකුලක් ඉස්සරහට තියලා වතුර පණිට්ටුව වේගෙන් වනද්දි ඒක ඇතුලේ තිබුනු වතුර, සයිකල් රේස් කාරයගේ මූණටයි උරහිසටයි වැදිලා විසිරිලා යනවා. ඒක ජාති චිත්‍රෙ! මොකද වේගෙන් එන බයිසිකල්කාරයට වේගෙන් වදින වතුර පාර අඳින්න මට ලේසි වුනේ නෑ. වතුර බින්දු විසිරිලා යන එක අඳින්න මට හවස් වරුවෙන් සෑහෙන කාලයක් ගතවුනා. ඊලගට එකතු කිරීම පාඩමට දුන්නු ගණන් ටික එකතු කලා. වැඩියෙන් ම අමාරු උත්තරේට යටින් අඳින ඉරි කෑලි දෙක සමානව අඳින එක. ඊටත් පස්සේ අත්වැඩ පාඩමට කියලා දුන්නු හැටියට කොහුකෙඳි වලින් ලණුවක් අඹරලා ඒක ලණු මූඩියක් හැටියට ඔතලා පොත් මල්ලට දා ගත්තා. ඔය සේරම වැඩ කලත් පරිසරයට ගෙදර වැඩ දුන්නයි කියලා මට අමතක වෙලා.

“කෝ........... ඇයි අත උස්සගෙන නැත්තෙ..... ලියාගෙන ආවේ නැද්ද?“ නිරූපා ටීචර් මම ලගට ආවා. මට කරගන්න දේකුත් නෑ. කියාගන්න දේකුත් නෑ. ඉතින් මම මොලේ අමාරුවක් නිසා හැමදේම අමතක වුනු අසරණ ළමයෙක් වගේ පුටුව පස්සට ඇදලා හිට ගත්තා. මගෙන් උත්තරයක් ගන්න බැරි බව දැනගත්තු නිරූපා ටීචර් බොහොම සද්දෙන් පන්තියේ අනිත් ළමයින්ගෙන් මෙහෙම ඇහැව්වා.

“හැමෝම කියන්න බලන්න මොකද්ද ඊයේ මම ගෙදර දි කරගෙන එන්න කිව්ව වැඩේ................“

ළමයි හැමෝම එකාවගේ එකපාර “ගෙවත්තේ දී සොයා ගත හැකි බෙහෙත් පැලෑටි දහයක නම් ලියන්න“ කියලා කිව්වා. දෙයියෝ සාක්කි! ඔන්න දැන් මට හැමදේම මතක් වුනා. ඒත් දැන් පරක්කු වැඩියි. හැමදේම නරක අතට සිද්ධ වෙලා ඉවරයි. මට කරන්න තියෙන්නෙ වෙන දෙයක් බලාගෙන ඉන්න එක විතරයි.

“දැන් මතක් වුනාද?“ නිරූපා චීටර් මට සද්දයක් දැම්මා.

හැමදේම මතක් වෙලා තිබුනත් මට කියන්න පුලුවන්ද “ඔව් ටීචර්“ කියලා. එහෙම වුනොත් මම නිකම්ම වැරදිකාරයා වෙනවා. ඒත් බොරු කියන එකත් නරක පුරුද්දක් නේ. ඉතින් මම ගෙදර වැඩ වලට අධිපති දේවතාවිය කටට සාපයක් දැම්ම ම කොහොමද, අන්න ඒ විදිහට කතා කරගන්න බැරි අසරණයෙක් වගේ පංති කාමරේ වහලේ දිහා බලාගෙන උළු ගණන් කරන්න ගත්තා.

නිරූපා ටීචර්ට හොඳටම කේන්ති ගියා. එයා මම ඉන්න ඩෙස් එකට වේගෙන් වේවැල් පාරවල් දෙකක් ගහලා මගේ අවධානය ආපහු චීටර්ගේ පැත්තට ගත්තා. “මොකද්ද ඔයාට මම දෙන දඬුවම ආ......“ නිරූපා ටීචර් මගෙන් ඇහැව්වා. මම නෙමේ වචනයක් වත් කතා කලේ. ටීචර්ට තවත් කේන්ති ගියා. ඇයි මක් කරලවත් ටීචර්ට මගෙන් වචනයක් ගන්න බැරි වුනානේ. ළමයි හැමෝමත් අපේ දිහා බලාගෙන. ඊලගට නිරූපා ටීචර් “හරි ඔයාට කතා කරන්න බෑනේ.... ඒකට මම ගාව තියෙනවා බේතක්......“ කියාගෙන පංතිය ඉස්සරහට ගියා. ඊලගට මුලු පන්තියෙම ‍ළමයි දිහා බලාගෙන මෙහෙම කිව්වා. 

“හරි දැන් මේ කතා කරන්න බැරි ළමයව අපි කොහොම හරි කතා කරවන්න ඕනේ නේද?“

“ඔව් ටීචර්.......“ 

“කතා කරන්න බැරි වුනොත් මේ ළමයා පව් නේද?“

“ඔව් ටීචර්.......“ ළමයි හැමෝම එකාවගේ කිව්වා. හරියට මමත් එක්ක අරියාදුවට වගේ.

“අපි කොහොම ද ඒක කරන්නෙ.......අපි මෙයාට ඉස්සරහට ඇවිල්ලා කතාවක් කරන්න කියමු නේද?“ නිරූපා ටීචර් තාලෙට එහෙම කිව්වා.

“නියමායි........“ ඒ සද්දෙන් මුලු පන්තිය හෙල්ලුනා. මට තේරුනා මම දැන් බෙල්ල මුලටම හිරවෙලා ඉන්නෙ කියලා. මොකද නිරූපා ටීචර් කිව්වා මම ඉස්සරහට ඇවිල්ලා කතා කරනකල් පාඩමේ ඉතුරු වෙලා තියෙන කිසිම කොටසක් පංතියට උගන්වන්නෙ නැහැයි කියලා. ඒක නිසා ගෑල්ලමයි මට රැව්වා. මම නිසා ඒගොල්ලන්ට ඉගෙන ගන්නත් නැති වෙනවාලු. පිරිමි ළමයින්ගෙන් ටික දෙනෙකුත් ඒකට එකතු වුනා. හැබැයි සමහරු නම් මේ ප්‍රස්නේ දිගින් දිගට ඇදිලා ගිහිල්ලා කාලේ ගතවෙලා යන එකට හිත යටින් සතුටු වෙනවා කියලා මට තේරුනා.

කොහොමවත් ගැලවීමක් නැති බව දැනගත්තු තැන මම හිත හදාගෙන පංතිය ඉස්සරහට යන්න පිටත් වුනා. මගේ දනිස් දෙක හීතලේ අල්ලපු වෙලාවක වගේ වෙවුලන්න ගත්තා. කකුල් දෙකට බරවා බැහැලා වගේ බරට තේරුනා. ඒත් මම නෙමයි උත්සාහය අතඇරියෙ.

ඊලගට “ඇත්තටම ඔයාට කතා කරන්න බැරිද කියලා බලන්න අපි කාටත් ඇහෙන්න තමන් කැමති දෙයක් ගැන කතාවක් කරන්නකෝ බලන්න......“ ටීචර් කිව්වා. මම මැලේරියා කාරයෙක් වගේ වෙව්ලනවා දැක්ක පංතියේ ගෑල්ලමයි හොදටම හිනා වුනා. පිරිමි ළමයි මට සහයෝගය දැක්වීමක් හැටියට ඒගොල්ලන්ට රැව්වා. මට හොඳටම කේන්ති ගියා. මම හිතාගත්තා හොඳවයින් කතාවක් කරලා මේ හැමොටම පාඩමක් උගන්වන්න මේක නියම වෙලාව කියලා.

මම මීට කාලෙකට කලින් පත්තරේ තිබුනු ලිපියක් මතක් කරගත්තා. ඒ දුම්රිය ගැන. “මුල්ම කාලේ දුම්රියට ඇන්ජිමක් තිබ්බේ නෑ. මිනිස්සු ලී වලින් පෙට්ටි හදලා ඒවට ගල් අගුරු පුරවලා ලී පිලි දිගේ පහලට තල්ලුකරගෙන ආවා. මුල්ම කාලේ රෝදවලට කන්තුවක් තිබුනෙත් නෑ. ඒ වෙනුවට කන්තුව තිබ්බේ පීල්ලට. එංගලන්තකාරයෝ තමා මුලින්ම ලී පිලි වෙනුවට යකඩ පිලී හදලා ලී පෙට්ටි එකට මූට්ටු කරලා මේ කෙරුවාව ටිකක් විතර එක විදිහක් කලේ.................“ වගේ දුම්රිය ගැන වැදගත් තොරතුරු ටිකක් මට මතක් වුනා. ඒත් පංතිය ඉස්සරහා ඒවා නිකම්ම ඇද බාන්න මට වුවමනා වුනේ නෑ. ඒක නිසා කතාවට හොඳ පටන් ගැන්මක් දෙන්න මම මෙහෙම කියන්න වුනා.

“සියලු දෙනාගෙන් අවසරයි, මම අද කතා කරන්න යන්නේ දුම්රිය ගැනයි. මම මුලින්ම දුම්රියට ගමනක් ගියේ පියරත්න මාමලාගේ ගෙදරයි. ඒ කොළඹ ඉදලා ගාල්ලටයි. දුම්රිය ගමන හරිම විනෝද ජනකයි. කොළඹින් ගමන් ගත්තු දුම්රිය මුහුදු වෙරළ ළඟින් ම ගාලු යන්න පිටත් වුනා. කඳුකරේට යන දුම්රිය උඩරට මැණිකෙට පට කුඩ දෙක දෙක කිය කිය බොහොම අමාරුවෙන් කඳු නැගගෙන යනවා කියලා මම අහලා තියෙනවා. ඒත් ගාලු ගිය දුම්රිය නම් පල්ලමේ යන නිසා ගියේ “දෙමළ කෙස් ගහක් සත පනස් පහයි, දෙමළ කෙස් ගහක් සත පනස් පහයි කියාගෙනයි“ 

ඇත්තටම මට කියන්න පුලුවන් වුනේ ඔච්චරයි.

නිරූපා ටීචර් බඩ අල්ලගෙන හිනාවෙන්න ගත්තා. එයාට හුස්ම හිරවෙයි කියලා මට බයත් හිතුනා. ගෑල්ලමයිනුත් පරණ කෝන්තර සේරම අමතර කරලා, “දෙමල කෙස් ගහක් සත පනස් පහයි..... හාහ් හාහ් හා.......“ කියලා පංතිය දෙක වෙන්න කෑ ගැහුවා. ඒකට පිරිමි ළමයිනුත් එකතු වුනා. ඇත්තටම මම විහිලුවක් කරන්න ගියා නෙමෙයි. කොච්චියේ සද්දේ මට ඇහුන හැටියට කිව්වා විතරයි. බොරුනම් ඕගොල්ලත් කෝච්චියකට කන්දීලා බලන එකයි. ඒත් ළමයින්ගෙ සද්දෙ හරියට ගාලුපාරේ කෝච්චි සීයක් ගියා වගේ. මුලු පංතිය ම දෙදරලා ගියා. නිරූපා ටීචර් වහාම වේවැල අරගෙන ගුරු මේසෙට තඩිබාලා පංතිය නිහඬ කලා. ඊලගට මට ගිහින් වාඩි වෙන්න කිව්වා. හිනා වෙන ගමන්ම!

අන්න එදයි මම දැන ගත්තේ ඔය කොයි දේ ගැන වුනත් ටික ටික දැනගෙන ඉන්න හොඳයි කියලා අම්මා කිව්වෙ මොකටද කියලා.


.........................................................
-කෙහෙල්කොටුවේ චූටි මහත්තයා.

65 ක් කියන්නේ !:

  1. ඔව් ඔව් මොනදෙ උනත් දැනගත්තට අහක යන්නෙ නෑ .... මට පේන්නෙ පස්ස පැත්ත තාම කිස්කනවා වගේ

    ReplyDelete
    Replies
    1. ලොකු ජෝන්, ගුටි කෑවත් නම්බු පිටින්!

      Delete
  2. athi yanthan chuti mahaththayata apiwa mathakwela thiyenne.
    Lipi dala ne kiyala dana danath mehe awith yanwa puruddata.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බෝ පැලේ, ඇවිල්ලා කෙහෙල්කොටුව බලලා කරලා යන එකට. එක නෙමෙයි කොච්චි සද්ද ගැන අදහසක් නැද්ද?

      Delete
  3. ආයි අහලා බලන්න ඕනි එහෙමද ඇහෙන්නෙ කියලා !

    ReplyDelete
    Replies
    1. අහලා බලලා රෙකෝඩ් කරලා අපටත් කියන්න වෙනී

      Delete
  4. දැන් ඉතිං සමුද්‍රදේවියේ යන්නම වෙනවා.... ඕක හරිද බලන්න

    //වැඩියෙන් ම අමාරු උත්තරේට යටින් අඳින ඉරි කෑලි දෙක සමානව අඳින එක//

    ඇයි වම් පැත්තේ තීරුවේ කී වෙනි ගණනද කියලා ඉලක්කම ලියලා වටේට ලස්සන රවුමක් අඳින එක?

    ReplyDelete
    Replies
    1. තිසර,

      ඇත්තම තමා එක්කෝ රවුම රතු ඉරෙන් මෙහෙට එනවා. නැත්තම් රවුම පටන්ගත්තු තැනට අවසානේ එන්නෙ නැති වෙනවා.......

      Delete
  5. ඒක කියවනකොට මට මතක් උනේ අපි පුංචි කාලෙ සත පනස් පහට ගැලරියෙ පිචෑර් බලපු හැටි.. ඕං ඉතිං යන්නෙ කොහෙද කියල ඇහුවම මල්ලෙ පොල් වගෙ එකක් ලිවුවා.

    ReplyDelete
    Replies
    1. සරත් අයියා, අවුලක් නෑ. ඒ කාලෙ අපෙන් අහද්දි කොහෙද යන්නෙ කියලා - අපි කියන්නේ බෑග් එකේ පොත් කියලා.

      Delete
  6. ආ මේක තමා.. මම යාළුවට කියලා එන්නම්... :D

    ReplyDelete
    Replies
    1. සෙන්නා, මොනවද යාලුවන්ට කියන්නෙ - වැල්ලේ බයික් පැදලා දණ ගහගෙන හිටපුවද?

      Delete
  7. බොට මේ ඇරෙන්ඩ වෙන සද්ද අහුනෙම නැද්ද? නිකන් මූද හූ හූ ගානව වගේ?

    ReplyDelete
    Replies
    1. මුහුදු, මුහුද කොහෙද බං හුහු ගාන්නේ මුහුද ගාන්නේ හෝ ‍හෝ.... එහෙමයි පොත් වල ති‍යෙන්නේ....!

      Delete
  8. මේ කතාව කියෝලා මටත් කෝච්චියේ රවුමක් ගිහින් බලන්න හිතුනා..කොහොම වුනත් බලන්න කතාවකට කරන්න පුළුවන් දේවල්..

    චූටි මහත්තයට ඊට පස්සේ නිරූපා ටිචර් කතාකරන්න අවස්ථාව දුන්නැද්ද? නැත්තං ගෙදර වැඩ කරන්න අමතක වුනේ නැද්ද?

    සිත්තරයක් දැම්මා නම් හොඳයි කියලා කියන්නත් හදලා පෝස්ටුවක් දාපු එකත් වටින නිසා ඒ ගැන කියන්න නැතිව ඉන්නම්..

    ReplyDelete
    Replies
    1. රූ,
      පෝස්ටුවක් දාපු එකත් වටින නිසා ඒ ගැන කියන්න නැතිව ඉන්නම්// මෙන්න යමක් කමක් තේරෙන යුවතියක්. අසාධාරණ ඉල්ලීම් කරන්නෙ නැති.

      කලින් ඡේද දෙක ගැන උතත්ර පසුව ලියවෙන ලිපි වලින්.

      Delete
  9. මමත් මේ කතාව පාඩම් කර ගන්න ඕනේ වැඩ අතමක උනාම කියන්න....

    ReplyDelete
    Replies
    1. නාඩියා, අන්න යමක් කිව්වම ඒකෙන් වැඩැක් ගන්න තරුණයෙක්. හෙහ් හේ

      Delete
  10. තාම ඒ ගානද කෙස් ගහ ?
    දැන් නම් රුපියල් 50ක් විතර වෙනවා ඇති නේ... :-)

    ReplyDelete
    Replies
    1. තරු,

      අහලා බලන්ඩ ඕනි තරු.... උඔලගේ කස්ටෙක් ආපු වෙලාවක වැදගත් විදිහට අහලා කියපන්කෝ :D

      Delete
  11. හැක හැක හැක...ඒ දවස්වල දෙමළ කෙස් ගස් හරි ලාබයි වගේ..දැන්නම් ඔය ගානට ගන්න බෑ..

    ඊට පස්සෙ මොකද උනේ කියලත් දැනගෙන ඉන්න එක හොඳයි කියලා මට හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. සෙන්නා, ඊලගට පොත් අරගෙන උගන්වන්න ගත්තා.

      Delete
  12. ඇයි බං ඕක දෙමළ කෙස් ගහක්ම උනේ. ඉතිං ඊට පස්සෙ පීරියඩ් එක ඉවරවෙනකල්ම හිනාවෙවී හිටියද කට්ටියම.

    මේකත් අර 'බුසයිලේ' වගේ තමයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      නෑ. නෑ මෙසෙට ගහලා උගන්වන්න ගත්තා.

      Delete
  13. බුද්ධිගේ අර ලස්සන භාෂා විලාශය මෙන්න ආපහු උඩට ඇවිත්. :)

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි, ස්තුතියි.....අතීතයේ ලියපුවා තාම මතක යි ඒ කියන්නෙ නේද?

      Delete
  14. දැන් පාර අළුතෙන් හැදුවයින් පස්සෙ සද්ද බද්ද නෑ කියන්නේ ඇත්තෙයි...

    ReplyDelete
    Replies
    1. මාතලන්, කෝච්චියෙ නං සද්ද නැතුව ඇති තමා....:D

      Delete
  15. කොන්ක්‍රීට් සිල්බර දැම්මට පස්සේ ඔය සද්ද එන්නේ නැ බන් දැන්.

    ReplyDelete
    Replies
    1. මට හිතෙන හැටි, කාලෙකින් ගියේ කොන්ක්‍රිට් පාරක..... දැනට මට හිතෙන හැටි ඇත්ත කියලා හිතන්නම් :D

      Delete
  16. කන්තුව කියන්නෙ මොකද්ද ? ඒ වචනෙ තේරුනේ නෑ බුඩ්ඩි අයියා.. :(

    ReplyDelete
    Replies
    1. මාත් දන්නේ නැතෝ. ලිංක් එකක් නැතිවෙයි ද දන්නේ නැ....

      Delete
    2. සිහින, සුරංග, කන්තුව කියන්නේ මේ මේ මේ.... ඇයි කන්තුව දන්නේ නැද්ද? කන්තුව කියන්නෙ පීල්ලට. නැත්තම් ගැට්ට ට වගේ

      Delete
  17. සමහර තැන් වලදි මට ඉටිපන්දං කිරි වැගිරි වැගිරි වගෙත් ඇහෙනවා බං.
    ඇයි බං නිතර ලියන්නෙ නැත්තේ උඹ?

    ReplyDelete
    Replies
    1. හෙන්රියා, කාලය තමයි ඉතින්...

      Delete
  18. නිරූපා ටීචර් දෙමළද දන්නෑ ? :). අපිත් ඔය වගේ අසරණ වෙච්ච වෙලා ඕනෑ තරම්. ඒත් මේ ලන්ගකදීත් ඔය වගේ තත්වෙකට මුහුණ දුන්න. කතා කරන්න නියමිත කෙනා මග ඇරියම ඒ අවස්තාව මට දුන්නා. අර හැම දේ ගැනම පොඩ්ඩක් දැනගෙන සිටීම තමයි මෙතනදී ඉදිරියට ආවේ.

    ReplyDelete
    Replies
    1. සුදීක,

      හිතාගත්තැකි. සමහරුන්ට ඔය වගේ වුනාම එකම තැන කැරකෙනවා අලුත් කරුණු ඩවුන්ලෝඩ් වෙනකල්

      Delete
  19. දෙමල කෙස් ගහක් සත පනස් පහයි :D
    ඒකට නම් මටත් හිනා ගියා!

    ReplyDelete
    Replies
    1. මඩිස්සලේ, යන්නං ඇති හිනා ගියානං

      Delete
  20. ඔන්න ඇවිත් බැලුවා. ටීචර්ට නෙමේ මටත් හිනා අද කෝච්චියෙ එන ගමන්....ඉෂාර

    ReplyDelete
    Replies
    1. ඉෂාර, ප්ලෙන් යද්දි සද්දේ කොහොමද බං?

      Delete
  21. දැන් ඔහොම සද්දයක් එන්නැ! දැන් ඇහෙන්නෙ කීස් ගාලා පවර් සැට් එකෙ මෝටර් වලින් එන සද්දෙ!!

    ReplyDelete
    Replies
    1. බනී, හොඳට අහගෙන හිටියොත් ඒකෙනුත් සද්දයක් හදාගත්තැකි

      Delete
  22. ෂී! උඹ කියන්ට එපායැ නිරූපා ටීචර්ට උඹට ඔක්කොම ගෙදර වැඩ කරන්ට වෙලාව මදිවුනාය කියලා.. මම නම් එකපාරක් එහෙම කියලා ගෙදර වැඩට දුන්නු ගනන් වගයක් නොහදපු එකෙන් බේරුනා.. (මං හිතන්නෙ ගනන් සර්ට දුක හිතෙන්ට ඇති මට ලොකු බොරුවක් ගොතාගන්ටවත් බෑ කියලා.. :D )

    ReplyDelete
    Replies
    1. බූරා, උඔ නියම කතාවක් කිව්වේ. අපි කුරුලු හමුදාවේ ඉන්න කාලේ එලියට යන්න බොරු කියලා කියලා අන්තිමේ බොරු ඉවර වුනා. අරින්න විදිහක් නැතුව ගිය තැන අපි ඇත්තම කිව්වා. ලොක්කා කිව්වා උඔලගේ අලුත්ම ඇරිල්ල ඇත්ත කියලා එලියට යන එකද කියලා.

      Delete
  23. හෙහ්.. ලංකාවට ආවම කොච්චියක ගිහින් බලන්න ඕන ඇහෙන්නේ ඔහොමද බලන්න..

    බෑ බෑ කියලා ගියාට ඔය පන්තියම හිනස්සන කතාවක් කියලා ඇවිත් තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. දිනේශ්,

      ඉතාලියේ කොච්චි යන්නේ කොහොමද? ලංකාවේ එකෙක් ලංකාවේ එකෙක් කියාගෙනද?

      Delete
  24. අනේ ඉතින් අපි කවදා කෝච්චියේ ගාලු යන්නද? මෙයා කියන මේවා ඇත්තද බොරුද බලන්නෙ කෝමද ඉතින්...

    බොල මල්ලියේ.. ඔෆීසියේ ඉන්නෙ අපි...

    ReplyDelete
    Replies
    1. තනෝජා අක්කා, ගාලු ඉදලා වැඩට එන ඔපිසියේ කාගෙන් හරි අහලා බලන්නකෝ ඉතින්!!!

      Delete
  25. උඹ එහෙනං දෙමළ කෙස් ගහෙන් බේරිල. ( ඒ කතාවෙ තේරුම දන්නව නේද )

    ReplyDelete
    Replies
    1. ඉන්දික, තේරුම දන්නේ නෑ. මොකද්ද කතාව!!

      Delete
  26. මාත් ඉස්කෝලෙ යන කාලෙ එකම එක දවසක් ගෙදර වැඩක් කළේ නැහැ කියල ප්‍රින්සිපල්ගෙන් අතට හොඳ වේවැල් පාරක් කෑව.
    ගෙදර වැඩේ කරන්න බැරි උනේ තාත්තත් එක්ක ගමනක් ගිහින් රෑ වෙච්ච නිසයි.
    දුකම හේතුව මට ගහපු ප්‍රින්සිපල් වෙනිං කවුරුවත් නොව තාත්තා ම වීමයි...!!!!

    ReplyDelete
    Replies
    1. චරිත පටලව නොගත්තු තාත්තෙක්

      Delete
    2. සර්,

      නියම තාත්තා කෙනෙක්! අපේ අම්මනං ඉස්කෝලෙට උපගුරු. ගෙදර හවස් වරුවට ශිෂ්‍යත්ව ගුරු. මම ශිෂ්‍යත්ව පංතිගියේ කුස්සියට!!!

      Delete
    3. මම නම් පෙර පාසලට ගියේ ඉපදුන අළුතම තොටිල්ලෙන්, මොකද අපේ අම්මා පෙර පාසල් ගුරුවරියක්, පෙර පාසල තියෙන්නේ ගෙදරමයි. ඉතින් උදේට මාව තොටිල්ල පිටින්ම ගෙනිහිල්ලා තියා ගන්නවලු.

      Delete
  27. ඇහ්... දෙමළ කෙස්ගහක්?

    ReplyDelete
  28. ඈහ්... නියම සද්දේ :D නියමයි බුද්ධියෝ,
    කාලෙකින් හරි මේවගේ ලිපියක් දාපු එකම ලොකු දෙයක්.

    ReplyDelete
  29. බුද්ධි ටත් මරුම සද්ද තමා ඇහිලා තියෙන්නේ. ආයෙ දවසක කෝච්චියේ යද්දී හොඳට කන් දීලා අහන්න ඕනා

    ReplyDelete
    Replies
    1. ගිහාන් මහතාව සාදරයෙන් පිළිගන්නවා කෙහෙල්කොටුව අසපුවට.... කැමැති කෙහෙල්කැනකින් කැමති ගෙඩියක් කාලා රස ගැන කියලා යන්න කියලත් ආරාධනා කරනවා. :D

      Delete
  30. කෝ අලුත් කතාවක් ?

    ReplyDelete
  31. කෝච්චියක යන්න හිතෙනව සද්දෙ අහල බලන්න... මේව ඇත්තටම සිද්ද වෙච්ච සීන් ද? මරු..

    ReplyDelete

ඔබේ පංගුව...

Related Posts Plugin for WordPress, Blogger...