"සයිබරයේ සිහින බක්මහ උළෙල" ගිය ඉරිදා අවසන් වුයේ අපට කවදාවත් අමතක නොවන, කාටත් මැකිය නොහැකි මතක ගොඩක් ඉතිරි කරමින්ය කියලා ආයෙ පුනපුනා කිම අවශ්‍යයි කියලා මම නං හිතන්නැත.
එදා ආපු අය අවුරුද්දක් දෙකක් තිස්සෙ අදුනගෙන හිටියට ගොඩදෙනෙක් මූණට මුණ හම්බවෙලා කතා කරලා තිබුනෙ නැති බව සහතිකය. තමන්ගේ කොම්පියුටරේ පුංචි කොටුවක් ඇතුලේ ටයිප් කර කර හරි එහෙමත් නැතිනම් ලියන බ්ලොග් ලියුම් වලට පිලිතුරු ලියමින් හරි හිටපු අයට ඊයේ දවස "ඉබ්බා දියට දැම්මාම, දැං නෑවේ" වගේ විය.
අයියාගෙ ඊමේල් පෙට්ටිය ද කොච්චර මැකුවත් පිරෙන තරමට මතක්කරලා දෙන මැසේජ් වලින් පිරුණි. ෆෝන් එකට එන මතක්කරලා දෙන මැසේජ් වලද කෙරෝලක් දකින්න බැරි විය. ඒක හරියට ගෙදර බැල් එක වාගේ ඊයේ දවසම වැදී වැදී තිබුනි. ඒකේ මැසේජ් පිරිලා වැඩිවෙච්ච තැන ලියුම් කවරය නිවිනිවි පත්තුවෙන්න ගත්තෙය. මං නං හිතුවේ එහෙම වෙලා වෙලා ටිකකින් ඔක්කොම ඉවරයක් වෙන්න පුපුරලා යයි කියලාය.
කොහොමහරි මේ උත්සවේ, අපි වගේ පුංචි අයට විතරක් නෙමේ ලොකු මාමලා නැන්දලාටත් තමන්ගේ ජීවිතවලට සෑහෙන පාඩම් සංඛ්‍යාවක් ඉගෙන ගැනීමට හම්බුවුනු හොඳ අවස්ථාවක් කියලා මම හිතමි.
මා අද කතා කිරීමට බලාපොරොත්තු වන්නේ ඒ ගැනයි.
කියවීමේ හා තේරුම්ගැනීමේ පහසුවට ඒවා කුට්ටි කර අංක දමා ඉදිරිපත් කිරීම වටිනවායැයි සිතමි.
01. ආරාධිත අමුත්තන් පිළිගැනීම.
ආරධිත අමුත්තන් පිළිගැනීම හරිම අලුත් විදිහට සිද්ධවිය.
ඒ අපේ ප්‍රධාන ආරාධිත අමුත්තා විදිහට සහභාගි වුනු ප්‍රවීණ ඡායාරූප ශිල්පි ඉන්ද්‍රනාත තේනුවර මහතාව පිළිගත්තු ආකාරයයි. ඉස්සර නං වැඩසටහනකට එන ආරාධිත අමුත්තන්ව පිළිගන්නේ බුලත් අතක් දීලය, නැත්තං මල් මාලයක් දීලය. හැබැයි මේ උස්සවයේ දී එයට අලුත් මුණුවරක් දීමට ගේට්ටුවේ හිටපු වැප්නි සාන්ත මාමා කටයුතු කර තිබුනේය. ඒ අපේ ප්‍රධාන ආරාධිත අමුත්තාටත් හා හා පුරා කියලා අපේ වැප්නි සාන්ත මහතා රු.100/- ටිකට් එකක් කැඩීමෙනි. මේ තියෙන්නෙ ඒ අයිතිහාසික අවස්ථාවයි.
ඇත්තටම ප්‍රධාන ආරාධිත අමුත්තට ටිකට් එකක් කඩලා ඇතුලට ගත්තු ලෝකෙ පළමු සැණකෙලිය වෙන්නැති අපේ සිහිණ බක්මහ උළෙල.
ඒක දැකපු මට එක පාරටම කරන්ට් ගියා වගේ උනත් අලුත් පිලිගැනීමේ ක්‍රමයක් ලොවට දායාද කිරීමට වැප්නි මාමාට පුලුවන් විය.
02. තරග සංවිධානය
තරග සංවිධානයත් අන්තිම ඉහල මට්ටමක පැවතුණි.
ඒ ඒ තරග ඒ ඒ වෙලාවට පැවැත්වුනු අතර, ඒ ඒ තරග වලට අවශ්‍ය ඒ ඒ උපකරණ වේලාසනම ලෑස්තිකරගෙන තිබිම අපි වැනි පුංචි අයට ලොකු ආදර්ශයක් ගෙන දෙන දෙයක් විය. උදාහරණයක් විදිහට යෝගට් කැවීමේ තරගෙට ඹ්නැ කරන ඇස් බඳින ලණු, අත්බඳින කලු රෙදිපටි ඒ අයියලා, අක්කලා වේලාසනම කපා සකස් කරගෙන තිබුනි. කොටින්ම කියවානවාම් තරගෙන් පස්සෙ විසිවෙච්ච යෝගට් පිහදාන්න වාසල මාමා "සර්වියට්, සර්වියට්" කිය කිය සර්වියට් ගෙන ඒමේදී නං මගේ ඇස්වලට කඳුලු පවා ආවේ සංවිධායක මාමලා නැන්දලාගේ කැපවීම ගැන හිතලාය.
පස්සට කල් නොදමා තරගෙ ඉවර වෙද්දිම දිනන අයට අරුණි නැන්දා ලියපු පොතුයි, තව පොත් ගන්න තැගි වවුචරේකුයි තෑගී දුන්න එකටත් මම හරි ආසය.
කොච්චර හොඳ සංවිධායක මාමලාද නැන්දලා ද කියනවානම් තරග නීති රීති කඩන ඕනෑම එක්කෙනෙකුට යාලුවොයි කියලා නොබලා ඒවෙලාවෙම දඩුවම් දෙන්න උනත් ඒ ගොල්ල හරිම එඩිතර විය.
බනිස් කන තරගෙදී කුමාර මාමා බනිස් දෙකක් කාලා අහුවෙච්ච වෙලාවේ ඒක දැකපු හසී නැන්දා මූලික සංවිධායක මාමාලා එයාව එවෙලෙම දණ ගැස්සුවේය. මං කියන්නෙ බොරුනං මේ තියෙන්නෙ සාක්කිය.
පොටෝ දකිද්දි දුකයි තමාය. ඒත් නීතිය කාටත් පොදුයි කියන පාඩම මම එතැනිං ඉගෙන ගත්තෙමි.
පස්සෙ ඒ ගැන විශේෂ මාධ්‍ය සාකච්ඡාවෙදී ගත්තුවයි මේ තියෙන්නෙ.
තරග සංවිධානයේ දී නං ආයෙ ඉගෙන ගන්න කොච්චර පාඩම් තිබ්බද කියන්න මට මතක නැත.
තරග සංවිධානය ඇරුණම උත්සව සංවිධානයද අන්තිම ඉහලය.
උදේම මහත හසී නැන්දයි, කෙට්ටු රන්දිල් නැන්දයි ප්‍රධාන නැන්දලා කට්ටිය බැලුම් හරි හරියට පිම්බුවෝය. හරි හරියට පිපිරුවෝය. පහන් හැදුවෝය. බනිස් එල්ලුවෝය. වාසල මාමලා ඇතුලු කට්ටියත් එහෙම්මයිය.
බොන්ට, අතවල් මුණවල් හෝදගන්න. වෙනම වතුර ටැංකියක් හයිකරලා තිබ්බේය. දවල් කෑමට බත්ටික එකොලහ මාර වෙද්දි ගෙනල්ලා තිබුනි. ඒ එක්ක වතුර බෝතල් නිකං දුන්නේය.
සවස කේක් දුන්නේය.
පස්සෙ ඒවා ඇති තරං කන්න කියලා අබේපාල මාමා මයික් එකෙන් කියද්දි "මේක අයියටයි" කියලා පසන් මාමට බොරු කියලා කේක් කැලි දෙදක් ගත්තෙ අපරාදේ කියලා මට හිතුනේය. (පසන් මාමයි දිලුම් මාමයි)
කොහොමහරි එකාවගේ නියම තාලෙට වැඩ කරන්නෙ මෙහෙමයි කියන පාඩම මට එතැනින් ඉගෙනගන්න පුලුවන් විය.
03. පිරිසිදු කම
විශේෂයෙන්ම අවට පිරිසිදුව තබා ගැනීමට කව්රුත් උනන්දු වීම හිතටත් සැහැල්ලුවකි. එක එක ජාතියෙ කුණු බැග් තබා පිරිසිදුකම රැකගන්න කට්ටියම උනන්දු උනු අතර බැලුමක් පිපිරුවාම ඒ කැලි පවා ඇහිලීම නං අන්තිම හොඳ වැඩකක් විය.
කොහොම හරි අපි වගේ පුංචි අයට මේ වගේ සංවිධායක මාමලා නැන්දලාගෙන් තරග සංවිධානය ගැන හොඳ පාඩම් ටිකක් ඉගෙන ගන්න පුලුවන් වීම ගැන මට සතුටුය.
04. කඹ ඇදීමේ පාඩම
අයියා කියන ආකාරයට අනාදිමක් කාලයක ඉදලා හෙනට ජනප්‍රිය වුනු ක්‍රීඩාවක්ලු කඹ ඇදිල්ල. කඔ ඇදිල්ලෙන් දිනන්නෙ වෙන කොහෙවත් ඉන්න කට්ටියක්ය කිව්වට මටනං ඒක පැහැදිලි වුනේ මේ සයිබර් කඔ ඇදිල්ලේ දීයි.
මං නං මුලින් අයියලා වට වෙලා, කෑ කෝ ගහලා සද්දයක් දාද්දි හිතුවේ අයියලා දිනයිම කියලාය. වෙන්න තිබ්බෙත් ඒකමය. ඒත් උනේ වෙන දෙයකි.
කඹ අදින කාටත් මේක නං හොඳ පාඩමකිය.
ඒක උනේ මෙහෙමය.
අයියලයි, අයියලයි පැත්තෙ අක්කලයි ඔක්කොම මෙන්න මේවගේ කෑ කෝ ගහල තරගෙට ගියෝය.
ඒගොල්ල කඹ අදින්නම කියලා මැහුවා වගේ කට්ටියකි. බලන්න ලස්සනය. හැකියාවෙන් අඩුවක් කියලද! බරෙන් අඩුවක් කියලද!!
හැබැයි වෙලාව කියන්නේ ඒ පැත්තෙ නායකයා උනේ අබේපාල මාමාය.
අයියලා කියන හැටියට අබේපාල මමව පරද්දන්න ඕනෑ කරල තිබුනු කට්ටියගේ ගාන හොඳටම වැඩිවෙලා තිබුනේය. ඒක නිසා අනිත් පැත්තට සෑහෙන සෙනගක් එකතුවිය. මම ඒවා ඔක්කොම හොඳට බලාගෙන හිටියෙමි.
ඉතිං කොන්ඩෙ බොකුටු වැප්නි මාමා අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේය. තරගෙ පටන් ගත්තට පස්සෙ අබේපාල මාමා පරදිනවට කැමති නැන්දලා මාමලාව එකතු කරලා, මේ පැත්තට පේන්නැති විදිහට හරහට තියලා අනිත් ඔක්කොමලා පනහක් විතර සෙනගක් එකතු වෙලා කඹේ ඇද්දෝය. ඉතිං අපේ අයියටයි එයාගේ යාලු අයියලා අක්කලා හය දෙනාටයි කරන්න දෙයක් නැති විය. ඉතිං අයියලයි, අක්කලයි අලියගේ නැට්ටෙ එල්ලිච්ච ගමයො වගේ එක පාරින් එහා පැත්තේය.
අයියලා කෑ කෝ ගහලා ආයෙත් ඇද්දේය. ඒ පාරත් ඒකමය.
ඔන්න ඒ වෙලාවේ කඔ ඇදිල්ලේ අනිත් ගුණය මතුවිය.
අබේපාල මාමට වැඩේ වරදින බව දැනුනේය. එයා පැත්ත අත ඇරලා සේප් වී ගියේය. ඉතිං එයා කලේ මයික් එක අතට අරං,
"අය්යෝ මොකද ඕගොල්ලංගෙ ඇඟ විතරයිනේ කෝ වැඩ" කියලා කාටත් ඇහෙන පරිදි මයික් එකෙන් අයියලාටම කෝචෝක් කිරීමයි. "වැටත් නියරත් ගොයං කා නං කාට පවසං ඒ අමාරුව" කියලා අයියලාත් වැඩේ අතඇරියට මොකද කව්රුත් එකතු වෙලා පිල් මාරු කරපු අඹේපාල මාමට "හූ'' කිවෝය.
කඔ ඇදිල්ල අන්න එහෙම අපිට පාඩම් ගොඩක් ඉතිරි කරමින් අවසන් විය.
මේකෙන් ගන්න පුලුවං පාඩම් ලයිස්තුවක් මා සැකසුවෙමි. ඒවා නම්,
1. හරි හමන් නායකයෙක් නැති උනොත් කොයි වෙලෙ පරදිද දන්නැති වීම.
2. පිල් මාරු කලාට "හු" සද්දෙ කොයි වෙලේ හරි ඇහෙන්න පුලුවන් බව.
3. එකමුතු උනොත් ඕනැම අභියෝගයක් දිනන්න පුලුවං බව.
4. කඹේ ඇද ඇද මහන්සි වෙලා ඉද්දි වැප්නි මාමලා වගේ අයගේ යටිකුට්ටු අදහස් දිනන බව වගේ තව ගොඩක් දේවල්ය.
ඔක්කොම මම කියන්න දෙයක් නැත. ඕගොල්ලත් එතෙන හිටපු හින්දා ඕගොල්ල ඉගෙන ගත්තු පාඩමත් කීයනවනං මං සතුටුය.
05. අවසානය
අවසානයත් තිතට විය.
වෙන ගෙට්ටුගෙවල් වල මෙන් අන්තිමේදී කට්ටිය බීලා ගහමරා ගත්තේ නැත.
ඒ වෙනුවට කට්ටිය ඩීජේ එකක් දාගෙන ඔක්කොම දේවල් අමතක වෙන්න නැටුවෝය. දිව්වෝය. විහිලු කරගත්තෝය.
සංවිධාකයෝත් අපේම යාලුවෝය. ආපු අයත් යාලුවොය. ඉතිං වෙනසක් කොහිද!
ඔක්කොමලා හොඳටම නටලා, හොඳටම හිනාවෙලා, හොඳටම මඩ ගහලා, හොඳටම මඩ නාලා, කෙරෝලෙ, තමන් කව්ද මොනවද කරන්නෙ කියලා හදුන්වාදී ගත්තෝය.
අන්තීමේදී කැමරා තියෙන මාමලා ඔක්කෝමලා එක්කහු වෙලා වැඩි පරිස්සමට ගෘප් පොටෝ සීයක් විතර ගහලා කට්ටියම සතුටින් විසිර ගියෝය.
පටන් ගත්තු සංතෝසෙන්ම ඒක ඉවරයක් දැකීමත් හොඳ පාඩමක් කියලා ආයෙ අමුතුවෙන් කියන්න ඕනැ කියලා මං හිතන්නැත.
ඉතිං මෙහෙම බලාගෙන යනකොට 2011 සිහින සයිබර් සැණකෙලිය තනිකර පාඩම් මාලාවක් නොවේදැයි අන්තිමේට මම අහන්න කැමතිය.
මීට ටිකිරි
..........................
සැළකිය යුතුයි
මෙහි එන සියලු ඡායාරූප වමිල මාමා, අනුෂ්ක මාමා, ඉන්දරේ මාමා, හසිත් මාමා, බුද්ධි අයියා යන අයගේ පොටෝ ඇල්බම් වලින් ගත්තුවා බව සලකන්න. මේ ඇල්බම් වල එදා ගත්තු තවත් ලස්සන පොටෝ ගොඩාක් ඇති බවද සලකන්න.
කඩ(නො)වුන පොරොන්දුව........
2 years ago
අප්පේ වැප්නි සාන්ත මාමා තව තව මරු වැඩ කළා එතන ඉඳන්. ඔන්න අපේ රංග මාමා නම් බොහෝ දේවල් දන්නවා :D
ReplyDeleteමේකතු ටිකිරා ලියපු එක්කද. ටිකිරත් එහේ ගියාද? අපිට කියන්නේ නැතිව හොරෙන් අවුරුදු කෑවා නේද?
ReplyDeleteටිකිරි පුතා ඇවිත් හොරාවගේ ඉදලානේ.. කථා කලේවත්නෑ. නියම ලිපියක්...!
ReplyDeleteමමත් ඔය ටිකිරව මුණගැහෙන්නමයි හිටියේ.... උඹ වහන්වෙලා හිටියා නොවැ...නාකයි කොල්ලෝ ඒකනම්....
ReplyDeleteපළවෙනි එකේ මෙහෙමනම් දෙවනි එකේ කොහොම වෙයිද.. නේද ටිකිරෝ...
මට දුන්න පොත්වලට ස්තුති චූටිමහත්තයා
ReplyDeleteසුට්ටි කොලු කාලේ හිතෙනා ඔය අදහස් බොහෝ වටිනවා ටිකිරා කොලූ...!
ReplyDeleteඅර බුද්ධි අයියා වාගේ මස් ගොබ ඇවිල්ලා කඩවසං තරුණයෙක් උනදාටත්, කෙස් ඉදිලා, ඇස් නොපෙණෙන, මා වාගේ මැදිවියේ කෙනෙක් උනදාටත් ඔය අදහස් වැඩිය එහෙට්ට මෙහෙට්ට කරගන්ට එපා...!
ලෝකෙට සෙතක් කලෑකි..!
ටිකිරා මලේ උඹ කොහෙද බං හිටියෙ? මහ එකා එක්ක නම් මම කතා කරා, ඒත් උඹව දැක්කෙ නැහැනෙ
ReplyDeleteසුපිරි..! එදා එන්නට නොහැකි වීම ගැන නම් සෑහෙන්න දුකයි.
ReplyDeleteටිතිරා ආ වගක් මා දැන සිටියේ නැත...
ReplyDeleteසමහර විට ලැජ්ජාවට හංගිලා මෙන් සිටියා විය හැක..
මක් නිසාද යත් බොලාගේ අයියාද මහා ලජ්ජා කාරයකු නිසාය..
ඒකාත් කොයි තරං පොටෝ ගැසුවත් ඒකාගේ පොටෝවක් ගන්නට ගිය විට ඇගිල්ල හපමින් ලැජ්ජාවෙන් ඇඹරෙන නිසාය..
මෙ තියෙන්නේ එහෙම ලැජ්ජා උන එකකි...
http://www.facebook.com/photo.php?fbid=10150139954910418&set=a.10150139931060418.281824.740955417&pid=6653610&id=740955417
ටිකිරා කෝ ඕකා ...
ReplyDeleteලබන පාරත් මං ගේට්ටුවේ :D
මේක නන් සුපිරිය.. පට්ටම කුජීත අවුරුද්දකි.. මා සත්‍ය නොවලහා ප්‍රකාශ කර සිටියෙමි........ මා බිය නැත.. හික්ස්......
ReplyDeleteඅඩේ කෝ මට දෙනවා කිව්ව පොත්.......... මේ ගීත්ගේ කොමෙන්ටුව දැක්කහමයි මට ඒක සිහි වුනේ................
ReplyDeleteබුද්ධි ටිකිරි පුතා හොඳට සාවධානව අවුරුදු උත්සවේට සහභාගි වෙලා තිබෙන බව පේනවා. ඔච්චර අපිත් එක්කම ආපු එකේ ඒ පැංචාව දැක්කේ නැති එකනෙව පුදුමේ... :D
වැප් නිසාන්ත මාමා හොර කරන පොටෝ එකක් මටත් අහු උනා. ජීවිත ආරක්සාව ගැන හිතල ඒක පල කරන් නෑ......
ReplyDeleteචුටි මහත්තයයි මැරියන් අක්කාවයි අදුනාගන්න ලැබුණා....චෝයි....
ReplyDeleteපොඩ්ඩක් චුටි මහත්තය කෙට්ටුයි වගේ....හික් හික්
වමිල මාමා, අනුෂ්ක මාමා, ඉන්දරේ මාමා, හසිත් මාමා, බුද්ධි අයියා.....
ReplyDeleteටිකිරි මොළේ....
මන් මේ ඔලුව අතේ ගහගෙන කල්පනා කොරන්නෙ මේ හොද කියලද නැත්නම් බැනලද කියලා. ඒක තේරුම් ගත්තම මන් මගෙ කමෙන්ට් එක දාන්නම්. එතකම් එක අකුරක් දාන්නෙ නෑ මන් මේකට කමෙන්ට් එකක් විදියට :D
ReplyDeleteමාත් මේ පෝස්ට් එකෙන් එල පාඩමක් උගත්තේය. එනම් අන්තිම ඡේදයේ ඈති දෙයයි... බුද්ධි අයියා ඈරෙන්න අනිත් ඔක්කොම මාමාලාය... හික්...
ReplyDeleteබස් ඩ්‍රයිවර් පුරුද්දට තමා හැම එකාගෙන්ම ටිකට් කඩන්න ගිහිල්ලා තියෙන්නේ
ReplyDeleteකට්ටිය ගිහිල්ල පාඩං ඉගෙනගෙන අනික් අයටත් දැනගන්න දාපු එක ලොකු දෙයක් ටිකිරො...
ReplyDeleteශික් මට කියන්න දෙයක් ඉතිරි කරලා නෑ
ReplyDeleteඅමුත්තන් පිළිගැනීම නම් නව ආරකට දියුනු කල යුතු දෙයක් වගේ හික් හික්...
ReplyDeleteඑන්න බැරි වුනා.. පින්තූර දැක්කා... රසවත් ලිපිය පින්තූර තවත් රසවත් කරා... ස්තූතියි...
ReplyDeleteආදර්ශමත් අවුරුදු උත්සවයක් බව පෙනේ..පැමිනීමට නොහැකි වීම ගැන බොහෝම කණගාටුයි :(
ReplyDeleteටිකට් කැඩීමට ගොස් වැපා දෙවනි වරට නා ගැනීම
ReplyDeleteඒ තමයි අවුරුදු කුමාරි තරගය විනිශ්චය කරන්න ආපු විනිශ්ච කාරියට ටිකට් එකක් කඩන්න ගිය එක.
http://miumax.blogspot.com/2011/04/blog-post.html
හම්මෝ.....ය.
ReplyDeleteමට ආරංචි උනා බුද්ධි අයිය මේ ටිකිරවත් එල්ලං එන්නෙ කියලාය!
හොඳ වෙලාවට දැනගත්ත හින්ද ආවෙ ආවෙ නෑය.
[වැප්නි සාන්න මාමා නානවා බලන්න ආසවෙන් හිටියේය. තෝ ඇවිත් මට ඒක බලන්න දෙන්නැතුව විනාස කලාය.]
අපරාදේය. මෙහි තිබූ බොහෝ වටිනා ආදර්ශ මට මිස් විය. ඒ වෙන දෙයක් කිරීමට ගොස් නොව ආදර්ශමත් සැමියෙක්, පියෙක් ලෙස වේලපහම දවල්ටත් නොකා ගෙදර යෑමට සිදුවූ බැවිනි. ඊලඟ අවුරුද්දේ හැන්දෑවෙනකන් ඉඳිමි !
ReplyDeleteඅනේ නවම් යන්න මෙයා යන්ට, හොරා වගේ ඇවිත් ගියා නේද? අපි නං තරහම තරහම තරහම තරහා නැහැ...........ටිකක් තරහයි........ :D
ReplyDeleteමේ පාඩම් ටිකනං බොහොම අගෙයි.... පුංචි පොතක් ගහලා බෙදන්න වුණත් වටිනවා... :D
ReplyDeleteමං වගේ අහිංසක කොලු ගැටයෙක්ට මාමා කියා.. සයිබර් අවකාශයේ නැගනියන්ට මා ගැන වැරදි අවබෝදයක් ගෙන ඒම පිලිබද මාගේ බලවත් විරෝදය..!!!
ReplyDeleteහප්පා.... වැප්නි සාන්ත මාමා හරි වැඩකාරයෙක් නොවැ.....මරුම තමයි...
ReplyDeleteඔක්කොම මරුය..අවුල මේ ටිකිරා කොලුව හොයාගන්න බැරි උන එකනේ......
උගත් පාඩම් පිලිබඳ සංහිඳියා කොමිසම පවත්වන්නේ නැතිද?
ReplyDeleteපූසා,
ReplyDeleteපුස මාමත් දකින්න ඇති තමා කැටේ ගාව හිටියේ මාමනේ නේද? මටත් ආරංචියි අර නර්මදා අක්කටත් ටිකට් කැඩුවා කියලා.
.............................
ප්‍රියන්ත මාමා,
නං හරි නරකයි. අපි ඇවිල්ලා බලෙන්ම කතා කරනකම්ම දැක දැකත් නොදැක්ක වගේ හිටියා නේද!
...................................
හසී නැන්දලා,
බරටම වැඩ එකේ මොකටද අපි කරදර කරන්නෙ....කියලායි ආවේ නැත්තෙ.
......................................
චමී මාමා,
ආවාද අප්පා. කාලෙක ඉඳලා අපේ අයියත් කතා කරන්න බලාපොරොත්තුවෙන් හිටියෙ. කෝ අඳුරගන්න බැරි උනානේ...
........................
ගීත් මාමේ,
අයියාට කැටේට සල්ලි දාපු වෙලාවෙත් ඒ පොත් තුන හම්බුවෙච්ච හින්දා පස්සෙ හම්බුනු තැග්ග, තැග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියලයි මාමට දුන්නෙ. මාමා දරුවො හදන්න දන්නැ කිව්ව හින්දායි අරුණි නැන්දා ලියපු දරුවො හදන හැටි කියන පොතත් දුන්නෙ :D
................................
තිස්ස මාමට ගොඩක් ස්තුතියි,
කව්ද කියන්නෙ තිස්ස මාමගේ කෙස්ස ඉදිලාකියලා. මටනං තිස්ස මාමව තාමත් පේන්නේ අපේ අයියලාගේ අයියා කෙනෙක් වගේ. මාමාකියලා කිව්වට!
රංග මාමේ,
ReplyDeleteමහ එකා එක්ක කතා කලානම් මදැයි! අපි තාම පොඩි අයනේ. හැබැයි අයියලානං වැප්මාමගේ කුප්ප වැඩ සෑහෙන්න බලාගෙන ඉදලා තියෙන පාටයි.
.................................
සිරි නැන්දේ,
සිරි නැන්දලා එනකං මමනං බලං උන්නා. මොකෝ තාම හම්බුවෙලා කතා කරන්න බැරි උනානෙ. මුල ඉදලම අපේ ලියුම් කියෙව්වට.
...........................
කුමාර මාමා,
මා දැක්කෙ නැති උනාට බනිස් හොරෙන් කාලා දණගහල හිටපු එකයි, මීටර් සීයේ අන්තිමයා වෙච්ච එකයි, කඹ ඇදිල්ල කඩාකප්පල් කරපු එකයි ඔක්කොම මම නං බලාගෙනයි උන්නෙ.
..................................
වැප් මාමේ,
ලබන පාරත් ගේට්ටුවේ ඉන්නෙ ඇයිද කියලා මට හිතාගත්තැකි. ඊලග පාරත් මම මේ වගේ ලියුමක් ලියන්නයි හිතාගෙන ඉන්නෙ.
................................
පසන් මාමේ,
මාමනං හරි හොදයි. කේක් කන්න කේක් කන්න කියලා හැමෝටම හොඳ ළමයා වගේ කේක බෙද්දා නේද!
රන්දිල් නැන්දේ,
ReplyDeleteආ...... ඒ අයියලා දෙනවා කිව්වෙ බෞද්ධ පොත්නේද? අයියගේ ඒයාගෙන් ඉල්ලා ගන්නකෝ. මම ඇවිල්ලා එයාගේ මලයා කෙනෙක්නෙ. ආවේ කොහොමද කියලා හා පුලුවන්නං කියන්නකො.
.................................
ගීතික මාමනං,
අන්තිමයි. මාම බය නං මට එවන්න මම නං වැප්නි මාමට පොඩ්ඩක්වත් බය නෑ. එවන්න මං ඒක දාන්නං. කොහොමත් අයියා වගේ මහත දෙහෙත එක්නෙක්ට පාඩමක් උගන්නන්න වැප් මාම තකහනිය වගට එන්නැ සුවර්.
.......................
හසි අයියා,
ත් හෙන සයිස් කියලා හිතාගෙන හිටියට මට වැඩියෙ ටිකයිනෙ උස.
.........................
තනෝජා නැන්දේ,
කෝමද ටිකිරි මොලේ.... හාවා මාමට ඇරෙන්න ඒවග තේරුනේ නැන්දට විතරයි. නංගියවයි, අක්කවයි මතක් කලා කියන්ට හොදේ..
...............................
අනුරාධ අයියේ,
එහෙනං කල්පනා කරලම කියන්නකෝ...., ඔන්න මමත් මුකුත් කිව්වෙ නෑ......
..........................
ප්‍රසන්න මාම,
ටත් එහෙනං වැටහුනා නේද!
..............................
රත්ගමයා මාමා,
ඒකනං ඇත්ත තමා. වැප්නි මාමා නේද බස්පියා.
........................
ප්‍රසන්න මාමා,
එනකං අපේ අයියලා නං ගොඩ වෙලාවක් බලා හිටියා. ඇයි නාවේ.
ඩාක් මාමට,
ReplyDeleteමං ලේසි කලා ඹන්න.
.......................
පිස්සා මාමව දකින්නත් ආසයි,
මේ එදා ආපු පිස්සා මාමද ? අනිත් එක්කෙනාද!
............................
සොදුරු නැන්දලා,
ඉතිං හැමදාම එනවාය එනවාය කිව්වට එන්නැනේ. එදා එකට ආවෙත් නෑ. අදත් නෑ.
.......................
පබලු නැන්දටත් කියන්න තියෙන්නේ සොඳුරු නැන්දට කිව්ව දේම තමා.
.........................
miuranga මාමේ.
ඒක නං ඇත්ත. වැප්නි මාමාට මක්වෙලා තිබ්බද දන්නැ එදා.
................
සසීන්ද්‍ර අයියා,
එනතුරු මම මඟ බලා සිටියෙමි. ආවානං අපිට ඉස්සර කඩෙං අයිස්කිරිං කන්ඩ තිබ්බා, කේක් පෙට්ටියෙං කේක් ගන්නත් තිබ්බා අගේට. මට යාලුවෙක් නැතුවයි හිටියෙ අප්පා.
.............................
නවම් මාමට,
දෙන්නත් එක්ක ජෝඩු දමා එන්න තිබුනා නේද! එහෙනං හවස්වෙනකං ඉන්න තිබුනනේ. අපේ අයියත් සෑහෙන ආසාවෙන් හිටියෙ වචනයක් කතාකරන්න. කො බැරි උනානේ.
ඊළඟ සැරේ මාත් එනවා ටිකිරි කොළුවො... උඹැහැ ගොඩාක්.....කාලා.. ඉක්මනට ලොකු වෙයන්.. මොකද ම, මට මාමේ කියනවට වඩා අයියා කියනවට වඩා කැමතියි...
ReplyDeletehare :-) ,
ReplyDeleteලබන පාරවත් පොත් ගහලා වැප් මාමට දීලා විකුණගන්න බලන්නෝන.
..........................
බනිමාමට,
එහෙනං කවදාවත් මම මාමා මාමා මාමා කියලා නොකියා ඉන්නංකො හොඳද බනී මාමේ.
...........................
කසුන් මාමේ,
මම නං මාමව හොඳටම දැක්කා. මාමා නේද හසිත මාමා එක්ක හිටියෙ.
......................
ඉන්දරේ මාමේ,
අපේ අයියනං කියන්නෙ ඒ කොමිසමෙං මේවගේ දරුණු දේවල් ගැන කතා කරලා වැඩක් නෑ කියලාය. මට පේන්නේ ඉන්දරේ මාම සයිබර් යායට මේ ආවේ දෙවැනි වතාවටයි කියලා.
ඔය ඉතින් , මේ දරුවගේ මතකයෙ තරම තමයි...
ReplyDeleteඑදා මම ආවා... සුහද හමුවට ආවා..
අවුරුදු උත්සවේට නම් ආවේ නැහැ...
කුසු මාමේ,
ReplyDeleteහා මාමේ. එහෙනං මම මාමා මාමා කියලා නොකියා ඉන්නංකො.
සොඳුරු නැන්දේ,
ReplyDeleteආ.... ඔව්මනේ.... එදා අවා නේන්නං.. ඒඋනාට ඉරිදයි එන්න තිබ්බේ. එහෙනං අයියාලා එක්ක එක්කහු වෙලා කඹ අඳින්න තිබ්බා...
කඹ ඇදීම ගැන ඇත්ත කතාව :D
ReplyDeletehttp://goo.gl/IyeYZ
කස්ටිය හොඳ ෆන් එකක් අරන් වගේ... ෆොටෝ ටිකයි කමෙන්ට් ටිකයි දැක්කම විළි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ බොල ටිකිරෝ... බොලාගෙ අයියට කියපන් කමෙන්ට් නොකලට පරණ පෝස්ට් ඔක්කොම කියෙව්වයි කියලා, මේක කොටන්න කියලත් 3 පාරක්ම ආවා නෙව, දැන් තමයි වෙලාවක් ලැබුනේ. හම්මේ දැනෙන සනීපේ...
ReplyDeleteහික් හික් දැන් ඔන්න මට වැටහී යන්නේ අපි පැරදුනේ අබේපාල මාමගෙ කණ්ඩායමේ හිටි නිසා බවය
ReplyDeleteDarKneT අයියේ, අර ඩීජේ අබේමාමාගේ පොටෝ එකක් තිබුනේ නැනේ මටත් කට්ටියට පෙන්නන්න.
ReplyDelete.................
නිෂාචර මාමා,
ගැන මමත් ඩූටිමහත්තයාත් හොඳටම දන්නවා. සයිබර් යායේ යාවජීව සාමාජිකයෙක් කියලා අයියත් කිව්වා. ඉස්තුතියි දිගමට කියවන්න එන්න. ලබන පාරවත් අපි බලලා යන්න එන්ඩ හොඳේ
.................
සංජු නැන්දි,
නැන්දිලා ඔක්කොමලා උඩිං ගිහිං වැටෙද්දිම මම අර පැත්තට ගිහිං බැලුවා මොකද වෙන්නෙ කියලා. ඒකෙනුයි වැඩේ එලි උනේ. මං පැවිලියන් එකේ පුටු ගනං කරනවා වගේ ඉදලා එක ඇහැකින් වැප්නි මාමගේ මගෝඩි වැඩ ඔක්කොම බලාගෙනයි හිටියෙ...
වැප්නි මාමාගේ කෙරුවාවන් ලිවීමට එක බ්ලොගයක් මදිය.... :)
ReplyDeleteඅපරාදෙ මට එන්න බැරි උනේ....
ReplyDeleteආවනං වැප්නි සාන්ත සීයා(මම ඔයාට වඩා පොඩි නිසා මාම කියන එක හරි මදිනෙ) ගේ සෝයි වැඩ සහ කිඩ ඇස්දෙකෙන්ම බලා ගන්න තිබ්බා අපසාදෙ
චන්දික මාමේ,
ReplyDeleteචන්දික මාමත් එදා ආවද? වැප්නි මාමා ගැන කතාකරලා ඉවරයක් කරන්න පුලුවන්ද කියලත් අහනවා. එකක් ලියද්දි තව සියක් ලියන්න දේවල් හදාගෙනනේ....
.............
සහන් මාමා,
කොහෙද ගියෙ එදා! සසීන්ද්‍ර අයියා නං කිව්වෙ එදා එනවා කියලා එහෙං පිටඋනා කියලා... හැබෑට එදා කොහෙද ගියේ.......
වැප්නි මාමයි යාලුවොයි කරපු තවත් සුපිරි වැඩක් මෙතන තියෙනවා.
ReplyDeletehttp://www.facebook.com/photo.php?fbid=208361009182458&set=a.169579949727231.37365.100000256806646&theater
බොලේ කෙහෙල් කොටුවෙ පොඩි එකා කියල මට අඳුන්නල දුන්නෙ වෙන එකෙක් වද්ද? මේ සමහර කොමෙන්ට් වල තියෙන්නෙ පොඩ්ඩ ආවෙ නැහැ කියල.
ReplyDeleteනැනැ! ඔබ්සවර් මාමේ.... ඒ ඇවිල්ලා බුද්ධි අයියා. ඒ කියන්නෙ ඒ කාලේ කෙහෙල් කොටුවේ චූටිමහත්තයාම තමයි. මේ ලියුම ලිව්ව ටිකිරි වන මම බුද්ධි අයියගේ මල්ලි කෙනෙක්. කොහෙද මාමත් එක්ක වචනයක් කතා කරන්න කියලා එද්දි මාමා කාර් එකේ ඩිකියෙ මොනාද හොය හොයා හිටපු හින්දා මම කඹ අදිනවා බලන්න ආවා.
ReplyDeleteමේකේ හොඳ තරඟ ඉසව්ව වුණේ කඹ අදින එක. අබේපාල මාමාගේ කුමන්ත්‍රණය පරද්දන්න වැප්නි මාමා කළ යටිකූට්ටු වැඩේට මාත් සප් එක දුන්නා :))
ReplyDeleteඈ හ් 2011 ත් එකක් තිබ්බද ?
ReplyDelete