ඔබ සැම සාදරයෙන් පිළිගනී !

මෙතැන් පටන් ඕගොල්ල ඔක්කෝට ම නොමිලේ කෙහෙල් කෑමට ලැබේ. හැබැයි දිරවා ගැනීම ඕගොල්ලන් සතුය.

කෙහෙල්කොටුවේ චූටි මහත්තයාගේ කතා !

අතීතයේ එක්තරා වකවානුවක විසු යහපත්, ගුණ ගරුක, කාටත් කරදරයක් නැති දරුවෙක් ගැන කියවන්න.

විදෙස් සිත්තරාගේ කාටුන් නරඹන්න !

ඔබ සිංහල බ්ලොග් කරුවෙක්ද? විදෙස් සිත්තරාගේ මීලඟ ගොදුර ඔබ විය හැකියි.

යුරෝ දෙකේ වීරයා !

මහා ප්‍රඥා සම්පන්න යුරෝ දෙකේ වීරයාගේ නුවණ දැනගතිමි. (පාඨක ප්‍රතිචාරයකි.)

2011/06/27

කාලකණ්නි සතුට! - දුමියාගේ ලංකාගමනය ගැන නොවේ...

ගිය සතියේ සිදුවෙච්ච විශේෂ සිද්ධිවලින් එකක් අපේ කට කහන දුමීගෙ ලංකාගමනය. මිනිහා ලංකාවට පය තියලා සුලු වේලාවකින් එක බ්‍රෙකින් නිවුස් එකක් විදිහට ඕනමැන්ටල් මාධ්‍යෙව්දියා රටට හෙලි කලා. ඊට පැය දෙකක් විතර ගියාම මගේ ෆෝන් එක රිං උනා.

“හලෝ"

“මේ අහවලාද?"

“කව්ද මේ......."

“මම ඕනයා......"

“ඹ්නයා......බොරු! කොහොමද නම්බරේ හොයා ගත්තෙ"

“දන්නවනේ....

“මට සුවර් නැ.... ඕනයට ඔච්චර වැදගත් විදිහට කතා කරන්ඩ පුලුවන් ද.... ඇත්තටම කව්ද උඔ.."

“යකෝ මම ඕනයා කැxයෝ......"

“ආ.... දැං හරි, දැං හරි...."

“ඒකනේ......උඔ මං දාපු පෝස්ට් එක කියෙව්වද?"

පලාගන්නවද, පෝස්ට් එක කියෙව්වා...."

“ඒක නෙමේ අලුත් එක...."

“අලුත් එකක් දැම්මද......"

“චහ්.... ඕකනෙ කියන්නෙ...ඉස්සෙල්ලා ඒක කියෝපංකො......."

“මොකද්ද සිද්දිය......"

“දුමියා ලංකාවට ඇවිල්ලලු..... අන්න අභියා මගදිම පොරව අල්ලං"

“අප්පට එහෙමද........හරි මං කියෝලා කොල් කරන්නම්...."

ඔන්න මම ඕනයා දාපු පෝස්ට් එක කියෝලා ඉදිරි වැඩකටයුතු කරගන්න මිනිහට ආය කෝල් කලා. මිනිහා ආන්සර් කලේ නෑ. ටිකකින් මිනිහා ගත්තා.

“හෙලො.......ඕනේ......"

“මේ මචං මගේ එකේ ක්‍රෙඩිට් තියෙන්නෙ තව ටිකයි වගේ....."

“ආ........... මම අරක කියෙව්වා.... දුමියට සුපිරි ගේමක් දෙමු සදුදට. මම පෝස්ට් එකක්ම දාන්නං...."

“අන්න මරු..... මචං පෝස්ට් එකක් නැතත් ටවුම පුරා දුවන විදිහට අර විදෙස් සිත්තරාට කියලා මොකක් හරි ඇදලා ෆේස්බුක් එකේ හරි ඇරලා දාමුද......"

“එහෙනං එහෙම කරමු....දුමියට කොර වෙන්ඩ මං දෙන්නං. එහෙනං හරි.... පස්සෙ කතා කරමු." (මේ කතාව අතරමගදී ඕනයාගේ ෆෝන් එකේ ක්‍රෙඩිට් ඉවර උනා. පස්සෙ මම ආය කතා කරා. ක්‍රෙඩිට් ඉවර වෙලා මම ආයෙත් කතා කරපු එකට පොරට ලැජ්ජා හිතිලා, පොරට නම්බර් දෙකක් තියෙනවා ය, අනිකෙ ඕන තරං ක්‍රෙඩිට් තියෙනවා ය වගේ හෙන වැල් වටාරං වගයක් කිව්වා ඒක වහගන්න. ඒ ටික මම කපලයි ඔය දාලා තියෙන්නෙ.)

මං හිතාගෙන හිටියෙ දුමියගේ වැඩේ ඉරිදා කරන්න. අපිට ඉරිදා ෆුට්බෝල් ටූනමන්ට් එකක් බලන්න යන්න තිබුනා. අපේ අක්කෙක්ගෙ පුතාගේ. පොරලා දිනුවොත් සමස්ත ලංකා ගියැකි. ඉරිදා ප්ලෑන් එක මෙහෙමයි තිබුනෙ.

1. උදේම 5ට නැගිටලා සීනි සම්බෝල, තේවතුර, බත්, මාලුපිනි සෑදීම හා ගෙනයාමට සුදුසු භාජන වලට දැමීම.
2. තරගෙ බලන්ඩ යෑම.
3. තරග ඉවර උනාට පස්සෙ කොල්ලවත් අරං කට්ටිය කොහෙ හෝ ගිහිල්ලා හවස් අතේ ගෙදර ඒම.
4. දුමියට මඩ පිනිස පෝස්ට් එකක් ලියා විදෙස් සිත්තරාට කියා සිත්තරයක් ඇද ගැනීම.

ඕකෙන් මට කරන්න තිබුනේ අංක 2යි 4යි විතරයි.

ප්ලෑන් කරපු විදිහට අපි මැච් එක බලන්න ගියා. සවස එන්න කොල්ලව අපේ වාහනේට ගන්න යද්දි මෙන්න සර්ල ටික මූවත් ඉස්කොලෙ බස් එකෙ නංගගෙන ආයෙත් ඉස්කෝලෙ ගිහිල්ලා. දැං අපි ආය ගෙවල් ගාවටම ගිහිල්ලා කොල්ලව අරං ආපසු එන්න ඕන.

කරන්න දෙයක් නැ අපි අරුං පස්සෙ පැන්නුවා.

ඔතනින් තමා සිද්ධිය පටන් ගත්තෙ. ඒ වෙද්දි ස්පීඩ් එක තිබුනේ සීය පන්නලා. ගමනෙං බාගයක් විතර යද්දි ඔන්න ට්‍රැෆික්ලා වගයක් හැංගිලා ඉදලා පාරට පැන්නා. ඒ ගොල්ලංගෙ වම් අතේ නිල්පාටයි සුදුපාටයි පටියක් තිබුනා.

“කොහෙද යන්නෙ......“

“මේ අපේ එක්කෙනෙක් මග ඇරුනා ගන්න යනවා.......“

“ඔහොම ගියොත් මරු! ඕගොල්ල ලොකු වරදක් කලා. අතන කහ ඉර උඩදී වාහනයක් ඕවටේක් කලානේද?...“

“අනේ සොරි...“

‘මෙහෙමයි අපි පොලිසි වලට දඩ කොල ලියන්නැ! කෙලින්ම උසාවි“

“අපිට ටිකක් හදිස්සියි....මම වැරැද්ද පිලිගන්නවා... බැරිද අපි ගැන පොඩ්ඩක් හිතන්න“

“එහෙම කොහොමද......අපිට පොලිසි වලට දාන්න බෑ. අපි අහවල්ලු. අපි ලියන්නෙ කෙලින්ම උසාවියට“

“මම වැරැද්ද පිළිගත්තානෙ...උසාවි වලට එන එක කේස්.... චාන්ස් එකක් දෙන්න“

“හරි උසාවියේ මුල්ම නඩුවට දාන්නං“ (මුල්ම නඩුව අහන්නෙ කොහොමද කියලා කතන්දර කලින් ලියලා තිබුනු හින්දා ඒකට කැමති උනේ නෑ.)

“අනේ ඒක කරදරයි......“

“හරි ඕගොල්ලන්ට ප්‍රශ්ණ ගොඩයිනේ.....මම රුපියල් දෙදාහක දඩයක් දාලා දෙන්නං අහවල් පොලිසියට....“

“පන්සීයක් දාන්න අහවල් පොලිසියට.....“

“උඔට පිස්සුද බං......“

“පොලිසියට යන්නැතුව මොනා හරි කරමු“

“දැං ගෙවන්ඩ පුලුවන්ද?“

“හරි........ දැං ගෙවන්නං කීයද්ද......“

“උසාවි යන එක අමාරුයි නේ...... හරි..... එහෙනං දෙන්ඩකො“

“දාහක් ඇති......“

“පිස්සුද බං දෙදාහ දියං.....“

දාහක් ඇති මචං කියන්නත් අක්කා රුපියල් 1500/-ත් එලියට ඇදලා. පොර ඒක ගත්තා.

කේස් එක ඉවරයි. අපි දිනුම්.

“අපරාදේ අක්කා කෑවනේ.....1000/- දීලා එන්ඩ තිබ්බා. උන් 2000/- යි කියන්නෙ දාහා තමා.“

මග දිගට එනකං අපි කතාඋනේ ඕක. පොර චන්ඩියා වගේ ලියන්න ගිහිං අපිට අහුවෙච්ච හැටි. අපි කට ගහලා කොහොම හරි නඩුව දින්නා. උන් හොරා කන්ඩ පුරුදු වෙලා. රටට මොනවා වෙයිද මෙහෙම ගියොත්. හැබැයි එහෙම නොවුනනං අපිත් උසාවි ගානෙ යන්ඩ එපැයි. අහවල් පොලිසියට දඩේ දුන්නං එහෙ යන්ඩ ඕන තකහනිය.

මේ වැඩෙත් මරු. වැරැද්ද කරපු ගමන් සල්ලි දුන්නා. ගේම ඉවරයි. අපි දිනුම්! හරි සතුටුයි.

හැබැයි මේ සතුට දුමියට මඩ ගහලා ගන්න සතුට වගේ එකක් නෙමේ. හරිම වෙනස්. ඒ සිද්දිය මුල ඉදලා කල්පනා කරද්දි දැනෙන සතුට හරිම වෙනස්.

ඒක මහා කාලකණ්නි සතුටක්.


.......................


ප/ලි-

ඔය කාලකණ්නි සතුට කොච්චර බර ද කියනවනං, විදෙස් චිත්‍ර ශිල්පියට මට කතා කරන්න බැරි උනා. ඒකෙන් දුමියා බේරුනා. ඹ්නයා අද කතා කරොත් මම ෆෝන් එක උස්සන්නැතුව ඉන්නයි කල්පනාව.

.....................

ප/ප/ලි-
ඔහොම ඉදිදි නිකමට මම බ්ලොග් එක පැත්තෙ ගියා. දුමියා ඇවිල්ලා අර මං තනයක් අතගාපු පෝස්ට් එක කියෝලා කමෙන්ට් කරලා ගිහිල්ලා. කමෙන්ට් එක කියෙව්වම නං මට පොඩි සැහැල්ලුවක් ආවා.

ඊටත් වඩා අපේ කවිකාරි දිල්මෝනා කාලෙකින් සයිබර් යායට ඇවිල්ලා මග ඇරුනු පෝස්ට් දෙක තුනක් කියෝලා කමෙන්ට් කරලා තිබ්බා. ඒක කියෙව්වම තව ටිකක් සැහැල්ලුවක් දැනුනා.

කමෙන්ටුවේ තිබුනෙ මෙහෙමයි.

ලේ පිරිපහදු කම්හල.... සයිබර් යාය !! හික් හික්

2011/06/22

මම ඒකිගෙ තනෙත් අතගාලා බැලුවා යකෝ....| අනේ පලයං........ | මගේ යාලුවෝ - 3

අපි අහවල්ලුය! මේක ඇවිල්ලා අහවල් තැන වැඩ කරද්දි වෙච්ච එකක්ය. වගේ දේවල් දැං මං කියන්නැ. දිගමට ආපු අය දන්නවා අපි කව්ද මොනවද කලේ කියලා. නැද්ද?

අද කියන්නෙ ෂැවොලියා ගැන. නවම්ලගෙ පැත්තෙ පොරක්. ඇරමන්ට් වලට නං මෙන්න!

මන්දා නවම්ලත් සුදනො වගේ හිටියට මේ වගේද කියලා.

මේ සිද්දිය වෙද්දි අපි කොළඹින් කටුනායකට ක්‍රිඩා පුහුණුවීම් වලට ගිහිල්ලා හිටියෙ. අපේ කොල්ලෝ පූල් (pool) එකයි! කෙල්ලො (pool) පූල් එකයි දෙකම!!

සාමාන්‍යයෙන් ක්‍රීඩකයෙක්ගෙ පුහුණුවීම් අවුරුද්ද පුරා ගෙවෙන්නෙ මෙහෙමයි.

අවුරුද්ද මුල මුලික පුහුණුවීම් පටන් ගන්නවා. පළවෙනි මාසෙ දෙකේ කරන්නෙ ශරීරී යෝග්‍යතාවය නැවත ඉහල නංවන එක. ඊලඟ මාස දෙක තුන ශිල්පීය ක්‍රම පුහුණුව. ඊලග මාස තුන හතර තරග ඉසව්වට පුහුණු වෙනවා. ඊට පස්සෙ එන්නෙ තරග පවත්වන කාලය. ඒ වෙද්දි අපි තරග වලට ලැස්තියි. නොවැම්බර් විතර වෙද්දි අවුරුද්දක කෙරුවාවල් පෙන්නලා, දිනලා, පැරදිලා ඔක්කොම වෙලා ඉවරයි.

ඊට පස්සෙ එන්නෙ ඕෆ් සීසන් එක. ඔය ඕෆ් සීසන් එකටයි අපි කටුනායක යන්නෙ. ඒ කාලෙට කරන්නෙ ෆුට්බොල්, වොලිබෝල් වගේ කණ්ඩායම් ක්‍රීඩාවක් කරලා ස්වීමිං පාරක් දාගෙන සැහැල්ලුවෙන් ඉන්න එක.

ඕකට කටුනායකට වඩා හොඳ තැනක් නෑ. ඔය හැම ක්‍රීඩා පිටියක්මයි, සුපිරි ජිම් එකකුයි, ඉන්ඩෝ ස්ටේඩියම් එකකුයි, චිත්‍රපටි ශාලාවයි, කෑම කන්ඩ තැනුයි ඔක්කොම එකතැනක තියෙනවනං ඒ කටුනායක.

බොරුනං අපේ මාරයගෙන් අහලා බලන්ඩ. මිනිහා ඊයේ දාලා තිබුනු පෝස්ට් එකේ කෑම්ප් එක ගැන හෙන විස්තරයක් දාලා තියෙනවා නිල් කැටේට.

ඔහොම කටුනායක ගිය වෙලාවක තමා මේ සිද්දිය උනේ.

මේකට මාට්ටු උනේ මමයි, ෂැවොලියයි, මොටායි, දිගයි, ජෙට්ලියයි.

අපිට තිබුනෙ කිරිඑළදෙනක් තෝරලා ඒකීව කෝප්රල් දිසා කිව්ව තැනක ගහක බැඳලා තියන්න.

ඒ කාලේ කටුනායක කිරි ගොවිපල බාරව හිටියෙ කෝප්රල් දිසා. පොරගෙන් සර් කෙනෙක් පහුවදා උදේට එලකිරි වගයක් ඉල්ලා තියෙනවා. ඒකට කිරි ගන්නයි මේකිව හොයලා තියන්න කිව්වෙ‍.

පොර අපිට වැඩේ බාර දුන්නෙ වැඩි ලේසියට!

ඒත් අපිට හවස් වෙනකං හාංකවිසියක් ඒ ගැන මතක් උනේ නැ.

හවස අපියි, අපේ පූල් එකේ කෙල්ලොයි දෙකට බෙදිලා මරාගෙන ෆුට්බෝල් ගහලා ග්‍රවුන්ඩ් එකේ වැටිලා ටිකක් කතා කර කර හිටියා. ඒ වෙලාවේ අර සිද්දිය දැන ගෙන හිටපු ගැල්ලමයෙක් "මී ඔගොල්ලං අර වැස්සි බැන්ඳද?" කියලා නිකමට අහද්දියි අපිව උඩ ගියෙ.

කොහොමහරි අපි ගියා ගොවිපල පැත්තට. යදිදි හොඳටම කලුවර වෙලා. හවස හයහාමාරත් පහුවෙලානෙ.

මට නං කොහොමත් හරක් දිරවන්නැ. ජෙටා රතු ටීෂර්ට් එකක් ඇඳලා හින්දැ බෑ කිව්වා. මොටානං ඕන වැඩකට රෙඩි. ඒත් හරක් අස්සෙ ගිහිං ඔට්ටුවෙන්ඩ බැහැලු ෆුට්බෝල් ගහද්දි කකුල ඇමැට්ටි වෙලාලු.

කොහොමහරි අන්තිමට ඉතුරු උනේ ‍ෂැවොලියා.

මිනිහා ගියා කොටුව ඇතුලට‍. එහෙං මෙහෙං රිංගලා අතපත ගාලා, අඬ අදුරෙ ඇඟේ පොහොර වැටිච්ච වැස්සියෙක් අල්ලලා ල‍ණුව දාලා අර කියපු තැන ගිහිං බැන්දා.

පැය බාගයයි වැඩේ ඉවරයි!

පහුවදා උදේම බාස්කට් බෝල් ගේමක් ගහන්න අපි ඉන්ඩෝ එකට යන්න ලෑස්ති වෙවී ඉද්දි මෙන්න කෝල් එකක් ආවා.

“කෝ අර වැස්සි අල්ලපු එවුන්ගෙන් එකෙකුට එන්ඩ කියපල්ලා ‍ෆෝන් එකට"

“ගුඩ් මෝනින් කෝපල් දිසා.........මම අහවලා...."

“ආ..... දැම්ම වරෙල්ලා හතර දෙනා වැස්සි බැන්ඳ තැනට"

“හරි.... කෝපල්......"

මං දැනගත්තා අවුලක් වෙලා කියලා. ඒත් මතක හැටියට අපි වැඩේ තිතට කලා.

“මේ ෂැවොලියා..... උඔට හොඳටම සුවර් නේ ඊයෙ ගැට ගහලා ආවේ 'දෙනක්' කියලා"

“මේ මචං උඔ හිතුවද මම පුරුදු වෙන්න හරක් ගැටගැහුවා කියලා. මම ඒකිගෙ තනෙත් අතගාලා බැලුවා යකෝ...... කලුවරේ අඳුරගන්න බැරි හින්දා "

“අනේ පලයං........ එහෙනං අවුලක් වෙන්ඩ බෑනේ බලමුකො..."

අපි සිද්දිය වෙච්ච තැනට යද්දි කොප්‍රලුයි, පොහොර වැස්සියි අපි බලාපොරොත්තුවෙන් මඟ බලාගෙන ඉන්නවා අපි දුර තියාම දැක්කා.

ටිකක් ලගට යද්දිම, වැඩේ ෂැවොලියා අතිං අල වෙලා කියලා තේරුනා!

අපේ ෂැවොලියා වැස්සියෙක් කියලා කලුවරේ කේප්ප හරකෙක් කියහංකො...ගස් බැඳලා තියෙන්නෙ.

මට ඒක තේරුනේ කිරි ගන්න තැන වෙන මොකද්ද දෙකක් එල්ලි එල්ලි තියෙනවා දකිද්දි. දිසාට උදේම මල පැනලා තියෙන්නෙ ඒකයි එහෙනං.

මං නං කන්දෙක එවෙලෙම ලැස්තිකර ගත්තා දිසාගෙන් හොඳවයින් දෙකක් අහගන්න.

දිසාත් අපි එතෙන්ට කිට්ටු වෙද්දිම විදින්ට ගත්තා විදිල්ලක් අපිට වචනයක් කියන්න ඉඩක් නොතියාම. විදලා විදලා මිනිහා අන්තිමට මෙහෙම ප්‍රශ්ණයක් ඇහැව්වා අපිට උත්තර නැති වෙන්නම.

"
උඔලා මේකව ගස් බැලා ගියේ මට කියලා මුගේ ඇx දෙකෙක් කිරි දොව්වන්ද....?"

..............

ප/ලි-

හොඳම වැඩේ ඒක නෙමේ. අපි දිසාගෙන් මෙහෙමයි කියන්ඩ බැරි තරං බැනුම් අහලා ආපහු එද්දි, අපේ අනිත් කොල්ලොයි, කෙල්ලොයි බාස්කට් බෝලා වගේකුත් කොට කොටා ඉන්ඩෝ එක පැත්තෙ මඟ බලං ඉන්නවා අපි එනකං.

අපේ මුඩ් එක අවුල කියලා දැනගත්තු අර අහවල් ගැල්ලමය ප්‍රමුඛ කෙල්ලො ටිකයි, අපේ අනිත් උනුයි සිද්දිය අහන්ඩ අපිව වටකරගත්තා.

ඊට පස්සෙ වෙච්ච දෙබසයි මේ.

"මොකො අනේ ඌ ගොල්ල අප්සෙට් එකේ.....?"

"අර වැස්සි බැන්ද කේස් එකේ පොඩි අවුලක්...."

"ඈයි.....මොකො...."

"නෑ......මුකුත් නෑ....!

"නැත්තෙ මොකෝ....ඊයේ මූ වැස්සිගේ තනේ කියලා හරකෙක්ගෙ ඇX දෙහෙකට රැවටිලානේ...., ඒකට දිසාගෙන් හොඳට අහගෙන එන ගමං මේ... ආ.....නේ.... සොරි සොරි.... ඇට නෙමේ, ඇට නෙමේ....",

"චීයා අනේ ඒ මොකද්ද ඒ කතාව....."

ගැල්ලමයි ඒ කතාව විස්තර ඇතිව අහන්ඩ ලෑස්ති උනාට මොකද, අර දිසායි, ගොනයි එක්ක අපේ හිතේ තිබ්බ මේව්ව එකත් එක්කලා අපිට වැඩිපුර කියවුනේ අහවල් වචන.

ඒ වචන වලට "සොරි කිය කිය" හරි වචන දාලා කෙල්ලන්ට තේරෙන බාසාවෙන් කතාව කියලා ඉවර කරන්න අපිට තවත් සෑහෙන වෙලාවක් ගියා.

..........................

ප/ප/ලි-
තව කව්රු හරි ඉන්නව නං අත උස්සන්න නොතේරිච්ච තැනක් තියෙන?

2011/06/01

ස්ලිම් ඇන්ඩ් සෙක්සි කෙල්ලොත් එක්ක | මගේ යාලුවෝ 2

ඡන්ද ප්‍රථිපල වල හැටියට අද කතාව වෙන්වෙන්න ඕන ෂැවොලියට. ඊලඟට සපා. ඊලඟට ජෙට්ලි. සමහරු කැමති උනේ හොඳ ළමයා ගැන දැනගන්න.

ඔය ජෙට්ලි කියද්දි මට මතක් උනා අපිට මුනගැහෙච්ච ස්ලිම් ඇන්ඩ් සෙක්සි කෙල්ලො වගයක් ගැන කතාවක්.

ඔය කොල්ලො ගැන කතා කරනවා වගේද අනේ ඒක. බොරුනං කියෝලා බලන්ඩකො.

ඊට කලින්, මතකද මම කිව්වා අපේ පුතා ගැන.

මිනිහා කොළඔ ආපු දවසෙ ඉදලා කලේ " මචං අර මොකද්ද බං? අර ඇයි බං හැමදාම අතන පෝලිම? මේ මේකද බං වල්ට්‍රේඩ්සෙන්ටර් එක? හිරු එක මේකෙලු නේද තියෙන්නෙ නේ බං" කිය කිය තැනක් නොතැනක් නැතිව අපේ පුතෙක් වගේ කෙරෝලක් නැතිව ප්‍රශ්ණ අහන එකයි.

ජෙට්ලිලා, සූරිලා වගේ වැදගත් තාලෙට පාරේ යන්න කැමති උන් පුතාව කොහෙ ගියත් හලලා යන්න බැලුවේ තැනක් නොතැනක් නැතුව ඔය විදිහට ප්‍රශ්ණ අහන හින්දා. ඔය හේතුව හින්දා අපි ඒකමතික තිරණයක් ගත්තා මිනිහට "පුතා" කියලා නම දාන්න. වැඩිකාලයක් යන්න කලින්ම හැමදේටම හොම්බ දාන හින්දා මිනිහට අමතර නමක් හැටියට "බලුහොම්බා" කියලා කියන්නත් තීරණය කලා.

හැබැයි පුතා යෑ ඒවට සැලුනෙ.

මිනිහා අපෙන් උත්තර ගන්න බැරිනං බස් එකේ එහා සීට් එකේ යන කෙනාගෙන් හරි, පයින් යනවනං සිකුරුටි මහත්තයෙක් හරි අල්ලගන්නවා වෙලාවේ හැටියට.

කොටින්ම මිනිහට ඕනැ උනේ කොළඔ ගැන වැඩියෙන්ම දන්න මිනිහා වෙන්න. පස්සෙ ඒකට මිනිස්සු වැඩියෙන්ම අඳුරන මනුස්සයා වෙන්න ඕන කියන කාරණාවත් එක්කහු උනා. ඔය ඔක්කොම කලේ අපිට පාඩමක් උගන්නන්න.

ඒකෙන් මේකෙන් උනේ කොල් එකක් ගන්න පෝලිමේ හිටියත්, බස් එකේ ගියත්, ග්‍රවුන්ඩ් එකට ගියත්, මිනිහට නුපුරුදු මූණක් දැක්කොත්,

"ආනේ ඔයාව මං දැකලා තියෙනවා කොහෙදි හරි.... ආ... ඔයා අහවලා නේද, ගම කොහෙද කිව්වෙ... ආනේ මගෙත් යාලුවෙක් ඉන්නවා එහේ...... අර පන්සල් හන්දියෙන් වමට තියෙන පාරනේ.... එහෙමද ඔයා අහවලා දන්නවද.... එතකොට අහවලාත් දන්නවා ඇති...එයාගෙං අහන්ඩකෝ මං ගැන...... ඔයා කොහෙද වැඩ කරනවා කිව්වෙ..... ඒ කියන්නෙ ළඟදිද කොළඹ ආවේ....එහෙමද..... මං නං මෙහෙ ඇවිල්ලා හුඟක් කල්....." කියලා ඒ ගොල්ලංව ඉන්ටවිව් කරන්න තියාගන්නවා.

ඒ වෙලාවට අපි ලඟපාතක හිටියොත් කරන්නෙ "බල්ලා දුහ්....දුහ්...." කියලා පුතා එක්ක කතා කරන අනිත් මනුස්සයට තේරෙන්නැති වෙන්න හිමීට කියන එක. එතකොට පුතා බලනවා බැලිල්ලක් කොහොමද දන්නවද?

ඒ කාලේ අපි උදේ ප්‍රැක්ටිස් කලේ පන්නිපිටියේ ධර්මපාලෙ. අපේ "රොඩ්ඩා සර්" එන්නෙ එහෙට. පුතයි ජෙට්ලියයි, තව දුර දුවන ටික දෙනෙකුයි ටොරින්ටන් වල "සිරිපාල" සර් එක්ක, සමහරු සුගතදාසෙ.

කව්රු කොහෙ ප්‍රැක්ටිස් කලත් හවසට ඔක්කොමලා වගේ රේස් කෝස් එකට "සෙට් වෙනවා". විනාඩි විස්සක් විතර පොඩි ජොගිං පාරක් දාලා එතන වෙන වයිවාරන්න දේවල් බලං ඉදලා හයහමාරට විතර ආයෙ එනවා.

ඔහොම ඉදලා එද්දි තමා අපිට අර ස්ලිම් ඇන්ඩ් සෙක්සි ගෑල්ළමයි මුණගැහුනෙ.

එදත් අපි පුරුදු විදිහට රේස් කෝස් එකේ මෙහා ගේට්ටුව ගාව ඉඳලා බස් එකක් එනකං ඉදලා ගොඩ උනා.

බස් එක අද්දන්න යද්දිම වගේ "හොව් හෝව්..... හිකි හිකි" ගාගෙන අර ගෑල්ළමයි කට්ටියත් එතන තිබ්බ අනිත් ගේට්ටුවෙන් මතු උනා. ඒ කියන්නෙ පාරෙන් එහා පැත්තෙ රෝයල් එක පැත්තෙන්. උන්ගෙ අත්වල තිබ්බ ආම්පන්න වලිනුයි, තෙත කොන්ඩා වලිනුයි මට තේරුනා මේ ගොල්ලං ටික පීනන්ඩ පුරුදු වෙලා යන ගැල්ලමයි වෙන්ඩැති කියලා.

දැං අපිත් බස් එකේ, ඒ ගොල්ලත් බස් එකේ. අපිත් හිටගෙන,  ඒ ගොල්ලත් හිටගෙන. අපිත් ප්‍රැක්ටිස් කරලා යනවා.  ඒ ගොල්ලත් ප්‍රැක්ටිස් කරලා යනවා. නියමෙට කැපෙනවා. තකට තක.

දැං අපේ ජෙට්ලිලාට එහෙම ඉන්න බෑ. ඉරට්ටක් වගේ ඉන්න "පුතා"ත් දැං කරන්ට් වයර් එකක් පෑගිලා වගේ. ඇයි දෙයියා... එක කෝලමයි බස් එක අස්සෙ.

මං නං දැන ගත්තා ඊලගට මොකද වෙන්නෙ කියලා. වෙන්නෙ හැමදාම වෙන දේ. ජෙට්ලියා හෙන වැදගත් තාලෙට එක ළමයෙකුට කිට්ටු කරලා එයාව "නමාගන්න"යි යන්නෙ. අනිත් උනුත් දැං ඊතල හොයනවා විඳින්න.

පුතා හිටියෙ අර ගැල්ලමයට මෙහා පැත්තෙ. ඊට මෙහාපැත්තෙ මං. පිලිවෙලට කිව්වොත් මම, පුතා, අර ගැල්ලමයා, ජෙට්ලි. අනිත් උනුත් වටේට හිටියා. තැං තැං වල.

ඔන්න මම හිතපු හැටියටම ජෙට්ලි වැඩේට බහින්න ගියා. එක පාරටම පොර මොකද්ද මතක් වෙලා ආපහු පුතා දිහා බැලුවා.

“මේ ගොඩයො, තෝ මෙතන ඉන්නවං නං වැදගත් විදිහට හිටු? තෝ මැදට පැනලා මෙතන මුලු රටටම ඇහෙන්ඩ අපිව චා කෙරුවොත්, අම්මපා මචං තොගෙ බෙල්ල මිරිකන එක මිරිකනවමයි” දත්මිටි කාගෙන මිනිහා පුතා පැත්තට ඇදිලා හිමිට කියලා, "මේ මචං මූව ටිකක් බලහං" කියලා මට බාර දුන්න.

පස්සෙ ජෙටා උගුර පාදගෙන එහෙම වැඩේට බැස්සා.

"ඕගොල්ල කොහෙද?" ඒ අපේ ජෙටා.

"මී..... එස්කියුස් මී. ඌගොල්ලං මේ බස් එකේ යන හැමෝගෙම විස්තර ගන්නවද?" ඒ අර ගෑල්ලමයා. බොරුවට ගැස්සිලා වගේ බැලුවා.

"හිකි හිකි හිකි........." ඒ උන්ගෙ අනිත් ටිකයි, අපේ ටිකකකුයි, මමයි.

"නැනැ නංගි..... ඕගොල්ලං වැදගත් පාටට ඉන්න හින්දයි ඇහැව්වෙ......."

"ආ....... එහෙම එන්න, අපි අහවල් ගර්ල්ස්කූල් එකේ......"

"හිකි හිකි හිකි........." ඒ උන්ගෙ අනිත් ටිකයි, අපේ ටිකකකුයි, මමයි.

"ඕගොල්ල හැමදාම ස්වීමිං එනවද?"

"ඔව්! ඇයි ඕගොල්ලත් සුවීමිං වලට එන්නද?"

"හිකි හිකි හිකි........." ඒ උන්ගෙ අනිත් ටිකයි, අපේ ටිකකකුයි, මමයි.

ඔය කතාව ඔහොම යද්දි අපේ පුතාට නං ඉන්න බෑ. මොකද මිනිහටනේ ඉන්ටවිව් කරලා හොඳට පුරුදු. අනික මේ වගේ වෙලාවක, මේවගේ කට්ටියක් ඉන්ටවිව් කරන්න ආය කවදා ලැබෙයි කියලා ද!

ඒත් මම බස් එකේ කාටත් හොරා මාපොට ඇඟිල්ලෙනුයි, දඹර ඇගිල්ලෙ ඉස්සර ඉඳං දෙවෙනි පුරුකයි උපයෝගී කරගෙන මේ අසීරු මොහොත ඉවර වෙනකං පුතාගෙ ඉනේ මස් කෑල්ලක් අඔරෝගෙන හිටියෙ. ඒ ජෙටාට දෙන සහයෝගයක් හැටියට. වැඩිය දැඟලුවොත් හරි, කට අරින්න ගියොත් හරි මට තියෙන්නෙ මස් කෑල්ල මෙහාපැත්තට අඔරන්නයි.

"අපෝ අපි එහෙම එනවා යෑ ඕගොල්ල එක්ක ස්වීම් කරන්න..... අපි වැදගත් ළමයිනෙ... නේද මචං"

"එහෙමද........." අර ගැල්ලමයා පැත්තට හිනා උනා.

"හිකි හිකි හිකි........." ඒ උන්ගෙ අනිත් ටිකයි, අපේ ටිකකකුයි, මමයි.

" ඔව්.... ඔව්..... අපි කැන්ඩි වල වැදගත් මිනිස්සු තමා..... නේද මචං"

අන්න ජෙටා කෙප්පයක් කෙලියා. හැබැයි ඒ උත්තරෙන් මෙච්චර වෙලා කතාව කෙරීගෙන ආපු විදිහ වෙනස් උනා. අර ගැල්ලමයා පළවෙනි පාර ජෙටාගෙන් ප්‍රශ්නයක් ඇහැව්වා.

"ඔයා කැන්ඩි වලද? මොකද්ද ඔයාගෙ සර්නේම් එක?"

අන්න ඒ වෙලාවෙනං පුතාට කොහොමත් ඉන්න බැරි උනා. මිනිහා මගේ ඇඟිලි වලින් බේරිලා පැන්න ගමන් ජෙටාට කලින් මෙහෙම කිව්වා.

සර්නේම් එකද? සිරිපාල සර්. මගෙයි මුගෙයි, සොරි! මගෙයි මෙයාගෙයි දෙන්නගේ කෝච් එයා. ඇයි නංගිලා එයාව අඳුරනවද?

ඒ පාර නං උන්ගෙ අනිත් ටිකයි, අපේ ටිකකකුයි, මමයි එක්ක අමතරව අර ගැල්ලමයයි, තව වටේ පිටේ හොරෙං මේ කතාව අහං හිටපු කට්ටියකුයි කැකිරි පලන්න ගත්තා.
...................................

Related Posts Plugin for WordPress, Blogger...