2011/02/08

තනියම සිනහා වීලා කෙල විසික් උනේ, ඒ හින්දාය එල් සී ඩී නරක් උනේ | 365 හේ කතාව

හැමදාම මම ලියනවා. පස්සෙ ඒ ගැන යටින් ඔයගොල්ල ලියනවා. ඊට පස්සෙ මම ඊට යටින් ආයේ උත්තර ලියනවා.

අද ඒකේ අනිත් පැත්ත කරන්නයි මම හිතාගෙන ඉන්නෙ. ඒ කියන්නෙ අද මුලින්ම තියෙන්නෙ මම ලියපු දෙයක් නෙමෙයි. නිතර දෙවේලෙ සයිබර් යායට එන අපේ ගිතික දිල්රුක් ලියපු කවි පන්තියක්!

මේ තියෙන්නෙ ඒක,

වැඩ වැඩි කමට දින සති වී දියවේය
වෙනදා ගිලෙන කෙල වේලී නැති වේය
දුටුවේ නැතේ හුඟ කලකින් මල් යාය
සතුටට ගිහින් කියවමු සයිබර් යාය

එහා ගෙදර ඉන්නේ ටොම් පච යාය
මෙහා ගෙදර ඉන්නේ ගස් ගඳ යාය
මේ හැම දෙනා විත් කියවන ඒ යාය
සයි බර යාය නොව සිනහා බර යාය

තනියම සිනහා වීලා කෙල විසික් උනේ
ඒ හින්දාය එල් සී ඩී නරක් උනේ
දුකකුත් නැතේ හරි ජොලි වැඩ තමයි උනේ
අවුරුද්දක් ගිහින් අද මට මතක් උනේ

ඔබ බඳ වටේ මැරියන් අත ඔතාගෙන
එනු මැන හෙටත් හරි ලස්සන කතා ගෙන
දුක හා සතුට පෙරලෙන බව සිතා ගෙන
පලයන් අයියන්ඩි දියුණුව පතාගෙන

ඔන්න ඔහොමලු ගීතිකට හිතුනෙ!

දන්නවද,
අදට, පෝස්​ට් 38 යි! ෆලෝවර්ලා 173 යි! හිට්ස් 38,000 යි! සම්මාන 02 යි!

ඒ ඔක්කොමත් එක්ක සයිබර් යාය​​ට අදට අවුරුද්දක් සම්පූර්ණ වෙනවා! ඒ වෙනුවෙනුයි අද පෝස්ට් එක වෙන්වෙන්නෙ.

ඉතිං අපේ ගිතික දිල්රුක් ට වගේ හිතෙන දෙයක් කුරුටු ගාන අස්සෙ සයිබර් යායෙ ඔබ කියවපු කැමතිම කතාව මොකද්ද කියලා ලියල යන්නත් අමතක කරන්න එපා හොඳේ! ඕන්නං ගිතිකගේ කවියම උනත් කන්ටිනිව් කරලා යන්නත් පුලුවන්නෙ......

39 ක් කියන්නේ !:

  1. සුබ පැතුම්..(තවත් ගොඩා...ක් කතා අහන්න බලාපොරොත්තුවෙන්..)

    ReplyDelete
  2. අප සැමදෙනා කියවන සයිබර් යාය
    පටන් අරන් අදට වසරක් පිරුනාය
    ඔන්න මමත් ඒකට සුභ පැතුවාය
    තව වසර සියක් වැජබේවා මේ යාය

    ReplyDelete
  3. අවුරුද්දක් දුවපු සුන්දරතම යාය......
    ලමා ලපටි මතකය සිහි කල යාය....
    අන්තර් ජාලයේ වැජඹෙන හෙල යාය.....
    චිරාත් කාලයක් යමු සයිබර් යාය.....

    ඔන්න සෙත් කවියකුත්.... මාත්‍රා ගනනත් අකුරටම ඇති ඕන්...

    ReplyDelete
  4. අවුරුද්දකුත් ගෙවුනා එහෙනම්... තවත් දීර්ඝ කාලයක් අපිව හිනස්සන්න, ආයේ අපේ පොඩි කාලෙට අපිව ගෙනියන්න ලැබේවා කියලා ඕන් මමත් සුබ පතනවා එහෙනම්...
    පළවෙනි උපන්දිනේට උණුසුම් සුබපැතුම්...!!!

    ReplyDelete
  5. අවුරුද්දකුත් වෙලානේ. දන්නේම නැතුව. සුභ පැතුම් බුද්ධි. තව අවුරුදු ගණනාවක් අපේ LCD නරක් කරන්න වාසනාව ලැබේවා. හිනාවෙලා කෙල විසි වෙලා කටේ කෙළ ඔක්කොම ඉවර උනත් අපි කියවන්න එනවා.....
    ජයශ්‍රී...!!!!

    ReplyDelete
  6. ආයි කවි ලියන්න ගිහිල්ල නිකං නාගන්නෙ මොකටද?

    කියවන විට හිනා නොවී සිටිය නොහැකි සයිබර් යාය තව චිරාත් කාලයක් ලියන්නට කෙහෙල් කොටුවේ චූටි මහත්තයට හැකිවේවා කියල පතනවා !
    ඒ වගේම අර විදෙස් චිත්‍ර ශිල්පියාටත් සුභ පැතුම්.

    ReplyDelete
  7. සයිබර් යායට මගේ සුබ පැතුම්. අපි පොඩිකාලෙ විඳි සුන්දරත්වය ඒ විදියටම අපි ඉස්සරහ මවා පානවට බුද්ධිට ගොඩක් ස්තූතියි.
    මම නම් ආසම කතාව තමා මගේ පලමු රාජකාරි ලියුම

    ReplyDelete
  8. උඹේ චිත්‍ර, ලිපි සිරා මචන්
    සම්මානෙකුත් ලැබුනේ ඒ නිසා නේ
    සුභ පැතුම්!!!

    ReplyDelete
  9. කෙහෙල් කො‍ටුවේ චූටි මහත්තයාට ඔන්න නවම්ගෙනුත් අත් පිච්චෙනෙ තරං උණුහුම් සුභපැතුම්. ලියන එක ලියනව උපරීමේටම. ඔහොම යං චූටිමහත්තයෝ !

    කාක්කාපාදයේ කතාව​ , කදිර පෝතක කතා වස්තුව නියමයි මටනං.

    ReplyDelete
  10. රොම්බ සන්තෝෂම්..
    බුද්ධියෝ..ඇත්තටම අවුරුද්දද බං ගියේ..මළ කෙළියයිනේ..මට නිකං දෙකක් වගේ මතක..
    අදුරගෙන සෑහෙන කාලයක් වගේ දැනෙන්නේ..
    කොහොම උනත් අපේ කෙහෙල් කොටුවේ පුංචි මහත්තයා..කුරැළු හමුදාවේ බඩියා..
    උඹට මගේ උණුසුම් සුභ පැතුම්..

    (මේ පිස්සු නැතිව ටිකක් දැන්වත් වැඩි පුර ලියහං..හරිද..?)

    ReplyDelete
  11. මුලින්ම අවුරද්දක් පුරාවට අපේ ලේ පිරිසිදු කලෘට ස්තුතියි. ඒ වගේම සිංහල බ්ලොග් කලාවට චිත්‍ර කතා එකතු කර අළුත් වැඩක් කලාටත් ස්තුතියි. මම නම් ආසම කතාව තමා "අර ගුවන් හමුදාවට ආපු සෘෂිවරයා කී කතාව"
    (තපස්සු බල්ලුක කියන බල්ලො දෙන්නාගේ කතාව). ඒ වගේම මේ කතා ලියන බුද්දී අය්යව ඇත්තටම හම්බවෙලා කතා කරන්න ලෑබම ලොකු සතුටක්.ඉදිරියටත් අපිව හිනස්සන්න ශක්තිය ධෛර්ය ලැබේවා!

    ReplyDelete
  12. අයියන්ඩිය අපේ සුභ පැතුමත් පිලිගන්න....

    "සයිබර් යායට සුභ උපන්දිනයක් වේවා....!"

    ReplyDelete
  13. සයිබර් යායට ජය වේවා!!! තව තවත් වැජබේවා!!!

    ReplyDelete
  14. බුද්ධිට මගේ සුභ පැතුම්.

    මං වැඩියෙන්ම කැමති කුමාර එක්ක බයිසිකලේ ට හුලං ගහපු කතාවටයි.

    ReplyDelete
  15. බුද්ධි අයියේථ මට නම් මේකෙ එක කතාවක් වත් ලස්සන නෑ බං. ඒ කියන්නේ ඔක්කොම ලස්සනය ිකියන එක හොඳේ.. වැඩියෙන්ම ආසා ඇට දෙකේ එකක්, බයිසිකලේට හුලං ගහපු එකයි.. අනිත් ඒවාත් ෆට්ට...

    සුභ අනාගතයක් පතනවා .ඕං. කවි ලියන්නනම් බෑ බං... ඒ වුනාට මේ සුභ පැතීම හදවතින්ම...

    ReplyDelete
  16. කවියක් ලියන්න හැදුව . . . ම්හු . . . බෑම තමයි . . . නිකං බැරි මගුල් වලට ගිහිං නාගන්න ඕනෙ නෑනෙ . . .
    මචං බුද්ධි . . .
    කතා ටික විතරක් නෙමේ . . . චිත්‍ර ටිකත් එල . . .
    උඹට "හර්න්"ගෙ ආරක්සාව සහ සක්තිය ලැබී වැඩි වැඩියෙං විදින්න හැකියාව ලැබේවා කියල මම පතනව

    ReplyDelete
  17. 365 ට ඔන්න මගෙනුත් සුභ පැතුම්. මම නම් කැමති අර උප්පත්ති කතාවට

    ReplyDelete
  18. නොදැනිම වගේ අවුරුද්දක් ගෙවී ඇත
    ජයසිරි අයියගේ කතාව තවම නැත
    එනමුත් කමක් නෑ අපිනම් තරහ නැත
    අදනං ‍කමෙන්ට් දාලා මිස යන්නෙ නැත

    බුද්ධියි කුමාරයි ඉනොවේටිව් කො‍ල්ලෝ
    බුද්ධිය මෙහෙයවා වැඩ කර ඇන ගත්තෝ
    සිද්ධිය කියවලා තනිවම හිනැහෙන්නෝ
    ෆැට් බර්නින් ක්ලාස් ගියොත් හොඳ නැද්දෝ

    කෙහෙල් කොටුවෙ රසවත් ලිපි ලියැවේවා
    කියවන අපේ කෙල තව තව විසි වේවා
    සිත්තරවලින් යායම ලස්සන වේවා
    චූටි මහත්තය අයියට ජය වේවා!!!!

    ReplyDelete
  19. ජයවේවා!! සුබ පැතුම්. නොකියපු කතා ටිකත් කියවන්න බලාගෙන ඉන්නේ.. ජයෙන් ජය!!

    ReplyDelete
  20. ඇති යන්තං ආයෙමත් කතා පොජ්ජක් අහගන්න චාන්ස් පොජ්ජක් ලැබෙනවා ..එලම කිරි චූටි මහත්තයෝ . ලියමු ලියමු ආයෙමත් ..

    ReplyDelete
  21. අනේ මං එන්න පරක්කු වෙලානේ මෙහේ.
    චූටි මහත්තයාට සයිබරයේ දිගු ගමනක් යන්න ජයෙන් ජයම වේවා කියල පතනවා.
    මමත් කැමති කුමාර එක්ක කරපු වැඩවලට තමයි.
    සුභ පතුම්!!!!!!

    ReplyDelete
  22. ජය වේවා සහෝදරයා. කතාත් පින්තූරත් ගති නිසා තමයි මෙහෙම රැස්කකා මේක බලන්නේ. ජය වේවා!

    ReplyDelete
  23. මචෝ එකක් පොයින්ට් අවුට් කරන්න බෑ මේකට තමයි වැඩියම ආසා කියලා... ඒ තරමට ඔක්කොඑම කැමතියි... උණුසුම් සුභ පැතුම්....

    කෝ ඊළග කථාව...

    ReplyDelete
  24. චූටි මහත්තයා ඔක්කොම කතා ලස්සනයි .ඇත්තම කිව්වොත් හරි රහයි.එක දිගට කියවන්න පුලුවනි . දිගටම ලියන්න

    ReplyDelete
  25. ඔන්‍න‍ මගෙනුත් සුබ පැතුම්! මේ මගේ මුල්ම post එකනේ, එකත් සුබ පතලා තමයි. දිගටම ලියන්න....

    ReplyDelete
  26. මම සෑහෙන්න පරක්කු වෙලානෙ. කොහොම උනත් මෙන්න මගෙනුත් සුබ පැතුම්!.

    කැමතිම කතා තමයි
    මගේ උත්පත්ති කතාව හා අම්මාගේ උපන් දින තෑග්ග & ගුවන් හමුදාවට ආපු සෘෂිවරයා කී කතාව

    ReplyDelete
  27. මගේ කැමැත්ත උත්පත්ති කතාවට,

    සුබ පැතුම් බුද්ධි,

    ReplyDelete
  28. මම කතා ඔක්කොම කියෙව්වා... ඉස්සරහට දාන ඔක්කොමත් කියවනවා... ඔයාට හොඳ හැකියාවක් තියෙනවා.... සුභ අනාගතයකට මමත් සුභ පතනවා...

    ReplyDelete
  29. අයියෝ.. මට ගොඩ කාලයක් එනන බැරි වුනා... ඔන්න දැන්වත් ආවා... සුභ පැතුම්... ඔන්න තව ලියන්න. පුලුවන් හැමවෙලාවෙම මමත් එනවා...

    ReplyDelete
  30. අවුරුද්දක් සම්පුර්ණ වෙන වෙලාවේ දාන්න කියලා කවි පන්තිය ලියලා දුන්නු ගීතිකයටත්, ඒකටම හරියන විදිහට කවි ලියලා කමෙන්ට් කරපු ඔක්කොටොම ගොඩක් ස්තුතියි!

    වෙන වෙනම කමෙන්ට් කරලා පිලිතුරු ලිව්වෙ නැති උනාට ඒ වගේ කමෙන්ට් එකක් දාන්න සැලකිය යුතු වෙලාවක් මහන්සියක් ගන්න ඕනැ කියලා මම හොදට දන්නවා.

    අනික කවි නොලිව්ව අයටත් ගොඩක් ස්තුතියි! කවියෙන් නොලිව්වට ඒයාලත් ඒ කැපවීමම කරලා තියෙනවානේ.... අනික මටත් කවි ලියන එක හරි අමාරු වැඩක්. ඒක හින්දා බැරි වැඩ නොකර පුලුවන් විදිහට සුබ පතපු සියල්ලන්ට ස්තුතියි!

    ගිය නොවැම්බර් වල ඉදලා ගොඩක් වැඩ කටයුතු නිසා වෙන වෙනම කමෙන්ට් වලට පිලිතුරු ලියන්න බැරි උනා.

    මම හිතන්නෙ ඒ ගැන අමනාප නොවෙයි කියලා. තවත් කාලෙකදි මට කියන්න කතන්දර ගොඩක් මේ මාස ගානේ එකතු වෙනවා.

    ඒවත් කවදා හරි මතක් කරකර ලියන්නයි මම හිතාගෙන ඉන්නෙ.

    ReplyDelete
  31. මී 17 එකේ කතාවට මම වැඩියෙන්ම කැමති

    හැම පෝස්ට් එකක් වගේම කියෙව්වා. හැමදාම හොයාගෙන ඇවිත් කියවනවා මිසක් සින්ඩියෙ යන වෙලාවට නම් කියෙව්වෙ නෑ එකක් වත්. දවසක් හරි අහම්බෙන් මම ඇවිත් බලනකොට අයියගෙ අම්මගෙ උපන් දිනේට ලියපු ලිපිය දාපු ගමන්. ඒකට නම් මුලින්ම කමෙන්ට් කලේ මමද කොහෙද.

    ආසාවෙන් කියවන බ්ලොග් එකක්. තව කතා දහසක් ලියන්න ශක්තිය ලැබේවා!!

    ReplyDelete
  32. ඈ බොල බුද්දි අයියේ මේ සවුබර යායෙ අළුත් කතා නැත්තෙ මොකෝ

    ReplyDelete
  33. කුම්භකරණ,
    ස්තුතියි මේ පැත්තෙ එනවට. මතකද ඒ කාලේ මම උඔලව ඇදලා තිබුනා.
    ...............
    නිපුන,
    මොකෝ නැත්තෙ.... ඉක්මනින්ම දාන්නං

    ReplyDelete
  34. ඔළුවට උඩින් වැඩ තිබුණා ඔෆීසියේ
    තවත් ටිකක් මට තිබුණා ගෙදර දොරේ
    ඒකයි එන්න බැරි වුනෙ මට සයිබරයේ
    දැක්කෙ අදයි වසරක් පිරුණ දිනේ

    සමාවෙලා මට දීපන් අදම ඉඩක්
    ගු‍ණේ දැක්වුවේ නැතිනම් ඒක ලෙඩක්
    සයිබරයට තියෙනවා මගෙ නම් සිතේ ඉඩක්
    හැම ලිපියක්ම ගන්නවා මගෙ සිතේ ගොඩක්

    සුභ පතනවා ලැබු මේ වසරටම
    මැරියන් සමග මේ මුළු සයිබරයටම
    හැබැයි බුද්ධි ලියපන් ලිපි එක දිගට
    නැති නම් යවනවා උඹ මහ උළු ගෙදර

    සුභ පැතුම්

    ReplyDelete
  35. සුබ පැතුම් අයියා. සිංහල බ්ලොග්කරණයේ තවත් දිග ගමන්ක් යන්නට

    ReplyDelete
  36. සුබ පැතුම් !!!!!!!!!! චිරාත් කාලයක් සයිබර් යාය දිනේවා !!!!!!!!

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...