2010/06/24

ජයසිරි අය්යාගේ සයිකල් රේස් ප්‍රැක්ටිස් එක සහ තවත් කතා | සිත්තරේ සහ වටිනා තෑගිත් එක්කම

අද කෙහෙල් කොටුවේ චූටි මහත්තයා කතා මාලාවේ තවත් කතාවක් කාලෙකට පස්සෙ!

මේ ඉන්නෙ ජයසිරි අය්යා !


අද මමකියන්න යන්නෙ චුටි මහත්තයගෙ ගෙවල් ගාව හිටිය චාලි මුදලාලිගේ වත්තෙ වැඩකරපු ජයසිරි අය්යා ගැන පොඩ් කතන්දරයක්!

ජයසිරි අය්යා ගැන කතා කරනවනං කියන්න දේ බොහෝමයි

ජයසිරි අය්යා
විල්බට් මාමගේ පුතා. ඔව්! ඔව්!!.... විල්බට් මාමා එයා තමා. අර බොරලු රොකට්ටුව ලැන්ඩ් කලේ එයාගේ ඹලුවටනෙ.

ජයසිරි අය්යගේ පාසල් ගමන හරිම අපූරුයි! මිනිහා ඉස්කොලේ ගියේ මට ඉස්කොලේ යන්න පරක්කු වෙච්ච දවසට විතරයි, ඒත් ඉතිං මිනිහා ගේට්ටුව ගාවින් මාව බස්සලා ආයේ පස්ස නොබලා හැරිලා එනවා.

ජයසිරි අය්යගේ විනෝදාංශත් මහ අපබ්‍රන්ස ඒවා. මිනිහගේ විනෝදාශ අතර පරෙය්යන් ඈති කිරීම, චාලි මුදලාලිගේ හරක් උදේට කොටුවෙන් දැක්කීම, හවසට ගෙන ඒම තමා මූලිකම සහ අනිවාර්ය විනොදාංශ! මිනිහා කියන්නෙ ''හරක් එයාට දරුවො වගේ''ලු. එක ප්‍රස්නෙකට තියෙන්නෙ මිනිහා අපි​ටත් දරුවන්ට වගේ සලකන එකනේ!

අනිවාර්ය විනෝදාංශ ඈරුනම මිනිහ කැමතිම විනෝදාංශය තමා ''හයිස්පීඩ් බයියිකල් රයිඩිං''.

අද කතන්දරේ දිගහැරෙන්නෙ මිනිහා බයිසිකල් තරගෙකට පුරුදුවෙන්න ගිහිං වෙච්ච අලකලංචියක් ගැන කියන්න. දැං කස්ටියට සුවර්නේ මේකට චූටිමහත්තයගේ කිසිම සම්බන්ධයක් තියෙන්න බැරි විත්තිය. ඒත් සම්බන්ධයක් නැත්තං මොකටද මේ සයිබර් යායේ මේක පල කොරන්නෙ කියලා කාට හරි විචිකිච්චාවක් එහෙම ඈතිවෙනවනං ඔන්න ඔය පහල තියෙන ටිකත් කියෝලම බලන්ඩ!

ඔය රේස් පදින්න ගිය විල්බට් මාමගේ පුතා වෙච්ච ජයසිරි අය්යා කියන්නෙ තනිකර ගැටයක්.

ඒ කියන්නේ මම කෙහෙල් කොටුවෙ චූටි මහත්තයා කාලේ මටවත් අපේ රොබින් හුඩ් සනුහරේටවත් ලිහාගන්න බැරි ගැටයක්, මොකද මිනිහා ඉස්කෝලේ නොගියත් නොදන්න දේකුත් නෑ. දන්න දේකුත් නැද්ද කොහෙද!, මොනවා ඈහැව්වත් උත්තර නං දෙනවා. හැබැයි කිසිදෙයක් තේරෙන්නේ නං නැ.

ඒ ලිහාගන්න බැරි ගැටය ඈරුනම බැලු බැල්මට මිනිහා සතුව ගැට හයත් තිබුනා මට අද වගේ මතකයි. දැන් හින් සීරුවෙ ඔය මවුස් එකේ රෝදෙ කරකෝගෙන උඩට ගිහිල්ල බලන්ඩ ඔය ගැට හය හොයා ගන්ඩ පුලුවන්ද කියලා. ඔය විදෙස් සිත්තරා මිනිහාගෙ ගැට සෙට් එක ලස්සනට ඉන්ක්ලුඩ් කරල ඈදපු සිත්තරේ තමා ඒ තියෙන්නෙ.

හොයාගන්න බැරි උන අයට මෙන්න ගැට ටික,

1. ඔලුවෙ තියන රතුපාට සුම්​බරේ තියෙන ගැටය - ඕක මිනිහා බඳින්න ගත්තෙ ජීවන් කුමාරතුංග මාමා රගපු චිත්රපටියක් බලන්න ගිය දවසෙ ඉදං. ජීවන් මාම, තමන් පොඩි කාලේ දි තමන්ගෙ දෙමව්පියො මරා දාලා තමන්ගේ සහොදරයව පැහැරගත්තු මැරයො හොයන්න අදිස්ටාන කරගෙන ඔය වගේ පටියක් ඔලුවෙ බැදලලු ''ට්‍රේලට'' නැග්ගෙ.
2. නළලෙ තියෙන ගැටය - ඒක එයාගේ උපන් ගැටයලු. අපිට උපන් ලප තිබ්බට මිහිහට තියෙන්නෙ උපන් ගැටලු!
3. බෙල්ලෙ තිබුනු ගැටය - මිනිහා කතා කරද්දි ඔය ගැටේට නං නිවනක් නෑ. කොච්චරවත් ඒක උඩ පහල යනවා.
4. සර්ට් ගැටේ-ජයසිරි අය්යා අදින ඔක්කොම සර්ට්, ටී සර්ට් නිකං සායවල් වගේ ඒවා. ඒක නිසා ඈන්ද ගමන් මිනිහා සර්ට් එකේ කොන් දෙකෙන් ඈදලා ගැටයක් දා ගන්නවා.
5. කලිසමේ ගැටය - මිනිහා අදින කිසිම කලිසමක අපි අදින කලිසං වල වගේ බොත්තං නැද්ද කොහෙද! ඒයා කලිසමේ දෙකොන අල්ලා එකට ගැටයක් දානව . මිනිහා මොන වැඩේ කරන්න ගියත් සර්ට් ගැටෙයි, කලිසං ගැටෙයි හරිද කියලා කන්ෆෝම් කරල තමා වැඩේට බහින්නෙ.
6.අන්තිම ගැටය - මහ අරුම පුදුම ගැටේ! මිනිහා තමන්ගෙම කකුලෙ හමට යටින් තියෙන නහර සෙට් එකක් එකතු කරලා ගැටයක් දාලා තිබුනා! ඒකනං මාරයි. මම අම්මගෙන් ඈහැව්ව මගේ කකුලෙත් එහෙම ගැටයක් දාලා දෙන්න බැරිද කියලා. අම්මා කිව්වෙ ඒ ජයසිරි අය්යා හිතාමතා දාගත්තු ගැටයක් නෙමෙයි කියලා. ඒ එයාගේ නහර ඉබේ ගැටගැහිලලු. (එහෙනං ඉතිං අපෙත් ඔය එමට නහර තියෙන්නෙ ගැට ගැහෙන්න එපැයි!)

ඉතිං ඔය සයිකල් ​රේස් එකට පුරුදුවෙන්න ගිහිං ජයසිරි අය්යා අපුරු වැඩක් කරගත්තා. ඒ වැඩේ හින්දා ජයසිරි අය්යාගේ ගැට හය ගැට එකසිය හැට හයක් උනා.

මිනිහගේ සරීර කූඩුව නිකං
''වෙසක් මාසේ පැනලත් එල්ල තියෙන වෙසක් කූඩුවක් වගේ වෙලා.'' හැම තැනම ඉරිලා!

මිනිහා නිකං ''වෙඩි වැදිච්ච රම්බෝ වගේ'' අර මිනිහගේ සයිකල් රාජයා කරේ තියං ආවේ කේස් එකට මූණ දීලා.

හරි මෙන්න එහෙනං කතාව.

හෝ..... හො.... කාට හරි හිතලා කියන්න පුලුවන්ද? ජයසිරි අය්යට මේ අලකලංචිය උනේ කොහොමද කියලා!

එහෙනං ඔන්න චාන්ස් එකක්.

අද මම කතාව නොකිය ඉන්නං.

මේ තියෙන්නෙ එදා ජයසිරි අය්යා වෙච්ච අලකලංචිය විදෙස් සිත්තර සිල්පියා දැක්ක විදිහ. මේකත් බලල කියන්නකො කේස් එක මොන වගේ එකක් වෙන්න ඈද්ද කියලා ! හැබැයි හොදම හරිය බ්ලර් කරලා තියෙන්නෙ. නැත්තං ලේසි වැඩියිනේ!



ඔය ඔපිස් වල ඉදං හොරෙන් බ්ලොග් කියෝන අය පේලි දෙක තුනක් ලිව්වත් අනිත් අය විස්තර ඈතුව ලිව්වොත් පාඩු වෙන්නෙ ​නෑ. වටිනා තෑගි එහෙමත් දිනා ගන්න පුලුවං වෙනවා!

හරි උත්තරේ දෙන අයට වටිනා තෑගි මේං!!!!!

හරි උත්තරේ දෙන අයට තමන්ගෙ ඈත්තම ඡායාරූපෙ මගේ සහෝදර විදෙස් සිත්තර සිල්පියාට කියලා කාටුන් කර ගන්න නොමිලේ අවස්ථාවක් හිමි වෙනවා!

හැබැයි එක කොන්දේසියකුත් දැම්මා ඒකා, තමන්ව පොටෝ ගත්තම කොහොමත් පේන්නෙ කටුන් එකක් වගේ නං ඒ කට්ටියට මේ තරගෙට ඈතුලත් වෙන්න බැහැලු. මොකද කාටුන් එකක් දිහා බලාගෙන ඒකම ඈඳල වැඩක් නැහැ කියලයි මිනිහා කියන්නෙ!!

එහෙනං හැමෝටම සුබ පැතුම් ඈ..... !!

කතාවේ ඈත්ත සිද්දියයි ජයග්‍රහකයොයි එක්ක අනිත් දවසේ හම්බවෙමු එහෙනං.

33 ක් කියන්නේ !:

  1. අනේ බාං.....
    උඹට නම් ඇත්තටම පිස්සු.
    ඔය බයිසිකල් රේස් එකේදි උඹ පොරට හොම්බෙන් යන්න වැඩක් සෙට් කරන්න ඇති sure එකටම.....

    ReplyDelete
  2. එහෙනං මේකයි සිද්දවෙන්න ඇත්තෙ......
    ජයසිරි අයියා රේස් ප්‍රැක්ටිස් කොරගෙන යද්දී අර මොට්ට කොල්ලා [රොබිං හුඩ් කියලා හිතාගෙන ඉන්න] කෙහෙල් කොටුවෙ චූටි මහත්තයා පාරට පන්නින ඇති ඒකා බේරන්න ගිහින් තමා අර අහින්සකයා අතපය කඩාගන්න ඇත්තෙ

    ReplyDelete
  3. අයිය අපිට දාපු ගැටේ ඔක්කොටම හපන්.......

    විදෙස් සිත්තරා පවු නිසා උත්තර නොදෙමි....... හිකිස්....... :D :D :D :D

    ReplyDelete
  4. ඔන්න මමත් ආවා..
    සිත්තරා කාටුන් ඇඳීම කලින්ම ප්‍රතික්ෂේප කොරාපු හින්දා උත්තර දීලා වැඩක් නැහැ නෙව..
    හික්..හික්..

    ReplyDelete
  5. පන්සලේ හාමුදුරුවනව හප්පලද කොහේද? කහ පාට සිවුරක් වගේ බ්ලර් වෙලා තියෙන්නේ. හාමුදුරුවෝ හප්පලා ගමෙන්ම කෑවද දන්නෑ.

    ReplyDelete
  6. සුවර් එකටම රොබින් මහත්තය හරකෙක් හරි මොකෙක් හරි සතෙක් දක්කල තියෙනව ජයසිරි අය්යා පැදපු රේස් ට්‍රැක් එකට...ඔය වගේ මගෝඩි වැඩක් මිසක් හොඳ වැඩක් කළාවෙන්න බැහැ

    ReplyDelete
  7. අහිංසක මිනිස්සුන්ට මඩ ගහන්න එපා බං!

    ReplyDelete
  8. මොනාවෙන්නද.. උඹ ෂුවර් එකටම ඌට වතුරපාරක්වත් ගහන්න ගිහිං වැඩේ අල කරන්න ඇති..

    ReplyDelete
  9. උදව්වට වතුර ගහන්න ගිහින් . . . ගැහුවේ උඹගේ අම්මා මිරිස් අඹරලා අත හෝදපු වතුර එකද . . ?

    ReplyDelete
  10. ආ... කාලෙකට පස්සෙ.
    දැන් ඉතින් අලුත් සංස්ථාවෙ වැඩත් නැතෑ!

    අනේ බාං ඔය පුරස්නෙට අපි කොහොමෙයි උත්තර දෙන්නෙ.

    හරි හරි... අගේ කරා ඇති කතාව කියමු.

    ReplyDelete
  11. මටනම් පෙනෙන්නෙ අලියෙක්ව හප්පලා වගේ

    ReplyDelete
  12. මේක කෙහෙල් කොටුවේ චූටි මහත්තයාගේ ගැටයක්.....

    ReplyDelete
  13. මට මේ තියෙන මූන ඇති. වෙන කාටුන් මූණු එපා. ඒක නිසා උත්තරේ කියන්නේ නෑ. නැත්නම් මම දන්නවා මොකද වෙන්න ඇත්තේ කියලා.

    ReplyDelete
  14. ආ.. රොබින් හුඩ් මඟ රැකලා ඉදලා ජයසිරි අයයියට ප්‍රහාරයක් එල්ල කරලා වගේ. මගේ නම් කාටූන් චිත්‍ර එපා.මගේ තියෙන පොටෝ එක හොදටම ඇති.

    ReplyDelete
  15. වැරදියි වැරදියි! ඔක්කෝමලා වැරදියි! හැබැයි දුකාගේ කතාවෙන් මට තවත් කතාවක් මතක් උනා! අපරාදේ මදැයි එකෙක්ගේ පින්තූරයක් අදින්න හිටියා!

    ReplyDelete
  16. ෂෑක් මදෑ කාලෙක පස්සේ කතාවක් දම්මා ....

    ඒකත් අපිව රැවටිකමක් ..............


    කමක් නැහැ මොකක් හරි උබේ මගෝඩි වැඩක් හින්දා අර යකාට කෙල වෙලා යන්න ඇති ....

    ඉක්මනට කතාව දාමු නේද ...

    ReplyDelete
  17. කතාවනම් කියන්න පුලුවන්, ඒත් ඔයාටවගේ රසකරල වැඩ දාල කියන්න බෑ..
    අනික ඔයා අගේ කරල කුට්ටිකරපු ලිපිය මම නිකම්ම ඇදල දැම්මම ඔයාට අස්පට් නෙ.

    අනින් අනික් එක තමයි මගෙ කාටුන් රූප අඳින්න ගියොත් ආයෙ අපිට සයිබර් යායෙ චිත්‍ර බලන්න හම්බෙන්නෑ.

    ReplyDelete
  18. ayiyooo . . .danatrama cartoon ekak wage tiyena mage moona uba aaye parak cartoon ekak karannada hadanne . . ?hiks

    ReplyDelete
  19. මට පේන විදියට නං ඔය කියන "ඇස්සිඩං" එකට කලිනුත් "ජයිසිරීය්ය" ගේ තවත් අමතර ගැට දෙකක් තිබී ඇත.

    1. අත් පටලා දමා ගෙන ඇති ගැටය.
    2. කකුල් පටලා දමාගෙන ඇති ගැටය.

    මේ ගැට දෙක සොයා ගැනීම වෙනුවෙන් මට සුවිශේෂී "බෝනස් ප්‍රයිස්" එකක් හෝ "සරප්‍රයිස්" එකක් හෝ ලැබේයැයි සිතමි.

    කකා

    ReplyDelete
  20. සසීන්ද්‍ර මලයයි දුකායි කාටුන් කරනවට බයේ ද?
    ..........................
    කකා,
    කෙකේ සොයාගත් මෙම නව ගැට දෙක ඔහුට ගරු කිරීමක් ලෙස kk ගැට කියලා නම් කරමු කියලා මම යෝජනා කරනවා.

    මේ ගැට දෙක සොයා ගැනීම වෙනුවෙන් සුවිශේෂී "බෝනස් ප්‍රයිස්" එකක් හෝ "සරප්‍රයිස්" එකක් හෝ ඉදිරි දිනකදී ඔබට ලැබෙනු ඈත

    ReplyDelete
  21. කාටුමක් වෙන්න ආසාවෙන්ම තමයි මේ උත්තරේ දෙන්නෙ.. එකත් එකටම බයිසිකලේ නට් බෝල්ට් ගලවලා බුද්ධි ගැටයා මොකක් හරි නව නිපැයුමක් හදන්න ඇති.ජයසිරි අයියාගේ ගැට 06 + කකා 02 = 08. මම හොයාගත්ත ගැටෙත් එක්ක ගැට 09 ක් ම තියෙනවා (ටික කාලයක් පවතින රියල් ගැටයකි) ...........බැලුවාම මේකා ගැට දෙයියෙක්. ආ........ මෙයා රපි කොයිට් දාලනෙ.

    ReplyDelete
  22. ගීතික රපි කොයිට් දැම්මෙ නිකං අනේ. පොඩි ගතියක් එනවා එතකොට නේද? දැං ඉතිං ඔයාව තමා කාටුන් කරන්න වෙන්නෙ. ඒත් උත්තරේ නං වැරදියි! මොකද්ද ඔයා හොයි ගත් ගැටේ?

    ReplyDelete
  23. මේ බුද්ධි ගැටය ජයසිරි අයියගෙ ඔලුවෙ ගැට 25ක් විතර එන වැඩක් සැට් කොරල තියෙන්නෙ...
    ඒක කියන්න ගිහින් මගෙ ඔලුවෙ ගැට 15ක් 16ක් එක්ක කාටුං වෙන්න ඕනෙ නැති හින්ද තමයි මම ඔය ටික කලිං කිව්වෙ නැත්තෙ..

    ReplyDelete
  24. Uththarenam dannawa nokiya innam pawne. But, geta tikanam PIKSU :D

    ReplyDelete
  25. පොඩි ගතියක් නම් තියෙනවා. මම හොයාගත්ත ගැටේ නම් කොලු ගැටය කාලෙ ඉදන් හැමෝම දන්න එකක්.

    ReplyDelete
  26. අනේ මම මේ පැත්තෙ අදමනේ ගොඩවැදුනෙ... ඔයාගෙ ඔය ජයසිරි අයිය නවත්තල තියෙන වාහන උඩද අනේ රේස් එක පැද්දෙ?

    ReplyDelete
  27. හෝයා ගත්තා. බලන්න මේක පිළිතුරද කියලා.

    ජයසිරි අයියා බයිසිකලේ පැදගෙන යනකොට රාමන්ගේ බේක් නැතුව එන රෝස කරත්තෙ හැපිලා වැටෙන එක නේද ඔය විදේශීය සිත්තර සිතුවම් කරලා තියෙන්නේ.

    ReplyDelete
  28. තනෝජා අක්කා, ඔන්න ඔයාව සයිබර් යායට සාදරයෙන් පිළිගන්නවා!
    ..................
    කස්සා, ආයෙත් වැරදියි! මේ සිද්දිය උනේ මම පොඩි කාලෙනේ අරක ලඟදී එකක්නෙ!

    ReplyDelete
  29. මම මේ කමෙන්ටුව ලියන්නෙ ඉවසන්නම බැරුව,
    ඔක්කොමල වැරදි උත්තර දෙද්දී..

    ඕකෙ ජයසිරි අයිය වදින්නෙ (හැප්පෙන්නෙ) ලොරි බාගෙක,
    එතකොට ජයසිරි අයියගෙ බයික්කලේ ඉස්සරහ රෝදෙ නිකං අටපට්ටමක් වගේ වෙනව....
    [මොකද කියන්නෙ බුද්ධි අයියා......
    තව ඕනැද? හිකිස්]

    ReplyDelete
  30. සසීන්ද්‍ර වීරසිංහ උත්තරේ හොයා ගෙන. හැබැයි ඒක හොයා ගත්ත හැටි මට හිතා ගත්තැකි. ඉදිරි දිනකදී කාටුන් වීමට කැමති නං හොද පොටෝ එකක් ඒ සදහා තොරාගෙන තියාගන්න. මගෙන් උණුසුම් සුබ පැතුම්!
    උණ හින්දා ගෙදරට වෙලා සයිබර් යායේ හක්කලං ගහද්දි නේද උත්තරේ හබ්බඋනේ...

    ReplyDelete
  31. ඔව් ඔව්, උණට පිංසිද්ද වෙන්න මට පළමු වතාවට කාටුං [මං කාටුං එකක් කියල කස්ටිය කිව්වට, ඇත්තම ඇත්ත කාටුං] 1ක් වෙන්න අවස්තාවක් ලැබුණ.

    ReplyDelete
  32. සසීන්ද්‍ර මලයා, ඔයාගේ කැමති පොටෝ එකක් මට එවන්න හැකි ඉක්මනින්ම cyberlipi@gmail.com එකට

    ReplyDelete
  33. අන්තෝ ජටා භහී ජටා !!

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...