2016/05/05

“බලන්ඩ ඔයා මොකද්ද කරලා තියෙන්නේ කියලා?“ | පිරිමි සංහතිය වෙනුවෙන් සිතුවම් සහිත හෙළිදරව්ව....!

මේක කෙටි කතාවක්!

“බලන්ඩ ඔයා මොකද්ද කරලා තියෙන්නේ කියලා?“

ඔය ගොල්ලන්ටත් ඔයාලාගේ හාමිනේ හරි, පෙම්වතිය හරි ඔය විදිහට ආමන්ත්‍රණය කරලා තියෙනව ද?

අපේ හාමිනේ නම් එහෙම කියන්නේ මම තුවා එල්ලන කෑල්ලේ කලිසම් එල්ලපුවාම, සපත්තු දෙක තියෙන තැන ම මේස් දෙකත් දැම්මා ම වගේ තැනට නුසුදුසු දෙයක් කලාම. කලාම කිව්වට අපි ඒ දෙවල් හිතලා කරන්නෙ නෑ.  ඒවා හිතා මතා කරන වැරදි නෙමෙයි, හදිසියේ වෙන අත්වැරදි. නමුත් හාමිනේ අර වගේ දෙයක් ඇහැව්වා ම පුදුමෙන් වගේ සිද්දිය වුනු තැනට යන එක අපේ වගකීම. ඊට පස්සේ මේ වගේ සංසිද්ධියක් වෙන්න හේතු වුනු පරිසර සාධක ඉදිරිපත් කරන්න ඕන. ඒත් ඒවා ගඟට කපාපු ඉණි වාගේ. මොකද අපි වැරැද්දකුත් කරලා තියෙද්දි එයැයිලා කවදාවත් නිහඬ ව ඉඳියි ද?

එයාලා කියන එකම කතාව මේක අත්වැරැද්දක් නෙමේය කියලා. මොකද අත්වැරදි වෙන්නේ කලාතුරකින්. අනික “කොමන් සෙන්ස් නැද්ද ඔයාලට!“ කියලා අපිව මානසිකව වැටෙන ප්‍රකාශ වුනත් එයාලා කරන්න පුලුවන්.

ඒ වුනාට පිරිමි අපි සැලෙන්න ඕනේ ද? නෑ. ඒකයි පිරිමිකම කියන්නේ. ඒ වෙලාවට තමා  අපි ස්ථානෝචිත ප්‍රඥාව පාවිච්චි කරන්න ඕන. එහෙම කළා ම හාමිනේ ලා වුනත් දැනගන්නවා රාළගේ තරම.

ඔන්න බලන්න මට වුනු වැඩේ!

මේ පහුගිය දවසක මම අන්තර්ජාලයේ කෑම වෙබ් අඩවියක තිබුනු විශේෂ කෑමක් පුතාට හදලා දෙන්න ලෑස්ති වුනා. ඒකට මම කූනිස්සෝ ටිකක් හෝදලා අරගෙන ඔරෙන්ජ් පාට පෙරණයට දාලා වතුර බේරලා කෑම හැදුවා. ඊට ටික වෙලාවක ට පස්සේ කුස්සියට ගිය හාමිනේ මට මෙහෙම කිව්වා.

“බලන්ඩ ඔයා මොකද්ද කරලා තියෙන්නේ කියලා?“

අන්න සුපුරුදු සබ්දය! මාව උඩ ගියා. ඇයි මම දැනුවත් ව මුකුත් වරදක් කරලත් නෑනේ....! ඊලඟට මම කුස්සියේ පෙනී හිටියා.

“බලන්ඩ ඔයා පළතුරු පෙරණ එකෙන්නේ  කූනිස්සෝ පෙරලා තියෙන්නේ...... අර එල්ලලා තියෙන කොළ පාට එකනේ ඔය වගේ වැඩ වලට ගන්නේ.....?

ඉතින් පින්වතුනි තමුන්ගේ ස්ථානෝචිත ප්‍රඥාව හොඳම එකෙන් මෙහෙය වන්න ඕන මේ වගේ වෙලාවල් වලට නේද? එදා දඹදිව වාසය කළ කුණ්ඩලකේසී බැමිණියත් කිව්වේ මොලේ තියෙන්නේ අඟුරුගොඩේ පුච්චලා ලොඳ කන්න නෙමෙයි පාවිච්චි කරන්න කියල යි. අපිත් අන්න එහෙමයි හිතන්න ඕනේ. එහෙම කල්පනා කරලා මමත් මෙහෙම උත්තරයක් දුන්නා.

“මොකටද කොළ පාට එක ගන්නේ, අපිට ඉස්කෝලෙදි උගන්නලා තියෙන්නේ කූනිස්සෝ කියන්නේ පළතුරක් කියලා......“

ඒ උත්තරේට ගැලපෙන්න හාමිනේට ඕන හැටියේ උත්තර තියෙන්න ඇති. ඒත් එයා මට මුකුත් ම නොකියා අර ඔරෙන්ජ් පාට පෙරණය හෝදන්න ගත්තා.

කෙටි කතාව ඉවරයි!

ඕගොල්ලත් මේ විදිහට ස්ථානෝචිත ප්‍රඥාවෙන් වැඩ කරලා හාමිනේලගේ, පෙම්වතීලගේ හිත දිනා ගත්තු අවස්ථා තියෙනවා නම් අපටත් කියලා යන්න අමතක කරන්න එපා.

ජය!

මේ තියෙන්නේ අපේ විදෙස් සිත්තරා ඒ අනභිභවනීය මොහොත සිතුවමට නගපු ආකාරය.
 ....................................
- යූරෝ දෙකේ වීරයා.

ප.ලි - කාලයක් ලියන්න බැරිව හිටපු මම ලියන්න ගත්තෙත් හාමිනේ ගේ උපදෙස් පිට. පහුගිය දවසක මම හාමිනේ ට මෙහෙම කිව්වා.

“අර බ්ලොග් වසන්තය කියන කෙහෙල්මල ආයෙත් ඇවිල්ලනේ, අනේ මන්දා මොනවා කරන්න ද කියලා?“

හාමිනේ මගේ හිත දැකලා, එදිනෙදා වැඩ වලට කිසිම බලපෑමක් වෙන්නේ නැතිවෙන්න මට කොම්පියුටරේ ලඟ වාඩි වෙලා ඉන්න වෙලාවක්, මෙහෙම කරනකොට හදලා දුන්නා. ඒ රෑ දොලහේ ඉඳලා පාන්දර දෙක වෙනකල්. කොහොමද වැඩ!

ප.ප.ලි - ආන්න ඒ වෙලාව ප්‍රයෝජනයට අරගෙන cyberyaya.blogspot.com බ්ලොග් අඩවියට ලියපු ලිපි වගයක් බ්ලොග් වසන්තය ඡන්ද පොලේ තියෙනවා. මනාපයක් දෙන්න කැමති අය ඉන්නවා නම් පොරකන්නේ නැතිව පහල ලින්ක් එකෙන් යන එකයි.

67 ක් කියන්නේ !:

  1. Zමොලේ තියෙන්නේ අඟුරුගොඩේ පුච්චලා ලොඳ කන්න නෙමෙයි පාවිච්චි කරන්න" බොහොම වටිනා කියමනක් ඇහිඳගත්තා ඒකත් එක්ක මේ පෝස්ටුව බොහොම රසවත් වුනා

    ReplyDelete
    Replies
    1. ගුණසිංහ මහත්තයො,
      පන්සිය පනස් ජාතක පොතේ තව හොඳ හොඳ කතා තියෙනවා....

      බොහෝම ස්තූතියි!

      Delete
  2. ඇයි හාමිනේ පොඩි කාලේ ඉගෙනගෙන නැද්ද කූණිස්සෝ කියන්නේ පලතුරක් කියලා... ඇයි අර පලතුරු කන එක උනන්දු කරවන්න කියලා කියමනක් තියෙන්නේ.. "වන් කූණිස්සෙක් පර් ඩේ, කීප්ස් ද ඩොක්ටර් අවේ" කියලා...

    ReplyDelete
    Replies
    1. හාමිනේලා ගිහිං තියෙන්නේ ටවුමේ ඉස්කෝලේ ටලු. මොකද්ද අර ගථාවේ ඇත්ත වර්ශන් එක.... මම අහලා නෑනේ.

      Delete
  3. ///ඒකට මම කූනිස්සෝ ටිකක් හෝදලා අරගෙන ඔරෙන්ජ් පාට පෙරණයට දාලා වතුර බේරලා කෑම හැදුවා. ඊට ටික වෙලාවක ට පස්සේ කුස්සියට ගිය හාමිනේ මට මෙහෙම කිව්වා.

    “බලන්ඩ ඔයා මොකද්ද කරලා තියෙන්නේ කියලා?“

    අන්න සුපුරුදු සබ්දය! මාව උඩ ගියා. ඇයි මම දැනුවත් ව මුකුත් වරදක් කරලත් නෑනේ....! ඊලඟට මම කුස්සියේ පෙනී හිටියා.

    “බලන්ඩ ඔයා පළතුරු පෙරණ එකෙන්නේ කූනිස්සෝ පෙරලා තියෙන්නේ...... අර එල්ලලා තියෙන කොළ පාට එකනේ ඔය වගේ වැඩ වලට ගන්නේ.....?///

    පළතුරු වගේ ගස් කොලන් වලට අදාළ දේවල් වලට හරිනම් පාවිච්චි කරන්න ඕනේ කොළ පාට පෙරණයනේ...
    ඊට අමතර දේවල් වලටනේ හරිනම් ඔරේන්ජ් පාට පෙරණයක් පාවිච්චි කරන්න ඕනේ...
    "බලන්න, ඔයා වැරදි පාට පෙරණයනේ පලතුරු වලට තෝරාගෙන තියෙන්නේ, ඒකනේ මටත් වැරදුනේ" කියල කියන්න තිබ්බනේ චුටි මහත්තයෝ...
    එහෙම කිව්වනම් වැඩේ ගොඩනේ...

    ReplyDelete
    Replies
    1. ඊට පස්සෙ වෙන දේවල වලට බොලා වග කියනවද ලොක්කො.

      Delete
    2. වැඩිය නැහැ දවස් දෙක තුනක් කතා නොකර ඉඳියි, ගණන් නොගෙන ඉඳියි...
      ඒ දවස් දෙක තුනේ වෙනදට වඩා ටිකක් පරක්කු වෙලා යාළුවො එක්ක පොඩි අඩියක් හෙම ගහල ගෙදර එන එකයි ඇත්තේ...
      මේ වගේ චෑන්ස් ලේසියෙන් එන්නේ නැහැ බොලව්...

      Delete
    3. මටත් ලොකු පුතාගෙන අහන්න තියෙන්නේ අර ප්‍රසන්නයා අහපු එකම තමයි. උඹලා නිකන් කතා කරන්නේ අද ඉපදුන මිනිස්සු ගානටනේ.....

      Delete
  4. පව් කූනිස්සා , හෝව් හෝව් බය වෙන්න එපා කූනිස්සා කිව්වේ උඹට එහෙම නෙවෙයි හරිය ..හැක

    ReplyDelete
    Replies
    1. මටනං කිව්වත් කමක්නෑ... :D

      Delete
  5. //හාමිනේ මගේ හිත දැකලා, එදිනෙදා වැඩ වලට කිසිම බලපෑමක් වෙන්නේ නැතිවෙන්න මට කොම්පියුටරේ ලඟ වාඩි වෙලා ඉන්න වෙලාවක්, මෙහෙම කරනකොට හදලා දුන්නා. ඒ රෑ දොලහේ ඉඳලා පාන්දර දෙක වෙනකල්. කොහොමද වැඩ!//
    හරි හොඳ හාමිනේ කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. රාජ් කියන යටි පෙල තමා තේරුම් ගන්න ආමාරු :D

      Delete
  6. කූනිස්සන්ගෙන් හදන විශේෂ කෑම ජාතිය අපිටත් කියා දෙන්න :D

    ReplyDelete
    Replies
    1. ලඟදීම දවසක කියා දෙනවා.. තාම අනුග්‍රාහකයෙක් හොයනවා....

      Delete
  7. පොඩි කාලේ අපි අහපු කියමනක් තියෙනවා "ටිකයි හොඳයි" කියලා. මේක ප්‍රීති ඇඩ් එකකද කොහෙද තිබුණේ. මේකට ගලපෙන්නෙත් අන්න ඒ වගේ කියමනක්. හැබැයි පෙරණය ගැන හිතලා නෙවෙයි මම එහෙම කිව්වේ, පොස්ට් එක ගැන හිතලා.

    ReplyDelete
    Replies
    1. සුදීකගේ පිලිතුර හරිම සම්භාව්‍ය එකක්. බොහෝ ශෙනෙකුට තේරෙන්නේ නැති. වැඩේ කියන්නේ මමත් ඉන්නේ ඒ ගොඩේ.... :D

      Delete
  8. අපරාදේ හාමිනේට තිබ්බේ මුකුත් ම නොකියා පෙරණය හෝදන්නේ නැතුව උත්තරේකුත් දෙන්න ;)

    ReplyDelete
    Replies
    1. අපේ හාමිනේලා අපට හරි ආදරේනේ.... දමලා ගැහුවත් කොට්ටෙකින් තමා..!:D

      Delete
  9. මොළේ කොහේ හරි වැදිලා වගේ...

    ReplyDelete
    Replies
    1. වෙන්නත් පුලුවන් තමයි :D

      Delete
  10. මෙවැනි ස්ථානෝචිත ප්‍රඥාව සහිත, උගත්, බුද්ධිමත් පුරුෂයකු ලද ඒ කාන්තාව සැබවින්ම වාසනාවන්ත නොවේද !

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නේ එයත් නිතරම කියන්නේ ඕකමනේ....

      Delete
  11. Replies
    1. බොහෝම ස්තූතියි.... මේ මහත්මයාටත්.... :D

      Delete
  12. මේ වගේ දේ පිරිමි අපිටමනෙ වෙන්නෙ බන්.

    මෙන්න ලඟදි වෙච්චි වැඩක්.

    ඔයා උදේ යන්න කලින් අර ඇන්ටිබයොටික් එක අරගෙන මිලි පහක් සිරින්ජරේට දාල අර ප්ලාස්ටික් බොක්ස් එක ඇතුලෙ දාල ෆ්‍රිජ් එකෙන් තියල යන්න.

    මොකද කලින්දා රෑ 10.30 දීපු බෙහෙත පුතාට දෙන්න තිබ්බෙ තව පැය දොළහකින්. එතකොට අපි වැඩට ගිහින් නිසාඅ, ඒ ගොල්ල බලා ගන්න මනුස්සායට ඕඅව දාගන්න තේරෙන්නෙත් නැති නිසාඅ, හාමිනේ මට ඉන්ස්ට්‍රක්ෂන් දීල වැඩට ගියා.

    කියන්න කනගාටුයි පින්වතුනි, මම 7.30 අර බෙහෙත අරගෙන, සිරින්ජරේට දාල, පුතාඅට පොවල, හිස් සිරින්ජරේ පෙට්ටියට දාල ෆ්‍රිජ් එකෙන් තියල වැඩට ගියාඅ.

    මගේ තත්වෙ තාම සෝචනීයයි කියාන්කො ඉතින්.

    ReplyDelete
    Replies
    1. ඔය ඇවිල්ලා ආතතියේ මූල් අවදියේ ලක්ෂණ.. හෙහ්....

      Delete
    2. ගණන් ගන්න එපා.... දවසක් පුතා පොඩිකාලේ එයට කඩල වගයක් බෙලෙන්ඩ් කරලා දෙන්න කිව්වා. මම පොඩ්ඩනේ කියලා අතින් වහගෙන බෙන්ඩරේ ඔන් කලා. රියල් ටයිම් වල ප්‍රශ්ණයක් ඇවිල්ලා අතින් වැහෙන්න මොහොතක කට කලින් කඩල ඇට සේරෝම ගුවන් ගත උනා. හාමිනේ ඊට පස්සේ ඕට්ස් වගයක් හැදුවා පුතාට දෙන්න. ඉතින් තම තමුන්ගෙ අද්දැකීම් අනුව ඒ මොහොතේ සිදුවුනු සිදුවීම් දෙබස් හිතා ගන්න...

      Delete
  13. ෂැහ් මාර මොළ කෑල්ලක් නෙව.. ඉතුරු ටික නං පුස්සල ලොඳ කාල වගේ හිහි

    ReplyDelete
    Replies
    1. විදෙස් සිත්තරාට අවකැපෙන කතා කියනවා නෙමෙයි....

      Delete
  14. දවස් දෙකක් තිස්සේ ඉඳන් මගේ ඇඟිල්ලක් රිදෙනවා..ඔයා නිකන්වත් අහන්නේ නැහැ.....කියලා පොඩි බර බරයක් තිබුනා. කඩේට ගිහින් get well soon කාඩ් එකක් ගෙනත් ලියලා ඇඳ උඩ තියලා තිබ්බා. පහුවෙනිදා ඉඳන් ඇඟිල්ලත් සනීපයි...මටත් සනීපයි.

    ReplyDelete
    Replies
    1. කාන්තාවෝ සුන්දර වෙන්නේ මේවගේ දේවල් නිසා කියලයි මට නම් හිතෙන්නේ.

      Delete
  15. ඕනෑවටත් වඩා සුන්දර වෙන්න ගියාමත් ඒක අසුන්දරයක් වෙනවා එක වෙලාවකට :D ගැහැනිය යනු නැනෝ අංශුවකටත් වඩා තේරුම් ගැනීමට අපහසු ජීවියෙකි :D

    ReplyDelete
    Replies
    1. හපොයි ඒ ගැන නම් මොකට කියනවද!! කාන්තාවෝ නම් කාන්තවෝමය කියල නිකම් ඉන්නවා මිසක්.

      Delete
    2. දෙපොලටම බොහොම ස්තූතියි. කාන්තාව තේරුම් ගන්න යනවට වඩා එයත් එක්ක එක දවස ගෙවලා දාන එක යහපත් කියලායි හිතෙන්නේ...! :D

      Delete
  16. හාමිනේට දෙන්න උත්තරයක් හිතාගන්න බැරි වෙන්න ඇති!

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඔයාටත් උත්තර නැති වෙන්න ඕනේ....:D

      Delete
  17. ඒ වුනාට දූවිලි වැදිලා ගන්න දෙයක් නැතිවුණ කොම්පියුටර් මදර්බෝඩ් සර්ජිකල් ස්පිරිට් දාලා හෝදලා, නෝනාගේ හෙයාර් ඩ්‍රයර් එක ඇල්ලුවේ නැත්තන් හරියන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. හාමිනේගේ සුවද වතුර බෝතල් වලින් ඩිංගක් රැම් එක පිහිදාන්න ගත්තටත් කමක් නෑ මගෙ හිතේ....... :D

      Delete
  18. මරුම වේලාවක් දීල තියෙන්නෙ බ්ලොග් ලියන්න

    ReplyDelete
    Replies
    1. ඔව්. සමහර වෙලාවට ලැප් එක ඔන් වෙද්දි නින්ද ගිහිල්ලා.... :D

      Delete
  19. රෑ දොළහෙ ඉඳල පාන්දර දෙක වෙනකල්.... නියම ටයිම් එක දීල තියෙන්නෙ.
    විදෙස් සිත්තරා ටිකක් කම්මැලි වෙලා වගේ පේනව.

    ReplyDelete
    Replies
    1. ඇයි මොකද්ද විදෙස් සිත්තරා ගෙ පේන අවුල.... පඩි කපන්නද?

      Delete
  20. ඕවා මොනාද ඔබාමාත් කියන්නෙ “මිචෙල් ඉස් ඕල්වේස් රයිට්“ කියල නේහ්..

    මං ඒ සද්දෙට කුස්සියේ පෙනී සිටියා කියන වචන ටික ඇතුලේ කොයි තරං දේවල් තියේද අම්මපා..

    ReplyDelete
    Replies
    1. අද්දැකීමෙන් වෙන්ටැ කියන්නෙ. නැත්තං ඉතිං රෑට ඉන්න වෙන්නෙ හඳ බල බලනෙ.

      Delete
    2. ඔබාමාත් එහෙම කියනවා නම් අපි කිව්වාම මක් වෙනවාද ?

      Delete
    3. පෙනී හිටිනවා කියන එකේ තේරුම දේශකයා විසින් අද්දැකීමෙන් තේරුම් අරගෙන තියෙන පාටයි ප්‍රසන්නයා කියනවා වගේ.......

      Delete
  21. ඔය නෝනලා,ප්‍රේමවන්තියෝ එක්ක වැඩ කරද්දී බොහෝම පරිස්සමින් තමයි කටයුතු කරන්න ඕනේ.මොකද මොන දේ උනත් එයාලා හරි අපි වැරදි.

    ReplyDelete
    Replies
    1. පරිස්සමින් වැඩ කලාම හරි :D

      Delete
  22. පත්තරේ ද තිබ්බේ කුනිස්සෝ කියන්නේ පළතුරක් කියලා?

    ReplyDelete
    Replies
    1. හාමිනේට කියලා බලන්න මොකද වෙන්නේ කියලා....

      Delete
  23. ඇඩ්මින් තුමාගේ විශේෂ නිවේදනය!

    හෙට දින තාත්තාව කිලිනික් එක්කගෙන යා යුතුය. හාමිනේ පැවසුවේ මේ මොහොතේ වඩා සුදුසු වන්නේ ලැප්ටොප් එක දිහා බලාගෙන සිටීම නොව නිදා ගැනීම බවයි.

    හෙට දිනයේ හමුවෙමු!

    ReplyDelete
    Replies
    1. ඔබන එක එක පාරක් ඔබහං දෙපාරක් ඔබන්නැතුව. හැක්..

      Delete
    2. බ්ලොග් වසන්තයට බෝනස්!

      Delete
  24. වෙල්කම් බැක් යුරෝ දෙකේ වීරයා..

    ReplyDelete
  25. කොහේද මෙච්චර කල් ගිහින් හිටියේ..... අර ඔර්ලෝසුව හදලා ඉවරත් නෑ නේද....?

    ReplyDelete
  26. ලවු කරන කාලෙ 'මැරියන්'.. දැන් නිකංම නිකං 'හාමිනේ'.. උන්දෑ මේ පෝස්ට් එක කියෙවුවොත් නං උඹට සම්බුව ලැබෙන්නෙ ඔහොම නෙවෙයි.. :-D

    ReplyDelete
    Replies
    1. ඔය නම් මාරු වෙන්නේ අන්‍යොන්‍ය අවබෝධය ට සමානුපාතිකව.....

      Delete
  27. මට හිතුනේ අර ප්‍රශ්නෙට අයියා දීපු උත්තාර්ට හාමිනා අක්කට අනේ මං බැඳ ගත්ත ගොන් කරත්තේ කියලා කට පියා ගන්න හිතෙන්න ඇති.
    අපේ අක්කා උක්කුංගෙන් ඔහොම ඇහුවම නම් 32 සිග්නල් ඇඩ් එකක් දාලා වොයිස් එක අසරණ කරලා අමතක උනානේ කියනවා. අක්කා එතනින් එහාට මුකුත් කියන්නේ නැහ්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්..... එහෙම කියන එකක් එකක් තමයි. ඒත් හැම තිස්සේම එහෙම කිව්ව ම ඒකේ පාඨාංය සීග්‍රෙයන් පහල බහිනවානේ.... ඉතින් මේ වගේ දෙයක් අත්හදා බලලා තියෙන එක කෝකටත් හොඳයි. සහෝදර කැක්කුම තියෙනවානම් උක්කුන් මහත්තයටත් මේ ගැන කියලා දෙන්න. :D

      Delete
  28. හස්බන්ඩ් ලා කියන අමුතු සත්ව කොට්ටාශය කියන කතා වලට මොකුත් නොකියාම ඉන්න එක තමා හොඳ.. ඔයාගේ වයිෆ් ට මොලේ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මොලේ නං ඇති තමා. නැත්තම් අපිව අමාරුවේ වැටෙන්න පෙරණ දෙකක් ගනී ද?

      Delete
  29. //බලන්ඩ ඔයා මොකද්ද කරලා තියෙන්නේ කියලා//

    කොච්චර සෞම්‍යයද . . . "මොන මගුලක්ද ඕයි තමුසෙ මේ කලේ ?" කියල අහනවට වඩා

    ReplyDelete
    Replies
    1. ඔය කොහොම ඇහැව්වත් ඉවසා වදාරණ එක අපේ දස්සකම

      Delete
    2. ඔය කොහොම ඇහැව්වත් ඉවසා වදාරණ එක අපේ දස්සකම

      Delete
  30. හා හා මම කිව්වේ ඕක බ්ලොග් එකේ දාන්න කියාපු කතාව කියලා. ඕන නම් සමීක්ෂණයක් කළහැකි ඒ වෙලාවේ හාමිනේ ගිල ගත් ප්‍රකාශ අනුමාන කරන්න

    ReplyDelete
  31. හාහා...බින්දි, සමීක්ෂණ මොකටද, තම තමුන් හිතාගත්තාම හොඳටෝම ඇති.....:D

    ReplyDelete
  32. Behind every angry woman
    there is a man
    wondering
    what the hell
    he did wrong

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...