මාස දෙකකට පස්සෙයි සයිබර් යාය පැත්තෙ එන්න වෙලාවක් හොයා ගත්තෙ.
තව මාසයක් පෝස්ට් එකක් නැති උනානම් එස්බීයු එකෙන් එලියේ! තව දවස් දෙක තුනක් පැන්න නම් ලාංකීයෙනුත් එලියේ.
ඒ කාලේ මම කොළඔ ඉද්දි මට අපුරු මිත්‍රයෝ ටිකක් ඇසුරු කරන්න ලැබුනා කියලා සයිබර් යායට එන අයට අලුත් කතාවක් නෙමේ නේ.
ඒ ගොල්ලන්ගෙන් මම විස්තර නොකියපු තවත් ‘පොරක්” ෆර්ඩි.
ෆර්ඩි කියන්නෙ ප්‍රනාන්දු කියන නමේ කොට එක. ඒකාලේ අපිත් එක්ක කල්දේරම් බත කන්න සුදුසුකම් ලබාගත්තු මොන ප්‍රනාන්දුත් ෆර්ඩි වෙනවා ටික කාලෙකින්.
ඔය කියන කාලේ අපි ක්‍රිඩා පුහුණුවීම් කලේ කොළඔ රේස්කෝස් පිට්ටනියේ.
ඒකෙ හවසට නිදහසේ පුහුණුවීම් කරන්න පුලුවන්. අපේ ෆර්ඩිලා පුහුණුවීම් කරන්නෙ ටොරින්ටන් පිට්ටනියේ. මොකද මිනිහා කලේ දුර දුවන ඉසව්වක් හින්දා.
මිනිහගෙ පුහුණුවීම් වේලාසන ඉවර කලොත් ටොරින්ටන් චතුරශ්‍රයෙ පැත්තෙ අඩිපාරෙන් පදනම් ආයතනෙ ඉස්සරහට වැටිලා, එතනින් ෆුට්බෝල් හවුස් එකට ඇවිල්ලා, ඒ අඩිපාරෙන් හොකී ග්‍රවුන්ඩ් එකට වැටිලා රේස්කෝස් එකේ පඩියක් උඩට වෙලා, හවස එක්සයිස් කරන්නයි, ජොගින් කරන්නයි ඇවිල්ලා ඉන්න උන්දැලා දිහා බලාගෙන ඉන්නවා අපි දවසේ වැඩ ඉවර වෙලා එනකං.
පස්සෙ අපි ඔක්කොමලා එකතු වෙලා, ඉතිං ඔය මොන මොනවට හරි කෑකෝ ගගහ ඇවිල්ලා බස් එකේ නැගලා ආපහු එනවා.
රේස්කෝස් එකේ අපි ක්‍රීඩා කරද්දි ජර්මනියේ ඉදලා ලංකාවට ආපු සුද්දෙක් අපිත් එක්ක හිතවත් වෙලා හිටියා.
මිනිහත් ක්‍රීඩාවට හරි කැමතියි. ඇරත් මිනිහා “හයේ හතරේ පොර”. අපි හවස හතරට විතර ඇවිල්ලා පුහුණුවීම් කරනකං මිනිහා කරන්නෙ පැයක් විතර ග්‍රවුන්ඩ් එක වටෙයි, ඔය පාරවල් ගානෙයි දුවන එක. පස්සෙ තවත් පැය බාගයක් විතර හොදට එක්සයිස් කරලා අපි ඉන්න පැත්තට එනවා. ඊට පස්සෙ අපෙන් අහගෙන කවපෙත්ත, හෙල්ල වගේ දේවල් විසිකරනවා.
සාමාන්‍යයෙන් හවස පහමාර විතර වෙද්දි මිනිහගේ රාජකාරියි අපේ රාජකාරියි ඉවරයි.
ඊට පස්සෙ තමා විනෝද සමය පටන් ගන්නෙ.
අපි තණ බිස්සෙ ගිමන් හරින ගමන්, ඔන්න මිනිහා දන්න සෙල්ලං දාලා මිනිහගේ විනෝද කතා කියනවා. අපි අපිට වෙච්ච අලකලංචි කියනවා. මිනිහා “හෝහ් හොහ්” ගාලා මහ හයියෙන් හිනා වෙනවා. පස්සෙ මිනිහා කියන කතාවලට අපි සෙට් එක “ඉයැහ් ඉයැහ්” ගගා හිනාවෙනවා.
වැඩ ඉවර කරලා පඩිපෙලේ ඉදගෙන අපි එනකං බලාගෙන ඉන්න අපේ ෆර්ඩියට ඕක කාලා ඉන්න බෑ. මිනිහට ඉක්මනට ආයෙ යන්නත් ඹ්නැ. අපි නැතුව යන්න කැමතිත් නෑ. මිනිහට සුද්දො දිරවන්නැති ලෙඩක් තියෙන හින්දා අපිත් එක්ක එකතු වෙන්න කැමතිත් නෑ.
ඉතිං අපි සුද්දත් එක්ක හිනා වෙවී ඉද්දි ෆර්ඩිට එන කේන්තිය ගැන මම අමුතුවෙන් කියන්න ඕන්නැනේ !
ඔය ඔක්කොම ඉවර වෙලා අපි ආයේ යද්දි, අපියි ෆර්ඩියයි අතර මේ වගේ කතාවක් හැමදාව වගේ වෙනවා.
“ඒ මොනාද බං උඔලා අරු එක්ක ඔච්චර කියවන්නෙ, මට නං ඕකා දිරවන්නැ බං”
“මුකුත්නෑ මචං” අපි කියනවා.
“ඒ සුද්දා සිංහලත් දන්නවද බං”
“සුද්දා නෙමේ මචං. අපි ඌට නමක් එහෙමත් දාලා තියෙන්නෙ ‘ලස්සන කොල්ලා’ කියලා”
“ලස්සන කොල්ලා.... උඔලට නං පිස්සු බං සිරාවටම. ඕකුංව ඕනැවට වඩා ඇගට ගන්ඩෙපා බං. ඉතිං ඌ සිංහල දන්නවද?”
“පිස්සුද බං ෆර්ඩියා. අපි ජර්මන් වලින් දෙන්නෙ... ඒ යකා ඉගෙන ගනීද මචං සිංහල.......”
“පලයල්ලා යන්ඩ! ඌට පිස්සුද බං ඔය කවපෙති, හෙල්ලා දාන්න පුරුදු වෙන්නෙ..... ජර්මනියට වෙලා ආතල් එකේ ඉන්නැතුව, මෙහෙ ඇවිල්ලා කට්ට කන්නෙ. ඌ නං සිරා පිස්සෙක්!”
“කට කට ෆර්ඩියා.... ඌට ඇහුනොත් තෝව උස්සලා රේස්කෝස් එකේ ගැට්ටෙ ගහයි....”
“අනේ පල යන්ඩ.... පර සුද්දා ගහයි මාව ගැට්ටෙ...... තොපිත් එක්ක කතා කරලා වැඩක් නෑ ඔය ගැන...”
ඔන්න ඔය වගේ තැනකින් හැමදාම කතාව ඉවරකරන ෆර්ඩියා තරහ නිවෙනකං ඕහේ එනවා බිම බලාගෙන අපිත් එක්කලා.
ඔන්න එක දවසක් ෆර්ඩියගේ දවස ආවා.
ඒ එක සිකුරාදාවක අපි පුහුණුවීම් කරලා කෙලින්ම ගෙදර යන්න හිටිය දවසකයි. මොකද පහුවෙනිදා පෝය හින්දා අපිට නිවාඩු ලැබිලයි තිබුනේ.
අපි කතාවෙලා හිටියේ වෙලාසනින් ග්‍රවුන්ඩ් එකෙන් පැනලා ගෙවල්වලට යන්න කියලා. ෆර්ඩියත් එදා හොරට ට්‍රෙනින් කරලාද කොහෙද හතරහමාර වෙද්දි ටොරින්ටන් එකෙන් ඇවිල්ල අපි එනකං රෙස්කෝස් ගැට්ටෙ වාඩිවෙලයි හිටියෙ.
මෙන්න වෙලාවටම අපේ ලස්සන කොල්ලා ආපි. ඉතිං අපිත් ආගන්තුක සත්කාරයක් විදිහට වාසේ දෙසේ කතා කලා කියමුකො මිනිහත් එක්ක.
මෙන්න මිනිහට හෙල්ල දාන්න දොලක් පහල වෙලා.
ඉතිං මම මිනිහට හෙල්ල දාන්න හැටි කරලා පෙන්නනවා.
මිනිහා හෙල්ලෙ අරං විසිකරනවා. ඒක ගිහිං වෙන කොහෙවත් වැටෙනවා. මිනිහා “හොහ් හොහ්” ගාලා ආයෙ දානවා. ඔන්න නැට්ට පැත්ත ගිහිං පොලොවෙ ඇනෙනවා. මිනිහා අයිමත් ”හොහ් හොහ්” ගානවා. ආයෙ දානවා. වැලමිට අල්ලං දත්මිටි කාගෙන ඉඳගන්නවා. වැලමිටේ රිදිල්ල ඉවර උනාම ආයෙ දානවා. අපේ අනිත් කොල්ලෝ ටිකත් ලස්සන කොල්ලට උපරිම සහයෝගෙ දෙන්න හිතාගෙන,
“මෙහෙම නේද මචං හරි විදිහට මේක අල්ලන්නෙ” කිය කියා මගෙන් අහා අහා සුද්දට උපදෙස් දෙනවා.
කොහොමින් කොහොමින් හරි මේ හෙල්ලෙ දැමිල්ලෙන් වෙනදා වෙලාවම ආවා කියමුකො.
ඔන්න අපේ ෆර්ඩියාට හොඳටම කේන්ති ගිහිං. මිනිහා තණකොල ගලෝ ගලෝ ඒවා පොඩි කරනවා තරහ නිවා ගන්න. ඔන්න ටිකකින් මිනිහා බෑග් එකෙන් වතුර බෝතලේ අරං ටිකක් මුණට ඉහා ගත්තා. ඒත් තරහ නිවා ගන්නම තමා.
“ඒ යමල්ලකො බං....”
“මචං අපි ඇවිල්ලා නියම සිංහලයො...නෙ! වැඩක් පටන් ගත්තොත් ඉවර කරලා මිසක් අත්අරින්නැ කියලා මූ උනත් දැන ගන්න එපැයි.... පොඩ්ඩටක් ඉවසපංකො...” අපි ෆර්ඩිව ඇවිස්සුවා.
ඔහොම ටික වෙලාවක් ගියා කියමුකෝ. ෆර්ඩියට හොඳටම කේන්ති ගිහිල්ලා. කොහොමත් පොරට සුද්දව දිරවන්නෙත් නැනේ!
මිනිහා නැගිටලා බිම බලාගෙන වේගෙන් අපි ලගට ආවා. මේ මොනද වෙන්නෙ කියලා සුද්දත් හෙල්ලෙ පොලොවට ඇනලා ඒකට බර වෙලා බලාගෙන ඉන්නවා.
“අනේ යමල්ලක්කෝ බං.....”
“පොඩ්ඩක් හිටපංකො ෆර්ඩියා.”
“අනේ ඔය කාලකන්නියාව අතඇරලා අපි ගෙවල්වලට යං බං! පරක්කු වෙන්නැද්ද උඔලට”
“හිටහංකො ෆර්ඩියා මේක ඉවරයක් කරනකං.... මොකද්ද බං හදිස්සිය... හෙටින් පස්සෙ නිවාඩු තියෙන්නෙ ඇතිවෙන්ඩ” අපි කිව්වා.
ඒ කතාවෙන් ෆර්ඩියට කේන්තිය හොඳටම වැඩි උනා. ඊට පස්සෙ පොර කියපුවයි ඔය පහල තියෙන්නෙ!
“යකෝ.....මං කියන දේ අහල ගෙදර යමල්ලා. මේ ජර්මන් හුxxට කොච්චර සිංහලෙන් කිව්වත් තේරෙන්නැ. නිකං පොxxxයෙක් වගේ “හොහ් හොහ්” ගානවා ඇරෙන්න. තොපිම නේද කිව්වෙ මේ හුxxගෙ පුතා දන්නෙ උන්ගේ පෙx ජර්මන් බාසාව විතරයි කියලා” ෆර්ඩිය සුද්ධ සිංහලෙන් බැනගෙන බැනගෙන යනවා.
මොකද අපේ පර්ඩියා බයේ යැ සුද්දන්ට! ඇරත් සුද්දොන්ට කවද්ද සිංහල තේරුණේ.
ඉතිං ඔය මුලු වෙලාවෙම සුද්දා කලේ, අපේ ෆර්ඩියා දිහායි, ඌ කියන ඒවට තැං තැං වල වැටි වැටී, බඩ බොකු අල්ලං හිනාවෙන අපි දිහායි බල බලා හිටපු එකයි.
අන්තිමට අපේ කොල්ලලෙක්,
“කට ෆර්ඩියා කට......” කියලා හිනාව අස්සෙම කියලා දැම්මා.
“මොකටද යකෝ මම කට වහන්නෙ. මේ බහඳට බයේද මම. මී හරකුනේ දැං වත් මේ සුදු පxxව අතඇරලා වරෙල්ලා යන්ඩ, තොපි කොච්චර ඉගැන්නුවත් මේ හුxxxxxxට තේරෙන්නැ යකො සිංහල.......”
කියලා ෆර්ඩියා කියාගෙන ගිහං නතර කරද්දිම අපේ සුද්දා, “ලස්සන කොල්ලා” මොනාද දන්නවද කිව්වෙ,
“නැ.... නැ...... මට්ට තේ.....................................රෙනවා.” කියලා.
ඒක ඇහුන ගමන් ෆර්ඩියා යකෙක් දිහා බලනවා වගේ අපේ සුදු මහත්තයගේ කට දිහා බැලුවේ මිනිහගේ කටින්ද මේ සද්දෙ ඇහුනේ කියලා වෙන්නැති. ඒ වෙද්දි අපේ ෆර්ඩියා සුද්දා ගාවින් අඩි තුනක් විතර පස්සට පැනලා ඉනට අත්දෙක තියාගෙනයි හිටියෙ. සමහර විට ෆර්ඩියා බය වෙන්නැති මේ කියපුවට සුද්දා පොරව උස්සලා රේස්කෝස් එකේ ගැට්ටෙ ගහයි කියලා.
මිනිහගේ ඇස්ගෙඩි දෙක ජිල් දෙකක් වගේ වෙලා . මොහොතකින් ෆර්ඩියා සුද්දගෙ කට දිහා බැලිල්ල අතඇරලා අපි දිහා බැලුවේ වේලිච්ච උගුර පාදන ගමන්මයි.
“ඒ මෙයාට සිංහල තේරෙනවද.....................................මචං!”
ඔන්න ඔය වෙලාවෙයි අපි ෆර්ඩියාට කියලා දුන්නෙ, අපේ ලස්සන කොල්ලා, අපේ රටෙන් ම කසාදයක් බැදගෙන, උන්දැගෙන්ම නොමිලේ සිංහලත් ඉගෙන ගෙන,මේ මාස ගානක නිවාඩුවට ලංකාවට ආපු ගමන්ය කියලා.
ඒ ඔක්කොම ෆර්ඩියට තේරුම් බේරුම් කරනකම්ම අපේ ලස්සන කොල්ලා කලේ හොහ් හොහ් ගගා හිනාවෙච්ච එක විතරමයි!
හහ් හහ් හා... අරූ කොහොමද බන් එතනින් ඊට පස්සේ වාෂ්ප උනේ....:D
ReplyDeleteකෝ අද විදේශීය චිත්‍ර ශිල්පියා නැද්ද...?
හොහ් හොහ්. නියම කතාව
ReplyDeleteකෝ චිත්තරේ???
ReplyDeleteඉහි!! ඉහි!!
චිත්තරේ දාන්ඩ කෝ...
මොනව උනත් හොඳ ඉවසීමක් තියෙන සුද්දෙක්... නැත්තන් ෆර්ඩියා දැනටමත් ර ගැට්ටෙ එල්ලි එල්ලි ඉඳි...
ReplyDeleteලස්සනට කතාව ලියලා තියෙනව..
හෙහ් හෙහ්..... හී හී..... :D :D
ReplyDeleteහික්ස්...පට්ටා...... :දිව දොට්ට
ReplyDeleteමක්ක උනත් ඌ අගේ ඇති සුද්දෙක්. අපේ එකෙක්ට එහේ ගිහිල්ල මෙහෙම දෙයක් උනානම් මරාගෙන.
ReplyDeleteඇති යාන්තං ආපහු ලියල තියෙන්නෙ මේ. මං උන්නෙ වැඩේ අතෑරල දාලයි කියල
පට්ටය උපරිමය..තට මා හැමදාම කියන කතාව අද නම් නොකියා ගල් සොයමි කට උලන්න..නැනෙ හොද එළ ගලක් උලන්න මගෙ කට.
ReplyDeleteඉතින් ඊට පස්සෙ ෆර්ඩියා...... අර කියපු ටික ඔක්කෝම ඔයාලට කිව්වලු නේද?
ReplyDeleteහොහ් හොහ් හොහ්...
ReplyDeleteඉයැහ් ඉයැහ්....
හොහ් හොහ් හොහ්!!! එලකිරි
ReplyDeleteආ... මේ ඇවිල්ල ඉන්නෙ අප්පුහාමි.
ReplyDeleteකොහෙද අප්පා ගෙහුන් හිටියෙ.
අපරාදෙ අර සුද්දට හෙල්ල කවපෙත්ත වගේ දේවල් විසිකරන්න දුන්නෙ.
අරං තිබ්බනං කවුරුහරි උවමනා කෙනෙක් පස්සෙ කාලෙක හරි ප්‍රොයෝජනේට ගන්නවනේ...
හොහ් හොහ්
ReplyDeleteකතාවට හිනාගියා,වගේම හිතුන මේකෙන් ඉගෙනගන්න දෙයකුත් තියෙනවා කියල.
ReplyDeleteහොහ් හොහ්..
ReplyDeleteහොද වෙලාවට උඹ පෝස්ට් එකක් දැම්මෙ.. තව ටිකක් කල් ගියානං SBU, ලාංකීය කෙසේ වෙතත් උඹ අපෙං ගුටිකනවා.. :)
ReplyDeleteමම උඩහ උඹව අමතල කමෙන්ට් එකක් දැම්ම..
ReplyDeleteඒත් හැමොම හොහ් හොහ් කියනව කමෙන්ට් එකේ..ඉතින් මාත් ආව හොහ් හොහ් කියල යන්න..
හොහ් හොහ් හොහ්.....
සුදු බහඳා සිංහල දැනගෙන හිටියේ නැතත් ෆර්ඩියා කියපු දේවල් වලින් බාගයක්වත් තේරෙන්න ඕනේ... විදේශීය භෂාවක් ඉගෙන ගන්න ඕනෙ කෙනෙක් ඉස්සෙල්ලාම ඉගෙන ගන්නේ කුණුහරපනේ...
ReplyDeleteහොහ් හොහ්... ඉතින් සුද්ද හරියට හෙල්ලෙ විසිකරන්න පුරුදු උනයි. හොහ් හොහ් හොහ්.....
ReplyDeleteච්ත්තරේ කෝ..............
ReplyDeleteහොහ් හොහ් ගාලා හරියන්නේ නැහැ.....
බහඳා කියන්නෙ මොකාටදේ ??
ReplyDeleteසිත්තරේ නෑතුව ගෙදර යන්න බෑ........
ReplyDeleteකතාව නම් මරු.
මෙහෙම වඩක් උනා අපිටත්, කලින් හිටපු ව්දේශීය ආයතනයකදී. සුද්දට සින්හලෙන් සවුත්තුව දදා ඉන්දලා යන්න හෑරෙද්දී සුද්දා අපිට අතට අත දී ලා කිව්වෙ නෑද්ද "මගෙ නම රොබට්!"
තරු තරු ගොඩය්... !@#$@%#^$
අප්පේ කාලේකට පස්සේ.. කොහොමැයි ඉතින්? නියම කථාව, හොහ් හොහ් හොහ්!!
ReplyDeleteආ.. ඔය *කා ගෙන තියෙන්න මරුවට... තාම හිනා බං අයියේ...
ReplyDeleteකමෙන්ට් කල සියල්ලන්ට ස්තුතියි! සිත්තර ලගදිම එනවා.... සිත්තරේ ගැන බොහොද දෙනෙක් අහලා තියෙන ගැනම මට හරිම සතුටුයිනේ.
ReplyDeleteබිපෙසි :))
ReplyDelete“ඒ මෙයාට සිංහල තේරෙනවද.....................................මචං!”
ReplyDeleteහොහ් හොහ් හොහ්..
ReplyDeleteඅපේ යාලුවෙකුට වෙච්ච ඇබැද්දියක් මේක. පොරවල් ටික නුවර වැව රවුමේ සෙට් වෙලා ඉන්නවලු කයියක් එහෙම දාගන. ඔන්න එතකොට ඒ ලඟට ආවලු සුද්දෙක්.. අපේ උන් මූව බයිට් කරන්ඩ කියලා හිතන් පටන් ගත්තලු අමු කුණුහරුපෙන් මූට බයින්න. පොරත් නිකන් ගොරක ලුක් එකක් දාගන බලන් හිටියලු අරුන් බනින දිහා..
ඔය ඔක්කොම ඉවර වෙලා අන්තිමට මූ "යන්නම් මල්ලිලා "කියලා හිනාවක් එහෙම දාලා යන්ඩ ගියාලු. අපේ උන් කටවල් ඇරගන තාමත් එතන.