2012/05/19

අද කාටුන් - 15 - රෝස් නගා දැක සෙන්නා සලිත වෙයි.

සෙන්නා කියන්නෙ සිංහල බ්ලොග් කලාවට ආපු වෙනස් ලිපි ලියන කෙනෙක්. 

එයා බ්ලොග් එක ආරම්භ කරලා ගොඩක් කාලයක් ගිහිල්ලා නෑ. දවසක් මට වැරදිලා ඒ පැත්තෙ ගියා. ගිය එකේ නිකම්ම එන්ඩ හොඳ නැති හන්දා ලියුමක් දෙකක් කියෙව්වා. ඒ ලිපි කොච්චර රසවත් ද කියනවා නම් එදා උදේ වරුවේ මම සෑහෙන ලියුම් ටිකක් එක හුස්මට කියෙව්වා. ඕගොල්ලත් හුස්මක් අල්ලලා පුලුවන්න නම් මම එදා කියෝපු රුහුනේ කොල්ලා මුලු ලෝකෙම හොල්ලා, බළල් පණක් තිබූ පුජකයා, හිම කතරක අතරමං ව, ලොව මවිත කල පුංචි කොලුවා සහ මහත මිනිසා කියන ලිපි ටික කියෝලා බලන්න. ඕන ඔට්ටුවක් ඕගොල්ලන්ට බෑ!

එදා මට සෙන්නා ගැන යම්කිසි මෙව්වා එකක් ආවේ මේ ලිපි ලියන්න එයාගෙ තියෙන කැපවීම ගැන හිතුන හන්දා.

ඒත් දෙවියනේ කව්ද හිතුවෙ ගැල්ලමයෙක් හන්දා මේ වගේ මනුස්සයෙකුට මෙහෙම දෙයක් වෙයි කියලා. ඒ ගැන හිතද්දි මගේ හිතේ බුර බුරා නැගුනු ආවේගය හන්දා තමා මේ කාටුන් එක ඇඳුනේ!


මම එහෙමෙ කිව්ව පලියට ඕගොල්ල නං මේ ලින්ක් එකෙන් ගිහිල්ලා ඒක කියවන්න එපා. එහෙම උනොත් ඕගොල්ලන්ගෙ හදවතුත් ගිනි ගන්න ගනියි බුර බුරා...!

මේ වගේ වැරදිලා ගොඩවදින්න හොඳ බ්ලොග් ගැන ඔත්තුවක් ඕගොල්ලන්ට ලැබුනොත් මටත් කියන්න. 

එහෙනම් ලබන සෙනසුරාදා නැවත හමුවෙමු. අතරතුර කතන්දරත් වැටෙනවා.

...............................
- මීට විදෙස් සිත්තරා.

ප/ලි
මතකනෙ, දැනටමත් කෙහෙල් කොටුවේ චූටි මහත්තයගේ කතා Coming Soon තත්වයේ ගැට්ටෙ තියෙන්නෙ කියලා.



85 ක් කියන්නේ !:

  1. අපිනම් යයි ඔය එක එක ලින්ක් වලට

    ReplyDelete
    Replies
    1. මේකෙ වැටෙනවා ගියාද නැද්ද කියලා පිසා....හෙහ් හේ...

      Delete
  2. මට දැන් සෑහෙන දවසක ඉදන් බොහොම බැරෑරුම් පුරස්නයක් මතුවෙලා තියෙනවා.. බුද්ධීයා මේ "බුර බුරා" කියන කෑල්ල පාවිච්චි කරනවා බොහොම වැඩියි.. මේ "බුරා" වගේ වැදගත් වචනයක් නිස්කාරනේ එහෙම ආවට-ගියාට පාවිච්චි කරන එකට මං ඉන්තේරුවෙන්ම විරුද්ධයි..

    ReplyDelete
    Replies
    1. ඔය බුර බුරා කියන්නෙ උඹට නෙමේ. බුහ් බුහ් කියන එක..... එයා කථා කරපු මුල් භාෂාව. දැන් සිංහල දන්නවා

      Delete
    2. අඩෝ සෙනාට දැන් කොහොමත් ගලක් බැඳන් මුහුදට පනින්න වෙනවා.

      Delete
    3. බූරා, ඔයා බූරා ද බුරා ද? මම හිතුවේ බූරා කියලා. අනේ සමාවෙන්න මහත්මයා. බැයිද මට දැන්වත් මට රපිකොයිට් දෙන්න ඕක යූස් කරන්න.

      නැන්නං මගේ හදවතේ බුර බුරා ගින්නක් ඇවිලෙයි ඕං...

      Delete
    4. ඉෂාර, පිස්සුද උන්ගෙ පැත්තෙ ගල් හිගයිලු

      Delete
  3. ෂා නියමෙට ඇදලා

    ReplyDelete
  4. මේ අර කටුකුරුන්දේ ළමයාගේ බ්ලොග් එකනේ . මේක නම් හොඳම හොඳ වැඩක් . සමහර අපේ කමෙන්ට් කරන ඈයෝ ලස්සන බ්ලොග් ලියනවා . අපි දන්නේ නැහැ . ඊයෙත් මන් දෙකක් සොයා ගත්ත . දිනේෂ්ගේ වර්ණ සහ අඩවි රජාගේ බ්ලොග් එක . ඒ අස්සේ තව අය ඉන්නවා . මන් ලියන්නේ මට ඕන හන්දා. ඕනනම් කියවන්න නැත්නම් නිකා ඉන්න ජාතියේ . කමෙන්ට් එකක් දැම්මට කිසිම ප්‍රතිචාරයක් නැහැ . ඒත් ඒවායේ තියෙනවා ලස්සන ලිපි . මන් ඊ ලඟට දැක්කොත් කියන්නම්කො

    ReplyDelete
    Replies
    1. හොඳමයි බින්දුමතී අක්කෙ. ස්තුතියි බ්ලොග් සොයාගැනීමෙ මෙහෙයුමට එක්කහු උනාට.

      මීට අවුරුදු දෙකකට කලින් දුකාලා, බිගුවලා, කකාලා වගේ අයයි තව ගොඩක් දෙනෙකුයි මගේ බ්ලොග් එක ගැනත් ප්‍රචාරයක් දුන්නා. කකා එහෙම එයාගේ බ්ලොග් එකෙන් ලින්ක් දුන්නා. ටැබූ සම්මානේ හංදත් එකතු උනු කට්ටියට හිටියා.

      දැන් බින්දුමතී අක්කා අහනවනං ඇයි මේවා මට කියන්නෙ කියලා. ඒ මට මතක් වුනු හින්දා:D

      Delete
  5. මමනම් සෙන්නගේ බ්ලොග් එක ගොඩ දවසක ඉදලම කියවනවා...
    ඔයා අද අදාල තියෙන කර්ටූන් එකනම් සුපිරි...
    ජය...

    __චමී__

    ReplyDelete
    Replies
    1. එතකොට මම ඉතරයි වගේ කියෝලා නැත්තෙ.... හෙහ් හෙ.... ස්තුතියි චමී....සයිබර් යායට අලුත් වගේ චමියා මට නං පේන්නෙ....

      Delete
  6. ඒකත් මරු. ඔබේ රූප කලාව නම් ඉතාම අගෙයි. මෙවැනි හැකියාවක් ඇති අය හරි අඩුයි. ජයම පතනවා.

    පව් සෙන්නා. සෙල්ලම් පෙන්නා, බුද්ධියට කාටුන් එකක් අදින්න ලැබුනා නේද???

    ReplyDelete
    Replies
    1. වෙද මහත්තයගේ අගය කිරීම ගැන නොවක් තුති.

      බ්ලොග් යාලුවන් හා මමත් සොයා ගත් කාටුන් වෙබ් අඩවි බලද්දි මම මොන්ටිසෝරි ලෙවල්! ඒත් වෙද මහත්තයා වගේ අයගේ දිරිගැන්විම හන්දා මේ විනෝදාංසෙ වැඩිදියුනු කරගන්නමයි හිත!

      සෙන්නා අහුඋනාට මොකද, වෙද මහත්තයාව තාම අහුඋනේ නෑ නෙව අපේ විදෙස් සිත්තරාට.....!

      Delete
  7. ඒ කියන්නේ. . . . . . . සෙන්නා පැන්නා

    http://jangun.wordpress.com

    ReplyDelete
    Replies
    1. සෙන්නා පැන්නා...
      සෙන්නා ලිව්වා.... ස්තුතියි විචාරක

      Delete
  8. සෙන්නා රෝස් එක්ක සෙට් වෙන්න ගියාම අහිංසක ජැක් කොල්ලයි, පාතාල කැල් කොල්ලටයි මොකද වෙන්නේ ???

    ReplyDelete
    Replies
    1. වැඩැන් නෑ කතා කරලා. ජැකාට සෙට් උනේ අර යකඩ ගොඩ විතරයි නොවැ.

      Delete
  9. අෆොයි... එතකොට නැවේ ඉන්නේ මොකාද? ජැක් කොලුවද?

    ReplyDelete
    Replies
    1. අන්න හරියට තේරුම් ගත්තු මනුස්පයෙක්. ඉෂ්තුතියි

      Delete
  10. @චු.කො.කෙ මහත්තයා,

    බුරා,බුරා යන වචනය , නැවත නැවතත් යොදා ගනිමින්, අපේ බුරාගෙ කීර්ති නාම‍ය කඩතොලු වීම වෙනුවෙන් අප හදේ බුර බුරා නැගෙන සන්තාපය මෙසේ ප්‍රකාශ කරමි. හෙහ් හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. බූරාගේ කිර්ති නාමය කඩතොලු වෙලාද, මිනිහට දැවිල්ල අල්ලලද දන්නැ නේද? හෙහ් හේ

      Delete
  11. දැන් බුද්දිගේ ගෑනු ලමයි ගවේශනය කවදද ඉවර වෙන්නේ

    ReplyDelete
    Replies
    1. මොනවද මං මේ කියවන්නෙ

      Delete
  12. පට්ට පට්ට බුද්ධි අයියේ...සුපිරි!!!

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහ රජ!

      වැඩි වැඩියෙක් ඡන්ද ලැබේවා....

      Delete
  13. සෙන්න ටයිටැනික් හොයාගත්තද?
    නියම චිත්ත‍රේ බුද්ධියො.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසා.... උඔ කැමති නැද්ද අපේ විදෙස් සිත්තරා අතින් කාටුනයක් වෙන්ඩ

      Delete
    2. උඹට මං කියන්නෑ...

      Delete
  14. බුද්ධි අයියට ඔය බ්ලොගේ හම්බුවෙලා මූණු පොතේ ලින්ක් එක දාපු දවසෙම ගිහින් බැලුව... සෙන්නගෙ බ්ලොගේ මරු....

    හැබැයි ඉතිං මේ රෝස් සීන් එක නම් දුකේ බෑ ;)

    ReplyDelete
  15. මම Senna ගෙ බ්ලොග් එකේ මුලින්ම කියෙව්වෙ සේපාල ඒකනායක ගැන සින්දුව. එකත් මේ බුද්ධි දාල තිබ්බ ලින්ක් එකකින් තමයි. බොහොම ඉස්තුතියි මේ වගේ බ්ලොග් හොයල දෙනවට.

    ReplyDelete
    Replies
    1. සාතන්,
      මට මතකයි! වටින කියන හින්දයි මම එදත් බෙද්දේ....හෙහ් හෙ.... ස්තුතියි!

      .............

      මුහුදු කොල්ලකාරයා,
      උඔ වැදගත් තාලෙට මට කතා කරද්දි මට නිකං මොකද්ද මොකද්ද වගේ.... ඒ මදිවට ස්තුතිත් කරලා.... මුහුදු, ඒ ලියුමේ සින්දුවකුත් තිබුනද?

      Delete
  16. අපි නොදන්න ලයිව් එකෙත් හිටියා පොරක් ඔක්සිජන් මෙව්වා මොකුත් නැතුව පතුලටම කිමිදෙන්න පුලුවන්... හැබැයි ආයේ උඩ එන්න බෑ...

    සෙන්නා කියන නම කලින් ඇහිලා තිබුණා... බ්ලොග් එක කියවන්න ඉස්පාසුවක් ලැබුණේ නෑ... අද හොඳා...

    ReplyDelete
    Replies
    1. බීටලේ,

      ඇයි බෝම්බ නිශ්ක්‍රීය අංශෙට යන්නත් ඉන්ටවීව් එකක් තිබ්බෙ.... පොරගෙන් අහනවා මේක බෝම්බයක් කියලා හොයාගන්නෙ කොහොමද කියලා? මෑන්ස් කියනවා ඇයි හලෝ පුපුරපුවාමනේ කියලා......

      Delete
  17. ලස්සන කාටූන් එකක්...මුහුද යටට යන කොට වර්ණය වෙනස් වන එකටයි මම ආසා..

    ReplyDelete
  18. @සෙන්නා,
    අයියෝ සෙන්නා..
    ඔයා ඔච්චර මහන්සි වෙලා ටයිටැනික් ගැන ලිව්වට මම හිතුවෙ නෑ මෙහෙම කේස් එකක් කියලා..අයියෝ සල්ලි...

    @විදෙස් සිත්තරා
    ඔයාට තමයි මේ වගේ දේවල් (පෝස්ට්වල පේලි අතර ලියැවිලා තියන දේවල්) අල්ලගන්න දක්ෂ..කොහොමද රහස් පරීක්ෂක වැඩක්වත් පටන් ගත්තොත්...!!

    ReplyDelete
    Replies
    1. රූ, මට තියන පුරස්නෙ මුන්දෑ කොහොමද මේ ගැන දැන ගත්තෙ කියන එක.. හොයලා බලන්ඩ වටින කාරනාවක් ඒක..

      Delete
    2. රූ,
      බ්ලොග් කෙරුවාවත් රහස්පරීක්ෂක වැඩැක් වගේ නේනංනං ඕයාට ඒක තේරුනේ නැද්ද ඒ විදිහිට.... කො‍හොම උනත් සයිබර් යායේ සියලු දෙනාගෙන් රූගේ ඇනිවසරි එකට සුබ පැතුම්. චිරාත් කාලයක් යෙහෙන් වැජබේවා!!!!

      .........
      සෙන්නා,
      :D

      Delete
  19. අනේ යස අපූරුවට හිටපු සෙන්නා! කෙල්ලන්ට හිත් බැන්දම ඔහොම තමයි....

    ReplyDelete
    Replies
    1. අද්දැකීම් තියෙන අය අද්දෑකීම් වලින්ම ලු කතා කරන්නෙ....හෙහ් හෙ...

      Delete
  20. මේකනම් තරහට දීපු රැගක්....... ඔෆිස් වැඩ අස්සෙ මේක කියවන්න බෑ.. දවසක් නිවාඩු දාල තමයි කියවන්න වෙන්නේ


    ඒ උනාට කුරුන්දනම් පට්ට

    ReplyDelete
    Replies
    1. මී ගොඩයෝ,

      කුරුන්ද නං පට්ට ම නේනනං... ඒකනේ බුර බුරා ආවේගයක් ඇවිල්ලා මේක ඇඳුනේ....

      Delete
  21. කාටුන් එක සුපිරි . වර්ණ ගැලපිම හරිම අගෙයි .
    සෙන්නව බලන්න යනනම් ඉඩ ලැබෙන විදියට .

    ReplyDelete
    Replies
    1. හාහා ගිම්හානී, ඔයා සෙන්නව බලන්ඩ යන්ඩෝන් නෑ..... කුරුන්ද බ්ලොග් එකට ගියාම හොඳටම ඇති.....:D

      සිත්තර විචාරයට ස්තුතියි හෙහ් හේ........

      Delete
  22. කව්ද මලේ මේ "සර්වෝදයේ රොබින්" කියන්නේ???

    ReplyDelete
    Replies
    1. මමත් සෑහෙන වෙලා උඩ පින්තූරෙ බලන් කම්පනා කලා..
      මම හිතන්නෙ ලංකාවෙ ඉන්න රොබින් වර්ශන් එක වෙන්නෝනැ..

      Delete
    2. Tissa Bhaiya, Ruu,

      wade Kiyanne... Me Comment Dekama Mata Penne Nathi Hati....:D.

      Kohoma Unath Comment ekata Sthuthi....

      Delete
  23. අම්මට සිරි කෙහෙල් කොටුවේ චූටි මහත්තය ආයෙත් එනවද? මං කැමතිම චූටි මහත්තයට. අනෙක්වට නං එච්චර මනාප නෑ.

    ReplyDelete
    Replies
    1. රාජ්,

      කෙලින් කතාවට තුති. මම හිතුවේ රාජ්ලා ලඟදී බ්ලොග් මෙව්වා එකට ආපු හින්දා ඒ කාලේ ලියපු කෙහෙල්කොටුවේ කතා ගැන දන්නෙ නැතුව ඇතියි කියලා....බලාගෙන යද්දි එහෙම නෑනේ

      Delete
    2. අපොයි නෑ. මම බ්ලොගේට ආව ඉස්සෙල්ලම දවසෙ කෙහෙල් කොරටුවෙ චූටි මහත්තයගෙ කතා සෙට් එකම බැලුවෙ එක දිගටම. බයිසිකලේට හුලං ගහපු හැටි තමයි දැනටත් මම කැමතිම කතාව.

      Delete
  24. මටනං මේ සෙන්නව දැක්කාම මතක් වෙන්නේ ටිං ටිංව. කාටූන් එක ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. හප්පා මේ කතාව අහලා දැන් සෙන්නා මුරුංගා අත්තේ දල්ලටම ගිහිං ඇති. බලාගෙන යද්දි ඒකෙ වැරැද්දකුත් නෑ. දෙන්නම කරන්නෙ හොයන එකනේ...... ස්තුතියි කාටුන් එක අගේ කොලාට ඇවිද්ද පය....

      Delete
  25. මේ සේනාව නේ. අපි නොදන්නා සෙනා.

    කෙසෙල් කොටුවේ චුටි මහත්තයා එනවා කියනව එන්නේ නැහැ නේ. බාලගිරි දෝසෙ වගේ නේ.

    ReplyDelete
    Replies
    1. කෙහෙල්කොටුවේ චූටි මහත්තයා කතා ලියවිලා තියෙන්නෙ... කොහෙද මේ සිත්තරයක් ඇඳගන්න වෙලාවක් නැති හැටි.....! ඉවසලා ඉන්ඩ අසරණයා

      Delete
  26. කුරුන්දට ගියා

    ReplyDelete
  27. කාටූන් එක මාර ලස්සනයි. සෙන්නව බලලාම එන්නම් කමෙන්ට් දාන්ට හොඳේ. :D

    ReplyDelete
    Replies
    1. කුමාරිහාමී තාම මඟ වගේ...හෙහ් හෙ

      Delete
  28. හපොයි විනාසයි...!!!!

    ආයෙනම් මලාට ගවේශණ කරන්ඩ යන්නෙ නෑ.. සත්තයි..

    විදෙස් සිත්තරෝ උඹට කියන්ඩ උඹේ මේ කෙරුවාව හින්දා පෝස්ට් එකක් දාපුවමවත් නොකැරකෙන තරම් මීටරේ කැරකිලා තිබ්බා.. අලුත් කට්ටියත් එකතු වෙලා.. මේ කරගත්තාවූ කුසල කර්මයේ බල මහිමයෙන් වි.සි. හෙවත් කෙ.කො.චූ.ම. හෙවත් යු.දෙ.වී හෙවත් බු.ප්‍ර. ට වැඩි වැඩියෙන් ළමයි හම්බේවා කියලා පතමි. :-)

    -------------------------------------------------

    රහසින් ; කිමිදෙනවා තියා අඩි දෙක තුනක් පීන ගන්නෙත් හරි අමාරුවෙන්. ඕන් කාටවත් කියනවා එහෙම නෙමේ උඹට විතරමයි කිව්වෙ.

    ReplyDelete
    Replies
    1. සෙන්නා, ස්තුතියි. ඒත් ළමයි හම්බවේවා කිව්වෙ මොන අදහසින්ද? අපේ ඉස්කෝලෙට නේද.... එහෙනං එසේම වේවා.....!
      .................


      ඕං කිව්වා කතාවක්... කව්ද බන්ස් අඩි වලින් පීනන්නෙ... පීනන්නෙ ලීටර් වලින්නෙ....

      Delete
  29. සෙන්නගෙ මූණ දැක්කෙ අදනෙ

    ReplyDelete
    Replies
    1. කොහොමද හරී ලස්සනයි නේද..? හැබැයි මේක දැක්කට පස්සෙ මගෙ කොන්ඩෙත් ඔය තියනවා වගේ කෙලින් වුනා.. හික් හික්..:-)

      Delete
    2. සෙන්නාගේ මූණ මතත් දැක්කෙ අදයි හරී.... හෙහ් හෙ....

      Delete
  30. අයියෝ මෙන්න මඩ :පි

    ReplyDelete
  31. නැව ගිලිල අවුරුදු 100 යි. හ්ම් ... අවුරුදු එකසිය ගානක් වෙන ජැක් ආතටද අනේ අර සෙන්න “අයිය“ කියන්නෙ. : )

    ReplyDelete
    Replies
    1. වර්ණා,

      කෝ කෝ කෙහද මඩ....
      ...........

      ඩීඩීටී,
      හැදියාවක් නැති කොල්ලෙක්.. ඒකනෙ ඔය!

      Delete
  32. තැන්කු බුද්ධි අය්යේ වැඩි වැඩියෙන් මේ වගේ සමාජ සත්කාර කරන්න ලැබෙන්න ඕනා...

    ReplyDelete
  33. මටත් මග ඇරිලා තිබ්බ බ්ලොග් එකක්නේ.. ඔන්න ඒ පැත්තට ගියා.. හෙමීට කියවලා බලන්න ඕන..

    කාටුන් එක ඉතින් කොහොමත් සුපිරියි නේ අයියේ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දීනේශ් දේවා...!

      Delete
  34. අපොයි අපරාදේ අපි කලින් ගියපු තැනක් නේ..

    අද ඉදන් යන්නෙ නැහැ.. :ඩි

    ReplyDelete
  35. මම සෙන්නගෙ බ්ලොග් එක කියවනවා. අර මගෙ බ්ලොග් රෝලෙත් තියෙන්නෙ දිලිසි දිලිසි!
    henryblogwalker the Dude

    ReplyDelete
  36. සැම්, ඩූඩ්,
    එතකොට මමද අන්තිමයා...හෙහ්හෙ...

    ReplyDelete
  37. රෝසිව දැක්කම සෙන්න අයියා පැන්න එක පුදුමයක්යැ ඒ කාලේ චූටි එකා වෙච්චි මටත් පනින්න හිතුනා.... දැනුත් මතක් වෙද්දි කිති කිති වගේ... තාම ටයිටැනික් මං ගාව තියෙනවා මුලින්ම දැක්ක රෝසිව අමතක කරන්නේ කෙලෙසද අයියෝ... හැබැයි "the reader" බැලුවාම නං හිතුනා හැමදාම එක වගේ තියෙන්නැ කියලා හැම දෙයක්ම..

    චිත්‍රය නම් හැමදාමත් වගේ පංකාදුයි අප්පා ඇනිමේටඩ් කාටුන් එකක් වගේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගැමියා.... දිගටම අපත් සමග රැදී සිටින්න..

      Delete
  38. බුද්ධි, කාටුන් එක නම් වෙනදා වගේම සුපිරි !!! මටත් සෙන්නාව පෙනුනේ හැබැයි ටිංටිං වගේ තමා...!!!

    මොනවා වුනත් කුරුන්ද ගැන ප්‍රචාරයක් දුන්නට උඹට ගොඩක් පිං !!! ඒක කියවන්නම වටින බ්ලොග් එකක් !!! සෙන්නා සහෝටත් උඹටත් දෙන්නටම ජය!!!

    ReplyDelete
  39. බුද්ධි,

    ඉතා මනරම් කාටූනයක් ඇඳ කුරුන්ද වෙනුවෙන් ලබා දුන් මේ අනගි ප්‍රචාරය වෙනුවෙන් මාගේ හදවතෙහි බුර බුරා නැගෙන ස්තූතිය පිළිගන්න. එයට ප්‍රතිචාර දැක්වූ සැමටත්, එය මඟින් කුරුන්ද හඳුනා ගෙන කුරුන්ද හා එක්වූ සියලු දෙනාටත්, මුල සිටම කුරුන්ද හා සිටිමින් දිරිමත් කළ සියලුම පාඨකයින්ටත් නොවක් තුති.

    සියලු දෙනාටම ජයම පතමි !!!

    ReplyDelete
    Replies
    1. ඔබගේ හදවතෙහි බුර බුරා* සොරි! නැගෙන ස්තූතිය මම ඉතා ඕනැ කමින් පිලිගනිමි. ස්තුතියි!

      ඉදිරියේ දී මෙවැනි ළදුන් අරඹයා ලිපි ලියන විට වඩා සැලකිල්ලෙන් ලියන මෙන් ඉල්ලා සිටින මා ඔබේ හිතවත් විදෙස් සිත්තරා.
      ...........

      * බුර බුරා යන වචනයේ අයිතිය පිළිබඳ නීතිමය මෙව්වා එකක් පැන නෑගී ඇත. ඒ පිළිබද දැන් බූරතීනෝ මහතා සමඟ සාකඡ්චා කරගෙන යයි. නොබෝ දිනකින් බුර බුරා යන වචනය අපට රිසි සේ යොදා ගැනීමට අවස්ථාව ලබා දෙනු ඇතැයි මා උදක් ම විශ්වාස කරමි. බුර බුරා යන වචනය පාටිච්චි කිරීමට නොහැකි වීම ගැන මගේ හදවතේ පතුලෙන් බුර බුරා නැගෙන කණගාටුව පිළිගන්න.

      Delete
  40. ගැමියා,
    ස්තුතියි ගැමී.....දිගමට අපත් සමඟ ම රැදී සිටින්න....:D

    ...........
    චතුරංග,
    ස්තතුයි. පුලුවන් වෙලාවට මේ වගේ දෙයක් කරනවා....හෙහ් හේ..... මේ ඉන්න ගමන් පිනුත් එක් රැස් කර ගන්ට එපැයි...:D

    ReplyDelete
  41. ඔබගේ හදවතෙහි බුර බුරා* සොරි! නැගෙන ස්තූතිය මම ඉතා ඕනැ කමින් පිලිගනිමි. ස්තුතියි!

    ඉදිරියේ දී මෙවැනි ළදුන් අරඹයා ලිපි ලියන විට වඩා සැලකිල්ලෙන් ලියන මෙන් ඉල්ලා සිටින මා ඔබේ හිතවත් විදෙස් සිත්තරා.
    ...........

    * බුර බුරා යන වචනයේ අයිතිය පිළිබඳ නීතිමය මෙව්වා එකක් පැන නෑගී ඇත. ඒ පිළිබද දැන් බූරතීනෝ මහතා සමඟ සාකඡ්චා කරගෙන යයි. නොබෝ දිනකින් බුර බුරා යන වචනය අපට රිසි සේ යොදා ගැනීමට අවස්ථාව ලබා දෙනු ඇතැයි මා උදක් ම විශ්වාස කරමි. බුර බුරා යන වචනය පාටිච්චි කිරීමට නොහැකි වීම ගැන මගේ හදවතේ පතුලෙන් බුර බුරා නැගෙන කණගාටුව පිළිගන්න.

    ReplyDelete
  42. සෙන්නාගේ බ්ලොගයෙ මේකේ ලින්කුව දැකල ආවේ.. තුවක්කු බැක් ෆයර් වෙනව වගේ ලින්කුත් බැක් ෆයර් වෙනව නේ..

    ReplyDelete
  43. හික්ස්..මෙහෙන් කුරුන්දට යන්න පාර කියල තිබුනට ඔන්න මම කුරුන්දෙන් මෙහාට පාර හොයා ගත්තා...

    ReplyDelete
  44. කුරුන්ද දිගේ යනකොට තමයි කෙහෙල් කොරටුව හම්බ උනේ... දිගටම එන්නම්කො කෙහෙල් කැන් පැහුනම :D

    ReplyDelete
  45. නිව්ටන් ගේ "සෑම ක්‍රියාවකටම සමාන සහ ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් තියෙනවා" කියන නියමය වගේ මම මේ පැත්තට ආවේ කුරුන්ද හරහා.

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...