01. priyantha June 28, 2012 4:41 PM
මේකේ සිත්තරේ නැද්දෝ...:(
03.අසේල June 28, 2012 1:04 PM
ඇයි චිත්‍රයක් නැත්තෙ.....
02.හසී June 27, 2012 9:48 PM
සිත්තරා නිවාඩු ගිහින් ද?
03.පරිකල්පන June 27, 2012 7:45 PM
කෝ සිත්තරේ...?
04.සෙන්නා June 27, 2012 3:32 PM
හැකියාවයි, උපකරනයි තියන එකේ, සිත්තරේකුත් දැම්මනම් නරකද.. ?
05.Beetle June 27, 2012 10:38 AM
මේකට සිත්තරයක් නැති එක නම් වස පාඩුවක්...
06. Sahan WeerasingheJune 27, 2012 9:34 AM
ඒකනේ දැං සිත්තර එන්න එන්නම අඩු වෙනවා,,, මටත් දැං එපාවීගෙන එන්නෙ...
07.වෙද ගෙදර මහ වෙදනාJune 27, 2012 9:12 AM
නරකද මේ ගැන ලස්සන රූපයක් ඇන්දොත්. විදෙස් සිත්තරා නම් කැමති ඇති.
කතාවලට සිත්තර නැති වුනු එක, සෙනසුරාදාට විතරක් සිත්තර පලවෙන එක ඉබේ සිද්ධ උනු දෙයක් නෙමේ. ඒ කාලෙ ඉදන් සයිබර් යායට ගොඩවෙලා මේකෙ වෙන දේවල් ගැන ඇහැගහගෙන ඉදලා සිත්තර ගැන මට උපදෙස් දුන්නු පොරක්ගෙ කියමනකට අනුවයි මේ දේවල් සිද්ද උනේ.
ඒ කාලේ මම එයාව එච්චර දන්නෑ. ඒත් දවසක් මට ලිඛිත මාර්ගයෙන් කතා කලා.
පොර - මසං... මම අහවල් බ්ලොග් එක ලියන අහවලා. මසං... මං පොඩි දෙයක් කියන්නං උඔ තරහ වෙනවද?
මම - ඉතිං කියාපං.... මම මොකටද තරහා වෙන්නෙ......!
පොර - මසං... උඔගේ ලියුම් වලට සිත්තර දැමිල්ල නැගලා යනවා නේද?
මම - නැතුව අපි වැඩක් කලොත් දන්නවනේ.......
පොර - මසං... තව සිත්තර දෙක තුනක් දාලා ඕක නවත්තපන්....
මම - වට් නොංසං... ආ යු මෑඩ්....!
පොර - නෝ..මේට්! මේ අහපන්....එතකොට අගේ වැඩි වෙනවා. ඉදලා හිටලා එකක් දාපන්... ටික දවසක් යද්දි උඔගෙන් කට්ටිය "සිත්තර දාන්නෙ නැද්ද?, සිත්තර දාන්නෙ නැද්ද?" කියලා අහන්ඩ ගනියි. ඕක පොඩ්ඩක් ඩිමාන්ඩ් කරාපං.....!
මම - එහෙමද? ටැංකොයි!.... උඔලා වගේ අදහස් දක්වන අය ඉන්න එක මට ලොකු හයියක්.
ඔය පොර ඔතනින් නැවතුනේ නෑ. ජාත්‍යන්තර මට්ටමේ කාටුන් වෙබ් අවඩි වල ලින්ක් එහෙමත් මහ ගොඩක් මට එව්වා. ඒවා බලලා ඉගෙන ගන්න කියලා.
ඉතින් මම මිනිහව විශ්වාස කලා. ඒ අනුව කතන්දර වලින් සිත්තර අයින් කරලා සෙනසුරාදාට විතරක් ඒවා දැම්මා. ඔන්න දැං මිනිහා කිව්ව විදිහට වැඩේ පත්තුවෙලා. සිත්තරේ නැතුව සමහරුන්ට කෑවත් නොකෑවා වගේලු. කිව්වට පිළිගන්ඩ මේල් සිය ගාණකින් මගේ ඉන්බොක්ස් එකත් පිරිලා මේ වගේ ඉල්ලීම් වලින්. (ඉන්බොක්ස් එක මට විතරයි නේද පේන්නෙ?)
වැදගත් ම දේ ඒ එක නෙමේ පින්වතුනි, මිනිහා ව මම මගේ සිත්තර උපදේශක තනතුරට පත්කර ගත්තා. අඩු වයසින් ම මිනිහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වෙන ලකුණු පෙන්නුම් කරනවා. එකක් තමා මට එක උපදේශක් දීලා ජනතාව ඉදිරියේ, සොරි! ඕගොල්ල ඉදිරියේ ඕගොල්ලන්ගේ පැත්තට කතා කරන එක. ඔය ඉහල සිත්තර ඕනෑ කියලා කමෙන්ට් කරපු කට්ටිය අතර එයත් කමෙන්ට් කරලා. බලන්ඩකෝ හැමදේම මිනිහා හරි ඉක්මනට අල්ලගන්න හැටි.
ඉතින් මේ විදිහට භාණ්ඩයක හරි සේවාවක හරි ඉල්ලුම වැඩි වෙද්දි මොකද වෙන්නෙ. ඒකේ අගය ඉහල යනවා. එතකොට මොකද කරන්නෙ. එක්කෝ හොඳ ගාණකට විකුණලා දානවා. නැත්තම් අනුග්‍රාහකයෝ කට්ටියක් අල්ලාගෙන වැඩේ ලාබ පිට කරගෙන යනවා.
ඔය විදිහට කල්පනා කරලා බලලා අපි තීරණය කලා "සොත්ති සපත්තුව" කතාවේ සිත් ගත් අවස්ථා කිහිපයක් ඇතුලත් කාටුන් සිත්තර ටිකක් ඇඳලා දාන්න. හැබැයි ඒවා පලකරන්නෙ ඒ ඒ අවස්ථාවන් හා චරිත වලට අනුග්‍රහකයෝ ටිකක් හොයාගන්න පුලුවන් උනොත් විතරයි.
ඔය ගැන කියලා අපි කෙටි දැන්වීමක් දැම්මා කමෙන්ට් එකක් හැටියට. ඒ අවස්ථාවේදීම මේ වැඩසටහනේ වටිනාකම තේරුම් ගත්තු ධනපති බ්ලොග්කාරයෝ ටිකක් වහාම අනුග්‍රහය දෙන්න ඉදිරිපත් උනා. වැඩේ කියන්නෙ හැමදේම ඉක්මනට තේරුම් යන බ්ලොග් ලියන ධනවතීලට ඒක තේරුම් ගන්ඩ ටිකක් වෙලා ගිහිල්ලා.
මේ තියෙන්නෙ ඒකට උදාහරණ.
01. අනුග්‍රහය දක්වන්නේ මොකටද අනේ. ඒකත් විස්තර කරලා දෙන්ට. (කමෙන්ට් මාර්ගයෙන්)
02. මොකද්ද අනේ ඒ කේෂ් එක.... චිත්තෙකුත් අඳින්ඩ ඕනිද? (චැට් මාර්ගයෙන්)
03. ආ... මං හිතුවා අපි එක එක්කෙනා ඇඳලා එව්වම ඔයා ඒ සංඝටක ටික එකට සම්පින්ඩනය කරලා දානවයි කියලා... හිකිස්..... (දුරකතන මාර්ගයෙන්)
ඔය හේතුව හන්දා අපි තීරණය කලා සම්පුර්ණ පැහැදිලි කිරීමක් එක්ක නියමිත ටෙන්ඩර් පටිපාටිට අනුගමනය කරලා ප්‍රසිද්ධ ලියමනක් දාන්ඩ. ඒ අනුව ඊයේ දවසේ චරිත මිල දී ගත්තු අයගේ ගනුදෙනු අවලංගු වෙනවා. ඒකට සමාවත් භජනය කරනවා.
අනික මේ වැඩේ නියමිත ක්‍රියාපටිපාටියට කලේ නැත්තං ඕගොල්ල කියයි, "මේං මෙච්චි විතර දැන්වීමක් දාලා තිබුනේ... ඒක අපි දැක්කෙත් නෑ. වගකිවයුතු ආයතනයක් හැටියට මෙහෙමද ඕගොල්ල වැඩ කරන්නෙ.... නඩුත් හාමුදුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගේ..... වෙනටද පිටුවක් පුරෝලා ඇඩ් දානවා. මේකට මෙච්චිම මෙච්චි කොමෙන්ට් කෑල්ලක් ඉතරයි..... අපිට මේ සිද්ධි දාමය ගැන සාධාරණ මෙව්වා එක්ක පහල වෙනවා..... වහාම මේ ටෙන්ඩර් එක අවලංගු කරලා නැවත තියන්න" වගේ කතා.
ඒක හින්දා ඉතාමත් පැහැදිලිව නිරවුල් ව පහත දක්වලා තියෙන විස්තර කියවලා ඕගොල්ලන්ටත් පුලුවනි අනුග්‍රාහකයෙක් වෙන්න.
කොන්දේසි -
01. ඔබ කල යුත්තෙ පහතින් අප දක්වා ඇති චරිත හා අවස්ථාවන්ගෙන් ඔබ කැමති චරිතයක් හෝ අවස්ථාවක් තෝරාගෙන අනුග්‍රහය දැක්වීමයි.
02. රුපියල පාවෙන නිසා සියලු ගණුදෙනු යුරෝ මගින් සිදු කෙරේ.
03. එක් පුද්ගලයෙකුට ලබාගත හැක්කෙ එක් අනුග්‍රාහකත්වයක් පමණි. ඔබ කැමති දේට දැනටමත් අනුග්‍රහය දක්වා ඇති නම් ඔබට සම අනුග්‍රහය හිමිවේ.
අනුග්‍රාහකත්වය ලබා ගත හැකි චරිත, අවස්ථා හා ඒවායේ මිල ගණන්.
01. පන්ති නායක. :- යුරෝ - 2,500
02. පද්මිණී ටීචර්.:- යුරෝ - 4,500
03. පොර කන අවස්ථාවේදී නැගෙන දුවිල්ල සහ එයින් පිටවෙන ළමයා. :- යුරෝ - 4,500
04. සිත්තරයේ උඩින්ම යොදන මාතෘකාව.:- යුරෝ - 9,500
05. රබර් බෝලය. :- යුරෝ - 6,800
06. කලු කොටුව :- යුරෝ - 6,900
07 .ඉඳි ආප්ප භාජනය (ටීචර්ලාගේ අතුත් සමඟ). :- යුරෝ - 22,000
08. නව සොයා ගැනීම කියවෙන වැකිය. :- යුරෝ - 45,000
09. නිරූපා ටීචර්.:- යුරෝ - 65,000
10. සපත්තුවේ සිට ඇඳි කඩ ඉරි පේලිය. :- යුරෝ - 76,000
11. අවසන් ජවනිකාවට පණ පොවන නලින්.:- යුරෝ - 90,000
12. සපත්තුව. :- යුරෝ - 96,000
13. කෙහෙල්කොටුව පාපන්දු කණ්ඩායම. :- යුරෝ - 10,000,000
14. කෙහෙල්කොටුවේ චුටි මහත්තයා.:- යුරෝ - 1,000,000,000,000,000,000
උදාහරණ - මෙහි දැක්වෙන රූප බලන්න. ඹයිට හපං අනිත් එව්වා.
අනුග්‍රහය ලබා ගන්නා ආකාරය.
01. මුලින්ම ඔබ කැමති චරිතය තෝරාගන්න.
02 එහි අංකය සහ නම සටහන් කරන්න.
03. එම චරිතයට ඔබ අනුග්‍රහය දක්වන්නෙ ඇයි දැයි සටහන් කරන්න.
04. ඔබගේ අනුග්‍රහය සමග යෙදිය යුතු වැකියක් ඇතොත් සටහන් කරන්න.
උදා-
අපි හිතමු සෙන්නා මහතා චුටි මහත්තයා දැක්වෙන සිත්තරේට අනුග්‍රහය දක්වනවයි කියලා. එතකොට වෙන්නෙ මෙහෙමයි.
14.කෙහෙල්කොටුවේ චුටි මහත්තයා. - මම මේ චරිතයට අනුග්‍රහය දක්වන්න තීරණය කලේ ඔහු හැබෑ දක්ෂයෙක් නිසයි. අනික හරිම ක්‍යුට් අනේ. ලොකු වෙද්දි රටට වැඩදායි පුරවැසියෙක් වෙනවා නොඅනුමානයි.
අනුග්‍රාහක වැකිය - සෙන්නා - කුරුන්දට ආවොත් ඉතිං සොරිම තමා.....!
(සැලකිය යුතුයි - මේ කොටස් හතර අනිවාර්යෙන් සම්පූර්ණ කළ යුතු අතර අඩක් සම්පූර්ණ ඇති අනුග්‍රාහකයින් ඉවත් කෙරේ. ඔවුන් ගෙවා ඇති මුදල් මකර කටට බැර කෙරේ.)
ප්‍රචාරණය -
මෙම අනුග්‍රාහක දැන්වීම් ඇතුලත් අලුත්ම ආකාරයේ කාටුනය ජූලි 06 වන සෙනසුරාදා උදේ 6.00 සිට විකාශය වේ.
වැඩි විස්තර -
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න. cyberlipi@gmail.com
...............................
- යුරො දෙකේ වීරයා.
ප/ලි -
විශ්වාස කටයුතු ආරංචියක් ආවා කට්ටියක් සූදානම් වෙලා ඉන්නවලු “චුටි මහත්තයට“ අනුග්‍රහය නොදී අනික්වට විතරක් අනුග්‍රහය දීලා, චුටි මහත්තයගේ ජනප්‍රියත්වේ අන්තිමට බැහැලා කියලා බොරු ප්‍රචාරයක් යවන්න. ඕගොල්ල නං මේකට අහුවෙන්ඩ එපා හොදේ!
13. කෙහෙල්කොටුව පාපන්දු කණ්ඩායම
ReplyDeleteමම මේ කණ්ඩායමට අනුග්‍රහය දක්වන්න තීරණය කලේ වෙන මොකුත් නිසා නෙවෙයි.. ඔය කණ්ඩායම මගෙ අනුග්‍රහය යටතට ආපු ගමන් මම කරන්නෙ ඕකෙන් අර කෙහෙල් කොරොට්ටාව කපලා දාන එකයි.. ඕකා ඉන්නකං ඔය ටීම් එකට මේ සම්මජ්ජාතියෙ මැච් එකක් දිනන්ට බෑ.. බුවාගෙ කට විතරයි..
අනුග්‍රාහක වැකිය: "දැක්කොත් බුරා - හද ඉපිලෙයි බුර බුරා"
පලි: මේ වෙලාවෙ යුරෝ හොයන්න යන්න මට වෙලාවක් නෑ.. මං ඒ ගානට හරියන්ට පවුං වලින් එවඤ්ඤා.. උඹ යුරෝවලට මාරුකරගනිං.. :)
හිතවත් ගණුදෙනුකරුව,
Deleteඔබගේ අනුග්‍රාහක ලිපිය මේ වන විට අනුමත වී ඇති බව සතුටින් දන්වා සිටිමු.
ලගදීම ඔබගේ වැකිය සහිත අනුග්‍රාහක දැන්වීම සයිබර් යාය කාටුන් තීරයේ පලවෙනු ඇත. අපෙන් සුබ පැතුම්!
ස්තුතියි.
03. පොර කන අවස්ථාවේදී නැගෙන දුවිල්ල සහ එයින් පිටවෙන ළමයා.... මගේ ඩුප්ලිකේට් එකක් නිසා ,.,
ReplyDeleteසුද්දා- අදවත් චූටි මහත්තයා මගෙ බ්ලොග් එකේ කමෙන්ට්ස් එකක් දානවනන්,., මේ තව ඇඩ් එකක් මම ගන්නවා ඈ ,., සීමාවක් නැහැනේ
හිතවත් ගණුදෙනුකරුව,
Deleteඔබගේ අනුග්‍රාහක ලිපිය මේ වන විට අනුමත වී ඇති බව සතුටින් දන්වා සිටිමු.
ලගදීම ඔබගේ වැකිය සහිත අනුග්‍රාහක දැන්වීම සයිබර් යාය කාටුන් තීරයේ පලවෙනු ඇත. අපෙන් සුබ පැතුම්!
ස්තුතියි.
14.කෙහෙල්කොටුවේ චුටි මහත්තයා. - වෙන මොනවද ඉතින් මිනිහා මඩ කාරයලුනේ බේරිලා ඉන්න අනුග්‍රහයක්වත් දෙන්න ඕනි කියල හිතුනා .
ReplyDeleteඅනුග්‍රාහක වැකිය - සුද්දා - සුද්දගෙ බ්ලොග් එකේ එක රැයක් :D .....!
මේ කමෙන්ට් එක පබ්ලිශ් කොරන්න ඕනි නැහැ මහත්තයෝ,.,., මේ ,., මේ ඇත්තටම සල්ලි දෙන්න ඕනි නැහැනේ ,., මගෙ අතේ.. යුරෝ - 4,500 තියා ටොපි බාගයක් ගන්න සත50ක්වත් නැහැ ,.,
ReplyDeleteසුදු මහත්තයා,
Deleteහිතවත් ගණුදෙනුකරුව,
ඔබගේ අනුග්‍රාහක ලිපිය මේ වන විට අනුමත වී ඇති බව සතුටින් දන්වා සිටිමු.
ලගදීම ඔබගේ වැකිය සහිත අනුග්‍රාහක දැන්වීම සයිබර් යාය කාටුන් තීරයේ පලවෙනු ඇත. අපෙන් සුබ පැතුම්!
ස්තුතියි.
අම්මට උඩු
ReplyDeleteඇයි බය උනේ...... :P
Deleteපෝස්ටුව පවුලේ නීතිඥයා වෙත යොමු කරලා ඔහුගේ අනුමැතිය ලැබෙන කල් බලා ඉන්නවා. :D:D:D
ReplyDeleteමේ කතා කරන්නේ යුරෝ රුපියල්වලින් වෙන්ට ඇතිනේද?:)
පොකු,
Deleteඅනුමැතිය ලැබුනෙ නැතිද?
මසං... ඇයි බන් පද්මිණීගෙ ටීචර්ගෙ ගාන අඩු??
ReplyDeleteසුලඟ,
Deleteසෙසු චරිත නොවැ....
මං එක වෙන්න නම් බෑ. චූටි මහත්තැ දැන් කොමෙන්ටු ටික හංගලා වෙන්ටැ.......
ReplyDeleteමම ඉතිං සාමාන්‍ය පහේ හාවියක් නිසා ඔය ධනවතී නැන්දලා කරන එව්වා කරන්න බෑ. ඔන්න අපේ වලව්වේ කුමාරිහාමිට නම් කරතැකි.......
කල්පනා කොරලා කියන්නම්.....:)
හා පැටික්කි,
Deleteදැන් දවස් කීයක් ගියාද, තාම කල්පනා කරලා ඉවරනැතිද?
හැ ඒ පාර මොකාටද එන්න හදන්නේ
ReplyDeleteලොකුජෝන්,
Deleteනෑ... ආයිබෝං.... මෙච්චර කල් ලිව්ව එකේ කීයක්හරි හොයාගන්ඩ කියලා බැලුවේ
මම සයිබර් යාය හැමදාම වගේ බැලුවට කොමෙන්ට් කරන්නේ කලාතුරකින්. කලාතුරකින් කීවේ දැනට ඕනෙනං එක කොමෙන්ට් එකක් දාලා ඇති මීට කලියෙන්.
ReplyDelete"අප්පට සිරි දැන් චුටි මහත්තයට ඉලක්කං ලියන්ඩත් පුළුවන්නේ"
මේක තමයි මගේ හිතට මුලිම්ම ආවේ, තරහා ගන්ට කාරී නැහැ ඕං
ස්තුතියි නිරොෂන් අයියේ, දැන් නං එහෙන් මෙහෙං අකුරක් දෙකකට අමතරව ඉලක්කමක් දෙකක් ලියා ගත්තැකි...
Deleteමන් නිරූපා ටීචර් ගැන ඇහැ ගහන් හිටියා..අපොයි ගාන වැඩී.. අතෑරලා දැම්මා ඕන්.. මට එපා...
ReplyDeleteවෙනී මහත්තයා, සල්ලි ද වටින්නෙ අනුග්‍රාහයද? සල්ලි මදිනං පද්මිණී ටිටර්ව ගන්නකෝ.....
Deleteමං චූටිමහත්තයව ගන්නව හැබැයි ඒ ඊට යටිං 'මේක මහ වැඩකට නැති එකෙක්' කියල ලියන වැකියකුත් එක්ක.
ReplyDeleteහිතවත් ගණුදෙනුකරුව,
Deleteඔබගේ අනුග්‍රාහක ලිපිය මේ වන විට අනුමත වී ඇති බව සතුටින් දන්වා සිටිමු.
ලගදීම ඔබගේ වැකිය සහිත අනුග්‍රාහක දැන්වීම සයිබර් යාය කාටුන් තීරයේ පලවෙනු ඇත. අපෙන් සුබ පැතුම්!
ස්තුතියි.
quite expensiveනෙ replica කාරයෙක් හොයන්ට වෙයි වගෙ
ReplyDeleteකොටස් විකුණුනේ නැතිනං සලකා බලනවා.. මීට වඩා පොඩ්ඩක් එහා මෙහා කරලා බලන්න.... කලබල වෙන්ඩ එපා ඊමේල් කවිකාරි
Delete14- කෙහෙල් කොටුවේ පොඩි එකා..
ReplyDeleteමම මේ චරිතය ගන්න තීරණය කලේ වෙන මුකුත් හින්දා නෙවෙයි. කාඩ් පැක් එකේ ජෝකර් කොලේ නැතිවෙලා ඒකයි. :P
අනුග්‍රාහක වැකිය - "බලධාරියා විසින් කපා හරින ලදී" :D
ගිලි කුරුල්ල,
Deleteඔබගේ අනුග්‍රාහක ලිපිය මේ වන විට අනුමත වී ඇති බව සතුටින් දන්වා සිටිමු.
ලගදීම ඔබගේ වැකිය සහිත අනුග්‍රාහක දැන්වීම සයිබර් යාය කාටුන් තීරයේ පලවෙනු ඇත. අපෙන් සුබ පැතුම්!
ස්තුතියි.
යකඩෝ අනුග්‍රාහකයොන්ගෙන් ඔය යුරෝ ටික හම්බවෙල ඒව ගනින්න ගියාම ආයෙ උඹට චිත්‍ර අඳින්න වෙලාවක් නැතිවෙයි කාලෙකට.
ReplyDeleteඋඹ දන්න ලොකුම ගාන ද බං අර 14. ට දාල තියෙන්නෙ.
හෙහ් හේ.........ඩීඩීටී ඔය දාලා තියෙන්නෙ වටිනාකමින් හරි අඩක් ඉතරයි.
Delete14. කෙහෙල්කොටුවේ චුටි මහත්තයාට අනුග්‍රහ දක්වන්න කැමතියි. ඒත් ගාණ කියොගන්න බෑනෙ. ඕක අකුරිනුත් දැම්මොත් සලකා බලන්න පුළුවනි.
ReplyDeleteකලිකාල මහත්මා,
Deleteඔබගේ අනුග්‍රාහක ලිපිය මේ වන විට අනුමත වී ඇති බව සතුටින් දන්වා සිටිමු.
ලගදීම ඔබගේ වැකිය සහිත අනුග්‍රාහක දැන්වීම සයිබර් යාය කාටුන් තීරයේ පලවෙනු ඇත. අපෙන් සුබ පැතුම්!
ස්තුතියි.
07. ඉදිආප්ප බාජනය
ReplyDeleteමේ තරගයේ මන්දගාමී එකම ජවනිකාව ටීචර්ලා දෙන්නාගේ ඉදි ආප්ප කෑම පමණක් නිසා... එය තෝරා ගැනීමට විශේෂ හේතුවක් වුනා...
කාටූන් එකේ ඉදි ආප්ප බාජනේ එක්ක තියෙන පද්මිණී ටීචර්ගේ අතේ මගේ නමත්, නිරූපා ටීචර්ගේ අතේ මගේ බ්ලොග් එකේ නමත් ලස්සනට ලියව ගන්න ඕනෑ....
(හෝව් හෝව්.....පච්ච කොටන්න එහෙම නෙවේ. ඔය වලල්ලක,මුද්දක,ඔර්ලෝසුවේ පේන විදිහට ලියන්න...)
එතකොට මට බ්ලොග් එක හිට් කර ගත්තෑකි....
එතකොට දම්මි නෝනා අනිත් අත් දෙකේ ඉඳආප්ප දෙකක් සිත්තම් කරන්නද? හෙහ් හේ.
Deleteඈ බන් චූටි මහත්තයෝ,
ReplyDeleteමේ ඔහේගේ ගණන් බොහොම වැඩිනේ. අපේ ෆූටි ගහන එවුන් වත් ඔය වගේ ලොකු අයකිරීම් කරන්නේ නෑ.
ඔය තරම් දානපතියෝ ඉන්නවා නම් මම උඹගේ ඇඳුම් හෝදලා දෙන්න හරි එන්නම්. මට ඔය 2500€ වගේ වැටුපක් දුන්නා නම් ඇති කන්න බොන්න දීලා.
පොත් ගුල්ලා මාමේ,
Deleteරජ සැප ගන්න නොවේ මේ වැයම... තුන් වෙල කන්න.....:P
යකෝ, මොන එහෙකටද මාව අල්ල ගත්තේ?
Deleteමට පැටලීමක් වෙලා ද ඒ කියන්නෙ... සමාවන්ඩ පොත් ගුල්ලා මාමේ.
Deleteමම ගන්නවා සපත්තුව. (අංක 12: සපත්තුව)
ReplyDeleteසපත්තුව ගන්නේ මේකනේ.. ඒකනේ කතාවේ භාණ්ඩේ.. අනික කෙහෙල්කොටුවේ සිත්තරයක් ගන්නවා කියන්නේ සෙල්ලංද කොල්ලෝ... මේකා ලව්වා සපත්තුවක් හරි ඇඳගන්න හරි අමාරුයි නේ.
වැකිය : ඕනේ සපත්තුවකට රජ කකුලක්... ක්සැන්ඩර්!!
ක්සැන්ඩර් මහතා,
Deleteටෙන්ඩර් පත්‍රිකාව අනුමතයි අපන් සුබ පැතුම්
අංක 4 : සිත්තරයේ උඩින්ම යොදන මාතෘකාව.:- යුරෝ - 9,500
ReplyDeleteඕනම සිත්තරයක් බලද්දි මාතෘකාව කියවනවනේ.අනික සිත්තරේ මැද්දෙන් ඇඩ් දැම්මොත් ඇඩ් විතරයි ඉතුරුවෙන්නේ.ඒ නිසා මාතෘකාව හොඳා...
වැකිය:ගැමියා - ගැමියාගේ පත් ඉරුවෙන් කෙරෙන තවත් සමාජ මෙහෙවරක්
ඒක නෙමෙයි අයියේ... මේකටත් ක්‍රිකට් තරඟ විකාශන අයිතිය ගන්නකොට වෙච්චි වැඩේ වෙයිද දන්නෑ නේද
ගැමියා,
Deleteඒක නෙමෙයි අයියේ... මේකටත් ක්‍රිකට් තරඟ විකාශන අයිතිය ගන්නකොට වෙච්චි වැඩේ වෙයිද දන්නෑ නේද// එව්වා කියන්ඩ බෑ... දෙපැත්තෙන්ම අස්සන නං ගහන්නෙ මමයි
06. කලු කොටුව - මම මේකට අනුග්‍රහය දක්වන්නෙ.. කෙහෙල් කොරොට්ටෙ සූටීකාලා ඇනොලට එන්ට නොදී කෙහෙල් කොරොට්ට කලුකොරං ඉන්නව ඉඳං පාලු ගෙදර වලං බිඳිනවට විරෝධය දක්වන්න. ඇනෝල ඇවිත් කක්කි කොරාම ඔය කොරොට්ට කොච්චර එලියද ඈ. අනික ඇනෝ බෙට්ටක් නැති සිත්තරේක ඇති ගතිය කිම. මේ දවස්වල ඔටුවොන්ට ඔලුව දාන්න බැරිවෙන්න කූඩාරංවල හිල් මහන නිසා යූරෝ වලට හරවන්න වෙලාවක් නැති බැවින් අනුග්‍රහය වලිං
ReplyDeleteඑවංඤං ඈ.......
අනුග්‍රාහක වැකිය:- "බෙදං කනවද බදං කනවද... ඇනෝ කක්කිවලට ඉඩහැර ඔබේ බොගත් වයිවර්න කොරගන්න.."
X-Porter
එක්ස්පෝටර්, චීයා අනේ මොනවද මේ කියලා තියෙන්නෙ... කමන්නැ.... අනුග්‍රහය දක්වනනම් මොනවා කියන්න උනාම මොකෝ......
Deleteඔන්න අනුමතයි :P
මෙතන මිළ ගණන් ඉදිරිපත් කරපු ලිස්ට් එකට අලගල්ල ටීචර්ව ඇතුළත් නොකිරීම ගැන මගේ බලවත් විරෝධය!!! මොකද එයා තමයි මෙතන අතිශයින්ම තීරණාත්මක සාධකය! එයා උණ හැදිල නිවාඩු නොදැම්මනං, මේ කතන්දර මොකුත් නෑනෙ!! ඒ නිසා මං කැමතියි අලගල්ල ටීචර්ට අනුග්‍රහය දක්වන්න. කරුණාකරල ගාණ කියන්ඩ!!!
ReplyDeleteසුමින්ද මහතාගේ දැඩි ඉල්ලීම නිසා අපි හොද ලන්සුවක් දෙන්න තීරණ්‍ය කලා අලගල්ල ටීචර්ට...
Deleteඅලගල්ල ටීචර්ට පුර්ණ අනුග්‍රහය දැක්වීමට - යුරෝ 180
යකෝ බෙකම්ටවත් ගෙවන්නේ නෑ ඔය වගේ ගානක් පුට් බෝල් ගහනවට,, ඇට බෝල ගහන චූටි මහත්තයට දාලා තියන ගාන යකෝ..
ReplyDeleteහැබෑටම ඔය ගනන් ඌරෝ වලින්මද?
ඩිලා +++++++++++
Deleteබෙකම් ලා වගේද චුටි මහත්තයා... ඔය දාලා තියෙන්නෙ නියම වටිනාකමින් බාගයයි...
Deleteඔක්කොම අනුග්‍රාහකයෝ වුණාම මේක බලන්නේ මොක්කුද ?? මම මේක බලන කණ්ඩායටම බැඳෙනවා :D
ReplyDeleteහසිත, අපි බලලා හොඳ ඔෆර් එකක් දෙන්නං මොකද කියන්නෙ.....
Deleteහෆොයි ගණන් බොහොම වැඩි නොවෑ.. අපි ඉතින් එදා වේල කාලා ඉන්න මිනිස්සු නේ.. හික් හික්
ReplyDeleteඅර 14. තියෙන ගානනම් අනේ මන්දා....
හසී, එදා වෙල තමා අපිත් එන්නෙ.... වෙන දවසක වේලක් කෑවැකි යෑ එදාට.... කමන්නෑ අනුග්‍රහයක් දක්වන්නකෝ අනේ...
Delete// එදා වෙල තමා අපිත් කන්නෙ.... වෙන දවසක වේලක් කෑවැකි යෑ එදාට //
Deleteමේ උත්තරේට පට්ට ලයික්යැ.. (Y)
මම නොසැලී අංක 14 කෙහෙල් කොටුවෙ චූටි මහත්තයට අනුග්‍රහය දක්වනවා...
ReplyDeleteමක් නිසාද යත්, එයාම කියන විදිහට එයා හරි කියුට් ලු, ලොකු වෙද්දි මොනවද වෙනවලු.. ඔන්න ඔය තව මොනවදලු.. ඉතින් එහෙම කෙනෙක්ට අහක බලන්නෙ කොහොමද...
අනුග්‍රාහක වැකිය : සෙන්නා | කුරුන්ද : ලොමු දැහැගන්වන ගවේශණාත්මක මෙව්වා එක..
අනුග්‍රහයට හිමි, කෙහෙල් කොටුවෙ චූටි මහත්තයාගේ නමට ලියවුන, "හෙට දිනැති" චෙක් පත යථා කාලයේදී ගුවන් තැපෑලෙන් ඔබ වෙතට ලැබෙනු ඇත..
මචං නාට්‍යයක් වගේ වුනා නම් මම එනවා කර්ටන් එකවත් දෙපැත්තට අදින්න :)
ReplyDelete08 නව සොයා ගැනීම කියවෙන වැකිය.
ReplyDeleteචූටි මහත්තයාගේ මරු සොයා ගැනීමක් !!! මෙහෙම හිතන ළමයි රටට වාසනාවක් !
අනුග්‍රාහක වැකිය - විඩාබර සිතට අස්වැසිල්ලක් !!!
// ජූලි 06 වන සෙනසුරාදා //
ReplyDeleteජූලි 06 සිකුරාදා.
උඹ මේ යුරෝ කියන්නේ සල්ලි වලටද බං?
ReplyDeleteහම්මියෝ..
කතාව කියවපු ගමන්ම මටත් ඕනෙ උනා ඉඳිආප්ප භාජනේ ස්පොන්සර් කරන්න... ඒත් ඒක වෙන කවුද අරං නේ... අනික අනේ අම්මෝ මේ ගනං වල සැර...
ReplyDeleteස්පොන්සර්ශිප් මෙච්චර ගණන්ද අප්පා..
ReplyDeleteමම අර නලින් කොලුවට අනුග්‍රහහය දක්වන්නයි හිටියෙ..ඒත් මේකෙ ගණන් කියෙව්වාම දාඩියත් දැම්මා...!!
කමක් නෑ සෙනසුරාදා/සිකුරාදා සිත්තරේට සුභ පතලා විතරක් යන්නම්..:)
අමතක වුනා නෙව අහන්න..
Deleteමේකට සල්ලි ගෙවන්න ඕන යුරෝ දෙකේ කාසි වලින්ද?
එහෙනම් මට බැරියෝ..!!
මෙච්චර ගනන්ද? පික්ශු හැදෙනවා.. යුරෝ එකේ ගාන මම හොදටම දන්න නිසා අඩුවෙන්ම තියෙන පන්ති නායක එක මම ගන්නවා.. :D
ReplyDeleteමම ඉතින් 11වත් ගන්නං.... එදා ඕනේ කිව්ව එක නොලැබෙන පාටයි.. :(
ReplyDelete11-අවසන් ජවනිකාවට පණ පොවන නලින් - මම මේ චරිතය තෝරාගැනීමට හේතුව නලින් යනු මං වගේ බුද්ධිමත්,ක්‍රියාශීලී දරුවෙකු වීමය
අනුග්‍රාහක වැකිය - රජාව දැක්කත් රාජ සම්පත!!!
බුද්ධි අයියට අර උපදෙස දුන්නෙ බීටලයන් විය යුතු යැයි හැඟේ... මැතිව් ඉන්මාන්ගෙ theoatmeal ගැනත් උන්නැහේ කියන්ඩ ඇතිනෙ?
ReplyDeleteචූට්ටං සුපියල් 2,500 කට කරගන්න දෙයක් නැද්ද?
ReplyDeleteමට පේන විදිහට චූටි මහත්තයත් එක පොටකට එන්නයි හදන්නේ:)
ReplyDeleteඅනිත් එක අපිට කොහෙන්ද අනේ යූරෝ...
මට පේන විදිහට චූටි මහත්තයත් එක පොටකට එන්නයි හදන්නේ:)
ReplyDeleteඅනිත් එක අපිට කොහෙන්ද අනේ යූරෝ...
මම කැමතී නීරූපා ටීචර්ට. මොකද නිරූපා ටීචර් හීනි ඉගසුග පුළුලුකුල මධ්ය්‍යම ලැම සහිත සෞම්ය්‍ය කලාපික බඩ ඉරිගු තීරය පේන්ට ඔසරි අදින තවම කසාද බැද නැති අලුතින් පත්වීම් ගත්ත ටීචර් කෙනෙක් වෙන්ට ඇතැයි අනුමාන කරන නිසා...පද්මිණී ටීචර්ට වඩා මේ ටීචර්ගේ ගානත් වැඩි ඒකනේ...අම්මපා මම නිරූපා ටීචර්ට අග්‍රහය දක්වනවා මගේ බ්ලොගය උකස්තියලා හරි......
ReplyDeleteඅනුග්‍රහක වැකිය....
චූටි චීටර්ගේ චූටි චෝට් එක
ටීචර් කැමති නම් මාත් කැමතී...
අයියෝ මම පරක්කු වඩිද් මන්දා.... උඹ අර සම මොකක්ද එකට කැමතිද?
Deleteසල්ලි ගෙවන්න ඕනෙ කොහොමද? කෙහෙල් කොටුවෙ තැපැල් කන්තෝරුවෙන් මාරුකරගන්න මනි ඕඩර එව්වට කමක් නැද්ද?
ReplyDeleteදන්නවද වැඩක්....
ReplyDeleteමයික්‍රොසොෆ්ට් එක වහල දාලා කියන්නෙ.....
බිල් මහත්තයත් බ්ලොග්ක් ලියන්න පටන් අරන්න්ලු....
ඇයි නිරූපා ටීචර් ඔච්චර ගනන්.....
ReplyDeleteහරි මම ගන්න කැමතියි අර රබර් බෝලෙ...
අනුග්‍රාහක වැකිය තමයි....
මෙලෝ බෝලයක් නොලියන-ඉදහිට ඇවිත් යන
අපේ ටෙන්ඩර් අනුමත වෙලා නැහැ වගෙ..ඇඩ්මින් ගොයියා ජරාවක් කාලා වත්ද :D
Deleteඅයියෝ සැලරි.......
ReplyDeleteඕකේ යුරෝ 2කට ගන්න මුකුත් නැද්ද????
අනේ මගේ සිම්පල් මොලේට ඔච්චර බැරෑරුම් දේවල් තේරෙන්නේ නැහැනේ.. ඒ හින්දා බලන් ඉන්න තීරණේ කළා ප්‍රේක්ෂකයෙක් වෙලා.
ReplyDelete10. සපත්තුවේ සිට ඇඳි කඩ ඉරි පේලිය.
ReplyDelete-------------------------------
මම එම කඩ ඉරි පේලියට කැමති ඇයි ?
-------------------------------
ඇත්තටම මේම ජවනිකාවේ වැදගත්ම තත්පර කිහිපය ගත වෙන තැන පෙන්වන්න යොදා ගන්නා කඩ ඉරි පේලිය මේ චිත්‍රයේ වදාත් සිත් ගත් ස්ථානය වන බව මගේ විශ්වාසයයි.
එහි සඳහන් කල යුතු වැකිය :
-----------------------
පියාපත් සලා මම ඔබ සොයා එමි රැයේ. නවාතැන මගේ ඔබෙ හද තුලයි සොඳුරියේ.
මේ වැකිය නිවැරදි කර ගන්න අවස්ථාවක් දෙන්න එතනට "පියඹා යනවා මා ආකාසයේ. අවසානයි ප්‍රේමාදරේ... කියල දාන්න.
Delete12.සපත්තුව(බූට් එක) : ගතට කෙසේ වෙතත් සිතට මේ තරම් සමීප දෙයක් ජීවීතේ තව තියෙන්න පුලුවන්ද! එක පාරක් කෑවොත් ඇති ජීවිතේටම!
ReplyDeleteඇඩ්මින් තුමා බැහැරක් ගොස් ඇත. පැමිණි වහාම ඔබ අමතනු ඇත.
ReplyDelete-ස්තුතියි,
මෙයට,
පුද්ගලික ලේකම්.
මන් නම් රස්සාවක් නැති දුප්පතා . ඇඩ් බලන්නත් කට්ටිය එපාය
ReplyDeleteමේක යුරෝ වලින් නෙ කරන්නෙ. පවුම් වලින් කොලා නං මොකක් හරි කොරන්ට තිබ්බ. බලාගෙන බුද්ධියෝ, යුරෝ එක දැන් කවදා කඩන් වැටෙයි ද දන්නෙ නෑ
ReplyDeleteමම මේ මාසෙ පඩිය ගත්ත හැටියෙම සල්ලිත් අරගෙන උඹලෑ ගෙදර එනව . . . මම දැං ඉන්නෙ උඹලෑ ගෙදරට අහල පහල
ReplyDeleteමට සල්ලි නැති නිසා දුකෙන් සිටිමි
ReplyDeleteමේකෙත් ඇඩ් දාන්න පටන් අරන්ද?
ReplyDeleteවහාම කියවන එක නවත්තන්න ඕන...